UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සම්භාව්‍ය සාහිත්‍යයට සාපේක්‍ෂව සම්භාව්‍ය නාට්‍ය කලාවක් බිහි නොවීමට බුදු සමය හේතුවක් වීදැ

Tuesday, December 10, 2013

සම්භාව්‍ය සාහිත්‍යයට සාපේක්‍ෂව සම්භාව්‍ය නාට්‍ය කලාවක් බිහි නොවීමට බුදු සමය හේතුවක් වීදැ

සම්භාව්‍ය සාහිත්‍යයට සාපේක්‍ෂව සම්භාව්‍ය නාට්‍ය කලාවක් බිහි නොවීමට බුදු සමය හේතුවක් වීදැ බුදු සමය හා කලාව බුදුන්ගේ දහම තුළ කලාවට තැනක් වීදැයි විමසිය යුත්තකි.බුදු දහම පුද්ගල විමුක්තිය සාක්‍ෂාත් කර ගැනීම අගය කරයි.එහිදි මනස තුළ ඇතිවන ලෝභ ,ද්වේශ හා මෝහ මුළුමනින්ම නැති කර දැමිය යුතුය.එම නිසා ඇලීම ඇති කරවන ඇතැම් කලාවන්හි නිරත වීම බුදු දහම තුළ ප‍්‍රතික්‍ෂෙප වේ.නමුත් ඇලීමක් ඇති නොකරන සෞන්දර්යාත්්මක වර්ණනයන්හි රහතුන්ද නියුතු වු බවට සාධක බුද්ධ කාලීන තොරතුරුවලින් පැහැදිලි වේ. පුද්ගල විමුක්තිය සොයන භික්‍ෂුව බණ භාවනාවන් කීරීමට ගියේ සුන්දරත්‍වයෙන් අනූන අරණ වෙතයි. තමා සොයන විමුක්තියට පරිසර සෞන්‍දර්යය උපයෝගී කරගෙන ඇත. ‘‘රමණීයානි අරඤ්ඤාණි යත්‍ථ න රමතී ජනො වීතරාගා රමෙස්සන්ති නතෙ ගාම මහෙසිනො ’’ කෙලෙස්වලින් බහුල ජනයා රමණීය වු වනයෙහි සිත් නොඅලවා වාසය කරයි.නමුත් රාගයෙන් තොර වු රහතුන්සේ සිත් එවැනි ස්ථාන සිත් අලවන්නේ යැයි ඉහත ගාථාවෙන් පැහැදිලි වේ.ථෙ ර ථෙරී ගාථා තුළින් රහතුන් තුළ තිබු කලාත්මක සිතුවිලි මනාව පැහැදිලි වේ. වීතරාගී බවට පත්වීමෙන් තමාගේ පෙර ජීවිතය පිළිබ`ද අපුර්ව කලාත්මක දෘෂ්ටියකින් අවලෝකනය කළ ආකාරය මැනවින් පඅහැදිලි වේ. ර්‍ණඊක්ජන අ්ි පහ ය්සර එයැ ජදකදර දෙ ඉැැි * ජමරකැා ්එ එයැ එසචිථ අසඑය ්ටැග සඑ කදදනැා කසනැ ජද්රිැ යැපච ඔයැ එරමඑය දෙ එයැ එරමඑය ීචැ්නැර’ි අදරාි ාදැිබ’එ ජය්බටැ’’ අම්බපාලි භික්‍ෂුණිය තම ජීවිතයේ තිබෙන අස්ථිරත්‍වය මැනවින් උපමා රූපක ආදිය උපයෝගි කර ගනිමින් පැහැදිලි කර ඇත. තම තරුණ කාලයේ පැවැති කේශ කලාපය නීල වර්ණයෙන් බබලන මී මැසි සමූහයකට උපමා කර ඇත. බුදුන් වහක්සේද විවිධ අවසථාවන්වල කලාත්මක නිර්මාණයන් අගය කළ අවස්ථා පෙළෙහි වේ.‘සක්කපඤ්හ’ සුත‍්‍රයේ සදහන් වන පරිදි පඤ්චසිඛගේ ගීතය හා වාදනය පැසසු සේක.එසේ ගීතයක් හා වාදනයක් පැසසිමට නම් එම කලාව පිළිබ`ද දැනුමක් තිබිය යුතුය. එසෙම යහපත් කලාවට නැඹූරු වන මානසිකත්‍වයක් පැවතිය යුතුය’. ‘‘මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පංචසිඛ නම් ගාන්ධර්ව පුත‍්‍රයාට මෙසේ ප‍්‍රකාශ කළෝය. පංචසිඛය, තාගේ වීණා තත් හඩ ගී හඩ සමගද, ගී හඩ වීණා හඩ සමගද ගැළපේමය.’’ බුදුන් වහන්සේ කලාව ප‍්‍රතික්‍ෂෙප කර නැති අතර භික්‍ෂූන්ටද කලාව රස විදීමේ බාදාවක් නොවු බව පැහැදිලි වේ.කලාව තුළින් සිත් සතන් සංහිදියාවට පත්වන බව පැහැදිලිය.එම නිසා රහතුන් පමණක් නොව සැම භික්‍ෂුවකම කලා කාමී හදවත් ඇත්තවුන් විය. ‘‘ආනන්දය, මෙ විශාලා නුවර ප‍්‍රිය කරන්නේය. උදේන ගොතමක, සත්ථම්භක, බහුපුත්තක, සාරාන්ද නම් චෛත්‍යද මේ චාපාල නම් චෛත්‍යයද සිත් ප‍්‍රිය කරන්නේය. ’’ බුදුන් වහන්සේ අවසාන වතාවට පූර්වෝක්ත ස්ථාන නැරඹිමෙන් ඇති වු හැගීම සාමාන්‍ය කලාකරුවෙකුට ඇතිවෙන හැගීමට සමාන හැගීමක් ඇතිවූ බවට සිතීමට පොළඹන තරම් වේ.භික්‍ෂූන් වහන්සේද මෙවැනි කලාත්මක වින්දනයෙන් යුක්ත විය.ඒ බව ථේර ගාථාවලින් පැහැදිලි වේ. බුදු දහම ථේරවාද හා මහායාන වශයෙන් කොටස් දෙකකට බෙදීයාමේදී මහායාන දහම තුළ කලාවට ප‍්‍රධාන තැනක් ලැබූනේයැයි සීතීමට තුඩු දෙන බෝහෝ සාධක මහායානය පවතින රටවලින් ලැබේ.එයට හේතුව වන්නේ මහායාන දහම තුළ ආත්ම විමුක්තිය බුද්ධත්‍වය ලබා ගැනීමෙන් සිදු කර ගැනීමට මහායානිකයන් කල්පනා කරන නිසාවෙනි.එහිදි මේ ආත්මයේදී ලෝභ ,දෝස හා මෝහ වැනි කෙලෙස් දහම් ප‍්‍රහීණ කීරීම අත්‍යවශ්‍ය නොවේ.එම නිසා ඔවුහු කලා නිර්මාණයන්තුළින් ලබන වින්දනයට බොහෝ ඇලූම් කළහ.ථේරවාදී බෞද්ධයන් ආත්ම විමුක්තියට බාදාවන බොහෝ ඇලීම් ඇතිකරන කලාවන් කෙරෙහි ආශක්ත නොවීය. නමුත් කලාවෙන් මුලූමනින් කලාවෙන් වියුක්ත නොවීය.ක‍්‍රි.පූ. 3වන සියවසෙදී ථූපාරාමයෙහි නිදන් කිරීම සදහා ගෙනා ධාතුන් වහන්සේලා ඇතෙකු පිට වැඩමවූ බවත් අනේක තාලාවරචරයින් විසින් එම ඇතා පිරිවරන ලද බවත් සමන්ත පාසාදිකාවෙහි කියැවේ. භික්‍ෂූන් වහන්සේ තම පූජනීය සථානවල කලාත්මක නිර්මාණ සදහා ඉඩදුන්සේක.බෞද්ධ පූජනීය ස්ථාන රූපකර්මයන්ගෙන් හා චිත‍්‍ර කර්මයන්ගෙන් අලංකාර විය.ඇතැම්විට භික්‍ෂුන් වහන්සේද ඇතැම් බෞද්ධ ගොඩනැගිලි සම්බන්‍ධව ඇතිවු කලාකර්ම භික්‍ෂුන් වහන්සේලා විසින්ම කරන ලද්දේයැයි සීතිමට ඉඩ තිබේ.ලෝවාමහාපාය රුවන්වැලිසෑය ආදි නිර්මාණයන්හි බෙදුම් සකස්කළාහු භික්‍ෂුන් වහන්සේ බව කියැවේ.නැටුම් හා සංගීතය පිළිබ`දව ශේෂව ඇති බොහෝ තොරතුරු ලැබෙනුයේ බෞද්ධගමික ගොඩනැගිලිවලින්ය. කලාව භික්‍ෂූන්ට තහනම් නොවුණු බැවින් පුරාණයෙහි බොහෝවිට පැරුණි සාහිත්‍යයෙහි නියුක්ත වූයේ භික්‍ෂූන් වහන්සේය.එම සාහිත්‍ය කෘතිතුළින් උන්වහන්සේලා තුළ වු කෞශල්‍ය මනාව පැහැදිලි වේ.කොට්ටේ යුගය වන විට භික්‍ෂූන් ග‍්‍රාමවාසී හා අරඤ්ඤවාසීයැයි කොටස් දෙකකට අනුව ග‍්‍රන්‍ථ ධූරය හා විදර්ශනා ධුරය සම්පූර්ණ කර ඇත.ග‍්‍රාම වාසී භික්‍ෂූන් සාහිත්‍යාදී කලා නිර්මාණයන්හි නිරත වී ඇත. මේ අනුව කලාව බුදු දහම තුළ ප‍්‍රතික්‍ෂෙප නොවන අතර කලාව පෝෂණය වීමෙහිලා බුදු දහමෙන් නොමද අනුග‍්‍රහයක් ලැබි ඇත. මෙරට නාට්‍ය කලාව කෙරෙහි බුදු දහමේ බලපෑම නාට්‍ය යන්න නට්,නෘත් ධාතුවෙන් නිපන් තත්සම පදයකි.මෙම නෘත්,නට් ධාතුවෙන් නෘත්ත හා නෘත්‍ය යන වචන නාට්‍ය ශාස්ත‍්‍ර විෂයෙහි යෙදී ඇත.සියලූ අභිනයන් වලින් තොර ගාත‍්‍ර සෙලවීම ආදියෙන් යුක්ත වූයේ නෘත්ත යනුවෙන් උගතුන් සලකන බව සදහන් වේ, ආංගීකාභිනයෙන් කිසියම් භාවයක් ප‍්‍රකාශ වන්නේ නෘත්‍ය නමි වේ. සිව් අභිනයෙන් යුත් නර්තනය (සමාරෝපනය* නාට්‍යයයැයි කියනු ලැබේ. ලෝකයේ සැප දුක දැක්වෙන අවස්ථාවක් සිව් අභිනය මාර්ගයෙන් ප‍්‍රකාශ කිරීම නාට්‍යය නම්වේ. මේ අනුව ලෝකයේ දුක සැප ආදියෙන් තොර අද්භුත වස්තුවක් රග දැක්වීම නාට්‍යයක් නොවේ.නාට්‍යයෙහි ආරම්භ,යත්න,ප‍්‍රාප්ත්‍යාශා,ඵලාගම යනුවෙන් අවස්ථා පහක් ඇති බව නාට්‍ය ශාස්ත‍්‍රයෙහි එයි. නාට්‍යයක ගැටුමක් ප‍්‍රධාන වශයෙන් දැකිය හැකිය. මෙරට පැහැදිලිවම දියුණු සංස්කෘතියක් ඇතිවූයේ බුදු දහම මෙරටට පැමිණීමත් සමගය,මෙය ආගමික,ආර්ථීක ,සමාජීය වශයෙන්ද විශාල දියුණුවක් ඇතිවිය.කාව්‍ය ශාස්ත‍්‍රයෙහිද ඇතිවු දියුණුව මෙබදුය.ඊට ඉහතදී ඇතිවු දියුණු සාහිත්‍යයක් හෝ ලේඛණ කලාවක් පිළිබ`ද සොයා ගත නොහැකිය. බුදු දහම පැමිණෙන්නට පෙරද යම් නැටුම් උළෙලවල් පැවැත්වු බවට සාධක ලැබේ.විජය ගොඩ බට දිනයේ තම්මැන්නාව ළගින් ගායනය හා වාදනය කරන තුරු ගොසක් ඇසුණු බවත් එය විවාහ මංගල්‍යයකදී වන තුරු ගොසක් ලෙස කුවේණීය විස්තර කර ඇත. පණ්ඩුකභය කුමාරයා චිත්තරාජ හා කාලවේල යන යක්‍ෂයන් සමග සම අසුන්වල හිද , ගීත,වාද්‍ය හා නැටුම් ආදිය නරඹමින් ප‍්‍රීති වූ බව මහාවංසයේ සදහන් වේ. ලෝකයේ නාට්‍ය සදහා බොහෝ ඉතිහාසයක් ඇති රටවල පැවති අභිචාර හා ආගමික පුජා විධි සමග සංවර්ධනය වෙමින් නාට්‍ය දියුණු වූ බවට බොහෝ සාධක ඇත. චීනයේ ඇති වු නාට්‍ය සම්ප‍්‍රදායයන් සදහාද හේතු වුයේ ආගමික හා අභිචාරමය මුලාශ‍්‍රයන්ය.ජපානයේද එය එසෙම වන්නේය.භාරතීය නාට්‍ය කලාව සදහා භාරතීය අභිචාර හා ආගම මිශ‍්‍ර වු බව සිතිය හැකිය.නමුත් එහි එය සදහන් වන්නේ වෙනස් ආකාරයකටය.පුරාණ භාරතීයයෝ සෑම නිර්මාණයක්ම මහා බ‍්‍රහ්මයාහට පැවරීම සාමාන්‍යයෙන් ඔහුන්ගේ සිරිතයි.ඍග් වේදයෙන් පාඨ්‍යත්, යජුර් වේදයෙන් අභිනයත්, අථර්ව වෙදයෙන් රසයත් ,සාම වේදයෙන් ගීතරසත් උපුටාගෙන නාට්‍ය වේදය නිර්මාණය කළේය.මෙය බ‍්‍රහ්ම හා ඉන්ද්‍ර අතර සාකච්ඡුාවකින් පසු ඍෂිවරුන්ට දියුණු කිරීමට බාරදේ.මෙය පඤ්චම වේදයෙහි ලා හැදින් වීමෙන් ඔහුන් නාට්‍යයට ලබා දුන් වටිනාකම මැනවින් පැහැදිලි වේ.එම නිසාම නාට්‍යය සදහා වැදගත් තැනක් ලැබීමෙන් එය භාරතය තුළ සම්භාවය ලෙස වර්ධනය විය. එය වෙනත් රටවල තත්ත්වයට වඩා බොහෝ වෙනස් විය.භාරතය තුළ නාටය පමණක් නොවේ,සාහිත්‍යයද වඩා හොදින් වර්ධනය විය,එම නිසාම මහා කාව්‍ය,චම්පු කාවය,ගද්‍ය කාව්‍ය ආදි ලෙසින් සාහිත්‍ය මැවින් වර්ධනය විය.ගි‍්‍රක නාට්‍යයෙහි ප‍්‍රභවය සදහාද ආගමික පූජා චාරිත‍්‍ර හා අභිචාර හේතු වී ඇත. ‘‘අතීතයක් නොමැත්තා සේ ඕපපාතිකව මෙන් ක‍්‍රිස්තු පූර්ව පස්වෙනි සියවසෙහි අංග සම්පූර්ණ ස්වරූපයෙන් මතු වු ග‍්‍රික නාට්‍යයේ ප‍්‍රභවය පිළිබ`දව නිශ්චය වශයෙන් කිසිවක් කිව නොහැකිය.එහෙත් එහි උත්පත්තිය ඇති වුයේ ආගමික උත්සව හා පූජා කර්ම වලින් බව නම් සැක නැත. නාට්‍ය කලාව ප‍්‍රධාන වශයෙන් සම්බන්ධ වී ඇත්තේ දීයොනීසස් නම් දෙවියා පිළිබ`ද ඇදහිලි සමග ය.දියොනීසස් වූ කලි මද්‍යසාරයට අධිපති වූ දේවයා ය’’ ලක්දිව මෙම තත්ත්වය විමසීමෙදි විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ විමර්ශනය කළ හැක.මුලින් සදහන් කළ මහා වංශ තොරතුරු අනුව නෘත්‍ය කලාවක් මෙහි පවතින්නට ඇත.නමුත් දෘශ්‍ය කලාවක් පිළිබ`දව පැහැදිලි කරුණු ඉදිරිපත් නොවේ.බොහෝ දේශයන්හි නාට්‍ය කලාව විවිධ අභිචාර මගින් මෙන්ම ආගමික සහයෝගය ඇතිව වර්ධනය වීමෙදී මෙරට එසේ වූ බවට සාධක වීරල වීමට හේතු කවරේද යනු විමසිය යුත්තකි.බුදු දහම මෙරටට මිහි`දු හිමියන් ගෙන ඒමේදී මෙරට පැවැති විශ්වාස හා ඇදහිලි ප‍්‍රතික්‍ෂෙප කළේ නැත.බුදු දහම මෙහි පැවැති අභිචාර සමග මිශ‍්‍රණය විය.ඒ අනුව චෛත්‍ය වන්දනාව හා බොධි වන්දනාවද එසේ මෙහි පැවැති ජන විශ්වාසයන්හි පිළිඹිබුවක් විය.ඒ අනුව ථේරවාදී මහ තෙරවරුන් විසින් සැලකූ බුදු දහමට අමතරව විවිධ අභිචාර මිශ‍්‍ර වු ගැමි ආගමක් පවතින්නට ඇත.මෙය මුල් දහමට ඉදුරා පටහැණි දෙයක් නොවන්නට ඇත.තිසා වැව ඉදි කර ඇති ස්ථානයේ විහාරයක් කරවා ඇත්තේ මිහිදු හිමියන්ගෙන් බණ අසා පැහැදුණු රකුසෙකු විසින් බවට සාධක දහවෙනි ශතවර්ෂයට අයත් ශිලා ලේඛණයක සදහන් වන බව සෙනරත් පරණවිතාන මහතා සදහන් කරයි. කාලවේල යක්‍ෂයා සදහා ඉදි කළ දේවාලය පිහිටා තිබු ස්ථානයේ දේවාලයක් පිහිටා තිබු සථානයේ සිව් වැනි මහසෙන් රජු විසින් ථූපයක් ඉදි කර ඇත. මිහිදු හිමියන් ගෙනා පෙළට මෙහිදි හෙළටුවා රචනා කර ඇත.ඉන් පසුව විවිධ ධර්ම ග‍්‍රන්ථ රචනා වී ඇත.මෙහිදි විවිධ සාහිත්‍ය කෘතිද එචනා වන්නට ඇති බවට උපකල්පනය කළ හැක.මුල සිටම බොහෝ කාලයක් මෙරට නිරමල බුදු දහම පැවතී ඇත.ඒකල භික්‍ෂූන් ප‍්‍රධාන වශයෙන් පුද්ගල විමුක්තිය සදහා කටයුතු කරන්නට ඇත.භාරතයේ සමකාලීනව දියුණු නාට්‍ය කලාවක් පැවතීමේදි මෙරටට එහි පලැපෑම එල්ල නෙවුණු බවට සිතිය නොහැක.එසේ වී නම් එය මැඩ පැවැත්වූයේ ථේරවාදී මත නිසා වන්නට ඇත.සුචරිත ගම්ලත් මහතාද මේ මතය පෝෂණය කර ඇත. ‘‘මීට හේතු කවරේද?දැනට මේ සදහා දක්වා ඇති හේතුව නම් ශ‍්‍රී ලංකාව ථේරවාදී රටක් ව පැවතීමයි.ථේරවාදය පුද්ගල විමුක්තිය දේශනා කරයි.ඊට ඉවහල් වන පරිදි සමාජ ජිවිතයෙන් හුදකලා වීමේ අනුසස් කියයි.ඊට බාධාක වන්නා වු ගණසංගණිකාව හෙවත් බොහෝ දෙනා සම`ග ඇලි වාසය කිරීම හෙළා දකී.’’ නාට්‍ය කලාව බොහෝ ජනයා රුස්වීමෙන් හා අන්‍යොන්‍යව එක්ව රසවීදීමෙන් රස විදිය යුත්තක්ද වන නිසා හා නාට්‍යයක් ර`ග දැක්වීම ස`දහා අධ්‍යක්‍ෂකවරයෙකු , නළුනිළියන් , සංගීතඥයන් මෙන්ම වේස නිරුපණ ශිල්පීන් අවශ්‍ය වන නිසා මෙය සාමුහික කටයුත්තක සේ දැක්විය හැක.එම නිසා ගණසංගණිකාව පුද්ගල විමුක්තියට බාදාවක් වන බැවින් මෙය ථේරවාදීන් අනුමත නොකරන්නට ඇත. ‘‘ප්‍රෝබියන් බවර්ස් ලංකාවේ දී නාට්‍ය සෙවූ නමුත් එබන්දක් හමු නොවු බව අවුරුදු කීපයකට පසු පළ වු ඔහුගේ එයැ්එරු සබ එයැ ැ්ිඑ නම් පොතින් අනාවරණය වේ.ඉන්දියාවේත් , බුරුම රටෙහිත්,තායිලන්තයෙහිත්,ලා ඕස් හා කාම්භෝජය යන රටවලත් විශේෂයෙන් චීනයෙහිත් නාට්‍ය කලාවක් තිබෙන නමුත් , ලංකාවෙහි නැතැයි නිගමනය කරන හෙතෙම මෙහි ගම්බද පෙදෙස්වල තොවිල් පවිල් නිසා ඒ අඩුව ම`දක් පිරිමැසේ ය යි පවසයි.’’ ග‍්‍රාමීය වශයෙන් යම් කිසි නාට්‍ය කලාවක් මෙරට තිබුණද එය විශාල වශයෙන් ව්‍යාප්ත නොවන්නට ඇත.මෙසේ ග‍්‍රාමීයව පැවැති නාට්‍ය කලාවක් පවතින්නට ඇතැයි සිතිය හැක්කේ පණ්ඩුකාභය දවස පැහැදිලිවම නාට්‍ය,නෘත්‍ය හා ගීත කලාවක් පැවැති බවට මහාවංසයෙහි සදහන් වන බැවිනි.භාතිකාභය රජ දවස එතුමා රුවන්වැලිසෑය උදෙසා නානා නැට්ටුවන් විසින් කරවන ලද නානා විධ නැටුම් හා පුද පූජාවන් ගැන මහාවංසයෙහි සදහන් වේ. සාමූහිකව නොව හුදකලාව රස විදිය හැකි නෘත්‍ය හා නෘත්ත විදග්ධ ජනයා ඉදිරියේ පවා ඉදිරිපත් කළ බවට සාධක බොහෝ කොට ලැබේ.නමුදු මෙම නෘත්‍ය හා නෘත්ත උපයෝගී කර ගත් නාට්‍ය විශේෂයක් මෙහි පවතින්නට ඇත. ථේරවාදී බුදු දහම තුළින් නාට්‍ය කලාව ප‍්‍රතික්‍ෂෙප කරව බවට ඉදිරිපත් කරන සාධකද ප‍්‍රබල වේ.බුදුන් වහන්සේ භික්‍ෂූන්ට නැටුම්, ගැයුම් හා වැයුම් තහනම් කර ඇත. බුදු දහම පුද පූජා සදහා ප‍්‍රමුඛස්ථානයක් දෙනු නොලැබේ.බුදුන් වහන්සේ පිරිනිවීමට සුදානම්වනවිට දෙවිවරුන් දැමු මල්මාලා පිළිබ`දව බුදුන් ආනන්ද හිමියන්ට පැහැදිලි කරනුයේ පුද පූජා වලින් පිදීමට වඩා ප‍්‍රතීපත්ති පූජාවෙන් පිදීම ශ්‍රෙෂ්ඨ බවයි.එම නිසා බුදු දහමේ පුද පූජාවලට මෙරට ප‍්‍රමුඛස්ථානයක් භික්‍ෂූහු ලබා නොදෙන්නට ඇත. මහායානය තුළ පුද පූජාවලට වැදගත් තැනක් ලබාදේ. බෞද්ධ භික්‍ෂුව ගිහි ජීවිතයෙන් අභිනිෂ්ක‍්‍රමණය කර ඇති නිසා ගිහි ජීවිතයේ විවිධ චාරිත‍්‍ර වලින් ඇත් වී සිටින්නට ඇත.දුස්සීල මහණුන්ට වඩා සිල්වත් තෙරවරුන්ගේ බැබලීම සැමදා සිදු වී ඇත.මහායානිකයන්ගේ බලපෑම මෙරටට තිබු නමුත් ථේරවාද පක්‍ෂය ජයගත් බව දඹදෙණි කතිකාවතෙහිද සදහන් වේ.ලෝකයේ බොහෝ රටවල බුදු දහම පිරිහි ගිය කල්හි මෙරටින් බුදු දහම විවිධ දේශයන්වලට රුගෙන ගිය අයුරු විවිධ ඓතිහාසික මුලාශ‍්‍රවල සදහන් වේ.මුල් කාලීනව සාහිත්‍ය බොහෝ පෝෂණය කළෝ භික්‍ෂුහුය.එම නිසා භාරතයෙහි කෙතරම් දෘශ්‍ය කාව්‍යනයන් පැවතියද ඒවා කියවා රසවිදින්නට ඇති බව සිතිය හැක්කේ මෙරට රචිත ජානකීහරණ වැනි කාව්‍යන් පිළිබ`ද විචාරාක්‍ෂිය යොමු කිරීම තුළිනි.මෙවැනි පසුබිමක් තුළ සාහිත්‍ය තුළ ග‍්‍රන්ථ රචනාකිරීම සදහා යම් ආකෘතියක් පැවතී ඇත. කලාවක් හොදින් වර්ධනය වීමට නම් යම් දේශයක ආර්ථික සංවර්ධනයක් හා නිදහසක් පැවතිය යුතුව ඇත.ආර්ථික වශයෙන් අතිරික්තියක් පවතින කල නිදහස ඇතිවේ.එතුළින් කලාකරුවන්ගේ පැවැත්මද ඇතිවන්නේය.අනුරාධපුර රාජධානිය පුරාවටම විශාල වැව් ඉදිවු අතර ඒ තුළින් රට්ඨුන්ගේ නිදහස සීමා වන්නට ඇත.දැනට ශේෂව ඇති සාහිත කෘති තුළින්ද පැහැදිලි වන්නේ විශිෂ්ඨ සාහිත්‍ය කෘති ඇත්තේ දොළොස්වන සියවසින් පමණ පසුවය. ‘‘ක‍්‍රි.ව. සතර වෙනි ශතවර්ෂය පමණ දක්වා මෙරට පැවතුණේ ඉතා නොදියුණු යැපුම් ආර්ථිකයකි.මේ කාලය තුළ සාහිතකලා ක්‍ෂෙත‍්‍රයෙහි උන්නතියට ප‍්‍රතිෂඨා විය හැකි නිෂ්පාදන අතිරික්තියක් නොවීය.’’ බුදු දහමේ පූජ්‍ය පක්‍ෂය පූජක පක්‍ෂය මෙන් පුද පූජාවන්හි ආශක්ත නොවේ.එයද නාට්‍ය කලාවක මතුවීමට එරෙහි වන්නට ඇත. සියලූම කලා ශිල්ප පුද්ගල කලාවන් හා සාමූහික කලාවන් වශයෙන් දෙවර්ගයකට බෙදිය හැකි අතර එහිදි පුද්ගල කලාවන් සදහා බුදු සමය වර්ධනය සදහා පැහැදිලි ලෙසම අධාර විය.මෙම කලා ශිල්ප වලින් බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇති කරන ලද බැවින් චෛතසිකයන් සමථයට පත් කරවන ශාන්ත රසයෙන් යුතු ඒවා විය. සාමූහික කලාවන් බුදු දහමෙන් ඇත් වන්නට ඇත. ‘‘ගිහි ජනයා බෙහෙවින් සහභාගි වන බෞද්ධ පින්කම්,පෙරහැරවල් හා වෙනත් පූජෝත්සවයන්හි ආගමික කථා වස්තු ආශ‍්‍රීත වු ගැමිනාටක මෙන් ම තූර්ය වාදන හා නැටුම් ආදිය ද ඇතුළත් වන බවත් පන්සලේ තේවාව සදහා තූර්යභාණ්ඩ වාදනය පවත්වන බවත් පෙනෙන නමුදු , නාට්‍යය හා සංගීතය මනුෂ්‍යයාගේ චිත්ත පාරිශුද්ධියට තුඩු දුන් කලාවන් ලෙස බුදු සමය විසින් නොසැලකෙන බවත් , බුදු සමය විසින් ඒවා මිනිසාගේ සිත සම්භාවනීය පුරුෂාර්ථයන් කරා යොමු කරවන නෘත්‍ය කලාප ලෙස නොසලකන ලද බවත් කිව හැකිය.’’ බුදු දහමේ පූර්වොක්ත බලපෑම ඉතිහාසය පුරාවටම පැවැතී ඇත.නමුදු මෙම බලපෑම හරහා වුවද භික්‍ෂුන් ලෞකිකත්වයට නැඹුරු වෙමින් ජීවත් වූ බවට සාක්‍ෂි මහාවංශයෙන් ලැබේ.දුටු ගැමුණු එළාර යුද්ධයේදී භික්‍ෂූහු ඉදිරියෙන් ගියෝය.ඇතැම්විටෙක රාජ්‍ය සදහාද ඇතැම් විටෙක යුද්ධ සදහාද භික්‍ෂූහූ සිවුරු හළ බවට තොරතුරු ලැබේ. ථේරපුත්තාභය සිවරු හළ යෝධයෙකි. අසමගියට පත් රාජ දරුවන් සාමග‍්‍රීයට පත් කිරීමත් ඇතැම් අවස්ථාවන් වලදි ඔවුහු රාජ්‍යත්වයට ශික්‍ෂිත කරවන ලද්දේ භික්‍ෂූන් විසින් බව මහා වංසයේ හා එළු අත්තනගලූ වංසයේ සදහන් වේ. පූජනීය ස්ථානවලටද ලෞකික කරුණු ඍජුව පැමිණි බවට තිවංක පිළිම ගෙහි නිර්මාණය කර ඇති ස්ත‍්‍රී පුරුෂ සංසර්ගය තුළින් මනාව පැහැදිලි වේ.එම ප‍්‍රතිමා ගෘහයෙහි දකුණු පැත්තෙහි ඇතුළු වන උළුවසසෙහි නිරුපිත ස්ත‍්‍රී බහිරව ඇතැම් රූපවල නිරාවරණය වූ යොනියෙන් රොන් ගන්නා බඹරෙකු හෝ මී මැස්සෙකුගේ රුවක් නිර්මාණය කර තිබේ. ඒ අනුව භික්‍ෂූහු හුදෙක් ආත්ම විමුක්තිය සදහාම කටයුතු කළ බව සාවද්‍යබව පැහැදිලි වේ.මෙම හේතූන් නිසා භික්‍ෂූහු එකල සුළුවෙන් හො පැවැති නාට්‍ය කලාවකට සහයෝගය ලබා දෙන්නට ඇත.මෙය පැහැදිලි වන්නේ දඹදෙණි කතිකාවතින් භික්‍ෂූන්ට කාව්‍ය නාටක ඉගෙන ගැනීම හෝ ඉගැන්වීම තහනම් කර ඇත. ‘‘සම්මතයක් ලද තෙනෙත් මුත් ඒ ඒ තැන අසම්මත වැ බණ නොකීදීයුතු.ගෘහස්ථයන්ට සොලෝ ආදිය බැ`ද නොකී යුතු.කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා තමා නූගත යුතු අනුනුත් නූගැන්වියයුතු’’ මේ අනුව පැහැදිලි වන්නේ මෙරට යම් ප‍්‍රාථමික හෝ නාට්‍ය කලාවක් මෙන්ම භාරතීය නාට්‍ය ශාස්ත‍්‍ර ඉගැන්වීමක් පැවැත ඇති බවයි.පොළොන්නරු සමය වන විට නැටුම් කලාව ඉතා දියුණු මට්ටමක්න් පැවත ඇත.මහාපරාක‍්‍රමබාහු රජුගේ සමයෙහි පැවැත්වූ ආගමික පූජෝත්සවවලදී පේ‍්‍රක්‍ෂකයන් මවිතයට පත් කරවමින් නාටක ස්ත‍්‍රී නැටු බව චූල වංසයෙහි සදහන් වේ.මොහු නැටුම්,ගැමුම් හා වැයුම් පිළිබ`ද සැලකිලිමත් වූ බවත් ඒ සදහා ‘සරස්වතී මණ්ඩප’ නමින් විසිතුරු මඩුවක් කළ බව චූල වංශයේ සදහන් වේ.නිශ්ශංක මල්ල රජතුමා නෘත්‍ය නැරඹීම සදහා විශේෂ ගල් අසුනක් සකස් කර තිබූ බව ශිලා ලේඛණ වලින් පැහැදිලි වේ.දඹදෙණි යුගය වන විටද නාට්‍ය කලාව ඇතුළු ලලිත කලාමය විෂයන් කෙරෙහි ගිහියන් පමණක් නොව භික්‍ෂුන් වහන්සේ පවා එම විෂයන් පිළිබ`ද සැලකිලිමත් වූ බවට විමර්ශනය කළ හැකි තොරතුරු තිබේ. පිරිවෙන් අධ්‍යාපනය දියුණුවේ උපරිමයට පැමිණියේ කොට්ටේ යුගයේදීය.එකල ග‍්‍රාමවාසී හා අරඤ්ඤවාසී යැයි දෙකොටසක් වූ බවත් ඉන් ග‍්‍රාමවාසීන් ජ්‍යොතිෂය හා නාට්‍ය වැන් විෂයන්වල නිරත වී ඇත.එම යුගයේ රචිත සන්දේශයන්හි මෙන්ම වෙනත් කාව්‍යයන් තුළින් එකල පැවැති නැටුම් රංග විලාසිතාවන් පිළිබ`ද තොරතුරු අඩංගු වේ. විශේෂයෙන් මෙම යුගය වන විට භාරතීය අභාසය සහිතව දියුණු රංග කලාවක් පවතින්නට ඇත. භික්‍ෂූන් වහන්සේ පවා නර්තනය පිළිබ`ද පුළුල් අවබොධයක් ලබා සිටි බව හංස සද්දේශයෙහි නල`ගන රු`ගුම් වර්ණනයෙන් පැහැදිලි වේ.පෞරාණික සිතුවම් තුළින්ද අතීතයේ නාට්‍ය කලාවන් පැවැති බවට තර්ක කළ හැක සිතුවම් ගණනාවක් හමුවී ඇත.අනුරාධමුරයේ කුට්ටම් පොකුණේ අඩිතාලමට යටින් ලැබුණු නිලියකගේ ලෝකඩ රූපය එයට එක් නිදසුනකි. නාට්‍ය කලාව පිළිබ`ද ඉතිහාසය විමසීමේදි පැහැදිලි වන්නේ නාට්‍යමය මූල බීජ බුදුසමය තුළද දැකිය හැකි බවයි.නාට්‍ය ස්වරූපය හා වෙනත් බෞද්ධ පූජා කර්ම අතර ‘‘මිලින්ද ප‍්‍රශ්නය’’ යනුවෙන් හැදින්වෙන බණ කීමේ ක‍්‍රමය හා ආසන දෙකේ බණත් වැදගත් වේ.මෙහිදි මිලි`දු රජු වශයෙන් ආභරණ පැළ`ද ගත් ර`ගපාන ගිහියෙකු හා පැවිද්දෙකු අතර ප‍්‍රශ්නෝත්තර වශයෙන් සංවාද ඇතිවේ ‘‘නාගසේන ස්ථවිර : මහරජ කිමෙක්ද තෙපි පයින් ආයේද? නැතහොත් වාහනයක නැගී ආයේද? මිලි`දු රජ : සවාමීනි, මම පයින් නොආවෙමි,රථයෙන් ම ආයෙමි. නාගසේන ස්ථවිර : මහරජ ,ඉදින් රථයෙන් ආවෝ නම් රථය මට නියා දෙව.කිමෙක්ද මහරජ රථ ඉස රථයද? මිලි`දු රජ : නැත ස්විමීනි.’’ සතිපිරිත අවසානයේදී දේව ¥තයා හා භික්‍ෂුව අතර ඇතිවන සදවාදය තුළද නාට්‍යමය ලක්‍ෂණ දැකිය හැක්කේ සිවු අභිනයෙන් කරන අනුකරණයක් එහි දැකිය හැකි බැවිනි. ‘භික්‍ෂුව : විචිත‍්‍ර වර්ණෝපශෝභිත වූ මෙම මණ්ඩප ද්වාරයෙහි මිනිස්සු ඇත? දෙව¥තයා :සව් ශීල්‍යාදී අමිත ගුණ ගුණාංගයෙන් උපලක්‍ෂිත වූ පින්වත් ස්වාමීන් වහන්ස,විචිත‍්‍ර වර්ණෝපශෝභිත වූ මෙම මණ්ඩප ද්වාරයෙහි මිනිස්සු ඇත. භික්‍ෂුව :සරද නිශේන්ද්‍රාකාශ කුන්දෙන්දු වාරණ විෂද විමල කීර්ති මාලාලංකෘත ප‍්‍රවරතර සුරේන්ද්‍රාරාධනාවට ගියොත් අවුද? දේව¥තයා: නෛක බලපරික‍්‍රම ප‍්‍රතාපාලංකෘත වූ සුරේන්ද්‍රාරාධනාවට ගියාවු දෙව¥තයා වන මම මෙහි අවුත් සිටිනෙමි.’’ මේ ආකාරයට ආලවක දමනයද නාට්‍ය ලක්‍ෂණ වලින් යුතුව පූජා කර්මයක් ලෙස සිදු කර ඇත.ආලවකට පිහිට වීම සදහා බුදුන් වහන්සේ ආලවක විමානයට පැමිණි පසු ආලවක .එහිදි ආලවක ලෙසින් පැමිනෙන නළුවා යක්‍ෂයා ලෙසින් වේශ නිරූපණය කර භික්‍ෂුව ධ්රම දේශනා කරන ස්ථානයට පැමිණ අදාළ සිදුවීම අනුකරණය කර දක්වයි.එහි නාට්‍ය ලක්‍ෂණ දැකිය හැක. ‘‘ගද්‍රභයා : මේ වේලාවේ ඔබ වහන්සේ මේ විමානයට වැඩියේ ඇයි? භික්‍ෂුව : මේ එන්න ම වුවමනාවක් නිසා තමයි ආවෙ.ඔබ ඉඩ දෙනවා නම් මම කැමතියි මෙහේ නවාතැන් ගන්න අද රාත‍්‍රියට. ගද්‍රභයා : අනේ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ ස්ථානය ගැන දන්නේ නැද්ද? මේ ආලවක යකාගේ විමනය.මගේ තැනක් නම් ඔබ වහන්සෙට නවාතැන් දෙන එකත් අරුමයක්ද? මේ පේනවානේ බිම හැටි.හැම තැනම ලේ .මිනී කාලා හැමතැන ම ලේ යි ඇටකටු යි.මෙහෙම තැනක හිටියොත් ඔබ වහන්සේට මොනව වෙයි ද කියල හිතාගන්න පුළුවනි. භික්‍ෂුව : මට ඔන නෑ යකාගේ නපුරුකම් ගැන දැන ගන්න.මම ඒවා නොදැන නෙවේ ආවෙ. මම අද මෙතැන නවතින්න මයි අධිෂ්ඨාන කර ගත්තේ.’’ මේ අනුව පැහැදිලි වන්නේ බුදු දහම තුළ දී වුවද නාටයමය අවස්ථා දැකිය හැකි බවයි.සාහිත්‍ය කෘතිවල පවා නාට්‍යමය අවස්ථා දැකිය හැක.භාරතයේ මෙන් සම්භාව්‍ය නාට්‍ය කෘති මෙහි රචනා නොවූවද මෙහි ග‍්‍රාමීය වශයෙන් නාට්‍ය පවතින්නට ඇත.ඒ සදහා බුදු සමය විරුද්ධ නොවන්නට ඇත.මේ සදහා ද බුදු දහම තුළින් ඇති වු කලාවන්ගේ දියුණුව උපකාර වී ඇත.විහාර බිතු සිතුවම් හා මූර්ති නෙළන ශිල්පියා විසින් බලි තොවිල් වලදි බලි රූප අබන ලදි. බලි, තොවිල් හා නාඩගම් වැනි ග‍්‍රාමීය අභිචාර මගින් මෙරට නාට්‍ය කලාවට විශාල සේවාවක් විය.බෞද්ධයා මෙම බලි තොවිල් සදහා යොමු වූයේ බුදු දහමේ දැකිය හැකි ආගමික නිදහස නිසාවෙනි. මෙම සම්ප‍්‍රදායන් චූල සම්ප‍්‍රදායන් හැටියට උගත්තු සිතූහ.මෙවා චූල හෙවත් පොඩි වූයේ බුදු දහම මෙවා ජීවිතයේදී කර ගත යුතු අවධාරිත පූජා කර්ම නොවූ බැවිනි. මෙම අභිචාර ක‍්‍රියාවන් සදහා ජනතාව හා උගතුන් වැඩි සැලකිල්ලක් නොදැක් වූ බැවින් මෙවා සම්භාව්‍ය ලෙස දියුණු නොවීය. ඇතැම්විට මෙම සම්ප‍්‍රදායන් දෙස විඤ්ඤූ ගරහිතව බලා ඇත.එම නිසා මේවා ඇතැම්හු නෛයිනාඩගම් හා බහුරූ කෝලම් ලෙස සැලකූහ. චූල සම්ප‍්‍රදායේ දියුණුවට නිරත මහා සම්ප‍්‍රදාය අනුගමනය කර ඇති බවට බොහෝ නිදසුන් වේ.වන්නම් ගැයිමේ දී උඩරට නැට්ටුවෝ බුද්ධ චරිතය ඇසුරු කර ගනිති. වන්නම් ගැයීමෙදී උඩරට නැට්ටුවෝ සූවිසි විවරණය ගායනා කරමින් නටති.සිදුහත් කුමරු කන්‍ථක අසු පිට නැගී ගිය අයුරු තුරගා වන්නේමේ දි කියැවේ.මනමේ කථාව සදහා චුල්ලධනුග්ගහ ජාතකය පදනම් වී ඇත.නමුත් මෙහි සංගීතය හා නැටුම් පිළිබ`ද සැලකීමෙදි පෙනී යන්නේ ඒ සදහා ද්‍රවිඩ කලාවන්ගේ අභාසය ලබා ඇති බවයි.ඒ එදහා බුදු දහමේ සැලකිල්ල ලැබුණු විට ශිඝ‍්‍රයෙන් සංවර්ධනය විය. සමාලෝචනය ලක්දිව සෑම අංශයක්ම ක‍්‍රමාණුකූලව දියුණු වූයේ මහා මහින්දාගමනයත් සමගිනි.නමුදු ඊට පෙර පැවැති දියුණුව ස්මෘතියෙන් බැහැර කිරීම සාධාරණ නොවේ.මිහිදු හිමියන් ගෙනා පෙළ හා අටුවා පදනම් කර ගෙන මෙහි දෙශීය අනන්‍යතාවක් සහිත භාෂාවක් , සාහිත්‍යයක් මෙන්ම විවිධ ශිල්පීය ක‍්‍රමයන් ඇතිවිය.හෙළටුවා රචනා වීම තුළින් මෙරට සාහිත්‍ය සදහා පදනම සැකසුණි. මහා සංස්කෘතික දේශයක් සමීපව ලක්දිව පිහිටා තිබිම නිසා සංස්කෘතික විසරණය තුළින් විවිධ අභාසයන් ලක්දිවට ලැබුණි.ඒ අනුව ගද්‍ය,පද්‍ය,දෘශ්‍ය,චම්පු හා මහා කාව්‍යයන්හි ආලෝකය මෙහි සාහිත්‍යයට ලැබුණි.පූර්වොක්ත අභාසය විවිධ අයුරින් දැකිය හැකි නමුදු දෘශ්‍ය කාව්‍යයේ බලපැමට මෙහි සාහිත්‍යධරයන් ලක් නොවීමට හේතුව බුදු දහම දැයි සැකයක් ඇතිවීම සාධාරණ වේ. බුදු දහම ප‍්‍රධාන වශයෙන් පුද්ගල විමුක්තිය අරමුණු කර ගත් දහමක් වේ.ඒ සදහා කටයුතු කරන භික්‍ෂූහු ගණසංඝ නිකායෙන් වෙන්ව හුදකලාව විමුක්තිය සදහා විර්ය වඩමින් වාසය කළහ.මුන් වහන්සේලා විදර්ශනා ධූරය වැඩූහ.ඇතැම් භික්‍ෂු නමක් ධර්මය වනපොත් කරමින් ග‍්‍රන්‍ථ ධූරය වඩමින් වාසය කළ සේක.මෙම දෙපක්‍ෂයම බුද්ධ විනයට අනුව ක‍්‍රියා කළ යුතුව තිබුණි.ග‍්‍රන්ථ ධූරය වඩන භික්‍ෂූහු බොහෝ විට සාහිත්‍යකරණයෙහි නිමුක්ත වී ඇත.භික්‍ෂුන් සදහා කලාව රස විදීමට වාරණ පනවා නැත.රහතුන් පවා සෞන්දර්ය විදගත්හ.ග‍්‍රන්‍ථ ධූරය වඩන භික්‍ෂූන් සාහිත්‍ය රසයෙන් ධර්ම ග‍්‍රන්‍ථ රචනා කළහ.පසුව උන්වහන්සේලා ගෙන් විවිධ වර්ගයේ සාහිත්‍ය ග‍්‍රන්‍ථ රචනා වී ඇත. නමුත් සම්භාව්‍ය සාහිත්‍යයට සමගාමීව නාට්‍ය කලාවක් ඇති නොවීය. මුල් කාලීනව බොහෝ සාහිත්‍යකරුවන් භික්‍ෂුන් වු නිසා නාට්‍ය ග‍්‍රන්‍ථ රචනා නොවීය.සාහිත්‍යය තුළ භික්‍ෂූන් ලබා සිටි අධිකාරය නිසා සාහිත්‍ය ග‍්‍රන්‍ථ රචනා විය යුතු වස්තු ව්ෂය සදහා සිමාවන් පැවතී ඇත.ඊට පිටින් යෑම දුෂ්කර වුයේ එම ග‍්‍රන්‍ථ ජනප‍්‍රිය නොවීම හා විදග්ධ ජන තුටු නොකරන නිසාය.එම නිසා මෙය විවිධ උපක‍්‍රම භාවිතයෙන් අභිභවනය කිරීමට ගත් උත්සාහයක් කව්සිළුමිණෙන් පැහැදිලි වේ.එම නිසා ප‍්‍රාචීන භාෂාවන්හි නෛපුණ්‍ය වු කලාකාමීහු සංස්කෘත නාට්‍ය කියවා රස විදීමෙන් සෑහීමකට පත් විය.නාට්‍ය ,ගීත හා වාදනයන් විමුක්තියට බාධාවන් බව පැහැදිලිවම සදහන් කර තිබීම මත නාට්‍ය සදහා පොදු ජනතාව ඒ සදහා උනන්දුවක් නොදක්වන්නට ඇත. විවිධ අවස්ථාවන් වලදි නාට්‍යයට එරෙහිව බලවේග නිර්මාණය වීමක් දඹදෙණි යුගයේ දක්නට ලැබීම තුළින් එම කාලය වන විට නාට්‍ය කලාවක් සැලකිය යුතු දියුණුවකින් පවතින්නට ඇත.කෝට්ටේ යුගයේ දි ග‍්‍රාමවාසී පිරිවන්වල නාට්‍ය ශාස්ත‍්‍රය ඇතුළු බොහෝ ලෞකින ශිල්ප ශාස්ත‍්‍ර පැවතී ඇත. සන්දේශ සාහිත්‍යතුළින් භික්‍ෂුන් තුළ පැවැති නෘත්‍යය පිළිබ`ද පැවැති ඥානය ප‍්‍රකට කරයි.ඇතැම් රජවරුන් නැටුම් සදහා ඉදිකළ මණ්ඩප පිළිබ`ද සදහන් වේ.අනුරාධපුර ඇතැම් මූර්ති තුළින් එකල පැවැති නාට්‍යයට සම්බන්‍ධ යැයි සැක කළ හැකි නාටක රූප හමු වී තිබේ.එම නිසා ග‍්‍රාමීය වශයෙන් පැවැති නාට්‍ය විශේෂයක් පවතින්නට ඇත.ඒ සදහා බුදු දහමේ ප‍්‍රබල විරොධයක් මතු නොවන්නට ඇත. අනුරාධපුර යුගයේ මුල් කාලීනව නිදහස සීමා වීමත් නිෂ්පාදන අතිරික්තියක් නොවීමද දියුණු නාට්‍යය විශේෂයක් ඇති නොවීමට හේතු වන්නට ඇත.බුදු දහමින් එයට එරෙහිව ප‍්‍රතිරෝධයක් ඇතිවී තිබීමද සම්භාව්‍ය නාට්‍ය කලාවක් ඇති නොවිමට හේතු වී ඇත.නාඩගම් හා කෝලම්වලට බුදු දහමින් ප‍්‍රබල විරෝධයක් එල්ල නුවුවද ඒවා යම්තාක් දුරට යම් උපහාසාත්මක බවකට නතු වු බව පැහැදිලිය.මෙවැනි නාට්‍ය විශේෂ ඉතා දීර්ඝ කාලයක සිට පවතින්නට ඇත.නමුත් ප‍්‍රබල ලෙස මතුවීමට එරෙහිව බුදු දහම ප‍්‍රතික‍්‍රියා කරන්නට ඇත.එසේම මෙවැනි කලා මාධ්‍යයකින් නාට්‍ය රසය ජනතාවට ලැබුණු බැවින් දියුණු නාට්‍ය විශේෂයක් අවශ්‍ය නොවන්නට ඇත.බුදු දහම තුළ වුවද නාට්‍ය ලක්‍ෂණ දරණ පූජා චාරිත‍්‍ර පැවැතීම තුළින් අනෙක් අභිචාර මුල් කරගත් නාට්‍ය ලක්‍ෂණ රුදි චාරිත‍්‍ර ප‍්‍රබලව ප‍්‍රතික්‍ෂෙප නොවීය.මෙරටට දියුණු සාහත්‍ය නිර්මාණ බිහි වී ඇත්තේ ක‍්‍රි.ව 8-9 පමණ කාලයේ දී යැයි සීගිරි ගී නිර්මාණ ආශ‍්‍රිතව බව සිතිය හැක. එම නිසා මෙරට දියුණු සාහිත්‍යයක් ඇතිවන කල ජීවමාන සංස්කෘත නාට්‍ය කලාවක් නොවීය. මෙරට ගැමි නාටක විශෙුෂයක් අතීතයේ පැවැතියද එහි මතුවීමට හා දියුණු වීමට බුදුදහම ප‍්‍රතිරෝදයක් වන්නට ඇත. ලෝකයේ ඇති වී තිබෙන සෑම නාට්‍යකම ආරම්භය ආගමික පූජා විධි හා අභිචාර පදනම් කරගත්තක් වේ. ග‍්‍රීක නාට්‍ය, භාරතීය නාට්‍යය හා නෝ නාට්‍යය එසේ බිහි වු නාට්‍ය වේ. එසේම නාට්‍යය අනුකරණය කිරීම මුල් කරගත්තක් වේ. මානවයාගේ සිතීම යම් දිනෙක ආරම්භ වීද එදින සිට අනුකරණය ඔහු තුළ පවතින්නට ඇත. සමාරෝපය, වෙස් වළාගැනීම හා ආවේස වීමද මනුෂ්‍ය සභ්‍යත්‍වයෙහි දක්නට ලැබෙන ආචරණ විශේෂ වේ. මෙවා නාට්‍ය බිහි වීමෙහිලා වැදගත් වේ. ළමුන් පවා බාල වියෙදි දෙමාපියන් අනුකරණය කරන්නේ මිනිසුන් තුළ තිබෙන එය විශේෂ ලක්‍ෂණයක් බව ස්ඵුට කරමිනි. එසේම මෙවැනි අනුකරණය ආඕගික, වාචික, ආහාර්ය හා සාත්වික යන අභිනයන් තුළින් නාට්‍යයක් බිහි වේ. එම අනුකරණය කිරීම සදහා සැප හා දුක මුල් කරගත් මේ ලෝකයේ ගැටළුවක් එහි ප‍්‍රධාන වේ. නාට්‍ය සදහා බොහෝවිට ආගමක සහාය ලැබී ඇති අතර ලක්දිව බුදු දහම හා සම්බන්‍ධව විමසීමෙදි මේ තත්ත්වය ම`දක් වෙනස් වේ. චීනය , ජපානය හා තිබ්බත වැනි රටවලට වඩා මෙහිදී බුදු දහම නාට්‍ය සදහා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ වෙනස් ආකාරයකට බව පැහැදිලි වන්නේ සම්බාව්‍ය සාහිත්‍යයකට සාපේක්‍ෂව මෙරට දියුණු නාට්‍ය කලාවක් බිහි නොවීම තුළිනි. එය ඒ ආකාරයෙන් වීම සදහා හේතු වු කරුණූ දෙස සවිස්තරව විචාරාක්‍ෂිය යොමු කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මුලාශ‍්‍ර ධම්මපදය, දොඩම්පහළ ශ‍්‍රී රාහුල (සංස්*, ලොකවිදු සදහම් ප‍්‍රකාශන,ලොකවිදු පදනම,දළුගම,කැලණිය(ප‍්‍රකාශන*,2007(ප‍්‍ර.මු*, පිරුවානා පොත් වහන්සේ,අත්තුඩාවේ රාහුල(සම්පාදක*,සමය වර්ධන,53,මාලිගාකන්ද පාර, මරදාන,කොළඹ 10(මුද‍්‍රණය හා ප‍්‍රකාශනය*,1984 (ප‍්‍ර.මු* පිරුවානා පොත් වහන්සේ, බොදාගම චන්දිම(සම්පාදක*, ශ‍්‍රී ලංකා ධර්ම චක‍්‍ර ළමා පදනම,වීදාගම,බණ්ඩාරගම(ප‍්‍රකාශනය*,2006(ප‍්‍ර.මු* මහා වංසය සිංහල(සංස්කරණය*, බෞදධ සංස්කෘතික මධ්‍යස්ථානය,125,ඇන්ඩසන් පාර,නැදිමාල,දෙහිවල(ප‍්‍රකාශනය*, අජිත් ප‍්‍රීන්ටර්ස් ,84/4.පරණ කැස්බෑව පාර,ගංගොඩවිල ,නුගේගොඩ(මුද්‍රණය*,2003(ප‍්‍ර.මු* මහාවංස ගීතය (පළමු වෙළුම*,අභයගුණවර්ධන,අරිසෙන් අහුබුදු,අ.දො.චන්‍ද්‍රසෙකර (සංස්* ,සංස්කෘතික කටයුතු දේපාර්තමේන්තුව (ප‍්‍රකාශනය* ,රජයේ මුද්‍රණ නීත්ගත සංස්ථාව,කොළඹ 02,පානළුව,පාදුක්ක (මුද්‍රණය*,1993 (ප‍්‍ර.මු* මිළින්ද ප‍්‍රශ්නය,බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,125/2,ඇන්ඩසන් පාර,දෙහිවල(ප‍්‍රකාශනය*,සී/ස ග්ලොබල් ග‍්‍රැෆික්ස් සහ ප‍්‍රින්ටින් (පෞද්* සමාගම(මුද‍්‍රණය*,1997(ප‍්‍ර.මු*, සියබස්ලකර දීපනි, වි.ඩි.එස් ගුණවර්ධන,සමයවර්ධන පොත්හල,61, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමි මාවත,කොළඹ 10 (මුද්‍රණය හා ප‍්‍රකාශනය* දවිතීය මුලාශ‍්‍ර අබේවීර ඉන්‍ද්‍රපාල, දේශීය නාට්‍ය කලාව හා පබාවති, අනුල මුද්‍රණාලය , ඩබ්ලිව්.වි.ජේ.රත්නායක, 98, ඞීන්ස් පාර, කොළඹ 10(මුද්‍රණාලය*, රත්න පොත් ප‍්‍රකාශකයෝ, 513, මරදාන පාර ,කොළඹ 10 (ප‍්‍රකාශනය*, 1968 (ප‍්‍ර.මු* අභිනය (දෙවන කලාපය*, මයාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර උපහාර අංකය, ගාමිණි දෑළ බණ්ඩාර, අනුර වික‍්‍රම සිංහ, රෝලන්ඞ් අබේපාල(සංස්*, රජයේ මුද්‍රණ දේපාරතමෙන්තුව, කොළඹ 08(මුද්‍රණාලය*, සිංහල නාට්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව, 08 මහල, සෙත්සාරිපාය, බත්තරමුල්ල ( ප‍්‍රකාශනය*, 1998 (දෙවන කලාප මුද්‍රණය* ආරිය රාජකරුණා උපහාර ලිපි සංග‍්‍රහය, ජයන්ත අමරසිංහ (සංස්* ,චතුර මුද්‍රණාලය, අවිස්සාවේල්ල, වැල්ලම්පිටිය (මුද්‍රණය*, එස්.ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී.ද.ඇස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය*, 2004(ප‍්‍ර.මු* ගම්ලත් සුචරිත, මනමේ නාට්‍ය සේවනය, එස්.ගොඩගේ සහ සහෝදරයෝ, 675,පී.ද.එස් කුලරත්න මාවත, කොළඹ 10 (ප‍්‍රකාශනය*, ග්ලොබ් ප‍්‍රින්ටින් වර්කස්, අංක 01, කේ.ඩි. ඩෙවිඞ් මාවත, කොළඹ 10 (මුද්‍රණය*, 1996 (ප‍්‍ර.මු* ගොඩකුඹුරේ චාල්ස්, සිංහල නාට්‍ය හා සංගීතය, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව, කොළඹ 07 තිලකරත්න එන්.ආනන්ද, නාට්‍ය හා රංග කලාව, සමයවර්ධන, මාලිගාකන්ද පාර, කොළඹ 10(මුද්‍රණය*, විජේසූරිය ග‍්‍රන්‍ථ කෙන්ද්‍රය, 812, මරදාන පාර, පුංචි බොරුල්ල (ප‍්‍රකාශනය*, 2008 (ප‍්‍ර.මු* නාට්‍ය ශාස්ත‍්‍ර සංග‍්‍රහ , වාසුදේව ශාස්ත‍්‍රි , ක‍්‍රිෂ්ණ ස්වාමි ,(සංස් *තන්ජවාර් ,මහ රාජා , සරසවතී මහල් ,(ප‍්‍රකාශනය* , 1953 (ප‍්‍ර.මු* සරච්චන්ද්‍ර එදිරිවීර, පිං ඇති සරසවි වරමක් දෙන්නේ, දයාවංශ ඩයකොඩි සමාගම, කොළෙඹ (ප‍්‍රකාශනය*,1985 සරච්චන්‍ද්‍ර එදිරිවීර, වෙස් මුහුණද සැබැ මුහුණද ,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207 උසාවිය පාර, කොළඔ 12, 1971 (ප‍්‍ර.මු* සරච්චන්ද්‍ර එදිරීවීර, සිංහල ගැමි නාටකය, සංස්කෘතික කටයුතු පිළිබ`ද දේපාර්තමෙන්තුව (ප‍්‍රකාශනය*, ලංකාණ්ඩුවේ මුද්‍රාපිතයි (මුද්‍රණය*, 1965 (ප‍්‍ර.මු* සුරවීර .ඒ.වී, කතිකාවත් හා භික්‍ෂු සමාජය, සමීර,12 පොල්¥ව, බත්තරමුල්ල (ප‍්‍රකාශනය*,සී/ස ‘දීපානි’ මුද්‍රණ/ප‍්‍රකාශන (පෞද්* සමාගම (මුද්‍රණය*, 1971(ප‍්‍ර.මු* ඡුරු-ඉමාායසිඑසජ රුකසටසදමි ඉැකසැෙි සබ ක්‍ැහකදබ ල ච්රබ්ඩසඑය්බ් :ඩදකග ංංංස* අන්තර්ජාල ලිපින අඅඅග්ජජැිිඑදබදි’ටයඑගදරටරැුඑසචසඒක්්රැුනබරැුඑයසටරැුඑයසිග13ග01එය්බගයඑපක ෘථ\ඔ්‍යඍෂඡුෂඔ්ණ්\ඔසචසඒන්හ්_ත්‍රදප_ඵෑඔඔ්_උෑඊ\2ීමඑඒ-ඡුසඒන්\1ෘසටය්-භසන්හ්\සබාැංගයඑපක

No comments: