Wednesday, December 11, 2013
සම්භාව්‍ය හා ජන කාව්‍ය සම්ප‍්‍රදායන්ගෙන් ඔපවත් වූ සීගිරි ගීය
සම්භාව්‍ය හා ජන කාව්‍ය සම්ප‍්‍රදායන්ගෙන් ඔපවත් වූ සීගිරි ගීය
ලොව මවිත කළ අටවන පුදුමය වශයෙන් සැලකෙන සීගිරිය, ධන කුවේරයකු වුවද කාලාකාමීත්‍වයෙන් තොර නොවූ රාජ්‍ය නායකයකුගේ නිර්මාණයක් වශයෙන් ලෝක පූජිත ය. වියළි කලාපයේ මහගල්පර්වතයක් රාජමන්දිර, ලතාමණ්ඩප, ජලෝද්‍යාන, ආරක්‍ෂක පවුරු, කලානිකේතනාදියෙන් සමලංකෘත වීමෙන් වෙසමුනිගේ ආලකමන්දාව මිහිපිට ප‍්‍රතිනිර්මිතයකි, සීගිරිය. ධාතුසේන රජුගේ (කි‍්‍ර.ව. 459-477* පුත් සීගිරි කාශ්‍යපයන් විසින් නිර්මිත මෙම විශ්මය ජනක නිර්මාණය සියැසින් දැක බලා ගැනීමට දුරාතීතයේ සිට ම ජනීජනයා පැමිණි බවට සාධක වශයෙන් කැටපත් පවුරේ කුරුටු ගා ඇති ගී ස`දහන් කළ හැකි ය. තැනිතලා භූමියක උස්ව නැ`ගුණු ගල් පර්වතයෙහි අනභිභවනීය ස්වභාවය ද, නෙත්කෙවෙහි මැවෙන මනස්කාන්ත පරිසරයේ අනුපමේය චමත්කාරය ද, සීගිරියේ බලපරාක‍්‍රමය ප‍්‍රතිමූර්තිමත් කළ සිංහ මුහුණ ද, දන මන රංජනය කරන සීගිරි ලලනාවන් ද දුටු දනන්ගේ සන්තානයන්හි නිරායාසයෙන් ජනිත වූ සංකල්පනා කුරුටු ගෑමෙන් බිහි වූ ‘සීගිරි කුරුටු ගී’ ලාංකේය පi සාහිත්‍යයෙහි දැනට විiමාන පුරාණතම සාධක අතරට අයත් ය. සීගිරි ගී රචනයට පෙර රචනා වූ කාව්‍යමය ශිලා ලේඛන කිහිපය හැරුණු විට මෙරට පi සාහිත්‍යයෙහි ආරම්භක ම සාධක වන්නේ සීගිරි කැටපත් පවුරෙහි පෙනෙන මෙම රචනාවන් ය. ඕනෑම ජනවර්ගයක සිතුම්-පැතුම්, ජීවන චර්යා නිරූපණය කෙරෙන ජීවමාන සාධක තදීය සාහිත්‍යයයි. සියබස්ලකර කතුවරයා දක්වන්නේ ද එයයි.
පෙර මහරු මහරජු- යස පිළිබිඹු ගොස් බස්
කැටතෙලෙහි සිටුනෙ පෙනේ- පිළි ඔවුන් නට කල්හි දු
‘පෙර විසූ මහරජවරුන්ගේ කීර්තියෙහි ප‍්‍රතිබිම්බය වචනය නමැති කැටපතෙහි රැු`දී, ඔවුන් මළ කල්හි දු පවතිනු දක්නට ලැබේ’ යනු මෙහි අදහසයි. ඒ අනුව රාජරාජමහාමාත්‍යාදීන්ගේ ගුණ කදම්භය පමණක් නොව පොදුජන ජීවනචර්යා, සිතුම්පැතුම් ද සාහිත්‍යගත වූ බව සීගිරි ගීවලින් පැහැදිලි වේ.
ලක්දිව නන් දෙසින් සීගිරිය වෙත ඇදී ආ කලාකාමී ජනීජනයා සීගිරි ලලනාවන්ගේ හාවභාව ලීලාවන්ගෙන් වශීකෘතව සිය සිතැ`ගි සරල වැකි කිහිපයකින් ලියූහ. විවිධ වෘත්තීන්ට අයත්, නොයෙක් සමාජ පන්තීන්ට අයත්, කලාරසිකත්ත්වයෙන් පෝෂණය වූ ජනයා සීගිරි ගී ලියූවන් අතර වූහ. එහෙයින් ඔවුන් ස්වකීය කාව්‍යකරණය විෂයෙහි උපස්ථම්භක කරගත් කාව්‍ය සම්ප‍්‍රදාය කුමක් ද? ඒ ස`දහා ආභාසය ලැබුයේ කිනම් සම්ප‍්‍රදායයන්ගෙන් ද? යන්න විමසීම වැදගත් වේ. මේ පිළිබ`දව විමසීමෙහිලා ප‍්‍රවේශයක් වශයෙන් තද්විෂය පිළිබ`ද ප‍්‍රාමාණික විමර්ශන කළ ප‍්‍රාඥයන්ගේ අදහස් ස්වල්පයක් විමසා බලමු. සීගිරි ගී පිළිබ`දව විර්ශනාදිය ස`දහා මග හෙළිකළ ප‍්‍රමුඛතම විද්වතා වශයෙන් සෙනරත් පරණවිතාන සූරීන් හැ`දින්විය හැකි ය. කැටපත් පවුරෙහි තැනින් තැන වූ මේ සාරගර්භ නිර්මාණ පාඨකයාට රස වි`දීම ස`දහා අවස්ථාව උදා කළේ පරණවිතානයන් ය.ිීසටසරස ඨර්ෙසෙඑස’ නමැති කෘතිය එතුමාගේ පර්යේෂණයන්හි ඵලයයි. සීගිරි ගීවල සාහිත්‍යමය අගය පිළිබ`දව කරුණු දක්වමින් එතුමා කරන පහත ස`දහන අප ප‍්‍රස්තුතයට අතිශයෝපකාරී වෙයි. ‘‘... පුරාණ ම අලංකාරවාදියෙකු වන දණ්ඞීන්ට අනුව පවා අලංකාරවල අරමුණ නම් රසය තීව‍්‍ර කිරීමයි. අප කවීන් දැන හෝ නොදැන අලංකාර පරිහරණය සම්බන්ධ ආනන්දවර්ධනයන්ගේ ප‍්‍රබල මූලධර්ම භාවිතයට යෙ¥ බව පෙනෙයි. අලංකාර පරිහරණය කළ යුත්තේ උචිතානුචිත විවේක බුද්ධියෙනි. එනම්, ඒවා නිරතුරු මතු කොට දැක්විය යුතු ප‍්‍රධාන තේමාවට අනුකූල කොට යෙදිය යුතුයි. තවද යොදන ලද අලංකාරය මූලික අදහසේ අවශ්‍යතාවන්ට උචිත විය යුතුයි. ඒවා උවමනාවට වඩා සවිස්තරව හෝ බහුලව නොයෙදිය යුතුයි. කැටපත් පවුරෙහි ගී ලියූවන් අතර අලංකාර සම්බන්ධ මේ සදුපදේශ උල්ලංඝනය කොට තිබෙන්නේ ඉතා ස්වල්ප දෙනෙකුන් පමණි.’’
මාර්ටින් වික‍්‍රමසිංහ සීගිරි ගී ස`දහා ඇසුර ලැබූ ආකාරය දක්වන්නේ මෙසේ ය. ‘‘අලංකාරවාදයට හෝ සංස්කෘත කාව්‍යයට හෝ වහල් නොවූවන්ගේ රමණීය පi සීගිරි බිත්තියෙහි පුරාණතම ගී අතර දක්නා ලැබෙත්. අපට දැනට ලැබී තිබෙන සිංහල පiය අලංකාර ශාස්ත‍්‍රයට නොව එහි නිස්සාර අංගයක් වන අලංකාරවාදයට වහල්වූවන්ගේ රචනයකි’’ අලංකාරවාදය වැනි සංස්කෘත විචාරවාදයන්ට වහල් නොවූ රචනා පැරණි සීගිරි ගී අතර දක්නට ලැබෙන බව වික‍්‍රමසිංහ පවසයි. එහෙත් දැනට ලැබී තිබෙන පi අලංකාරවාදයට වහල් වූවන්ගේ රචනා බව අවධාරණය කරයි.
ආනන්ද කුලසූරිය මහතා සිංහල සාහිත්‍යය -1 හි දක්වන්නේ මෙවන් අදහසකි. ‘‘මේ ගීවලින් උසස් කවිත්වයක් හෙළි වේ. සීගිරි ගී ලියූ කාලයෙහි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය මෙරට උගතුන් නොදැන සිටියහ’යි නිගමනය කළ නොහැකි ය. එහෙත් මේ කවීන් කෙරෙහි එබ`දු දැනුමක් කොතෙක් දුරට බලපා ඇද්දැයි කිව නොහැක්කේ ය. සීගිරි ගී පෙළ සමස්ත වශයෙන් සලකන කල්හි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සිංහල කවීන් කෙරෙහි බලපෑ බවක් නොදැක් වේ.’’ මේ අනුව සීගිරි ගී රචනා කළ අවධියේ මෙරට කවීන් සකු අලංකාර පිළිබ`දව දැන සිටි බවත්, සමස්ත නිර්මාණයන් ම තත් ආභාසයෙන් සිදු නොවුණු බවත් පැහැදිලි වේ.
ස.ජ.සුමනසේකර ‘‘සකු කවි සමය අනුව යමින් ලියූ ගී මෙන් ම හෙළ ආර රකිමින් ලියූ ගී ද සීගිරි පiයන් අතරින් පතර දුටුව හැකි ය’’ යනුවෙන් ස`දහන් කරයි.
පුංචිබණ්ඩාර සන්නස්ගලයන්ගේ අදහස ද විමසීම විටියි. ‘‘සංස්කෘත සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයෙහි පiය හැඩවැඩ කළ අංග දෙක ඡුන්දස් හා අලංකාරයි. එයින් බොහෝදුරට සීගිරි ගී පෝෂණය ලබා ඇත. සංස්කෘත කාව්‍යාලංකාර සිංහල පi කලාවේ අභිවර්ධනය ඇති කළ අයුරු දැනගැනීමෙහිලා සීගිරි ගී අපට උපකාරවත් ය’’
ජී. එස්. බී. සේනානායක සීගිරි ගී රචකයින් ලැබූ ආභාසය පිළිබ`දව දක්වන්නේ මෙවන් අදහසකි. ‘‘සීගිරි ගීවල රචනා විලාසය හා ප‍්‍රකාශිත අදහස් විමසා බලන විට පෙනී යන්නේ ඒ කවීන් අතර විවිධ මට්ටම්වල අය විසූ බව ය. ඔවුන්ගෙන් ඇතැමෙකු දේශීය අලංකාරවලින් තම ගී පෝෂණය කරගෙන තිබෙන අතර ඇතැමෙකු භාරතීය අලංකාරයෙන්- විශේෂයෙන් රත්න ශ‍්‍රී ඥානගේ කාව්‍යාලංකාර වැනි කෘතිවලින් ආභාසය ලබාගෙන තිබෙන බවට සාධක එළවිය හැකි ය.’’
සීගිරි ගී දේශජ කවිත්‍වයක් පිළිබිඹු කරන බව වි.ජ.මු. ලොකුබණ්ඩාර පවසයි. ‘‘සීගිරි කවීන් සාටෝපවත් සංස්කෘත කාව්‍ය රීතිය බැහැර කර එසමයේ පැවති ස්වාධීන කාව්‍යරීතියක් අනුදත් බවට ඔවුන්ගේ නිර්මාණවලින් ලැබෙන සාක්‍ෂ්‍යය අපමණ ය. කව්සිළුමිණ, සසදාවත, මුවදෙව්දාව යන ගී කාව්‍යත‍්‍රය බිහිවන සමය වන විට සංස්කෘත කාව්‍යාලංකාර ගුරුකොට ගැනීමත්, ඒවා තමන්ගේ කෘතිවලට අබරණ සේ සැලකීමත් එදා කවීන්ගේ අභිමතය විය. සීගිරි කවියා ඒ මගින් ඈත්වූවෙකි. සමහර තැනෙක ඉ`දහිට ගතානුගතික උපමා රූපක භාවිතයට ගෙන ඇති නමුත් පොදුවේ සලකන කල ඔහුගේ සමස්ත නිර්මාණ කාර්යය ම නිර්ව්‍යාජ දේශජ කවිත්ත්වයක් පිළිබිඹු කරයි.’’
යථෝක්ත සුධීන්ගේ අදහස් පිළිබ`ද විමර්ශනාක්‍ෂියෙන් බලන විට පැහැදිලි වන්නේ සීගිරි ගී රචකයන් සංස්කෘත කාව්‍ය සාහිත්‍යයෙන් ද, දේශීය සාහිත්‍යයෙන් ද යම් පිටිවහලක් ස්වකීය රචනයන් ස`දහා ලැබූ බවයි. ඒ අනුව සීගිරි ගී මූලික වශයෙන් කාව්‍ය සම්ප‍්‍රදායයන් දෙකකට අයත් සේ සැලකිය හැකි ය.
1ග සම්භාව්‍ය කාව්‍ය සම්ප‍්‍රදාය
2ග ජනකාව්‍ය සම්ප‍්‍රදාය
වශයෙනි.
ක‍්‍රි.ව. 06 වන සියවසේ සිට 11 වන සියවස අතර කාලයට අයත් පi සීගිරි ගී අතර වෙයි. මෙම පi රචනා කිරීමේදී අප කවීන් රසවාදය, අලංකාරවාදය, ධ්වනිවාදය වැනි සංස්කෘත විචාරවාදයන්හි සිද්ධාන්ත පිළිබ`ද මනා අවබෝධයක් ලබා සිටි බවට නිදසුන් රාශියක් කැටපත් පවුරේ ඇත. ඇතැම් විට සීගිරි කවීන් එම පොතපත පරිශීලනය නොකළා විය හැකි ය. කෙසේ වුවද යථෝක්ත විචාරවාදයන්ට අයත් රචනා මෙන්ම සංස්කෘත සාහිත්‍ය කෘතීන්හි එන කාව්‍යමය සංකල්පනාවන් ශ‍්‍රවණයෙන් විරචිත රචනා ද සීගිරි ගී අතර වන හෙයින් එම පද්‍ය සම්භාව්‍ය හෙවත් විදග්ධ කාව්‍ය සම්ප‍්‍රදායේ නොම`ද ආභාසයෙන් පෝෂණය වූ බව ස`දහන් කිරීම සහේතුක ය.
දණ්ඞීන් විසින් විරචිත කාව්‍යාදර්ශයේ කාව්‍ය ශෝභාමත් කරන ධර්ම වශයෙන් සැලකෙන අලංකාර පිළිබ`ද සීගිරි කවීන් මනා වැටහීමකින් යුක්ත වූ බවට සීගිරි ගී සාක්‍ෂ්‍යය සපයයි. සංස්කෘත අලංකාර ග‍්‍රන්ථවල ද, සියබස්ලකරේ ද දැක්වෙන අලංකාර අතුරින් කිහිපයකට ම නිදසුන් සීගිරි ගී වලින් සැපයිය හැකි ය. උපමා, රූපක ඒ අතරින් ද අප කවීන්ගේ සිත්ගත් ප‍්‍රධාන අලංකාරයන් ය.
‘‘තොප නුයුන් මහනෙල් බ(න්දු* ව (ද*
තොල් සිනා (ෙ*කාන්ද්
ගමන(හ* සකත මෙනි ගත
දිගැසිනි ලද වී සිනා’’
තොප නෙත් මහනෙල් වැනි ය. දෙ අදර බ`දුවදමල් ය. සිනාව කො`දමල් වැනි ය. ගමන හංස ධේනුවක මෙනි. දිගැසිය ඔබ නෙතින් මට සිනාවක් ලැබිණි. සීගිරි කතුන්ගේ බැල්ම සිනහවක් බව මේ කවියා කියයි.
භාමහ ආදි ආලංකාරිකයන් අර්ථාලංකාර අතර ප‍්‍රමුඛව දැක්වූවකි, රූපකය. කාව්‍යයේ පදනම වන්නේ රූපකයයි.
‘‘කිමිජ (බ*රවිල්හි අත්යුගලෙන් ඉහිලී
ගෙලෙ ල විජලී (නි*ව ගිම් දිව අස (මෙ*හි ආ’’
විදුලිය ගෙල වටා පැළ`දගෙන මේ දිව්‍ය අප්සරාවන් මේ සමීපයට පැමිණ ඇති බව මෙයින් රූපකාර්ථවත්ව දක්වා ඇත.
සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායට අයත් වෙනත් අලංකාර ද සීගිරි ගී අතර භාවිත කර ඇත. කාව්‍යය යනු අලංකාර හේතුකොටගෙන සිද්ධවන්නක් බැවින් අලංකාර බහුලව භාවිත කිරීමත්, විවිධ අලංකාරෝක්තීන්ගේ උපයෝජනයත් කාව්‍යය විෂයෙහි අලංකාරවාදීන් අගය කළහ’යි නිගමනය කළ හැකි ය. සීගිරි කවීහු ද සෑම අවස්ථාවක ම පාහේ ස්වකීය රචනාවන් අලංකාරෝකිතීන්ගේ බහුවිධාලංකාරයන්ගෙන් සෝභමාන කළහ.
ඇතැම් භාරතීය ආලංකාරිකයන්ට අනුව සියලූ අලංකාරයන්ගේ ප‍්‍රාණය වශයෙන් සැලකෙන අතිශයෝක්තිය සීගිරි ගී රචනා කිරීමේදී ද දැන හෝ නොදැන භාවිත කර ඇත.
‘‘යජත් සෙමෙන් තිදස් පුර
උසුලය් සිහිගිරි
ගිරි රජ් අයසින් ඉති
රිජිනි ජොය් නිවි ගිගිරි’’
තිදසපුරය මහාමේරුපර්වතය විසින් ඔසවාගෙන සිටින බව කවිසමයාගත ප‍්‍රවාදයකි. මෙයින් කියැවෙනාකාරයට මහාමේරුපර්වතය තම බර ඉසිලීමට සීගිරියෙන් අයදියි. සීගිරිය මහාමේරු පර්වතය දරමින් ‘‘ගිරි රජ මෙ සේ රිදුණේ ආයාසයෙන් දෝ’’ යි අසා ගිගුරුම් නැවතීය. සීගිරිය මහමෙර පරයා සිටි බව පැවසීම ම අතිශයෝක්තියකි. සීගිරියේ ප‍්‍රතාපවත් අනභිභවනීය ස්වභාවය පළට කිරීම මෙම කවියාගේ අරමුණ විය.
සීගිරිගාමීහු ස්වභාවෝක්ති අලංකාරයෙන් ස්වකීය සංකල්පනා සැරසූහ. ‘‘ස්වභාවොක්තිශ්චජාතිශ්චෙත්‍යාiා සාලංකෘතිම් යථා’’ යන්නෙන් පැවසෙන්නේ ජාති, ද්‍රව්‍ය, කි‍්‍රයා, ගුණ ආදීන්ගේ ස්වභාවය වර්ණනා කෙරේ නම් එය ස්වභාවෝක්ත්‍යලංකාරය බවයි. ‘තොප නුවන්හි මාණික්‍යමය පහණින් කඩා හැලෙන පැහැය දිස්වෙයි. එසේ ස්වභාව විහිදුවීම තොප විසින් කරන ලද්දක් නොවේ. එහෙයින් තොපගේ දිව්‍යමය ස්වභාවය දකිම්’ යනුවෙන් අරුත් දෙන පහත ගීය ස්වභාවෝක්ත්‍යලංකාරයට මනා නිදර්ශනයකි.
‘‘තොප නුයුන මිනිවිට්නි
වැම්හෙන පැහැ දිසෙයි
නොකෙළෙ ත(ම*න් තෙ(මම්*
එන් ඉන් දනිමි තොප සුර බව’’
කාව්‍යාදර්ශයේ අර්ථාන්තරන්‍යාසාලංකාරය හ`දුන්වා ඇත්තේ යම්කිසි පුවතක් ඉදිරිපත් කර එය මනාව ගැලපීම ස`දහා යෝග්‍ය, පොහොසත් පුවතක් කියයි නම් එය අර්ථාන්තරන්‍යාසය යනුවෙනි. ඒ බව,
‘‘ඥෙයඃ සොර්ථාන්තරන්‍යාසො
වස්තු ප‍්‍රස්තුත්‍ය කිඤ්චන
තත් සාධන සමර්ථස්‍ය
න්‍යාසො යො’න්‍යස්‍ය වස්තුනඃ’’
පළමුව කිසියම් පුවතක් ඉදිරිපත් කර එය මැනවින් සිතට කාවදින සේ පිටස්තර සිද්ධියක් ආශ‍්‍රයෙන් දැක්වීම අපේක්‍ෂිත ය. සියබස්ලකරකරුවා එය මෙසේ දක්වයි.
‘‘අතතුරු නැසුම් නමෙ
ලවා යම් වතෙ’සා හත්
පොහොසත් වතුන් දක්වා
කියත් මේ අට සේ වේ’’
යම් ප‍්‍රස්තුත වස්තුවක් රූපණය කොට, එය සාධනය කරනු පිණිස අන්‍ය වස්තූන් නිදර්ශන වශයෙන් ගෙන කරනු ලබන වර්ණනය අර්ථාන්තරන්‍යාසාලංකාර නම් වෙයි. සීගිරි කවීහු දුලබව මෙම අලංකාරය භාවිත කළහ.
‘‘නො(ව*න්නො ද පලූදු
ගුණවජ් (ෙ*නා වරග්න(න්*
නොසිටිය ෙ(ව* දි හැද
සමු-(2*-න්‍ද කළ පුන්ස`දැ උදායෙ’’
ස`ද පායන විට සයුර වඩදිය ඇති වන්නා සේ මේ කතුන් දැකීමෙන් පේ‍්‍රම සහගත හැ`ගීම් කුල්මත් වන්නේ ය. සීගිරි බිත්තියෙහි චිත‍්‍රණය කරැුති කතුන්ගේ දර්ශනමාත‍්‍රයෙන් ගුණවතුන්ගේ පේ‍්‍රමණීය හැ`ගීම් කුල්මත් වන්නේ ස`ද පායන විට සයුරෙහි වඩදිය ඇතිවන ආකාරයෙන් බව අප කවියා පවසයි.
සීගිරි කවීහු විරෝධාලංකාරය ද ස්වකීය කාව්‍යකරණයෙහිලා උපස්ථම්භක කර ගත්හ. යම්කිසි විරුද්ධ අදහස්වලට එකතුවක් දක්වන්නේ නම් එය මෙනමින් හැ`දින්වෙන බව,
‘‘විරුද්ධානාං පදාර්ථානාං
යත‍්‍ර සංසර්ග දර්ශනම්’’
යම් එක ම ස්ථානයක විරෝධ වස්තුවකගේ පේ‍්‍රක්‍ෂාව පිණිස විරෝධ පදාර්ථයන්ගේ සංසර්ගය වේ නම් ඒ විරෝධාලංකාර වශයෙන් සියබස්ලකරෙහි දැක් වේ.
‘‘තැනෙක්හි එක් යම්
විරුදු පද අත් සස`ගක්
දසුන් වත් විරුදු වත්
විරුදු නම යෙත් හෙ මෙසේ’’
සීගිරි කාන්තාවගේ ස්වභාවය සහෘද භාවමණ්ඩලය ප‍්‍රභාශ්වර වනාකාරයෙන් රචිත මෙම ගීය එය මොනොවට පැහැදිලි කරන්නකි.
‘‘වැනි වැ තම දස් වී
ඇති ද සිත තද වන්නෙයි
තද සිත හොද ඇති මෙයහි
සිතින් නො තොර් වන්නෙයි’’
කෙනෙකු සීගිරි ලියගේ දාසයෙකු වී ඇත. එහෙත් ඇගේ සිත දැඩි ය. ඇගේ සිත දැඩි වුවද කෙනෙකුගේ සිතින් ඉවත් නොවන බව පැවසීමෙන් විරුද්ධාර්ථයන්ගේ එකතුවක් වෙයි. කවියා අපූර්වත්ත්වයෙන් එම අදහස කවියට න`ගා ඇත.
ප‍්‍රාණවාචී, අප‍්‍රාණවාචී කවරක හෝ පිළිවෙළ, පැවැත්ම අනෙක් සැටියකින්, පිළිවෙළකින් දක්වන්නේ නම් එය උත්ප්‍රේක්‍ෂාලංකාරය සේ කාව්‍යාදර්ශයේ දක්වා ඇත.
‘‘අන්‍යෙථෙව ස්ථිතාවෘත්තීස-
ශ්චේතනස්‍යෙතරස්‍යවා
අන්‍යථොත්ප්‍රෙක්‍ෂ්‍යතෙ යත‍්‍ර
තාමුත්පේ‍්‍රක්‍ෂාං විදුර් යථා’’
සියබස්ලකරේ මෙය ‘අයල සිත්’ යටතේ දක්වන්නේ ද කාව්‍යාදර්ශයේ අදහසකි.
‘‘සසේනි වත් හෝ
පැවැතුම් අන්හු අන්සේ
විකපත් හොත’න් සෙයිනුදු
අයල සිත් යෙත් හෙ මෙසේ’’
‘තරල්පාවැසි සිරිනා’ නමැති පැවිද්දාගේ ගීය උත්පේ‍්‍රක්‍ෂාලංකාරවත් ය. අන්ත:පුරවාසී කාන්තාවන් ‘අපි රජු නැති කල අන්ත:පුරයෙන් පිට නොයමු’යි සිතති. එහෙත් දැන් රජු මියගොස් ය. එහෙයින් බියවිය යුත්තක් නොමැත. එහෙයින් ස්වකීයාභිමතානුකූලව හාත්පස සිරි නැරඹිය හැකි ය. ඒ බව,
‘‘නිරිද් සිරැු සිටැ බැහැරට්
නො(ෙ*ම යම පරවිටි
එවන් වී නැවතැ බලමි(න්*
සිටියවුන් වැන්නො’’
සංස්කෘත අලංකාර අතර එන ආක්‍ෂේප අලංකාරය පිළිබ`දව ද සීගිරි කවීන් දැන සිටි බවට සාධක වෙයි. අදහසෙහි වැළකුම ආක්‍ෂේපයයි.
‘‘ප‍්‍රතිෂෙධොක්තිරාක්‍ෂේප
ස්ත්‍රෛකාල්‍යා’පෙක්‍ෂයාති‍්‍රධා
අථ’ස්‍ය පුනරාක්‍ෂෙප්‍ය
භෙදානන්ත්‍යාදනන් තතා’’
ආක්‍ෂේප යනු ප‍්‍රතිෂේධයයි. එය කාල වශයෙන් ත‍්‍රිවිධ වන බව ද, වැළකිය යුතු වස්තූන්ගේ හේතුවෙන් අනන්ත වන බව ද සියබස්ලකර කතුවරයා දක්වන්නේ මෙපරිද්දේනි.
‘‘අකෙව් නම් පිළිසෙව්
හේ කල් විසින් තුන් සේ
වැළකුම්වතින් හේ නිදු
හෙ මේ මෙ අනත මේ ගින්’’
සීගිරි අප්සරාවන් ‘විජුර්’ නමැත්තා හා කිසි වදනක් නොබිණූ හෙයින් ඔහුට සිත් තැවුල් ඇති වෙයි. එකල්හි කුමුදු මලින්, පිණි බි`දුවෙන්, ස`ද රැුසින් ඔහු සිදුවූ වරදක් නොදකියි.
‘‘කුමුන්ද් පිනි බින්ද් සන්ද්මෙරෙජින්
ජත් වරජ් නැත
ඔවුන් ම හය් (බසක්* නොමෙ බිණියෙන්
ළ තැව්ලි වත’’
මෙම වස්තූන්ගෙන් ශෘංගාරය ජනනය වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ ශෘංගාරය අසාර්ථක වූ කල්හි එයින් ඇතිවන සිත් තැවුල එම දේවලින් ඇති වූ බව සිතීම තරුණයන්ගේ සිරිතයි. අර්ථාලංකාරය මතු නොව අනුප‍්‍රාසාත්මක භාෂායෝජනයෙන් ශබ්දාලංකාරෝද්දීපනයට ද කවියා දක්වා ඇති පටුත්‍වය ප‍්‍රශංසාර්හ ය.
කි‍්‍ර.ව. 09වන සියවසේ ආනන්ද වර්ධන විසිින් සකස් කොට ඉදිරිපත් කරන ලද ධ්වනිවාදය සීගිරි කවීන් දැන සිටි බවට ද , එය ඔවුන් කෙරෙහි බල පෑ බවට ද සාධක රාශියක් සීගිරි ගී අතර වෙයි. ධ්වනිවාදයෙන් මූලික වශයෙන් අදහස් කෙරෙනුයේ කාව්‍යයක රසය වාච්‍යාර්ථයෙන් නොව ව්‍යංග්‍යාර්ථයෙන් දැක්විය යුතු බවයි.
‘‘ පිරිබුන් සනා බලයි (ත අ*ස
ලි උඞ්හුර් ලයි
ගළවයි හිණින් පිළිබිණි යැ තො
(නො* මෙය් නො(දි*ටුවන්’’
කවියාගේ වාච්‍යාර්ථය අභිභවාගෙන මතුවන්නේ ව්‍යංග්‍යාර්ථයයි. කාන්තාවක් ස්වකීය හිනපිළි වුනාගෙන තරුණයකු අභියස කෙදිරිගෑමෙන් ධ්වනිත වන්නේ තරුණිය තරුණයාගෙන් කරන්නා වූ කිසියම් ආකාරයක ආයාචනයකි. එහෙත් එම ආයාචනය පිළිබ`ද නොසලකා, ඉවත බලා සිටිනුයේ දැඩි සුචරිතවාදියකු වීම නිසා හෝ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට නොදත්තෙකු නිසා හෝ විය හැකි ය. තව ද, කාන්තාවගේ කි‍්‍රයාවත්, තම මිතුරා එයට දක්වන ප‍්‍රතිචාරයත් දුටු කවියා තුළ මිත‍්‍රයා කෙරෙහි හටගත් ද්වේශය ද, එබදු අවස්ථාවක් තමාට නොලැබීම හේතුකොටගෙන හටගත් සංතාපය ද මෙම පද්‍යයෙන් ධ්වනිත වන අනෙක් අර්ථයයි. සීගිරි කැටපත් පවුරේ ගී ලිවීමේදී පැවති සීමිත ඉඩහසර හේතුවෙන් තමන් භාවිත කළ වචනවලින් ඍජුව යමක් නොපවසා කාව්‍ය සංකල්පනා රාශියක් ධ්වනිත කරන්නට කවීන්ට සිදු විය. එහෙයින් ව්‍යංග්‍යාර්ථවත් පද්‍ය රාශියක් කැටපත් පවුරේ ලියවෙන්නට වූ බවට ද අනුමාන කළ හැකි ය.
සීගිරි කවියා සම්භාව්‍ය කාව්‍ය සම්ප‍්‍රදායෙන් ආභාසය ලද බව පෙන්වන පද්‍ය කෘතීන්ගෙන් ද ආභාසය ලද බවට ද සාධක වෙයි. විශේෂයෙන් කාලිදාසයන්ගේ මේඝ¥තයේ ආභාසය පෙන්වන පiයක් වශයෙන් දැක්විය හැකි ගීයක් සීගිරි පi අතර වෙයි. වියෝ වූ ලියක වෙත යවන පණිවිඩයක් ස්වරූපයෙන් රචිත මෙම පiය කාලිදාසයන්ගේ මේඝ¥තයේ එන චේතනාවම බව පරණවිතානයන්ගේ මතයයි.
‘‘වන්දිම් හිමි වලා තො ගොසින් ඇය
නෙවෙස්නට
පිරිබුන් පගා මලයුන දිවොට
නො හදහව කිය කියයි’’
මෙම කවියා පිරිහුණු ධෛර්යය ඇති, මැළවුණු දිව හා තොල් ඇති, තම පෙම්වතියට තමා කෙරෙහි විශ්වාසය තබන ලෙස පවසන්නැයි වලාකුළකින් අයදියි. මෙයින් කාලිදාසයන් මේඝ¥තයෙන් කළ මූලික කාර්යය ම සිදු කෙරෙයි. එහෙයින් එය මේඝ¥තයේ ආභාසයෙන් ම නිර්මාණය වූවා විය හැකි ය.
තව ද, සංස්කෘත කවිසමයේ හා හින්දු විශ්වාසයන්හි ආභාසය ද සීගිරි කිවියෝ ස්වකීය කාව්‍යකරණයෙහිලා උපස්ථම්භක කර ගත්හ. තමා දුටු සීගිරි ලිය තමා අබිමුව ශි‍්‍රයාකාන්තාව තැබුවාක් මෙනැයි එක් කවියෙක් දකක්වයි.
‘‘සුනිල් බැමැ තන හස් මිතිකළ
ඉගක් පළමුව
කළ වන් තො(ල්* සැබැවින
රැු(පැ*සිරි ඔත්වනින් යොමුවැ’’
‘සුනිල් බැම, තනහස, සිහින් ඉ`ගටිය, පබලූමය තොල් යන මේ සියල්ල නිසා සැබැවින් ම ශි‍්‍රයාකාන්තාව (තමන්* අබිමුව තැබූ විලසක් පළ කළේ ය’ යනු මෙහි අදහසයි. සකු කවිසමයේ සහ හින්‍දු සමයේ එන ආකාරයට විෂුණුගේ බිරි`ද වන ශි‍්‍රයාකාන්තාව රූමත් ය. සෞභාග්‍යයට ද අධිපති වන්නී ය. සීගිර කවියා සම්භාව්‍ය කාව්‍ය සම්ප‍්‍රදායෙන් ඔපවත්ව ස්වකීය රචනාවන් කළ බව මෙවැනි අදහස්වලින් පැහැදිලි වේ.
දෙවනුව, සීගිරි ගී රචකයන් ස්වකීය කාව්‍යකරණය ස`දහා දේශීය ජනකාව්‍ය සම්ප‍්‍රදායෙන් යම් ආභාසයක් ලබා ඇද්ද? යන්න විමසිය යුතු ය. මෙම ලිපියේ ආරම්භයේ ස`දහන් කරැුති ආකාරයට ඇතැම් විචාරකයෝ සීගිරි ගීවල දේශීය සම්ප‍්‍රදායයේ ප‍්‍රභාව ම දකිති. මෙම මතය සාධනය කිරීමට තරම් ප‍්‍රාමාණික සාධක ද සීගිරි පi අතර වන බව අපගේ අදහසයි. එසේ වුවද, සම්භාව්‍ය සම්ප‍්‍රදායයෙන් මෙන් ම දේශීය ජනකාව්‍ය සම්ප‍්‍රදායයෙන් ද සීගිරි ගී කරුවා ආභාසය ලැබූ බව පැවසීම සහේතුක ය.
සීගිරියේ බොහෝ පද්‍ය රචනා කරන ලද්දේ එතරම් උගත්කමක් නොවූ ගැමියන් විසිනි. සීගිරි ගී ගැමියන්ගේ සරල රචනාවන් ය.මහත් වූ ආයාසයෙන් පද ගලප ගලපා අවබෝධ කරගත යුතු පද්‍ය සීගිරි කැටපත් පවුරේ අතිශයින් දුර්ලභ වූයේ එහෙයිනි. සිත් ගන්නා සුලූ යමක් දැකීමෙන් හටගත් හැගීම් අව්‍යාජව, අද්භූත ස්වරූපයෙන් වියුක්තව ඉදිරිපත් කිරීම ගැමියන්ගේ සිරිතයි.
‘‘(නැත්ත*ක් නොකීම් මා
ඇති බැවින් ම ඇස්හි දිසි
තමා මෙ(ග*ල් බෙ(ය*න්ද්
ගොස් නැති ද ඇති ද බලය් ග(න්*’’
සීගිරි පර්වතයට නැගි කවියා එහි සිරි යථා ස්භාවයෙන් ම පවසයි. එහි සත්‍යාසත්‍යතාව අන් අයට ද එහි ගොස් ම ප‍්‍රත්‍යක්‍ෂ කර ගන්නා මෙන් ඔහු අයදියි. මෙවැනි නිර්ව්‍යාජ කාව්‍යයන් වඩාත් සමීප වන්නේ ජන කාව්‍ය සම්ප‍්‍රදායට ය.
විසෙසින් ම සීගිරි කවියා විසින් ස්වකීය රචනාවන් සුපෝෂණයෙහිලා උපමාව සුභාවිත ය. තම නෙත ගත පින වූ රූබර ළ`දුන්, අවට පරිසරය වර්ණනයේදී බහුලව භාවිත කර ඇත්තේ දේශීය උපමා ය. තමා අවට පරිසරයෙන් සොයාගත් උපමාවන්ගෙන් ඔවුහු කාව්‍ය ශරීරය සැරසූහ. එක ම කොමඩු ගෙඩියක් ගෙන එහි විවිධාංග සීගිරි ලියකගේ සිනාවට සම කළ ආකාරය හුදෙක් ජනකවි සම්ප‍්‍රදාය මතු කරයි. ඇගේ කෝමල සිනහව කොමඩු මදයක ඇට පෙළට සමාන ය. ප‍්‍රිය වචන එහි මදය මෙන්ම මිහිරි ය. ඇගේ දීර්ඝ ඇස් කොමඩු ගෙඩියේ පිට පොත්ත වැනි ය. ඇය මසිත දල්වයි. මා අතහැර නොයයි. ඒ බව,
‘‘කොමුල් අමඞ් ලෙඞ් ලිනසි
එබොන්ද් මියුර් යහ බැසි
එකපල්දලවන් දිගැසි
මන ජල්වය් සිත් නොමුසි’’
වියලි කලාපයේ පිහිටි සීගිරිය අවට පරිසරයේ කොමඩු බහුල ය. වියලි කලාපික ජනයාට කොමඩු ගෙඩියෙහි විවිධාංග මනාව හුරුපුරුදු ය. ඒ ඇසුරින් සකසා ගත් උපමා පද්ධතිය නිවහල් දේශජ කවිත්‍වය ප‍්‍රකට කරන්නේ ම ය.
බොහෝ අවස්ථාවනහි සීගිරි කවියා දේශීයත්ත්වය ම හුවාදැක්වීමේ ප‍්‍රශස්ත ප‍්‍රයත්නයක නියැළෙයි.
‘‘නිල්ක(ට්*රොළ මලෙකැ ඇවුණු
වැට්කොළ මල සෙය්
සැන්‍දැගැ සිහි වෙන්නෙය්
මහනෙල්වන (හ*ය් රන්වන හුන්
නිල් කටරොළු මලෙක දැවටුණු වැටකොළු මලක් මෙන් මානෙල් මලක වර්ණයෙන් යුත් තැනැත්තිය සැ`දෑ සමය එළඹෙත්ම සිහියට නැගෙන බව කවියා කියයි. කටරොළු මල නිල්පාට ය. කවිසමයට අනුව නිල් යනු කාල වර්ණය සේ ගත හැකි ය. කවිසමයේ කාලවර්ණයක් නොස`දහනි. නිල් මානෙල් සමාන වර්ණයෙන් යුත් කාලවර්ණ කාන්තාවන් අග්බෝ නමැති කවියා නිල්කටරොළු මලට සම කරයි. වැටකොළු මල ලා කහපාටින් යුක්ත ය. එය ස්වර්ණවර්ණ ය. රන්වන් කාන්තාවන් වැටකොළු මලට උවම් කරයි. එසේ ම වැටකාළු හා කටරොළු දෙවගම වැල් වර්ග ය. කාන්තාව ද ලතාවකට, වැලකට උවම් කිරීම සාම්ප‍්‍රදායික ය. සීගිරි බිතුසිතුවම්හි නිරූපිත කාන්තාවන් දේශීය පරිසරබද්ධ උපමාවන්ගෙන් පොබවමින් කරන වර්ණනය කාව්‍ය ප‍්‍රතිභාව පළට කරන්නක් වශයෙන් ස`දහන් කළ හැකි ය.
‘‘වලූ බරලූ මුකරුස් සිටින වන්
විල (නො* අසල
අසල ගෙය තිබි ද අසද්දනි
නටබිත ගතු වී (මෙ*’’
පැවිද්දෙකු විසින් විරචිත මෙයින් කාන්තාවන් පුවක් ගසකට උපමා කරයි. පුවක් ගස ජලාශ‍්‍රිතව තිබිය යුතුවාක් මෙන්, කාන්තාවන් ද සිටිය යුත්තේ නිවෙස් තුළ ය. මේ කාන්තාවෝ නටබුන් බිත්තිය තම නිවෙස්න කළාහු ය. එහෙයින් ජලාශ‍්‍රිත පෙදෙසකට දුරින් වැවෙන පුවක් ගසකට ඔවුන් උපමා කිරීම යෝග්‍ය සේ හැගෙයි. මෙවැනි කාව්‍යමය සංකල්පනාවන් දේශීය ස්වරූපය විදහා දක්වන පැරණි සිංහල ජනකාව්‍ය සම්ප‍්‍රදායේ නොමද ආභාසය පෙන්වන සාධක ලෙසින් අගය කළ හැකි ය.
තව ද, පැරණි සිංහලයන් අතර සම්භාවිත වූ අලංකාරයක් වශයෙන්් උබය-බස් ලකර හෙවත් උභය භාෂාලංකාරය දැක්විය හැකි ය. සංස්කෘත ආලංකරිකයන් විසින් මෙනමින් යුත් අලංකාරයක් ගැන ස`දහන් කරනු නොලැබෙන බව විචාරක මතයයි. එහෙයින් මෙය ද ජනකාව්‍ය සම්ප‍්‍රදායේ, දේශීය කාව්‍ය සම්ප‍්‍රදායේ නියෝජනයක් වශයෙන් ගත හැකි ය.
‘‘දෙවියනි මෙවැනි එක සුකක් ඇති කරනු
දෙඅත් වටැ පළ මය රු සුක රුකුරුවනු
තොල් (ජැ* හැ (යනු* කොට් මින්‍දිබිය කුරුර වනු
බොටුමල් බලය් සුකනු තය් යහපත් වනු ’’
මෙය දෙබසක ආකාරයෙන් රචනා වුවකි. අර්ථය මෙසේය.
දෙවියනි! මෙවැනි තැනැත්තියක සම`ග සැපතක් ඇති කරන්න.
දෙ අත් වටා පළ වූ මගේ රූපයෙහි ආස්වාදය විදින්න.
දෙතොල් හැර දමා යෑමට (මා පෙළඹ වු* අහංකාර ස්ත‍්‍රීය කුරිරු වන්නීය.
ගෙල වටා වූ මල් බලා ආස්වාදය ලබන්න. තොපට යහපතක් වේවා.
කසබල් ඈපාණන්ගේ පෞද්ගලික ලේකම් වූ සගල් නමැත්තා හා සීගිරි කාන්තාවක අතර වූ සංවාදයක ස්වරූපයෙන් විරචිත මෙයින් සගල් නැමැති කවියාගේ අදහස පිළිබිඹු වෙයි. මෙවැනි කාව්‍ය ජන කාව්‍ය සම්ප‍්‍රදායේ දැකිය හැකි ය. එහෙයින් තත් ආභාසයෙන් විරචිත වූ පiයක් ලෙසින් සැලකිය හැකි ය.
කලාකාමී නිරිෙ`දකු වූ සීගිරි කාශ්‍යපයන් විසින් නිර්මිත ආරක්‍ෂක බලකොටුවක්, කලා නිකේතනයක් වශයෙන් සීගිරිය හැ`දින්විය හැකි ය. එහි සිරිය වර්ණනය කරමින් ගී ලියුවන්ගේ නිර්මාණ සමස්තයක් වශයෙන් ගත් කල සන්නස්ගල දක්වනාකාරයට සංස්කෘත අලංකාරයන්ගෙන් පමණක් ද, වි.ජ.මු ලොකුබණ්ඩාර දක්වන සේ හුදු හෙළ ආරින් පමණක් ද, ආනන්ද කුලසූරිය දක්වන ආකාරයට සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සිංහල කවීන් කෙරෙහි බල නොපෑ බව ද සැලකීමට වඩා ස.ජ.සුමනසේකර, ජි.එස්.බී. සේනානායක වැන්නන් දක්වනාකාරයට සකු සම්ප‍්‍රදාය ප‍්‍රමුඛ සම්භාව්‍ය සම්ප‍්‍ර‍්‍රදායේ සහ ජනකාව්‍ය සම්ප‍්‍රදායේ නොමද ආභාසයෙන් පෝෂිත කාව්‍ය සම්ප‍්‍රදායක් නියෝජනය කරන බව පිළිගැනීම වඩාත් යුක්තියුත්ත ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment