UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිඛවළ`ද හා සිඛවළ`ද විනිසෙහි සංවිහිත භාෂා ශෛලිය හා රීති ක‍්‍රමය පිළිබ`ද මන්දාලෝචනයක්

Wednesday, December 11, 2013

සිඛවළ`ද හා සිඛවළ`ද විනිසෙහි සංවිහිත භාෂා ශෛලිය හා රීති ක‍්‍රමය පිළිබ`ද මන්දාලෝචනයක්

සිඛවළ`ද හා සිඛවළ`ද විනිසෙහි සංවිහිත භාෂා ශෛලිය හා රීති ක‍්‍රමය පිළිබ`ද මන්දාලෝචනයක් 01.1. උපසපුව ලද පැවිජ්ජා පටන් හික්මිය යුතු සරිත් වරිත් සිඛ සැඛෙවින් ඇති සිඛවළඳ සමස්ත ලෝකවාසීන්ගේ හදවත් සදහම් සිසිලෙන් සනහා වදාළ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ විසින් සහ භික්‍ෂු සංඝයා විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධය පිටකත‍්‍රයකට සමුපේතය. එනම්, ෂග සූත‍්‍ර පිටකය ෂෂග විනය පිටකය ෂෂෂග අභිධර්ම පිටකය වශයෙනි. මෙම පිටකත‍්‍රයෙන් විනය පිටකයට හිමි වන්නේ සුවිශේෂී ආස්ථානයකි. ‘‘විනය” යන ශබ්දය වි පූර්ව √නී (පාපුණනෙ - පැමිණවීමේ* යන ධාතුවෙන් පරව ‘සබ්බතෝණ්වුත්‍වාවීවා’ යන කච්චායන සූත‍්‍රයෙන් ‘අ’ ප‍්‍රත්‍ය යොදා නිෂ්පාදනය කරගත් කෘදන්ත නාමයකි.’’ මෙහිදී ‘වි’ උපසර්ගයට √නී ධාතුවේ අර්ථය පැමිණවීමෙන් ‘විනය’ යන ශබ්දය උත්පාදනය වේ. ඒ අනුව ‘විනය’ යන්නෙහි අර්ථය ‘‘විශේෂ හෝ විශිෂ්ට පැමිණවීම යන්නයි.’’ ‘විනය’ යන්න පාලි ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ අර්ථ හයකින් විස්තර කර ඇත. එනම්, ‘‘ඉවත් කිරීම, නිෂ්ප‍්‍රභ කිරීම, විනාශය, අස් කිරීම, අවබෝධය සඳහා වූ මාර්ගය, හැසිරවීම, ආචාර ධර්ම, සදාචාරය, යහපත් පැවැත්ම පිළිබඳ න්‍යාය.’’ වශයෙනි. මෙම උපහරණයන්ගෙන් ‘විනය’ යන්න පෘථුල අර්ථ පරිස්තිතීන්ගෙන් සුසමාහිත සංඝටකයන් බව වටහා ගත හැකිය. ත‍්‍රිපිටකයෙහි සුංසයෝජිත විනය පිටකය ප‍්‍රධාන වශයෙන් ප‍්‍රතීතාංග පහකට සංගෘහිතය. ෂග පාරිජික පාලි ෂෂග පාචිත්තිය පාලි ෂෂෂග චුල්ලවග්ග පාලි ෂඪග මහාවග්ග පාලි ඪග පරිවාර පාලි මෙම සංඝටකයන්හි ස්වලක්‍ෂණය වන්නේ භික්‍ෂූන් විසින් හික්මිය යුතු ශික්‍ෂා පදයන් ගෙන හැර දැක්වීමයි. භික්‍ෂු සංස්ථාවේ චිරස්ථිතිය හා ප‍්‍රගමනය මෙම විනය ශික්‍ෂා පැණවීම සඳහා හේත්වාධාර විය. එහෙත් ත‍්‍රිපිටාකාගත උක්ත දේශනා ලක්වැසියන්ට අනන්‍ය වූ හෙවත් උරුම වූ දේශනා වන්නේ ක‍්‍රි:පූ: තෙවන සියවසයේ සිදුවුණු මහින්දාගමනයෙන් පසුවය. එහිදී මිහි`දු මාහිමියෝ භාරතයේ නිපන් පෙළ අටුවා ලක්වැසියන්ගේ සුඛවිහරණය උදෙසා හෙළ’ටුවාවට ප‍්‍රතිව්‍යූහගත කරති. ‘‘මිහ`ිදු මාහිමියන් විසින් දේශීය බෞද්ධයන්ගේ ප‍්‍රයෝජනය පිණිස පාළියෙන් තිබූ අටුවා හෙළ බසට නැ`ගූ අතර ඉන් විනය ග‍්‍රන්ථයන්ට මුල් තැනක් ලැබුණි...’’ ඒ සඳහා ලක්දිව ශේෂිත පැරණිතම ලිඛිත මූලාශ‍්‍රයයක් වන සිඛවළඳ හා සිඛවළඳ විනිස කෘතිය සාක්‍ෂ්‍ය සපයයි. එම කෘතියෙන් පාලියෙන් තිබූ විනය ශික්‍ෂා ලක්දිව භික්‍ෂූන්ගේ හා ගිහි ජනයාගේ අවබෝධයට පමණක් නොව, සදාචාර වර්ධනය අරමුණු කරගනිමින් හෙළ බසට පරිවර්තනය කර ඇත. සිඛවළෙ`දන් මාතෘකා ස්වරූපයෙන් විනය පාඨ ඉදිරිපත් කිරීම සිදුකරන අතර සිඛවළඳ විනිස එම කාරණා සවිස්තරව සාකච්ඡුා කරනු ලබයි. සුධීහු ‘සිඛවළඳ’ යන පදය සිඛ+වළඳ යන ශබ්දද්වයෙහි සුසංධානයෙන් නිර්මාණය වී ඇති බව පවසති. ‘සිඛවළඳ’ යන්නෙහි නිරුක්තිය මෙලෙස ඉදිරිපත් කළ හැකිය. ශික්‍ෂා ඝ සික්‍ඛා ඝ සිඛ වලඤ්ජන ඝ වළඳ ඒ අනුව ‘සිඛ’ යන්නෙන් ශික්‍ෂා යන්න අර්ථවත් වේ. ‘වළඳ’ යන්නෙන් ‘‘පරිභෝජනය, ආලිංගනය, සලකුණ’’ ආදි විවිධාර්ථ ජනනය වේ. මීට අමතරව ‘‘පරිවර්තනය යන අර්ථය ඇති බව ගොඩකුඹුරේ මහතා පවසයි.’’ ‘‘ව්‍යාකරණ සද්දසින්‍ධු කෘතියෙහි පරිභෝජනාර්ථයෙහි යෙදෙන බව දැක්වේ.’’ ‘‘ධම්මපදට්ඨ කථාවේ ශරීර කෘත්‍ය කොට යන අර්ථය දී ඇත.’’ මෙම සමස්ත කාරණා සමෝධානයේදී සිඛවළඳ යන පදයෙහි ෂග කළ යුතු ශික්‍ෂාවන්හි අන්තර්ගතය ෂෂග විනය ශික්‍ෂා බහා තැබූ භාජනය ෂෂෂග විනය ශික්‍ෂා පිළිබඳ ලකුණ යන අර්ථයන්ගෙන් සමන්විත බව පසක් වේ. සකු, මගධ ප`ඩුවන්ගේ නියමයට අනුව කෘතියක් විමසීමේදී කරුණු පහක් විමසා බලයි. එනම් කෘතියේ නම, අරමුණ, කර්තෘ, ප‍්‍රමාණය සහ ප‍්‍රයෝජන යන කාරණාය. (සඤ්ඤ, නිමිත්තං, කත්තාරං, පරිමාණං, පයෝජනං* එම කරුණු ඔස්සේ සිඛවළඳ හා සිඛවළඳ විනිස කෘතිය මෙලෙස විශ්ලේෂණය කළ හැකිය. සංඥා - (කෘතියේ නම* සිඛවළඳ හා සිඛවළඳ විනිස නිමිත්තං - (කෘතිය ලිවීමේ අරමුණ* බෞද්ධ විනය නීති රීති සම්බන්ධයෙන් උපසම්පන්න භික්‍ෂූන් ප‍්‍රමුඛ සාමණේර හිමිවරුන්ටද, ගිහි ජනයාටද අවබෝධයක් සැලසීම හා සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීම. නැතහොත් පැවිදිව උපසම්පන්නලාභී භික්‍ෂූන් පිළිපැදිය යුතු ශික්‍ෂා සැකෙවින් දැක්වීම. කෘතිය ආරම්භයේම එන ප‍්‍රකාශයෙන් උක්ත කාරණාව ප‍්‍රත්‍යක්‍ෂ වේ. ‘‘ තුන්ලොවට උතුම් රුවන්තියා කා විසි මුනි තුන් දොරින් සකසා වැඳ උපසපුව ලද පැවිජ්ජා පටන් හික්මවිය යුතු සරිත් වරිත් සිඛ සැඛෙවින් කියන්නෙම්.’’ සිඛවළෙ`ද් එන ශික්‍ෂාවන් විස්තර කරනු ලබන්නේ සිඛවළඳ විනිස ම`ගින්ය. ඉතා කෙටියෙන් සිඛවළඳෙහි එන ශික්‍ෂාවන්හි විස්තර පහදාලනු පිණිස සිඛවළඳ විනිස කළ බව ආනන්ද කුලසූරිය මහතාගේ අදහසයි. කත්තාරං - (කර්තෘ* ‘‘අටුවා පාඨ උදෙස් බලා සැඛෙවින් මුල් සිඛ සිඛවළඳ හා සිඛවළඳ විනිස මා විසින් කරන ලද්දේයි.’’ යනුවෙන් ග‍්‍රන්ථාවසානයේ දක්වා ඇත. ග‍්‍රන්ථාවසාන මෙම නිගමනයෙන් කෘතියෙහි නමද, එම කතුවරයා කෘති තුනක් රචනා කළ බවද, විද්‍යමාන වුවද කර්තෘ නාමය සම්බන්ධයෙන් එළඹිය හැකි නිගමන අවිද්‍යමානය. එහෙත් මූලසික්‍ඛා මහාසාමි නම් තෙර නමක් මෙම කෘතිය නවය සහ දහය යන සියවස්වල රචනා කර ඇති බව ඇතැම් උගත්හු පවසති. ක‍්‍රි:ව: 956දී රාජාභික්‍ෂේක ලත් මිහිඳු රාජ්‍ය සමයට අයත් මිහින්තලා පුවරු ලිපියෙන් සිඛවළඳ එම කාලවකවානුව වන විට රචනා කර තිබුණු ග‍්‍රන්ථයක් වග පැහැදිලි වේ.‘‘සිඛ කරණීහි කියූ සෙයින් සිවුරු හැන්දැ පෙරවැ’’ යන සෙල්ලිපි පාඨය ඒ සඳහා සාක්‍ෂ්‍ය දරයි. පරිමාණං - (ප‍්‍රමාණය* සිඛවළඳෙහි පාරාජිකා හතරක්ද, සංඝාදිසේස හතක්ද, පාචිත්තිය හතළිස් එකක්ද, නිස්සග්ගිය පාචිත්තිය දාහතරක්ද, පකිණ්ණක අසූදෙකකින්ද සමන්විතය. එසේම පොහෝ පවුරුණු විධි හතක්ද වස් පවාරණ ආකාරය සහ ශික්‍ෂා පදයන්හි සචිත්තක සහ අචිත්තක විභාගය සම්බන්ධයෙන්ද කරුණු සංගෘහිතය. පයෝජනං - (ප‍්‍රයෝජන* උපසපන් භික්‍ෂූන් ප‍්‍රමුඛ කරගත් ලක්වැසි බෞද්ධ සිව්වනක් පිරිසට පාලියෙන් තිබූ විනය නීති හෙළ බසින් කියවා තේරුම් ගැනීමට හැකියාව ලැබීම, සදාචාරවත් සමාජයක් බිහිවීම, ව්‍යාඛ්‍යාන සාහිත්‍යයක් ඇරඹීම, පරිවර්තන කාර්යයේ ප‍්‍රගමනයක් උදා කරලීම. යථෝක්ත කාරණා පිළිබ`ද ආලෝචනයේදී සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි පරිස්තිතිය කවරේදැයි මනාව සුවිශද වේ. ඒ අනුව සිඛවළඳ සිංහල සාහිත්‍යයෙහිලා මහත් වැදගත්කමක් උසුලන්නේ එහි ඇති සාහිත්‍යයික වටිනාකම පූර්වාංගම වීම නිසාම නොවේ. විනය නීති සංග‍්‍රහයක් වශයෙන් එය චිරාත් කාලයක් සම්භාවනාවට පාත‍්‍ර වූ හෙයිනි; භික්‍ෂු සංඝයා විසින් ආදරණීය වූවක් හෙයිනි. එමනිසා සිඛවළඳ හා සිඛවළඳ විනිස සාහිත්‍යයික, ඓතිහාසික, සාමාජීය වශයෙන් අගනා කෘතියක් බව පැවසීම අභිව්‍යක්තියක් නොවේ. 01.2. සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි භාෂා ශෛලිය සිඛවළඳ හා සිඛවළඳ විනිස පාලි විනය පිටකය ඇසුරෙන් රචනා වූවකි. භාෂා පරිණාමීය යුග අනුව ෂග ප‍්‍රාකෘත සිංහල අවධිය - (ක‍්‍රි:පූ: දෙවන සියවස සිට කි‍්‍ර:ව: තුන්වන හෝ හතරවන සියවස දක්වා* ෂෂග පුරාතන සිංහල අවධිය - (ක‍්‍රි:ව: හතරවන සියවස සිට ක‍්‍රි:ව: අටවන සියවස දක්වා* ෂෂෂග මධ්‍යකාලීන සිංහල අවධිය - (ක‍්‍රි:ව: අටවන සියවස සිට ක‍්‍රි:ව: දහතුන්වන සියවස දක්වා* ෂඪග වර්තමාන සිංහල අවධිය - (ක‍්‍රි:ව: දහතුන්වන සියවසේ සිට අද දක්වා* මෙම විභේදනයන් අතුරෙන් මධ්‍යකාලීන අවධිය සිඛවළඳ හා සිඛවළඳ විනිස සංරචිත යුගය ලෙස හැඳින්විය හැකිය. මේ යුගය සිංහල භාෂා සංවර්ධනීය අංශයෙන් අතිශය වැදගත් කාල පරිචේඡ්දයකි. මන්ද, සිංහල භාෂාවේ වැදගත් විපර්යාස රාශියක මූලාරම්භය මෙම යුගයෙහි සිදු වූ නිසාය. එසේම දැනට විද්‍යාන පැරණිතම සාහිත්‍යයික ලිඛිත මූලාශ‍්‍රයයක් වන ධම්පියා අටුවා ගැටපදයද රචනා වන්නේ මෙම යුගයේදීය. එහෙත් මෙම ග‍්‍රන්ථද්වයෙන් සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි සුසමාහිත සුඛනම්‍ය භාෂා රටාව වත්මන් සිංහල භාෂාව හා සාමීපිකත්වයක් උසුලනු ලබයි. ඒ බැව් මෙම උපහරණයෙන් මොනවට පැහැදිලි වේ. පාලි වචන ධම්පියා අටුවා ගැටපදය සිඛවළඳ හා සිඛවළඳ විනිස කච්ඡු කිජිලි කිසිලි අනුච්ýත නුසි නිසි නිස්සාය නිසයි නිසා අහං අව් මම ඒ අනුව ධම්පියා අටුවා ගැටපදයට වඩා සිඛවළඳ හා විනිසෙහි උපයුක්ත භාෂාව ඉතා සරලය; සුගමය; ව්‍යක්තය. එසේම උද්ග‍්‍රහණයට පහසු සේම වනපොත් කිරීමටද පහසු භාෂා ශෛලියකින් සමුපේත බව යථෝක්ත උපහරණය ම`ගින් ප‍්‍රථිත වන්නේය. එම නිසා සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි භාෂා විලාසය විහ`ගාක්‍ෂියෙන් විමර්ශනය කිරීම වටනේය. සිඛවළඳ හා සිඛවළඳ විනිස රචිත කාල පරිච්ෙඡ්දය භාෂාවේ විපර්යාස ගණනාවක් සිදු වූ යුගයක් හෙයින් සිඛවළඳ හා සිඛවළඳ විනිසේ භාෂාව පිළිබ`ද අධ්‍යයනය වාග්විද්‍යාත්මක සාධක අතින්ද පද පරිණාමය අතින්ද අගනේය. සිඛවළඳ හා සිඛවළඳ විනිසේ භාෂා ලක්‍ෂණ අවබෝධයේ පහසුව පිණිස මෙලෙස වෙන් වශයෙන් දැක්විය හැකිය.  ශාස්ත‍්‍රීය භාෂා විලාසයක් දක්නට ලැබිම  සංක්‍ෂිප්තතාවෙන් යුක්ත වීම  භාෂා පරිණාමීය සාධකවලින් සමන්විත වීම  විකල්ප රූප භාවිත කිරීම  හුදු හෙළ වහර සුඛනම්‍ය ලෙස හැසිරවීම  අතිශය රහස්‍ය කාරණා සදාචාරාත්මක අන්දමින් ඉදිරිපත් කිරීම  භාෂාවෙහි වචනවල අර්ථය ශ්ලේෂාර්ථවත් නොවන සේ භාවිත කිරීම  භාෂා භාවිතයේදී දක්වන සංයමය  සකු මගධ අක්‍ෂර සීමිත අක්‍ෂර මාලාවක් තුළ යොදා ගැනීම  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ ශබ්ද ප‍්‍රස්තර භාවිතය  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ පද ප‍්‍රස්තරය  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ රීති ප‍්‍රස්තරය  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ වාක්‍ය ප‍්‍රස්තරය  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ අර්ථ ප‍්‍රස්තරය  සිංහල පදයකට පාලියෙන් අරුත් දී නැවත සිංහලෙන් විස්තර කිරීමේ රීතිය  ස්වර භක්තිය  සමීකරණය  විෂමීකරණය  ශාස්ත‍්‍රීය භාෂා විලාසයක් දක්නට ලැබිම සිඛවළඳ හා සිඛවළඳ විනිසේ දක්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයේ අවසන් කාලයේ භාෂා ලක්‍ෂණයි. කෘතියක ඇති වටිනාකම ආරක්‍ෂා කරන එක් ආභරණයක් ලෙස ශාස්ත‍්‍රීය භාෂාව දැක්විය හැකිය. එම නිසා සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි වටිනාකම මැන බැලීමට එහා භාෂා ප‍්‍රස්තරය පිළබඳ අධ්‍යයනයක නිරත විය යුතුය. සිඛවළඳ හා සිඛවළඳ විනිසට ප‍්‍රථමයෙන් දෘශ්‍යමාන වන භාෂා ලක්‍ෂණ අන්තර්ගත වන්නේ ශිලා ලේඛනයන්හි පමණි. එහි ඇති ශාස්ත‍්‍රීය බව මෙම කෘතියත් සම`ග සංසන්දනාත්මකව විමර්ශනය කිරීමේදී සිඛවළඳ හා සිඛවළඳ විනිස කෘතිය ප‍්‍රශස්ත බව ඇගයීම උගහට වන්නේ නැත. ‘‘මිහින්තලා සෙල්ලිපිය සිඛවළඳ හා සිඛවළඳ විනිස තුමහට තමහට දැහැමි දැහැටු සිවුර් සිවුරු වෙහෙර් වෙහෙර ඈයි ආදී’’ මෙම නිදසුනෙන් සකු බස හා පෙළ බස තුළ දෝලනය වෙමින් සිටි හෙළ බස ඉන් මිදී තම බසට අනන්‍ය වූ ලක්‍ෂණයන්ගෙන් හෙබි ශාස්ත‍්‍රීය භාෂාවකින් සමන්විත වූ බව අවබෝධ කරගත හැකිය. එපමණක් නොව, කෘතිය පුරාවටම ප‍්‍රශස්ත, විදග්ධ සහ සුභාවිත භාෂා රටාවක් අනුගමනය කළ සිඛවළඳ හා සිඛවළඳ විනිස කෘතිය මේ දක්වා නොනැසී ලක්වැසි සුධීන්ගේ ගෞරවයට භාජනය වන්නේ ශාස්ත‍්‍රීය භාෂා විලාසයක් පූර්වංගම වූ නිසාවෙනි. එම ශක්‍යතාව පෝෂණය කරනු වස් මෙම කෘතියෙහි සමුපයෝජිත භාෂා ලක්‍ෂණයන් කිහිපයක මන්දාලෝචනයක් මතු දැක්වේ.  සංක්‍ෂිප්තතාවෙන් යුක්ත වීම සිඛවළඳ හා සිඛවළඳ විනිසේ භාෂාවේ ඇති මූලිකාංග ලක්‍ෂණය ලෙස එහි ඇති සංක්‍ෂිප්තතාව හැඳින්විය හැකිය. මෙම කෘතිය විනය කෘතියක් නිසාවෙන් භික්‍ෂූන්ගේ ධාරණාව හෙවත් සිහිතබා ගැනීමේ පහසුව පිණිස එය සංක්‍ෂිප්ත විය යුතුය. ඒ බව තත්ත්වාකාරයෙන් වටහා ගත් සිඛවළඳ කතුවරයා තම රචනා ශෛලියෙහි ඇති සංක්‍ෂිප්තතා ගුණය මෙම`ගින් මොනවට විශද කළේය. මෙහිදී අවධානයට ගත යුතු කාරණය වන්නේ විනය ශික්‍ෂා සංක්‍ෂිප්ත කිරීමේදී ඔහු දැක්වූ ෙඡ්කත්වයි. මන්ද යත්, විනය පාඨ කෙතරම් කෙටි වුවත් එහි ඇතුළත් සමස්ත ධාරණාවට හානියක් නොවිය යුතුය. එපමණක් නොව, සියලූ කරුණු එම සංක්‍ෂිප්තතාව තුළ අන්තර්ගත විය යුතුය. ඒ පිළිබඳ සිඛවළඳ කතුවරයාගේ දැනුවත්භාවය විනය පිටකය හා සිඛවළඳ හා සිඛවළඳ විනිස සංසන්දනාත්මව විමසීමේදී දත හැකිය. ‘‘ යො පන භික්‍ඛු ගාමා වා අරඤ්ඤ වා අදින්නං ථෙය්‍යසඬ්ඛාතං ආදියෙය්‍ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා බන්ධෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චොරොසි බාලොසි මූළ්හෝසි ථෙනොසී ති තථාරූපං භික්‍ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො’’ එම ශික්‍ෂා පදය සිඛවළඳ කෘතියෙහි සඳහන් වන්නේ මෙලෙසිනි. ‘‘ පර මිනිසක්හු අයත් පල් පොහොනා වතක් සොර සිතින් ගත පරිජි වේ. මේ හැම අයිනාදන් පරිජි වේ.’’ විනය පිටකයෙහි අදින්නාදානා පාරාජිකාව පිළිබඳ දක්වන විස්තරාර්ථය සිඛවළඳ කතුවරයා සංදිග්ධතා නොපැනෙන අන්දමින් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන අකාරය ප‍්‍රශංසනීයය. සිඛවළඳෙන් නිරූපිත මෙම භාෂා ලක්‍ෂණය ගෙනහැර දක්වනු ලබන්නේ සුබවාදී සිංහල භාෂාවක යටගියාවයි. පරිවර්තන කාර්යයේදී කතුවරයා දක්වන සංක්‍ෂිප්තතාව එම යුගයෙහි සිංහල භාෂාව පිළිබඳ කියාදෙන අමතර පාඩමකි. එම සක්‍ෂිප්තතා ගුණය මෙම කෘතිය පුරාවට ඉතා ප‍්‍රචුරව දැකගත හැකිය. ඒ සඳහා මෙම නිදසුන්ද සාක්‍ෂ්‍ය සපයයි. ‘‘ උපසපන් පැවිජ්ජක්හු හවා නම් ගිරිති කවා නම් බුදුනක්හු හුස්නෙන් න`ගා නම්’’  භාෂා පරිණාමීය සාධකවලින් සමන්විත වීම භාෂා පරිණාමීය සාධකයන් පිළිබඳ වටිනා කරුණු රාශියක් මෙම කෘතිය අධ්‍යයනයේදී විද්‍යමාන වෙයි. ‘‘වාග් විද්‍යාත්මක වශයෙන් වැදගත් වූ ලක්‍ෂණ අතරින් ස්වරිත නොවූ පදාන්ත ස්වරය ලොප් වීම හේතුකොට ගෙන හලන්ත ශබ්ද පහළ වීම සිඛවළඳ හා විනිසෙන් නිදර්ශිතය.’’ ‘‘විශේෂ ඝ විසෙස ඝ වසෙස ඝ වෙසෙස් මාංශ ඝ මංස ඝ මංස ඝ මස් ප‍්‍රතික්‍ෂේප ඝ පටිෙක්‍ඛප ඝ පිළිඛෙව ඝ පිළිකෙව් භොජන ඝ බොජුන ඝ බොජුන් කිලිටඨ ඝ කිලූට් ඝ කිලිටි දන්තකටඨ - දැහැට් - දැහැටි’’ කතුවරයා එලෙසින් නිර්මාණය කරගත් භාෂාව පසුකාලීනව භාෂා පරිණාමයත් සම`ග අනන්‍ය වූ පද බවට පත් වූ ආකාරය උක්ත සටහනින් ප‍්‍රකට වේ.  විකල්ප රූප භාවිත කිරීම විනය පිටකයේ දක්නට ලැබෙන පෙළ වදන් සඳහා විකල්ප රූප භාවිත කිරීමද සිඛවළඳ හා විනිසෙහි භාෂා ලක්‍ෂණයකි. මෙම`ගින් පැහැදිලි වන්නේ පරිවර්තන ක‍්‍රියාවලිය පිළිබඳ සුබවාදී ආකල්පයකි. සුක්ක ඝ සුක් ඝ සුකුරු දන්තකටඨ ඝ දැහැට් ඝ දැහැටි දුට්ඨුල්ල ඝ තුළුල් ඝ දුළුල්  හුදු හෙළ වහර සුඛනම්‍ය ලෙස හැසිරවීම මෙම යුගයේ දක්නට ලැබෙන අභිලේඛන හා ධම්පියා අටුවා ගැටපදය යන සාහිත්‍ය මූලාශ‍්‍රය අධ්‍යයනයේදී ඒවායෙහි භාෂාව සකු, මගධ භාෂා සම්මිශ‍්‍රණයක් බව නොවළහා කිව හැකිය. එහෙත් සිඛවළඳ හා විනිස කෘතියෙහි පාලි වචන හුදු හෙළවහරින් වත්මනට ගැළපෙන සේ සුඛනම්‍ය ලෙස බිඳ ගැනීමට කතුවරයා සමර්ථ වී ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ අර්ථ සංදිග්ධතා නොපැනෙන අන්දමින් බස හැසිරවීමයි. ‘‘විනවා, පර`ගලා, නොගැඹුරෙහි, පියවිගෙය, නැහැතොලිය, අ`ගාල මියෙහි, ලිහිනිවැ’’  අතිශය රහස්‍ය කාරණා සදාචාරාත්මක අන්දමින් ඉදිරිපත් කිරීම විනය පිටකය තුළ දක්නට ලැබෙන්නේ භික්‍ෂූන් වහන්සේලා පිළිපදින විනය ශික්‍ෂාවන්ය. ඒවා අතිශය රහස්‍ය කාරණාය. ඇතැම් විට යම් යම් වැරදි සඳහා සංඝ සම්මතයෙන් නියම කරන ද`ඩුවම්ද අතිශය රහස්‍යය. එසේම විනය ශික්‍ෂා පනවන ලද්දේ භික්‍ෂූන් විසින් සිදු කරන ලද පාරාජිකා හැරුණු කොට අනෙකුත් වැරදි හේතුකොට ගෙනය. එම කාරණා ඇතැම්විට ඉතාමත් රහස්‍ය, පෞද්ගලික කාරණා විය. එම කාරණා පිළිකුල් සහගත බසකින් නොව, ඉතාමත් සදාචාරවත් අන්දමින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමතෙක් වී ඇත. එසේම එම රහස්‍ය කාරණා භික්‍ෂූන්ට අංශුමාත‍්‍රයක හෝ අගෞරවයක් සිදු නොවන අන්දමින් රචනා කිරීමටද කතුවරයා විදග්ධ වී ඇත. ඒ බව සමස්ත සිඛවළඳ හා සිඛවළඳ විනිසේ භාෂා විලාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. ‘‘තුළුල් තෙපුල් කියැටි රායෙන් මිනිස් මාගම කෙරෙ මාගම යන සඤ් ඇතිය වැ වසමග පසමග මෙවුන්ධම් අරභයා තුළුල් තෙපුල් කියානම් ඈ එවිගස දත ස`ගවෙසෙස් වේ. මෙ හැම දුටුල් වසු ස`ග වෙසෙස් වේ.’’ මෙම ශික්‍ෂා පදයෙහි කතුවරයා යොදා ඇති ‘වසමග, පසමග’ යන වචනද්වයෙන් ඒ බව ස්පුට වේ. වර්චස් මාර්ග ඝ වස මග ප‍්‍රසූති මාර්ග ඝ පසූති මග්ග ඝ පස මග  භාෂාවෙහි වචනවල අර්ථය ශ්ලේෂාර්ථවත් නොවන සේ භාවිත කිරීම ආගන්තුක භාෂාවක් නොදත් වැසියන්ට එය වටහා ගත හැකි අන්දමින් සහ ඒ සඳහා භාවිත කරන වචනවල ගැටලූ නොපැනෙන ලෙස රචනා කිරීමට කතුවරයා වගබලා ගත යුතුය. එම දක්‍ෂතාවෙහි සිඛවළඳ කතුවරයා සමතෙක් වූ වග මෙම කෘතියෙහි භාෂා විලාසය අධ්‍යයනයේදී වටහා ගත හැකිය. ‘‘ මිනිස් අමිනිස් තිරිසනුන්ගේ මග තියායෙහි සෙවියැටි සිතිත් තමා මග මෙහෙයුව පරිජි වේ’’. ‘‘ වැලදිය යුතු ගිතෙල් මී හකුරු තෙල් සකුරු පිළිගන්වා ගෙන සත් දවසක් ඉකුම්වා නම් නිසැ`ගි වේ.’’ මේ අන්දමින් කෘතිය පුරාවට දිග හැරෙන සමස්ත විනය ශික්‍ෂාවන්හි අර්ථය ශ්ලේෂාර්ථවත් නොවී යුහුසුළුව සිහිතබා ගත හැකි වන ලෙස සරලව ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත.  භාෂා භාවිතයේදී දක්වන සංයමය මෙම යුගය තුළ දක්නට ලැබෙන්නේ නොතැන්පත් සංකීර්ණ භාෂා විලාසයකි. එම නොතැන්පත් අවධියේ තැන්පත් භාෂා ලක්‍ෂණ සිංහල භාෂාවෙහි ගොඩනැගෙන අයුරු සිඛවළඳ හා සිඛවළ`ද විනිසෙන් පෙනෙන බව විද්වත්හු පෙන්වා දෙති. පාලි වචන ධම්පියා අටුවා ගැටපදය සිඛවළඳ හා සිඛවළඳ විනිස කච්ඡු කිජිලි කිසිලි අනුච්ýත නුසි නිසි නිස්සාය නිසයි නිසා අහං අව් මම  සකු - මගධ අක්‍ෂර සීමිත අක්‍ෂර මාලාවක් තුළ යොදා ගැනීම සකු බස හා පෙළ බස මෙම කාලවකවානුවේ ලක්දිව බෙහෙවින් ප‍්‍රචලිතව පැවති භාෂාවන්ය. සංස්කෘත භාෂාවේ අක්‍ෂර හතළිස්නවයක්ද පාලි භාෂාවේ අක්‍ෂර හතළිස්එකක්ද දක්නට ලැබේ. සිඛවළඳ හා විනිස පාලි ත‍්‍රිපිටකය ඇසුරෙන් රචනා වූ නිසාවෙන් එම වචන සිංහලට පෙරළීම කතුවරයාට මහත් අභියෝගයක් විය. මන්ද යත්, සිංහල භාෂාවේ එම කාලය වන විට අක්‍ෂර දක්නට ලැබෙන්නේ සීමිත අක්‍ෂර මාලාවකි. දඹදෙණි යුගයේදී සිදත් ස`ගරා කතුවරයා දක්න්නේ සිංහල භාෂාවේ අක්‍ෂර තිහක් පමණි. ‘‘ පණ’කුරු පසෙක් එද ලූහු ගුරු බෙයින් දස වේ ගත’කුරුද වේ විස්සෙක් වහරට යුහූ සියබසැ’’ මෙම සීමිත සිංහල අක්‍ෂර මාලාවට අනුකූලව සකසුරුවම් ලෙස වෙනත් භාෂාවක වචන සිංහලට බිඳ ගැනීම කතුවරයා සතු භාෂා ශක්‍යතාව හා සමස්ත කෘතියෙහි භාෂා ස්වභාවය පිළිබඳ එළඹිය හැකි කදිම නිදසුනකි. වෛඩූර් මාණික්‍ය ඝ වෙරළුමිණි ගෞතම ගොත‍්‍ර ඝ ගොයුම් ගොත් තෘණ ඝ තණ  සිඛවළඳේ ශබ්ද ප‍්‍රස්තරය සිඛවළඳ හා විනිසෙහි භාෂා භාවිතයේ පැනෙන ශබ්ද ප‍්‍රස්තරයෙහි සුවිශේෂතා බාහුල්‍යයකින් යුක්තය. එම කාරණා උදාහරණ සහිතව කෙටියෙන් මෙලෙස දැක්විය හැකිය. ෂග ආදි ස්වර අතුරුදහන් වීම උපහාන ඝ උවහන් ඝ වහන් අනෝතත්ත ඝ නුතත් ආනාපානසති ඝ නාපන්සී මාතෘ භාෂාගත ආදි ස්වර සිංහලයේදී ලොප් වී ඇත. උත්තම ඝ තුම් ආසන ඝ අසන් (මධ්‍ය ස්වර ලොප් වීම* ෂෂග සංයුක්ත ව්‍යඤ්ජන කේවල ව්‍යඤ්ජන බවට පත්වීම උන්මත්තක ඝ උමතු ඡුන්දස් ඝ සැඳැ පාචිත්තිය ඝ පචිති අධිට්ඨාන ඝ ඉන් ෂෂෂග වාක්‍යවසාන නිපාත ‘ඉ’ භාවිත කිරීම ...යන මේ පස`ගි... ...තර කොට බැදැ කළ හති ...මංස නම් ගොඩ මසි... ෂඪග ‘ද’ අක්‍ෂරය වෙනුවට ‘ජ’ අක්‍ෂරය භාවිත කිරීම (ධම්පියා අටුවා ගැටපදයේද එය එලෙසම භාවිත කර ඇත.* ප‍්‍රව‍්‍රජ්ජා ඝ පැවිජ්ජා ඝ පැවිද්දා වජ ඝ වදන සමවජිමි ඝ සමවදිමි බෙහෙජ් ඝ බෙහෙද් ආදිනටජු ඝ අදිනටද කිරීමෙනුජු ඝ කිරීමෙනුදු සමවජිමි ඝ සමදිමි ඪග ඇකාරය භාවිත කිරීම ‘‘බැසැ, වැළැතැ, කටැටිවැ, හික්මියැ, වියොවැ, නැතියාවැ’’ ඪෂග තත්භව රූපවල මාතෘභාෂාගත මහප‍්‍රාණ ශේෂව පැවතීම සැඛෙවින් මෙවුන්ධම් ඝටා උතුරුමිනිස්ධම් පිළිඛෙ අධන්මග ලාභයක් සිඛ ඪෂෂග මාතෘභාෂාග වචනවල ‘ඓ’ - ‘එ’ වීම හා ‘ඖ’ - ‘ඔ’ වීම වෛඩූර්ය මාණික්‍ය ඝ වෙරළුමිණි ගෞතම ගෝත‍්‍ර ඝ ගොයුම් ගොම් ඪෂෂෂග ඍකාරය - අ, ඉ, ඔ විම. තෘණ ඝ තිණ මෘදු ඝ මොළොක් ෂඞග ‘ඩ’ ‘ළ’ වීම ක‍්‍රීඩති ඝ කෙළී ආසාඪ ඝ ඇසළ ඞග ඝ, හ වීම ලඝු ඝ ලහුක’’ ඞෂග දීර්ඝ ස්වර භාවිතය මධ්‍යතන යුගයේ දක්නට ලැබෙන වැදගත් භාෂා ලක්‍ෂණයක් ලෙස දීර්ඝ ස්වර ආගමනය දැක්විය හැකිය. එම ලක්‍ෂණය සිඛවළඳ හා විනිසෙහිද දක්නට ලැබේ. ‘මරා, මෙමා, පමුණුවා, කපා, දිපා සතුන් දන්නා’ සග ස්වරාන්ත හා හලන්ත ප‍්‍රාකෘත යුගයේ ස්වරාන්ත දක්නට ලැබුණද, මධ්‍යතන යුගයේ එම ස්වරාන්ත පද හලන්ත ස්වරූපයක් ගනී. (කොට - කොට්* ධම්පියා අටුවා ගැටපදයේ හලන්ත දක්නට ලැබුණද, සිඛවළඳ හා විනිසෙහි බොහොමයක් ස්වරාන්ත වී ඇත. ‘සිවුරු, සොර, දැහැටි, පොළෝ’ සසග සඤ්ඤක අකුරු බහුලව යෙදීම ‘‘සිඛවළඳ, ස`ග, පු`ගුලක්, වැඳුම්, ම`ග, මඳටක්, කස්බිඳු’’ සසසග ස්වර මධ්‍යගත කණ්ඨජ දන්තජ ලෝපය පාණාතිපාතා ඝ පණිවා ආගත ඝ ආ චෙතිය ඝ සෑ  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ පද ප‍්‍රස්තරය සිඛවළඳ හා විනිසෙහි පද ප‍්‍රස්තරය සාකච්ඡුාවට බඳුන් කළ යුතු පෘථුල මාතෘකාවකි. එම කාරණා සංෙක්‍ෂ්පයෙන් වෙන් වෙන් වශයෙන් මෙලෙස අවබෝධයේ පහසුව තකා දැක්විය හැකිය. ෂග පාලි වචන සිංහලට බිඳ ගැනීම සිඛවළඳ හා සිඛවළඳ විනිසේ දක්නට ඇත්තේ පාලි විනය පිටකයෙහි දක්නට ලැබෙන ධර්ම කාරණාය. ඒ සඳහා යෙ¥ පාලි පද කතුවරයා සිංහලට බිඳ ගෙන ඇත්තේ ශාස්ත‍්‍රීය ව්‍යවහාරයක් සඳහා සංවිධිත වන අන්දමින්ය. පාරාජිකා ඝ පරිජි මනුස්ස විග්ගහ ඝ මිනිස්විකා සංඝාදිසේස ඝ ස`ගවෙසෙස් නිස්සග්ගිය ඝ නිසැ`ගි පාචිත්තිය ඝ පචිති ථුල්ලච්චය ඝ ථුලැසි පවාරණ ඝ පවුරුණු කායසංසග්ග ඝ කාසස`ගරා දුබ්භාසිත ඝ දුබැසි ෂෂග සංස්කෘත පද දක්නට ලැබීම මෙම කෘතියෙහි පෙළ බස හා හුදු හෙළ වහර බහුලව දක්නට ලැබුණද, තත්සම සකු වදන්ද ඇතැම් විට දක්නට ලැබේ. පක්‍ෂයෙහි මාත‍්‍රයකදු පූව_ කෘත්‍ය සූත්‍රෝද්දේශ විකණ්ඩ ශාස්ත‍්‍ර (ආකෘති, ශාස්ත‍්‍ර, සව_සාධාරණ* ෂෂෂග හුදු පෙළ වචන බොහෝ විට යෙදීම ‘වධක, වජ්ජාවජ්ජ, කම්ම, ධම්ම, අඤ්ජලී’ ෂඪග සංස්කෘත පද වෙනුවට තත්සම පාලි රූප යොදාගැනීම ‘‘අඤ්ඤභාගී, සකසඤඤයෙන්, සන්නිය’’ ඪග සිඛවළඳ කෘතියෙහි පද එලෙසින්ම මෙකල දක්නට ලැබීම ‘‘ගෙඩි, හදාරන, ගස්, සොයා, තිරිසන්, සතුන්,’’ ඪෂග පූව_ ක‍්‍රියා, අවසාන ක‍්‍රියා, නිපාත, නාමපද දක්වන අවස්ථාවේදී ‘ඇ’ භාවිත කිරීම ‘‘බැසැ, කොටැ, අතුටැ, ගොනැ, කටැටිවැ, වැලතැ, අබවැසැ, නිසැගි, හැවියටිවැ, ඇවිසැ, සිටැ, දැනැ, පෙරවැ’’ ඪෂෂග මාතෘභාෂාගත ‘ච’ නිපාතය යෙදී ඇති අයුරු මාතෘභාෂාගත ‘ච’ නිපාතය මධ්‍යකාලීන සිංහලයෙහි ‘ජ’ ශබ්දයෙහි විවිධ රූපවලින් හා ‘ද’ ශබ්දයෙහි විවිධ රූපවලින්ද යෙදී ඇත. ධම්පියා අටුවා ගැටපදයේ එන ජ්, ජ, ජු යන ජකාර රූප වෙනුවට සිඛවළඳ හා විනිසෙහි ජු, ද, දු යන රූප වඩාත් සකස් වූ ඒවා බව පෙනේ. ඒවා සමුච්චයාර්ථයෙහි යෙදේ. ආදීටනජු, තිරිසනුජු ඇටදු, සමුදු, ලේදු නොදත්තාහටද, මරණ සිත් නැත්තාහටද ඪෂෂෂග පූව_ ක‍්‍රියා හෙවත් නේපාතික ක‍්‍රියා සිඛවළඳ කෘතියෙහි පූව_ ක‍්‍රියා අ, ආ, ඇ යන රූප තුළින් නිරූපණය වී ඇත. අ - ගෙන, ඇවිස ආ - රොවා, තබා ඇ - කොටැ, ගෙනැ, දැන’ සිඛවළඳ හා විනිසෙහි යෙදෙන පූව_ ක‍්‍රියා හෙවත් නේපාතික ක‍්‍රියාවල ඇති විශේෂත්වය වන්නේ ඒවා ක‍්‍රියා අර්ථයෙන් තොරව යම් යම් අර්ථවලට සීමා වී භාවිතයට ගැනීමයි. ‘කසා තබා හැම මුල් රජන (තබා ළ ඨපෙත්වා* මා නිසා නොවසායි කීම් (නිසා ළ නිස්සා* මා මිස කොදැයි (මිස ළ මුඤ්චිත්වා* හිරු අවාමට ගිය සඳ පටා (පටා ළ පටඨා*’ ෂඞග ‘එව්’ නිපාතය යෙදීම සෙල්ලිපි මෙම ලක්‍ෂණය අප‍්‍රකට වුවද, සිඛවළඳ හා විනිසෙහි ‘එව්’ ප‍්‍රත්‍ය බහුලව දැකගත හැකිය. ‘‘අත එව් පා එව් තෙල එව් ලෙවැ වදන් වළදත් දුකුළා වේ’’ ඞග ආඛ්‍යාත රූප ත්‍රෛකාලික ආඛ්‍යාත රූප පැහැදිලිව මෙම කෘතියෙහි දක්නට ලැබේ. අතීත- සමවැජිමි වර්තමාන- සමවැජිමි අනාගත- සමවජින්නෙමි ඞෂග ප‍්‍රයෝජ්‍ය ක‍්‍රියා රූප ‘‘ඉකුම්වා, සොයවා, රජන් කරවා, ගන්වා’’ ඞෂෂග අසම්භාව්‍ය ක‍්‍රියා රූප (ඒ සඳහා ‘ත’ ප‍්‍රත්‍ය භාවිත කර ඇත.* ‘‘මුදිත, නොමුදිත, දත’’ ඞෂෂෂග භාව කෘදන්ත (‘නු, ලි, උම් ප‍්‍රත්‍ය හමු වේ.* නු- නටනු, ගයනු, බලනු, අසනු ලි- ඇකෙස්ලි, අනුසස්ල් උම්- ඇවදුම්, විකුම්, නැටුම් ඞෂඪග විභක්ති සූචක පද විභක්ති සූචක පදවලින් අර්ථය ප‍්‍රකාශ කිරිම ආරම්භ වන්නේද මධ්‍යකාලීන සිංහලයේ පටන්ය. සිඛවළඳ හා විනිසෙහි විභක්ති සූචක පද තත්ත්වාකාරයෙන් යොදා ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ එම විභක්ති ක‍්‍රමය වර්තමාන විභක්ති ප‍්‍රත්‍ය හා සාම්‍ය වීමයි. මාගම විසින් අනිකෙකු ලවා මෙවුන්ලේ සතුරන්ගේ පැවිදි කෙනෙකුන් කෙරෙන් මිනිස් මාගම කෙරේ තිරිසනක් හට තිරිසනුන්ගේ මීට අමතරව සමීකරණය, විසමීකරණය, සංහෘති, අපචය යන වාග් විද්‍යානුකූල කාරණා තුළද සිඛවළඳ හා විනිසේ පද ප‍්‍රස්තර විසිරී ඇත.  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ රීති ප‍්‍රස්තරය සිඛවළඳ හා විනිසෙහි ඇති නිවැරදි උක්තාඛ්‍යාත පද සම්බන්ධය, ගලා යන සුඛනම්‍ය බස් වහර, කෙටි වාක්‍ය ආදි රීති ක‍්‍රම රීති ප‍්‍රස්තරය යටතේ දැක්විය හැකිය. උක්ත කාරණා විස්තරාත්මකව හා සොදාහරණව රීති ක‍්‍රමය යන මාතෘකාව ඔස්සේ ඉදිරිපත් වේ.  සිඛවළඳ හා සිඛවළඳ විනිසේ අර්ථ ප‍්‍රස්තරය සිඛවළඳ හා විනිස කෘතියේ ඇති භාෂාවෙහි අර්ථ ප‍්‍රස්තරය ශාස්ත‍්‍රීය බව කෘතිය විමර්ශනාත්මකව බැලීමේදී පැහැදිලිය. ෂග විනයෙහි සඳහන් පාලි වචන අරුත් නොසිෙ`දන සිංහලට පරිවර්තනය කිරීම පාරාජිකා ඝ පරිජි මනුස්ස විග්ගහ ඝ මිනිස්විකා සංඝාදිසේස ඝ ස`ගවෙසෙස් නිස්සග්ගිය ඝ නිසැගි පාචිත්තිය ඝ පචිති ථුල්ලච්චය ඝ ථුලැසි පවාරණ ඝ පවුරුණු කායසංසග්ග ඝ කාසසගරා දුබ්භාසිත ඝ දුබැසි ෂෂග රහස්‍යබව රැුකෙන සේ වචන භාවිත කිරීම අතිශය රහස්‍ය විනය කාරණාවන් එම රහස්‍යභාවයට ගෞරව වන සේ අර්ථ ගැන්වීමට කතුවරයා සමතෙක් වී ඇත. එහි ඇති ශාස්තී‍්‍රය මට්ටමද අග‍්‍රගන්‍යය. ෂෂෂග සදාචාරාත්මක ලෙස අර්ථ ජනනය කිරීම. විනය කාරණා අධ්‍යයනයේදී එහි ඇති සභ්‍යත්වය, සදාචාරය ආරක්‍ෂා කිරීමට කතුවරයා ඇප කැප වී ඇත. එපමණක් නොව, එම කාරණා අනාවරණය කර ඇත්තේ පිළිකුලක් නොදැනෙන අන්දමින්ය. වර්චස් මාර්ග ඝ වස මග ප‍්‍රසූති මාර්ග ඝ පසූති මග්ග ඝ පස මග යන වචනද්වය යොදා ඇති අන්දමින්ම ඒ බැව් මොනවට පසක් වෙයි. ෂඪග හෙළ බසෙහි දක්නට නොලැබෙන වචන දක්නට ලැබීම මින් පෙර හෙළ බසෙහි දක්නට නොලැබුණු නවමු වචන සිඛවළඳ හා විනිසෙහි දක්නට ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ එම පදයන්හි අරුත් වටහා ගත හැක්කේ සිඛවළඳ කෘතියේ අර්ථය හා සැස`දීමෙන් පමණක් වීමයි. එසේ නොවන්නට ඒවා වටහා ගැනීමට අපහසුය. අකවටු - දෙඅතින් දෙදණ පටලවා ගැනීම කලකුරුවා - සිඳදමා කාහිනක් - කිසිවක් දියමානු - මුත‍්‍ර ගිරිතිකවා - කිතිකවා ඪග ඇතැම් රූපාදියෙහි අර්ථය වර්තමාන අර්ථය හා වෙනස් වීම (මධ්‍යකාලීන සමය* සු`ග - ගොඩකට, (නූතන යුගය* සු`ග - ටිකක් ඪෂග සමහර ක‍්‍රියා රූප වර්තමානයේ යෙදෙන ස්වරූපයෙන් වෙනස්ව බිඳී තිබීම උදකෙ සන්තකෙ - ඇති දියෙහි උපකරණ - උවාරණ මුච්චති - මුස්සි භද්දපීඨ - බදවෙළු ඪෂෂග ද්‍රවිඩාර්ථවත් පද දක්නට ලැබීම. සිඛවළඳ හා විනිස පිරික්සීමේදී ඇතැම් වචනවල අර්ථය ද්‍රවිඩ පදවල නිරුක්තිය හා සැසෙ`දන බව විද්වත් මතයයි. ශ‍්‍රම ඝ සරම ඝ සරඹ ආරාම ඝ ආරාම ඝ අරඹ අඹුලූ ඝ අමුලූ ඝ අමූලික ‘හම්බු’ යනුවෙන් පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියෙහි හා ‘අධියෙහි’ යනුවෙන් සිඛවළඳ විනිසෙහි එන ‘හඹු’ ශබ්දය ‘ශම්පා’ ශබ්දයෙන් ආවකැයි සමහරු සිතති.’’ මීට අමතරව වාග් විද්‍යානුකූලව මෙම කෘතිය විමර්ශනය කිරීමේදී භාෂා ඍණීකරණීය සාධකද මෙම කෘතිය තුළ සංගෘහිත බව පැහැදිලි වේ.  ස්වර භක්තිය ව්‍යංජන සංයුක්තයක් ලිහිල් වීම සඳහා ඒ මැදට ස්වරයක් ඇතුල් වීම ස්වර භක්තියයි. ඓශ්වර්ය ඝ ඉසුරු  සමීකරණය වචනයක් ඇතුළත යෙදෙන විෂම වූ ශබ්දිම දෙකක් සම තත්ත්වයට පත් වීම සමීකරණයයි. වර්ෂාන ඝ වස්සාන  විෂමීකරණය සමීකරණයට විරුද්ධ පැත්ත විෂමීකරණයයි. සමාන ශබ්දිම දෙකක් විෂම තත්ත්වයට නැ`ගීම විසමීකරණයයි. පූකරණ ඝ පූර්වකෘත්‍ය යථෝක්ත නිදර්ශන විමර්ශනාත්මකව පිරික්සීමේදී සිඛවළඳ හා විනිසෙහි භාෂා විලාසය ශාස්ත‍්‍රීය ව්‍යවහාරයක් සඳහා සංවිධිත වූ ලක්‍ෂණ සහිත බව විද්‍යමාන වේ. 01.3. සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි රීති ක‍්‍රමය සිඛවළඳ හා සිඛවළඳ විනිස කෘතියෙහි ඇති ජීව ගුණය සුරැුකීමට බලපාන කාරණාවක් ලෙස එහි රීති ක‍්‍රමය දැක්විය හැකිය. සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි භාෂාව භාවිත කර ඇති අන්දම සුපරික්‍ෂාකාරීව විමසීමේදී ඒ වග මොනවට පළට වේ. එපමණක් නොව, මධ්‍යකාලීන සිංහල ලේඛන කලාවේ රීති ක‍්‍රමය කවරාකාරයකින් සමන්විත වූවේද යන්නටද සාක්‍ෂ්‍ය මෙම කෘතියෙන් අනාවරණය වේ. සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි රීති ක‍්‍රමය අවබෝධයේ පහසුව පිණිස මෙලෙස වෙන් වශයෙන් දැක්විය හැකිය.  නිවැරදි උක්තාඛ්‍යාත පද භාවිතයකින් යුක්ත වීම  ව්‍යාකරණ දෝෂ අල්ප වීම  සූත‍්‍ර විලාසයකින් ගලා යෑම  කාව්‍යාත්මක භාෂා විලාසය  කෙටි වාක්‍ය රටාව  තැන්පත් භාෂාව  අර්ථයට හානි නොවන සේ අනාගත කාලයට අනුගතව යම් යම් දේ ප‍්‍රකාශ කිරීම  විභක්ති සූචක පද ආරම්භය  පාලි පදයට සවිස්තරාත්මකව අර්ථ සැපයීම  පාලි පදයට සංක්‍ෂිප්ත සිංහල අර්ථ සැපයීම  සිංහල පදයට පාලියෙන් අර්ථ සැපයීම  පාලි සිංහල උභය භාෂාවන්ගෙන් අර්ථ සැපයීම  ප‍්‍රශ්නාර්ථ රීතිය  පාලි පදයට සිංහල විභක්ති ප‍්‍රත්‍ය යෙදීම  සිංහල පදයකට සිංහලෙන් අර්ථ සැපයීම  නිවැරදි උක්තාඛ්‍යාත පද භාවිතයකින් යුක්ත වීම සිඛවළඳ කෘතිය පුරාවටම දක්නට ලැබෙන සුවිශේෂී රීති ක‍්‍රමයක් ලෙස නිවැරදි උක්තාඛ්‍යාත පද සම්බන්ධය හැඳින්විය හැකිය. අනුරාධපුර කාල සීමාවේ වුවද කතුවරයා උක්තාඛ්‍යාත පද භාවිතය සම්බන්ධයෙන් දැනුවත් වී ඇත. ...සිඛසැඛෙවින් කියන්නෙම් ... එතං අනවරවාසකං අධිටඨාමි’ යි තුන් සිවුරු මෙසෙයින් ඉටන්නේයි ස`ග විසින් ... කරන්නේයි...  පාලි ව්‍යාකරණ රීති දක්නට ලැබීම සිඛවළඳ කෘතිය රචනා වූ සමයේ ලක්දිව බොහෝ සෙයින් ජනප‍්‍රියත්වයට පත්ව තිබුනේ පාලි භාෂාවයි. එසේම, සිඛවළඳ හා විනිස කෘතියට මුල් වූයේ පාලි මූලාශ‍්‍රයයන්ය. එහෙයින් මෙහි පාලි ව්‍යාකරණ ලක්‍ෂණ දැකගත හැකිය.  සූත‍්‍ර විලාසයකින් ගලා යෑම සූත‍්‍රානුභාසය කතුවරයාට පෙළ දැනුමත් සම`ග පැවති හෙයින් ආධ්‍යාහාරයෙන්ම උක්ත රීතිය කෘතිය රචනා වීමේදී ඉවහල් වන්නට ඇත. එම රීති ක‍්‍රමය කෘතියෙහි ශාස්ත‍්‍රීය මට්ටමට හානියක් සිදු කර නැත. ‘‘නහන සඳැ තොට කො`ඩවරු පවුරු ටැම්හි රුක්හි නහන තැන පිඳුවූ කොරස් පුවරුයෙහි තමා සිරුර ගහා උළා නම් ද`ඩු පෙනෙනුදු කුරුඳු වැළිනුදු අනන්මන සිරුර මහා උළා නම් දුකුලා වේ.’’  කාව්‍යාත්මක භාෂා විලාසය කාව්‍යාත්මක ස්වරූපයෙන් කියවා රසවිඳිය හැකි අන්දමින් යම් යම් විනය නීති රචනා කිරීමට කතුවරයා සතුව සහජ දක්‍ෂතාවක් පැවති බව ඉන් ප‍්‍රකට වේ. ‘‘ලිහිණිව වඳී නම්- වැඳුම් ගනී නම්- ගමන් යේ නම්- බොජුන් බුදුනාදී කෙරෙ නම්- දියෙන් බැහැර සිට තමහට පිරියම් කරවා නම්- අන්නට තෙමෙ කෙරෙ නම්- දුකුලා වේ.’’  කෙටි වාක්‍ය රටාව මෙම කෘතිය පුරාවට දක්නට ලැබෙන සංක්‍ෂිප්ත වාක්‍ය රටා රීතිය සුවිශේෂී රීති ක‍්‍රමයකි. එය කතුවරයා සතු විදග්ධ ශාස්ත‍්‍රීය දක්‍ෂතාවකි. මෙම කාරණාව කෘතියෙහි ශාස්ත‍්‍රීය බව ආරක්‍ෂා වීමට බෙහෙවින් බලපා ඇත. ‘‘උපසපන් පැවිජ්ජක්හු බවා නම්’’ ‘‘දියෙහි කෙළී නම්’’ ‘‘අනදුරු කෙරෙ නම්’’ ‘‘රහමෙර පර`ගලා කෙරෙ නම්’’ ‘‘ගිරි කවා වම්’’ ‘‘හ`ඩවා දියකිස සාහා නම්’’  තැන්පත් භාෂාව සිඛවළඳ හා සිඛවළ`ද විනස කෘතියෙහි දක්නට ලැබෙන්නේ නීති රීති මාලාවක් හේතුවෙන් එහි භාෂාව තැන්පත් භාෂාවක් විය යුතුය. කතුවරයා කෘතිය රචනා කොට නිමවන තුරාවටම සිතෙහි ධාරණය කොටගෙන සිටි ප‍්‍රධාන ධාරණාව මෙය විය හැකිය. එම තැන්පත් භාෂා රීතිය කෘතියේ ශාස්ත‍්‍රීය බවද ඉහළින් ආරක්‍ෂා කිරීමට සමත් වී ඇත. කෘතිය පුරාවට ඒ සඳහා නිදසුන් ඉතා ප‍්‍රචුරව දැකගත හැකිය.  අර්ථයට හානි නොවන සේ අනාගත කාලයට අනුව යම් යම් දේ ප‍්‍රකාශ කිරීම ‘‘සමවජින්නෙමි’’  විභක්ති සූචක පද ආරම්භය විභක්ති සූචක පදවලින් අර්ථය ප‍්‍රකාශ කිරිමේ රීතියද ආරම්භ වන්නේ මධ්‍යකාලීන යුගයේ සිටය. සිඛවළඳ හා විනිසෙහි විභක්ති සූචක පද තත්ත්වාකාරයෙන් යොදා ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ එම විභක්ති ක‍්‍රමය වර්තමාන විභක්ති ප‍්‍රත්‍ය හා සාම්‍ය වීමයි. ‘‘මාගම විසින් අනිකෙකු ලවා මෙවුන්ලේ සතුරන්ගේ පැවිදි කෙනෙකුන් කෙරෙන් මිනිස් මාගම කෙරේ තිරිසනක් හට තිරිසනුන්ගේ’’  පාලි පදයට සවිස්තරාත්මකව අර්ථ සැපයීම පාලි පදයක් සඳහා සවිස්තරව අර්ථ සැපයීමේ රීති ක‍්‍රමයක්ද මෙම කෘතිය අධ්‍යයනයේදී දෘශ්‍යමාන වේ. ‘‘ධුරනිෙක්‍ඛපො යනු අරම් ආදී ගන්නා තැන් හිදු තමා කෙරේ තුබූ පිරිකරත් නොගත්මී...’’ මීට අමතරව සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි පැනෙන රීති ලක්‍ෂණ කිහිපයක මන්දාලෝචනයක් මතු දැක්වේ.  පාලි සිංහල උභය භාෂාවන්ගෙන් අර්ථ සැපයීම ‘‘පණ්ණරසී වුව ‘අජ්ජ මෙ උපොසථො පණ්ණරසො අධිට්ඨාමි’ චාතුද්දසී වුව ‘‘අජ්ජ මෙ උපොසථො චාතුද්දසො අධිට්ඨාමි’’යි එකක්හු වුව ඉටන් පොහෝ කරන සේයි’’  පාලි පදයට සංක්‍ෂිප්ත සිංහල අර්ථ සැපයීම ‘‘පත්තදානං යනු තලපත් ආදී දීම්’’  සිංහල පදයට පාලියෙන් අර්ථ සැපයීම ‘‘මහ අසුන් නම් පල්ලංක, තුලික, පටික, පටලික, ගොණක, චිත්තක...’’  ප‍්‍රශ්නාර්ථ රීතිය ‘‘රුවන්තියා අරභයා බුදුහු කි බුදුහැ? ... ධම්, කි, ධමැ? ... ස`ගැ කී ස`ගැ?...’’  පාලි පදයට සිංහල විභක්ති ප‍්‍රත්‍ය යෙදීම ‘‘සබ්බඡුන්න සබ්බපරිච්ඡුන්නයෙහි පචිති වේ. සබ්බච්ඡුන්න යෙභුය්‍ය පටිච්ඡුන්නයෙහි...’’  සිංහල පදයකට සිංහලෙන් අර්ථ සැපයීම ‘‘දෑ විසින් සසිවුරි කොමුමුවා සිවුරු කපුමුවා සිවුරු, තිහිරිමුවා සිවුරු ... නොමු ආදී මුසු කොට කළ සිවුරුයි’’  සිංහල පදයකට පාලියෙන් අරුත් දී නැවත සිංහලෙන් විස්තර කිරීමේ රීතිය ‘‘මෙහි පස්විසි අවහාර නම් කවර යත් නානාභාණ්ඩ පඤ්චකයැ එකභණ්ඩ පඤ්චකයැ සාහත්‍ථික... යන මේ පස් පඤ්චකයන් විසින් පස්විසි අවහාරයෝයි’’ යථෝක්ත සමස්ත ප‍්‍රස්තූතයන් සෝදාහරණ සහිතව විමසීමේදී සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි රීති ක‍්‍රමයද ශාස්ත‍්‍රීය ව්‍යවහාරයක් සඳහා සංවිධිත ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ බව විද්‍යමාන වේ. ඕනෑම කෘතියක කල්පැවැත්ම තීරණය වන්නේ එහි ඇති ශාස්තී‍්‍රය මට්ටම පදනම් කරගෙනය. ඒ අනුව කෘතියක ශොභාමත් බව තීරණය වන්නේ, එහි ඇති සංවිධිත ශාස්ත‍්‍රීය භාෂාව සහ රීති නමැති ආභරණයන්ගෙන්ය. ලක්දිව පැරණිතම කෘතියක් වන සිඛවළද හා විනිසෙහි දක්නට ලැබෙන්නේ මධ්‍යතන යුගයේ භාෂා ලක්‍ෂණයන්ය. එය කෙතරම් පැරණි කෘතියක් වුවද එහි ඇති විශේෂත්වය වන්නේ වර්තමානයට ගැළපෙන සංවිධිත භාෂා රීති ලක්‍ෂණයන්ගෙන් සමන්විත වීමයි. ඒ බැව් භාෂා ලක්‍ෂණ හා රීති ක‍්‍රමය යටතේ සාකච්ඡුා කළ උක්ත ධාරණා තුළ ප‍්‍රකාශිතය. මෙම සමස්ත කාරණා අධ්‍යයනයේදී සිඛවළඳ හා විනිස කෘතියෙහි භාෂා විලාසය හා රීති ක‍්‍රමය ශාස්ත‍්‍රීය ව්‍යවහාරයක් සඳහා සංවිදිත වූ ලක්‍ෂණයන්ගෙන් යුක්ති යුක්ත බව ප‍්‍රකට වේ.

No comments: