UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: නාට්‍ය පිටපතක්

Tuesday, December 10, 2013

නාට්‍ය පිටපතක්

නාට්‍ය පිටපතක් දිසාපාමොක් ÷ ‘‘ බ‍්‍රාහ්මණය , නුඹගේ ධර්මපාල කුමාරයා ති‍්‍රවේදයෙන් පරතෙරට ගොස් හටගත් රොගයෙන් උත්සන්නව මියැදුණේය.’’ බ‍්‍රාහ්මණයා ÷‘‘හහ්...,......හා.... මගේ සිත කම්පාවීමට එය කරුණක් නොවේ. ................................................................................................................................................................ නිවේදක ÷ අද මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ සවස් යාමයේ අප ඔබ හා එක්වන්නේ පාරමිතා සජීවි වැඩසටහන සමගයි.ඉතින් ප‍්‍රිය අසන්නෙණි , මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අද අපේ මැ`දිරියට වැඩම කරනු ලැබුවේ කෙසෙල්පොත අසස්ජි ස්වාමින් වහන්සෙයි. උන්වහන්සේ සමග සම්බන්ධ වීමට ප‍්‍රථම අපි ඔබෙන් ප‍්‍රශ්නයක් විමසනවා නිවැරදි පිළිතුරු ලබා දෙන්නන් අතරින් පළමු තිදෙනාට බුද්ධ භුමි වන්දනා සදහා ටිකට්පත් තුනෙක් පිරිනමනවා. ඉතින් අපේ ප‍්‍රශ්නය වන්නේ ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත ජාතක කථා සංඛ්‍යාව කීයද යන්නයි. අපේ දුරකථන මාර්ගය ඔස්සේ පිළිතුරු ලබාදිය හැකියි. අවසරයි . අපේ හාමුදුරුවනේ , අද දවසේ ඔබ වහන්සේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ජාතක කථාව ගැන මුලින්ම පොඞ්ඩක් හදුන්වලා දුන්නොත් හොදයි කියලා හිතෙනවා. ස්විමින් වහන්සේ ÷සියලූදෙනාටම තෙරුවන් සරණයි! අද මම කල්පනා කළා කාලීනව වැදගත් වන කථාවක් මේ ඇත්තන්ට පැහැදිලි කරන්නට. ඒ තමයි මහා ධර්මපාල ජාතකය. මේක දේශනා කළේ අපේ බුදුහාමුදුරුවෝ කිඹුල්වත් නුවර වැඩ සිටින කොට සුද්ධොදන මහරජතුමා අරබයායි. ඉතින් අද මම හිතුවා මේ ඇත්තන්ට ධර්මය අනුගමනය කිරීමේදි මෙලොව ආනිසංස ලැබෙන කථාවක් කියාදෙන්නට. දැන් අපි දැකලා තියෙනවා පොලිසිය වගේ තැන්වල ලාඤ්ඡුනවල ‘‘ධම්මො හවේ රක්ඛති ධම්මචාරි’’ කියලා. ඒ පාඨය එන්නේ මේ ජාතක කථාවේ. සමහර පළාත් ගත්තාම මංකොල්ලකාරයන් , සොරුන් හා වඤ්චාකාරයන්ගෙන් පිරිලා. එහෙම පළාත්වල මිනිසුන්ගේ ජීවිතවල දැහැමි බවක් නැ. අකුසල් සිතුවිලි නිසාම විපත්ති ඔවුන්ට ගෙනදෙනවා. ඒ වගේම හොද පින් සිතුවිලි තියෙන මිනිසුන් ජිවත්වන ප‍්‍රදේශවල ජිවත්වන ඇත්තන්ට විපත් අඩුයි. මේ ජාතක කථාවත් කියන්නේ ඒ වගේ දෙයක් ගැන තමයි. නිවේදක ÷ හොදයි . අපේ හාමුදුරුවනේ , අපිට පොඞ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ ජාතක කථාව දේශනා කළේ කවර කාරණාවක් හේතුවෙන්ද කියලා? ස්වාමින් වහන්සේ÷ අපේ සිද්ධාර්ථ කුමාරයා බුදුබව පතා දුෂ්කරක‍්‍රියා කරනකොට එක්තරා අවස්ථාවකදී ඒ උතතමයෝ ජීවිතයත් මරණයත් අතර සටනක් කළා. මේ අවස්ථාව දැකපු දේවතාවෙක් සුද්ධොදන මහරජතුමාට කියනවා අන්න ඔබේ පුත‍්‍රයා මියැදුණා. ඊට පස්සේ සුද්ධොදන රජතුමා කලබලයකින් තොරව අහනවා , මියැදුණේ බුදු වෙලාද? නැද්ද? පසුව මේ දෙවියා කියනවා, බුදු බවට පත් නොවී තමයි මියැදුණේ. රජතුමා මේ කථාව කොහොමටවත් පිළිත්තේ නැ. පස්සේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා කිඹුල්වත් පුරයට වැඩියා. ඇවිත් මාළිගාවට වැඩියට පසුව කැ`ද පිළිගන්වලා කථා බස් කරන ගමන් පිය රජතුමා මේ කථාව කිව්වා. ඊට පස්සේ අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා රජතුමනි, ඔබ මේ ආත්මයේදී පමණක් නොව කලින් ආත්මයකත් මම මළා යැයි කීවාට ඔබ පිළිගත්තේ නැ. ඒ කථාව තමයි මහා ධර්මපාල ජාතක කථාව. නිවේදක ÷ බොහොම පැහැදිලියි . අමේ හාමුදුරුවනේ, අපි මේ නාට්‍ය ඛණ්ඩයෙන් පසුව පුංචි විරාමයකින් නැවත හමුවෙමු. ................................................................................................................................................................(නාට්‍ය ඛණ්ඩය* සුදුධොදන රජතුමා÷ ‘‘සක්විති රජකම ගන්නට හිටිය මගේ එකම කුමාරයා බුදු බව ලබාගන්නට සියලූ සැප සම්පත් දාලා ගියා. අනේ මගේ කුමාරයා...... රාජ බොජුන් දැන් නැතුව ඇති. රාජ සැළකිලි දැන් නැතුව ඇති. බොහෝම දුක් වි`දිනවා කියලා මට ආරංචියි. හ්...........ම්.. වෙලාවකට මට හිතෙනවා කුමාරයා හොයාගෙන යන්ට... බලමුකො තව ආරංචියක් දෙකක් එනකම්. ආ..... මොකක්ද මේ එලිය. අදහාගන්නත් බැ. ඕ. ඕ... කවුද මේ ? ඔබ කවුද? දේව්දුව ÷ කලබල නොවන්න මහරජතුමනි, මම දේවතා දුවක්මි. මට ඔබට දක්වන්නට පුවතක් ඇත. නමුත් එයින් ඔබේ සිත මහත් කම්පාවට පත් වේවි. රජතුමා ÷ කිමෙක්ද? දේවතාවියනි එය . සිත කලබල වනවාද යන්න පැවැසිය හැක්කේ එය ඇසීමෙන් පමණි. දෙව්දුව ÷ එසේ නම් කියන්නෙමි. තොප පුත් සිද්ධාර්ථ කුමරු දුෂ්කර ක‍්‍රියා භුමියෙහි මියැදුණේය. රජතුමා ÷ ම්.....ම්. (කලබලයෙන් තොරව* එසේ වීනම් බුදුව කාල ක‍්‍රියා කළෝද? , නොබුදුව කාල ක‍්‍රියා කළෝද? දෙව්දුව ÷ නොබුදුව කාල ක‍්‍රියා කළෝය. රජතුමා ÷ දෙවතාවියනි, මපුත් බුදුව මිස නොබුදුව කාල ක‍්‍රියා නොකරයි. මම එය නොපිළිගනිමි .’’ ................................................................................................................................................................ දන්නෝ බුදුන්ගේ ශ‍්‍රී ධර්මස් කන්දා පැවී එ රජ සො`ද සීලේ නිබන්දා ............................. ............................. ............................. ................................................................................................................................................................ නිවේදක ÷ඔබ නැවතත් විරාමයෙන් අනතුරුව එක්වන්නේ ‘‘පාරමිතා’’ වැඩ සටහන සම`ගිනි. අපි මේ සහෘද අසන්නන්ට මහා ධර්මපාල ජාතකය දේශනා කරන්න හේතු වු කරුණු පැහැදිලි කළා.ඉතින් අපේ හාමුදුරුවනේ , අපේ මේ ප‍්‍රිය අසන්නන් බලා සිටින්නේ මේ ජාතක කථාව අසන්නට. ඒක නිසා අපේ හාමුදුරුවො මේ ජාතක කථාව ඉදිරියටත් පැහැදිලි කලොත් හොදයි නේද? ස්වාමින් වහන්සේ÷ ඔව්. සැදැවතුනේ , මේ ජාතක කථාව ආරම්භ වන්නෙත් බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේම තමයි. ඒ කාලේ ධර්මපාල නමින් ගමක් තිබුණා. ඒ ගමේ ප‍්‍රධානියා ධර්මපාල කියලා බ‍්‍රාහ්මණයෙක්.ඉතින් මේ ගමට ධර්මපාල කියලා නම හැදුනේ නිකම්ම නොවෙයි. අපි දන්නවා අපේ ගම්වල නම් හැදිලා තියෙන්නේ මොකක්හරි හේතුවක් මුල් කරගෙනයි. මේ ගමේ අය හැම පෝයකම අටසිල් සමාදන් වෙනවා. හැමදාම පන්සිල් සමාදන් වෙනවා. ඒ වගේම ගමේ හැමෝම ධාර්මිකයි. ඒක නිසා තමයි මේ ගමට ධර්මපාල යන නම හැදුනේ. නිවේදක ÷ අපේ හාමුදුරුවනේ මේ ගමේ ධර්මපාල කුමාරයෙකුත් හිටියා නේද? ස්වාමින් වහන්සේ÷ ඔව් . මේ ගම් ප‍්‍රධාන ධර්මපාල බ‍්‍රහ්මණයාගේ පුතා තමයි ධර්මපාල කුමාරයා. මේ කුමාරයාට උගන්වන්නට අවශ්‍ය මසුරන් සමග පිරිවරින් දිසාපාමොක් ඇදුරුතුමා ළගට පිටත් කළා. මේ කුමාරයා ඇදුරුතුමාට කීකරු වේලා ශිල්ප ශාස්ත‍්‍ර මනාව ඉගෙන ගත්තා. ................................................................................................................................................................(නාට්‍ය ඛණ්ඩය* ධර්මපාල බ‍්‍රහ්මණයා÷ මගේ ධර්මපාල කුමාරයාට ඉගෙනීමට නිසිවයස් දැන් සම්පූර්ණයි. ඉතින් මසුරන් සමග ප`ඩුරුයි මග වියදමට මසුරනුයි දීලා සහ පිරිවරින් දිසාපාමොක් ඇදුරුතුමා ළගට යැව්වොත් නම් හොදයි. මපුත, දිසාපාමොක් ඇදුරුතුමා ළගට ගොසින් ශිල්ප ශාස්ත‍්‍ර මෙන්ම ත‍්‍රිවේදයෙහි පාර ප‍්‍රාප්ත වීමට නුඔ කැමැතිද? කුමාරයා ÷ එසේය . පියතුමනි. ධර්මපාල බ‍්‍රහ්මණයා÷ අවශ්‍ය මග වියදම්, ගුරු ප`ඩුරු සියල්ල දැනටමත් මම පිළියෙළ කළා. මපුත එසේ වීනම් හෙට උදෑසනම ගමන් අරඔමු. ................................................................................................................................................................ නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස වුවනින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා ....................................................... ....................................................... ................................................................................................................................................................ නිවේදක ÷ නැවතත් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ ‘‘ පාරමිතා’’ වැඩ සටහන සමගයි. ඉතින් අපේ ප‍්‍රිය අසන්නන් මේ ජාතක කථාවේ ඉදිරියට මොනවාද වෙන්නේ කියලා දැනගන්නට මහත් කුතුහලයෙන් ඉන්නේ. ඉතින් අපේ හාමුදුරුවනේ අපිට ජාතක කථාවේ ඉතිරි කොටසත් පැහැදිලි කරලා දුන්නොත් හොදයි කියලා මට හිතෙනවා. ස්වාමින් වහන්සේ÷ හොදයි.දැන් මේ ධර්මපාල කුමාරයා ඇදුරුතුමා ළග හොදට සිල්ප ශාස්ත‍්‍රය හදාරනවා.දැන් මේ කුමාරයා අතවැසියන් සමග බොහොම දක්‍ෂ , තීක්‍ෂණ හා ජනප‍්‍රිය ශිෂ්‍යයෙක්. ධර්මපාල කුමාරයත් එක්ක හිටියා දිසාපාමොක් ඇදුරුතුමන්ගේ පුත‍්‍රයෙක්. මේ දරුවත් බොහෝම හොද දක්‍ෂ ශිෂ්‍යයෙක්. මෙහෙම කාලය යනකොට ඇදුරුතුමන්ගේ ළමයා හටගත් රෝගයකින් අසාධ්‍ය වෙලා මියැදුණා. ඉතින් මෙක දරාගන්නට නොහැකිව දිසාපාමොක් ඇදුරුතුමා වගේම අන්තේවාසික පිරිස හඩා වැළපුනා. මේක දැනගත්ත ධර්මපාල කුමාරයාට මේක මහ පුදුම දෙයක්. හේතුව තමයි මේ ධර්මපාල කුමාරයා බාල වියේ එක මරණයක් හෝ මීට පෙර දැක නොතිබීමයි.ඉතින් මේක ධර්මපාල කුමාරයා යාළුවන්ට කිව්වා.පස්සේ දිසාපාමොක් ආචාර්යවරයාට ආරංචි වුණා. පසුව දිසාපාමොක් ඇදුරුතුමා ධර්මපාල කුමරු ගෙන්වා මෙයට හේතු විමසුවා.කුමාරයා පැහැදිලි කරනවා තමන් ජීවත් වු පළාතේ මේ වගේ බාල වියේදි මරණයට පත්වෙන් නෑ කියලා .නමුත් ගුරුවරයා මේ කථාව පිළිගත්තේ නෑ. ඇදුරුතුමා කල්පනා කළා මේක පරීක්‍ෂා කරන්න. ඊට පස්සේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් සමග එළුවෙකුගේ ඇට කැබැල්ලක් අරගෙන ධර්මපාල කමාරයාගේ ගමට ගියා. නිවේදක ÷ හොදයි. අපේ හාමුදුරුවනේ, අපි මේ නාට්‍ය ඛණ්ඩයත් සමග පුංචි විරාමයක් අරගෙන නැවතත් අපේ අසන්නන්ට කථාව කියමු. ................................................................................................................................................................(නාට්‍ය ඛණ්ඩය* ශිෂ්‍යයෙක් ÷ මේ.. මේ.. ධර්මපාල ඇදුරුතුමාගේ පුත් ජීවන මියැදිලා... ධර්මපාල ÷ මොනවා... මියැදිලා. හ්.ම්... එහෙම වෙන්නේ කොහොමද? ශිෂ්‍යයා ÷ ඇයි මරණයට බාල , තරුණ , මහලූ කියා භේදයක් තියේද? ධර්මපාල ÷ මම මීට කලින් බාල කාලේ මරණයක් ගැන අසා නෑ.. අඩුම තරමේ අපේ ගමේ වත් එහෙම මරණයක් වේලා නෑ. ශිෂ්‍යයා ÷ එහේම වෙන්න විදියක් නැ. මරණයට කාලයක් නෑ කියලා අහලා නැද්ද? ................................................................................................................................................................ සන්නාලියනේ....// මේ හිමිදිරි උදයේ සන්තොසෙන් ඔබ හිනැහි හිනැහි කාටද සළුව වියන්නේ කාටද ඇදුම වියන්නේ .................................. .................................. .................................. ................................................................................................................................................................(නාට්‍ය ඛණ්ඩය* දිසාපාමොක් ÷ හ්.......ම් .. කවුද අර ඈතින් එන්නේ. ආ.... මේ ගමේ ඇත්තෙක් වගේයි. අහගත්තැකි ධර්මපාල ගමට යන දිසාව කොහේද කියලා ? මට උන්නැහැගෙන් දැන ගන්න පුලූවන්ද ධර්මපාල ගමට යන දිසාව දැනගන්න? ගම්වැසියා ÷ ම්... ඔබතුමා කව්ද? දිසාපාමොක් ÷ මම තමයි දිසාපාමොක් ඇදුරුතුමා. ගම්වැසියා ÷ ආ...... ඒ උත්තමයෝ ඔබතුමාද? මම නෙදැන ගෙනයි කථා කොළේ. මගේ වචනෙකින් හරි වැරුද්දක් වුනා නම් සමාවෙන්ඩ ඕනැ.. ඔබතුමා වැනි උත්තමයෙක් දකින්ඩ ලැබෙන්ඩත් පෙර පින් කොරලා තියෙන්ඩ ඕනි. (සතුටින් * මේක තමයි ධර්මපාල ගම. දිසාපාමොක් ඇදුරු ÷ එහෙනං අපට කියාපන්කො ධර්මපාල බ‍්‍රාහ්මණයාගේ ගෙට යන මග? ගම්වැසියා ÷ ඔය පාර කෙලවරේම තියෙන්නේ එතුමගේ ගෙදර තමයි. ................................................................................................................................................................ නිවේදක ÷ දැන් ඔන්න ඉතින් දිසාපාමොක් ඇදුරුතුමා ධර්මපාල ගමට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපේ හාමුදුරුවන්ගෙන්ම අහලා බලමු. ස්වාමින් වහන්සේ ÷ ඔව්. දැන් ඉතින් දිසාපාමොක් මේ ගමට ඇවිල්ලා ධර්මපාල බ‍්‍රාහ්මණයාගේ ගෙදරටත් ආවා. ගමන් වෙහෙස නිවාගෙන තමන් ඇතුළු පිරිස පැමිණීමට හේතු කියන්න සුදානම් වුණා. ඊට පසුව පැමිණීමට හේතු වුණු ශෝචනීය පුවත කියනවා. මේ ඇදුරුතුමා කියනවා ධර්මපාල කුමාරයා සියලූ සිල්ප ශාස්ත‍්‍ර ඉගෙන ගෙන ත‍්‍රිවේදයෙහි පාරප‍්‍රාප්ත වේලා හදිසි අසනීපයක් හැදිලා මියැදුණා කියලා. නමුත් මේ බ‍්‍රාහුමණයා කලබල වුණෙත් නැ. මෙය පිළිගත්තේත් නැ.දෙවැනි වරටත් කිව්වා.ආවේ මරණය ගැන සැළකරන්නට කියලා.දෙවැනි වරත් සැහැල්ලූවෙන් එය ප‍්‍රත්ක්‍ෂෙප කළා. තුන්වැනි වාරයේදී ගෙනාපු ශරීර අස්ථියක් පෙන්නුවා. එවිටත් එය පිළිගැනීම ප‍්‍රතික්‍ෂෙප කළා. ඊට පස්සේ ඇදුරුතුමා අහනවා එය පිළි නොගැනීමට හේතු මොනවාද කියලා. ................................................................................................................................................................(නාට්‍ය ඛණ්ඩය* දිසාපාමොක් ÷ ‘‘ බ‍්‍රාහ්මණය , නුඹගේ ධර්මපාල කුමාරයා ති‍්‍රවේදයෙන් පරතෙරට ගොස් හටගත් රොගයෙන් උත්සන්නව මියැදුණේය.’’ බ‍්‍රාහ්මණයා ÷‘‘හහ්...,..හ්....හා.... මගේ සිත කම්පාවීමට එය කරුණක් නොවේ. දිසාපාමොක් ÷ එවැනි කරුණක් ඇසීමෙන් ඔබේ සිත සැහැල්ලූවට තබා ගත හැකිද? කිම්ද ඔබේ හදවතේ දරුවා පිළිබ`ද ආදරයක් නොමැතිද? ආ.. ආ... මෙන්න... මෙන්න අපි ගෙනවා ඔබේ මළ දරුවාගේ අස්ථියක්.. දැන්වත් පිළිගන්නට බැරිද? බ‍්‍රහ්මණයා ÷ (සිනහවෙමින්* ඕක... ඔය අස්ථිය එක්කෝ එළුවෙකුගේ නැත්නම් බල්ලෙකුගේ.. එහෙම නේද? දිසාපාමොක් ÷ ...(තමාටම කියාගනිමින්* මේක මහ පුදුම දෙයක්නේ.. ඒ.. ඒහෙම කියන්නේ මොකක් හින්දද? ................................................................................................................................................................ නිවේදක ÷ අපි පුංචි විරාමයකින් පසු එකට හේතු දැනගනිමු. සැදැ අදුර ලොව ගලන වේලාවට කවුළු පියන්පත් වැසෙන වේලාවට දහසක් දොම්නස් සිහින පබළු මැද තනිවුණ ඔබේ සුසුමන් - සෙමින්විත් මගේ සවනත පාරයි ......................................................... ......................................................... ................................................................................................................................................................ ස්වාමින් වහන්සේ ÷ දැන් අපි ජාතක කථාවේ අවසාන අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ. ධර්මපාල කුමරුගේ බාල කාලයේ මරණය පිළිබ`දව විශ්වාස නොකිරීමට හේතු බමුණාගෙන් ඇසුවා. බමුණා කියනවා මේ ගමේ සියලූ දෙනාම හැම පෝයකම අටසිල් සමාදන් වන බව. ඒ වගේම මේ ගම්මු හැමදාම පන්සිල් සමාදන් වෙනවා. දස කුසල් රුස් කරනවා. විහිළුවටත් බොරු කියන් නැ. ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට , දුගී මගී යාචකයන්ට සන්තෝස සිතින් දන් දෙනවා. පරදාර සේවනයක් කරන් නෑ. එක නිසා මේ බමුණාගේ වංශයේ අය බාල කාලයේ මැරෙන්නැ. මේ ගමේ අයත් එහෙමයි. මව්පිය ¥දරු නෑ සියලූ දෙනා මරණින් පස්සේ යහපත් තැන්වල ඉපදෙනවා. ඒක නිසා තම පුතාගේ මරණය කෙසේවත් පිළි නොගන්නා බව බමුණා කිවුවා.මේ ගුරුතුමා බාල කාලයේ මිය නොයැමට හේතු දැනගත්තායින් පසුව තමන් මුලින් කීවේ බොරුවක් බව ප‍්‍රකාශ කළා. ‘‘ ධම්මො හවේ රක්‍ඛති ධම්මචාරී ඡුත්තං මහන්තං විය වස්ස කාලේ ධම්මෙන ගුත්තෝ මම ධම්ම පාලෝ අඤ්ඤස්ස අට්ඨීනි සුඛි කුමාරො ’’ බමුණා ප‍්‍රකාශ කරනවා ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්‍ෂා වේ. එය කුමක් මෙන්ද යත් වර්ෂා කාලයේ කුඩයක් අතින් ගත්තෙකු මහා වර්ෂාවෙන් කුඩය නිසා ආරක්‍ෂා වන්නාක් මෙනි. ඉතින් මේ ජාතක කථාවේ ධර්මපාල කුමාරයාගේ අම්මයි තාත්තයි සුද්ධොදන රජතුමා හා මහාමායා දේවීයයි.දිසාපාමොත් ඇදුරු නම් සාරිපුත්ත තෙරණුවෝයි. ධර්මපාල කුමරු අප මහා තිලෝගුරු බුදු පියාණෝයි. නිවේදක ÷ මං හිතන්නේ බොහෝම වටින ජාතක කථාවක් අපට අසන්නට වාසනාව උදාවුණා. ඒ අපේ ශ‍්‍රාවකයන් සියලූ දෙනාගේම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය ඔබ වහන්සේට හිමිවෙනවා. ඉතින් අපේ ජීවිතවලට ඉතාම වැදගත් ධමෙ_ාපදේශයන් රාශියක් අද පිරමිතා වැඩසටහන තුළින් අපි ලබා ගත්තා. මුලින් ඇසූ ප‍්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ 547යි. ඉතින් ජයග‍්‍රාහකයන් වන්නේ .... . ඉතින් වැඩ සටහන හමාර කිරීමට මත්තෙන් සියලූ දෙනාටම සුභ වෙසත් මංගල්‍යයක් වේවා කියා ප‍්‍රාර්ථනා කරනවා . බුදු පියාණෙණි.. ඔබේ පාද කරනෙමි පිණිපා පියෙන් පියට මිහිකත සනහා බැලූ බැලූ නෙත් සිත් බ`දවා දහම් අමාවෙන් තිලොව තෙමු බුදු පියාණෙණි.. ඔබේ පාද කරනෙමි පිණිපා// සසර සයුරකට නෞකාවයි නිමල අමිල නෙත් සිලිරාරයි ලොවේ අනගි ගුණ දම් මුහුදයි බුදු පියා මගේ බවේ අදුර නැසු මිණි පහනයි හිමියනි ඔබේ මොක් මග හමුවේ බැ`දිමි බැ`දිමි පෑවෙමි නිබෙ`ද් තිලෝ තිලක සම්බුදු සම්ෙ`ද් මම දිවා රුයේ ගිලි නහමි නිය කැන් දහරේ// ගුවන් විදුලිය වනාහි ශ‍්‍රැති ගෝචර මාධ්‍යකි. මෙම මාධ්‍යය වූ කලි ක්‍ෂණිකය , ක්‍ෂණ භංගුරය. රූපවාහිණියේ ආගමනයත් සමග ගුවන්විදුගියේ අභාවය සිදු වෙතීයි ඇතැම්හු කල්පනා කළද එය එසේ සිදුවී නොමැත. ගුවන් විදුලිය වනාහි ජනතාවට ඉතා සමීප වූ ලෙන්ගතු මාධ්‍යයක් වී ඇත. එම නිසා එහි භාෂාව සරල මෙන්ම නිරවුල් විය යුතුය. භාෂාව පිළිබදව සැළකිලිමත් විය යුත්තේ ගුවන්විදුලි මාධ්‍යය ද්විතීය වශයෙන් අවිධිමත් අධ්‍යාපනකාරයෙකු මෙන්ම සමාජ සංවිධායෙකු ලෙස දක්වන ශක්‍යතාවයි. තමා භාවිත කරන සෑම වචනයක්ම ශ‍්‍රාවකයාගේ සිතුවිලි මාත‍්‍රයට ගිනි පුපුරක් වැනිය.ගුවන්විදුලි වැඩසටහන් සාර්ථක වීම සදහා අවශ්‍ය වන මුලිකාංගයක් වන්නේද එයයි. මුද්‍රිත මාධ්‍යයක් මෙන් යමක් නැවැත අවධානයට ලක් කිරීමට ගුවන්විදුලීයෙදී නොහැකිය. එම නිසා කියන දෙය වහා වැටහෙන එකක් විය යුතුය. කෙටි නිරවුල් වාක්‍ය යොදා ගැනීම පිටපතක් සාර්ථක වීමට හේතු වේ.එම නිසා අතීතයේ භාවිත කළ භාෂාවට වඩා වර්තමානයේ භාෂාව සරල වී ඇත. නමුත් අතිශයින් සරල වීම ගුවන්විදුලි බස ග‍්‍රාම්‍ය වීමට හේතු වේ. එසේම බස හැසිරවීමේදී පිටපත් රචකයාට විශාල වගකීමක් පැවරේ.විචිත‍්‍රාංග පිටපතක් සකස් කිරීමේදි ලේඛකයා ප‍්‍රථමයෙන් අවබෝධ කර ගත යුත්තේ ඔහු ලියන්නේ කාටද නැත්නම් යොමු කරන්නේ කවරෙක් සදහාද යන්නයි. ලේඛකයෙකුගේ රචනයකින් සෑම දෙනෙකුම සතුටු නොවනු ඇත. එසේ කිරීමට යාමෙන් උසස් නිර්මාණ බිහිවීමද වැළැක් වෙයි. එම නිසා ලේඛකයා පොදු පාඨකයා කවුද ඔවුන්ගේ සිතුම් පැතුම් මොනවාද යන්නත් අවබෝධ කර ගත යුතුයි. ගුවන්විදුලියට පිටපත් සකස් කිරීමේදි ලේඛකයා ග‍්‍රාහකයාගේ අවධානය ගබා ගැනීමට මුලින්ම සමත් විය යුතුය. බොහෝ වේලාවක් ගැනීමට කාලයක් නැත. එසේ වුවහොත් අසන්නන් ගුවන්විදුලිය ක‍්‍රියා විරහිත කිරීම හෝ වෙනත් චැනලයත් වෙත යොමු වීම වැළැක්විය නොහැක. පළමු වැකියෙන්ම කුතුහලය අවුස්සා අවධානය ලබා ගැනීමට සමත් විය යුතුය. තමා ළග සිටින්නන්ට ආමන්ත‍්‍රණය කරන සේ ඇතිය යුතුය.එසේ වුවහොත් සිය ප‍්‍රයත්නයෙන් අඩක් ජය ගත්තා සේ සැලකිය හැක. ගුවන්විදුලිය සදහා විචිත‍්‍රාංග පිටපතක් මෙන්ම වෙනත් වැඩසටහනක් සකස් කිරීමේදි මනොවිද්‍යානුකූල ප‍්‍රවේශය , භාෂාව ගොඩනැංවීමේ රටාව මෙන්ම නිර්මාණාත්මක සහ සෞන්දර්යාත්මක සම්බන්ධය පිළිබ`දව සැලකිය යුතුය. කෙතරම් හොද පිටපතක් වුවද හොද නිෂ්පාදකයෙකු හා දක්‍ෂ නිවේදකයෙකු නොමැතිව අසාර්ථක විය හැක. එම නිසා සාර්ථක විචිත‍්‍රාංග වැඩසටහනක් ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වීම යනු දක්‍ෂයන්ගේ සාමුහික ප‍්‍රයත්නයකි.

No comments: