UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: උපදේශ සාහිත්‍යය යනු

Thursday, December 12, 2013

උපදේශ සාහිත්‍යය යනු

උපදේශ සාහිත්‍යය යනු ශිෂ්ට සම්පන්න ජීවනාලියක් ගත කිරීමට ප‍්‍රලෝබනය ලබාදෙන චාරිත‍්‍ර විධීන් මත කෙරෙන බුද්ධිමත් අනුශාසනාව උපදේශ ලෙස ගිණිය හැකියි. පෙන්වාදීම, දැක්වීම, උපදෙස් දීම, අවවාද කිරීම යන අදහස් පි`ඩු කොටගත් වැකිය උපදේශයයි. එම පරමාර්ථය සාධනය කරනු වස් ප‍්‍රයුංජිත සාහිත්‍යය උපදේශ සාහිත්‍යයි. ‘‘රසය ආත්මය කොට ඇති වාක්‍යය සාධුත්වය පිළිබඳ අනුශාසනාවයි’’ යමක් කළ යුතු නිවැරදි පිළිවෙළ පිළිබඳ ලබාදෙන අවවාදය, අනුශාසනය හා උපාය උපදේශ යනුවෙන් ගම්‍යමානයි. පාලි භාෂාවේදී උපදේශනය සඳහා අරුත් දක්වන්නේ ‘‘පාරම්පරියං අයිත්ත්‍යං උපදේසෝ ඉතීහි’’ යනුවෙනි. ඉංග‍්‍රීසි භාෂාවේ ‘‘ෘසා්ජඑසජල ඡුරුැජැචඑසඩැල ්ාඩසිැරහල ්ාපදසඑදරහ’’ යන වදන් ම`ගින් උපදේශ යන අර්ථය ලබා දෙයි. පුද්ගලයෙකු හෝ මුළු මහත් සමාජයම (සමාජ කොට්ටාශයක්* ඉහළ ජීවන පුරුෂාර්ථ වෙත ප‍්‍රවිෂ්ට කිරීම සඳහා අර්ථයක් ධ්වනිත වන සේ නිර්මිත නිර්මාණ උපදේශ ගණයට අන්තර්ගතයි. සාහිත්‍යයේ මූලික අභිෂ්ටය උපදෙස් ලබාදීම නොවුවන ද සෑම සාහිත්‍ය කෘතියකම කිසියම් උපදේශයක් ලබාගත හැකි බව විදග්ධ මතයයි. පුරාතන යුගයේ සාහිත්‍ය නිර්මාණ තුළ උපදේශාත්මක අගය මැනවින් ස්ඵුට වේ. පුරාණතම සාහිත්‍ය ලෙස පිළිගැනෙන චතුර්වේදයෙන් ආරබ්ධ බ‍්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද්, සංහිතා, පුරාණ ආදිය ද ස්මෘති, මහාභාරත හා භගවත් ගීතිකාව ද උපදේශත්වයෙන් යුක්ත වූයේය. ‘‘චානඛ්‍යගේ නීති සාරය ද සුභාෂිත රත්න භාණ්ඩාගාරය, සාංගධර පද්ධතිය, සුක‍්‍ර නීති සාරය’’ යන ග‍්‍රන්‍ථයෝ සංස්කෘත සාහිත්‍යයේ උපදේශ සම්පාදනයේ මුඛ්‍ය වූවොය. එමෙන්ම ලෝක ශාස්ත‍්‍රය, ශුංගාර වෛරාග්‍ය තරංගනී, ගාථා සප්තසති, රාහුදෝවා, පඤ්චතන්ත‍්‍ර සහ හිතෝපදේශ යන ග‍්‍රන්‍ථ උපදේශ සාහිත්‍යය තුළ වැදගත් ස්ථානයක් ලත් කෘතීන්ය. පෙරදිගට පමණක් සීමා නොවූ උපදේශ සාහිත්‍යයේ මුලූමහත් ලෝකය පුරා ප‍්‍රචලිත වූ විශේෂාංගයකි. බටහිර පැරණිම සාහිත්‍ය කෘති උපදේශ කෘතිම වූහ. ක‍්‍රි. පූ. 06 වන සියවසේ ග‍්‍රීක සාහිත්‍යයේ එන ‘හිසොයිඞ්’ ්‍යැිදසා සාහිත්‍ය කෘතිය ද ‘‘...ලතින් ග‍්‍රන්‍ථ අතර අරටුස් නමැත්තකු ලියූ පිනෝමියා නම් ග‍්‍රන්‍ථය ද ලූත් රීසන්ගේ ඩිරේ රුම් නැචුරා....’’ ශ්‍රේෂ්ට උපදේශ කෘති ලෙස සැළකෙන අතර ද්‍රවිඩ සාහිත්‍යයේ ද උපදේශ ග‍්‍රන්‍ථ රැුසක් නිර්මාණය වී ඇත. ‘‘තිරුක්කුරල්, නා ළඩියාර්, තානමනික්කෝවෛ, අසාරක්කෝවෛ, තිරුතථකම්, සිරුපංචමූලම් මුදෙරෙ’’ ඒ අතර වැදගත් වේ. පාලි සාහිත්‍ය උපදේශ සාහිත්‍යයකි. ත‍්‍රිපිටක ධර්මයෙන් පෝෂණය වූ පාලි සාහිත්‍යයේ ධම්මපදය මෙන්ම ජීවිත අත්දැකීම් පළට ථෙරගාථා ථෙරීගාථා ද උපදේශ සාහිත්‍යයේ කැපී ලෙනෙන කෘති ලෙස ප‍්‍රයුංජිතයි. පසුකාලීනව රචනා වී ඇත ‘සද්ධම්මෝපායනය’ උපදේශ සම්පාදනයෙහි කැපී පෙනෙන කෘතියකි. සාහිත්‍යයේ අරමුණු පරමාර්ථ නිශ්චය කිරීම සංකීර්ණ වූූවකි. එහෙත් උපදේශ සාහිත්‍ය යනුවෙන් විශේෂ සාහිත්‍යාංගයක් පොදුජනයා අතර ප‍්‍රචලිතව ඇත. සත්පුරුෂ ගුණ ධර්ම මානව සන්තානයේ ප‍්‍රවර්ධනය කිරීම සඳහා ස¥පදේශයන් අතිශයින් වැදගත් වන්නකි. සිංහල උපදේශ සාහිත්‍යය÷ බුදු දහම ලංකාවේ ස්ථාපිත වීමත් සම`ග ලක්දිව වැසියන් ආගමික, සංස්කෘතික, දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් වෙනසකට බඳුන් විය. එහිදී සාහිත්‍යය විශාල වශයෙන් සංවර්ධනයට ලක් විය. ලාංකිකයන්ට ආවේණික සාහිත්‍යය නැග්මක් අනුරාධපුර යුගයේ පටන් අද දක්වාම ප‍්‍රතීයමානයි. සාහිත්‍ය තුළ විවිධාංග විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ ස්පුට වන අතර උපදේශ සාහිත්‍යය එහිලා ප‍්‍රමුඛස්ථානයක් ගනු ලබන්නකි. පෙරදිග සෑම සාහිත්‍යයකම උපදේශ සාහිත්‍යාංගයක් වශයෙන් වර්ධනය වී ඇති නමුත් සිංහල සාහිත්‍යයේ උපදේශ කාව්‍ය වශයෙන් වෙන්කොට ගත හැකි කෘති බිහි වූයේ කල්යත්මය. උපදේශ කාව්‍ය වශයෙන් පෝෂණය නොවූවත් අනුරාධපුර සමයේ සිට රචනා වූ සෑම සාහිත්‍ය ග‍්‍රන්‍ථයක්ම නොවඩුව උපදේශ අන්තර්ගත විණි. සිංහල උපදේශ සාහිත්‍ය, ඉතිහාසය, ව්‍යාප්තිය, තහවුරු වීමබ යන කරුණු සලකා යුග තුනකට වෙනස් කළ හැකිය. 01. ශාස්ත‍්‍රීය සාහිත්‍ය කෘති තුළ ඇති උපදේශ ලක්‍ෂණ 02. ශාස්ත‍්‍රීය උපදේශ සාහිත්‍යය 03. ජන උපදේශ සාහිත්‍යය පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතීන් විමර්ශනයට බඳුන් කිරීමේදී එම කෘති තුළින් පැණෙන පරමාර්ථය සාධු සම්මත සත්පුරුෂ සමාජයක් නිර්මාණය කිරීමෙහි ලා ආගමික මුහුණුවරකින් යුත් සදුපදේශ සමාජ ගත කිරීමයි. සියබස්ලකරෙහි පෙන්වා දෙන ආකාරයට ‘‘පෙදෙන් බුදු සිරිත බසින් වත් සිරිත් ඇ’’ යන සම්මතයෙහි පිහිටි සිංහල සාහිත්‍යධරයෝ ත‍්‍රිපිටක සාහිත්‍යයේ එන කථා ප‍්‍රවෘත්තීන් වස්තු විෂය කර ගනිමින් නිර්මිත උසස් සාහිත්‍යය ග‍්‍රන්‍ථ ධර්මෝපදේශවලින් ග‍්‍රහණය. විද්‍යා චක‍්‍රවර්තීන්ගේ බුත්සරණ ආරම්භයේදී ‘‘මෙසේ හික්මවිය විය යුත්තන් හික්මවා අමාමහ නිවන් ලන සේ දන්නා මගේ ස්වාමි දරුවානන් සරණ සෙවිය යුතු යැයි බුත්සරණ යා යුතුය’’ පුජාවලියේදී ‘‘තවද කල්‍යාණ පෘථග්ජන සද්ධාවත් වූ අක්‍ෂර අභ්‍යාසය ඇති සත්පුරුෂයන් සාවද්‍ය වූ කර්මාන්තයන් හැර නිරවද්‍ය වූ ධර්මයෙන් ආත්මාර්ථය පරාර්ථ සාදාගනුම්හයි සිතා නිරවද්‍ය ජීවිකායෙන් ඒ ඒ තන්හි ධර්ම දානාදී ලොවැඩ කරණුයේ සත්වනවූ ලෝවැඩෙකරයි කියමි’’ ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය ආරම්භයේදී ‘‘සත්පුරුෂයන් විසින් හැම වේලේම මේ බන සිත තබා තුන් දොසින් සිදුධ වන අකුසලින් දුරුව කුසල් පුරා දෙව්ලොව් තුරා සැපැත් නිරායාසයෙන් සිද්ධ කටයුතු’’ මේ සෑම කෘතියකම ප‍්‍රවේශය තුළ සමාජ ගත කිරීමට උත්සුක වූ සදුපදේශයක් අන්තර්ගතව ඇති බැවින් එය පාඨක හුදී ජනී ජනයා මැනවින් උකහ ගෙන දෙළොව අභිවෘද්ධිය සාධනය කරගත යුතුයි යන්න ප‍්‍රත්‍යක්‍ෂය. ඒ හේතුවෙන් පැරණි සිංහල බෞද්ධ ජනතාවගේ ආකල්ප සංවර්ධනය වූවා පමණක් නොව එයට සමගාමීව ආචාර සමාචාර පද්ධතියක් සම`ග සමාජයේ ජීවත් වන රටාව විකාශය විය. ධර්මප‍්‍රදීපිකාව වැනි විස්තර ව්‍යාඛ්‍යාන කෘතීන්ගෙන් මෙන්ම දම්සරණ, ස`ග සරණ, ථූපවංශය හා විශේෂයෙන් පන්සිය පනස් ජාතක පොත ආදී සෑම කෘතියකින්ම සුචරිතවත් සමාජයක් උදෙසා මානව චිත්තාභ්‍යන්තර පෝෂණයෙහි ලා වූ උපදේශ සම්පාදනය කිරීමට උත්සුක වූ බව පෙනේ. එමෙන්ම මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ, කාව්‍යසේඛරය හා ගුත්තිල කාව්‍ය යන පද්‍ය කෘති ම`ගින් ද සදුපදේශ සම්පාදනය සිදු විය. ‘‘දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිිහිට - නොවවු යන බස සැබෑ කළෙ මට’’ (ගුත්තිල කාව්‍යය* ‘‘හිමි වුවද උරණා - නොකියා තෙපුල් දරුණා වඩව සිත් කරුණා - වැලිත් නොසිතව දෙතැන සරණා’’ (කාව්‍යසේඛරය* සිංහල කාව්‍ය සාහිත්‍යයේ උපදෙශ ලබාදීම අරමුණු කර ගනිමින් ප‍්‍රයුංජිත පළමු උපදේශ කාව්‍ය පාලි ‘සද්ධම්මෝපායන’ නමැති පාලි මූලාශ‍්‍රය කර ගනිමින් කෝට්ටේ යුගයේ නිර්මාණය වූ වීදාගම මහා මෛත‍්‍රී හිමියන්ගේ ලෝවැඩස`ගරාව යන්න විද්වත් මතයයි. කරුණෑගල යුගයේදී රජ්‍යත්වය ක‍්‍රමිකව පරිහාණියට පත් වීමත් සමාජ දුර්භාෂිතයන් විනාශ කරමින් සමාජ සංශෝධනයක අවශ්‍යතාව පදනම් කරගනිමින් ලෝවැඩස`ගරාව බිහි වියි. පසුකාලීනව කෝට්ටේ යුගය බටහිර සංක‍්‍රමණ හා ආක‍්‍රමණික ක‍්‍රිස්තියානි කතෝලික ආගමික බලවේග හේතුවෙන් සිංහල බෞද්ධ සමාජය සෑම අංශයකින්ම ක‍්‍රමික පරිහානියට පත් විය. සමාජ පරිහානියට පත් මිනිසුන් සාරධර්ම ආදියෙන් පරිපූර්ණ කිරීම සඳහා ඔවුන්ගේ චිත්ත චෛතසිකයන්ට ආමන්ත‍්‍රණය කළ හැකි සමීපස්ථ ක‍්‍රමය උපදේශ පද්‍ය කාව්‍යය ලෙස හඳුනාගත් එකල කවීන් උපදේශ කාව්‍යය ඒ සඳහා යොදාගන්නට වූහ. සීතාවක යුගයේ ජීවත් වූ අලගියවන්න මුකවෙටි එම`ග යමින් සුභාෂිතය රචනා කළේය. පසුකාලීන ලෝකෝපකාරය, බවෝපකාරය වැනි උපදේශ කාව්‍යය සිංහල සාහිත්‍යයට එකතු වෙත්ම සිංහල උපදේශ සාහිත්‍යය ක‍්‍රමයෙන් වර්ධනය වන්නට විය. සුභාෂිතය ක‍්‍රි. ව. 1581 දී සීතාවක රජ පැමිණි පළමුවන රාජසිංහ රජුගේ කාලය ලක්දිව දැඩි පරිහානියකට පත් වෙමින් තිබූ කාලයකි. එකල ජීවත් වූ සාහිත්‍යධරයන් අතර අලගියවැන්න මුකවෙටි උපදේශ සාහිත්‍ය විෂයෙහි වැදගත් මෙහෙයක් සිදු කළ ප`ඩිවරයෙක් විය. සීතාවක යුගයේ අසහය ප`ඩිරුව වූ අලගියවනනගේ කුස ජාතක කාව්‍යය, සැවුල් සන්දේශය, කුස්තන්තීහු හටන වැනි නිර්මාණවලට එක් වූ සුවිශේෂී නිර්මාණ සුභාෂිතයයි. නීති උපදේශ කෘතියක් ලෙසින් සැළකෙන මෙය ක‍්‍රි. ව. 1611 දී රචනා වූවකි. සුභාෂිතය වූ කලි ‘ලෝවැඩ ස`ගරාව’ අනුව යෙමින් නිර්මාණය වූ උපදේශ සාහිත්‍ය කෘතියකි. සමාජයේ නොයෙක් පුද්ගලයන් හා නොයෙක් සිද්ධින් පිළිබඳ සුරචිත උපදේශ ග‍්‍රන්‍ථ මාලාවක් ඇති සංස්කෘත සාහිත්‍යයේ එන හිතෝපදේශය, පඤ්චතන්ත‍්‍රය, නීති ශතකය වැනි කෘති ම`ගින් සමාජ නීති රාජ නීති ආදිය දැක්වෙන සුභාෂිතය නීති ග‍්‍රන්‍ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි. සංස්කෘත නීති ග‍්‍රන්‍ථයන්ගෙන් තෝරාගත් සුභාෂිත සීයයක් සිංහල සුභාෂිතයේ අන්තර්ගතය. අලගියවන්න මුකවෙටි ප`ඞීන් තම පද්‍ය බන්ධනය සඳහා පාලි සංස්කෘත දමිළ සාහිත්‍යයේ නොමද ආභාශය ලබයි. සංස්කෘත සාහිත්‍යයේ එන ව්‍යාසකාරය සහ ශතක ග‍්‍රන්‍ථ ද පාලි සාහිත්‍යයේ එන ධම්මපදය වැනි කොටස් ද ද්‍රවිඩ සාහිත්‍යයේ අවවෛයාර් කිවිඳියගේ අදුෙරෙ, නාල්වලී, නීතිඹිම්බා ග‍්‍රන්‍ථ ද උපයෝගී කරගෙන ඇති බව දැකිය හැකිය. ‘‘ කුළුනෙන් ගුණෙන් නුවනින් පසිඳු හැම තැන සුදනන් සෙවුන නිරිෙ\් ලෙව් ෂත රකින දෙහිරුන් මලින් රොන් ගෙන යන මෙන් සෙමෙන නියමින් අය ගනිති ෂත සිත නොතලමින’’ අලගියවන්න මේ පැදිය සඳහා යොදාගත් බඹරුන් මලින් රොන් ගෙන යෑම සම්බන්ධ උපමාව සඳහා මූලාශ‍්‍රය සපයන්නේ ත‍්‍රිපිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්ම්පදයෙන් බව පෙනේ. ‘‘යථාපි බඹරෝ පුප්ඵං - වණ්ණගන්ධ අහේටයං පලේති රස මාදාය - ඒවං ගාමේ මුනී චරේ’’ සීතාවක යුගයට අයත් සුභාෂිතය එකල ජන ජීවිතයේ නොයෙක් අංශයන් දෙසට අවධානය යොමු වුණු උපදෙස් රසවත් ලෙස පද්‍යයට න`ගා කලාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කරයි. මෙහිලා මුඛ්‍ය අවධානය යොමු වන්නේ එම ස¥පදේශයන්ගේ සාර්වත‍්‍රික ගුණයයි. එනම් අතීත වර්තමාන අනාගත යන ත්‍රෛකාලික ගැලපීමයි. සුභාෂිතයේ එම ගුණය කෙතරම් දුරට විද්‍යමාන දැයි විමසා බලනු වටී. සුභාෂිතයේ ස¥පදේශ වර්තමාන සමාජයට යෝග්‍ය වන ආකාරය උසස් කුල පරපුරක් ඇති පුද්ගලයෙකු කෙතරම් අවහිර කරදර බාධක මධ්‍යයේ සිටිය ද තමන්ගේ ගෞරවය කෙලසන අයෝග්‍ය වැඩ කිසි කලෙකත් නොකරයි. ඔහුගේ විලාශය කේශර සිංහයෙකු බඳුය. ඒකචාරී කේශර සිංහ තෙමේ ඇතුන්ගේ කුම්ඹ විධ‍්‍රණය කරමින් ඔවුන්ගේ මොළය කන්නෙකි. ඔහුට කොතරම් මසහත් ක්‍ෂුධාවක් ඇති වුවත් තණ කබලක් තණකටක් නම් නොකන්නේමය. ‘‘ගජ කුම් බඳින එක සර කෙසරිඳු බලැති කෙතරම් සා වුවත් තණ කබල නුබුදති විගු ගම් කුලෙන් යුත් උතුමෝ අභිමන ලති දිවි හිම් කොටත් නොතරම් කම් නොම කෙරෙති’’ අභිමානවත් පුරුෂ තෙමේද තමාගේ තත්ත්‍වයට කුලයට මාපියනට නිගාදෙන පහත් - ලාමක දුර්වල ක‍්‍රියා නොකරයි. නූතන සමාජයේ මිනිසුන්ගෙන් බොහොමයක් අතින් සිදු වන්නේ මෙයට ප‍්‍රතිවිරෝධී ක‍්‍රියාවන්ය. තමන්ගේ කුල ගෝත‍්‍රයේ තත්ත්‍වය මායිම් නොකරන සමාජයේ අපගාමී තිරශ්චීන ක‍්‍රියාවල ඔවුන් නිරත වෙයි. ධනවාදි සමාජ ක‍්‍රමයෙ හිණිපෙත්තට ගමන් කිරීමේ නොතිත් ආශාව පෙරටුව අල්ලස් ගැනීම්, නිධන් බිඳීම්, අයතා මුදල් ගැනීම්, වංචනික ක‍්‍රියා හා සොරකම් කිරීම් සිදු කරයි. එහිදී ඔවුනට වඩා වැදගත් වන්නේ භෞතිකව ලැබෙන ලාභය මිස අන්කිසිවක් නොවන බව පැහැදිළිය. එබැවින් මෙබඳු සදුපදේශ වත්මන් සමාජ ප‍්‍රගමණයේ අභිවෘද්ධිය විෂයෙහි වැදගත් වූවකි. මිසදිටු දෙවියන් යැදුම අසාර්ථක ප‍්‍රයත්නයක් බවත් බෞද්ධ සාමයික ජීවන පසුබිම ම`ගින් දෙළොව අභිවෘද්ධිය සැළසෙන බවත් ධ්වනිත කරවීමේ පරමාර්ථයෙන් මෙහි මුල් පද්‍ය දහය රචනා වී ඇත. නිවන පතා අනුවනයින් කරන නිසරු වෑයම් ගැන කවියා උපහාසාත්මකව බලා ඉන් මිදීම සඳහා උපදෙස් ලබා දෙයි. ‘‘ලබන මුනිදු හැර අන් සුරනට පැවත නිවන පතා අනුවන සත කරන තැත ලබන පිණිස තෙල් ලොබ වඩවමිණි සිත ම`ඩින වැන්න වැළි මළු ලමිනි තෙලියත’’ නුවන මද මුග්ධ ජනයා බුදුන්බ සරණ යෑම හැර නිර්වාණය පතා නානාවිධ දෙවිවරුනට පේවී ගන්නා මහන්සිය තෙල් ලබාගැනීමේ ආශාවෙන් තෙල් හිඳින යන්ත‍්‍රයට වැළි මළු දමා මිරිකන්නා වැනි යැයි මේ පද්‍ය බන්ධනයෙන් මිනිසුන්ගේ නිශ්පල ප‍්‍රයත්නයන් හාස්‍යයට බඳුන් කරයි. මහින්දාගමනයත් සම`ග බෞද්ධ ආගමික පරිසරයකින් තම දිවසැරි සකස් කර ගත් පුරාණ මිනිසුන් නිවන අරමුණු කර ගනිමින් කටයුතු කළේය.ි නමුත් වත්මන් සමාජ ගත මිනිසුන් එම උතුම් දහම් කරුණු පසෙක ලා අභෞතික විශ්වාසයන් මත රැුඳෙමින් කිසිදිනක ල`ගාවිය නොහැකි මිරි`ගුවක් පසු පස සීග‍්‍රයෙන් ලූහු බඳියි. එය නිශ්පල වෑයමකි. බටහිරකරණයට නතු වූ ලංකා සමාජයේ මිනිසුන් කාර්මික නිෂ්පාදන මතින් තමන්ට ආවේණික අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට උත්සුක වෙයි. එම තත්ත්‍වයට පත්විමට නොහැකි පීඩිත පන්ති ගත මිනිසුන් ද එම තත්ත්‍වයෙන් ඉහළ සමාජ පන්තියක් වෙත යාමේ ආශයකින් පෙළෙයි. එවිට ඔවුන් දෙළොවක් තිබේ යැයි නොසිතා දෛනික ජීවිතයේ ක‍්‍රියාකාරකම් වල නිරත වන්නාහ.ි සුභාෂිත කවියා ප‍්‍රතීයමාන කරනුයේ පරළොවක් ඇතැයි සිතා කටයුතු කිරීම ෂත්පුරුෂ ගුණයකි. එය දෙළොව වැඩ පිණිස පවතී. පරළොවක් නොතිබුණ ද එය යහපත සඳහා හේතු වේ. නමුත් පරළොවක් නැතැයි සිතා කටයුතු කිරීම තුළින් යම් හෙයකින් පරළොවක් තිබේ නම් එහිදී සිදුවන අනර්ථය සුවිශාලය. ‘‘ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත හළොත් යෙහෙකි පවුනම් නොතබාම සිත නැතොත් එ පරළොව ඉන් වන අවැඩ නැත ඇතොත් නැතැයි පවු කළ හට වෙයි විපත’’ මින්සාගේ ජීවිතය සාකල්‍යයෙන්ම අටලෝ දහමට බඳුන්වෙමින් යාත‍්‍රා වන්නකි. ජීවිතයේ සෑම කාලයකදීම ල`ගාවිය හැකි බාදාවෝ අනේක විධය.ි එම බාධක විපත් මැදින් නුවනැති මිනිසුන් ජීවිතය ජය ගනියි. ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් පවතී නම් මිනිසුන්ට තමන් වෙත පැමිණෙන සෑම බාධාවක්ම ජය ගැනීමේ සක්‍යතාව ඇත. කලල් මත්තෙහි ගිළුණු හස්තියෙකු ඉන් මිඳවීමටඑ නම් එබඳුම හස්තියෙකු සමත් වෙතත් අනෙකෙකු හට නොවන්නේය.ාි ‘‘විපුළ නැණති මහතුන් හට පත් විපත නිසල නැණින් යුතු උතුමෝ මැ දුරළති කළල ගිළුණු මත නරණිදු ගොඩ ගනුත තුමුළ බලැති ගිජිඳෙකු මිස අන් කෙවත’’ මිනිසුන් අධ්‍යාපන මට්ටමින් ඉහළ යත්ම ඔවුන්ගේ ජීවිතාවබෝධය අයම්මෙන් පුළුල් වෙයි. ඔවුන්ට සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකි ජීවිත පරිඥාණයක් ඉන් ලැබේ. නමුත් අප ජීවත් වන සමාජයේ බොහෝ විපුළ නැණති මිනිසුන් තමන් වෙත එල්ල වන ප‍්‍රශ්න දුරු කරන්නේ අඥානයන් මෙනි. විටෙක එය ජීවිතයෙන් පළා යෑමට ගන්නා උත්සහයකි. පූර්වෝක්ත පැදැය සූචනය කරණු ලබන සදුපදේශය නම් තමන් වෙත එළඹෙන බාධක ජය ගැනීමට නම් ජීවිතය හා බාහිර ලෝක විෂය පිළිබඳ පිරිපුන් දැනුමක් ලබා ගත යුතුය. එය ප‍්‍රායෝගිකව දෛනික ජීවිතයේදී භාවිත කළ යුතු බවත්ය. වත්මනේ දැනුමෙන් පෝෂිත නැණති මිනිසුන් සිටිය ද ඔවුන් ජීවිත යාත‍්‍රාව දියත් කිරීමේදී තම දැනුම ප‍්‍රායෝගිකව යොදා ගැනීමේ දුර්වලයෝය. සත්පුරුෂ සේවනය සත්පුරුෂ ගුණ ධර්ම ම`ගින් ජීවිත සුබ සිද්ධිය සඳහා හේතු වන්නකි. එමෙන්ම දුර්ජන, අධර්මිෂ්ට නැතහොත් පාපමිත‍්‍ර සේවනය පුද්ගල පරිහාණිය සඳහා ම`ග හෙළි වන්නකි. කළ්‍යාණ මිත‍්‍ර සේවනය ඕනෑම පුදගලයෙකුගේ ජීවිතය පාරලෞක්ක ජීවිතයේ ද සාධනය ස\හාම යෝග්‍ය වේ. ‘‘සමගින දුදන සහ වනු බඳිනු වෙර නොයෙදෙන කරුණු මැය සුදනන් හට පවර ගිණි ගෙන දිළි අ`ගුරු ගත් කැලැ දැවෙන කර නිවි තැන රැුගත් හොත් කළු වේ යැ නොවිතර’’ දුර්ජන ෂත්වයන් සම`ග සහය වීම ද වෛර බැඳීම ද උතුම් ෂත්පුරුෂයනට නුසුදුසු කරුණකි. යම්සේ ද ගිනි ගෙන දිළියෙන්නාවූ අ`ගුරු ගත් කල්හී අත දැවෙයි. එමෙන්ම නිවී ගිය අ`ගුරු ගත් කල්හී අත බොහෝ සෙයින් කළු වේ. ගිනි අ`ගුරු මෙන් නිවී ගිය අ`ගුරු දෙයංශයටම අනර්ථය සඳහා හේතු වන බව පැහැදිළිය. වත්මන් සමාජයට මෙම සදුපදේශය බෙහෙවින් යෝග්‍ය වන්නකි. මක් නිසාද යත් නූතන සමාජගත මිනිසුන් විවිධාකාර විෂම වූවෝය. ඔවුන් අසත්පුරුෂ මිසදිටු පුද්ගලයන් විය හැකිය. සුදන ගුණ ධර්මයන් මත පිහිටි ෂත්පුරුෂයින් එබඳු මිනිසුන් සම`ග සංවාසය කිරීම තමන්ගේ කීර්තිය ගෞරවය පළුදු වීමට බලපායි. එබැවින් සමාජයේ විෂමාචාර පුද්ගලයින් ෂත්පුරුෂයන් ජීවිතයට ල`ගා කර ගැනිමේදී ප‍්‍රවේසම් විය යුතුය. නිස්සාට නිසු තැන දීම රටක, සමාජයක හෝ ආයතනයක ප‍්‍රගමණයට බලපාණ සාධකයකි. සාර්ථක ප‍්‍රතිඵල සම්පාදනයෙහි නියුත්තෝ එම අංශයෙහි සුදුස්සෝය. එබැවින් පාලකයන් නිවැරදි කාර්ය සාපල්‍යයේ නියුක්ත දැන උගත් බුද්ධි මට්ටමින් ඉහළ ෂත්පුරුෂයන් සුදුසු තන්හී තැබිය යුතුය. යමෙකු රාජ ආශ්චර්ය ලැබ ශිඛා මාණික්‍ය හෙවත් සිළුමිණ හිස පැළඳීම නොකොට පාදයේ පළදී නම් කවර ඵලය ද? ‘‘අභරණ සම`ග සිටි පිරිවර දුතමවෙත නොදෙරණ තැන යෙදුව හොත් නොම වේ දිමුත අපමණ රජ ඉසුරු ලැබුවත් මුළු දියත සිළුමිණ සරණ බැඳ හොත් අපහස කරත’’ වත්මන් සමාජ විෂය දෙස විමසුමට බඳුන් කිරීමේදී ආයතනයක පරිපාළන මධ්‍යස්ථානයක මපණක් නොව රාජ්‍ය අංශයේ වුවද සුදුස්සාට සුදුසු තැන නොදීමත් නුසුදුසු ව්‍යාජ දුර්වල පුදගලයින් ඒ තැන්හී තැබීම තුළින් සිදුවන අනර්ථය බලවත්ය. ඔවුන් සමාජ ප‍්‍රගමණය සඳහා කටයුතු කිරීම වෙනුවට උදර පෝෂණය අරමුණු කර ගනිමින් කටයුතු කිරීම හේතුවෙන් සමස්ථ සමාජ ප‍්‍රවාහයම අපගමණය වෙමින් පවතී. එබැවින් සුභාෂිතයේ එන මෙම සුභාෂිතය වත්මන් සමාජයට සාකල්‍යයෙන්ම යෝග්‍ය වන්නකි. ‘‘මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත නිදොස් කෙනකු මෙදියතැ උපදනෙ නැත වෙසස් සිනිඳු මුවරද බර සහස් වත කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත’’ සියලූ පෘතග්ජන මිනිසුන් තුළ යහපත් ගුණ ධර්ම මෙන්ම අයහපත් ගුණ ධර්ම ද ඇති අතර සෑම අංශයකින්ම පරිපූර්ණ මිනිසුන් මෙළොව උපත ලබන්නේ නැත. යම්සේ ද සුගන්ධවත් සුපුෂ්පිත නෙළුම් මල වුවද රඳන්නේ කටු සහිත නටුවක් මතය. මෙම පද්‍යයේ පැණෙන සූචනාර්ථය නම් සමස්තයම අංග සම්පූර්ණ ගුණයෙන් යුත් මිනිසුන් ලෝකයේ බිහි නොවුණ නමුදු මිනිසුන් තමන්ගේ චිත්තාභ්‍යන්තරය තුළ වූ උතුම් මානව පුරුෂාර්ථ ස්මතු කරගත යුතුය. එම ධර්මයන් ප‍්‍රගුන කිරීම තුළින් මිනිසුන්ගේ ජීව සුවඳ උද්වහනය වෙයි. එබඳු සුගන්ධයක් මුළු මහත් සමාජය වෙත මුදා හැරීමට නම් පුද්ගල සංවර්ධනය විය යුතුය. නෙතට ප‍්‍රිය වූ නෙළුම නැගී සිටින්නේ කළල් මතින් නිපන්නා වූ කටු සහිත නළයක් මතය. වත්මන් සමහාජයේ සමාජ ගත වන සෑම මිනිසෙකුම නිර්මාණයඉ විය යුත්තේ යම්සේ ද උපතින් ලද ගුණ ධර්ම වඩා වයර්ධනය කර ගනිමින් දුර්ගුණ ප‍්‍රහීණ කරමින්ය. නමුත් අප සමාජයේ මිනිසුන් අතින් සිදු නොවන්නේ ද පවර ෂත්පුරුෂ ගුණ ධර්ම නොවඩා සිටීමයි. ‘‘ කෙතෙක් ගුණ කළත් දුදනන් හට අසුභ අකක් පමණ වත් නොහරිති පියවි ලොබ ඒ උක් රහෙි සැදුවත් ඉසැ ඉසැ කිර’ඹ උදක් තිත්තමැය හැම පසතුරෙහි නිඹ’’ අන් ෂත්වයන්ගේ දුක දැක ඔවුන්ගේ දුකට පිහිට වීම ෂත්පුරුෂයන්ගේ පොදු ස්වභාවයයි. භේදයකින් තොරව උපකාර කිරීම ඔවුන් තුළින් සිදු වුවද එම පිහිට ලබන දුර්ජනයින් ෂත්පුරුෂ උපාකාරස්මෘතිය තැකීමක් නොකරන අතර ඔවුන් දුර්ජන අසත්පුරුෂ ගුණයම පිළිබිඹු කරයි. කොහොඹ ගසෙහි සෑම අංශයක්ම එකම රසකින් යුක්ත වන අතර උක් පැණි හා කිරි මුසු කළ ද එහි ස්වභාවය වෙනස් නොවයෙි. සුභාෂිතය රචදිත සීතාවක යුගයේ ජීවත් වූ පොදු ජනයා පාඨක පිරිස කර ගනිමින් සුභාෂිතයේ සදුපදේශ නිර්මාණය කළ ද වර්තමානයට හා අනාගතයටත් එය එක අයුරින්ම සාධාරණ වේ. බුදු දහමින් තම ජීවිතය නිර්මාණය කරගත් ලාංකේය පොදු ජනයා අව්‍යාජත්වය, අල්පේච්ඡුතාවය මක පිහිටා දෛනික ජීවිතය ගත කළේය. ක‍්‍රි. ව. 1815 දී යටත් විජිත කරණය වීමත් සම`ග ක‍්‍රිස්තියානි ආගම ලක්දිව ප‍්‍රමාණාත්මකව ව්‍යාප්ත වූ අතර කෘෂිකාර්මික ආර්ථික රටාව පසේක ලා කාර්මික නිෂ්පාදනයන් පදනම් කරගත් ධනවාදයට ගොදුරු විය. එහි අන්ෂට ප‍්‍රතිඵල වූයේ ලක් වැසියා තම අල්පේච්ඡු ජීවිතය වෙනකුවට සංකර වූ ජීවන රටාවකට යොමු වීමයි.ි සදාර්ථක ජීවිතයක්, අධසුඛෝපභෝගී ජීවිතයක් උදෙසා යුහුසුළු වූ ඔවුන් ධනය මක පදනම්ව කාර්ය බහුල අවිවෙකී ජීවිතයකට නිරායාසයෙන්ම පත් විය. අලගියවන්න සුභාෂිතකයේදී වත්මන් සමාජ ක‍්‍රමවෙය් ජීවත් වන මිනිසුන්ට සාධාරණ සුභිෂිත සම්පාදනය කරන්නේ මෙපරිද්දෙනි. ‘‘තැන තැන නිධන් කොට නොතබා සැම දිගැම කව බොව යදින් හට දන්දෙව වඩා පෙම මිහි බැඳි බි`ගුන් හට වන ලෙෂ දැක දැකම තව තව ලොබින් ධන රැුස් කරු තබනු කිම’’ තැන් තැන්වල ධනය නිධන් කොට නොතබා දින පතා කන්න බොන්න පෙම් වඩමින් යාචකයන්ට දන් දෙන්න. මී බැන්දාවූ මී මැස්සන් හට සිදුවන දෙය බල බලා මත්ව තවත් ලෝභ කමින් ධනය රැුස්කර තබන්නේ කුමට ද? බෞද්ධ සාහිත්‍යයේදී ධනය රැුස් කළ යුත්තේ මී මැස්සා මලෙන් රොන් ලබා ගන්නේ යම්සේ ද එපරිද්දෙනි. නමුත් එම උපහැරණයම වෙනත් ක‍්‍රමයකින් උපදේශන සූචනය සඳහා අලගියවන්න යොදාගන්නේ ලගන්නා අයුරිනි. බි`ගුන් පැණි ඒකරාශී කොට මී වද බැන්ද ද එහි ප‍්‍රයෝජනය ලබන්නේ අනිකෙකි. එනම් මිනිසා තම ප‍්‍රයෝජනය සඳහා මී වද කඩා බිඳ දමා මී පැණි ලබා ගනියි. දිවා ? නොබලා දාඩිය මුගුරු වගුරවා ධනය රැුස්කර නිධන් කොට තබයි. ඔවුන් එය තම පරිභෝජනය සඳහා යොදවන්නේ ඉතා ප‍්‍රවෙසමිනි. නමුත් අප භෞතිකව ලබාගන්නා සියලූ දේ අතහැර දමා මරණයට පත්විය යුතුය. වත්මනයේ මිනිසුන් ජීවිතවය පරදුවට තබමින් රැුසකරණ ධනය නානාප‍්‍රකාර උපක‍්‍රම ම`ගින් උපයා ගත්තකි. අනර්ථවත් දෑ ම`ගින් ලබා ගන්නා ධනයෙන් ශවුන්ට සිදුවන අර්ථයක් නොමැති තරම්ය. එම සුභාෂිතය වරක් සිහියට න`ගන්නේ නම් එය මිනිසාගේ ජීවිතය සම්බන්ධ වැදගත් ලක්‍ෂයකි. වනන්තරයේ රෞද්‍ර වූ ගිනි කඳන් හටගන්නා කල්හී දිශාන්තයෙන් හමන සුල`ග ඒ ගින්න සම`ග මිත‍්‍ර වේ. එම සුල`ගම පහන් සිළ නිවීමෙන් ඊට ෂතුරු වේ. ‘‘රුදුරු ගිනි කඳන් ගත් සඳෙහි වන තුරු මිතුරු වේය දිගතින් හමන මඳ මරු මිතුරු නිසීමට එම වෙයි පස මිතුරු මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු’’ භව භෝග සම්පත්තියෙන් ධනස්ඛන්ධයෙන් යුත් ජනයා හට මිත‍්‍ර සමාගමයන් බොහෝය. නෑදෑ පිරිවර ද එසේමය. නමුදු දුප්පත් ජනයන් හට මිත‍්‍රයෝ ද නෑදෑ පරිවරුන් ද ඌණ වේ. අප ක්‍ිවත් වන සමාජයේ තත්ත්‍වය ද මෙසේමය. ග‍්‍රාමීය මට්ටමින් ජීවත් වන මිනිසුන් අතර ඉහළ ස්තර නියෝජනය කරනු ලබන පුද්ගලයින් හෝ ධනයෙන් බලයේන සමාජයේ වැජබෙන පුද්ගලයෝ ඔවුනට නෑකම් කීමේ අකමැත්ත නිසා අතහැර දමයි. දෛනික ජීවිතයේ ද අප ඇස ගැටෙන්නේ මෙබඳු සමාජ සජසිද්ධීන්ය. දුර්භාෂිතයන්ගෙන් පිරුණු වත්මන් සමාජයට මෙබඳු සුභාෂිත මැනවින් යෝග්‍ය වන බව විවාද රහිතය. ෂත්පරුෂ මිනිසුන්ට විවිධ තානාන්තර ගරු සම්මාන පිදුම් ලැබුණ ද ඔවුන් එය පදනම් කර ගනිමින් අහංකාරත්වයට පත් වූ හිසින් කටයුතු නොකරන්නේය. නොයෙක් ගං හෝ ඇල දොළ වල ජලය ගලා පැමිණි නමුදු මහත් වූ සයුර වෙරළ ඉක්මවා නොයන්නාක් මෙන් ෂත්පුරුෂයා ජම්ඹුද්වීපයේ රාජ්‍ය ලැබුණත් අහංකාර නොවී සිරිත් පරිදි ජීවත් වෙයි. ‘‘වනත් නොයෙක් ගං හෝ ඈ කඳුරු පැන මහත් ගැඹර සිඳු නොයනෙ’ව වෙරළ පැන ලදත් මෙ මුළු දඹදිව රජ සිරි සුදන සිරිත් ලෙසට පවති උඩ`ගු නො වමින’’ වත්මන් සමාජයේ විවිධ තත්ත්‍වයන්ට පත්වන බොහෝ පුදගලයින් තුළින් පළට නොවන ෂත්පුරුෂ ගුණය ද මෙයම වන්නේය. වත්මන් සමාජගත මිනිසුන්ගේ චිත්ත චෛතසිකයන් ධන ලෝභය ධන කාමය නමැති අසත් ගුණ මතින් වෙලා සිටියි. ‘‘සොබන මහතුනට වන් නොමද ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර හිමවත වසන වැදි අ`ගනෝ කෙරෙති දර’’ බොහෝ සෙයින් ගරු කළ යුතු ඉතා යහපත් ගුණවතුන් හට ද දින පතා පුරුදු වීම හේතුවෙන් පොදු මානව ස්වභාවය නම් තමන් හට වෙසෙසින් සමීප දයාර්ධ පුද්ගලයන් විෂයෙහි දක්වන ආදරය ක‍්‍රමයෙන් හීන වන්නේ තම ජීවිතයට ඔවුන් ඓන්ද්‍රීයව බද්ධවන බැවැනි. එම නොසළකා හැරීම හේතුවෙන් සමීපස්ථ පුද්ගලයන් සිත් සසළ වීම් වලට දුක්ඛ දෝමනස්සයන් වලට බඳුන් වෙයි. සඳුන් කඳෙහි වටිනාකම නොදැන දර සඳහා ගෙන යන වැදි කාන්තාවන් මෙන් වත්මන් මිනිසුන් තම සහෘද්දයන් තැකීමට බඳුන් නොකරයි. එතුළින් අනිෂ්ඨ ප‍්‍රතිඵල ඇති කෙරේ. නීති උපදේශ කෘතියක් ලෙසින් සැළකෙන සුභාෂිතය ජන ශ‍්‍රැතියේ එන ජීවාත්මක අදහස් ගරු කරමින් කළ ශාස්ත‍්‍ර රුචි ජනාදරයට ගෞරවයට හේතු වන ආයාසයක ප‍්‍රතිඵලයකි. සමස්ථයක් ලෙෂ සුභාෂිතයේ සුභාෂිත යථෝක්ත අයුරින් වර්ග කළ හැකිය. x මිත්‍යාදෘෂ්ටික දෙවියන් යැදීම නිෂ්ඵල ප‍්‍රයත්නයක් බව x පුණ්‍ය කර්ඹ කිරීමේ අගය x සුදන (ෂත්පරුෂයන්ගේ* ගුණ x දුදන (අසත්පුරුෂ දුර්ජනයින්ගේ* අගුණ x සුගුණවත් මිනිසුන් ආශ‍්‍රය කිරීම හා එහි අගය x දුර්ජනයින් තම දුගුණ නොහරිණ බව x දිළිඳු අය ෂත් ගුණවතුන් ඇසුරු කිරීමෙන් පබලවන ආකාරයෙන් x නිස්සාට නිසි තැන හිමිවිය යුතු බව පූර්වෝකිත ස¥පදේශයන් අන්තර්ගත වන අයුරින් සරළ සුගම බස් වහරකින් හා උපමා රූපක අලංකාර යොදා ගනිමින් රචිත සුභාෂිතය පොදුජන සිත් ලගන්නා අයුරින් සංගෘහිතව ඇත. එමෙන්ම නූතන සමාජයේ ජීවත් වන පොදු ජනයාගේ සාරධර්ම සංවර්ධනයෙහි ලා යෝග්‍ය වන සාර්වාත‍්‍රික ගුණයෙන් යුත් උපදේශ කාව්‍ය ග‍්‍රන්‍ථයක් ලෙසින් අලගියවන්නගේ සුභාෂිතය හඳුනාගත හැකිය. සුභාෂිතයෙන් ප‍්‍රකාශිත සදුපදේශ වත්මන් සමාජ ප‍්‍රවාහේ ප‍්‍රගමනයට උචිත වන සමාජගත විය යුතු කියවීමක් ලෙසින් හඳුනා ගැනීම වටී.

No comments: