UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: රූපවාහිනි මාධ්‍ය යනු

Thursday, December 12, 2013

රූපවාහිනි මාධ්‍ය යනු

රූපවාහිනි මාධ්‍ය යනු ජනසන්නිවේදන විද්‍යාවට අනුව මාධ්‍ය යන වචනය නිර්වචනය කරන්නේ සන්නිවේදකයකු විසින් අභිමත සංදේශයක් ග‍්‍රාහක ක්‍ෂේත‍්‍රය කරා යොමු කරවීම සඳහා උපයෝගී කරගනු ලබන වාහකය හැඳින්වීමටය. සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යනය පිළිබඳ ශබ්ද කෝෂයේ මාධ්‍යය යන්න අර්ථ දක්වන්නේ මෙසේය. ‘‘මාධ්‍ය යනු සන්නිවේදනය කළ යුතු සන්දේශය සම්පේ‍්‍රෂණය කළ හැකි පරිදි සංඥා බවට හරවා නියමිත නාලිකාවක් ඔස්සේ යවන භෞතික හා කාර්මික ක‍්‍රියාමාර්ගයකි. උදාහරණ ලෙස රූපවාහිනිය වුවහොත් එය දෘශ්‍ය හා ශ‍්‍රව්‍ය නාලිකා යොදා ගනු ලබන මාධ්‍යකි’’ රූපවාහිනිය වූ කලි බහු ජනමාධ්‍යක් වශයෙන් දෘශ්‍ය හෙවත් රූපයත් ශ‍්‍රව්‍ය හෙවත් ශබ්දයත් යන දෙමාධ්‍යයේම සංකලනයෙන් යුක්ත වූ ජංගම මාධ්‍යක් වශයෙන් සැලකේ. රූපවාහිනි මාධ්‍ය එකවර පුද්ගලයාගේ ඉන්ද්‍රියන් දෙකකට ආමන්ත‍්‍රණය කරන බව සන්නිවේදන විද්‍යාඥයකු වන මාර්ෂල් මැක්ලූහන් (ඵ්රිය්කක ඵජකමය්බ* ප‍්‍රකාශ කරයි. දෘශ්‍ය නැතහොත් රූපය (ඪසිම්ක* හා ශබ්ද නොහොත් හ`ඩ (්මාසද* ඇස හා කන මුල් කරගනී. ‘‘ඔැකැඩසිසදබ යන ඉංග‍්‍රීසි පදය ඔැකැ යන ග‍්‍රීක වචනය සම`ග ඪසාැරු යන ලතින් වචනයෙන් බි`දුණු ඪසිසදබ යන පදය එකතුවීමෙන් සැකසුණු වචනයකි. ඔැකැ යන පදයෙහි අරුත ‘දුර’ යන්නයි. ඪසිසදබ යන පදයෙන් ‘දැකීම’ යන්න අදහස් වේ. ඒ අනුව ඔැකැඩසිසදබ පදයේ වචනාර්ථය ‘දුරක සිට දැකීම’ යන අදහස ගෙන දේ’’ ධංදෙරා ශබ්ද කෝෂයේ (ඔැකැඩසිසදබ* යන්නට අර්ථයක් සපයා ඇත්තේ ”කේබල් හෝ ගුවන් විදුලි තරංග මගින් ශබ්දය සමග යම් දෘශ්‍යමය වස්තුවක් තිරයක් මත ප‍්‍රතිනිර්මාණය කර විකාශනය කිරීමේ ක‍්‍රමවේදය (ීහිඑැප දෙර ඍැචරදාමජසබට දබ ් ීජරුැබ ඪසිම්ක ෂප්ටැි ඔර්බිපසඑඑැා :ඹිම්කකහ අසඑය ීදමබා* ඉහ ඍ්ාසද ීසබට්කි දර ජ්ඉකැ* යනුවෙනි.” රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයක සිට නිවසක ඇති රූපවිහිනී යන්ත‍්‍රයක් දක්වා ශ‍්‍රව්‍ය හා සංඥා විකාශය (ඔැකැජ්ිඑ* කිරීමේ තාක්‍ෂණික ක‍්‍රමවේදය වන්නේ තරමක් දිරින් පිහිටි සම්පේ‍්‍රෂණාගාරයක සිට යවන විද්‍යුත් සංඥා සමුදායක් රූපවාහිනී යන්ත‍්‍රය (ඍැජැසඩැර* තුළදී නැවත ග‍්‍රහණය කර රූප (්බ්කදට දර ෘසටසඒක ීසටබ්කි* බවට පත් කිරීමයි. ඉංග‍්‍රීසි භාෂාවේ ඔැකැඩසිසදබ යන වචනය සඳහා සිංහලෙන් ‘රූපවාහිනි’ යන වචනයත් ‘තෙලදසුන’ යනුවෙන්ද හැඳින්වේ. එහෙත් රූපවාහිනිය යනුවෙන් ප‍්‍රචලිතව, අද භාවිතා කෙරෙන සිංහල වචනයෙන් ‘දුරක සිට දැකීම’ යන අර්ථය ජනිත නොවේ. එයින් හැ`ගවෙන්නේ ‘රූපවහනය කරන’ නැතිනම් ’රූප ගෙනයන’ වැනි අදහසකි. ඉන්දියානු රූපවිහිනි සේවාව හඳුන්වන ’¥රදර්ශන්’ යන හින්දි වචනයේ ¥රදර්ශනය යන අර්ථය ගැබ් වී ඇත. රූපවාහිනි මාධ්‍ය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී විශේෂ අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් වේ. කිසියම් සන්නිවේදන මූලයක් (් ිදමරජැ* මගින් යවනු ලබන පණිවිඩය (ඵ්ිි්ටැ* අවසානයේ ග‍්‍රාහකයා (ඍැජැසඩැර* අතට පත් වන්නේ කුමන ස්වරූපයකින්ද එම ස්වරූපය අනුව එම මාධ්‍ය නම් කළ හැකිය. පූර්වෝකත විග‍්‍රක කිරීම අනුව රූපවාහිනි මාධ්‍ය විවිධාකාරයෙන් හඳුන්වා දිය හැකිය. 01. ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි (්මාසද ඪසිම්ක* 02. විද්‍යුත් සහ විකාශන මාධ්‍යයකි (ෑකැජඑරදබසජ ්බා ඊරද්ාජ්ිඑසබට* 03. තොරතුරු හා ප‍්‍රවෘත්ති මාධ්‍යයකි (ෂබදෙරප්එසදබ ්බා භැඅි* 04. සජීවි මාධ්‍යයකි (ඛසඩැ ඔැකැජ්ිඑ* 05. කලා නිර්මාණ මාධ්‍යයකි 06. ජන මාධ්‍යයකි (ඵ්ිි ඵැාසමප* 07. තාක්‍ෂණික මාධ්‍යයකි (ඔැජයබදකදටසජ්ක ඵැාසමප* රූපවාහිනය විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස රේඩියෝ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හා විදුලි සන්දේශ විද්‍යා යන ක්‍ෂේත‍්‍ර ගණනාවක් සම`ග සම්බන්ධ වි ඇත. එය විද්‍යා ක්‍ෂේත‍්‍ර කිහිපයක තාක්‍ෂණික දැන්ම පදනම් කර ගෙන ජනමාධ්‍ය හා කලා මාධ්‍යය ගණනාවක ශිල්පීය මූලධර්ම ඇසුරින් නිර්මාණය වී ඇති සංයුක්ත මාධ්‍යයකි. (ක්‍දපචදිසඑැ ඵැාසමප* එබැවින් රූපවාහිනි මාධ්‍යයේ ස්වභාවය ගැන නියම අවබෝධයක් ලබා ගැනීමට ක්‍ෂේත‍්‍ර කීපයක අංශ ගණනාවක් ඔස්සේ කරුණු විමසා බැලිය යුතුය. රූපවාහිනි මාධ්‍යයේ ස්වභාවය අංශ ගණනාවක් ඔස්සේ පරික්‍ෂා කර බැලිය හැකිය. 01. විද්‍යුත් සන්නිවේද පද්ධතියක් ලෙස රූපවාහිනී තාක්‍ෂය ක‍්‍රියාත්මක වන ආකාරය විග‍්‍රහ කිරීම. 02. වාර්තික කලාවක් (ඍැජදරාසබට ්රඑ* ලෙස රූපවාහිනය, ඡුායාරූපය හා චිත‍්‍රපටය සම`ග සස`දා බැලීම. 03. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ක‍්‍රම අධ්‍යයනය කිරීම. 04. කලා මාධ්‍යයක් ලෙස රූපවාහිනිය භාවතයට ගන්නා ආකාරය පරීක්‍ෂා කිරීම. 05. නැරඹීම - සංජානනය - ප‍්‍රතිචාරය යන කරුණු යටතේ ප්‍රෙක්‍ෂයකයා කෙරෙහි රූපවාහිනය බලපාන ආකාරය විමසා බැලීම. තාක්‍ෂණික වශයෙන් සිඝ‍්‍රයෙන් දියුණුවට පත් වූ රූපවාහිනී මාධ්‍යය සහ පවුල අතර ඉතා සමීප සහ දැඩි සම්බන්ධතාවක් ඇති විය. රූපවාහිනියෙහි ආධිපත්‍ය කේන්ද්‍රීය ලක්‍ෂණ රූපවාහිනියෙහි ආධිපත්‍ය කේන්ද්‍රීය ලක්‍ෂණ විමර්ශනයට බදුන් කිරීමට ප‍්‍රථම ආධිපත්‍යය යන වදන තුළින් ප‍්‍රතීයමානාර්ථය කුමක් ද යන්න පැහැදිලි කර ගත යුතුය. ‘‘ආධිපත්‍යය (්‍යැටැපදබහ* යන වචනය මුල් වරට යොදා ගනු ලැබුවේ ඉතාලි ජාතික අන්කොනියෝ ශ‍්‍රම්ශ්චි (්බඑදබසද ඨර්පිජස* විසිනි.’’ පවත්නා සමාජය, එහි ආයතන එහි ජීවන ක‍්‍රම සාධාරණ කිරීම සඳහා ආධිපත්‍යමය දෘෂ්ටිය යොදා ගනී. දෘෂ්ටිය ආධිපත්‍යමය වන්නේ මෙසේ වී ඇති දෙය එලෙසම පිළිගත යුතුය යන අදහසක් සමාජයේ විවිධ ආයතන හා ඒවායේ පරිචයන් ද සමාජයේ ජිවන ක‍්‍රමය ද ඒ ආකාරයෙන්ම පිළිගන්නා තත්්ත්වයට පැමිණි විටය. මේ අනුව යම් සුවිශේෂී සමාජයක යම් යම් කණ්ඩායම් තුළ ලෝකය පිළිබඳ ඇති දර්ශනය ව්‍යුහගත කරන පූර්ව සංකල්පය, උපකල්පන, හැ`ගීම් හා විශ්වාසයන් සමාජීය වශයෙන් ව්‍යාප්ත කිරීම ආධිපත්‍යය යනුවෙන් විස්තර කළ හැකිවේ. බල සබඳතා විශ්ලේ්ෂණ කිරීමේ දී ශ‍්‍රම්ශ්චි ‘බලය’ සහ ‘කැමැත්ත’ අතර වෙනස ගෙන හැර දැක්වයි. පොලිසීය, හමුදාව සහ බන්ධනාගාර මගින් සමාජ පාලනය පවත්වාගෙන යාමට බලය භාවිත කරන අතර බය හෝ බලකිරීම හෝ රහිතව සමාජ අනුපිළිවෙල පවත්වා ගෙන යාමට දෘෂ්ටිය මගින් කැමැත්ත ලබා ගනී. වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍යය ජාත්‍යන්තරීකරණයට (ෂබඑැරබ්එසදබ්කස‘ැ* ලක්වීම සහ ගෝලීය මට්ටමින් (ඨකදඉ්ක* ව්‍යාප්ත වීම සිදුව තිබේ. මෙහිදී ගෝලීය තර`ගකාරිත්වයක් රූපවාහිනී මාධ්‍ය තුළ ඇති වී ඇත. වර්තමානය වන විට සමස්ත පේ‍්‍රක්‍ෂකයාගේම ක‍්‍රියාකාරීත්වය විවිධ ප‍්‍රමාණයෙන් රූපවාහිනී තිරය මගින් වෙනස් කොට තිබේ. රූපවාහිනි මාධ්‍යය වර්තමානයේ පරිසරය සම`ග දක්වන ක‍්‍රියාකාරිත්වය තුළ දෘශ්‍යමය සහ පෙළ (ඔැංඑ* වශයෙන් නරඹන්නාගේ සහ රූපවාහිනි තිරය අතර සම්බන්ධතාවයේ ස්වරූපය වෙනස් වෙමින් පවතී. අද්‍යයතන රූපවාහිනිය බහුවිධ නාලිකා (ඵමකඑස ක්‍ය්බබැක* වලින් යුක්ත වේ. සියලූ නාලිකා වාණිජය (ක්‍දපපැරජස්ක* අවශ්‍යතා සඳහා ක‍්‍රියාත්මක වේ. නරඹන්නා පාරිභෝගිකයෙක් (ක්‍දබිමපැර* බවට පත්කර සුපිරි වෙළෙඳ සැලක් (ීමචැර ප්රනැඑ* වශයෙන් ගෝලීය රූපවහිනය ක‍්‍රියා කරයි. රූපවාහිනිය තුළත් අද්‍යතනයේ ගෝලීය කි‍්‍රයාකාරිත්වය ජාතික දේශසීමා පරයා යමින් මහා පරිමාණ කර්මාන්ත වශයෙන් ගෝලිය මාධ්‍ය සමාගම් බිහි වී තිබේ. මේ කරුණු මත පිහිටා රූපවාහිනියේ ආධිපත්‍ය කේනද්‍රීය ලක්‍ෂණ ප‍්‍රධාන ක්‍ෂේත‍්‍රයන් කිහිපයක් හරහා විමසා බැලිය හැකිය. 01.සංස්කෘතික ආධිපත්‍ය ලක්‍ෂණ 02.දේශපාලනික - ආර්ථික ආධිපත්‍ය ලක්‍ෂණ 03.මාධ්‍යයන් අතර ආධිපත්‍ය ලක්‍ෂණ 04.ප‍්‍රවෘත්තිමය ආධිපතය ලක්‍ෂණ සංස්කෘතික ආධිපත්‍ය ලක්‍ෂණ ශ‍්‍රාම්ස්චිගේ අදහස වන්නේ මිනිසුන්ගේ සංස්කෘතික භාවිතයන් හුදෙක් පන්ති ප‍්‍රතිවිරෝධතා නියාමය අනුව, එනම් පාලක පාලිත පන්තීන් අතර සිදුවන ගැටුම අනුව පමණක් විග‍්‍රහ කළ නොහැකි බවයි. නමුත් මාක්ස්වාදී විග‍්‍රහයට අනුව මිනිසුන්ගේ සංස්කෘතික භාවිතතයන්, ආධිපත්‍යය හුදෙක් පන්ති ප‍්‍රතිවිරෝධතා නියමය අනුව එනම් පාලක පාලිත පන්තීන් අතර සිදුවන ගැටුම සිදු වෙතැයි විග‍්‍රහ වේ. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ නියෝඩෝර් ඇඩර්නෝ සහ හර්බට් මාක්‍යුස් යන මතධාරීන්ගේ අදහස වූයේ සංස්කෘතික ක‍්‍රියාවලින් තීරණය කරන්නේ නිෂ්පාදන ප‍්‍රකාරය බවයි. ‘‘සංස්ථාවිත ධනවාදය යටතේ ශ‍්‍රමිකයා ඉතා දැඩි ලෙස පරාරෝපණය (්කසැබ්එසදබ* වී සිටින අතර ශ‍්‍රමිකයා විවේකය සඳහා තමන් වෙනුවෙන් ඇරි තිබෙන කාලය හුදු පරිභෝජනයක් හැටියට සලකයි. එබැවින් ඔවුන්ට ජනප‍්‍රිය සංස්කෘතික ක‍්‍රියාවලිය වූ කලී හුදු විනිමය භාණ්ඩ පමණි’’ පශ්චාත් කාර්මික ශිෂ්ටාචාරයේ ක‍්‍රියාකාරිත්වය තුළ සංස්කෘතිය ජන විඥානයට මැදිහත් වීමේ මාර්ගයක් බවට පත් වීමත්, ඒ මගින් සියලූ සංස්කෘතික අංග ජන සංස්කෘතියට කැටිකොට හුදු විනෝදය සපයන මාධ්‍ය බවට පත්වීමත් සිදුවිය. වෙළෙඳ ප‍්‍රචාරක ශිල්පය මගින් මෙම විනෝදායන මාර්ග පාරිභෝගික පාලනයකට යටත් කරන ලදී. එනම් දියුණු ප‍්‍රචාරක විධික‍්‍රම මගින් පාරිභෝගිකයන්ට ලබා ගත යුතු විනෝදායන මාර්ග මේවා යැයි ඒත්තු ගන්වන්නට වුයේ ඔවුන්ගේ මනස කුරුටු ගාමින්ය. රූපවිහිනි මාධ්‍ය මේ සඳහා ඉතා ප‍්‍රබල ලෙස වර්තමානයේ යොදා ගනු ලැබේ. මේ මගින් පශ්චාත් කාර්මික ශිෂ්ටාචාරයේ දී එතෙක් පැවති පවුලේ හැසිරීම් සහ සම්බන්ධතා බොහෝ දුරට කඩා බිඳ දමා තිබේ. ඔවුන් ඇසුරු කළ ප‍්‍රාථමික සංස්කෘතිය හුදු මිළයට ගතහැකි භාණ්ඩයක් බවට පත්ව ඇත. පැවති සංස්කෘතික වටිනා කම් මේ මගින් වෙනත් වටිනාකම් දක්වා වෙනස් වී ඇත. මෙය සම්පූර්ණයෙන්ම බටහිරවාදයේ සංස්කෘතික පරාවර්තනය ලෙස පෙනීසිටී. එහෙත් සම්ප‍්‍රදායික සංස්කෘතිය තුළ පුද්ගලයා ප‍්‍රජාව හා තිබූ සම්බන්ධතාවන් ජනප‍්‍රිය සංස්කෘතිකය තුළ දක්නට නොලැබෙන අතර ඒ තුළ තවදුරටත් පුද්ගලයා හුදෙකලා වී සිටී. අද්‍යතන ගෝලීය සමාජයේ සියලූම පවුල් ඒකක අවිඥානිකව හෝ සවිඥානිකව මෙම ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රාග්ධනයේ ග‍්‍රහණයට හසු වී තිබේ. පේ‍්‍රක්‍ෂකයාගේ පෞරාණික ජන සාහිත්‍ය ඔස්සේ පැමිණෙන කතා කලාව, අධ්‍යාපන ශෛලිය සහ ජනප‍්‍රිය සංස්කෘතිය අතර සමීප සම්බන්ධතාවක් පවති. ප‍්‍රාථමික මිනිස් සමාජයේ දී ඔවුනගේ කලා මාධ්‍යයන් ලෙස ප‍්‍රකටව තිබූ ගීතය, නර්තනය, රංගනය වැනි ජනප‍්‍රිය අංග අද්‍යතන මාධ්‍ය මගින් නැවත නිෂ්පාදනය කර (ඍැචරදාමජැ* විකාශය කර හරිනු ලැබේ. රූපවාහිනී මාධ්‍යයේ දෘශ්‍යමය (ඪසිම්ක* ප‍්‍රබලත්වය මේ සඳහා භාවිත කෙරේ. බහුජන නිෂ්පාදන (ඵ්ිි ඡුරදාමජඑසදබ*, බහු ජන සංස්කෘතිය (ඵ්ිි ක්‍මකඑමරු* වැනි සමාජීය ක‍්‍රියාකාරිත්වයන් සමග බහුජන සංස්කෘතියේ සුපිරි ස්ථරය ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වේ. පශ්චාත් නූතන තත්වය තුළ සංස්කාතියේ මෙම නව හැඩය ජනතාව අතරට ගෙන යෑමේ වාහකයා වී ඇත්තේ ජනප‍්‍රිය මාධ්‍යවේ. ඒ අතර රූපවාහිනය දිනපතා පැය විසි හතර පුරාවට ජනප‍්‍රිය සුඛ (ඡුකැ්ිමරු* සහ අර්ථ (ඵැ්බසබටි* බෙදාහරිමින් පවතී. ‘‘විවිධත්වයෙන් යුක්ත පඨිතයන් (ඔැංඑි * ගෙන් යුක්ත රූපවාහිනියේදී වැඩි පේ‍්‍රක්‍ෂක ආකාර්ෂණයක් පවතින වැඩසටහන් ආකෘතිය බවට ටෙලිනාට්‍ය (ඔැකැාර්ප්* පත්ව තිබේ.’’ සංස්කෘතික ක‍්‍රියාකාරීත්‍වයේ දී ටෙලි නාට්‍ය ප‍්‍රබල මාධ්‍යයක් ලෙස යොදා ගෙන ඇත. විවිධ සමාජ ස්ථරවල සිටින පේ‍්‍රක්ෂකයන් තම අවිඥනික හිඩැස පුරවාගැනීම ස`දහා ක‍්‍රියාශීලිව සිටින අතර එම ප‍්‍රකෘතිමය ආශාවන් (ඡුරසප්රහ ෂබඑැරුිඑි* ස`දහා රූපවාහිනිය මහින් ජනප‍්‍රිය සුඛ සම්පාදනය කොට බෙදාහරින බැගින් ටෙලිනාට්‍ය නැරඹීම අද්‍යතන පොදුජන ග‍්‍රාහකාට නැතිවම බැරි දෛනික කාර්යක් බවට පත්ව තිබේ. වර්තමානයේ ජනප‍්‍රිය රූපවාහිනී මාධ්‍ය මගින් ජන සංස්කෘතියේ ආෙවිනික ලක්‍ෂණ සහිත වැඩසටහන් අන්තර්ගත වැඩසටහන් සකසනු ලැබේ. ජනප‍්‍රිය සංස්කෘතිය ප‍්‍රචාරය කරනු ලබන වැඩසටහන් යැයි විවිධ අදහස් මතුවන්නේ මෙම පදනමට අදාළවයි. විශේෂයෙන් ම රූපවාහිනී මාධ්‍යයේ ජනප‍්‍රිය භාවිතය නිසා මේ වනතෙක් සාම්ප‍්‍රදායික සමාජය තුළ පැවති සමාජානුයෝජන ක‍්‍රම, සංස්කෘතික ප‍්‍රතිමානයන් පුළුල් පරිවර්තනයකට භාජනය වේ. රූපවාහිනී මාධ්‍යය තුළ සුලබ ලෙස දර්ශනය වන ජනප‍්‍රිය සංස්කෘතික වටිනාකම් සහිත පඨිතයන් වලින් නරඹන්නා කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇතිකර තිබේ. ලිංගිකත්‍වය, ප‍්‍රචණ්ඩත්‍වය, මෙම සවභාවය තීව‍්‍ර වන්නට ආරම්භ වූයේ ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ලෝකය පුරා ව්‍යාප්තියත් සමගයි. තොරතුරු වෙළෙ`දාම පිළිබ`ද අදහස මතුවීමත් සමග රූපවාහිනිය ආධිපත්‍ය කේන්‍දාීය හා ප‍්‍රාග්ධන කේන්‍දාීය මාධ්‍යයක් බවට පත්විය. ගෝලීය ධනවාදයත් සමග පැවති අනන්‍යතා විනාශ වෙමින් නව අනන්‍යතා හ`දුන්වාදීම ගෝලීය සංස්කෘතික කර්මාන්තය (ඨකදඉ්ක ජමකඑමර්ක ෂබාමිඑරහ* මගින් සිදුවිය. දේශපාලන හා ආර්ථික අධිපත්‍යය ලක්‍ෂණ රූපවාහිනිය තුළ දේශපාලන හා ආර්ථික අධිපත්‍යය කේන්‍දාීය ලක්‍ෂණ විවිධ ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ විධ්‍යමාන වේ. එහිදී ජනමතය (ඡුමඉකසජ ධචසබසදබ* හැඩ ගැස්සවීමේ ඉන්‍දාජලික හැකියාවක් (ඵ්ටසජ්ක ක්‍්ච්ජසඑහ* මාධ්‍ය සතුව පවතී. ඔස්ටින් රනේ (ඍ්බැහ* දක්වන ආකාරයට ”බහුතර ජනතාවගේ මුලික සංස්ථාපන මෙන්ම නිශ්චිත මත හැඩ ගැස්වී මෙහිලා මාධ්‍ය සෘජුව මැදිහත් වේ.” මාධ්‍ය සතුව පවතින මෙම හැකියාව විසින් වර්තමානයේ අප ජීවත්වන සමාජය තුළ දේශපාලනය නව ඉසව්වකට යොමු කොට ඇත. දේශපාලනය මාධ්‍යකරණයවීම (ඵැාස්කසි්එසදබ දෙ චදකසඑසැි* නමින් එම නව ඉසව්වක් නම් කළ හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඵලදායක පැවැත්මට රාජ්‍යය හා සමාජය අතරින් ආණ්ඩුව හා පුරවැසියන් අතරත් ස්ථාවර බලතුලනයක් තිබ්ය යුතුය. රාජ්‍යයෙන් සවාධීන වූ සංවිධාන හා ව්‍යුහයන් පුරවැසියන්ට තිබිය යුතුය. ශක්තිමත් සිවිල් සමාජයක් පැවතීම යනු ආණ්ඩුවේ බලයතුලනය කරමින් නැගී සිටිය හැකි සවාධීන ද නිර්-රාජ්‍යමය ද වූ බල ව්‍යුහයන් විශාල ප‍්‍රමාණයක් පැවතීමය. මෙසේ සංවිධාන පැවතීම හුදෙක් රාජ්‍ය හික්මවීමට නොව ජනතාව අතරද ඒක පුද්ගල අයිතිවාසිකම් හා සාමුහික වගකීම පිළිබ`ද තුලනයක් ඇති කිරීමටත් හේතු වේ. ලූෂන් පයි විස්තර කරන හැටියට ”නූතන කාර්මික ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල වෘත්තිය සංවිධාන, ගොවි සංවිධාන, ආගමික සංවිධාන, දානපතින්ගේ සංවිධාන ඇතුළු වෘත්තිය සමිති වල සිට ව්‍යාපාරික සංවිධාන දක්වාත් සමාගම් වල සිට විශ්වවිද්‍යාල දක්වාත් සියලූ සංවිධාන හා ආයතන යනාදිය සිවිල් සමාජය යන්නෙහි අඩංගු මත බලකේන්‍දා වේ. එහෙත් සියල්ලටමත් වඩා යැයි කිව හැකි තරම් වැදගත්කමක් දරන්නේ සවාධීන පුවත්පත්, රේඩියෝ, රූපවාහිනි ස`ගරා හා පොත් ප‍්‍රකාශන කර්මාන්තය” යැයි ඔහු අවධාරණය කරයි. රූපවාහිනී මාධ්‍ය මගින් සකස් කරවන පන්ති මානසිකත්‍වය එක්තරා පැවතුම් තත්ත්වයක් (ක්‍දබාසඑසදබ දෙ ෑංසිඑැබජැ* ඇතිකර තිබෙයි. හැම විටම මාධ්‍ය මගින් පෙන්වා දෙන ආර්ථික සමාජ වටිනාකම් දව්‍යාදී නව ලිබරල්වාදයට වාඩාත් නැඹුරු වෙයි. පුද්ගලයාගේ ජීවන ක‍්‍රමය හා එහි පන්ති තත්ත්වය අතර ඇත්තේ වික්‍ෂිප්ත ගනුදෙනුවකි. වැඩකරන පන්ති සංස්කෘතිය (උදරනසබට ජක්ිි ජමකඑමරු* සමාජය පුරා පවතී. මාධ්‍යය සාකච්ජාව පුළුල් කර ගැනීමේදී අවධානයට ගතයුතු කරුණකි ජනපදනම. මධ්‍ය සංස්කෘතික ක‍්‍රියාකාරකම් එල්ල වන්නේ ජන පදනමෙනි. ආකල්ප හා දාව්‍යමය ව්‍යවහාර ජනයා සකසා ගන්නේ ඒ අයුරිනි. එසේ වුව ප‍්‍රධාන ගැටලූව වන්නේ බොහෝ මධ්‍ය ක‍්‍රියාකරන්නේ ‘පොදුජන’ යහපත ඉලක්ක කොට නොවීමයි. ජනයා නොවන (ඵ්ිිබැිි* පදනමෙනි. වෙළෙ`ද හා දේශපාලනික වුවමනාවෙන් වඩාත් පදනම් කොටගනී. එම නිසාම මාධ්‍ය පිළිබ`ද විශේෂඥයින්ගේ අවධානය යොමුව ඇත්තේ මධ්‍ය සන්නිවේදනය (ක්‍දපපමබසජ්එසදබ* කරයි ද මාධ්‍ය පරිභෝජන ක‍්‍රියාවලිය (ක්‍දබිමපචඑසදබ* සකස් කරයිද යන ගැටළු කෙරෙහිය. පොදුජන සන්නිවේදනයට බලපෑම් කරනවාට වඩා පරිභෝජන රටාවට බලපෑම් කරන බව මෙමගින් හෙළිවේ. දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව යරෝපයේ ඇතිවන ආර්ථික ප‍්‍රතිසංස්කරණත් සම`ග රූපවාහිනී මාධ්‍යය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් 19 වන ශතවර්ෂයේ අගභාගය වන විට නිදහස් තර`ගයේ සිට ඒකාධිකාරී ධනවාදය දක්වා ගමන් කළ ධනවාදය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය ධනවාදය දක්වා ගමන් කළ අතර රූපවාහිනී ඇතුළු ජනමාධ්‍යවේදයේ ආර්ථික, දේශපාලනික, තාක්‍ෂණික පදනම පාරජාතික සවරූපයක් ගැනීම මේ ස`දහා බලපාන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ අදහස් අනුව 1950 ගණන්වලදී’, යුද්ධයෙන් විනාශ වුණු යුරෝපයේ ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීම ස`දහා මාර්ෂල් සැසැස්ම ඉදිරිපත් කර, එක් පැත්තකින් යුරෝපය දෙසට අවධානය යොමු කරමින් හා අනෙක් අතින් සොවියට් රුසියාවට යොමුකිරීමට කිරීමට සමත් විය. සෝවියට් සංගමය ආර්ථික, යුද ශක්තිය අතින් ඉදිරියට පැමිණිවිට එය අනාගතයේ දී විශාල තර්ජනයක් වන බව වටහාගත් ඇමෙරිකා එක්සත් ජනපදය එයට එරෙහිව ‘සිසිල් යුද්ධය’ ආරම්භ කරන ලදී. මාර්ෂල් සැලැස්ම හා සිසිල් යුද්ධය හරහා ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ බලය පතුරවන්නට වූ අතර එහි ප‍්‍රචාරණ කටයුතු කරන ලද්දේ ඇමරිකානු ජනමාධ්‍යය හා වෙළෙ`ද ප‍්‍රචාරණ සමාගම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම වකවානුවේ විශාල වශයෙන් දැන්වීම් ප‍්‍රචාරණය විය. ”මේ ස`දහා කොමියුනිස්ට් සමාජ ක‍්‍රමයේ අඩුපාඩු දුර්වලතා ද බටහිර ධනවාදී සමාජයේ තිබූ විවිධත්‍වය, නිදහස ආදී වාසිදායක තත්ත්‍වයන් ද පදනම් කොටගෙන ‘ප‍්‍රචාරක ධනවාදය’ නමින් නව මතවාදී සංකල්පයක් බටහිර විසින් නිර්මාණය කළේය.” එය ජනවිඥනය සකසන හා මෙහෙයවන ප‍්‍රබල විද්‍යාත්මක ජයග‍්‍රහණ හා තාක්‍ෂණික උපක‍්‍රම මගින් ද අතිප‍්‍රබල බටහිර ජනමාධ්‍යවේදය මගින් ද ලෝකය පුරා පැය විසිහතර තිස්සේම ක‍්‍රියාත්මක කරන ලදී. මෙහිදී දැවැන්ත දැන්වීම් නිර්මාණය වූ අතර ඇමෙරිකානු ජීවන ශෛලිය සොවියට් සංගමය ඇතුළු රටවලට හ`දුන්වාදීම, ඒ රටවල ජීවත්වන මිනිසුන්ගේ ජන විඥනය ඇමෙරිකානු ක‍්‍රමයට හැඩගැස්වීම ස`දහා මෙය ඉතා සූක්‍ෂම අයුරින් භාවිතා කර ඇත. ‘සිසිල් යුද්ධයේ’ පරිණාමය අනූව එයට පෘථිවිතලයම හසුවූ අතර රූපවාහිනිය ඇතුළු ජනමාධ්‍යවේදය, දේශපාලනය, සංස්කෘතිය, මතවාද, කලාව, සාහිත්‍ය, තානාපති සේවා, ප‍්‍රචාරණය, ක‍්‍රීඩා, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය ආදී මානව ක‍්‍රියාකාරීත්‍වයේ සියලූම ක්‍ෂේත එහි පූර්ණ ග‍්‍රහණයට නතුව පැවතුණි. ‘සිසිල් යුද්ධයේ’ ප‍්‍රචාරණ ක‍්‍රමවේදය තුළ ප‍්‍රතිවාදියාගේ ජාතිභේදය, වර්ගවාදය, ආගමික ගැටුම්, ආදරය, වෛරය, විවේචනාත්මක මනෝභාවය, ඊර්ෂියාව ආදී මානව විඥනයේ සංවේදී හා ප‍්‍රකෘත්තිමය තත්ත්‍වයන් මෙහෙයවීම සිදුවුණි. පශ්චාත් නූතන තත්ත්‍වය (ඡුදිඑ පදාැරබ ජදබාසඑසදබ* තුළ ප‍්‍රධාන වශයෙන් රූපවාහිනී මාධ්‍ය මගින් පොදුජන පරිභෝජන අවශ්‍යතා වර්ධනය කොට තිබේ. එනම් ධනවාදී ආර්ථික ක‍්‍රමය නිෂ්පාදන ආර්ථිකය දක්වා දැවැන්ත පරිණාමයක් ලැබූවිට දාව්‍යමය හුවමාරුව භාණ්ඩවලට විශාල සංස්කෘතික වටිනාකමක් ලබෙන්නට විය. දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය කේන්‍දාීය ලක්‍ෂණ රූපවාහිනී මාධ්‍යය තුළදී ක‍්‍රියාත්මක වන සවරූපය බොහෝ සෙයින් පවතින ක‍්‍රමයේ දී වඩාත්ම වාසිදායක සමාජ විපර්යාශයන්ගේ ප‍්‍රගමනය ස`දහා බලයේ සිටින්නන්ගේ හුදු ලාබයක් විටෙක නව ක්‍ෂේත‍්‍රයන්ගේ වර්ධනයෙහිලා මෙහෙයවන බැව් ප‍්‍රතීයමානයි. ප‍්‍රවෘත්තිමය ආධිපත්‍යය ලක්‍ෂණ ජනමාධ්‍යයන් අතරින් රූපවාහිනී මාධ්‍ය තුළ ප‍්‍රවෘත්තිමය ආධිපත්‍ය ලක්‍ෂණ විද්‍යමානවේ. ප‍්‍රවෘත්ති වල ඇති ආධිපත්‍යමය සාරධර්ම පොදු වින්දනයට බෙහෙවින්ම බලපාන ආකාරයට ඉදිරිපත් කරනු ලබන බව මෙම සිද්ධාන්තයෙන් කියවේ. එමගින් සාරධර්ම බලෙන් ආරෝපනය කරනවා වෙනුවට සවභාවික ලෙසින් පෙන්වාදීමට තැත් කරනු ලබයි. තවද ඒවා සාමාන්‍ය වැඩසටහන් විව්‍යුහයේම කොටසක් ලෙසද ජනමාධ්‍ය සහ බල කේන්‍දාස්ථානය අතර අන්තර් සබ`දතා ලෙසද පෙන්වා දෙනු ලබයි. රූපවාහිනී මාධ්‍ය මගින් යථාර්ථය පිළිබ`දව ඉදිරිපත් කරෙන විවිධ තර`ගකාරී අර්ථකථනයන්ගේ සීමා මායිම් සහතික කරනු ලබයි. මෙය බොහෝවිට කරනු ලබන්නේ මාධ්‍ය මගින් නිරූපණය කරනු ලබන සිද්ධීන්ම නිළධාරීන් විසින් දුන් අර්ථ කථනය හා විව්‍යුහය ඉදිරිපත් කිරීම මගින් සහ බලය හිමි බලය ක‍්‍රියාත්මක කරන පන්තියට අයත් නොවන පුද්ගලයන් ඈත්කොට තැබීම සහ ඔවුන්ගේ සැබෑ හ`ඩ ඇසෙන්නට ඇති අවස්ථා බැහැර කිරීම මගින්ය. රූපවාහිනි මාධ්‍ය ඇතුළත් ඕනෑම ජනමාධ්‍යයන් තුළින් සෑම ප‍්‍රවෘත්තියක් වෙත ප‍්‍රධානීකරණයක් ලබාදෙයි. එහිදී සිදුවන්නේ සංස්කරණ මැදිරියේ යම් විශේෂ පුද්ගලයෙකුගේ දේශපාලන දෘෂ්ටියට අනුව පක්‍ෂ වීමක් හෝ අපක්‍ෂ වීමක් නිර්මාණය වීමයි. විටකදී එම පවත්නා බලය වෙත හෙළන සාංදෘෂ්ටියක් වන අතර විටකදී එය විවේචනාත්මක මතවාදයක් වෙත කෙරෙන එළඹුමක් ලෙස දිස් වෙයි. සංවර්ධනය වන රටවල් විසින් ජනමාධ්‍ය ආශි‍්‍රතව වටහාගනු ලැබ ඇත්තේ බටහිර ලැබෙන ප‍්‍රවෘත්ති සහ විනෝදාස්වාදය මාධ්‍ය අපනයනය ලෙසටය. බටහිර ගැති බටහිර චින්තනය හා බටහිර දිවිපෙවත උලූප්පා දක්වමින් සංවර්ධනය වන රටවල ජනතාව නොසලකා හරිමින් ධනේශ්වර ආකල්ප හා මතවාදයන් පතුරවා හැරීමට ප‍්‍රවෘත්ති හා විනෝදාස්වාදය මාධ්‍යයන් යොදා ගන්නා බවට කැරෙන චෝදනා ‘ආධිපත්‍යය’ සංකල්පය යටතේම විස්තර කළ හැකිය. රූපවාහිනී මාධ්‍යය ඇතුළු ඕනෑම මාධ්‍යයක් මගින් යථාර්ථය විව්‍යුහගත කිරීමේ විලාශය එළිදරව් කිරීමටත් සූදානමින් සිටියි. බුද්ධිමතුන්ගේ ‘සර්ව ශුභවාදය’ (ධචඑසපසිප දෙ එයැ සබඑැකකජැඑ* නැමති ප‍්‍රබල වූ මතවාදයට විරෝධය පෑමෙන් සහ තමන්ගේ පන්ති ආකල්පයන්ට අනුකූල වන අයුරින් පණිවුඩය පෙරළීමේන් ද පණිවුඩය තෝරා බේරා ගැනීමේ (විකේතකරණය-ෘැජදාසබට* විකල්ප ක‍්‍රම 03ක් ගෝල් පෙන්වාදෙයි. 01.ප‍්‍රබලව පවත්නා අර්ථ විග‍්‍රහ ක‍්‍රමය ඇතුළත ම ක‍්‍රියාකරවීම. (මාධ්‍ය ආයතන විසින් පණිවුඩ නිෂ්පාදනය කරන අතර, ජනතාව ඒවා පරිභෝජනය කරති. ග‍්‍රාහක අර්ථකථනය තමන්ට රිසි අර්ථකථනය සම`ග සසදයි.* 02.ගිවිස ගතහැකි අර්ථ ග‍්‍රහණ ක‍්‍රමයක් යොදාගැනීම. (ග‍්‍රාහකයා ප‍්‍රධාන දෘෂ්ටිය තුළ වශයෙන් අන්තර් ග‍්‍රාහණය කරයි. එහෙත් විශේෂිත අවස්ථාවන්හි දී එය භාවිතයෙහි යෙදීමට විරෝධය පායි.* 03.ප‍්‍රතිවිරුද්ධ අර්ථ-විග‍්‍රහ ක‍්‍රමයක් ආදේශ කිරීම. (මාධ්‍යමය ඉදිරිපත් කිරීමේ දී ඇති වන (මධ්‍ය* ආයතනික පක්‍ෂප‍්‍රාහිත්වය අවබෝධය කරගන්නා ග‍්‍රාහකයා ප‍්‍රවෘත්තිවල අන්තර්ගත මිථ්‍යාව හෙළි කිරීමේ සංවිධානාත්මකව ප‍්‍රයත්නයක් යොදා ගනී.* රූපවාහිනී මාධ්‍ය මුල්කොටගෙන ප‍්‍රචණ්ඩත්‍වයෙන් හා ම්ලේච්ජත්‍වයෙන් ලෝකය පිළිබ`ද ප‍්‍රවෘත්ති අනාවරණය කෙරේ. ලිංගිකත්‍වය හා ¥ෂිත සමාජ පසුබිම පිළිබ`ද කෙරෙන වර්තාකරණය තුළ රූපවාහිනී මාධ්‍ය තුළ ප‍්‍රධානීකරණයක් දැකිය හැකිය. ප‍්‍රවෘත්ති වෙත මුඛ්‍ය අවධානය යොමුකරන්නේ බහුජාතික සමාගම් වලින් ලැබෙන මූල්‍යමය කරුණ ගැනසිතා බැලීම නිසාත් ඒ තුළ ආචරධර්ම ඉක්මවා ගිය ධනවාදී අර්ථ ක‍්‍රමයේ අශිෂ්ටත්‍වය උද්දීපනය වේ. වාර්තාමය විශේෂාංග, ප‍්‍රවෘත්ති, කාලීන තොරතුරු ඇතුළත් වැඩසටහන් ආදිය කෙරෙහි රූපවාහිනී මාධ්‍ය තුළ නිර්මාණය වන ආධිපත්‍යයේ පිළිඹිවුව නිසා දේශපාලන, ආර්ථික හා සමාජ අංශයන් වෙතින් ලැබෙන ප‍්‍රලෝබනය බලපාන බව මෙහිලා විශේෂයෙන් දැක්විය හැකිය. මාධ්‍යයන් අතර ආධිපත්‍යය ලක්‍ෂණ ජනමාධ්‍යය තුළ ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් විද්‍යුත් මාධ්‍ය ලෙසත් පුවත්පත් ස`ගරා ආදිය මුදාිත මාධ්‍යය ලෙසින් හ`දුනාගත හැකියි. මාධ්‍යයන් අතර ආධිපත්‍යය ලක්‍ෂණ එකිනෙකා කෙරෙහි විවිධකාරයෙන් බලපවත්වයි. එහිදී රූපවාහිනිය යම් ප‍්‍රබලත්‍වයක් ආධිපත්‍යයක් වැඩසටහන්කරණ සාධකය මත (ඡුරදටර්පපසබට ේජඑදරි* රදවා ගැනීමට උත්සුක වෙයි. වාණිජමය රූපවාහිනී ආයතනයක වැඩසටහන්කරණය ගුවන් විදුලි ආයතනයක වැඩසටහන් කරණයට වඩා කැපී පෙනෙන අයුරින් වෙනස්ය. ගුවන් විදුලි ආයතනයක වැඩසටහන් කාර්ය මණ්ඩල විශේෂිත ශ‍්‍රාවක පිරිසක් හ`දුනාගෙන දවස පුරා ඔවුන් වෙත විකාශනයෙහි යෙදෙන අතර රූපවාහිනී වැඩසටහන් අංශය පොදු පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉලක්ක කර නැරඹීමට සිටින එම පුද්ගලයන්ගේ මනාපයට ප‍්‍රතිචාර දැක්වීමට උත්සහ දරයි. රූපවාහිනි ආයතන වැඩසටහන් කරණයෙහි සාර්ථකත්වය තදින්ම පවත්නේ පේ‍්‍රක්‍ෂක රසයට ගෝචර ලෙසින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීම මතයි. වැඩසටහන් නිපදවීම, මිළට ගැනීම, ඒවා ප‍්‍රිය කරන පේ‍්‍රක්‍ෂකයාට නැරඹිය හැකි වේලාවන්හි ඒවා විකාශනය කිරීම, එක් වැඩ සටහනකින් තවෙකක් දක්වාම නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන් උනන්දු කෙරෙන අන්දමට හුදකලා වැඩසටහන් කාල සටහන් ගතකිරීමට ඇති හැකියාව ආදී කරුණු රාශියක් රූපවාහිනි වැඩසටහන් කරණයේ ආධිපත්‍ය එහි සාර්ථකත්වය තීරණය කරයි. වාණිජ පදනමක් මත කි‍්‍රයාත්මක වන රූපවාහිනි සේවාවක, වෙළෙඳ ප‍්‍රචාරකයින් ආකර්ෂණය කර ගැනීමට තරම් පේ‍්‍රක්‍ෂක පිරිසක් ඇද ගැනීමට නොහැකි වන වැඩසටහන් නිතරම වෙනස් කරීමට සිදුවිය හැකිය. එම කි‍්‍රයාවලියේදී නිෂ්පාදකයන් මෙන්ම සැලසුම්කරුවන්ද මහන්සි ගන්නේ නිර්මාණශීලිත්වය මගින් වැඩසටහන් අරමුණු සාක්‍ෂාත්කර ගන්නා බවට සහතික වීමයි. රූපවිහිනි වැඩසටහන් තෝරා ගැනීමේ දී විකාශනය සඳහා භාවිත කිරීමේ දී වැඩසටහන් අධ්‍යක්‍ෂක/කළමණාකරු/ප‍්‍රධානියා සාධක ගණනාවක් සලකා බලයි. ආධිපත්‍ය කේන්ද්‍රීය ලක්‍ෂණ රූපවාහිනිය තුළ ක‍්‍රියාත්මක කිරීමේ දී වැඩසටහන් කරණය ප‍්‍රමුඛස්ථානයක් යනු ලබන්නාසේම වැඩසටහන් කරණය අතරින් වැදගත් සාධක කිහිපයක් දැකිය හැකිය.  තර`ගකාරී ආයතනයන්හි ප‍්‍රබලතා හෝ දුබලතා :ීඑරුබටඑයි දර උැ්නබැිිැි දෙ ක්‍දපචැඑසබට ීඒඑසදබි*  පේ‍්‍රක්‍ෂකත්ව ගලනයක් ගොඩනාගා ගැනීම :ඊමසකාසබට ්මාසැබජැ ත්‍කදඅ*  පේ‍්‍රක්‍ෂක පුරුද්දක් ගොඩනගා ගැනීම :ඊමසකාසබට ්මාසැබජැ ්‍ය්ඉසඑ*  පවත්නා පේ‍්‍රක්‍ෂකත්වය :්ඩ්සක්ඉකැ ්මාසැබජැ*  පේක්‍ෂක ලැදියාව :්මාසැබජැ ෂබඑැරුිඑ*  වෙළෙඳ ප‍්‍රචාරණකරුගේ ළැදියාව :්ාඩැරඑසිැ ෂබඑැරුිඑ*  මූල්‍ය ප‍්‍රතිපාදන :ඊමාටැඑ*  වැඩසටහන් ලේඛනය :ඡුරදටර්පපැ ෂබඩැබඑදරහ*  පෙළ ගැස්වීමේ උපක‍්‍රම :ීජයැාමකසබට ීඑර්එැටසැි*  තිරස් හා සිරස් වැඩසටහන්කරණය :්‍යදරස’දබඒක ්බා ඪැබඑසජ්ක ඡුරදටර්පපසබට* රූපවාහිනිය වැඩියෙන් නරඹනු ලබන කාලපරිච්ෙඡ්ද තුළ දී අලූත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ජයග‍්‍රාහී වැඩසටහනක්, එය දැනට පවත්වා ස්ථනයෙහිම තබා ගැනීම නරඹන්නන්ට සාධාරණ විකල්පයක් ඉදිරිපත් කිරීම පිණිස සෙසු තර`ගකාරී රූපවාහිනී සේවාවන් ප‍්‍රතිවිරුද්ධ වැඩසටහන් යෙදීම, මිලදී ගැනීම් කිරීමේ දී මිලට ගනු ලබන වැඩසටහන් ආයතනයට ප‍්‍රයෝජනවත් දැයි හැමවිටම විමසීම සිදු කරයි. රූපවාහිනි මාධ්‍ය තුළ උපකුලක වශයෙන් පවතින විවිධ නාලිකා අතර ඇති තර`ගකාරිතවය තුළ ඉහළින් සිටීමට ද ආධිපත්‍ය කේන්ද්‍රීය ලක්‍ෂණ රූපවාහිනීය තුළින් ප‍්‍රතීයමාන වේ. මෙහිදී වඩා වැදගත් ස්ථනයක් ඍ්එසබටි වලට ලැබෙයි. එය ලබා ගැනීමට වැඩි ප‍්‍රයත්නයක් රූපවාහිනි මාධ්‍ය යොදයි. රාජ්‍ය මාධය තුළ දී රූපවාහිනී අන්‍ය මාධ්‍යයන් හට යම් තර`ගකාරිත්වයක් මුසු ආධිපත්‍යයක් මුදා හරියි. එහිදී රාජ්‍ය මාධ්‍ය වඩාත් රාජ්‍ය පාක්‍ෂිකත්වයක් පැවතීම හා අනෙකුත් නාලිකා බහු ජාතික සමාගම් තුළින් තම නිර්මාණ සඳහා වැඩි මිලක් ලබා ගැනීම සඳහා ආධිපත්‍යකින් යුක්ත වෙයි. මාධ්‍ය තුළ දී රූපවාහිනීය මාධ්‍යයක් වශයෙන් විද්‍යුත් මාධ්‍යයේ දී වැඩි අධිකාරිත්වයක් හා ආධිපත්‍යක් සතුව කටයුතු කරන ප‍්‍රබල මාධ්‍යයක් බැව් පැහැදිලිය.

No comments: