Wednesday, December 11, 2013
පක්ෂි භාෂාව - ආනන්ද රාජකරුණා
පක්ෂි භාෂාව - ආනන්ද රාජකරුණා
ළමා පද්‍ය රචනයෙහි සුවිශේෂි කෞශල්‍යයක් විශද කළ ආනන්ද රාජකරුණාගේ තවත් එක් ළමා පද්‍ය රචනයකි පක්ෂි භාෂාව. මෙම පද්‍ය රචනයෙහි පරමාර්ථය වී ඇත්තේ සොබාදහම වඩා සොඳුරු කරන පක්ෂීන්ගේ නාද මාලාවෙහි පවත්නා විවිධත්වය හා ඒවායේ පවත්නා අවස්ථාවෝචිත විවිධාර්ථයන් ළමා ලොව අභියස ප‍්‍රතිනිර්මාණය කිරීමයි. ඒ සඳහා ඔහු පක්ෂීන් විවිධ අවස්ථාවන්හි හා විවිධ පාරිසරික තත්ත්වයන්හි පවත්නා වෙනස්වීම්වලට අනුව නාද කරන අයුරු හා එයින් මතු කෙරෙන විවිධාර්ථ විෂය කර ගනී. එම`ගින් සොබාදහමට සමීප දරු පිරිසක් බිහි කිරීමට කවියා යොමු වන සෙයක් පෙනේ.
ආනන්ද රාජකරුණා පක්ෂි භාෂාව නම් පද්‍ය පන්තිය ආරම්භ කරන්නේ පක්ෂීන්ගේ ප‍්‍රතිචාර හා හැ`ගීම් මානව සමාජය සම`ග සමරූපී බවක් ධ්වනිත කරමිනි.
‘‘හදිස්සියක් වූ විට එක්තරා හ`ඩක්
න`ගා සියල්ලන් එක රැුස් කරත් තෙපි
නයින් පොළොං`ගුන් දැක අන්තරාවකැය්
දැනුම් දෙතී අන් හ`ඩකින් අපූරුවය්’’
ආරම්භයේ දී ම ඒ ඒ අවස්ථාවන්ට පක්ෂීන් දක්වන ප‍්‍රතිචාර මතු කෙරේ. පක්ෂීහු ද මිනිසුන් මෙන් හදිස්සියක් වූ විට එක්රැුස් වෙති; තම වර්ගයාට අන්තරාවක් නම් එය ද දැනුම් දෙති. එක්රැුස් කිරීම හා අන්තරායයක් බව දැනුම් දීම මිනිසුන් අතර දක්නට ලැබේ. මෙම මානව චර්යාවන් අශ‍්‍රයයෙන් කවියා පක්ෂීන්ගේ නාද මාලාව විස්තර කරන බවක් පෙනේ. සරල සුගම ලෙස බස හසුරුවා ඇති හෙයින් මෙය ළමා මනසට වැටහෙන සුලූ ය.
කවියා පක්ෂීන්ගේ ජීවන රටාව සියුම් ව අධ්‍යයනය කරයි. එමෙන් ම එම අධ්‍යයනය තුළින් ප‍්‍රහර්ෂයට ද පත් වෙයි.
‘‘ගසක් වැලක් හෝ ගොමුවක් කරා ගොසින්
බොහෝ දෙනා මල් පැණි බී උදම් බැවින්
අතුත් ඉතිත්හී රඳමින් යමින් එමින්
ගයත් එකා වන් තුටු ගී අපූරුවයි’’
මෙම පද්‍යයේ දී ‘‘ගසක් වැලක් හෝ ගොමුවක්’’ යනුවෙන් අනුප‍්‍රාසවත් ව භාෂාව හැසිරවීම තුළින් පක්ෂීන් අත්තෙන් අත්තට පනින විලාසය ධ්වනිත කෙරේ. එමෙන් ම ‘රඳිමින් යමින් එමින්’ යන වචන පක්ෂීන්ගේ නාදය ධ්වනිත කෙරේ. උපමා රූපක කිසිවක් යොදා නොගන්නා කවියා ස්වභාවෝක්තිය ම පිහිට කොට ගෙන මවන ස්වභාව සෞන්දර්ය අතිශය චමත්කාර ජනක වේ.
‘‘කුසුම් වනේ රුක් මුදුනේ ගුවන් ගැබේ
වහල් පලේ හෝ පොළොවේ කැදැල්ලෙහිත්
එකින් එකාගේ අනුරාග ගායනා
කුලේ සියලලෝ හඳුනත් අපූරුවය්’’
කවියා කොතෙක් දුරට පක්ෂීන්ගේ ලෝකයට සමීප වූවා ද යත් ඔහු පක්ෂීන් ගැවසෙන සියලූ ස්ථාන දනී; පක්ෂීන්ගේ විවිධ හ`ඩවල් හඳුනයි. ප‍්‍රබල කාව්‍යෝක්තීන් කිසිවක් මෙහි නැතත් මෙය ඉතා රසවත් නිර්මාණයක් බවට පත්ව ඇත්තේ ළමා මනසට උචිත ලෙස නිර්මාණය කර ඇති හෙයිනි. කවියා පද්‍ය පන්තිය පුරාවට ම පක්ෂීන්ගේ හැ`ගීම් ඉදිරිපත් කරන්නේ මානුෂීය හැ`ගීම් උපයෝගි කර ගෙනය. ‘වියෝගයක් වූ විට සිත් තැවුල් බැවින් - අමීරි වූ ශෝක හ`ඩක් න`ගත් තෙපි’ යන ප‍්‍රකාශයන්ගෙන් සනාථ වන්නේ කවියා උපයෝගි කරගන්නා වූ මානව චර්යාවන්හි ස්වභාවය යි.
‘‘කිසිත් හ`ඩක් දැන් අරුණෝදය යි කියය්
අනෙක් හ`ඩක් දැන් ඉරිමා උදෙය් කියයි
තවත් හ`ඩක් දැන් එළි වී තිබෙයි කිියය්
සියල්ලෝමත් මේහ`ඩවල් හොඳින් දනිත්’’
පක්ෂීන්ගේ නාදය මිනිසාට ද ප‍්‍රයෝජනවත් ය. ඔහු මුලින් ම උදෑසන දැනගන්නේ පක්ෂීන්ගෙනි. මෙහි එන අරුණෝදය, ඉරිමා උදේ, එළි වී තිබේ යන ප‍්‍රකාශ තුන ම එක කාලයක් පිළිබඳ හැ`ගවීමට භාවිත වන හෙයින් අර්ථ පුනරුක්තියක් මෙහි ඇත. වාච්‍යාර්ථ ඉක්ම නොයන භාෂාව වාර්ථාකථන ස්වරූපයක් ද දරයි. කවියා පද්‍ය නිර්මාණය අවසන් කරන්නේ කුරුල්ලන්ගේ සන්නිවේදනය සිය වර්ගයාට මෙන් ම මිනිසාට ද වැදගත් බව ව්‍යංග්‍යයෙන් පෙන්වා දෙමිනි.
‘‘කිසිත් හ`ඩක් වැස්සට කල් වනැය් කියය්
අනෙක් හ`ඩක් මල් පල ගැන්වෙතැය් කියය්
තවත් හ`ඩක් ගිම් කල ළං බවක් කියයි
සියල්ලෝමත් මේ හ`ඩවල් හොඳින් දනිත්’’
පක්ෂීහු පරිසරයේ ඇති වන විවිධතා එක් එක් හ`ඩවලින් සිය වර්ගයාට දැනුම් දෙති. මිනිසා පවා පක්ෂීන්ගේ නාදය ඇසුරින් පරිසරයේ ඇති වන විවිධතා වටාහා ගනී. මෙලෙස පද්‍ය නිර්මාණයේ මුල සිට අගට ඇත්තේ ඒ ඒ පාරිසරික අවස්ථාවන්ට පක්ෂීන් දක්වන ප‍්‍රතිචාරයි.
ළමා කාව්‍ය නිර්මාණයකට උචිත වන පරිදි මෙහි භාෂාව සරල ය; සුගම ය; ‘තෙපි දැනුම් දෙති’ යන තැන ව්‍යාකරණ විරෝධි වුවද අනෙක් සියලූ තැන් ව්‍යාකරණානුකූල ය. එමෙන් ම මෙහි භාෂාව වාච්‍යාර්ථ ඉක්ම නො යයි. ස්වභාව සෞන්දර්ය වර්ණනයට උචිත වන්නේ ස්වභාවෝක්තිය ම වටහා ගත් කවියා පද්‍ය නිර්මාණය ම ස්වභාවොක්තියෙන් සරසා ඇත. උපමා රූපක කිසිවක් මෙහි නැත ද මෙම නිර්මාණය ස්වභාව සෞන්දර්යය ප‍්‍රතිනිර්මාණය කරන කැඩපතක් බඳු ය. ජගණ, තගණ, ජගණ, රගණ පිිළිවෙළින් යෙදෙන වංශස්ථ විරිත යොදා ගෙන සිලෝ ආකෘතියට අනුව පාද බෙදා ඇති මෙම නිර්මාණය ළමයාට තාලයකට කියවිය හැකි ය. පද්‍ය නිර්මාණයේ ඇති යථෝක්ත ලක්ෂණ හේතුවෙන් ‘පක්ෂි භාෂාව’ නම් මෙම පද්‍ය නිර්මාණය ස්වභාව සෞන්දර්යයේ චමත්කාරය ළමා ලොව අබියස ප‍්‍රතිනිර්මාණය කරන සොඳුරු නිමැවුමක් ලෙස අගය කළ හැකි ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment