UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පටිමාඝරයෙහි ආරම්භය.

Tuesday, December 10, 2013

පටිමාඝරයෙහි ආරම්භය.

පටිමාඝරයෙහි ආරම්භය. ලොව අනෙකුත් රටවල ජාතීන් හා සංසන්දනය කිරීමේදී ශ‍්‍රී ලාංකික ජනතාව ප්‍රෞඪ කලා ශිල්පයන්හි උරුමක්කරුවෝ වෙති. මෙම කුඩා දිවයිනෙහි ඇති කලා ශිල්පයන් කිසි විටෙකත් අන් කලා ශිල්පයන්ට දෙවෙනි නොවෙයි. අපගේ මුතුන් මිත්තන් සීගිරියෙහි විචිත‍්‍රවත් සිතුවම් චිත‍්‍රණය කරන විට, කැටපත් පවුරේ නෙක විසිතුරු කවි පබ`දනා විට, අද ලෝකයේ ප‍්‍රබල රටවල ජාතීන් විසූ අයුරු අප කවුරුත් දන්නා කරුණකි. එපමණක් නොව; අප රටේ ශේෂව ඇති ඓතිහාසික කලා වස්තූන්හි තාක්‍ෂණිකබව, වාස්තූ විද්‍යාත්මක විශිෂ්ටතාව දැක දේශීය විදේශීය සංචාරකයන්, විද්වතුන් මවිතයට පත්වන්නේ නිරායාසයෙනි. අහස සිඹින දාගැබ්, මිහිකත වැළඳගන්නා වාරි තාක්‍ෂණය දෑස් මවිත කරන නේක ප‍්‍රතිමා ඒ සඳහා නොමදව සාක්‍ෂි සපයයි. එහිදී අප මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ ලක්දිව කලා ශිල්ප නමැති වෘක්‍ෂයෙහි වාස්තු විද්‍යාව සේම ගෘහ නිර්මාණය නමැති ශාඛාවෙහි ප‍්‍රශාඛාවක් වන පටිමාඝර සම්බන්‍ධයෙනි. එය කුඩා අංශයක් වුවද විශාල සාරගර්භ කරුණු කාරනා රැුසක් හෙළිවන අමතක නොකළ යුතු කරුණකි. පාලියෙහි ‘ඝර’ වශයෙන් අර්ථවත් වන්නේ ගෘහය, නිවහන, ගෙය යන්නයි. වාස්තු විද්‍යාවට අනුව ව`දිනා පුදනා දෑ කලාත්මක වස්තූන් ආදියෙහි ආරක්‍ෂාව සඳහා වටකර තනන නිවහන ‘ඝර’ වශයෙන් ප‍්‍රසිද්ධව ඇත. නිදසුන් වශයෙන් චේතියඝර, බෝධිඝර, පටිමාඝර දැක්විය හැකිය. චේතියඝර යනු චෛත්‍යයේ ආරක්‍ෂාවටත්, බැතිමතුන් අවුවෙන් වැස්සෙන් පීඩා නොවි`දීම අරමුණු කරගෙන තැනූ ගෘහයයි. දැනට ලක්දිව ඉතිරිව ඇති සුවිශේෂී චේතියඝරයන් ලෙස අනුරාධපුයෙහි ථුපාරාමය, ලංකාරාමය, මිහින්තලේ අම්බස්තල චෛත්‍ය දැක්විය හැකිය. එසේම බෝධිඝර වශයෙන් අදහස් කරන්නේ බෝධීන් වහන්සේ වටා සාදන ලද පටු පියස්සක් සහිත මණ්ඩපයයි. වර්තමානයේ ශේෂව ඇති එකම බොධිඝරය ලෙස කුරුණෑගල ප‍්‍රදේශයේ ‘නිල්ලක්ගම’ ගමින් හමුවූ බෝධිඝරය හදුන්වාදිය හැකිය. නමුත් අප මෙහිදී සුවිශේෂී අවධානය යොමු කරිමට බලාපොරොත්තු වන්නේ ‘පටිමාඝර’ සම්බන්‍ධයෙනි. බුද්ධ වන්දනය ලක්වැසියන් මහින්දාගමනයෙන් පසු නොකඩවා අද වනතුරු පවත්වාගෙන එන්නකි. එහෙත් ‘‘ප‍්‍රතිමා වන්දනයට අවශ්‍ය වූ පිළිමගෙවල් තැනුණේ ක‍්‍රිස්තු වර්ෂාරම්භයෙන් පසුවයි.’’ මුල් කාලයේ නිර්මාණය කරන ලද බුදු පිළිම බෝධිගෘහ තුළ හෝ දාගැබ් අසල හෝ පූජනීය ස්ථානවල ආවරණයකින් තොරව වන්දනා මාන සඳහා තබන්නට ඇත. ‘‘ ක‍්‍රි.ව දෙවන සියවසයේදී පමණ ආරම්භ වූ වාහල්කඩ නිර්මාණයේදී බුද්ධ ප‍්‍රතිමා ස්ථාපනය සඳහා කළ පූජාසන විය.’’ අනුක‍්‍රමයෙන් බුදු පිළිම සඳහා පූජාසන නිර්මාණය වීමෙන් අනතුරුව බුදු පිළිම සඳහා වෙනම පිළිම ගෙවල් සෑදීමේ සිරිත ආරම්භ වන්නට ඇත. එසේම නිරාවරණයකින් තොරව පූජනීය ස්ථානවල බුදු පිළිම තැන්පත් කිරීම තුළින් යම් අගෞරවයක් සිදුවේයැයි සිතා පටිමාඝර සකස් කරන්නට ඇතැයි සිතා අපට අනුමාන කළ හැකිය. තවද පිළිම ගෙය නිර්මාණයේදී බොහෝ සෙයින් බලපෑ හේතු සාධකයක් විය. එනම් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ජේතවනාරාමයෙහි වැඩ සිටි කුටිය හඳුන්වනු ලැබුවේ ‘ගන්‍ධකුටි’ යන නාමයෙනිි. එහි ශේෂ කොටස් වර්තමානයේද දක්නට ඇත. ‘‘ගන්‍ධකුටියේ සැලැස්ම වූයේ ඉදිරි ප‍්‍රවේශ මණ්ඩලයක් සහිත සතරැුස් කුටියයි.’’ (කුටිය හෙවත් ගර්භය තුළ පැදකුණු මගක් සෑදීමේ සිරිත ආරම්භ විය.* කලාකරුවන්ට පටිමාඝරයක ස්වරූපය සිහිපත් වන්නට ඇත්තේ උක්ත කාරණාවන්ට අනුව විය හැකිය. ලංකාවේ පැරණි පිළිම ගෙවල්හි ආකෘතිය අධ්‍යයනයේදී ජේතවනාරාමයේ නටබුන් අතරින් හමුවන බුදුරජාණන් වහන්සේගේ ගන්‍ධකුටිය හා සමාන වේ. එසේම දහවන සියවසට අයත් සෙල්ලිපියක අභයගිරි විහාරයේ පිළිම ගෙය හඳුන්වා ඇත්තේ ‘ගදල’ යන නාමයෙනි. ‘ගදල’ යන්න පාලි ‘ගන්‍ධකුටි’ යන්නේ බි`දී ආවකි. ඒ අනුව ප‍්‍රතිමාගෘහයන්හි ආරම්භයට උක්ත සාධක සහේතුක වන්නට ඇතැයි සාධාරණ නිගමනයකට එළඹිය හැකිය. ලක්දිව පටමාඝරයෙහි ආරම්භය සනිටුහන් වන්නේ අනුරාධපුර යුගයෙනි. එහිදී අනුරාධපුරයට උතුරින් ඇති කිරිබත් වෙහෙර පිළිමගෙය කදිම නිදසුනකි. මෙම සම සතරැුස් ගර්භගෘහයෙහි පැත්තක දිග අඩි විස්සකි. ගර්භගෘහයේ පසු භාගයේ අඩි දොළහක් පමණ අසල හිටි පිළිමයකි. (අවසාන 178*එසේම අනුරාධපුරයෙහි සංඝාරාමයන්හි කැසිකිළි ගල්වල පැතලි රූප කැටයම් අධ්‍යයනයේදී පටිමාඝරයක ලක්‍ෂණ සේම එහි වහලය පිළිබඳ අවබෝධයක් ලැබේ.(අවසාන 178* පොළොන්නරු යුගයේදී පටිමාඝරය කාලානුරූපීව වෙනස් වූ අයුරු පටිමාඝරවල ස්වර්ණමය යුගය ලෙස අවිවාදයෙන් හැඳින්විය හැක්කේ පොළොන්නරු යුගයයි. එසේම පොළොන්නරු යුගයේ පටන් කාලානුරූපීව වෙනස් වෙමින් නව ප‍්‍රවණතා අනුව සකස් වෙමින් පටිමාඝර විකාශය වූ අයුරු ඓතිහාසික මූලාශ‍්‍ර අධ්‍යයනයේදී පසිද වේ. ‘‘පොළොන්නරුව ආදී පැරණි නගරවල නටබුන් තුළ ප‍්‍රතිමාගෘහ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමේදී ගිඤ්ජකාවස්ථ හෙවත් ගෙඩිගේ නම්වූ ප‍්‍රතිමාගෘහ විශේෂයක් ප‍්‍රභවය වී ඇත.’’ මෙහි විශේෂතම ලක්‍ෂණය වූයේ පියස්ස ඇතුළු මුළු පිළිමගෙයම ගඩොලින් තැනීමයි. හිටපු පුරාවිiාඥයකු වු එච්.සී.පී. බෙල් මහතා මේ ස`දහා ප‍්‍රබල උදාහරණයක් ගෙනහැර දක්වයි. එනම් ජේතවනාරාම ස්තූපයට බටහිරින් ඇති ගඩොල් බිත්තියෙන් යුත් පිළිම ගෙයකි. මෙහි චතුරස‍්‍රාකාර කොටසෙහි පැත්තක දිග අඩි හැටනමයකි. බිත්තිවල ඝනකම අඩි පහකි. ප‍්‍රධාන ශාලාවට කවුළු දාහතරක් හා අන්තරාලයට කවුළු තුනක් ඇත. පියස්ස ආරුක්කු ආකාරයෙන් ගඩොලින් නිමවා ඇත. කාලානුරූපීව පිළිම ගෙය වෙනස්වූ අයුරු මෙමගින් පසක් වේ. මීට අමතරව ථූපාරාමය අසල ඇති පිළිම ගෙයහි අඩිතාලම පිරික්සීමේදී පටිමාඝරය ගර්භ ගෘහය, අන්තරාලය, මණ්ඩපය යන කොටස් තුනකින් සමන්විත වන අයුරු පැහැදිලිය. ( අවසාන 178* ඒ අනුව ඉතා කුඩාවට ඇරඹි පිළිමගෙවල් ක‍්‍රමය විශාල අන්දමින් මිනිසාගේ වන්දනාමාන ස`දහා පහසුව තකා විකාශය වූ අයුරු එම`ගින් පසක් වේ. පටිමාඝර ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.  ගන්‍ධකුටි  ගිඤ්ජකාවාස්ථ  ගෙඩිගේ ගිඤ්ජකාවස්ථ ගණයට අයත් සුවිශේෂි පිිළිම ගෙවල් අපට දැකගත හැකිවන්නේ පොළොන්නරු යුගයේදීය. ඒ අනුව පොළොන්නරු යුගයේහි දක්නට ලැබෙන ථූපාරාමය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය, ගිඤ්ජකාවස්ථ ගණයට අයත් පිළිමගෙවල්ය. ‘‘මෙම වර්ගයේ පිළිමගෙය පොළොන්නරු යුගයේදී පහළ වූ නව දෘෂ්ටියක ප‍්‍රතිඵලයක්යැයි කීම සාවi නොවේ.’’ පොළොන්නරුවේ දක්නට ලැබෙන එම පිළිම ගෙවල් අතුරෙන් පැරණිතම සේම කුඩාම පිළිම ගෙය ලෙස සැලකෙන්නේ මහාපරාක‍්‍රමබාහු රජු විසින් ගොඩනගන ලද්දදේයැයි විශ්වාසිත ථූපාරාම පිළිමගෙයයි. ‘‘අඩි 84 අ`ගල් 6 දිගැති මේ ගොඩනැගිල්ල ගර්භගෘහය, අන්තරාලය, මණ්ඩපය, ද්වාර මණ්ඩපය වශයෙන් කොටස් 04 කින් සමන්විතය.’’ (105,ලගමුව, 180 පරණෙ* පොළොන්නරු යුගයෙහි පටිමාඝර සම්බන්‍ධයෙන් යථෝක්තව කරුණු සාකච්ඡුා කෙරිණ. මෙම යුගයේදී දක්නට ලැබෙන ශිව දේවාල තුළද ඉදිරිපත් වන්නේ පටිමාඝර ලක්‍ෂණයි. පටිමාඝර ස`දහා බොහෝ සෙයින් හින්‍දු දේවාලයන්හි ආභාසය ලබන්නට ඇත. ‘‘ඉන්දීය හින්‍දු දේවාලයන්හි හමුවන මණ්ඩප, අන්තරාල සහ ගර්භ ගෘහය යනුවෙන් හැ`දින්වෙන වාස්තුවිද්‍යාත්මක ලක්‍ෂණ ප‍්‍රතිමාගෘහ තුළද දක්නට ලැබේ.’’ හින්‍දු දේවාලයන්හි දක්නට ලැබෙන බාහිර අලංකාර එලෙසින්ම පටිමාඝර තුළද දක්නට ලැබේ. ‘‘පරණවිතාන මහතා පවසන්නේ එවායෙහි ඇත්තේ ද්‍රවිඩ මතයම බවයි.’’ (අනු 265,ලගමුව 104* එහෙත් හින්‍දු ආරාමවල දක්නා පොදු නිර්මාණ සැළැස්ම පදනම් කොට බෞද්ධ ප‍්‍රතිමා ගෘහයන් ගොඩනගා ඇත්තේ බෞද්ධ ප‍්‍රතිමා ගෘහයට ගැළපෙන අංගෝපාංගයන් පමණක් උකහාගෙනය. මෙහිදී බෞද්ධ ප‍්‍රතිමා ගෘහයනට ගැළපෙන සේ උක්ත ලක්‍ෂණ ප‍්‍රතිශෝධනය කරන්නට ඇත. හින්‍දු දේවාලයන් ප‍්‍රතිමා ගෘහ ගණයට වැටෙන නිර්මාණයන්ය. ඒ අනුව කාලානුරූපීව හින්‍දු කලා සිරිත ගැළපෙන සේ වෙනස් කරගත් අයුරු උක්ත මත විමසීමේදී පසක් වේ. කාලානුරූපීව පටිමාඝරය විකාශය වීමේදී පොළොන්නරු යුගයේදී හමුවන තවත් සුවිශේෂී පිළිම ගෙවල් දෙකක් ලෙස අටදාගෙය සහ හැටදාගෙය ස`දහන් කළ හැකිය. ‘‘දළදා හිමියන් වැඩහිඳුවනු වස් නිශ්ශංකමල්ල විසින් ඉදිකරන ලද මැදුර වන හැටදාගෙය උඩුමහල තෙක් ගලින් තනන බිත්ති වලින් යුක්තය.’’ දළදා වහන්සේගේ ආරක්‍ෂාවට සහ උන්වහන්සේ වන්දනා කරන්නට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව තකා මෙම හැටදාගෙය ඉදිවන්නට ඇත. මෙය හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී ක‍්‍රමිකව සේම තාක්‍ෂණික අතින් පටිමාඝරය මෙම කාලය වන විට කෙතරම් දියුණුවීද යන්න පසක් වේ. ‘‘මෙම ප‍්‍රාකාරය මධ්‍යයේ අඩි 120×90 දිග පළල ඇති තනි ගොඩනැගිල්ලක් ලෙස තට්ටු දෙකක ගොඩනැගිල්ලක් වශයෙන් ඉදිකර ඇත.’’ මෙහි දැවයෙන් කරන ලද දෙවෙනි තට්ටුවේ දළදා වහන්සේ වැඩසිටින්නට ඇත. වර්තමානයේ ශේෂව ඇත්තේ මෙපමණය. (185 අවසාන* පොළොන්නරු යගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ආවේණික ලක්‍ෂණ පිළිබද ඉහතදී සාකච්ඡුා කළෙමු. ඒවායින් ඇතැම් කරුණු දකුණු ඉන්දීය බලපෑම මත ඇති වු ලක්‍ෂණයන් වේ. මෙම බලපෑම මෙම ක්‍ෂෙත‍්‍රය කෙරෙහි පමණක් නොව සමාජ හා ආගමික ක්‍ෂෙත‍්‍රයන් කරාද යොමු විය. බුදු දහමේ ඇදහිලි හා විශ්වාසවල යම් වෙනසක් සිදු වූයේද මෙම බලපෑම නිසාය. වෙනත් යුගයන්වල දක්නට නොලැබුණු වෙනස්කම් එක් යුගයකින් එක් යුගයක් තුළ ඇති වන්නේ නම් ඊට හෙතූන් වශයෙන් අභ්‍යන්තර හා බාහිර බලපෑම් පැවැතිය හැක. පොළොන්නරු යුගයේදී චෝළ ආධිපත්‍යය පවතින කල සිංහල සාම්ප‍්‍රදායික ගෘහනිර්මාණ ශිල්පය යටතේ නිර්මාණ බිහි නොවීය. චෝළයන් පැවැති දේවාල ප‍්‍රතිසංස්කරණය කිරීම හා අලූතෙන් ඉදිකිරීම සිදු කරන ලදී. ‘‘ සොළී ආධිපත්‍යය යටතේ සිංහල නිර්මාණ සම්ප‍්‍රදාය අනුව කිසිම ගොඩනැගිල්ලක් නොසාදන ලදි. සොළී ආණ්ඩුව යටතේ රාජවංශිකයන් කුලවතුන් හා බෞද්ධ භික්‍ෂූන්ද නැතිව ගිය හෙයින් එම අනු ග‍්‍රාහකයන් නොමැති වීමෙන් සිංහල ප‍්‍රථිමා ශිල්පීනට හා සහජ සිත්තරුනට සිය සිප්කම්හි යෙදීමට අවස්ථාවක් නොලැබිණි.’ ආක‍්‍රමණිකයෝ පොළොන්නරුවෙහි සිය ආගමික සිද්ධස්ථාන ඉදිකළහ. මෙවා තනන ලද්දේ එවකට පැවැති දකුණු ඉන්දීයාවේ ප‍්‍රචලිතව පැවැති ගෘහ නිර්මාණ ශිල්ප සම්ප‍්‍රදායට අනුකූලවය ’’ නමුත් මෙම නිර්මාණ තුළද මෙරට පැවැති සිංහල ගෘහනිර්මාණ ශිල්පයේ ලක්‍ෂණ කිහිපයක් අඩංගු බව සෙනරත් පරණවිතාන සූරීන් එහිම සදහන් කරයි. හින්දු කෝවිළ ඇසුරුකොටගෙන බෞද්ධ පටිමාඝර විකාශනය වු අයුරු චෝළ අධිපත්‍යය බිද දමා මෙහි සිංහල බලය රුකගත් රජවරුන් දවස ඉදිවු යම් යම් නිර්මාණ තුළ දකුණු ඉන්දීය බලපෑම දැකගත හැක. හින්දු ගෘහනිර්මාණ ශිල්පයේ දැඩි ආභාසය පිළිබද ඇම් . බි ආරියපාල මහතා මෙසේ අදහස් දත්වා ඇත. ‘‘සිංහල කලාවන් පිළිබ`ද පැරණි වකවානුව යාපහුවෙන් (ක‍්‍රි.ව 1222* අවසන් වෙයි. මෙය ආර්ය හා සම්පූර්ණයෙන්ම බෞද්ධ වන අතර ද්‍රවිඩ ස්වරූපයක් ගත් මධ්‍යකාලීන කලා කෘති තදින්ම හින්දු වේ.’’ අනුරාධපුර යුගයේ ස්ථූපයට මුලිකස්ථානය ලැබුනද මෙහි බුදු පිළිමයට මුලිකස්ථානය ලැබුණි. බුදු පිළිමය මුල්කරගෙන විවිධ නිර්මාණ සිදු විය. දළදා මළුවේ උඩ මළුවේ ඇති වටදාගෙය පොළොන්නරුවේ ගෘහ නිර්මාණ අතරින් වැදගත් නිර්මාණයකි. වටදාගෙහි ආකෘතිය පිළිබ`ද විමසීමේදි එය අනුරාධපුරයේ සිට ලැබුණු ශිල්පීය ඥානයක් බව පැහැදිලි වේ. නමුත් මෙහි ඇති ඇතැම් ලක්‍ෂණ සදහා දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇත. මෙහි ස්තූපයටත් වඩා අවධානය යොමු කර ඇත්තේ බුදු පිළිම සතර කෙරෙහිය. මෙම පිළිමවල විශේෂතා කිහිපයක් දැකිය හැක. වෙනත් බුද්ධ ප‍්‍රතිමාවක ශීර්ෂයෙහි කේෂයන් පැහැදිලිව දක්වා තිබේ. නමුත් මෙහි එවැනි සලකුණු දැකිය නොහැක. මෙවැනි බුදු පිළිම මධුරාපුරයෙන්ද හමු වී ඇත. එම නිසා මෙම පිළිම සදහා දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇත. ‘‘කුණ්ඩලාගාරව සිටින සේ බුදු පිළිමවල හිසකේ දැක්වීම සාමාන්‍ය සිරිත වන නමුත් මේ පිළිමවල හිස් මුළුමනින්ම මුඩුකොට හෝ නැතහොත් හිසකේ නැති ලෙසින් පෙනෙන හිස්වැසුමක් පැළැද ඇති ලෙස හෝ දක්වා ඇත්තේය. ආදි යුගයේ මදුරාහි කලා කෘතීන්ගෙිද උතුරු දඹදිව මන්කු ආ නම් ස්ථානයෙන් සොයාගත් මධ්‍ය යුගයට අයත් බුදු පිළිමයක ද ඉන්දියවේ මීට සමාන සිරස් සැදුම් දක්නා ලැබේ.’’ එසේය මෙම වටදාගෙහි වහලය පිළිබ`ද විවිධ මත ඉදිරිපත් වී ඇත.දැවයෙන් තැනූ වහලක් තිබූ බවට ස්මිදර් මහතාගේ අදහසක් වන අතර ඔහුට එසේ පැවැසීමට හැකි වී ඇත්තේ ඇණ හා උළු කැබැලිති කිහිපයක් හමුවී තිබීම නිසාවෙනි. දැනට දඹදෙණියෙහි ඉදිකොට තිබෙන වහලය මෙන් තිබෙන්නට ඇතැයි හෝකාර්ට් මහතා මුලින් සිතූ නමුත් කුළුණ මත කුඩුම්බි වැනි නෙත්ති තිබෙන බැවින් එක මත එක ක‍්‍රමයෙන් කුඩාවට පිහිට වු කේතුකාකාර වහලයක් තිබෙන්නට ඇතැයි ඔහු පවසයි . කේරලයේ අද දක්නට ලැබෙන ‘ශ‍්‍රී කොයිල් ’ ක‍්‍රමයේ මෙන් වටදාගෙයි ද එක මත එක කේතුකාකාර වහලයක් තිබේන්නට ඇතැයි බණ්ඩාරනායක මහතා අනුමාන කරයි.’’ මේ අනුව මෙහි නිර්මාණය සදහා දකුණු ඉන්දීය බලපෑමක් එල්ල වී ඇති බව පැහැදිලිය. ප‍්‍රතිමා ගෘහ ඉදිවීම පොළොන්නරු යුගයේ දැකිය හැකි විශේෂත්වයකි. මෙම ප‍්‍රතිමා ගෘහ ඉතා විශාල වශයෙන් උස්වු ගොඩනැගිලි විශේෂයක් බව නෂ්ටාවශේෂ තුළින් පසක් වේ. අතිවිශාල බුදු පිළිම තැනීම පොළොන්නරු යුගය වන විට කෑපි පෙනෙන ලක්‍ෂණයක් වී ඇත්තේ මේ යුගයේ දී ඇති වු ආගමික ව්‍යුහයේ වෙනස්කම් නිසාය. පර්සි බ‍්‍රවුන් පවසන අන්දමට ආගමික ව්‍යුහයේ ඇති වු වෙනස්කම් මෙයට හේතු වී ඇත. හින්¥න් ත‍්‍රි මූර්තිය මහත් බලයකින් යුතු යැයි සළකන අතර බෞද්ධයන්ටද බුදුන් වහන්සෙගේ අධිමානුෂීය තත්ත්වය ඉස්මතු කිරීමට අවශ්‍ය විය. එම නිසා විශාල බුදු පිළිම සංඛ්‍යාවක් බිහි වී ඇක. තිවංක පිළිමගේ මෙන් විශාල ගෘහ බිහි විය. බුදු පිළිම විශාල වූයෙන් ගෘහයෙහි උසද මහත් විය. එසේද මෙහි ඇතුලූ වන දොරටුව ප‍්‍රතිමාව පෙනෙන උස්ව පිහිටුවා ඇත්තේ පිවිසෙන්නන් තුළ ශ‍්‍රද්ධාව වර්ධනය කිරීම සදහා වේ. එසේම මෙම ගෙඩිගෙවල් බාහිරව මනා අලංකරණත්වයෙන් නිමවා ඇත්තේ පිවිසෙන්නන් තුළ ගාම්භිරත්වයක් ඇති කිරීම සදහාය. ‘‘ මෙම ගොඩනැගිලිවල අභ්‍යන්තර සැලසුම් මලින් ගෘහනිර්මාණ ශිල්පිය විශේෂත්වයක් පිළිබ`ද කරන්නේ මද වශයෙන් සාධක දැක්වීම වුවත් ඇතැම් ලක්‍ෂණ අරභයා පමණක් සුවිශේෂත්වයක් දනවයි. ඒවා නම් බාහිර බිත්තිවල ඇති විසිතුරු කැටයම් හා යම්තාක් දුරකට වහලෙහි වක‍්‍රාකාර ස්වභාවය ආදිය වේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අරමුණ වී ඇත්තේ වන්දනා කරුවන් එම සිද්ධස්ථානය කරා ළගා වනවිට ඔවුන් තුළ දැඩි භක්තියක් එම කලාත්මක දර්ශනය තුළින් ඇති කිරීමයි.’’ මේ සදහා පැහැදිලිවම ද්‍රවිඩ බලපෑම එල්ල වී ඇත. ථුපාරාමයේ වහලය පිළිබ`දව විවිධ අදහස් දක්නට ලැබේ. මේ පිළිබ`දව බෙල් මහතා අදහස් දක්වන්නේ මෙය සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ආභාසයක් බවයි. ‘‘මෙම නිර්මාණයේ සම්පූර්ණ ආකෘතිය දැනට දැනගැනීමට සාධක නොමැති වුවද මෙය ආකෘතිය අතින් ශිව දේවාලයේ ගලින් තැනු වහලයක් මෙන් තිබෙන්නට ඇතැයි බෙල් මහතා ස`දහන් කරයි. එහෙත් මෙම නිර්මාණය පිළිබ`ද පරණවිතාන මහතා පවසන්නේ චූලවංශයේ දැක්වෙන චන්ද්‍රිකා ශාලා’ යන්නට සමාන විය හැකි බවයි. ථුපාරාමයේ ගර්භගෘහය මත තිබෙන මේ කොටස ගඩලාදෙණියේ වහලය මෙන් ස්තූප ආකාරයට තිබෙන්නට ඇතැයි හොර්කාට් දක්වයි. මේ අනුව ගෙඩිගේවල නිර්මාණය සදහා ද්‍රවිඩ බලපෑම එල්ල වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. ථුපාරාමය , ලංකාතිලකය හා තිවංක පිළිමගෙහි වහල සදහා පොළොන්නරුවේ අංක 1 හා 2 දරන ශිව දේවාලවල වහලයේ බලපෑම එල්ලවී ඇතැයි එක් මතයකි.ි’් රුප්රන්ඉකැ ාැඩැකදචපැබඑ සබ එර්ාසඑසදබ්ක ීසබය්කැිැ ්රජයසඑැජඑමරු අ්ි එයැ ාැඩැකදචපැබඑ දෙ ් බැඅ ්රජයසඑැජඑමර්ක දෙරප සබ එයැ රුසටබ දෙ ඡු්ර්නර්ප්ඉ්යම ෂ ්ි ැංැපචකසසෙැා ඉහ එයැ ඔයමච්ර්ප්ල එයැ ඛ්බන්එසක්න් ්බා ඔසඩ්බන් සප්ටැ-යදමිැග ඔයැිැ එැපචකැිල අයසජය ඇරු රුප්රන්ඉකැ ඉැජ්මිැ දෙ එයැසර ්රජයසඑැජඑමර්ක ෙැ්එමරුි ්බා ඇරු දෙ සපචරුිිසඩැ ාසපැබිසදබිල ය්ා ඩ්මකඑැා රදදෙි දෙ ඉරසජන ජදබිඑරමජඑසදබ” ග නමුත් මෙම මතය පරණවිතාන මහතා ප‍්‍රතික්‍ෂේප කරයි. ‘‘පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුරාධපුර යුගයේ එම ශිල්පයට වඩා මූලික වශයෙන් වෙනස් යැයිද , එය කාම්භොජ බුරුම සහ වෙනත් බාහිර බලපෑම්වල ලකුණු සහිත ද්‍රාවිඩ අංග ලක්‍ෂණයන් ආවේණික කොට ඇතැයි යන වැරුදි මතයක් දැන් බෙහෙවින් පැතිර පවත්නේය. දෙමළ බලය පැවැති කාලයේදී තනන ලද ශෛව හා වෛෂ්ණව සිද්ධස්ථාන කේවල ද්‍රවිඩ සම්ප‍්‍රදායට අනුව තනන ලද බවට ප‍්‍රශ්නයක් නොමැත.’’ මෙම මතය පිළිබද විමසීමෙදී ථුපාරාමය , ලංකාතිලකය හා තිවංක ඝරය යන ස්ථානවල ගොඩනැගිලිවල පාදයේ ආකාර ගැන්වීමත් සිව සිද්ධස්ථාන එවැනි දෑ සංසන්දනය කිරීමෙන් පැහැදිලි වන්නේ එහි බලපෑම ලබා ඇත්තේ පුරාණ සිංහල ගෘහ නිර්මාණ ශිල්පියෙන් වීමයි. ලංකාතිලකය හා ථුපාරාමය වැනි ස්ථානවල දැකිය හැකි බොකු වහලය සහිත ගොඩනැගිලිවලට බලපෑවේ ද්‍රවිඩ බලපෑම බව බෙල් මහතා වැනි වියත්හු පෙන්වා දී ඇත. නමුත් මෙවැනි ආකෘති සහිත ගොඩනැගිලි අනුරාධපුරයෙන් හමුවන බැවින් එක හෙලාම ඒවාට ද්‍රවිඩ බලපෑම ලැබුවා යැයි පැවසිය නොහැක. මෙම ගොඩනැගිලි ආකෘතිය ‘ගිඤ්ජකාවස්ථ’ නමින් හැදින්වෙන ගොඩනැගිලි වර්ගයකින් පැවැත ආවා යැයි පරණවිතාන මහතා පවසයි. ‘‘මේ ගොඩනැගිලි ක‍්‍රමය පොළොන්නරු යුගයේ නිර්මාණ ශිල්පීන්ගේ නව නිපැයුමක් නොවන බවට පොළොන්නරු ගොඩනැගිලි හා තමන් අතර ඇති සම්බන්දය වටහාලීමට ප‍්‍රමාණවත් තරමින් රැුකී තිබෙන ගෙඩිගේ නමින් හැදින්වෙන ගඩොළු ගොඩනැගිල්ලත් අනුරාධපුර ජේතවන දාගැබට බටහිරින් පිහිටි පිලිම ගෙයත් සාක්‍ෂ්‍ය දරයි. පොළොන්නරුවේ ගඩොළු ගොඩනැගිලිවල විසිතුරු අලංකාරයට මුල් වූයේ ද්‍රවිඩ ආභාසය යන මතයද එහෙයින් ම සාවද්‍යය.’’ මෙසේ ද්‍රවිඩ මතය ප‍්‍රතික්‍ෂේප කරන පරණවිතාන සූරීහු මෙවැනි ගොඩනැගිලි පැරුණි දඹදිව තිබු බවද සදහන් කරයි. මෙවැනි මත පිළිබ`ද තුලනයක් දැකිය හැකි අතර මීට අමතරව පටිමාඝර පිළිබ`ද විමසීමෙදී මෙහි මුල් ආකෘතිය සදහා ද්‍රවිඩ බලපෑම මණ්ඩපය නිර්මාණය විමෙහිලා බලපා තිබේ. හින්දු කොවිල්වලද බැතිමතුන්ට රුස්වීම පිණිස මෙවැනි මණ්ඩල ඉදිකර ඇත. ප‍්‍රවේශය මණ්ඩපය අන්තරාලය ගර්භ ගෘහය එසේම පටිමාඝර දෙස බාහිරින් බැලීමෙදි මහල් ගණනකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසය. එසේ පෙනෙනුයේ ව්‍යාජස්ථම්භ හෙවත් කුඩ්‍යස්ථම්භ මගිනි. ‘‘කූටිරාකාරයෙන් සහ හරස් පුවරු මගින් කොටස්වලට බෙදා ඇති මෙම ගොඩනැගිලි නිර්මාණය කර ඇත්තේ යම් කෙනෙකු සිද්ධස්ථානයට ළ`ගාවන විට ඉමහත් ගාම්භීරත්වයක් ඇති කරන අයුරිනි. සැබැවින්ම මේවා නියම කුළුණු නොවුණත් ගොඩනැගීම් ඉදිකිරීමේදි යොදාගත් සුවිශේෂ ශිල්පීය දක්‍ෂතා නිසා ඒ තුළින් දෘශ්‍යමය වශයෙන් ඇතිකරන බලපෑම සාර්ථකය’’ මෙවැනි ව්‍යාජස්ථම්භ මෙහි ඉදිවු ශිව දේවාලවල ඒබ ව පැහැදිලිව දැකිය හැක. ව්‍යාජස්ථම්භවලින් ගාම්භිරත්වයක් ලබා දුන් මෙම ක‍්‍රමය මෙරට ගෘහනිර්මාණ ශිල්පීන්ට බලපෑවේ දකුණු ඉන්දීය බලපෑම හේතුවෙනි. පෙළොන්නරුවේ ඉදිවූ වාහල්කඩ අනුරාධපුරයේ මෙන් නොව හුණු බදාමයෙන් සැකසීම ආරම්භ විය. පදනම් සදහා පමණක් ගල් භාවිත කිරීම සිදු වී ඇත. ඒ තුළින් එහි උස්බව මනාව දෘශ්‍යමාන විය. හැටදාගෙය ප‍්‍රමාණයෙන් අටදාගෙයට වඩා විශාල වේ. මෙය අඩි 8ක් උසැති ප‍්‍රාකාරයකින් වට කරන ලද අඩි 120X අඩි 90 ආයතාකාර බිමක උස්කරන ලද මළුවක ඉදිකෙට තිබේ. හැටදාගෙට ඇතුළු ඇතුළුවීම සදහා දකුණු පසින් ද්වාර මණ්ඩපයකින් යුතු දොරටුවකි. මේ ද්වාර මණ්ඩපය පොළොන්නරුවට ආවේණික වූවකි. අඩි 5 අ`ගල් 6 පුළුලැති මෙම ද්වාර මණ්ඩපය කුළුණු හතරක් මත රැුන්දවූ පියැස්සකින් ආවරණය කොට ඇත. බෙල් මහතා පවසන ආකාරයට මෙය කුඩා පරිමාණයේ හින්දු ගෝ පුරයක තරමක වෙනස් ආකෘතියකි. මෙම අංගය බුදු ගෙවලට යොදාගෙන ඇත්තේ ප‍්‍රථම වරට පොළොන්නරුවේදී බව පැහැදිලිය. නිශශංකමල්ල රජුගේ සිංහාසනය ඉසිලූ සිංහ රූපය එම රජුගේ රාජ සභා ශාලාවේ තිබේ ඊට දකුණු ඉන්දීය පල්ලව බලපෑම එල්ල වී ඇත. පොළොන්නරුවේ වටදාගෙය අසල ඇති අත්‍යලංකාර ස`දකඩ පහණද ගෘහනිර්මාණ ශිල්පයට බලපෑ හින්දු ආභාසය පෙන්වන්නකි. හින්දු දහමට අනුව ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනයයි. එම නිසා ගවයා පොළොන්නරු ස`දකඩ පහනින් ඉවත් වී ඇත්, අස් , සිංහ , ගව යන සත්ත්ව රූප අනුරාධපුරයේදී එකා පිටුපස එකා යන ආකාරයෙන් නිර්මිත වී ඇත. පොළොන්නරු යුගයේදී ගවයා හැර එක එක සත්ත්ව රූප එක තීරු වන සේ තීරු තුනක නිරූපිතය. වටදාගෙයි ඉදිරිපස ඇති ස`දකඩ පහණෙහි සත්ත්ව රූප 56ක් දැක්වෙන්නේ අර්ධ කවාකාරව තීරු තුනකය. මෙයින් පිටස්තර තීරුවේ හංස රූප 30කි. මධ්‍යම තීරුවේ ඇත් රූප 14කි. ඇතුළත තීරුවේ අශ්ව රූප 12 කි. ඒවායෙහි සැරසිලි සැලසුමේ ඒ ඒ අංගයොදා තිබෙන්නේද පැරුණි ස`දකඩ පහණ්වලට වෙසෙසින්වෙනස් අන්දමකටය.ි’ ඔයැ පදදබ ිඑදබැ ්එ චදකදබබ්රමඅ් ාද බදඑ ප්එජය සබ ්ැිඑයැඑසජ ැුම්කසඑහ අසඑය එයැැ දෙ ක්එැ ්බමර්ාය්චමර් චැරසදා ගඔයැ චදකදබබ්රමඅ් ිචැජසපැබි ්කිද ියදඅ ් බද ඒඉ්කැ ාසඩැරටැබජැ රෙදප එයැ ැ්රකසැර ැං්පචකැ” ඉහත සදහන් කළ පරිදි ඉන්ද්‍රකීර්ති සිරිවීර සදහන් කරන්නේ පොළොන්නරු ගෘහනිර්මාණ ශිල්පයෙහි හින්දු ආභාසමය ආවේණිකත්වයයි. චෝළයන් මෙරට ආක‍්‍රමණය කිරීමත් සමග මෙහි ඉදි කළ ශිව දේවාල දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පය මෙහි ප‍්‍රතිනිර්මිත කරවන ලද්දක් යැයි කීම නිවැරදි වේ. විශේෂයෙන් අංක දෙක නම් වු ශිව දේවාලය මින් ප‍්‍රධාන වේ. මෙය ඔවුන්ගේ ශ්‍රෙෂ්ඨ වාස්තු විද්‍යා සම්ප‍්‍රදාය මැනවින් පිළිබිඹූ කරයි. අනුරාධ සෙනවිරත්නයන් මෙහි ආභාසමය අනන්‍යතාව මනාව පෙන්වා දෙයි.’’ඛසනැ පදිඑ ිදමඑය ෂබාස්බ එැපචකැි ඉමසකඑ ාමරසබට එයසි චැරසදා එයැ ියසඩ් ාැඩ්කැ එදද සි ඉමසකඑ ැබඑසරුකහ දෙ ිඑදබැ ප්සබකහ ටර්බසඑැ එයසි ැාසසෙබැ සි සබ ිසපචකැ ජදක් ිඑහකැ ්බා සි ජැරඒසබඑහ දබ දෙ එයැ ප්ිඑැරචසැජැි දෙ ෂබාස්බ ්රජයසඑැජඑමරු ්ඩ්සක්ඉකැ සබ ීරසක්බන් ඉැකදබටසබට එද එයැ ැ්රකහ එැබඑය ජදබඑරහ” ගපොළොන්නරුවේ අංක 1 දරන ශිව දේවාලය චෝළ ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු කරයි. පොළොන්නරුවේ ඇති පැරුණිම ශිව දේවාල අතුරින් පැරුණිම හා හොදින් ආරක්‍ෂා වී ඇති දේවාලය අංක 2 දරන ශිව දේවාලයයි. ‘‘ඔයැ දකාැිඑ ්බා එයැ ඉැිඑ චරුිැරඩැා ්පදබට එයැ ්‍යසබාම පදබමපැබඑි දෙ ඡුදකදබබ්රමඩ් සි එයැ ීසඩ් ෘැඩ්කැ භදග2 බ්පැා ඪ්බ්ඩ්බප්එැඩස-සිඩ්ර්පල ්ඓැර එයැ ුමැැබ පදඑයැර දෙ ඍ්වැබාර් ක්‍යදක් :1012- 44*ග ෂඑ පැරසඑි ් ිදපැඅය්එ ාැඒසකැා ජදබිසාැර්එසදබ යැරු ්ි සඑ ිැැපි එද ය්ඩැ ඉැැබ එයැ පදාැක දෙර ප්බහ ිමඉිැුමැබඑ ්‍යසබාම ්රජයසඑැජඑමර්ක මබාැරඒනසබටි සබ එයැ ජසඑහග ෂඑ අ්ි ජදබිඑරමජඑැා දෙ ටර්බසඑැ ්බා කසපැිඑදබැ ්බා සබ සඑි ්රජයසඑැජඑමර්ක ිජයැපැ සඑ ජදබදෙරපැා එද එයැ චක්බ දෙ එයැ පැාසමප ිස‘ැා ක්‍යදක් එැපචකැි දෙ එයැ ක්එැ එැබඑය ්බා ැ්රකහ ැකැඩැබඑය ජැබඑමරසැි” ග මෙහි පියැස්ස සහිත ගර්භයෙි උස අඩි තිස් එකයි අ`ගල් නමයකි. අඩි දහසයක් ඉදිරියට තැනූ දික් ගෙයක්ද දක්නට ලැබේ. අඩි විස්සක ප‍්‍රමාණයේ දිග පළලින් යුතු සිව් රුස් ගර්භ ගෘහයක් ද ඇති මෙහි අන්තරාගය , කූඩු , විමාන ඇතුළු දේවාලයක දක්නට ලැබෙන සියළු උපාංග ඇතුළත් කර ඇත. සමාලෝචනය අනුරාධපුර රාජධානියේ අවසන් රජ වු පස්වන කාශ්‍යප රජතුමාගේ කාලය වන විට රාජ්‍ය භාණ්ඩාගාරය හිස්ව , ජනතාව රජයට බදු ගෙවීම පැහැර හැරීමෙන් රජය බංකොලොත් තත්ත්වයට පත් වී තිබුණි. මෙම කාලයෙදී දකුණු ඉන්දියාවේ චෝළයන් ප‍්‍රබලවී සිටි බැවින් පළමු රාජරාජ මෙරට ආක‍්‍රමණය කළෙන් මෙහි රජු අත් අඩංගුවට ගෙන ඉන්දියාවට රුගෙන ගිය බැවින් සොළින් රාජධානිය ආරක්‍ෂාව පතා අනුරපුරයෙන් පොළොන්නරුවට රැුගෙන ගියේය. මෙහිදි මුලූ ලක්දිවම පාලනය සොළීන් අත නොපැවැතියත් භික්‍ෂුන් වහන්සේට හා කලා කරුවන්ට අනුග‍්‍රහයක් නොවූ බැවින් සිංහල කලා කෘති මෙකල ඇති නොවීය. මෙකල ඇතිවු ගෘහනිර්මාණ හින්දු (ද්‍රවිඩ* සම්ප‍්‍රදායන්ට අනුව සිදු විය. මෙම කාලය තුළ ශිව දේවාල රාශියක් ඉදිවු අතර පැවැති දේවාල ප‍්‍රතිසංස්කරණය කිරීමක්ද සිදුවිය. මෙකල මෙම ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පියේ බලපෑම ඇති වූවා පමණක් නොව ද්‍රවිඩ බලපෑම ආගමික , දේශපාලන හා සමාජීය ක්‍ෂෙත‍්‍රයන් කරාද යොමු විය. අනුරාධපුර යුගයේ ස්තූපය මුල් කරගෙන ගෘහ නිර්මාණ බිහි වු අතර පොළොන්නරුවේදී එය බුද්ධ ප‍්‍රතිමාව මුල් කරගනිමින් ගෘහනිර්මාණ බිහි වූයේ යැයි හා බුද්ධ ප‍්‍රතිමා නෙලීම ජනප‍්‍රිය වී තිබුණි. එයට හේතු වූයේ සමකාලීන ආගමික විශ්වාස හා ඇදහිලි යැයි කිව හොත් එය නිවැරදිය. අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය මාරු වීමත් සමග ගෘහනිර්මාණ සදහා යොදා ගත් අමු ද්‍රව්‍යයන්හි වෙනසක් ඇති විය. අනුරපුරයේදී පාෂාණමය මාධ්‍ය බහුල වූ නමුත් පොළොන්නරුවේදී එය හුණු ගල් හා ගඩොල් කැබිලිති මිශ‍්‍ර වු බදාම විශේෂයක් බහුල වශයෙන් භාවිත විය. ඊට අමතරව ගල් විහාරය වැනි නිර්මාණ සදහා පාෂාණමය මාධ්‍ය මුල් විය. කොන්ක‍්‍රීට් විශේෂයක් මෙකල භාවිත කිරීම හේතුවෙන් මෙම අවධියේ ගොඩනැගිලි ඉතා විශාල විය. විශේෂයෙන් විශාල ප‍්‍රතිමා සදහා විශාල ගෘහ නිර්මාණය කිරීමෙන් මෙම කරුණ පැහැදිලි වේ. වාහල්කඩ අතර බොකු වහලය සහිත මලසුන් ගෙවල් ඇති වීමද මෙකල දැකිය හැකි විශේෂත්වයකි. ඊට අමතරව සූතිඝර චෛත්‍යය වැනි මේ යුගයට අනන්‍ය වු නිර්මාණ බිහි විය. අනුරපුරයට වඩා පොළොන්නරුවේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ පොළොන්නරුවේ ගෘහනිර්මාණ කිහිපයක් හැරෙන්නට අන සියල්ල නගරය තුළ කේන්ද්‍රිය වී තිබුණු අයුරුයි. එසේම පොළොන්නරු ගෘහනිර්මාණයන්හි පූර්ව යුගයන්ට වඩා අලංකාර බහුල වූ සාටෝපවත් බවක් දැකිය හැක.පොළොන්නරු රාජධානිය තුළ විශේෂයෙන් කථා බහට ලක් වන්නේ දකුණු ඉන්දීය ආභාසයයි. මෙය ගෘහ නිර්මාණයන්ට පමණක් සීමා නොවීය. හින්දු දේව සංකල්පයන් සමග හා මහායාන බලපෑම මත බුදුන් වහන්සේගේ අධිමානුෂීය ලක්‍ෂණ පිළිබිඹූ කිරීමට බොදුනුවන්ට දැඩි අවශ්‍යතාවක් වූයෙන් බුදු පිළිමය මුල් කරගෙන විවිධ නිර්මාණ බිහි විය. එලෙස බිහිවු ශ්‍රෙෂ්ඨ කලා කෘතියක් ලෙස වටදාගෙය හැදින්විය හැක. දළදා මළුවේ උඩ මළුවේ වූ වටදාගෙහි බුදු පිළිමයන්හි විශේෂතාවක් දැකිය හැක. එහි ශීර්ෂයේ කේශයන් දක්වා නොමැති වීම දකුණු ඉන්දීය බුදු පිළිමයන්ට සමානත්වයක් දක්වයි. එසේම එහි වහලය කේතු ආකාරයට පිහිටි බවට විවිධ උගතුන් අදහස් දක්වන අතර එය කේරලයේ ශ‍්‍රී කොවිල් ක‍්‍රමයට කේතු ආකාරයෙන් වූ බවටද අදහස් පළවේ.ප‍්‍රතිමා ගෘහ හෙවත් ගෙඩිගේ නමින් හැදින්වෙන නිර්මාණ තුළ දකුණු ඉන්දීය බලපෑම පැහැදිලිව හදුනාගත හැකි බවට බොහෝ උගතුන් අදහස් දක්වයි. පරණවිතාන මහතා එය ප‍්‍රතික්‍ෂෙප කළත් දකුණු භාරතීය බලපෑම එම නිර්මාණ සදහා බලපෑ බවට පිළිගත හැක. විශේෂයෙන්ම වහල නිර්මාණය කිරීමේදි හා ආකෘතිය සදහා සැදැහැවතුන්ට රුස්වීමට කළ මණ්ඩපය සදහා ුමෙන්ම බාහිර අලංකරණ , ව්‍යාජස්ථම්භ සදහාද දකුණු භාරතීය ආලෝකය ලැබී ඇත. හැටදාගේ හින්දු ගෝ පුරයක ආකෘතිය ගන්නේ යැයි ඇතැම් වියතුන් ප‍්‍රකාශ කරයි. චෝළ බලපෑම මෙන්ම යම් යම් කලා කෘති කෙරෙහි පාණ්ඩ්‍ය බලපෑමද එල්ල වී ඇත. නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය නිර්මාණය කිරීම සදහා පාණ්ඩ්‍ය බලපෑම එල්ල වී ඇත. හින්දු දහමේ බලපෑමෙන් පොළොන්නරු යුගයේ ස`දකඩ පහනින් ගවයා ඉවත්ව ගොස් ඇත . අනුරාධපුර යුගයේ පැවැති ගව රූපය ඉවත් වූයේ ශිව දෙවියන්ගේ වාහනය ගවයා වැනි වූ බැවිනි. එවැනි සත්ත්වයෙකු පයට පෑගීමට සැලැසීම පිළිබ`ද හින්¥න්ගේ විරෝධය එල්ල වූ බවට නොඅනුමානයි. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණයේ ප‍්‍රතිනිර්මිත නිර්මාණ වූයේ ශිව කොවිල් කිහිපයයි. දැනට යහපත් තත්ත්වයේ පවතින අංක දෙක දරන ශිව කොවිල වැදගත් වේ. මෙම කොවිල් ආශ‍්‍රිතව විවිධ ප‍්‍රතිමාවන් හමු වී ඇති අතර ඒවා මෙරට දී නිර්මාණය කරන ලද්දකට වඩා ඉන්දියාවේ නිර්මාණය කර මෙරටට ගෙන එන ලදැයි විශ්වාස කෙරේ. මේ අනුව විමසා බලන කල්හි පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ දී අනෙක් යුගයන්ට වඩා එම යුගයට අනන්‍ය වූ ගෘහ නිර්මාණ පැවැති අතර එවායින් සමහර ගෘහ නිර්මාණ සදහා සමකාලීන දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇති බවයි. එසේ වුවුද එය මෙරට සාම්ප‍්‍රදායික ශිල්පීය ඥානයන් සමග මුසු වීමෙන් මිස කේවල වශයෙන් කළ (ශිව දේවාල හැරෙන්නට කළ * වෙනත් නිර්මාණ නොමැති බවයි. ඇසුරු නම් ගත් වැල ආරියපාල එම් . බි , මධ්‍යකාලීන ලංකා සමාජය . කොළඹ : ලංකාණ්ඩුවේ මුද‍්‍රණාලය , 1962. ගුණසිංහ සිරි ‘‘පූරාණ ලක්දිව වාස්තු විද්‍යාව හා කලා ශිල්ප ’’ අනුමෝදනා , අනුරාධ සෙනවිරත්න උපහාර ලිපි සංග‍්‍රහය - සංස්කරණය - එච් . සෝමතිලක හා එච් .එම් . ඩි . ආර් හේරත් , කොළඹ 10: ගොඩගේ සහ සහෝදරයෝ , 2004 . පරණවිතාන සෙනරත් ‘‘පොළොන්නරු යුගයේ කලාශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්පය’’ පොළොන්නරු යුගය - සංස්කරණය- සුමනා සපරමාදු , තිසර ප‍්‍රකාශකයෝ , 1962 බස්නායක . එස් . ටී ‘‘පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව ’’ අපේ සංස්කෘතික උරුමය - සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය , මධයම සංස්කෘතික අරමුදල ,1998 . 349 පිටුව ශ‍්‍රි සරච්චන්ද්‍ර බන්දුල , අපේ සංස්කෘතික උරුමය හා ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරය . මීගමුව : විජයමුනි පියදාස සිල්වා ,53 , කුන්ඩන් විල පාර (ප‍්‍රකාශ*, සිරිවීර ඉන්ද්‍රකීර්ති , රජරය ශිෂ්ටාචාරය හා නිරිතදිග රාජධානි . කොළඹ 10 : දයාවංශ ජයකොඩි සමාගම , 2001 . 78 පිටුව සෙනරත් පරණවිතාන, පොළොන්නරු යුගයේ සභ්‍යත්වය , ලංකා ඉතිහාසය/ 1වන කාණ්ඩය . 2වන භාගය , හේමචන්ද්‍ර (සංස්* ,විද්‍යාලංකාර විශ්වවිද්‍යාලිය ප‍්‍රකාශනය , 1972. හෙන්රි ඩබ්ලිව් . කේ , ලංකාවේ නටබුන් නගර . කොළඹ : රත්නාකර පොත් වෙළ`ද ශාලාව , 1956 . . ඊ්බා්ර්බ්හ්නැ ලිසබය්කැිැ පදබසිඑසජ ්රජයසඑැජඑමරු ග1976ග ඊරදඅබ චැරජහ ල ෂබාස්බ ්රජයසඑැජඑමරු :ඊමාායසිඑ ්බා ්‍යසබාම* ග ඊදපඉ්හ ථ 1957ග ච්ර්බ්ඩසඑය්බ් ිැබ්ර්එයලක්‍සඩසකස‘්එසදබ දෙ එයැ චදකදබබ්රමඅ් චැරසදා :ජදබඑසබමැා* රුමරුකසටසදබ කසඑැර්එමරු ්බා ්රඑ ල යසිඑදරහ දෙ ක්‍ැහකදබ ලැාසඑදර සබ ජයසැෙ ර්හ යගජ ග ක්‍ැහකදබ මබසඩැරිසඑහ චරුිි ලජදකදපඉදථ 1960ග ච්ර්බ්ඩසඑය්බ් ිැබ්ර්එය ල ඔයැ ්රඑ ්බ ්රජයසඑැජඑමරු දෙ එයැ චදකදබබ්රමඅ් චැරසද ා එයැ ක්‍ැහකදබ යසිඑදරහසජ්ක වදමරබ්ක ඩදක සඩ ග ැාසඑැා ඉහ ි්ච්ර්ප්ාම ිග ා ල 1954ග ිැබ්ඩසර්එය බ් ්බමර්ාය් ල‘’ඡුධඛධභභ්ඍඹඋ්” ග ්රජය්ැදකදටදටසජ්ක ිමරඩැහ ාැච්රඑපැබඑ ල ජදකදපඉද ථ 1987 ග ිසරසඩැැර් ල ෑග ්‍යසිඑදරහ දෙ ීරසක්බන් ග ජදකදපඉදථ ෘ්හ්ඩ්බිය් ව්හ්නදාහ ්බා ජදපච්බහල2002ග විද්‍යුත් මුලාශ‍්‍ර යඑඑචථරැුරැුච්එයප්ප2ගඉකදටිචදඑගජදපරැු2011රැු07රැුයසබාම-්රජයසඑැජඑමරු-සබ-ිරස-ක්බන්ගයඑපක

No comments: