Tuesday, December 10, 2013
ධර්ම ව්‍යාඛ්‍යානයක් යනු කුමක්ද?
ධර්ම ව්‍යාඛ්‍යානයක් යනු කුමක්ද?
යමිකිසි පදයක අර්ථ විස්තර කිරිම අර්ථ ව්‍යාක්‍යාන නමින් හැදින්වේ.ධර්මය විස්තර කිරිමට අර්ථ අවබෝධය සදහා කරන ලද ග‍්‍රන්ථ ධර්ම ව්‍යාක්‍යාන නමින් හැදින්වේ.ව්‍යාක්‍යාන යන්න සුමංගල ශබ්ද කෝෂය අර්ථ දක්වන්නේ මේ ආකාරයෙනි. ‘‘ව්‍යාඛ්‍යාන-අර්ථ විවරණය, ග‍්‍රන්ථයක අර්ථ පැහැදිළි කිරීමට ලියූ සන්නය, විස්තර කථනය ’’ යනුවෙන් ව්‍යාඛ්‍යාන යන්න අරුත් පැහැදිළි කරයි.පෙළ ග‍්‍රන්ථවල අවබෝධ කිරිමට අපහසු අවබෝධ කරගැනිමට පහසුව ස`දහා රචිත භාෂ්‍ය, දීපිකා, ගණ්ඨී පද, පරිකථා, සන්‍ය, ආදි ග‍්‍රන්ථ පෙළ ව්‍යාඛ්‍යාන සාහිත්‍යයට අයත් වේ.
හෙළ සාහිත්‍යයේ ප‍්‍රභවය සිදුවනුයේ පෙළ හා අට්ඨ කථා මුල් කාලයේ ප‍්‍රාකෘත සිංහලයට පරිවර්තනය වීමත් සම`ගය. පසුව ප‍්‍රාකෘත සිංහලය හා පෙර දිග භාෂා වන පාලි සංස්කෘත ආදි මාතෘ භාෂාවන් අතර මිශ‍්‍රව වර්ධනය වී සිංහල භාෂාව නව භාෂාවක් ලෙස වර්ධනය වීමත් එක්ක මුල් භාෂාවල ඇති ග‍්‍රන්ථයන්හි අවබෝධ කරගැනීමට අපහසු ස්ථානයන් ස්මතු වන්නට විය. ව්‍යාඛ්‍යාන සාහිත්‍ය ආරම්භ සිදුවනුයේ ඒ අවබෝධ කරගැනීමට අපහසු වු අවබෝධය පහසු වීම ස`දහා ගන්නා ලද සාහිත්‍යමය වෑයමේ ප‍්‍රතිඵලයක් නිසාවෙනි. ව්‍යාඛ්‍යාන ව්‍යක්‍යාන ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ එනම් අර්ථ ව්‍යාඛ්‍යාන ධර්ම ව්‍යඛ්‍යාන වශයෙනි.
අවබෝධ කරගැනීමට අපහසු වු පදාර්ථයන්ගේ සුඛවබෝධය වෙනුවෙන් රචනා කරන ලද ග‍්‍රන්ථ අර්ථ ව්‍යාඛ්‍යාන නමින් හැදින්වේ. හෙළයේ පැරණිතම ගද්‍ය කෘති ලෙස සැලකෙන්නේ, ධම්පියා අටුවා ගැටපදය මෙන්ම සිඛ වළ`ද, ධර්ම ප‍්‍රදීපිකාව ආදි ග‍්‍රන්ථ සමුහය මෙයට අයත් වේ. නමුත් ධර්ම ව්‍යාඛයානයක් යනු මාතෘ භාෂාගත ග‍්‍රන්ථයන්හි ධර්මමය වින්දනය හා එක්ව කථා කාව්‍යමය සව්රුපයකින් සිංහලයට නගන ලද ග‍්‍රන්ථයි.බුත්සරණ, අමාවතුර, පූජාවලිය එවැනි ගන්ථයේ කෘතීන්ය. මාගධී භාෂාව මාධ්‍යය කොට පැවති ත‍්‍රිපිටකයෙහි හා සාහිත්‍යයෙහි කථා පුවත් මාතෘ භාෂාවන්හි නුගත් ජනයන් ස`දහා සිංහල භාෂාවෙන් රචනා කිරීම මෙම ධර්ම ව්‍යාඛ්‍යාන ග‍්‍රන්ථවල ස්වරූපයයි. භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ගිහි ජනතාවගේ කතෘත්වයෙන් හා ඔවුන්ගේ ලේඛකන අභිප‍්‍රායයන් මත රචනා කරන ලද මෙම කෘති සමුහය හරහා සිංහල ජනයාගේ ජනයාගේ වින්දනයට නව ප‍්‍රවනතාවයක් එක් වූ බව ඒ සාහිත්‍ය අධ්‍යයනයෙන් අවධාරිත වන බව සුඛවබෝධ වේ.
අමාවතුර
අමාවතුර ක‍්‍රි.ව 12 වනසියවසේ පමණ විසූ කාලිංග දේශයේ උපන් ගුරුළුගෝමීන් විසින් ප‍්‍රණීත කෘතියකි. සිංහල ශිලා ලිපි භාෂාවම සංස්කරණය කොට ගත් සිංහල වහරම උපයෝගිකරගනිමින් රචිත අමාවතුර ශ්‍රේෂ්ඨ වූ කාව්‍ය දෘෂ්ටියකින් අලංකෘත වු පරිවර්තනය කරන ලද කෘතියකි. සත්ත්වයා නිවන කරා පමුණුවන ආම ප‍්‍රවාහය යන අර්ථයෙන් අමාවතුර නම් මෙම කෘතිය පුරිස දම්ම සාරථී පද වර්ණනාව නමින්ද විස්තරකොට තිබේ. හින්දු සමයෙහි ඊශ්වර නිර්මාණවාදි සංකලප සහ බෝධිසත්ත්ව චරිතයේ උත්තම අංග හුවා දක්වන මහායාන දර්ශනයේ සංකල්ප විසින් බුදුරදුන් අභිභවා ගිය ශ්‍රේෂ්ඨත්වයක් දේවත්වය කෙරෙහි ආරෝපණය කිරීම කරණ කොට තත් කාලීන පොදු ජන විඤ්ඤාණය තුළ බුදුන් කෙරෙහි අනම්‍ය භක්තියක් පුනර්ස්ථාපනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් ඇති විය. ඒ උදෙසා යෝග්‍යම වූ පුරුෂ දම්ම සාරථී ගූණය තේමා කරගනිමින් අමාවතුර රචනා වනුයේ තත් කාලීන අවශ්‍යතාවය සපුරා සිංහල අධ්‍යාත්මය නැවත බුදු බැතියෙන් පූරණය කරනු උදෙසාය.එහිදී සූත‍්‍ර පිටකය, විශුද්ධි මග්ග, ජාතකට්ඨ කථා ආදි පාලි ග‍්‍රන්ථ රාශියක් ඇසුරු කරන කතුවරයා උත්කර්ශයෙන් වර්ණනා කළ යුතු තැන්වලදී පාද පංකජස්තව වැනි මහායාන ස්තෝත‍්‍ර ග‍්‍රන්ථද ආශ‍්‍රය කොටගෙන ඇති බව මුලාශ‍්‍රයන්ගෙන් පැහැදිළි වේ.
බුත්සරණ
්බුත්සරණ නූගත් බෞද්ධ සිංහලයා තුළ ශ‍්‍රද්ධාව වර්ධනය කරනු අටියෙන් රචිතය. සියලූ බුදු ගුණය ඉතා කැමත්තෙන් වර්ණනාකරනු වස් කවියා විසින් උපයෝගිත කාව්‍ය ආකෘතිය බුත්සරණේ නිර්මාණාත්මක අංශය මනාව පැහැදිළි කරයි. කවියාගේ කාව්‍ය ශක්‍යතාවය ප‍්‍රකට වන පරිදි පරිච්ඡෙද දහසයක් පුරා බුද්ධ ගුණය විවරණය කෙරේ.
1ප‍්‍රකීර්ණක කාණ්ඩය, 2 ලෝක විවරණ කාණ්ඩය, 3 අංගුලිමාල දමනය, 4 නාලාගිරි දමනය, 5නන්දෝපනන්ද දමනය, 6 තීර්ථක දමනය, 7ජටිල දමනය, 8ආලවක දමනය, 9ගංගා 10රෝහණ කථා, 11මණ්ඩුක දිව්‍ය පුත‍්‍ර කථා 12පරිබ‍්‍රාජක දමජය , 13 සච්චක දමනය, 14 බ‍්‍රහ්ම දමනය, 15පටාචාරා කථාව 16මිශ‍්‍රකථාකාණ්ඩය,
වෙස්සන්තර ජාතකය බුදු ගුණ වර්ණනයේ යෙදෙන කවියා ඒ රාමුව තුළ බුද්ධ ගුණයේ පැතිකඩ රැුසක් ඇතුළත් කරයි. භක්ති කාව්‍යයක් උදෙසා වූ මධුර පද සංඝටනාවකින් සො භගවා බුදුධෝ යන්න පිළිබ`ද කුඩා ෙඡ්ද සැත්තෑ ගණනක් පළමු ප‍්‍රකීර්ණක කාණ්ඩයේ විස්තර කෙරෙන අතර අද්භූත රසය ජනනය කෙරෙන වර්ණනාවන් දෙවන ලෝක විවරණ කාණ්ඩයේ එයි. තුන්වැනි අංගුලිමාල දමනයේ සිට අටවැනි ආලවක දමනය තෙක් වූ පරිච්ඡෙද ම`ගින් තත් පුරුෂයන් දමනය කිරීමෙහි ලා බුදු රදුන් සතු වූ ශක්‍යතාවය වර්ණනා වනුයේ අවස්ථා වර්ණනයෙහි ලා ගුරුළුගෝමීන් සතු වූ ප‍්‍රතිභාවද ප‍්‍රකට කරමිනි. නව වැනි වූ ගංගාරෝහණ කථාවෙන් විශාලා මහනුවර දුර්භික්‍ෂය බුද්ධ ගුණ නිමා වීමද මණ්ඩුක දිවය පුත‍්‍ර කථාවෙන් බුද්ධ නාද මාත‍්‍ර ශ‍්‍රවණයෙන් දිව්‍ය ලෝක ගත මණ්ඩුක දිව්‍ය පුත‍්‍රයා පිළිබ`ද විස්තර වේ. එකොළොස් වන පර්ච්ෙඡ්දයෙන් සච්චා, ලාලා, පටාචාරාඅවාටකා යන පරිබ‍්‍රාජිකා දමනය පිළිබ`දුවද සච්චක දමනය හා බක බ‍්‍රහ්ම දමනය දොළොස් වැන්නෙන් හා තෙළෙස් වැන්නෙන් වර්ණිතය. පටාචාරාවන්ගේ සරණ පිණිස වූ බුද්ධ ගුණය පිළිබ`ද අනතුරු පිරිසි`දීමෙන්ද නොයෙක් ලෙසින් බුදු ගුණ වර්ණනා කිරීම උදෙසා වූ ලොකු කුඩා ෙඡ්ද රාශියක් මිශ‍්‍ර කථා කාණ්ඩයේද වෙස්සන්තර ජාතකය සොළොස්වන පරිච්ෙඡ්දයෙන්ද වර්ණනාවට ලක්කොට තිබේ. බුත්සරණේ වස්තු විෂය
‘‘විද්‍යා චක‍්‍රවර්තීන් විසින් අමෘතාවහ නම් බුද්ධ චරිතය නිමියේය.’’ යන පාඨයට අනුව මෙම කෘතිය බුද්ධ චරිතය වස්තු විෂය කොටගත් කාව්‍ය නිර්මාණයකි. නුගත් ගැමියාගේ දහම් පිපාසාව දුරලන ධර්ම දේශනාවක් බදු කෘතියක් නිම වීමේ පරමාර්ථයෙන් ග‍්‍රන්ථ කරණයේ යෙදුනි.විද්‍යාචක‍්‍ර වර්තීහූ එය උදෙසා සංස්කෘත ශබ්දාලංකාරයෙන් පිරිණු කර්ණ රසායන භාෂා රීතියක් මගින් බුදුගුණ වර්ණා කළ ඔහු මිය යමින් තිබූ ඒ සමයෙහි ජන විඤ්ඤාණය නැවත බුදු ගුණයෙන් පෝෂණය කරන ලදී.
පුජාවලිය හා තදනන්තර කෘතිවල බණ කතා රීතිය
හෙළ සාහිත්ය කරුවා මුල් යුගයේදී තම නිර්මාණ සඳහා තෝරා ගත්තේ බුදු ගුණයයිග ජාතක කථාවයිග අමාවතුර ල බුත්සරණ ල පූජාවලිය ල වැනි ග්රමන්ථල කරණයට යොමු වූ අතීත සාහිත්යවකරුවෝ ඇතැම් විට අනන්ත බුදු ගුණයෙන් එක් බුදු ගුණයක් පමණක් ගෙන ග්රුන්ථ රචනා කළහග ර්‍ණඅරහං” යන බුදු ගුණය වැනීමට ගුරුළුගෝමි විසින් ර්‍ණඅමාවතුර ර්‍ණ ලියන ලදීග අනුත්තරෝ පුරිස දම්ම සාරථී ර්‍ණ ගුණය වැනීමට ර්‍ණ විද්යාි චක්රනවර්තී” නම් පඬිවරයෙක් ර්‍ණ බුත්සරණ ර්‍ණ නම් ග්රනන්ථය රචනා කරන ලදීග සකල ලෝක සත්වයාගේ ආමිස ප්රදතිපත්ති පුජාවන්ට සුදුසුවන ර්‍ණඅරහං” බුදු ගුණයම වැනීමට මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්රක හිමියන් විසින් ර්‍ණ පුජාවලිය” නම් අගනා ග්රරන්ථය රචනා කරන ලදීග එම සියලුම ග්රපන්ථ ලියා ඇත්තේ ශ්රාමවක ප්රනසාදය ඇති කරන ආකාරයෙනිග
අමාවතුර” කතුවර ගුරුළුගෝමි පඬිවරයා තම වර්ණනා ඇතැම් විට කෙටියෙන්ල එහෙත් සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කර ඇතග ර්‍ණ මම පූර්වයෙහි දිවෙන ඇතුන් ලුහු බැඳ ගනිම් මයග අසුන් ලුහුබැඳ ගනිම්මයග රථ ලුහු බැඳ ගනිම්මයග දිවෙන මුවන් ලුහුබැඳ ගනිම්මයග එතෙකුදු හොත් මම මේ මහණහු පියවි ගමනින් යන්නහු බල පමණුයෙන් දිවයනුයෙම් හඹා ගත නොහෙමි ර්‍ණ
බුදුන් වහන්සේ පියවි ගමනින් ගමන් කරද්දී වේගයෙන් දුව යන අංගුලිමාලට බුදුන් වහන්සේ සමීපයට වත් යාමට අපහසු වෙයිග එය ගුරුළුගෝමි පඬිතුමා ශ්රා වක සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කර ඇතග
ර්‍ණ පුරිසදම්ම සාරථී ර්‍ණ ගුණය වර්ණනා කරන බුත්සරණ කතුවරයා ඉතාම අලංකාර වර්ණනාවක් නාලාගිරි දමනයේදී ඉදිරිපත් කර ඇතග
ර්‍ණඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ මෑත සවණක් ඝන බුදු රැසින් සෑදීගිය බුදුරජාණෝයග ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙතිපරයන ඇස් ඇති බුදුරජාණෝයග ඈත එබූ එබූ පයින් මහ පොළොව පලා පියන්නා සේ දිවෙන ඇත් රජයැ මෑත එබූ එබූ පයින් මිහි කත සනහ සනහා වඩනා බුදුරජාණෝයග ඈත බැලූ බැලූවන් ර්‍ණඅනේ අනේ ර්‍ණ කියවන ඇත් රජයැ ල මෑත බැලූ බැලූවන් ර්‍ණසාදු සාදු” කියවන බුදුරජාණෝයග
එක් පසෙකින් නාලාගිරි ඇත් රජුගේ චණ්ඩ විලාශයත් බුදුරජාණන් වහන්සේගේ ශාන්ත බවත් වර්ණනා කර ඇති ආකාරය ළගන්නා සුළුයග අංගුලිමාල බුදුන් වහන්සේ පසු පස ලුහුබැඳ ගොස්ල බුදු කරුණාවෙන් දමනය වීල දකිමි ස්වාමීනි හැඳින්නෙමි ස්වාමීනිග සුද්ධෝදන රජ්ජුරුවන් පුතණු වහන්සේ නුඹද? මහා මයා දේවී පුතණුවන් නුඹල වහන්සේ ද? ර්‍ණ යනාදි වශයෙන් අංගුලි මාල ලවා බුදුන් වහන්සේ හැඳින්වීමද චමත්කාරයග
බුත්සරණ ග්රඳන්ථයේ හැම පරිච්ඡේදයකම ර්‍ණපුරිස ධම්ම සාරථී” ගුණයෙන් යුතු බුදුන් වහන්සේට නමස්කාර කරයිග
නව අරහාදී බුදු ගුණ අතරින් ර්‍ණ අරහං” බුදු ගුණය විස්තර කිරීම සඳහා පුජාවලිය රචනා කරන බුද්ධ පුත්ර ස්වාමීන් වහන්සේග
ර්‍ණඒ භාග්යුවත් බුදුරජාණන් වහන්සේ ර්‍ණඉතිපි අරහං” මුළු ලෝ වැසියන්ගේ ආමිස පුජාල ප්රුතිපත්ති පූජාවට සුදුසු හෙයින්දල තමන් රහසින් පව් නොකරන හෙයින්දල කෙළෙසුන් කෙරෙන් දුරුවු හෙයින්ද කෙළෙස් නමැති සතුරන් නැසු හෙයින්දල අවිජ්ජා සංඛාර නමැති නාභි ඇති ජරා මරණ නමැති නිම් වළලු ඇතිල ආශ්ර ය සමුදය නමැති අකුරෙන් විද තුන්ලෝ නමැති රියෙහි යොදන ලද සංසාර නමැති චක්ර යාගේ කුශලාකුසල කර්ම නමැති අරල බෝ මැඩදීම සීල නමැති පොළොවෙහිල වීර්යයල නමැති පයින් සිට ශ්ර ද්ධා නමැති හස්තයෙන් ගත් කර්මක්ෂය කර ඥාන නමැති ඵරසුවෙන් පලා සුණු විසුණුකොට මූලෝච්ඡින්න කළ හෙයින් දැයි යන මේ ආදී අර්ථයෙනුදු අර්හත් වන සේක ර්‍ණ යනාදි වශයෙන් බුදුගුණ වැනීම කරයිග
පූජාවලියේ තවත් තැනෙක බුදුගුණයට උපමාවක් දැක්විය නොහැකි බව දක්වයිග කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ විසින් කළුවර පෝදාකල කළුදිය පොකුණ අසළ දී කළු තිඹිරි ගසක් යටදීල දේශනා කළ ර්‍ණකාලකාරාම සූත්රලය” තුන්යම් රැයක් මුළුල්ලේ හිටිවනම ශ්රුවණය කොට අවසානයේදී මේ හැර තවත් බුදු ගුණ ඇත්දැයි සද්ධාතිස්ස රජු ඇසු විට තෙරුන් වහන්සේ ඉදිරිපත් කළ උපමා බුදු ගුණ මහිමය කියා පෑමට මහත් පිටිවහලකිග
අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක :වාත සකුණ * පියාපත් වලින් වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්රකමාණවෙයිග අනන්ත ආකාශය තමන් වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයිග මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්ර්මාණය තමන් වහන්සේ දෙසු බුදු ගුණයටත්ල ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්රනමාණ වෙයි ග මේ ආකාරයෙන් උපමා කීපයක්ම ඇතග සහස්සවත්ථූල සීහලවත්ථු යන ග්රමන්ථවලද මේ බව දැක්වෙයිග
බුදුන් වහන්සේ කෙරෙහි ශ්රරද්ධාව ජනනය කිරීම සදහා සද්ධර්ම රත්නාවලී කතුවරයාද ඉමහත් ප්රකයත්නයක යෙදෙයිග ධර්මසේන හිමියෝ අති දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙකු ලෙස එහි ඇති කථාවස්තු ඉදිරිපත් කරති උපමා කීම අතින් මහා කවි කාලිදාසයන් හා සම තත්වයෙක සිටින ධර්මසේන හිමියන්ගේ උපමා දේශීයත්වයේ සුවඳ උකහාගත් උපමා වීම විශේෂත්වයකිග
උදාසන අලතා පිඬෙකා ඇති වු පබළු දලු වැනි දෝහෝ නොහොත් ලා රසෙහි ගලා ඔසවාගත් කොබෝ ලීල මල් දමක් වැනි වූ ර්‍ණ යනාදි වශයෙන් වර්ණනා කරන ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් නිල් අඹර පුරා විහිඳමින් මන්ද හසිතා ලංකෘත මුඛ පද්මය ප්රපදර්ශනය කරමින් ශාන්ත දාන්ත ගමනින් වඩින බුදුන් වහන්සේගේ සජීවි චිත්රියක් ධර්මය අසන්නාගේ සිතේ මැවෙන අතර නිතැතින්ම මුවග‘ට ර්‍ණසාදු සාදු ර්‍ණ හඬ නැගෙනු ඇතග
ර්‍ණථූපවංශයේ” ආරම්භයේ ඉදිරිපත් කරන බුදු ගුණ වර්ණනාවද සිත් ගන්නා සුළුයග ර්‍ණඅනන්ත වූ කරුණාවෙන් හා ෂඩ් ආසාධාරණ ඥානයෙන්දල චතුර් වෛශාරද්යර ඥානයෙන් හා අෂ්ට පර්ෂද්හි අකම්ප්ය ඥානයෙන්ද යනාදි ඥානයෙන් ඥාන වත් වු විශාරදවූල සියලු වාද පඨයෙක් ඇත්නම් වැඩ සිටියා වු භූවනත්ර්යට නැගූ පහනක් වැනි වූ කාත් විසින් විනය නය නොකට හැකි වූ චණ්ඩ වූල පරුෂ වු සාහසික වූ ආලවකල අංගුලිමාල ල සුචිරෝම ඛර රෝමාදීන් විනයනය කොට වදාළ වූල සියලු අපරිමිත වූ අතුල්යෂ වූල අවාච්යය වූ ගුණයෙන් යුක්ත වු ඒ බුදුරජාණන් වහන්සේගේ තිඹක් පමණ වූ ධාතූඣන් වහන්සේ ර්‍ණ ආදි වශයෙන් ඉදිරිපත් කරන එම වර්ණනාවද ඉහළම වැණුමකිග මේ ආකාරයෙන් සිංහල සාහිත්යනයේ රස මැවූ නිර්මාණකරුවන් අනන්ත වු බුදු ගුණයෙන් බිඳක් වුවද වර්ණනා කළ අයුරු සිත් ගන්නා සුළුයග
පූජාවලිය
මෙම කෘතිය දඹදෙනි යුගයට අයත් කතෘකියකි. එය රචනා කරන ලද්දේ මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත‍්‍ර හිමියන් විසිනි. ජනප‍්‍රිය බණපොතක් ලෙස පූජාවලිය නම් කළ හැකිය. බුදුරදුන් තුළ පැවති ‘අරහං, ගුණය හෙවත් පුද පූජාවන්ට සුදුසු වීමේ ගුණය මුල් කරගෙන මෙම ග‍්‍රන්ථය රචිතය. පූජාවලී යන වචනයෙන් අර්ථකථනය කරණු ලබන්නේ, පූජා වැල යන්නයි. පූජාවලියෙහි අරමුණ හා වස්තුවිෂය විමසීමෙන් ග‍්‍රන්ථ රචනයේදී එයට මහායාන බලපෑම්ද සිදුව ඇතිබව ග‍්‍රන්ථානුසාරයෙන් අවබෝධ කොටගතහැකිය.
පූජාවලී අකෘතිය හා බණ කතා රීතිය විමසීම
‘ඉතිපිසො භගවා අරහං’ ආදී බුදුගුණය පාධක කොටගෙන මෙම කෘතිය සංග‍්‍රහ කොට තිබේ.උක්ත පාඨයෙන් කියැවෙන නව බුදුගුණ අතරින් ‘අරහං’ යන පදය මුල්කොටගෙන මෙය රචනා කොට තිබේ. දෙවියන් මිනිසුන් විසින් කරනලද නොයෙක් පූජාවන්ට බුදුන් වහන්සේ සුදුසු බව මින් අවධාරණය වේ. මෙම බණපොත පරිච්ෙඡ්ද 34 කට ඛණ්ඩණය කොට තිබේ.
ප‍්‍රතිපත්ති පූජාව උතුම් බව ග‍්‍රන්ථය පුරාම අවධාරණය කොට තිබේ. මුල් පරිච්ෙඡ්දය තුළ පූජා සංග‍්‍රහ කතා විස්තර ලූහුකොට දක්වයි. එසේම ඉතිරි පරිච්ෙඡ්ද 33 දී ඇතුළත් කරුණු පිළිබඳවද කෙටි විස්තර කිරිමක් සිදුකොට තිබේ. මෙම සෑම පරිච්ෙඡ්දයකම විධිමත් සැලැස්මකට අනුව මෙය සකස්කොට තිබේ. මෙහිදී කතෘ හිමියන් ග‍්‍රන්ථ කෘතිය සැකැස්මේදී බෝසත් චරිතය හා බුද්ධ චරිතයෙහි සුවිශේෂී ගුණ හා සිදුවීම් තෝරාගත් බව දක්නට ලැබෙයි.
බුදුගුණ, සුමේධ තාපස කතාව, සූවිසි විවරණ, බෝසත් ගුණ, ජාතක කතා, තුසිතපුර වාසය, මව්කුස පිළසිඳ ගැනීම, උපත, අභිනික්මන, බුදුවීම යන අවස්ථාවන්ද බුදුසිරිතෙහි සුවශේසී සිදුවීම් රැුසක්ද අන්තර්ගතය. පරිච්ෙඡ්ද වෙන්කරණුයේ විධිමත් සැකැස්මට අනුවය. මෙම ග‍්‍රන්ථයේ අවසන් පරිච්ෙඡ්දයේ මුළු ග‍්‍රන්ථයෙහිම සංක්‍ෂිප්ත්ව සංග‍්‍රහ වී ඇති අයුරු පැහැදිළිව දක්නන ලැබේ.‘‘මෙසේ මා විසින් එක ව්‍යාඛ්‍යාන කථාවෙහි කියන ලද පළමුවන සංග‍්‍රහ පරිච්ෙඡ්දයෙහි සූතිස් මහ සංග‍්‍රහ පූජාය, දෙවන අභිනිහාර මු`ගුල් නම් වූ පරිච්ෙඡ්දයෙහි කියන ලද අට අසූ දහස් එක්සාලිසක් පමණ පූජාය....’’
මෙි අනුව බලන විට පූජාවලී ග‍්‍රන්ථයෙහි ආකෘතිය වනාහි පිටු, හා වචන වූවද ගණනින් දක්වමින් ක‍්‍රමවත්ව හා විධිමත්ව ආකෘතිකමය ලක්‍ෂණයන්ගෙන් සුපෝෂිත වු ග‍්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
පූජාවලී වස්තුවිෂය
මෙම ග‍්‍රන්ථයේ ග‍්‍රන්ථ සංඥාවෙන්ම එහි වස්තුවිෂය පිළිබදව මැනවින් අවබෝධවේ. දෙවියන්, ඇතුළුව සියලූ සත්ත්වයින් සර්වඥයන් වහන්සේ විෂයෙහි පැවැත්වූ නොයෙක් පූජා පෙළහැර මෙම ග‍්‍රන්ථය රචනයෙහිලා පාදක වෙයි. ඒ අනුව මයුරපාද බුද්ධපුත‍්‍ර හිමියෝ නවගුණ පාඨයෙහි සඳහන් ‘අරහං’ යන පදයෙන් ප‍්‍රකාශිත ගුණය විෂය කොටගෙන පූජාවලිය ලියූහයි ප‍්‍රකාශිතය. අවධාරිතය. ඒ බව පහත උපුටනයෙන් පැහැදිළිවේ.
‘‘යන මෙ නයින් දැක්වූ පස්මහා අර්ථය වෙන වෙන වර්ණනා කරත්. මෙසේම පස්මහ පොතකින් මිස එක් පොතකින් උගහට වන බැවින් ‘‘අරහ පූජායං’’ යන ධාතූහු කෙරෙන් සිද්ධ පූජාර්ථය පමණක් ගෙන මේ පූජාවලියෙහි වර්ණනා කරම්හ.’’
කතුවරයා කරන උක්ත ප‍්‍රකාශයෙන් ග‍්‍රන්ථාශ‍්‍රිත පරමාර්ථයද අවබෝධ කරගත හැකිය. මේ අනුව හුදෙක්ම සාහිත්‍යවංශය තුළ පූජාවලියට උසස් සාහිත්‍ය වටිනාකමක් හිමි නොවෙයි. පූජාවලිය ධර්ම රසය හා කතා රසය තුළින් මිනිසුන්ගේ සදහම් පිපාසය සංසිඳුවන උත්තම ගණයෙහිලා බණපොතක් වශයෙන් සහෘද හදවත් අමන්දානන්දයට පත් කරමින් දහම් පිපාසයෙන් සංසිදුවන්නක් බව කිව හැකිය.
බුද්ධ දර්ශණයට අනුව බුදුගුණ වූ කලී සියලූ ලෝ වැසියන් විසින් කල්පයක් වූවද ගායනා කර අවසන් කළ නොහැකි ගුණ සමුදායකි. එසේ වු අනන්ත අපරිමිත ගුණමස්කදම්භය මතුකරනු සඳහා කතුවරයා තම භාෂා කෞෂල්‍ය උපයොගී කොටගෙන තිබේ.
‘‘එක් තෙලිතුඩකින් හිමව්ගල සොලවාලිය නොහැක්කා සේ, එක් සියොතක්හුගේ පතින් අහස්කුස වසාලිය නොහැක්කා සේ, එක් සතකු ඇ`ගිල්ලකින් ගුවන් කුස මැන නිමවාලිය නොහැක්කා සේ, එක් සත්වයකුගේ මුඛයෙන් තබා බුද්ධෝත්පාදයක උපන් තුන් ලොවෙහි හම නිය වතුනු දු බුදුගුණ වණත් නිමවාලිය නොහැක්කේමය.’’
මේ අනුව පූජාවලී කර්තෘන් වහන්සේ කර්ණාධරයන්ගේ ශ‍්‍රද්ධා භක්තිය වර්ධනය වන අන්දමින් කතාවන් රසවත් කොට කීමෙහි සමත් බව පෙන්වීමට ගෙනහැරපාන කතාවස්තූන් එමටය. මෙහි එන මාර දිව්‍ය පුත‍්‍රයා පැරද පළාගොස් ¥වරුන් තිදෙනා හා සල්ලාප කොට බුදුරදුන් තම වස`ගයට ගැනීමට කළ ප‍්‍රයත්නය චිත්තදරූප මැවෙන සේ රචිතය. මිනිස් හදවත ස්පර්ශ කරමින් රචනා කොට තිබේ.
‘‘පියාණන් වහන්ස මෙ කෙසේ වූ දුක්පත් කමෙක්ද නුඹම සුසුම් ලන්නේ කුමන ශෝකයකින්ද දැයි විචාලාහ. වසවත් මාර කියනුයේ දරුවනි තෙපි නොදනුද? මහණ භවත් ගෞතමයා දසදහසක් සක්වල දෙවියන් බලා සිටියදී මා මරා ලූහුබඳවා මා මුහුණ දැලි ගාපිය... එබසට ¥ තුන්දෙන කියන්නාහු,...අපට කිවහොත් එක බල පිරිසකුත් නැතිව අපි තුන්දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදාගෙන මුව පොව්වෙකු සේ පෑලම්හ....’’
මාර පරාජය කරන සර්වඥයන් වහන්සේගේ ඍද්ධිප‍්‍රාතිහාර්ය ගුණස්කන්ධය සැදැහැසිත් බුද්ධාලම්මන ප‍්‍රීතියෙන් කුළු ගන්වයි. මෙසේ වූ පූජාවලිය නිශ්ශබ්දව කියැවීමෙන් සාහිත්‍යය රසාස්වාදය කළ හැකි ග‍්‍රන්ථයක් නොවේ. හ`ඩනගා මිහිරිකොට ඇදපැද කියැවීමෙන් කර්ණාධරයන්ගේ සවන් පුරා තුටු සිතින් ඇසිය හැකි සේ භාෂාව ශබ්ද රසයෙන් ශබ්ද රසය මතුවන සේ භාෂාව හසුරුවා තිබේ.
අනන්ත බුදුගුණ වලින් සුලක්‍ෂිත බුදුන් වහන්සේ තනි නාමයකින් හැඳින්වීමට මැලිවන කතුවරයා පරියාය නාම ගණනාවක් ග‍්‍රන්ථය පුරාවට යොදාගනී. එසේම සෑම කතාන්දරයක් අවසනම බුදුන් වහන්සේ අරහං ගුණ සමලංකෘත අසමසම මහාපුරුෂයකු බව පුනපුනා මතු කිරීමට කතුවරයා ප‍්‍රිය කරයි.
‘‘මෙසේ තමන් වහන්සේ බුදුවලා ධර්මදේශනා කෙරෙමියි ප‍්‍රතිඥා දුන් පමණකින් දස දහසක් සක්වල දිව්‍ය බ‍්‍රහ්මයන් කළාවූ මෙසා මහත් වූ පූජා ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මුළු ලොවට ගුරු වූ මුළු ලොවට මව් වූ, මුළු ලොවට පිය වූ,... මුළු ලොවට රසාලිප්ත වූ, මුළු ලොවට අමා වූ, මුළු ලොවට චින්තාමාණික්‍ය වූ, මුළු ලොවට නිධාන වූ, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙන් අරහත් නම් වන සේක.’’
තම අභිප‍්‍රාය සාර්ථක කර ගනු පිණිස පූජාවලී කතුවරයා භාෂාව සිත් ගන්නා ලෙස භාවිත කරමින් බුද්ධ චරිතය හා සම්බන්ධ කතා වස්තූනට නව ජීවයක් එක්කරමින් ධර්ම දේශනා වලියක් ලෙස පූජාවලී නම් වූ ග‍්‍රන්ථය කළ බව පැහැදිළිය.
ත්‍ය, ප‍්‍රකාශනය - තරංජි ප‍්‍රින්ටර්ස්, නො - 506, හයිලෙවල් පාර, නාවින්න, මහරගම, සිව්වන මුද්‍රණය - 2008.
ශ‍්‍රී ධර්මකීර්ති, නිවන්දම, සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය, ප‍්‍රාකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල, ප‍්‍රථම මුද්‍රණය - 1952.
සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. එස්. කුලරත්න මාවත, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 1961.
ගුණවර්ධන නානයක්කාර, පොළොන්නරු යුගයේ ව්‍යඛ්‍යාන සාහිත්‍ය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10 සිව්වන මුද්‍රණය - 2008.
පූජාවලිය (සංස්.* කිරිඇල්ලේ ඤාණවිමල හිමි, ඇම්.ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ-11 ප‍්‍රථම මු. ප‍්‍ර. 2007
සිංහල විශ්වකෝෂය හත්වැනි කාණ්ඩය. හරිශ්චන්ද්‍ර විජයතුංග, කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,
සාහිත්‍ය විචාර ප‍්‍රදීපිකා. ඒ. වි. සුරවීර, කොළඹ 10: ගොඩගේ සහ සහෝදරයෝ, ප‍්‍රථම මුද්‍රණය - 1952.
මහාවංශය (සිංහල*. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල,
පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්‍ය වංශය, ලේක්හවුස් මුද්‍රණාලය, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1999
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment