UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මහනුවර යුගයේ පැවැති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍යය කෙරෙහි බලපා ඇත්තේ කෙසේද

Tuesday, December 10, 2013

මහනුවර යුගයේ පැවැති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍යය කෙරෙහි බලපා ඇත්තේ කෙසේද

මහනුවර යුගයේ පැවැති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍යය කෙරෙහි බලපා ඇත්තේ කෙසේද මහනුවර රාජධානියේ උදාව මහනුවර රාජධානිය ඇතිවීමට අවශ්‍ය පසුබිම සැදී ඇත්තේ ඊට බොහෝ කාලයකට පෙර සිටයි. එනම් ගම්පොළ රාජධානියේ සිටයි. ගම්පොළ රජ පැමිණි තුන්වන වික‍්‍රමබාහු මෙහි නිර්මාපකයා ලෙස බොහෝ දෙනා සළකතත් ඒබව ඉතිහාස ග‍්‍රන්‍ථවල සදහන් නොවේ. සෙන්කඩගල යන නාම සිද්ධ කරණය පිළිබ`දව එතරම් පැහැදිලි බවක් නැත. ‘සෙන්කඩ’ යනුවෙන් දෙවියෙකු හා තුන්වන වික‍්‍රමබාහු රජුගේ දේවියක් වූ බව ජන ප‍්‍රවාදවල සදහන් වේ. සිතාවක පාලනය කළ මායාදුන්නේගේ කාලයේ සෙන්කඩගල වූයේ ජයවීර නම් රජ කෙනෙකි. සීතාවක රාජධානිය සමග මහනුවර රාජධානියද නැගී ආවේය. සීතාවක රාජසීංහ රජුගේ අභාවයෙන් ඇහැලියගොඩ සිටි රාජසූර්ය කුමාරයා සීතාවක රාජ්‍යයට පැමිණයේය . මෙහු රාජ්‍යය ගෙනයාමට සමතෙකු නොවන බව රටවැසියන්ට අවබෝධ වූ පසු රටේ ප‍්‍රභු පිරිස සෙන්කඩගල රාජධානියක් පිහිටුවාගෙන එහි රාජ්‍යත්‍වය පවත්වාගෙන යාමට කොනප්පු බණ්ඩාර තෝරා ගනු ලැබිණි. මොහු රජ වීමෙන් පසු පළමු විමලධර්මසූරිය නම් විය. මෙම කාලය වන විට පෘතුග‍්‍රීසින් විසින් වෙරළබඩ පළාත් පාලනය කළ අතර මොවුනට උඩරට රාජධානියේ නැගීම සිත් රිදවීමකට හේතු විය. මුලූ රටම පෘතුග‍්‍රීසින්ට ලබා ගැනීමට තැත් කළ ධර්මපාල රජු දෝන කතිරිනාගේ නාමයෙන් උඩරට ජනයාගේ සිත් දිනා ගැනීමට උඩරට ආක‍්‍රමය කළේය. මෙහිදි විමලධර්මසූරිය රජු දන්තුරේ වෙල මැදට කොටුකර දෝන කතිරිනා තම යටතට රුගෙන විවාහ කරගත්තේය. පළමුවැනි විමලධර්මසූරිය රජතුමා පිරිහි පැවැති රට සශී‍්‍රක කිරීමට බොහෝ උත්සාහ ගත්තේය. මෙතුමා වෙත එල්ලවු පෘතුග‍්‍රීසි බලපෑමට නොදෙවෙනි අන්දමට සිව භක්තිකයන්ගෙන්ද විපත් එල්ලවිය. සමනළ හා සීගිරි වැනි ස්ථානවල සිටි සිව තවුසන් පළවා හැරීමට මෙම රජු කටයුතු කළේය. මෙම රජුගෙන් පසු රජකමට පැමිණියේ සෙනරත් රජුය. මොහුගේ කාලයේදි මහනුවර රාජධානියට බලවත් හානි සිදුවිය. කොස්තන්තීනු ද සාගේ මෙහෙය වීමෙන් වැල්ලවා රන්දෙණිවෙලේදී සිදුවු පෘතුග‍්‍රීසි සිංහල සටන ඉතා දරුණු වූවකි. පසුව සත්වරක් ඔහුන් කළ ආක‍්‍රමණ හේතුවෙන් විහාර දේවාල වැනසී ගියේය. මෙම ආක‍්‍රමණ සිදුවන කල එකල සිටි රජු දියතිලක නුවර ගියේය. මහනුවර යුගයේ දැකිය හැකි රණශූර රජෙකු වන්නේ සේනාරත් රජුගේ පුත් දෙවන රාජසිංහ රජතුමා ය. පෘතුග‍්‍රීසින් හා යුධ කොට ජයග‍්‍රහණ ලබාගත්තෙකි. මෙම සටන්වලදී නැවැත හිස එසවීමට නොහැකිවන පරිදි ඔහුන්ගේ තේද බල බින්දේය. පෘතුග‍්‍රීසින් මෙරටින් පන්නා දැමීමට ඔහු ලන්දේසීන්ගේ සහාය පැතීය. ඉන්පසු ලන්දේසීන් පෘතුග‍්‍රීසීන්ගේ පැවැති ආධිපත්‍යය සේම බලයක් ගොඩනගා ගත්තේය. රාජසිංහ රජුගෙන් පසු සෙන්කඩගල රාජ්‍යත්‍වයට පත්වන්නේ දෙවන විමලධර්මසූරිය රජුය. මෙම කාල සීමා තුළ රටෙහි කලකෝලාහල ඇති නොවිය. නමුත් වෙරළබඩ කලාපවල ලෙන්‍ද්සීන් බලය වර්ධනය කර ගත්තේය. ලක්දිව පැවැති රාජධානි අතරින් ඉතා ව්‍යාකූලව පැවැති යුගයක් ලෙස මහනුවර යුගය හැදින්විය හැක. ජනතාව සොර සතුරු ආක‍්‍රමණ ගැන සිතමින් බියෙන් පසුවිය. එමනිසා විවෙක බුද්ධියෙන් හීන වු ජනතාවක් විසූ යුගයක් විය. රාජ්‍යයේ සංකේතයක් වූ දළදාවද විවිධ ප‍්‍රදේශවල ස`ගවා රුකගැනීම තුළින් පූර්වෝක්ත කරුණ සනාථ විය. පාරම්පරිකව ජනතාව රුකගෙන ආ බොහෝදේ මෙම යුගයේදි වෙනස්විය. ද්‍රවිඩ බලැපෑම රාජ්‍යයට පමණක් නොව බොදු ආගමික විශ්වාසයන්ටද බලපෑවේය. ‘‘පොළොන්නරු කාලයේ සිට මේ දක්වා ඇති ශතවර්ෂ සතක් පමණැති මේ කාලය තුළ සිංහල රාජ්‍යය මහමුහුද රළ සේ වරක් නැගි වැටී ගිය අයරු දිස්වේ.’’ මේ අනුව මහනුවර යුගය වන තෙක් පැවැති අස්ථාවරත්‍වය මෙන්ම පරිහානියද මනාව පැහැදිලි වේ. රාජ්‍යත්‍වය පිළිබ`දවද පැවැතියේ ගැටුම්ය. මේවැනි පසුබිමක් තුළ සාහිත්‍ය ස`දහා සුදුසු නිදහස් වාතාවරණයක් නොවීය. මහනුවර යුගයේ සාහිත්‍ය පසුබිම කොට්ටේ යුගයේ පැවැති සාහිත්‍යය දියුණුව ඊට පසු පරිහානියට පත්වෙමින් පැවත මහනුවර යුගය වන විට බොහෝ සෙයින් පරිහානියට පත්ව තිබුණි. මෙයට විවිධ හේතු බලපා ඇත. පරිහානියට බොහෝ සේ බලපෑවේ දේශපාලන අස්ථාවරත්‍වයයි. පෘතුග‍්‍රීසි ආක‍්‍රමණයත් ලන්දේසි ආක‍්‍රමණයත් සම`ග කැරලි කෝලාහල මෙන්ම යුද්ධයන් සුලභ දෙයක් විය. විදේශිකයෝ මෙරට භෞතික සම්පත් හා මිනිස් ශ‍්‍රමය සූරා කෑමට සිංහලයන් භේද භින්න කළහ. සීතාවක යුගයේදී බොදු සමය යටවී සිව සමය නැගී සිටියේය. විමලධර්මසූරිය සෙන්කඩගල රජ වූ කල්හි පැරුණි රජවරුන්ගේ බොදු වැඩපිළිවෙල නැවැත ආරම්භ කළේය.දෙල්ගමුවේ ස`ගවා තිබූ දළදාව රුගෙන එ්මත් ,ශ‍්‍රීපාදය හා සීගිරිය ද්‍රවිඩයන්ගෙන් මුදා නැවැත භික්‍ෂූන්ට පැවරීමත් කරන ලදී. රක්ඛංග දේශයෙන් උපසම්පදා භික්‍ෂූන් ගෙන්වා නැවැත උපසම්පදාව නැවත මෙහි පිහිටුවීමට අධාර කළේය. විමලධර්මසූරිය රජු ඇති කළ මේ ශාසනික උදාව සෙනරත් රජු දවස නැති වී ගියේය. සිංහල සාහිත්‍යය බුදු දහම හා බද්ධව පැවැතුණි. එම නිසාම සියබස්ලකර කතු ‘‘ පෙදෙන් බුදු සිරිතැ, බසින් වත් සිරිත් ඈ, පද යුතු බසින් නළු ඈ ,අනතුරු ලකුණූ දක්්වම්’’ යැයි පළමුවැනි සේන රජු ස`දහන් කළේය. මෙම හේතූන් කරණකොටගෙන සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ආගමික සාහිත්‍යයක් වීය. මෙම සාහිත්‍යය ස`දහා මුලූමනින්ම පාහේ වස්තු විෂයයන් ගත්තේ බුදු දහමෙන්ය. එසේම මෙම සාහිත්‍යයෙහි අධිකාරිය බොහෝ සෙයින්ම භික්‍ෂූහු දැරූහ. භික්‍ෂූහු වනාහි පාලි හා සංස්කෘත භාෂාවන්ගෙන් පෝෂණය වූවාහු බුදුදහමින් අධ්‍යාත්මික සංවරයකින් යුක්ත වූවාහු වෙති. මේ හේතුවෙන් එම යුගයන්හි සාහිත්‍ය කෘති උසස් සාහිත්‍යය නිර්මාණ විය. එම නිසා එවැනි කෘති සම්භාව්‍ය සම්ප‍්‍රදායේ නොහොත් මහා සම්ප‍්‍රදායේ කෘති විය. මහනුවර යුගයේ සිටි භික්‍ෂූන් වහන්සේ පිළිවෙත්වලින් බැහැරවූ පිරිසක් වූහ. උපසම්පදාවද දීර්ඝ කාලයක සිට නොකරුණු බැවින් වත් පිළිවෙත් පිළිබ`දව ජනතාව මෙන්ම භික්‍ෂූහු පවා මනාව දැනගෙන නොසිටියහ. මෙකල භික්‍ෂූන් වහන්සේලා ගණින්නාන්සේ යන නම්වලින් හදුන්වනු ලැබ ඇත. මොවුන් ගිහි ජීවිතයක වූ කටයුතු කරමින් සිටි බව අරත්තන සන්නස වැනි සන්නස්වලින් පැහැදිලවේ.‘‘ විහාර සන්තක අදායමෙන් දිනපතා බුද්ධ පූජාව පැවැත්වීම පමණි ඔහුන් පුහුණු කළ ගුණධර්මය’.’’ කෙසේ නමුත් මොවුහු විහාරස්ථාන සතුවු පොත් පත් මැනවින් ආරක්‍ෂා කළහ. ගණින්නාන්සේ අතර වූ සිල්වත් භික්‍ෂූහු කිහිපදෙනෙක් පමණක් බුදු දහම නගාසිටුවමින් ශාස්ත‍්‍රීය පුනරුදයක් ඇති කිරීමට කටයුතු කළහ. මේපුනරුදය වැලිවිට අසරණ සරණ සංඝරාජ හිමියන්ගේ ප‍්‍රධානත්‍වයෙන් ඇතිවිය. සිංහල සාහිත්‍යය නැවත නැගී එන්නට වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. මහනුවර යුගයේ දියුණු සාහිත්‍යයක් ඇති නොවීය. විශේෂයෙන් මහනුවර යුගයේ පැවැති සාහිත්‍යය අනෙක් යුගයන්ට වඩා විශේෂත්‍වයක් ගනි. එනම් විවිධ වු ආකෘතීන්වලින් යුතු සාහිත්‍යයක් මෙම යුගයේ බිහිවීමයි. මෙම යුගයේ සාහිත්‍යය ජන සාහිත්‍යය දෙස නැඹරු වීමක් දැකිය හැකිය. නමුත් මෙම සාහිත්‍යය තුළ සම්භාව්‍යය ලක්‍ෂණ දැකීම දුෂ්කර වුවකි. සම්භාව්‍යය පත්නොවීමට හේතු නම් මෙම යුගය දේශපාලන, ආර්ථික හා ආගමික වැනි අංශවලින් ඇති වූ තිබු පරිහානියයි. මෙම පරිහානිය කරණකොටගෙන ඇතවු සාහිත්‍යය පරිහානිය ස`දහා මෙවැනි හේතු බලපා ඇත. 1*. පෘතුගි‍්‍රසි , ලන්දේසි වැනි විදේශීය ආක‍්‍රමණ. 2*. ක‍්‍රිස්තියානි බලපෑම 3* දේශපාලන අස්ථාවරභාවය 4*. ද්‍රවිඩ අභාසය 5*. කුල භේදය 6*. විහාරස්ථානයන්හි පැවැත්ම ඤාති ශිෂ්‍ය ක‍්‍රමයකට පැවතීම 7*. විවිධ විෂයීය කෘති රාශියක් රචනා වීම ⋆මහා කාව්‍ය ⋆ජාතක කාව්‍ය ⋆උපදේශ කාව්‍ය ⋆ශතක කාව්‍ය ⋆සන්දේශ සාහිත්‍ය ⋆හටන් කාව්‍ය ⋆ප‍්‍රශස්ති කාව්‍ය ⋆වංශ කතා ⋆ඓතිහාසික කාව්‍ය විදග්ධ සාහිත්‍ය ස`දහා අනුග‍්‍රහය ලබා දුන්නෝ රාජ රාජ මහාමාත්‍යයෝය. මහනුවර යුගයේ ඔවුහු රාජ්‍යය රුක ගැනීම ස`දහා යත්න දැරුවෝ වෙති. කවි ශක්තිය ඇති සාමාන්‍ය ජනයා තම උත්සාහයෙන් විවිධ සාහිත්‍ය නිර්මාණ බිහි කළේය. මෙම යුගයේ සාහිත්‍යය පොදු ජනයා උදෙසා කළ සාහිත්‍යයක් විය. ද්‍රදිඩ සාහිත්‍යයෙහි බලපෑම මෙම යුගයේදී දැකිය හැකි එකකි. එම නිසා විරිදු තැනීම හා විවිධ වන්නම්ද මේ කාලයේ නිර්මාණය වී ඇත. යුද්ධ නිතරම පැවැති නිසා රජවරුන්ගේ ගුණ ගායනා කිරීම ස`දහා ස්තෝත‍්‍ර රචනා වු ශෘංගාරාත්මක ග‍්‍රන්‍ථ රාශියක්ද මෙම යුගයේ රචනා වී ඇත.‘‘ගැහැණු පිරිමින්ගේ සම්භෝග සම්පත්තිය මාතෘකා කොට තැනුණු පොත් ගණනාවක්ම එවක දැක්ක හැකියි. සෑම කාව්‍යයකම පාහේ ශෘංගාරාත්මක කවි පවති. ඒවා තවදුරටත් වැඩි දියුණු වූ බවක් අනතුරුව ලියවී ආ රාජ ස්තොත‍්‍රවලින් පැහැදිලි වේ. ඊට පසු ශෘංගාරයම මාතෘකාකොට ලියු පොත් කොටසකි ඒවා. එද දකණු ඉන්දීය ව්‍යවහාරයක බලපෑම මෙහි ලියැවී ඇවිත් ඇත.’’ පෘතුග‍්‍රීසීන්ගේ ආගමික විශ්වාස යම් දේශීය පිරිසක් ඇදහූ නමුත් ඔහුන්ගේ සාහිත්‍යය අනුකරණයන් සිංහලපොත්වලට වැද්දගත් බවක් නොපෙනේ. පෘතුග‍්‍රීසීන්ගේ පාලනය යටතේ පැවැති ප‍්‍රදේශවල ඔහුන්ගේ භාෂාව උගන්වන ලදී. විමලධර්මසූරීය රජු මෙම භාෂාව හොදින් දැන සිටියේය. කෙසේ වෙතත් සිංහල සාහිත්‍යය කෙරෙහි එහි බලපෑමක් නොවීය. මහනුවර යුගයේ ආක‍්‍රමණවලින් හෙම්බත් වී සිටි ජනයා විනෝදය සදහා බොහෝවිට යොදාගෙන ඇත්තේ බෞද්ධ පූජනීය ස්ථාන වන්දනාවෙහි යෙදීම හෝ ජන කතා හා ජාතක කථා ඇතුළු බොදු කථා කියවීමයි. මෙම හේතුව නිසාම කවියන් බොහෝ ජාතක කතාවන් හා පූජනීය ස්ථාන ඇසුරෙන් කාව්‍යකරණයෙහි යෙදී ඇත.‘‘කිසියම් බෞද්්ධාගමික සිද්ධස්ථානයක් අරමුණු කොට ගෙන එහි ගමන් බිමන් මග මෙන්ම ස්ද්ධාස්ථානයේ සුවිශේෂත්‍වයත් සහ පිදීමෙන් ලද හැකි ආනිශංසත් සරල බසින් හැගීම් දනවන විලාසයෙන් නිර්මාණය කිරීමට මේ පොදු ජන කවීහු සමත් වූහ.’’ මහින්දාගමනයත් සමග යට ගිය දේශියව ඇදහු විවිධ විශ්වාස මහනුවර යුගයේ බුදුදහම පිරිහීමත් සමග නැවත මතුවූ ආකාරයක් දැකිය හැක. දකුණු ඉන්දියාවේ පැවැති විවිධ විශ්වාස හා ඇදහිලි මෙම දුර්වලතාවෙන් මෙහි අද දක්වා ප‍්‍රතිෂ්ඨාපනය වී ඇති ආකාරය පැහැදිලි වේ.‘‘අතැම් ගත්කතුවරයන් දෙමළ වචන අමු අමුවේ ම සිය කාවයයන්හි යොදාගත් බව මෙහිලා අමතක නොකළ හැකි දෙයකි. දඹදෙණි යුගයේ මෙන්ම කොට්ටේ යුගයේ ද ජාතක කථාවක් හෝ වෙන යම් බෞද්ධකථාවක් හෝ නොඑසේ නම් බුදු ගුණයක් හෝ විස්තර කිරීමට එකල ගත්කරුවන් වැඩි වශයෙන් දකුණු ඉන්දියානු දෙවිවරුන්ගේ සහ යක්‍ෂයන්ගේ උත්පත්ති කථා මෙන්ම ඔහුනට දැක්වූ පුදපූජා පිළිබ`දවත් කාව්‍යග‍්‍රන්‍ථ ලියන්නට පෙළඹුණේ මේ දකුණු ඉන්දියානු බලපෑම් නිසාය.’’ බුදු ගුණ කථනයෙන් ඇත් වීමක් සිදුවී නොමැත. චූල සම්ප‍්‍රදායේ ජන සාහිත්‍යය නිර්මාණ කෙරෙහි ආගමික බලපෑම චූල සම්ප‍්‍රදායේ සිංහල ජන සාහිත්‍ය නිර්මාණ දෙක වන්නේ යශෝදරාවත හා පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යයයි. ‘‘ශ‍්‍රී ලංකාවේ සිංහල චූල සම්ප‍්‍රදායේ ජන කාව්‍ය යනු විදග්ධ කාව්‍ය සම්ප‍්‍රදායෙහි හෝ බසෙහි හෝ නොහසළ නමුදු ඒවායෙහි අත්‍යන්ත ලේශ මාත‍්‍ර සේයාව ආරංචි මාත‍්‍රයෙන් ලද බව පෙනෙන කවීන්ගේ රචනා වේ.’’ මෙම ග‍්‍රන්‍ථ චූල සම්ප‍්‍රදායේ වූයේ සම්භාව්‍ය යුගයේ පැවැති ලක්‍ෂණ මෙම යුගයේ බොහෝ විට දක්නට නොමැති වීමයි. මෙම කාව්‍යන් දෙක වනාහි මහනුවර යුගයේ බුදුදහම පිළිබ`ද ජනතාව පිළිගත් ආගමික විශ්වාසයන් මනාව පිළිබිඹු වේ. මහනුවර යුගයේ සමාජය බොහෝ සෙයින් පිරිහි පැවැති බව යශෝදරාවතින් එන උපදේශ කථනයෙන් පැහැදිලි වේ. විදේශ ආක‍්‍රමණ හා වෙනත් හේතූන් කරණකොටගෙන කාන්කාවන්ගේ පතිවත පිළිබ`දව සමාජයේ ගැටළු තිබු බව පැහැදිලි වේ. මේ හේතුවෙන් කාන්තාවක පතිවත රැුක ගත යුතු යන විශ්වාසය ආගමික විශ්වාසය තුළින් වඩාත් තහවුරු කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම ග‍්‍රන්‍ථය දෙස අවලෝකනය කළ හැක. ‘‘කාමෙසුමිච්ඡුාචාරා වෙරමණි සික්‍ඛාපදං සමාදියාමි’’ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම බුදු දහමින් අනුමත නොකරන්නකි. ‘‘අසමින මේ දහම් අ`ගනෝ ගෙන සිත ට යටැසින රවාවත් නොබලා තම හමි ට වසමින රන් සේ එකසින් අදර කොට උපදිනු යසෝදර බිසවුන් ලෙස සො`ද ට දුකක් වන් කලට අත මිට හි`ග වෙමි න සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙ න ඇදක් නොව කතුනි හිමි සැලකුවෝති න කිමෙක මොක් දකිනු බැරි යසෝදරා මෙ න රුක පතිදම් යසෝදර බිසවුන් ලෙස ට දුක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙස ට එක හිමි පතා සිටියොත් ළ`දුනි බැති කො ට සැක නැත සගපවග මතු වර ලැබෙනව ට’’ මෙම පැදිතුළින් මතුවි පෙනෙන්නේ පොදු ජනයා තුළ වූ ආකල්ප බුදු දහමත් සම`ග ගළපමින් ආධ්‍යාත්මික තිර බැදීමකින් අඹු සැමියන් වෙළී සිටීම උතුම් බැදීමක්ය යන විශ්වාසය මෙයින් ස්ඵුට වේ. ‘‘සාරා සංක්‍ය කප් ලක්සය පෙරුමු පු රා සොළසා සංක්‍ය කප් ලක්සය පෙරුම් පු රා සූවිසි සංක්‍ය කප් ලක්සය පෙරුම් පු රා මෝරා පුබුදු පල ලෙස බුදු වූ ලොව් තු රා’’ බුද්ධත්‍වය ලබා ගැනීමට ඇති දුෂ්කරතාව මෙහිදි පුනරුක්ති යොදා ගනිමින් පැහැදිලි කරයි. පාරමිතාවන් පූරණය කරමින් ක‍්‍රම ක‍්‍රමයෙන් පින් රුස්කර ගෙන ලබා ගන්නා බුද්ධත්‍වය මෝරා පිපෙන මලකට උපමා කරමින් පිවිතුරු අන්දමින් එය දැක්වීම මනහරය.බුද්ධත්‍වය පිළිබ`දව පැවැති පූර්ණ විශ්වාසය මෙයින් පැහැදිලි ත්‍ඟ. සිහිනයෙන් දුටු දේ සැබෑ වන බව මහනුවර ජනයා විශ්වාසකර ඇත. එසේම දරුවෙකු බිහිවීමට ආසන්න වූ විට දෙළදුකක් ඇති වන බව විශ්වාස කරනුයේ බුදු දහමේ එන තොරතුරු පදනම්කරගෙනය. ‘‘ මහමායා සැතපෙන කල මල් යහ නේ මහමෙර මුදුනෙ ආසනයක වැඩ ඉදි නේ අසල ගමක පුන්ස`ද පිරි මදිමින් නේ මහ රජුනේ මොකදැයි ඔය දුටු සී නේ’’ මහනුවර යුගයේ බුදු දහම යම් ප‍්‍රමාණයකට පසුබෑමට ලක් වුවද ජනයා බුදු දහමින් තම චිත්ත සන්තානය හික්මවා ගෙන සිටි බව යශෝධරා වතින් මනාව පැහැදිලි වේ. යශෝදරා තමා හැරදා ගියත් ඔහුගේ සුවය පතන ආකාරය දක්වන කවියා ප‍්‍රකාශකරන්නේ බුදු දහමින් තම සිත් සුවපත් කරගත් බව දක්වමිනි. ‘‘කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා අව්වේ තිබෙන රුස් මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා’’ යශෝදරාවත රචනා කිරීමට පෙළඹී ඇත්තේ බුදු දහම පිළිබ`ද කවියා තුළ වූ විශ්වාසයන් කරණකොට ගෙනය. බුද්ධචරිතය පදනම් වූ සිද්ධි හා කථා පුවත් තුළින් ගුණ ධර්ම වගා කර ගත හැකි බවට කතුවරයා තුළ වූ විශ්වාසයද මෙම කාව්‍යය රචනා කිරීමට කවියාට චිත්තාරාධනා කළ බව සිතිය හැක . මහනුවර යුගයේ ජනතාව අතර ජාතක කථා ජනප‍්‍රියව පැවැතුණි. ඒ අතරින් වෙස්සන්තර ජාතකය සැමදා ඔහුන්ගේ සිත් ගත් එකක් විය. බුදුන් වහන්සේ බුද්ධත්‍වයට අවසාන වරට දාන පාරමිතාව පිරු ආත්මභාවය මෙනෙහි කිරීම තුළින් ජනතාව ලැබු අධ්‍යාත්මික තෘප්තිය මෙයින් පැහැදිලි වේ. ජිවිතය ජය ගැනීම ස`දහා පින් කළ යුතු යන විශ්වාසය මෙම කාව්‍යයෙන් පැහැදිලි වේ. ‘‘ කෙලෙසුන් දුරු කරන නිවන්පුර සිරි දක්වන දහමෙහි ගුණ නුවණ රුවන්වැල සේ කියමි බුදුගුණ’’ මහනුවර යුගයෙහිද බුදු ගුණ වැයුම අවසන් වූයේ නැත. බුදු ගුණ සිහිකිරීම පින් රුස්කරවන ජීවිතය නිවැරදි මාවතකට යොමු කිරීමට හේතු වන බව ජනතාව විශ්වාස කර ඇත. ‘‘පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බො ම්මා වම්මා ක`දුලැලි ඉස ඉස ඇවිදින් දැයි අ ම්මා අම්මා අප නොදැක ඉතින් කෙලෙසෙක වෑවෙ ම්මා සම්මා සම් බුදු වෙනදා නිවන් දකින් අ ම්මා’’ මව් පදවිය බුද්ධත්‍වය හෝ ඊට ම`දක් සමීපව ඇති ශ්‍රේෂ්ඨ පදවියක් බව කවියා ඉහත පැදියෙන් ධ්වනිතාර්ථ වශයෙන් දක්වයි. මෙහිදි කවියා තුළ වූ වශ්වාසය ගෙදර බුදුන් අම්මා යන විශ්වාසය බව අනුමාන කළ හැක. බුදු දහම පිරිහීමත් සම`ග වෙනත් ආගම්වල දේව විශ්වාසයන් ඇතුළුව බොහෝ විශ්වාස පැවැතී ඇත. බොහෝ විට මෙම විශ්වාස හින්දු ආගමත් සම`ග පැමිණියකි. ‘‘දුසිල් මහනණුන්ද දෙවියන් පිදීමෙහි සහ යකුන් එලවීමෙහි නියුක්තව සිටි බව මුලදි විස්තර විය. ’’ විවිධ දේව විශ්වාස බුදුදහමට පවා වැද්දගත් බවට වෙස්සන්තර ජාතක කාව්‍යයෙන් පැහැදිලි වේ. මෙම දෙවිවරුන් අතරින් ඇතැම් දෙවිවරුන් බුදු දහමෙහි ස`දහන් දෙවිවරුන් නොවේ. ‘‘ සක් බඹ දෙවියෝ සතොසින් ඇවිදින් නාලොව සුරලොව දෙවියො ඇවිදින් විදුලි වලාහක දෙවියෝ ඇවිදින් පින් ගත්තුව සැම දෙවියෝ ඇවිදින්’’ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය මහනුවර යුගයේ මළ ගෙවල රාතී‍්‍ර කාලය පුරා කියවූ බවට හා ඒ තුළින් දුක අඩුකර ගත හැකි බවට ජනතාව තුළ විශ්වාසයත් පැවතින්නට ඇති බව අනුමාන කළ හැක්කේ මෑත කාලයක් වන තුරු එය මෙරට පැවැති චාරිත‍්‍රයක් වූ බැවිනි. බෞද්ධයන් තුළ නිතර මුවග රැුදෙන ප‍්‍රාර්ථනක් වන්නේ තුන්තරා බොධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවනට පැමිණේවා යන්නයි. පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය කතුවරයා තුළින්ද මෙය පැහැදිලි වේ. බුදු දහමේ ප‍්‍රතිපත්තිවලට වඩා බාහිර පුදපූජාවන්ට වැඩි රුචියක් දැක්වූ බවත් මෙම ප‍්‍රාර්ථනයන් ඉතා දැඩිව ජනතාව දැරූ බවත් සිතිය හැක. ‘‘මේ ලිව් පින් රා වි`ද සව් සැපත් නිත රා නො ම`ද බිය යස රා මම ද බුදු වෙම්මැයි ලොවුතු රා’’ මහනුවර යුගයේ විවිධ පද්‍ය සාහිත්‍ය නිර්මාණයන් ස`දහා බලපා ඇති තත් කාලීන ආගමික විශ්වාස මහනුවර යුගය වන විට ප‍්‍රධාන වශයෙන් බුදු දහමත් ඊට අමතරව හින්දු හා කතෝලික ආගම් අදහන ජනයා වාසය කළේය. මෙම ආගම්වල ශාස්තෘවරුන් හා දෙවිවරුන් හැරෙන්නට වෙනත් යක්‍ෂ භූත හා වෙනත් පාරිසරික විශ්වාසයන් තම ආගම්වල විශ්වාසයන් සේම සළකා ඇත. විශේෂයෙන් හින්දු බලපෑම නිසා මෙහි සාහිත්‍යයෙහි විවිධවු ග‍්‍රන්‍ථ රචනා විය. ‘‘මෙසේම මෙරට අද භාවිත වන දෙමළ වචන මිශ‍්‍ර මන්ත‍්‍ර , අංගම් පිඹීම , බලිබිලි වැනි භූත විද්‍යාත්මක දේද නොයෙක් විදියේ භූතාවතාර හා ඒවාට ප‍්‍රතිකර්ම දැක්වෙන වෙද පොත්ද , නක්‍ෂත‍්‍රය පිළිබ`ද පොත්ද දකුණු ඉන්‍දීය විද්‍යාකලාවන් ඔස්සේ මේ යුගයේදී මෙහි දියුණු වී ආවග සැලකුවමනාය. එහිදි දේශීය හා විදේශීය නොයෙක් දෙවියන් හා යකුන් ගැනත් කවිපොත් හා චූර්ණිකාදි සැහැලි වෙසෙස් සැපැයී සාහිත්‍යයට එක්වී ආයේය.’’ මහනුවර යුගයේ ප‍්‍රශස්ති කාව්‍ය වැඩියෙන් රචනා වීමේ ප‍්‍රවණතාවක් දැකිය හැකිය. යුද්ධ බහුල වීම හා ද්‍රවිඩ බලපෑම එයට හේතු විය. වෛදික යුගයේදී විවිධ දෙවිවරුන් උදෙසා ප‍්‍රශස්ති රචනා ව ඇත. ‘‘යුද්ධ කිරීමට ඉදිරිපත් වු ස්වකීය යුද්ධ ප‍්‍රයත්නය සාර්ථක කර ගැනීම පිණිස ඉන්‍ද්‍ර දෙවියන් පි¥හ. ඉන්‍ද්‍ර දෙවියන්ගේ බල මහිමය වර්ණනා කළ ඔවුහු එමගින් තමන්ටද එවැනි බල මහිමයක් ප‍්‍රාර්ථනා කළෝය.’’ නමුත් බුදු දහමේ බලැපෑම නිසා සම්භාව්‍ය යුගයන්වල මෙවැනි සාහිත්‍ය ග‍්‍රන්‍ථ ඇති නොවීය. නමුත් බුදු දහමේ පරිහානියත් සම`ග මෙවැනි ප‍්‍රශස්ති කෘති රචනා විය. එය රජවරුන් හා දෙවියන් අරඹයා රචනා වූවකි. මහනුවර යුගයේ රචනා වූ පළමු ප‍්‍රශස්ති කාව්‍ය වූයේ පැරකුම්බා සිරිතයි. ආගමට අනුව සැදැහැතිව කටයුතු කරන වීර රජවරුන් බුදු දහමෙහි ස`දහන් වන චක‍්‍ර වර්ති රජකමට යම් සමීපවත් බවක් ඇතිබව ජනතාව විශ්වාස කළ බවට සිතිය හැක්කේ මහනුවර යුගයේ සිටි රජුන් අතහැර පැරකුම්බා රජුන් උදෙසා පැරුකුම්බා සිරිත රචනා කිරීමෙනි. ‘‘මුනි ගුණ සැලකුම් සිනා පා නොවැ කුම් කළ නිති නොතැකුම් විකුමෙනි තෙවි කුම් තිළිණනි සුරකුම් ලකනැව සරි කුම් අගරජ පැරුකුම් දින පෑ පැරු කුම්’’ උපදේශ සාහිත්‍යය මහනුවර යුගයේ ප‍්‍රචලිතවූ සාහිත්‍ය කෘති අතර උපදේශ කාව්‍යන්වලට විශේෂ ස්ථානයක් හිමිවී තිබේ. ඇත අතීතයේ මෙරට මෙන්ම ඉන්දියාවේද උපදේශ සාහිත්‍යයන් ස`දහා විශේෂ ස්ථානයක් හිමිවී ඇත. බුදු දහමේහිද උපදෙස් දීම ස`දහා ඇති ග‍්‍රන්‍ථයක් ලෙස එක් ආකාරයකට ධම්මපදය දෙස අවලෝකනය කළ හැක.භික්‍ෂූන් බොහෝවිට උපදෙස් දීමෙහි නියුක්තව සිටින බැවින් බොහෝ උපදේශ කෘති භික්‍ෂූන් විසින් රචනා කරනු ලැබ ඇත.තවත් ලෙසකට මහනුවර යුගයේ සමාජය යම් ප‍්‍රමණයකට පිරිහී තිබූ බැවින් උපදේශ කෘති බහුල වී ඇත. මේ උපදෙස් දීමෙදී අදාල කතුවරුන් පොළඹවා ඇත්තේ තම ආගමික හැගීම් , සිතුවිලි හා විශ්වාසයන්ය. ඔහුන් උපදෙස් දෙන්නේ සමාජයේ කාලීනව පිළිගත් හො`ද යැයි පිළිගත් විශ්වාසයන් ඔස්සේය. ‘‘දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි’’ පූර්වොක්ත උපදේශය කතුවරයා තුළ වුයේ බුදු සමය එය දෙමාපිය යුතුකමක් ලෙස දක්වා තිබෙන බැවිනි. සොවාන් සත්පුරුෂයන් ශිලා ස්ථම්භයක් මෙන් නොසැලෙන බව කරණීය මෙත්ත සුත‍්‍රයේ දැක්වේ. එවැනි විශ්වාසයක් සත්පුරුෂයන් කෙරෙහි ලොකෝපකාර කතුවරයා තුළ වූවේය. ‘‘නුවණැතියන් සසල නොවෙත් කොතරම් දුක් සැප වුවත් ගැසුවත් තද මේඝ පවන් නිසලව සිටින සල මෙන්’’ බුදු දහමේ පවතින ආගමික විශ්වාසයන් සමකාලීන සමාජයේ කොතරම් තහවුරුව පැවැතියේද යන්න පහත පද්‍යයන් තුළින් පැහැදිලි වේ. වන්දනා කාව්‍ය සාහිත්‍යය මහනුවර යුගයේ බුදු දහම පිරිහුණු නමුත් බොදු ආගමික පසුබිමෙන් වියුක්ත වීමක් දැකිය හැකි නොවේ. සිව භක්තිකයන්ගෙන් ඇතැම් පූජනීය ස්ථාන බේරා ගැනීමෙන් පසු බොදු ජනයා සම ස්ථානවල වන්දනාවේ යෙදුණහ. මෙම හේතුව නිසා මෙම ස්ථාන පිරී ඉතිරි ගිය ආකාරයක් පද්‍ය ග‍්‍රන්‍ථ තුළින් පැහැදිලි වේ. එසේම මෙම ස්ථාන වන්‍දනා කිරීමෙන් තම ජීවිත පරිපූර්ණත්‍වයට පත්වන බවට ඔවුන් සිතූබව වන්දනා කාව්‍ය ග‍්‍රන්‍ථ විමසීමෙන් පැහැදිලි වේ. තෙරුවන් ගුණ , ආගමික ස්ථාන හා බොදු බැතිය දනවන වෙනත් ග‍්‍රන්‍ථ රාශියක් රචනා වී ඇත. ‘‘ ඉර ස`ද නොදැක ඉ`ද දෙසමි මුනි ගුණ ලොව බැ`ද සදහම් නර නිබ`ද කියම් මුනි ගුණ දහම පද බැ`ද’’ ‘‘පුරා පෙල දම් තිබෙන මේ ලොව බුදුන් දෙසලා පෙරකලේ නරා දෙවියන් බඹුන් එදහම් අසා මොත් සැප විදිලොලේ නිරා දුක්හැර නිවන් දැක්මට මල් පහන් පුදකර ලොලේ සුරා පානෙන් දුරුව වදිමුව උතුම් සිරිපා සමනලේ’’ ‘‘පසන් ගව්තම මුනි`දු බුදුවී සාසනේ ලොව පැවැතියේ එසන් පත් ඇති දා කරපු පින්මය කැටුව යන්නේ වසන් ඇති දා කැපු පින්මය කැටුව යන්නේ පැහැදියේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’’ ආගමික ප‍්‍රබෝධය තුළින් පද්‍ය රචනා කර ඇත. දළදා වදින්න පැවැති තරගය මෙසේ දැක් වේ. ‘‘එවිට සෙන`ග ප‍්‍රීති පවත්වා සාදුකාරදුන්නු සැරේ නොසිට ගිගි`දු චලිත උනිය සෙන`ග සමනකර එවරේ තලති බනිති තල්ලූ කරති කටුපුල්ලේ සෙන් නිතරේ ල`ගට සෙන`ග දුවති පනිති වදින්ට මුනිදුට අදරේ’’ ජාතක කථා කාව්‍ය වෙනත් කිසිදු යුගයකට වඩා මහනුවර යුගයේ ජාතක කතා පිළිබ`දව සමාජය තුළ සුවිශේෂී අවධානයක් යොමු වී ඇත. ජාතක කථා තුළින් කථා රසය මෙන්ම ආත්ම තෘප්තියක්ද ලැබීය. ජාතක කථා ඇසුරු කරගෙන බොහෝ පද්‍ය නිර්මාණ කර ඇත. ජාතක පොතේ නොමැති ජාතක කථා මහනුවර යුගයේ දැකිය හැක. මහා පද රංග ජාතක කාවයය හා ඉතිබිසො ජාතක කාව්‍යය මෙලෙස නිර්මාණය වූ ඒවා වේ. ජයද්දිස ජාතකය ඇසුරින් කව්මිණිකො`ඩාල හා සෝණක ජාතකය ඇසුරින් කව්මිණිකොෙ`ඩාල යන කාව්‍යයන් ස`දහා මහා කාව්‍ය ලක්‍ෂණ ඇතළත් කර ඇත. මීට අමතරව විදුර ජාතක කාව්‍ය , මහා ජනක ජාතක කාව්‍ය, සම්බුලා දා කව, පදමානවක ජාතක කාව්‍ය, හස්තිපාල ජාතක කාව්‍ය, මුව ජාතක කාව්‍ය වැනි ජාතක කථා ඇතුළත් කාව්‍ය විශාල ප‍්‍රමාණයක් රචනා කරනු ලැබ ඇත. මහා පදරංග ජාතකය ද්‍රවිඩ ග‍්‍රන්‍ථයක් ඇසුරින් එයට බොදු වේසයක් ඇතුල් කිරීමෙන් ජාතක කථාවක් බවට පත් කර ඇත. මෙසේ වී ඇත්තේ මහා භාරතයෙහි කථා නිෂ්ඵල ලෙස භික්‍ෂූන් සැලකූ නිසා වූ බව සිතිය හැක.මේ ස`දහා මහා භාරත කථා කාව්‍ය ලෙස කේ. ඩි සෝමදාස මහතා නම් කර ඇත. විදුර ජාතකයෙක් සමකාලීනව පැවැති බුදු බැතිය මනාව ප‍්‍රදර්ශනය වේ. ‘‘පවට මදකුත් නොහැර තුන්දොර රැුක බැතින් සිල් නිමල යෙන් සො`දට තම උතුමගෙහි සුළ කළ තුනුරුවන් මිණි කිරුළ යෙන් සතුට වඩවන සෙනෙවිරත් මහ රජතුමනි ඉන් විපුල යෙන් ඔබට බුදුබව සිද්දවෙයි මතු මබණ කවි කළ කුසල යෙන්’’ ජාතක කථා වස්තු විෂය කරගත් කෘති වලට අමතරව විවිධ කරුණු මුත් කරගත් පද්‍ය රචනා පොත් රචනා වී ඇත. මේ අතරින් ජ්‍යොතිෂය හා වාස්තුවිද්‍යාව වැනි කරුණු මුල් කරගත් කෘති රචනා වී ඇත. මෙම කෘති රචනා වන්නේ සමකාලීනව පැවැති ආගමික විශ්වාසයන් හා වෙනත් විශ්වාසයන් අනුවයි. දේවාල හා රාජ මන්දිර සෑදීම ස`දහා ගනු ලබන විවිධ විවිධ වර්ගයේ ගස් තෝරා ගැනීමක් මහනුවර යුගයේදි පැවැතී ඇත. ‘‘සගරාමද දෙවලාදිය මත් සිංහාසන රජ මන්දිර වලටත් ගන්න ම`ගුල් කප මී ගස යහපත් දන්න මේ වග අය වඩුකම සරසන්’’ ‘‘ දොස් නිදොස් බිම් දැන කොවිල් ගෙවල් වෙන වෙන උත්තම අධම යන සියලූ අය මෙලෙසට කර දැන’’ ආයුර්වේද ග‍්‍රන්‍ථද මේ යුගයේ පද්‍යයෙන් රචනා වී ඇත. ආයුර්වේද ග‍්‍රන්‍ථ ස`දහා විශේෂයෙන් සංස්කෘත වෛද්‍ය ග‍්‍රන්‍ථ බලපා ඇත. නමුත් වෛද්‍ය ශාස්ත‍්‍රය හදාළ යුතු අය ස`දහා සත්පුරුෂයෙකු විය යුතු යන මතයත් වෛද්‍ය ශාස්ත‍්‍රය ඍෂිවරුන් විසින් පවත්වාගෙක ආ කෘති වන බව විශ්වාස කළේය.මේ අනුව මහනුවර යුගයේ රචිත විවිධ වූ පද්‍ය ග‍්‍රන්‍ථතුළින් ආගමික මතයන් බිළිබිඹු වන බව පැහැදිලිවේ. මෙම ආගම් අතරින් බෞද්ධ හා හින්දු යන ආගම් වලින් බොහො බලැපැමක් එල්ලවී ඇත. ඊට අමතරව දේශියව පැවැති විවිධ විශ්වායන්ද ඒවායින් පිළිබිඹු වේ. සමාලෝචනය මහනුවර යුගය ස`දහා අඩිතාලම දැමු මුල්ම රජතුමා ලෙස පළමුවැනි විමලධර්සූරිය රජතුමා හැදින්විය හැක. සිතාවක සිවභක්තිකයන්ගේ ආධිපත්‍යයට ලක්වීමත් වෙරළබඩ ප‍්‍රදේශ පෘතුග‍්‍රීසින් අතට පත්වීමත් සමග හෙළ රජදරුවන් නිරායාසයෙන්ම ක`දුරටට පැමිණියේය. සෙන්කඩගල නගරයක් ලෙස සංවර්ධනය වෙමින් පැවැත ආ බවට මුලින්ම සාධක ලැබෙනුයේ ගම්පොළ යුගයේ සිටයි. මහනුවර යුගය වන විට බුදු දහම බොහෝ සෙයින් පරිහානියට පත්ව තිබුණි. භික්‍ෂූහු ප‍්‍රතිපත්තිවලින් වියුක්තව ගිහි ජීවිතවලට සමීප ජීවිත ගත කළේය. ගණින්නාන්සේලා පිරිසක් බිහිවිය. ඔවුහු පෙර යුගවලදී මෙන් පාලි, සංස්කෘත වැනි විෂයන් ගැනත් බුදු දහම පිළිබ`දවත් ගැඹුරු අවබොධයෙන් තොරව සිටියහ. එම නිසා එම යුගයන්වල මෙන් භික්‍ෂූන් අතින් සම්භාව්‍ය කෘති බිහි නොවුණි. එසේම ශාස්ත‍්‍රීය කටයුතුවලින් ඈත්වීමක්ද දක්නට ලැබේ. ආක‍්‍රමණ ,දේශපාලන අස්ථාවරත්වය , ද්‍රවිඩ අභාසය , කුල ක‍්‍රමය , පන්සල්වල ඤාති ශිෂ්‍ය ක‍්‍රමය වැනි සාධක ගණනාවක් හේතුකොටගෙන මෙම යුගයේ දියුණු සාහිත්‍යයක් ඇති නොවීය. නමුත් ද්‍රවිඩ අභාසය වැනි කරුණු කරුණු ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස විවිධ විෂයන් අන්තර්ගත වන පරිදි ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක් රචනා විය. මහනුවර යුගයේ රචිත පද්‍ය සාහිත්‍යය ස`දහා ප‍්‍රධානව බලපෑ ආගමික විශ්වාසයන් වූයේ බෞද්ධ විශ්වාසයන්ය. ඒ අතරින් බුදුන් වහන්සේගේ පෙර ජාති පිළිබ`ද කථා මුල්කරගෙන සාහිත්‍ය නිර්මාණ බිහි වීම ප‍්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකිය. ඒ අතර කව්මිණිකොඩොල , කව්මුතුහර , කාව්‍යදීපනි, විදුර ජාතක කාව්‍ය, මහා ජාතක කාව්‍ය, වෙස්සන්තර ජාතක කාව්‍ය, කාලිංග බොධි ජාතකය, අසදිස දා කව, දේවධම_ ජාතක කාව්‍ය , සුමුගු ජාතක කාව්‍ය හා මණිචෝර ජාතක කාව්‍ය වැනි කාව්‍යයන් රාශියක් වේ. ඇතැම් ජාතක කාව්‍යයන් ජාතක පොතේ නොමැති කථා වේ. මහා භාරත වැනි භික්‍ෂූන් විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලද කථාවලට බෞද්ධ මුහුණුවරක් ලබාදීමෙන් සමාජගත කළ බව මහා පදරංග ජාතක කථාවෙන් පැහැදිලි වේ. බුද්ධත්‍වය පිළිබ`ද ආකල්පය ස`දහා සමාජයේ මෙතරම් අවධානයක් සමාජයේ යොමුවන්නට ඇත්තේ සංඝ සමාජය පිරිහී තිබු බැවින් විය යුතුය. මහනුවර යුගයේ ජනතාව බෞද්ධ ප‍්‍රතිපත්තිවලට වඩා ආමිස පූජා ස`දහා ප‍්‍රමුඛත්‍වය ලබාදී ඇත. එම නිසාම පූජනීය ස්ථාන වන්දනා කිරීමට යාම ජීවිතයේ විනොද කටයුතුවලින් ප‍්‍රමුඛ එකක් වීය. මේ නිසා පූජනීය ස්ථාන ආශ‍්‍රිතව බෙහෝ සාහිත්‍ය නිර්මාණ බිහිවිය. මේ අතරින් ශ‍්‍රී පාදය හා දළදාව ප‍්‍රධාන විය. මේ අනුව සමනළ හෑල්ල , සමනළ විස්තරය හා තුන්සරණය වැනි කෘති රචනා වීය. වන්දනා සාහිත්‍යයක් ඇතිවන පරිදි මෙය වර්ධනය විය. දකුණු ආන්ධ‍්‍ර පූජකවරයෝ හා ශිව තවුසො මෙරටට පැමිණීමත් සම`ග අයියනායක හා පත්තිනි දෙව විශ්වාස හා කඩවර ආදී යක්කු පිළිබ`දව විශ්වාසයන් මෙරටට පැමිණි අතර එම විශ්වාසයන් පදනම් කරගත් පද්‍ය නිර්මාණද ඇති වීය. ප‍්‍රාදේශීයව පැවැති දේව විශ්වාස මහනුවර යුගයේදීද තහවුරු වූ බව මෙම යුගයේ කෘති තුළින් පැහැදිලි වේ. උපදේශ සාහිත්‍යයක්ද මහනුවර යුගයේ දැකිය හැක. සමාජය යම් ප‍්‍රමාණයකට පරිහානියට පත්ව තිබූ බැවින් බුදු දහමේ උපදේශ හා ගුණ ධර්ම ජීවිතයට ළගා කරගත යුතු ආකාරය මෙම බොහෝ කෘතිවල දැක්වේ. මේ ස`දහා ආගමික විශ්වාස බලපෑ ඇති බව මෙම ග‍්‍රත්‍ථ විමසීමෙන් පැහැදිලි වේ. යශෝදරාවත තුළින් ආගමික කථා වස්තුවල එන චරිත තුළින් පතිවත රුකගැනීම පිළිබ`ද අවසානයට උපදෙස් ලබා දේ. මීට අමතරව වාස්තු විද්‍යාව උදෙසා කළ මයිමතය තුළින් හින්දු හා බෞද්ධ ආගමේ විශ්වාස දැකිය හැක. චූර්ණකාදී සැහැලි විශේෂ සදහා ද්‍රවිඩ ආගමික බලපෑම දැකිය හැක. මේ අනුව මහනුවර යුගයේ පද්‍ය සාහිත්‍යය ස`දහා තත්කාලීන ආගමික විශ්වාස බලපා ඇති ආකාරය මනාව පැහැදිලි වේ . ඇසුරු ගත් නම් වැල ගුණවර්ධන වී. ඞී. එස් (සංස්* , සියබස්ලකර දීපනී , කොළඹ 10 : සමයවර්ධන සමාගම , 2003. ගම්ලත් සුචරිත (සංස්*, යශෝදරාවත . කොළඹ 10 : එස් ගොඩගේ සහ සහෝදරයෝ , 1995 . ඒ . වි . සුචරිත ගම්ලත් , සිංහල සාහිත්‍යය සම්ප‍්‍රදාය . නුගේගොඩ : දීපානි , 1966 .පිටුව 183. ඩයස් හර්සන් යු.ජි , ‘‘මහනුවර යුගයේ වන්දනා කාව්‍ය සාහිත්‍ය පිළිබ`ද විමර්ශනයක්’’ , ශ‍්‍රී සෝමරතන උපහාර ශාස්ත‍්‍රීය ලිපි සරණිය . (සංස්* ගිරාතේගම ඉන්‍ද්‍රජෝති, 2000.ග පරණවිතාන රොහිණි (සංස්*, පැරකුම්බා සිරිත . කොළඹ : සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය , 1997. මැද්දේගම ප‍්‍රශාන්ත උයද (සංස්* , මහනුවර යුගයේ දළදා කවි . කොළඹ 10 : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , 2003 . වාචිස්සර කොටගම , සරණංකර සංඝරාජ සමය .කොළඹ 10 : සංස්කෘතික කටයුතු දේපාර්තමෙන්තුව , 1960 . සන්නස්ගල පුඤ්චිබණ්ඩාර , සිංහල සාහිත්‍ය වංශය . කොළඹ : ලේක්හවුස් මුද්‍රණාලය , 1961. සුචරිත ගම්ලත් (සංස්*, පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය . කොළඹ 10 : එස් ගොඩගේ සහ සහෝදරයෝ , 1990. සෝමදාස කේ.සි (සම්පාදක* , ලංකාවේ පුසකොළ පොත් නාමාවලිය (ද්වීතීය භාගය*. කොළඹ : 1964. ජය්එඒ ි්බට ්හ්බ් ක්‍ෘ ඍධඵ ල ඩසච්ිි්බ් රුිැ්රජය සබිඑසඑමැ ෂභෘෂ් ල 1990 කවියා තම වස්තුවටත් ශක්තියටත් උචිත රීතිය තෝරා බේරා ගැනීම කවි ශක්තිය පමණක් නොව කවි සමය ද හකුළා දැක්වෙන ‘උචිතානුචිත විවේක බුද්ධි ‘ ද වෙයි. (මාර්ටින් වික‍්‍රමසිංහ, නව පද්‍ය සිංහලය.31 පිටුව*

No comments: