Thursday, December 12, 2013
ප‍්‍රශස්ති කාව්‍ය සංකල්පය හා එහි ප‍්‍රවණතා
ප‍්‍රශස්ති කාව්‍ය සංකල්පය හා එහි ප‍්‍රවණතා
වත්මන් ලෝකය දෙස ඇස් ඇර බැලූ කල එහි ඇති විස්මය ජනක සියලූ වස්තූන්හි නිර්මාතෘ මිනිසා බව අපට අවබෝධ වන කරුණකි. ඒ මිනිසා තම දක්‍ෂතාව මත ලොවට දායාද කළ උතුම් වස්තූන් අතර සාහිත්‍යය අන් කවර වස්තූනට වඩා ඉහළතාවකින් වැජඹේ. මන්ද, එවැනි නිර්ව්‍යාජ, ප‍්‍රශස්ත නිර්මාණයන්ට අගයක් නියම කළ නොහැකි නිසාවෙනි. එම සාහිත්‍යය අතර පi සාහිත්‍යයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. සිංහල පi සාහිත්‍යය නමැති වෘක්‍ෂයේ විවිධාකාර සුවඳින් යුත් සුපුෂ්පිතව සුවඳ විහිදුවන බොහෝ පුෂ්පයෝ වෙත්. ඒ අතර සිංහල පi සාහිත්‍යය නවමු මගකට යොමු කළ කාව්‍ය සංකල්පයක් ලෙස ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණය දැක්විය හැකිය. ‘‘ප‍්‍රශස්ති (ප‍්‍ර+ශංශ්* යන්නෙහි අපර නාමය විරුද යන්නයි. එය සකු බසෙහි ‘විරුද කාව්‍ය’ නමින් හැදින්වීය. ‘ගi පiමයී රාජස්තූතිර් විරුදමුච්්‍යතෙ’ යනුවෙන් ප‍්‍රකට වන්නේ ප‍්‍රශස්තිය යන්න රාජ වර්ණනා වෙසෙසින් දැක්වීම බවයි ’’. ඒ අනුව යම් නිර්මාණයක් පුරාවටම රජ කෙනෙකුගේ හෝ ප‍්‍රසිද්ධ කීර්තිමත් චරිතයක ගුණ කවියෙන් වැයීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඒ අනුව ‘‘වීරෝදාර නායකයෙකු ගුණ තෙද යස පබඳ කීර්තනය කෙරෙමින් බැඳුණු ප‍්‍රශස්ති හෙවත් විරුද කාව්‍ය වශයෙන් දැක්විය හැකිය.’’
ශ‍්‍රී ලංකාවේ පi සාහිත්‍යය පමණක් නොව ලොව ඕනෑම පැරණි සාහිත්‍යයක පුද්ගලාභිවාදනයට ලැබී ඇත්තේ ප‍්‍රමුඛ වැදගත් ස්ථානයකි. උක්ත ප‍්‍රශස්ති ගුණයන්ගෙන් යුත් කෘති රෝම ගී‍්‍රක සාහිත්‍යවල පමණක් නොව වෛදික සාහිත්‍යයේද අපට සොයා ගත හැකිය.‘‘ග‍්‍රීක සාහිත්‍යයේ සුප‍්‍රකට කවියෙකු වූ හෝමරයන්ගේ ඉලියට් හා ඔඩිසි යන කාව්‍යයෝ වීරාභිවාදන කෘතිහුය. ඝෘග්වේදයේ ඇතැම් සූක්තවල ඇතුළත් ‘දානස්තුතී කාව්‍ය’ ප‍්‍රශස්ති ගණයට ඇතුළත් කළ හැකියැයි මැක්ඩොනල් සූරීහු පවසති. ’’ මේ අනුව පූර්වකාලීන විශ්ව සාහිත්‍යය තුළද අප මෙම නිබන්ධයේදී අධ්‍යයනය කරන ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ වෙසෙසා පළට වන බව උක්ත නිදර්ශන සෝදාහරණව පසක් කරයි.
ලක්දිව සිංහල පi සාහිත්‍යයද සියුම්ව අධ්‍යයනය කිරීමේදී එහි සංදර්භය තුළ ප‍්‍රශස්ති කාව්‍ය ප‍්‍රවණතා දැකගත හැකිය. සිංහල සාහිත්‍යයේ ගුරු තන්හි පිහිටන සාහිත්‍ය මූලාශ‍්‍රය දෙකක් වන සීගිරි ගී හා මහාවංශය තුළද ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ දැක ගත හැකිය. ‘‘සීගිරි ගී පiාවලීයේ ද ‘විරිදු කව්’ ලෙසින් හැදින්විය හැකි පද්‍යයන් දක්නට ලැබේ. 69, 78, 104, 517 වැනි පද්‍ය ඊට නිදසුන්ය. එකම වීරයෙකු තේමා කොටගෙන ඔහුගේ බලපරාක‍්‍රමය ශූරවීරත්‍වය ශ්‍රේෂ්ඨත්‍වය වර්ණනා කරන ප‍්‍රශස්ති කාව්‍යමය ලක්‍ෂණ ඓතිහාසික කෘතියක් වන මහාවංශයේද නොඅඩුව දක්නට ලැබේ.’’
මීට අමතරව මුල් කාලීන යුගයන්හි රචිත විශිෂ්ට කාව්‍ය නිර්මාණවල ප‍්‍රශස්ති මූලබීජ මෙසේ දැකගත හැකිය. ඒ අනුව මුවදෙව්දාවතේ මඛාදේව රජු වර්ණනාවට ලක් වී ඇත්තේ මෙලෙසිනි.
‘‘මුවදෙව් උයන් වැදී - නරනිඳු සඳ සබපියා
කරෙමින් මෙන් මුළු නුවර විණී නද රතු පුලෙන්’’
එසේම කව්සිළුමිණ කතුවරයා කුස රජු වර්ණනා කරන්නේ ප‍්‍රශස්ති ලක්‍ෂණ විදහා පාමිනි.
‘‘මමන පොද වත්සුන් පැහැසර සර`ග මල්දම්
බඳ මුහු උස හ`ගවා ගනකුළුව සුරි\ු සැව්’’
එසේම සිංහල පද්‍ය සාහිත්‍යයේ දැක්වෙන සම්භාව්‍ය සංදේශ කාව්‍ය තුළද යම් යම් ප‍්‍රශස්ති කාව්‍ය ප‍්‍රවණතා දැකගත හැකිය. සංදේශ කාව්‍යවල දැක්වෙන රාජ වර්ණනා බොහෝ සෙයින් ප‍්‍රශස්ති කාව්‍ය ප‍්‍රවණතා සඳහා සාක්‍ෂි සපයයි. ඒ අනුව ගම්පොළ යුගයෙහි රචිත (කි‍්‍ර.ව 137- 1391* මයුර සංදේශයේ 5වන බුවනෙකබා රජු වර්ණනා කොට ඇත්තේ මෙලෙසිනි.
‘‘සිරි සිම්බා තෙල පොළඹා රුදි නිතොර
රුපු ගජබා මුල් නොතබා ගත් කෙසෙර
ලක ඔලඹා සිරි සුලබා කළ මෙපුර
දින මනබා බුවනෙකබා රජ පවර ’’
හංස සංදේශයේ පරාක‍්‍රමබාහු රජු වර්ණනා කරන්නේ මෙලෙසිනි.
‘‘සතර දිගත යසහර ලම්බා පුරුදු
ළතර රුපුන් ජය ගෙන පුම්බා විරුදු
නොහැර වෙතම කර දෙරණ ම්බ සිරිදු
නිතොර වැජඹි සිරි පැරකුම්බා නිරිදු’’
පරෙවි සංදේශයේදී
‘‘සත කුම්බා ගිරියුරු ගුණැති තිරසර
මෙන කුම්බා යොන් පැකළ රුපු සයුර
බදකුම්බා සරියදි දන නඳන කර
පැරකුම්බා නරනිඳු දින මෙපුර වර ’’
කෝකිල සංදේශයේදී
‘‘දෙව්රදවන් මිහිම`ඩලට හිමි ගිහිණි
සිවි සයුරත රුඳි යස තෙද සෙ මුතුමිණි
සිවි සිරි සර පැරකුම්බා මෙරද මිණි
ලෙව් තුමු කලේ සිරි ලකැ රජ සිරි පැමිණි’’
ගිරා සංදේශයේදී
‘‘පවර ඉසුරු පරසිදු දම්බා විරදු
විරිදු නිරි`දු මත ගංකුම්බා මිහිදු
සතත සුසිරි නය නොකලම්බා පුරුදු
වැජඹි සො`දුරු සිරි පැරකුම්බා නිරිදු ’’
සැළලිහිණි සංදේශයේදී
‘‘රිවි බිම්බා යුරු රිවිකුල කමලකර
පියුමම්බා නිතොරව රුදි උරම`ඩල
මෙනරම්බා හාමා රූ සිරිනි මනහර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර’’
මේ අනුව මුල්කාලීන පද්‍ය සාහිත්‍යය තුළ ප‍්‍රශස්ති කාව්‍ය ප‍්‍රවණතා දැකිය හැකිය. එසේම කොට්ටේ යුගයෙහි පරිපූර්ණවත් ප‍්‍රශස්ති කාව්‍යයක් බිහිවීමට පූර්වෝක්ත හේතු සාධක බලපාන්නට ඇත.
සිංහල ප‍්‍රශස්ති කාව්‍ය ආරම්භය සහ විකාශය
මේවන විට ලෝක සාහිත්‍යයේ ප‍්‍රශස්ති හෙවත් විරුද කාව්‍ය රචනා වුවද ලාංකේය ප‍්‍රශස්ති කාව්‍යයේ සලකුණ සටහන් වන්නේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයේදීය. එනම් ‘‘උදාර පුද්ගලයන් ගුණස්තවයෙන් පිදීම කේවල පරමාර්ථ කොට ගෙන කාව්‍ය රචනා වීමේ ආරම්භය සනිටුහන් වන්නේ කෝට්ටේ යුගයේදීය.’’ සංදේශ කෘතිවවල හෝ වෙනත් සාහිත්‍ය කෘතිවල මුල සිට ප‍්‍රශස්ති ප‍්‍රවණතා ගොඩනැගුණද එක පුද්ගලයෙකු අරමුණු කරගනිමින් ඔහුගේ කිත් යසස් කෘතිය පුරාවට වර්ණනා කිරීම ආරම්භ වන්නේ මෙම යුගයෙනි. එම ප‍්‍රවිශ්ටාර්ථ සලකුණ සඳහන් කෘතිය වන්නේ පැරකුම්බා සිරිතයි. ‘‘(ක‍්‍රි.ව 1450-1460* පැරකුම්බා සිරිත මෙතෙක් විස්තර වී ආ පොත් ගණයට ඇතුළත් නොවූ කෘතියකි. මෙය විරුද කාව්‍යයකි. ජීවමාන රජකු පිළිබඳ කරන ලබන ගුණ වැනුම විරුද කාව්‍යයේ ස්වභාවයයි.’’ මෙම කෘතිය පුරාවටයම කාව්‍ය 140 පමණ දක්නට ලැබේ. එහෙත් සිංහල පද්‍ය සාහිත්‍යය නවමු මගකට මං පාදන මෙම කෘතියෙහි කර්තෘ කවරෙක්දැයි සඳහන් නොවේ. ‘‘හෙළ කවි රචනයෙහි ඉතා සමතෙක් බව පෙනෙන පැරකුම්බා සිරිත්කරු කවරහුදැයි හඳුනාගත නොහැකිය. ඒ පිළිබඳ සටහන් මාත‍්‍රයකදු පොතේ නැත.’’
මින් ප‍්‍රකට වන්නේ ප‍්‍රශස්ති කාව්‍ය සම්ප‍්‍රදායේ පළමු වෙඩි මුරය තබනු ලබන්නේ පැරකුම්බා සිරිත් කතුවරයා බවයි. ඒ අනුව මෙම ප‍්‍රශස්ති කාව්‍ය පුළුල් පරාසයක් ඔස්සේ යුගයෙන් යුගය විකාශය විය. එහෙත් ප‍්‍රශස්ති කාව්‍යයෙහි මුදුන් මල්කඩ වන්නේ පැරකුම්බා සිරිතයි. මින් පසුව ප‍්‍රශස්ති කාව්‍ය රැුසක් මහනුවර යුගය තුළදී අපට දැකගත හැකිය. ඒ බැව් සාහිත්‍ය ලතා කතුවරා ඉතා පැහැදිලිව මෙසේ දක්වයි.
‘‘සිංහල සාහිත්‍ය ඉතිහාසයේ හටන් කාව්‍යවල මෙන්ම ප‍්‍රශස්ති කාව්‍යවලද ස්වර්ණමය යුගය වන්නේ මහනුවර යුගයයි.’’
කෘතියේ නම කර්තෘ කාලය කථානායක ප‍්‍රමාණය මෞලිකා-මෞලිකත්‍ව
රාජසිහ සිරිත 1 ඌවේ කුඩා මොහොට්ටිරාළ 1634-1638? 2.රාජසිංහ 120 මෞලික
රාජසිහ සිරිත 2 බින්තැන්නේ හිමි 1638 ට පසු 2. රාජසිංහ 119 මෞලික
ශී‍්‍ර නාමය 01 ? 1638 ට පසු 2. රාජසිංහ 35 1.2උධෘත
රාජසිංහ 03 වේවැල්දෙනියේ මොහොට්ටාල 1640 ට පසු 2.රාජසිංහ - -
පවන - 1640 ට පසු 2.රාජසිංහ 330 1 හා පරංගි හටනේ එකතුව
ශී‍්‍රනාමය 2 - 1640 ට පෙර 2. රාජසිංහ 108 පරංගි හටනේ කොටසකි
ශී‍්‍රනාමය 03 දස්කොන් 1706-39 නරේන්ද්‍රසිංහ 200 මෙෘලික
ශෘංගාරාලංකාරය - 1706-39 නරේන්ද්‍රසිංහ 130 7 වැන්නේ කොටසකි
නරේන්ද්‍රසිංහ භවනිය - 1706-39 නරේන්ද්‍රසිංහ - -
නරේන්ද්‍රසිංහ වර්ණනා - - - - -
මේ ආකාරයෙන් ප‍්‍රශස්ති කාව්‍ය මහනුවර යුගයේදී විකාශය වූ ආකාරය දැක්විය හැකිය. මීට අමතරව නරේන්ද්‍රසිංහ ස්තුතිය, නරේන්ද්‍රසිංහ ආශිර්වාදය, අමාරසය ආදී ප‍්‍රශස්ති කාව්‍යයන්ද මහනුවර යුගයේදී දැකගත හැකිය. එසේම සීතාවක යුගයේදී සහ මාතර යුගයේදී රචිත කුන්ස්තන්තීනු හටන, සීතාවක හටන, මහ හටන, පරංගි හටන, ඉංගී‍්‍රසි හටන, ව`ඩිග හටන, දුනුවිල හටන, ශී‍්‍ර වික‍්‍රම අලංකාරය, කොණ්ඩමාලය ආදී කාව්‍ය කෘති මගින්ද විශද වන්නේ ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණයි. ‘‘හටන් කාව්‍ය තුළ රචිත කාව්‍යයන්හි අරමුණ වී ඇත්තේ එම වීර චරිතයේ ගුණ වර්ණනා කිරීමයි.’’ පූර්වෝත කරුණු මගින් ප‍්‍රශස්ති කාව්‍ය ආරම්භය සහ එහි විකාශය සොදාහරණව කරුණු අවබෝධ කරයි. එසේම ප‍්‍රශස්ති කාව්‍යයන් සාහිත්‍යාංගයක් වෙමින් කෙමෙන් කෙමෙන් මුල් බැස ගත් අයුරුද මින් පසක් වේ.
ප‍්‍රශස්ති කාව්‍ය සිංහල සාහිත්‍ය ඇසුරෙන්
සම්භාව්‍ය සාහිත්‍යයක් සඳහා ඕනෑම කෘතියක් සුදුසුකම් නොලබයි. සාහිත්‍ය කෘතියක පවතින ගුණාත්මක බව පරමාර්ථ කර ගනිමින් සේම එහි අගය වැඩිවන තරමට සම්භාව්‍ය සාහිත්‍යයේ ඉඩ හසර විවෘත වේ. ඒ අනුව ප‍්‍රශස්ති කාව්‍යයද සිංහල සාහිත්‍ය නමැති වෘක්‍ෂයෙහි අවශේෂ ශාඛාප‍්‍රශාඛාවන් අතුරෙන් ශක්තිමත් ශාඛාවක් වන්නේ එහි ඇති යම් සාහිත්‍යමය අගයක් නිසාවෙනි. ඒ අනුව අප ප‍්‍රශස්ති කාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරෙන් විමසීමේදී එහි ඇති සාහිත්‍යමය අගය විමසිය යුතුය.
ප‍්‍රශස්ති කාව්‍යයන්හි පළමු සේම විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන්නේ පැරකුම්බා සිරිතයි. පැරකුම්බා සිරිත් කතුවරයා මෙම කෘතිය රචනා කරමින් සිංහල පi සාහිත්‍ය නවමු මගකට යොමු කළේය. මෙහිදී අපගේ අවධානය දිනාගන්නා එක් සුවිශේෂී කාරණයකි. එනම් අනුරාධපුර යුගයේ පටන් ඒ දක්වා රචිත කෘතීන්ට වස්තු විෂය වූවේ බෞද්ධ මුහුණුවරක් ගත් කාරණයක් හෝ ජාතක කතා වස්තුවක්ය. එහෙත් පැරකුම්බා සිරිත් කතුවරයා එමග නොගොස් ලෞකික අපේක්‍ෂාවක් පෙරදැඩි කරගනිමින් ස්වකීය කෘතිය රචනා කළේය. එසේම සියබස්ලකරේ දැක්වෙන කාව්‍ය රීතිය වන
‘‘පෙදෙන් බුදු සිරිත
බසින්වත් සිරිත් ඈ
පද යුතු බසින් නළුවැ
අනතුරු ලකුණු දක්වම්’’
මෙම රීතිය ඔහු ඛණ්ඩනය කරනු ලබයි. සිංහල සාහිත්‍ය ඇසුරෙන් ප‍්‍රශස්ති විමසීමේදී මෙය සුවිශේෂී කාරණාවකි. මීට අමතරව සිංහල පi සාහිත්‍යයෙහි කෘති අධ්‍යයනය කිරීමේදී ඒවායෙහි සාහිත්‍යමය අගය ප‍්‍රකට වන කරුණු කාරණා නිසාවෙන් එහි ඇති විදග්ධ බව ත‍්‍රීව‍්‍ර වෙයි. යම්යම් අවස්ථාවලදී එවැනි අංග ලක්‍ෂණයන්ගෙන් ප‍්‍රශස්ති කාව්‍යයෝද සමන්විත වෙත්. ඒ අනුව ‘‘ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය ග‍්‍රන්‍ථ සංඛ්‍යාව හා එහි සාහිත්‍යමය අගය විමසීමේදී සිංහල සාහිත්‍යයෙහි යම් ප‍්‍රමාණාත්මක බවකින් යුත් සාහිත්‍යාංගයක් ලෙස දැක්විය හැකිය.’’ ප‍්‍රශස්ති කාව්‍යයන්හි සාහිත්‍ය අගය විමසීමේදී බොහෝ සෙයින් උපහරණ වන්නේ පැරකුම්බා සිරිතයි. මන්ද එය ලංකාවේ රචිත පළමු සහ විශිෂ්ටතම ප‍්‍රශස්ති කාව්‍ය වන හෙයිනි. ඒ අනුව පැරකුම්බා සිරිත සහ අනෙකුත් ප‍්‍රශස්ති කෘතීන් මෙසේ විමසා බැලිය හැකිය.
ප‍්‍රශස්ති කාව්‍ය රජකෙනෙකුගේ ගුණ තෙද යස කිත් වනන හෙයින් ඒ සඳහා සුදුසු කාව්‍යාලංකාර හා ශබ්දාලංකාර යොදා ගත යුතුය. ප‍්‍රශස්ති කාව්‍ය තුළ නොමදව මෙම කාව්‍ය ලක්‍ෂණය දැක ගත හැකිය. වන්නම්වල ඇසෙන සුගායනීය බව සහ විරිත් භාවිතය සේම ශබ්දාලංකාර යොදා ගනිමින් පැරකුම්බා සිරිතෙහි දිස්වෙන මෙම පද වැල උක්ත සාධකය මොනවට සපථ කරයි.
‘‘තරිඳු - ගුණයෙන්- ගැඹරින් - කිරිඳු
කිරඳු- බලයෙන්- දිරියෙන්- ගිරිඳු
ගිරිඳු- නුවණින්- විකුමෙන්- සිරිඳු
සිරිඳු- දිනපැර- කුම්බුජ- නිරිඳු ’’
උක්ත කවියෙහි පද යෙදුම විරිත් භාවිතය මගින් ප‍්‍රශස්ති කවීන්හි විදග්ධ බව මොනවට පසක් වේ. එසේම පැරකුම්බා සිරිත් කවියා චිත්ත රූප මවමින් කාව්‍ය ශබ්ද අර්ථ රසයෙන් යුත් ප‍්‍රශස්ත කවිකම නිර්මාණයට ඈ`දා ගන්නේ මෙලෙසින්ය.
‘‘පැහැදි සරම්බා- රුදි මනරම්බා
තුනුසිරි රම්බා- පති පිළිඹිම්බා
රුපු රජ රම්බා- රණමතු කුම්බා
දින පැරකුම්බා- හිමි තෙවි කුම්බා’’
මීට අමතරව බින්තැන්නේ හිමි රචිත රජසිහ සිරිත 2 දීද උක්ත කාව්‍ය ලක්‍ෂණ විශද වේ.
‘‘පවර සරා මය- යුදයට වන් සද- නිසැකින් සිරි උර- තල සුසැ¥
බඹර සරා සන- ගුණ ඉ`ගු නෙමවන්- රුපනි විරාජිත- පෙර රතිඳු’’
ඒ අනුව ප‍්‍රශස්ති කාව්‍ය තුළ දක්නට ලැබෙන ශබ්දාලංකාර හා කාව්‍යාලංකාර උක්ත නිදර්ශන මගින් මොනවට පසක් විය. එම සෝදාහරණ මගින් සිංහල සාහිත්‍යයට ප‍්‍රශස්ති කාව්‍ය සලකුණ කෙතරම් සුවිශේෂ ද යන්න ප‍්‍රකට වේ. මීට අමතරව ප‍්‍රශස්ති කාව්‍යයක් පුරාවට සිදු කරනු ලබන්නේ රජතුමාගේ ගුණ වැයීම නිසාවෙන් ශබ්ද රසයට කෘතියේ මුල් තැන දිය යුතුවේ. ඒ බව පැරකුම්බා සිරිතෙහි මෙම උදාහරණය මගින් ඒ බැව් සනාථ වේ.
‘‘අංග වංග ජමංගලෙන් වැඩි ධිංග මෙන් මුනි පා කමල් වට
අංග තුංග මතංගජන් දෙන ඉංග කින් කව් බන් දනන් හට
අංග වංග කලිංග හිංගුල කොංගණෙන් පැවසූ යසින් තුට
අංග සංග මළංග වෙන් සිරි සංගබො පැරකුම් රජුන් හට’’
මෙම උදාහරණය මගින් උක්ත සාධකය මොනවට පසක් වේ. එසේම ප‍්‍රශස්ති කාව්‍යවල දක්නට ලැබෙන තවත් සුවිශේෂී කාරණයක් වන්නේ අතිශයෝක්ති වර්ණනාය. එය සැබවින්ම ප‍්‍රශස්ති කාව්‍යයකට ගැළපෙන කාව්‍ය ලක්‍ෂණයකි. මන්ද, කෘතිය පුරාවටම රජතුමාගේ ගුණ වැයීමේදී උක්ත සාධකය මනා මෙහෙයක් සිදු කරන නිසාවෙනි. පැරකුම්බා සිරිතෙහි එන මෙම
උදාහරණය මගින් ඒ බව වටහා ගත හැකිය.
‘‘මෙනිරිඳු විකුමෙන් සිතුවොත් වැරසර
මහමෙර තුඹසෙකි කිදැලෙකි සමුදුර
සියදොර වැලි මළුවෙකි දඹදිව තර
සෙසු රජ නර පණුවන් කිම බැඳ වෙර’’
මීට අමතරව ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණවල දැක ගත හැකි තවත් ලක්‍ෂණයක් වන්නේ කඨෝර, සකු, මගධ, දෙමළ තත්සම වචන යොදා ගනිමින් කාව්‍ය රචනා කිරීමයි. එමගින් වර්ණනාවට භාජනය වන තෙද බල තීව‍්‍ර කිරීමට හැකිවෙයි. ඒ බව ‘පවන’ නම් ප‍්‍රශස්ති කාව්‍යයේ එන මෙම කාව්‍යයෙන් පළට වේ.
‘‘යස ධර නිධ ජතත කීර්ති තේජරාසි වේද ජාත
මනිධර කප රාජ ලෝල නෛක දාන පාරි ජාත
දියධර වර මාධික අවලික කේසර සිංහ ජාත
ශී‍්‍ර ධර නෘෘප සිංහරාජ ජය ජයතු නානු වංශ ජාත’’
ඇතැම් විටෙක ප‍්‍රශස්ති කාව්‍ය තුළ ජන කාව්‍ය ලක්‍ෂණද දැකගත හැකිය. කුන්ස්තන්තීනු හටනේ එන මෙම කාව්‍යයෙන් ඒ බව මොනවට පසක් වේ.
‘‘දාර එසක් සින්නම් සහ කොම්බු ත්
වීර කුළල් කාහල සරමු ත්
සිර තුමේ පෙත්තුත් සර මේල ත්
නෑරම පුම්බා නෙක විරිදු ත්’’
(පැරකුම්බා සිරිතෙහි 75වන ප‍්‍රශස්තියද උක්ත සාධකය තව දුරටත් සනාථ කරයි.*
එසේම ගායනා කරමින් රංගනයේ යෙදිය හැකි කාව්‍යයන් ප‍්‍රශස්ති කාව්‍ය තුළ දක්නට ලැබේ. එය ශී‍්‍ර නාමය නමැති ප‍්‍රශස්තියේ මෙම කාව්‍ය මගින් සනාථ වේ.
‘‘චන්දනං යස තේජ කුංකුම ඇන්ද දි`ගනන් උරතල
බින්ද සතුරු අඳුරු පැහැර බන්දු කමල සේ ...’’
එසේම ප‍්‍රශස්ති කාව්‍ය තුළ ශෘංගාරය සේම විරහ වේදනාව හැ`ගවෙන කාව්‍යයෝ දැකගත හැකිය.
‘‘දද මුතුලැල් සියබිම්බා තුඩ නැගෙමින් දිගු යටගේ
බැඳ මින් දද නුබැලම්බා දික් විජයට ගෙන සෙනගේ
නද කෝකිල සක් පුම්බා මලවිය නල අසුව නැගේ
අද නරනි\ු පැරකුම්බා නොලැබුනු කිම වරද මගේ ’’
මීට අමතරව ප‍්‍රශස්ති කාව්‍යයන් පුරාවට ඓතිහාසික වටිනාකමෙන් යුත් කරුණු කාරණා ද ස්ඵුට වේ. ඒ අනුව ප‍්‍රශස්ති කාව්‍යයන් සිංහල සාහිත්‍ය ඇසුරෙන් විමසීමේදී පසක් වන්නේ පi සාහිත්‍යයේ දක්නට ලැබෙන කාව්‍ය කෘතිවල අඩංගු කාව්‍යාලංකාර සේද යම් විදග්ධ බවක්ද මෙම ප‍්‍රශස්ති කෘතිවල මොනවට පසක් වේ. ඉතා සියුම්ව ප‍්‍රශස්ති කාව්‍ය විමසීමේදී පූර්වෝක්ත අගයන්ගෙන් සියල්ලෙන් සපිරි ප‍්‍රශස්ති කාව්‍ය ලෙස අපට අගය කළ හැක්කේ පැරකුම්බා සිරිතයි. ඉන්පසු ලියවුණු ප‍්‍රශස්ති කාව්‍ය කෙමෙන් කෙමෙන් පිරිහීයට පත් වූ අතර මහනුවර යුගයේ අවසන් භාගය වන විට රචිත කාව්‍ය තුළින් ඒ බැව් මොනවට පසක් වේ. ඒ අනුව යථෝක්ත සාධකයන් අධ්‍යයනය කිරීමේදී ප‍්‍රශස්ති යනු ජීවමානව සිටින වැදගත් පුද්ගලයෙනු හෝ රජ කෙනෙකුගේ කිත් යස නිර්මාණශීලීව පiයට නැගීම බව පසක් වේ. එසේම ප‍්‍රශස්ති සිංහල සාහිත්‍යය නවමු මගකට යොමු කළ අතර සිංහල පi සාහිත්‍ය නමැති වෘක්‍ෂයෙහි ශාඛාවක් බවටද පත් විය. මෙහිදී ප‍්‍රශස්තීන්හි සාහිත්‍යමය අගය විස`දනු ලැබුවේ ප‍්‍රශස්ති සිංහල සාහිත්‍ය ඇසුරෙන් විමසිය යුතු නිසාවෙනි. එහෙත් සිංහල පi සාහිත්‍යයේ අනෙකුත් කෘති සම`ග සංසන්දනාත්මකව විමසීමේදී ප‍්‍රශස්ති කාව්‍යයන් එතරම් ප‍්‍රශස්ත මට්ටමක පසුවේද යන්න ගැටලූවකි.
අද අප නොයෙක් ආකාරයෙන් කාව්‍ය රචනා කළද එම කාව්‍ය රචනා කිරීමේදී සිහිපත් විය යුතු කාරණය නම් මෙම කාව්‍ය රචනා රීති ශතවර්ෂාධික කාලයක පටන් වෙනස් වෙමින් අලූත් වෙමින් නව ප‍්‍රවණතා ගොඩනගමින් පැවත එන්නක් බවයි. කෝට්ටේ යුගයේදී නව ප‍්‍රවණතාවක් වශයෙන් ප‍්‍රශස්ති කාව්‍ය සිංහල සාහිත්‍යයට එකතුවිය. යථෝක්ත නිබන්ධයේදී ප‍්‍රශස්ති කාව්‍ය සංකල්පය, එහි විකාශය සේම, ප‍්‍රශස්ති කාව්‍ය සලකුණ සිංහල සාහිත්‍ය ඇසුරෙන් සාධක ගෙන හැර පෑවෙමි. එසේම කෝට්ටේ යුගයෙන් ඇරඹි ප‍්‍රශස්ති කාව්‍යයන් යුගයෙන් යුගය විකාශය වූ අයුරු එහිදී පසක් විය. ඊට අමතරව ප‍්‍රශස්ති යන්න කවරක්ද? එහි අන්තර්ගත සුවිශේෂී ලක්‍ෂණ උක්ත උදාහරණ මගින් පසක් විය. එහෙත් මේ සියලූ සාධක අධ්‍යයනය කිරීමේදී ප‍්‍රශස්තීන් රචනා කළ කතුවරුන්ගේ අභිප‍්‍රාය වූවේ සාහිත්‍ය උන්නතියද නැතහොත් ස්වකීය උන්නතියද යන්න මෙහිදී මතුවන ගැටලූවකි. එසේම අනෙක් සාහිත්‍යයන් හා සංසන්දනාත්මකව බැලීමේදීද ප‍්‍රශස්ති කාව්‍ය ප‍්‍රශස්ත මට්ටමක පවතීද යන්න ගැටලූවකි. ඒ අනුව මෙම නිබන්ධය පුරාවටම යථෝක්ත කාරණාව සඳහා සෝදාහරණව කරුණු ඉදිරිපත් කළ අතර එමගින් සිංහල සාහිත්‍ය ඇසුරෙන් ප‍්‍රශස්තිය පිළිබඳ පැහැදිලි ප‍්‍රස්තුතයක් ගොඩනගන ලදී.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
කව්සිළුමිණි පද සිතුමිණි.(සංස්.*. අත්තනායක එම් හේරත්, කර්තෘ ප‍්‍රකාශනයකි, 2009.
කෝකිල සංදේශය. (සංස්.*.අලව් ඉසි සැබිහෙළ, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1962.
ගිරා සංදේශ විවරණය. (සංස්.*. මකුළු¥වේ පියරතන හිමි, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1964.
පැරකුම්බා සිරිත. (සංස්.*. කේ.ඞී.ජී වික‍්‍රමසිංහ, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1964.
1954.
මයුර සංදේශ කාව්‍ය වර්ණනා. (සංස්.*. ඩබ්. එල් ධර්මවර්ධන, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1949.
මුවදෙව්දා විනිස.(සංස්* කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, ශී‍්‍ර සුමන පිරිවෙන, 1997.
විමර්ශන සහිත පරෙවි සංදේශය. ඒ.ඒ අභයසිංහ, අභය මු\ණ ශිල්පියෝ, 1997.
සැළලිහිණි සංදේශය. (සංස්.*. නන්දසේන රත්නපාල, රත්න පොත් ප‍්‍රකාශකයෝ,
සියබස්ලකර දීපනී . (සංස්.*. වී.ඞී.එස් ගුණවර්ධන, සමයවර්ධන පොත් හල, 2003.
හංස සංදේශය, (සංස්.*. රත්මලානේ ධම්මාරාම හිමි, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2009.
ද්විතීයික මූලාශ‍්‍රය
අමරවංශ හිමි,කොත්මලේ. සිංහල සාහිත්‍ය ලතා, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2000.
සන්නස්ගල, පුංචිබණ්ඩාර. සිංහල සාහිත්‍ය වංශය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, 2009.
හේවාවසම්, ප.බ.ජී. මාතර යුගයේ සාහිත්‍ය ධරයෝ සහ සාහිත්‍ය, සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව, 1960.
තෘතීයික මූලාශ‍්‍රය
ශාන්ති. (සංස්.*. කෙරමිණියේ ජිනාන්ද හිමි, රත්න පොත් ප‍්‍රකාශකයෝ, 1936(ජුනි කලාපය*.
සංඛ. (සංස්.*, ටියුරින් අබේවික‍්‍රම, (ජුනි කලාපය*, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2003, කොළඹ.
සාහිත්‍යය.(1966 කලාපය*, (සංස්.*, මැන්දිස් රෝහණධීර, සංස්කාරක දෙපාර්තමෙන්තුව හා ශ‍්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය, 2000.