ගිරා සංදේශය 2 කොටස
Monday, 04 July 2011 22:48
66. බි තු සිතුවමට ඇඳි පෙලෙන’ දුල අඹ තුරු - අ තු අත රැඳි ගිරවුන් සැටි දැක සොඳුරු
ත තු නොම දැන ලොබ බැඳ වැද නොව නිසරු - සි තු තුටු කර දැක එහි නොයෙක විසිතුරු
67. වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන - අප දිය බප් මුනි දා ගැබ කර නදන
කල මුළුකප් පවතින ලෙස කළ නඳන - වඳු දහ ගැප් වඳිනා සඳ දින නදන
68. නි ස ග පවග දෙන මුනි උපදිනා දිනේ - ස ම ග ඉපිද පිහිටව පැවත නොමඳිනේ
ලොව’ග පුදද ලද දුම රදුට සබඳිනේ - ස ස ග සැපත් සිදු වන ලෙසට නමඳිනේ
69. එවෙහෙර’තුර රඳන - මනහර මහරු සඟ ගුණ - මෙතින් සොඳුරු පිරිසුදු හිය මගෙහි යොදා
නි ති න් ති-ලෝගුරු හට පිළිවෙතින් පුදා - හර දළ නෙත’ග වන් - හිවි තව තෙදින් බබලන
අ මා කර සුතුරු විනය බිදහම් පෙළ - ත මා නැණ තරිඳු කිරණින් උදම් කළ
නොමඳ වි ය ත් ගඟ රළ වැළ සේ පුබුදූ - නි බ ඳ දි මු ත් සිවු පිරිසුදු සිල් පුරුදු
පැ හැ ද ම හත් මුනි බණ දෙසුමෙහි පසිඳු - නැ ම ඳ සුනෙත් මහදෙව් පිරුවන් තෙරිඳු
70. ස ව න් පුදට සපැමිණි බැලුව කොමළෙඟ් - නු වන් කැලුම් වැද තුඩ මලින වෙයි තගේ
එ වන් කිළුටු වන තෙක් නොසිට උන් ළෙඟ් - ප වන් මගට වැද යා - ගන්න මන රෙඟ්
71. සි ත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන - ල ත් පඩියෙන් සතුටුව ඉඳ මන මතින
ම ත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන - අ ත් තිඩියෙන් යව ළද ලිය දැක සොබන
72. පළ පළ පොරැ’න යන - ගව මී රළ ගිගිළියෙන් - ගවපල් කෙළින කෙළියෙන්
යව ඉටු මොරටු එළියෙන්
73. ස බ ඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ - වි හි ද තිබෙන වලු බර පොල් උයන් රැසේ
නොමඳ තරඟ පහරට බියව නොකමසේ - මු හු ද කැලුම් රැසු වූ වැන්න වෙරළ’ සේ
74. නීල ‘ඹරේ වැජඹෙන ගන කුළු ලෙසට - මූදු තෙරේ යන එන නැව් පෙනය තට
පෑර තරේ පිය දුක් නොසිතා ගතට - පාණ දුරේ ගඟිනෙ’තෙරව යව එපිට
75. ක න ලා උපුල් මල් ගවසා කෙස් වැටිය - බි ඳ - ලා පොකුරු ‘කුරු කර මුතු හර සැටිය
බැඳ ලා ගවන් වෙත ගවපලු ලිය සිටිය - බලා මිතුර යා - ගන් මග පොතුපිටිය
76. දු ල් පටු නළල් තලාය දී තලාය - පුල් රතු උපුල් මලාය සවන ලාය
ගල් කුළු මුදුන් වලාය සිටි කලාය - ඇල් ගෙවි ලියන් බලාය තෝ පලාය
77. වෙනේ මියුරු පල රස විඳ මග දෙපිට - සෙනේ වඩා වැද සිය නෑ සිය වෙතට
මෙනේ ගිමන් දුක් දුරු කර ගිය තොපට - පෙනේ සොඳුරු පලතුරු මෙගොඩ කළුතොට
78. උඳු මුං කල කලත් මාරුතු තණ වීවග - දෝතලු තල් තැඹිලි අඹ රඹ උගු සමග
ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග - මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ
79. ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා - හළ මන රඟ මලිගිය මල්දමින් යුතා
වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා - දිලි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා
80. ගිමන නිමන සිසිලස තරඟ රොන් වැද - බමන බමර රැව් සහ මල් සුවඳ හැද
හමන සිනිඳු මඳ නල පහස විඳ විඳ - තමන නඳන විසිතුරු තුරු සිරෙක හිඳ
81. සුර ගඟ දිය කෙළනා සුර පුර’ඹා - තුනු වඟ සිරි සොඳ රුසිරින් පසු-බා
තම රඟ දුටු සත සතනද කල ඹා - බල ගඟ දිය කෙළිනා ලිය සසොබා
82. සි ට ග ඟ ඉවුරෙහි සෙද නොහැලියා - ම න ර ඟ මල’වල මුදු වරලියා
කොමළඟ පැන හෙන රඟ උදුලියා - වියොව ග දද ලෙළ සිරි කියෙලියා
83. කෙ ළ නා ලිය පියොවුරු බිත ගැසෙමිනි - වි දු නා රළ රොන් වැද වැද වෙසෙසිනි
සොබ නා සොමි වුවනත නඳ විලසිනි - ර ඳ නා අම කිරණින් පිරි සඳ වැනි
84. කි ය මි න් වෙන වෙන වාසි පෑ බල - ඉ ඳි මි න් දිය තුළ නොපෙනී බෝ කල
පෙනෙමින් තැන තැන විදුලිය සේ දුල - ග ස මි න් කෙළ කෙළ යෙති දිය කෝකිල
85. වි ල සි න් දිය කෙළ කෙළ යත නොමැලි - වෙසෙසින් නැගි රළ රොන් ගඟ ඉපිලී
ප හ සි න් තම එක සරි යැයි එකලී - සතො සින් ලොමු දහ ගත් සිරි කියෙලී
86. කොම ළ’ඟනක වුවනත උඩුකුරු කොට - ත ම මුහුල’ත් බැඳ පිහිනනු දිය පිට
හැ ම සියපතු හැකිළෙනු සොමි තරිඳුට - මෙ ම රඟයයි පානා වැනි දිනිඳුට
87. ඉසිරී දිසි දිය දහරින් අඹරා - සසරී හුණු ඉඳු - සැවු සිය පතරා
විසිරී ගිටය ගඟ ලතු කොකුම’ඟරා - අසිරී සිතුවම් දැක්වී එතරා
88. නඳනා දන නෙත් පැහැ ලණු ලා සිට - අ ද නා මෙන් තම තම වෙත දෙ තෙරට
පිහිනා යන එන අඟනන් දිය පිට - බඳනා වැනි රන් හේ තොප යතුරට
89. සෙදනා ලොවිනා ළ ඳු නා ලෙසිනා - ර ළි නා ලෙළෙනා සොබනා ගතිනා
න ඳනා ග ඟ නා කෙළනා ලියනා - ද කිනා ම ති නා හ ද නා තොසිනා
90. සො බ නා තුනු රුසිරින් දස මන බැඳ - ළෙනා නිල’ඹර රන් දද මෙන් සොඳ
ර ළි නා ගැලි ‘පිලෙමින් සතොසින් වැද - කෙ ළනා සඳ මෙලෙසින් අඟනන් ලද
91. කෙ ළ න ළ ඳු න් සොමි වුවනින් දිනනුවට - මෙන් තුර සෙ න් ගෙන එන පුන් තරිඳු හට
නු ඹ වෙසෙසි න් අවසර කර යන ලෙසට - බල ය ස සි න් යනු රිවි බිඹු පැළ’ඹරට
92. ප බ ඳ දිලෙන දිනමිණි මැද මිණිනි බඳ - නොමඳ වොරැඳි සඳ වෙල අබරණ පැළඳ
පැ හැ ද සොබන පැළ දිග’ඟන දුට සබඳ - එ ස ඳ සිතෙයි තුඬු රසිනු’දුල තගෙ ළඳ
93. අ ව ර ඇදුරු මෙහෙසුරු රිවි දළ නෙතින - නොහැර දිනත දින මින්දදහු වෙසෙසින
පැ ති ර නැඟුණු නල සිළු ගිනි රොන් ලෙසින - එ ත ර පෙනේ සඳ වෙල තුරු මඳ-මඳින
94. වි දා සිනිඳු සුදු රැස් දිගු පිය පතර - නඳා සුපුන් හිමකර පියකර තිසර
ස ඳා සිත’බ සියපත් නුබ තඹර’කර - උ දා දෙසෙන් වැද එන රඟ බල මිතුර
95. වි ය ත උදුල කිරණ’ව රළ පැහැ පැහැස - දි ග ත විසුළ සුර ගඟුලැලි දිසි විලස
දි ය ත පතළ පිරිසුදු සඳ රැස් වෙසෙස - තනෙත පුරා දැක දැහැ ගතෙහි සරතස
96. පලඟ ගහණ කළ සඳ විහිදුණු විස ද - සමග කලා වැද නොහැසුණු මැද හිර ද
මතඟ ඉසිහු බට මග තව නොමැකුණෙ ද - බලග මෙබඳු සැක බඳ සඳලප සබ ඳ
97. තුරු වැළ උදුල සඳරැස් පිරි නුබ ගැබ ද - බිඟු රැළ මුමන පිරි පුල් මල් වන හිස ද
ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුර ද - වන දොළ වඩා දැක දැක උන් සඳ සබ ඳ
98. සි ඳු රු ව උදය ගිරි ගජ දැඩි කුඹු තලට - ව ළ බ ව අඳුරු දිය පිරි නුබ සමුදුරට
ප හ ළ ව රත’ඹරෙ’ක ලෙස ඉඳුරු දිග’ඹට - සොඳුරුව අරුණු රැස් පැතිරෙයි පෙර’ඹරට
99. ද රු ණු උලැඟි කෝ නල වන් සිත් සතන - කු ලුණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙසින
අ රුණු කිරණ රැස් පැතිරීපෙර දිගින - පි රු ණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන
100. පි යු මා කර මඳ මඳ පුබුදින තඹර - ඇසුරූ කර හෙන බිඟු දැල් දිසි එවර
සිලි ලා’ කලර වෙත ගම් බිම් දැක නොහර - තොද යාකර සෙද සිත සතොසින් මිතුර
101. පතඟ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල - නරඟ රඟන රඟ බිම් රඟ සුදු වැල්ල
සිතඟ ලෙසට පිය ලන පිය ලිය ගොල්ල - බලග මිතුර පෙර මග සැදි ව කලමුල්ල
102. පයියා ගල වෙහෙර - මුනි රූ බලා වෙසෙසින් - වයියා කරන් මන රම් - පල’රම් හිසින් සතොසින්
103. සි ත් ස න හ න ර ත් ලවනත බිඹු පලය - වෙත් ව න ස ත ම ත් වන මියුරු තෙපලය
අ ත් ව න සකිනෙන් යුග තගෙ ලත් පලය - ම ත් ගො න කෙළි යුත් ලිය සැටි දැක පලය
104. රන් පන් සවන් යොන් ලිය රඳනා නිමල - සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල
බන් නන් දෙදෙන් බබලන සිඳු නා අසල - මන් සන් තොසින් තො ගොසින් වදු බේරුවල
105. මත් ව න අබින් කංසා කා රළු පරළු - අත් ත න කුසුම් රත් මල් කනැ ලා ලකුළු
ගත් ව න මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු - සිත්මෙන බමන බබුරන් රඟ බල යහළු
106. නො බැඳ විදෙන වරලස මල් පිටින් පිටින් - නොහැ ඳ තරව ගිලිහෙන සළු පටින් පටින්
පැ හැ ද ත-වෙත දිව එන ලිය වටින් පිටින් - ස බ ඳ නොසිට යාගන් බෙන්තොටින් තුටින්
107. වි ඳි නා සේ මතු සග මොක් සිරි නොමඳ - වන වා සේ වෙහෙරට ගොස් වැද සබඳ
දු ටු වා සේ දිවමන් මුනිඳුන් පැහැද - සිට බෝසේ බුහුමන් කෙරෙමින් නැමඳ
108. දිව’සර කය රුසිරින් පෑ දන සකය - සැදි අලකය ඇඳි නළලතෙහි තිලකය
සිටි නිසැකය ළද කොමළ’ඟනන් දැකය - පරතර ක ය වැද යව මග නොවැළකය
109. එළි කොට අ ව ට රිවි බට සිඳු මැඳුරතට - එක විට ලොවට එළි බට ගන’ඳර කඳට
රොසකොට යු දට අ ඹ රට සඳ එන කලට - වැලිතොට ගමට ලැගුමට ගොස් මග නොසිට
110. නිල් පැහැ බර කොළ අතු මැඳුරු විසිතුරේ - දිගු තර සර කඳු මහ වීදි මනහරේ
රැඳි පිය කර බිඟු දද සෙනඟ නොවිතරේ - තුරු කඳ වුර සැතපෙව අම්බලම කෙරේ
111.සබඳ, තොප එහි නිවාස ග්රපහණය කොට උන් කල්හි ඒ විශ්රාේම ශාලො’පගත නෙනක ජන සමූහයාගේ මෙබඳු අන්යොන්යඋ වර්ණනාලාප විශේෂයකුදු පවත්නේය. එද තා කර්ණයට ස්වර්ණාලංකාර කර.
112. සපැමිණ දෙස’ තුරින් - සරතසව මග යතුරින් - සැදි තන් පලතුරින් - තුටුව සැතපුණු දනන් අතුරින්
113. අවා මග අවරණ - සිදු කරන සැප අපමණ - ඉගෙන - ගෙන එළු බණ - කියති සමහරු බුදුන්ගේ බණ
114. අයෙක් මිස දිටු ගත් - නොයෙක් කව් නළු රස දත් - පෙර තම-තමනු’ගත් - රාම සීතා කතා තෙපලත්
115. සමරු උදාරා - උනුනට දෙමින් වාරා - බසින් බස සාරා - කියති සිත් නාම බැඳ තෝරා
116. වෙන වෙනම පෑසී - කියමින් උනුන් වාසී - සමහරු සිනා සී - කියති සිවු පද දෙ-පද රාසී
117. රුපුන් මන් බින්දූ - දිය දද දිගත රැන්දූ - රදු නමිනි බැන්දූ - කියති සමහර අයෙක් සින්දූ
118. නරනිඳුහට සොඳුරු - බඳ යස සොලෝ විසිතුරු - දැන පද’රුත් මියුරු - කියා වන - පොත් කෙරෙති සමහරු
119. සමහරු උන් බසින් - පිබිද ඉඳ-ගෙන සතොසින් - පවසති සැඬ ගොසින් - නිරිඳු විරුදාවලී වෙසෙසින්
120. පෙර ලක්දිව නොමඳ - රජ කළ රජුන්ගේ සොඳ - ගුණෙනි බඳ සිව්-පද - කියති සමහර මහල්ලෝ ඉඳ
121. පඬි නිරිඳු නැණ සක් - පෑ මුළු දෙරණ අණ සක් - දිනුවයි විරිදු සක් - අයෙක් පවසති ඔහුගේ වෙසෙසක්
122. සොළි පඬි ලාට රට - ගජර තුළුවර මහ රට - තෙළිඟු වගු රට සිට - පැමිණි දන තම තමන්ගේ රට
123. ජය ගෙන රුපු රදුන් - තුටු කර සියල් දිළිඳුන් - විඳ සව් සිරි නඳුන් - වනත රජ කරන රඟ නිරිඳුන්
124. අප නිරිඳු යසසා - නොකියා ඔවුන් සහසා - පවසන බස් අසා - පවර නුවණැ’ති දනෝ වෙසෙසා
125. ‘දිනමිණි කුල’ග පත් - නිරිඳෝම වෙත් යහපත් - එයින’ප රජු පවත් - මෙසේ අසව’යි කියා පවසත්
126. ‘තෙදින් රිවි බිම්බා - නිරිඳු සඳ පැරකුම්බා - රුපු සිඳු කලම්බා - කෙළෙය විරු සිරි සඳ කුලම්බා
127. ‘මෙ අප නර පවරා - මනු නය සිරිත් සපුරා - නොහැර සිවු සඟරා - ලොවට නිරතුරු කෙරෙයි සඟරා
128. ‘මෙ අප නරනින්දේ - රජ දහම් සිත රැන්දේ - තොස් සිඳු කිමින්දේ - නොයෙක් බමුණන්ට නිති දන්දේ
129. ‘ගත් මෙන් නව නදන් - කෙරෙමින් කලි අතුරුදන් - කර තම සිත නදන් - දේය අවුරුදු පතා මහ දන්
130. ‘පසිඳු රිවි වංසා - සපැමිණ මෙරද හංසා - මුළු ලොවට හිංසා - නොවෙයි කරනුව නිති පසංසා
131. ‘මෙරද සිරි සරණය - නිරිඳුන් මුදුන් බරණය - සිරි සඳට වරණය - වේය මුළු ලොවට එක සරණය
132. ‘මේ අප නර පවර - සිරි ලක රඳන මනහර - මහ සඟ ගණ නොහැර - දේය අවුරුදු පතා පිරිකර
133. දිවමන් මුනි රදා - දුටු මෙන්ම සිත පහදා - පුද පඬුරින් සදා - පුදයි බුහුමන් සිතින් දළ දා
134. ‘රුපු වියවුල් පැහැර - සඳහම් සිතින් නොම හැර - කරවා මහ වෙහෙර - කෙරෙයි එහි නිබඳ පුද පෙරහැර
135. ‘බල කොට ගිරි දුදුළු - බල සෙන් සමඟ තෙද රළු - උන් තැන තැන අඹුළු - නැබුළු විකුමැති නොයෙක් රජ මුළු
136. ‘ජය ගෙන මුළු දෙරණ - පෙන්වා තමා තෙද අණ - ලක එක හිර - වරණ - කෙළේ අප හිමි විකුම් අපමණ
137. ‘තෙවිකුම් විකුම් ඇති - අප හිමි දිනිඳු කුල පති - පෙර නිරිඳුන් අයති - නුවූ දස’ටක් වන්නි ජය ගති
138. ‘තමන් සිළුමිණි දෝ - සිලිලින් සරණ කර දෝ - රජු ඉඟි දැන දෝ - සිටිති සිරි ලක සියල් නිරිුදඳෝ
139. මුළු දඹදිව අවට - බැලුවත් දෙරණ විකුමට - මෙ අප නරනිඳු හට - ඇද්ද සරි වන රජෙක් මෙකලට
140. ‘බෙලෙන් බල දෙව් යුත - අප නරනිඳුට සිරිමත - නොවී නිති අවනත - කවර නිරිෙඳක් ඉඳිද මෙදියත
141. ‘තම තෙද අණට උදු - හිමි කර සතර දලනිදු - පිම්බ සැඬ විරිදු - පසිඳු කන්නඩි නිරිඳුගේ රුදු
142. ‘දස’ටක් ගිරි දුදුළු - ජය ගෙන විකුම් තෙද රළු - හළ දළ රුපු අඹුළු - දරුණු මර සෙන් අයුරු බළ මුළු
143. ‘අඹළ මෙර මත වැද - වෙරළ ගල සිඳු දිය කඳ - ලෙස කර ගොස නොමඳ - අවුත් වන් සඳ යුදට එක බඳ
144. ‘යුද ඔද පසින්දා - ඔවුන් බැඳ ලුහුබන්දා - යස දස’ත අන්දා - කෙළෙය මුළු දඹදිවට නින්දා
145. ‘මෙකල නිරිඳුන් හට - අවනත නොවූ පෙර සිට - ආරිය සක්විතිට - නොමඳ බළසෙන් යවා යුදයට
146. කළ යුදෙහි රිදවා - එනිරිඳුහු ලුහුබඳවා - ඔහුගෙ ඔද සිඳවා - මයිල් නෑ-බෑ-මලුන් බඳවා
147. ‘මැති සෙනඟ සලසා - යාපා පටන නොලසා - ගෙන අදහස ලෙසා - තිබිය - පස් වා දහස් යසසා
148. ‘මෙනර පවරායා - හළ නැව් බඩු පුරායා - අතර උදුරායා - ගතැයි රාමන් මලවරායා
149. ‘දඹදිව සොළී රට - අදිවිරරාම පටනට - මහ සෙනඟ යුදයට - යවා මහ නැව් පිටින් එක විට
150. ‘නිබඳ බඳ යුද සොඬ - දෙමළ බළ සෙන් මන් මැඬ -දඹදිව් තල නිහඬ - කෙළේ සිරි ලක්දිවට දිය වැඩ
151. ‘සිය ගණනක් මෙසේ - රුදු රණ දිනා වෙසෙසේ - දැක්වී යස රැසේ - මහලු පැරකුම් නිරිඳු විලසේ
152. ‘වැඳ ඔහු පද කමල - ලැබ සව් ඉසුරු මන කල - ළි පාමි කෙරළ කුල - නොයෙක් නිරිරළඳෝ සිටිති ඇම කල
153. ‘මනු නිති දස රද - දහමින් ලොවට අග රද - අප නිරිඳුට පැහැද - පඬුරු නේවන කෙනෙක් කවුරුද?
154. ‘මුනි බණ අසා නිති - අප හිමි තියුණු නුවණැ’ති - සසමය දැන පැවති - මිලිඳු රජු සේ වීය දැනුමැති
155. ‘විරිදුන් හැර දුරම - වැද රද නීති අසරම - දැන අවි සිප් සරම - සියල් කව් නළු ඇසී නොහැරම
156. ‘රැක සිරි ලක ලකළ - සව් සත සතන් තුටු කළ - අප නරනිඳු උදුළ - ලොවට බට පින් පිෙඬක නිකසළ
157. ‘කුලුණින් දුක්පතුන් - තියුණු නුවණින් වියතුන් - විකුමෙන් බලවතුන් - නිබඳ දෙන මහ දනින් නිවතුන්
158. ‘මෙතින් නරපතියන් - නිසි තනතුරින් මැතියන් - වැඩුමෙන් කුලැ’තියන් - පතර බැති පෙම් සිතින් යතියන්
159. ‘තෙපලෙන් සුබැසියන් - ඉසුරින් සිය කුල සියන් - ලසින් විලසියන් - මෙලෙස සිත් ගතිය ලෝ වැසියන්
160. ‘තම කුලයට මතුන් - වන ලෙසට ලක එකසත් - පෙන්වා රජ සිරිත් - වීය මනු නිරිඳු මෙන් මැදහත්
161. ‘පිවිස මුළු ලෝ කුස - යුග කෙළ සයුරු ගොස ලෙස - මැඬ රුපු රජ යසස - කොතැන නොපතළෙද මොහු ජය ගොස
162. ‘දිසි දස දෙස ගොසින් - මොහුගෙ අණ සක වෙසෙසින් - සැණ මල්දම් ලෙසින් - කවර රද නොදැරිද සිරසින්
163. සිටි මුළු ලොව දිලී - මොහු අණ මිසක් නිමලී - කවරෙකු අණ බලී - වීද පර රජ ගජන් හැකිලී
164. ‘වසන හැම දුදුළේ - රුදු රුපු රදුන් දප’ළේ - උවිඳුද පසු කෙළේ - කවර විකුමන්ද මොහු නොකළේ
165. ‘දස දහසක් යොදුන් - දඹදිව දිනූ විරිදුන් - ම්සෝ නරනිඳුන් - මිසක් කවරෙක් සරිද මෙරදුන්?’
166. අම්බලමේ නොමඳ - දන රැස් උනුන් මන් බැඳ - මෙලෙසින් කියන සොඳ - තෙපුල් තා අස-අසා උන් සඳ
167. සරණ’වි රැව් කෙරේය තුරු සිරේය - පැහැද බිඟු හැසිරේය පුල් සරේය
තුමුල් ගන අඳරේය හැර දුරේය - අරුණු රස් පැතිරේය පෙර’ ඹරේය
168. ඇසේ මඳ පවන් - වැද ලෙළ දෙන ලිය වදල - සඟයුරු පලු කසට කට - පරපුටු තෙපුල් මඳ මඳ
169. සඳ රස් වතුරු ලොව පිරෙමින් බසින සඳ - තුරු හිස් අතුරු රැඳි පෙණ පෙළ ලෙස විහිද
එ දවස් උදය වන කුසුමන් දැක නොමඳ - සිත තොස් වඩා මඳ තැන් තො ගොසින් සබඳ
170. ස ම ග ප බ ළ කැල රැඳි පෙණ පෙළ ලකළ - ත ර ඟ වි සු ළ නිල් සිඳු පළ කළ පුවළ
සු ළ ඟ ටලෙළ දළු මල් තුරු වැළ වතළ - බ ල ග උ දු ළ පෙර මග වන ගළ නැබළ
No comments:
Post a Comment