ගිරා සංදේශය 1 කොටස
Monday, 04 July 2011 22:48
1. සැරද කිර රද සඳ - නන් වන් රුවන් රූ වන් - සහ‘කුරු මියුරු තෙපුලෙන් - සව් ලෙව් සතන් හදනා
2. ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනු’දුල ම-මිතුර - ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව - වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි
නඳව නිතොර ලැබ පිය පියකර පහස - රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස
දි සි දි ය කු ස හැම සියොතුන්ගෙන් ගුරුව - නිසි ය ස රැ ස කියවන නුවණින් සරුව
ඉ සි වර ලෙස නිති පණිවායෙන් දුරුව - රි සි ප ල ර ස විඳ සතොසින් දවසරුව
3. ල ද ය ම් කෙනෙක් සරසවි බැලුම’සක් නිසි - කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසි
එ ත රම් පසිඳු සරසවි දෙවිය අත වැසි - ම න රම් කෙනෙක් තෙපිමය පරසිදු සුබැසි
4. මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල - ස ව න් පුරා පැමිණෙත මිතුර මන කල
ලෙවන් නොයෙක ලෙස කීවත් සැප විපුල - නි ව න් දකින තෙක් සැප නම් එමැයි බල
5. දි රා වැටෙන තුරු තුර නොහැර ඉඳ තො සේ - පු රා තනෙහි පරසිදු මුළු තෙ දියකු සේ
ගි රා කුල උපන් සකි තොපගෙ සිත් ලෙ සේ - පු රා මිතුරු දම් අමුතුව වනනු කෙ සේ
6. පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස - යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස
මෙ මා සිතන කටයුතු සිදු කරන ලෙ ස - ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස
7. විශිෂ්ට පක්ෂපත්රත විචිත්රස පවිත්ර චාරිත්රි ඇති මිත්රෝේත්තමය
පක්ෂීන් අතුරින් තොපම දූත ක්රිටයවෙහි යොදනු පූර්ව් චාරිත්රුයක්ම නො?
8. හි ම සෙ ල් අතර කෙළ ලක් රකුසන් විසි නී - රැ ක ව ල් කළ කුවෙර අබතුර අඹතුරි නී
ලොහොදැල් තුළට වැද මී අඹ ගෙන දෙමි නී - පෙ ර ක ල් රජෙකු තුටු කෙළෙ ගිරවෙක ත-වැ නී
9. බ ඹ ද ත් රද රදුන්හට විස යෙදූ ස ඳ - එ ප වත් අසා සෙද සෙබළුන් යවා ත ද
ම හ සත් ගුණෙන් පිරි මහ ඔසු පඬී ස ඳ - දියසෙත් කෙළේ එක් කිරිෙඳකු සඳා වෙ ද
10. එ බ ව සි තා දැන් වන ලෝවැඩ පිණි ස - ර ව ප තා නොවමින් මඳකුත් අල ස
ගි ර ව මෙතා සිත වඩමින් පිය’දහ ස - අ ස ව ඉතා සතොසින් ම කියන මෙබ ස
11. හරගිරි රසිනු’දුල - දිනිසුරු අලකපුර යුරු - ප සි ඳු තරි ඳු මෙන් මුළු ලොව නිති බැබ ළී
න තිඳු සිනිඳු තුනු කැල්මෙන් වනෙ’කහෙ ළී - පෙර සිට ඉටු නොපටු - තොටගමු වෙහෙර විසිතු රු
ති ර සර ගැඹුරු ගුණ පිරිසිදු පිළිවෙති න - ම න හර මහරු සඟ ගණ සමග වැජඹෙ න
තෙව ළා රුවන’කර උඩු යටි කර රුව ට - අ ල ළා ගැඹුරු පද’රුත් මිණි දෙන ලොව ට
තෙව ළා වදනි’සුරු විජයබ තෙරිඳු හ ට - නොවළා ගොසින් මෙ හසුන් සැළ කරව සි ට
12. එ හ සු න් මතු කියමි ඔබ ගිය සද සබ ඳ - තොපගෙන් පිළිවිසින දන විස්ම වන ලෙ ද
වෙ සෙ සින් මෙපුර සිරි වනනා ම බස් සො ද - සතො සින් මිණිකොඬොල් ලෙස තා සවන් ස ද*
13. ජ ය ව ද් ද න දැනුමැ’ති මැති යුතු පව ර - රුපු ම ද් ද න ගජ හය සෙන් පිරි නිතො ර
නොවරද්ද න සගමොක් මුනිදහම’ක ර - ජ ය ව ද් ද න පුරවර මෙය දනු මිතු ර
14. බ ඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා - අ ඹා තුබූසක්වළ ගිරි සෙ මෙතැන මා
ප බා විහිදී පවුරට නත දරණ යොමා - නොබා කියමි නොසරිද යන්තමක් තමා
15. එන සඳ පෙර මෙපුර කිරි සිඳු දුව තුටුව - සි ඳු ර ද විසින් ඇය රැකවරණට කැටුව
පි රි සි ඳ එවූ සිඳු කඩකෙ’ව් නොව පටුව - ඇමස ඳ පිරුණු දිය’ගල ලොබ වෙයි දුටුව
16. සු වි ස ල් අගල දිය තුළ පෙනෙන පැහැසර - ර ළ ‘වුල් සසල රිවි සඳ මඬල ඇම වර
තු ඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර - ර ස හල් පිවිස ගමන’රඹිනු වැනි මිතුර
17. ස ඳ රිවි තමන් රහු මුව පත් වූ සෙඳහි - බි ඳ ගන අඳුර එළි කරනුව රෑ දෙවෙහි
බැ ඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි - සොඳ රන් රිදී දද බබලයි පුර වරෙහි
18. හය කුර ග සි න් නැඟි රදසින් හිවි අඹර - ගජකන් ත ලි න් එන පවනින් යුත් මෙපුර
කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට නිතොර - සැඬකර ර සි න් සැඬ ගිමනින් දුක් කවර
19. අ ගි ල් කපුරු දුම් කඳ පැතිර පිහිකුළු - වි පු ල් මෙපුර රන් දෙදෙනු’දුල පහ කුළු
ළක ල් සුර’ඹ සිදු ලිය කෙළි සිරස කුළු - සි ය ල් හිමව් ගිරි කුළු සිරි පැයි ලකුළු
20. මෙ පු ර පහ’ග දිලි රන් කැරලි වසමිනි - පැ ති ර උලැඟි රොන් පට හය කුර ගසිනි
අ ඹ ර ඇඹරි දද’තින් පිස යනු කෙ වැනි - තොර සොඳුරු ගුරු පිරියම් කරන වැනි
21. සො බ න නොයෙක් පහ මිණි බිතිනි මනහර - පෙනෙන උදය දිවයුරු මඬල පැහැසර
ර ඳ න මෙපුරවර කුල’ඟන මුව තඹර - බ ල න වැන්න වැද වැද සිට මැඳුරතුර
22. සි ය ල් සිරින් මෙහි පහ කැරලි අග - තු මු ල් සුනිල් මිණි පැහැ පැතිර සුර මඟ
අ ස ල් වමින් රිවි සඳු හට පලඟ රඟ - සෙවෙල් ලෙසින් දිස්නෙය ගොස් අහස් ගඟ
23. තනා පබළු මුතු මිණි අබරණ පැළඳ - පිනා සඳලුවල සිටි සුර’ඟනෝ ලද
මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ - කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද
24. පි ය ක රු තෙනෙන් පැරදි පිවිසි වන විල - පි වි තු රු හසුන් එන ලෙස යළි ගෙ-දිගු විල
වි සි තු රු මෙපුරවර අඟනන් වෙමින් ලොල - පි ය යු රු පටින් බැඳ වසතී සිතේ බල
25. ක ලා සපිරි සසි වත මන කලා වන් - නි ලා තිබෙන බැම ඉඳු දුනු පිලා වන්
දු ලා තනන තන රන හස පිලා වන් - බ ලා පයැ’ද යනු බැරි පුර කලා වන්
26. රොද’ක් කන අලක මුතු පට ගොතා බැඳ - ස ඳ ක් බඳු වුවන මඳ හස යොදා නඳ
ම ඳ ක් මතු මහල සිටි එළි පෙනී සොඳ - උ ද ක් සුර’ඟනන් වැනි පුර’ඟනෝ ළඳ
27. වෙරළ ඉ ගි ළ තු ළ ර ළ වැළ ලෙස උලෙළ - නැබළ ප ට ළ පෙ ළ ලෙළ වමිනි කෙළ කෙළ
ක ර ළ කෙරළ මොළ බළ දළ දප පහළ - පු ව ළ සි හ ළ ද ළ බළ මුළු නිති ඔසළ
28. ම හ සෙ න් විකුම් සරු-මහ සෙන් නිතොර රඳනා - වෙසෙ සින් සියල් ඉසුරින්-පිරි සක් පුරෙ’ව් එපුරේ
29. පවර ඉසුරු පරසිදු දම්බා විරිදු - විරිදු නිරිඳු මත ගජ කුම්බා මිගිඳු
සතත සුසිරි නය නොකලම්බා පුරුදු - වැජඹි සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු
30. තවද, මේ නිජ භුජ බල පරාක්රිමාක්රාෝන්ත පර රාජ චක්රා වික්ර ම-ප්ර ශස්ත භූ චක්ර -චක්රිවර්ති ශ්රී පරාක්රිමබාහු මහා රාජෝත්තමයාගේ සංග්රාජම වික්ර මාතික්රරම ප්රරතාප ප්රතදාන කීර්ත්යාදි ගුණෛකදෙශයක් ශ්රරවණය කර.
31. මෙ ර ද ගු ණෙ න් සව් සත සිත් සැනැහැවිය - නි බ ඳ දෙනෙ න් සිතුමිණෙකැයි ඇදැහැවිය
නොමඳ බෙලෙන් පෑලොව බල-දෙව් හැවිය - දු හ ද ර දු න් කග දලදරිනි නැහැවිය
32. ස ත සි ත රැඳි නිමල් ගුණ පසිඳු විකුමැති - සි රි ක ත සිරි කමල් වැනි මෙනිරිඳුගෙ නිති
මෙදි ය ත දිව සියල් තද තෙද’ග නොනැවති - රු පු ක ත නෙතසිලිල් සිඳු තෙර වැද නැවති
33. මෙරද රුපුන් ක ර පා වැජඹි මෙ දියත - සගුණ මහල් සි වු පා සිවු බිතිනි යුත
දස රද දම් මි ණිපා තද’ණ මැඳුරත - සතත සිතින් ස ත පා කෙළෙය සුබ සෙත
34. ප සි ඳු මොහුගෙ දළ දන් දලදර පබඳ - දි ළි ඳු සිතෙයි කලි මල දෙවියේ මතු ද
කි විඳු වදන් බිම බැබලුම් කර නිබඳ - සිනි ඳු යසස් ලිය සුහුඹුල් කෙළෙ නොමඳ
35. සකත අයුරු පැරකුම් නිරිඳුගෙ පවර - සමත විපුල් බල සිවුරඟ සෙන් ළතර
දිග ත පැමිණ කොද නොපහළ රුපු නුවර - යුගත සයුරු රළ නොපහළ තැන් කවර
36. සොරකම් කර රැගෙන වෙන වෙන වෙස් රුදුරු - සු රු ක ම් කළ පොරණ දියබඳහු නරතුරු
පැ ර කු ම් පෑ නොයෙක එක වෙස සිට සොඳුරු - පැ ර කු ම් රජුට සරි යැයි පවසති කවුරු
37. දෙසින් දෙසම දිසි යසසට මෙ නරනිඳු - අ සි න් අසක් වත් සරි වේ නම් තරිඳු
ඇසි න් ඇස පෙනෙත ලොව සැමට එක බඳු - ම සි න් මසට කුමකට අඩු වෙද උළිඳු
38. ළ ඳු න් සිනිඳු කොමළ’ත වැලඳි සිහිලසේ - න ඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ රැසේ
නු දු න් අතුරු උරගුන් දරණ කළ තොසේ - ස ඳු න් තුරෙක සරි යයි කියමෝද කෙසේ
39. සු ර තු රු අයුරු අතු අත රැඳි කනාලිය - නි ර තුරු සිටින රූ සිරිසර මනාලිය
පි ය කරු මෙරද රුසිරින් මද දිනා-ලිය - සු ර ගු රු හටද ඉන් නොම හැකි වනා-ලිය
40. මෙනිරිඳු මෙවන් ගුණ - මිණි රැස් අද නදන්හි - කෙරෙමින් නදන් සී අස් - නොවිහිද අදර අදසින්
41. සුර ගඟ තරඟ වැළ - මැද වන් සුපුන් සඳ රඟ - බඳ සෙල් වියන් යට වට මුතුලැලින් යෙදූ
මන කල් නිමල් දළ පුඬු සේසතින් රැදූ - හැම කල් දිලි විමල් - හර සෙල් සදිසි සිහසුන
සරා උදය දිවයුරු විලස නුබ ගැබේ - සරා බරණ කිරණින් එකෙ’ලි කර සබේ
ර න් මිණි වළලු නද දෙන කොමළ’තින් ළඳ - දු න් සුදු සිනිඳු වල්විදුනා පවන් විඳ
නන් සුර සෙනඟ මැද වන් සුරනිඳු සෙ නඳ - උන් සඳ පවර සිරි පැරකුම් නිරිඳු සඳ
42. සු ර’ඹ ලෙ සින් දන මන නෙත් ඇද වෙතට - ස ළ ඹ ගොසින් රන හස රැවු නිසරු කොට
නළ’ඹ තොසින් දෙන රැඟුමට පළමු කොට - මෙනුඹ ගොසින් වැද එනිරිඳු සබ මැදට
43. සු බ ඳ සියල් සිවු වේ දැන පිවිතුරුව - පැ ල ඳ කසුන් හූ අබරණ විසිතුරුව
නොමඳ පෙරෙවි බමුණන් සිට නිරතුරුව - එ ස ඳ කියන ජය තුති නද අනතුරුව
44. ඉගෙන අදිකරණ දැන රද නිය නොයෙක - නිති න පෙමින් මුළු සත් වග රකින ලක
එ දි න පැමිණි කටයුතු දන්වා නිසැක - සි ටි න දෙපස හැම මහ මැතිවරන් දැක
45. මු ද ලි ඳ බෙයද මුල සැඬ නෙලෙනි ඇම කලා - වැද වැද උලැඟි වන සිඳු තරඟ සිරි සුලා
ර ද ප ද තඹුරු කිරුළ’ග මිණි රසින් බලා - වැඳ වැඳ නැෙඟන පිරිවර නරනිඳුන් බලා
46. දෙ ස’ තු රු ඉසුරු නිරිඳුන් පියෙදූ ලකුළු - වි සි තු රු මහරු මිණි මුතු රන් පට පබළු
පි වි තු රු කපුරු කස්තුරු නිසි කසී සළු - පි ය ක රු පඬුරු නරනිඳුහට පෑ පැසුළු
47. ප ර සි දු කිවිඳු තෙපුලෙන් බැඳි දසට රට - මෙනිරිඳු විරිදු නොහැරම තෙසිය සැට
ලෙළවිදු රතත් රැඳි වැදි ගණ සිට දෙ පිට - ද ල නිඳු ගොසෙ’ව් තුති ගොස කර නැවති විට
48. ලි ය න කියන ලිය ගී රස විඳ නො හැර - වි ය න රඳන මිණි කිරණින් උන් පවර
න ය න නඳන පැරකුම් රදු දැන එතර - ත ය න ගමන සැළ කර සෙද ගන’වසර
49. ළකල් මිණි බිම් බිතු - කැල්මේ ගැලි නොපෙනී
ලිය ගී ලොබින් නොම සිට - එසබෙන් අවුත් මඳ තැන්
50. පෙර උවිඳා ගෙන ගිරි ඳා කිරි සයුර - ලඹන දා නැඟිනොමඳා ගොස අයුර
තුරු සමුදා නද ඇම දා දෙන නොහැර - වැද දළ දා ගෙට දළ දා වඳු මිතුර
51. දළ දා පුදට දිව සෙන් එන ගුවන් මග - ඇමදා දිලෙන දුටුවන් කර නුවන් දඟ
විහි දා කිරණ බබලන රන් කැරලි අග - සුස දා මඳක් ඉඳ බඳ අගමිණක් රඟ
52. තෙල රතු ඔබ තුඬ’ගින් මැද පියාසර - ස ල සිත් නොවී සතොසින් කොට පියාසර
නි ල පුල් කලබ විලසින් යන පියාසර - නි ල ඹර අරා කෙරෙමින් සෙද පියාසර
53. ස රි ව ති දි ව පුර සුර කුමරුවන් මිළි - සු රු ව තු රු ව ඉඳ නොව නුවරුවන් මැළි
ග ර ව ලොලව තබමින් රන් රුවන් කිළි - ගි ර ව බ ල ව කෙළනා සොඳ රුවන් කෙළි
54. නිතොර ගිගිරි දෙන මිණි සලඹ ලාගෙන - අ ද ර සරණ අතුලෙන් සඳ වලාගෙන
පැති ර යනෙන මනහර සුර’ඹ ලාගෙන - ප ව ර පුරඹ රඟ වේ මග බලාගෙන
55. දි මු ත් සඳලුවල කෙළනා ළඳ අදර - සු ර ත් බැබලි බිඹු පල යයි කර අදර
පු ව ත් නොදැන ගොස් අසු නොව සෙද මිතුර - අ වු ත් සොඳුරු විසිතුරු මේ වෙහෙර’ තුර
56. සැදි මුනි සඳ සසුන් - නැව ගන කසුන් කුම් යුරු - සිවු පිරිසුදු සිල් සිවු රඟ සෙනඟ ගෙන
පවු බල රුදු මල්සැවු දළ දප හරන - විනය නය දම් නය - දැක දැන නුවණ පහනින
දහම් විදු රු පාරින’රින පිළිඇදුරු - දහම් ඇදුරු මාහිමි සඳ සහ සොඳුරු
ය හ ප ත් සිල් සුවඳ විලවුන් ගෙන නිබඳ - පිරි මෙත් නැණ කුලුණු මිණි අබරණ පැලඳ
දිය සෙත් කර රඳන කෙලෙසුන් සිඳ පසිඳ - පිළි වෙත් සරු මහරු මහ සඟ ගණ නැමඳ
57. පොරණ රුසින් කී තොප යතුරට පවර - ලද නිදොසින් රිවි දින නැකත දිනකර
කුමරි රැසින් කිවි සුරගුරු සිටි නො හැර - මිතුර තොසින් වඩු සිහි කර මෙත් සුතුර
58. විලඳ රැඳුණු මි මී අඹ පල රසැ’ති - සොඳට පැසුණු දෙළුමුදු දිගු උගු කැමති
ගෙනෙ’න තුරුණු කොමළඟ ළඟ ළඟ පැවති - ත-යන දකුණු දිග මග මඟ පෙර නිමිති
59. නොමඳ තෙදැ’ති සිරි පැරකුම් නරපාය - පැ හැ ද සඟන ගෙන හිම් බැඳ ගළපාය
නි බ ඳ පොහොය කරවන ලෙස කළ පාය - ස බ ඳ වඩන දැක නෙත සිත සතපාය
60. වටින නොයෙක් බඩු ඇර ගෙන ඇම දාම - වටින මිලට නොවිකෙට කොට වෙළඳාම
සිටින ලියන් දැක සිහි කර බණ දාම - වඩින කෝම් ගස සෙවණේ නොරඳාම
61. ග ව සා සුනිල් වරලස කුසුම පටියෙන - වෙහෙසා තනන තන රන තිසර පැටියෙන
ස හ සා දිවෙන ලිය දැක තගනු අටියෙන - නොලසා මිතුර යා-ගන් නොසිට යටියන
62. රිවි නුබ ගැබින් බැස - හෙත සිඳු බැබලියානේ
සකිනුබ ඔ බින් ගොස් වැද - වෙහෙරට පැපිලියානේ
63 පු න් ස ඳ කිරණ එත නුබ ගඟ වතුරු ලෙස - නන්කොඳ කුමුදු සමගව දිලෙත තුරු රැස
දු න් ස ඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස - ම න් බැ ඳ ලගින් පවුර’ස මියඹ තුරු හිස
64. රඳා මුහුද රත් මිණි කිරණින් වෙසෙස - උදා දිනිඳු රතු කර සිය රැස් සහස
උදා ගිරග වැනුවා මෙන් ඉඳුරු දෙස - එදා අරුණු දිසි සඳ නුඹ ගසින් බැස
65. දිනිතිය දිවයුරුට - අදිතිය අයුරු රිවි කුල - ලෙවු වැ සි ම න් තුටු කර රැඳි සුපිරිසුඳු
ම වු බිසො වුන් උදෙසා අප නිරිඳු සඳු - කරවූ තුනුරුවන - සතු සොඳුරු වන වෙහෙරෙහි
මතු සග මොක් සිදු වන ලෙස මිතුර තට - සිතු සතොසින් සපැමිණ මුනි මැඳුරතට
සු ග ත් පසිඳු ගුණ වැකි මතිනි තුඬ’ගය - ම හ ත් සසර සයුරින් නැඟුණු නිස ගය
කු සි ත් තබා කියමින් මුනිඳු ගුන’ගය - පි නත් බඳුව වැඳ පෙති පිළිම මහ ගය
No comments:
Post a Comment