ගිරා සංදේශය 3 කොටස
Monday, 04 July 2011 22:48
171. සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය - රොන් සක් සක ‘ඹළේය තුරු බෙළේය
බිඟු දැල් වමු’දුළේය ගජ රළේය - රජ සිරි අත් කෙළේය වන ගෙළේය
172. දිලි හෙන ග ඟු ලැ ලි ය ඇද - හැලිය - ගිලි මල් රොන’වුලිය සුදු වැලිය
ම ද ම ත් හස කැලිය වන විලිය - දැ ක ය ව මන කලිය වන මලිය
173. අතු අතිනැ’ද ග සා ය තුරු රැසාය - කෙළන පන්දු ලෙසාය සහ තොසාය
පැන - ගෙන වන හිසාය මග අසාය - යන වඳුරන් නිසාය නොව ලසාය
174. අඹ දළු තඹ පබා සිඳ නොතබායා - ගෙන තම පිය අඹා තුඩ’ග තබායා
සිඹ සිඹ රති ලොබා දෙපිය ගබායා - උන් පරපුටු සුබා සකි නරඹායා
175. ඉඳුනිල් කොළ ‘තුරා එපැහැ ‘යුරායා - විලිකුන් අඹ ‘වුරා තුඩගිනි’රායා
එන රස උරා උරා ලොබ නොහැරායා - නරඹ රඳන ගිරා පෙළ ඉඳුරායා
176. එන රිවි බිඹු දුලා ගිර’ග බලායා - ගිරි නිල් මල් තුල දිගු හඬ සසලායා
දිගු කර නිල් ගෙලා දිගු හඬ ලායා - රඟන මොනර බලා නොසිට පලායා
177. දුනුකේ පෙති ගොතා වරල ඉතායා - පිපි මල් රොන් ගතා තවර ගතායා
වියොවග යුද පතා එවන පෙතායා - එන වන සර කතා නොකර කතායා
178. ව න සර දුක තම සිත බිය සලසා - ග න ගැබ ලෙළ දෙන විදුලිය විලසා
ව න ගැබ ඔබිනො’බ පැන යන නොලසා - තැන තැන මුව රළ දැක යව සතොසා
179. ව න විල් වැද බොල් සෙවෙලැ’ඟ තවරා - ග න වල් කැල ඇර ගෙන අතිනු’දුරා
දි ගු උල් සිඟු යොමු කර කර අඹරා - පි ළි මල් වන මීවුන් දකු නුදුරා
180. වි ල් තෙර වළ බිඳ හෙව මඬ තවරා - බොල් කර හෙළ නෙළුඹ’ල කමිනු’දුරා
බොල් කෙළ පෙණ පිඬු දෙකොළින් වගරා - ව ල් වැද යන ඌරන් බල ඉඳුරා
181. වැ ද සෙද උනුනට පසු නොබසිමිනේ - බි ඳ බිඳ අඹ කැන් ගෙන අතිනේ
ඇ ද ඇද තුරු වැළ ගළපන ලෙසිනේ - රොද බැඳ එන රිළවුන් බල තොසිනේ
182. නිති වැළලා ගෙන තුරු හිමියනි - එන බමරුන් දැහැ පලු පතතිනි
සිටි පිපි ලිය දැක කුල’ඟන මෙනි - සකි ලස නොව යව තොස වඩමිනි
183. ලොබ කොට දුන් ගිරවුන් තුඩු පබා - අසු කොට නොහැරම ඇතුළත තබා
පිට තට පෑ යුරු බිඹු වැළ සුබා - ත - නෙතට පෙනෙනුය මහ වන ගැබා
184. නික සළ වැලි තල පිටුවල වෙනේ - පිල ‘ඹල සිකි කෑන් ලෙස වෙන වෙනේ
රොනදොළ බිඟු මුළු රැඳි තැන තැනේ - පැ හැ දු ළ මල් කස තුරු වැළ පෙනේ
185. දි සි නි ම ල් වන දෙව් කලා - මි ණි මෙවුල් ලෙස මන කලා
රැ ඳි මි දෙල් මල් කැන් බලා - යව කොෙඬාල් මිනි සිරි සුලා
186. ව න දෙවඟන සරණත ලා - තැන තැන වැකි ලෙස උදුලා
ව න තුරු හිස රැඳි ළ දලා - ම න තොස කර බල එකලා
187. ගු ව න පැතිරි රවි රැසිනේ - එ ව න බියෙන් සැඟවෙමිනේ
සැලෙන අඳුරු කැටි ලෙසිනේ- එලෙ න වවුලු කැලන් පෙනේ
188. එ ව න රජුගෙ තද තෙද මුළු - බ ම න විලස පෑ සුලකුළු
ස ර න විලස විලිකුළු මුළු - ත මන ලෙසට බලඟ යහළු
189. නොමඳ රසින් රැඳුණු අවට - ක ර ඳ කුසුම් දැක තුරු යට
වි ල ඳ වෙදැයි සිත සැක කොට - ස බ ඳ ගොසින් නොවන් නිවට
190. වි සි ර ගෙන ගඟුලැලි වැෙඳ් - ත ව ර ගෙන මල් මුවරෙඳ්
බ ම ර රැවු ඇද මඳ මෙඳ් - පැ තිර රන මඳ නල විෙඳ්
191. ගි ම න දුර පලවන නිසා - ස ල න මිණි තල් වට ලෙසා
යනෙ’න යුග පියපත් ගසා - ද කි න සිය සියොතුන් රැසා
192. ස ර ද නුල තුරු වැළ ලෙසේ - නොමඳ පිපි කොඳ මල් රැසේ
ස බ ඳ ඉඳ ලිය මඬු කුසේ - පැ හැ ද විඳ වන පල රසේ
193. කොවුල් කුල් නා නොකමසේ - සු පු ල් මල් රැඳි තුරු හිසේ
ක ම ල් විල් වෙත මුව රැසේ - වි ස ල් වල් දැක ගොස් තොසේ
194. ඇ වි ටු වලා දිය ගෙන සිඳු මැදට බැස - වෙරළ වලා සිටි යනු බැරිව නුබ කුස
නොමඳ වලා කුළු ලෙස දිසි ඇම දවස - මු හු දු වලා තුරු පෙත වැද ඉඳ සතොස
195. සියොතුම් පා පහරින් හැසිරෙන දෙතර - නිති කම් පා වන තුරු මල් රොන් පැතිර
තද ගිම් පා කර ලැබ ලන දිය දහර - මහ දම් පා මෝදර දැක යව මිතුර
196. විහිඟුම් වෙරළ වැද - වැද දෙන සිඳු ගොසායෙන්
සලසිත්ව බා නොගොසින් - තො ගොසින් සෙද කසායෙන්
197. වි දි විහිඟුම් සමුදුර වෙරළත හමුව - සු ර පු ර බිම් බට මෙන් වඩවන ළමුව
සැදි පල ‘රම් විසිතුරු ගෙ උයන් සුමුව - දකු මනරම් සව් සිරි පිරි තොටගමුව
198. උ දු ළ ත ර ළ මිණි වෙන් හැර ගතැයි තමා - පු ව ළ න තිඳු හට පමුණන ලෙසින් බමා
ත ර ළ නැබළ රළ ගොස පහළ කර දමා - වෙරළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා
199. සුනිල් නෙරළු වන පිය පතර වොරඳනා - ළකල් වෙහෙර පැහැසර ගුරුළිඳුහු පිනා
වි සල් සයුර’තින් ගත් නා රදකු මෙනා - නිමල් පුලින දුල පෙත් මගට බසිමිනා
200. වෙහෙර’ තුරට සෙද නොගොසින් පළමු කොට - ප ව ර සුරිඳු නඳුනු ‘යනෙ’ව් දිසි අවට
නිතොර සුසැදි මල් පල’රම් වන පෙතට - මි තු ර පිවිස නරඹව සිත් සතුටු කොට
201. වෙන වෙන රඟට බඳ තෝ තැනි දිය කෙළය - ය න එ න සියොත් කැල රැවු පිළිරැව් කළය
ද න ම න සතුටු වන රස පල වැල දුළය - තැන තැන අවට බබලන නන් තුරු පෙළය
202. රැ ළි න් රැ ළ බිඟුන් කෙළ වතළ දිමුතුය - කෙළින් කෙළ පොකුණුවල තඹර නුමුතුය
පෙළින් පෙළ සුරත් නිල් මල් මිණි මුතුය - ප ළි න් ප ළ විහිදි සුසැදුණු මල් වතුය
203. නොයෙක සුවඳ මුවරඳ හෙන පිවිතුරුය - ප සෙ ක සුපුල් සල් කොළොඹි’ළු විසිතුරුය
ස ස ක සහසකර කිරණෙ’ව් නොව’තුරුය - දෙසෙ ක සුපිපි සපු නා කිණිහිරි තුරුය
204. පළොල් සිහින් ගෙඳීය එරහැඳීය - දැසමන් සව් ගෙඳීය හුල් ගෙඳීය
නිලුපුල් අඹ ගෙඳීය සිහිනිඳීය - සුවඳ දසත විදීය ‘තුරු නොදීය
205. මල් රොන් තුරු සිරේය නිරතුරේය - පවන් වැදී සිරේය මළු’තුරේය
බිඟු ලොබ කර තරේය නොවිතරේය - දම් පිළිරැව් යුරේය නද කෙරේය
206. නොමඳ බමර’කුරු මල් රෙහෙණු පට - පැ හැ ද නිතොර ඇර ගෙන සිය අතු අතට
ස බ ඳ කොවුල් රැවු තෙපලෙන් මිහිරි කොට - තු රු ද දහම් පවසන වැනි වෙහෙර වට
207. ම හ රු මහ සඟන එවෙහෙර’තුරු රඳන - සි වු රු පැහැ දියුණු කර නිරතුරු රඳන
සොඳුරු පිපි නිමල් මල් කැන් සැදි නඳන - රු සි රු ඇසළ තුරු බබලයි නොයෙක තැන
208. තුරු ය ටි යෙ න් හුණු පැටි ලෙහෙණුන් රැගෙන - සිතු අ ටියෙ න් පිඹ ඇඟ පිරිමැද සෙමෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතින’තින - සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන
209. තු රු ය ට සුපිපි නිල් කටරොළු මල් කුලය - පැ ටි කොට විදා දිගු නිල් ඇස් පිල් කැලය
න ද කොට රඟන ගෙ-මොනර ගණ මන කලය - මු තු ප ට සුදුසු පිරිසිදු සුදු වැලි තලය
210. පල රස බී තුරින් - තුර එහි කුසුම් රදසින් - තැවරී සැරී සැනහී - වෙහෙරට ගොසින් සතොසින්
211. බ ඳ දද ලැල් පැහැ රද පැතිර දස අතේ - න ඳ සඳ කැල් මෙන් දිලි කෙලෙස කුළු යුතේ
කොඳ සඳ කල් සුනුවම් උදුල පල බිතේ - ඉ ඳ මඳ කල් වහසල් කැරලි මුඳුනතේ
212. පහ ළ සිත’බ හිම හිම සෙල් මහිම හැර - වතළ අහස් ගඟ රළ වැළ පැහැ පැහැර
අඹළ කිරණ පෙණ පෙළ ලෙස නොම වැහැර - උදුළ පොහොය මළු සිරිසර බල වෙහෙර
213. නි තො ර ඳ න සඳ රස් ලෙස මුනි පුදට - නො හැර බැබලි මළු පැහැසර සතර පිට
පැ ති ර ඇඹර කඳ ගෙන සිටි මෙන් අවට - මි තු ර උදුල මහ’වුර දුට වෙයි සතුට
214. ගු ව න් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ - ප ව න් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ
ලෙවන් සතුටු කළ හිම ගිරි කුළෙ’ක ලෙසේ - ස වන් මැදුර බල දිලිහෙන ඉඳුරු දෙසේ
215. නර ණ සකොබ කළ සඳ නොකමසේයා - කිර ණ පිඬුව දිසි අම රස ලෙසේයා
දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා - කිර ණ විහිදි දහගබ බල තොසේයා
216. වි දු කි ඳු වැලඳි මුදුනත රැඳි කළබ කුළු - උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ සිරි රුකුළු
මු දු දි දු ලන දළු නිල් සා බර ලකුළු - සුදු රු දු කඳිනු’දුල දුමිඳුන් බල යහළු
217. ප ත ඟ කිරණ දුරු කළ දද ගළපාය - ස ර ඟ කවුළු බිම් බිතු දිලි පිළිපාය
නි ස ග බැබලි සුර පහ සිරි වෙළපාය - බ ල ග උතුරු දිග විජයබ මහ පාය
218. තවද, ඒ විශුද්ධ ප්රෙසිද්ධ සමෘද්ධ විහාරයාගේ මෙද එක් අසාධාරණ කාරණයෙකි.
219. ම න ර ම් වෙහෙර තුළ තැන තැන සපැමිණය - ති ය ම් බණ වසුන් විදහා අපමණය
සිතසොම් - නසින් සිහි කර බුදු ගුණය - අ බි ද ම් පෙළ අරුත් විමසන සඟ ගණය
220. උතුරු ගුණෙන් සපැමිණ පිළිවෙත් මගය - පතුරු- ව මි න් සත වෙත මෙත් මහ ගඟය
අතුරු ද හ න් කෙරෙමින් සිවු අව මගය - සුතුරු ද හ ම් පවසන සමහර සඟය
221. ස ම හ ර සුපිළිපන් සඟ ගණ මන මෙනය - පු ව තර අරුත් ටීකා ගෙන වෙන වෙනය
පැ න ස ර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය - නොමහැර ගැඹුරු තැන් විමසති විනය නය
222. ගැඹුරු නොයෙක තැන් පිළිවිස සිත් ලෙසින - වෙහෙර ප සෙ ක ඉඳ සොඳ පත්පොත් රැගෙන
නොහැර ස ල ක මින් සන් සඳරුත් යෙදෙන - හෙරණ රැ සෙ ක වියරණ වනපොත් කරන
223. තියුණු නැණින් කෙරෙමින් සැක නිවාරණ - පමුණු වමින් එකිනෙක සමය කාරණ
දැමුණු සිතින් ඉඳ කර වෙහෙර පූරණ - බමුණු රැසෙක් වෙද’රුත් කෙරෙති දාරණ
224. පබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ - තබා පෙළින් පෙළ ඇද නිල් පලග මැද
බබා සෙද තැනින් තැන ගහ ගණන් බැඳ - පබා කර සිදත් සමහරු ගනිති ඉඳ
225. මු නි වි රු දෙසූ සදහම් මෙන් ඇම දවස - උ ව දු රු දුරැ’ර රකිනුව සත්වග වෙසෙස
පෙරැ’දුරු ඉසිවරන් පැවසූ නොයෙක ලෙස - වෙද වරු වෙද සතර පිරුවති එහි සතොස
226. මනහර පොත් රැගෙන පරසිදු පෙර පටන - එහි පද’රුත් කියන ලෙස නොහැර දැන ගෙන
සුරගුරු ටත් උතුරු දෙම්හයි වනපොතින - සමහරු අත් ස තර පිරුවති නොයෙක තැන
227. සි රි ම ත් සොඳුරු එවෙහෙර තැන තැන ලකුළු - ඉ ඳ සි ත් ලෙසට පෙර කිවියර සිරි රුකුළු
දැන ගත් සඳ ලකර වියරණ වියත් මුළු - ප ව සත් සකු මගද එළු දෙමළ කව් නළු
228. පෙර තොප නුදුටු නොඇසු මෙබඳු සිරි සර - නෙත සිත සතුටු කර දැක පවර එවෙහෙර
පුදයට පිවිටු දන කොලහල නැවති වර - වැද ඉටු දමිටු ම - මිතුර මුනි මැඳුර තුර
229. ලක රද ඉසුරු ලද - දද කැලණිතිස් මහරද - යුව රද වරද තතු ලෙස නොදැන පිරිසිෙඳ්
නිවරද වරද යතිඳුට වරද කළ සෙඳ් - කිපියෙන් සුරන් සිත් - සිඳු එත වෙරළ මැඩ ගෙන
නිසා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ - දි සා පිළිම රුව දැක සක් දෙවිඳූ මැවූ
රුදු සෙනඟ ගෙන ආ වස්තුව යුදට - මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන ලොවට
බුදුව නොයෙක් සෙත් කළ අප මුනිඳු හට - වඳුව අදර බැති පෙම් සිත් දියුණු කොට
230. ම හ ත සසර සයුරෙහි කුමුටුව සරන - අ න ත සත නිවන් පුර ගෙන යන සිතින
ස ත ත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන - දි ය ත පසිඳු නතිඳුන් දැක ගොස් සොබන
231. ප ව ර රුසිරු මහ සෑ සමග බෝ තුර - නොහැර නැමද බැති පෙම් සිතිනි විසිතුර
වෙහෙ ර පුද පසඟ තුරු රැව් නොදෙන තුර - මි තු ර තොසින් වැද සැදි සොඳුරු පහ’තුර
232. කඳ වුරු ගම් කුල - දලනිඳු ලකළ මුදලිඳු - පිවි තුරු උතුරු මුළ මහ තෙරිඳුට සොඳුරු
මු නුබුරු මහරු ගුණ සරු පිළිවෙත් ගැඹුරු - කිවි කල මුඳුන් මල් - කළ තම තෙපුල් හැම කල්
ම න ර ම් මුනි සසුන් වැඩ පිණිස නිකසළ - පැර කු ම් රජු විසින් සුත පෙමිනි ඇති කළ
සිරි බ ර මෙසිරි ලක’ඟන පැළඳි පිරිසුදු - පුව ත ර මහ වෙහෙර වැසි තෙර ගණ සිනිඳු
මනහ ර රුවන් වැළ මැද බඳ මිණෙ’ක බඳු - නමකර පවර විජයබ පිරුවන් තෙරිඳු
233. තවද, අසදෘශ ප්රිඥා පාටව ප්ර ශස්තතර ත්රිය-පිටක වාගීශ්වර ශ්රී සංඝබෝධි විජයබාහු ස්ථවරොත්-තමයාගේ මෙද එක් වර්ණ භාෂණයෙක. එද තා කර්ණ භූෂණය කර
234. ගැ ඹු රු විජම් පෙළ කිරි සයුර ඇම විට - සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මි යු රු පද අරුත් අම ගෙන දෙන ලොවට - ක වු රු සදිසි වෙති මෙකලට එයතිඳුට
235. වි හි ගු ම් නොයෙක් දිටු සකිළිටු ගිම් විහිට - දෙන තුම් සග’පවග පල සිරි මුළු ලොවට
න ර ද ම් සැරි සුතුරු දම් තුඟු සුර තුරට - ම න රම් ඔහු නුවණ දෙරණම විය පිහිට
236. මු නි ව ර සසුන් මිහි මඬලෙහි කළ නදනා - ම න හ ර විනය පද‘රුත් මහ මිණි අදනා
පෙරැ දු ර ‘නුවදෙසුන් ලැබ නැණ පතළ දනා - ගෙනඇර දෙමින් කරවයි යති ගුණ නදනා
237. ස ත ර පහළ කළ ඇදුරන් සෙ පොරණය - නොහැර සිත සෙදැන ගෙන අට වියරණය
ප ව ර පබඳ බැඳ සත සතොස කරණය - නිතොර පසිඳු කරවිය සියලු දෙරණය
238. ස ස ම ය සතර සිඳු අගතිසි කර තලය - අ ස ම ය සපිරි පිරිසිදු ගුණ ඇම කලය
මෙසමය පසිඳු දියතෙහි එහිමි තෙපලය - වි ස ම ය ඇදුරු තුරු උදුරන සැඬ නලය
239. සේපිරි යත් මහ කව් දැන ගෙන යෙහෙන - සේපිය පත් කොඳ සඳ යස රස සොබන
පෑ දියකොත් බඳවා දියතෙහි නිතින - ඒ සිරිමත් යති හිමි බබලයි නඳක
240. පසිඳු රුසිරු සරසවි ලිය රැඳි නිතොර - කිවිඳු සවන් බිඟු වැළ තුටු කළ නොහැර
පු බුදු සොඳුරු ඔහු මුව තඹරට පවර - සිනිඳු සුවඳ මුවරඳ විය සඳ ලකර
241. ති ව ට කසබු ඉසි සුරගුරු මෙන් සුබඳ - ලොවට කලණ ඒ යති සඳුගේ නොමඳ
සුමට වදන් දුල විසිතුරු මහ මුහුද - දසට පොරණ රළ පතරින් පිරි නිබඳ
242. අ ව ට ඉඳින පඬිවරුනටද අඩදැණි - සි තට සතුටු වන සොඳ පද’රුත් සරණි
රුව ට කියන පෙර ඇදුරන් ලෙස පැමිණි - ඔ හු ට දස’ට විදු තැන් විය සිය පවෙණි
243. නොමි ක ර න මිසදුටුවන් බස් අබඳ - නි සී නැණැති සිරි පැරකුම් රජුට නඳ
ර සී ගැඹුරු තෙපලෙන් සැක සිත පසිඳ - දෙ සී සුවා’සූ දහසක් දහම් කඳ
244. එ හිමි කෙලෙස් ගිරි මුදුනින් වැහෙන සොඳ - දහම් අහස් ගඟ දුල දිය දහර වැද
නොමඳ සතොස් අම ඔදසින් පිරි නිබඳ - බැබලි වෙසෙස් නරනිඳු සඳ කිරි මුහුද
245. දෙ ස න දහම් දන මන කර විකාසය - සොබන එයති සඳුගේ ගුණ නිවාසය
නඳන වදන් නළ’ඟන පෑ විසේසය - රඟන පවර රඟ බිම් විය සබාසය
246. ප සැ ස් පසැස් කර වදහළ ලෙසම සොඳ - නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිද
සදොස් කෙලෙස් සතුරන් ඔද මැඬ නොමඳ - අ පි ස් සතොස් ගුණයෙන් වැජඹෙයි නිබඳ
247. සි ල් සෙනඟහු ය ස සෙමෙරහු මෙත් සතහු - ගුණ’බරණ හු ද ද ම් කිරු ළහු නැණ කගහු
බු න් න ර ඟ හු තව තෙද’ණ හු සරි රජහු - සු ර ඇ දු රු හු හැර ක ව ර හු වනති ඔහු
248. සහ සැස් යුරු සොඳුරු පැරකුම් නිරිඳු ගෙන - මහ වෙල් ගොඩ පිටිය ඇතුළුව නොයෙක තැන
මහ ගම් බිම් පමුණු කොට අමුතු ලැබගෙන - බහ දුරු සිරි සිරින් එහි වැජඹෙයි නිතින
249. මිතුර, ඒ යතීන්ද්රතයාට විඥාපනිය කොට ප්ර ථමෝද්දිෂ්ට විශිෂ්ට සදිෂ්ට සන්දේශයට දැන් ප්රාෙප්තාවසර ඇත්තේය. එයිදු ස්වර්ණ කර්ණවතංස කර.
පවර මුනි වදහළ පිළිවෙත් නොහැරම වස න සසග පවර සැප සැබවින් සිදු කරන සමග මහඟු මහ සඟ ගණ මෙහෙවරින
මුළු ලොවට වැඩ වන - තෙපලක මෙමා පවසන - නිතොර සතන් වෙත දක්වා මෙත් කුලුණු
නොහැර මෙසිරි ලක්දිව රැකුමෙහි දැපුණු - පැළඳි මුනිඳු සිරි පද කමල උතුම’ඟ
වැලඳි සුසිරි මනු රද නිති කොමළ’ඟ - පැහැදි ගැමුණු නරනිඳු සේ දහම් මග
සුසැදි මෙසිරි පැරකුම් නරනිඳු සමග -
251. සමුදුර හිම් අවට - සව් සිරි සපිරි සිරි ලක - අ මා කර කිරණ සේ පිරිසුදු දිවැස
යොමා කුලුණු ගුණයෙන් දැක ඇම දවස - අමිතුරු විස වැසන් - වෙසෙසින් අතුරුදන් කොට
ප න් වා රෝග බිය යක් උවදුරු දුරට - පෙන්වා තමා බෝසත් බව මුළු ලොවට
නොහැර වි ජ ය සුබ සිරි සැප දියුණු කොට - නි තොර ර කින ලෙස සහපිරිවරින් සිට
අ ද ර සි ති න් අයදින ලෙස නතිඳුහට - මි තු ර තොසින් සැළකර ඒ යති සඳුට
252. පමණින් දස දහස් - යොදුන් වූ දඹ දිව සිට - මුනි තුන් තරා ගමනක් වැඩ සිරි ලකට
මතු අන් තරා හැර යක් සෙනඟ දුරු කොට - පිහිටන ලෙස සසුන් - සැලසිය බලා දිවැසින්
තුස්වා සු රා ‘සුර ලොව එක ලෙස දිස්න - පස්වා දහස් පවතින ලෙස බුදු සස්න
සි ත සතොසේ රකිනුව ඇම වර නොහැර - හි ම කර සේ ලොව දක්වා යස විසිර
දි ලි වෙසෙසේ එම නතිඳුට යළි මිතුර - යදින ලෙසේ සැළ කර තෙරිඳුට පවර
253. ත තු මෙවදන් දන්වා අප කී ලෙසට - කි තු ලිය මල් ගන්වා දිගු බිත අවට
සි තු සතොසින් සකි වැඩ සිදු කළ ලොවට - ම තු දෙලොවින් සුබ සිරි සිදු වෙයි තොපට
254. පි ය වීපිය ගමන් නොහැරම ගොස් ම සග - ගි ය කාරිය සැළ කොට සිදු කර සිතග
කිය වාදිය සියල් තොප යස රැස නොව’ග - සි ය නෑ සියව පවතුව සුමිතුරු සමග
Last Updated on Monday, 04 July 2011 23:01
No comments:
Post a Comment