UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ධර්ම ව්‍යාඛ්‍යාන යනු කුමක් ද?

Sunday, June 25, 2017

ධර්ම ව්‍යාඛ්‍යාන යනු කුමක් ද?


සිංහල සාහිත්‍යයේ ශක්තිමත් ශාඛාවක් ලෙස ව්‍යාඛ්‍යාන සාහිත්‍ය දැක්විය හැක. ව්‍යාඛ්‍යාන යන්න වි+ආ+ඛ්‍යා ධාතුවෙන් නිෂ්පන්න වී ඇත. ව්‍යාඛ්‍යාන යන වචනය සංස්කෘත භාෂාවෙන් සිංහලයට පැමිණ ඇත. (ව්‍යාඛ්‍යාන ඝ වියඛම් ඝ වියක්හන් ඝ වියැකැන් ඝ ව්‍යාඛ්‍යාන* යනුවෙනි. ‘‘ ව්‍යාඛ්‍යාන යන්නෙහි සරල අර්ථය විවරණය යන්නයි.’’  ඒ අනුව ව්‍යාඛ්‍යාන යනු මූල ග‍්‍රන්‍ථයකට අර්ථ විවරණ සැපයීමයි. ශබ්ද කෝෂවල ව්‍යාඛ්‍යාන යන්න මෙසේ අර්ථ ගන්වා ඇත.
සුමංගල ශබ්ද කෝෂය- ‘‘ව්‍යාඛ්‍යාන- අර්ථ විවරණය, ග‍්‍රන්‍ථයක අර්ථ පැහැදිළි කිරීමට ලියූ සන්නය, විස්තර කථනය’’
සිංහල ශබ්ද කෝෂය- ‘‘ ව්‍යාඛ්‍යාන- අර්ථ පැහැදිළි කිරීම, මූලාශ‍්‍ර අන්වාගත පදයන්හී අවබෝධයේ පහසුව පරිදි තේරුම පැහැදිළි කිරීම’’
මේ අනුව සමස්ථ නිර්වචනාර්ථයන් ගත් පසු විශේෂයෙන් විස්තර කිරීම, අර්ථ ගැන්වීම, පැහැදිළි කිරීම ආදී අරුත් විද්‍යමාන වේ. මෙම ව්‍යාඛ්‍යාන සාහිත්‍යය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්
අර්ථ ව්‍යාඛ්‍යාන
ධර්ම ව්‍යාඛ්‍යාන
යනුවෙනි. අර්ථ ව්‍යාඛ්‍යාන යනු පදවලට අරුත් සැපැයීමයි. අර්ථ ව්‍යාඛ්‍යාන කොටස් ලෙස භාෂ්‍යය, දීපිකා, ප‍්‍රදීපිකා, විවරණ, අට්ඨකථා, පඤ්චිකා, සන්‍ය, සන්න, දීපනී, ග‍්‍රන්‍ථි පද, ගණ්ඨි පද, පිටපොත සහ ටීකා ආදිය දැක්විය හැක. අර්ථ ව්‍යාඛ්‍යානවලට උදාහරණ ලෙස අභිධර්මාර්ථ සංග‍්‍රහ සන්නය, මහාබෝධිවංශ ග‍්‍රන්‍ථි පදය, වෙසතුරුදා සන්නය, අමරකෝෂ සන්නය, ජාතක ගාථා සන්නය, සසදාවත් සන්නය, ජානකීහරණ මහාකාව්‍ය සන්නය, කාව්‍යාදර්ශ සන්නය, ජාතක අටුවා ගැටපදය, ධර්ම ප‍්‍රදීපිකාව ආදී කෘති දැක්විය හැක.
ධර්ම ව්‍යාඛ්‍යාන යනු බුදුගුණ වැනීම සඳහා ස්වාධීනව ප‍්‍රබන්ධිත ග‍්‍රන්‍ථ ලෙස හැඳින්විය හැක. ධර්ම ව්‍යාඛ්‍යානයක් ලිවීමට පාදකවනුයේ පොදුජන අවශ්‍යතාවයි. පොදුජනයාට අවශ්‍යය ධර්ම කරුණු විස්තර කිරීම ධර්ම ව්‍යාඛ්‍යානවලින් සිදු විය. එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය තුළ ද ධර්මය ඉගැන්වීමේ අවශ්‍යතාවක් මතු වූ අතර විෂයක් වශයෙන් ධර්ම ව්‍යාඛ්‍යාන පිරිවෙන් අධ්‍යාපනය තුළ ද භාවිත විය. අමාවතුර, බුත්සරණ , පූජාවලිය ආදී ග‍්‍රන්‍ථ බිහිවීමට හේතු වූයේ ද සමාජ අවශ්‍යතාය. එමෙන්ම ‘සහිතස්‍ය භාවෝ සාහිත්‍යම්’ සාහිත්‍යයේ භාව හෙවත් සාහිත්‍ය හැ`ගීම් ප‍්‍රකාශ කිරීමට ධර්ම ව්‍යාඛ්‍යාන අවශ්‍ය විය. ඇසීමේ සහ කියැවීමේ රුචිය මත (පාඨක පිරිස පෘථුල කිරීමට* ධර්ම ව්‍යාඛ්‍යාන බිහිවිය. ඒ අනුව ධර්ම ව්‍යාඛ්‍යානවල ආකෘතිය යනු පිට සැලැස්මකි. වස්තු විෂය යනු කතාවට පදනම් කරගත් යමක් වේ නම් එම කරුණයි.
02.අමාවතුර  
අමාවතුර සිංහල ග‍්‍රන්‍ථ වංශයට අයත් පැරණිම නිර්මාණාත්මක ගද්‍ය කෘතියයි. ව්‍යාඛ්‍යාන ග‍්‍රන්‍ථ සුලභ ලෙස ඇති වූ අවධියක බිහි වූ පළවෙනි දීර්ග ගද්‍ය ග‍්‍රන්‍ථය ලෙස ද මෙය හැඳින්විය හැක. ග‍්‍රන්‍ථ කතෘ වූ ගුරුළුගෝමීන් මෙය කාලිංග හෙළුව ලෙස ද හඳුන්වයි. එම නිසා ගුරුළුගෝමී යන නාමය පිළිබඳ ද විවිධ මතිමතාන්තර දක්නට ලැබේ. මෙය උපාධිනාමයක් ලෙස ඇතමුන් හඳුන්වන අතර ගුරුළුගෝමීන් කාලිංගයෙකු ලෙස ඇතමුන් සලකති. ‘‘ගුරුළුගෝමීන් කරන ලද අමාවතුර නම් පුරුෂ ධම්ම සාරථී පද වර්ණනා නිමි.’’  යන ග‍්‍රන්‍ථාවසාන පාඨයෙන් කතෘගේ සහ ග‍්‍රන්‍ථයේ නමයන් හෙළිවේ. මෙම ග‍්‍රන්‍ථය ‘පුරිසදම්මසාරථී ගුණය’ පැහැදිළි කිරීම සඳහා රචිත බව ග‍්‍රන්‍ථාරම්භයෙන් පැහැදිළි වේ.
 ‘‘ බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිසදම්මසාරථී යන පදය ගෙන අප බුදුන් පැරුම් පුරා බුදු වැ....නොවියත් හුදීජනන් සඳහා සියබසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ.’’
හින්දු ආගමේ බලපෑම නිසා බුදුදහම රැුකගැනීම අසීරු කරුණක් විය. මේ තත්වය ම`ගහරවා ජනතාව බුදුදහම තුළ රඳවා ගැනීමේ අවශ්‍යතාව මත ග‍්‍රන්‍ථය සම්පාදනය කොට ඇත. මෙම ග‍්‍රන්‍ථය සිංහල භාෂාවෙහි ව්‍යක්ත සහ පාලි භාෂාව නොදත් පිරිසගේ සුඛාවබෝධය විෂයෙහි රචනා කොට ඇත. මෙම ග‍්‍රන්‍ථය පොළොන්නරු යුගයට අයත් අතර ග‍්‍රන්‍ථය පරිච්ෙඡ්ද 18 කින් ප‍්‍රබන්දිතය.                        
03.අමාවතුර ආකෘතිය පිළිබඳ විමසීම
නව අරහාදී බුදුගුණයන් අතුරින් සත්වන ගුණය වන පුරිස ධම්ම සාරථී ගුණය වර්ණනා කිරීමේදී කතුවරයා හුදු පරිවර්ථන ස්වරූපයෙන් බැහැර වීමට කටයුතු කොට ඇත. අමාවතුරේදී විශේෂයෙන් සරල රචනා රීතියක් භාවිත කළහ. කතුවරයා අමාවතුර ආරම්භ කරන්නේ පිළිවෙල වූ ආකෘතික ප‍්‍රතිඥා පාඨයකිනි. මෙයින් පාඨක පිරිස, වස්තු සහ ග‍්‍රන්‍ථාභිලාශය ආදී කරුණු මෙයින් විස්තර වේ. මෙයින් කතුවරයාගේ ග‍්‍රන්‍ථානුපිළිවෙල ගැන ද විස්තර වේ.
‘‘ඉතිපි සෝ භගවා ....බුද්ධෝ භගවා යනු විස්තර කරත් බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිසදම්මසාරථී යන පදය ගෙන අප බුදුන් පැරුම් පුරා බුදු වැ....නොවියත් හුදීජනන් සඳහා සියබසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ.’’
ග‍්‍රන්‍ථ කරණයේ ඉහත අරමුණු ප‍්‍රමුඛ කොට ගත් ගුරුළුගෝමීහු කිසිම අවස්ථාවක ඉහත ප‍්‍රතිඥාවෙන් බැහැර නොවූහ. ඒ අනුව කතුවරයා ග‍්‍රන්‍ථය මෙහෙය වූයේ යුගයේ අවශ්‍යතාව දෙසටය. යුගයේ අවශ්‍යතාව සපල කරනු වස් ගුරුළුගෝමීන් විසින් සුදුසුම බුදු ගුණය යොදාගත්හ. එහිදී පරිච්ෙඡ්ද දහ අටක් ඒ සඳහා උපයුක්ත කරගනු ලැබේ. කතුවරයා එම පරිච්ෙඡ්ද මෙසේ නම් කරයි. දුර්දාන්ත දමනය, ස්වසන්තාන දමනය, පරසන්තාන දමනය, ගහපති දමනය, බ‍්‍රාහ්මන දමනය, රාජ දමනය, චෝර දමනය, පරිබ‍්‍රාජක දමනය, මානවක දමනය, දිගම්බර දමනය, ජටිල දමනය, තාපස දමනය, භික්‍ෂු දමනය, නාග දමනය, යක්‍ෂ දමනය, අසුර දමනය, දේව දමනය, බ‍්‍රහ්ම දමනය යනුවෙනි.
කතුවරයා ප‍්‍රතිඥා පාඨයේදී ‘අප බුදුන් පෙරුම් පුරා’ යනුවෙන් සඳහන් කරන්නේ පළමු පර්ච්ෙඡ්දය සිතෙහි තබාගෙනය. ඒ අනුව පළමු පරිච්ෙඡ්දය ජාතක කථා සංක්‍ෂිප්තයක් ලෙස හැඳින්විය හැක. දුර්දාන්ත දමනය යන නමින්ම බුදුන් වහන්සේ බෝසත් ආත්මයේදී පවා අදාන්තයන් දමනය කළ අයුරු සිහිපත් වේ. මෙහිදී කතුවරයා ජාතක කතා 189 ක් පමණ නාමිකව දක්වයි. ස්වසන්තාන දමනය නම් වූ දෙවන පර්ච්ෙඡ්දය තුළින් බෝසතුන් තුසිත පුරයෙහි ඉපදීමේ පටන් බුද්ධත්‍වයට පැමිණ උදාන වාක්‍ය ප‍්‍රකාශ කරන තෙක් විස්තර වේ. තුසිත දෙවියන් බෝසතුන්ගෙන් කළ ඉල්ලීම, මහාමායා දේවිය දුටු සිහිනය, බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, කුමාර උප්පත්තිය, නම් තැබීම, වප් ම`ගුල, ශිල්ප දැක්වීම, අභිනිෂ්ක‍්‍රමණය, සුජාතාවන්ගේ කිරිපි`ඩු දානය, මාර පරාජය සහ බුද්ධත්‍වයට පත්වීම ආදී තොරතුරු දෙවන පරිච්ෙඡ්දය තුළ අන්තර්ගතය. බුදුන් වහන්සේ අනුන් දමනය කළ පමණින්ම පුරිස ධම්ම සාරථී නොවන බවට මේ පරිච්ෙඡ්දයෙන් තහවුරු කිරීමට උත්සහ ගෙන ඇත. එම නිසා බුදුරදුන් විසින් අනුගමනය කළ තම ආත්ම සෝධන ක‍්‍රියාවලිය මෙහිදී විවරණය කොට ඇත. කතුවරයා මෙම පරිච්ෙඡ්දය නම් කිරීමේදී පවා ප‍්‍රවේශම් වී ඇති අයුරු ප‍්‍රශස්තය. ප‍්‍රතිඥා පඨයේදී ‘බුදුව’ යන පදය වෙන්කොට ඇත්තේ මෙම දෙවන පරිච්ෙඡ්දය සඳහාම බව පැහැදිළිය. කතුවරයා පළමු පරිච්ෙඡ්දය සහ දෙවන පරිද්ෙඡ්දය ආශ‍්‍රයෙන් බලාපොරොත්තු වූයේ බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණ වර්ණනා කිරීමට අවශ්‍ය වටපිටාව සහ පරිසරය සකස් කර ගැනීම පිළිබඳවය.
පරසන්තාන දමනය නම් වූ තෙවන පරිච්ෙඡ්දය අමාවතුරේ වස්තු විෂයට ඍජුවම සම්බන්ඳ වේ. බුදුරජාණන් වහන්සේ බුදුවීමේ සිට දෙව්රම් වෙහෙර පිළිගන්නා තෙක් කතාව සංක්‍ෂිප්තව ඇතුළත් වේ. දෙවියන්ගේ සැක දරුකිරීමට යමාමහ පෙළහර පෑම, සත්සති ගත කිරීම, ධම්සක් දේශනාව, උපක-යස හමුවීම, තුන්බෑ ජටිලයන් දමනය, රජගහනුවර වැඞීම, කිඹුල්වතට වැඞීම, ශෘක්‍යයන්ගේ මානය දුරු කිරීමට යමාමහ පෙළහර පෑම, ශාක්‍ය කුමාරවරුන්ගේ පැවිද්ද ආදී තොරතුරු ඇතුළත් වේ. ප‍්‍රතිඥා පාඨයේදී ‘දෙව්රම් වෙහෙර පිළිගෙන’ යන පදය වෙන්කොට ඇත්තේ මෙම තෙවන පරිච්ෙඡ්දය සඳහාය. ප‍්‍රතිඥා පාඨයේ ‘තුන්ලොවේ සැරි සැරූ විෂම පුරිසයන් දමා’ යන්න විස්තර කිරීම සඳහා ඉතිරි පරිච්ෙඡ්ද පහළොව වෙන් කොට ඇත. ඒවා තුළදී විවිධ විෂම සත්වයන් දමනය කළ අයුරු විස්තර කොට ඇත.
ආකෘතියේ තවත් විශේෂත්‍වයක් නම් කතුවරයා තෝරාගත් කතා ප‍්‍රවෘතියට සමාන තවත් කතා ප‍්‍රවෘත්තියක් ඇතහොත්  කතාව අවසානයේදී ‘ආදී’ ශබ්දයෙන් ඒ කතා ඉදිරිපත් කිරීමයි. ‘‘මෙසේයින් බුදුහු තමන් පුරිස දම්ම සාරථී වන බැවින් අ`ගුල්මල් සොරනුදු ආදී ශබ්දයෙන් සංකිච්ච නම් හෙරණපාණන් අතවැසි පන්සීයක් සොරනුදු....’’  අමාවතුර පුරාවටම මෙම රීතිය දැකිය හැක. මෙය ආකෘතික ප‍්‍රතිඥාව නොබිඳ ඉදිරියට ගෙන ඒමකි. එමෙන්ම ග‍්‍රන්‍ථය අවසානයට පෙර බුදුරදුන්ගෙන් දැමුණු පද්ගලයන් සහ තමා ඉදිරිපත් කළ කතා පුවත් පිළිවෙලට දැක්වීම ද ආකෘතියට අනුකූල වීමකි. තම රීතියටත්, ප‍්‍රතිඥාවටත්, පාඨක පිරිසටත් මනාව ගැලපෙන අයුරින් වස්තු විෂයික ආකෘතියක් මෙම ග‍්‍රන්‍ථය තුළ ඉදිරිපත්ව ඇත.
අමාවතුරේ පාඨක පිරිස කවුරුන් ද යන වග ප‍්‍රතිඥා පාඨයෙන් පැහැදිළි වේ. ‘නොවියත් හුදී ජනන් සඳහා’ යනුවෙන් සඳහන් කළ ආකාරයට සිංහල භාෂාව මනාව දත් පාලිය නොදත් පිරිස මෙයින් අදහස් කරයි. එමෙන්ම නිර්මාණවාදී හින්දු ආගම වෙත ඇදී යන බෞද්ධ ජනතාව අමාවතුර කතුවරයාගේ පාඨක පිරිසයි. එමෙන්ම ප‍්‍රතිඥා පාඨයේ සඳහන් ‘සියබස’ යනු හුදු සරල හෙළ බසම බව පෙන්වාදිය හැක. එය පාලි සහ සංස්කෘත භාෂාවල ගැඹුරු දැනුමක් ඇති පිරිස සඳහාම විය. එමෙන්ම කතුවරයා ප‍්‍රතිඥා පාඨයේදී ‘සැඛෙවින්’ යනුවෙන් දැක්වූයේ එක හා සමාන කරුණු ‘ආදී’ ශබ්දයෙන් ගොනුකොට දැක්වීමකි. කතුවරයාගේ භාෂාව සහ වර්ණනා රීතිය සංක්‍ෂිප්තය. නමුත් ගැඹුරු අර්ථ නිරූපනයට සමත්ය.
ඒ අනුව ඉහත කරුණු තුළින් කතුවරයා ප‍්‍රතිඥා පාඨයට අනුවම තම ග‍්‍රන්‍ථය නිර්මාණය කළ බවයි. මෙය පරිසමාප්ත ආකෘතියකින් යුත් මාර්ගෝපදේශක ග‍්‍රන්‍ථයකි. මෙම ග‍්‍රන්‍ථයේ ආකෘතිය කැළැල් නොමැති රූප සුන්දරියකට උපමා කළ හැක.
04.අමාවතුර වස්තු විෂය පිළිබඳ විමසීම
 අමාවතුරෙහි වස්තු විෂය පුරිසදම්මසාරතී ගුණය විවරණය කෙරෙහි පාදක වේ. අමාවතුර පිළිබඳ ‘සිංහල සාහිත්‍යයේ නැගීම’ යන කෘතිය තුළදී මාර්ටින් වික‍්‍රමසිංහයන් මෙසේ ප‍්‍රකාශ කර ඇත. ‘‘ අමාවතුර මුල පටන් අවසානය දක්වාම බුද්ධ චරිතය මුතුපටෙහි නූල මෙන් දිවෙයි. මේ නිසා අනික් එකම සිංහල ගද්‍යයක නොදක්නා ලැබෙන එකමුතු බවක් නොහොත් ඒකාත්ම ස්වරූපයක් අමාවතුරෙහි දක්නා ලැබේ.’’  කතුවරයා සෑම පරිච්ෙඡ්දයකදීම විෂම පුරුෂයන් දමනය කළ අයුරු පෙන්වාදීමට උත්සහ ගෙන ඇත. එහිදී විශේෂයෙන් උපාලි ගෘහපති, අජාසත් රජ, කූටදන්ත බ‍්‍රාහ්මණ ආදීන් ගැන කියැවෙන කතා තුළින් බුදුරදුන්ගේ ගුණ සමුච්ඡුය ඉදිරිපත් කොට ඇත. පරසන්තාන දමන නම් වූ තුන්වන පරිච්ෙඡ්දාවසානයේ දුර්දාන්තයන් දමනය කළ අයුරු පෙන්වා දී ඇත.
‘‘මෙසේයින් බුදුහු තමන් පුරිසදම්සාරථී වන බැවින් ධම්සක් පවත්නෙහි පටන්ගෙනැ අනේක ඍද්ධිප‍්‍රාතිහාර්යයෙන් හා දේසනා විලාසයෙන් හා මහණ දුළුලූ බමුණු ගැහැවි සැහැරජ ඈ අනේසියදහස්සතුන් සතන්හි දුලද් බිඳ දමා අමාමහනිවන් පමුණුවමින් ගොස්....’’
එමෙන්ම අංගුලිමාල දමයයේදී ‘‘සොර ක්ලාන්ත වියැ, මියෙහි කෙළ සිඳී ගියේය, ශරීරයෙන් ස්වේද බස්සී....’’  යනුවෙන් අංගුලිමාල ක‍්‍රමයෙන් ශාරීරිකව සහ මානසිකව දුබලතාවයට බඳුන්ව දමනය වන අයුරු විස්තර කොට ඇත්තේ සිත් ගන්නා අයුරිනි. එමෙන්ම නාග දමනයේදී නාලාගිර ඇතා දමනය කරන්නේ ද නෙක දහසක් ජනයාගේ සිත් සතන් විශ්මයට පත් කරමිනි.
‘‘...භවත් නාලාගිරිය, තා සොළොස් කළක් රා පොවා මත් කරන්නාහූ අනෙකක්හු ගන්නට කළාහූ නොවෙති. මා ගන්නට කළාහු. අකාරණයේ කකුල් කලකුරුවා නොඇවිදැ මොබ එයි වදාළහ.’’  ඒ අනුව මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් ද දමනය කළ අයුරු ගුරුළුගෝමීන් වර්ණනා කරන්නේ අද්භූත රසය කුළුගන්වමිනි. මේ අනුව සෑම පරිච්ෙඡ්දයකින්ම බුදුරදුන් වෙත පැමිණි දුර්දාන්තයන් දමනය කොට සුම`ගට යොමු කළ අයුරු පෙන්වාදී ඇත.
05.බුත්සරණ
සිංහල සාහිත්‍යයේ උසස්ම භක්තිකාව්‍යය ලෙස පිළිගත හැකි බුත්සරණ විද්‍යාචක‍්‍රවර්තීන් විසින් විරචිතය. ග‍්‍රන්‍ථාවසානයේ එන ‘‘විද්‍යාචක‍්‍රවර්තීන් විසින් කළ අමෘතාවහ නම් බුද්ධචරිතය නිමි’’  යන වාක්‍යයත් ‘බුත්සරණ විද්‍යාචක‍්‍රවර්තීන්ගේය’ යන ජනශ‍්‍රැති කතාවත් ඊට පාදක විය. එහෙත් අමෘතාවහ සහ බුද්ධචරිතය යන නම් දෙකම වෙනුවට බුත්සරණ යන නාමය ප‍්‍රකට වී ඇත. ඊට හේතුව නම් සෑම පරිච්ෙඡ්දයකම අවසානයේ යෙදී ඇති ‘බුත් සරණ යා යුතු’ යන ප‍්‍රකාශයයි. බුත්සරණ සෝතෘජනමනෝනන්දනය කරනු ලබන කෘතියකි. මෙම ග‍්‍රන්‍ථයේ පාඨක පිරිස වූයේ බුදුගුණ පිපාසාවෙන් පෙළෙන සැදැහැවත් ජනතාවයි. බුත්සරණ සරණ ග‍්‍රන්‍ථ පෙළක ආරම්භයයි. ජනප‍්‍රිය සිංහල බණපොත් පරම්පරාවේ ආරම්භයයි. මිශ‍්‍ර සිංහලය යොදාගත් ප‍්‍රකට පළමුවන ග‍්‍රන්‍ථයයි. මෙය පොළොන්නරු යුගයට අයත්ය. මෙම ග‍්‍රන්‍ථයට ධම්මපදට්ඨ කථාව, ජාතකට්ඨ කථාව, විමාන වත්‍ථුව, පේත වත්‍ථුව, විසුද්ධි මග්ගය, දීඝ නිකාය යනාදී ග‍්‍රන්‍ථ මූලාශ‍්‍ර ලෙස යොදාගෙන ඇත.
06.බුත්සරණ ආකෘතිය පිළිබඳ විමසීම
බුත්සරණ සොළොස් පර්ච්ෙඡ්දයකින් සමන්විතය. පළමු පරිච්ෙඡ්ද එකොළසම විසුද්ධිමග්ගයේ එන බුද්ධානුස්සති නිද්දේසය ඇසුරු කොට ඇත. ප‍්‍රථම පරිච්ෙඡ්දය ෙඡ්ද තිසකින් සමන්විතය. එයින් පළමු ෙඡ්දයේ සරණාගමන ඵල ඇතුළත් වෙයි. අනෙක් ෙඡ්ද විසි නවය තුළ විමානවත්‍ථු, පෙතවත්‍ථු, ධම්මපදට්ඨකථා ආදියෙන් සැදැහැ බැති නැංවීමට සුදුසු ස්ථාන ගෙන ‘සෝ භගවා බුද්ධෝ’ යනු විස්තර වේ. දෙවන පරිච්ෙඡ්දයේදී ‘ආරකත්තා අරහං’ යනුවෙන් ද තෙවන පරිච්ෙඡ්දයේ ‘සම්මා සම්බුද්ධෝ’ යන පදය ද, සිව්වන පර්ච්ෙඡ්දයෙන් අෂ්ඨ විද්‍යා සහ පසළොස්චරණ ධර්ම ද, පස්වන පරිච්ෙඡ්දයෙන් ‘සුගතෝ’ යන්න ද විස්තර වේ.
හයවන පරිච්ෙඡ්දයේ ‘ලෝකවි¥’ යන්න ද විසතර වේ. මෙහි විසුද්ධිමග්ගයේ එන ජානුස්සති, අභිඤ්ඤා නිද්දේශ, මජ්ක්‍ධිම නිකායෙහි පොතලීයසුත්තට්ඨකථා, ඡුද්දන්තජාතක, ධම්මපදට්ඨකථා, සංයුත්තනිකායට්ඨකථා, දීගනිකියේ මහා ගෝවින්ද සුත්තට්ඨකථා යනාදී ග‍්‍රන්‍ථාගත කරුණු එක්රැුස්කොට අවකාශ ලෝකය පිළිබඳ චමත්කාරජනක විස්තරයක් එයි. සත්වැනි පරිච්ෙඡ්දයේ පන්සාලිසක් පමණ උපමාණ වස්තු දක්වමින් අනුත්තර ගුණය වර්ණනා කරයි. අටවැන්නෙහි පුරුසදම්මසාරථී ගූණය වර්ණනා කෙරෙයි. නවයේ සිට එකොළොස දක්වා පරිච්ෙඡ්දවල සත්ථා, බුද්ධෝ, භගවා යන පද වර්ණනා කරයි.  දොළොස්වන්නේදී බුදුන් වහන්සේගේ දේශනා විලාශය විස්තර කරයි. තෙළෙස් වැන්නේ රූපකාය වර්ණනා කරයි. දාහතරවැන්නේදී ධර්මකාය සම්පත්තිය විසතර කරයි. පසළොස් වැන්නේදී ප‍්‍රතිභා ශක්තිය සහ උපමා කෞෂල්‍යය ස්මතුව ඇත. අවසන් පරිච්ෙඡ්දයෙන් වෙස්සන්තර ජාතකය එළිදැක්වේ.
07.බුත්සරණෙහි වස්තු විෂය
බුත්සරණේ වස්තු විෂය බුද්ධ භක්තිය වර්ධනය වන අයුරින් සැකසී ඇත. ඒ සඳහා බුත්සරණේ කතා කලාව මැනවින් උපයෝගී කොටගෙන ඇත.ප‍්‍රකීර්ණක කාණ්ඩය තුළ මිහිරෙන් මිහිරි වූ අමා රසයට බුදුන් උපමා කරන ආකාරය ප‍්‍රසස්ථය.
‘‘ දොරැු දොරැු නැ`ගි සඳක් සේ, හැම සතුන් තමතමා ජීවිතයක් සේ නො හැකිළැ පිපිවණින් සිටිනා රන්පියුමක් සේ....’’
කතුවරයා බුද්ධ භක්තියෙන් පිරී ඉතිරී ගිය හදවතක් ඇත්තෙකු නමුත් සොබා දහමේ අසිරි ද වර්ණනා කොට ඇත්තේ පාඨක සිතට සැනසුම එක්කරමිනි. එමෙන්ම කතුවරයා සිද්ධි සහ අවස්ථා උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇති හෙයින් එහි භක්ති කාව්‍ය ලක්‍ෂණ ප‍්‍රකට කරයි. නාලාගිරි දමනයේදී
‘‘ ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ, මෑත සවනක්ඝන බුදුරැුසින් සැදී ගිය බුදුරජානෝයැ, ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත්රජයැ, මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල්මහනෙල්පෙති පරයන ඇස් ඇති බුදුරජානෝයැ....’’
යනුවෙන් එකිනෙකට විරුද්ධ සංයෝගයන් හරහා අවස්ථාවේ තීව‍්‍රභාවය මැනවින් ස්මතු කොට ඇත. අංගුලිමාල දමනය  වූ අයුරු දක්වන අවස්ථාව  බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත භක්තියක් ඇති කිරීමට සමත්ව ඇත.
‘‘ ඒ මිහිරි රුව ඇස හෙත් මැ, ඒ මිහිරි හ`ඩ කණ හෙත් මැ....දතිමි ස්වාමීනි, හැඳින්නෙමි ස්වාමීනි, මහාමායා දේවීන් වහන්සේගේ පුතනුවන් වහන්සේ නුඔද?....’’
එමෙන්ම උපමාදිය භාවිතය තුළින් ද වස්තු විෂය හැඩගස්වා ඇත. ‘‘තව ද රස නැති දෙ`ඩන් ගැසුව ද වීණාව මධුර වූ ශබ්ද පවත්නා සේ, අනුන් තමන්ට යම් දණ්ඩනයක් කළ ද සදහම් මුසු මිහිරි බස් මැ කියන බුදුන්....’’
08.පූජාවලිය
මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත‍්‍ර මහතෙරුන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ නව ගුණ අතුරින් ‘අරහං’ බුදු ගුණය පාදක කොටගෙන විරචිත මෙම ග‍්‍රන්‍ථය බොහෝ දෙනකුගේ සිත් සතන් පින වූ බණ පොතක් විය. මේ බව තවදුරටත් මෙසේ විසිතර වේ. ‘‘බුදුන්ගේ මේ ‘අරහං’ යන ගුණයෙහි පස් මහා අර්ථය වෙන වෙන වර්ණනා කරත් මෙසේම පස්මහ පොතකින් මිස එක් පොතකින් බැරිවන හෙයින් ‘අර්හපූජනේ’ යන ධාතූහු කෙරෙන් සිද්ධවූ අර්හත් ගුණය පමණක් ගෙන මේ පූජාවලියෙහි වර්ණනා කරම්හ’’  යනුවෙන් උන්වහන්සේම ඒ බව තවදුරටත් පෙන්වා දෙයි. අමාවතුර සහ බුත්සරණ භාෂාව තරම් පූජාවලියේ භාෂාව උසස් නොවේ. ජනාදරයට පාත‍්‍ර වූ ‘චූර්ණක’ කාව්‍ය ගණයට අයත් ගද්‍ය කාව්‍යයක් ලෙස විචාරකයන් මෙය හඳුන්වයි. මෙම ග‍්‍රන්‍ථය ඓතිහාසික වටිනාකමකින් යුක්තය.
මෙහි ප‍්‍රමාණය පිළිබඳ කතුහිමියනක් මෙසේ දක්වයි. ‘‘සූතිසි පරිච්ෙඡ්දයකින් හා සූවිසිදහසක් පමණ ග‍්‍රන්‍ථසංඛ්‍යාවෙකින් හා සයානු බණ වරෙකින් හා සත්ලක්‍ෂ අටසැටදහසක් පමණ අක්‍ෂර සංඛ්‍යාවෙකින් හා අසංඛ්‍ය ගණන් පූජාවලින් උපලක්‍ෂිත වූ මේ පූජාවලී නම් ව්‍යාඛ්‍යාන කථාව....’’  පූජා×ආවලී=පූජාවැල=පූජා සමූහය විස්තාරිත බැවින් පූජාවලිය යැයි ග‍්‍රන්‍ථ නාමය අන්වර්ථ වෙයි. මෙම කෘතිය බුද්ධත්‍වය ප‍්‍රකට කරමින් රචිතය. පූජාවලියේ පාඨක පිරිස විශාලය. රජුගේ සිට අකුරු නොදත් පුද්ගලයා දක්වා කතාව විග‍්‍රහ වේ. මෙය දඹදෙණි යුගයට අයත් වන අතර සංස්කෘත භාෂාවේ බලපෑම ප‍්‍රකට කරයි.
09.පූජාවලිය ආකෘතිය පිළිබඳ විමසීම
පූජාවලිය ලියා ඇත්තේ ‘අරහං’ යන පදය පාදක කරගෙනයි. බුදුන් වහන්සේ සනරාමර ලෝකයාගේ පූජාවන්ට සුදුසු බව ප‍්‍රකට කරමින් මෙහි ආකෘකිය විකාශය වේ. පරිච්ෙඡ්ද 34 ක් පුරාවට පහත කරුණූ පිළිවෙළින් විස්තර වේ. බුදුගුණ, සුමේධ තාපස අවධිය, සූවිසි විවරණ, බෝසත්වරුන්ගේ ගුණ, ජාතක කතා, තුසිත පුර වාසය, මවුකුස පිළිසිඳගැනීම, උපත, මහාබිනික්මන, බුදුවීම, සත්සතියගත කිරීම, දම්සක් පැවැත්ම, චාරිකාව, යමාමහලෙළහර, සුද්ධෝදන, අනේපිඩු, විසාඛා, රාහුල-අනුරුද්ධ සුමන, ආනන්ද, රතනසුත්ත, සක්දෙව්, ෂට් ශාස්තෘවරු, අභිදම් දෙසුම, මුගලන්, භික්‍ෂුණී ශාසනය, මහාප‍්‍රජාපතී, ජීවක, දෙව්දත්, අජාසත්, යශෝධරා, පිරිනිවීම, ලක් බුදුසසුන, ලක් ඉතිහාසය යන කරුණු පිළිබඳ විස්තර වේ.
මේ කෘතියේ ද ජාතක කථාවන් බහුලව භාවිත කොට ඇත. එමෙන්ම සෑම පරිච්ෙඡ්දයක් අවසානයේම ‘‘පූජා විසේසං සහපච්චයෙහි....’’  යන ගාථාව සඳහන්ව ඇත.
10.පූජාවලියේ වස්තු විෂය පිළිබඳ විමසීම
ජනතා ප‍්‍රසාදය කෙරෙහි හේතු වූ කරුණ නම් මෙම ග‍්‍රන්‍ථයේ වස්තු විෂයම විය. ග‍්‍රන්‍ථයේ් කථා වස්තුවල අසන්නවුන්ගේ ප‍්‍රසාදය සහ ආදරය දිනාගැනීමට ඉවහල් වූ ගුණයක් පැවති බව ඉඳුරාම ප‍්‍රකාශ කළ හැක. සාදුනාද පූජා කථාව ගත් විට මාර ¥වරුනු තිදෙනා තම පියා අවමානයෙන් මුදවා ගැනීමට සැරසුණු අයුරු ජනතාවගේ සිත්ගන්නා සුළු වර්ණනයකි.
‘‘නන්විසිතුරු මලින් සරහන ලද නිල් වරලසින් හා කන් නමැති මධු ගුහාවට ගමන්ගත් නීල භ‍්‍රැංග යුග්මයක්සේ....’’
එමෙන්ම කතුවරයා තම අරමුණ වෙත පාඨකයා ඒකාත්මික කරගැනීමේදී ශාන්ත රසයෙන් යුක්ත වැනුම් ද වස්තු විෂයට ඇතුළත් කළහ. ඉසිපතනාරාම පූජා කථාවේ එන උපක ආජීවකයා බුදුන් වහන්සේගේ ශානත ගුණය පිළිබඳ කළ ප‍්‍රකාශය එවැන්නකි.
‘‘සඳරැුස් දුටු කුමුදු විලක් සේ ඉතා ප‍්‍රසන්න වූයේ....ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ගතු ද, ස්ථිර වූ ගුණ ඝනරන්මෙරින් ගතු ද....’’
එමෙන්ම ආශාවෙන් කියවිය හැකි පැරණි පුවත් ද ඇතුළත් වේ. ජාවී නම් වැදි දුවගේ කතා පුවත, පස්වග තවුසන් දෙවන වර බුදුරදුන් හමුවීම එබඳු ස්ථානය. අද්භූත රසයෙන් යුක්ත වර්ණනා ඉදිරිපත් කිරීම බැතිපෙම් උපදවාගත් සිත් ඇති බුදුන්ගේ ගුණය වනනු අසා සිටීමට ලොල් වූ ශාවක පිරිස පිනවීමකි. එමෙන්ම කෝසළ මල්ලිකා දේවියගේ උත්පත්ති කථාව තුළ විවිධ භාෂා රීති භාවිත කළ බවට සාක්‍ෂි ඇත. නිසි තැනදී කතා රසය ඉදිරිපත් කිරීමට ද වග බලා ගත්හ.
‘‘එම සැවැත් නුවර පන්සීයක් මාලාකාරයන්ට නායක මාලාකාර ජ්‍යෙෂ්ඨයෙකුගේ දුවක් දෙව`ගනක බඳු රූ ඇත්තීය, රජක්හට අග බිසෝ වන රූ ඇත්තීය....’’
එමෙන්ම පූජාවලියේ ‘මම ද බුදුවෙම්වා ඔබ ද බුදුවෙම්වා’ යන සංකල්පය ස්මතුව ඇත. මෙය ද වස්තු විෂයේදී වැදගත් වේ.




11.සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
අමාවතුර ගුරුළුගෝමී. (සංස්.* ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂොපකාර සමාගමේ සංස්කරණය. ප‍්‍රකාශනය- සමයවර්ධන පොත්හල (පුද්ගලික* සමාගම, කොළඹ- 10. ප‍්‍රථම මුද්‍රණය- 2004
පූජාවලිය (සංස්.* කිරිඇල්ලේ ඤාණවිමල හිමි, ප‍්‍රකාශනය- ඇම්.ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ-11, මුද්‍රණය-1997.
අමෘතාවහ නම් වූ බුත්සරණ (සංස්.* වැලිවිටියේ සෝරත හිමි, ප‍්‍රකාශනය- පී. අභයවික‍්‍රම, ප‍්‍රථම මුද්‍රණය- 1953.
ද්විතීයික මූලාශ‍්‍රය
අමරවංශ හිමි, කොත්මලේ සිංහල සාහිත්‍යලතා. ප‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10. ප‍්‍රථම මුද්‍රණය- 1968.
කුලසූරිය, ආනන්ද සිංහල සාහිත්‍යය 1. ප‍්‍රකාශනය- සමන් මුද්‍රණාලය, මහරගම. ප‍්‍රථම මුද්‍රණය-1961.
ගුණවර්ධන, නානායක්කාර පොළොන්නරු යුගයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යය, ප‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10. ප‍්‍ර.මු. 1998.

නාරද හිමි, කිවුලේගෙදර සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍ය උද්ධෘත. ප‍්‍රකාශනය- 133/30, කිතුලවිල පාර, කිරිවත්තුඩුව, හෝමාගම. ප‍්‍රථම මුද්‍රණය- 2005.
වික‍්‍රමසිංහ, මාර්ටින් සිංහල සාහිත්‍යයේ නැගීම. ප‍්‍රකාශනය- මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය, නාවල, රාජගිරිය. ප‍්‍රථම මුද්‍රණය- 1946.
ශ‍්‍රී ධර්මකිර්ති, නිවන්දම සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගය. ප‍්‍රකාශනය- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල. ප‍්‍රථම මුද්‍රණය- 1952.
සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර සිංහල සාහිත්‍ය වංශය. ප‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ- 10. ප‍්‍රථම මුද්‍රණය- 1961.
හේවාමද්දුම, අමර සම්භාව්‍ය සාහිත්‍යයට පිවිසුමක්. ප‍්‍රකාශනය- එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ- 10. ප‍්‍රථම මුද්‍රණය- 1995.
තෘතීයික මූලාශ‍්‍රය
සම්භාෂා, 15 කලාපය. (සංස්.* වලස්වැවේ ඤානරතන හිමි, ප‍්‍රකාශනය-අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්වත් ශාකාවේ ප‍්‍රකාශනයකි, ප‍්‍රථම මුද්‍රණය- 2007.

කෝෂ ග‍්‍රන්‍ථ
සිංහල ශබ්ද කෝෂය- 23 කාණ්ඩය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය- 1991.

සුමංගල ශබ්දකෝෂය. (සංස්.* වැලිවිටියේ සෝරත හිමි. ප‍්‍රකාශනය- අනුලා මුද්‍රණාය, කොළඹ. ප‍්‍රථම මුද්‍රණය- 1963.