UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: රබන් කවි

Thursday, December 12, 2013

රබන් කවි

රබන් කවි නිවේදක: සුබ උදෑසනක් වේවා සාහිත්‍ය හිතකාමී සියලූ දෙනාට. අදත් ඉරිදාවේ පාන්දර අප ඔබ හමුවෙනවා වෙනදා වගේම ‘‘ගැමි සුව`ද’’ වැඩ සටහනින්. අද අපේ බලාපොරොත්තුව ‘රබන් කවි’ ගැන වැදගත් වූ රසබර තොරතුරු රැුසක් ඔබ වෙත සමීප කරවීමයි. ඒ ස`දහා මෙහි පැමිණ සිටිනවා ප‍්‍රවීණ සන්නිවේදනඥයකු වන මහාචාර්ය ඞී.එම්. සමරදාස විද්වතාණන්. එතුමන් අප සම්බන්ධ කරගන්නවා මෙම සාකච්ඡුාව සාර්ථක ලෙස ඉදිරියට රැුගෙන යාමට. ඉතිං අප එතුමන්ව සාදරයෙන් මේ වෙලාවේ පිළිගන්නවා. ආයුබෝවන්..මහාචාර්යතුමනි, මහාචාර්යතුමා: ආයුබෝවන්... නිවේදක: ඔව්..අද ගැමි සුව`ද වැඩසටහන ඔස්සේ අප කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ රබන් කවි ගැන. මහාචාර්යතුමනි, අපට පහදලා දෙන්න මුලින්ම රබන් කවිවල උපත සිද්ධ වුණේ කොහොමද කියලා. මහාචාර්යතුමා: ඔව්...ඇත්තටම රබන් කවිවල උපත රබානේ උපතත් එක්කම විමසන්න සිද්ධ වෙනවා. ඒ්ක කරන්නත් අපට අවකාශ ලැබෙන්නෙ රබන් කවි ම`ගින්මයි. මං එක කවියක් කියන්නම්.. ‘‘ඉසුරු ඔත් යහනේ දැකලා එ ? සිහිනේ නැ`ගි සිට උදෑස නේ ගොසින් පොරවක් රැුගෙන එවනේ ’’ මේ විදියට මේ කියන්න හදන්නෙ රබාන ඊශ්වර දෙවියන්ගෙ නිර්මාණයක් කියලයි. ඊශ්වර දෙවියා තමන් දුටු සිහිනයක් අනුව තමන්ම හිමයට ගොස්, ස`දුන් ගසක් කපා එය කැබලි කරලා, එහි වටය වඩු රියනින් මැන, මළ සතකුගේ සමක් යොදා එය සකස් කරගත් බව කියවෙනවා. ඇත්තටම මේ ප‍්‍රවෘත්තිය ජනශ‍්‍රැතිය තුළ පැවත එන්නක්. ඇත්තටම රබාන දඩයම් ජීවිත රටාවත් සම`ග ප‍්‍රභවය ලැබුවා කියලා කෙනෙක් තර්ක කරනවා. දඩයම් යුගයේ විසූ මිනිසා, තමන් දඩයම් කොට ගත් මස් වේලා නැත්නම් පුළුස්සා, ගස් බෙණවල දමා එම සත්ත්ව හම්වලින් ගස් බෙණ වහලා තිබ්බා කියලත් ඒවා ආහාරයට ගන්නා අවස්ථාවලදී ඒ හම්වලින් නැග්ග හ`ඩ, අත්දැකීම් කොට ගත් ඔවුන් එම හම්වලට තාලයකට ගසා විනෝද වූ බවත් කියන වෘත්තාන්ත ඒ ස`දහා ඔවුන් උපයෝගී කරගන්නා බව පෙනී යනවා... බුදුන් වහන්සේ උපන් දින දෙවියන් පංචතූර්ය නාද කළා කියලත් රබානද ඒ වාද්‍ය භාණ්ඩ අතර තිබුණ කියලත් කියවෙන රබන් කවි තියනවා. රබාන අඹෙන් උපන් පත්තිනි දේවිය උදෙසා නිර්මාණය කොට ගත්තක් කියලා තවත් ජනප‍්‍රවාදයකින් කියවෙනවා. තවත් ඇදහීමක් අනුව රබාන මහා බ‍්‍රහ්මයාගේ දායාදයක් කියලත් කියනවා. ‘ආතෝද්‍යය’ නම් භාණ්ඩයක් මහා බ‍්‍රහ්මයා විසින් නිර්මාණය කොට, මහා සම්මත රජු ඉදිරියේ වාදනය කරවන ලද බවත්, එතැන් පටන් එය මනුෂ්‍ය ලෝකයෙහි භාවිතයට ගත් බවත් කියවෙනවා. රබාන ආතෝජ්ජ (ආතෝද්‍ය* වාද්‍ය භාණ්ඩයක් ලෙසයි ගැනෙන්නෙ..නමුත් මේ රබානේ උපත ගැන කියවෙන මත එකක්වත් සම්මත වී පිළිගනු ලබන්නෙ නෑ. තවත් මතයක් අනුව රබාන අපට ඉන්දුනීසියාවෙන් ලැබුණ දෙයක්...රබාන යන වචනය හැදිලා තියෙන්නෙ ‘රේබාන්’ යන වචනයෙන් කියලා කියවෙනවා. ‘රේබාන්’ කියන්නෙ ඉන්දුනීසියාවේ සංගීත භාණ්ඩයක්...රබානෙහි ආරම්භය ප‍්‍රාථමික සමාජයෙන් ඇති වුණා කියලා හිතන්න මෙබ`දු ජනප‍්‍රවාද අපට සාධක සපයනවා. කොහොම වුණත් රබාන දේශීය භාණ්ඩයක් ලෙසත් රබන් ක‍්‍රීඩාව ජාතික ක‍්‍රීඩාවක්ය යන අදහසත් බි`ද වැටිලා නෑ.. නිවේදක: ඔව් මහාචාර්යතුමනි, ඒ විදියට මේ රබානේ උපත ඈත අතීතයකට දිව යන බව පේනවා. එතකොට අපට කියන්න රබන් වාදනය ශ‍්‍රී ලංකාවේදී මුල්වරට යොදා ගෙන තියෙන්නෙ කුමන කාලවකවානුවකද කියලා... මහාචාර්යතුමා: ශ‍්‍රී ලංකාවේදී මුල්වරට රබන් වාදනය යොදා ගැනුණේ මහා විජයබාහු රජතුමා (ක‍්‍රි.ව.1055-1110* විවාහ වන දවසේ, එම ම`ගුල් උත්සවය ස`දහා බව රබන් කවිවලින්ම අනාවරණය වෙනවා. ඒ කවි කියන්න මෙහි කාලය නැතත් ඒ තුළින් ප‍්‍රකට වන්නෙ එම කාරණයයි. නිවේදක: හො`දයි මහාචාර්යතුමනි, අපට කියන්න මේ රබන් කවිවල යොදාගත්ත බස කොයි වගේද කියලා. ඒ වගේම ඒවා කොච්චර පැරණි ද කියලා.. මහාචාර්යතුමා: රබන් පද බොහෝවිට සරලයි. ඒ වුණාට එහි ජීවිත ගමනෙහි රිද්මයක් ගැබ් වෙලා තියනවා කියලා මට හිතෙනවා. රබන් පද හො`දින් හ`දුනා ගන්නෙ නැතුව රබන් කවිවල රසවි`දීම තරමක් අමාරුයි.‘‘තරිකිට තරිකිට තක්කිට තරිකිට’’ යනුවෙන් ඇරඹෙන සරල පද තර`ගකාරී වනවිට ඉතා සංකීර්ණ වෙනවා...රබන් පද ඉතා පැරණි විය හැකියි. නමුත් අප අතර දැනට ඇති රබන් කවි සීපද කෝට්ටේ යුගයෙන් මෙහා රචිත ඒවා ලෙස සැලකිය හැක්කෙ ඒවායෙහි රචනා සම්ප‍්‍රදාය හා භාෂා ස්වරූපය නිසා. ඒ වුණාට ඒවා යුගයෙන් යුගය ඒ ඒ යුගයේ භාෂා පැවැත්මට අනුව වෙනස් වෙමින් පවතින බව පිළිගන්න සිද්ධ වෙනවා... නිවේදක: මහාචාර්යතුමනි, රබන් කවි විනෝදය ස`දහා පමණක් භාවිත කළ දෙයක්ද... මහාචාර්යතුමා: ඇත්තෙන්ම නැහැ. එය විනෝදය පමණක් සැපයූවක් නොවේ. සංස්කෘතික හා සාහිත්‍යයික අගයෙන් යුතු කලාංගයක් වුණා. අවුරුදු උළෙල, පොසොන් උළෙල, ඇසළ උළෙල ආදි ජාතික උත්සවවලදී රබන් වාදක කණ්ඩායම්වලට මුල්තැනක් ලැබුණ බව ස`දහන් වෙනවා. නිවේදක: මහාචාර්යතුමනි, රබාන ආදියෙහිදී විවිධ කාර්යයන් ස`දහා යොදා ගත් බව පේනවා නේද.... මහාචාර්යතුමා: ඇත්තෙන් ම ඔව්..අංග සම්පූර්ණ රබන් සෙල්ලමක් ස`දහා එය පස් ආකාරයකින් සමන්විත විය යුතු බව කියැවෙනවා. රබන් වාදනය ගැන එන පංචාංගය මෙහෙමයි. 1. ස්තෝත‍්‍ර ගායනා හා උපත් කවි 2. තහංචි පද (තහංචි ගායනා* 3. නැටුම් සහිත රබන් වාදනය 4. රබන් පෙරළිය 5. රබන් කරකැවීම සහ විරිදු රබන් රබන් වර්ග ගැන ඇති සටහන්ද පුරාණයෙහි රබාන විවිධ ජීවත් කාර්යයන්හි, උත්සව අවස්ථාවන්හි, රජුන් දෙවියන් බුදුන් වහන්සේ පිළිබ`ද පුද පූජා කාර්යයන් ස`දහා යොදාගත් බවට නිදර්ශන ඕනෑතරම් තියනවා. නිවේදක: මහාචාර්යතුමනි, අපට පුළුවන් නේද, රබන් කවි ම`ගින් දේශීය ගැමියාගේ අනන්‍යතාව මතු කරගන්න... මහාචාර්යතුමා: ඇත්ත වශයෙන්ම පුළුවන්. රබන් කවිවල දේශීය හා ජාතික අනන්‍යතාව අපට හ`දුනාගන්න පුළුවන් වෙන්නෙ විශේෂයෙන්ම අවුරුදු රබන් කවි සීපද විමසීමෙන්. වසන්ත උළෙලෙහි රටේ ඇතිවන ස්වභාව සෞන්දර්යයද ප‍්‍රබුද්ධතාවද ක‍්‍රීඩා ලෝලත්වයද එම කවිවලින් කියවෙනවා...ඒ වගේම ගැමියන්ගේ ජීවිත සෞන්දර්යයද ඒ තුළින් අවබෝධ කරගන්න පුළුවන්. මං ඒ වගේ රබන් කවි කීපයක් කියන්නම්... ‘‘පහළ ගෙදර තුන් දෙනයි ඉහළ ගෙදර තුන් දෙනයි අපේ ගෙදර තුන් දෙනයි තුන් පලේම නව දෙනයි’’ ‘‘බොලන් ලොකු නැන්දෙ ටිකක් හිටපන් බොලන් පොඩි නෑනෙ ටිකක් හිටපන්’’ රබන් කවිකාරයන්ගෙ සිරිත තමා හිතට නැෙ`ගන කවර කරුණක් වුවද කවියට ගළපා ගැනීම. රබන් පදයේ තාලයට වචන ගළපා ගැනීම ප‍්‍රමාණවත්. සමාජ උපහාසයද ඉතා සියුම් ලෙස රබන් කවිවල ගැබ්වෙනවා. රබන් පද කොයිතරම් සැහැල්ලූ වුණත් සරල වුණත් අරුත් වශයෙන් ද රසවත්. සමහරක් විට ගැඹුරු අර්ථ ද ඒවායින් ප‍්‍රකාශ වන බව පේනවා. බලන්න මේ රබන් කවිය... ‘‘ හො`ද හො`ද කුක්කන් ගමගෙට දක්කන් තෙමිච්ච කුකුළන් මිදුලට දක්කන් ලොක්කන් බක්කන් කොළඹට දක්කන්’’ මේ කවියෙන් අපට පුුළුවන් කදිම උපහාසයක් වි`දගන්න. සමාජ පරතරයත් ඒ පිළිබ`ද පැවැත්මත් හාස්‍යෝත්පාදකව කියවෙන මෙහි උපහාසය සියුම්ව වි`දගත යුත්තක්. අවට සෞන්දර්යය කෙරෙහි දනවන ආස්වාදජනක හැ`ගීම්ද රබන් පදවලින් මතු වෙනවා. ශබ්දානුප‍්‍රාසයද එම රසභාව හා එක් වෙනවා. මේ බලන්න.... ‘‘තාක්ක තෙයි තෙයි තාක්ක තෙයි තෙයි තේක්ක මල් පිපිලා ඔන්න ඔන්න සකි මෙන්න බලන් සකි පාරට මල් නැමිලා’’ ස්වභාව සෞන්දර්යය විතරක් නොවෙයි ජීවිත සෞන්දර්යයද රබන් කවිවලින් වහනය වන බව පේනවා... ‘‘රන් ඉර වට-ඉර ගිරවි රන් මාලා ගොතාවී රන් කුඹු තන කොතලේ වට මුතු දෙපටක් හැපිච්චී රන්සේලේ රැු`දි බ`ද වට රන් ගෝමර ඉහිච්චී රන් නෑනා අවුරුද්දට ගම්මානෙට එබිච්චී’’ නිවේදක: මහාචාර්යතුමනි, ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික රබන් පද තියෙනවා නේද.... මහාචාර්යතුමා: ඔව්....ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික රබන් පද අපට දැකගන්න පුළුවන්. බොහෝ ප‍්‍රදේ්්්්්්්ශවල රබන් කවි ආගමික පැත්තට බරයි. ඓතිහාසික කරුණු වගේම බුද්ධ චරිතයේ හා බෝධිසත්ව චරිතයේ වඩාත් සිත්ගත් තැන් රබන් ශිල්පීන්ගේ විෂය වෙලා තියෙනවා. සැම ප‍්‍රදේශයකින්ම වාගේ ඒ ඒ ප‍්‍රදේශවලට අනන්‍ය වූ රබන් කවි සීපද හමුකර ගත හැකි වෙතත් ජනප‍්‍රිය රබන් පද සියල්ලම වාගේ රට පුරා පැතිර පවතින බව පේනවා.... නිවේදක: මහාචාර්යතුමනි, අපට ලැබී තිබෙන කාලය අවසන් වී ගෙන යන නිසා කෙටියෙන් අපට කියන්න රබන් කවිවල අන්තර්ගතය කොයි වගේද කියලා.... මහාචාර්යතුමා: රාජ සභාවත්, පැල්පතත් කවියෙන් රසවත් කළ මුංකොටුවේ රාළ, අබේසිංහ රාළ, ලෙව්කේ මැති`දු, අන්දරේ, ගජමන් නෝනා ආදින්ගෙන් කියැවුණ කවිද රබන් කවි අතරට එක්වෙලා තියෙනවා. උපත් කවි, තේරවිලි කවි, තහංචි කවි, අවසර ගැනුම් කවි, පින්දෙන කවි, බුද්ධ චරිතය හා ජාතක කථා ආශ‍්‍රිත කවි, පත්තිනි දේවිය හා වෙනත් දෙවිවරුන් ගැන කවි, ඓතිහාසික තතු ඇතුළත් කවි, ශෘංගාරාත්මක කවි, අර්ථ රසයට වඩා ශබ්ද රසයට ප‍්‍රමුඛත්වය දුන් කවි, සමාජ සංසිද්ධි මුල්කරගත් කවි, විවිධ විෂයක්‍ෂේ්ත‍්‍ර ස`දහා රසවත්ව ගළපා ගත් කවි ආදි වශයෙන් රබන් කවි සීපද යොමු වූ විෂය ප‍්‍රදේශය ඉතා පුළුල් වූවක් බව කියන්න පුළුවන්. අවසාන වශයෙන් සතුටත්, සාමයත්. වාසනාවත් ගෙන එන හ`ඩක් ලෙස රබන් හ`ඩ කෙරෙහි ගැමියන්ගෙ විශ්වාශයක් අද දක්වාත් පවතින බව කියන්න පුළුවන්. එසේම රබන් හ`ඩ, රබන් කවි ප‍්‍රබල හැ`ගුම් දනවන සන්නිවේදන මාධ්‍යක් ලෙස සලකන්නත් පුළුවන්. නිවේදක: හො`දයි මහාචාර්යතුමනි, අද අපට ලැබී තිබෙන කාලය අහවර වීගෙන යනවා. අපේ රසික සහෘදයන්ට රබන් කවි ගැන අගනා තොරතුරු රැුසක් ඉදිරිපත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඔබතුමන්ට කෘතඥතා පූර්වක ගෞරවය පිරිනමනවා. අද ඔබතුන්ට අපි සමුදෙනවා..ආයුබෝවන් මහාචාර්යතුමනි..., මහාචාර්යතුමා: ආයුබෝවන්.... නිවේදක: හො`දයි අප පසුවටත් මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සියලූ දෙනාට සාහිත්‍ය රසවින්දනයට ඉඩකඩ පුළුල් වේවායි ප‍්‍රාර්ථනා කරනවා. ඒ සම`ගින් අදට ඔබෙන් සමුගන්නවා නැවතත් ඔබව හමුවන බලාපොරොත්තු ඇතිව.., සුබ දවසක් ප‍්‍රාර්ථනා කරනවා සියලූ දෙනාට.., මම ඔබේ ආදරණීය සමන් පද්මකුමාර...