UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ඍණීකරණය, නව්‍යතාව හා භාෂාව

Thursday, December 12, 2013

ඍණීකරණය, නව්‍යතාව හා භාෂාව

ඍණීකරණය, නව්‍යතාව හා භාෂාව මිනිසා අන්‍යොන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට යාමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් භාෂාව ඇති විය. මෙසේ ඇති වූ භාෂාව පිළිබ`ද විද්‍යාත්මක නයින් කරන අධ්‍යයනය වාග්විද්‍යාව ලෙස හැ`දින්වේ. මෙසේ භාෂාව පිළිබ`ද විද්‍යාත්මක නයින් අධ්‍යයනය කිරීම ආරම්භ වන්නේ දහනවවන සියවසේදීය. එහෙත් එයට පෙර ‘ඡුයසකදකදටහ’ නමින් ග‍්‍රීසිය මුල් කොට ගෙන අපරදිගද භාරතය මුල් කොට ගෙන පෙරදිගද භාෂාධ්‍යයනය සිදු විය. දහනවවන සියවසේදී මෙම භාෂාධ්‍යයනය විද්‍යාත්මක නයින් කරන අධ්‍යයනයක් දක්වා වර්ධනය වූ පසු ඓතිහාසික වාග්විද්‍යාව, විග‍්‍රහාත්මක වාග්විද්‍යාව, තුලනාත්මක වාග්විද්‍යාව ආදි වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවේශත‍්‍රයක් යටතේ අධ්‍යයනය කිරීම සිදු විය. මේ අතරින් ඓතිහාසික වාග්විද්‍යා විෂයක්‍ෂේත‍්‍රයට අයත් ප‍්‍රධාන සංකල්පයක් වශයෙන් ඍණීකරණය දැක්විය හැකිය. ප‍්‍රදායක භාෂාවකින් ආදායක භාෂාවකට වචන ආදිය ණයට ගැනීම හේතුවෙන් ආදායක භාෂාවක් තුළ විවිධ නව්‍යතා ඇති වේ. මෙම ලිපියේදී අධ්‍යයනය කරනු ලබන්නේ එකී නව්‍යතා පිළිබ`දවය. 01.01. ඍණීකරණය භාෂාවක ආභ්‍යන්තරිකව නව වචන නිර්මාණය වුවද සුලබව නව වචන නිර්මාණය වන්නේ සංස්කෘතික සංස්පර්ශය හේතුවෙනි. මානව භාෂාවක පැවැත්මට හේතුවන ප‍්‍රමාණත‍්‍රයෙන් ‘ලෝකප‍්‍රමාණය’ යටතේ සාකච්ඡුා වන්නේ මෙම කරුණු පිළිබ`දවය. සිංහල භාෂාව සම්බන්ධයෙන් සලකා බලන විට පණ්ඩුකාභය රජ දවස පටන් ග‍්‍රීක, රෝම, ජාවා, සුමාත‍්‍රා, පර්සියන්, අරාබි, සියම්, චීන, බුරුම, දෙමළ ආදි භාෂාවල සංස්පර්ශය සිංහල භාෂාව ස`දහා ලැබුණි. හරක් ළ හෙර්කොස් (ග‍්‍රීක* පොළ ළ පොලිස් (ග‍්‍රීක* ඇම ළ ඇමෝ (රෝම* කොට ළ කොර්ටෝ (රෝම* සේරු ළ සේරු (පර්සි* සොරණෑ ළ සොර්නෑ (පර්සි* රබාන ළ රමාන (ජාවා* සම්බෝල ළ සම්බල් (මැලේ, ජාවා* අභයගිරියේ මහා බුද්ධරක්‍ඛිත වැනි ප`ඩිවරුන් ග‍්‍රීක ප‍්‍රාන්තවලට ගොස් ග‍්‍රීක භාෂාව උගෙන තිබේ. මීට අමතරව කෝට්ටේ යුගයෙන් පසුව සිංහලය ස`දහා පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආදි භාෂාවල අභාසය ලැබුණි. මෙම සාධකවලට අනුව සිංහල භාෂාව කෙරෙහි අනුරපුර යුගයේ සිටම විවිධ භාෂාවල සංස්පර්ශය ලැබුණු බව පැහැදිලිය. මෙසේ ස්වකීය භාෂාවේ සංවර්ධනය උදෙසා ඒ සම`ග සංස්පර්ශය වන අන් භාෂාවකින් වදන් ලබා ගැනීම වාග්විද්‍යාවේදී හ`දුන්වන්නේ ඍණීකරණය (ඊදරරදඅසබට* යනුවෙනි. ‘‘ඍණීකරණය යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රස්තුත භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ආදිය ණයට ගැනීමයි. එක් භාෂා සම්ප‍්‍රදායයක් කෙරෙහි වෙනත් භාෂා සම්ප‍්‍රදායයක බලපෑමයි.’’ භාෂා ඍණීකරණයේදී ද්විභාෂකයෙකු සිටීම අත්‍යවශ්‍යයය. මෙම ද්විභාෂකයාගෙන් ව්‍යවහාරයට පිවිසෙන රූපයන් අන්‍යයන් විසින් අනුකරණය කරනු ලැබීම හේතුවෙන් භාෂාවකට නව්‍ය රූප එකතු වේ. ඍණීකරණය ස`දහා බලපාන භාෂා දෙක ප‍්‍රදායක හා ප‍්‍රතිලාභී වශයෙන් දෙයාකාර වේ. සාමාන්‍යයෙන් ප‍්‍රදායක භාෂාව වනුයේ වරප‍්‍රසාද සහිත ජනතාවගේ භාෂාවයි. වරප‍්‍රසාද රහිත ජනතාවගේ භාෂාව ප‍්‍රතිලාභී භාෂාව වේ. ඍණීකරණය සිදුවන්නේ ප‍්‍රදායක භාෂාවෙන් ප‍්‍රතිලාභී භාෂාවටය. ඍණීකරණය සිදුවීමෙහිලා පරමාර්ථ දෙකක් බලපානු ලබයි. එනම්, ඌන පූර්ණතා පරමාර්ථය හා සම්භාවනා පරමාර්ථයයි. ඌන පූර්ණතා පරමාර්ථය යනුවෙන් හ`දුන්වන්නේ සංස්කෘතික සංස්පර්ශයේ බලපෑමෙන් පිවිසෙන නව්‍ය සංකල්ප හා සංස්කෘතිකාංග හැ`දින්වීමට ප‍්‍රදායක බසෙහි වචන භාවිත කිරීමයි. ක්‍්පැර් - කැමරාව ඊසජහජකැ - බයිසිකලය ්ැරද චක්බැ - ගුවන් යානය/අහස් යාත‍්‍රාව ඹබසඩැරිසඑහ - විශ්වවිද්‍යාලය/සරසවිය යම් අර්ථ සංකල්පයක් ප‍්‍රකාශයට උචිත වචනයක් යම් භාෂාවක පවතින අතරම එය අතහැර අන් බසකින් නව වචනයක් ණයට ගනී නම් එයට බලපාන්නේ සම්භාවනා පරමාර්ථයයි. ඍණීකරණය උපභාෂාමය වශයෙන්ද සිදුවන අතර එම නිසා උපභාෂා ඍණීකරණ යනුවෙන්ද ව්‍යවහාර වෙයි. උපභාෂා ඍණීකරණය යනුවෙන් හ`දුන්වන්නේ එක් උපභාෂාවක නොවූ ලක්‍ෂණයක් අලූතින් එම භාෂාවට එකතු වීමයි. නැතහොත් තිබූ ලක්‍ෂණයක් පුනර් විස්තෘති වීමයි. පහත නිදසුනෙන් එය මනාව පැහැදිලි වේ. ව්‍යවහාර සිංහලය උපභාෂා ් උපභාෂා ඊ පිණිසාර්ථ ක‍්‍රියාව ස`දහා ‘පුළුවං’ යෙදේ. පිණිසාර්ථ ක‍්‍රියාව ස`දහා ‘ඇහැකි’ යෙදේ. ‘කරන්න පුළුවං’ ‘කරන්න ඇහැකි’ අතීතකාල කෘදන්ත රූපය ‘ඇහැකි’ යෙදේ. අතීතකාල කෘදන්ත රූපය ‘ඇහැකි’ යෙදේ. ‘කෙරිය ඇහැකි’ ‘කෙරිය ඇහැකි’ මෙහිදී උපභාෂා ්හි ‘හැකි’ යන අර්ථය දැක්වීම ස`දහා ‘පුළුවං, ඇහැකි’ යන රූප දෙක ප‍්‍රකරණ භේදය අනුව යෙදුණද ඊ උපභාෂාවෙහි ප‍්‍රකරණ දෙකෙහිම දක්නට ලැබෙන්නේ ‘ඇහැකි’ යන රූපයයි. මෙහිදී ඊ උපභාෂාවේ බලපෑම නිසා ් උපභාෂාවේ පළමු ප‍්‍රකරණයේද ‘ඇහැකි’ යන රූපය යෙදෙන්නට ඉඩ තිබේ. එය ් උපභාෂාවේ වූ ඇහැකි යන රූපයෙහි පුනර් විස්තෘතියකි. භාෂාමය ඍණීකරණයෙහිලා ප‍්‍රකරණය දෙයාකාර වෙයි. එනම් භාෂා ප‍්‍රකරණ හා පඨන ප‍්‍රකරණය වශයෙනි. භාෂා ප‍්‍රකරණය යනුවෙන් හ`දුන්වන්නේ ව්‍යවහාරයේ යෙදෙන දෙදෙනාගේ භාෂා හා අභිචාර විධි අන්‍යොන්‍ය වශයෙන් බලපෑම් කිරීමයි. නිදසුන් වශයෙන් ් හා ඊ වශයෙන් කථකයන් දෙදෙනෙකු ගතහොත් ්ගේ කථා ව්‍යවහාරයේ එන යම් යම් ලක්‍ෂණ ඊගේ කථා ව්‍යවහාරය කෙරෙහිද ඊගේ කථා ව්‍යවහාරයේ එන යම් යම් ලක්‍ෂණ ්ගේ කථා ව්‍යවහාරය කෙරෙහිද බලපෑම් ඇති කිරීම භාෂා ප‍්‍රකරණය නමින් හැ`දින්වේ. පඨන ප‍්‍රකරණය යනුවෙන් හ`දුන්වන්නේ ලේඛනයෙහි බලපෑම මත පාඨකයා කෙරෙහි යම් යම් නව්‍යතා ඇති වීමයි. ඍණීකරණයේදී ප‍්‍රස්තූත පුද්ගල ව්‍යවහාර දෙකක් අතර ඇති සාම්‍යත්වයේ ප‍්‍රමාණය කෙතෙක්ද යන්නද ඉතා වැදගත් වේ. ඒ අනුව ් හා ඊ යන කථකයන් දෙදෙනාගේ ව්‍යවහාර දෙකෙහි සාම්‍යත්වය ඉතා විශාල නම් ඍණීකරණයට එතරම් අවශ්‍යතාවක් ඇති නොකරන අතර ් හා ඊ එකිනෙකට ඉතා වෙනස් නම් ඍණීකරණය ඉතා ¥රස්ථ වේ. ් හා ඊ අතරේ ව්‍යාකරණමය වශයෙන් පොදු හරයක් ඇත්නම් උපභාෂා ඍණීකරණයද ් හා ඊ අතරේ එසේ පොදු හරයක් නැතත් එක්තරා ප‍්‍රමාණයකට ද්විභාෂකත්වයක් හෙවත් අර්ධ ද්විභාෂකත්වයක් ඇත්නම් භාෂාමය ඍණීකරණය සිදු වෙයි. භාෂාවක් තුළ විවිධාකාරයෙන් සිදු වන ශබ්ද පරිණාම මත ඇති වන නව්‍යතා ව්‍යාප්තිය ස`දහාද උපයෝගී වන්නේ ඍණීකරණයයි. එය පහත නිදසුනෙන් මනාව පැහැදිලි කර ගත හැකිය. ් ඊ ක්‍ ඉදරəනə ඨදරəනə ඨදරəනə ඉමාසරසහə ඉමාසරසහə ඨමාසරසහə ඉමරමකැථඑඑමඩə ඨමරමකැථඑඑමඩə ඨමරමකැථඑඑමඩə මෙහිදී ් ඊ ක්‍ ව්‍යවහාරයේදී මුණ ගැසීම නිසා ඊගේ ඨදරəනəල ඨමරමකැථඑඑමඩə යන වචන ඉදරəනəල ඉමරමකැථඑඑමඩə බවටද ක්‍ගේ ව්‍යවහාරයේ එන ඨදරəනəල ඨමාසරසහəල ඨමරමකැථඑඑමඩə යන වචන ඉදරəනəල ඉමාසරසහəල ඉමරමකැථඑඑමඩə බවටද පත්වීමට ඉඩ ඇත. මෙසේ සිදු වන ශබ්දිම පරිණාමය නිසා ඇති වන නව්‍යතාවෙහි ව්‍යාප්ති සාධකය වන්නේ ඍණීකරණයයි. ඍණීකරණය හේතුවෙන් ආදායක භාෂාවෙහි නව්‍ය රූඪි ඇති වීමද සිදු වෙයි. වෙනත් භාෂක සමාජයකින් ගන්නා ලද සංස්කෘතික අංග, ආචාර විධි සහ අදහස් උදහස් ආදිය දැක්වීම ස`දහා අලූත් නාම සටහන් අවශ්‍ය වෙයි. මෙම නාම සටහන් සකසා ගන්නා ආකාරය අනුව කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. ෂග ඍණ-වචන ෂෂග ඍණ-ක්‍ෂේප ෂෂෂග ඍණ සංකලන ෂඪග ඍණ පරිවර්තන ෂග ඍණ-වචන කිසියම් වස්තුවක් හැ`දින්වීම ස`දහා ප‍්‍රදායක භාෂාවෙහිම එන නාම සටහනක් ණයට ගැනීම ඍණ-වචන යනුවෙන් හැ`දින්වේ. නූතනය වන විට ඉංග‍්‍රීසි භාෂාවේ හා සංස්කෘතියේ බලපෑම මත නූතන සිංහල ව්‍යවහාරයට ඍණිත වචන රාශියක් එකතු වී තිබේ. ටැබ්ලට් කොන්දොස්තර දොස්තර පාර්සල් ෂෝකේස් කේක් මෙසේ කිසියම් භාෂාවකට ඍණිත වචන එකතු වීම එම භාෂාවේ භාෂා පද්ධතිය වෙනස් වීමට හේතු වන අතර එසේ වෙනස් වන පද්ධති කිහිපයකි.  නිඝණ්ටු පරිණාමය සහ අර්ථ පරිණාමය  නිරූපණ පරිණාමය  විකල්ප පරිණාමය කිසියම් භාෂාවකට ඍණිත වචන එකතු වීම හේතුවෙන් එම භාෂාවේ නිඝණ්ටු පරිණාමයට පත් වන අතර පෙර භාෂාවේ නොවූ අර්ථද භාෂාවට එකතු වීම සිදු වේ. එසේම ඇතැම් අර්ථවල ව්‍යාප්ති ක්‍ෂේත‍්‍රද ඍණ-වචන නිසා විපුලත්වයට පත්වේ. නිදසුනක් ලෙස මුල්කාලීන යුගවල ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය ගතහොත් ඒ තුළ පැවතියේ ඇත්, අස්, නැව්, ඔරු, ගැල් ආදි වචන පමණි. එහෙත් නූතනය වන විට විවිධ භාෂාවන්ගේ හා සංස්කෘතීන්හි සංස්පර්ශය ලැබීමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් එය ඇත්, අස්, කරත්ත, ඔරු, සයිකල්, නැව්, බෝට්ටු, ප්ලේන්, හෙලිකොප්ටර්, කාර්, බස්, ලොරි, වෑන්, මෝටර් සයිකල්, ටේ‍්‍රන් ආදි වශයෙන් විපුලත්වයට පත්ව තිබේ. එසේම භාෂාවකට අලූත් වචන එකතු වීම හේතුවෙන් අලූත් භාෂා ස්වරූප භාෂාවකට ඇතුළත් වීම සිදු වේ. නිදසුනක් ලෙස සිංහලය ආරම්භයේදී ට්, ව් ඝෝෂ ස්පර්ශ සහ ‘ර්’ වලින් අවසන් වන වචන නොවුණද ඉංග‍්‍රීසියේ බලපෑම මත ට්, ඞ්, ච්, ජ්, ග්, බ්, ර් යන අකුරුවලින් අවසන් වන වචන නූතනයේදී දක්නට ලැබේ. පැකට් ස්වීච් බෑග් ටයර් කාඞ් ටියුබ් මෙය නිරූපණ පරිණාමය ලෙස හැ`දින්වේ. ඍණ-වචනවල බලපෑම නිසා ඍණිත භාෂාවෙහි අලූතින් විකල්පන ක‍්‍රම ඇති වීම විකල්ප පරිණාමය වශයෙන් හැ`දින්වේ. සිංහල භාෂාව තුළ පදාන්ත ඝෝෂ ස්පර්ශ අඝෝෂීකරණය වීම සාමාන්‍ය ධර්මතාව වුවද ඉංග‍්‍රීසි භාෂාවේ බලපෑම මත බෑග්, ටියුබ් වැනි පදාන්ත ඝෝෂ ස්පර්ශ පවතින වචන නිර්මාණය වී තිබේ. මෙනිසා නව විකල්පන ක‍්‍රමයකට ම`ග පෑදීම මෙම විකල්පන පරිණාමය නිසා සිදුව තිබේ. මීට අමතරව ව්‍යාකරණ පරිණාමය හා ශබ්ද, ශබ්දිම පරිණාමයද ඍණිත වචන හේතුවෙන් බලපෑම් ලබන භාෂා පද්ධති ද්වයක් වන අතර ඒ පිළිබ`ද ශබ්දිම හා ව්‍යාකරණ ඍණීකරණය යටතේ කරුණු සාකච්ඡුා කෙරේ. ෂෂග ඍණ-ක්‍ෂේප වෙනත් සංස්කෘතියකින් ගන්නා ලද වචනයක අර්ථ ප‍්‍රකාශ කිරීම ස`දහා එම අර්ථවාචී වචනය එම භාෂාවෙන් ණයට නොගෙන ඒ ස`දහා ස්වභාෂාවේ වචන ඇසුරෙන් සකස් කර ගැනීම ඍණ-ක්‍ෂේප වශයෙන් හ`දුන්වයි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් වෙනත් භාෂාවක බලපෑම මත ඍණිත භාෂාවෙහි නව රූඪි ඇති වීම සිදු වේ. මධ්‍යකාලීන යුගයේ පාසැල යන අර්ථයෙන් යෙදුණු පල්ලිය යන්න ඉංග‍්‍රීසි ක්‍යමරජය යන අර්ථයෙන් වර්තමාන සිංහලයෙහි යෙදීම මීට නිදසුනකි. මීට අමතරව, ක්‍දසක - ද`ගරය ක්‍්චිමක්ර - කරල ීඑැඑයදිජදචැ - නළාව යනාදි නිදසුන්ද මේ ස`දහා දැක්විය හැකිය. ඍණ-ක්‍ෂේප හේතුවෙන් භාෂා පද්ධතිය වශයෙන් ගත් විට සිදු වන්නේ අර්ථ පරිණාමයකි. නැතහොත් මුලින් තිබූ වචනයක අර්ථෙක්‍ෂ්ත‍්‍රය වඩාත් ව්‍යාප්ත වීමකි. ෂෂෂග ඍණ සංකලන ඍණ සංකලන යනු ඍණ-ක්‍ෂේප හා ඍණ වචන යන සාධක දෙකෙහිම ක‍්‍රියාකාරිත්වයෙන් ඇති වන නව රූඪියයි. මෙහිදී ආදර්ශ ප‍්‍රකාශනයෙන් කොටසකුත් ඍණිත භාෂාවෙහි වචනයකුත් සමාන කොට යොදා ගනු ලැබේ. ඉංග‍්‍රීසි සිංහල ඍ්සබ ජද්එ වැහි කෝට් එක ත්‍දමබඒසබ චැබ උල්පත් පෑන භදඑැ ඉදදන නෝට් පොත ඨ්ි ිඑදඩැ ගෑස් ලිප ෂඪග ඍණ පරිවර්තන ඍණ-ක්‍ෂේපයට සමාන එහෙත් ප‍්‍රතිඵලය වශයෙන් සංකීර්ණ රූප ලැබෙන ඍණ වර්ගයක් ලෙස ඍණ පරිවර්තන හැ`දින්විය හැකිය. මෙහිදී ආදායක භාෂාවෙන් ලැබෙන ආදර්ශ භාෂා රූපය තනි වචනයක් හෝ වචන කිහිපයක් විය හැකිය. දුම්රිය ළ ඔර්සබ ගුවන්යානය ළ ්ැරදචක්බැ විදුලි බුබුල ළ ෑකැජඑරසජ ඉමකඉ යතුරු ලියනය ළ ඔහචැ උරසඑැර 01.02. ඍණීකරණය ස`දහා බලපාන සාධක ඍණීකරණය යනුවෙන් හ`දුන්වන්නේ භාෂාවකින් වෙනත් භාෂාවකට වචන ගැනීමයි. භාෂා පරිණාම මූල ධර්ම වශයෙන් සලකන විටද ඍණීකරණය ඉතා වැදගත් වන්නකි. ඍණීකරණයට ලක් නොවූ කිසිඳු භාෂාවක් නූතනයේ දක්නට නොමැත. නූතනයේ දියුණුම භාෂාව වශයෙන් සැලකෙන ඉංග‍්‍රීසියද මීට දශක කිහිපයකට පෙර එතරම් දියුණු මට්ටමක නොපැවතිණි. එහෙත් විවිධ භාෂාවල හා සංස්කෘතිවල සංස්පර්ශය හේතුවෙන් නූතනය වන විට ලෝකයේ දියුණුතම භාෂාව දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව ඍණීකරණය යන්න සැම ජීව භාෂාවක් තුළම සිදු වන කාර්යයක් බව පැහැදිලි වේ. කිසියම් භාෂාවකින් තවත් භාෂාවකට ඍණීකරණය වීම ස`දහා බලපාන සාධක කිහිපයකි. ෂග ‘‘වෙනත් බසකින් වචන, අදහස් ආදිය ගැනීම ෂෂග භාෂා සමාජයක් ශාඛා ප‍්‍රශාඛාවලට බෙදී යාම ෂෂෂග භෞතික පරිසරය ෂඪග අදහස් වඩා පැහැදිලි ලෙස, විස්තර සහිතව හෝ වර්ණනාත්මකව ප‍්‍රකාශ කිරීමට උත්සහ කිරීම ඪග අලංකාර ලෙස හා රසවත් ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති ආශාව ඪෂග ශිෂ්ට සම්මත ලෙස හා උසස් ලෙස කථා කිරීමට ඇති කැමැත්ත ඪෂෂග බියකරු, පිළිකුල් කටයුතු හෝ පහත් හැ`ගීම් උපදවන අදහස් ප‍්‍රියමනාප ලෙස ප‍්‍රකාශ කිරීමට උත්සහ කිරීම ඪෂෂෂග මිථ්‍යා විශ්වාස හා ඇතැම් සමාජ සිරිත් විරිත් ෂඞග ආදරය, ළැදිකම හා ළ`ගබව පෙන්වීමට ඇති ආශාව ඞග වචනවල අදහස් නොදැනීම, පැහැදිලි ස්ථිර නිගමයක් නොමැති බව හෝ නොසැලකිල්ල නිසා වැරදි ලෙස වචන භාවිත කිරීම ඞෂග ස්ථිර තේරුමක් නැති තත්ත්වයේ වචන ඞෂෂග ශබ්ද පිරිමැසුම් පහසුව, ඉක්මන්කම හා වේගවත්බව හේතුවෙන් වචන නිසි ලෙස ශබ්ද නොකිරීම ඞෂෂෂග අමුතු වචන නිෂ්පාදනය කිරීම ඞෂඪග අතිශයෝක්තියෙන් හා අවධාරණයෙන් යුතුව අභ්‍යන්තර හැ`ගීම් ප‍්‍රකාශ කිරීම’’ 01. 03. ඍණීකරණය භාෂාවක නව්‍යතා ඇතිවීම කෙරෙහි බලපාන ආකාරය සංස්කෘතික හා භාෂාමය සංස්පර්ශය හේතුවෙන් කිසියම් ආදායක භාෂාවකට ඇතුළත් වන ආගන්තුක සංකල්පයක් නිරූපණයට අවශ්‍ය වචනයක් එම භාෂාව තුළ දක්නට නොමැති නම් ගැටලූකාරී තත්ත්වයන් මතු වේ. පෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් විස්තර කිරීමට යාමේදී සිංහලයන්ට මෙම ගැටලූවට මුහුණ පාන්නට සිදු වූ බව රාජාවලියෙන් පැහැදිලි වේ. ‘‘අපගේ කොළොන් තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් බොහෝ රූපශ‍්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇ`ගලාගෙන යකඩ තොප්පි ඉසලාගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරනවාය කියාත් පාන් මුද්දරප්පලම් අරක්කු කනු බොනු දැක කුඩු ගල් සපා කමින් ලේ බොන්නන්න කියාත්...’’ පාන් හා වයින් යන ද්‍රව්‍ය මෙන්ම පෘතුගීසීන්ගේ ස්වරූපය පිළිබ`ද වහරන වචන නොදැන සිටි හේතුවෙන් සිංහලයන් පත් වූ අසීරුතාව මෙයින් මනාව පැහැදිලිය. මෙසේ කිසියම් භාෂාවක පැනෙන ස්වභාවයන් තවත් භාෂාවකින් නිරූපණය කිරීමට නොහැකි වූ විට එම භාෂා දෙක අතරින් වරප‍්‍රසාද රහිත භාෂාවට වරප‍්‍රසාද ලත් භාෂාවෙන් ඍණීකරණය වේ. මෙනිසා ආදායක භාෂාවේ 1ග ශබ්ද 2ග වචන 3ග ව්‍යාකරණ රීති 4ග සාම්ප‍්‍රදායික යෙදුම් 5ග සාහිත්‍ය උක්ති යන පද්ධතීන්හි විවිධ නව්‍යතා ඇති වේ. 1ග ශබ්ද ඍණීකරණය ප‍්‍රධාන භාෂාවෙන් ආදායක භාෂාවට අකුරු ඍණීකරණය වීම ශබ්ද ඍණීකරණය යනුවෙන් හැ`දින්වේ. සිදත්ස`ගරාවට අනුව ප‍්‍රාරම්භක අවධියේ සිංහල අක්‍ෂර මාලාවේ පැවතියේ සීමිත අක්‍ෂර ප‍්‍රමාණයකි. සිදත්ස`ගරාවේ ‘‘පණකුරු පසෙක් එද - ලූහු ගුරු බෙයින් දස වේ ගතකුරුද වේ විස්සෙක් - වහරට යුහු සිය බසැ’’ වශයෙන් දැක්වෙන පරිදි ප‍්‍රාරම්භක යුගයේ සිංහල අක්‍ෂර මාලාවේ පැවතියේ අක්‍ෂර තිහකි. අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ (අ*ං එහෙත් පසුකාලීනව පාලි, සංස්කෘත භාෂාවල ආභාසය නිසා මෙම අක්‍ෂර මාලාව අක්‍ෂර පනස්හතරක් දක්වා නැවත වර්ධනය විය. ඒ අනුව ඍ ඍෘ ඏ ඐ ඓ ඖ ඛ ඝ ඞ ච ඡු ඣ ඤ ඨ ඪ ථ ධ ඵ භ ශ ෂ (අ*ඃ යන අක්‍ෂර පාලි, සකු යන මාතෘ භාෂාවල සංස්පර්ශය හේතුවෙන් සිංහල අක්‍ෂර මාලාවට ඍණීකරණය වී තිබේ. නූතන සිංහල අක්‍ෂර මාලාවේ අක්‍ෂර හැටක් පවතී. එහිදී ඉංග‍්‍රීසි වැනි භාෂාවල ආභාසය කරණකොටගෙන ‘ෆ’ වැනි අක්‍ෂර සිංහලය ස`දහා ඍණීකරණය වී තිබේ. මීට අමතරව ’සබනල ’දද වැනි වචනවල ආදියෙහි යෙදෙන දන්තජ ඌෂ්මන් ඝෝෂ ශබ්දය තවමත් සිංහලයට ඍණීකරණය වී නොතිබුණද සිංහල - ඉංග‍්‍රීසි ද්විභාෂයකයන්ගේ උච්චාරණයන්වල එය දක්නට ලැබෙන අතර ඉදිරි කාලයේදී සිංහල ශබ්දිම පද්ධතියට එක්වන ලකුණු පෙන්වයි. ඒ අනුව අක්‍ෂර තිහකින් ආරම්භ වූ සිංහල අක්‍ෂර මාලාව නූතනය වන විට මෙතරම් විශාල අක්‍ෂර සංඛ්‍යාවකින් යුක්ත වන්නේ පාලි, සංස්කෘත, දෙමළ, ඉංග‍්‍රීසි ආදි විවිධ භාෂාවල සංස්පර්ශය නිසා සිංහලයට විවිධ ශබ්ද ඍණීකරණය කර ගැනීම හේතුවෙනි. 2ග වචන ඍණීකරණය ප‍්‍රධාන භාෂාවෙන් ආදායක භාෂාවට වචන ඍණීකරණය වීම වචන ඍණීකරණයයි. සිංහලය ස`දහා පණ්ඩුකාභය රජ දවස පටන් විවිධ භාෂාවල සංස්පර්ශය ලැබිණි. ඒ අනුව ඍණිත වචනද සිංහලයේ මුල් යුගයේ සිටම දක්නට ලැබුණි. සිදත්ස`ගරාවෙහි තත්සම, තද්භව, නිෂ්පන්න වශයෙන් වචන පිළිබ`ද බෙදීම් තුනක් දක්නට ලැබෙන්නේ මෙනිසාය. ‘මගද සකු ඈ බණ සම වූ බස තසම නම්’ වශයෙන් දැක්වෙන පරිදි පාලි, සංස්කෘත හා සමව සිංහලයේ යෙදෙන වචන තත්සම යනුවෙන් හ`දුන්වා තිබේ. ‘බි`දුණේ තබව නම් වී’ යනුවෙන් දැක්වෙන පරිදි අන් භාෂාවලින් බි`දී සිංහලයට පැමිණි වචන තත්භව නම් වන අතර ලක්දිව තුළ හටගත් වචන නිෂ්පන්න වචන නම් වේ. එහෙත් නූතන සිංහල වාක්කෝෂයට තත් වර්ගීකරණය ප‍්‍රමාණවත් නොවන බව වාග්විද්‍යාඥයන්ගේ අදහසයි. උක්ත වර්ගීකරණය අනුව හෙළ බසට අයත් අක්‍ෂර මාලාවෙන් නියෝජනය වන ශබ්දිම පද්ධතියට අදාළ වචන පමණක් වර්ග කළ හැකි වීම මෙයට හේතු වී තිබේ. මේ පිළිබ`දව අධ්‍යයනයක නියුතු විමල් ජී. බලගල්ලේ මහතා නූතන සිංහලයෙහි ව්‍යවහාර වන වචන ස`දහාද ගැළපෙන පරිදි වචන වර්ගීකරණයක් ඉදිරිපත් කොට තිබේ. ස්වසම ඍණිත හා අස්වසම ඍණිත වචන, අර්ධ තත්සම වචන, යථාභුත ඍණිත වචන වශයෙනි. සිංහලයට ආවේණික ප‍්‍රකෘතිවල වරනැ`ගීම් ක‍්‍රමයට අනුකූල ඍණිත වචන ස්වසම යනුවෙන් හ`දුන්වයි. සුලිය - සුලි (ළ සුලි* නූල - නූල් (ළ නූල්* පාටිය - පාටි (ළ ඡු්රඑහ* ප‍්‍රදායක භාෂාවේ මුල් ස්වරූපය තරමක් වෙනස් වී ඇතැම් ආදායක භාෂාවේ ආවේණික ස්වරූපයට ගැළපෙන සේ සපුරා ස්වීයකරණය වී නැති ඍණිත වචන අර්ධ තත්සම වචන වේ. අල්පෙනෙත්ත වීදුර කඩදාසි පීත්ත කුස්සිය පෝරණුව ප‍්‍රදායක භාෂාවේ ආකෘතික ස්වරූපයට අනුවම ආදායක භාෂාවෙහි ව්‍යවහාර වන වචන යථාභුත ඍණිත වචන වශයෙන් දැක් වේ. ෂෝට්ඊට්ස් අභිධර්මය පුෂ්ප ක්‍ෂත‍්‍රියා කොට්ඨාස ගංගාව මේ අනුව ස්වසම වශයෙන් හෝ අර්ධ තත්සම වශයෙන් හෝ යථාභුත වශයෙන් කිසියම් ප‍්‍රදායක භාෂාවකින් ආදායක භාෂාවකට වචන ඍණීකරණය වීම සිදු වේ. එය සිදුවන ආකාරය අනුව කොටස් කිහිපයකට බෙදිය හැකිය. ෂග රූපය පමණක් වෙනස් වන වචන ෂෂග අර්ථය පමණක් වෙනස් වන වචන ෂෂෂග රූපය හා අර්ථය දෙකම සමාන වන වචන ෂඪග රූපය හා අර්ථය අසමාන වන වචන ෂග රූපය පමණක් වෙනස් වන වචන ප‍්‍රදායක භාෂාවකින් ආදායක භාෂාවකට වචන ඍණීකරණය වීමේදී ඇතැම් වචන අර්ථමය වශයෙන් සමාන වුවද රූපීමය වශයෙන් විපර්යාසයන්ට ලක්වෙයි. එබ`දු වචන, රූපය පමණක් වෙනස් වූ වචන ලෙස හ`දුනාගත හැකිය. සිංහල දෙමළ සිංහල පෘතුගීසි අත්කරම ළ අක්කරම් අගොස්තු ළ ්ට්ිඑද අඩිපාර ළ අඩිප්පාඩු අච්චාරු ළ ්ජය්ර උරුමය ළ උරුමෛ අන්නාසි ළ ්බ්බ්‘ මත්තේ ළ මට්ටයි අලූකුත්තේරුවා ළ ්කජදඩසැඑැරද කරවල ළ කරවාඩු අරුමෝසම් ළ ්රප්ජ්ද සිංහල ලන්දේසි සිංහල ඉංග‍්‍රීසි ඉස්ත‍්‍රික්ක ළ ීජයදදැෙ අක්කර ළ ්ජරු ඉස්කුරුප්පුව ළ ීජයදච පැන්ස ළ චැබබහ ඔර්ලෝසු ළ යදරදකදටස බෝම්බය ළ ඊදපඉ කොකිස් ළ නදජනවස වරෙන්තුව ළ උ්රර්බඑ මෝල ළ පදකැප සාප්පු ළ ීයදච සිංහල පාලි සිංහල සංස්කෘත වැලි ළ වාලූකා සමා ළ ක්‍ෂ්මා කැත් ළ ඛත්තිය මැසි ළ මක්‍ෂි රැුය ළ රත්ති දැඩි ළ දෘඪ ඇත් ළ හත්‍ථි සමුදුර ළ සමුද්‍ර ඇවැත් ළ ආපත්ති මිතුරු ළ මිත‍්‍ර ෂෂග අර්ථය පමණක් වෙනස් වන වචන ඍණීකරණයේදී ද්විභාෂිකයාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එයට හේතු වන්නේ ඍණීකරණය සිදු වන්නේ ඔහු හරහා වන බැවිනි. එක් භාෂාවකින් තවත් භාෂාවකට වචනයක් ඍණීකරණය කර ගැනීමේදී එම වචනයෙහි අදහස් නිපදවීම, අවබෝධ කර ගැනීම, අගය කිරීම, භාවිත කිරීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ද්විභාෂිකයා මතය. මෙනිසා කිසියම් භාෂාවකින් තවත් භාෂාවකට වචන ඍණීකරණය වීමේදී උක්ත කරුණු අනුව එහි අර්ථය විවිධ විපර්යාසයන්ට ලක්විය හැකිය. එම අර්ථ විපර්යාස ක‍්‍රම කිහිපයකි.  අර්ථ විස්තරය හෙවත් අදහස් පුළුල් වීම  අර්ථ සංකෝචනය හෙවත් අදහස් හැකිලීම  අර්ථ පරිවර්තනය හෙවත් අදහස් මාරු වීම හෝ වෙනස් වීම  අර්ථෝන්නතිය හෙවත් අදහස් උසස් වීම  අර්ථාවනතිය හෙවත් අදහස් පහත් වීම  අර්ථ විරෝධය හෙවත් විරුද්ධ අදහස් දීම  අර්ථ පරිහාණිය හෙවත් අදහස් පිරිහීම  අර්ථ විස්තාරය හෙවත් අදහස් පුළුල් වීම මුලදී සීමා සහිත විශේෂ අදහසක් දීම ස`දහා භාවිත වූ වචනයක් පසුව එම සීමාව ඉක්මවා විශේෂ අදහස් කීපයක් හෝ සාමාන්‍ය පුළුල් අදහසක් හෝ අදහස් කීපයක් දීම ස`දහා යෙදේ නම් එය අර්ථ විස්තාරය නමින් හැ`දින්වේ. මුලදී මහා පුරුෂයන්, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් හැ`දින්වීමට යෙදිණි. නූතන ලේඛනයේදී උස් පහත් භේදයකින් ‘‘මහාත්ම’’ තොරව පුද්ගල නාමවලදී පිරිමිබව හැ`ගවීමට, කථනයේදී සම තත්ත්වයේ සිටින පුද්ගලයන් හැ`දින්වීමට යෙදේ. මුලදී රාජ මාලිගය හැඳින්වීම ස`දහා පමණක් යෙදිණි. ‘‘පුර’’ නූතනයේදී රජු වාසය කරන පුරයද පුරවැසි, පුරවැසිභාවය, පුරවැසි පනත ආදි වශයෙන් ‘රට’ යන අර්ථය ස`දහා යෙදේ.  අර්ථ සංකෝචනය හෙවත් අදහස් හැකිලීම අර්ථ සංකෝචනය යනුවෙන් හ`දුන්වන්නේ අර්ථ විස්තාරයේ විරුද්ධ පැතිකඩයි. එනම්, මුලදී පුළුල් අර්ථයක්, විශේෂ අදහසක් දීම ස`දහා ව්‍යවහාර වූ වචනයක් පසුව එක් විශේෂ අදහසක් දීම ස`දහා යෙදීමයි. නිදසුනක් ලෙස ‘‘මෘග’’ යන වචනය ගතහොත් මුලදී එය සියලූම සිව්පා සතුන් හැ`දින්වීම ස`දහා යෙදිණි. එහෙත් නූතනයේදී එය යෙදෙන්නේ මුව නම් සිව්පා විශේෂය හැ`දින්වීම ස`දහා පමණි. ඉංග‍්‍රීසි භාෂාවේ එන ඵැ්එ යන්න ආරම්භයේදී භාවිත වූයේ ආහාර, කෑම වර්ග හැ`දින්වීම ස`දහා වුවත් නූතනයේදී එය මස් වර්ග හැ`දින්වීම ස`දහා පමණක් භාවිත වේ.  අර්ථ පරිවර්තනය හෙවත් අදහස් මාරු වීම හෝ වෙනස් වීම ළ`ග සම්බන්ධය, සමානතාව වැනි හේතූන් නිසා උපචාර වශයෙන් හෝ වෙනත් ක‍්‍රමවලින් වචනයක අදහස වෙන අදහසක් සම`ග ගැටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අදහස් මාරු වීමක් හෝ වෙනස් වීමක් සිදු වේ නම් එය අර්ථ පරිවර්තනය නමින් හැ`දින්වේ. අර්ථ පරිවර්තනය වැඩි වශයෙන් සිදු වන්නේ වචනයක අර්ථ විස්තාරය සිදු වී නැවත සංකෝචනයට භාජනය වීමෙන් පසුවය. නිදසුනක් ලෙස ‘‘පන්සල’’ යන පදය දැක්විය හැකිය. ආරම්භයේදී මෙම වචනය භාවිත වූයේ වනවාසී පැවිද්දන් ස`දහා කොළවලින් සෙවිලි කළ ආරාම හැ`දින්වීම පිණිසය. පසුව එය පැවිදි පක්‍ෂය වාසය කරන කවර ආකාරයේ වාසයකට වුවද භාවිත වීමෙන් අර්ථ විස්තාරය සිදු විය. ඉන්පසු බෞද්ධ භික්ෂූන් වාසය කරන තැන හැ`දින්වීම ස`දහා පමණක් පන්සල යන වචනය යෙදීමෙන් අර්ථ සංකෝචනය හා අර්ථ පරිවර්තනය සිදු වී තිබේ.  අර්ථෝන්නතිය හෙවත් අදහසක් උසස් වීම වචනයක අදහස මුලින් තිබූ තත්ත්වයට වඩා උසස් ලෙස, උත්කර්ෂවත් ලෙස භාවිත වේ නම් එය අර්ථොන්නතියයි. නිදසුනක් ලෙස ‘මාර’ හා ‘යක්‍ෂ’ යන වචන දෙක සලකතොත් එම වචන සාමාන්‍යයෙන් භාවිත කරන්නේ භයානක, අහිතකර අර්ථ දීම ස`දහාය. එහෙත් මරු බඩුව, මරු අදහස, මාර පාටිය, මාරයිනේ වැනි ස්ථානවල මරු යන්නෙන් ඉතා උසස්, හැම අතින්ම හොඳ යන අදහසත් මිනිහ මාර යකෙක්නේ, යක්‍ෂ වැඬේ වැනි ස්ථානවලදී යක්‍ෂ යන්නෙන් දක්‍ෂ යන අදහසත් ලබා දේ. තවද, සඳ මැතිසඳ ගෝමී සඳගෝමී සිංහ රාජසිංහ වහැබ් මුනිවැහැබ් පාද ස්වාමිපාද රත්න ත‍්‍රිවිධරත්න රුවන් ස`ගරුවන් වැනි ස්ථානවලදී පළමු පද ගොනුවේ ඇති පද තනි තනිව යෙදෙන විට ලැබෙන අදහසට වඩා උසස් අදහසක් වචනයක විශේෂ පදයක් වශයෙන් යොදන විට ලැබෙන බව පැහැදිලිය.  අර්ථාවනතිය හෙවත් අදහස් පහත් වීම උසස් අදහසක් දීම ස`දහා භාවිත වූ වචනයක් පහත් අරුතක් ස`දහා භාවිත වේ නම් එය අර්ථාවනතිය වශයෙන් හැ`දින්වේ. නිදසුනක් ලෙස ‘‘ගුරුන්නාන්සේ’’ යන පදය දැක්විය හැකිය. ආරම්භයේදී මෙම පදය ගෞරවාර්ථයෙන් ගුරුවරුන් හැ`දින්වීම ස`දහා යෙදුණද නූතනයේදී ගුරුන්නාන්සේ යනුවෙන් ගුරුවරුන් හැ`දින්වීම ඔවුන්ට කරන අගෞරවයක් ලෙස සැලකෙයි. ‘‘රාළ’’ යන පදයද එසේමය. ගමරාළ, වෙදරාළ වශයෙන් ආරම්භයේදී මෙම පදය ගෞරව නාමයක් වශයෙන් යෙදුණද නූතනයේදී එය කිසියම් කෙනෙකුට අගෞරවයෙන් කරනු ලබන ආමන්ත‍්‍රණයක් වශයෙන් සැලකේ.  අර්ථ විරෝධය විරුද්ධ අදහසක් දීම මුලින් තිබූ අදහසට හාත්පසින්ම විරෝධී අදහසක් දෙන වචන අර්ථ විරෝධී ගණයෙහිලා සැලකේ. අතීත ස්වරූපය වර්තමාන ස්වරූපය ස්වල්පයක් යන අරුතින් විශාල ප‍්‍රමාණයක් යෙදිණි. සු`ගක් (ඝ හු`ගක්* යන අරුතෙන් යෙදේ. වස්ත‍්‍ර ඇති අරුතෙන් නිර්වස්ත‍්‍ර යන අරුතෙන් යෙදිණි. සෙලූ යෙදේ.  අර්ථ හානිය හෙවත් අදහස් පිරිහීම අර්ථ හානිය යනුවෙන් අදහස් කරන්නේ වචනයක තිබූ අදහසක් ක‍්‍රමයෙන් පිරිහී යෑම හෝ සම්පූර්ණයෙන්ම හානි වී අර්ථ ශූන්‍යත්වයට පත්වීමයි. පැරණි සිංහල සාහිත්‍ය කෘතිවල බහුල වශයෙන් යෙදුණු වනාහී, වූකලී, වැලි, කලි, එම්බා, කොල, බොල වැනි නිපාත බොහෝමයක් අද අර්ථ විරහිත තත්ත්වයට පත්ව තිබේ. ලා, පිය, දමා, ගෙන යන වචනද තනි තනිව ගෙන බලන විට ඒවාට කිසියම් අර්ථයක් පැවතියද උපකාරක ක‍්‍රියා වශයෙන් අතීත කෘදන්ත නිපාතය සම`ග යෙදෙන විට අර්ථ ශූන්‍ය බවක් දිස් වේ. දමාලා වදාරා පියා මරා දමා ඉගෙනගෙන තවද ඇතැම් යුගල පදවල අගට යෙදෙන පදවලද අර්ථ ශූන්‍යත්වයක් දක්නට ලැබේ. නූතනය වන විට ප‍්‍රථමා විභක්තිය හැ`ගවීමට යොදන තෙම, තෙමේ, තොමෝ, තුමූ යන වචනවලද අදහස් පිරිහෙමින් පවතී. ෂෂෂග අර්ථය හා රූපය යන දෙකම සමාන වචන ප‍්‍රදායක භාෂාවේ දක්නට ලැබෙන වචන අර්ථමය වශයෙන් හා රූපමය වශයෙන් කිසිදු වෙනසකට ලක් නොවී ආදායක භාෂාවට ඍණීකරණය වීම නිසා ඇති වන වචන මෙනමින් හ`දුන්වයි. සිදත්ස`ගරා වර්ගීකරණයට අනුව තත්සම යනුවෙන්ද මහාචාර්ය විමල් ජී. බලගල්ලේ විසින් කරනු ලබන නූතන වර්ගීකරණයේ යථාභුත ඍණිත වචන යනුවෙන්ද හ`දුන්වන්නේ මෙම වචනයි. සිංහල සංස්කෘත සිංහල දෙමළ කර්ම කර්ම අම්බලම අම්බලම පුෂ්ප පුෂ්ප අම්මා අම්මා ධර්ම ධර්ම අරික්කාල් අරික්කාල් ග‍්‍රන්‍ථ ග‍්‍රන්‍ථ ඔට්ටු ඔට්ටු සිංහල පෘතුග‍්‍රීසි සිංහල ලන්දේසි පිස්තෝල ඡුසිඑදක් කොකිස් ණදනසි පුනීලය ත්‍මබසක තේ ඔයැ් බන්කු ඊ්බජද එවංජලිස්ත ෑඩැබටැකසිඑ තීන්ත ඔසබඑද අර්තාපල් ්්රා්චචැක තාර ඔ්ර් දාම් ෘ්ප සිංහල ඉංග‍්‍රීසි පාටි ඡු්රඑහ අයිස් ෂජැ බැටරි ඊ්එඑැරහ බියුරෝ ඊමරද ෂෝට්ඊට්ස් ීයදරඑැ්එි ෂඪග අර්ථය හා රූපය යන දෙකම වෙනස්ව ඇති වචන ප‍්‍රදායක භාෂාවකින් ආදායක භාෂාවකට ඍණීකරණ වීමේදී ප‍්‍රදායක භාෂාවේ එන වචනයක් අර්ථමය හා රූපමය වශයෙන් වෙනස් වී ආදායක භාෂාවේ යෙදෙන වචන මෙනමින් හැ`දින්වේ. මෙය සුලබව සිදුවන ඍණීකරණ කාර්යයක් නොවේ. නිදසුනක් ලෙස මොර සූරන වැස්ස යන පදය දැක්විය හැකිය. මෙය ඉංග‍්‍රීසියේ එන ‘‘ක්‍්එ ්බා ාදට ර්සබ” යන වාක්‍යාංශයෙන් ඍණීකරණය වූවකි. 3ග ව්‍යාකරණ රීති ඍණීකරණය ආදායක භාෂාවකින් ප‍්‍රදායක භාෂාවකට ශබ්ද, වචන ඍණීකරණය වීමට අමතරව ව්‍යාකරණ රීතිද ඍණීකරණය වීම සිදු වේ. ව්‍යාකරණ රීති ඍණීකරණය වශයෙන් හ`දුන්වන්නේ එයයි. ඉංග‍්‍රීසි භාෂාවේ සංස්පර්ශය සිංහලයට ලැබීම හේතුවෙන් තද්දේශික අර්ථවාචී ‘ආනු’ ප‍්‍රත්‍යය සිංහලයට පැමිණ තිබේ. ආසියානු - ්ිස්බ ඇමරිකානු - ්පැරුජ්බ ඉන්දියානු - ෂබාස්බ ඕස්ටේ‍්‍රලියානු - ්මිඑර්කස්බ එසේම බස් එක ගන්නවා/අල්ලගන්නවා වැනි වාක්‍යයන්හි දැකිය හැක්කේ ඉංග‍්‍රීසි වාක්‍ය රටාවයි. දෙමළ භාෂාවේ එන ඇතැම් ව්‍යාකරණ ලක්‍ෂණද ඍණීකරණය හරහා සිංහලයට පැමිණ තිබේ. ඒ අනුව, මට ගෙදරක් තිබෙනවා මට ඒක තෙරෙනවා එයා මධුරාසිය බලා ගියා සතුරන් පිටුදකිනවා හයියෙන් හුළං ගහනවා බලාගෙන ඉන්නවා ආදි යෙදුම් දෙමළ වාක්‍ය රටාවල නොහොත් ප‍්‍රකාශන ක‍්‍රමයේ ආභාසයෙන් ඇති වී තිබේ. සිංහලයේ විකල්පාර්ථය දැක්වීම ස`දහා ව්‍යවහාර සිංහලයෙහි ‘‘හරි.......හරි’’ යන නිපාත ප‍්‍රයෝගයේ ඉදිරිපත් වන සංස්කරණ රටාව දෙමළ භාෂාවේ එන ‘‘ක්‍්රසගගගගක්‍්රස” යන සංස්කරණ රටාවෙහි ආභාසය හේතුවෙන් සිංහලයට පැමිණ තිබේ. දෙමළ : ්පප්ථ ජ්රසල ්නන්ථ ජ්රස ව්‍යවහාර සිංහලය : ්පප්ථ ය්රසල ්නන්ථ ය්රස තවද ළමිස්සී, ගැටිස්සී ආදි වචනවල එන ‘‘ඉස්සී’’ ප‍්‍රත්‍යය හා ගෙවල්, කඩවල්, නගරවල් යන වචනවල එන ‘‘වල්’’ ප‍්‍රත්‍යය (ළ කල්* දෙමළ බලපෑම මත සිංහලයට පැමිණ තිබේ. සිංහලයේ අනියමාර්ථය දැක්වීම ස`දහා භාවිත වන එක්/අක් ප‍්‍රත්‍යයන් සිංහලට පැමිණ තිබෙන්නේ පර්සියන් ඇතුළු ඉරානීය භාෂාවල බලපෑමෙන් වන අතර අම්මලා, තාත්තලා, පුතාලා, යමල්ලා, පලයල්ලා ආදියෙහි එන ‘ලා’ ප‍්‍රත්‍යය මැලේ භාෂාවේ එන ‘ලාහ්’ (ක්ය* ප‍්‍රත්‍යය ඇසුරෙන් සිංහලයට පැමිණ තිබේ. පාලි හා සංස්කෘත සිංහලයේ මාතෘ භාෂාවන්ය. සිංහල භාෂාව, භාෂාවක් වශයෙන් නිර්මාණය වීමෙහිලා 90‍්‍රකටත් වඩා හේතූපකාර වී තිබෙන්නේ මෙම මාතෘ භාෂාවන්ය. ව්‍යාකරණ රීති අතින්ද එය එසේමය. භාෂාවක ප‍්‍රධාන ව්‍යාකරණ පද්ධති වශයෙන් සැලකෙන්නේ සන්‍ධි, සමාස, තද්ධිත, කෘදන්ත, විභක්ති භාවිතය, වරනැ`ගීම ආදියයි. ඒ අනුව සිංහලය තුළ මෙම ව්‍යාකරණ පද්ධතීන් සකස් වීමෙහිලා ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ පාලි, සංස්කෘත භාෂාවන්ය. නිදසුනක් ලෙස සිංහලයේ සන්‍ධි කාර්යයන් ලෙස භාවිත වන්නේ ලෝප, ආදේශ, ආගම, දීර්ඝ, ද්විත්ව ආදියයි. එහෙත් මෙම සන්‍ධි කාර්යයන් සිංහලයේ නිපන් ඒවා නොව පාලි, සංස්කෘත ආදි භාෂාවන්ගෙන් ඍණීකරණය කර ගත් ඒවාය. සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් රචනා වී ඇති ඓතිහාසික කෘතිය වශයෙන් සිදත්ස`ගරාව සැලකෙයි. එහෙත් මෙම කෘතිය විමසීමේදීද පෙනී යන කරුණක් වන්නේ සිංහල ව්‍යාකරණ රීති සම්පාදනය වීමෙහිලා දෙමළ ආභාසය දැඩිව ලැබුණු බවයි. සිදත්ස`ගරාව ‘වීරසෝළිම්’ නමැති ග‍්‍රන්‍ථය ආශ‍්‍රය කොට ගෙන රචනා වී තිබීමෙන් එය මනාව පැහැදිලි වේ. එම දමිළ කෘතිය වර්ණ අධිකාරය, පද අධිකාරය, අර්ථ අධිකාරය, ඡුන්දස් අධිකාරය, අලංකාර අධිකාරය යන අධිකාර පහෙන් යුක්තව රචනා වී තිබේ. සිදත්ස`ගරාවේ ආකෘතික ලක්‍ෂණයද මේ හා සමාන වූවකි. මේ අනුව සිංහල භාෂාව ආරම්භයේ සිටම විවිධ භාෂාවලින් ව්‍යාකරණ රීති ඍණීකරණය වී තිබෙන බව පැහැදිලිය. 4ග සාම්ප‍්‍රදායික යෙදුම් ඍණීකරණය පාලි, සංස්කෘත, ඉංග‍්‍රීසි ආදි බොහෝ භාෂාවල දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ අවස්ථාවට, තැනට උචිත පරිදි විවිධ වූ කියමන් දක්නට ලැබීමයි. එබ`දු යෙදුම් හ`දුන්වන්නේ ප‍්‍රස්තාව පිරුළු වශයෙනි. ඉංග‍්‍රීසි භාෂාවේ ෂාසදපි හෙවත් සාම්ප‍්‍රදායික යෙදුම් වශයෙන් හ`දුන්වා තිබෙන්නේද මෙම ප‍්‍රස්තාව පිරුළුමය. භාෂා ඍණීකරණයේදී මෙම සාම්ප‍්‍රදායික යෙදුම්ද ප‍්‍රදායක භාෂාවකින් ආදායක භාෂාවකට ඍණීකරණය වීම සිදු විය හැකිය. පහත දැක්වෙන්නේ සංස්කෘත, පාලි, ඉංග‍්‍රීසි ආදි භාෂාවලින් ඍණීකරණය වූ සාම්ප‍්‍රදායික යෙදුම් කිහිපයකි. සිංහල යෙදුම සංස්කෘත යෙදුම ‘‘ඇදේට ඇදක්ම කළ යුතුය.’’ ‘‘ඍජුකං ඍජුකා චෛව - වඕකං වඕකමේවච...’’ (අවංක කමට අවංක ලෙස ක‍්‍රියා කළ යුතුය. වංක කමට වංක ලෙස ක‍්‍රියා කළ යුතුය.* ‘‘කොතරම් බඩගිනි වුවත් සිංහයා ‘‘වනෙපි සිංහා මෘගමාංස භක්‍ෂිණො තණ කොළ නොකයි.’’ බුභුක්‍ෂිතා නෛව තෘණං චරන්ති...’’ (වනයේ මුවමස් කන සිංහයෝ කෙතරම් කුසගිනි වුවත් තණ කොළ නොකති.* සිංහල යෙදුම පාලි යෙදුම ‘‘අවිගත්තෝ අවියෙන්ම නැසෙති.’’ ‘‘නහි වෙරෙන වෙරානී සම්මන්තීධ කුදාචනං අවෙරෙනච සම්මන්තී එසධම්මෝ සනත්තනො’’ (වෛරයෙන් වෛරය නොසංසිෙ`ද්. අවෛරයෙන් වෛරය සංසිෙ`ද්.* ‘‘කුණු මාලූ ඔතාපු කොළය වගේ’’ ‘‘පූති මුච්ඡුං කුසග්ගේන යො නරො උපාය්හති කුසාපි පූතිවා යන්ති එවං බාලූපසෙවනා’’ (යම්කිසි මනුෂ්‍යයෙක් කුණු මසක් කුසතණ පර`ඩල් ආදි යමක ඔතයිද, ඒ තණ පර`ඩලාදිය දුග`ද හමයි. බාලයන් සේවනය කිරීමද ඒ හා සමානය.* සිංහල යෙදුම ඉංග‍්‍රීසි යෙදුම ‘‘දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.’’ ‘‘්කක එය්එ ටකසඑඑැරි ්රු බදඑ ටදකා” 5ග සාහිත්‍ය උක්ති ඍණීකරණය ඍණීකරණයේදී ප‍්‍රදායක භාෂාවේ පවතින සාහිත්‍ය උක්ති හා සාහිත්‍යාත්මක යෙදුම්ද ආදායක භාෂාවට ඍණීකරණය විය හැකිය. සාහිත්‍ය උක්ති ඍණීකරණය යනුවෙන් අදහස් කරන්නේ එසේ සිදු වන ඍණීකරණ ක‍්‍රියාවලියයි. ඒ අනුව සිංහල සාහිත්‍යය ස`දහා පාලි, සංස්කෘත, දෙමළ, ඉංග‍්‍රීසි වැනි භාෂාවල පැනෙන සාහිත්‍ය උක්ති ඍණීකරණය වී තිබේ. පාලි සාහිත්‍ය උක්තිය සිංහල සාහිත්‍ය උක්තිය ‘‘අජ්ජේව කිච්චමාතප්පං ‘‘අද අද එයි මරු පින් කර ගන්නේ කො ජඤ්ඤා මරණං සුවෙ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ නහිනො සංගරන්තේන කිකලද මහසෙන් මරු ඇප වන්නේ මහාසෙනෙන මච්චුනා’’ කුමටද කුසලට කම්මැලි වන්නේ’’ සංස්කෘත සාහිත්‍ය උක්තිය සිංහල සාහිත්‍ය උක්තිය ‘‘වරමේකො ගුණී පුත්‍රො ‘‘පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු නච මූර්ඛ ශතෛරපි ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එකස්චන්‍ද්‍රස් තමෝහන්ති එක පුන් ස`දින් දුරුවෙයි ලොව ගණ අ`දුරු නච තාරා ගෙණෙරපි’’ නෙක තරු රැුසින් එලෙසට නොම වේය දුරු’’ දෙමළ සාහිත්‍ය උක්තිය ‘‘නල්ලා රොරු වර්ක්කුච්චයිද උපකාරම් කල් මේ ලොලූත්තු පෝට් කණුමේ අල්ලා ද ඊ මේලා නෙඤ්චන් තාර්කීන්ද උපකාරම් නීර් මේලෙලූත්තිට්කු නේර්’’ සිංහල සාහිත්‍ය උක්තිය නැණැති දනන් හට මද ගුණයක් කළ ද පවති ගල කෙටූ අකුරක් මෙන් නිබ ඳ විමති දනන්හට කළ කිසි ගුණ නොම ඳ එනැති වේය දිය පිට ඇ`දි ඉරක් ලෙ ද මීට අමතරව ඉංග‍්‍රීසි සාහිත්‍යයේ බලපෑම මත එම සාහිත්‍ය වෛෂයික උක්තිද සිංහල සාහිත්‍යය ස`දහා ආභාසය වී තිබේ. නිදසුනක් ලෙස සාගර පළන්සූරිය විසින් රචිත ‘‘සුදෝසුදු’’ පද්‍ය නිර්මාණය බටහිර කවියෙකු වන ෂිලීගේ පද්‍ය නිර්මාණයක් ඇසුරෙන් රචනා වී තිබීම දැක්විය හැකිය. සිංහල සාහිත්‍යය තුළ මෙවැනි සාහිත්‍යාත්මක උක්තිවලට අමතරව සාහිත්‍ය ආකෘතික වශයෙන්ද ඍණීකරණ කාර්යය සිදු වී තිබේ. භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන මහාකාව්‍ය, සංදේශ කාව්‍ය, ප‍්‍රශස්ති කාව්‍ය, උපදේශ කාව්‍ය ආදිය අනුව යමින් සිංහල සාහිත්‍යය තුළද මහා කාව්‍ය, ප‍්‍රශස්ති, උපදේශ ආදි සාහිත්‍ය සාම්ප‍්‍රදායයන් ආරම්භ වීම මේ ස`දහා නිදසුන් ලෙස දැක්විය හැකිය.

No comments: