Thursday, December 12, 2013
කොළඹ යුගයේ බයිබල් පරිවර්තනය හා කෝට්ටේ යුගයේ බයිබල් පරිවර්තනය අතර ඇති භාෂාත්මක ලක්‍ෂණ
කොළඹ යුගයේ බයිබල් පරිවර්තනය හා කෝට්ටේ යුගයේ බයිබල් පරිවර්තනය අතර ඇති භාෂාත්මක ලක්‍ෂණ
සාහිත්‍ය නිර්මාණයේදී තත්කාලීන සමාජ, දේශපාලන තත්ත්වය එම නිර්මාණය සඳහා අධ්‍යශයෙන්ම බලපානු ඇත. ලාංකේය සාහිත්‍යයේ පුනරුදය මහින්දාගමනයත් සම`ග ස්ථාපිත වූ අතර බෞද්ධ වපසරිය තුළ හැදෙමින් වැඩෙමින් එම සාහිත්‍ය මෙම මිහිතලය තුළ කි`දා බැස්සේය. එම නිසාවෙන් එතැන් පටන් හැදුණු වැඩුණු සාහිත්‍ය බෞද්ධ සම්ප‍්‍රදාය තුළ ව්‍යාප්ත විය. සියබස්ලකර තුළ
‘‘පෙදෙන් බුදු සිරිත
බසින් වත් සිරිත් ඈ’’
යන නියමය සඳහන් වූයේ එම නිසාවෙනි. එහෙත් සාහිත්‍යය වනාහි යම් නීති රීතියක් තුළ එකම මාතෘකාවක් යටතට කොටු කළ හැක්කක් නොවේ. මන්ද යත්, සාහිත්‍යය සමාජයේ පිළිඹිබුවක් හෙවත් සමාජ අවශ්‍යතා මත ගොඩනැගෙන්නක් විය යුතු නිසාවෙනි. ඒ අනුව සිංහල සාහිත්‍යය නමැති ගමන් මගෙහි සුවිශේෂී සංධිස්ථානයක් වශයෙන් යටත්විජිත කාල සමය හෙවත් දහසයවැනි සියවස දැක්විය හැකිය. සිංහල සාහිත්‍යයට කතෝලික සාහිත්‍යයක නව ප‍්‍රවණතාවක් එකතු වන්නේ මෙම කාල සීමාවේදීය. ඒ අනුව, ශ‍්‍රී ලංකාව් කතෝලික සාහිත්‍යයක් බිහිවන්නේ 1505දී පෘතුග‍්‍රීසි ආගමනයත් සම`ගය. මීට පෙර කතෝලික ආගම ලක්දිව පැවති බවට කිසිදු සාධකයක් දැකගත නොහැකිය. එහෙත් අසුව දශකයේ අනුරාධපුර යුගයේ කුරුසයක් හමුවූ පුවත සහ ධර්මපාල රජු ලිස්බන් නුවරදී කුරුසය පාමුල ඔටුනු පැළ`දවීම කිතුණු ආගම හා බැ`දි සුවිශේෂී ඓතිහාසික සාධක ලෙස පෙන්වා දිය හැකිය.
කතෝලික ආගම ක‍්‍රමයෙන් ලක්දිව ව්‍යාප්තියත් සමග ඒ හා සමගාමීව කතෝලික සාහිත්‍යයද මෙම සමාජය තුළ නිර්මාණය වන්නට විය. ඒ සඳහා පුරෝගාමී සේවයක් කළ තැනැත්තෙකු ලෙස ‘ජුසේවාස් පියනම’ දැක්විය හැකිය. ඔහු යාඥා මෙහෙයන් සිංහලට පරිවර්තනය කළ අතර නමස්කාර ග‍්‍රන්‍ථ, ධර්මෝපදේශ ග‍්‍රන්‍ථ, දේවමාතා ප‍්‍රාර්ථනා ග‍්‍රන්‍ථ, ජප මාලා නමස්කාර ග‍්‍රන්‍ථ ආදී ග‍්‍රන්‍ථ රචනා කරමින් සිංහල සාහිත්‍යය තුළ කතෝලික සාහිත්‍යයේ සලකුණ තැබීය. ඉන්පසු 1705දී ලක්දිවට පැමිණෙන ‘ජාහෝමේ ගොන්සාල්වේස් ’ පියනම එම සාහිත්‍ය සේවාව දියුණු කරමින් ඉදිරියට රැුගෙන ගියේය. එහිදී ඔහු ගද්‍ය කාති 15ක්ද, පද්‍ය හා ගීත ප‍්‍රබන්ධ කෘති 05ක්ද රචනා කර ඇත. ‘‘එසේ ප‍්‍රචලිත වූ විවිධාකාර සාහිත්‍යය අපට විග‍්‍රහයේ පහසුව තකා ශීර්ෂ කිහිපයක් බෙදා සාකච්ඡුා කළ හැකිය.
‘‘1* ආගමික සාහිත්‍යය
x බයිබල් පරිවර්තන
x ධර්මෝපදේශ ග‍්‍රන්ථ- ස්වතන්ත‍්‍ර හා පරිවර්තන
x ප‍්‍රචාරක පත‍්‍රිකා
x අන්‍ය ලබ්ධි විෙවිචනය කළ ප‍්‍රකාශන
2* ආගමික නොවන සාහිත්‍යය
x නිර්මාණාත්මක ගද්‍ය පරිවරිතන
x නෛතික ලේඛන
x විවිධ’’
මෙම කාරණා තුළින් අපගේ පූර්ණ අවධානය යොමු වන්නේ බයිබල් පරිවර්තන සම්බන්‍ධයෙනි. ලොව දැනට වැඩිම වාර ගණනකට, වැඩිම භාෂා සංඛ්‍යාවකට සහ වැඩිම පිටපත් ගණනක් නිකුත් වූ කෘතිය ලෙස පිළිගන්නේ බයිබලයයි. ලක්දිව බයිබල් පරිවර්තන ක‍්‍රියාවලිය 1978 කාලවකවානුවේදී ඇරඹීය. එහිදී පළමු බයිබල් පරිවර්තනය ‘සයිමන් කට්’ නමැත්තා සිදුකළ අතර පසුව ඒ සඳහා විල්හෙල්ම් කොන්යින් දේවගැතිවරයාද සම්බන්ධ විය. ‘‘විල්හේම් කොන්යින් විසින් ග‍්‍රීක භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලදුව...’’ මෙය සිංහල සාහිත්‍යයේ සුවිශේෂී සංධිස්ථානයකි. බයිබල් පරිවර්තන ක‍්‍රමය සිංහල සාහිත්‍යය නමැති වෘක්‍ෂයෙහි ශාඛාවක් බවට පත්වන්නේ මෙතැන් පටන්ය.
බයිබල් පරිවර්තනය තුළ කිසියම් සාහිත්‍යයික අගයක් නැති වුවද, වෙනත් ආගමික කෘතියක් සිංහලට පරිවර්තනය වීමේ කි‍්‍රයාවලිය ඇරඹෙන්නේ මෙතැන් පටන්ය. ඒ අනුව විවිධ අවස්ථා තුළ බයිබල් පරිවර්තන සිදුවුවද අප මෙහිදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ සුවිශේෂී පරිවර්තන දෙකක් සම්බන්ධයෙනි. එනම්, කොළඹ පරිවර්තනය සහ කොට්ටේ පරිවර්තනය යන බයිබල් පරිවර්තන දෙක සම්බන්ධවයි. එහිදී කොළඹ පරිවර්තනය බොහෝ සෙයින් ප‍්‍රචලිතව ඇත්තේ ටොල්පි පරිවර්තනය වශයෙන්ය. ඊට හේතුව වි ඇත්තේ විලියම් ටොල්පිගේ ප‍්‍රධානත්වයෙන් ශුද්ධ වූ බයිබලය පරිවර්තනය වූ හෙයින්ය. එය 1817දී සිදු විය. 1832දී පරිවර්තනය වූ කෝට්ටේ පරිවර්තනය ඇස්. ලැම්බි‍්‍රක් සහ ලේකර්ක් විසින් පරිවර්තනය කර ඇත.
මෙතැන් පටන් අප අවධානය යොමු කරනු ලබන්නේ බයිබල් පරිවර්තන අතර සුවිශේෂී බයිබල් පරිවර්තන දෙකක් වන කොළඹ හා කෝට්ටේ බයිබල් පරිවර්තනයන්හි ඇති භාෂාත්මක ලක්‍ෂණ පිළිබඳවය. කාල සීමා දෙකක රචිත මෙම පරිවර්තන තුළ වෙනස් වූ භාෂාත්මක ලක්‍ෂණ දැකගත හැකිය. ඊට අමතරව ආගන්තුක ආගමික කෘතියක් වෙනත් භාෂාවකට නැගීමේදී ඇතිවන ප‍්‍රායෝගික භාෂාත්මක ලක්‍ෂණ මෙම පරිවර්තන තුළ නිරතුරුව දැකගත හැකිය. එසේම වෙනත් ජාතිකයන් අප භාෂාවට කෘතියක් පරිවර්තනය කිරීමේදී ඇතිවන ව්‍යාකරණ දෝෂ මෙම කෘති පුරාවට දැකගත හැකිය. ඒ අනුව මෙම පරිවර්තන දෙකෙහි භාෂාත්මක ලක්‍ෂණ වෙන වෙනම සාකච්ඡුා කිරිමෙන් ඒ බව මොනවට විස`දා ගත හැකිය.
එහිදී අපි මුලින්ම ටොල්පි පරිවර්තනය හෙවත් කොළඹ පරිවර්තනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. 1817දී ටොල්පි විසින් පරිවර්තනය කරනු ලැබුවේ අලූත් ගිවිසුමයි. ඉන්පසු 1819දී පරණ ගිවිසුමද පරිවර්තනය කරන ලදී. එහෙත් මෙම පරිවර්තන දෙක තුළම දක්නට ලැබෙන්නේ එකම භාෂා ස්වරූපයකි. 1817දී විලියම් ටොල්පි විසින් පරිවර්තනය අලූත් ගිවිසුමෙහි මුල් පිටුව දිස් වන්නේ මෙලෙසිනි.
කොළඹ පරිවර්තනය හෙවත් ටොල්පි පරිවර්තනයෙහි අක්‍ෂර වින්‍යාස දෝෂ බහුලව දක්නට ලැබේ. මෙම බයිබල් පරිවර්තනයන්හි භාෂාත්මක ලක්‍ෂණ අධ්‍යයනය කිරීමේදී එය විශේෂ කාරණයකි. එහිදී අල්පප‍්‍රාණ අක්‍ෂර වෙනුවට මහප‍්‍රාණ අක්‍ෂරද, මහප‍්‍රාණ වෙනුවට අල්පප‍්‍රාණ අක්‍ෂර යෙ¥ තැන් ටොල්පිගේ පරිවර්තන දෙක තුළ දැකිය හැකි භාෂාත්මක ලක්‍ෂණයකි.
මහප‍්‍රාණ වෙනුවට අල්පප‍්‍රාණ යෙ¥ තැන්
‘‘ශ්‍රේෂ්ට (ශේෂ්ඨ*
ඔෂ්ට (ඔෂ්ඨ*
ජේෂ්ට (ජේ්‍යෂ්ඨ*
කාෂ්ටය (කාෂ්ඨය*
අල්පප‍්‍රාණ වෙනුවට මහප‍්‍රාණ යෙ¥ තැන්
ලකුණ්ඨක (ලකුණ්ටක*’’
මෙම අක්‍ෂර වින්‍යාස ගැටලූ කෘතිය පුරා දක්නට ලැබෙන්නේ පරිවර්තනය කළ එම පුද්ගලයන් සිංහල භාෂාව පිළිබඳ විදග්ධ දැනුමකින් සමන්විත නොවීමයි. බොහෝ දුරට ඔවුන් සිංහල බස හසුරුවා ඇත්තේ කියවීම හෝ ලිවීම මගින් නොව; ශ‍්‍රවණය මගින්ය. ඒ බැව් මෙම උදාහරණ මගින් මොනවට පසක් වේ.
‘‘කීර්ථිය-(කීර්තිය*, හී‍්‍රදසාක්කිය-(හෘදසාක්ෂ්‍ය*, ශික්ෂයින්ඩ- (ශිෂ්‍යයන්ට*, ඔහුවහංසේගේ- (උන්වහන්සේගේ*’’
එසේම ටොල්පිගෙි පරිවර්තනයේ දැකිය හැකි තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ‘‘තාලූජ ශකාරය, මූර්ධජ ෂකාරය, හා දන්තජ සකාරය අවිචාරවත් ලෙස භාවිත කිරීමයි.
ප‍්‍රෂ්ණ (ප‍්‍රශ්න*
ප‍්‍රකාස (ප‍්‍රකාශ*
සිස්‍යයන් (ශිෂ්‍යයන්*
ප‍්‍රවිශ්ට (ප‍්‍රවිෂ්ට*
ඖසධ (ඖෂධ*’’
එසේම මෙම පරිවර්තනයෙහි භාෂා ලක්‍ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී දන්තජ ‘න’ සහ ‘ල’ වෙනුවට මූර්ධජ ‘ණ’ සහ ‘ළ’ භාවිත කර ඇති අතර මූර්ධජ ‘ණ’ සහ ‘ළ’ වෙනුවට දන්තජ ‘න’ සහ ‘ල’ භාවිත කර ඇත.
‘‘නග්ණ (නග්න*
සම්භාෂන ( සම්භාෂණ*
ලදරු (ළදරු*
මරනය (මරණය*
පලල (පළල*’’
මීට අමතරව පැරණි ලිත් ඉලක්කම් ටොල්පි පරිවර්තනය තුළ භාවිත කිරීම දැකගත හැකිය.
පැරණි ලිත්
එසේම සිංහල සාහිත්‍යයේ අනෙකුත් කෘතිවල ඇසුර ලබමින් සකු මගධ බස්වල තත්සම වචන වචන භාවිත කිරීමට ටොල්පි යත්න දරා ඇත. එහෙත් එම වවනවල අක්‍ෂර වින්‍යාසයේ ගැටලූ දක්නට ලැබෙයි.
‘‘ගබභ_ය, ව‍්‍රක්‍ෂ, ක්‍ෂුධා, ව්‍යාධි, පුෂ්ප, වෛස්‍යාකම්, කාමමිත්‍ථ්‍යාචාර,’’
එමෙන්ම පරිවර්තනයක් කිරීමේදී ඇතිවන තවත් ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ එම භාෂාවට අනන්‍ය වූ වචනයන්ට අනෙත් භාෂාවෙහි වචන යෙදීමයි. එම භාෂාත්මක ලක්‍ෂණය මෙම කොළඹ පරිවර්තනය තුළ දක්නට ලැබේ. එනම්, ඇතැම් ක‍්‍රිස්තියානි ආගමික වචන සඳහා සිංහල වචන භාවිත කර ඇත.
‘‘අවගාහනය (බෞතිෂ්ම*’’
ටොල්පිගේ පරිවර්තනය අධ්‍යයනය කිරිමේදී කටවහරට යම් නැඹුරුතාවක් නොතිබුණද ගැමි පරිසරයේ භාවිත වදන් හා එකල ජනයාගේ උච්චාරණයේ පැවති වචන දක්නට ලැබේ.
නිද: ‘‘අටුව, හනිනුලැබේ, හව්රුදුපතා’’
යම් සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේදී එම නිර්මාණකරුවාට අනෙකුත් සාහිත්‍ය ග‍්‍රන්‍ථයන්හි ආභාසය නිරතුරුව ලැබේ. මෙම පරිවර්තනය තුළ එකම අර්ථය ඇති පද දෙකක් එක ළ`ග යෙදීම දැක ගත හැකිය. දහවන සියවසයේ ධම්පියා අටුවා ගැටපදය තුළද එම ලක්‍ෂණය දැකගත හැකිය. එය මෙම පරිවර්තනය තුළ දක්නට ලැබෙන්නේ මෙලෙසිනි.
‘‘සකාරියතෙමෙ ඔහුදැක භ‍්‍රාන්තව භයපත්‍වූයේය.
පරිභව බිනූහ’’
එසේම මෙම පරිවර්තනය තුළ තවත් භාෂාත්මක ලක්‍ෂණයක් නම් අචේතනික නාම සචේතනික නාම බවට පත් කිරීමයි.
නිද: ‘‘තාරකාවෝ, ශාඛාතොමෝ, පුෂ්පයෝ’’
මෙම පරිවර්තකයා බොහෝ සෙයින් සකු මගධ බස්වලට රුචිකත්‍වයක් දක්වා ඇත. ටොල්පිගේ පරිවර්තනයේ එන විකල්ප රූප භාවිතය තුළින් ඒ බව මනාව අවබෝධ කරගත හැකිය.
‘‘දු:ඛ-සොක-දුක
ගෙය-ග‍්‍රහය-ගේ
බන්‍ධූ-නෑයන්-ඤති’’
මීට අමතරව මෙම පරිවර්තනය තුළ නිපාත භාවිතය, අනියමාර්ථ එක්- අක් ප‍්‍රත්‍ය භාවිතයේ සදොස් නිදොස් තැන්, ‘වල්’ ප‍්‍රත්‍ය භාවිතයේදී රූප දෙකක් එකවිට යෙදීම ආදී ලක්‍ෂණ මෙම කෘතිය අධ්‍යයනයේදී සනාථ කරගත හැකිය. මෙම පරිවර්තනයේ වාක්‍යවල උක්ත අනුක්ත දෝෂද නිරතුරුව දැකගත හැකිය.
‘‘ ඔවුන් ඕයට වඩවඩා වෛරවූහ.
ඔවුන් බොහෝ කොට විශ්මපත්‍වූවාහුය.’’
ටෝල්පි පරිවර්තනයෙහි දක්නට ලැබෙන සුවිශේෂීම ලක්‍ෂණය වන්නේ ගැමි සමාජය තුළ එකල භාවිත වූ යෙදුම් තම කෘතියට ඈ`දා ගැනීමයි.
‘‘සිය ඇස තිබෙන ගොණැස සඳහම් නොකොට තාගේ සහෝදරයාගේ ඇස තිබෙන ලවය කුමක්දැයි පිනිස බලන්හෙිද...’’
මිට අමතරව යම් යම් අවස්ථාවලදී කථිත බස යොදා ගනිමින්ද, අමාවතුර ආදී සම්භාව්‍ය කෘතීන්හි ආභාසය ලබාගනිමින්ද මෙම ටොල්පි පරිවර්තනයෙහි භාෂාව සැකසී ඇත. කෙසේ වෙතත් මෙම කොළඹ පරිවර්තනය සම්භාව්‍ය භාෂා රීතියට බොහෝ සෙයින් සමානත්වයක් දක්වයි. ‘‘ ටොල්පිගේ බයිබල් පරිවර්තනයේ භාෂාවත් සම්භාව්‍ය සිංහල ගද්‍ය භාෂාවත් අතර සමානත්වයක් විද්‍යමාන වේ.’’
මෙම කොළඹ පරිවර්තනය සෑම අතින්ම සාර්ථක පරිවර්තනයක් නොවේ. කෙසේ වෙතත්, ‘‘ටොල්පිගේ බයිබල් පරිවර්තනය තැනින් තැන අක්‍ෂර, පද, වාක්‍ය ආදී වියරණ දොස් දැකිය හැකි වුවද මෙහි රචනා විලාසය උදාරත්වයෙන් යුතු ආගමික වස්තු විෂයට උචිත වූවක් ලෙස පෙන්වා දිය හැකිය.’’
1817දී පරිවර්තනය වු කොළඹ හෙවත් ටොල්පි පරිවර්තනය බොහෝ සෙයින් සම්භාව්‍ය භාෂා රීතියට නැඹුරුතාවක් දක්වයි. එය මෙම පරිවර්තනය අධ්‍යයනය කිරීමේදී පසක් වූවකි. ඒ අනුව මෙහි භාෂා රීතිය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් කිරිමට නම් 1832දී සිදුකළ බයිබල් පරිවර්තනයේ භාෂාත්මක ලක්‍ෂණ අධ්‍යයනය කළ යුතුය. ‘‘1832දී කෝට්ටේ බයිබල් පරිවර්තනය සිදුකළ ඇස්. ලැම්බි‍්‍රක් සහ ජේ.සෙල්කර්ක් දෙදනාගේ පරමාර්ථය වුයේ බයිබලය වැඩි පිරිසකට තේරුම් ගැනීමට හැකි පරිදි සම්පාදනය කිරීම බව ටොල්පිගේ පරිවර්තනය හා කෝට්ටේ පරිවර්තනය සැස`දීමේදී පැහැදිලි වේ.’’ ඒ අනුව මෙම පරිවර්තන දෙක තුළ භාෂා ශෛලිය ස්වරූප දෙකක් ගත් බව පරිවර්තන තුලනාත්මකව අධ්‍යයනයේදී ප‍්‍රකට වෙයි. කෝට්ටේ පරිවර්තනයේ ඇති කථා ව්‍යවහාරික භාෂාව මෙම නිදසුන මගින් මනාව විද්‍යමාන වෙයි.
’‘ ආකාසේ කව්ළු ඇරුනාය පොළොවේ දවල් හතලිහකුත් රැුහතලිහකුත් වෂ_ාව වැස්සාය.’’
එහෙත් පරිවර්තන දෙක තුළම දක්නට ලැබෙන පොදු ලක්‍ෂණය නම් අක්‍ෂර, පද, වාක්‍ය පිළිබඳ දෝෂයි. ඊට බොහෝදුරට බලපාන්නට ඇත්තේ මෙම පරිවර්තකයන් සිංහල බස ඇසූ ආකාරයෙන් රචනා කිරීමයි. කොළඹ පරිවර්තනයේදී සම්භාව්‍ය භාෂාව පිළිබඳ අක්‍ෂර දෝෂ දක්නට ලැබුණද කෝට්ටේ පරිවර්තනය තුළ දක්නට ලැබෙන්නේ කථිත බස උච්චාරණය කරන ස්වරූපයෙන්ම ලියන්නට යැමේදී ඇති වූ ගැටලූය.
‘‘ෙඖරුදු (අවුරුදු*, සැරීරය (ශරීරය*, රාස්ත‍්‍රිය (රාති‍්‍රය*’’
ටොල්පිගේ පරිවර්තනයේදී මෙන්ම අල්පප‍්‍රාණ හා මහප‍්‍රාණ දෝෂයද තාලූජ ‘ශ’, මූර්ධජ ‘ෂ’, දන්තජ ‘ස’ පටලවා ගැනීම මෙම පරිවර්තනය තුළ දක්නට ලැබේ.
‘‘බාර්යාව (භාර්යාව*, භීජය (බීජය*, මද්දිම (මධ්‍යම*
පස්චිමදිග (පශ්චිමදිග*, ආස්චර්ය (ආශ්චර්ය*, භාසාව (භාෂාව*’’
එසේම දන්තජ ‘ල’ සහ මූර්ධජ ‘ළ’ පටලවා ගත් අයුරුද කෝට්ටේ පරිවර්තනය තුළ දැකගත හැකිය.
පොලව (පොළව*, ඉහල (ඉහළ*, ලදරුවා (ළදරුවා*
කෝට්ටේ පරිවර්තනය අධ්‍යයනයේදී පසක් වන කාරණයක් නම් බොහෝ සෙයින් ගැමි වහරට නැඹුරු වන සේ පරිවර්තනය සිදු කිරීමයි. කොළඹ පරිවර්තනය තුළ දක්නට ලැබූ සකු, මගධ තත්සම වචන මෙහි දක්නට ලැබිම උගහටය. වටහා ගත හැකි අන්දමින් හා පෘතුගීසි, ලන්දේසි, ගී‍්‍රක, ලතින්, හීබ්රූ, ආදී භාෂා තුළින් සිංහල වහරට එකතු වූ වචනද මෙම පරිවර්තනය තුළ දක්නට ලැබේ. කටවහරේ එන වචන මෙම නිර්මාණය තුළ දක්නට ලැබීම උගහට කරුණක් නොවේ.
‘‘දක්කාගෙන, මක්කලාද, නෑඹියන්, ගොන්නාඹෙක්, කපන්ඩ, දවන්ඩ, දෙන්ඩ’’
එසේම ගැමි වහරේ තෝ, තෙපි, තී, තොපි යනාදී සර්වනාම පදද නිරතුරුව මෙහි දක්නට ලැබේ. මිට අමතරව පද යෝග භාවිතයද වරදවා දක්වා ඇත්තේ මෙලෙසය.
‘‘ඉන්නිසා (ඒ නිසා*
දෙමව්පියන්ඩ (දෙමව්පියන්ට*’’
කොළඹ පරිවර්තනයේදී මෙන්ම කෝට්ටේ පරිවර්තනය තුළදී ‘වල්’ ප‍්‍රත්‍ය සචේතනික අචේනතික භේදයකින් තොරව භාවිත කර ඇත.
‘‘දොරවල්, රටවල්, සේනාවල්, අයවල් ’’
අනියමාර්ථ ‘එක්, අක්’ ප‍්‍රත්‍යයෝගය සාවද්‍ය මෙන්ම නිරවද්‍ය ලෙස කොළඹ පරිවර්තනයේදී මෙන්ම කෝට්ටේ පරිවර්තනය තුළදී යොදා ඇත. එය කොළඹ පරිවර්තනය තුළ සඳහන් වන්නේ මෙලෙසය.
‘‘සාවද්‍ය: ස්ත‍්‍රියෙක්, ස්ති‍්‍රයෙකු, මවෙක්, ගෑනියෙක්
නිරවද්‍ය: පුත‍්‍රයෙක්, වස්සෙක්, කන්‍යාවක් ’’
ටොල්පි පරිවර්තනය තුළ සම්භාව්‍ය භාෂාවට නැඹුරුවක් තිබුණු හෙයින් උක්ත අඛ්‍යාත පද සම්බන්‍ධයේ සාවද්‍ය තැන් මෙන්ම නිරවද්‍ය තැන්ද දැකගත හැකිවිය. එහෙත් කෝට්ටේ බයිබල් පරිවර්තනය ඒ හා තුලනාත්මකව අධ්‍යයනය කිරීමේදී මෙම පරිවර්තනය තුළ අවසන් ක‍්‍රියාව හැ`ගවීම සඳහා භාෂණ ව්‍යවහාරයේ එන ‘ය’ ප‍්‍රත්‍ය එකතු කිරීම බහුලව දැකගත හැකිය.
‘‘තැබුවාය, ගත්තාය, රජවුනාය, කීවාය, ඇහුවාය’’
ටොල්පි පරිවර්තනය තුළ දිගු වැකි භාවිතය දක්නට ලැබුණද මෙම පරිවර්තනය තුළ බහුලව දක්නට ලැබෙන්නේ කෙටි වැකි භාවිතයයි. මෙය කෝට්ටේ බයිබල් පරිවර්තනයටම ආවේනික වූ ලක්‍ෂණයකි. මෙම පරිවර්තන දෙකෙහි භාෂාත්මක ලක්‍ෂණ අධ්‍යයනය කිරීමේදී මෙම කාරණය සුවිශේෂී සාධකයකි.
නිද: ‘‘ඒක හිතේ තිබුන බව යහපත: එසේ නමුත් ඒ ගෙය තට සැදන්නට නොලැබේ.’’
කෝට්ටේ බයිබල් පරිවර්තනය සිදුවන කාල වකවානුව වන විට ලක්දිව සාහිත්‍යය අඳුරු යුගයක්ව පැවති සමයකි. වැලිවිට සරණංකර හිමියන් එම නිසාවෙන් මෙම යුගය තුළ මහත් සේවයක් කරමින් සාහිත්‍යයේ පුනරුදයක් ඇති කරමින් සිටියේය. මෙම යුගයේ රචිත රාජාවලිය ආදී කෘති මගින්ද හෙළි වන්නේ සාහිත්‍යයේ අඳුරු යුගයක් බවයි. කෝට්ටේ පරිවර්තනය සහ රාජාවලිය කෘතිය විමසීමෙන් බැලීමේදී කෝට්ටේ පරිවර්තකයා රජාවලියේ භාෂා රටාව අනුගමනය කර ඇති බව ද විද්‍යමාන වේ. එහිදී සනාථ වන කාරණය නම් මෙම සමාජ පරිසරය තුළ අක්‍ෂර දෝෂ සඳහා දැඩි කතිකාවතක් ගොඩනැගී නැති බවයි.
කෙසේ වෙතත් කොළඹ බයිබල් පරිවර්තනයෙහි හා කෝට්ටේ බයිබල් පරිවර්තනයෙහි භාෂාත්මක ලක්‍ෂණ තුලනාත්මකව අධ්‍යයනය කිරීමේදී එම බයිබල් පරිවර්තකයන් හට සිංහල භාෂාව සම්බන්‍ධයෙන් දැනුමක් තිබුණද ව්‍යාකරණ සම්බන්‍ධයෙන් ප‍්‍රමාණවත් දැනුමක් තිබී නැත. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් සිංහල භාෂාව අසා ධාරණය කර ගත් අයුරින් එහි භාවිතය ගැන නොසිතා රචනා කිරිමට යාමයි. ඒ අනුව මෙම පරිවර්තන දෙක තුළම ව්‍යාකරණ දෝෂ බහුලව දක්නට ලැබෙන අතර කොළඹ පරිවර්තනය සම්භාව්‍ය ගද්‍ය රීතියට නැඹුරු වීම සහ කොට්ටේ පරිවර්තනය ගැමියාට වටහා ගත හැකි අයුරින් ගැමි වහරට නැඹුරු විම භාෂා ලක්‍ෂණ අධ්‍යයනයේදී දැකගත හැකි වූ සුවිශේෂීම කාරණයයි.
යටත්විජිතකරණයත් සම`ග කතෝලික සාහිත්‍යයක් සිංහල සාහිත්‍යයට එකතුවිය. එහිදී සිදු වූ සුවිශේෂි කාරණය නම් බයිබලය සිංහලට පරිවර්තනය වීමයි. එම පරිවර්තිත අවස්ථා කිහිපයක් දක්නට ලැබුණද අප මෙහිදී අවධානය යොමු කරනු ලැබුවේ 1817දී පරිවර්තනය වු කොළඹ හෙවත් ටොල්පි පරිවර්තනය හා 1832දී ඇස්. ලැම්බි‍්‍රක් සහ ජේ.සෙල්කර්ක් දෙදනා සිදුකළ කෝට්ටේ බයිබල් පරිවර්තනය යන පරිවර්තන දෙක සම්බන්ධවයි. එහිදි අප එම පරිවර්තන දෙක තුළ ඇති භාෂාත්මක ලක්‍ෂණ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක නිරත විය. එහිදී පසක් වූ කාරණය නම් කාලානුරුපීව ටොල්පි පරිවර්තනය සම්භාව්‍ය රීතියට අනුව ලියවී ඇති බවත් කොට්ටේ පරිවර්තනය ගැමි වහරට අනුව ලියවී ඇති බවත්ය. මෙම පරිවර්තන තුළ භාෂාත්මක ලක්‍ෂණ කෙරෙහි අවධානය යොමු කිරිමේදි ව්‍යාකරණ දෝෂ බහුලව පරිවර්තන දෙක තුළම දැක ගත හැකිය. ඒ පිළිබඳව සකාරණව එකිනෙක යථෝක්ත නිබන්ධය තුළ සාකච්ඡුා කෙරිණි. ඒ අනුව පළට වූ කාරණය නම් බයිබල් පරිවර්තන මගින් සිංහල සාහිත්‍යයට නව සාහිත්‍යාංගයක් එකතු වූ අතර එමගින් වෙනත් භාෂාවල නව්‍ය වචන හා නව්‍ය සිංහල වචන අප භාෂාවට එකතු විය. මෙහි ඇති සුවිශේෂීම සාධකය වන්නේ සිංහල සාහිත්‍යයේ දැක්වෙන අනෙකුත් සාහිත්‍ය කෘතීන්ට වඩා මෙම පරිවර්තනයන්හි භාෂාත්මක ලක්‍ෂණ වෙනස් වීමයි.
ආශි‍්‍රත ග‍්‍රන්‍ථනාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රයන්
සිබස්ලකර, (සංස්.*. වී.ඩි.එස්.ගුණවර්ධන. සමයවර්ධන පොත්හල, කොළඹ10, 2003.
ද්විතීයික මූලාශ‍්‍රයන්
අරංගල්ල, රත්නසිරි. නව ගද්‍ය සාහිත්‍යයේ ප‍්‍රභවය , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2004.
කරුණාරත්න, රසික. දහනවවන සියවසේ සිංහල ගද්‍ය රීතිය, සමන් ප‍්‍රකාශකයෝ, නුගේගොඩ, 2003.
රාජකරුණා,ආරිය. 19වන සියවසේ ගද්‍ය සාහිත්‍යය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2001.
සන්නස්ගල පී.බී. සිංහල සාහිත්‍යවංශය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2008.
සරච්චන්‍ද්‍ර, එදිරිවිර. සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, සරසවි ප‍්‍රකාශකයෝ, 2009.