Thursday, December 12, 2013
ප‍්‍රබන්ධ කතා2
ප‍්‍රබන්ධ කතා
නවකතාව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමේදී පාඨක ලෝකයා ප‍්‍රබන්ධකතා සම්බන්ධයෙන් මනා දැනුමකින් සන්නද්ධවීම අත්‍යවශ්‍යයx ‘ප‍්‍රබන්ධ’ යන වචනයෙහි අරුත් පසි`දලීමේදීම එහි අර්ථය පහසුවෙන් වටහා ගත හැකිය. ප‍්‍ර+බධ් - එනම් ‘‘මනාව බ`දින ලද, ගොතන ලද, නැතහොත් විශේෂයෙන් ගොතා සකස් කරන ලද වැනි අරුත් කිහිපයක්ම ප‍්‍රබන්ධ යන වචනයෙහි ඇත.’’ එසේම ‘‘ප‍්‍රබන්ධ යන්නෙහි ප‍්‍රකර්ෂණයෙන් බැ`දීම, රචනාව, වංශය, පරපුර, එකට බැදුණු දෙය යන අරුත් ද ඇත’’ එය ඉංග‍්‍රීසියේ ‘ත්‍සජඑසදබ’යන නාමයෙන් හ`දුන්වයි. ප‍්‍රබන්ධ යන නාමයේ අරුත් විමසීමේදී අද සමාජයේ පවතින සියලූම වර්ගයේ කතා ප‍්‍රබන්ධකතා ගණයට වැටෙන බව පැහැදිලි වේ. ඒ අනූව ප‍්‍රබන්ධකතා යනු ඉතා පුළුල් විෂය ක්‍ෂේත‍්‍රයක් බැව් වැටහෙයි.
‘‘එදිනෙදා ජීවිතයේදී සිදුවන දේ ඇසුරින් අපේ නෑදෑ හිත මිතුරන් සම`ග කියනු ලබන කුඩා කතා, විහිලූ කතා, ඕපා¥ප ආදියේ සිට බයිබලය, ජාතක පොත, රාමායණය, මහාභාරතය, මහාවංශය, නොයෙකුත් සම්භාව්‍ය යුගයේ කතා සංග‍්‍රහ.... ප‍්‍රබන්ධකතා ලක්‍ෂණ තිබෙන පෙන්වා දිය හැකියx’’ ප‍්‍රබන්ධයෙහි ප‍්‍රභවය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී එය පෙර අපර දෙදිගටම සම්බන්ධ බව පෙනෙයි. ‘‘සුබන්‍ධු නැමැති ප‍්‍රබන්‍ධ කතුවරයා සිය කෘතිය වන වාසවදත්තාව ප‍්‍රබන්‍ධ කෘතියකැ’යි පැහැදිලිව සඳහන් කරයි.
ප‍්‍රත්‍යක්‍ෂර ශ්ලේෂමය ප‍්‍රබන්‍ධ-
වින්‍යාස වෛදග්ධ නිධිර් නිබන්ධම් (13*’’
ඒ අනූව මේහා සම්බන්ධ ප‍්‍රබන්ධකතා අපට ලෝකය පුරා දැකගත හැකිය. පැන්ඩොරාගේ පෙට්ටිය, රත‍්‍රන් බිත්තර දමන කිකිළිය, හිම කුමාරිය, අහස උසට නැ`ගි බෝංචි වැල, ආදී මිත්‍යා ප‍්‍රබන්ධකතා මෙන්ම ජාතක කතා, පඤ්චතන්ත‍්‍රයේ කතා, හිතෝපදේශයේ කතා උදාහරණ වශයෙන් තවදුරටත් දැක්විය හැකිය. ආගමික කතා හා ශ‍්‍රී මුඛ දේශනා, දේව වචන ප‍්‍රබන්ධකතා ගණයෙහිලා සැලකීමට බොහෝ දෙනා අකමැති වුවද සත්‍ය හා කල්පිතය අතර නිර්මාණාත්මක බව එහි අධ්‍යාශයෙන්ම ගැබ් වී තිබෙන නිසාවෙන් ඒවා ප‍්‍රබන්‍ධ කතා වශයෙන් අපට පිළි ගැනීමට සිදුවේ. උදාහරණ වශයෙන් මහාවංශයෙහි බෞද්ධ ග‍්‍රන්‍ථයන්හි, සම්භාව්‍ය කෘතීන්හි සබෑ සිද්ධි හා සත්‍ය කතා ඇතුළත් වන හෙයිනි. ‘‘මෙබ`දු ග‍්‍රන්‍ථයන්හි නැතහොත් කතා සංග‍්‍රහයන්හි සත්‍යය හා කල්පිතය සංයෝග වී තිබෙන්නා සේම ප‍්‍රබන්ධ කතාවන්හිද සත්‍යය හා කල්පිතයේ සංයෝගයක් දැකිය හැකිය.’’
මෙහිදී පැහැදිලි වන කාරණය නම් ප‍්‍රබන්ධ කතාව සත්‍යයේ හා කල්පිතයේ මිශ‍්‍රණයක් බවයි. එනම් ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන කතාවක් බවයි. ප‍්‍රබන්ධ යන නාමයෙහි ගොතන ලද යන අර්ථය ගැබ් වී තිබුණද සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් ඈත් වූ යන අර්ථය එහි ඇතුළත් නොවේ. සාමාන්‍ය සමාජයේ දක්නට ලැබෙන සත්‍යය ඒ අයුරින්ම වෙනසක් නොකොට ප‍්‍රබන්ධයට ඇතුළත් කිරීමේදී පාඨකයාට යම් රසයක් ලබා දීමට නොහැකි වන්නට පුළුවන. එම නිසාවෙන් එම සත්‍යය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කිරීම ප‍්‍රබන්ධ කතාවේ අරමුණයි. උදාහරණ වශයෙන් ,
‘ රජු මළේය. බිසවද මළේය.’
යන පුවත ප‍්‍රබන්ධකතාකරුවා ඉදිරිපත් කරන්නේ ඒ අතර සම්බන්ධය ගොඩනැගීමෙහිලා තාත්ත්වික අයුරිනි.
‘රජු මළේය. ඒ සොවින් බිසවද මළේය.’
එමනිසාවෙන් ප‍්‍රබන්ධ කතාව සත්‍යයේ හා කල්පිතයේ සම්මිශ‍්‍රණයක් බව අවබෝධ කර ගත හැකිය. ප‍්‍රබන්ධකතාව සියයට සියයක් බොරුද නොවන සත්‍යයද නොවන්නක් බව ලෝක ප‍්‍රසිද්ධ නවකතා අධ්‍යයනයේදී ගම්‍ය වෙයි.
‘‘ගුස්ටාව් ෆ්ලෝබයාගේ ‘එමා බෝවාරි’ ... සැබෑ එමා අසල්වැසි කාන්තාවකැයි ෆ්ලෝබයා ප‍්‍රකාශ කළේය.’’
‘‘ ඇනා කැරණිනා නවකතාවේ ඇනාගේ චරිතය සඳහා ආදර්ශ වූ විවාහක කාන්තාව තෝල්ස්තෝයිගේ නිවසට සමීප ගමක ජීවත් වූ බව කියනු ලැබේ.’’
‘‘ඞී.එච් ලෝරන්ස් වැනි ඉංගී‍්‍රසි නවකතාකරුවා සිය නිර්මාණයේදී ස්වකීය අද්දැකීම් බෙහෙවින් යොදා ගත් බව ප‍්‍රකට කරුණකි.’’
‘‘ මළගිය ඇත්තෝ නවකතාවේ නොරිකො සං නම් ජපන් තරුණිය අන් කිසිවෙකු නොව තමන් යැයි ප‍්‍රකාශ කළ සිංහල කරුණියක සිටි බව අප අසා ඇත.’’
මෙමගින් ප‍්‍රබන්‍ධය යනු සත්‍යයත් කල්පිතයත් අතර යම් සංසිද්ධියකින් පාඨකයාට ජීවිතාවබෝධය ලබා දෙන්නකි. එමගින් ඉදිරිපත් වන දෙය සියයට සියයක් සත්‍යයද නොවන මුසාවක්ද නොවන්නක් බව පැහැදිලි වේ. උදාහරණ වශයෙන් ගම්පෙරලියේ දැක්වෙන කොග්ගල ග‍්‍රාමයේ ඓතිහාසික තතු සත්‍ය දෑ වන අතර එහිදී ඉදිරිපත් වන ‘පියල්, නන්දා, තිස්ස යනාදී චරිත සත්‍ය නොවේ. මෙසේ ගොඩනැගුණු ප‍්‍රබන්ධකතා නවකතා, කෙටිකතා, වීරකතා, ඓතිහාසික නවකතා, පේ‍්‍රමකතා, රහස් පරීක්‍ෂක කතා, උපදේශාත්ම, ආගමික ආදී නොයෙක් ප‍්‍රබන්‍ධකතා ලෙස විකාසනය වී ඇත. එම නිසාවෙන් ප‍්‍රබන්‍ධකතා යනු කුමක්දැයි වටහා ගැනීම උගහට කරුණකි. ‘‘රොබට් ෂෝල්ස් හා පර්සි ලබෝන් වැනි බෝහෝ විචාරකයන්ද ප‍්‍රබන්‍ධකතාවක් අයත් වන්නේ කුමන වර්ගයට දැයි දැනගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත.’’ ඔවුන් ප‍්‍රකාශ කරන්නේ සූර්යා ලෝකයේ රශ්මිය බෙදී යන්නා සේ ප‍්‍රබන්‍ධය තුළින්ද සත්‍ය විවිධාකාරයෙන් බෙදී යන බවයි. හිරු එළිය දැක ගත හැකි නොහැක්කා සේ සත්‍යයද දැක ගත හැකි නොහැකිය. එහෙත් ඒ තුළ සත්‍ය අන්තර්ගතය. සත්‍ය විවිධාකාරයෙන් ප‍්‍රබන්ධකතාව තුළ ඉදිරිපත් වන ආකාරය ඔහු දක්වන්නේ මෙලෙසිනි.
‘‘සත්‍ය
ඉතිහාසය යථාර්ථවාදය අද්භූතවාදය මායාව ’’
රොබර්ට් ෂෝල්ස්ගේ එම අනාවරණයට අනුව ප‍්‍රබන්‍ධකතා කෙතරම් ප‍්‍රථූල වපසරියක පැතුරුණු කාරණයක්ද වග වටහාගත හැකිය. ප‍්‍රබන්‍ධකතාවෙහි ඇතුළාන්තයට තවත් කිදා බැස සුපරික්‍ෂා කිරීමේදී වීරකතා, ශෝකකතා, හාස්‍යකතා ආදිය දැකගත හැකිය. ‘‘මෙහිදී ප‍්‍රබන්‍ධකතා අකෘති යුගල තුනක් කෙරෙහි අවධානය යොමු කෙරිණි. එනම්,
හාස්‍යජනක නැගීම හා උත්ප‍්‍රාසාත්ම නැගීම.
ශෝකජනක වැටීම හා සානුකම්පිත වැටීම.
වීර චරිත හා ප‍්‍රතිවීර චාරිකා.’’
තදුක්තව කාරණා තුළ සාකච්ඡුා කරන ලද්දේ ප‍්‍රබන්‍ධකතාව සහ එහි ඇතුලාන්තය සම්බන්‍ධවයි. මෙහිදී අප ප‍්‍රබන්‍ධකතාවේ සැලසුම් රටාව ගැනද අවධානය යොමු කළ යුතුය. එය කොටස් දෙකකට අයත් වේ.
‘‘01 සමීපකරණය- (න්‍මංඒචදිසඑසදබ* සැලසුම් කිරීමේදී කුමකට සමීප වන්නේද යන්න.
02 පුනරුක්තිය- (ඍැචැඑසඑසදබ* අදහස් හෝ අවස්ථා පුන පුනා යොදා තිබිය හැකියි.’’
යථෝත්ථ සාධක අධ්‍යයනයේදී ප‍්‍රබන්‍ධකතා යනු කුමක්දැයි සහේතුකව අවබෝධ කරගත හැකිය. ඒ අනුව සෑම ප‍්‍රබන්‍ධයකම දක්නට ලැබුණු ප‍්‍රධාන ලක්‍ෂණය වන්නේ ‘සත්‍යයේ හා කල්පිතයේ’ සම්මිශ‍්‍රණයක් වීමයි. වර්තමානයේ ප‍්‍රබන්‍ධකතාවේ ප‍්‍රචලිතම ලකුණ වන නවකතාව විචාරකයන් ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා ඇත.
01 නවකතා
02 කෙටි නවකතා
03 කෙටිකතා
මෙහිදී අපගේ සුවිශේෂී අවධානය යොමු කරණු ලබන්නේ ප‍්‍රබන්ධකතාංගයක් වන නවකතාව සම්බන්‍ධයෙනි.
නවකතාව යනු
අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් නවකතාව වෙසෙස් වන ආකාරය සම්බන්‍ධයෙන් පූර්ණ දැනුවත්වීමක් ලැබීමට, නවකතාව යන්න සම්බන්‍ධයෙන් කෙටියෙන් හෝ වෙනම දැනුමක් ලබාගත යුතුය. ‘‘ඉතාලි භාෂාවෙන් ‘නොවෙලා’ (භදඩැක්* යන වචනය ඉංග‍්‍රීසි භාෂාවේ ‘නවල් ’ ( භදඩැක* යන්න බිඳී සිංහලයේ නවකතාව යන නමින් හැඳින්වේ. ’’ නවකතාව සිත් ඇද ගන්නා සුළු, මිනිසාට ජීවිතාවබෝධය ලබා දෙන සියුම් ආඛ්‍යාන මාර්ගයක් නිසාවෙන් විද්වත්හු මේ සම්බන්‍ධයෙන් විවිධ මත පළ කළහ. ප‍්‍රබන්‍ධකතාවෙහි එක් දියුණුතම අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. ‘සත්‍යයත් කල්පිතයත් ’ අතර ඇති සම්මිශ‍්‍රණය නවකතාව තුළින්ද දැකගත හැකිය. ‘‘මෙතෙක් ලියවී ඇති නවකතා විග‍්‍රහ කර බලන කල්හි ඒවාට ඓතිහාසික පුවත්, සමාජ තොරතුරු, මානසික තත්ත්‍ව, පේ‍්‍රමය, සෙනෙහස, ජාතිකානුරාගය, ආගමික අදහස්, දාර්ශනික සම්පේ‍්‍රක්‍ෂණ ආදී විවිධ දේ ඇතුළත් වී ඇති බව පෙනී යයි.’’
එසේම වර්තමානය වන විට නවකතාව යථාර්ථවාදී, අධියථාර්ථවාදී, මායාවාදී, මනෝවිශ්ලේෂණවාදී, සාන්දෘෂ්ටිකවාදී වශයෙන් නව මං පෙත් ස්පර්ශ කිරිමට සමත් වී ඇත. එම නවකතාව කුමක්ද යන්න පහත දැක්වෙන නිර්වචන අධ්‍යයනයේදී තවදුරටත් සුඛාවබෝධ කරගත හැකිය.
‘‘එක්තරා දිගකින් යුත් ගi ප‍්‍රබන්ධය
ඇම්. අබෙල් වවලී
නවකතාව වනාහි කර්තෘ විසින් නිර්මාණය කරන ලද අලූත් මවා ගත් තාත්වික ලෝකයට පාඨකයා ගෙන යන සෑහෙන දිගකින් යුත් ලිඛිත ගi ආඛානයකි.’’
මහාචාර්ය කැතරින් ලෙවර්
‘‘නවකතාව වනාහි කතුවරයා විසින් නිර්මාණය කරන ලද හෙයින් නව්‍ය වූද, කල්පිත එහෙත් සබෑ ලෝකයක් තුළ පාඨකයා තබා ගන්නා ප‍්‍රාමිණික වූද, දීර්ඝ වූද, ලිඛිත ආඛ්‍යානයයි.
මහාචාර්ය කැතරින් ලෙවර්
‘‘නවකතාව වනාහි නවකතාකරුවාගේ අභ්‍යන්තරික හැගීම්වල බාහිර සංකේතයකි.’’
ජෝසප් කොන්ර
‘‘ජීවිතයේ ඇති විවිධාකාර ව්‍යාකූලතාව උපයෝගී කරගෙන කිසියම් රටාවක් නිර්මාණය කරයි’’
සමර්සෙව් මෝගම්ගේ
‘‘කාව්‍ය නාට්‍යාදී විවිධ සාහිත්‍ය ස්වරූප ක‍්‍රමයෙන් නවකතාව තුළට ඇතුළු වෙමින් පවතී. අවසානයේ මේ සියල්ල නවකතාව තුළ ගිලිහී යනු ඇත.’’
එම්ල් සෝලා
‘‘නවකතාවක් යටත් පිරිසෙන් වචන හතළිස් දහසකින් යුක්ත විය යුතු බවත් ඊට වඩා වචන සංඛ්‍යාව අඩු වූ කතා කෙටිකතා සේ සැලකිය යුතු බවත්
හැරී සොව්
‘‘නවකතාව සබෑ ජීවිතය සිරිත් විරිත් හා එය ලියවුණු කාලය පිළිබඳ චිත‍්‍රයක් ඉදිරිපත් කරයි. අද්භූත කතාව (වීරකතා, පේ‍්‍රමකතා ආදිය* විසිතුරු වචනවලින් යුත් රීතියක් උපයෝගී කරගනිමින් ...’’
ක්ලේරා රීච්
‘‘නවකතා වූ කලි නවකතාව විෂයෙහි පෙර නොවූ විරූ අවධානයක් දක්වන සාහිත්‍යාංගයක් හෙයින් ඒ නාමය විශේෂයෙන්ම ගැළපෙති.
ඉයන් වෝට්
‘‘මානව ජීවිතය විවරණය කරන ගiමය කල්පිත ආඛ්‍යානය’’
මෙකි නිර්වචන අධ්‍යයනය කිරීමේදී නවකතාව යනු කුමක්ද යන්න සම්බන්‍ධයෙන් මනා අවබෝධයක් ලැබේ. එපමණක් නොව නවකතාව අන්‍ය ප්රබන්ධයන්ගෙන් වෙසෙස් වන අයුරු සොයා යන ගමනේ එය මනා පිටුවහලක් වනු ඇත.
අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් නවකතාව වෙසෙස් වන අයුරු
තදුක්ත මාතෘකා ඔස්සේ ප‍්‍රබන්‍ධකතා හා නවකතා සම්බන්‍ධයෙන් සාකච්ඡුා කරන ලදී. එහෙත් අප මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ නවකතාව අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් වෙනස් වන අයුරු සම්බන්‍ධවයි. ප‍්‍රබන්‍ධකතා ගණයෙහිලා ගැණෙන නවකතාව වත්මන් වන විට මිනිසාගේ දැනුම් නිමි වළළු පුළුල් කරමින්, ජීවිතාවබෝධය ලබා දෙමින් විවිධ මාතෘකා හා අංශ ස්පර්ශය කරමින් ජනතාව අතර ප‍්‍රචලිත වී ඇත. එම නවකතාව ප‍්‍රබන්‍ධකතාවෙහිලා සැලකුණද එයටම ආවේණික ගතික ලක්‍ෂණවලින් සමන්විත වේ. එම ගතික ලක්‍ෂණ නිසාවෙන් නවකතාව අන්‍ය ප්රබන්ධයන්ගෙන් වෙසෙස් වෙයි. ඒ බැව් නවකතාව හැඳින්වීමට යොදණු ලැබූ නිර්වචන මගින් මොනවට විiමාන විය.
කෙසේ වෙතත් ප‍්‍රබන්‍ධකතා යන්න පුළුල් වපසරියක පැතුරුණ කාරණාවකි. ප‍්‍රබන්‍ධකතා තුළ නවකතා, කෙටිකතා, වීරකතා, ඓතිහාසික නවකතා, පේ‍්‍රමකතා, රහස් පරීක්‍ෂක කතා, උපදේශාත්ම, ආගමික ආදී නොයෙක් ශාඛා ප‍්‍රශාඛා දැක ගත හැකිය. ‘‘එහෙයින් එකළ රචිත කථා, නවකතා නාමයෙන් වෙන් කොට ප‍්‍රබන්‍ධකතා නමින් හැඳින්වීමට විවේචකයෝ කැමති වෙති. ඒ ප‍්‍රබන්‍ධකතාව කොටස් හතරකට බෙදිය හැකි වේ.
01 ධර්මකතා
02 සමාජ ශෝධනකතා හා උපදේශ කතා
03 විනෝදකතා
04 පෞද්ගලික ජීවන දෘෂ්ටියක් පදනම් කරගෙන ලියවුණ කතා.’’
මෙම කාරණා තුළින් නවකතාව අන්‍ය ප‍්‍රබන්‍ධකතා මගින් වෙසෙස් කොට සැලකීමට විචාරකයෝ පෙළඹුණ බව පසක් වෙයි. එම නවකතාව නම් සාහිත්‍යාංගය ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
01 නවකතාව (භදඩැක*
02 කෙටි නවකතාව (භදඩැකැඑඑැ*
03 කෙටිකතාව (ීයදරඑ ිඑදරහ*
ප‍්‍රබන්‍ධකතාවේ සෑම ලක්‍ෂණයකින්ම නවකතාව වෙසෙස් කොට දැක්වීම උගහට කාරණාවක් නිසාවෙන් කෙටිකතාව හා කෙටි නවකතාව යන ප‍්‍රභේද තුළින් නවකතාව වෙසෙස් වන අයුරු දැක්වීම යෝග්‍ය වේ. ඒ සඳහා මූලික පියවර වශයෙන් නවකතාවෙහි සුවිශේෂතා ලක්‍ෂණ සම්බන්‍ධයෙන් දැනුවත් විය යුතුය. එමගින්ම නවකතාව අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් වෙනස් වන අයුරු වටහා ගත හැකිය.
‘‘නවකතාව නම් සාහිත්‍යාංගය පැහැදිලි කිරිම හා එම පදයට නිර්වචනය දීමට මෙතෙක් දරා ඇති ප‍්‍රයත්න සම්පූර්ණයෙන්ම සාර්ථක වී නොමැති බව ඒ ඒ උගතුන් විසින් පිළිගෙන ඇත. එසේ වීමට හේතුව මෙම සාහිත්‍යාංගය ඒ තරම්ම විවිධ ලක්‍ෂණයන් ගෙන් යුක්ත වීමයි.’’ මෙහි විවිධ ලක්‍ෂණයන්ගෙන් යුක්ත වීම යන්නේ අදහස් කරන්නේ අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් විශේෂ වීමයි. මෙහිදි නවකතාව විශේෂ වන එම ලක්‍ෂණ සම්බන්‍ධයෙන් අවධානය යොමු කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ. මන්ද යත්, නවකතාවේ බාහිර ස්වරූපය සහ එහි නිර්වචන පූර්වෝක්ත මාතෘකා ඔස්සේ විමර්ශනය කළ නිසාවෙනි. එම නිර්වචන තුළින්ද ගම්‍ය වූවේ නවකතාව අන්‍ය ප‍්‍රබන්‍ධකතාවන්ගෙන් වෙනස් වන අයුරුයි. එවැනි නවකතාවක් වීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය.
01 ගiයෙන් ලියනු ලැබීම.
02 කල්පිත කතාවක් වස්තු වීම.
03 ජීවිත විවරණයක් වීම.
ඒ අනුව විවිධාකාර ප‍්‍රබන්‍ධකතා දක්නට ලැබුණද නවකතාව ඒවායෙන් වෙනස් වන්නේ යථෝක්ත කාරණා නිසාවෙනි. එසේම නවකතාව ප‍්‍රබන්‍ධයන්ගෙන් විශේෂ වන අයුරු හෙන්රි ජේම්ස්ගේ නිර්වචනය මගින් ස්ඵුට වේ.
‘‘නවකතාව යනු මානව ජීවිතය විවරණය කරන ගiමය කල්පිත ආඛ්‍යානයයි.’’
‘‘මට වැටහෙන පරිදි නවකතා විෂයෙහිලා කළ හැකි එකම වර්ගීකරණය නම් ජීවිතය සහිත නවකතා සහ ජීවිතය රහිත නවකතා වශයෙනි.’’
මෙමගින් නවකතාව අන්‍ය ප‍්‍රබන්‍ධන්ගෙන් විශේෂ වන අයුරු පළට වේ. කෙටිකතා, කෙටි නවකතා තුළ මෙම ලක්‍ෂණ විiමාන වුවද ප‍්‍රමාණාත්මක අයුරින් නවකතාව ඒවායෙන් වෙසෙස් වේ. එසේම නවකතාව විශේෂ වන තවත් ගාමක සාධකයක් වන්නේ නවකතාංග තුළින්ය. පරිපූර්ණවත් යුවතියක් වන්නටනම් අ`ගපගෙන්, සිනහවෙන්, කතා බහින්, සදාචාරයෙන් ආදී සියල්ලෙන් යුක්ත විය යුත්තා සේම විශිෂ්ට නවකතාවක් වීමට නවකතාවට ආවේණික අංග ලක්‍ෂණ ඒ තුළ සමන්විය යුතුය. ‘‘සෑම නවකතාවකම සන්දර්භය තුළින් එහි කතුවරයාගේ ප‍්‍රතිභා ශක්තියත් පෞර්ෂත්‍වයත් ඉස්මතු වේ.’’ එය මේසේ දැක්විය හැකිය.
01.කතා ශරීරය
02. චරිත නි?පණය
03. කතා වින්‍යාසය
04. නවකතා සන්දර්භය
05. දෘෂ්ටි කෝණය
06. හේතුඵල සම්බන්‍ධය
07. තාත්විකත්වය
08. යථාර්ථ නි?පණය
තදුක්තව දක්නට කාරණාවලට අමතරව තවත් බොහෝ කාරණා නවකතාංග තුළ දක්නට ලැබේ. කෙසේ වෙතත් යථෝක්තව දැක්වූ කාරණා අතර දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් ලෙස චරිත නිරූපණය දැක්විය හැකිය. නවකතාව අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් විශේෂ වන ආකාරය විමසීමේදී මෙම කාරණය වැදගත් වේ. නවකතාකරුවාට ස්වකීය ධාරණයට අනුව අදාල චරිත සජීවී ලෙස හැසිරවීමට හැකිවිය යුතුයි. එහිදී කතුවරයා මැදහත් විය යුතුය. ඊ.එම් පෝස්ටර් මහතාගේ අදහසට අනුව චරිත වර්ග දෙකකි.
01. පැතලි චරිත (හොඳ හෝ නරක බව එක වචනයකින් පැවසිය හැකි චරිත.*
02. වටකුරු චරිත (හොඳ නරක මිශ‍්‍රණයකින් යුත් චරිත.*
මෙම වර්ගීකරණය ප‍්‍රමාණවත් නොවන නිසාවෙන් පසුකාලීන විචාරකයන් චරිත වර්ග පහක් දක්වා ඇත.
‘‘01. සරල චරිත (යුගාන්තයේ මාලින් මෙනි.*
02. සංකීර්ණ චරිත (විරාගයේ අරවින්ද මෙනි.*
03. පරිපූර්ණ චරිත (එවැනි චරිත නැත.*
04. පැතලි රූපාකාර චරිත (යුගාන්තයෙහි සවිමන් කබලාන මෙනි.*
05. පසුබිම් චරිත’’ (කතාවේ පැවැත්මට කර්තෘ අභිමතය පරිදි යොදා ගන්නා චරිතයි.*
කෙටියෙන් මෙලෙස චරිත නිරූපණය විමසීම තුළින් එය කෙතරම් සංකීර්ණද වග පැහැදිලි වේ. මෙය අන්‍ය ප‍්‍රබන්‍ධයන්ගෙන් නවකතාව වෙසෙස් වන අන්දම ප‍්‍රකාශ කෙරෙන කදිම උපහරණයකි.
නවකතාව තුළ දක්නට ලැබෙන කතා වින්‍යාසයද සුවිශේෂී වෙයි. ‘‘කතාවක චලන ස්වභාවය හෙවත්, සිද්ධියෙන් සිද්ධිය ඉදිරියට ගලා යන ගතික ස්වභාවය කතා වින්‍යාසය යනුවෙන් අදහස් වේ.’’ ඇරිස්ටෝටල් කතා වින්‍යාසය ශෝඛාන්ත නාට්‍යයේ අතිශය වැදගත් අංගයක් සේ සලකා ඇත.
‘‘01. වස්තුව-කථා වින්‍යාසය (ඡුකදඑ*
02. චරිත (ක්‍ය්ර්ජඑැර*
03. භාෂා විලාසය- රීතිය (ෘෂසජඑසදබ*
04. චින්තනය- දර්ශනය (ඔයදමටයඑ*
05. පේ‍්‍රක්‍ෂකයා (ීචැජඒඑදර*
06. ගීත (ීදබට* ’’
වර්තමාන නවකතාව තුළ නිශ්චිත ආකෘතියක් දක්නට නොලැබෙයි. එය වත්මන් යථාර්ථවාදී සහ අධියථාර්ථවාදී නවකතා මගින් පසක් වෙයි. ඒ සඳහා ගාර්සියා මාකේස්ගේ ‘සියක් වසක හුදකලාබාවය’ නවකතාව කදිම උපහරණයකි. එහෙත් මෙම වත්මන් නවකතා තුළ සංකීර්ණ කතා වින්‍යාසයක් දැක ගත හැකිය. නවකතාව තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂි ලක්‍ෂණයක් ලෙස නවකතාතරුවාගේ දෘෂ්ටි කෝණය (ඡුදසබඑ දෙ ඩසැඅ* දැක්වි හැකිය.
01. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය
මෙහිදී නවකතාවක දැක්වෙන චරිතයක ස්ව?පයෙන් කතාව ඉදිරිපත් කරයි. ඔහු එය ‘මම’ යන කථන ක‍්‍රමයෙන් එය ඉදිරිපත් තරයි. නිදසුන් වශයෙන්
‘‘ මම ඔහුගේ මුහුණ දෙස ඕනෑකමින් බැලීමි... මම ඉඳහිට සැක කළෙමි.’’
‘‘ මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි.’’
02. ප‍්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය
මෙහිදී මම යන කථන ක‍්‍රමය වෙනුවට ඔහු හෝ ඇය යන සර්ව කථන ක‍්‍රමය යොදා ගනී.
‘‘ඔහු තවමත් තරුණියන් ගැන සිතමින් ආලය බැඳගන්නා අදහසින් තරුණිය ගැන සිතීම නම්, තවමත් ඔහුට ලැජ්ජාවට කාරණයකි.’’
මිට අමතරව සර්වදර්ශී දෘෂ්ටි කෝණය නමින් දෘෂ්ටි කෝණයක් ද දක්නට ලැබේ.
එසේම නවකතාව තුළ හේතුඵල සම්බන්‍ධය, තාත්විකත්‍වය, තෝරාගත් සිද්ධි පමණක් ඉදිරිපත් කිරිම, යථාර්ථ නි?පණය වැනි සාධක අන්තර්ගතය. එමගින් නවකතාවෙහි සුවිශේෂී බව ඔප්නැන් වේ. එබඳු ලක්‍ෂණ ඇති නිර්මාණ දේශීය විදේශීය සාහිත්‍ය තුළ ද දක්නට ලැබේ.
නිද. (දේශීය* නවකතා ලෙස ගම්පෙරලිය, යුගාන්තය, කරුමක්කාරයෝ. (විදේශීය* ‘‘ගාර්සියා මාකේස්ගේ සියස් වසක හුදෙකලාව, චටලි ආර්යාව, තහඩු බෙරය, ? මැදියමේ දරුවෝ.’’
එසේම නවකතාවේ අනෙකුත් ප‍්‍රභේද වන කෙටි නවකතාව, කෙටිකතාව වැනි ප‍්‍රභේදයන් විමසීමේදීද පැහැදිලි වන්නේ නවකතාවේ ඇති විශේෂ බවයි. එහිදී එම කොටස් දෙක වෙන වෙනම අධ්‍යයනය කළ යුතුය. එහිදී කෙටි නවකතාව යනු වචන හතළිස් දසකට අඩු කෙටිකතාවට වඩා දීර්ඝ කතාවයි. එහිද නවකතාවක දක්නට ලැබෙන යම් තාත්වික බවක් දක්නට ලැබේ. ‘ජමිලා, මහල්ලා සහ මුහුද (හෙමිං වේ* ආදී කෙටි නවකතා උපහරණ ලෙස දැක්විය හැකිය. එහිදී කෙටි නවකතාව අධ්‍යයනයේදී අප නවකතාව සම්බන්‍ධයෙන් සාකච්ඡුා කළ කරුණු එහි අන්තර් ගත නොවන හෙයින් එමගින් නවකතාව වෙසෙස් වන අයුරු වෙසෙසා දැක ගත හැකිය.
කෙටිකතාව සම්බන්‍ධයෙන් කරුණු විමසීමේදී විචාරකයන් පවසන්නේ ‘නවකතාව කන්දක් නම් කෙටිකතාව දියමන්තියක් වන බවයි.’ එසේම ඇන්ටන් චෙකොෆ් පවසන්නේ ‘ජීවිතයෙන් අංශුවක් පෙත්තක් විවරණය කිරීම කෙටිකතාව බවයි.’ එමගින් නවකතාව තුළ ඇති ප‍්‍රමාණාත්මක අයුරින් හා අංග ලක්‍ෂණ මගින් කෙටිකතාව සමග සාම්‍යක් නොදක්වන බව පැහැදිලි වේ. ‘‘කෙටිකතාවටත් නවකතාවටත් පොදු ලක්‍ෂණ රාශියක් ඇතත් කෙටිකතාවේ එක් අනිවාර්ය ලක්‍ෂණයක් ගැබ්වන බට විචාරකයන් එක`ග වෙන බව පෙනේ.’’
බටහිර විචාරකයන් පවසන පරිදි කෙටිකතාවේ ප‍්‍රභේද හයක් මාටින් වික‍්‍රමසිංහ මහතා පවසයි.
‘‘01. එකම සිදුවීමක් මුල් කරගෙන රචිත කතාව
02. චරිතාංගයක් නි?පණය සඳහා ලියන ලද ආඛ්‍යායිකාව.
03. සිදුවිම් කිහිපයක් ඇසුරින් රචිත කතාව
04. කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැගුණු හැගීමක් විවරණය කරනු සඳහා කරන ලද රචනය.
05. කෙනෙකුගේ යටි සිතට සැ`ගවුණු හැ`ගීමක් හෙළි කරන විවරණයක්
06. උපහාසය හා මායා කතාව’’
එසේම ඒ.වී සුරවීර මහතා ‘එසවීන් ’ කෙටිකතාවක් නොවන්නේ කවර ලක්‍ෂණ ඇති ප‍්‍රබන්‍ධ නිර්මාණ වග දක්වා ඇත්තේ මෙලෙසිනි.
1 කෙටිකතාව සංක්‍ෂිප්ත නවකතාවක් නොවේ.
2 එය උපාඛ්‍යානයක් නොවේ.
3 එය කෙටුම්පතක් හෝ දළ සටහනක් නොවේ.
4 එය චරිත කතාවක් නොවේ.
5 එය හුදු චරිතාලේඛයක් නොවේ.
6 එය කතාන්දරයක් නොවේ.’’
කෙටිකතාවක තිබිය යුතු ලක්‍ෂණ ඔහු දක්වන්නේ මෙලෙසිනි.
‘‘1 සියල්ල අබිබවා සිටින එක් ප‍්‍රබල සිද්ධියක්
2 ඉස්මතු වී පෙනෙන එක් ප‍්‍රධාන චරිතයක්
3 පරිකල්පනය
4 කතා වින්‍යාසය
5 සියල්ල එකට කැටි වී තිබිම
6 සංවිධානාත්මක බව
7 ධාරණාවේ ඒකත්වය’’
මෙම කරුණු කාරණා සංසන්දනාත්මකව බැලීමේදී නවකතාවේ හා කෙටිකතාවේ යම් සාම්‍යත්වයක් තිබුණද කෙටිකතාවේ පටන් අන් සියලූ ප‍්‍රබන්ධ කතා මගින් නවකතාව වෙසෙසා සොයාගත හැකි එයටම ආවේණික ලක්‍ෂණවලින් සමන්විත බව තදුක්ත කාරණා මගින් සනාථ වේ.
ප‍්‍රබන්ධකතා වනාහි පුළුල් වපසරියක් තුළ පැතිරුණ මහාර්ඝ වෘක්‍ෂයක් හා සමානය. එහි ශාඛා ප‍්‍රශාඛා විහිදී වැඞී විශාල පරිසරයකට සෙවෙන ලබා දෙයි. එහි දක්නට ලැබෙන ශක්තිමත් ශාඛාවක් ලෙස නවකතාව දැක්විය හැකිය. මෙහිදි මෙම නිබන්ධය පුරාවට යත්න දරනු ලැබුවේ එම ප‍්‍රබන්ධකතාව තුළ දිස්වෙන සුවිශේෂී සලකුණක් වන නවකතාව අන්‍ය ප‍්‍රබන්ධයන්ගෙන් වෙසෙස වන අයුරු විමර්ශනය කිරීමයි. ප‍්‍රබන්ධකතා හැඳින්වීම, නවකතා හැඳින්වීම, නවකතා නිර්වචන අධ්‍යයනයේදීද විiමාන වූවේ නවකතාව අන්‍ය ප‍්‍රබන්ධයන්ගෙන් වෙසෙස්වන ආකාරයයි. එසේම නවකතාවෙහි ප‍්‍රධානතම ප‍්‍රභේදයන් වන කෙටිකතා, කෙටි නවකතා, සංසන්දනයෙන්ද එය තවදුරටත් සනාථ විය. වර්තමානය වන විට නවකතාව මිනිසාට ජීවිතාවබෝධය ලබාදෙමින් විවිධ ක‍්‍රමයන් ස්පර්ෂ කොට ඇත. එම නව්‍යතා මගින්ද නවකතාවට ආවේණික නවකතාංග මගින්ද සවිස්තරාත්මකව විශද වූවේ නවකතාව අන්‍ය ප්රබන්ධයන්ගෙන් වෙසෙස් වන ආකාරයයි.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍ර
ඇරිස්ාටෝටල්ගේ කාව්‍ය ශාස්ත‍්‍රය, (සංස්.*. ඒ. වී සුරවීර, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1996.
ගුරු ගීතය. පරි.දැදිගම රැුද්‍රිගූ, කුරුළු පොත් ප‍්‍රකාශකයෝ, රාජගිරිය, 2000.
සිංහල කෙටිකතා සංග‍්‍රහය. (සංස්.*. කුසුමා කරුණාරත්න, සරත් විජේසූරිය, විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය, පුංචි බොරැුල්ල, 2003.
ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය. (සංස්.*.වැලිවිිටියේ සෝරත හිමි, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2006.
ද්විතීයික මූලාශ‍්‍ර
අමරකීර්ති, ලියනගේ. අමුතු කථාව, විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය, පුංචි බොරැුල්ල, 2005.
අමරවංශ හිමි, කොත්මලේ. සාහිත්‍ය ලතා, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2000.
මැද්දේගම, උයද ප‍්‍රශාන්ත. ප‍්‍රබන්ධ කතා මූලධර්ම, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, 1978.
වික‍්‍රමසිංහ,මාටින් . ගම්පෙරලිය, සරස ප‍්‍රකාශකයෝ, රාජගිරිය, 2000.
වික‍්‍රමසිංහ,මාටින් . වහල්ලූ, සරස ප‍්‍රකාශකයෝ, රාජගිරිය, 1959.
වික‍්‍රමසූරිය, සරත්චන්ද්‍ර. නවකතා විවරණය, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ, 1963.
විසුද්ධිජෝති හිමි,දෙනගම. සාහිත්‍ය විමර්ශන. ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1967.
සුරවීර, ඒ.වී. නවකතා නිර්මාණය හා අවබෝධය, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, කොළඹ 12, 1999.
සුරවීර,ඒ.වී . බවතිමිර, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1984, 19 පිටුව.
සරත්චන්ද්‍ර,එදිරිවීර. මළගිය ඇත්තෝ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2008.
තෘතීයික මූලාශ‍්‍ර
සාහිත්‍ය. (සංස්.*. ඇස්.ජී. සමරසිංහ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, 1996.