UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: විසංයෝජනය හා ලක්‍ෂාන්ත අතුකෝරලගේ ‘ධර්ම චක‍්‍රය

Thursday, December 12, 2013

විසංයෝජනය හා ලක්‍ෂාන්ත අතුකෝරලගේ ‘ධර්ම චක‍්‍රය

විසංයෝජනය හා ලක්‍ෂාන්ත අතුකෝරලගේ ‘ධර්ම චක‍්‍රය’ සාහිත්‍ය නිර්මාණ විචාරයත් සම`ග විවිධ විචාර ක‍්‍රමවේදයන් බිහිවන්නට විය. ඒ අනුව ලොව විවාදයට තුඩුදෙන විප්ලවීය විචාර ක‍්‍රමවේදයක් හැත්තෑව දශකයේ අග භාගයේ ප‍්‍රචලිත විය. එය විචාර ක‍්‍රමවේදයකට වඩා කියවීමේ ක‍්‍රමයක් ලෙස අරුත් දැක්වීම උචිතය. එනම් ‘ශාක් ඩෙරීඩාගේ’ (ජැක් ඩෙරීඩාගේ* විසංයෝජනයයි. ‘‘විසංයෝජනය යනුවෙන් ඩෙරීඩා අදහස් කළේ ගැඹුරු සහ සමීප, කැරලිකාර කියවීම් ක‍්‍රමයක් විනා වාදයක් නොවේ.’’ (ලියනගේ අමරකීර්ති. අමුතු කතාව, 295 පිටුව.* මොහු 1930 - 2004යන කාල වකවානුව තුළ තම නිර්මාණ කාර්යයේ අභිවෘද්ධිය උදෙසා සවිඤ්ඤාණික වූයේය. ‘‘ඩෙරීඩාගේ දාර්ශනික චින්තාවන් මුල සිටම බොහෝ විට සකස් වන්නේ පී‍්‍රඞ්රිෂ් නීට්සේ, මාර්ටින් හයිඩෙගර්, සිග්මන් ප්‍රොයිඞ්, පැර්ඩිනැන්ඞ් සොසීය, එඞ්මන් හුසල් ආදී චින්තකයින් හරහාය.’’ ( දිවයින. බදාදා අතිරේකය, 2009 ජූලි මස 15වැනි බදාදා,* ඒ අනුව අප සාකච්ඡුා කරන ඩෙරීඩාගේ විසංයෝජනීය මතවාද සමාජය තුළ ගිගුම් දෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේ හා අසූව දශකයේ මුල් භාගයේය. මෙහි ඇති නැවුම් කුතූහලයක් ජනනය කරන ස්වරූපය හා විප්ලවීය, හිත් ඇද ගන්නා සුළු අමන්ත‍්‍රණය නිසාවෙන් ඊට පසුව සංස්කරණය කරන ලද සැම ප‍්‍රධාන ශබ්දකෝෂයකම හෝ විශ්ව කෝෂයකම මෙම වචනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට තිබීම දැක ගත හැකිය. ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂයට අනුව විසංයෝජනය ‘‘විචාර පූර්වක විශ්ලේෂණ ක‍්‍රමයකි’’ (ධංදෙරා ෑබටකසිය ෘසජඑසදබ්රහග1989 ල චග346* එසේම කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යායේ ප‍්‍රකාශනයක් වන සාහිත්‍ය න්‍යාය පිළබඳ වූ විශ්වකෝෂයේ ‘‘1960 දශකයේ අගභාගයේ ප‍්‍රංශයේ හටගත් දාර්ශනික ගුරු කුලයක් ලෙස’’(ෑබජහජකදචැාස් දෙ ජදබඑැපචදර්රහ කසඑැර්රහ එයැදරහග 1993ල චග 63* නිර්වචනය කර ඇත. එසේම බ්ලැක්වේල් ප‍්‍රකාශනයක් වන සාහිත්‍ය වාංමාලා හා සාහිත්‍ය න්‍යාය පිළිබඳ ශබ්දකෝෂය විසංයෝජනය දකින්නේ ‘‘විචාර ක‍්‍රමයක් හා විශ්ලේෂණාත්මක විමර්ශන විධියක්’’ (ෘසජඑසදබ්රහ දෙ කසඑැර්රහ එැරපි ්බා කසඑැර්රහ එයැදරහග 1991ග චග324* ලෙසනි. උක්ත නිර්වචන අධ්‍යයනයේදී හා ඩෙරීඩාගේ අරමුණුද විමර්ශනාත්මකව ඇගයීමේදී ශබ්දකෝෂවල එන කිසිදු අර්ථයක් ඩෙරීඩා අපේක්‍ෂා කර නැති බව ඉඳුරාම කිව හැකිය. ඒ බව පසක් වන්නේ ඩෙරිඩා, මහාචාර්ය ඉසුසු වෙත යවන ලිපියෙන්ය. ‘‘විසංයෝජනය යනු විශ්ලේෂණයක්ද විචාර ක‍්‍රමයක්ද නොවේ... විසංයෝජනය කිසියම් ක‍්‍රමවේදාත්මක මෙවලමකට හෝ නීති පද්ධතියකට හෝ පටිපාටියකට ඌණනය කළ නොහැකිය. පැහැදිලිවම කිව යුත්තේ විසංයෝජනය යනු ක‍්‍රියාවක් හෝ මෙහෙයුමක් නොවන බවය.’’( දිවයින. බදාදා අතිරේකය, 2009 ජූලි මස 15වැනි බදාදා,* මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී මාතෘකාව මුලදීම සඳහන් කළ ‘විසංයෝජනය කියවීම් ක‍්‍රමයකි’ යන කාරණය සනාථ වේ. ‘‘බාබරා ජෝන්ස්’’ විසංයෝජනය යනු නිර්මාණාත්මක කියවීමක් ලෙස පවසා ඇත්තේද එම නිසාය. (ෘැජදබිඑරමජඑසදබ සි බදඑ ් ාැිඑරමජඑසදබ* විසංයෝජනය යන වචනය ඉංග‍්‍රීසියේ ‘ෘැජදබිඑරමජඑසදබ’යන නාමයෙන් හඳුන්වා ඇත. එය ඩෙරීඩා විසින් හයිඩෙලරියානු වචනයක් වූ ‘ෘැිඑරමනඑසදබ’ යන පදයෙන් සකසා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. ශාක් ඩෙරිඩා පවසන්නේ භාෂාව මගින් ලෝකය විස්තර කිරීමට යෑමේදී විවිධ ගැටලූවලට මුහුණ පාන්න සිදුවන බවයි. ඊට හේතුව නම්, භාෂාව විස්තර කිරීමට යෑමේදී ඇති අසමබර වචන භාවිතයයි. අසමබර වචන භාවිතය යන්නෙන් අදහස් වන්නේ සමාජයේ මිනිසා විසින්ම ගොඩනගා ගන්නා වූ බලය සහිත හා බලය රහිත පදය. මෙම ධූරාවලීගත ලක්‍ෂණය නිසා ලෝකයා වඩා ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙස වටහා ගත නොහැකිය. මන්ද යත්, එසේ ගොඩනගාගත් එම පාරභෞතික සංකල්පය තුළ සැම විටම බලයක් සහිත පදයට පමණක් මුල් තැනක් හිමිවන නිසාවෙනි. එහිදී සාමාජීය මිනිසා ගොඩනගා ගත් එම සංකල්පයන්ගෙන් මිදී සමාජය දෙස විචාරාක්‍ෂිය යොමු කරන විට සැම විටම බලයක් සහිත පදය නිවැරදිද යන්න සම්බන්ධයෙන් ප‍්‍රශ්නාර්ථයක් මතු වේ. මෙහිදී මිනිසා පාරභෞතිකව ගොඩනගා ගත් යුගල පදයන්හි මුල් පදය ආධිපත්‍යයක් දැරීම ‘ලෝගෝ කේන්ද්‍රියතාව’ යනුවෙන් හඳුන්වයි. ‘‘ඛදටදජැබඑරසිප ‘‘ලෝගෝ යන ග‍්‍රීක වචනයේ තේරුම ‘‘වචනය’’ යන්නයි. සරල අර්ථයකින් ගත් කල ලෝගෝ කේන්ද්‍රීයතාව යනු විරුද්ධාර්ථ ද්වයන්හි පළමු පදය ආධිපත්‍ය, ආරම්භය, ප‍්‍රධානත්වය හා සැලකීමයි.’’ ( ලියනගේ අමරකීර්ති. අමුතු කතාව, 295 පිටුව.* එම නිසාවෙන් විසංයෝජනය සමාජයේ ඇති අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද උපයෝගී කරගෙන අඩු වරප‍්‍රසාද ලත් අංශය ඔස්සේ ලෝකය දකින්නට කියා දෙයි. විසංයෝජනය මුල් කරගෙන සාහිත්‍ය කෘතියක් කියවීමේදී කරුණු තුනක් සුවිශේෂී වෙයි.  ඔැංඑමර්කසඑහ - පෙළ  ඹබාැජසාැඉසකසඑහ - අවිනිශ්චිතබව රුඩැරිසබට- දෙපැත්ත මාරු කරීම.  ීඑර්එැටහ - උපක‍්‍රම ඍැ-සබිජරසචඑසදබ - නැවත පිටපත් කිරීම. විසංයෝජනීය ලෙස කියවීමේදී අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගලකරණය අත්‍යවශ්‍යය. සමාජය දෙස සියුම්ව බැලීමේදී එවැනි ප‍්‍රතිපක්‍ෂ යුගල පද සොයා ගැනීම උගහට කරුණක් නොවේ. උදාහරණ වශයෙන් ‘‘ඇතුළත- පිටත උස- මිටි උඩ - යට භාෂණ - ලේඛන සැමියා - බිරි`ද පැහැදිලි - අපහැදිලි උගත් - නූගත් මිනිස් - තිරිසන් සුදු - කළු’’( ලියනගේ අමරකීර්ති. අමුතු කතාව, 295 පිටුව.* මෙම ප‍්‍රතිපක්‍ෂ යුගල අධ්‍යයනය කිරීමේදී මුල් පදය තුළ යම් අධිකාරියක් දැකගත හැකිය. එහෙත් විසංයෝජනීය කියවීම තුළින් අධිකාරිමය බලය තුළ පිඩා විඳින අනෙක් පදය දෙස සමානාත්මතාවෙන් සිතයි. සමාජය මෙලෙස ගොඩනගාගත් අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද පාරභෞතික සංකල්පයකි. එනම් මිනිසාම ගොඩනගා ගත් දෙයකි; මිනිසාම තනාගත් දෙයකි. එය අසාධාරණ, පාරභෞතික සංකල්පයකි. ඒ අනුව විසංයෝජනීය කියවීම තුළින් එසේ මිනිසා තනාගත් අසාධාරණ ප‍්‍රතිපක්‍ෂ යුගල මත පීඩාවට පාත‍්‍රවන පාර්ශ්වය කෙරෙහි සානුකම්පිතව බලයි. එමගින් අර්ථවත් වන්නේ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට වඩා උසස් කිරීම නොව පාර්ශ්ව දෙකටම සම තැන් ලබා දීමයි. ඒ සඳහා කදිම උදාහරණයක් ලෙස සාහිත්‍ය ලෝකයේ ප‍්‍රකට අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගලයක් වන ගුත්තිල - මූසිල යුගල පදය දැක්විය හැකිය. එහිදී බෝහෝ මිනිස්සු ගුත්තිලගේ චරිතය සදාචාරවත්, ධාර්මිෂ්ට චරිතයක් ලෙස දකිති. එහෙත් ගුත්තිල කාව්‍ය විසංයෝජනීය ලෙස කියවීමේදී මූසිල දුෂ්ට, පාපිෂ්ඨ, අධම චරිතයක් නොවන බව අවබෝධ කර ගත හැකිය. මූසිල යනු ශාස්ත‍්‍රලෝභී, නිහතමානී, අවංක, චරිතයක් බව විසංයෝජනීය කියවීමේදී සුඛාවබෝධ වේ. ‘‘එසේ වුවහොත් හිමි ඔහුට මම අතවැසි වෙමි මෙ මිල ආපසු දෙමි මමත් ඔබ යන කල සමග යෙමි’’ ‘‘ඉඳිමියි නොවී ණය’’ ‘‘නොමිහිරිද මේ වෙණ’’ ...කියව නොසතුටු වන්න කාරණ’’ ‘‘අඳ මව්පියන් හට’’ ( අලංකාර දර්ශනය සහිත ගුත්තිල කාව්‍ය වර්ණනා. (සංස්.*. ඩබ්.ඇෆ් ගුණවර්ධන, 1992, 105, 121, 109, 116 පිටු.* යන්න දැක්විය හැකිය. විසංයෝජනීය ක‍්‍රමය යටතේ කියවිමේදී අධිකාරියක් නොමැති පදය තුළ මිනිසාට පිටතින් නොපෙනෙන ඔහු හෝ ඇය සතු හෝ එම කාරණය සතු සුවිශේෂී දේ කතා කරයි; සොයා බලයි; විමසයි. එහෙත් සාමාන්‍යයෙන් මිනිසාට පෙනෙන්නේ අධිකාරියක් නොමැති පදය තුළ ඇති බාහිර දුර්වලතාවන්ය. එමනිසාවෙන් ඔවුන් පාරභෞතික යුගල පද සාදා ගනී. ගුත්තිල - මූසිල අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදයද එසේ නිර්මාණය කර ගත්තකි. සාමාන්‍ය මිනිසා දකින ආකාරයට මෙහි නිවැරදි චරිතය ගුත්තිල ඇදුරුය. ගුත්තිල යන නාමය සම යුගල පදයේ අධිකාරියක් දරයි. එහෙත් විසංයෝජනීයව කියවීමේදී මූසිලටද සම අවස්ථා ලබා දේ. ඒ සඳහා තරුණබව, මුදල්වල අත්‍යවශ්‍යබව, දක්‍ෂතාව යන කරුණු බලපායි. මෙම යුගල පදය විසංයෝජනීයව කියවීමේදී මූසිල - ගුත්තිල වශයෙන් මාරුවෙයි. මෙමගින් අප අවබෝධ කරගත යුතු කාරණය නම් අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගලවල කිසි`දු පදයකට අධිකාරියක් ලබා නොදී සමානතාවක් ලබා දිය යුතු බවයි. විසංයෝජන ක‍්‍රමය ඔස්සේ කියවීමේදී උද්ගතවන තවත් කාර්යක් වනුයේ නිර්මාණයක කතුවරයා පිළිබඳ, එම සමාජ තත්ත්වය පිළිබඳ සැලකීමක් නොදැක්වීමයි. (අයි.ඒ. රිචඞ්ස්ගේ භාවිත විචාරයේදීද මෙම කාරණය අවධාරණය කරයි.* එහෙත් මෙම`ගින් කතුවරයා මැරීමක් සිදු නොවන බව අපගේ හැ`ගීමයි. එම`ගින් සිදුවනුයේ කතුවරයාගේ අරමුණෙහි දිගුවක් සිදුවීමයි. මන්ද යත්, කතුවරයාට නිර්මාණය තුළ දැක්විය හැක්කේ සීමිත දෙයකි. උදාහරණයක් වශයෙන් පi පන්තියක් රචනා කිරීමේදී ඉ`ගි කළ හැක්කේ සීමිත දෙයකි. එය විස්තර කිරීමට යෑමේදී පi පන්තිය කාව්‍යයකින් මිදී වාක්‍ය රචනයක් බවට පත් වේ. එම කාරණාව නිසාවෙන් විසංයෝජනය තුළින් එම සැ`ගවුණු කාරණා සොයා යාමක් සිදුවේ. එනම් කතුවරයාගේ දිගුවක් ඒ තුළින් නිර්මාණය වේ. විසංයෝජනය තුළින් කතුවර මරණය සිදු නොවන බව මෙමගින් ප‍්‍රත්‍යක්‍ෂ වේ. අවසන් වශයෙන් සරලව දැක්වීමේදී විසංයෝජනය යනු ලිහීමකි (්බ්කහිැ*. පඨිතයක සැ`ගවී ඇති දේ සොයා යාමකි. (‘‘විසංයෝජනීය කියවීම රචකයා විසින් නොදකින ලද යම් සම්බන්‍ධතාවක් රචකයා විසින් මෙහෙය වනු ලබන හා නොලබන භාෂා රටා පිළබඳ අවධානයට යොමු කිරීමයි.’’ඩෙරීඩා* එනම් සැ`ගවුණු දේ දැකිය හැකි බවයි. (ඹබිැැබ ඉැජදපැ ිැැබග න්‍ග් ජමාාාැබ* අප මෙතෙක් සාකච්ඡුා කළ විසංයෝජනීය කියවීම සාහිත්‍ය නිර්මාණයක් සමීපව කියවීමේදී තවදුරටත් සුඛාවබෝධ කරගත හැකිය. ඒ සඳහා ලක්‍ෂාන්ත අතුකොරලගේ ‘යටි වියන’ කෘතියේ එන ‘ධර්ම චක‍්‍රය’ නමැති පද්‍ය නිර්මාණය විසංයෝජනීය සමීප කිවීමකට ලක් කිරීම මනාය. එම නිර්මාණය මෙසේ දැක්විය හැකිය. ‘‘ධර්ම චක‍්‍රය පච්චා කොටන තැන මකර රූ- කිනිසි- සරපයි හෙළුවැලි ගෑණු අතරින් උඹ තෝරගත් පච්චය ධර්ම චක‍්‍රය සෝමෙ පුදුම මිනිහෙක් උඹ හිනානොවෙන- නොහ`ඩන බලන්නන් බැල්මෙන් බය කරන මන්ත‍්‍රී ළ`ගවත් නොනැමෙන තර තළෙළු මූණ- රතු ඇස් කළු උඩු රැුවුල- කහ දත් කුණු හරුප ගෝරනාඩුව සමග තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය තිබුණාද ධර්මයක් පපුව යට? බූරු පෙතකදු නාරින මඩම් අස්සේ රිංගන ඉඳහිට හිරෙත් යන උඹටත් හැබෑවට තිබුණද? මොකක් හරි ධර්මයක් අදහන හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන සොමසිරි උඹ එහෙම බැස්සුවක් බවක් නම් අසා නැත අප එනමුදු අසා ඇත වීදියේ බලූ පැටව් වඩාගෙන දෙගොඩහරි ජාමෙත් උඹ මස් කොත්තු කවන වග කප්පන් ජෙරාගේ සව්වන්ට අහුවුණු තැන තලන සෝමෙ පුදුම මිනිහෙක් උඹ මුඩුක්කුවේ පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’’ (ලක්‍ෂාන්ත අතුකෝරල, යටි වියන, 2008 40, 41 පිටු.* පාරභෞතික ලෙස මිනිසාම සමාජයේ ඇතැම් කාරණා දෙස ඇතැම් පුද්ගලයන් දෙස ස්වභාවිකරණීය (මිනිසා සිතා සිටින ආකාරය* ලෙස සිතා සිටියි. එය මිනිසා විසින් තබා ගන්නා ලද නිර්ණයකි. මෙම කාරණය නිසාවෙන් සත්‍යය සැගවී යයි. මන්ද යත්, බාහිර ස්වරූපය පදනම් කරගෙන මිනිසා නිර්ණායකවලට එළඹීමයි. එය වරදවා වටහා ගැනීමකි. එම වරදවා වටහා ගැනීම තුළ වෙනත් පිරිසක් අධිකාරියක් දරන අතර වරදවා වටහා ගැනීමකට ලක්වන පිරිස පීඩනයට, හෙලා දැකීමට, හිංසනයට, විහිළුවට ලක් වෙයි. එහෙත් එම පීඩිත ජනයා තුළ මිනිසා නොදකින ගුණ ධර්ම හදවත් තුළ සක‍්‍රීය වන්නට පුළුවන. මෙම නිර්මාණය තුළින්ද ඉස්මතු කිරීමට වෙර දරා ඇත්තේ පච්ච කොටාගෙන, රතු ඇස්, කළු උඩු රුවුල තිබෙන, කුණු හරුප කියන, අසත්පුරුෂ අශිෂ්ට ලෙස මිනිසාට බැලූ බැල්මට පෙනෙන මිනිසා තුළ ජීවත් වන මිනිසා කවරේද යන්න සමාජයට ඒත්තු ගැන්වීමයි. බාහිර පෙනුමින් ස්වභාවිකරණයට ලක් කරන මිනිසාගේ හද තුළ සාධුවරයෙක් සිටිය හැකි බව මෙහිදී අපට ඒත්තු ගන්වා ඇත. මැරයෙකුගේ ස්වරූපයෙන් සමාජයේ ජනයා නිර්වචනය කරන ‘සෝමෙ’ තුළ සෝමසිරි ජීවත් වන ආකාරයත් සමාජීය ජනයා නොදත් එම සැ`ගවුණු කාරණය විසංයෝජනීය කියවීම ඔස්සේ පාඨකයාට සමීපව අවබෝධ කරගත හැකිය. විසංයෝජනීය ලෙස කියවීමේදී නිර්මාණය තුළ අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද තිබීම අනිවාර්යය. ධර්ම චක‍්‍රය නමැති මෙම නිර්මාණයේ දිස්වන අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද අධ්‍යයනයේදී විසංයෝජනීය ලෙස නිර්මාණයට මනාව සමීව විය හැකිය. හිනාවෙන - හිනානොවෙන හ`ඩන - නොහ`ඩන නැමෙන - නොනැමෙන පපුව මත - පපුව යට නිල් ඇස් - රතු ඇස් සුදු දත් - කහ දත් සෝමෙ - සෝමසිරි යනාදී යුගල පද දැකිය හැකිය. විසංයෝජනීය ක‍්‍රමයට අනුව කියවීමේදී ඇතැම් යුගල පද එම නිර්මාණය තුළම දක්නට පුළුවන. එහෙත් පාඨකයාට සැ`ගවුණු අර්ථය විමසීමේදී සංකල්පීය වශයෙන් යුගල පද කියවීමට යොදාගත හැකිය. උදාහරණ වශයෙන් ‘හිනා නොවෙන හා නොහ`ඩන’ යන පදය හා සංකල්පීය වශයෙන් හිනාවෙන සහ හ`ඩන යන පද ලෙස යොදා ගත හැකිය. සමාජයේ වෙසෙන මිනිසා ස්වභාවීකරණයට ලක් කර ගෙන ඇත්තේ හිනාවෙන, හ`ඩන පුද්ගලයන් සංවේදී, ප‍්‍රියමනාප, හොඳ පුද්ගලයන් ලෙසයි. එහෙත් හිනානොවෙන, නොහ`ඩන පුද්ගලයන් තුළ නිවැරදි මිනිසා ජීවත් විය නොහැකිද? මෙම නිර්මාණයේ එන සෝමෙගේ චරිතය විසංයෝජනය ඔස්සේ සමීපව කියවීමේදී පාරභෞතිකව මිනිසා ගොඩනගා ගන්නා දේ පමණක් සත්‍ය නොවන බවත් හිනා නොවන නොහ`ඩන පුද්ගලයාද හිනාවෙන, හ`ඩන පුද්ගලයා සේ යහපත් විය හැකි බව වටහා ගත හැකිය. එය විසංයෝජනීය කියවීමේ අපේක්‍ෂාවයි. එනම් යුගල පදවල එක් පදයකට පමණක් අධිකාරියක් නොදී සමාන අයිතීන් ලබා දීමයි. එසේම මෙම නිර්මාණය තුළ සුවිශේෂී අර්ථයක් ජනනය කරන යුගල පදයක් ලෙස ‘පපුව මත - පපුව යට’ යන යුගල පදය දැක්විය හැකිය. සමාජීය ජනයා ධාර්මික, සැදැහැවත් සුපින්වතෙකු ලෙස සිතා සිටින්නේ සුදු ඇඳගෙන බාහිර ඔපයෙන් ධාර්මික ලෙස හැසිරෙන පුද්ගලයන්ය. එහෙත් ‘පච්ච කොටාගෙන කුණු හරුප ගෝරනාඩු පවසන පුද්ගලයන්’ තුළ බාහිර ලෝකයට නොපෙනුණද සාධු, ධාර්මික මිනිසෙක් සිටිය හැකිය. එම මිනිසාගේ පපුව මත ධර්ම චක‍්‍රය නොදිලෙන මුත් පපුව යට ධර්ම චක‍්‍රය දිලිසෙයි. එහෙත් මිනිසාට පෙනෙන්නේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. මෙම පi පන්තියේ සෝමෙගේ ධර්ම චක‍්‍රය මිනිසුන් නොදකින්නෙ ඔහුගේ පපුව යට ධර්ම චක‍්‍රය ක‍්‍රියාත්මක වීම නිසාය. මෙය අප ජන වහරේ එන ‘‘හක්කෙ බුදු රැුස් බොක්කෙ දඩ මස්’’ යන පිරුළෙන් තවදුරටත් සුපැහැදිලි වේ. මෙබඳු අරුත් පසි`දලීමට හැකි වන්නේ විසංයෝජනීය ක‍්‍රමය ඔස්සේ කියවීට යෑමෙනි. රතු ඇස්, තළෙළු මූණ, කහ දත් යන සංකල්පත් සමග ස්වභාවීකරණයට ලක්කර ගන්නේ වැරදි කරන, නපුරු මිනිසෙකුගේ ස්වරූපයයි. මෙම කාව්‍ය පන්තියේ එන සොමෙගේ ශරීර ලක්‍ෂණ එසේය. මිනිසා නිර්ණය කරන මැර චරිතය සඳහා පාදක වන්නේ එම චරිතාංගයන්ය. එහෙත් එවැනි චරිත ලක්‍ෂණ තිබූ පමණින්ම ඔහුගේ චරිතය පාතාල මැරයෙකුගේ චරිතයකට කෙසේ සමාන වන්නේද? එපමණකින් පුද්ගලයෙකුගේ චරිතය වෙනත් චරිතයන් හා සැසඳිය නොහැක. එම ගැටලූව ලිහිල් කර ගැනීම සඳහා ඩෙරීඩාගේ විසංයෝජනය මනා පිටුවහලක් වේ. මෙම කාරණය මනමේ නාට්‍යයේ වැදි රජුගේ චරිතය විසංයෝජනීයව කියවීමේදී මනාව පැහැදිලි කරගත හැකිය. මන්ද යත්, බොහෝ දෙනෙක් වැදි රජුගේ ශරීර ලක්‍ෂණ, කාව්‍යයේ එන රතු ඇස් කහ දත් හා සැසෙ`දන නිසාවෙන් සහ විවිධ හේතු නිසාවෙන් කුමාරයාගේ නාමයට යම් අධිකාරියක් ලබා දෙයි. එහෙත් අප විසංයෝජනීය අක්‍ෂියකින් මනමේ නාට්‍ය නිරීක්‍ෂණය කිරීමේදී වැදි රජු හා කුමාරයා දෙස සමානාත්මතාවෙන් බැලිය හැකිය. එසේම බාහිර චරිත ලක්‍ෂණ අනුව මිනිසෙකු මැනිය නොහැකි බව වර්තමානයේ බොහෝ සෙයින් ප‍්‍රචලිත ‘ස්වයංජාත’ නවකතාවෙන්ද ප‍්‍රකට වේ. එහිදී යක්කුටිගල හිමි සහ විභූතිරත්න යන චරිතවල රූප ස්වභාවය අශෝභනය. ‘‘මෙවැනි හැ`ගීමක් ගැමියන් තුළ ඇති කිරීමට උන්වහන්සේගේ බාහිර ස්වරූපය හා ගුප්ත හැසිරීමද හේතු වී තිබිණ. මැදුම් වියට පා තබා සිටි උන්වහන්සේ මිටි හැඩි දැඩි සිරුර දැලි වලඳක් මෙන් කළු පාට විය. මුංකැවුමක් බඳු විරූපී මුහුණෙහි දෙනෙත්වල තුළ තිබුණු මඳක් වපර වූ පෙනුම...’’ (ස්වයංජාත. සමරවීර විජයසිංහ 2007, 17පිටුව.* එහෙත් මොවුන්් ඇතුළාන්තයෙන් ඉතා ධාර්මිකය. එමනිසාවෙන් අප මෙහිදී සාකච්ඡුා කරන ධර්ම චක‍්‍රය පi පන්තියේ එන සෝමෙගේ චරිතයද බාහිර ලක්‍ෂණවලින් මැරයෙකුගේ ස්වරූපය ගත්තද, නරක, පහත් වැඩ කරන පුද්ගලයෙක් නොවේ. මෙම සාහිත්‍ය නිර්මාණයේ දැකිය හැකි තවත් සුවිශේෂී අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදයක් නම් ‘සොමෙ - සොමසිරි’ යන පදයයි. මෙහි ගැඹුරු අර්ථයක් ගැබ් වී ඇත. එම පද සමග බැඳී ඇති අදහස් විමසීමේදී ඒ බව මොනවට පසක් වෙයි.  සෝමෙ - කණු හරුප ගෝරනාඩු දොඩන, මඩම් අස්සේ රිංගන, මස්කන, අරක්කු බොන, ගංජ උරන, අත තිබ්බොත් අගල් හයක් බස්සන.  සෝමසිරි - බැස්සූ බවක් අසා නැත, බලූ පැටවුන්ට මස් කොත්තු කවන වග, කප්පම් ජෙරාගේ සව්වන්ට අහුවුණ තැන තලන, පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන. මෙහිදී මහජනතාව ස්වභාවීකරණයට (මිනිසාම ගොඩනගා ගත් සංකල්පයන්ය.* අනුව ගොඩනගා ගත් චරිතය වන්නේ ‘සෝමෙගේ’ චරිතයයි. මිනිසාට නොපෙනෙ සැබෑ මිනිසා නම් ‘සෝමසිරි’ය. සැ`ගවුණු එම කාරණා සොයා ගැනීමට හැකි වන්නේ විසංයෝජනීය ලෙස සමීපව කියවීම තුළින්ය. මෙමගින් සෝමසිරි සොමෙට වඩා උසස්යැයි නොපවසන අතර කිසිදු පදයක් අනික් පදයට වඩා අධිකාරියක් නොදරන බව පැහැදිලි වේ. විසංයෝජනීයව කියවන විට ඇතැම් අවස්ථාවල යම් යම් පද සඳහා විසංයෝජනය සංකල්පීයව සම්බන්‍ධ වේ. සංකල්පීය වශයෙන් සම්බන්ධ වීම තුළ පාඨකයාට සිත් සේ අවශ්‍ය පරිදි පඨිතය තුළින් එය නිෂ්පාදනය කළ නොහැකිය. එම සංකල්පය පඨිතය තුළ දැකගත නොහැකිය. එය සම්බන්ධ වන්නේ සංකල්පීය වශයෙන් පමණි. එහිදී අපට විසංයෝජනීය ඇරුත් පසිදලීමට සංකල්පීය පද යොදා කියවිය හැකිය. ‘ධර්ම චක‍්‍රය’ පද්‍ය පන්තිය තුළ සංකල්පීය වශයෙන් සම්බන්ධ වන සංකල්ප කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. හෝටල් මඩම් ගෙදරක් නොමැති බව සති පොළ මොහු මෙවැනි ස්ථානවල ගැවසීම තුළින් සංකල්පීය වශයෙන් ප‍්‍රකට කරන්නේ මොහුට ගෙදරක් නොමැති බවය. මේ පොලෝ තලයේ සෑම තැනක්ම ඔහුගේ නවාතැනක් බවයි. මස්කෑම අරක්කු බීම ධර්ම චක‍්‍රය පච කීම මෙම කාරණා ධර්ම චක‍්‍රයත් සමග සංකල්පීයව බැඳේ. මන්ද යත්, මස්කෑම, අරක්කු බීම පාප කර්ම හා බැඳෙන නිසාවෙන්ය. එහෙත් සොමෙ ඒ හා සමගාමීව පුණ්‍ය කර්මද කරයි. ඒබව බලූ පැටවුනට තම අතින්ම මස් කොත්තු කැවීමෙන්ද, ළමයින්ට පොත් අරන් දීම තුළින්ද ස්ඵුට වේ. රතු ඇස් කහ දත් පොඩි උන්ට පොත් පත් තෑගි දීම, බලූ පැටවුනට මස් කළු උඩු රැුවුල කොත්තු කැවීම. මෙම කාරණයද තවත් උදාහරණයක් ලෙස දැක්විය හැකිය. එසේම මෙම පi පන්තිය විසංයෝජනයට අනුව කියවීමේදී බුදුදහම තුළ දැක්වෙන මෙම නිර්මාණයට මනා පිටුවහලක් වන සංකල්පීය සිතුවිල්ලක් සිහිපත් වේ. එනම් ත‍්‍රිපිටකයේ දැක්වෙන සංයුත්ත නිකායේ ආඝාත පටිවිනය සූත‍්‍රයේ එන ධර්ම කරුණ ඒ සඳහා මනා නිදසුනකි. ‘‘ඇතැම් පුද්ගලයෙකුගේ වචන අපිරිසිදුයි, ක‍්‍රියා අපිරිසිදුයි, එහෙත් සිත පිරිසිදුයි. ඇතැම් පුද්ගලයෙකුගේ වචන පිරිසිදුයි, ක‍්‍රියා පිරිසිදුයි, එහෙත් සිත අපිරිසිදුයි.’’(ක්‍ීක්‍ෘ ඍධඵග* මෙම පi පන්තියේ සෝමෙගේ ක‍්‍රියා කලාපය මෙම කාරණා තුළින් තවදුරටත් සුබෝධ වේ. සොමසිරි එම සූත‍්‍රයේ පළමු කාරණය හා සම්බන්‍ධ වන්නේය. මෙමගින් තවත් කාරණයක් ප‍්‍රකට වේ. එනම් විසංයෝජනය නමින් කියවීම් ක‍්‍රමය හැත්තෑව දශකයේ ඇරඹුණද, එහි සංකල්පීය අදහස් බොහෝ දිගුකලක පටන් පවතින බවයි. ඒ අනුව ධර්ම චක‍්‍රයේ එන සොමසිරි මැරයෙක් නමින් නම් කළ නොහැකිය. එය පාරභෞතිකව මිනිසා නිර්මාණය කර ගත් දෙයකි. එසේම විසංයෝජනීය කියවීම තුළින් මැරයාගේ මැරකම් දෙස නොව වැසී, සැ`ගවී මිනිසා නොදකින යහපත් පැවැත්ම හෙළි කරයි. ඒ බව බුදුරජාණන් වහන්සේද අනාවරණය කරයි. එනම්, යම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් වන්නේ එම වැරුද්ද කරන කාල සීමාවේදී පමණි. ඔහු ඉන් මිදුණු පසු හොරෙක්, මැරයෙක් නමින් හැඳින්වීම යුක්ති සහගත නොවෙයි. මෙම නිර්මාණයේ අවසන් වශයෙන් ගෙන හැර පාන පi ඛාණ්ඩය තුළ විශාල අර්ථයක් ගැබ් වී ඇත. ‘දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’ මෙහි දහඩියෙන් පෙ`ගී යන්නෙන් මිනිසා සෝමෙ කෙරෙහි සිතන පාරභෞතික සංකල්පයට මනා පිළිතුරක් ලබා දී ඇත. එනම් සමාජයේ බාහිරයට සුවිනීත ධර්මිෂ්ට පුද්ගලයන් සේ පෙනුණද, වැරදි ක‍්‍රමයට ධනය උපයන කොතෙකුත් මිනිසුන් ඇත. එහෙත් සෝමසිරිගේ ධර්ම චක‍්‍රය මවිල් අස්සෙන් දිලිසෙන්නේ දහඩියෙනි. ඔහු ධනය උපයන්නේ ජැටියේ අල ගෝනි උස්සා ධාර්මික ලෙසය. (සේදා වක්‍ඛිත්තේහි ධම්මිකෙහි ධම්මලද්දේහි* එසේම ‘දිලිසෙනවා සහ පපුව මත ධර්ම චක‍්‍රය’ යන කාරණයද සුවිශේෂී අර්ථයක් ගෙන හැර පායි. එනම් සෝමසිරිගේ කි‍්‍රයා කලාපය හා සිතුවිලි කෙතරම් දැහැමි වුවද මිනිසා දකින්නේ සොමසිරිගේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. එහෙත් මිනිසා බල්ලන්ට කොත්තු කවන, පොඩි උන්ට පොත් පත් තෑගි බෙදන සෝමසිරි දකින්නේ නැත. මෙම විසංයෝජන කියවීම මගින් මිනිසුන් සාමාන්‍ය ජීවිතයේදී නොදකින, නොසොයන, නොබලන, සැ`ගවුණු කාරණා දැකගත හැකිය. ඒ බැව් යථෝක්ත නිස`දැස් පන්තිය විචාරය මගින් මොනවට ප‍්‍රකට වේ. ඒ අනුව විසංයෝජනීය සමීප කියවීම් ක‍්‍රමය මගින් අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදවල කිසිඳු පදයකට අධිකාරියක් ලබා නොදෙමින් අඩු වරප‍්‍රසාද ලත් පදය අනෙකුත් පදය හා සමාන තත්ත්වයට ගෙන එන සේ කියවීමට පුරුදු කරයි. මෙම කියවීම් ක‍්‍රමය මගින් සිදු කරනු ලබන්නේ මිනිසා පාරභෞතිකව සකසා ගත් සංකල්ප තුළ පිඩා විඳින පදයට සාධාරණයක් ඉටු කිරීමයි.