UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: අලංකාරවාදය

Thursday, December 12, 2013

අලංකාරවාදය

අලංකාරවාදය සාහිත්‍ය විචාරය නමැති සංකල්පය සමාජය හමුවේ යථාර්ථයක් බවට පත් වන්නේ විවිධ ප‍්‍රවණතා සංවර්ධන වීමත් සමගය. විශ්ව සාහිත්‍ය විචාර වාද අධ්‍යයනය කිරීමේදී ‘විචාරය’ යන පදය ක‍්‍රි. පූ යුගය දක්වා දිව යයි. එය කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්, x පෙරදිග සාහිත්‍ය විචාරය x අපරදිග සාහිත්‍ය විචාරය පෙරදිග සාහිත්‍ය විචාරයේ නිජබිම ලෙස අපට අවිවාදයෙන් පිළිගත හැකි වන්නේ භාරතයයි. එහිදී අපට විචාර ග‍්‍රන්‍ථ කිහිපයක් මෙලස දැකගත හැකිය. භරතමුනිගේ - නාට්‍යශාස්ත‍්‍රය භාමහගේ - කාව්‍යාලංකාරය දණ්ඞීන්ගේ - කාව්‍යාදර්ශය විශ්වනාථගේ - සාහිත්‍යදර්පණ ක්‍ෂේමෙන්‍ද්‍රගේ - අවදාන කල්පලතා ධනංජයගේ - දශරූපය ආනන්‍දවර්ධනගේ - ධ්වන්‍යාලෝකය එසේම අපරදිග සාහිත්‍ය විචාරයේ කේන්‍ද්‍රස්ථානය ලෙස පිළිගැනෙන්නේ ග‍්‍රීසියයි. මුල් කාලයේදී ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක‍්‍රටීස් යන දාර්ශනිකයන් තුළින් මෙම මතවාද පිළිබඳ සුවිශේෂී ඉ`ගි පහළ වී ඇත. මෙහිදී අපගේ අවධානය යොමු කරනු ලබන්නේ පෙරදිග සාහිත්‍ය විචාරය කෙරෙහිය. භාරතයේ ඉපැරණිතම ආගමික සාහිත්‍ය මූලාශ‍්‍රයන් ලෙස පිළිගැනෙන වෛදික සාහිත්‍යයේ පටන්ම සාහිත්‍ය විචාර ක‍්‍රමවේදයන් පැන නැගී ඇත. ‘‘වාචික කථනයක වාචා්‍යාර්ථය එහි සම්පූර්ණ අර්ථයන්හි කොටසක් පමණක් බවත් ... වෛදික ඍෂිවරු පවා අවබෝධ කොට ගත්හ.’’ කි‍්‍රස්තු වර්ෂ කාලසීමාවන් ඇරඹීමත් සම`ග සාහිත්‍ය විචාරයේ නවතාවන් ඉස්මතු විය. එහි ප‍්‍රධානතම කාරණය නම්, කාව්‍ය විචාර සංකල්ප ඇති වීමයි. ඒ අතර කවිය යනු කුමක්ද? කාව්‍යයේ ස්වභාවය කෙසේද? කවියා යනු කවුද? කවිය හා අකෘතිය යනු කුමක්ද? කවිය තුළ පැවතිය යුතු ලක්‍ෂණ මොනවාද? යනාදි කරුණු සම්බන්‍ධයෙන් තර්ක විතර්ක, වාද විවාද ඇති විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සංස්කෘත කාව්‍ය විචාරවාද බිහිවිය. එනම්,  අලංකාරවාදය  රසවාදය  ගුණරීතිවාදය  ධ්වනිවාදය  ඖචිත්‍යවාදය  වක්‍රෝක්්තිවාදය  අනුමිතිවාදය උක්ත විචාරවාද මත දැරුවෝ තම විචාර මතවාද පිළිබඳව ඒකායන මතවාදවල එල්බගෙන සිටියහ. එනම්, කවියක ආත්මය තමා විසින් දරන මතවාද හා බැඳී තිබෙන බවයි. මෙම විචාරවාද අතුරින් අලංකාරවාදය සංස්කෘත විචාර ධාරාව තුළ වැඩි අවධානයක් දිනාගත් විචාරවාදයකි. ‘‘සංස්කෘත විචාර මතවාද කිහිපයක් බිහිවූ නමුදු, ඒ හැමට වැඩියෙන් කාව්‍යකරණයෙහි බලපෑවේ අලංකාරවාදය බව පෙනේ’’ ඒ අනුව අපට එළඹිය හැකි පොදු චින්තනය නම් අලංකාරවාදය සෙසු විචාරයන්ට වඩා අත්‍යන්තයෙන් බැඳී ඇති බවයි. ඒ බැව් සංස්කෘත සාහිත්‍යයේ ගුරු තැන්හිලා ගරු බුහුමන් කරන විදග්ධ ප`ඩිවරුන්ගේ ප‍්‍රකාශ ම`ගින් විද්‍යමාන වේ. ඒ අනුව කාව්‍ය විචාර සිද්ධාන්ත කෙරෙහි අලංකාරවාදය කෙතරම් තදින් බලපෑවේද යන්න මෙම සාධක ම`ගින් පසක් වෙයි. එනම්, සංස්කෘත ශස්ත‍්‍රඥයින් බොහෝ දෙනෙක් අලංකාර පක්‍ෂය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීමයි. ‘‘අලංකාරවාදීන් විසින් හුවා දක්වන්නට යෙදුණු යම් යම් කාව්‍යාංග පැරණිම මහා කාව්‍ය රචකයින් වන අශ්වඝෝෂ කාලිදාසාදීන් පවා උපයෝගී කොට ගැනුණු බව පෙනේ.’’ එසේම රසවාදය ධ්වනිවාදය අති උත්කර්ෂයෙන් පිළිගත් විශ්වනාථ මම්මට වැනි අලංකාරිකයින්ද කාව්‍යාලකාර කෙරෙහි දැඩි අවධානයක් දක්වා ඇත. විචාර මාර්ගයක් ඔස්සේ සිදුකර ඇත්තේ යම්කිසි කාව්‍යයක හාත්පස විමසා බලා එහි නියම රසය පාඨකයාට හුවා දැක්වීමයි. ඒ අනුව අලංකාරවාදය ම`ගින් කවියක මූලික අරමුණ වන රස ජනනය කිරීමට අවශ්‍ය අනුශාසනා නොමදව ලබා දී ඇත. එම අලංකාරවාදී න්‍යාය ලක්‍ෂණ අනෙකුත් විචාර මාර්ගයන්ගෙන් අලංකාරවාදය කැපී පෙනෙන්නටත්, වැඩි ශාස්ත‍්‍රඥයින්ගේ අවධානය දිනා ගැනීමටත් හේතු සාධක වී ඇත. අලංකාරවාදයේ ප‍්‍රවණතා භරතමුනිගේ නාට්‍යශාස්ත‍්‍රයේ ආදි ස්ථානවල විටින් විට, ටිකෙන් ටික දක්නට ලැබුණද, එහි උච්චතම අවස්ථාව ලෙස දක්නට ලැබෙන්නේ කි‍්‍ර:ව: හත්වන ශතවර්ෂයයි. එනම්, කාව්‍යාලංකාරය නම් ප‍්‍රථම අලංකාරවාදී කෘතිය විරචිත වීමත් සම`ගය. ‘‘අලංකාරවාදය අරබයා ලියවුණ සංස්කෘත පොත්පත් අතුරින් අපට ලැබී ඇති පැරණිතම පොත හැටියට සැලකෙන්නේ ‘කාව්‍යාලංකාර’ නම් ග‍්‍රන්‍ථයයි.’’ මෙම කෘතියෙහි කර්තෘ ලෙස පිළිගැනෙන්නේ භාමහ ප`ඩිවරයාය. එම නිසාවෙන් අලංකාරවාදයෙහි පියා ලෙස හඳුන්වනු ලබන්නේද මොහුය. මෙතැන් පටන් මෙම අලංකාරවාදී ප‍්‍රවාහය ඉදිරියට ගෙන ගිය සුවිශේෂී අලංකාරවාදීන් දෙදෙනෙක් වූහ. එනම් උද්භට හා රුද්‍රට යන ප`ඩිවරු දෙදෙනාය. ‘‘කි‍්‍ර. ව. අටවන සියවසසේ මුල් යුගයේ පමණ විසූ උද්භට ඉහත සඳහන් භාමහගේ කාව්‍යාලංකාර නම් ග‍්‍රන්‍ථයට ‘භාමහ විවරණ’ නම් ටීකාවක්ද, කාව්‍යාලංකාර සංග‍්‍රහ නම් ස්වතන්ත‍්‍ර රචනයක්ද කළේය.’’ එසේම රුද්‍රට විසින් අලංකාරවාදයේ ප‍්‍රගමනය උදෙසා අගනා සේවයක් සිදුකළේය. එහිදී ඔහු අලංකාරවාදය උදෙසා කාව්‍යාලංකාර නමින් විචාරග‍්‍රන්‍ථයක් රචනා කළේය. මීට අමතරව ‘‘ දණ්ඩින්ගේ කාව්‍යාදර්ශය නම් ග‍්‍රන්‍ථය කාව්‍යාලංකාර පක්‍ෂය ස`දහා සෑහෙන ඉඩ ප‍්‍රමාණයක් මිඩංගු කොට තිබේ... හුදෙක් කාව්‍යාලංකාර පමණක් මාතෘකා කරගත් අලකාර සර්වස්ව, කුවලයානන්ද ආදි ග‍්‍රන්‍ථද සංස්කෘත සාහිත්‍යයේ විද්‍යමාන වේ.’’ අලංකාරවාදයේ ප‍්‍රගමනය විවර වනවිට අලංකාරවාදයේ අර්ථයද කලින් කලට වෙනස් වන්නට විය. උදාහරණ වශයෙන් ‘‘දණ්ඩින්ගේ භාවිතයට අනුව කාව්‍යයේ ශෝභාව ඇති කරන ධර්මයෝ යම්තාක් වෙත්ද ඒ සියල්ල අලංකාර හැටියට දණ්ඩින් කල්පනා කළේය.’’ රීතිවාදියෙකු වන වාමන නම් ප`ඩිවරයා පවසන්නේ වෙනත් කාරණයකි. ‘‘අලංකාර යනුවෙන් අදහස් කළේ කාව්‍යය පුරා පැතිරී සෞන්්දර්යය නැතහොත් චමත්කාරයයි.’’ මෙමගින් අලංකාරවාදය කුමක්ද? යන වග සහ එය පසුකාලීනව පුළුල් වපසරියක් තුළ ප‍්‍රසාරණය වී ඇති ආකාරය සුබෝධ වේ. ඒ බැව් මෙම ප‍්‍රකාශන මගින් සනාථ වේ. ‘‘කාව්‍යං ග‍්‍රාහ්‍යමලංකාරාත් ’’ (කාව්‍යය අලංකාරවලින් ගත යුතුය.* (වාමන - කාව්‍යාලංකාර සූත‍්‍රවෘත්ති* ‘‘ගුණවදලඞකෘතශව වාක්‍යමේව කාව්‍යම්’’ (ගුණවත් වූ අලංකාර සහිත වූ වාක්‍යය කාව්‍යයයි.* (රාජශේඛර* ‘‘කාව්‍යශොභාකරාන් ධර්මාං අලංකාරං ප‍්‍රචක්‍ෂ්‍යතේ’’ (කාව්‍ය ශෝභාවත් කරන ධර්මයෝ අලංකාර වෙති.* ‘‘රූපකාදීමලංකාරං තෙනුප‍්‍රාසෝ පමාදය’’ (උපමා, රූපකාදී අර්ථාලංකාර හා යමක අනුප‍්‍රාස ආදී ශබ්දාලංකාර භාවිත කරමින් කවිය සැරසීම අලංකාරවාදය වේ.* ‘‘රූපකාදීමලංකාරං බාහ්‍යමචක්‍ෂ්‍යතෙ පරෙ’’ (කාව්‍ය පුරා පැතිරී ඇති සෞන්දර්ය නැතහොත් චමත්කාරය අලංකාර වේ.* ‘‘ගුණවදලංකෘතශ්ව වාක්‍යමෙව කාව්‍යම්’’ (ගුණවත්වූද අලංකාර සහිතවූද වාක්‍යය කාව්‍යයයි.* ‘‘ශබ්දාර්ථෞ සහිතෞ වක‍්‍ර කවි ව්‍යාපාර ශාලිනී බෙන්‍ධ ව්‍යවස්ථිතෞ කව්‍යයං ත`විදාහ්ලාද කාරිණි‘‘ (බන්ධනයෙහි යෙදුනාවූ ශබ්ද, අර්ථ දෙක වක‍්‍ර කවි ව්‍යාපාරය ස්වභාව කොට ඇති ආහ්ලාද ජනකය කාව්‍ය නමි.* මෙම නිර්ණායක ම`ගින් අලංකාරවාදය යනු කුමක්දැයි නොවළහා දත හැකිය. කෙසේ වෙතත් අවසන් වශයෙන් එළඹිය හැකි සාධකය නම් අලංකාරවාදය යනු කිසියම් කවියක් හාත්පස ශෝභමාන කරන ආභරණවලටය. මෙය විචාරකයන් උපමා කරන්නේ කාන්තාවකටය. එනම්, කාන්තාවක් ආභරණවලින් සරසන්නා සේ උපමා, රූපක, දීපක ආදියෙන් කවියක් සරසන බවය. එසේම අලංකාරවාදයෙහි විශේෂතාව මෙම උපමාව ම`ගින්ද තවදුරටත් පළට වෙයි. ‘‘එනම් ශබ්ද ශාස්ත‍්‍රයට භාෂාව ව්‍යාකරණය වන්නා සේ ම අලංකාර ශාස්ත‍්‍රය තෙම කාව්‍යයට ව්‍යාකරණයක් වෙයි.’’ උපමා රූපකාදී නොයෙක් අලංකාර ම`ගින් කවිය, ගීතය විභූෂණය වී ඇති ආකාරය මෙම මාතෘකාවෙහි ගැඹුරට යෑමට පෙර අවබෝධයේ පහසුව තකා මෙසේ දැක්විය හැකිය. ‘‘බුදුහාමුදුරුවන් ඉස්සර සිටින කොට මං හිටියනං එනවිට කැලයට දරට වනමල් නෙළා අතුරා සිරි පතුල වට වැඳ වැටෙනවා නොගොසින් ගෙට වරුවකට’’ ජනකවියෙහි අලංකාරය ඇතුළත් වන්නේ මෙලෙසය. ‘‘සපුනා ගෙ`ග් ග`ග දෙපසේ බුරුත නැමී කැකුළු මලක් දිය කෙළිනා සැටි දුටිමි පිපුණු මලක් නම් තලලා මිස නොයමි කැකුළු මල නිසා අත හැර යන්න යමි’’ ගීතයෙහි අලංකාර දිස් වන්නේ මෙලෙසින්ය. ‘‘? වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරළි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට ? වෙයි නුඹ කළ පවට තුන් තිස් පැයේ දෑ`ගිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ මල් විය නොවෙද මේ දිය කර හරින්නේ මැසිමද, හිතද මහ හයියෙන් අ`ඩන්නේ ’’ මෙම කාරණා ම`ගින් අලංකාරවාදය යනු පෙනෙන වපසරිය (ස්වරූපය* අනුව කෙතරම් අගනේද වග වටහා ගත හැකිය. එහෙත් අලංකාරවාදයේ සබෑ වටිනාකම අර්ථවත් වන්නේ එහි න්‍යායාත්මක ලක්‍ෂණ කෙරෙහි සාවධාන වීමෙන්ය. අලංකාරවාදීන් පවසන්නේ කාව්‍යයක ප‍්‍රධාන කොටස් දෙකක් තිබෙන බවයි. ශබ්ද 01.කාව්‍ය ශරීරය අර්ථ ශබ්දාලංකාර 02. අලංකාර (කාව්‍ය ශරීරය සරසන ආභරණයයි.* අර්ථාලංකාර අලංකාරවාදීන් මෙහි අලංකාර කොටසට දැඩි අවධානයක් දක්වයි. ‘‘ශබ්දාලංකාර යනු ශබ්දය හොබවන ආභරණය වේ. එනම් ශබ්ද මාධුර්ය උපදවන වණ_ ඝටනා විශේෂයයි. එළිසමය යමකය හෝ අනුප‍්‍රාසය ආදි වශයෙනි. කාව්‍යයේ කණට වැටෙන ශබ්ද පද්ධතියේ මිහිර ම`ගින් උපදී අර්ථාලංකාර යනු පවසන අරුත් ඔප්නංවන උක්ති විශේෂයයි. උපමා, රූපක, උත්පේ‍්‍රක්‍ෂා ආදිය මෙනි.’’ ඒ අනුව අලංකාරවාදය ප‍්‍රධාන කොටස් දෙකකට දෙකකට බෙදේ. එනම්, 01. ශබ්දාලංකාර 02. අර්ථාලංකාර වශයෙනි. මෙහිදී භාමහ ප`ඩිතුමා විසින් ශබ්දාලංකාර දෙකක් සහ අර්ථාලංකාර තිස්හතක් පමණ විස්තර කරයි. 01. ශබ්දාලංකාර යමක අනුප‍්‍රාස 02. අර්ථාලංකාර රූපකාලංකාරය ඌර්ජස්වී අලංකාරය දීපකාලංකාරය පර්යොක්ත්‍යාලංකාරය උපමාලංකාරය සමාහිත අලංකාරය ප‍්‍රතිවස්තූපමාලංකාරය උදාත්ත අලංකාරය ආක්‍ෂේපාලංකාරය ශ්ලිෂ්ට අලංකාරය අර්ථාන්තරන්‍යාස අපහ්නුති අලංකාරය ව්‍යතිරෙක විශේෂොක්ත්‍යාලංකාරය විභාවනාලංකාරය විරෝධාලංකාරය සමාසෝක්ත්‍යාලංකාරය තුල්‍යයොගිතා අලංකාරය අතිශයෝක්ත්‍යාලංකාරය අප‍්‍රස්තුත ප‍්‍රශංසා අලංකාරය යථාසංඛ්‍ය අලංකාරය ව්‍යාජස්තුති අලංකාරය උත්පේ‍්‍රක්‍ෂාලංකාරය නිදර්ශන අලංකාරය ස්වභාවොක්ත්‍යාලංකාරය උපමාරූපක අලංකාරය ප්‍රෙයස් අලංකාරය උපමායෝපමා අලංකාරය රසවත් අලංකාරය සහෝක්ති අලංකාරය පරිවෘත්ති අලංකාරය සසන්දේහ අලංකාරය අනන්වය අලංකාරය උත්ප්‍රෙක්‍ෂාවයව අලංකාරය සංසෘෂ්ටි අලංකාරය භාවික අලංකාරය ආශිඃ අලංකාරය සිංහල කාව්‍ය විචාරයෙහිලා අලංකාරවාදයෙහි උපයෝගිතාව ලක්දිව සමාජ, ආර්ථික, ආගමික, දේශපාලනික පරිසරයේ ප‍්‍රගමනයට භාරතීය ආභාසය නිතැතින්ම ලැබිණ. මෙම සාධකයන්ට අමතරව සිංහල සාහිත්‍ය බිහිවීමෙහිලා නිරතුරුව සකු, මගධ බස්වල සෙවනැල්ල සිංහල සංස්කෘතිය කෙරෙහි බලපෑවේය. කෙමෙන් කෙමෙන් සිංහල සාහිත්‍යය විකාසනය වීමෙහිදී සාහිත්‍ය විචාර ක‍්‍රමවේදයන්ද බිහිවිය. ඒ සඳහා වෙනම කාව්‍ය විචාර ක‍්‍රමයක් බිහිවිය. එම සිද්ධාන්තද බිහිවූවේ භාරතීය සෙවන ලබමින්ය. ඒ අනුව සිංහල කාව්‍ය විචාරයේදී බොහෝ සෙයින් උපයෝගී කාව්‍ය විචාර ක‍්‍රමවේදයක් වශයෙන් අප සාකච්ඡුා කරන අලංකාරවාදය දැක්විය හැකිය. සිංහල පද්‍ය සාහිත්‍යය කෙරෙහි අලංකාරවදයෙහි බලපෑම ලක්දිව පැරණිතම සාහිත්‍ය මූලාශ‍්‍රය වන සීගිරි ගී අධ්‍යයනයේදීද විද්‍යමාන වෙයි. ‘‘සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයට අනුව බාහිර ලෝකයෙහි ඇති සුන්දර වස්තු බලා එමගින් ලැබූ ආස්වාදය අන් අයට කියා පෑමෙහි සමත්කම් ලැබූ අය සහෘදයෝ නම් වෙති... 236වැනි ගීයෙහි ළ- ඇත්තා යනුවෙන් හැඳින්වනුයේ සං‘සහෘදය’ යන අර්ථය මැයි.’’ සිංහල පද්‍ය විචාරයෙහි අලංකාරවාදය කෙතරම් දුරට උපයෝගී වී ඇත්ද යන්න එම`ගින්ම ප‍්‍රකට වෙයි. එසේම භාරතයේ අලංකාරවාදය යම්සේ ප‍්‍රචලිතව පැවතෙිය්ද ලක්දිවද එසේම අලංකාරවාදය ප‍්‍රචලිතව ඇත. ‘‘ලංකාවෙහි වූකලි පෙර සිට පැවත එන්නාවූ අලංකාර ග‍්‍රන්‍ථයෝ තුනකි. එනම් සංස්කෘතයෙන් කාව්‍යාදර්ශය, පාලියෙන් සුබෝධාලංකාරය, සිංහලයෙන් සියබස්ලකර යන මොවුහු වෙත්.’’ සියබස්ලකරෙහි ඒ බැව් සුපැහැදිලිව දක්වා ඇත. අප සාකච්ඡුා කරන මාතෘකාව හා එම කාරණය අත්‍යයන්තයෙන්ම බැ`දී තිබේ. අලංකාරවාදයෙහි න්‍යායාත්මක ලක්‍ෂණ බොහෝමයක් පැවතියද සිංහල පද්‍ය විචාරයෙහිලා ඒ සියල්ලම පාහේ උපස්ථම්භක වී නැත. සිංහල පද්‍ය සම්ප‍්‍රදායට ගැළපෙන අලංකාරවාදී න්‍යායන් පමණක් අප සාහිත්‍ය උපයෝගීතාවෙහිලා තෝරා බේරා ගෙන ඇත. ඒ බැව් සංස්කෘත කාව්‍යාදර්ශයෙහි අනුවර්තනයක් ලෙස සැලකෙන අනුරාධපුර යුගයෙහි රචිත මෙම පද්‍යයෙන් ස්ඵුට වේ. ‘‘දස පමණ කිවිකමැ පණ ලකර වේ පන්තිස් මෙයින් රුවන් දිව්හී දනනට යුත් කියත් පත් ’’ මෙහිදී අලංකාරවාදය තුළ දිස්වන සුවිශේෂී න්‍යායාත්මක ලක්‍ෂණ පමණක් සිංහල පද්‍ය සාහිත්‍යයට උපයෝගී වන බව ස`දහන් වේ. අලංකාරවාදයේ ප‍්‍රධාන කොටස් දෙක සම්බන්ධයෙන් යථෝක්ත මාතෘකාව ඔස්සේ කරුණු දැක්වීය. ඒ පිළිබ`ද විමර්ශනාත්්මකව සොයා බැලිය යුතු වේ. එහිදී ශබ්දාලංකාරය ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකට බෙදා දැක්විය හැකිය. 01. අනුප‍්‍රාසය 02. යමකය ’‘කවියෙහි යොදාගන් ලැබෙන විරිත ලයමානය, රිද්මය, එළිසමය, අනුප‍්‍රාසය ආදී ශබ්දිමය මාධුර්ය වඩවන අංගයෝ ශබ්දාලංකාර නම් වෙත්.’’ ශබ්දාලංකාර අතර අනුප‍්‍රාසය සුවිශේෂී වේ. එය රිද්මය යටතේ දැකිය හැකි අලංකාරවාදී න්‍යායකි. පද විචාරයෙහිලා සමාන රූපවත් අක්‍ෂර, වචන, වාක්‍ය (පාද* යෙදීම අනුප‍්‍රාසය ලෙස සරලව හ`දුනාගත හැකිය. සමාන අකුරක්, පදයක් නැවත යෙදීම තුළින් අනුප‍්‍රාසය ජනනය වෙයි. ඒ අනුව ජනනයවන්නේ ශබ්ද රසයයි. සංස්කෘත කාව්‍ය ශාස්ත‍්‍රයෙහි අනුප‍්‍රාසය දැනවෙන ස්ථානයක් ලෙස මෙම උදාහරණ දැක්විය හැකිය. ‘‘රාජාභිෂේකෙ මධවිඃ වලායාඃ - හස්තාඃ චුතො හෙම ඝටො යුවත්‍යා සොපාන මාර්ගෙසු ප‍්‍රකරොති ශබ්දං - ටං ටං ටටං ටං ටට ටං ටටං ටං’’ ඒ අනූව සිංහල පද්‍යයෙහි අනුප‍්‍රාසයෙහි උපයෝගීතාව නිරතුරුව දැක ගත හැකිය. එයට කදිම උදාහරණ මෙලෙස දැක්විය හැකිය. ‘‘අතු අතිනැද ගසාය තුරු රැුසාය කෙළෙන පන්දු ලෙසාය සහ තොසාය පැන පැන වන හිසාය සහ අසාය යන ව`දුරන් නිසාය සහ තොසාය’’ ‘‘දුම්බර කෙතේ වැට බැ`දලා රැුකුම් බැලූම් මාවැලි ගෙ`ග් දිය බැ`දලා කෙතට ගිලූම් බොළ`ද ලියන් කර ඔසවා බලන බැලූම් තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්’’ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙහි සහ ජන කවිය තුළ පමණක් නොව; වර්තමාන නිස`දැස් පද්‍ය තුළද අනුප‍්‍රාසයේ බලපෑම දැකගත හැකිය. ‘‘මා හැරදා දරද`ඩු කොට මා අත්පා ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා සැමරුම් වග වළසුන් ?නට මා ගොදුරක් වී ලේ ගලනා ගොදුරක් වී’’ අලංකාරවාදයේ දැක්වෙන මෙම න්‍යාය සිංහල පද්‍ය සම්ප‍්‍රදාය තුළ භාවිත වන බව මෙමගින් පැහැදිලි වේ. ශබ්දාලංකාරයෙහි අනෙකුත් න්‍යාය නම් යමකයයි. මෙය යෙදිය හැක්කේ දක්‍ෂ කවියෙකුටයි. යමකය ඔස්සේ සිදුවන්නේ අර්ථයෙන් එකිනෙකට වෙනස්ව එහෙත් සමාන ශ‍්‍රැති ඇති අක්‍ෂර නැවත නැවත යෙදීමයි. ‘‘පැහැදි සරම්බා රුදි මන රම්බා තුනු සිරි රම්බා පති පිළි බිම්බා රුපු රජ රම්බා රන මත කුම්බා දින පැරකුම්බා හිමි කෙවි කුම්බා ’’ අලංකාරවාදයෙහි දැක්වෙන ශබ්දාලංකාර සිංහල පද්‍ය සම්ප‍්‍රදායෙහි උපයෝගිතාවට දායක වී ඇති බව මෙම උදාහරණ මගින් ප‍්‍රකට වෙයි. එළිවැට, එළිසමය යෙදීම ඇතැම් නිස`දැස් පද්‍ය නිදහස් ලෙස අලංකාරවාදී න්‍යායන් අනුගමනය කිරීම ආදී කරුණු ම`ගින් ඇතැම් අවස්ථාවල අලංකාරවාදය සිංහල පද්‍ය විචාරයේදී ප‍්‍රමාණවත් නොවන බවද ප‍්‍රකාශ කළ හැකිය. ‘‘කළු ගැහී තරගයට ඉහළ ගිය සිමෙන්ති බිත්ති මිසක ඇසට නිලට අහසක් ගහක් කොළක් අවටක් නැත.’’ එසේම වර්තමානයේ බෙහෙවින් ප‍්‍රචලිත සංයුක්ත කවි විචාරයටද අලංකාරවාදය ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලි වේ. මෙම කාරණා තුළින් ප‍්‍රකට වන කාරණය නම්, ශබ්දාලංකාර සිංහල පද්‍ය සම්ප‍්‍රදාය මුල සිටම අද වනතුරු අනුගමනය කළද එය වර්තමානයේ ප‍්‍රමාණවත් නොවන බවයි. ඉන්පසුව අලංකාරවාදයෙහි අනෙක් ප‍්‍රභේදය වන අර්ථාලංකාරය කෙතරම් දුරට උපයෝගී ඇත්ද යන්න විමසා බලමු. මෙහිදී මුලින්ම අවධානය යොමු කරන්නේ උපමාලංකාරය කෙරෙහිය. මෙන්, සෙ,් වැන,ි එව් ආදි උපමාද්‍යෝතක පද යොදාගනිමින් යම්කිසි දෙයකට උපමා කිරීම උපමාලංකාරයයි. උපමාලංකාරය ‘‘සිසිවන වුවන ඉ`ග සු`ග ගත හැකි මිටි න නිසි පුළුලූකුල රිය සකයුර තිසර ත න දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුර`ග න ඇසි පිය හෙළන පමණින් නොවෙති වෙ`ග න’’ ‘‘? වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට ’’ සම්භාව්‍ය සාහිත්‍යයේ පටන් අද දක්වා අලංකාරවාදයෙහි න්‍යායක් වන උපමාලංකාරය නිතැතින්ම සාහිත්‍ය කරනයට උපයෝගී වී ඇති බව සිංහල පද්‍ය සම්ප‍්‍රදාය අධ්‍යයනයේදී පළට වේ. රූපාලංකාරය ‘‘වස්තු දෙකක් එක සමාන නිසාම එකම වස්තුවක තත්ත්වයට පත් කොට කතා කිරීම රූපකයයි.’’ ‘‘නුවනින් නිලි උපුල් මද හසිනි හෙළැඹු ල උවනින් කමල් පෑ ලවනතිනි රතුපු ල පවනින් අඹල රන ලිය වන් ලියන් කැ ල රුවනින් ලකළ ග`ග දිය කෙළැ නිවුණු ක ල’’ දීපකාලංකාරය ‘‘පද්‍යයේ ආදි, මධ්‍ය, අන්ත ස්ථානයක යෙදී ජාති- ද්‍රව්‍ය- ගුණ හෝ ක‍්‍රියා වාචක පදයක් සෙයින් සමස්ත පද්‍යයේම අර්ථය අලෝකවත් කෙරෙයිනම් ඒ දීපකයයි.’’ දීපකාලංකාරද සම්භාව්‍ය පද්‍යයේ පටන් වර්තමාන පද්‍ය දක්වා දැකගත හැකිය. ‘‘එනුවර නිතොර හැසිරෙන වර`ගන් ඇත ඒ වර`ගනන් තුළ රූමත් බවද ඇත ඒ රූමත් බවෙහි හැඩහුරුකම්ද ඇත ඒ හැඩහුරුකමෙහි මල්සර සරද ඇත.’’ ‘‘සිකි නඹල පිල් ලෙළ - කියඹු වැල පොද සිඳුවර දස අඹුවන් පළන් හර- විලසින් දිසි බලා වැල’’ මීට අමතරව ඕනෑතරම් වත්මන් නාට්‍ය තුළ පද්‍ය පන්ති තුළ දීපකයට නිරතුරුව දැකගත හැකිය. දීපකය කවියක ස්ථාන තුනක පිහිටන බව සංස්කෘත ආලංකාරිකයෝ පවසති. 01. ආදි දීපාලංකාරය 02. මධ්‍ය දීපකාලංකාරය 03. අන්ත්‍ය දීපකාලංකාරය මෙම දිපාලංකාර සිංහල පද්‍ය සම්ප‍්‍රදාය තුළද දැකගත හැකිය. අතිශයෝක්ත්‍යලංකාරය ලෝක සීමාව ඉක්මවා කියන යමක් වේද එය අතිශයෝක්තියයි. යම්කිසි නිර්මාණයක් ස`දහා ප‍්‍රස්තුත වන කාරණය අතිඋත්කර්ෂයෙන් වර්ණනා කිරීම මෙහි අපේක්‍ෂාවයි. සම්භාව්‍ය සිංහල පද්‍යයෙහි එන මෙම උපහැරණය එයට කදිම නිදසුනකි. ‘‘ගණ රන් කොතින් දිලිසෙන මිණි රැුස් විහිදු පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිදු ස`දකැන් මිණින් බ`ද යුතු බිතු පෙළින් රැුදු එතැනින් ගොසින් සැණෙකින් රජවිමන් වදු’’ මෙම කවියෙහි උපමා, රූපක භාවිතයට ප‍්‍රමුඛත්වයක් දී නැති අතර එම නගරය අති උත්කර්ෂයෙන් වර්ණනා කිරීම කතුවරයාගේ අභිමතාර්ථය වී ඇත. අතිශයෝක්තිය වත්මන් කවියා තම නිර්මාණ ස`දහා ඈ`දාගන්නේ මෙලෙසිනි. ‘‘සමන්මලීගෙ පියයුරු දැක නැවත හැරී තබන්නෙමි අලූත් උවමක් කොහොම හරි පැළෙන්නට ඉතා ළං වූ සුළං පිරි ජපන් බැලූම් යුවලක් යනු නොවෙද සරි’’ මෙමගින් අතිශයෝක්ති අලංකාරය සිංහල පද්‍ය සම්ප‍්‍රදායට ආභරණයක් වී ඇති බව අවබෝධ නර ගත හැකිය. හේතු අලංකාරය හේතු අලංකාරය යනු කිසියම් ප‍්‍රස්තුතයක් ස`දහා නැතහොත් කාව්‍යයක් ස`දහා ප‍්‍රධාන හේතුවක් බලපාන කල්හී ඒ හේතුවට මුල්තැන දී කාව්‍ය රචනා කිරීමයි. ‘‘අදරට කිපුණු ඔබ රුව ගල් තෙලෙහි ඇ `ද සැරසෙත ඔබගෙ පා මුල මා අ`දින ලෙ ද මා ඇස වැසේ ක`දුළින් එකෙනෙහිම අ ද දයිවය ඉඩ නොදේ ඒ එකතුවට ව ද’’ (කලේ පැන් නැත නැවුම් රස නැත - මොකද මන්දා ළි`දට වූයේ* උත්පේ‍්‍රක්‍ෂාලංකාරය ප‍්‍රකෘතියේ ගෙවන කිසියම් වස්තුවක් වෙනත් ආකාරයකින් නිරූපණය කිරීම උත්පේ‍්‍රක්‍ෂාලංකාරයයි. ‘‘උණු වැඩියැයි හිරුගේ රැුස් තෙමා නැවත ගෙනෙන ලෙස් ගියේය වැද මුහුදු කුස් පෙනේද ආදර වෙසෙස්’’ ස්වභාවෝක්ත්‍යාලංකාරය අතිශයෝක්තියේ විරුද්ධ අර්ථය මෙයයි. එනම්, යම්කිසි දෙයක් තිබෙන අයුරින්ම ප‍්‍රකාශ කිරීම ස්වභාවෝක්ත්‍යාලංකාරයයි. ‘‘ගොඩමඩ දෙකම සරුසාරය ඵල බරය කටුරොද ගම්මානේ තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනා ග`ග මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය’’ ආක්‍ෂේපාලංකාරය යමක් පිළිගත නොහැකි හෝ කළ නොහැකි හෝ දෙයක් කාව්‍යාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම මෙම කාව්‍ය රීතියේ ලක්‍ෂණයයි. ‘‘ගසෙක පැහැය ගව් දෙසියක දිසේයා මලෙක සුව`ද සිව්සිය ගව් ඇසේයා මලෙක මෙලෙක උන් සක් නැබ වැසේයා නොයෙක එසග සැප පවසමි කෙසෙයා’’ අර්ථාලංකාරයන්හි දැක්වෙන මෙම න්‍යායන්ට අමතරව විරෝධාලංකාරය, උත්ප්‍රෙක්‍ෂාලංකාරය, අර්ථාන්තරන්‍යාසාලංකාරය ආදි කාව්‍යරීතීන් බොහොමයක් එදා මෙදා තුර සිංහල පද්‍ය සම්ප‍්‍රදායෙහි ප‍්‍රගමනයට බොහෝ සෙයින් උපයෝගි වී ඇත. ඒ අනුව අලංකාරවාදයෙහි න්‍යායන් විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීමේදී එම න්‍යායන් බොහොමයක් සම්භාව්‍ය සිංහල පද්‍ය අධ්‍යයනයේදී දැකගත හැකිය. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ සම්භාව්‍ය සිංහල පද්‍යරචකයන් අලංකාරවාදී න්‍යායන්ට අනුව පද්‍ය රචනා කිරීමයි. එහෙත් වර්තමානය වන විට අලංකාරවාදයෙහි සැම න්‍යායක්ම සිංහල පද්‍යයෙහි දක්නට නොලැබෙන අතර ඒ අතර සුලබව දක්නට ලැබෙන අලංකාරවාදී න්‍යායන් කිහිපයක් යථෝක්ත මාතෘකාව ඔස්සේ සාකච්ඡුා කෙරිණි. ඒ අනුව ප‍්‍රකට වන කාරණය නම් සිංහල පද්‍ය විචාරයෙහිලා අලංකාරවාදය බොහෝ සෙයින් උපයෝගී වුවද සමස්ත පද්‍ය සම්ප‍්‍රදාය අධ්‍යයනයේදී එය ප‍්‍රමාණවත් නොවන බවයි. සිංහල සාහිත්‍යය අධ්‍යයනයේදී භාරතීය අභාසය නිතැතින්ම කතා කළ යුතු කාරණයකි. මන්ද, සිංහල සාහිත්‍යය සඳහා භාරතීය සෙවනැල්ලෙහි පහස ලැබූ නිසාවෙන්ය. එය සිංහල පද්‍ය සම්ප‍්‍රදායත්, එම පද්‍ය සම්ප‍්‍රදාය නිසාවෙන් පැණනැගුණු කාව්‍යවිචාර ක‍්‍රමවේදයටත් හේතු සාධක වෙයි. ඒ අනුව අප මෙහිදී සාකච්ඡුා කරනු ලැබුවේ භාමහ ප`ඩිවරයා විසින් හඳුන්වා දෙනු ලැබූ භාරතීය කාව්‍ය විචාර සිද්ධාන්තයන්හි එන ‘අලංකාරවාදය’ සම්බන්‍ධවයි. එම අලංකාරවාදී කාව්‍යවිචාර ක‍්‍රමවේදය සිංහල පද්‍ය ක‍්‍රමවේදය සඳහා උපයෝගී වූ ආකාරය යථෝක්ත මාතෘකා ඔස්සේ සාකච්ඡුා කෙරිණි. එහිදී අලංකාරවාදයෙහි බලපෑම සීගිරි ගීවල පටන් වත්මන දක්වා උපයෝගී වී ඇති බව පසක් විය. එහෙත් එම න්‍යායන් සිංහල කවියා යොදාගෙන ඇත්තේ තොරා බේරා ගෙන ගැළපෙන දේ පමණි. ඒ බැව් සියබස්ලකරෙන්ම හෙළි විය. ඒ අනුව අලංකාරවාදයෙහි ප‍්‍රධානතම කොටස් දෙක වන ශබ්දාලංකාර හා අර්ථාලංකාර යන ප‍්‍රභේදයන්හි යම් යම් රීතීන්ට අනුව සිංහල පද්‍ය විචාරය කළ හැකි බව උක්ත සෝදාහරණ ම`ගින් පසක් විය. මෙහිදී අවසන් වශයෙන් හෙළි වූ කාරණය නම් අලංකාරවාදයේ සමස්ත න්‍යායන් සිංහල පද්‍ය විචාරයෙහිලා ප‍්‍රමාණයවත් නොවන බවයි. එසේම සිංහල සමස්ත කාව්‍යරචනයට අලංකාරවාදය උපයෝගී නොවූ බවයි. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථනාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ අලංකාර දර්ශනය සහිත ගුත්තිල කාව්‍ය වර්ණනා. (සංස්.*. එම්. එච්. එෆ්. ජයසූරිය, සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, 1962. කාව්‍යාදර්ශය. (සංස්.*. වැලිවිටියේ සෝරත හිමි, හල්ගස්තොට දේවානන්ද හිමි, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2000. ගුත්තිල කාව්‍ය, (සංස්.*. ඩබ්. ඇෆ් ගුණවර්ධන. එක්සත් ප‍්‍රවෘත්තා පත‍්‍ර සමාගම, කොළඹ, 1962. කව්සිළුමිණ, (සංස්.*. ඇම්. ඞී අරියපාල, ඇම්.ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1965. නවකවි සංග‍්‍රහය, (සංස්.*. කුසුමා කරුණාරත්න. විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්‍ද්‍රය, මුල්ලේරියාව, 2008. නූතන කාව්‍ය සංහිතා.(සංස්.*. සුනිල් ආරියරත්න, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1995 පැරකුම්බා සිරිත, (සංස්.*. චාල්ස් ද සිල්වා. ඇම්.ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1954. පiාවලිය.(සංස්.*. සාගර පළන්සූරිය,ගුණසේන සහ සමාගම, කොළඹ, 2008. භෝජප‍්‍රබන්‍ධය. පී. රූපසිංහ පෙරේරා, සමයවර්ධන පොත්හල, කොළඹ, 2001. සැළලිහිණි සංදේශය. (සංස්.*. සුචරිත ගම්ලත්, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1995. සියබස්ලකර. (සංස්.*. වී.ඞී.එස්. ගුණවර්ධන, සමයවර්ධන පොත්හල, කොළඹ, 2005. සීගිරි ගී (ප‍්‍රථම භාගය* (සංස්.*. නන්දසේන මුදියන්සේ, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, සිංහල සන්දේශාවලී, (සංස්.*. හිත්තැටියේ උදිත හිමි. සීමාසහිත මාතර වෙළෙන්දෝ, මාතර, 1949. ද්විතීයික මූලාශ‍්‍රයෝ ගුනසිංහ, සිරි. මස් ලේ නැති ඇට, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1998. ජයසේකර, යූ. ඞී. ගී කවේ වග තුග, එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ, 1962. ඤාණසිහ හිමි,හේන්පිටගෙදර. සාහිත්‍යය, ඇම්.ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1964. පලන්සූරිය, සාගර. සුදෝසුදු, කොළඹ, 1967. පෙරේරා, පී. බී අල්විස්. උක්ද`ඩු දුන්න, ස්වස්තික යන්ත‍්‍රනාලය, කොළඹ, 1951. නානායක්කාරවසම්, බන්ධුල. සිනාතොටක්, තෝතැන්න භාව කේන්‍ද්‍රය, බත්තරමුල්ල, 2003. නාරායණ, රාම. කාව්‍යාලංකාර සූත‍්‍රණි, නීර්ණයසාර ප්‍රෙස, බොම්බේ, 1953. විජේවර්ධන, හේමපාල. සංස්කෘත කාව්‍ය විචාර මූලධර්ම, ගුණසේන සහ සමාගම, කොළඹ. 1967. සම්පත්, බිහේෂ් ඉන්දික. අලඞකාර විනෝදනී, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2006. සුරවීර, ඒ.වී. විචාර විලාසය. ගුණසේන සහ සමාගම, කොළඹ. 1985. තෘතීයික මූලාශ‍්‍රයෝ සාහිත්‍ය. (සංස්.*. කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, 1963. කලණ. (සංස්.*. තපෝවනයේ සුතධර හිමි, එච්. ටී. බස්නායක, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1996. උවසර (අනන්ද කුලසූරිය උපහාර ලිපි සංග‍්‍රහය*, (සංස්.*. පියසීලී විජේමාන්න. ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1999.