UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පන්සියපනස් ජාතක පොත දැනගත යුතු මූලික කරුණු

Wednesday, December 11, 2013

පන්සියපනස් ජාතක පොත දැනගත යුතු මූලික කරුණු

පන්සියපනස් ජාතක පොත දැනගත යුතු මූලික කරුණු (මෙහිදී අපි ශිෂ්‍යයන් හට විචාර ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීම පහසුවනු පිණිස උධෘත පාඨ නියමිත ජාතක කථා වලින්ම ගෙනහැර දැක්මමු* x ජාතක කතාවක් යනු කුමක්ද ? සාරත්‍ථ දීපනී නමැති පාලි ටීකා ග‍්‍රන්ථයේදී ‘ජාතක’ යන්න මෙසේ විග‍්‍රහ කර ඇත. ”ජාතං - භූතං - පුරාවුත්තං භගවතො පුබ්බ චරිතං කායති කථේති පකාඝෝ තී ති ජාතකං” (ජාතක සංඛ්‍යාත පුරාවෘත්තය හෙවත් භාග්‍යවතුන් වහන්සේ පෙර බෝසත් කල්හී ඒ ඒ ඡුතීන්හී පැවති ආශ්චර්ය චරිත විශේෂය ප‍්‍රකාශ කරන්නා වූ ශ‍්‍රී මුඛ දේශනා ජාතක නම් වේ* බුදුරජාණන් වහන්සේ යම් යම් කරුණු පැහැදිලි කරදීම පිණිස සිය ධර්ම දේශනාවලදී තමන් වහන්සේගේ පෙර බෝසත් චරිතයන් ඇසුරු කොටගෙන ඇති ජාතක කථා දේශනා කර ඇත. x කතුවරයා මහාවංසය වාර්තා කරන අන්දමට ජාතක පොතෙහි කතුවරයා කුරුණෑගල රාජධානි කොටගත් ද්විතීය පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමාය. එසේ වූවත් ජාතක පොතෙහි එන සඳහනකට අනුව පැහැදිලි වන්නේ මෙය පරාක‍්‍රම නම් ඇමතිවරයාගේ ආරාධනාවෙන් හා වීරසිංහ ප‍්‍රතිරාඡු නම් ඇමතිවරයාගේ උත්සාහයෙන් රචනා වූ බවයි. ද්වීතිය පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා, වීරසිංහ ප‍්‍රතිරාජ ඇමතිතුමා යන දෙදෙනාම ජාතක කථා සිංහලයට පෙරලා ජනතාව අතර ප‍්‍රචලිත කිරීමට කටයුතු කරන්නට ඇත. නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු විසින් හෝ අද තිබෙන ආකාරයට ජාතක පොත සකස් කරන්නට ඇතැයි සිතිය නොහැක. බොහෝ විචාරකයන් පවසන්නේ ජාතක පොත ඒක කර්තෘක (එක් කතුවරයෙකු විසින් රචනා කරන ලද්දක්* නොවන බවයි. ජාතක පොතෙහි එන කථාවල භාෂාවෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබීම මෙයට හොඳ සාක්‍ෂියක් බව ඔවුහු පවසති. මේ අනුව අපට පිළිගැනීමට සිදුවන්නේ කර්තෘ මණ්ඩලයක් විසින් ජාතක පොත සකස් කරනන්ට ඇති බවයි. x කාලය ඇතැම් ජාතක කථා බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටම ගැමි කථා ලෙස පැවති බව පිළිගැනෙයි. ජාතක පොත සකස් කිරීමටත් පෙර ජාතක කථා ජනතාව අතර ප‍්‍රචලිත වී තිබූ බවට සාක්‍ෂි අපමණය. කෙසේ වෙතත් කුරුණෑගල පුර යුගයේ සිට සකස් කිරීමට පටන්ගත් ජාතක පොත ගම්පොල යුගය වනවිට අද පවතින තත්වයට පත්වන්නට ඇතැයි සිතිය හැකිය. x මූලාශ‍්‍ර ජාතක කථා අපට ලැබුනේ ඉන්දියාවෙනි. ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි එන එක්තරා ග‍්‍රන්ථයක් ලෙස ජාතක පාළි නම් ග‍්‍රන්ථය හැඳින්විය හැකිය. ජාතක පාළිය වනාහි පාලි පද්‍යයෙන් (ගාථාවලින්* රචනා කර ඇති ග‍්‍රන්ථයකි. එහි සම්පූර්ණ කථාව දක්වා නැත. සැබවින්ම කියතොත් ජාතක පාළිය බලා ජාතක කථා තේරුම් ගත නොහැක. එහි දක්වා ඇත්තේ ජාතක කථාවල සාරය පමණි. මෙකී ජාතක පාළි නමැති ග‍්‍රන්ථයට ක‍්‍රි.ව. 5 වන සියවසේදී දඹදිවින් ලක්දිවට වැඩම කළ බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ විසින් රචනා කරන ලද ජාතකට්ඨ කථාව සම්පූර්ණ ජාතක කථා දක්වන පාලි අටුවා ග‍්‍රන්ථයකි. මෙකී පාලි ජාතක කට්ඨාකථාව ඉතාම සමීපයෙන් ඇසුරු කරමින් සිංහල ජාතක පොත රචනා කර ඇත. x ජාතක සාහිත්‍යය ඈත අතීතයේ පටන්ම ඉන්දීය ජනතාව අතර ගැමි කථා වශයෙන් පැවතී ඇත. පසු කාලීනව බුද්ධ දේශනා වශයෙන් ප‍්‍රචලිත වී පැමිණි මෙම ජාතක කථා ලොව පුරා රටවල් විශාල ප‍්‍රමාණයක සාහිත්‍යය පෝෂණය කිරීමට සමත්වී ඇත. සිංහල ජාතක පොත රචනා වීමටත් පෙර සිටම සිංහල ජනතාව අතර ජාතක කථා ප‍්‍රචලිත වී තිබූ බවට සාක්‍ෂි රැුසක් හමුවේ ඒව* මෙසේ දැක්විය හැකිය. x ක‍්‍රි.ව. දොළොස්වන සියවසේදී පමණ ජාතක අටුවා ගැටපදය නමැති ග‍්‍රන්ථය සිංහල භාෂාවෙන් රචනා වීම x ජාතක ගාථා සන්නය, වෙසතුරාදා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය, වැනි සන්න පොත් සිංහලයෙන් රචනා වීම x අමාවතුර, බුත්සරණ, ධර්මප‍්‍රදීපිකාව වැනි ග‍්‍රන්ථ වල ජාතක කථාවන්ගෙන් සාරය හා ජාතක කථා ගෙනහැර දැක්වීම x සස, මඛාදේව, කුස යන ජාතක කථා වස්තු විෂය කොටගෙන පිළිවෙලින් සසදාවත, මුවදෙව්දාවත, කව් සිළුමිණ යන පද්‍ය ග‍්‍රන්ථ තුන රචනාවීම x උම්මංග්ග ජාතකය වෙනම ග‍්‍රන්ථයක් ලෙස රචනාවීම x සිතුවම් නිර්මාණයේදී ජාතක කථා වස්තු විෂය කොට ගැනීම ජාතක ප‍්‍රමාණය සුමංගල විලාසිනිසමන්ත, පාසාදිකා යන අටුවා ග‍්‍රන්ථ වල ”පඤ්ඤාසාධිකානි පඤ්ච ජාතක සතානි” යනුවෙන් දක්වන පරිදි ජාතක කථා පන්සිය පනහක් ඇතිබව පැහැදිලි වෙයි. නමුත් සිංහල ජාතක පොතෙහි දක්නට ලැබෙන්නේ ජාතක කතා 547 ක් පමණි. මදක් අඩු හෝ වැඩි වූ පමණින් නියමිත ගණන ඉක්මවා නොයන බව (ඊසකං ඌණමධිකංවා ගණනපතං නෝපෙති* විචාරකයෝ පවසති. ඒ අනුව ආසන්න ගණන සැලකිල්ලට ගෙන මෙම කථා සංග‍්‍රහය ”පන්සියපනස් ජාතක පොත” නමින් හඳුන්වන්නට ඇත. මේ අනුව සලකා සියලූ ජාතක කථාවල ප‍්‍රමාණය පන්සිය හතලිත් හතක් පමණි’ යැයි පැවසීමට ඉඩ නැත. තායිලන්තයේදී රචනා කර ඇති පඤ්ඤාස ජාතක නමැති ජාතක කථා සංග‍්‍රහයෙහි ජාතක කථා පනහක් ඇතුළත්ව ඇත. එහි එන එක් ජාතක කථාවක්වත් අපගේ ජාතක පොතෙහි දක්නට නැත. ආර්යශූරාපදයන් විසින් රචනා කරන ලද සංස්කෘත ග‍්‍රන්ථයක් වන ජාතක මාලාවෙහි එන කථා තිස් හතරෙන් එකොළහක්ම අපේ ජාතක පොතෙහි දක්නට නැත. පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ශූරීන් විසින් සිංහල සාහිත්‍ය වංශය නැමති ග‍්‍රන්ථයේදී මිත්ත වින්දක, හීහකොත්ථුක, ඤාචපණ්ඩිත, උම්මාදන්තී, මහාබෝධි ආදි ජාතක කතා රැුසක් ජනතාව අතර පැවතියත් ඒවා ජාතක පොතෙහි දක්නට නොලැබෙන බව පෙන්වා දී ඇත. මේ අනුව ජාතක කථා සියල්ල 547 ක් යැයි සිතිය නොහැක. x අරමුණ අතිශ්‍රේෂ්ඨ චරිතයක් වන බෝසත් චරිතය ඇසුරින් ජනතාවට යහපත් උපදෙස් ලබාදීම ප‍්‍රධාන අරමුණ කොටගෙන ජාතක පොත රචනා කර ඇති බව පැහැදිලි වේ. කොටින්ම කිවහොත් ජාතක පොත යනු උපදේශ ආකරයකි. බෝධිසත්වයන් නිතරම ගතකර ඇත්තේ ආදර්ශවත් ජීවිතයකි. ඇතැම් විටෙක එතුමා ජීවිත පරිත්‍යාගයෙන් පාරමිතා පුරයි. ඇතැම් විටෙක තැනට සුදුසු නුවණ ප‍්‍රදර්ශනය කරයි. ඇතැම් විටෙක දස අකුසල් හී දොස් හා දස කුසල්හී යහපත් ප‍්‍රතිඵල ගෙනහැර දක්වයි. විවිධ පුද්ගලයන් ප‍්‍රශ්න හමුවෙහි ක‍්‍රියා කරන ආකාරය මෙහිදී මනාව විග‍්‍රහ වෙයි. මිනිසුන් පමණක් නොව සතුන් පවා උපයෝගී කොටගෙන ජාතක කථාකරු නිරතුරුවම උත්සහකර ඇත්තේ පාඨක / ශ‍්‍රාවක සහෘදයන්ට සදුපදේශ ප‍්‍රදානය කිරීමටයි. x ආකෘතිය ජාතක පොතටම ආවේණික වූ ආකෘතියක් ඇත. සියලූම ජාතකකථාවලට පොදු වූ එම ආකෘතිය කොටස් තුනකින් සකස් වී ඇත. 01. වර්ථමාන කථාව ජාතක කථා ආකෘතියෙහි ප‍්‍රථම කොටස වන වර්තමාන කථාව බුද්ධ කාලය හා සම්බන්‍ධය. බොහෝවිට බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට වඩින විට උන්වහන්සේට පෙරාතුව එහි පැමිණ සිටින භික්‍ෂුන් වහන්සේලා විසින් කතාබහ කරමින් සිටි කිසියම් පුද්ගලයෙක් හෝ සිද්ධියක් පිළිබඳව වර්තමාන කථාවේදී කියවෙයි. 02. අතීත කථාව ”මා ධර්ම සභාවට වැඩම කිරිමට පෙරාතුව ඔබ වහන්සේලා කිනම් කතාවකින් යුක්තව සිටියෝ දැයි අසන බුදුහිමියෝ භික්‍ෂුන්වහන්සේලාගෙන් තොරතුරු දැනගෙන ”මහණෙනි දැන් පමණක් නොවෙයි අතීතයේදීත් එම පුද්ගලයා එලෙස කටයුතු කලා” යනුවෙන් බොහෝ අවස්ථාවලදි දේශනා කරති. ”ස්වාමීනි එම අතීත සිදුවීම දේශනා කරන්න” යනුවෙන් ඉල්ලීම් කළ පසු බුදු හිමියෝ අතීත කථාව වදාරති. සෑම අතීත කථාවකම පාහේ ප‍්‍රධාන භූමිකාව වන්නේ බෝසත් චරිතයයි. 03. පූර්වාපර සන්‍ධි ගැලපීම වර්තමාන කථාවෙහි හා අතීත කථාවෙහි එන චරිත සසඳමින් සමෝධානය සිදුකරන අවස්ථාව පූර්වාපර සන්‍ධි ගැලපීම නමින් හඳුන්වයි. x ජාතක පොතෙහි උපයුක්ත බස්වහරෙහි හා රචනා ශෛලියෙහි පෙනෙන ලක්‍ෂණ මෙසේ වෙන වෙනම ගෙහැර දක්වමු. 01. සරල ව්‍යවහාර බස ජාතක පොතේදී භාවිතයට ගෙන ඇත්තේ සරල ව්‍යවහාර භාෂාවයි. පොදු ජනතාව ඉලක්ක කොටගෙන රචනා වන කෘතියක භාෂාව එලෙස සකස්විය යුතුමය. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය වැනි ග‍්‍රන්ථ වල ආ භාෂාවට වඩා මෙහි භාෂාව අතිශයින්ම මහජනයාට සමීපය. උදා ඃ මේ අධර්මිෂ්ඨ බ‍්‍රහ්මදත්ත රජ කවර දවසේ විනාශයට යන්නේද ? මෙතෙම මලේ නම් සත්වයෝ සැපසේ ඉඳිනාහ. (ගණ්ඩතින්දු ජාතකය* සාධු ෟ සාධු ෟෟ පණ්ඩිතයෙනි, තෙපි දේව ධර්මයක්ද අනුව, දේවධර්මයෙහිත් වැවතුව” යි ප‍්‍රසන්න වූ සිත් ඇතිව බෝධිසත්වයන්ට සාධූකාර දී දෙබෑයන්ව ගෙනවුත් පවා දින. (දේවධර්ම ජාතකය* 02. නාථ්‍යෝචිත බස්වහර බොහෝ අවස්ථාවලදී ජාතක පොතේ භාවිත කර ඇති සංවාද නාථ්‍යෝචිත ස්වරූපයක් ගෙන ඇත. විශේෂයෙන්ම ශ‍්‍රාවකයා ඉදිරියෙහි සිදුවීම් චිත‍්‍රණය වන ආකාරයට මෙහි බස් වහර හසුරවා ඇත. උදා ඃ ”ඇවැත්නි මේ සිවුරත් මේ අඳනයත් මේ අඳනයත් මේ ඇතිරියත් මේ ඇතිරියත් සියල්ලම තොපගේදැ’’ යි විචාළ සේක”. (දේචධර්ම ජාතකය* එවිට මහ බෝධිසත්ව තෙම කටින් ලේ දමා වේදනාව ඉවසා කිමෙක්ද ? සබඳ කපාගත නොහැකිදැයි විචාළේය. මහ බෝධි සත්වයෝ සොඬින් කියත ගෙන සෙළවූහ. (ඡුද්දන්ත ජාතකය* 03. සංස්කෘත තත්සම වචන භාවිත කිරීම ජාතක කථා කරු ඇතැම් විටෙක සංස්කෘත වචන බහුල ලෙස භාවිතයට ගන්නා අතර තවත් විටෙක අතරින් පතර සංස්කෘත වචන භාවිත කර ඇත. සංස්කෘත වචන බහුල ලෙස භාවිත කර ඇති අවස්ථාවක් මෙලෙස දැක්විය හැක. ”ආරෝග්‍යාදි වූ ජීවිත මද යැයි කියන ලද ත‍්‍රිවිධ මදයෙන් ප‍්‍රමාද වූ සත්ව තෙම මනූෂ්‍යඝාතනාදී වූ ත‍්‍රිවිධ දුෂ්චරිතයෙහි නිරන්තරව ස්වකෘත්‍යයෙහි ප‍්‍රමාදව කර්තව්‍ය නොදැන ත්‍වගග (ගණ්තින්දු ජාතකය* අතරින් පතර සංස්කෘ වචන භාවිත කළ හැකි අවස්ථාවක් මෙසේ දැක්විය හැක. උදා ඃ ඒ සොළො දහසක් පමණ ධනර්ධරයෝ එසේම රැුකවල් ගෙන සිටිනාහ. මෙසේ සුරක්‍ෂිත වූ රැුකවල් ගෙන* සිටින මෙනුවර කෙසේ වූ සතුරු කෙනෙක් දකිනෙහිද?” (සම්බුලා ජාතකය* 04. සිංහල වචන පමණක් භාවිත කිරීම ඇතැම් අවස්ථාවලදී ජාතකකථාකරු සංස්කෘත වචන භාවිතා නොකොට හෙළ වදන්ම භාවිත කර ඇත. උදා ඃ නුවර සරහා මහත් පෙළහරින් පුතණුවන් රජගෙයිලා තුමු මඟුලූයනට වැද තවුසා මෙසේ ගෙන වසන්නාහූ නිරන්තරයෙන් රජගෙන් වළඳනාහ. (සම්මුලා ජාතකය* ”අපගේ පියාණන් වහන්සේ ඒ වරය නොදී අප රක්නා නිසා වනයෙහි වසන්නට කී සේක. එසේ ඇසූ බාල මළණුවෝ නොරඳා අප හා සමඟ මේ වනයට අවුය” (දේවධර්ම ජාතකය* 05. දිගු වැකි භාවිතය අවස්ථාවෝචිත ලෙස ජාතක කථාකරු දිගුවැකි භාවිත කර ඇත. එම දිගු වැකි අර්ථය ව්‍යාකූල නොවන පරිදි මනා අන්තර් සබඳතාවයකින් යුතුව ගළපා ඇති ආකාරය ලගන්නා සුළුය. උදා ඃ ඉක්බිති ජාතිස්මරණ ඥාණයෙන් ප‍්‍රත්‍යක්‍ෂව දුටු සැටියේ මෙලෙස කියන්නී වැදි ප‍්‍රත‍්‍රයාණෙනි, නුග ගසට නුදුරු තැන්හි සඳත් විල්හී සිත්කලූ වූ බැස නහන කොට ඇති නිර්මල ජලයෙන් හරිත පිපි මලෙහි හැසිරෙන ලද බමරු් ඇති ප‍්‍රදේශයක් ඇත.” (ඡුද්දන්ත ජාතකය* 06. කෙටි වැකි භාවිතය කථාවක නාට්‍යෝචිත බව හා නිරවුල්ව ගලායාමේ ස්වභාවය ඇතිකරලීමෙහිලා කෙටි වැලිවලින් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ජාතක කථාකරු අවස්ථාවෝචිතලෙස කෙටි වැකි භාවිත කර ඇත. උදා ඃ පියුම් පෙත්තක් ඝෝ විශාල වූ ඇස් සඟලක් ඇති තැනැත්තීය මල් දමක් මෙන් මලානිකව ගියව. මීට කාරණා කිමෙක්දැයි විචාළේය’’. (ඡුද්දන්ත ජාතකය* ඒ ගොනා පය ක්‍ෂණයක ඇද සී වැල ඇනගත. මේ කාරණයෙන් මා විසින් පහරණ ලද්දේ නොවෙයි. අධර්මිෂ්ඨව රජකම කරන ඒ පඤ්චාල රජුහු විසින් පහරණ ලද්දේ යැයි කීයෝය”. (ගණ්ඩතින්දු ජාතකය* 07. උපමා භාවිතය තැනට සුදුසු ආකාරයට උපමා යොදමින් ශ‍්‍රාවක/පාඨක සහෘදයාට මනාව කරුණු වටහාගැනීමට හැකිවන පරිදි සිය රචනාව සිදු කිරීමට ජාතක කථාකරු උත්සහ කර ඇත. උදා ඃ ”ඇරගේ සත්‍යක‍්‍රියා බලයෙන් පතිව‍්‍රතා ධර්මයෙහි ආනුභාවයෙන් කළයෙහි පැන් ඉස නෑවූ පමණින්ම ඇඹුල් ගා සෝධන ලද තඹමලයක් මෙන්ද පොකුරු පත හොත් දියත්තක් මෙන් ද ඒ ක්‍ෂණයෙහිම සංසිඳුණේය.” (සම්මුඛ ජාතකය* ”පසමිතුරා අල්වම්හයි සහසී වේරාඹවාතයෙන් ඇළලී ගිය අහස් කුස දුවන වලාකුළු මෙන්. (ඡුද්දන්ත ජාතකය* ”මකුළු හුයකින් බස්නා මකුළුවෙකු මෙන් හැර හැර බසින්නේය”. (ඡුද්දන්ත ජාතකය* ”රජහට සියලූ සැපත්හූ පෙරමස සඳ සෙයින් දවසින් දවස වඩනාහ” (ගණ්ඩතින්දු ජාතකය* එසඳ වැදිපුත‍්‍ර තෙම බෝධිසත්වයන්ගේ රිදීදමක් සමාන සොඬ මඬිමින් නැගී තෛලාස කූටයක් වැනි කුම්භස්ථලය පිට සිට. (ඡුද්දන්ත ජාතකය* ”දන්තයෝ කිරිල්ලියක් මෙ කැපුනාහ’’ (ඡුද්දන්ත ජාතකය* x විශේෂතා සිංහල සාහිත්‍යයෙහි අපට හමවන විශාලම ග‍්‍රන්ථය පන්සිය පනස් ජාතක පොතයි. x බුදුන් වහන්සේ, රහතන් වහස්සේ, බෝධින් වහන්සේ ආදි වශයෙන් ගෞරවාර්ථයෙහි යෙදෙන ‘වහන්සේ’ යන නාමය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ යනවෙන් මෙම ග‍්‍රන්ථයට ද එකතු කර ඇත්තේ එයට මහත් ගෞරවයක් දක්වන නිසාය. x සිංහල සාහිත්‍යයේ අපට හමුවන විශිෂ්ඨතම උපදේශ කථා ග‍්‍රන්ථය පන්සිය පණස් ජාතක පොතයි ඊසෝජහ්ගේ උපමාකථා, අරාබි නිසොල්ලාසය, පඤ්චතන්ත‍්‍රය වැනි පොත්වලට ලැබෙන පිළිගැනීමට නොදෙවැනි පිළිගැනීමක් ජාතක පොතට ද ලැබී ඇත. x ජාතක කථා තුළින් ලබාදෙන උපදේශ සදාතනික අගයකින් යුක්තය. x පන්සිය පණස් ජාතක පොත උපමාකථා අදභූතකථා, විනෝදාත්මක කථා, මිත්‍යා කථා, ආදි විවිධ වර්ගයට අයත් කථා වන්ගේ සංග‍්‍රහයකි. x වෙස්සන්තර, කාලකණ්නි, මහෞෂධ, පිංගුත්තර, පබාවතී, ගුත්තිල, මූසිල, කච්චපූම, පෝරිසාද වැනි ජාතක පොතෙහි එන චරිත නූතන ජනවරයෙහි පවා භාවිත වීමෙන් ජාතක පොත ජනතාවට කොතරම් සමීපද යන වග තහවුරු වෙයි. x ජාතක පොතට ආවේණික වූ ආකෘතියක් ඇත x සංස්කෘත සාහිත්‍යය පුළුල් කිරීමෙහිලා මහා භාරතය, රාමායණය වැනි වීර කාව්‍යවලින් සුවිශාල සේවාවක් ඉටුවූවාක් මෙන් සිංහල සාහිත්‍යය පුළුල් කිරීමෙහිලා ජාතක කථාවලින් ලැබී ඇත්තේ අමිල සහයෝගයකි. x නූතන නවකථා, කෙටිකථා, ආදියෙහි චරිත නිරූපණය කර ඇති ආකාරයට තරමක් හෝ සමීප වන පරිදි චරිත නිරූපණය කර ඇත්තේ ජාතක කථාකරුවා පමණක් බව විචාරකයෝ පවසති. (මාර්ටින් වික‍්‍රමසිංහ බණකථා සහිත්‍ය* x මෙතෙක් සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථයකට අන්තර් ගත නොිිවූ තරම් දෙමළ වචන ජාතක පොතට වද්දාගෙන ඇත. x ඓතිහාසික තොරතුරු අතින් ජාතක කථා වල ඇති වටිනාකම ද අමතක කරනු බැරිය. පැරණි ඉන්දියාවේ ජන සමාජය, ආණ්ඩු ක‍්‍රමය, කර්මාන්ත දියුණුව, ශාස්ත‍්‍ර දියුණුව, සමාජ සිරිත් විරිත් යන සෑම අංශයකටම එළියක් මේ කථා වලින් ලැබේ. චරිත නිරූපණය සාහිත්‍ය කෘතියක් සාර්ථක වීමෙහිලා හොඳ චරිත නිරූපණයක් තිබීම අනිවාර්යය වේ. ජාතක පොතේදී ඒ ඒ පුද්ගයන්ගේ චරිත ඉතා දක්‍ෂ ලෙස නිරූපණය කර ඇත. තම දියණියන් දෙදෙනා විවාහ කරදීමට නොහැකිව දුක් විඳින මහලූ මවක් රජුගේ අධර්මිෂ්්ඨකම නිසා තමන්ට මෙම තත්වය උදාවී ඇති බව ද්වේෂය මුසු ශෝකයෙන් මෙසේ පවසයි. ”මේ අධර්මිෂ්ඨ බ‍්‍රහ්මදත්ත රජ කවර දවසේ විනාශයට යන්නේ ද හෙතෙම මලේ නම් සත්වයෝ සැපයේ ඉඳිනාහ. මෙ පව්ටු රජුගේ විජිතයෙහි ඉඳ දරුවෝත් මමත් දුක් විඳුම්හයි හඬ හඬා සිට මෙ පරිද්දෙන් කියන්නා හූ (ගණ්ඩතින්දු ජාතකය* දිවිහිමියෙන් පතිව‍්‍රතා ධර්මය ආරක්‍ෂා කරගත් කාන්තාවක් එය කෙළෙසීමට ගිය රාක්‍ෂයෙකු හමුවේ දෙවියන් සිහිපත් කරන ආකාරය බලන්න. ”මුසාවාදී දෝෂයෙන් වැළකී පතිව‍්‍රතා ධර්මයෙහි පිහිටි මා වැනියකට මේ රක්‍ෂයා කරන දුරාචාරය නොවළකා බලාහිඳිනාහූ ද, ලෝකපාල ශබ්දය විනා ඒකාත්න දේවතා කෙනෙක් මෙලොවෙහි නැත්මයයි මුරගා දේවතාවන්ට යදියාය. (සම්බුලා ජාතකය* x අවස්ථා නිරූපණය සාහිත්‍ය කෘතියක අවස්ථා නිරූපණය ද චරිත නිරූපණය තරම්ම වැදගත් වන අංගයකි. කතුවරයා චිත‍්‍ර ශිල්පියෙකු මෙන් පාඨක / ශ‍්‍රාවක සහෘදයාගේ සිත නමැති බිත්තියෙහි අවස්ථා හෙවත් සිද්ධි චිත‍්‍රණය කළ යුතුය. බහුභාණ්ඩික වූ පැවිද්දෙකු බුදුරදුන්ගේ උපදෙස් හමුවෙහි කිපී කටයුතු කළ ආකාරය බලන්න. ”ඒ බහුභාණ්ඩික භික්‍ෂුන් වහන්සේ බුදුන් වදාළ බස් අසා කිපී එසේ කල මේ සැටියේ ඇවිදිම්දැයි පොරෝණය දමාපිය භය ලැජ්ජා නැතිව පර්ෂත් මාධ්‍යයෙහි තනි අඳනයෙන්ම සිටිසේක.” (දේවධර්ම ජාතකය*

No comments: