Wednesday, December 11, 2013
‘‘සාහිත්‍ය කෘතියක ආකෘතිය හා අන්තර්ගතය අතර අන්තර්පෝෂණාත්මක සම්බන්ධය ආකෘතිවාදීන්ගේ හෝ නව විචාරකයන්ගේ න්‍යායික සංකල්ප
‘‘සාහිත්‍ය කෘතියක ආකෘතිය හා අන්තර්ගතය අතර අන්තර්පෝෂණාත්මක සම්බන්ධය ආකෘතිවාදීන්ගේ හෝ නව විචාරකයන්ගේ න්‍යායික සංකල්ප
ආකෘතිවාදය යනු
සාහිත්‍යයේ ආරම්භය කෙදිනක සිදුවූූවාදැයි නිශ්චිතවම පැවසිය නොහැක. එයට හේතුව වන්නේ සාහිත්‍ය යනු මානව පරිණාමයේ ඉතා දියුණු අවධියකදී ඇති වු දෙයක් ලෙස සැලකිය හැකි අතර එම කාල වකවානුව නිශ්චිතවම පැවසිය නොහැකි වීමයි. මානව පරිණාමයේදි මානවකයාට චින්තන ශක්තිය ලැබුණු දා සිට ියමප්බ’ යන නාමයෙන් හදුන්වා ඇත. එසේ දියුණු චින්තන ශක්තියකින් යුතු වු මානවයාට කලාත්මක සිතුවිලි පහලවන්නට ඇත. ස්වභාව සෞන්දර්ය දැකීමෙන් සෞන්දර්ය සිතුවිලි පහල වන්නට ඇත. මෙසේ වර්ධනව මානසික ශක්තිය හා ලේඛනය වැනි භෞතික හැකියාවන් සමග විවිධ සාහිත්‍ය වර්ග බිහි විය. පසු කාලීනව මෙම විවිධ සාහිත්‍යයන් කියවීමට හා විවේචනය කිරීමට විවිධ සාහිත්‍ය න්‍යායන් බිහි විය. සාහිත්‍ය විවේචනය යන්නට සාහිත්‍ය විචාරය යනුවෙන් හැදින්වීම වඩා යහපත් වේ. විවිධ සාහිත්‍ය නිර්මාණ බිහි වීමත් ඒවා කියැවීමට විවිධ සාහිත්‍ය න්‍යායන් බිහි වීමට ලෝකයේ විවිධ විෂයන්හි දියුණුවද බල පෑවේය. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයත් සමග මනෝවිද්‍යාව ශිඝ‍්‍රයෙන් දියුණු අතර වාග් විද්‍යාවද එසේ දියුණු විය. දර්ශනය , මනොවිද්‍යාව හා දර්ශනයන්ද සාහිත්‍ය න්‍යායන්ගේ වර්ධනයට හේතු විය.
සාහිත්‍ය පිළිබ`ද සැලකීමෙදී ඒ පිළිබ`ද විවිධ නිර්වචන ඇත. සාහිත්‍ය භාෂාව මුල් කොට ගනිමින් රචනා වන්නක් බැවින් සාහිත්‍යයෙහිදි භාෂාවට වැදගත් තැනක් හිමිවේ. සාහිත්‍ය නිර්මාණයන්හිදී හා වෙනත් රචනාවන් සැලකීමේදි සාහිත්‍යයෙහි යමක් කරන්නට උත්සාහ ගෙන ඇති අතර අනෙක් විවිධ රචනාවන්වලින් යමක් කියන්නට උත්සාහ ගෙන ඇත. සාහිත්‍ය තුළින්ද යමක් නොකියවෙන බව එයින් නොකිය වේ. සාහිත්‍යයෙහි යමක් කැයැවෙන අතර එය ප‍්‍රකාශ කරන ආකාරය හා ප‍්‍රකාශ කරන විදිය වෙනස් වේ. සාහිත්‍ය තුළ භාෂාව පෙරබිමට කැදවීමක් යැයි ඇතමුන් ප‍්‍රකාශ කරයි. මෙහිදි යම් සාහිත්‍ය නිර්මාණයක අථ_යට කලින් එහි භාෂාව වෙත ආකර්ෂණය වන බව මෙහිදි පිළිගැනේ. සාහිත්‍ය යනු භාෂාවේ සමොධානයක් ලෙසද ඇතමුන් සදහන් කරයි. යම් සාහිත්‍ය නිර්මාණයක් යනු පූව_ාපර ගැළපීමක් මෙන්ම හේතුඵල සම්බන්දයක්ද වේ.
‘‘යුද්ධ මුක්ත යැයි කියනා කලාපේ සද්ද ඇහේනවා නිරතුරු විලාපේ බුද්ධ පුතුන් හට දෙනු මැන මනාපේ සිද්ද කරන්නට අවසන් විනාසේ’’
මෙම පැදිය මෙසේ ව්‍යුහ ගත කළ නොහැකිය.
‘‘ විනාසේ සිද්ද කරන්නට අවසන්’’ යුද්ධ මුක්ත යැයි කියනා මනාපේ බුද්ධ පුතුන් හට දෙනු මැන කලාපේ විලාපේ සද්ද ඇහේනවා නිරතුරු ’’ එම නිසා සාහිත්‍ය නිශ්චිත ව්‍යුහයකට ව්‍යුහනය වී පවති.
සාහිත්‍ය යනු ප‍්‍රබන්දාත්මක රචනයක් වන අතර සාහිත්‍ය හා ලොකය අතර පවතින්නේ ප‍්‍රබන්දාත්මක සම්බන්දයකි. සාහිත්‍යය යනු සෞන්දර්ය වස්තුවක්ද වේ. මෙහිදි සත්‍යය , යහපත්බව හා සුන්දරත්වය එක් තැන් වීම මෙහිදි සිදු වේ. සෑම සාහිත්‍ය කෘතියක් තුළින්ම මෙය අඩු වැඩි වශයෙන් සිදුවේ. ඉමැනුවෙල් කාන්ට් ප‍්‍රකාශ කරනුයේ සෞන්දරය වස්තුවේ කාර්යය ඉන්ද්‍රීය සංවේදිතා, අදහස් හා සංකල්ප එකතු කිරීමක් ලෙසයි. සෞන්දර්ය වස්තුව කුමන හෝ අයුරකින් රසිකයාගේ ඉන්ද්‍රියන් මගින් ආකර්ෂණය කර ගත යුතු වේ. එය ව්‍යුහය මගින් සිදුවන බව පැවසේ. සාහිත්‍ය කෘති නෛසර්ගිකව අන්තර්පඨිතමය රචනා වේ. විශේෂයෙන් පශ්චාත් නූතන සාහිත්‍ය කෘති අන්තර්පඨිතමය ගොඩනැගීම් සිදුකරයි. මේ නිසා සාහිත්‍ය කෘති කියවීමෙදී සාහිත්‍යය හා එසේ නොවන කෘති සමග සම්බන්දය මගින් වඩා හොද කියවීමකට අවස්ථාව සලසයි.
සාහිත්‍යයෙහි අන්තර්ගතය මත සාහිත්‍ය ප‍්‍රධාන වශයෙන් තීරණය විය. විශේෂයෙන් විසිවන සියවසට පෙර මෙම තත්වය දැකගත හැකි විය. සාහිත්‍යය නිර්මාණයක තිබෙන පණිවිඩය හා උපදේශ තිබෙන ප‍්‍රමාණයට සාහිත්‍යය උසස් විය.මෙම සාධක පදනම් කරගෙන සාහිත්‍ය කෘති එකල විචාරයට ලක් විය. මෙහි විප්ලවීය වෙනසක් සිදු වූයේ රුසියාවේ මතුවු ආකෘතිවාදයත් සමගිනි. ආකෘතිවාදින් සාහිත්‍ය කාතියේ ප‍්‍රධාන වැදගත් කම අන්තර්ගතයේ සිට ආකෘතියට ගෙන ආවේය. මෙමගින් ආකෘතිවාදින් අන්තර්ගතය නොසලකා හැරියා යැයි අදහස් නොවේ. ඔවුන් අදහස් කළේ සාහිත්‍ය නිර්මාන්‍යක ආවේණික වූ යමක් ප‍්‍රකාශ කරන ආකාරය (ආකෘතිය* එයින් ප‍්‍රකාශ වන දේ තරමටම වැදගත් වන බවයි. ආකෘතිවාදීන් විසින් ආකෘතිය ඇසුරින් සාහිත්‍ය නිර්වචනය කිරීමට උත්සහ කරන ලදී. මෙයට ප‍්‍රධාන හේතුවක් වූයේ එකම දෙය කිව හැකි ආකාර රාශියක් තිබීමයි. නිදසුනක් ලෙස පවසන්නේ නම් විරහව පිළිබ`දව ප‍්‍රකාශ කිරීමට විවිධ සාහිත්‍ය ආකෘති භාවිත කළ හැකියි. එය කෙටි කතා , නව කතා ,නිසදැස් කවි හයිකු කවි, ආලංකාරික කවි හා නාට්‍ය වැනි විවිධ ආකෘති අසුරින් ප‍්‍රකාශ කළ හැකියි. අන්තර්ගතය කෙරෙහිම පමණක් අවධානය යොමු කිරීමෙන් අන්තර්ගතය විවිධ ලෙසින් කිව හැකි ක‍්‍රම එයින් අවධාරණය නොකරයි.
විසිවන සියවසේ රුසියානු හා ඇමෙරිකානු නව විචාරකයහුද ආකෘතිවාදය බෙහෙවින් අගය කළහ. ආකෘතිවාදීන් අතරෙහි වික්ටර් ශොලොස්කි , බොරිස් ටොමැශොව්ස්කි , රෝමන් යාකොවේසන් වැනි ආකෘතික න්‍යායධරයන් ප‍්‍රකට වාග් වේදීන් ද විය. මොවුන් පෙන්වා දුන්නේ කාව්‍යයක තිබෙන රිද්ම රටා , ව්‍යුහය අංග ප‍්‍රබන්ධ කතාවක තිබෙන අඛ්‍යාන විධි අවධානය යොමු කිරිම වැදගතක් බවයි.සාහිත්‍ය කෘතියකදි ආකෘතිය හා අන්තර්ගතය අතර ඇති සම්බන්‍ධය මෙසේ දැක් විය හැක. ‘‘ඍමිිස්බ ත්‍දරප්කසිප ජදබිසාැරි කසඑැර්එමරු ්ි ් ිචැජස්ක මිැ දෙ ක්බටම්ටැ අයසජය ාැඩස්එැි රෙදප ්බා ාසිඑදරඑි ර්‍ණචර්ජඑසජ්ක” ක්බටම්ටැ එද ප්නැ එයැ රු්ාැර ිැැ ාසෙෙැරුබඑකහග ඛ්බටම්ටැ සි එයැරුදෙරු ජදබිඑරමජඑැා සබ දරාැර එද ජය්බටැ දමර චැරජැචඑසදබිග ්ජජදරාසබට එද ඍමිිස්බ ත්‍දරප්කසිපල චදැඑරහ සි එයැ ුමසබඑැිිැබඑස්ක දෙරප දෙ කසඑැර්රහ ක්බටම්ටැල ්ි සඑ චරුිැබඑි ර්‍ණිචැැජය දරට්බස‘ැා සබ සඑි ැබඑසරු චයදබසජ ිඑරමජඑමරු”ල අයසජය ාැදෙරපි චර්ජඑසජ්ක ක්බටම්ටැ එද ාර්අ ්එඑැබඑසදබ එද සඑිැකගෙ” නිර්-සාහිත්‍යයික රචනාවලදි භාෂාව , ශෛලිය හා කථන ක‍්‍රම භාවිත කරන ක‍්‍රම මෙන් නොව සාහිත්‍යයේදී භාවිත වන ආකාරය වෙනස් වේ. සාහිත්‍ය නිර්මානයකින් යමක් කියනවාට වඩා යමක් ගොඩනගනවා නැතහොත් නිර්මාණය කරනවා. එම නිසා අන්තර්ගතය ආකෘතියෙන් වෙන් කළ නොහැකිය.ආකෘතිවාදීන් ගොඩනැගු තවත් තර්කයක් වූයේ සාහිත්‍ය නිර්මාණයක් තුළ පාඨකයාගේ අවධානයට යොමුවන කරුණු දෙකක් වේ.
1.* කෘතියේ භාෂාව වෙත අවධානය 2.* එම භාෂාවෙන් ප‍්‍රකාශවන්නේ කවරක්ද යන්න
ආකෘතිවාදීන්ට අනුව යම් සාහිත්‍ය නිර්මාණයකින් පාඨකයා ද්විත්ව අවධානයකට යොමු කරයි. මෙම කරුණු ද්විත්වය නව ඇමෙරිකානු විචාරකයන් එලෙස පිළිගනි. පසුව ඔවුන්ද මෙම මතය වර්ධනය කරන ලදී. මේ අනුව ආකෘතිවාදීන් සාහිත්‍යය සදහා සමීප කියවීමක් ලබා දුන්නේය. ආකෘතික වාදය පිළිබ`දව යුරෝපයේ විසිවන සියවසේ දි කථාබහට ලක් වුවද පෙරදිග සාහිත්‍ය විමසීමේදි පැහැදිලි වන්නේ පෙරදිග සාහිත්‍ය න්‍යායධරයන් සාහිත්‍ය නිර්මාණයක ආකෘතිය අන්තර්ගතය ප‍්‍රකාශ කිරීමේදි ඉතා වැදගත් බව අවබෝධකරගෙන සිටියේය. විශේෂයෙන්ම පද්‍යකරණය සදහා නියමික ආතෘතියක් ඔවුන් සම්මත කරාගන තිබුණි. එය ඡුන්නස් ශාස්ත‍්‍රයේදී පැහැදිලිව දැක් වේ.
‘‘ගද්‍යං පද්‍යඤ්ච මිශ‍්‍රඤ්ච - තත් ත‍්‍රිධෛව ව්‍යයස්ථිතම් පද්‍යං චතුෂ්පදී තච්ච - වෘත්තං ජාතිරිති ද්ව්ධා ’’
එසේම යම් යම් සාහිත්‍ය අන්තර්ගතයන් දැක්වීමට වෙන වෙන ආකෘති භාවිත කරන ලද්දේ ඈත කාලයේ සිටය.
‘‘ඉතිහාසකථොද්භූත - මතරද්වා සදාශ‍්‍රයම් චතුර්වරගඵලෝපෙතං - චතුරොදාත්තනායකම්’’
මහාකාව්‍යක් රචනා කිරීමට භාවිත කළ යුතු වු ආකෘතිය හා කුමන අන්තර්ගතයක් එහි ඇතුළත් වියයුතු ද යන්න කාව්‍යාදර්ශයේ දැක්වේ. මේ තුළින්ද මනාව පැහැදිලි වන්නේ ආකෘතිය හා අන්තර්ගතය අතර ඇති සම්බන්ධයයි. මේ අනුව පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකි කරුණක් වන්නේ ආකෘතිවාදයක් ලෙස මෙම සංකල්ම වර්ධනය කිරීම විසිවන සියවසේ සිදු වුවද ආකෘතිවාදයේ ඇති ලක්‍ෂණ පැහැදිලිවම පැරුණි සාහිත්‍ය කෘති තුළින්ද විද්‍යමාන වේ.
ආකෘතිය හා අන්තර්ගතය අතර අන්තර්පෝෂණාත්මක සම්බන්ධය
සාහිත්‍ය නිර්මාණයක යමක් කියන ආකාරය මත එහි අර්ථයක් පවතින බව සාහිත්‍ය විචාරකයනි පිළිගන්නා කරුණකි. එය අන්තර්ගතය මනාව ප‍්‍රකාශ කිරීමට යොදා ගැනීම ආකෘතිවාදයේ දැකිය හැකි ලක්‍ෂණයකි. මුලින් සදහන් කළ පරිදි ආකෘතිය පිළිබ`ද සැළකීමත් වී ඇත ඉතිහාසයේ සිට සිදුවී ඇත. මෙරට මුලින්ම රචනා වු ගීය ලෙස සැළකෙන සෙල්ලිපි පද්‍ය දෙස අවධානය යොමු කිරීමෙන් මෙයට ප‍්‍රවේශයක් ගත හැක.
‘‘මහරජහ ගමනි - අබයහ දෙවන පියශ රමණි බරිය මිලකතිශ - විහර කරිතෙ කතිය’’ (කොස්ගම කන්දේ ලිපිය*
මෙය ඡුන්දස් ශාස්ත‍්‍රයට අනුව නියමිත මාත‍්‍රා ලණනකින් රචනා කර ඇත. පැරණි කල මෙම විරිත්වලින් ඇතැම් විරිත් භාවිත කර ඇත්තේ යම් යම් අවස්ථාවන්ට අනුව (භක්තිය. වීර්යය, භිය , ස්වභාව වර්ණනා* වෙනස් වෙනස් විරිත් භාවිත කරමිනි. මේ අනුව පැරුණි සාහිත්‍ය කරුවන් අන්තර්ගතයට අනුව විරිත (ආකෘතිය* වෙනස්කර ඇත. මෙම සෙල්ලිපියෙහි එන පරිදි මෙම විහාරය කරවු රජුගේ නම පරම්පරා ගණනාවක් රුකගනු වස් මෙය මෙසේ සදහන් කර ඇත. මෙය යම් රිද්මයකට අනුව රචනා කිරීමෙන් අන්තර්ගතය හොදින් ධාරණය කරගැනීමට අවස්ථාවක් සළසයි. මේ අනුව මෙහිද ආකෘතිය හා අන්තර්ගතය අතර එකිනෙකින් පෝෂණය වීමක් දැකිය හැක. වෛදික යුගයනහි බ‍්‍රාහ්මණයන් වේද ග‍්‍රන්ථ රචනා කළේ යම් විරිත් අනුගමනය කරමින් අන්තර්ගතයට හානියක් නොකරමිණි. මාත‍්‍රා ඌණාධික බව රුකගැනීමට පෙරදිග භාෂාවන්හි සමාන වචන රාශියක් ඇති වූ එක් අරමුණක් වූයේද මෙයයි. කෝෂ ග‍්‍රන්ථ සාහිත්‍යයට ඍජුව ඇතුළත් කළ නොහැකි මුත් පුවෙ_ාක්ත ප‍්‍රස්තූතයට අදාළ තොරතුරු ඒ මගින්ද සොයා ගත හැක. කෝෂ ග‍්‍රන්ථ ඇතැම් විට සිව්පද ආකෘතිය ඇතුළත් කළේ ඒ තුලින් ලැබෙන රිද්මය තුළින් මතක සංකේත ගොඩනැගීමටයි. සිව්පද ආකෘතිය තුළින් ලැබෙන මිහිරි රිද්මය තුළින් අන්තර් ගතයේ කාර්යය සම්පූර්ණ වේ.
‘‘වදන ගෙය තිඹිරි ගෙය නම් වේය දනු දනපති වසන ගෙය හමිනම් වේය දනු සුර නරනි`දු විමන් පහනම් වේය දනු මහ දොර ඇතොර අන්තොර ඇතුළු පුර දනු’’ (පුරාණ නාමාවලිය*
පැරුණි සිංහල ගද්‍ය රිතිය පිළිබ`දවද සැළකීමේදි විවිධ අවස්ථාවන්හි ඒ අවස්ථාවට උචිත පරිදි රිතිය වෙනස් කරමින් ආකෘතිය හා අන්තර් ගතයේ අන්‍යොන්‍ය සහයොගීත්වය අපේක්‍ෂා කළ ස්ථාන බහුල කොට දැකිය හැක. බුත් සරණ පිළිබ`ද සැළකීමේදි මෙම ග‍්‍රන්ථය සාමාන්‍යයෙන් දීර්ඝ වාක්‍ය රචනා ශෛලියක් අනුගමනය කර ඇත. එයට හේතුව වන්නේ එම කෘතිය බොහෝවිට ශ‍්‍රැතිගෝචර මාධ්‍යක් වශයෙන් කාලීන අවශ්‍යතා අනුව පැවතීම හා වර්ණනා බාහුල්‍යවීම එයට හේතු වන්නට ඇත. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී මෙම රිතීම වෙනස් වේ. නිදසුනක් වශයෙන් නාලාගිරි දමනයේ දී නාලාගිරි ඇතා බුදුන් ඉදිරියට මත්ව පැමිණීම එහි දැක්වෙන අවස්ථාව විමසා බැලීම සුදුසු වේ. ඒ අවස්ථාවේ පාඨකයාගේ හැ`ගීම් උද්ධීපනය කිරීමට හා නාට්‍යොචිත බවක් දැනවීමට කෙටි ෙඡ්ක අනුප‍්‍රාස ඇති ශෛලයක් භාවිත කර ඇත. ආකෘතිය හා අන්තර්ගතය අතර අන්තර්පෝෂණය මෙහිදි මනාව දැක ගත හැක.
‘‘ඈත ¥ලීන් වැසීගිය ඇත්රජ යැ, මෑතැ සවනක් ඝන බුදු රුසින් සැදී ගිය බුදු රජාණො යැ ; ඈත කෝපයෙන් රත් වැ ගිය යවට වැනිඇස් ඇති ඇත් රජ යැ, මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණෝ යැ; .... ඈත බැලූවන් ‘අනේ අනේ ’ යි කියවන ඇත් රජ යැ , මෑතැ බැලූ බැලූවන් ‘ සාධු සාධු ’ යි කියවන බුදුරජාණෝ යැ.’’
මෙම ෙඡ්දය ආකෘතිවාදීන් විසින් දැක්වු කරුණු අනුව මෙහි භාෂාව මුලින්ම අනුතර්ගතයට වඩා පාඨකයාගේ අවධානයට ලක් වේ. ඊට පසු එම ආකෘතිය මගින් පාඨකයාට එහි අර්ථය හා අදාළ අවස්ථාව තමා ඉදිරියේ පෙන්වන්නාක් මෙන් චිත්තජ රූප මැවේ. මෙහි දක්වා ඇති කෙටි වැකි හා ෙඡ්ක අනුප‍්‍රාස මගින් ආකෘතිය හා අන්තර්ගතය අන්තර්පෝෂණය මනාව සිදු කර ඇත.
පැරකුම්බා සිරිත ප‍්‍රශස්ති කාව්‍යයකි. එය පැරුකුම්බා රජතුමාගේ ගුණ , තේජස , වීර්යය හා බලය වැනි ගුණයන් වැනීමට රචනා කර ඇති. එය සිව්පද ආකෘතිය බහුලව භාවිත කරමින් රචනා කර ඇති අතර අන්තර්ගතය වන රජතුමාගේ ගුණ හා බලයන් මහත් අභිමානයකිනි කිව යුතු බැවින් ගාම්භීර රිද්මයක් භාවිත කර ඇත. එසේම තේජස කිව යුතු තන්හි ගාම්භීර ශෛලයකින් රචනා කර ඇත. ආකෘතිය තුළින් අන්තර්ගතයේ ස්වභාවය අවබෝධ කරගැනීමට හැකි වේ.
‘‘තෙදැති රුදුරු රුපුනෙඩි මැඩි විපුල විකුම් නාරායණ යුවති නයන මන පිනවන රුසරු තෙනය නාරායණ නැණැති තියුණු හසළ නො එක සතර වේද නාරායණ පවති සසිරි පැරුකුම් බුජ රාජ රාජ නාරායණ’’
මෙහි ‘නාරායණ’ යනුවෙන් පාද හතරේම එළිවැටට යොදා ඇත. මේ මගින් අන්තර්ගතයේ අර්ථය වෙනස් කර ඇත. මේම වචනයට පාද හතරේම විවිධ අරුත් ඇත. එවැනි අරුත් ඇති වී තිබෙනුයේ එම පදයට මුලින් යෙදි ඇති පදවල අර්ථය අනුවය. මුල් පාදය අනුව වෙන රජවරුන්ගේ තේජස් නැමැති මහත් රුපු නැමැති එඩිය මුළුමනින් විනාශ කිරීමට හැක්කේ විෂ්ණූටයි. එම අර්ථයෙන් මුල් පාදයේ නාරායණ යන්න විෂ්ණු හැදින් වේ. දෙවැනි පාදයේ සන නාරායණ නම් කරුණ කාන්තාවන්ගේ ඇස් නැමැති රුපශී‍්‍රය සතුටු කරවන කාම දේවයා වේ. තෙවැනි පාදයේ නාරායණ නමි වේදයෙහි පාරප‍්‍රාප්ත නාරායණ නම් ඍෂිවරයා වේ. සිව්වැනි පාදයේ නාරායණ නම් රජුන් එඩි මැඩ පැවැත් වූ බැවින් පරාක‍්‍රමබාහුට නමකි. මෙම අරුත් හතර ලැබී ඇත්තේ ආකෘතිය මගින් අන්තර්ගතය වෙත තල්ලූ කර ඇති බැවිනි. මෙම රජුගේ තේජස මෙම ආකෘතියේ (විරිතෙහි* එන රිද්මය මගින් මනාව තීව‍්‍ර කර ඇත. ඉහත පැදියේ ‘ර’ බොහෝ පදවල යෙදී ඇත. ‘ර’ යන්න යනු කඨොර අක්‍ෂරයකි එබැවින් මෙම පැදිය කියවන කල එහි ඇති රිද්මය තුළින් ආනන්දය හා කඨොර අක්‍ෂර බහුල වන බැවින් (නාරායණ, රුදුරු ,රුපු,රුසිරු,සතර,පැරුකුම්, රාජ රාජ* එ රජ තුළ වු දැඩි වු බලය හා තේජස මතුවන්නේ මෙහි ආකෘතිය මගිනි.
‘‘වළදින අදහසින් මෙන් සුර ග`ග අ`ගන නළ බල සසල දළ රළ පෙළ නුබ නැගෙන වෙළලස ගැවසි මුතු සක් පබළු බබළන බල මහ මුහුද එම ස`ද උතුරින් පෙනෙන’’
සාහිත්‍ය වනාහි භාෂාව පෙරබිමට කැදවීමක් ලෙස දැක්වීමටද මෙය කදිම නිදසුනකි. මෙම පැදිය දෙස අවධානය යෙමු කිරීමේදී මෙහි ආකෘතිය පිළිබ`දව ප‍්‍රථමයෙන් අවධානයක් යෙමු වේ. ආකෘතිවාදීන් තර්ක කළ ආකාරයට මෙය පිළිබ`දව හා එම භාෂාවෙන් ප‍්‍රකාශවන්නේ කුමක්ද යන්න දෙවනුව අවධානයට යොමු වේ. අදාළ අවස්ථාව ආකෘතිය තුළ වචන භාවිත කර ඇති ආකාරය මගින් මනාව සිතට නගා ගත හැක. සාහිත්‍යකරුවෙකුගේ අත්දැකීම හා ඇතැම් විට ඔහුගේ ජීවිත කථාවෙන් පවා අවබෝධ කර ගත නොහැක. සාහිත්‍ය නිර්මාණයකින් යමක් ප‍්‍රකාශ කිරීමක්ම පමණක් නොව ඒ තුළින් අත්දැකීමක් ලබා දේ. මෙම කවිය කියවීමෙන් ලබන අත්දැකීම වෙන කිසිවකින් ලබා ගත නොහැකිය. ඇතැම් විට සැදෑ යාමයේ හෝ උදේ කාලයෙහි මුහුදු වෙරළ සමීපයට යාමෙන් ද මෙම අත්දැකීම ඇතැම් විට ලැබිය නොහැක.එම අත්දැකීම මෙම අත් දැකීමෙන් වෙනස් වේ. එම නිසා සාහිත්‍ය නිර්මාණයකින් ලැබෙන අත්දැකීම එයින්ම ලැබෙන අත් දැකීමකි. පූර්වොක්ත පැදියෙහි කෙටි පද තුළ තිබෙන අනුප‍්‍රාස මගින් වෙරළෙහි ස්වරූපය කාව්‍යෝක්තියට ගැළපෙන අයුරින් අන්තර් ගතය තල්ලූ කර ඇත්තේ ආකෘතිය මගිනි.
‘‘ප‍්‍රීතිමත් මළගෙදර’’
අගනා කැටයමින් මල්කමින්
උඩු වියනින් හා පලසෙන්
විලවුනෙන් හා අරලිය මලෙන්
අලංකාරවත් පෙට්ටියක දිගා වී
තවත් එක් පියෙක් එළඹිලා
දිගු ම නින්දට - ලෝකයට මුවා වී.
ආසන්න සියවසක් දිවි ගෙවු
පියාණන් මළ පුවත
එක් කළා විසිරි සිටි
උපන් බිම ආධුනික දරු කැළත.
රේඩියොවෙත් කිව්වේ අද උදේ
බොක්කුවෙ පාලමේ දැන්වීම්
ගොක් රුහැන් සිලිසිලිය හුම්ලන
පොස්ටර් රෙදි බැනර් අහස් කුස
පරපුරක දැලි දුඹුල් තව තවත්
වැඩි වෙලා හිරු එළිය පමා කළ
නිවි නිවි දිලෙන , ඒ විදුලිකැන්
බිත්තිවල යට නොවු දිය සෙවෙල් එළිය කළ
එකතු වී කරුණ කැළ සිනාවෙන් මුවෙන්
කල් මරා කෙළි කවට කතා වැඩු
පණ නැගෙයි ප‍්‍රීතිමත් මළගෙදර
අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී
බුලත් විටකට හුනූ පුවක් එක් කරන.
හ`ඩ යන්ත‍්‍ර ගුණ ගයයි ගුවන් ගැබ
පාලි පාඨ ද මුහුවෙලා නොතේරුණු
බුදුපුත්තු දෙසති අනියතය හා ගුණ සමර
මුසා වැරු ඒ මුවෙන් පෙර සේම.
ප‍්‍රීතිමත් සැණකෙළිය වඩවමින් පැන නගියි
සුදුපැහැති වත් නිසා නිරතුරුව
වෙර වඩා වසං කළ - සත්‍යයේ ජඩ සෙළුව. (හිනිදුම සු නිල් සෙනෙවි.විරාගී මිටියාවත,51 - 52 පිටු*
සාහිත්‍ය නැමැති රචනා විශේෂයේදී භාෂාව භාවිත වන්නේ (වචනවලට විවිධ අරුත් ආරෝපණය වී* තීව‍්‍රවය. හැම කියවීමක් ල`ගම නැවතිය යුත්තේ ආරෝපිත අර්ථ මතු කර ගැනීමටය. ඇතැම් විට එක් අර්ථයක් බොද වෙමින් තවත් අර්ථයක් මතු විය හැක. ඒ අනුව සාහිත්‍ය නිර්මාණයක කොෂාර්ථයට විරුද්ධව අර්ථයක් පැමිණිය හැක. පූර්වයෙන් මෙහි ඇති නිසදැස් පද්‍යයද මෙවැනි එකකි. මෙහි ‘ ප‍්‍රීතිමත් මළගෙදර යන්නේ පැවැසීමෙන්ම එහි හරය වෙත පාඨකයා රුගෙන යයි. මළගෙදරක් ප‍්‍රීතිමත් නොවන බව සාමාන්‍යකරණය වූ සත්‍යයකි. එම නිසා මෙහි අසාමාන්‍ය දෙයකින් සාමාන්‍ය කරුණක් වෙත පාඨකයා රුගෙන යයි. මේ මගින් අන්තර්ගතය වෙත එකහෙලාම පාඨකයුා යොමු කිරීමක් සි¥ වී ඇත. මළ ගෙදරක් ප‍්‍රීතිමත් වන සැටි කවියා පවසයි. ධනවත් වු තව එක පියෙක් දිගුම නින්දට ලෝකයාට මුවාවි පත් වී සිටින බව පවසයි. මෙහි දිගුම නින්දට යන තැන විරාමයක් තැබීමෙන් කතුවරයා එහි සැබෑ අර්ථය යෙත පැමිණීමට පාඨකයාට ආරාධනා කරයි. දිගුම නින්ද නම් කෙටි නින්දක්ද තිබිය යුතුය.ධනකාමයෙන් මත්ව දුසිරිතෙන් ලෝකයේ සැමදා විරාජමාන විය හැකි යැයි අවිද්‍යාවෙන් කල්පනා කළ ඔහු අවසානයෙහි අන්තිම මුලාවට පැමිණ ඇත්තේ ලෝකයාට මුලා වීය. එනම් ලෝකයා රුවටීමට ඔහු ගත් උත්සාහයේදි අවසානයේදී රුවටී ඇත්තේ ඔහුයි. දෙවනුව ඔහු පියාණන් කෙනෙකු වූයේ ධනයෙනි. මිනිසුන් දුශ්චරිතවුන් ධනයෙන් සුචරිතවුන් කරයි. දැන් පියා ගරු කළ යුතු පියෙකි. මොහුගේ මළ ගෙදරට පැමිණියේ ආධුනික දරුවන්ය. මොහු හදුනන අය නොව ධනයට වහල් වූවන්ය. ඔවුන් ළදරුවන් සේ මිත්‍යාව වැළද ගනී. ගොක් කොළ හුම්ලන බව හා රෙදි බැනර් වැඩි නිසා බිරු එළිය උදා වීමට පමා වූ බව කියැ වේ. මෙවැනි අය ධනය කාමයෙන් දුරාචාරකම් කර ඒවා ධනයෙන් යටකර තමන් සුචරිත වුන් බවට පත් කිරීමට ගන්නා උත්සාහය හිරු නැමැති යථාථ_ය අවබෝධ වීම පමා වන බව කියැවේ. මෙම දරුවන්ගේ මව ‘මුවා වී - කුදුගැසී’ සිටින බව කියැවේ. මෙමගින් දරුවන් පසෙකට දමා තම ධනයම සාර කොට ගන්නා බව පැහැදිලි වේ. මෙහි අවසානයේ දැක්වෙන වෙර වඩා වසං කළ - සත්‍යයේ ජඩ සෙළුව යන්නේ මෙහි අන්තරගතයෙහි සාරය පාඨකයාට අවබොධ කරගැනීමට අවකාශය සළයසි. මෙවැන්නන්ට ගුණ දහම් හා සත්‍යය නිවට වු සෙළුව මෙනි. නිසදැස් කාව්‍යයනට නියමිත ආකෘතියක් ඇති අතර මෙහි එම ආකෘතිය භාවිත කරමින් අන්තර්ගතය වෙත පාඨකයා යොමු කිරීමක් සිදු කර ඇත. වෙර වඩා වසං කළ යන තැන විරාමයක් බලාපෙරොත්තු වීමෙන් සත්‍යය යට කිරීමට ඔවුන් නොගන්නා උත්සාහයක් නැති බව හා ඒ ගන්නා උත්සාහයේ ප‍්‍රබලත්වය මනාව පිළීබිඹු කරයි.
කළු ගල
ළතෙත් නැති කළ
දොස් න`ගති දන
‘‘කළු ගලක්ද හදවත ?’’
සැහැසි ආයුධ ගෙන
එවදන් බිණූ දන
අනින විට තම වතට
නැගුණු වේදනා
ක`දුලින් දියකර
නොගෙන කිසි වෙර
වතේ නෙළු බුදු පිළිමෙට
බැතියෙන් නෙතින් වැ`දගෙන
කළුගල විමසුවා
’’මා ද කළු ගල? ’’
නිසදැස්වලට ඊටම ආවේණික වු ව්‍යුහයක් ඇත. මෙම නිසදැස් පැදියේ ඊට ආවේණික වූ ආකෘතියක් පවතී. මෙහි මාතෘකාවද මෙහි ආකෘතියට හා අන්තර්ගතයට මනාව ගැළපේ. මාතෘකාවෙන් කළු හා ගල යන වචන දෙක කෙරෙහි අවධානය යෝමු වේ. කළු යන්න අපිරිසිදු බව යන්න සංකේත වන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ගල යනු ඉතා තද දෙයකි. ඒ අනුව මෙහි කියැවෙන්නේ අචේතනික දෙයක් ගැන නොව සචේතනිකත්වයක් ඊට ආරෝපණය කරමිනි. මෙම මාතෘකාව අන්තර් ගතය පිළිබ`ද යම් ඉගියක් ලබා දෙයි. ‘‘ කළු ගලක්ද හදවත? ’’ යන ප‍්‍රශ්නය මතුකිරීමත් සමග මෙහි අන්තර්ගතයේ න්‍යෂ්ටිය වෙත පාඨකයා රුගෙන යයි. මිනිස් සිතේ හා හැගීම්වල පවතින ස්වභාවය අවබෝධ කර නොගෙන ඊට පොදු නිර්වචන දීම සාධාරණද යන්න මෙහිදි මතු කරන ගැටළුවකි. මෙමගින් මෙහි න්‍යෂ්ඨිගත ගැටළුව පිළිබ`දව මෙහිදි අවධානය යොමු කරයි. මෙය ප‍්‍රශ්නාර්ථයක් සමගින් උද්ධෘත මගින් දැක්වීමෙන් පාඨකයා මෙහි නතර වී ප‍්‍රථමයෙන් විසදුමක් සෙවීම ආරම්භ කළ යුතු බවට මෙමගින් ඉගි දෙයි. අන්තර්ගතය වෙත නැඔුරු කිරීමක් පමණක් නොව එ පිළිබ`දව වන ගැටළුවෙන් පාඨකයාට ඉවත්විය නොහැකි වෙන සේ ප‍්‍රශ්නාර්ථයක් යොමුකරමින් මනස තව දුරටත් ඒ තුළ රදවා ගැනීමට සමත් වී ඇත. එසේම කවියක වචන අඩුවේන් භාවිත කිරීම යනු පාඨකයාට එම නිර්මාණය සමීපව කියවීමට ආරාධනා කිරීමකි. එම ලක්‍ෂණය මෙහි මනාව දැක්වේ. සමාජය විසින් නරක යැයි කියන මිනිසුන් තුළ යහපත් ගති නොදුටුවද ඔවුන් තුළද එවැනි යහපත් ගුණාංග දැකිය හැකි ය.මිනිසෙකු වරදකට යොමුවුවද එය ඔහු සැමදා වරදකරුවෙකු කිරීමට හේතු නොවේ. හොද නරක සිතුවිලි සිතට පැමිණිම මිනිසුන්ගේ ස්වභාවයයි. වෙර යන්න විවිධ අරුත්හි යෙදේ. මෙහිදි එය වෛර්යය යන්නට යෙදී ඇත. බුදු හිමියෝ බුදු වන්නට පෙර විවිධ වැරදි එතුමා අතින් සිදු විය. නමුත් බුදු වු පසු (යහපත් දෙයක් කළ පසු * කළු ගලෙහි කළ බුදුරුවට මිනිසුන් වදිති . එසේ කරනුයේ බැතියෙන් පමණක් නොව නෙතින්ද කරන්නක් වේ. ‘‘මා ද කළු ගල ? ’’ යන්නෙන් මිනිසුන්ගේ වැරදි මත කරණකොට ගෙන පමණ ඉක්මවා ඔහුට නින්දා නොකළ යුතුය . මන්ද යත් කෙදිනක හෝ ඔහුටද බුදු විය හැකි බැවිනි.චණ්ඩශෝක ධර්මාශෝක වූයේ මෙමලක්‍ෂණය නිසාවෙණි. මෙම අන්තරගතය මනාව පාඨක මනසෙහි සම්ප්‍රෙෂණය කිරීමට හැකි වී ඇත්තේ මෙහි ආකෘතිය ඒ සදහා මනාව පිටුවහල් වී ඇති බැවිනි.එම නිසා අන්තර්ගතය යනු ආකෘතියේ ඵලයයි.
සමාලෝචනය
සාහිත්‍යය මිනිසාගේ දියුණුවත් සමග ඇති වූවකි.එය කෙදිනක ඇති වූයේ දැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැක. නමුත් මිනිසාගේ චින්තන ශක්තිය දියුණු වීමත් සමග එහි ශීඝ‍්‍ර වර්ධනයක් සිදු විය. සාහිත්‍යයෙහි විෂය පරාෂය පුළුල් වීමට ලෝකයේ විද්‍යාත්මක දියුණුවද ඍජුව බල පා ඇත. සාහිත්‍යය දියුණු වීමත් සමග සාහිත්‍ය විචාර න්‍යායන් බිහි විය. මෙවා පෙරදිග හා අපරදිග වශයෙන් සැළකිය හැකි වුවද මෙම න්‍යායන් පොදු වශයෙන් සෑම සාහිත්‍ය නිර්මාණයක්ම පාහේ විචාරය කිරීමට හැක. සාහිත්‍ය යන්න හැදින්වීමේදි විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. ඒ අතර සාහිත්‍ය භාෂාව පෙරබිමට කැදවීමකි, සාහිත්‍ය භාෂාවේ සමෝධානයකි , සාහිත්‍ය ප‍්‍රබන්දාත්මක රචනයකි හා සාහිත්‍ය සෞන්දර්ය වස්තුවක් ලෙසද හැදින්වෙන නිර්වචන ප‍්‍රධාන ස්ථානයක් ගනී.
සාහිත්‍ය විචාර න්‍යායක් වශයෙන් අකෘතිවාදය විසිවන සියවසේ රුසියාවේ හා යුරෝපයේ බිහිවිය. නමුත් පැහැදිලිව ප‍්‍රකාශ කළ හැක්කේ ආකෘතිවාදය පිළිබ`දව න්‍යායක් මෙකල ඇතිවුවද ආකෘතිවාදීන් සදහන් කළ ආකෘතික ලක්‍ෂණ පිළිබ`දව පෙරදිග සාහිත්‍ය කරුවන් මනා අවබොධයකින් සිටි බව කාව්‍යාදර්ශය , වෘත්තරත්නාකරය වැනි කෘති දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ.
අන්තර්ගතය සේම ආකෘතියද ඔවුන් වැදගත් කොට සළකා ඇත.
විසිවන සියවසේ මතුවු ආකෘතිවාදය සාහිත්‍ය විචාරයේ විප්ලවීය වෙනසක් ඇති කළේය. මෙය යුරෝපයේ ඇති වීමට පෙර සාහිත්‍ය කෘතියක වටිනාකම තීරණය වූයේ අන්තර්ගතය මතයි. සාහිත්‍ය කෘතියකින් ලබා දෙන පණිවිඩය වැනි කරුණු මත සාහිත්‍ය කෘතියේ විටිනාකම තීරණය විය. නමුත් ආකෘතිවාදයත් සමග මෙය වෙනස් විය. මොවුහු සාහිත්‍යය නිර්වචනය කරීම අන්තර්ගතයේ සිට ආකෘතියට ගෙන ආවෝය. එයින් ආකෘතිවාදීන් අන්තර්ගතය නොසලකා හැරියා යැයි අදහස් නොවන අතර ඔවුන් අවධාරණය කළේ සාහිත්‍යයේ ආවේණික වු කියන විදිය කියන්නේ කුමක්ද යන්න තරමට වැදගත් බවයි. එක දෙයක් විවිධ සාහිත්‍ය ක‍්‍රම යොදාගෙන කිව හැකි බැවින් මොවුන් ආකෘතිය මුල් කරගෙන සාහිත්‍ය නිර්වචනය කිරීමට උත්සාහ කළේය. මෙම ආකෘතිවාදින් අතර ප‍්‍රකට වාග් වේදීන් වූ බැවින් වාග් විද්‍යවේ බලපෑම මෙයට ඍජුව එල්ල වී ඇත.
සාහිත්‍යයක හා නිර්-සාහිත්‍යයික රචනාවක භාෂාව භාවිත වන ආකාරය වෙනස් වේ. සාහිත්‍ය නොවන රචනාවකින් යමක් කියන අතර සාහිත්‍ය රචනාවකින් යමක් කරයි. ආකෘතිවාදීන්ට අනුව අන්තර්ගතය යනු ආකෘතියේ ඵලයයි. යම් සාහිත්‍ය නිර්මාණයක් කියැවීමෙන් අපට ලැබෙන කියැවීම් අත්දැකීම් එය කියා තිබෙන විධියෙන් වෙන් කළ නොහැකි වේ. සාහිත්‍ය නිර්මාණයක ආකෘතියට අනුව යොදන වචන ඒ ඒ අවස්ථාවනට අනුව විවිධ අර්ථ ගනි.ඇතැම් විට එය කෝෂාර්ථය ඉක්මවා පවතින්නක් විය හැක. එය තිරණය වන්නේ ආකෘතියට අනුවය. යම් සාහිත්‍ය නිර්මාණයක අන්තර්ගතය කිව යුතු ආකාරය අනුව ආකෘතිය ද වෙනස් වේ. පද්‍යයෙන් , ගද්‍යයෙන් හා නිසදැස් මාර්ගයෙන් රචනා වන්නේ මෙම අවශ්‍යතාවට අනුවය . එයද අන්තර්ගතය අනුව වෙනස් වේ. ප‍්‍රශස්තියක් කිව යුතු තැන්හිදි එහි අර්ථයට වඩා රිද්මයට ප‍්‍රමුථස්ථානයක් දෙනු ලැබේ. ගාම්භිරත්වයක් ලිව යුතු තැන්හිදි රළු අක්‍ෂර එහික අනුප‍්‍රාස යෙදිම වැනි උපක‍්‍රම භාවිත වන්නේ අන්තරගතය පැවසීමට ආකෘතිය අනිවාර්ය සාධකයක් වන බැවිනි. මේ අනුව ආකෘතිය හා අන්තර්ගතය අතර මනා අන්තර්පෝෂණ සබ`දතාවක් තිබීම සාහිත්‍ය නිර්මාණයක් සාර්ථක විමට ඉවහල් වේ.
ඇසුරු ගත් නම්වැල
අමරවංශ ,කොත්මලේ . (සංස්.* සිංහල සාහිත්‍ය ලතා . කොළඹ 10 : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ ,1968 .288
කාව්‍යාදර්ශය , පරිවර්තක . වැලිපිටියේ පේමරතන සහ හල්ගස්තොට දේවානන්ද .කොළඹ 10 : සමයවර්ධන පොත්හල(පෞද්ගලික සමාගම* ,2001 .
මෛත‍්‍රිපාල , මා. (සංස්.* පැරුකුම්බා සිරිත . කොළඹ 10 : රත්න පොත් ප‍්‍රකාශකයෝ ,2005 .
ලක්මාලි , යනූෂා. බි`ද වැටුණු කැණිම`ඩල කොළඔ 08 : සදීපා ප‍්‍රකාශන මන්දිරය , 2010 .
විද්‍යාචක‍්‍රවර්තීන් විසින් කළ අමෘතාවහ නම් වූ බුත්සරණ , කොළඹ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ , 2006 .
වෙඩිවර්ධන,මංජුල. මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි කොළඹ 10 : සූරිය ප‍්‍රකාශකයෝ 2010 .
සුමනජොති , දෙගම්මැද. (සංස්.* සැළලිහිණි සන්දේශය . 1957
විද්‍යුත් මුලාශ‍්‍ර
යඑඑචථරැුරැුප්මරුැබජමඒව්රගිමසඑැ101ගජදපරැුකසඑැර්රහ-එයැදරහ-එයැ-ජය්ර්ජඑැරසිඑසජි-දෙ-රමිිස්බ-දෙරප්කසිප-්288314
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment