UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ප‍්‍රබන්ධ කථාවන්හි චරිතයන් හඳුනාගැනීමෙහිලා මනෝවිශ්ලේෂණීය කතිකාවතක්

Thursday, December 12, 2013

ප‍්‍රබන්ධ කථාවන්හි චරිතයන් හඳුනාගැනීමෙහිලා මනෝවිශ්ලේෂණීය කතිකාවතක්

ප‍්‍රබන්ධ කථාවන්හි චරිතයන් හඳුනාගැනීමෙහිලා මනෝවිශ්ලේෂණීය කතිකාවතක් මනෝවිද්‍යාවට අනුව මිනිසාගේ සවිඤ්ඤාණික හා අවිඤ්ඤාණිික මනස පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරනුයේ මනෝවිද්‍යාව ම`ගිනි. පසුව මෙය මනෝවිශ්ලේෂණවාදී සාහිත්‍යයක් සඳහාද ප‍්‍රවේශ වීම සිදුවිය. නූතන මානවයාගේ ගූඪ යථාර්ථය සොයාගැනුමෙහිලා ඉන් ඉමහත් මෙහෙයක් සැලසිණි. මෙහිදී මනෝවිශ්ලේෂණවාදයේ පියා ලෙසින් හඳුන්වනු ලබන සිග්මන් ෆ්‍රොයිඞ් මිනිස් මනස කොටස් තුනකින් යුක්තව අධ්‍යයනය කළේය. මෙය සාහිත්‍යය සඳහා ඉවහල් වනුයේ නිර්මාණකරුවාගේ විඤ්ඤාණ ධාරාව තේරුම් ගැනීම සඳහාය. එහිදී මිනිසාගේ භාවගත ආශාවන්, භින්නපරත්වාරෝපිත හැඟීම්, අතිශය සංකීර්ණ මානුෂීය හැඟීම් ආදිය තේරුම් ගැනීමෙහිලා මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය ප‍්‍රයෝජනවත් වේ. නවකතාව හා සම්බන්ධව මෙම කාරණාව ධාරණාවක් වනුයේ ප‍්‍රබන්ධ චරිතයන්ගේ අතිශය සංකීර්ණ මානසික හැ`ගීම් දැනගැනීම සඳහාය. යම් ප‍්‍රබන්ධකරුවෙකු ස්වකීය නවකතාවක චරිතයන් භෞතිකමය වශයෙන් දක්වයි නම්, එයින් සැබෑ ජීවිතය පලායන්නේය. එහෙත් නූතනයේ ලියැවෙන මනෝවිද්‍යා නවකතාවන් එකී කාරණාවෙන් පරිබාහිරව සැබෑ මානුෂීය ලක්ෂණයන් විග‍්‍රහ කරන බව කිව හැකිය. නවීන මනෝවිද්‍යා නවකතාවන්හිදී චරිත මාර්ගයෙන්ම කතුවරයාගේ මනසෙහි නිර්මාණය වන චින්තන ධාරාව ගෙනහැරපෑම දැකිය හැකිය. මේ හේතුවෙන් නූතන මනෝවිද්‍යා නවකතාව නිශ්ශබ්දතාවේ අන්තර්භාෂණය වශයෙන්ද හඳුන්වනු ලැබේ. ප‍්‍රබන්ධකථාවන්හිදී කතාකරුවා කරනුයේ චරිතයන් බාහිර ලෝකය සම`ග ගැටෙන විටදී ඇතිවන හැඟීම් ආදිය එකී චරිතයන්ගේ අන්තර්භාෂණය මාර්ගයෙන්ම ප‍්‍රකාශ කිරීමය. එහිදී ඇතැම්විට අතිශය සංකීර්ණ මානසික හැ`ගීම් ආදිය විෂය කරගනී. එබැවින් මනෝවිද්‍යාත්මක නවකතාවන් මාර්ගයෙන් බලාපොරොත්තු වනුයේ නූතන මානවයාගේ භින්නපරත්වාරෝපිත ආත්මයේ දුඃඛාන්තය, ආසක්ත ජටිලතාව, ආත්මීය ක‍්‍රෑරත්වය, අවිඤ්ඤාණය හා ආධ්‍යාත්මික ප‍්‍රාර්ථනාදිය ගෙනහැරපෑම බව කිව හැකිය. මේ කාරණාවන් හා සම්බන්ධව ප‍්‍රබන්ධ චරිත හරහා විමසීමෙහිදී මනෝවිශ්ලේෂණීය සාහිත්‍ය කතිකාවත පාඨකයාට ප‍්‍රයෝජනවත් වේ. මෙහිදී එකී මානසික අංශයන් රැුගත් ප‍්‍රබන්ධ චරිතයන් කිහිපයක් මනෝවිශ්ලේෂණීය ආකාරයෙන් කතුවරයා විසින් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විමසා බැලේ. තාරකා වාසලමුදලි ආරච්චිගේ ‘කළු’ නවකතාව කළු නවකතාව වනාහි නූතන මිනිසාගේ සංකීර්ණ මානසික හැඟීම් ප‍්‍රකට කරමින් ලියන ලද්දකිි. කතුවරියගේ විඤ්ඤාණ ධාරාව ප‍්‍රකාශ කරනුයේ ‘‘චේති’’ නම් චරිතය හරහාය. මෙහිදී කළු යන නාමමාත‍්‍රයම චේතිගේ ජීවිතයේ ඇති දුඃඛිත පක්ෂය හා සංකීර්ණ මානසිකත්වය එළිදක්වයි. ජීවිතයේ ඇය බලාපොරොත්තු වූ සියල්ලම නොසිතූ අයුරින් විසඳීමම දෛවයේ උරුමයක්දැයි විටෙක සිතේ. මනෝමය වශයෙන් ගත්කල චේතිගේ ඉච්ඡුාභංගත්වය හා ඉන් ඇය විඳින පීඩාව නවකතාව පුරාවටම කතුවරිය ඉදිරිපත් කරයි. මෙය විටෙකදී මනෝවිශ්ලේෂණවාදයේම කොටසක් වන සාන්දෘෂ්ටිකවාදීචරිත නිරූපණයකැයිද සිතේ. එයට හේතුව සාංදෘෂ්ටිකවාදයේ අරමුණ වනුයේද මිනිස් හදවත විවරණය කිරීම බැවිනි. එහිදී ඔවුන්ද බලාපොරොත්තු වන්නේ මිනිසාගේ නිදහස, කැමැත්ත හා වගකීම් යනාදි සංකල්පනාවන් සර්ව සාධාරණ මානුෂීය චේෂ්ටාවකින් ඉදිරිපත් කිරීම වන බැවිනි. චේතිගේ චරිතය වනාහි අතිශයින්ම පීඩාවට පත්වනුයේ ඇයට ලැබිය යුතු වූ ආදරය, කරුණාව හා ඇගේ සිතුම් පැතුම් හඳුනාගත හැකි කිසිවකු නොමැති වීමෙනි. මෙහෙයින් ඇය සිය ජීවිතයේ හුදකළාව විසීමටත් සිතින් ස්වකීය මානසික හැඟීම් සන්තර්පණය කර ගැනීමටත් යොමු වී සිටීම දැකිය හැකිය. ඒ කාරණාව සම්බන්ධයෙන් චේතිගේ චරිතය අභ්‍යන්තර මනෝභාෂණය (කසබඑරසදර පදබදකදටමැි* හා සිහින ස්වරූපී බස්වහර වෙතින් ඇගේ චරිතයෙහි මනෝවිශ්ලේෂණීය පැතිකඩක් නිරාවරණය කරගත හැකිය. තවද, චේතිගේ චේතනාවන් සිත තුළම පැවතීම හා ඇගේ යටිසිතෙහි අදහස් මාර්ගයෙන් නිශ්ශබ්දතාවේ අන්තර්භාෂණය ප‍්‍රබන්ධකරුවා ඇගේ චරිතය හරහා සපුරාගන්නා බවක් දැකිය හැකිය. ඉච්ඡුාභංගත්වය හමුවේ ඇයට තම මවගේ නියම දරු සෙනෙහස නොලැබීම, තම උපාධිය සපුරාගත්තද රැුකියාවකට දිගටම යා නොහැකිවීම, ඇගේ කැමැත්ත පරිදි නියම ආදරය ධනුෂ්කගෙන් නොලැබීම, අකමැති විවාහයක් සිදුකර ගැනීම, නැන්දම්මාගේ කෙණෙහිලිකම් හමුවේ ඈ විඳි අපහසුතාව, සැමියාගෙන් නියම ආදරයක් හා පිළිගැනීමක් නොලැබීම යනාදිය චේතිගේ කළු පක්ෂය පෙන්වන කාරණාවෝය. මේ සියල්ල අභිභවා ඇයට තම විවාහ ජීවිතය වහලියක මෙන් ගෙවීමට සිදුවීම අතිශය පීඩාවක් ගෙනදෙන කාරණයක් විය. එසේ දිවි ගෙවන සැම අවසථාවකදීම ඇගේ සිත විවිධ මානසික හැ`ගීම් ඔස්සේ කලහකාරිත්වයෙන් ඔද්දල් විය. මෙලෙසින් පැවති ඇගේ පීඩිත මානසිකත්වය නිදහස සොයා ගියේ නිදිපෙති පානය කර ජීවිතයේ ඇය සොයන සැනසීම ලබා ගැනීමටය. චේති නිදිපෙති බීම වනාහි මානසික ඝට්ටනයේ උග‍්‍රතම අවස්ථාවයි. එසේම, මහානාම ගිනිගේ වන ඇගේ සැමියාගේ පරපීඩිත කාමුකත්වයද ඇයට ස්වකීය ජීවිතය එපාවීමට හේතුවක් වූවා විය හැකිය. මෙලෙසින් ජීවිතය හානි කර ගැනීම මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව ජීවිතයේ අප‍්‍රසන්නතාව හෝ සාංකාව (්බැංසඑහ* හේතුවෙන් ඇතිකරවන අවධානය ම`ගහරවා ගැනීමකැයි කිව හැකිය. එ් යමෙකුගේ දිගින් දිගටම පවත්නා ඉච්ඡුාභංගත්වය නිසා ඇතිකරවන පීඩනය සියදිවි හානිකර ගැනීමේ ක‍්‍රියාවලිය දක්වා ඉදිරියට යෑම හේතුවෙනි. මනසෙහි අංශද්වයක් වන විඤ්ඤාණය (ජදබිසදි* හා අවිඤ්ඤාණය (මබජදබිසදි* යන කොටස් දෙකින් ෆ්‍රොයිඞ් පෙන්වා දෙන ආකාරයට සියදිවි හානි කර ගැනීම සඳහා බලපානුයේ අවිඤ්ඤාණය ඇතිවන සොම්නස් නියාමයයි (චකැ්ිමරු චරසබැචක*ග මෙය විඤ්ඤාණයේ ඇතිවන සහජ ශක්තියක් වන අතර එම`ගින් විනාශකාරිත්වය හෙවත් විභව ආශය (ාැ්එය ෂබිඑසබජඑ* ඇතිකරවන බලපෑම නිසා බව කිවහැකිය. මෙම කාරණාව මාර්ගයෙන් මනෝවිශ්ලේෂණීය වශයෙන් පුද්ගලයා ස්වකීය ගැටලූ විසඳා ගැනීමට යාම කළු නවකතාවේ එන චේතිගේ ක‍්‍රියාකලාපය ම`ගින් එවන් දෙයක් ඇතිවුණා යැයි ප‍්‍රබන්ධකරුවා නොපෙන්වයිද? තවදුරටත් මනෝවිද්‍යාඥයෝ මේ කාරණාව අංශ හතරක් ඔස්සේ පෙන්වාදෙති. 1ග ආක‍්‍රමණශීලිත්වය 2ග අවරෝධනය 3ග ප‍්‍රක්ෂේපණය 4ග ප‍්‍රතිවර්තිත යනුවෙනි. මේ කාරණාවන් මත චේතිගේ චරිතයද සංකීර්ණ මානසික අවපීඩනයකට ලක්වීමට ඉහතින් කී පරිදි ඇය මුහුණ දුන් සිදුවීම් හරහා ප‍්‍රකට වේ. එහිදී ඉහත කාරණාවන්ගෙන් ඇය එක් අවස්ථාවක් කරා යොමු වූ බවක් දැක්විය හැකිය. ඇය නිදිපෙති බීම වනාහි ඈ සොයන ලද ඉහතින් සඳහන් කළ එක් පියවරකැයි කිව හැකිය. මෙහිදී තවත් අවස්ථාවක චේති ඇගේ සැනසීම සඳහා පොත්පත් කියවීමට යොමුවීමද එක්තරා අන්දමට සංකීර්ණ මානසික සිතැඟි හෙළි කිරීමකි. එකී අවස්ථාව ප‍්‍රබන්ධකරුවා නිර්මාණය කරනුයේ මෙසේය. ‘‘ මම ඉවසීමෙන්ද කියවීමෙන්ද සැනසීම ලැබුවෙමි. ගිනිගේ එය නුරුස්සයි. ඔහු විසින් පාරනු ලැබූ තුවාල වේලෙන තෙක් මම පොත්වල ඇති ලෝකවල සැරිසැරුවෙමි. පොත්කඳු අතරේ හුදකලාවේ හති ලෑවෙමි. විටෙක මම ‘‘එඅද අදපැබ’’ හි සිසාරාවීමි. යුද සමයේ කෑමක් බීමක් නැතිව අශ්වයින්ට දෙනු ලැබූ බෝන්චි ඇට බාගෙට තම්බාගෙන කමින් කඳුකරයේ කුඩා බිම් පළාත්වල සැ`ගවී සේසිරලා සේ ජීවත් වීමට මම ප‍්‍රිය කළෙමි.’’ මෙලෙසින් මනස විවිධ අරමුණු කරා දිව යෑම මනෝවිශ්ලේෂණයේ සඳහන් වන්නේ සංරක්ෂණශීලී පියවරක් ලෙසිනි. මෙම සංරක්ෂණ ප‍්‍රයෝග :ාැෙැබජැ පැජය්බසිප* පෙන්වා දෙන්නේ පුද්ගලයා බාහිර අභ්‍යන්තර බලපෑම් මත හටගන්නා ඉච්ඡුාභංගත්වය :රෙමිඑර්සදබ* ම`ග හරවා ගැනීමට ගනු ලබන පියවරක් වශයෙනි. සටන් කිරීමේ ප‍්‍රයෝග, පලායාමේ ප‍්‍රයෝග හා ආදේශ කිරීමේ ප‍්‍රයෝග යනුවෙන් එහි අවස්ථා තුනක් පෙන්වා දෙයි. තවද, මනෝවිශ්ලේෂකයන් දක්වන මෙම සංරක්ෂණශීලී ප‍්‍රයෝග අතර ප‍්‍රභේද දෙකක් ඔවුහු පෙන්වා දෙති. එනම්, උත්කර්ෂණය (ිමඉකසප්එසදබ* හා හානිපූරණය (ජදපචැබි්එසදබ* යන කාරණාවන් වශයෙනි. කෙසේ හෝ ඉච්ඡුාභංගත්වය හේතුවෙන් පුද්ගල මනස ඉන් මිදීමට වෙනත් අංශයක් කරා යොමු වීම මනෝවිද්‍යාවට අනුව ඇතැම්විට ජීවිතයේ හානිදායක හෝ ආරක්ෂාකාරී පියවරක් විය හැකිය. මෙහිදී ප‍්‍රබන්ධකරුවා එකී අවස්ථා දෙකටම චේතිගේ චරිතය යොදාගැනෙන බව කිව හැකිය. ඒ ඇය විසින් ප‍්‍රථමයෙන් නිදි පෙති බීමත් තවත් විටෙකදී පොත්පත් කියවීමත් යන අවස්ථාවන්ය. මෙය ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂකයන් දක්වනුයේ ස්වීයත්වය හෝ චර්යාවෙහි අඩුවක් වසා ගැනීමක් ලෙසිනි. මනෝවිද්‍යා නවකතාවල ප‍්‍රකට ලක්ෂණයක් වන ප‍්‍රදීපක්ෂණ න්‍යායද කළු නවකතාවෙහිලා දැකිය හැකිය. ඒ චරිතයක් බාහිර සාධක හමුවේ ගැටෙන විටදී සංකීර්ණ මානසික හැඟීම් ආදිය ඉස්මතු කර ඉන් මිනිස් මනසෙහි ඇති සංකීර්ණත්වය හා ගූඪත්වය පෙන්වාදීමේ ලක්ෂණයයි. මෙසේ ඇගේ මනසට නිතර වධ දෙන කාරණා වනුයේ චේතිගේ දරුවා නැතිවීම, ඇයට තම සැමියාගෙන් වන විපත් නිතර සිහිපත්වීම, උමතුබව සඳහා ඇගේ මව බෙහෙත් දෙන අවස්ථාවන්හිදීද මවාගත් ධනුෂ්කගේ මතකයක් නිතර ඇයව සුවපත් කිරීම යන අවස්ථාවන්හිදීය. කෙසේ හෝ චේතිගේ සිත ලද මානසික අසහනය මත ඇති මානසික පීඩනය, මව බෙහෙත් පෙවීමට එන අවස්ථාවන්හිදී ඇය එරෙහි වීමෙන් මනාව ප‍්‍රකට වේ. ‘‘ අම්මා පසුපසින් කලබලයෙන් එනු මට දැනේ. මගේ සිත ඇය තේරුම් නොගන්නේ ඇයි? මට දැනෙන හැෙ`ගන දේ ඈට නොහැෙ`ගන්නේ ඇයි? නිදහස පිස්සියක ලෙස මට සලකනවාට මා අකමැති බව ඇයට නොවැටහෙන්නේ ඇයි? මටද සාමාන්‍ය ජීවිතයක් වුවමනා බව ඇයට නොතේරෙන්නේ ඇයි? ගිනිගේ සම`ග ගෙවූ ජීවිතය මීට වඩා හොඳද? මා සාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවූ ජීවිතය අසාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවන මේ ජීවිතයට වඩා හොඳ නොවේද?’’ ප‍්‍රබන්ධකතාකරුවා ඉතා සංකීර්ණ මානුෂීය හැ`ගීම් සමුදායක් මෙහිදී ගෙනහැර දක්වන්නේය. චේතිගේ විඤ්ඤාණ ධාරාවෙහි මතු වූ සංකීර්ණ මානසික ලක්ෂණ ඇය විඳින තීරණාත්මක අවස්ථාවක් ම`ගින් ඇයගේ අතීත අත්දැකීම් හා අනාගත අපේක්ෂා ආදියෙන් පෘෂ්ටිමත් කරමින් බාහිර පරිසරය එකී මොහොතට උචිත ලෙසින් නිර්මාණය කිරීම කෙතරම් විශිෂ්ටද? මෙම මතය වනාහි සාන්දෘෂ්ටිකවාදී අදහස් සම`ගද සමගාමීව ව්‍යාප්ත වන බව කිව හැකිය. සාර්තේ නම් මානව විද්‍යාඥයාගේ අදහසට අනුව මානවයා යනු වර්තමානයේ ජීවත්වන හා විටෙක අනාගතයේද ජීවත්වන්නට හැකි අයෙකි. මෙම අදහස චේතිගේ චරිතය හා සම්බන්ධ වනුයේ ඇය විටෙක අතීත සිතුම් හා අනාගතය අතර දෝලනය වන මනෝමය චේෂ්ටාවන්ගෙන් දිවිගෙවීම හේතුවෙනි. එබැවින් සාන්දෘෂ්ටිකවාදී මනෝවිශ්ලේෂණය ම`ගින් දක්වන පුද්ගල නිදහස හා සන්තෘෂ්ටිය ස්ථාපිත කිරීම වනාහි චේතිගේ චරිතය හරහාද කතුවරයා පාඨකයා වෙත ගෙන එනු ලබන සංකල්පීය අදහසකැයි කිව නොහැකිද? එබැවින් මිනිසාව අපේක්ෂා භංගත්වයට පත්කරවන සමාජ සංස්ථාවන් සියල්ල මිනිසාගේම අයහපතත් සලස්වන බවද එය වනාහි මානවයාගේ සීමා හා මනුෂ්‍ය දුඃඛය සඳහා ඉවහල් වන බවද කිව හැකිය. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයට අනුව චේතිගේ චරිතය සොම්නස් නියාමයට සාපේක්‍ෂ බවක් දැකිය හැකිය. එනම්, ඇගේ චරිතය නිරන්තරයෙන් විනිවිද යන අවස්ථාවන් දක්වන නිසාවෙනි. ඇගේ උපවිඤ්ඤාණය තුළ නිරන්තරයෙන් තම දරුවාගේ කළලය නිසා දිවිගෙවීමට සිතිම, මවාගත් ධනුෂ්කගේ ආදරයක් නිරතුරුව ඇයව සුවපත් කරනු ලැබීම ආදි මානුෂීය හැඟීම් එවන් අවස්ථාවන්ය. එනම්, මනෝවිද්‍යාවට අනුව මෙය පුද්ගලයකුගේ අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණ :පදඑසඩ්එසදබ* යටතේ නොදැනුවත්වම පාලනය කරනු ලබන විවිධ පේ‍්‍රරණයන් තිබිය හැකිය. එකී අවස්ථාවේදී පාඨකයා නොදැනුවත්වම එම අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණ ම`ගින් පාලනය කරනු ලබයි. ප‍්‍රබන්ධකතාකරුවා චේතිගේ උක්ත අවස්ථාවන් හමුවේ පෙන්වා දෙනුයේද එබ`දු අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණයක් යැයි සිතේ. එසේම චේතිගේ චරිතය ඇයගේ සංකීර්ණ මානසික ක‍්‍රියාවලිය මාර්ගයෙන් නිරන්තරව යමක් ගොඩනගාගෙන විඤ්ඤාණය ප‍්‍රීණනය කිරීමෙහිලා රුචිකත්වයක් දක්වන බව කිව හැකිය. එහෙත් ඇගේ චරිතය විටෙකදී යමක් විනාශ කිරීමෙහිදීද තෘප්තිමත් වන අයුරු දැකිය හැකිය. ඇය ස්වකීය ජීවිතය විනාශ කර ගැනීම, මහනාම ගිනිගේ වන තම සැමියාගේ මරණය කැමතිවීම, තමන්ට දෙන බෙහෙත් තරහින් ප‍්‍රතික්ෂේප කිරීම යනාදි කාරණාවන් එකී මානුෂීය හැඟීම් ලෙසින් දක්වන්නට හැකිය. මෙලෙසින් භවාංග චිත්තය අවිඤ්ඤාණිකව හෝ සවිඤ්ඤාණිකව සතුට කුමන හෝ ආකාරයකින් සොයාගෙන යාම ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදීන් පෙන්වා දෙන්නේ කාරණාවන් තුනක් යටතේය. 1ග රාගය හෙවත් කාමාසාව :කසඉසාද සබිඑසබජඑ* 2ග ආත්මාරක්ෂාව හෙවත් භව ආශාව :ැටද සබිඑසබජඑ* 3ග විනාශකාරිත්වය :ාැ්එය සබිඑසබජඑ* හෙවත් විභව ආශ‍්‍රය යනුවෙනි. මෙම නියමයන්ට අනුව චේතිගේ මානසිකත්වයද යමක් විනාශ කිරීමෙන් හා ගොඩනැංවීමෙන් මනෝමය වින්දනයක් ලබන බව කිව හැකිය. වරෙක චේතිගේ මුවින් ප‍්‍රකාශ වන අදහසක් ගෙන බැලීමේදී පෙනී යනුයේ මිනිසාගේ සීමා බන්ධනයන් හමුවේ රුචි දෙය නොලැබීයාම හේතුවෙන් අතෘප්තියකින් පෙළෙන බවය. ‘‘ ජීවිතය යනු කුමක්ද? තමන් ඉල්ලා නොගත් ජීවිතය, තමාට කිසිවක් නොදෙන ජීවිතය. ඉල්ලනදේත්, පතනදේත් ඈත් කරවන ජීවිතය, බල්ලෙක් කපුටෙක්ගේ ජීවිතයට තරම්වත් නිදහසක් නැති ජීවිතය.’’ චේතිගේ චරිතයද සමාජය හමුවේ කළකිරීමට පත්වූ නිසා ඉච්ඡුාභංගත්වයට ලක්වී ඇතිබව කිව හැකිය. ආගමික, දාර්ශනික, අධිපතිවාදය හා දේශපාලනික අපෝහන භෞතිකවාදය ආදි බන්ධනයන් හමුවේ දුඃඛිත තත්ත්වය කරා ඇදදමන බව චේතිගේ චරිතය හමුවේ කිවහැකි නොවේද? මෙහිදී පාඨකයා විමසනුයේ එවන් පීඩනයක් හේතුවෙන් මානුෂීය වූ ආත්මයේ භින්නපරත්වාරෝපිත දුඃඛාන්තය හෙලිදරව් කිරීමක් ප‍්‍රබන්ධකරුවා චේතිගේ චරිතය හරහා බලාපොරොත්තු වූවාදැයි විමසීමය. එනම්, චේතිගේ චරිතය මේ හේතු නිසාවෙන් හීනමානී අදහස් වලිින් යුක්තව රෝගාතුර වූ බවක් කිව හැකිය. මෙලෙසින් කළු නවකතාවේ ප‍්‍රධාන චරිතය වන චේතිගේ මාර්ගයෙන් අතිශය සංකීර්ණ වූ මානුෂීය හැ`ගීම් සමුදායක් නිර්මාණය කිරීම අරමුණු කොටගෙන ඇතිබව පෙනේ. එබැවින් මනෝවිශ්ලේෂණීයව එකී චරිතය විවරණය කර ගැනීමට හැකියාව සැලසේ. මෙම කාරණාවන් හමුවේ නූතන මිනිසාගේ භවසත්තාවාදී ස්වසන්තානගත ජීවිතය චේතිගේ චරිතය හරහා දක්වන බව ඉඳුරාම කිව හැකිය. නූතනයේ දිවිගෙවන මිනිසාගේ නුදුටු ආත්මයේ නොදකින දුඃඛාන්තය හා වත්මන් චේතිලාගේ මානුෂීය අසරණභාවය විනිවිද ගිය චරිත නිරූපණයකැයි කිව හැකිය. පිස්සියක ලෙසින් හංවඩු ගසනු ලැබූ චේතිගේ චර්යාවන් ඇයට අනුව සාධාරණ නොවේද? ඇයගේ අසාමාන්‍ය හැසිරීම් නිසාවෙන් සමාජය ඇයව පිස්සියක ලෙසින් සලකයි. එහෙත් චේතිගේ අධ්‍යාත්මය වනාහි ඇයව ජීවත් කරවන සිතිවිලි හමුවේ පිස්සියක් නමැති ලේබලයෙන් කවදානම් ගැලවීමක් ලැබේද? මෙහිදී නවකතාකාරිය චේති නම් චරිතය පිස්සික වුවද ඇය සිහි නුවණින් සිටි සමයේදී හා ඇය අසනීප වූ පසුවත් මනසෙහි ඇතිවන සංකීර්ණ සිතිවිලිි කෙරේ දක්වන සාධාරණීකරණය කෙතරම් දුරට හද සසල කරවයිද? මෙලෙසින් සමාජය කොන් කළ අසම්මත චරිතයක් හමුවේ කතාකරුවා ඉතා ගැඹුරු මනෝවිශ්ලේෂණයක් කරමින් ඔවුන්ගේ යථාර්ථය හෙළිකරීමේ පරමාර්ථය සාධනය කළද ඒ සඳහා සමාජ සාධාරණයක් කවදා කා විසින් ඇයට ලබාදෙයිද? කතුවරිය අසන කාරණාව හා අවධාරණය කරනු ලබන විඤ්ඤාණ ධාරාව එය නොවේද? කළු නවකතාවෙහි ධනුෂ්කගේ චරිතය. කළු නවකතාවෙහි එන ධනුෂ්කගේ චරිතය විප්ලවකාරී ස්වභාවයක් ගත් විශ්වවිද්‍යාලයීය සිසුවෙකුගේ ස්වරූපය නිරූපණය කරයි. ඔහුගේ චරිතයද දේශපාලනිකව හා මානවවිද්‍යාත්මකව පාඨකයාට විමසා බැලිය හැකිය. එහිදී ධනුෂ්කගේ චරිතය කතාකරුවා විකාශනය කරනුයේ මාක්ස්වාදී අරගලය කරපින්නාගත් සමාජ සාධාරණය වෙනුවෙන් නායකත්වය ගෙන ජීවිතය වුවද ඒ සඳහා කැපකිරීමට උත්සාහ දරන්නෙකු ලෙසිනි. මෙලෙසින් කෙතරම් දුරට පීඩිත පංතියේ අරගලය වෙත කෑගැසුවත් ඔහු තුළ පවතින්නා වූ සැබෑ මානුෂීය චේෂ්ටාවන් පිළිබ`ද මනෝමය පැතිකඩකින් බලනවිටදී එහි යථාර්ථය විමසා බැලිය හැකිය. මතුපිටින් බලන කල ධනුෂ්කගේ ජීවිතය සැබෑ සර්වසාධාරණ වූ පුද්ගල චරිතයකැයි යමෙකුට සිතෙන්නට පිළිවන. එහෙත් ඔහුගේ එකී අධ්‍යාත්මගත චෛතසිකයන්ගේ හා භාවගත ලාලසාවයන් තුළ ඇත්තේ වෙනත් ස්වාර්ථාභිසාධනීය වූ මනෝචේතනාවෝය. සමාජ විද්‍යාවට අනුව මෙය ස්වාර්ථකාමය, පරාර්ථකාමය හා අනෝමීයතාව ලෙසින් හඳුනාගැනේ. සැබෑ ධනුෂ්කගේ මානසිකත්වය නිරූපණය වනුයේ චේති ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමකදීය. ‘‘ මට ඕන කලාකාරයෙක් වෙන්න, ‘‘නෑ ධනු ඔයාට ඕන කලාකාරයෙක් වෙලා ඊට පස්සේ ජනප‍්‍රියවෙලා ඊටත් පස්සේ දේශපාලඥයෙක් වෙන්න. ‘‘බාගයක් හරි බාගයක් වැරදියි හැබැයි.....’’ පරාර්ථකාමිත්වය කරපින්නා ගත් ධනුෂ්කගේ සැබෑ යථාර්ථයේ මායාව මනෝවිශ්ලේෂණීයව යම් අදහසක් ගෙනහැර බැලිය හැකිය. මේ සඳහා සිග්මන් ෆ්‍රොයිඞ් දක්වන අදහස හා සමගාමීව ධනුෂ්කගේ චරිතය විමසිය හැකිය. ‘‘ පුද්ගල මනස පාවෙන හිමකන්දකට (ෂජැ ඉමරටැ* සමාන කළ ෆ්‍රොයිඞ් සිය මනෝවිශ්ලේෂණවාදයේදී මනස ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි. එනම්, විඤ්ඤාණය, උපවිඤ්ඤාණය හා අවිඤ්ඤාණය වශයෙනි. අයිස් කන්දක පිටතට පෙනෙන හතරෙන් එකක් වැනි සුළු කොටස විඤ්ඤාණයට සම කළේය. චින්තනය, කථනය, තර්කනය, ප‍්‍රජානනය වැනි ස්වේච්ඡුාවෙන්ම සිදුකරනු ලබන ක‍්‍රියාවන්ට සම්බන්ධ වන්නේ විඤ්ඤාණයයි. එමෙන්ම අයිස් කන්දක මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති අපට නොපෙනෙන හතරෙන් තුන්වැනි කොටස අවිඤ්ඤාණයට සමාන කළේය. අවිඤ්ඤාණය අපගේ අවබෝධ ඥානයෙන් දුරස් වන අතර, එය මනසෙහි වැදගත්ම අංශය වශයෙන් ෆ්‍රොයිඞ් සැලකුවේය.’’ මෙහිදී ධනුෂ්කගේ චරිතයද අපට ගත හැකි වන්නේ අවිඤ්ඤාණයේ ඇති ජීව චර්යාවක ශක්තිය ඔහුගේ සමස්ත කාර්යාවලියටම සම්බන්ධ වන බවකි. ඔහුගේ දළ සිත හා උත්තරාත්මය අවස්ථාවන් දෙකක් යටතේ ක‍්‍රියාත්මක වන බව කිව හැකිය. මෙම කාරණාව සම්බන්ධයෙන් පෙනී යනුයේ පෞද්ගලික ලාලසාවයන් (ඡු්ිිසදසදබි* පිනවීම වනාහි මිනිසාගේ පොදු කාරණාවක් ලෙසින් උපවිඤ්ඤාණයේ නිදන්ගත හා ජීවත් කරවන ආසාව වශයෙනි. එබැවින් ධනුෂ්කගේ චරිතය ප‍්‍රබන්ධකරුවා විඤ්ඤාණගත පේ‍්‍රරණයන් හමුවේ විග‍්‍රහ කරවන්නට උත්සාහ දරා තිබේ. ඒ ධනුෂ්ක මදනායකගේ ජීවිතයේ පරමාර්ථමය චේතනාවන්ගේ ජයග‍්‍රහණය කිරීමේ අවශ්‍යතාව ඇති හෙයිනි. මනෝවිද්‍යාවට අනුව එහි පිටුපස සාධන චේතනාව පවති. එය සම්පූර්ණ කරගැනීමට පැතුම් තලය හා ආචරණ තලය අතරේ විෂමතාවක් නොපැවතිය යුතුය. ප‍්‍රබන්ධකරුවා මෙම අදහස ධනුෂ්කගේ මනස විකෘති තත්ත්වයට පත්වීමට ඔහු යන මාර්ගයේ ඉතාසංකීර්ණ බව ඒත්තු ගැන්වීම සඳහාද උත්සාහ ගනී. මන්ද යත්, ධනුෂ්කගේ ජීවිතය වනාහි තමා සිතන පතන සියල්ල සපුරාගැනීමෙහිලා ඇති ඉඩකඩ නොමැතිකමය. මෙම කාරණාවට බාධා පැමිණිවිටදී පුද්ගල ප‍්‍රචණ්ඩත්වය හෝ ආත්මීය ඝාතනය හෝ සිදුකරගන්නා බව කිව හැකිය. එබැවින් ධනුෂ්කගේ චරිතය මාර්ගයෙන් එවැනි පොදු සකීර්ණ මානසික කාරණාවක් දක්වන ආකාරය කිව හැකිය. මහානාම ගිනිගේ හෙවත් චේතිගේ සැමියා ප‍්‍රධාන චරිතය වශයෙන් ගැනීමට නොහැකි වුවද මොහුගේ චරිතය ම`ගින්ද කිසියම් මනෝවිශ්ලේෂණීය අදහසක් විමසා බැලිය හැකිය. ඇතැම් අවස්ථාවලදී ඇයගේ සංකීර්ණ මානසික හැඟීම් චේති සම`ග ගෙවන විටදී දක්නට හැකිය. විවාහ දිවියට එතරම් රුචි නොකිරීම, චේතිගේ සතුට හා ඇය වෙනුවෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීම, කාමුකත්වය හා ඔහු තුළ පවතින අපගාමී චර්යාව යන කාරණාවන් සියල්ල යම්බ`දු වූ සංකීර්ණ මානසික ලක්ෂණ ප‍්‍රකට කරන අවස්ථාවන්ය. වරෙකදී චේතිගේ සැකයක්ද ගෙනහැර දක්වන ඔහුගේ මනස විවිධ ආකාරයේ ඝට්ටනයන් හමුවේ ප‍්‍රකෝප වේ. සමාජයේ පුද්ගලයන් විවිධ චර්යා රටාවන් හා මානසික ලක්ෂණයන්ගෙන් යුක්ත වනබව කිව හැකිය. මහානාම ගිනිගේ, චේතිගේ පීඩනය ඇති කළේ ඇයව ඔහුගේ මුදල්වලට විවාහ කර දීම නිසායැයි කිව හැකිය. ඒ නිසා බිරිඳ ඔහුට උපකරණයක් ලෙසින් භාවිත කර ඇගේ සමස්ත අයිතිය ඔහු සතු බව සිතයි. මෙය පරපීඩක කාමුකත්වය කරාද ඔහුගේ මනස මෙහෙයවූ අවස්ථාවක් වේ. ස්වරූප රාගය හෙවත් ආත්ම කාම ආශක්තිය ඔහු තුළින් පෙන්වා දිය හැකිය. මෙහිදී මහානාම ගිනිගේ චරිතය මාර්ගයෙන් මිනිසාගේ මනෝමය ක‍්‍රෑරත්වය, හිංසනය හා ආත්මරාගය ආදි සංකීර්ණ මානසික ලක්ෂණ දැකිය හැකිය. සුමිත‍්‍රා රාහුබද්ධගේ කන්දක්සේමා නවකතාව කන්දක්සේමා නවකතාවෙහි කතුවරියගේ විඤ්ඤාණ ධාරාව රැුගෙන යන චරිතය වශයෙන් නූපාගේ චරිතය හඳුනාගත හැකිය. කන්දක් මෙන් නූපාද සියලූම දුක් කරදර හමුවේ ඉවසා විඳ දරාගැනීමේදී ඇගේ සංකීර්ණ මානසික ලක්ෂණයන් ප‍්‍රකට වෙයි. නූපාගේ ජීවිත ඉරණම නොසිතෙන පරිද්දෙන් විසඳීමේදී ඇයට මුහුණ දෙන්නට වනුයේ සංකීර්ණ මානසිකත්වයකට නොවේද? පළමුවෙන්ම කාන්තාවක ලෙසින් ඇගේ කන්‍යාභාවය කෙලෙසීමට ලක්වීම ඇය විඳි පළමු මානසික වියවුලට හේතුවයි. ජයනාථගේ රැුවටීම හේතුවෙන් විවාහය පිළිබඳ තිබූ ආසාව ඇයට නැති වී ගියේය. මෙය සාංදෘෂ්ටිකවාදීන් දක්වනුයේ පුද්ගලයාගේ ක‍්‍රියාවන් ම`ගින්ම පුද්ගල හිංසනය ඇතිකරවන බවයි. මෙලෙසින් ඉච්ඡුාභංගත්වයට පත්වන නූපාගේ චරිතය ඇයගේ ජීවත්වීමේ ආශාව විනාශ කරනුයේ නැත. ඒ ඇයගේ ජීවිතය වනාහි ස්වකීය ඉච්ඡුාභංගය හමුවේදී ඇය සංරක්ෂණශීලී ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වනු දැකිය හැකිය. සංරක්ෂණ ප‍්‍රයෝග :ෘැෙැබජැ පැජය්බසිප* මනෝවිද්‍යාවේදී ඉච්ඡුාභංගය මත ඇතිවන මානසික තත්ත්වය සමහන් කර ගැනීම පිණිස මිනිසුන් විවිධ උපක‍්‍රම අනුගමනය කිරීමට පෙලඹී ඇති අතර එකී උපක‍්‍රම මෙම`ගින් හැඳින්වේ. ‘‘ සංරක්ෂණ ප‍්‍රයෝග පුද්ගලයාට හානිකර නොවන අතර පුද්ගල මානසික සමබරතාව ආරක්ෂා කරගැනීමට ඉවහල් වේ. එහෙත් සංරක්ෂණ ප‍්‍රයෝග වුව අනවශ්‍ය අන්දමින් උපයෝගී කරගන්නා විට එය පුද්ගලයාටත් ඔහු ජීවත්වන සමාජයටත් හානිකර වීමට ඉඩ තිබේ.’’ එබැවින් නූපා ස්වකීය දරුවාගේ කළලය විනාශ කිරීමෙහිලා එකඟ වීම වනාහි අනර්ථකර පැතිකඩට අතවැනීමක් විය හැකිය. එහෙත් එකී අවස්ථාවේදී ඇය මුහුණ දෙන සංකීර්ණ මානසිකත්වය ප‍්‍රබන්ධකරුවා අපට විග‍්‍රහ කරවයි. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂකයන් මෙය දකිනුයේ කාරණාවන් තුනක් ඔස්සේය. එනම්, ආක‍්‍රමණශීලිත්වය, ප‍්‍රක්ෂේපණය, ප‍්‍රතිවර්තිත යන ක‍්‍රමවේදයන් ඔස්සේ අනුගත ක‍්‍රියාවලියක් ලෙසින්ය. කෙසේ හෝ මෙහිදී කිව හැක්කේ නූපාටද සමාජය විසින් ඇයව ¥ෂිත වූ ස්ත‍්‍රීයක් යැයි නොසලකන්නට හා ඇගේ නිර්දෝෂීභාවය රැුකගැනීම හමුවේ ගත් උත්සාහයක් ලෙසිනි. දරුවාගේ කළලය විනාශ කිරීමේදී ඇගේ සිතේ ඇතිවූ ආවේගශීලිත්වය මෙලෙසින් පෙන්වා දිය හැකිය. ‘‘මට බැඳිල්ලක් ඕන නෑ, මේකෙන් නිදහස් වෙන්න ඕන මම කිව්වා ජයනාථ දොස්තර කෙනකුගේ ගුබ්බෑයමට මාව එක්කරගෙන ගියා..’’ මෙසේ මිනිසාගේ භින්නපරත්වාරෝපිත ආත්මයේ දුඃඛාන්තය නවකතාකරුවා ගෙනහැර දක්වන ආකාරයක් කිව හැකිය. චරිතයක් බාහිර සමාජය හා ගැටීමට ලක්කොට ඇතිවන්නා වූ සංකීර්ණ මානසික ලක්ෂණයන් ආදිය දැක්වීම ප‍්‍රබන්ධකරුවා සතු දක්ෂතාවයි. ඇගේ දෙවන සංකීර්ණ මානසිකත්වය විග‍්‍රහවනුයේ ඇය විවාහ වන මසායාසාන්ගේ ආදරය නොලැබී යාම හමුවේය. ජයනාථ විසින් පාරවනු ලැබූ ඇගේ මානසිකත්වය තවදුරටත් ව්‍යාකූල වනුයේ විවාහය ම`ගින් බලාපොරොත්තු වන ආදරය හා තෘප්තිය නොලැබීම නිසාය. එහිදී ඇගේ දළසිතට දැනෙන හැඟීම් හා උත්තරාත්මයේ ඇයගේ අපේක්ෂාවනුත් යන දෙකම නොලැබීයාම මගින් ඈ තුළ පීඩනයක් පැවති බව කිව හැකිය. ‘‘ජයනාථ හෝ මසායාසාන් යන දෙදෙනාම ඉදිරියෙහි සිටින ආතුරයා මම වෙමි. නුඔ දෙදෙනාම රාම නොවෙති, රාවණද නොවෙති. මම කිසිවකු සම`ග වැතිර සිටින්නට කැමැත්තෙමි. ’’ මෙයින් පෙනීයන්නේ පුද්ගලවාදය හා ¥රස්ථකරණය ම`ගින් නූපාගේ චරිතය සවිඤ්ඤාණිකත්වයට අනුව පෙළෙන බවක් නොවේද? මානසික වශයෙන් පුද්ගලවාදයට අනුගතව ඇය බලාපොරොත්තු වූ සතුට හා සොම්නස පිළිබඳ කිසිවක් නොලැබීම හේතුවෙන් අතෘප්තිකර ආශාවකින් පෙළුණා යැයි කිව හැකිය. එකී කාරණාවන් නිසාවෙන් ඇය හුදකළාව ස්වකීය ආත්ම තෘප්තිය සෙවීමෙහිලා උනන්දු වූවාය. නූපා මෙහිදී බලාපොරොත්තු වූයේ රාගයෙන් තොර පේ‍්‍රමයකි. මෙය නූපාගේ දළසිත (ෂා* පමණක් නොව, උත්තරාත්මය (ීමචැර ැටද* සොයනු ලබන්නාවූ ලාලසාවයක් කරා යොමු වීමකැයිද කිව හැකිය. මේ හේතුවෙන් හුදකළාභාවය නිසා නූපා මනෝවේදීන් පෙන්වාදෙන ආකාරයට වෙනත් සංරක්ෂණශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට යොමුවෙන ආකාරය දැකගත හැකිය. ‘‘ දවසක ඔය හැමදේකටම උත්තර දෙන්න පුලූන්වන් වෙයි. එතකල් දේශනාව පැවැත්තුවට මට මොකද, මම නීගතාව රස විඳිනවා, සන්ජො නගරය රසවිඳිනවා, කන්දෙන් එහා පැත්තේ මහ මුහුද ඉස්කෝලෙදි ලෝක සිතියමේ ලකුණු කරපු ජපන් මුහුද......’’ මෙලෙසින් ඇගේ සිත උපවිඤ්ඤාණය හෙවත් ජීවත් වීමේ ආසාව නිසා මානසිකත්වය වෙනත් අංශයක් කරා සම්පේ‍්‍රෂණය වන ආකාරය කිව හැකිය. මෙම ගතිලක්ෂණය පෙන්වූ තවත් අවස්ථාවක් ලෙස නූපාගේ සිත නළදරු උපතක් බලාපොරොත්තු වූ අවස්ථාව දැක්විය හැකිය. ජීව චර්යාවන් සඳහා අවශ්‍ය වන ශක්තිය ගැබ්ව පවතින්නේ අවිඤ්ඤාණයේය. ඒ හෙයින් ෆ්‍රොයිඞ් එය මනසේ පදනම වශයෙන් හැඳින්වුයේය. මිනිසාගේ බලපෑම සම්බන්ධයෙන්ද අවිඤ්ඤාණය විශාල බලපෑමක් කරන බව ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරනුයේ එ් නිසාය. නූපාගේ චරිතය විමසා බැලීමෙහිදී අවිඤ්ඤාණයේ බලපෑම නිසාවෙන් ඇයගේ පෞරුෂත්වය ගොඩනැගීමට ප‍්‍රබන්ධකරුවා ගත් උත්සාහයකැයි මෙම කාරණාව සැලකිය හැකිය. එබැවින් නූතන ස්ත‍්‍රියගේ භුමිකාව කන්දක්සේමා නවකතාව හරහා පෙන්වීමෙහිලා කතුවරිය බලාපොරොත්තු වී ඇතැයි කිව හැකිය. අසීමිත ඉච්ඡුාභංගත්වය පදනම් කොටගත් මානසික පීඩනය විඳගත් නූපාගේ චරිතයෙන් වත්මන් ස්ත‍්‍රිය හා ඇගේ භවංග චිත්තය සතු ගූඪ චෛතසික ධර්මයන් එළිදැක්වීමක් යැයි කිව හැකි නොවේද? එබැවින් නූතන මනෝවිශ්ලේෂණවාදය හා භවසත්තාවාදය හමුවේ නූපාගේ චරිතයෙහි මානසික විග‍්‍රහයක් කිරීමේ අරමුණ ප‍්‍රබන්ධකරුවා සපුරාගන්නා බව කිව හැකිය. සමරවීර විජයසිංහගේ ස්වයංජාත නවකතාව නූතන මනෝවිද්‍යාඥයන් අනුදත් ගූඪ මානසිකත්වය පිරුණු ලෝකයක ප‍්‍රවෘත්ති අන්තර්ගත කොට රචිත ප‍්‍රබන්ධ චරිතයක් ලෙසින් ස්වයංජාත නවකතාවේ පබිලිනා හාමිනේගේ චරිතය හඳුනාගත හැකිය. අතිශය සංකීර්ණ මානසිකත්වයක් ප‍්‍රබන්ධකරුවා මෙම පබිලිනා හාමිනේගේ චරිතය මාර්ගයෙන් පැවසීම අරමුණ වන බව කිව හැකිය. සැම විවාහක කාන්තාවකගේම අභිලාශය වන්නේ දරුවන් හදා දෙමාපියන් වීමය. එහෙත් පබිලිනා හාමිනේට හා ඔහුගේ සැමියාට දරුවන් සිටියේ නැත. මේ සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමට යන්නේ යක්කුටිගල හිමියන් වෙතටය. දකින අයෙකුට සිත් නොගන්නා තරමටම අධික කාළවර්ණයෙන් යුතු විරූපී වූ දේහයක් උන්වහන්සේ සතු වූහ. එහෙත් ප‍්‍රතිකාර ගැනීම සඳහා ගිය පබිලිනා හාමිනේගේ යටි සිතේ උන්වහන්සේ දැකීමෙන් අමුතුම විදිහේ හැ`ගීම් ඇතිවීම සංකීර්ණ මානූෂීය ලක්ෂණ ප‍්‍රකට කරන්නක් විය. උන්වහන්සේ දකින ඇගේ යටිහිත භක්තයක්, ඇල්මක්, ආදරය සපිරුණු ලෙන්ගතුකමක් ඇතිවනුයේ ඈටත් නොදැනීමය. දරුගැබ කෙමෙන් වර්ධනය වනවාත් සම`ගම පබිලිනා හාමිනේගේ සිතද උන්වහන්සේ පිළිබඳව සංකීර්ණ මානසික හැ`ගීම්ද මෝදුවීගෙන ඒම කතුවරයා තාත්ත්විකව නිරූපණය කරයි. මනෝවිද්‍යාත්මක නවකතාවේ විඤ්ඤාණධාරා රීතිය ම`ගින් කතුවරයා චරිත විග‍්‍රහ කිරීම සිදු කරයි. මෙහිදී සැබෑ මනෝවිශ්ලේෂණීය චරිතයක් ලෙසින් පබිලිනා හාමිනේගේ චරිතය මාර්ගයෙන් කතුවරයා සිදු කරනු ලැබේ. එසේ වීමට හේතුව ඇගේ විඤ්ඤාණධාරාව තුළ ඇතිවන සංකීර්ණ වෙනස්කම් සිතිවිලි පරම්පරාවේ ගලායාම විස්තර කරන නිසාය. විඤ්ඤාණය සතු අවිච්ෙඡ්දය :ක්‍දබඑසබමසඑහඑහ* හා විපර්යාස :ක්‍ය්බටැ* නිසා ජංගම ගුණයක් පවතින නිසාවෙන් ප‍්‍රබන්ධකරුවා නවකතාවක චරිත හැසිරවීමට සැබවින්ම දක්ෂ විය යුතුය. හෙන්රි ජෙම්ස් සිය ‘‘නවකතා කලාව’’ :ඔයැ ්රඑ දෙ සෙජඑසදබ* නැමති පොතෙහි විඤ්ඤාණය පිළිබඳ මෙසේ විග‍්‍රහයක් කරයි. ‘‘ අනුභූතිය සැම විටම අසීමිතය. ඒ කිසි කලෙක සම්පූර්ණද නොවේ. එය දැවැන්ත වින්දන බලයෙකි. විඤ්ඤාණ කාමරයෙහි අවලම්බනය වූ ඉතා සියුම් සේද පුයෙන් සැදි වාතයේ පාවෙන සෑම ලේෂයක් ඇදගන්නා විශාල මකුළු දැළකි.’’ මෙතරම් සියුම් විඥානය සතු සංකීර්ණ මිනිස් හැ`ගීම් ආදිය පබිලිනා හාමිනේගේ චරිතය ම`ගින් කතුවරයා දැක්වීම කෙතරම් අපූරුද? එහි ප‍්‍රතිඵලයක් ලෙසින් ඇගේ දරුගැබ එම හිමියන් මෙන් කාළවර්ණයෙන් යුතු දේහයක් ඇති දරුවකු ලෙසින් ඈ වෙතින් උපදී. මෙම සංකීර්ණ මානසික අවස්ථාව කතුවරයා දක්වනුයේ මනෝවිශ්ලේෂණීය වශයෙන්ද ප‍්‍රකට අදහසක් ගෙන දෙමිනි. එය ඇගේ භවාංග චිත්තයේ ක‍්‍රියාත්මක වූ ව්‍යභිචාරාත්මක අපගමනයක් ලෙසින් හඳුනාගත හැකිය. ඇගේ විඤ්ඤාණය සතුව පැවති අදහස් මනෝචාලක ඉන්ද්‍රිය වශයෙන් ක‍්‍රියා කළාදැයි විටෙක සිතිය හැකිය. තවත් අතකින් මෙම අවස්ථාව නිතරම ඇගේ දළ සිත හා උත්තරාත්මය තුළ කිති කැවූ හැඟීම් ආදිය එකී දරුගැබ වෙනසක් කරා යොමුවූවාදැයි විටෙක සිතිය හැකිය. එකී සංකීර්ණ මානසිකත්වය කතුවරයා ප‍්‍රකාශ කරනුයේ මෙසේය. ‘‘ පඬුගැසූ සිව්රුවලින් නැගෙන සුවඳ ආඝ‍්‍රාණය කර බැලීමේ අවස්ථාවක් මෙයට පෙර ඇයට ලැබී තිබුණේ නැත. ගෘහස්ථ පරිසරයෙහි කිසිදු තැනෙක මේ කාෂ්ටක කාරම් සුවඳ නොමැති බව ඇය දැන සිටියාය. එහෙත් යක්කුටිගල හිමියන් බැහැ දැකීමට පැමිණි ඕ ආපසු ගියපසුවත් මේ ප`ඩු සුවඳ ඇගේ සුවඳ මතකයෙන් ඈත් නොවීම සම්බන්ධව ඕ පුදුමයට පත් වූවාය. පන්සල් ගොස් ආපසු ගෙදර පැමීණිමෙන් පසුව වෙහෙසට පත්ව නිදන කාමරයේ ඇඳමත විවේකීව වැතිර සිටින අවස්ථාවලදීත් මේ සුවඳ කාමරය පුරා පැතිරුණ ජීවන සුවඳක් මෙන් ඇයට දැනිණි. තමා ගැබ් ගැන්වීමෙහි අසීරු අරමුණෙහි ආයාසයෙහි උන්වහන්සේත් මිත‍්‍රශීලීව සුහදව සිටිතියි යන සංවේදී හැ`ගීමෙන් නිරන්තර ඇගේ සිතේ මෙතෙක් කිසිදු පිරිමියෙක් කෙරෙහි ඇති නොවූ අන්දමේ ආකර්ශනීය බවක් උන්වහන්සේ විෂයෙහි ඇතිකරවනු ලැබීය.’’ මෙලෙසින් පබිලිනා හාමිනේගේ අධ්‍යාත්මයේ ඇතිවන සංකීර්ණ මානසික සිතිවිලි සමුදාය ඉතා බුද්ධිගෝචර පරිද්දෙන් රචනා කරන ආකාරය කිව හැකිය. මෙහිදී ඇගේ කායික හා මානසික සන්තෘප්තිය නොමැතිවීමෙන් භවාංග චිත්තයේ ඇතිවූ ආවේගශීලිත්වය හා ආතතිය නිසා උන්වහන්සේ දැකීමෙන් එය සංසිඳුණා යැයි කිව නොහැකිය. ඇයගේ මනස හෙවත් අවිඤ්ඤාණය ස්වපීඩක කාමුකත්වයකින් පෙළුණු බවක්ද මෙහිදී දැකිය නොහැකිය. එවන් අපගාමී චර්යා රටාවකින් නොපෙළුණේ නම්, ඇයගේ මානසික විපර්යාසය කුමක්ද? යන ප‍්‍රශ්නය පාඨක මනස කුතූහලයට ගෙනයයි. එහෙත් මනෝවිශ්ලේෂණයේ සඳහන් වන ආකාරයට මෙම මානසික පෙරළිය දර්ශාස්වාදය (ඪදහැමරසිප* හා යම් සමතාවක් දැකිය හැකිය. එනම්, පබිලිනා හාමිනේගේ උත්තරාත්මය විසින් සහජාසය අවරෝධනය කරනු ලැබූ ස්ත‍්‍රී - පුරුෂ ශරීර නරඹා සන්තෘප්තවීමේ අපගාමී චර්යාවකින් ඇගේ සිත ක‍්‍රියා කරන ලද්දේදැයි විටෙකදී සිතිය හැකිය. යක්කුටිගල හිමිගේ ශරීරය ඇගේ මනසෙහි මැවීම, උන්වහන්සේ වෙත ඇති ඇල්ම, උන්වහන්සේගේ සිනහව දැකීමෙන් ඇයගේ සිත සංතෘප්තවීම, සිවුරේ පඬුසුවඳ නිරන්තරයෙන් ඇගේ සිත කුල්මත් කරවීම යනාදි ලක්ෂණයන් උක්ත දර්ශාස්වාදය හා යම් සමගාමීභාවයක් දරන බව කිව හැකිය. මේ ලෙසින් මනෝමය සංකීර්ණ අවස්ථාවක් කරා ප‍්‍රබන්ධකරුවා පබිලිනා හාමිනේගේ චරිතය මෙහෙයවන බව කිව හැකිය. මෙසේ කල් ගෙවූ පබිලිනා හාමිනේගේ කුසින් දරුවා බිහි කිරීමේ පටන් ඇය සියලූදෙනාගේම දෝෂාරෝපණයට ලක්වන්නීය. එහෙත් සිදුවී ඇති සත්‍යය හා ඇගේ නිර්දෝෂීභාවය කාට නම් පැහැදිලි කළ හැකිද? එම කාරණාව නිසාවෙන් ඇගේ සිත නිරන්තර පීඩාවට හා ජීවිතය පිළිබඳව ඇති භව ආශාව කෙමෙන් අඩුවීමට හේතුවක් වේ. තවද, ඇගේ අවිඤ්ඤාණය හෙවත් ජීවත් වීමේ ඇති ආශාවත් උත්තරාත්මයත් මෙම කාරණාව හමුවෙහිලා සදාචාරවත් පක්ෂයට නිරන්තර පහර වැදීම නිසාවෙන් ඉච්ඡුාභංගත්වය උදෙසා දිවයන්නීය. සැබවින් බැලූවහොත් පබිලිනා හාමිනේගේ චරිතය නිර්දෝෂි වුවත් සමාජය විසින් ඇයව වැරදිකාරියක් කොට හමාරය. තවදුරටත් ඇයට එය ඉවසාගෙන සිටිය නොහැකිය. එ් නිසාවෙන් සියදිවි හානි කර ගැනීම සඳහා ඇය යොමු වන්නීය. මෙම කාරණය සිග්මන් ෆ්‍රොයිඞ් පවසන ආකාරයට පුද්ගල විභව ආශාව නැතිවීම හේතුවෙන් විනාශකාරිත්වය උදෙසා යොමු කරවන ආකාරය කිව හැකිය. මේ පරිද්දෙන් ස්වයංජාත නවකතාවේ පබිලිනා හාමිගේ චරිතය මාර්ගයෙන් ප‍්‍රබන්ධකරුවා අතිශය සංකීර්ණ මානසිකත්වයක් ඇති චරිත විවරණය කරන බව කිව හැකිය. එය කතුවරයාගේ විඤ්ඤාණ ධාරාව ආශ‍්‍රයෙන් ප‍්‍රතිෂ්ඨාපනය කරන්නක් බව කිව හැකිය. පබාවතියගේ චරිතය ස්වයංජාත නවකතාවෙහි එන තවත් මනෝවිශ්ලේෂණීය කාරණා ඔස්සේ විමසිය හැකි චරිතයක් වූයේ පබාවතියගේ චරිතයයි. ඇගේ මව වන එමලියා හාමිගේ සොහොයුරියගේ පුතණුවන් වන විභූතිරත්න හා ඉතා සංකීර්ණ මානසික හැ`ගීම් සමුදායක් ඉදිරිපත් කිරීම දැකිය හැකිය. පබාවතියගේ උපවිඤ්ඤාණයේ පවතින එළියට නොදක්වන හැ`ගීමක් ඇගේ ජීවිතය පුරාම වධ දෙන බවක් පෙනේ. ඒ විභුතිරත්න කෙරෙහි දක්වනු ලබන ආදරයයි. එහෙත් මෙකී භවාංග චිත්තයේ ඇති ආලය ඇයගේ අවිඤ්ඤාණය තුළ එනම්, ජීවිතය පුරාවට ඇයව යම් හික්මීමක් කරා ගෙන යන ආකාරයක් කිව හැකිය. පෞද්ගලිකත්වය උදෙසා ඉහළ අගයක් ලබාදීම පබාවතියගේ චරිතයෙන් අපට දැකිය හැකිය. මෙහිදී ෆ්‍රොයිඞ් පෙන්වාදෙන ආකාරයට මිනිසාගේ අන්තර් ආශයන් අවිඤ්ඤාණය තුළින් තීරණය වන අතර එහිදී අවිඤ්ඤාණමය සැකැස්මේදී ඔහු අදහස් කළේ සිතිවිලි බිය හා ඉෂ්ටා යන ඒවාය. මෙහිදී අවිඤ්ඤාණමය ආවේගයන් ප‍්‍රකාශ වන මාර්ග ලෙසින් ඔහු දක්වනුයේ සිහින, ඒකාන්තර කතාවන්, ආකාර විශේෂතා, ස්නායු රෝග ආදියෙන් බවය. මෙම අවස්ථාවන් අපට පබාවතියගේ චරිත ලක්ෂණයන් මාර්ගයෙන් දක්නට හැකිය. ‘‘ අනේ මන්දා, මට සමහර වෙලාවට හිතෙනවා අපි මේ කිසි තේරුමක් නැති ආරවුල් ඇතිකරගන්නවා නේද කියලා,යි ඇය යළිත් අමරතුංග දෙසට හැරෙමින් කීවාය. ‘‘මට අයිතියක් නැද්ද මට අයිති දෙයක් කරන්න, ඒකට කව්රුවත් තරහා වෙන්න ඕනෑද, වෛර කරන්න ඕනෑද,’’ මෙලෙසින් අපට පබාවතියගේ චරිතයද එකී අවිඤ්ඤාණමය ඉෂ්ටා නිසාවෙන් ඇගේ සිතේ පැවති ආවේගයන් ප‍්‍රකාශ කිරීමකැයි කිව හැකිය. මෙහිදී ඇයගේ සිත නිරන්තරයෙන් මෙසේ ආවේගශීලිත්වයට ගෙන යනුයේ විවාහය යන කාරණාව සම්බන්ධවය. ඥාති සම්බන්ධය ම`ගින් ඇයට සුමතිපාලගේ විවාහ යෝජනාවත් ඇගේ දෙමාපියන් නිරතුරු විවාහ වීසඳහා බල කිරීමත් පාසලේ ඉංග‍්‍රීසි ගුරුවරයෙකු වූ අමරතුංග ගෙනෙන විවාහ යෝජනාවත් ආදිය කෙරේ ඇය කිසිදු කැමැත්තක් නොදක්වයි. මෙහිදී පබාවතියගේ අවිඤ්ඤාණය පෙළනු ලබන එක්තරා බියක්ද ඇගේ සිත තුළ නිරන්තරයෙන් පවතින බව කිව හැකිය. ඒ මිනිසාගේ පවතින ඉච්ඡුාභංගත්වය ම`ගින් ඇතිකරන අභිපේ‍්‍රරණය විඤ්ඤාණයට දරා ගැනීමෙහිලා අකමැත්ත නිසාය. පබාවතියගේ චරිතය මාර්ගයෙන් මෙකී අවිඤ්ඤාණික බිය වරෙකදී ඇයගේ ජීවිතයේ ඇතිබව පෙනේ. ‘‘ බස්සාගේ ඒකාකාරී හ`ඩ පවා පබාවතියගේ නින්ද පිළිබඳව බලාපොරොත්තු බිඳ දමන්නකි. ඈ ඇඳේ එක් ඇලයක හැරී මඳ වේලාවක් ගතකොට, අනතුරුව අනෙක් ඇලයට හැරී නිදන්නට වෑයම් කළාය. එහෙත් නින්ද නම් ඇය අසලටවත් නොඑයි. කිසිවක් තමා නොසිතන අයුරින් නොවීම ඇයට වේදනාවකි. බලාපොරොත්තු රහිතව සිදුවන බොහෝ දේවල් ඇත. මන්ත‍්‍රීගේ විවාහය තීන්දු වූයේද කිසිවකු නොසිතූ අයුරිණි. මේ අයුරින්ම විභූතිරත්නගේ විවාහයද තීන්දු වීමට ඉඩ ඇත. එවිට තමාවෙත එන විවාහ යොජනා ම`ගහැර සිටීමට තවදුරටත් හැකිවේද?’’ මෙහිදී පබාවතිය තමාට අමරතුංග විවාහය කතා කිරීමට ගෙදරට කපුවකු එවූ වේලාවේදී ඇය ඔහුටත් බැණවදී. එසේම, ගෙදරට එවූ ලිපියක් විභූතිරත්න අතේ ඔහු එවූ නිසාවෙන් ඇය එම ලිපිය විභූතිරත්න කියවන්නට ඇතැයි සිතා ලජ්ජාශීලී හා ආවේගශීලී වන්නීය. එකී අවස්ථාවන්ද සංකීර්ණ මානසික හැඟීම් ප‍්‍රකාශ කරන අවස්ථාය. එනම්, විභූතිරත්න කෙරේ අදහස් ඇයගේ මනසේ පදනම වන අවිඤ්ඤාණයේ තැන්පත් වී ඇති නිසාවෙන් යැයි කිව හැකිය. මෙම අවස්ථාව තවදුරටත් මනෝවිශ්ලේෂණීයව විමසීමේදී ඇයගේ චරිතය වනාහි පීඩනෝන්මාදයෙන් පෙළුණා යැයිද කීමට හැකිය. එනම්, මෙහිදී පීඩනෝන්මාදය ලෙසින් හඳුනාගන්නේ තර්කානුකූල චින්තනයට හා සද්භාවී චින්තනයට විරුද්ධව පිටතට යෑමයි. තර්කානුකූලව ඇයට විභූතිරත්නව කිසිදු ආකාරයකින් නොගැළපේ යැයි සිතිය හැක්කේ දෙදෙනාගේ භෞතිකමය වූ නොගැළපීම මතය. සද්භාවී චින්තනය යනු දෙමාපියන්ගේ කීම නොඇසීමත් ඒ සඳහා රැුඩිකල් චරිතයක් ලෙසින් හැසිරීමය. මෙම කාරණය ම`ගින් පබාවතිය පීඩනෝන්මාදය නිසා පෙළෙන බවක් කිව හැකිය. එසේ වීමට හේතුව ඇගේ අවිඤ්ඤාණිකත්වය හෙවත් ජීවත්වීමේ ආශාව නිරන්තරයෙන් යමක් අපේක්ෂා කරන නිසා බව පෙනේ. එම නිසා පබාවතිගේ දළ සිත නොව උත්තරාත්මය සොයන සදාචාරවත් ඉච්ඡුාව විභූතිරත්න වූ නිසා යැයි කිව හැකිය. මෙලෙසින් ප‍්‍රබන්ධකරුවා බලාපොරොත්තු චරිතයන්ගේ සංකීර්ණ මානුෂීය ධර්මතාවන් මනෝවිශ්ලේෂණීීයව විග‍්‍රහ කර ගැනුමෙහිලා ඇති හැකියාව පෙනී යයි. මනෝවිද්‍යාත්මක නවකතාකරුවන් අනුගමනය කරනු ලබන ප‍්‍රකාශන ක‍්‍රම විවිධය. චරිතයේ විඤ්ඤාණ ධාරාවේ සංකීර්ණ ස්වභාවය හා විවිධ චෛතසිකයන්ගෙන් සමන්විත වූ දීප්තිමත් කේන්ද්‍රයක සිට අඳුරු උපවිඤ්ඤාණ ප‍්‍රදේශයක් කරා ඇඳිරි වීගෙන යන මනැස් පටලය වචන ම`ගින් කලාකාරයා සියුම්ව නිර්මාණය කරයි. මෙම සියලූම ප‍්‍රකාශන ක‍්‍රම මූලික කාරණාවන් කිහිපයක් හමුවේ මෙසේ දැක්විය හැකිය.  එක චරිතයක හෝ චරිත කිහිපයක හෝ විඤ්ඤාණය පිළිබිඹු කිරීම  කර්තෘ මැදිහත් වෙමින් හෝ කෙලින්ම චරිතයේ දෘෂ්ටි කෝණයෙන් හෝ ඉදිරිපත් කැරෙන අභ්‍යන්තර ඒකීය කථනය  කර්තෘගේ ස්වයං ජීවිත අත්දැකීම්වලින් විශාල ප‍්‍රදේශයක් චරිතවලට පිවිසීම  ප‍්‍රකාශන විලාසය කුමක් වුවත් තදාත්ම්‍යකරණයෙන් අවස්ථා නිරූපණය කිරීම  ප‍්‍රදීපනක්ෂණ මාලාවක් ම`ගින් නවකතාව ආකෘතියක ගැබ් කිරීම  අතිශය උචිත පද යෙදුම්, ඉන්ද්‍රීය රූප, සංකේත හා රිද්මය ආදිය ම`ගින් සංක්ෂිප්තබව උත්කර්ෂබව අර්ථ ඝනීකරණය යනාදි කාව්‍ය ලක්ෂණ ප‍්‍රකාශනයෙහි උපයෝගී කර ගැනීම x වින්දනයෙහිදී පාඨකයා කර්මණ්‍ය ලෙස නවකතා අනුභූතිය පුනර්නිර්මාණය කර ගැනීමෙහි යෙදවීම . උක්ත අදහස් අනුව මනෝවිද්‍යාත්මක නවකතාවෙහි ප‍්‍රබන්ධ චරිතයන් කතුවර විඤ්ඤාණ ධාරාව යටතේ විකාශනය වන බව කිව හැකිය. එබැවින් මෙකී නවකතාවලින් අපේක්ෂිත අරමුණක් වනුයේ මිනිස් සිත තුළ ඇති ගූඪ යථාර්ථය එළි දක්වා පොදු මානුෂීය ධර්මතාවන් කියාපෑම බව පෙනේ. ඒ සඳහා ප‍්‍රබන්ධකරුවා ස්වකීය විඤ්ඤාණ ධාරාව නවකතාවෙහි චරිතයන් ලවා ගැටෙන්නට සලස්වා තමා සතු බුද්ධිය හා සියුම් වින්දනය අනුව තම නිර්මාණයන් හමුවේ චරිතයන්ගේ සංකීර්ණ මානුෂිකත්වය හෙළි කරන බවය.

No comments: