UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සද්ධර්මරත්නාවලිය 2

Wednesday, December 11, 2013

සද්ධර්මරත්නාවලිය 2

සද්ධර්මරත්නාවලිය පටාචාරා වහන්දෑගේ වස්තුව තවද කළ පින් ඇත්තවුන්ටත් අවසර ලත් අකුශලයාගේ වශයෙන් වන ආපද් දක්වනු නිසා පටාචාරා වහන්දෑගේ වස්තුව කියමු. කේසෙද යත්, සැවත් නුවර සතලිිස් කෙළක් වීචර වස්තු ඇති සිටාණ කෙනෙකුන්ගේ දුවණි කෙනෙක් ඇත. මනහර රූ ධරති. උන් සොළොස් හැවිරිදි වයසේදී මිථ්‍යාචාරයෙන් නවතනු නිසා සත්මාල්පායේ උඩුමාලේ ශ‍්‍රීයහන් ගබඩාවෙක ලා රකිති. එසේ වුවත් ඌ තුමූ තමන්ගේම ගෙයි කොල්ලෙකු හා බැඳී වෙසෙති. උන්ගේ දෙමව්පියෝ ජාතීනුත් සම්පත්තීනූත් සම තරම් වූ සිටුපුත‍්‍රයාණ කෙනෙකුන්ට සරණ දෙන්ට නියම ව දවස් නියම කළහ. නකත් දවස් උදවු කලට සිටුදුවණියෝ බැඳී වසන කොල්ලාට කියන්නෝ ‘මා උන් කරා සරණ ගිය කල පඬුරක් හැරගෙන ගිය නමුත් ඹබිනුත් වෙනම රකවල් හෙයින් දක්නා පමණකටත් නොලබව ඉදින් මා කෙරේ පේ‍්‍රමයෙක් ඇතිනම් ඔබ නොයන තෙක් දැන් ම මා කැඳවාගෙන කැමති තැනකට යව’යි කිවූය. උයිත් යහපතැයි ගිවිස එසේ වී නම් මම සෙට දවස් නුවර වාසල කෙරේ අසවල් තැන සිටිමි. මුඹත් එක් උපදෙසකින් කාටත් නොහැෙඟන ලෙස එතැනට අවමැනවැ’ යි කියාලා දෙවන දවස් කියාලූ තැනම සිටියහ. සිටුදුවණියෝ ද දෙවන දවස් කිලූටු අදහස් සේ ම කිලූටු කඩරෙද්දක් කොයින්දෝ සොයා හැඳගෙන මිඬියන්ගේ ලෙසට ලිහිල් කොට හිසකේ බැඳගෙන ? දෙවරු වී පැහැරියා සේ ඇඟ මුළුල්ලෙහි ධූලි ගාගෙන කළයක් හැරගෙන පැනට යන කෙල්ලක මෙන් කෙල්ලන් හා එක්ව ගෙන් පිටත් ව මිඬිවෙස් ගත් ලෙසට කොල්ලා සිටි තැනට ගියහ. ඒ කොලූ ද ක‍්‍රියාවෙන් කුම් වුවත් ජාතීන් හා සම්පත්තීන් උතුම් තරම් ඇති සිටුදියණියන් රෙදිකඩෙන් වසාවී මැණිකක් පරිද්දෙන් කැඳවාගෙන දුරට ගොසින් එක් ගමෙක රඳාහිඳ අයට අඳයට සී සාගෙන වප් වපුටගෙන දර පළා ගෙනවුත් ජීවත් වෙති. සිටුදුවණියෝ ද කුසරජු ව උපන් බෝසතුන් ප‍්‍රභාවතීන් නිසා නිකෘෂ්ට ලෙසින් ඇවිදිනෝ නොවෙති.ගෑනුන් පිරිමින් නිසා නිකෘෂ්ට ලෙසින් හැසිරෙතී යන්න හඟවන්නාක් මෙන් කළයෙන් පැන් ගෙනවුත් තබමින් සිය අතින් ම පරමන් පිසමින් ආදිය කෙරෙමින් තමන් යට කළ අකුශලයෙහි අනිෂ්ට විපාකය වී බත් කමින් සිට හමූ බතකුත් කන්නා දේ අනුභව කරන්නට පටන් ගත්හ. ඉක්බිත්තෙන් උන්ගේ බඩ දරු කෙනෙක් ඇති වූය. වදන අවස්ථාවෙහි මෙතැන අපගේ නෑසිය කෙනෙක් නැත. දෙමවිපියෝ නම් දරුවන්ගේ කවර තරම් වරදක් ඇතත් තමන් දරුවන්ට පදමානවක ජාතකයෙහි තමන් යකිනි වූවත් ඇතහැර යන පුතණුවන් කෙරෙහි කළා වූ ශෝකයෙන් ළය පැළී මළ හෙයින් මොළොක් අදහස් ඇත්තෝය. දරුවන් වදන්නට මා ඔබ ගිය මැනවැයි සමුණන්ට යාච්ඥා කොළෝය. ඌ ඒ අසා ‘කුමක් කියන නියාද? මුඹ දුවණියන් හෙයින් මුඹට කියන කරන දෙයක් නැතත් මා අයති හෙයින් කළ අපරාධ තරමට මරවාපියන සේක. මා ඔබ යන්ට බැරි ය’ යි කීය. සිටු දුවණියෝ තවත තවත් කියාත් උන් මැළි හෙයින් උන් කර්මාන්තයට ගියදී ඉක්බිති ගෙවග ඇත්තවුන්ට ‘ඉදින් අවුත් මා නොදැක විචාළෝ නම් දෙමව්පියන්ගේ ඔබ මා ගිය නියාව කියාලූව මැනවැ’යි කියාලා ගෙයි දොර පියා නික්මුණාවුය. උයිත් අවුදින් සිටුදුවණියන් නොදැක ඉක්බිති ගෙවල ඇත්තවුන් විචාරා එපවත් අසා රඳවන්නට යයි ලූහුබඳවා ගොසින් දැක නොඑක් ලෙස යාච්ඥා කොටත් රඳවාපිය නුහුණු වූය. යන ගමනේ දී එක් තැනෙක දී විළි පහරන්නට වන. ඌ එක් කැලෑහස්සකට වැදලා සමුණනුත් එතැන දක්වා ගිය හෙයින් විළි පහරනා නියාව කියාලා ප‍්‍රසව වේදනාව බලවත් හෙයින් ගැසී මැසී දුකින් පුතණු කෙනෙකුන් වදාපියා ‘යම් කටයුත්තෙක දෙමව්පියන් ළඟට යමෝ නම් ඒ සමෘද්ධ විය’ යි නැවතත් රඳාහුන් තැනට ගොසින් රඳාහුන්හ. කල් ගිය සේ තවත් බඩ දරු කෙනෙක් ඇති වූය. දෙවන වරෙහි ද තමන් වදන අවස්ථාවෙහි දී දෙමව්පියන් ළඟට කැදඳවාගෙන යන්ට පැරැුත්ත කියාපියා උන් නොගිවිස්නා හෙයින් ආදි උපන් දරුවන්් පයින් යන්ට අබල හෙයින් උනුත් වඩාගෙන බඩ දරුවනුත් බඩින් හැරගෙන නික්මුණාහ. ‘සමුණන් ලූහුබඳවාගෙන ගොසින් රඳවන්නට උත්සහ කොටත් නොරඳා නික්මුණාවුය. මෙසේ එක් ව යන කලට නොකල් නොවේලා කොටලා මහා වැස්සෙක් නැඟීය. ඒ වේලාව ගසන විදුලියෙන් හා මේඝනාදයෙන් හා වස්නා වැස්සෙන් ආකාශය අතුරු සිදුරු නැති විය. ඒ වේලාවට ම පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළිත් පහරන්ට වන ආස ගුගුරන්නා සේ හඬගසන්ටත් වන වස්නා වැසි බෝවා සේ ම ප‍්‍රසව දුකුත් බෝ විය.සමුණන් බණවාලා ‘විළිත් පහරන්ට වන ශීත වඩා බලවත් හෙයින් ඇල් වැදපියා විළිත් ලාගත නොහෙමි. නොතෙමී වදාපියන තැනක් ඉදිකරව’යි කිවූය. උයිත් දණ්ඩක් පතක් කපාගන්ට නිසි යකඩයක් හැරගෙන දඬුපත් බලා ඇවිදිනෝ තුඹසක් පිට සිටි කැලයක් දැක දණ්ඩක් පතක් කපන්නට වන්හ. ඒ කපන සොල්මනට තුඹසින් නයෙක් අවුත් ලා දඬු කපන තැනැත්තවු කාපීය. එවේලෙහි ම මරාලූ ගසෙක වැදගත් ගින්නක් මෙන් දෂ්ටමුඛයේ පටන් විෂය නැගිලා ලේ ගුණය නැතිවලා ගත නිල් ව ගොසින් මිය වැටී ගියේය. සිටුදුවණියෝ ද මහ දුක් විඳිමින් දඬු කපා ගිය තැනැත්තවුන් නගන ගෙවල් තබා උන් තමනුත් නොලැබ අනෙක් පුතණු කෙනෙකුන් වදාපූය. දරුවෝ දෙන්න සුළං ශීත ඉවසාගත නොහී හඬති. සිටුදුවණියෝ ද දරුවන් දෙන්නා බඩ තුරෙහි ලාගෙන දෙදණත් දෙවැලමිටත් බිම ඔබාලා නැබුරුවගෙන සිට තුන්යම් රාත‍්‍රිය ගෙවාපීහ. රාත‍්‍රිය මුළුල්ලේ තෙමිලා සුදුමැලි ව පාන් වූ කලට එදවස් උපන් දරුවන් උකුලේ හිඳුවාගෙන වැඩිමාලූ පුතණුවන් ඇඟිල්ල අල්වාගෙන ‘වරෝ දරුවෙනි, තොපගේ පියාණෝ තෙල සේ ගියෝය’ යි කියාලා තුඹස දක්වා ගොසින් තුඹස්බඩ මියපියා හොත්ත වු දැක ‘මා නිසා සමුණෝ අතුරුමඟදී මළෝය’ යි හඬමින් වලපමින් දෙමව්පියන්ගේ ඔබ යන්ට නික්මුණවුය. ? වැසි වැසලා අචිරවතී නම් ගඟ දණ පමණ තනමතු පමණ වතුරු යන්නා දැක තමන් මන්දබුද්ධි හෙයින් සිතාගත නොහී දරුවන් දෙන්නා ම බර නොවතත් වඩාගෙන එක විටම ගෙන යන්ට නැති ව ජීවත් වන්ට උන්ගේ දෛව නැති හෙයින් වැඩිමාලූ පුතණුවන් මෙතෙර සිටුවාලා බාල දරුවන් වඩාගෙන එතෙරට ගොසින් කොළ අතු බිඳ ලාලා ඒ දරුවන් ඊ වැදහොවාලා මෙතෙර දරුවන් කැඳවා එමී කියාත් සිතාත් බාල දරුවන් හැරපියා යාත් නොහී ගොසිනුත් බලා සිටත් බලා මෙතෙර දරුවන් ළඟට යන්ට නික්මුණවුය. ඉක්බිත්තෙන් දෙදරුවන්ට නුදුරුව ගං මැදට ගිය කලට එක් උකුස්සෙක් ලේ මස් ගඩුවක් සේ අතුමත්තේ හොත් දරුවන් දැක මස් වැදැල්ලෙකැයි සිතා අහසින් බට සිටුදුවණියෝත් පුතණුවන්ට ගසන්ට බස්නා උකුස්සා දැක අත්ලෙන් අත්ල ගසා අරගල කළහ. උකුස්සාත් අරගල අසාගත නොහී අලූත උපන් කුමාරයන් ගසාගත. ඔබින් එදරුවෝත් නැත. මෙතෙර සිටි කුමාරයෝ මෑණියන් ගංමැද සිට අත ඔසවාලා අරගල කළා දැක අසා ‘තමන් කැඳවතී’ යන්නක් කර්ම බලයෙන් සිතාගෙන මෑණියන් එනතුරුත් නොරඳා වහා දියට බටවුය. බැසත් තමන්ට දීය. බොහෝ හෙයින් වතුරේ ගියහ. එලෙසින් මෙගොඩ සිටි පුතණුවෝත් නැත. සිටුදුවණියෝත් ‘අතුරුමඟදී රක්ෂා කළ සමුණෝ මළෝය. බාලදරුවන් උකුස්සෙක් ගසාගත. වැඩිමාලූ දරුවෝ දියෙන් ගියෝය’ යි හඬමින් වලපමින් යන තැනැත්තෝ සැවැත් නුවර සිට එන කෙනෙකුන් දැක ‘කොයි සිට එවු දැ’ යි විචාරාලා සැවැත් නුවර සිටය’ යි කී කල්හි ‘සැවැත් නුවර අසවල් වීථියේ මෙනම් සිටුකුලයෙක් ඇත. හඳුනන්නේ ඇද්දැයි විචාරා ‘උන්දැලා හඳුනමි. අනික් පවතත් විචාරාත් මුත් උන්දෑගේ පවත් මා අතින් විචාරන්නට නොකැමැත්තේය යි කී කල්හි සෙසු පවතින් මට ප‍්‍රයෝජන නැත. මට උවමනා ඒ පවතමය යි කිවුය. ‘මුඹ තත්පර ව විචාරන පසු කිවමනා නොවේද? ඊයේ ? දෙවරු වැසිවට නියාව දුටුවේ ඇද්දැයි විචාළෝ ය. ‘එසේ ය. ඒ වැස්ස අනුන්ට වට වැස්සෙක් ද? මට ම වට වැසි වේ ද? ඒ කාරණය පසු ව කියාලමි. මා විචාළ සිටාණන් වහන්සේගේ පවත කථාවෙන් වසාලූ පමණක් මුත් කියාලූයේ නැත්තේ වේද? ඒ කියන්නට වුවමැනැවැ’යි කිවුය. ‘එසේ වී නම් ඊයේ ? සිටාණනුත් සිටුදුවණියනුත් සිටාණන් ගේ පුතණුවනුත් තුන්පක්ෂය තනාගෙන හිඳිනා මාළිගාව හුණු හෙයින් මියගියවුන් එක දර සෑයට නඟාලා දවති. තෙල පෙනෙන දුම ඒ ය’ යි කිවුය. ඌ එවේලෙහි ශෝකය බලවත් ව සැලී පෙළෙන්නෝ තමන් හන් පිළී හෙන නියාවත් නොදැන උමතු බවට පැමිණ, උභෝ පුත්තා කාලකතා පන්ථේ මය්හං පතී මතෝ මාතා පිතා ච භාතා ද ඒකචිතකස්මිං ඩය්හරේ යනු හෙයින් ‘දරු දෙන්නත් මළෝය. සමුණොත් මළෝය. මුබ රැුකෙන්ට අවුත් මව්පිය දෙදෙනාත් බෑණොත් එක සෝනේ පවතී’ යි හඬමින් වලපමින් හුණු පිළිත් අඳිනට නැති හෙයින් උපන් වනිින් ම හඬා ඇවිදිති. මිනිස්සු උන් දැක සසර දොස් නොසලකා වියරුහුණු එකෙකැයි කියාගෙන කසළත් පසුත් හැරගෙන හිස ඕනෝ කැට කැබිලිති බලා ගසති. බුදුහු දෙව්රම් වෙහෙරදී උපාසක පර්ෂදය, උපාසිකා පර්ෂදය, භික්ෂු පර්ෂදය, භික්ෂුණී පර්ෂදය යි සිවුවනක් පිරිස් ද තවත් සවුමහරජයෙහි පිරිස, තව්තිසා පිරිස, රජ පිරිස, බමුණු පිරිස, මාර පිරස, ගොවි පිරිස මහණ පිරිස බඹ පිරිස යන අටවනක් පිරිස් පිරිවරා බණ වදාරණ සේක් එන සැටිය නපුරු වුවත් කප් ලක්ෂයක් පැරුම් පුරා ආ හෙයින් ඒ ලෙසින් යහපත් ව එන හිරිඔතප් සළු නොලදින් උපන් වතින් එන සිටුදුවණියන් පෘථග්ජන ලෙසින් තව බිළිඳි තැනැත්තවුන් දුටුසේක. ඌ වැළිත් පියුමතුරා නම් බුදුන් සමයෙහි ඒ බුදුන් එක් විනයධර මෙහෙණිණී කෙනෙකුන් උඩ ඔසවා නඳුනනුයන සිටුවන්නා සේ විනයධර මෙහෙණින්නන්ට අගතැන් තබන්නා දැක ‘මමත් මුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුන් වහන්සේ සමයෙක මේ තනතුරු ලැබෙම්ව’ යි පැතූය. පියමතුරා බුදුහුත් එන දවස බලා පැතීම සමෘද්ධ වන නියාව දැන මතු එන දවස ගොයුම් බුදුන් සමයෙහි විනයධර මෙහෙණින්නන්ට අග‍්‍ර ව පටාචාරා ස්ථවිරි යයි ප‍්‍රසිද්ධ වව’ යි වදාළ සේක. මෙසේ පැතූ පැතීම් ඇති මහපිනැති තැනැත්තවුන් එන්නන් දුරදී ම දැක. ‘මුන්ට මා විනා අනික් පිහිට වියහෙන කෙනෙක් නැත. පිහිටක් වුවමනා වේදැයි යම් ලෙසක ඉවත නොගොසින් වෙහෙරටම එත්නන් ඉලෙසට කළ සේක. පර්ෂදත් උන් එන්නවුන් දැක ‘තෙල වියරුහුණු නැතැත්තිය මෙයට වැද්ද නොදෙව’ යි කිවුය. බුදුහුත් ‘උන් නොනවතව’ යි වදාරාලා ළඟට ආ කලට තොප ශෝක මහත් ව මෙලෙසක් වූ බව මුත් සිහිනුවණ නැති කෙනෙකුන් නොවත් සිහි ලබව’ යි වදාළ සේක. උයිත් ඒ ඇසිල්ලෙහි බුදුන්ගේ ආනුභාවයෙන් සිහිනුවණ ලත්හ. හිණ පිළී නැති නියාව එවේලෙහි සලකා හිරිඔතප් එළවාගෙන එළිල්ලෙන් හුන්හ. එක් කෙනෙක් තමන් පෙරව සිටි උතුරු සළුව දමාලූය. ඌ ඒ හැඳගෙන බුදුන් ළඟට ගොසින් පැමිණි බොහෝ අවමඟුලෙන් මිදී මඟුල් නිසා අටතුරාසියක් මඟුල් ලකුණෙන් විසිතුරු වූ ඇඟිල් නමැති පෙත්තෙන් හා තඹවන් නිය නමැති කෙසුරෙන් හොබනා වූ සක් නමැති පියුම්කෙමි ඇති බුදුන්ගේ පාපියුම් පසඟ පිහිටුවා වැඳීමෙන් හිස පැලඳ සියල්ලවුන්ට පිහිට ව සිටි ස්වාමිදරුවාණන් වහන්ස, රක්ෂා කොටගෙන හුන් සමුණන් ගෙන් නොව අසරණ වූ වදාගත් දරුවන්ගෙන් නුවූ හෙයින් දරු පිහිටකුත් නැති දෙමව්පියනුත් නොලත් හෙයින් මව්පිය සහායක් නැති මල්බෑයන් නොලත් හෙයින් බන්ධුසහායකුත් නැති වාසය නිකෘෂ්ට වූ හෙයින් ක‍්‍රියා දෝෂය නිසා ජාතීන් නසාගත් මා උතුම් වූ ආර්ය ජාතියෙහි පිහිටුවා ලොවී සැපතින් පිරිහුණු මිඬිය ලොවුතුරා සැපතෙහි පිහුටුවා සහාය ව වදාළ යහපතැ යි කිවුය. බුදුහු උන්ගේ බස් අසා පට යයි කියා වස්ත‍්‍රයට නම් හෙයින් වස්ත‍්‍ර නැතිවීමෙන් නට ආචාර එම වස්ත‍්‍රය නිසා පෙරළාත් ඇති වූ හෙයින් පටාචාරාවෝ යයි පසුව ප‍්‍රසිද්ධ වන හෙයින් පටාචාරා නම තමන් වහන්සේගෙන් ම උන්ට දෙන සේක් ‘පටාචාරාවෙනි, තෙපි මුසුප්පු නොවව. ආයේත් පිහිට වන්ට බල ඇති තැනක් කරාම ය.යම් සේ මේ ජාතියෙහි තොපගේ බාල දරුවන් උකුස්සා ගසාගත් ද අනික් දරුවෝ දියෙන් ගියෝ ද, මඟදී සමුණෝත් මළෝ ද, මව්පියෝත් බෑණෝත් හිඳිනා ගෙය කඩාගෙන හී මළෝ ද එපරිද්දෙන් මේ සසර සිටිනා තෙක් කල් දෙමව්පියන් ආදීන් නට කල හඬා වගුළ කඳුළු, චතුසු සමුද්දේසු ජලං පරිත්තකං තතෝ බහුං අස්සුජලං අනප්පකං දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සෝචනා කිං කාරණා සම්ම තුවං පමජ්ජසි. යනු හෙයින් සතර මහ මුහුද පැන් විතරමටත් බොහෝව’ යනාදීන් අනමතග්ගපරියාය සූත‍්‍රය වදාරත් වදාරත් මුවාත් තබන යකඩෙක මලකඩ ඉගිළෙන්නා සේ ශෝකදුඃඛය තුනී විය. ශෝකදුඃඛය තුනී නියාව දැනලා බුදුහු පටාචාරාවන් බණවාලා ‘හෙම්බා පටාචාරාවෙනි, දෙමව්පිය ආදීහු මිය පරලොව යන්නවුන්ට තුමූ ජීවත් ව හිඳත් පිහිට විය නොහෙති. නුවණැත්තවුන් විසින් ශීලවිශුද්ධිය කොට ගෙන තම තමන්ට පිහිට විය යුතුය’ යි වදාරා වසිවන මග්ගවග කෙළවර ගාථා දෙකකින් බණ වදාළ සේක. දේශනා කෙළවර පටාචාරාවෝ පොළව පස් විතරටත් බොහෝ කෙලෙසුන් ගෙවා සෝවාන් වීමෙන් ආර්ය ජාතියෙහි පිහිටා ජාතීන් ශුද්ධ කළහ. නටුවා වූ ලොවී සැපතට ලොවුතුරා සැපතුත් යම් තම් විතරක් ලත්හ. සෙසුත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ. පටාචාරාවෝ ද සෝවාන් වලා ගිහිගෙයි රඳා හිඳ දුටු සැපයක් ම නැති හෙයින් මහණ කරන්නට ආරාධනා කළහ. බුදුහු උන් මහණ කරන්ට මෙහෙණින්නන් ළඟට යවූ සේක. මෙහෙණින්නෝත් මහණ මාලූ පැවදි කළහ. ආචාර්ය උපාධ්‍යාය තැන් ඇති ව මහලූ පැවිද්ද ලත් හෙයින් නැති වූ දෙමව්පියන්ට ශාසනයෙන් දෙමව්පියනුත් ලැබ පටාචාරා ස්ථවිරී යයි ප‍්‍රසිද්ධ වූහ. එක් දවසක් කළයෙකින් පැන් හැරගෙන පය සෝධන්නාහු පයට පැන් වත්කළහ. ඒ පැන් බිම මඳ තැනක් ගොසින්නා බී ගියේය. දෙවන දවස් පය සේධූ පැන් ආදී දවස් පැන් ගිය තැන පැන් බීම යන්ට මඳ හෙයින් එ පන්වා මඳක් දුරුව ගොසින් ලා බී ගියේය. පටාචාරා වහන්දෑ ද විවසුන් වැඞීමට අනෙක් අරමුණක් නොසොයා තුන් දවස් පය සේධූ පැන් ගොසින් සුන් ලෙස ම අරමුණු කරන දෑ ‘ආදියෙන් දවස් මඳක් ගොසින්ලා සුන් පැන් සේ මේ සත්තු ආදී වයස උපන් තැන් පටන් තෙතිස් හවුරුද්ද ඇතුළතත් මියෙති. දෙවන දවස් මඳක් දුරට ගොසින්ලා සුන් පැන් සේ ම මධ්‍යම වයස් වූ තෙතිස පටන් සත්සැට දක්වා මේ අතුරෙත් මියෙති. තුන්වන දවස් සුන් පැන් මෙන් කෙළවර වයස් වූ සත්සැට පටන් සියය දක්වා මෙ අතුරෙත් මියෙති. එහෙයින් උපන් සතුන්ට මරණ නියතය’ යි. සිත සිතා හුන්දෑය. බුදුහු ගඳකිළියේ වැඩහිඳ ම රස්කඳක් විහිදුවාලා ළඟ වැඩහිඳ කතා කරන්නාක් මෙන් ‘එම්බා පටාචාරාවෙනි, යම් කෙනෙක් රූ අරූ පස්කඳින් අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් රූ උපද්දී, තෘෂ්ණා ප‍්‍රත්‍යයෙන් රූ උපද්දී, කර්මප‍්‍රත්‍යයෙන් රූ උපද්දී, ආහාර ප‍්‍රත්‍යයෙන් රූ උපද්දී, උත්පත්තිලක්ෂණය නම් උදයය, අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ස්පර්ශ, යන මේ චතුර්විධ ප‍්‍රත්‍යයෙන් වේදනා ය, සංඥා ය, සංස්කාර ය යන ස්කන්ධයෝ තුන්දෙන වෙති. මුන් තුන් දෙනාගේ උත්පත්ති උදය ය, අවිද්‍යා ය, තෘෂ්ණා ය, කරමය ය, නාමරූප ය, යන චතුර්විධ ප‍්‍රත්‍යයෙන් විඥානස්කන්ධය වෙයි. මොහුගේ උත්පත්තිය උදය යයි මෙසේ පඤ්චස්කන්ධ විෂයෙහි එකකට එකකට ආකාර පසක් පසක් වන නියායෙන් ආකාර පස්විස්සෙකින් උයද ලක්ෂණය ද එසේ ම අවිද්‍යානිරෝධයෙන් රූපනිරෝධය වෙයි යනාදීන් යොදා නිරෝධය දක්නේ ව්‍යය දක්කි යි කියා සලකා පඤ්චස්කන්ධ විෂයෙහි පස් විස්සක් විතර මේ ආකාරයෙන් ව්‍යය දැයි සමපනස් ලකුණෙන් උදාවිය නොදකිත් නම් එසේ වූවන් අවුරුදු සියයක් ජීවත් වතත් ප‍්‍රයෝජන නැත. සම පනස් ලකුණෙන් උදාවිය දක්නවුන් එක දවසක් ජීවත් වතත් එය යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර පටාචාරාවහන්දෑ පිළිසිඹියාපත් රහත්ව ශෝකදුක් නැති වූවා සේ ම සසර දුක් නැති කළ දෑ ය. එහෙයින් සත් පුරුෂයන් විසින් අකුශලින් දුරු ව කුසල්හි පිහිටා හැම දුකට මුල් වූ ජාති දුක ම නසන්ට උත්සහ කටයුතු. මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුව තව ද මාලූවා ලිය වැළඳි ගස්කොළවල වැඩියුරුවක් නැත්තා සේ තද මසුරසිත් ඇත්තවුන් පිනට නොලැගෙන නියාව හඟවනු පිණිස මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුව දක්වමු. කෙසේ ද යත් ඃ රජගහ නුවරට නුදුරු තෙන සක්ඛර නම් නියම්ගමෙක් ඇත. ඒ නියම්ගම මච්ඡුරිය කෝසිය නම් සිටාණ කෙනෙක් වෙසෙති. සම්පත් බලාලූ කලට අසු කෙළක් විතර ය. තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට දීලත් නම් සිතට දුක් බලවත් හෙයිනුත් නොලබන දුක්පතුන් සේ ම තමන් ප‍්‍රයෝජන විඳිනට නැති හෙයිනුත් දුක්පත්කම සම්පතට වඩා මහත. අනුන්ට දී නොලන හෙයිනුත් තමන් ප‍්‍රයෝජන නොවිඳිනා හෙයිනුත් උන් ලද සම්පත නම් රකුසන් තමන් නොබොන හෙයිනුත් අනුන් බිය නොදෙන හෙයිනුත් රකුසු රකවල තුබූ විලක් වැන්න. බුදුහු එක් දවසක් අලූයම් වේලෙහි මහකුලූණු සමවතින් නැඟී ගඳකිළියේ පටන් සක්වළ මුවවිට දක්වා නුවණදැල පතුරුවා නිවන් දක්වන්ට නිසි සත්ත්වයන් බලන සේක් සැවැත් නුවරට එක්සිය අසූගවුවකින් ඔබ්බෙහි වසන මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ හා සිටදුවණියන්ගේ හා සෝවාන් වීමට නිසි හේතුව දුටුසේක. පෙරාතු දවසකදී සිටාණෝ රජගෙට ගොසින් එන තෙනැත්තෝ එක් සාකුස් ඇති දනවු මිනිසකු කුම්මාසයන් පිරුණු කබලූපූවක් කන්නවුන් දැක සම්පත් මහත් වූවත් අදහස කුඩා හෙයින් ඒ කබලූ පුවෙහි රුචියක් ඇතිව ගෙන තමන්ගේ ගෙට ගොසින් ‘ඉදින් කබලූපූවක් කනු කැමැත්තෙමි නිම් නම් මා කැමති වූවා සේ ම බොහෝ දෙනත් කන්ට සිතා ගනිති. එසේ කලට මාගේ බොහෝ සාල් හා කිරි පැණි සකුරු ආදී වූ බොහෝ දෙයට අළවි පෙනෙයි. කිසි කෙනෙකුන්ටත් නොකියමි’ යි සමපත් ඇති නියාව කාටත් නොහඟවන්නාසේ ම කබලූපූවට කළ ආලයත් සිටුදුවණියන් පමණකටත් නොහඟවති. නොහැඟවීමෙන් කල් යත් යත් කසායුෂ වත් කොට පිසූ කබලූපූ සේ පඬුවන් පැහැ ඇති විය. නොතර මාලූකඩෙක වැල් පැදලූ කලක මෙන් ඇඟ නහරවැලූත් ඉපිළ ගියේය. කබලූපූවට රුචි බලවත් වත් ශ‍්‍රීයහන් ගබඩාවට වැදලා යහනට පැන නැඟිලා වස්තව ප‍්‍රබල වුවත් සිත දුර්වල හෙයින් වක ගසාගෙන කබලූපූවෙන් මුත් නොසන්හිඳෙන තරම් සිත ව්‍යාධිය ඇතිව වැදහොත්තේය. එසේ වුවත් වස්තුහානිය ම සලකා ලජ්ජාසම්පන්න කෙනෙකුන් අස්ථානයෙහි ඇති ලෙඩක් අනුන්ට කියන්ට මැළි වන්නා සේ කියන්නට මැළි ව කිසි කෙනෙකුන්ටත් නොකියති. ඉක්බිත්තෙන් ඇඹේණියෝ හැඳබඩට ගොසින් පිට පිරිමැඳපියා ‘ඇඟට නුසුව කුමක් දැ’ විචාළහ. ‘මට කිසිත් අපාසුවෙක් නැතැ’යි කී කල්හි ‘රජ්ජුරුවන් වහන්සේගෙන් උදහසක්වූ නියා දැ’ යි විචාරා ‘එසේත් නැතැ’ යි කී කල්හි ¥ දරුවන්ගෙන් හෝ ගෙයි කෙලි කොල්ලන්ගෙන් මුසුප්පු වනට නිස්සක් කළ නියා දැ’ යි විචාරා ‘එසේ නැතැයි කී කල්හි ගෙය දඩ විචාරිමෙහි කුසීකමක් නැත්තා සේ ම විචාරීමෙහි නුකුසී ව ‘එසේ කල කිසි දෙයක් කන්ට රුචි ඇති නියා දැ’ යි වචාළහ. එසේ වුවත් වස්තුව අගිදම් වෙයි යන භයින් කිසිවකුත් නොකියා ම වැදහොත්හ. ඉක්බිත්තෙන් සිටුදුවණියෝ ‘මට කියන දෙයට මැළි වන්නේ හැයිද? කිව මැනවැ’යි තරව කිවුය. එවේලෙහි දී රළු දෙයක් කස දුක සේ ගලන පරිද්දෙන් කිසිවක් කන්ට ආලයෙක් ඇතැ’ යි කිවුය. ‘කුමකට දැ’ යි විචාළ කල්හි සිත හා උනුත් ගෙන කබලූපූවකට යයි නැකත් වේලකින් කෙසිවිට මහත් දෙයක් කෙසිවදකින් අදනා කලක් පරිද්දෙන් දුක සේ කියාපීහ. සිටාණන්ගේ අදහස පටු වුවත් තමන්ගේ අදහස විශාරද හෙයින් ඇයි මෙවිතරක් කියන්ට මැළි වූයේ අසූකෙළක් වස්තු ඇතිවත් දුක්පත් හෙයින්ද? සියලූ ම මේ සක්ඛර නම් නියම්ගම් ඇත්තවුන්ට සෑහෙන ලෙස කබලූ පිසෙම් ද ?’ යි එතෙක් කල් උන් ළග වැසත් උන්ගේ අදහස සිතට නොනැංගා සේ විචාළෝ ය. ඒ අසා සිටාණෝ ‘උන් අපට හැයිද ? ඌ රුචි ඇත්තවු නම් තම තමන්ගෙන් කතී කිවුය. ‘එසේ වී නම් මේ නියම්ගම් එක් වීථියෙක ඇත්තවුන්ට සෑහෙන ලෙස පිසෙම්ද ?’ යි කිවුය. ‘හැයි තොප මා ඇතුන් නියාව අපි දන්නමෝ වේදැ’ යි කියා ඊටත් මැළි වූය. ‘එසේ වී නම් මේ මාළිගාව ඇතුළත වසන්නවුන්ට සෑහෙන ලෙස පිසෙම් ද ?’ යි කිවුය. උන් තමන්ගේ අදහස් ලෙසින් විචාරන්නා ‘තොපගේ අදහස විශාරද නියාව ආදී නොහැඟුණත් දැනුත් නොහැෙඟ් ද? එසේත් නොකමැත්තේ ය’ යි කිවූය. එසේ වී නම් මුඹගේ අඹුදරුවන්ට පමණකට සෑහෙන ලෙස පිසෙම් දැ’ කිවුය. ‘සෙසු වුවමනා දවස් නැති හෙයින් අද ම වුවමනා ද? උන් හැම හැයි දැ’ යි? කිවුය. එසේ කල මේසා මහත් සම්පත් ඇති මුඹ ම තනිව තබාගෙන අනුභව කරන්නේ කෙසේද? මුඹටත් මටත් අප දෙන්නා පමණකට යටත් පිරිසෙයින් සාල් එන්නැළි මනාවක් විචර වන හෙයින් එපමණක් පිසමෝදැ ?’ යි විචාරා ‘තෙපි කා කුමක් කරා දැ’ යි කී කල්හි උන්ගේ මසුරු අදහස සියලූ ලෙසින් දැනලා ‘එසේ වී නම් මුඹ පමණකට කබලූ පිසෙම් දැ? යි විචාළෝය. ඒ ගිවිසලා ‘මෙතැනදී පිසතොත් බොහෝ දෙන ආලය කෙරෙ. සාල් ඇරගන්නා කලත් නොකඩ සාල් හැර නොගෙන කඩ සාල් ඇරගෙන ඉදින්නකුත් කබල් පුකිරිත් හැරගෙන කිරිපැණිත් මීත් කබලූව කාගන්නා විචර මුත් වඩාත් හැර නොගෙන සත්මාල් මාළිගාවේ උඩුමාලයට නැඟීලා පිසව. මමත් උඩු මාලේදී ම කමි’ යි තමන්ගේ මසුරු කමෙහි තරම සුඟකුත් පසුව හඟවන්ට නොතබා හඟවාපූය. උත් යහපතැ යි ගිවිස කබලූ කැවුමට වුවමනා දෙය ගෙන්වා ගෙන මාළිගාවට නැෙඟන්නෝ කෙල්ලනුත් සිටුවාපියා සිටාණන් පමණක් හැරගත්හ. උයිත් මාලින් මාලේ අගුළු ලාගෙන සත්වන මාලට නැඟිලා සත්වන මාලේ කවුළුදොරත් පියාපුවොත් අඳුරු හෙයින් කවුළුදොර හැර තබාලා මහදොර අගුළු ලාගෙන කබලූ කන්ට දැපි උන්හ. සිටුදියණියෝත් උදුනෙහි ගිනි මොළවාලා කබල උදුනේ තබාලා පාතදී ම කොටා සලාගත් පිටි හෙයින් කබලූ පිසන්ට පටන් ගත්හ. ඉක්බිත්තෙන් බුදුහු උදාසන ම සෘද්ධිමත් තැනට අගපත් මුඟලන් මහතෙරුන් වහන්සේ බණවාලා ‘හෙම්බා මුඟලන්නි, රජගහා නුවරට නුදුරු සක්ඛර නම් නියම්ගම මසුරු සිටා ‘කබලූ කමියි දැන් අනික් කෙනෙක් දැක ආලය කෙරෙත් දොහෝ’ යි යන භයින් සත්වන මාළිගාවේ උඩුමාලේ වැද හිඳ කබලූ පිසවයි. තොපි ඔබ ගොසින් තොපගේ ආනුභාවයෙන් මසුරු සිත් හරවා තොප කෙරෙහි පහදවාගෙන උන් දෙමහල්ලන් ලවා පිසූ කබලූපූත් පැණි ආදියත් ගෙන්වාගෙන තොපගේ ආනුභාවයෙන් එක්සිය අසු ගවුව ගෙවා වළඳන වේලාවට මේ දෙවුරමට එව නිති පිරිවර පන්සියයක් භික්ෂුන් හා සමඟ වෙහෙර ම රඳා තනි සිටාණන් පමණකට ඉදි කළ කබලූ ම සහපිරිවරින් හිඳ වළඳම්හ’ යි වාදාළ සේක. මුඟලන් මහතෙරුන් වහන්සේ යහපතැයි ගිවිස බිමින් යන ගමන් කල් යන හෙයින් අහසින් ඒ නියම්ගමට වැඩ මාළිගාවේ සිවුමැඳුරු කවුළුව ගාවා ගැටවටු ගන්වා අහස ඉඳුනිල් මිණිරුවනක් මෙන් වැඩ සිටිසේක. සිටාණෝ ද තෙරුන් වහන්සේ දැක ”මමත් වැළිත් මෙතැනට එන්නෙම් පාත වී නම් යමෙක් එතැනට සම්භ වෙති. සම්භ වූ නම් මා පවා පෙනීලා කබලූකැවුමට ආලය කළ කල ඌ තුමූ මෙතරම් දෙයකට කැල ම ආලය කෙරෙති යි උන් උන් කෙරෙහි ම සැකයෙන් මෙතැනට අයිමි. සීනෙන් සැඟවෙන්නට බැරියා සේ මුයිත් අවුදින් මෙතැනට සම්භ වූය. ආදී ම කවුළුදොරෙත් මෙසේ වූ අවුල් තකා වසාලන්ට නුවූ හෙයින් මුන් අවුත් සිටියදී වසාලන්ටත් තරම් නොවෙයි. කළමනා කිම් දෝහෝ’ යි සිතත් කබලූ කන්ට සිතාගත් උපදේශ මුත් පරලොවින් ගැළවෙන උපදෙස් පමණකුත් තමන් නොදත් හෙයින් එසේ වූ තැනට සිතන්ට නිස්සක් සිතාගත නොහී ගින්නට දමාලූ ලූණු මෙන් තතනමින් ‘මහණ, මේ අහස සිටිනා තබා සක්මන් කෙළෙහි නමුත් මින් ලබන දෙයෙක් නැතැයි කීය. ඒ අසා මහ තේරුන් වහන්සේ උන්ට ඒ බැ?රුම් වුවත් තමන් වහන්සේට බැ?රුම් නොවන නියාව හෙයින් නිරාලම්බන වූ අහස සක්මන් කරන්ට පටන් ගත්සේක. සක්මන් කරන නියාව දුටු කල හිඳිනට පිළිවන් ම නිසා වේ දැයි සිතාගත නොහී ‘සක්මන් කරන්නා තබා අහස පලක් බැඳ හුන්නත් මින් ලබන දෑ නැතැ’ යි කිවුය. මහතෙරුන් වහන්සේ ------------------- වැඩ කවුළුදොර එළිපත වැඩ සිටි සේක. ‘එතැන සිටියා තබා දුමාගියත් මින් ලබන දෙයක් නැතැ’යි කිවුය. මහතෙරුන් වහන්සේ කබලූ පිසින උදුනෙන් නැගෙන දුමටත් වඩා දුමා ගිය සේක. සියලූ මාළිගාව දුම් ගෙයක් සේ විය. සිටාණන්ගේ ඇසට දුම් වැදලා කබලූ මඳ හෙයින් හඬන්නා සේ ඇසින් දිය වැගිරෙන්නට වන. ‘දුමා යන්නා තබා දිලිහී හිය නමුත් නොලබව’යි කිවමනා බස ගෙය දායේ දෝහෝ යි යන භයින් නොකියා මේ මහණ මටත් වඩා කැවුමට රුචි ඇති වන නොලදහොත් මෙතරම් තරයක් ඇති තැනැත්තෝ නොයෙති. එක් කබලූ කැවුමක් දෙවමි’ යි පිස නිමියායෙන් දෙතහොත් එක් කබලූ කැවුම මහතැයි සිතා සිටුදුවණියන්ට කුඩා ම කොටලා කබලූ කැවුමක් පිසලා තුලූන්ට දී උන් මෙතැනින් නික්මෙන ලෙසත් කරව’ යි කිවුය. සිටුදුවණියෝ ද හැඳි අගින් පිටි සුඟිත්තක් හැරගෙන කබලූ පිසින කබලේ වත්කොටලූය. සුධාභෝජන ජාතකයෙහි මෙම මසුරු සිටාණන් කිරිබත් කන්ට පත් ගෙනෙන්ට කී කල හිමවතට අත පොවාලා අඩණ සා මහත ඇති මාලූවා පත් අතුළා සේ ම සිටි සුඟක් වත් කළත් මහතෙරුන් වහන්සේ්ගේ ආනුභාවයෙන් ආදී පිසූ කබලූ මුළුල්ලටත් වඩා කුඩා කරන්නට සිතූ කබලූ කැවුම මහත් විය. ඒ මහතැයි තවත් කඩා ම කොට පිසන්නට ප‍්‍රයෝග කළ කළ සේ ම කැවුම මහත් වේම ය. සිටාණෝ මුසුප්පුවපියා සිටුදුවණියන්ට කියන්ණෝ ‘සොඳුර, කුඩා වත් කිම, මහත් වත් කිම? තිලින් එක් කබලූ කැවුමක් දී පියව’ යි කිවුය. සිටුදුවණියනුත් එකක් හැරගෙන පිළිගන්වන්ට යයි එකක් අල්වා ගන්නා ම මහතෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් හැම කබලූකැවුම් ම එකබඳ ව ඇලිණ. සිටුදුවණියෝ එකක් වෙන් කරන්නට උත්සාහ කොටලා ‘මේ කබලූකැවුම් පිසීමෙන් වෙන් බව මුත් තිබීමෙන් එක් විය. වෙන් කොටගත නොහැකි ය’ යි කිවුය. එසේ වී නම් ඉඳොයි කියාලා තුමූත් එකක් වෙන් කරන්ට යත්න කොටත් වෙන්කොටගත නුහුණු වූය. පිසූ තැනැත්තවුන් හා පිසවූ තැනැත්තවුන් හා දෙන්න එක්ව එකක් වෙන් කොටගන්ට යත්න කොටත් වෙන්කොට ගත නුහුණු වුය. ගත් ආයාසයෙන් ඇඟින් ඩාත් වැඟිරෙන්ට වන. කෑමට රිසිත් ගියේය. ---------- දෙන්ටත් සිතාගෙන අපට කබලූකැවුම් නොකමැත්තේය. පැසින් ම දීපියව ’යි කියා සිටුදුවණියන්ට කිවූය. උයිත් කබලූපැස හැරගෙන මහතෙරුන් වහන්සේ ළඟට ගියෝය. මහතෙරුන් වහන්සේ උන් දෙන්නාට තුනුරුවන ගුණත් දන් දීමෙහි අනුසසුත් විභූත කොට දක්වා බණ වදාරා දෙන්න ම සතුටු කැරවු සේක. බණ අසා පහන් සිතැඟි සිටාණෝ ‘ස්වාමීනී, ඇතුළු මාළාගාවට වැඩ ශ‍්‍රීයහන් මත්තේ වැඩහිඳ කබලූ වැළඳුව මැනැවැ’ යි කිවුය. ‘සිටාණෙනි, අප එසේ වළදන්නේ කෙසේද? බුදුහු නිති පිරිවර සඟපන්සියය හැරගෙන සිඟාත් නොවැඩ කබලූ වළඳන්්ට වෙහෙර ම වැඩහුන් සේක. තොපගේ කබලූ කැවුමට රුචි නැතත් බුදුන් කරා යන්ට රුචි ඇත්තා නම් සිටුදුවණියන් හා තෙල හැම ගෙන්වා ගෙන මා සමඟ එව’ යි වදාළ සේක. සිටාණෝත් ‘බු¥හු දැන් කොහිදැ’ යි විචාරා ‘මෙතැනට එක්සිය අසූගව්වෙකින් ඔබ්බේ දෙව්රම් වෙහෙර වසන සේකැ’ යි වදාළ කල්හි ‘වේලා නොවරදවා මෙතෙක් කතර යා හැකි දැ ’ යි. විචාළහ. ‘සිටණෙනි, තෙපි රුචි ඇත්තා නම් මම මාගේ ආනුභාවයෙන් කුඳවාගෙන වේලා නොවරදනා තෙක් ඔබ ලාලමි’ වදාළ සේක. එතැන තබා බඹලොව වැඩහුන්නත් ඔබ වී නමුත් ලාලන්ට බල ඇති සේක. මෙසේ වදාරාලා ‘සිටාණන්ගේ මාළිගාවේ හිණිහිස මේ මාළිගාවේ ම වෙවයි හිණිපාමුල දෙවුරම වේව’යි ඉටාලා උන් දෙමාල්ලන් කැඳවාගෙන උඩුමාලෙන් යටමාලයට බසිනා වේලාවටත් වහා ම දෙවුරමට වැඩි සේක. ඔහු දෙන්න ද බුදුන් ළඟට ගොසින් වළඳන වේලා නියාව දැන්වූහ. බුදුහූ වලඳන ගෙට වැඩ පණවන ලද බුදුහස්නෙහි සඟගණ පිරිවරා වැඩහුන් සේක. සිටාණෝ ද බුදුපාමොක් සඟගණට අතට පැන් දුන්හ. සිටුදුවණියෝ බුදුන්ගේ පාත‍්‍රයට කබලූ පිළිගැන්වූය. බුදුහූත් යපෙන පමණක් පිළිගත් සේක. පන්සියයක් දෙනා වහන්සේත් තමන් තමන් වහන්සේ යපෙන පමණක් පිළිගත් සේක. සිටාණෝ ද මී සකුරු පැණි ආදිය පිළිගැන්වූය. බු¥හු සහපිරිවරින් බතටත් කොට කබලූ ම වැළª සේක. සිටාණෝ ද වළඳා ඉතිරිව ගිය දෙය හෙයින් ඇඹේණියන් හා සමඟ බඩ පුරාම කෑවූ ය. වළඳන වෙලාවට වෙහෙරට රැුස් වූ සිය ගණන් සිඟන්නන් පුලන්නන්ටත් දීත් සිටාණන් පමණකට ඉදි කළ කබලූ නොනිමා සිටුදුවණියන් විචාළ ලෙසින් සියලූ සක්ඛර නම් නියම්ගමේ ඇත්තවුන්ට දුනත් නොනිමෙන තරමේ තිබෙයි. උතුරුකුරු දිවයිනින් ගෙනා සාල් නැළියෙක කබලූත් නොවෙයි වහන්දෑ ද බුදුන් ළඟට ගොසින් කබලූ නොනිමෙන නියාව දැන්වූ සේක. බුදුහූ ඒ අසා ‘එසේ වී නම් වෙහෙර දොරටුව කෙරේ ලවාපියව’ යි වදාළ සේක. වදාළ විධානයෙන් දොරටුව ළඟ ගල්තෙල්ලෙක ලාපී සේක. ඒ ගලට අද දක්වාත් ‘කබලූගල ය’ යි කියති. සිටාණන්් හා සිටු දුවණියෝ ද බුදුන් ළඟට ගොසින් වැඳලා එකත්පස් ව සිටියහ. බු¥හු උන් අනුභව කළ කබලූරසය වෘත්තසන්නිශ‍්‍රිත හෙයින් විවෘත්ත සන්නිශ‍්‍රිත රසයක් දෙවනු නිසා බණ වදාළ සේක. බණ අසා දෙන්න ම සෝවාන් ව බුදුන් වැඳගෙන වෙහෙර දොරටුයෙහි පිහිටා තිබූ හිණට නැඟී ගිහින් නැගී තමන්ගේ මාළිගාවට ම ගියහ. සිටාණෝ ද එවක් පටන් අසූ කෙළක් වස්තු මසුරු සිත් නැති වූ හෙයින් දන් විෂයට ම නිල කළහ. දෙවන දවස් සවස ධම්සෙබයි රැුස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, මුඟලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවයක් බලව. මසුරු සිටාණන්ගේ සැදැත් නොනසා සම්පතටත් හානියක් නොකොට ඇසිල්ලකින් ම උන් පහදවාගෙන ප‍්‍රාත‍්‍රයට පිළගෙන ගෙනෙන්නට පිළිවන් කබලූ උන් ලවා ගෙන්වා ගෙන අවුත් බුදුන්ට ළං කොටලා සෝවාන් කරවාලූ සේක. අනේ ඔබගේ ආනුභාවයක් බලවත් නියාය’ යි ඔබගේ ගුණ වදාල සේක. බුදුහු එතැනට වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා වදාරා මුඟලන් මහ තෙරුන් වහන්සේගේ ගුණ කථාව නියාව දැන්වූ කල්හි ‘මහණෙනි, කුල පහදවන්නවුන් විසින් සැදෑවටත් භෝගයටත් හානියක් නොකොට මල්රොන් ගන්නා මී මැසි බඹරමැසි ආදීන් මලෙයි පෑයටත් සුවඳටත් හානියක් නොකොට වුවමනා රොන් පමණක් හැරගෙන මී රස කරනු නිසා වලකට ගොසින් ගස් සිදුරු ආදියෙහි මල් රොන් ලාලා සෙසුත් වුවමනා දෙයක් ලාලා මී බැඳ මී රස අනුභව කරන්නා සේ ගම්වල සිඟා ඇවිද ලද දෙයක් ගමින් පිටත පැන් පාංසු තැනකදී හිඳිනා කඩ ලාගෙන වැදහිඳ පිළිකුල් විසින් මෙනෙහි කොට බත අනුබව කොටාලා වලට වැද කමටහන යෙදී මාර්ගථල උපදවාගෙන නිවන් රස අනුභව කරන්නෝ ය’ යි වදාරා බොහෝ දෙනා නිවන් දක්වා මුඟලන් මහතෙරුන් වහන්සේ ගිය දවසත් ශක‍්‍ර ව ඉපිද මසුරු සිටාණන් දන් පින්හි යෙ¥ සැටිය දක්වන්නට - උභො ඛඤ්ජා උභො කුණී උභෝ විසමචක්ඛුලා උභින්නං පිළකා ජාතා නාහං පස්සාමි ඉල්ලිසං යනාදීන් ඉල්ලිස ජාතකයත් වදාළ සේක. එසේ හෙයින් නුවණ ඇත්තවුන් විසින් මසුරු සිත නම් දියෙහි හටගත් සෙවෙලක් මෙන් කුසල් සිතට පිළිවක් හෙයින් කළ පිටින් සෙවෙල් ඉවත් කරන්නා සේ කඳංග වශයෙන් වුවත් මසුරු සිත නැතිකොට කුසල්හි යෙදී නිවන් අත්පත් කටයුතු. පන්සිය පනස් ජාතක පොත ඡුද්දන්ත ජාතකය කින්නු යොවයි අනුවචංගි පණ්ඩුති වරවණණිනි, මිලායයි විසාලඛි, මාලාව පරිමද්දිතා තව ද එක් සමයෙක්හි සත්ත්වයන් ජාතිකාන්තරාදීන් තරණය කොට නිර්වාණ ක්‍ෂෙම භූමියට පමුණුවන හෙයින් ශාස්තෘ නම් වූ පරාර්ථ සාධක, පරම කාරුණික, පරමධීර, පරම විරත්වාදී ගුණාගණාභරණ අප බුදුරජාණන් වහන්සේ නෛකතරුවහිරාම ෙඡ්තවනාරාමයෙහි මෛත‍්‍රී කරුණාමුදිතෝපේක්‍ෂාය යන සතර ආර්ය බ‍්‍රහ්ම විහරණයෙන් වැඩ වසන සේක් ළදැරි මෙහෙණින්නක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ කෙසේ ද යත් ඃ සැවැත් නුවර වසන එක් කුල දුවක් ගිහි ගෙයි විසීමෙහි ආදීනව දැක පැවදි ව එක් දවසක් තෙසු මෙහෙණින්නන් සමඟම බණ අසනු පිණිස ගොසින් අලංකෘතකොට සරහණ ලද අස්නෙහි හිඳ බණ වදාරන්නා වූ බුදුරජාණන් වහන්සේ ගේ අපමණ කුසලානුභාවයෙන් නිපන් උතුන් රූප සමුර්ධියෙන් යුක්ත වූ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනූඛ්‍යඤ්ජන කේතුමාලාලංකාරයෙන් අලංකෘත කොට සරහන ලද අස්නෙහි හිඳ විරාජමාන ආත්මභාවය බලා සසර ඇවිදිනා මා විසින් මේ උත්තමයාට පාදපරිචාරිකාව විසූ කෙනෙක් ඇද්දෝ හෝ සිතූහ. ඉක්බිති එවිගසම මෙහෙණින්ට ජාතිස්මරණ ඥානය පහළ විය. මම මේ රුවින් අග‍්‍රප‍්‍රාප්ත මහාපුරුෂයා හට ඡුද්දන්ත හස්ති රාජ ව උපන් කාලයෙහි බිරින්දව උපනිමි, සමඟ මෙබඳු සැප ලදිමි. ජන්මාන්තරයෙහි මිදී සැප සලකන්නාවුහට මහතු වූ ප‍්‍රීතිප‍්‍රමෝද්‍ය උපන්නෙහි ය. ඒ ප‍්‍රීතියෙන් මහත්කොට සිනාසී මෙසේ සිතන්නී, පාදපරිචාරිකාවගේ නම් තමාගේ වල්ලභයාට හිත අදහස් ඇත්තවුන් ඇත. අහිත අදහස් ඇත්තවුන් ඇත. මෙදෙකින් ඇත් රජ ව උපන් මහත්මයහට කෙලෙස විසීම්දෝ හෝ යි සදහම් කරන්නී., එකල්හි යම්තම් දෝෂයක් සිත්හි තබා එක්සිය විසි රියන් දිග ඇති ඡුද්දන්ත නම් ඇත් රජුහූ සෝනුත්තර නම් වැද්දක්හු යවා විෂ පෙවූ සැරයකින් විදුවා ජීවිත විනාශයට පැමිණීම් දුටුවා ය. ඉක්බිති මෑට ඒ කළ තදකම් සිතා මහත් සෝක උපදවන්නේ හෘද වස්තුව හුණු වූයේ ය. සෝක ධරාගත නොහී ආශ්වාස ප‍්‍රශ්වාස සුසුම්ලමින් මහ හඬින් හැඬුව. එසඳ බුදුරජාණන් වහන්සේ ගෙන් සිනාවක් පහළ කොට, සිනාසුනු කරුණු කිම්දැයි භික්ෂූන් වහන්සේ විචාරන ලද සේක් එම්බා මහණෙනි, මේ බාල මෙහෙණි තොප පෙර එක් ජන්මයෙක්හි මට කළ තදකමක් සිතා හඬන්නී යයි වදාරා ඒ කෙසේදැයිි වදාළහොත් යහපතැයි ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ භවයෙන් ප‍්‍රතිච්ඡුන්න වූ මේ ජාතක කථාව ගෙනහැර දක්වා වදාළ සේක. යට ගිය දවස හිමාල පර්වත සමීපයෙහි සදත්දහතලා නම් මහවල නිසා අට දහසක් පමණ සදත්කුලයෙහි උපන් සෘද්ධිමත් වූ ආකාශයෙන් යන ගමන් ඇති ඇත් රැුලෙක් විසූහ. එකල්හි පුරණ ලද පාරමිතා ඇති මහ බෝධිසත්ත්ව තෙම යූථපති ඇත් රජුට පුත්ව උපන්නේය. එතෙම රිදී පර්වතයක් සේ සර්වාංගයෙන් ධවල වූ ලාක්‍ෂාරසයෙන් තෙත් වූ මුඛයක් හා පාදා ඇත්තේය. එක්සිය විසි රියන් පමණ දිගින් යුක්තය. අටපණස් රියන් දිග ඇති සොඬින් සමන්විත ය. ඔහුගේ දළ වනාහි වටින් පසළොස් රියන් පමණය. දිගින් තිස් රියන් පමණය. සවණක් රැුස් විහිදෙන්නේය. තෙමේ අටදසක් ඇතුන්ට නායක වූයේ ය. ඔවුන් පිරිවරා ගොස් පසේබුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ ය. මේ ඇත් රජුට චුල්ලසුභද්‍රාය, මහාසුභද්‍රාය යන ඇතිනියෝ දෙදෙනෙක් අග මෙහෙසුන් වූහ. මෙසේ මේ ඇත්රජ තෙම ඡුද්දන්ත කුලයෙහි අට දහසක් ඇතුන් පිරිවරා ගුහායෙක්හි වසන්නේය. ඒ ඡුද්දන්ත නම් විල තෙම අයම් විතරින් පනස් පනස් පමණ ඇත්තේ ය. එවිල මැද යොදුනක් පමණ ස්ථානයෙක්හි දිය පරඬලා සෙවල් ආදිය කිසි කලෙකත් නැත්තේ ය. ඉඳුනිල්මිණි කැට සේ නිල් වූ ජලයම සිටිනේ ය. ජලයට අනතුරුව යොදුනක් පමණ පළල ඇති හෙල්මැලි වනය වටා සිටින්නේ ය. ඒ ජලය වට කොට යොත්නක් පමණ පළල ඇති නිලූපුල් වනයම සිටියේ ය. ඒ වටකොට යොදුන් පමණ පළල ඇති රතුපුල් වනය ය. ඊට අනතුරුව කියන ලද හෙල්මැලි පියුම් ආදී මහා මිශ‍්‍ර වනය ය. යොත්නක් පමණ පළලය. ඒ මහා මිශ‍්‍ර වනය වටා සිටි ඇතුන් පෝනාදියෙහි යොදුන්්්් පමණ පළල ඇති රත්හැල් වනය පිහිටියේ ය. ජීවලාන්තරයෙහි නිල්මල් රන්වන් මල් සුදුමල් පිපෙන මනාවූ සුවඳැති පියුන් මලින් ගැවසීගත් කුඩා ගස් ඇති වනය, යම් සේ ඒ වනයෝ දස දෙනම යොදුන් යොදුන් පමණ පුළුල් ඇත්තාහ. ඉක්බිති යොදුන් පමණ පළල ඇති මහ මෑ වනය, ඊට ඉක්බිති යොදුන් පමණ පළල ඇති මුං වනය, ඊට ඉක්බිති තියඹරා වනය, ඊට ඉක්බිති යොදුන් පළල ඇති කැකිරි වනය, ඊට ඉක්බිති යොදුන් පමණ ඇති කොමඩු වනය, ඊට ඉක්බිති යොදුන් පමණ තැන්හි පුවක් කඳ සා දඬු ඇති උක් වනය, ඊට ඉක්බිති ඇද්දල සා පමණ පළල ඇති කෙහෙල් වනය, ඊට ඉක්බිති ගිවුලූ වනය, ඊට ඉක්බිති අඹ වනය, ඊට ඉක්බිති සියලූ වෘක්‍ෂයෙන් ගැවසී ගත්තාවූ මහ මිශ‍්‍රවනය, ඊට ඉක්බිති වටකොට මහත් හුණවනය පිහිටියේය. ක‍්‍රමයෙන් යොදුන් පමණ යොදුන් පළල ඇති මේ වනයෝ අටදෙන පිහිටයාය. ඡුද්දන්ත විල වටකොට පර්වතයෝ සත් දෙනෙක් පිහිටියාහු ය. මොවුන් ගේ පිටත කෙළවර පටන් පළමු වන පර්වතය චුල්ලකාල නම, ඊට ඉක්බිති පර්වතය මහාකාල නම, එයට ඉක්බිති පර්වතය උදකපාර්ශ්ව නම ඊට ඉක්බිති චන්ද්‍රපාර්ශව පර්වත ය, එයට ඉක්බිති සූර්ය පර්වත ය, ඊට ඉක්බිති මණිපාර්ශව පර්වත පිහිටියේ ය. මෙසේ පර්වතයෝ සත්දෙන සදත්විල වටකොට සිටියාහ. ඇතුළු කෙළවර සිටි ස්වර්ණ පර්වතය තෙම උසින් සත් යොදුන් පමණ වූයේ ය. සදත්විල වටකොට පාත‍්‍රමෝවිටක් මෙන් සිටියේය. ඒ පර්වතයාගේ ඇතුළු පිට ඝන රන්මය විය. එයින් නික්මුණු රන්වන් රැුස්පහර හේතුකොට ගෙන සදත්විල තෙම හැම විටම නැංගා වූ ළහිරු මඬලක් මෙන් බබළන්නේය. ඉක්බිතිව සිටි පර්වතය තෙම උසින් සයොදුන් පමණ ඇත්තේය. තුන්වැනි පර්වතය උසින් පස්යොදුන් පමණ උස ඇත්තේය. ඊට අනතුරු පර්වතය උසින්් සතර යොදුන් පමණය. ඊට ඉක්බිති පර්වතය තුන් යොදුන් පමණය. ඊට ඉක්බිති පර්වතය දෙයොදුන් පමණය. ඊට ඉක්බිති හැම පර්වතයන්ට කෙළවර පිහිටි චුල්ල කාල පර්වතය යොත්තක් පමණ වූවේ ය. මෙලෙස පර්වත වළලූ සතකින් පරික්‍ෂිප්ත ඡුද්දන්ත විලට ඊසාන කෝණයෙහි දියමුසු පටන් පහරනා තෙන මහත් නුග ගසෙක් පිහිටියේ ය. ඒ වෘක්ෂයාගේ කඳවට පස්යොදුන් පමණය. වෙලප දක්වා උසින් සත් යොදුන් පමණය. සතරදිගට ගිය ශාඛාවන් සයොදුන් සයොදුන් පමණ ඇත්තේ ය. උඩ බලා නැඟී ශාඛාව දස යොදුන් පමණ ඇත්තේ ය. මෙසේ නිග්‍රෝධ වෘක්ෂය මුල පටන් ශාඛාග‍්‍රය දක්වා උසින් තෙළෙස් යොදුන් පමණය. වෙලෙප දක්වා උසින් සත් යොදුන් පමණය. සතර දිගට ගිය ශාඛාවන්ගේ් ඇක අතු අගට සතර දොළොස් යොදුන් පමණය. මේ අට දහසක් අරළුවෙන් සැරහුණේය. මඩුලූ ඉඳුනිල්මිණි පර්වතයක් මෙන් සෝභාසම්පන්නව සිටියේ ය. ඡුද්දන්ත විලට බස්නාහිර ස්වර්ණපාර්ශවයෙහි දොළොස් යොදුන් රන්ගල් ගුහාවෙහි ඡුද්දන්ත නම් හස්තිරාජතෙම වර්ෂා කාලයෙහි අටදහසක් ඇතුන් පිරිවරා සිටියේ ය. ග‍්‍රීෂ්ම කාලයෙහි දිය බින්දු මුසු පවන් විඳිමින් අටදහසක් ඇතුන් පිරිවරා නුග රුක අරළු අසූඅස්සෙහි සිටිනාහ. මෙසේ වන සිරි විඳිනා ඇති රජුට සල් වනය මල් පිපී සිටිනේය. මල්රොණින් තැවරූ මෙන් රුක් මුල් සෙවණෙහි ගිමන් කල්හි දවස් හරනට සැපයැයි දැන්වූහ. එකෙණෙහි ඇත්රජ සෙසිතව සල්වෙනෙහි ගිමන් කල්හි දවස් හරනට සැප යැයි දැක්වූහ. එකෙනෙහි ඇත් රජ සෙසිතව සල්වෙනෙහි කෙළනට යම්හ යි කියා ගොස් ඒ ඇත්රජ තෙම පිපී සිටි මහ සල් රුකක් දළින් පහළෙන් නම් තැළෙයි සිතා කුම්භස්ථලයෙන් පහළේය. එකෙණෙහි යට සුළඟ සිටි චුල්ලසුභද්‍රා නම් ඇතිනිය ඇඟ ලී දඬු මරාටු පරඬලා කුනු දිමිකදළු ආදිය හුනුයේ ය. උඩුසුළඟ සිටි මහා සුභද්‍රාවන් ඇඟ මල්රොන් සමඟ පෙති වගුළේ ය. එකෙණෙහි චුල්ලසුභද්‍රා තොම සිතන්නි මාගේ ස්නේහ ඇති බිරින්ද ඇඟ මස් කෙසරු රොන් සලා පෙති විසුරුවූහ. මාගේ ශරීරයෙහි මරාටු පරඬලා කුරු කුහුඹු කසළලූහයි නිස්සාරණයෙහි වෛර බැඳීය. ඒ නැවතත් දවසක් ඇත් රජ්ජුරුවෝ නහවනු පිණිස පිරිවර ඇතුන් හා ඇතිනි මුවන් සමඟ ගොස් ඡුද්දන්ත විලට බටහ. ඉක්බිති නහඹු ඇතුන් දෙදෙනෙක් සොඬින් සුවඳහොට මිටි ගෙන කෙළෙස් කුලූ මඬනා කලක් මෙන් උලා නෑවුහ. එරජහු නහා ගොඩ නැගී කල්හි අග මෙහෙසුන් ඇතින් දෙදෙනා නෑවූහ. ඔහු දෙදෙනත් ගොඩ නැගී මහාබෝධි සත්වයන් සමීපයෙහි සිටියාය. ඉක්බිති අට දහසක් පමණ මතැත්හු සදත් විලට බැස දියකෙළි කළ ඒ විලින් නෙයෙක් වර්ණයෙන් යුක්ත මල් ගෙනවිත් රිදී දාගැබක් සරහණ කලක් පරිද්දෙන් මහ බෝධිසත්ත්වයන් සරහා ඉක්බිති ඇතින්නන් දෙන්නා සැරහූය. එවිගස දියකෙළ ඇවිදිනා එක් ඇතෙක් සත් බුමු මහපියුමක් මා බල බලා සිටියදී තමන්ගේ ප‍්‍රිය භාර්යාවට දුන්නේය. මට නුදුන්නේ යයි නැවතත් බෝධිසත්ත්වයන් කෙරෙහි වෛර වූවාය. නැවත එක් දවසක් මිහිරි ඵලාඵල හා නෙලූඹුදැලි පොකුරු මී හා එක්ව යොදා පන්සියයක් පසේබුදුවරයන් වහන්සේට දන් දී ප‍්‍රාර්ථනා කරන්නී මේ ආත්මභාවයෙන් චුතව ගොස් මධුරාජකුලයෙහි ඉපිද සුභද්‍රා රාජකන්‍යාව වැඩිවිය පැමිණ බරණැස් රජහට අග මෙහෙසුන්ව ප‍්‍රියවචන වඩන්නෙමි. ඒ රජුහුමට වසඟ කොට කීවා කරන පරිද්දෙන් මා නතු කරවා ගෙන ඕහට කියා එක් වැදි පුත‍්‍රයෙකු මෙහි මෙත් පෙදෙසට යවා මේ ඇත් රජහූ විෂ සැරයකින් විද ජීවිත විනාශයට පමුණුවා සවණක්රැුස් විහිදුනාවූ දළ සඟළ ගෙන්වා ගන්ට සමර්ථ වෙම්වයි කියා ප‍්‍රාර්ථනා කළාය. එතැන්පටන් ගොදුරු නොකා ඊර්ෂ්‍යාවෙන් වියළි නොබෝ කලකින් කාලක‍්‍රියා කොට මධු රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසඳ ගත්හ. උපන්නා වූ බිසවුන්ට සුභද්‍රා යයි කියා නම් තුබූහ. ඉක්බිති ක‍්‍රමයෙන් වැඩි වයසට පැමිණීය. බරණැස් රජහට පවා දුන්හ. ඕතොම රජහට ප‍්‍රියව මන වඩන්නී සොළොස් දහසක් පුරඟනන්ට ප‍්‍රධානව ජාතිස්මරණ ඥානය ලදින් වාසය කරන්නීය. මෝ තොම එක් දවසක් මෙසේ සිතන්නී මාගේ ප‍්‍රාර්ථනාව සමුර්ධ විය. දැන් වනාහි ඒ ඇත් රජුහු විද හෙළවා දළ සඟළ ගෙන්වා ගනිමි සිතා බොරු ගෙඩ ගසා සියලූ ශරීරයෙහි තෙල් ගල්වාගෙන කිලිටු වස්ත‍්‍රයක් ඇඳගෙන ඔබලත් වෙසයක් දක්වා යහන් මතුයෙහි වැදහොත්තී ය. එකෙණහි රජ තෙමෙ සුභද්‍රා දේවී කොයිදැයි විචාරා ලෙඩ යයි යනු අසා ශ‍්‍රී යහන් ගබඩාවට වැද යහන් මතුයෙහි හිඳ පිට පිරිමදිමින් මෙලෙස පිළිවිසිනේයි, ජාම්බෝනද ස්වර්ණයට බඳුවු රූ ඇති දේවීනී, තොපගේ ඒබඳු ශරීරය පඬුවන් පැහැට ගොසින් සෝකාතුර වූයේය. පියුම් පෙත්තක් සේ විසාල වූ ඇස් සඟළක් ඇති තෙනැත්තීය, මල් දමක් මෙන් මලානිකව ගියව. මීට කාරණා කිමෙක්දැයි විචාළේය. එබස් ඇසූ බිසව තුමූ මෙලෙස කියන්නී, රජ්ජුරුවන් වහන්ස, සුවප්නයෙහි දැකීම් වශයෙන් මහත් දොළක් උපන්නේය. ඒ දොළ තෙමේද ලැබ හැක්කා සේ නො වෙයි. එතකුදු වුවත් ඒ නොලද්දේ වීම් නම් ජීවිතය නොතිබින්නේ යයි කීය. එබස් ඇසූ රජතෙම කියනුයේ නුඹ ජීවිතයක් වැනි බිසවුනි, මේ මිනිස් ලොවේ ඇති යම් සැපතෙක් ඇත්නම් එම බොහෝව ඇත්තේය. එබැවින් තොප කී යම් දෙයක් පමුනුවා ලමි. සෝක නොකරවයි කීයේ යි. එබස් ඇසූ බිසව තොම රජ්ජුරුවන් වහන්ස, මට උපන්නේ ඉතා ලැබ්බ නොහැකි දොළක. එබැවින් දැන් මම නො කියමි. නුඹ වහන්සේ ගේ විජිතයෙහි යම් පමණ වැදි කෙනෙක් ඇද්ද ඔවුන් හැම රැුස්කළ මැනව. එකල්හි මේ ඇති වූ දොළ නුඹ වහන්සේට කියමි කියා වැද හොත්තීය. එසඳ රජ තෙම යහපතැයි ගිවිස ශ‍්‍රී යහන් ගබඩාවෙන් නික්ම තුන් සියයක් පමණ යොදුන් කසීරට යම් පමණ වැදි පුත‍්‍ර කෙනෙක් ඇද්ද එකකුත් නො වලහා රැුස්කරවයි ඇමතියන්ට විධාන කොට රාජ්‍යයේ බෙර ලැවූහ. ඊ සිට කීප දවසකින් සියලූ වැදි පුත‍්‍රයෝ තමන්ගේ ශක්ති වූ පරිද්දෙන් පඬුරු ගෙනවුත් රැුස් වූ නියාව රජ්ජුරුවන්ට කියා යවූහ. එසඳ රැුස්වූ වැදි පුත‍්‍රයෝ සැට දහසක් පමණ ඇත්තාහ. රජතෙම ඔවුන් ආ බව දැක කවුළු දොරෙහි සිට අත දිගුකොට බිසවුන්ට දක්වා මෙලෙස කියන්නේය. දේවීනි මේ රැුස් වූ සැට දහසක් පමණ වැදිකමෙහි වෙන වෙනම සමර්ථයෝ ය. කවර කාරියක් නමුත් සාදා දීලන්ට බුහුටිහුය. දඹදිව ඇති සියලූ වනදුර්ග ගිරි දුර්ගාදියෙහි සත්ත්වයන් දැන නොයෙක් මෘග පක්‍ෂින්ගේ නම් සලකුණු ආදී තත්ත්වයන් දනිති. නැවත මටම පුදන ලද ජීවිතයන් ඇත්තාහයි, එසේ හෙයින් තමන්ගේ යම් කටයුත්තක් කරවනු කැමැත්තේ වී නම් එම සාදා දෙන්නාහයි කීයේ යි. ඉක්බිති බිසව්තුමූ රජ්ජුරුවන් සමීපයෙහි වැදිපුත‍්‍රයන් නුදුරු තෙනට ගෙන්වා මෙලෙස කියන්නී, හාත්පසින් රැුස්වූූූූූූූූූූූ බොහෝ වැදිපුත‍්‍රයෙනි, සවණක් රැුස් විහිදුනා ලද දළ සඟළක් ඇති ඇත්රජහූ සීනෙන් දුටුමි. ඔහුගේ දළ ලදින් නම් ජීවත් ජීවත් වෙමි. එලෙස නොලදින් නම් මාගේ ජීවිතය නොතිබෙන්නේ යයි තමා දොළ පරිදි කිව. එබස් ඇසූ වැදි පුත‍්‍රයෝ කියන්නාහු දෙවියන් වහන්ස, නුඹ වහන්සේ විසින් සිහිනෙන් යම්බඳු සවණක් රැුස් විහිදුනා ලද දළ ස`ගලක් ඇති ඇත් රජෙක් දක්නා ලද ද එසේ වූ ඇතකු අප ගේ මුතුන් මී මුතුන් විසිනුත් දුටුවයි ඇසුවේ නැත. අප විසින් කළමනා නො දක්නා ලද, එබැවින් නුඹ වහන්සේ දුටු සැටියේ වෙසෙසින් කිවමැනවයි කීහ. නැවතත් ලැබ්බ නොහැකි දොළකැයි හ`ගවා කියන වැදි පුත‍්‍රයෝ දේවිනී සතර දිගෙක සතර අනු දිගෙක උඩය යට යයි දස දිගෙක් ඇත. මෙයින් කවර දිගෙක ඇතැයි දනුමෝද වදාළ මැනවයි කීහ. මෙසේ කී කල්හී සුභද්‍රා තොමෝ රැුස් වූ වැදි සමූහයා බලා ඔවුන් අතුරෙන් පැතිර සිටිනා පතුල් ඇති බත්මුලූ සේ සිටින කෙණ්ඩ ඇති මහත් වූ දණම`ඩුලූ ඇති පළල්ව සිටිනා ඇලවර ඇති දලව කොරසැටිව තඹවන් දැලිරැුවුල් ඇති පි`ගුවන් ඇස් ඇති අවලක්ෂණ ස්වරූප ඇති පිළිකුල් වූ වෙස් ඇති සියලූ වැදි රැුස්ව උස්ව පෙනෙන මහ බෝධිසත්වයන්ට ජන්මාන්තරයෙහි වෛර වූ සෝනුත්තර නම් වූ වැදි පුත‍්‍රයා දැක මේ කටයුත්ත සාධා දෙන්ට නිසි යයි රජ්ජුරුවන් අනුදන්වා ඔහු කැඳවා ගෙන සත්මාල් ප‍්‍රාසාදයෙහි මතු මාලයට නැ`ගී උතුරු දිග සිවුමැඳුරු කවුළුව හැර හිමවතට අත දිගු කොට ඒ ඇත්රජු වසන තැන් දක්වන්නී මෙලෙස කියා, වැදි පුත‍්‍රයාණෙනි, මෙනුවරට ඉඳුරාම උතුරු දිගය. බොහෝ ගම් නියම්ගම් ගෙවා තා ගිය කල්හි චුල්ලකාලය මහාකාලය යනාදී පර්වතයන් ඉක්මගිය කල්හි සත්වැනි ස්වර්ණ පර්වතයෙක් ඇත. ඒ පර්වතය මුදුනෙහි පිපී සිටි නොයෙක් රුක් මුදුනෙහි මල්මුවරද බී කෙළනා බමර වැලන්ගේ මුවනාදීමෙන් කල්දෙවියාපස ගීතික ස්ථානයක් වැනි විය. ගිරි හිස ගායනා කොට කෙළනා කිඳුරාංගනාවන් හා කිම්පුරුෂයන් ගෙන්ද රන්මොනර කැලන්ගෙන්ද සැරහුණේය. මෙලෙසින් දෙවියන්ගේ ක‍්‍රීඩා භවනයක් සමාන වූ සත් යොදුන් උස ඇති පර්වත ශිඛරයට පැණනැගී ඔහුගේ ප‍්‍රාන්ත භූමිය බලව. ඉක්බිති ඡුද්දන්ත විලද ඒ වටා සිටි හෙල්මැලි, ඇඹුල, උපුල, රත්පියුම්, හෙළපියුම් වනයෙන් සැ¥ මලස්නක් මෙන් සිටියවුන් දක්නෙහිය. ඉක්බිති උන් වනය අවසන් කොට සිටි මහවනයෙන් බලමින් ඒ විලට ඊසාන කොණයෙහි නිල්මහමේ කැලන් මෙන් දිලියෙන අටදාසක් අරළු ඇති නුග ගසක් දක්නෙහිය, ඒ රුක් මුල්හී රිදී පර්වතයක් බබළන්නාක් මෙන් සවනක් රැුස් විහිදිනා දළ ස`ගළක් ඇති ප‍්‍රතිහස්තීන් විසින් මැ`ඩ පැමිණිය නො හැකි ඡුද්දන්ත නම් හස්තිරාජ තෙම ගිම්සමයෙහි සිහිල් පවන් විඳිමින් සිටියේ ය. මේ ඇත්රජහු රිය හිසට බඳු වූ මටසිලිටු වු දළ ස`ගළ ඇතිව පවනට බඳු වේගයෙන් ගොස් ප‍්‍රතිහස්තින් විසින් පහරනසුලූ අට දහසක් පමණ ඇත්හු පිරිවරා රැුකවල් ගෙන සිටිනාහ, මෙතෙක් හස්තීහු පවනින් සෙල්ලූනු කල්හි මහත් කොට නාසාවාතයන් අරිමින් බිම ඇත්පැහැර ගුගුරමින් වනය එකනින්නාද කොට සොයන්නාහ. ඉදින් එසේ වු මිනිස් කෙනෙක් හමුවූ නම් පැහැර සුනුවිසුනු කොට ධූලි පමණක් නොතබන්නාහ යි කීය. එබස් අසා සෝණුත්තර නම් වැදිපුත‍්‍ර තෙම මරණ භයින් තැතිගෙන දළ ගෙන්වීමෙන් ප‍්‍රයෝජන කිම්දැයි කියනුයේ දේවයන් වහන්ස නුඹ වහන්සේ ගේ රාජ කුලයෙහි ජාඹෝනද ස්වර්ණමය වු මුතු මැණික් වීදුරු ආදිය ඔබා කරන ලද බෝහෝ ආභරණයන් ඇතිව තිබැදි මේ දළකඩ පලඳනා ප‍්‍රයෝජන නම් රට ඇති වැද්දන් මරණ පමණක්ම වේ දැයි කීයේය. ඉක්බිති බිසවු තුමු මෙලෙස කියන්නී වැදි පුත‍්‍රයාණෙනි, මම මීට පළමුවන ජාතියෙහි මේ ඇත් රජුට අගමෙහෙසුන්ව මා බලා සිටියදී අනිත් අගමෙහෙසිනී තෙනැත්තන්ට කරන ආවේණික දැක ඊර්ෂ්‍යාවෙන් ම`ඩනා ලදින් සපත්නි රෝෂයෙන් දුප්පත් වී චුතවද ඉදිරියෙන් සිතුවී මම සිතට බෝහෝ දුක් වැදීමෙන් වියළෙමි. එබැවින් මා සිතූ අභිප‍්‍රාය සාදා දිනි නම් තොප ධනධාන්‍යයෙන් සමුර්ධ වූ ගම්වර පසකුත් දෙමි කියා, තවද වැදිපුත‍්‍රය, මම මේ ඡුද්දන්ත හස්තීහු මරවා දළ ගෙන්වා ගන්ට පොහොසත් වේමැයි කියා පසේබුදුවරයන් වහන්සේට දන් දී ප‍්‍රාර්ථනා කෙළෙමි, මෙපමණ මුත් සීනෙන් දුටුයෙත් නැත. එබඳු දොළකුත් නැත. එතකුදු වුවත් මේ පැතූ ප‍්‍රාර්ථනාව සිද්ධ වන්නේ ය. එසේ හෙයින් යන්ට අයස යයි භයපත් නොවේ යයි අස්වැසුහ. එකෙණෙහි සෝනුත්තර නම් වැදිපුත් තෙම යහපත දේවීන් වහන්සැයි කී බස් මුදුනෙන් පිළිගෙන මා යා යුතු බැවින් ඒ ඇත් රජහු යන එන තැන් සිටිනා තැන් සලකුණු ඉඳුරා කිව මැනවැයි විචාරන්නේ මෙලෙස කීය. දේවීන් වහන්ස, මේ වනස්ථානයෙනුත් කොතැන්හි බොහෝ වේලෙක් සිටිනේද, කොතැන්හි වැදහෝනේද, නාන්ට බස්නා හසර කවරේද, කෙසේ වු තැනක ස්නානය කරන්නේ ද ඒ මට කිව මැනයැයි කීය. ඉක්බිති ජාතිස්මරණ ඥානයෙන් ප‍්‍රත්‍යක්‍ෂව දුටුසැටියේ මෙලෙස කියන්නී වැදි පුත‍්‍රයාණෙනි, නුග ගසට නුදුරු තැන්හි සදත් විල්හි සිත්කලූවු බැස නහන තොට ඇති නිර්මල ජලයෙන් හරිත පිපි මලෙහි හැසිරෙන ලද බමරුන් ඇති ප‍්‍රදේශයෙක් ඇත. එතැන්හි සිට බොහෝ වේලක් දිය කෙළනාහ. ඉක්බිති උපුල ඇඹුල ආදී මලින් සරහන ලද්දේ හෙළ පියුම් සේ සුදුවූ තමා ගේ ශරීරයෙහි පියුම් රොන් තවරා සතුටු වෙමින් සුභද්‍රා ඇතින්නිය පළමු කොට ලා අට දහසක් ඇතුන් පිරිවරා අවුත් නුගරුක් මුල් හි සැතපෙන්නේ යයි කීව. එබස් ඇසු සෝනුත්තර තෙම මා ශරීරයෙහි ශක්ති දැන යහපත දේවීන් වහන්ස මම ඒ ඇතා මරා දළ ගෙනෙමි යි ගිවිස්සේ ය. ඉක්බිත්තෙන් ඕහට දහසින් බඳ පියල්ලක් සතුටු ප`ඩුරු කොට දී මෙයින් සත්වෙනි දවස් ගමනැයි ඔහු ගෙට යවා කඹුරන් ගෙන්වා ගෙන සගයෙනි අපට දසමුනෙක බඩු ගන්නා සම්පයියක් ඉදි කරන්ට උවමැනවැයි වරපට වරමදු ඇතුළුව සම් කූඩයක යන මෙයින් ප‍්‍රයෝජන ඇත්තේය. මේ සියල්ල වහා ඉදිකොට ගෙනෙවයි විධාන කොට යවුහ. ඔහු දෙපක්‍ෂයේ ඇත්තෝම විධාන අසාගත් සැටියේම සියලූ කර්මාන්ත කොට ගෙනවුත් දුන්හ. ඕ තොමෝ මාර්ගෝපකරණාදිය සපයන පරිද්දෙන් පරිවාර ජනයනට විධාන කොට ගිනිද`ඩු ආදී උපකරණද අත්සුනු අග්ගලා ආදී මාර්ගෝපකරණ පයියෙහි බැහුයේ ය. මේ සියල්ලම දසමුනක් පමණම බර වූයේය. සෝණුත්තර නම් වැදි පුත‍්‍රද තමා ගේ ගෙයි කළමනා විධාන කොට සත්වෙනි දවස් අවුත් බිසවුන් වැඳලා සිටියේය. එවේලෙහි සුභද්‍රා තෙම සබඳ, වැදි පුත‍්‍රය සියලූම මාර්ගෝපකරණ සපයා නිමවන ලද, එබැවින් මේ සියලූ උපකරණ පසුඹිය හැරගෙනෙව යි කිව, ඇතුන් පස් දෙනෙකුට බල දරන්නා වූ එතෙම ඒ පසුඹි පයිය ඔසවා කිසිල්ල අස්සේ ගන්වා ගෙන සිස් අතින් සිටියාක් මෙන් සිටියේය. එකෙණෙහි චුල්ල සුභද්‍රාව වැදි පුත‍්‍රයා ගේ බිරින්ඳට වැටුප් වියදමුත් දී රජ්ජුරුවන්ට දන්වා සෝනුත්තර නම් වැද්දවුට සමුදුන්නේ ය. එතෙමේත් රජ්ජුරුවන් වැඳ අවසර ගෙන ප‍්‍රාසාදයෙන් බැස රථයකට නැගී මහත් පිරිවරින් නික්ම ක‍්‍රමයෙන් ගම් නියම්ගම් ගෙවා ගොස් දනව්වැසියන් රඳවා ප‍්‍රත්‍යන්ත වාසීන් සම`ග මනුෂ්‍යපථය ඉක්ම වනයට වැද ඔවුනුත් රඳවා උදකලාව යන්නේ තිස්යොදුන් පමණ ඉලූක් වනයට බැස එයින් ගෙවා වැලූක් වනය තණගහ ණයතලා වනයෙහි බට වනය, කිහිරි වනය, යනාදි වු කටු ළැහැබින් යුක්ත වූ වන සයක්ද තව මේ කටු වනය මහමිශ‍්‍ර වනය, යනා දී වූ ළැහැබින් යුත්ක වූ වන සයක්ද තව මේ කටු වනය මහමිශ‍්‍ර වනය, බට වනය, සීන් බට වනය, නයින් විසිනුත් විද පලා යා නොහැකි මේ වන ගහනයන්ද, නොයෙක් මහත් වනයන්ද, මහ උන වනයද, මඩ කලල්ද, ජල දුර්ගයන්ද, පර්වත ගහනයන්දැයි මේ අටළොස් ගහනයන්ටම පිළිවෙළින් පැමිණ ඉලූක් වනය තියුණු දයින් දාගෙන තලා ගහනාදී වනයන් හුණලැහැප් සිඳිනා ශස්ත‍්‍රයෙන් සිඳ මහරුක් පොරොවෙන් සිඳ හෙළා ඉතා මහත් ගස් නියනින් විදම කොට ගොස් මහ උණ වනයෙහි ළැහැබට හිණක් බැඳ නැගී උණ දණ්ඩක් මුදුනෙන් දමා එයින් ගොසින් අනිත් උණ දණ්ඩක් එයින් ඉදිරියට දමා මාරු කිරීම් වශයෙන් උණ වනය මුදුනෙන්ම ගොස් කලල් මඩෙහි වියළි පෝරුවක් අතුට එයින් ගොස් නැවත අනික් පෝරුවක් ඉදිරියෙහි අතුට මෙපරිද්දෙන් පෝර අතුට කලල් ගහනයන් ගෙවා ඔරුවක් කොට ජලදුර්ගයෙනුත් එතෙර ව පර්වත ප‍්‍රාන්තයට වැද දැන්මුපිටකින් ගල්සැරසිලිවල ඵල වැදගන්ට නිසි කරන ලද ගොකටුව යොතෙක්හි බැඳ උඩට දමා කිසිවෙක්හි පාකුල්වා ගෙන මළුවෙකු නැගෙන්නාක් මෙන් යොත ඔස්සේ නැඟි වීදුරු බැඳි අත් ඇති යදණ්ඩකින් පර්වතය විද වෑ නියන් ගසා එහි සිට කොක්ක ඇඳගෙන නැවත පර්වතය මතුයෙහි පාකුලවා එහි සිට වරමන්දක් බහා ඒ මාර්ගෝපකරණ පසුඹිය ගෙන මඳක් බැස යට කණුවෙහි බැඳ වම් අතින් යොත අල්වා ගෙන දකුණතින් මුගුරක් ගෙන පැඟුරකණුව උදුරා ගෙන නැවත නැංගේය. මෙම ක‍්‍රමයෙන් උඩුයටිව දෙවාරයක් හා යටිකුරුව දෙවාරයක් බැඟින් නැගී මෙම ක‍්‍රම ක‍්‍රමයෙන් පර්වතය මුදනට නැගී මෙම ක‍්‍රමයෙන් පර්වතය මුදුනට නැඟී බස්නා කල් පෙර පරිද්දෙන්ම මුදනේ කණුවක් ගසා පසුඹියෙහි යොත බැඳ කණුවෙක ලා තමා ඇළු වූ පයියෙහිද මකුළු හුයකින් බස්නා මකුළුවෙකු මෙන් හැර හැර බසින්නේය. මෙපරිද්දෙන් සුභද්‍රා දේවීන් ගේ බස්ගෙන නුවරින් නික්මුණු දා පටන් වන ගහනයන් සතොළොස් දෙනෙකු ගෙවා පර්වත වළලූ සතක්පැන සත්වෙනි ස්වර්ණ පර්වත මුුදුනට නැඟීි හිගවුර පිට බැඳ දුනු හීතල අතින් ගෙන සදත් විල විසිතුරු සැරහීම් බලා පර්වත ප‍්‍රාන්තයෙහි කෙළනා කිඳුරඟනන්, කෝකිලාවන් ගිරා බොකළ සැළලිහිණියන් ආදී පක්‍ෂීන්ගෙන් සැදුම් ලද වන හිස් බලමින්් අනතුරුව ඉඳුනිල් මිණි පර්වතයක් මෙන් හොබනා මහත් නුගරුක් මුල් හි අට දහසක් ඇතුන් පිරිවරා සිටි ඡුද්්දන්ත නම් ඇත් රජහු දක්නේ වරඟනන් පිරිවරා කෙළනා පැන් තොට ද සුනානය කොට ඇවිත් බොහෝ වේලෙක්හි සිටිනා තැන්දැයි යන මේ මුළුල්ල බිසවුන් කී පරිද්දෙන් බලා පර්වත වළල්ලෙන් ඇතුළට බටුයේ ය. මේ සත් අවුරුදු සත් මස් සත් දවසකින් සදත්විල සමීපයට ගොස් බෝධිසත්ත්වයන් වසන එක් පෙදෙසක් නියම කොට මෙතැන් වලක් ගසා ඇත්රජහු විද විනාශයට පමුණුවා දළ කපා ගනිමි යි නිශ්චය කොට වනයට වැද ටැම්පෝරු ආදි දාරු සම්භාර සපයා ඇතුන් දිය කෙළියට ගිය කල්හි ඇත් රජහු මෙතෙක් දවස් ගොස් සිටිනා තැන උදැල්ලකින් සිව්රැුස් කොට වළ බිඳ කැන කැනිපස් බිජුවට හිස්නාක් මෙන් දියෙහි ඉසුරුවා වෙළෙහි වනු වල ඔබ්බා ටැම් සිටුවා දැව වන ඔබ්බා තුලාම් අතුට එහි පෝරු වතගසා මධ්‍යයෙහි හීදණ්ඩක් යන විතර සිදුරක් කොට අවකාශස්ථානයෙහි වැලි පස් කලස ආදිය නොදැනෙනා පරිද්දෙන් පෝරුමත්තෙහි වසා තමා යන විතර මඟක් ඉවතින් තබා පෙර පරිද්දෙන් වළ නිම් කල්හි උදාසනයක් සේම ඉස තොප්පියක් බහා කසා කඩක් පෙරව විෂ පෙවූ සැර හා දැඩි දුන්නක් ගෙන වළට බැස සිටියේ ය. ඒ මහා බෝධිසත්ත්ව තෙම දෙවෙනි දවස් ඇත්මුළු හා සමඟ ගොස් දියකෙළි ගොඩනැගී මෙතෙක් දවස් තම ාසැතපී සිටින මහ විසල් මලූයෙහි වැදිපුත‍්‍ර මෙහෙයන පෝරුව මත්තෙහි සිටියාය. ඇත්රජුහු ඇෙඟන් වෑහෙන දියබින්දු නැබ පෙදෙසින් එක්ව ඊ දණ්ඩක් යන විචර තිබෙන ලද සිදුරෙන් වැදිපුත‍්‍රයා ගේ ඇෙඟහි වැටුණේ ය. වැදි පුත‍්‍රතෙම ඒ සලකුණෙන් සිටි තැන දැක මහ සැරයකින් විද්දේ ය. ඒ මහා බෝධිසත්ත්වයන් ගේ හීයෙන් ගොස් පපුකැන් අතුනුබහන් සිඳ නාභිය පොරවකින් පැළුෑ කලක් මෙන් අහසට නැංගේය. සිදුරුව ගිය රිදී කළයකින් ලතු දිය වෑහෙන කලක් මෙන් ලේ වැගුරුණේය. මහත් වූ වේදනාවෙන් ඉවසාගත නුහුනු ඇත්රජ තෙම සියලූ පර්වතය එක නින්නාද කෙරෙමින් තුන්යලක් කුඤ්චනාද කෙළේය. එකෙණෙහි අට දහසක් පමණ මතැත්හු එකවිට ගුගුරා පැන නැංගාහ. නැවත නැවත මේ කිමෙක්දෝ හෝයි විමසන ඇත්හූ ඡුද්දන්ත නම් ඇත්රජහූ සැරපහර ලද්දේය. වේදනාවෙන් පීඩිත නියාව දැක ඉතකින් සිටින්නේ කිම්ද පසමිතුරා අල්වම්හ යි සහසී වේරඹවාතයෙන් ඇළලීගිය අහස් කුස දුවන වළාකුළු මෙන් සතර දිගය සතර අනු දිගය යන අට දික්හි විසිර තණපත් පරඬලාපත් පමණකුත් නො වලහා සුනු විසුනු කෙරෙමින් බලන්ට පටන් ගත්හ. එකෙණෙහි ඇත් සමූහයා ඒ ඒ දිග විසුරුණු බව දැන සුභද්‍රා නම් අගමෙහෙසුන් ඇතන්නිය විසන් ඇඟවතුරුවා ගන්නා ලදින් මඳක් සිට වේදනා ඉවසාගත නොහෙන ඇත් රජ්ජුරුවෝ ඊ දණ්ඩ ආ තැන් විමසනුයේ ඉදින් නැගෙනහිර ආදියෙන් ආයේ නම් කුම්භස්ථලය බිඳගෙන පයකඩින් නික්මෙන්නේ ය. ඇලයක් විද අනික් ඇලයකින් පිටත් වන්නේය. මේ එලෙස නොව පෙකනිය පටන් විදගෙන අහසට නැංගේය. එසේ හෙයින් මේ ඊ දණ්ඩ පොළොවෙන් නැංග යුතු යැයි සලකා සිටි තැන පරීක්‍ෂා කරනු යුතු යයි කැමති ව කවුරු දනිද්ද මිනිස් කෙනෙක් වී නම් මෝ තොම මරාපියන්නී යයි උපන් මහා කරුණාවෙන් සුභද්‍රාවන් එතනින් පහරනු කැමතිව සොඳුර අට දහසක් පමණ ඇත්තු මාගේ පසමිතුරා අල්වම්හයි අටදික්හි දිවපූවාහ. තොපි මෙතෙන කුමක් කරාදැයි කීයේය. එබස් ඇසූ සුභද්‍රා තොම දේවයන් වහන්ස නුඹ වහන්සේ දරා ඉවසා සිටියෙමි. ඊට ක්‍ෂමා කළ මැනැවැයි මහබොධිසත්ත්වයන් තුන් යලක් පැදකුණු කොට සතර තෙනක සිට වැඳ මේ දිග බලමි අහසට නැගි කල්හි මහබොධිසත්ත්ව තෙම භූමිය පසන් පහළේය. එකෙණෙහි පෝරු ඉගිළුණේය. එසඳ රිදීදමක් සේ ධවල වූ සොඬ දිගුකොට විමසන්නාවු මහබොධිසත්ත්වයන්ගේ අත බුද්ධාදීන්ගේ අර්හත් ධ්ජය වූ කසාය වස්ත‍්‍රය පුස්කරාග‍්‍රයෙහි වැදිපුත‍්‍ර තෙම තිබුයේ ය. එබඳු වේදනාවෙන් පීඩිත වූ මහබොධිසත්ත්ව තෙම සිතනුයේ අර්හත්ද්වජය නම් සත්කාර ගරුකාර කටයුතුය. එබැවින් මොහු මැරිය යුතු නොවෙයි. සිතා ඒ සෝණුත්තර නම් වැදි පුත‍්‍රයා සොඬින් ඔසවා ඉදිරියෙහි සිටුවා මෙලෙස කතා කරන්නේය. රාගාදී කසටින් කිලිටු වූ ඉඳුරන් ඇති දැමීමක් සබවස් නැති යමෙක් කසාවස්ත‍්‍රය ධරාම, වඳුරෙක් පෙරවී සිංහ චර්මයක් මෙන් ඊට යෝග්‍ය නොවන්නේ ය. යම් පුද්ගලයෙක් රාගාදී කසළ දුරු කළේද සිල් රැුකීමෙහි භාවනා කිරීමෙහි අප‍්‍රමාදද ඉන්ද්‍රිය දමනයෙන් හා සබවස රැුකීමෙන් යුක්තද එසේ වූ පුද්ගල තෙම බුද්ධාදීන් විසින් දැරිය යුතු මේ අර්හත් ධ්වජය ධ්රන්නට නිසි යයි කියා එතකුදු වුවත් මේ මැරිය යුතු නොවන්නේ ය. ඔහු කෙරේ කෝප සිත් දුරුකොට සබඳ තොප මා විඳි බව කිමෙක්ද තොපට ම ප‍්‍රයෝජනයක් නිසා විද්දාහුද නොහොත් අනික් කෙනෙකුන් විසින් මෙහෙයවන ලද්දේ ද ඔවුන් සතුටු කරවන ලද්දේදැයි විචාළේ ය. එකෙනෙහි වැදිපුත‍්‍ර තෙම කියනුයේ ඇසුව මැනව ඇත් රජ්ජුරුවන් වහන්ස කසී රජ්ජුරුවන් ගේ සුභද්‍රා නම් අග මෙහෙසුන් බිසවක් ඇත. ඕතොම සිහිනෙන් තොප දැක සවනක් රැුස් විහිදනා මේ දළ දෙකින් පලඳනාවක් කරවනු කැමැත්තෙමියි දොළ බැඳ රජ්ජුරුවන් වහන්සේට දන්වා එරට වැදි පුත‍්‍රයන් කැටි කරවා මා ම නිසි යයි තෝරාගෙන මං සළකුණු කියා එවූහ. එබැවින් විද්දෙමියි කීයේයි. එබස් අසා මහබොධිසත්ත්ව තෙම වැලි මේ චුල්ලසුභද්‍රාවන් ගේ මෙහෙවරක් නියාවේදැයි තමාට මා ගේ දැළින් ප‍්‍රයෝජන නැත. මා මරවනු පිණිස මොහු එව්වේ යයි කරන්නේ මෙලෙස කියා මාගේ පියාණන් මුත්තනුවන් වහන්සේගේ දළ නොනස්නා පිණිස ගල් ගුහා ආදියෙහි තුබූ බැව් දැන මා ගේ දළ දෙකම ගෙන යවයි තොපම එවන තැනැත්තී මා කළ යම්තම් වැරැුද්දක් සිත් තබා තමා බැඳි වෛරම සිද්ධකොට මෙසේ වූ රෞද්‍ර ක‍්‍රියාවකින් මුදුන් පත් කළාය. එබැවින් මා නොමියෙන තෙක් මහා දළ කපා ගනුවයි කීයේය. එබස් ඇසු වැදි පුත‍්‍ර තෙම උන් තැනින් නැගී සිට කියත අතින් ගෙන මහබෝධිසත්ත්වයන් සමීපයට ගියේය. එතෙම අසූ රියනක් පමණ උස ඇත්තේය. එසේ හෙයින් දළ තුබූ තෙනට අත දිගු කරන්නට නො හැක්කේ ය. ඉක්බිති මහ බෝධිසත්ත්ව තෙම ශරීරය නමා ඉසමිටි කොට වැද හොත්තේය. එසඳ වැදි පුත‍්‍ර තෙම මහාබොධිසත්ත්වයන් ගේ රිදී දමක් සමාන සොඬ මඬිමින් නැගී කෛලාස කූටයක් වැනි කුම්භස්ථලය පිට සිට කපෝලයෙහි මාංසය දණින් ඇන ඇතුළට කොට කුම්භස්ථලයෙන් බැස කියත ඇතුළු මුඛයෙහි පහරමින් කපන්ට වන්නේය. මහබෝධිසත්ත්වයන්ට මහත් වූ වේදනාව උපන්නේය. මුඛයෙහි ලේ පිරුණේය. වැදි පුත‍්‍ර තෙම පන්සලව ඈත මෑත ඇවිද කපාගත නොහෙන්නේය. එවිට මහාබෝධිසත්ව තෙම කටින් ලේ දමා වේදනාව ඉවසා කිමෙක්ද සබඳ කපාගත නොහේ දැයි විචාළේ ය. වැදිපුත‍්‍ර එසේය, ස්වාමීනි කීය. මහබෝධිසත්ත්ව තෙම සිහි එළවා ගෙන එසේ කල සබඳ මාගේ සොඬ ඔසවන්නට බලනැත්තේදැයි කීවේය. ඒ ඇසූ වැදිපුත‍්‍ර තෙම කී ලෙස කෙළේය. මහබෝධිසත්ත්වයෝ සොඬින් කියත ගෙන සෙළවූහ. දන්තයෝ කිලිල්කඩක් මෙන් කැපුනාහ. ඉක්බිති මහබෝධිසත්ත්ව තෙම ළඟට ගෙන්වාගෙන සොඬින් අල්වාගෙන සබඳ වැදි පුත‍්‍රය මේ දළ තොපට දෙන්නම් මට අප‍්‍රියයි සිතා දෙන්නමුත් නොවෙමි. ශක‍්‍ර සම්පත්, බ‍්‍රහ්ම සම්පත් පතා දෙන්නමුත් නොවෙමි. මේ දළටත් වඩා දහසක් ලක්‍ෂයක් ගුණයෙන් සවර්ඥතා ඥානය නමැති දන්තයෝම ප‍්‍රියයෝය. එබැවින් මේ දානය බුදුබවට කාරණා වේවායි දළ දෙකත් දී සබඳ තෙපි කෙතෙක් දවසකින් මෙතෙනට අවුදැයි විචාරා සත් අවුරුදු සත් මස් සත් දවසකින් ආමි කී කල්හි එසේ වී නම් මේ දළෙහි ආනුභාවයෙන් සත් දවසකින් බරණැස් නුවරට පැමිණේවයි කියා සත්‍ය ක‍්‍රියාකොට යැවූයේ ය. ඔහු ගිය ඉක්බිති අට දිග ගිය ඇතුන් ද අහසට නැගී ඇතින්නියද එන්ට පළමුව බෝධිසත්ත්වයෝ කාලක‍්‍රියා කළාහ. එසඳ දික් පාසා ගිය ඇත්හුද ඇතින්නියද එන්ට පළමුව බෝධිසත්ත්වයෝ කාලක‍්‍රියා කළාහ. එසඳ දික් පාසා ගිය ඇත්හුද ඇතින්නියද සතරා සොයා ඇවිද නො ලදින් බෝධිසත්ත්වයන් මිය වැදහොත් මහවිසල් මලූවට රැුස්වූවාහු සියලූම ඇතුන්ම අඬා වැලප ඉලව් ගෙන මහබෝධිසත්ත්වයන් තුලූපග පසේබුදුවරයන් සමීපයට ගොස් ස්වාමීනි පසේබුදුවරයන් වහන්ස නුඔ වහන්සේට ප‍්‍රත්‍යය දායක ඇත්රජ තෙම විෂ පෙවූ හීයකින් විදිනා ලද්දේ කාලක‍්‍රියා කළේය. ඒ මිනිසා දක්නා පිණිස වැඩිය මැනවැයි දැන්වූහ. එසඳ පන්සියයක් පසේ බුදුවරයෝ ආකාශයෙන් අවුත් මහවිසල් මලූවට බට සේක. එකෙණෙහි බලඇත්තු දෙදෙනක් ඇත්රජ්ජුරුවන්ගේ ශරීරය දළින් ඔසවා පසේබුදුවරයන් වඳව දර සෑයට වඩූහ. පසේබුදුහූ තුන්යම් රාත‍්‍රිය මුළුල්ලෙහි ආදාහනස්ථානයෙහි ඉඳ පිරිත් බිණූ සේක. අටදහසක් ඇත්තුද ආදාහනස්ථානයෙහි ගිනි නිවා අළු හස්කොට සුභද්‍රා නම් ඇතින්නිය පළමු කොට ලා තමන් වසන ස්ථානයටම හ`ඩමින් වැළපෙමින් ගියාහ. සෝනුත්තර නම් වැදි පුත‍්‍රද ලොව අනිත් ඇත් කෙනෙකුන්ට නැති හෙයින් ආශ්වර්යමත් වූ ඒ දළ දෙක්හි රන්වන් වූ රැුසින් හාත්පසින් වන ළැහැබ බබුළුවා සත් දවසක් ඇතුළතම බරණැස් නුවර සමීපයට පැමිණි මම ඡුද්දන්ත නම් ඇත් රජහුගේ සවනක් රැුසින් බබළන ලද දළ දෙක ම ගෙනාමි. නුවර සැරහුව මැනවැයිි බිසවුන්ට කියා යවා උන් විසිනුත් රජ්ජුරුවන්ට කියා යවා නුවර සැරහු කලහි සෝනුතතර වැදි තෙමේ නුවරට වැද ප‍්‍රාසාදයට නැගී දළ දෙක බිසවුන්ට දී කියනුයේ බිසවුන් වහන්ස නුඹවහන්සේට පූර්වජාතියෙහි ස්වාමි වු ඇත්රජ්ජුරුවන් කළමනා වරදක් සිත්හි තබා වෛර බැඳ මරන්ට සිතූ පරිද්දෙන් මළ නියාව දතමැනව. ඹහුගේ දළ වේදැයි දුන්නේය. මහාබෝධිසත්ත්වයන්ගේ සවනක් රැුස් විහිදී දළවේදැයි දුන්නේය. මහාබෝධිසත්ත්වයන් ගේ සවනක් රැුස් විහිදී දළ සඟළ මිණ්තල්වැට තබා තමා ගේ කලවා මත්තෙහි තබාගෙන පූර්වාජාතියෙහි තමාගේ ස්වාමිහූ ගේ දළ බලමින් මෙබඳු රූප ශ‍්‍රීන් දිලිහෙන ඇතරජහු විෂ පෙවූ හීයකින් විද ජීවිතක්‍ෂයට පමුණුවා මේ දළ දෙක ගෙන්වන ලද මා කළ සේ නපුරැුයි සිතා බෝධිසත්ත්වයන් ගේ ගුණ සිහිකරන් සෝකාග්නියෙන් දිලිහුණේ ය. එයින් ගෘදය වස්තුව තැවී එදවස්ම කාලක‍්‍රියා කළාය. ඒ බැවු දත් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පර්ෂද් මධ්‍යයෙහි වැඩ හිඳ සිනා පළ කළ සේක. ඒ බව දැක සර්වඥවරයෝ නම් නොකරුණෙහි සිනා පහළ නොකෙරෙති. නුඹ වහන්සේ විසින් සිනා පහළ කළ කරුණු කවරේදැයි සිව්වනක් පර්ෂත්ගේ අභිප‍්‍රාය වූ පරිද්දෙන් ක්‍ෂීණාශ‍්‍රව භික්ෂූන් වහන්සේ විචාළ සේක. සිනාසුණු කාරණා වදාරා බුදුරජාණන් වහන්සේ එම් මහණ මේ ළදැරි බාල මෙහෙණින්න තොම පෙර එක ජන්මයෙක්හි මට පාදපරිචාරිකාව උපන්නී ස්නේහ සන්තොෂයෙන් සිනා සී තමා කළ තදකමක් දැක හඬාපුව, මේ කාරණය දැක සිනා පහළ කෙළෙමි කියා ඡුද්දන්ත ජාතකය පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළ සේක. මේ දේශනාව අසා බොහෝ සත්ත්වයෝ සෝවාන් සෙදැගැමි අනාගාමි අර්හත් යන සතර මඟ සතර ඵලයට පැමිණියහ. ළදැරි මෙහෙණින්න තොම තමා වසන වෙහෙරට ගොස් ධ්‍යාන භාවනා කොට රහත් වූහ. එසමයෙහි සෝණුත්තර නම් වැදි පුත‍්‍රයා යවා ඡුද්දන්ත නම් ඇත් රජහු ගේ දළ කපා ගෙන්නා වෛර සිද්ධ කළ සුභද්‍රා නම් දැන් මේ සිනාසී ඇඬු මෙහෙණින්න වන්නීය. එසමයෙහි බිසවුන් කී පරිද්දෙන් අටලොස් වනගහණයක් ගෙවා පර්වත වළලූ සතත් පැනගොස් ඡුද්දන්ත නම් ඇත් රජහු ගේ දළ ගෙනා සෝණුත්තර කම් වැදි වැදි පුත‍්‍රයා දැන් දේවදත්ත ස්ථවිර වන්නේය. එසමයෙහි සිය අතින් දළ කපා දී ඹහුගේ මනෝරථය සිද්ධ කළ ඇත් රජ නම් බුදු වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. ගණ්ඩතින්දු ජාතකය අපපමාදෝ අමතපද්ං පමාදෝ මච්ච නොපදං අපපමත්තාන මීයන්ති යෙපමනතායථාමතා තවද එක් සමයෙක්හි ත‍්‍රිභූවණාභරණ ප‍්‍රවනතාකරණ සමුද්ගපූරිත ගුණමණිකිරණ රංජිත නෛවිධ තෙජනයන් ඇති සියලූ ෂතුන් කෙඓහි පහළ කරුණා ඇති ලොකස්වාමි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප‍්‍රතවිත තරුව රෝපසෝභීත ෙඡ්තවනාරාමයෙහි වැඩ වසන සේක් රජදරුවන්ට දිය යුතු අවවාදයක් අරභයා මේ ඡුාතකය වදාළ සේක. මෙහි වර්තමාන කථාව රාජෝවාද ජාතකයෙහි විස්තර වශයෙන් ආයේය. අතීත කථාව මෙසේ දත යුතු. යටහිට දවස කම්පිල්ල රට උත්තර පඤ්චාල නුවර පඤ්චාල නම් රජ්ජුරු කෙනෙකුන් ඡුන්දයෙන් අගතියට ගොස් ධර්මයෙන් රාජ්‍ය කරන්නේය. ඒ රජුජුරුවන්ගේ යුවරජ සෙනෙවිරත් අදීහු අධර්මයෙන් නිරතව දනව්වාසී සත්ත්වයන්ගෙන් අපමණ බදු පඬුරු ගෙන බොහෝ පීඩා කරන්නාහ. එකල්හි රාජ්‍යවාසී සත්ත්වයෝ රාජපුරුෂයන් කෙරෙහි භයින් තමන්ගේ අඹුදරුවන් ඇරගෙන වල්වැද ඒ ඒ තැන්වල ඇවිදිනාහ. එකල පෙර මනුෂ්‍යවාස තැන් අමනුෂ්‍යවාස කොට සත්ත්වයෝ ඒ ඒ තැන පැල්ගසාගෙන ඉඳිනාහු රාජපුරුෂයන් කෙරෙහි භයින් තමන්ගේ දාවල් දවස එහි වසන්නට නොපොහොසත්ව තම තමන්ගේ පැල් වටකොට කටුගසා අහුරා වල් වැද එහිත් සොරුන් කෙරෙහි භයින් ? දවස අවුත් ගෙයි රැුග පාන් වූ කල්හි අඹුදරුවන් ඇරගෙන වඳිනාහ. මෙසේ වසන්නා වු සත්ත්වයන් දාවල් දවස රාජ සේවකයෝ දැක අල්වාගෙන අත මිට තිබූ දෙය උදුරාගෙන මරා තළා බොහෝ ගැහැට කරන්නාහ. රාත‍්‍රියෙහි සොරුහුද සත්ත්වයන් උන් තැනින් තැන බලා අල්වා ගෙන බොහෝ ව්‍යසනයට පමුණු වන්නාහ. මෙපරිද්දෙන් සත්ත්වයන්ට කිසි අස්වැසිල්ලක් නැතිව මහත් වූ දුකින් පෙළෙමින් වසන කල්හි පුරණ ලද බෝධිසම්බාර ඇත මහබෝධිසත්ත්වයෝ එනුවර සමීමයෙහි ගැටතිඹිරි ගසෙක්හි දෙව්ව උපන්නාහ. එකල්හි එනුවර රජ්ජුරුවෝ ඒ වෘක්‍ෂදේවතාවට අවුරුද්දක් පාසා දහසක් අගනා බලිපූජාවක් කරන්නාහ. මෙසේ පූජා විඳ වසන ඒ දිව්‍යපුත‍්‍ර රක් දවසෙක්හි සිතනුයේ මේ රජතෙම රාජ්‍ය විචාරීමෙහි ප‍්‍රමාදව ඡුන්දයෙන් අගතියට ගොස් සත්ත්වයන්ට දුක් දී වසන්නේය. ඒ කාරණයෙන් සියලූ රාජ්‍යම නස්නේය. රාජ්‍ය වාසීනුත් මේ දුක්ඛයෙන් මුදා මොහුත් පරලොවින් ගලවා දැහැමින් රාජ්‍ය කරනා ලෙස අවවාද දෙමියි දිව්‍ය පුත‍්‍රතෙම රාත‍්‍රියෙහි රජු වැදහොත්ශ‍්‍රී යහන් ගබඩාවට වැද ඉස්දොර සමීපයෙහි සිට තමාගේ ශරීරයෙන් රන් රැුස් විහිදුවා ආකාශයෙහි සිටියේය. එවේලෙහි යහන ඔත් රජ්ජුරුවෝ ළහිරු කළඹක් මෙන් දිලිහෙන දිව්‍ය පුත‍්‍රයා දැක මෙතැන්හි දිලිහී සිටිනාවූ තෝ කවරෙක්දැයි විචාළ කල්හි, ඉක්බිති රුක්දෙවි කියනුයේ රජ්ජුරුවෙනි අවුරුදු පතා තොපගේ බලි ග‍්‍රහණය කොට මේ තිඹිරිගස වසන්නාවූ වෘක්‍ෂදේවතාවා නම් මමය. තොපට අවවාද දෙන පිණිස ආමියි කීයේය. එසඳ ඒ රජ කියනුයේ දිව්‍ය පුත‍්‍රය තෝ මට කෙසේ වූ අවවාදයක් දෙයි දැයි විචාළේය. එවේලෙහි රජහට අවවාද දෙන දිව්‍ය පුත‍්‍ර තෙම මෙලෙස කීය. රජ්ජුරුවෙනි, තෙපි රාජ්‍ය ධුරයෙහි ඉතාම ප‍්‍රමාදව රාජ්‍යය කරව. ඒ කාරණාවෙන් තොපගේ සියලූ රාජ්‍යය පසරසතුරන් විසින් පැහැර කොල්ලකෑ කලක් පරිද්දෙන් විශේෂයෙන් නටුයේ ය. තවද රජ්ජුරුවෝ ප‍්‍රමාදව රට විචාරන්නාහු වී නම් තමන්ගේ රාජ්‍යවලටත් හිමි නොවෙති. ඒ ආත්මභාවයෙහිම බොහෝ අනර්ථවලට පැමිණ පරලෝව්හිත් නරකාදී දුක් විඳිනාහ. ඒ රජ්ජුරුවන්ට විචාරීමෙනි මඳක් ප‍්‍රමාද වූ විට අන්තඃපුර ස්ත‍්‍රීහුද ඇතුළු නුවර පිටිනුවර සත්ත්වයෝදැයි යන සියල්ලෝම උන්වහන්සේ රාජ්‍ය ධුරයෙහි ප‍්‍රමාද සේක. අප කළ මේ කටයුතු නොකටයුතු විචාරන්නට නුඋන් සේකැයි ස්වේච්චාවෙන් දවස් යවා අකාරියෙහිම නිරන්තර වසන්නාහ. එබැවින් රජදරුවන් විසින් පමාවක් නැතිව රාජ්‍ය විචාල යුතුය. තවද රජ්ජුරුවෙනි ස්මෘතියගේ අවි ප‍්‍රවාසය නිර්වාණයට පිහිට වන්නේය. සිහි මුළාව විසීම මරණයට ඒකාන්තයෙන් පිහිට වන්නේය. කුසලකරණයෙහි ප‍්‍රමාද සත්ත්වතෙම විදර්ශනාදිය පුනරුප්පත්තිය සිඳගත නොහෙන්නේය. සංසාරයෙහි ඉපදීමය යාම් වශයෙන් බොහෝ දුකට පැමිණෙන්නේය. අප‍්‍රමාදසීලි විදර්ශක පුද්ගල තෙම භවයෙහි ඉපදීම නසා ජාතිදුක්ඛය සිඳිනේය. තවද රජ්ජුරුවෙනි, ආරෝග්‍යාදී වූ ජීවිත මදයයි කියන ලද ත‍්‍රිවිධ මදයෙන් ප‍්‍රමාද වූ ෂත්ත්වතෙම මනුෂ්‍යඝාතාදී වූ ත‍්‍රිවිධ දුෂ්චරිතයෙහි නිරන්තරව ස්වකෘත්‍යයෙහි ප‍්‍රමාදව කර්තව්‍ය නොදැන වසන්නා වූ රජ්ජුරුවෝ හස්තපාදචෙඡුදය කිරීමෙන් හා සර්වසංහරණය කිරීමෙන් හා ඤාති ධන ජීවිතාදී අනර්ථයක් කොට අරණ ලද්දේ ඉදින් ජීවත්වී නම් තමාගේ ජීවිකාවෘර්ති කොට ගත නොහී සොරකම් කිරීම් මං පැහැරීම් ආදිය කරන්නේ දිළිඳුවීමෙන් පව්කරන්නේය. රාජ්‍යය විචාරීමෙහි ප‍්‍රාද වූ බොහෝ රජ දරුවෝද අවශේෂ වූ බොහෝ ෂත්ත්වයෝද රාජ්‍ය ශ‍්‍රීයෙන් හා තමන්ගේ සැපතින් ා ජීව්තයෙන් පිහිහුණු බව ක්‍ෂාන්තිවාද ජාතක, සරභඩග ක්‍ාතකය, චේතිය ජාතකාදියෙන් අසා දත යුතු වන්නේය. රටට වැඩ හැසිරීමෙහි ප‍්‍රමාද වූ රජහුගේ සියලූ ගව මහීස ධන ධාන්‍යාදී සම්පත් නස්නාහ. යසභෝග පිරිහීමෙන් කායික චෛතසික දුක්ඛයට පැමිණෙන්නේ යයි මෙලෙෂ කියා නැවත අවවාද කරන්නාවූ දිව්‍ය පුත‍්‍රතෙම රජ්ජුරුවෙනි තොපගේ මේ රාජ්‍ය විචාරීමෙහි ප‍්‍රමාද වූ පක්‍ෂග‍්‍රාහී බවද ප‍්‍රභූන්ගේ ගහට විඳ දිළිඳු සත්ත්වයන් අවුත් මුරගෑ කල්හි නොවිචාරීමද කටයුතු පරීක්ෂා නොකොට සහසිකීම්ද ගුණායුණු නොදැන්මද නිතියෙන් කොවිද නොවද බවද ප‍්‍රජාවට යම් දුකක් පැමිණි කල්හී සමකොට නොසිතීමද යන මේ සිලයල්ල රාජධර්මයෙක් නොවන්නේය. එසේ වූූුුුරජහට දරුවෝ ඉදින් ඇතිවූ නම් අධර්මිෂ්ට රජහුගේ පුත‍්‍ර වූ මෙතෙම මතු අපට කවර වැඩක් කරන්නේද ඕහට ශ්චේතච්ඡුත‍්‍රය හා රාජඉසුරු නොදෙම්හයි රාජ්‍යයට නොපමුණු වන්නාහ. මෙපරිද්දෙන් ප‍්‍රවේණී රකිනා දරුවොද ඕහට ඇති නොවන්නාහ. සියලූ සැපතින් පිරිහුණු රජහුුු ඥාතිමිත‍්‍රයෝද සහෘදයෝද සිව්රඟසෙනඟ යන මොහු රජදරුවන් නම් සියලූ ප‍්‍රජාවගේ දෙමව්පිය තනතුරෙහි සිටියාහ. මෙරට පක්‍ෂපාතී යයි සිතා මානය නොකරන්නාහ. පරීක්‍ෂාකාරී නොවන කටයුතු ඇති හිත පක්‍ෂමූලමාත‍්‍රයන් නොවිචාරා කටයුතු කාරිය නොදන්නා අඥාන සිනිසුන් මන්ත‍්‍රීගේ මන්ත‍්‍රණයෙහි පවත්නාහු පොරණ සැවපටය හැර යන සර්පයා මෙන් ශ‍්‍රීකාන්තාව ඔහු ඇරයන්නීය. තවද මෙකී සියලූ දෝෂයෙන් වැළකී කායද්වාරාදියෙන් අකුසල් නොකොට කරන රාජධූරයෙහි ප‍්‍රමාද නොව මේ වේලාවට මේවා කළමනා කටයුතු යයි පරීක්‍ෂාකාරීව දවසරිනාහු රජහට සියලූ සැපත්හූ පෙරමස සඳ සෙයින් දවසින් දවස වඩනාහ. මෙපරිද්දෙන් රජහට අවවාද දී දිව්‍යපුත කියනුයේ මහරජ තොපගේ දෝෂ තොපි මේයයි නොදන්නේය. පිටිනුවර අප‍්‍රසිද්ධ වේෂයෙන් ඒ ඒ තන ඇවිද රජ්ජුරුවන් වහන්සේ මෙබඳු ගුණ ඇතිසේකැයි වත් කියන සත්ත්වයන්ගේ බස් අසා තත්වූ පරිද්දෙන් දැන රාජ්‍යය විචාරා වසවයි අවවාද දී අන්තර්ධාන වූයේය. එවේලෙහි දිව්‍යපුත‍්‍රයා කී බස් අසා රජ්ජුරුවෝද කලකිරුණු සිත් ඇතිව දෙවෙනි දවස් රාජ්‍ය අමාත්‍යයන්ට පාවාදී පුරෝහිත බමුණා හා සමඟ වෙස්වළා නැගෙනහිර වාසලින් පිටත යොදුනක් තැන්ගියේය. එතැන්හි එක්තරා පිටිසරවැසි මහලූ පුරුෂයෙක් වලින් කටු හැරගෙන ඇවිත් ගෙය වටකොට අවුරා දොර පිටින් අයා බැඳ තමාගේ බිරින්ද ඇරගෙන වලට වැද සවස රාජපුරුෂයන් ගෙවල් ඇරී ගිය කල්හි තමාගේ ගෙයි දොරකඩ කටු ඇද දමන්නාවූ ඒ පුරුෂයා පය කටුවෙක් ඇනුනේය.එවේලෙහි එතෙම පඤ්චාල රජහට අව අවා කටු හරිනේ යම් සේ මම මේ කටුවෙන් ඇනී දුක් විඳිනා ලදිම්ද එපරිද්දෙන් පඤ්චාල දේශවාසී රජද සංග‍්‍රාම භූමියෙහි සතුරන්ගෙන් පැරද තියුුණු වූ හීයෙන් විදිනා ලදුව මා සේ ම දුක අනුභව කෙරෙත්වායි ඇවුයේය. එසඳ අප‍්‍රසිද්ධ වේශයෙන් රජහු හා සමඟ ගියාවූ පුරෝහිත බමුණු කියනුයේ එම්බල මහලූ පුරුෂය වයෝවෘර්ධ හෙයින් තාගේ ඇස අඳුරු බව හේතුකොට ගෙන පය කටු ඇනගෙන නිරපරාධ වූ රජ්ජුරුවන් වහන්සේට නිස්කාරණයෙහි බෙණෙයි. කිමෙක්ද තා යන මඟ කටු අවුලා දමා මඟ තනන්නේ රජ්ජුරුවෝදැයි විචාළේ ය. එවේලෙහි පුරෝහිතයා කී බස් අසා මහලූ පුරුෂ කියනුයේ බ‍්‍රාහ්මණය අධර්මිෂ්ඨ වූ රජහු විසින් අනුශාසනා කරන ලද මේ රාජ්‍යය විචාරයක් නැති බව හේතුකොට ගෙන අධර්මිෂ්ඨයෙන් ගන්නා කරවූ වරයෙන් පෙළෙන ලද රාජ්‍යයවාසීන් දවල් දවස රාජ්‍ය සේවකයන් විසින් බොහෝ වධ බන්ධනයට පමුණුවන ලද්දාවූ රාත‍්‍රියෙහිදු සොරුන් විසින් කොල්ලකා නොයෙක් ව්‍යසනයට පමුණවන ලදුව දවල් දවස දොර පිටින් හයා බැඳ අඹුදරුවන් හා සමඟ වල් වැද සැගවී ? දවස සොරුන් කෙරෙහි භයින් ගෙවලට අවුත් ගෙයි ලගින මම එසෙම දාවල් දවස වල හිඳ දැන් අවුත් දොරකඩ ගැසු කටු හැර දමන වේලෙහි මා පය කටු ඇනුනේ යයි කියා රජ්ජුරුවෝ දැහැමින් රාජ්‍යය කරන්නාහූ වීනම් අමාත්‍ය සේවකාදීහූ එපරිද්දෙන්ම ධර්මිෂ්ඨයාහ. ඔවුන් ධර්මිෂ්ඨ වුවහෝත සත්ත්වයන්ට අන්‍යය නොවදී නම් සත්ත්වයෝ වල් නොවැද තම තමන්ගේ යෙි සැපසේ දරුවන් උකුලෙහි නටවමින් විභවානුරූප වූ පරිද්දෙන් වසන්නාවූ රජ්ජුරුවන් වහන්සේ නිසා වේද අප සැපසේ වසන්නේ යයි රජදිවසුව විඳිවයි ආවවඩා ඉඳිනාහ. මේ රජහු එලෙස විචාරන කමක් නැති හෙයින් වේද ගේ නැතිව දොර නැතිව අප ද්ක් විඳිනේ යයි කියා තොපගේ රජ්ජුරුවන්ට දෝෂාරෝපණය කොට කීයේය. එකල්හි රජ්ජුරුවෝ ඔහුගේ බස් අසා ආචාරීනි මහලූ පරුෂයා කීයේ කීයේය. එකල්හි රජ්ජුරුවෝ ඔහුගේ බස් අසා ආචාරීනි මහලූ පුරුෂයා කීයේ ඇත්තමය. අපගේම දෝෂය, මෙතැන් පටන් දසරාජධර්මයෙන් රාජ්‍යය කරම්හයි කියා නුවරට නික්මෙවයි කියත්ම පුරෝහිත බමුණාද බෝධිසත්ත්වයන්ගේ ආනුභාවයෙන් දේවයන් වහන්සනැවතත් පරීක්‍ෂා කරම්හයි කීයේය. ඒැ ජ යහපතැයි ගිවිස අනික් මඟකට යනුයේ අතරමඟ එක් දුක්ඛිත මැහැල්ලක් කියන මෙබඳු බස් ඇසුයේයි. එක්තරා වයෝවෘර්ධ ස්ත‍්‍රියක් තමාගේ වැඩිවයසට පැමිණි ¥න් දෙන්නෙකු ගෙහිම රඳවාගෙන වලින් දර පලා ගෙනවුත් විකොට රකින්නී එක් දවසක් වලට ගෝ පලා කඩන්නී කැලයෙන් අත වැරද පෙරළී බිම වැටී ඇඟ කඳුළු වැලින් ඇස කඳුළුත් පිස පිස රජ්ජුරුවන්ට ආක්‍රෝෂ කරන්නී මෙලෙස කීය. මේ අධර්මිෂ්ඨ බ‍්‍රහ්මදත්ත රජ කවර දවසේ විනාශයට යන්නේද මෙතෙම මළේ නම් ෂත්ත්වයෝ සැපසේ ඉඳිනාහ. එසේ කී කල්හි මාගේ දරුවෝ සැපසේ රැුකීහිඳිනාහු මාත් රැුක සැපසේ තුමුත් රැුකීගන්නාහ. මේ පවිටු රජහුගේ විජිතයේ ඉඳ දරුවෝත් මමත් දුක් කියනුයේ වෘර්ධ තැනැත්තිය තී රජ්ජුරුවන්ට පරිභව දොඩන්ට කාරණා කිම්ද? තොපගේ දරුවන්ට සැමියන් සරාලන්නෝ උන්වහන්සේදැයි විචාළේය. එවේලෙහි බමුණාට පිටිසර වැසි මැහැලි කියන්නී රට අවිචාරමත්ව කරවුවර ගැනිමෙන් හා ? දවස සොරුන්ගෙන් අනවකාශයෙන් පෙළෙන ලද රාජ්‍යවාසීන්ගෙන් මාගේ දරුවන් පිසවා කන්නෝ කවුරුද? කවර සත්ත්වකෙනෙකුන් කයට සිතට සැපයෙක් ඇද්ද. ඉදින් මෙකියන දුක්නැතිව හිඳිත් නම් සැපසේ ගෙවරදොරව ඉදිනාහු කුටුම්බ සණ්ඨාපනයෙහි සිත් අලවා වෙසෙති. එසේ කල්හි මාගේ දරුවෝත් ගෙවරදොරව රැුකෙන්නාහු තුමුත් රැුකි මාත් රකිනාහයි මෙපරිද්දෙන්ඈ කී බස් අසා රජ්ජුරුවෝ කියන්නාහු ආචාරීනි මෑ කීයේ කාරණාමය. නුවරට ගොස් මෙතැන් පටන් දැහැමෙන් රාජ්‍යය කරම්හයි නික්මුණු කල්හි අතරමඟ එක්තරා ගොවියෙකු කියන ශබ්දයක් ඇසුවාහුයි. සානා ගොවියාගේ සාලී නම් ගොනෙක් සීවැල පය ඇනී යානොහී එතැනම වැටිණ. ඒ සානා ගොවියා රජහට අවා කියන්නේ මේ ගොනා සීවැලින් මදුනා ලූදුව පය බිඳී යම් සේයා නොහී වැදහොවී ද, එපරිද්දෙන් මේ පඤ්චාලරජද යුද්ධයෙහි ෂතුරන් විසින් පරදවන ලද්දේ අඩයටියෙන් ඇමති මේ ගොනා සේම අනාථ අසරණව වේදනාත්මකව මරණ බිමෙහි වැටී වැදහොව්වයි කියා මෙපරිද්දෙන් ඇඬුයේ ය. ඉක්බිති පුරෝහිත බමුණු කියනුයේ කෘසිවලය තෝ ඉතා අඥානයෙහිය. සීසානා වූ තෙම්ම ගොනා පය සීවැලින් ඇන පය බිඳ කිසි අපරාධයක් නැති නිර්දෝෂී රජ හට අවන්නෙහිය. එබැවින් තෝ ඉතා අධර්මිෂ්ඨ එකෙකැයි කීය. එවේලෙහි ගොවියා කියනුයේ එම්බල පින්වත් වූ බ‍්‍රාහ්මණයා ප‍්‍රජාව රැුකීමෙහි නිරාභිලාසී වූ අධර්මයෙන් බදු පඬුරු ගෙන ෂත්ත්වයන් පෙළෙන්නා වූ රාජ චෝර භයින් පීඩිතව මඳ වැසිල්ලක් නොලබන දනව්වාසීන් ඇන මේ රජහට දෙඩුවයි තොපි මට කනස්සලූ නොව මාගේ වචනය ඇසූ පමණින් විනා අවශේෂ ෂත්ත්වයන් කියන ආක්‍රෝෂ පරිභව නොඇසුවා. බොහෝ සත්ත්වයෝ මෙපරිද්දෙන් පඤ්චාල රජහට පරිභව බෙනෙති. තවද බමුණාණෙනි තෙපි මාගේ වැරැුද්දෙන් ගොනා පය බිඳුයි කිව් නම් එසේ නොවෙයි. මාගේ ස්ත‍්‍රිය දවල් බත් ඇරගෙන එන්නී අතරමඟදී දැක රාජ සේවකයන් විසින් බත් උදුරණ ලද්දේවන. ඒ කාරණයෙන් නැවත ඕ තොමෝ ගෙට ගොස් දර පැන් සපයා මට බත් පිස ගෙනෙන්නී වන, දාවල් වනකල් බත් නොලැබ ක්‍ෂුධාවෙන් පීඩිතව ඈ එන පෙරමඟ බල බලා ගොනාට අස්ථානයේ පාර ගසාපීම්. ඒ ගොනා පක්‍ෂණයක ඇද සීවැල ඇනගත. මේ කාරණයෙන් මා විසින් පහරණ ලද්දේ නොවෙයි. අධර්මිෂ්ඨව රජකම් කරන ඒ පඤ්චාල රජහු විසින් පහරණ ලද්දේ යයි කීයේය. එසේ ඔහු කී බස් අසා කීයේ කාරණාමය, මෙතැන් පටන් දැහැමින් සෙමින් රාජ්‍යය කරම්හයි කියා යන්නාහ් අතරමඟ ලැගුම් ගෙන උදාසන නික්මුණු කල්හි කුළුදෙනකගෙන් කිරි දෝමින් සිටි ගොපල්ලා ගොන් පයින් පැහැර කිරි මුට්ටියක් බිඳ ගොපල්ලාත් එළාගෙන දිවපුව. එකල්හි එඬෙරා වැලි පියවිස නැගී සිට මෙලෙස කියන්නේ යම් සේ මේ දෙන් කිරි මුට්ටිය හා සමඟ මා ඇන එළාපුද එපරිද්දෙස් මේ පඤ්චාල රජහු යුද්ධ බූමියෙහි තියුණු මුවහත් ඇති කඩුවෙන් දෙකඩ කොට ගසත්වයි කියා ආක්‍රෝෂ කළේය. එසඳ ඔහු කී බස් අසා බමුණු කියනුයේ පින්වත් වූ ගොපල් මේ දෙන කිරි මුට්ටිය බිඳ තා ඇන එළාගෙන ගියාය. මේ රජහුගේ කවර දෝෂයක් දැක දෙඞීද, ඒ කාරණය මට කියවයි කීයේය. එවේලෙහි කාරණා කියන ගොපලූ පින්වත් වූ බ‍්‍රාග්මණය, පඤ්චාල රජ ඡුන්දයෙන් අගතියට ගොස් රාජධුරයෙහි ප‍්‍රමාදව ජනපදවාසෘන්ට බොහෝ පීඩා කරන්නාහ. එටස් හෙයින් මමද ඒ සෙවකයන් විසින් බොහෝ කොට කිරි ගෙන්වයි පෙළෙන ලද්දෙම් චණ්ඩ වූ අනට අසු නොවන කිරි දෙවිය නොගන දෙනකගේ කිරි දොවන්නට වනැයි කී කල්හි අප‍්‍රසිද්ධ වේශයෙන් ගිය රජ්ජුරුවෝ බමුණාට කියන්නාහූ ආචාරිනී, මේ පුරුෂයා කීයේ කටයුතුමය. මෙතැන් පටන් එලෙෂ නොකරම්හයි කියා තමන්ගේ නුවරට අභිමුඛව නික්මුණාහ. මෙසේ ඔවුන් දෙදෙනා යන කල්හී අතරමඟ ගමෙක බදු එළවා සිටි එක් රාජපුරුෂයෙක් කඩු කොපුවට යහපතැයි කුඹුරුවන් වස්සෙකු මා සම උපුටා ගත්තේය. එසඳ ඒ වස්සාගේ මව්දෙන් පුතා කෙරෙහි ශෝකයෙන් තණ නොකා පැන් නොබී අනවකාශයෙන් අඬ අඬා පුතුමැරූ තැන වටකොට ඉව ලා ලා මහත් ශෝකයෙන් ඇවිදිනීය. එකල්හි ශෝකයෙන් අඬමින් සිටි දෙන දැක ඒ ගම කෙළ ඇවිදිනා කුඩා කොල්ලෝ රජ්ජුරුවන්ට පරිභව බනන්නාහූ යම්සේ මේ දෙන් තොමෝ දරු ශෝකයෙන් නොකා නොබී අඬා ඇවිදීද එපරිද්දෙන් මේ පඤ්චාල රජ ශෝකයෙන් ශෝකාතුරව නොකා නොබී අඬා ඇවිදිවයි කීය. ඒ කුමාරවරුන්ගේ බස් අසා කියන්නා වූ බමුණු පින්වත් වූ කුමාරයාණෙනි, ධෙනුව තණ පැන් නොකා අඬා ඇවිදින්ට රජ්ජුරුවන් කළ දෝෂ කවරේද ඒ දෝෂ මට කියවයි කීයේය. මෙසේ විචාළ බමුණාට කාරණා කියන්නාවූ කෙළ ඇවිදිමින් සිටි කුමාරවරහු එම්බල බ‍්‍රාහ්මණය රජහුගේ අමැදහත්කමින් හා පුස්නා පමණ බලි ග‍්‍රහණයෙන් උපද්‍ර වූ ? දාවල් සොර ෂතුරු භයින් මුළාවූ දනව් වාසීහූ එම රජුගේ සේවකයන් විසින් ගහට කරන ලදහ. තවද මේ ධේනුවගේ කඹුරුවන් පැහැ ඇති බාල වස්සා මරා බඳු එළවීමෙහි සිටි පුරුෂ සම් උපුටා ගත්තේය. විචාරාත්මක කමෙන් ඇත්නම් අන්‍යය මෙලෙස නොපවතී. ඒ කාරණයෙන් රජ්ජුරුවන් වහන්සේට අප දෝෂාරෝපණයන් කොට කීයේ යයි කීහ. එසඳ රජ්ජුරුවෝ ආචාරිනි බාල දරුවන් කීයේ කාරණය යයි කියා නුවරට අභිමුඛව නික්මුණාහ. එකල්හි ඔවුන් දෙදෙනා එතන සමීපයට වන් කල්හිම බෝදිසත්වයන්ගේ ආනුභාවයෙන් මඬුවෝ කියන්නාහු. සම්බුලා ඡුාතකය ගැටපද විවරණය ගැටපද විවරණය උන් සිටි තැන විචරකුත් නොදනුව ඃ- ඉන්නා බවවත් සොයා නොබලාසිටින බවක් හෝ ගණනකට නොගෙන තොප කළ සේ නොයෙදෙයි ඃ- ඔබ කළ දෙය හොඳනැත වරද ක්‍ෂමා කරව ඃ- වරදට සමා වන්න රුවන් ඃ- රත්න, මැණික් අභි සෙවුදී ඃ- අභිෂේක කොට ඉසුරට ඃ- ඓශ්චර්යයට සුචරිතයන් ඃ- යහපත් කටයුතු කම් වූ පරිද්දෙන් ඃ- කර්මානුරූපව, කරන ලද කුසලා කුසල ක‍්‍රියාවන්ට අනුව පඤ්චාභිඥා ඃ- පස් වැදෑරුම් ඥාන සෘද්ධිවිධ ඥානය ඃ- සෘද්ධි ප‍්‍රාතිහාර්යය පෑමේ දිබ්බසෝත ඥානය ඃ- දිව්‍යමය කන් ඇති බව පරිචිත්ත විජානන ඥානය ඃ- අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව පුබ්බේ නිවාසානුස්සති ඥානය ඃ- පෙර විසූ ආත්ම සිහිපත් කිරීමේ ඥානය දිබ්බ චක්ඛු ඥානය ඃ- දිව්‍යමය ඇසි ඇති බව අෂ්ට සමාපත්ති ඃ- රුපාවචර ධ්‍යාන හතර හාඅරූපාවචර ධ්‍යාන හතර (රූපාවචර ධ්‍යාන සතර 1.ප‍්‍රථමධ ්‍යානය, 2.ද්විතීය ධ්‍යානය 3.තෘතීය ධ්‍යානය 4.චතුර්ථක ධ්‍යානය* අරූපාවචර ධ්‍යාන සතර ඃ-1. ආකාසාණ්ඥායතය 2. විඤ්ඤාණඤ්චායතනය 3.ආකිඤ්චඤ්ඤායතනය 4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කොසලාධිපතිවූ ඃ- කෝසල් රාජ්‍යයයෙහි රජ වූ (කොසලය යනු බුද්ධ කාලීන භාරතයෙහි පැවති රාජාණ්ඩු සතරෙන් එකකි. මෙහි අගනුවර සැවත් නුවර (සාත්ථි* නම් විය. බුදරදුන් වැඩිම වස් කාලයක් ගතකර ඇත්තේ ද සැවැත් නුවරය.* දේවධර්ම ජතකය ගැටපද පහදනය ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ ඃ- ශාක්‍ය කුලයට සිතුමිණක් වැනි වූ, ශාක්‍ය කුලයට සිතූපැතූ සම්පත් ලබාදෙන මැණිකක් වැනි වූ* සැවැත් නුවර නිසා ඃ- සැවැත් නුවර ඇසුරු කරගෙන බහුභාණ්ඩික ඃ-භාණ්ඩ රැුසක් පරිහරණය කරන කෙළෙඩි පුත‍්‍රයෙක් ඃ- පවුල් කාරයෙක් පූර්ව භාගයෙහිම ඃ- පෙරාතුවම, කලින්ම ගිනිහල් ගෙයකුත් ඃ- අග්නිසාලා වස්කුත්, ගිනිතපින වතුර පැහැවන ගෙයක් ද බඩුහල් ගෙයකුත් ඃ- ගබඩාවක් ද කෙල්ලන් කොල්ලන් ඃ- මෙහෙකාරියන් හා මෙහෙකරුවන් පොරෝණේය ඃ- පොරවන්නේය පොරෝණයක් වළඳින්නේය ඃ- පොරවනයක් පොරවන්නේය ඇතිරි ඃ- ඇතිරිලි අවුගස්වන කලට ඃ- වේලන විට තුන් සුවරු ඃ- දෙපට සිවර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු තුන අනුදන්නා ලදහ ඃ- සුදුසු යැයි අනුමත කරන ලද අල්පෙච්ජ වූ ඃ- හිස් වූ, සුළු දෙයක් කැමති වන්නා වූ (අල්පේච්ජ ඝ අප්පිච්ජ ඝ අපිස් අල්ප ූ ඉච්ජ* වරෝ ඃ- එව පරිෂ්කාර ඃ- පිරිකර (පරික්ෂාකාර ඝ පරික්ඛාර ඝ පිරිකර* සන්තුෂ්ට භාවයෙහි ඃ- ලද දෙයින් සතුටු වීම විදර්ශනා ඃ- විපස්සනා, විදසුන්, ත‍්‍රිලක්‍ෂණයට අනුව පඤ්චස් කන්දය දෙස බැලීම (බුදු දහමේප‍්‍රධාන භාවනා දෙකක් ඇත. එනම් සමථ හා විදර්ශනා වශයෙනි. සමථ භාවනාව කෙලෙස් සමනයට උපකාරි වන අතර විදර්ශනා භාවනාව කෙලෙස් මුලිනුපුටා දැමීමට හේතුවේ*(විදර්ශනා ඝ විපස්සනා ඝ විදසුන්* කීයෙහි නොවේ ද ඃ- කියානැතිද දමාපියා ඃ- ගලවා දමා පර්ෂදත් ඃ- පිරිස (පර්ෂත් - පර්ෂද් ඝ පිරිස - පිරිස්* තනි අඳනයෙන්ම ඃ- අඳන සිවුර පමණක් ඇතිව පිටිවහල් ඃ- උපකාර සිව්වනක් පර්ෂත් ඃ- භික්ෂූ, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සතර පිරිස එළවාගෙන ඃ- ඇතිකරගෙන දමාපූ ඃ- ඉවත්කළාවූ අර්ථය ඃ- කරුණ අන්‍ය භවයෙන් පිළිසන් වූ ඃ- වෙනත් ආත්ම වලින් වැසීගිය ජනරඤ්ජය කොට ඃ- ජනතාව සතුටු කර කාලක‍්‍රියා කළෝය ඃ- මරණයට පත්වූහ සංවාසයෙන් ඃ- එකට විසීන්, කාමසේවනයෙන් වරයක් ඃ- කැමති දෙයක් ඉල්ලීමට අවස්ථාවක් පසුව ගතයුුතු කොට ඃ- පසුව ගැනීමට හැකි ලෙසට කටයුතු කර ඇවෑමෙන් ඃ- මියගියපසු රාජාංගනයේ ඃ- රජමාළිගාවේ මිඳුලෙහි රාජ ූ අංගනයේ කෙළෙනා ඃ- ක‍්‍රීඩා කරන, සෙල්ලම් කරන ක‍්‍රීඩති ඝ කීළති ඝ කෙළියි මල ඃ- මල්ලියේ තෙල ඃ- අර නාපියා ඃ- දියනා අයුම්පතින් ඃ- නෙළුම් කොලෙන් විලතෙමේ ඃ- විල වෙසවණු රජ්ජුරුවන්ගෙන් ඃ- වෙමුණි නම් යක්‍ෂ රජතුමාගෙන් (වෙමුණි යනු යක්‍ෂයන්ගේ අධිපතිතුමාය* (වෛශ‍්‍රවණ ඝ වෙස්සවණ ඝ වෙසමුණි* දිය රකුස්සෙකු ඃ- දියෙහි වසන රාක්‍ෂයෙකු දේවධර්මය දන්නා කෙනෙකුන් තබා ඃ- දේවධර්මය දන්නා කෙනෙකුන් හැර (පව් කිරීමට ඇති ලැජ්ජාව හා බිය හෙවත් හිරි ඔතප් දෙක දේවධර්ම යන්නෙන් අදහස්වේ* බටුවූ නම් ඃ- බැස්සේනම් උදක ඃ- දිය ලස්වන්නා ඃ- ප‍්‍රමාදවන බව සතරදිග ඃ- උතුර, දකුණ, නැගෙනහිර, බටහිර යන සතර දිශා අධිගෘහිත ඃ- අරක්ගෙන සිටින දුන්න නඟා ඃ- දුනුදිය නඟා, දුනුලීය තම දුනුලණුව බැඳීම දුනුමිට නියලාගෙන ඃ- දුන්නෙහිමැද ඇල්ලීමට සෑ¥ තැන ඊතලයක් තබාගෙන වලදඬුකපා ඇවිදිනා ඃ- කැළයෙහි ලී කපමින් ඇවිදින බල එකෙක් ඇත ඃ- තවද දෙයක් ඇත (බල යන්නට නිපාතයක් ලෙස ගත් කල යලි, තවද යන අදහස් ගත හැක* සුවඳ විලවුන් ඃ- සුවඳවත් වූ ආලේපන පර්යංකයක් ඃ- ආසනයක් අතුට ඃ- අතුරා, සකස් කර පාමුල සිටුවා ඃ- කකුල් දෙක ලඟ තබාගෙන සකස් කොට අසව ඃ- හොඳින් අසව ප‍්‍රවෘත්තිය ඃ- පැවැත්ම ප‍්‍රසන්න වූ ඃ- පැහැදුනා වූ උදෙක් ඃ- හුදෙක් එපමණක් විනා ඃ-එසේ වුවත් ඡෙට්ඨාපචායන කර්මය ඃ- වැඩිහිටියන්ට පිදීම (ඡෙට්ඨ ූ අපචායන* බාල මලණුවන් නිසා වනුම්හ ඃ- බාල මල්ලී නිසා පැමිණියෙමු කොට පීයයි ඃ- කළා යිය අදහා ගන්නා ඃ- විශ්වාස කරනා අදහා ගන්නා ඃ- විශ්වාස කරනා සමාධිව ඃ- සතුටට පත්වී සාධු ඃ- මැනවි, හොඳයි (පැහැදුනු සිතින් ප‍්‍රීතිය ප‍්‍රකාශ කිරීමේ දී සාධු නාද පවත්වනු ලැබේ* වෙර ඃ- ශරීරයෙහි සෙනවිරත් තනතුර ඃ- සේනාධිපති තනතුර තෙනක ඃ- ස්ථානයක, තැනක (ස්ථාන ඝ ඨාන ඝ තෙන - තැන* ශාස්තෘ වූ ඃ- අනුශාසනා කරන්නා වූ, ආගමික ශාස්තෘවරයා වූ චතුසත්‍යය ඃ- චතුරාර්යය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන උතුම් සත්‍යය සතර* සෝවාන් පෙළෙහි ඃ- සෝවාන් ඵලයෙහි සාලිරාජ වස්තුව ගැටපද පැහැරණය සතොලොස්වන ඃ- දාහක් වන අංගනාව ඃ- කාන්තාව මුක්තාභරයක් ඃ- මුතු මාලයක් නැවෑමියෙක් ඃ- යකඩ වැඩ කරන්නෙක් නැවෑමිදුවක් ඃ- යකඩ වැඩ කරන්නෙකුගේ දියණියක් මධුර ඃ- මිහිරි, රසවත් ඌරු මාංසය ඃ- ඌරු මස් කර්මාන්ත මිල පිණිස ඃ- කරන ලද වැඩෙහි කුලිය පිණිස (මෙහි දැකියවෙන නැවෑමියා විසින් වැද්දාට කිසියම් ආයුධයක් තනාදීම වැනි වැඩක් කර දෙන්නට ඇත. එයට කුලිය වශයෙන් වැද්දා විසින් නැවෑමියාට මස් දෙන ලදි* දැහැමෙන් සෙමින් බලන ලද ඃ- ධාර්මිකව සෙමින් රැුස් කරන ලදි (සෙමෙන් යන පදය තුළ ‘ශාන්තව’ හෙමින් යන අදහසක් ද ගැබ්ව ඇත.* කැවැ මැනවැය ි ඃ- කෑම යහපතැයි තෙල් මස ඃ- තෙලින් මස් බැදීම මධු මස ඃ- මී පැණි දමා මස් පිසීම පෙණ මස ඃ- මස් පිසිණ ක‍්‍රමයක් අඟුරු මස ඃ- ගිනි අඟුරු වල දමා මස් පිච්චීම දුරු ඃ- ආහාර සුවඳවත් කරන දුරු නම් ඇට වර්ගය සම්බාරසංයුක්තක ඃ- මිරිස් ආදාය දමා මස් පිසීම පස් ප‍්‍රකාරයකින් ඃ- ආකාර පහකින්, සුදු කඩෙකින් ඃ- සුදු රෙද්දකින් සැළුමුව ඃ- සැළියෙහි කට ආවර්ජනා කොට ඃ- සිහිපත් කර ක්‍ෂීණාශ‍්‍රව කෙනෙක් ඃ- රහතන් වහන්සේ නමක් අඬගගා ඃ- හඬගසමින්, ආමන්ත‍්‍රණය කරමින්, ආරාධනා කරමින් ස්වප්නයක් ඃ- සිහිනයක් මනදොළ ඃ- සිතෙහි ආශාව මුදුුන් පැමිණෙන්නේවයැ ඃ- මස්තක ප‍්‍රාප්ත වන්නේය, ඉටු වන්නේය සුවඳ පිරිබඩගෙන ඃ- සුවඳ වර්ග ආලේපකර පහන් ලවා ඃ- පහන් දල්වා පූර්ණඝට ඃ- පුන්කලස් ( පුනකලස් යනු සෞභාග්‍ය මූර්තිමත් කරන සංකේතයයි* ලද පස් මල් ඃ- ඊ තණ, සමන් පිච්ච, සුන් සහල්, සුදු අබ, විළඳ යන පහ ගෙදොර ඃ- ගෙයි දොර ගම්දොර ඃ- ගමට පිවිසෙන ස්ථානය බෙර ඇසක් සේ ඃ- බෙරයක ගසා ඇති හමක් මෙන් (බෙරයක ගසා ඇති හම දැඩි ලෙස ඇද ඇති හෙයින් ඉතාමත් සමතල පෘෂ්ඨයක් එහි ඇත* කළුවැලි පියා ඃ- කළුපාට වැලි ඉවත්කර සුදුවැල්ලෙන් තවරා ඃ- සුදුවැලි අතුරා දෑසමන් ඃ- පිච්ච උපාධ්‍යාය වූ ඃ- අවවාද දෙන ගුරුවරයා වූ සදෙනා වහන්සේ ඃ- හය නම සිවුරු ගැටගන්නා ඃ- රත් පියුමකට බට ඃ- රතුපාට නෙළුමකට බැස්සා වූ නීල භෘංගරාජයන් නිල්පාත‍්‍ර ඃ- තද කළු පාත‍්‍ර‍්‍ර (තද කළු පාට හා තද කොළ පාට සාහිත්‍ය කරුවෝ නීලවර්ණය නමින් දැක්වූහ. නිල් වරලෂ, නිල් ගොයම වැනි යෙදුම් විමසන්න* කර්මාරතිස්සයෝ ඃ- යකඩ වැව කරන තිස්ස අවුලූ හා සමඟ උපකරණ ඃ- කැවිලි සමඟ වෙනත් දෑ මි සකුරු ඃ- මී පැණි හා හකුරු හැල් සාලේ බත් ඃ- ඇල් නම් හාල් වර්ගයෙන් පිසූ බත් දැහැටි කිස නිමවා ඃ- කෝටු කැබලි වලින් දත් මැද අනුමෙවෙනි පිණිස ඃ- අනුමෝදනා පිණිස, කළ ක‍්‍රියාව අනුව සතුටු වීම පිණිස (මෝදනය නම් සතුටයි* මිය ඃ- මරණයට පත්වී එකපැහැර ඃ- එකවිට යටත් පිරිසෙයින් ඃ- අඩුම තරමින් උදුනෙහි ඃ- ලිපෙහි බතුදු ඃ- බත් ද පෙරළී ඃ- විපර්යාසවී, පරිවර්තනය වී තණවරා ඃ- ආදී වූ කටුසර පිරූ ඃ- තණවරාවැනි වූ ධාන්‍ය පිර වූ සිස් කොටුගුලූද ඃ- හිස් ගබඩාද හැලින් ඃ- ඇල් හාල්වලින් උදක් ඔවුන් උපන් දවස මතු නොවෙයි ඃ- හුදෙක් ඔහු ඉපදුණු දිනයේ පමණක් නොව කළමනා ඃ- කටයුතු ශස්‍යජාතීහු ද ඃ- ධාන්‍ය වර්ගද ශාලිජාතිම ඃ- ඇලි වී වර්ගම ආශ්චර්යය ඃ- පුදුමයන්, විසිතුරු ශාලි බන්ධුව ඃ- ඇල් වී වලට නෑදෑයෙකු වී (රජ කුමරාගේ ජීවිතයේ විශේෂ අවස්ථා සෑම එකකදීම ඇලි වී සම්බන්ධ වූ බැවින් මෙසේ පැයසුනි* සම්පත් ආඪ්‍ය වු ඃ- බොහෝ සම්පත් ඇති තේජස් ඃ- ආනුභාව රාජසෘද්ධි ඃ- රාජ අභිවෘර්ද්ධි, දියුණු වූ, රාජ ස්වභාව, රාජ්‍යයත්වයෙන් පොහොසත් අළාමක වු වික‍්‍රම ඃ- බොහෝ උසස් වූ ශූරත්වය, මහත් අධිකවූ ශූරත්වය දසදිග පතළ ඃ- දස දිශාවෙහි පැතිරුණු (උතුර, දකුණ, නිරිත, වයඔ, උඩ, යට යනු දීශා හයයි. යසස් ඃ- කීර්ති ස්ථානෝචිත ප‍්‍රඥාව ඃ- තැනට සුදුසු නුවණ (ස්ථාන ූ උචිතප‍්‍රඥා* කන්කලූ වූ තෙපුල් ඃ- කණට ප‍්‍රිය වචන ස්ථීර වූ සබා දන්නාහ ඃ- පහවූ භය න්ත‍්‍රාස ඇතියන ඃ- බිය හා තැති ගැනීම් නැත්තාහ කප්රුකක් ඃ- කල්පවෘක්‍ෂයක්, සිතුපැතු සම්පත් ලබා දෙන ගසක් භෝගයෙන් ඃ- ධනයෙන් බලදේවයන් ඃ- බලභද්‍ර, බලදෙවියා (කෘෂ්ණ හෙවත් විෂ්ණු දෙවියන්ගේ අයියා ලෙස සැලකෙන බල දෙවියා අතිමහත් කාය ශක්තිය ඇතියෙකු බව සංස්කෘත පොත් වලින් හෙලිවේ. තෘප්ති නිවාරණයක් ඃ- කැමැත්ත නැතිවීමක් දවස දහසක් වටින පඬුරු ඃ- දිනකට කහවනු දාහක් වටිනා ත්‍යාග දිශා භාගයෙහි ඃ- පැත්තෙහි, දිශාවෙහි නිමන ඃ- ගෙවන අය මුඛය ඃ- ආදායම පෞසථාංගශීලය ඃ- අෂ්ටාංග ශීලය සියක් ගැල් පුරා ඃ- කරත්ත සියයකට පුරවා විය කරින් හෙළා ඃ- විය ගස කරෙන් බිමට දමා (නඟුලෙහි හා කරත්තයෙහි ගොනුන් බඳින ලීය ‘විය’ නමින් හඳුන්වයි කාලඝෝෂා :- සුදුසු කාලය පැමිණි බව හැ `ගවීමට කරන හ`ඩ ගිතෙල් :- එළදෙනුන්ගේ කිරෙන් ලැබෙන තෙල් වෙ`ඩරු :- කිරි යොදයෙන් සාදනු ලබන ද්‍රව්‍යයක් බෙහෙත් පසය :- ගිලන් පස, බෙහෙත් පිණිස දෙන ද්‍රව්‍යය මධු මුද්දිකාදි අෂ්ටවිධ පානවර්ගයන් ද :- මී යුෂ, මිදි යුෂ වැනි අට වැදැරුම් පාන වර්ගද ඉදිරියේ දවස :- අනාගතයෙහි මාලිගාව හරවා :- මාලිගාව ඉවත් කර ප‍්‍රාසාදයක් :- මාලිගාවක් වාසලින් :- දොරටුවෙන් ර`ගමඩුලූවු :- රං`ග මණ්ඩලයක් වැනි වු නැටුම්, ගැයුම්, වැයුම් කරන තැනක් වැනි වු අතළ ගල් පෙළින් :- ඇතිරූ ගල් පේලි වලින් රක්තස්වේත ආදි පක්‍දචප‍්‍රකාර පද්මයෙන් :- රතු, සුදු ආදී පස් ආකාර පියුම් වලින් පතස් පෙළින් :- කුඩා වැව් සමුහයෙන්, පොකුණු සමුහයෙන් චක‍්‍රවාකාදී :- සක්වාලිහිණියන් වැනි (චක‍්‍රවාක නම් ලිහිණි විශේෂය දහවල්හී ජෝඩු වශයෙන් හැසිරෙන බවද රාත‍්‍රියේදි වෙන්ව සිටින බවද කියනු ලැබේ ලතා මණ්ඩප පන්තීන් :- වැල්ගොමු සමුහයන් (වැල් එකට එතී මණ්ඩලාකාරව සකස් වී ඇති තැන් ලතා මණ්ඩප නමින් හඳුන්වයි* ගිගුම් දෙන :- නද දෙන නා :- නා ගස් පනා :- කොස් සුපුෂ්පිත :- මනාව පිපුණා වූ වෘක්ෂ මාලාවෙන් :- ගස් පෙළින් මලින් සෑදීමට :- මල් වලින් අලංකාර වූ, මල් වලින් සැරසී සිටි සුපිපි :- හොඳින් මල් පිපුණු හෝපලූ ගසක් :- අශෝක ගසක් චණ්ඩාලයාගේ :- සැඩොලාගේ, රොඩියාගේ නිල් අතුපතර :- තද කොළ පාටට පැතිරී ගිය අතු මහ මේ ගබක් :- විශාල වැහි වලාකුළක් අග‍්‍රප‍්‍රාප්ත වූ රූප ශෝභාවෙන් :- කෙළ පැමිණි රුප සුනදරත්වයෙන්්, ඉතා ලස්සන රූපයෙන් හොබමින් :- බබළවමින් පල්ලවයක් :- දල්ලක් ආශ්චර්යයට :- පුදුමයට තෙල :- ඔය කොමළ :- මොලොක් කෙණ්ඩා ස`ගල :- දණහිසෙන් පහල ඇස්වැටයෙන් උඩ ඇති සෝ ගොබය රනිබ්බන් :- රත‍්‍රන් ඉබ්බන් (රන් ඉබ්බන්* හොබනේය :- බබලන්නේය සි`ගුවලග :- සිහින් ඉ`ගටිය රන් සිරිවසක් :- රත‍්‍රන් උඩැක්කියක් මධ්‍යමාංගහෙි :- ඉ`ගටියෙහි කුසේ පහළ කොටසෙහි හිරිතුන :- ඉරිතුන වසා රොද :- රෝමරාජිය, පෙකණියේ සිට පහලට දිවෙන ලොම් වැල රළ පතර තුනක් :- රැුලි තුනක් පයෝධරයෝ :- පියයුරු (පය ූ උදර* (පයඃ යනු සංස්කෘත භාෂාවෙන් කිරිවලටද වතුරවලටද නමකි, උධර යන්න ”දැරීම” යන අදහස දෙයි,වළාකුළු වලටද පයෝධර යැයි කියති.* අතුල් පතුල් :- අත්ල හා යටිපතුල් ළද පල්ලවයෙන් :- ළපටි දළු වලින්, නොමේරු දළු වලින් තෙව්නා :- බබළන කල්පලතායෙහි :- හිතූ පැතූ දෙය දෙන වැලෙහි අටගත් :- හටගත් අරළු :- කඳින් පැනනැගි පහත එල්ලෙන මුල් (නුග වැනි ගස්වල මේවා ඇත චන්ද්‍රකාන්තීන් :- සඳ කිරණින් කෞමද :- කුමුදු ප‍්‍රබෝධ කරවයි :- පුබුදු කරවයි,මනාව විකසිත කරවයි අතිරක්ත වූ :- ඉතාරතු අධරයුග්මයෙහි :- තොල් දෙකෙහි රශ්මීන් රැුඳුනාවූ :- රැුස්වලින් සිත්කලූ වූ, රැුසින් හොබනාවූ දන්ත පන්තිහු :- දත් පේළි විලිකුන් :- ඉදුනු බිජු :- බීජ ඇට අනංගයාගේ මාලිගා දොර :- කාම දෙවියාගේ මාලිගාවෙහි දොරටුව (කාමයට අධිපතා දෙවියායි, ඊශ්වරයාට දාව පාර්වතියගේ කුසෙහි කඳ කුමරු උපදවා ගැනීම සඳහා ශක‍්‍රයාගේ නියමයෙන් ඊශ්වරයා පෙළඹවීම සඳහා ගිය කාම දෙවියා ඊශ්වරයාගේ නළලෙහි ඇති තෙවැනි ඇසින් නික්මුණු ගින්නෙන් දැවී ගියේලූ,+ එතැන් පටන් ඔහු ශරීරයක් නැත්තා යන අදහසින් අනංග නම් විය, එය කෙසේ වෙතත් මෙහිදී අපට පැහැදිළි වන්නේ රාගය දෙවියෙකු ලෙස නිරූපණය කර ඇති බවයි* නොහොත් :- නැතහොත් (විකල්පාර්ථයෙහි යෙදෙන නිපාතයකි* රත් මැදිරි දොර :- කාම සේවනය සඳහා වු මන්දිරය් දොර රන් යටෙක :- රත‍්‍රන් රිටෙක යෂ්ටි ඝ යට්ඨි ඝ යට ධවජ ඃ- කොඩි කාමි පුරෂයන් ඃ- කාම ආශාව ඇති පුරුෂයන්, සල්ලාලයන් අග් බබරු ඃ- අගින් නැමුණු නිල්වූ කෙස් වැටිය ඃ- තද කළු කේහ කලාපය තෙපි කිනම්ද ඃ- ඔබේ නම කුමක්ද? සස්වාමික ඃ- ස්වාමියෙකු ඇති අස්වාමික ඃ- ස්වාමියෙකු නැති නොවළගා ඃ- නොසඟවා අමේධ්‍යයෙහි හුණු ඃ- අශුචියෙහි වැටුණු විරාජමාන ඃ- බබලන පිළිසන් ඃ රෙදි වලින ආවරණය කරන ලද සුඟක් ඃ- සුවල්පයක්, ටිකක් බෝධි කෙනෙකුන් ඃ- බෝධි වහන්සේ නමක් ඉඳුරා හැමද ඃ- සම්පූර්ණයෙන් අතුගා, හොඳින් ඉවත්කර කසළ දමා ඃ- කසළ ඉවත් කර සනස්වනු පිණිස ඃ- නෑවීම පිණිස පැනට ගිය කල්හි ඃ- පැන් ගෙන ඒමට ගිය කල්හි සයින් ඃ- කුසගින්නෙන් කැඳිත්තක් ඃ- කැඳටිකක් බත් උළු ඃ- බත් ඇට ¥ෂය ඃ- අපිරිසිදු බිණු ඃ- කථාකළ දෙවන ජාතියෙහි ඃ- අනෙක් ආත්මයෙහි අස ඃ- අසල ඔවුන් ඃ- ඇස පහන් ලූව මැනවැයි තැන ඃ- පහන් දැල්වීමට අවශ්‍ය නැත සතර රියනෙක ඃ- රියන් හතරක සාරමසක් පිලිහිනි නොවෙයි ඃ- මාස හතරක් යන තෙක් නරක් නොවීය වැද ඃ- වැ¥ පාදපරිචාරිකාව කොට ඃ- බිරිඳකොට එක පැහැර ඝෝෂාව ගියහ ඃ- එකවර කැළඹී ගියහ වල්ලභ ඃ- හිතවත් කෙල ඃ- කෙල්ලේ දොළන ස්ත‍්‍රියක ඃ- ආශාව, මනොරථය ඃ- බලාපොරොත්තුව ප‍්‍රබුද්ධ වන්නාවූ ඃ- පිබිදෙන්නාවු, පිපෙන්නාවු චන්ද්‍රාලෝක ඃ- සඳෙහි ආලෝකය, සඳ රැුස් ප‍්‍රබෝධශ‍්‍රීයට ඃ- පිබිදීමට, පිපීමට සාමුද්‍රිකා ලක්‍ෂණයෙහි දක්‍ෂ වූ ඃ- ශරිරීරයෙහි තිබෙන සුභ හා අසුභ ප‍්‍රකාශ වන ලක්‍ෂණ බලා ගුණ හා අගුණ කීමේ ශාස්ත‍්‍රයෙහි දක්‍ෂ වු ලක්‍ෂණ හීන වූ ඃ- සුභ ලක්‍ෂණයක් නැති කාලකණ්ණි එකක් ඃ- අභාග්‍ය සම්පන්න වු එක්යක්, පින්නැති එකියක් කළමනා කටයුතු දන්නමෝ වේදැයි ඃ- කලයුතු දේවල් දන්නෙමුයි සූසැටක් ඃ- හැටහතරක් ශෝභමාන වූ ඃ- බබළන්නා වූ ජංගා ඃ- කෙණ්ඩ දිය සළාවක් මෙන් ඃ- දිය සුළියක් මෙන් දක්‍ෂිණාවර්තව ඃ- දකුණට කැරකී (දක්‍ෂිණ ූ ආවර්තිත, දක්‍ෂිණ ඝ දක්ඛිණ ඝ දකුණ* නාභි මණ්ුලයක් ඃ- නැබක්, පෙකනියක් දුනුමිටක් මෙන් ඃ- දුන්නෙහි මැද ඇල්ලීමට සෑ¥ තැන මෙන් කටී ප‍්‍රදේශයක් ඃ- ඉඟ ප‍්‍රදේශයක් තනුව ඃ- තුනීව, සියුම්ව අග් කෙළවරවල් ඃ- උඩු අතට හැරී ඇති, උඩ බලා සිටින අඳුන්වන් ශරීර රෝමයක් ඇතියන ඃ- අඳුන් පැහැ ඇති ලොම් ශරීරයෙහි පිහිටා ඇති රතැඹුල ඃ- රතු ඹ්ලූ මල් නිල් සේසත් වටක් මෙන් ඃ- නිල්පාට කුඩයක් මෙන් යුග්මය ඃ- සුවළ, සඟල, දෙක හස්තපාදයෙන් ඃ- අත්පා මස්හුන්ව ඃ- මස් පිිිිරි ශ‍්‍රී කාන්තාතොමො ඃ- සැපතට අධිපති දෙවඟන (සීදේවිය නමින් ද හැඳින්වෙන ශ‍්‍රී කාන්තාව විශ්ණු දෙවියන්ගේ බිරිඳ බව පැවසේ. සැබවින්ම මෙහි ද සිදුව අත්තේ‘සම්පත’ දෙව්දුවක ලෙස නිරූපණය කිරීමයි* සක්විති රජක්හට ඃ- චක‍්‍රවර්ති රජකෙනෙකුට වඩනා සේක්ල ඃ- පැමිණෙන්නේලූ, පැමිණෙනවා (ශ‍්‍රැතිසූචනාර්ථයෙහි හෙවත් යමෙකුගෙන් ඇසූ දෙයක් නැවත ප‍්‍රකාශ කිරීමේදී ල, ලූ යන නිපාත යෙදේ* කළමනා කටයුත්තෙහි අප‍්‍රමාද වෙව ඃ- කලයුතු කටයුතු නොපමාව කරන්න කැවුම් පියුම් ඃ- කැවිලි පෙවිලි බල සෙනග පිරිවරා ඃ- රාජ්‍ය සේනාව ඇඹේනියෝ ඃ- බිරිඳ බැන නැංග භස හා ඃ- කථා කළ වචන සමඟ රාජාසනමස්තකයෙහි බැස උන්හ ඃ- රජ අසුනෙහි ඉඳගෙන සිටියහ උද්දාම වූ ඃ- ඔද වැඩුනා වූ, යුක්ත වූ රස මසවුලෙන් ඃ- රසවත් වූ මස් ව්‍යාංජනයෙන් (මස් ූ අවුල* තුමූම බත් අනුභව කරවූහ ඃ- අශෝක මාලා රජුට ආහාර පාන පිළිගැන්වූහ සූපව්‍යඤ්ජනයෙන් යුක්ත ඃ- නියඹලා හා ව්‍යංජන වලින් යුතු (නොවැගිරෙන ලෙස අතින් ගෙන කෑ හැකි ලෙස සකස් කරන ව්‍යංජන සූප, නියඹලා යන වචනයෙන් හඳුන්වයි* බත් අවුලූ ආදිය මෙහෙ නිමවා ඃ- බත් කැවිලි ආදිය අනභව කර මඳකින් නොබලා ඃ- වැඩිදුර සොයා නොබලා දෙමහල්ලන් ඃ- සැමියා හා බිරිඳ, ශාලිය කුමරා හා අශෝකමාලා කුමරිය රජ්ජුරුවන් මෙහෙ නිමවූ පරිද්දෙන්ම ඃ- රජතුමා අනුභව කළ ආකාරයෙන්ම බත් කැවූහ ඃ- ආහාර පිළිගැන්වූහ අභිවෘද්ධි සඳහා ඃ- වැඩි දියුණුව පිණිස ගොකුණෙහි උපදනා ගොරද නොදමා ඇරගනිති ඃ- ගවමළකුණෙහි උපදින ගෝරෝචන ඉවත නොදමා ඇරගනිති (ගෝරෝචන යනු දුර්ලභ සුවඳ ජාතියකි* ජාතිය ඃ- කුලය සළු පිරිකර ඃ- වස්ත‍්‍ර හා පාත‍්‍ර චීවර ආදී පූජා භාණ්ඩ සිවුපස දානය පැවැත්වූහ ඃ- සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සතරින් සංග‍්‍රහ කළහ. උදකලාව ඃ- තනිව රාජාංගනයෙහි ඃ- රජ මාළිගයේ මිඳුලෙහි කෙළ කෙළෙහිඳ ඃ- ක‍්‍රීඩා කරමින් සිට විතර්කය ඃ- අදහස දිව බෙහෙත් ඃ- දිව්‍ය ඖෂධ ඇඹුල් කැඳ සැළියක් ඃ- පලා කොළ දමා පිසූ ඇඹුල් ඇති කැඳ සැළියක් සිනාපීහ ඃ- සිනාසුනහ සී සී ඃ- සිනාසෙමින් ව්‍යාධි ඃ- ලෙඩ ඇස ඇසිල්ලෙහි ඃ- ඇසෙහි ගෑවිමට ගඩපොළගස් ඃ- සිරුරෙහි ඇතිවන ගෙඩි, විසප්පු, පිළිකා සියලඟ ඃ- මුළු සිරුරෙහි, සකල ශරීරයෙහි නර ඃ- ඉඳුණු කෙස් පමජය ඃ- ප‍්‍රමාණවත්ය නොහොබනේමය ඃ- නොබලන්නනේය නිර්ව්‍යාධිබව ඃ- නිරෝගි බව සම්වැරළගත් ඃ- හම රැුළි වැටුණු ඔහු යම්තම් කැඳිත්තක් පෙවූහ ඃ- ඔහුට කැඳ ඉතා ස්ව්පයක් පෙවූහ විලිපිලි ඃ- ඇඟරැුලි හා ඉදුනු කෙස් සම්මාව්‍යාධියක් ඃ- කිසියම් හෝ ලෙඩක් වියදම් කළත් ඃ- වැය කළත්, (කැඳ* ගත්තත් සැලෙහි ඃ- හැලියෙහි ඔවුන්ගේ ම සහෝදර මල් වූ ඃ- ඔහුගේම බාල සහෝදරයා වූ සැදෑතිස් ඃ- සිද්ධාතිස්ස (ශ‍්‍රද්ධ ඝ සද්ධා ඝ සැදෑ* අටලොස් අවුරුද්දක් ඃ- අවුරුදු දහඅටක් තුසීතපුර ඃ- තුසිත නම් දෙව්ලොව දිවිහිමියෙන් ඃ- ජීවිතයෙහි කෙළවර තෙක් මරණය තෙක් දන් සිල් රැුක ඃ- දන් දී සිල් ආරක්‍ෂා කර පොහොය පෙහෙව ඃ- පොහොයට අටසිල් සමාදන්ව සත් පනස් කෙළ හැට ලක්‍ෂයක් අවුරුද්දට ඃ- වසරකට (මිනිස් අවුරුදු වලින්* පනස්හත් කෝටි හැට ලක්‍ෂයක් ආයුෂ ඇති (තුසිත දිව්‍යලෝකයෙහි එක් දිනයක් යනු මනුෂ්‍ය ලේාකයට වසර පනස් හත් කොටි හැට ලක්‍ෂයකි* තුසිත භවනෙහි ඃ- තුසිත නම් දිව්‍ය ලෝකයෙහි බුදු වන ජාතියෙහි ඃ- බුදුවන ආත්මයෙහි අමාමහ නිවන් ඃ- අමෘත රස ඇති නිවන අතිප‍්‍රසන්න ඃ- ඉතා පැහැදුනු සාධු ජනයන්ගේ ඃ- සත්පුරුෂ ජනතාවගේ පූර්වචරිතය ඃ- පෙර ආත්මය ආරඤ්ඤක අභය ස්ථවිර වස්තුව - ගැටපද පහදනය තෙළෙක්වන ඃ- දහතුන් වන කවරයක් ඃ- කවරක්දැයි කිවහොත් ත‍්‍රිපිටකධාරී ඃ- ත‍්‍රිපිටකය කටපාඩම් ඇති ග‍්‍රාමාන්ත සේනාසනය ඃ- ගමෙහි වූ පන්සල වන ළැහැබෙක ඃ- ගස්වැල් නිසා අඳුරු වු වනයක මෑත භාගයෙහි ඃ- පසු කාලෙක එපවත් ඃ- ඒ ප‍්‍රවෘත්ති, එම තොරතුරු සිවුරුපිළි ඃ- සිවුරු පිණිස රෙදි අඳනා පොරෝනා දෙයකුත් නුදුටිම් ඃ- අදීමක් හෝ පෙරවීමක් සුදුකරන බවක් නොදැක්කෙමි. එසේම කොට බැඳ වෙළා තබන දෙයක්වත් ඃ එමෙන්ම එකට ලැටගසා තබන ආකාරයක්වත් තෙනකට ඃ- ඉසකේපන ඃ- කෙස් වැටිය එම්බල කොල ඃ- ‘ඈ යකෝ’ වැනි නිග‍්‍රහ ඇමතීමක් ගෙනගියා ඃ- ගෙන ගිය තැනැත්තා අමු සෙහොනට ඃ- මිනී වල දමන සොහොනකට (අතීතයේ දී මිනී බාගෙට පුච්චා හෝ නොපුච්චා කාලයෙහි නියමිත ස්ථානයකට ගෙන ගොස් දමා ඇත. එය අමු සොහොන නම් විය* අධෝමුඛ කොට ඃ- මුනින් අතහරවා වැදහොවා ඃ- නිදිකරවා, පෙරලා බැණ නොනැගී ඃ- කථා නොකර උනාගත නොහී ඃ- ගළවාගැනීමට නොහැකිව, බැඳ ඇති ලෙසම ගිවිස්සා ඃ- (ඇය තුල* පිළිගැනීමක් ඇති කොට* කුසෙහි ඔත්තවුනගේ ද ඃ- සහෝදරයන්ගේද පිටිවහල් ඃ- පිහිටක්, උදව්වක් ගැත්තවුන්ට පිටිවහල් වුව මැනව ඃ- දාසයාට පිහිට වන්න, යටහත් පුද්ගලයාට පිහිටවන්න ළපිරුණු ඃ- ළයෙහි පිරුණු කුුලාවෙන් ඃ- තෙල් දමන බඳුනෙන් (තෙල් දැමීම සඳහා කුප්පි හා බට පුරුක් අතීතයෙහි භාවිත කර ඇත* මුගුරෙන් පහළ තැන් ඃ- පොල්ලෙන් බැට කෑ ස්ථාන විචාර විචාරා ඃ- අස අසා සොරා පිට ඃ- හොරාගේ පිටෙහි ඔබ හා සමඟ ඃ- උන්වහන්සේ සමඟ තමා ස්වභාව හෙයින් ඃ- තමන්ගේ ස්වභාවය නිසා, තමන්ගේ (හොඳ* ගති නසා සඳහන් ඃ- සිහිපත් එක්ව වැදහෙව ඃ- එකට නිදාසිට හොර ගතින් ඃ- හොර ගතිය සෙස්සන් තබා ඃ- අනෙක් අය තබා බන්ධු ජනයන්ද ඃ- නෑදෑයෝද කෙලි මඬලෙහි ඃ- සෙල්ලම් පිට්ටනියෙහි පළා ඃ- ඇඟ ඉස ගාපිය ඃ- ඇෙඟහි ඔළුවෙහි ගාන තෙල් සුඟක් ඃ- තෙල් ටිකක් දුහුබඳවාපුව මැනවැ ඃ- එළවා දමන්න චණ්ඩ ඃ- රෞද්‍ර, අධම පසේබුදු ඃ- ප‍්‍රත්‍යෙයක බුද්ධ (ධර්මය අවබෝධ කරගත්තද අන් අයට එය දේශනා කල නොහැකි බුදුවරු ප‍්‍රත්‍යයක බුද්ධ නමින් හඳුන්වයි. උන්වහන්සේලා සිහින දකින ගොළුවන් වැනිය. පසේබුදුවරු ලොව සම්මාසම්බුදුවරුන් වැඩ සිටින කාලවල නූපදිති* ප‍්‍රත්‍යෙක බුද්ධ ඝ පච්චෙක බුද්ධ ඝ පසේ බුදු මහසව් ඃ- මහා ශ‍්‍රාවක, ප‍්‍රධාන ශ‍්‍රාවක කෙළෙහි ඃ- කරන ලද දෙයෙහි, උදව්වෙහි ද්‍රෝහියා ඃ- මතු තබා ඃ- අනාගතයෙහි නොව චෞරකාරයා ඃ- සොරා අනික් කෙනෙකුන් සේව ගියෙමි ඃ- යාච්ඤාවීය ඃ- ආයාචනා කළේය, බැගෑපත්ව ඉල්වා සිටියේය. කරුණාපර ඃ- කරුණාව ප‍්‍රධාන කොට ඇති (අනුන්ගේ දුක් දැකීමෙන් සත්පුරුෂයා තුල ඇති වන අනුකම්පාව කරුණාව නම්වේ* වත් පිළිවෙත්හි ඃ- පළමු කොට කරන උපස්ථානාදිය හා නැවත ඇමදීම් ගුරු උවටැන් කිරීම් නැවත නැවත කරණ උපස්ථානාදිය (පත්තලටිවන්න, වත්පිළිවෙත්* පළමු වන වයස ඃ- මුල් කාලයෙහි පඤ්ච කාමයෙහි ගිජුව ඃ- පස් වැදෑරුම් කාමයන්හි දැඩි ආශා ඇතිව (රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, ස්ඵර්ෂකාම වවි කාමයන් පහකි* පාපිෂ්ඨව ඇවිද්දාහුවීනම් ඃ- වඩාත් පාපීව කටයුතු කලාහ් නම් කාරණාකාරණා ඃ- කළයුතු නොකළයුතු දෙය (කාරණා ූ අකාරණා* යෞවන මදය ඃ- තරුණකම නිසා ඇතිවන අහංකාරය ආරෝග්‍යමදය ඃ- නිරෝගිභාවය නිසා ඇතිවන අහංකාරය ජීවිතමදය ඃ- බොහෝකල් සුවසේ ජීවත්වීම නිසා ඇති වන අහංකාරය සතර දුක් ඃ- සසර දුක් ඒකාන්ත කාරණා ඃ- අනිවාර්යය හේතු ගෘහස්ථ ප‍්‍රව‍්‍රජිතාදී ඃ- ගිහි පැවදි ආදී ඒ ඒ් භාවයට ඃ- ඒ ඒ තත්වයට ශාන්ත වූ ඃ- සන්සිඳුනා වූ ප‍්‍ර‍්‍රභීත වූ ඃ- ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ, මධුර වූ

No comments: