පිරිතේ බල මහිමය
අතිපූජ්යල මඩිහේ පඤ්ඤාීසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ
පිරිතේ ඇති ගුණ
“මහා තෙජවන්තපතාය සමන්ත5තො සත්තා නං භයං උපද්දිවං උපසග්ගංත ච තායති රක්ඛමතීති පරිත්තංත” යනු මහා සද්ද නීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්රසවාදිය හාත්පසින් ම හැම ෙලසින් ම වළකා ආරක්ෂාහ කෙරේනු යි, පරිත්ත - පිරිත් නම් ෙව්.
“විපත්තිට පටිබාහාය - සබ්බමසම්පනත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසාය - පරිත්තං බ්‍ි-ෑථ මංගලං”
විපත්ති වැළැකීම පිණිසත්, සියලු සම්පත් සිද්ධ කරදීම පිණිසත්, සියලු දුක් වැනැසීම පිණිසත් හේතුවන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනැවි. දෙ වැනි වාරයන්හි “සබ්බ දුක්ඛ විනාසය” වෙනුවට පිළිවෙළින්, “සබ්බ භය විනාසාය” සියලු භය වැනැසීම පිණිසත් “සබ්බ රෝනග විනාසාය” සියලු රෝග වැනැසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනවි.
මෙය පිරිත් දේශනාවට වැඩමකර සිටින මහාසංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්රාතනුකූල ව ආරාධනා කරනු ලබන පිළිවෙළ යි. මෙහි පිරිතකින් බලාපොරොත්තු වන ගුණය ද ඇතුළත් වී තිබේ. සියලු විපත්ති වළක්වා සියලු දුක් - භය - රෝගයන් විනාශ කොට, දීර්‍ද ායුෂ සම්පත් නිරෝග සම්පත් ආදිය ලබා ගැනීම, පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය හෙවත් ඉහළ ම බලාපොෙරාත්තුව වේ. පිරිතකින් යට කී බලාපොරොත්තුව සම්පූර්ණ කරගැනීමට පිටතින් ලැෙබන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයක ගේ එක්වීමේ බලය ආධාර වේ.
බාහිර උපකාරක ධර්ම
මෙකල සම්මත කරගෙන තිබෙන පරිදි පිරිත් යැයි වෙන ම සූත්ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ප්රමකාශ කළ් නැත. උන් වහන්සේ දෙසූ සූවාසූදහසක් ධර්මස්කන්ධායන් අතුරෙන් යම් යම් ලෙඩ දුක් ආදී විපත් පැමිණ අවස්ථාවන්හි දී ඒවා දුරුකරනු සඳහා මහා කරුණාවෙන් ප්ර කාශ කළ සූත්රමයන් එක්කොට පිරිත් යයි සම්මත කර තැබීම පූර්වාචාර්යවරුන් ගේ කරිකාශයාවකි.
මහා කරුණා සමාපත්තියෙන් නැඟිට ලොව බලා වදාරා සත්ත්වයනට පැමිණි දුක් නැති කරනු සඳහා වදාළ සූත්රි ධර්මබයන් නිසා මෙහි වචනයක් පාසා උන් වහන්සේ ගේ මහා කරුණාව කා වැදී තිබේ. ඒ මහා කරුණාවෙහි එදා මෙන් ම අද ද සත්ත්වයන් ගේ දුක් දුරු කොට සම්පත් ළඟා කර දීමේ බලය රඳා පවතින්නේ ය.
මේ පිරිත් සූත්ර්යන්හි ඇතුළත් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ධර්මයයි. මනුෂ්යියන් ගේ දෙලෝ යහපතට හේතුවන ධර්මයන්ගෙන් මෙන් ම කිසි කලෙක වෙනස් නො වන සත්යෙයන් වන චතුරාය්‍්ගෙර් සත්යාය ආදී උසස් ධර්මයන් ගෙන් ද යුක්ත ය. බුදුරජාණන් වහන්සේ ශ්රීල මුඛයෙන් ම දේශනා කළ රත්නත්රකයේ ගුණ ද ඇතුළත් ය.
අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි මේ නිර්මල ධර්මය නිසා ලොවට සැලැසුණ ශාන්තිය අති විශාල ය. සියලු දුක් නැතිකොට පරම සුවය ලැබූවන් ගේ සංඛ්‍ා වාව නො කිය හැකි තරම් ය. මේ නිර්මල ධර්මයෙහි ඒ බලය අද ද නො අඩු ව පවතී. සියලු දුක් නැවැත නූපදනා ලෙසට ම නැසිය හැකි ය. එසේ නම් සාමාන්ය දුක් කරදර විපත් නැසීම ගැන කවර කතා ද? එහෙයින් මේ පිරිතෙහි සත්යඑ වූ ධර්ම බලය ද රඳා පවත්නේ ය.
“අප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො අප්පමාණො සංඝො” යි වදාළ පරිදි බුද්ධ - ධම්ම - සංඝ යන ත්රි්විධ රත්නයේ ගුණ අනන්ත ය. අප්රයමාණ ය. මේ බුදුගුණ ඇසීම් මාත්ර යෙන් පවා සසර දුක් නැති කළවුන් ගේ සංඛ්යොයාව ද විශාල ය. ඇතැම්හු ඍද්ධි විශේෂයක් නැති ව ද මේ බුදුගුණ බලයෙන් අහසින් පවා ගියහ. ඒ බුදුගුණ බලය අද ද නො අඩු ව පවතී. දහම් ගුණ හා සඟ ගුණ ද එසේ ම ය. මේ පිරිතෙහි ඒ අති පරිශුද්ධ රත්නත්රවයෙහි ගුණ බලය ද රඳා පවත්නේ ය.
කරුණා මෛත්රී. සහගත සිත
භික්ෂූමන් වහන්සේලාට පිරිත් දේශනා කරන්නට නියම කර ඇත්තේ ද කරුණා මෛත්රීර සහගත සිතිනි. පෙර විශාලා මහනුවර දුර්භික්ෂ - රෝග - අමනුෂ්යල යන ත්රිීවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්රිඅය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය. කවර කලෙක වුව ද පිරිත් දේශනා කරන භික්ෂූින් වහන්සේලාට නියම කර තිබෙන්නේ “වේසාලියා තීසු පාකාරන්තරෙසු තියාමරත්තිං පරිත්තං කරොන්තො ආයස්මා ආනන්දත්ථෙකරො විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා” යි කියූ පරිදි එදා විශාලා මහ නුවර පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ මෙන් කරුණා මෛත්රීර සිත් උපදවාගෙන පිරිත් දේශනා කළ යුතු බවයි. කරුණු මෙසේ හෙයින් මේ පිරිතෙහි සිල්වත් ගුණවත් භික්ෂූපන් වහන්සේලා ගේ කරුණා මෛත්රීච බලය ද රඳා පවතින්නේ ය. කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන භික්ෂූ්න් වහන්සේලා හැම සූත්රනයක් පාසා ම “එ්ෛතෙන සච්ච වජ්ජෙන සොත්ථි තෙ හොතු සබ්බදා” - මේ සත්යේ වචනයෙන් ඔබට සැමදා ම සෙතක් ෙව්වා” යි සත්යත ක්රි්යා කෙරෙති. සත්ය ක්රිෙයාවෙහි පුදුම බලයක් පවත්නේ ය.
සච්චෙන වාචෙනුදකං හි ගාධති
විසම්පි සච්චෙන හායන්ති පණ්ඩිතා
සච්චෙන දෙවො ථනයං පවස්සති
සච්චෙ ඨිතා නිබ්බුතිං පත්ථ යන්ති
සත්යෙ ක්රිියා බලයෙන් ගැඹුරු දියෙහි ද බැසගනී. මහා කප්පින රජතුමා පැවිදිවන්නට එන විට හමු වූ මහා ගංගාවන්හි බැස පොළොවෙහි මෙන් ගමන් කොට පැමිණියේ සත්ය ක්රි්යා බලයෙනි.
සත්යන වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකි ය. රජු විසින් විෂ පෙවූ ඊයෙන් විදිනු ලැබූ සාම කුමාරයා සිහිසන් නැති ව ඇද වැටුණේ ය. මරණාසන්න ව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අඳ දෙමාපියන්ගේ සත්ය ක්රිටයා බලයෙන් විෂ මුළුමනින් ම බැස ගොස් කුමරු ප්රකකෘති සිහිය ලැබුවේ ය.
සත්යය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ. සිරිසඟබෝ ආදී ගුණවත් රජවරු සත්ය් ක්රිසයා බලයෙන් වැසි වැස්සවූ සැටි ඉතිහාසය දන්නවුනට මතක ඇත.
සත්යනයෙහි පිහිටියාහු නිර්වාණය ප්රාමර්ථනා කෙරෙති. පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇතත් දැන දැන බොරු නො කීම නියත විවරණ ලැබූ බෝධිසත්ත්වවරුන්ගේ ධර්ම තාවෙකි. සත්ය යෙහි පිහිටා කරන ප්රාරර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය වන නිවන පවා ලැබිය හැකි නම් සාමාන්යට ලෙඩදුක් නැතිකොට සුවපත් වීම එතරම් අසීරු දෙයක් ද?
සිල්වත් ගුණවත් භික්ෂූයන් වහන්සේලා ද කරුණාවෙන් හා මෛත්රිඅයෙන් යුක්ත ව මහා කරුණාවෙන් හා මෛත්රිෂයෙන් යුක්ත ව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ සත්ය ධර්මය ප්ර කාශ කොට මේ සත්යුයේ බලයෙන් සෙතක් ශාන්තියක් සැලසේවා! ලෙඩ දුක් දුරු ෙව්වා! දිගාසිරි නිරෝගී සම්පත් ලැබේවා! කියා සත්යල ක්රි යා කරන විට නො සැලැසෙන යහපතක් නැතැයි කිව යුතු ය. මෙසේ පිරිතෙහි සත්යක ක්රිතයා බලය ද නො අඩු ව ම රඳා පවත්නේ ය.
දෙවිවරු
ගෙවල් හා මහා වෘක්ෂ ආශ්රයය කරගෙන සාමාන්යි දෙවිවරුන් වාසය කරන බව බුද්ධ ධර්මයෙහි සඳහන් වේ. පිරිත් දේශනාව පටන්ගන්නට පෙර දෙවියන්ට ද පිරිත් අසන්නට පැමිණෙන්නට යයි ආරාධනා කිරීම සිරිත ය. සම්යවග්දෘෂ්ටික දෙවිවරු පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් තමන්ගේ හිත මිත්රස මහේශාක්ය් දෙවියනට ද දන්වා ඔවුනුදු කැඳවාගෙන පිරිත් අසන්නට පැමිණීම භූමාටු දෙවියන්ගේ සිරිතෙකි. ඔවුන්ගේ පැමිණීම නිසා අල්පේශාක්යව ප්රේතතාදීහු වෙතොත් එතැනින් බැහැර වී යති. එහෙයින් ප්රේණතාදී අමනුෂ්යුයන් නිසා ඇති විය හැකි කරදර තිබුණා නම් එය නැති වී යයි. එසේ ම පිරිත් ඇසීමෙන් සතුටට පැමිණෙන දෙවියෝ ද තමහට පිරිත් ඇසීමට උපකාර වූ පින්වතුනට විපත් දුරුකිරීම් සම්පත් ළඟා කර දීම් ආදී සුළු සුළු උපකාර නො කෙරන්නාහු නො වෙති.
මෙසේ පිරිතෙන් ගුණ ලබාදීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සමූහයක් එක්වෙයි. මෙකී කරුණු ටිකෙන් වුව ද විපත් දුරුකොට සම්පත් ළගා කර දීම කළ හැකි බව නුවණින් කල්පනා කරන කා හට වුව ද වැටහේ ම ය.
අභ්යනන්තරික උපකාරක ධර්ම
පිරිතේ හාස්කම් හා කර්ම වේගය
ශ්රිද්ධාව හා පඤ්ඤාව ද යොනිසෝ මනසිකාරය හා උපට්ඨිකත සතිය ද යන මේ ධර්මයන් නිසා තමන්ගේ සන්තානයෙහි පහළ වන කුසල චිත්තයෝ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්මයෝ නම් වෙති.
චිත්ත වේගය අතිශීඝ්රෙ ය. ප්රඇමාණය දැක්වීමට උපමාවක් ද නැත්තේ ය. සාමාන්යස ඇසට පෙනෙන දෙයින් ඉතා වේගයෙන් ක්රි යා කැරෙන්නේ විදුලි කෙටීම ය. චිත්ත වේගය ඊට වඩා කොතරම් බලවත් දැයි කිවහොත් විදුලියක් කොටන ක්ෂෙණයෙක දී සිත් සිය ගණනක් ඇති විය හැකි ය. ඒ සිත් නිකම් උපදිනවා නොව ලැබුණු අරමුණු අනුව වීථි ප්රිතිපන්න ව වේගයෙන් දුවත්. එය එසේ නම් පැයකදී දවසක දී ජීවිත කාලයක දී කොපමණ සිත් පහළ විය හැකි ද?
මෙසේ පහළ වන්නා වූ හැම චිත්ත වීථියක ම කුසල් හෝ අකුසල් හෝ ජවන් නමින් සිත් සතක් උපදී. කුසලාකුසල කර්ම යයි කියන්නේ මේ සිත් හතට ය. මේ ජවන් සිත් වලට පෙර උපදින්නේ වොත්ථ පන හෙවත් මනොද්වාරාවජ්ජන නමින් ක්රි යා සිතෙකි. ඒ අවස්ථාවෙහි යොනිසෝ මනසිකාරයත් එළඹ සිටි සිහියත් තිබුණා නම් නිසි මඟට හැරවීම නිසා කුසල් ජවන් පහළ වෙයි. අයොනිසෝ මනසිකාරයත් මුට්ඨස්සතියත් තිබුණා නම් අකුසල් ජවන් සිත් පහළ වෙයි. මේ හත අතුරෙන් පළමු ජවන් සිත අාසෙවන ප්ර්තයයක් නැති හෙයින් ඉතා දුර්වල ය. විපාක දෙතොත් දිට්ඨධම්මවෙදනීය විපාක වශයෙන් මේ ජාතියෙහිම පමණක් විපාක දෙයි. හත් වැනි ජවන් සිත මුල් හයෙන් ලැබෙණු ආසේවන ප්රකත්ය ය නිසා ඉතා ප්රදබල ය. උපපජ්ජ වේදනීය විපාක වශයෙන් ලබන ජාතියෙහි ම විපාක දීමට ශක්තිය ඇත්තේ ය. මේ ජවන් සිත් දෙකේ විපාක මේ ජාතියෙහි හා මීළඟ ජාතියෙහි විපාක දිය නො හැකි වුවොත් අහෝසි වෙයි. ඉදිරියෙහි විපාක දිය නො හැකි වෙයි.
මෙකී දෙ සිත හැරුණු විට ඉතිරි ජවන් සිත් පහේ ම අපරාපරිය වේදනීය විපාක වශයෙන් නිවන් අවබෝධ කොට පිරිනිවන් පානා තුරු විපාක දීමට ශක්තිය අැත්තේ ය. එක ජීවිතයක දී රැස් කරන මෙබඳු කර්මයන්ගේ සංඛ්යාකව නො කිය හැකි තරම් වේ. එය එසේ නම් මේ සංසාරයෙහි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සැරි සරනා අය කොපමණ කර්ම රැස්කර ඇද්ද? එහෙයින් සෑම රජකු තුළ ම මහ හිඟන්නකු වීමේ කර්ම ශක්තිය මෙන් ම, සෑම හිඟන්නෙකු තුළ මහරජකු වීමේ කර්ම ශක්තියක් ද ඇත්තේ ය. එසේ ම මන්දාමයුෂ්ක වීමේ හා රෝග බහුල වීමේ ද කර්ම මෙන් ම දීරඝායුෂ්ක වීමේ හා සුවපත් වීමේ කර්ම ද නො කිය හැකි තරම් රැස්කර ඇත.
නිල මැස්සා අසුචියට හා මී මැස්සා සුවඳට ඇදී යන්නාක් මෙන්, මේ ජාතියෙහි අකුසල කර්ම කරන්නා වෙතට පෙර ජාති වල කරන ලද අපරාපරිය වේදනීය අකුසල් කර්ම ද, කුසල කර්ම කරන්නා වෙතට අපරාපරිය වේදනීය කුසල් කර්ම ද විපාක දීමට ඇදී එයි.
ශ්රමද්ධාවෙන් හා ප්රදඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්ඝාතයු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්රක බැවින් පැයක් පමණ කල් ශ්රඩද්ධාවෙන් හා ප්රපඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ.
සසර සැරි සරන කාලවල දී රැස්කරන ලද විපත්ති දුරුකොට සම්පත් ලබා දීමට ශක්තිය ඇති කුසල කර්මයන්ගේ ප්රරමාණය සීමාතික්රා න්ත ය. එහෙයින් මේ අවස්ථාවේ තමන්ගේ සිතෙහි බල පවත්වන ලෙඩ දුක් ආදිය දුරු කොට ආයුරාරෝග්යාටදී සම්පත් ලබාගැනීමේ බලාපොරාත්තුව අනුව සසර දී කරන ලද එබඳු විපාක ශක්තියක් ඇති කර්ම ඉදිරියට පැමිණීමෙන් දුක් දුරුවී සම්පත් සැලැසෙයි.
පිරිතෙහි කොතරම් බලයක් ඇතත් අසන්නා තුළ කිසි විශ්වාසයක් නැත්නම් නියම ගුණය නො ලැෙබයි. එසේ ම විශ්වාසය ඇතත් පිරිත් දේශනා කරන විට කෙලෙස් වසඟ ව හෝ නො සැලැකිල්ලේ හෝ අසා සිටීමෙන් ද නියම ගුණය නො ලැබෙයි. විශ්වාසය ඇතත් ශ්රසද්ධාවෙන් අසා සිටියත් විපාක දීමට බලවත් අකුසල කර්මයක් ඉදිරිපත් වූවොත් පිරිතෙහි නියම ගුණය නො ලැබිය හැකි වෙයි.
පිරිත ඇසීමට ප්රිියවී තිබෙන්නේ කුමක් නිසා ද?
මේ ලෝකවාසීන් අතර ප්රිකය යැයි මිහිරි යැයි සම්මත වූ ශබ්දයෝ බොහෝ වෙති. කෙනෙකුට ප්රි ය වූ ශබ්දය කෙනෙකුට ප්රිැයතර නො වේ. තවත් ෙකනෙකුට ප්රිටයතම වේ. අන් කෙනෙකුට අප්රිඅය වේ. එහෙත් පිරිත් ශබ්දය හැම දෙනාට ම එක හා සමාන ව ම ප්රිනය යැයි කිව හැකි ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්රටයක් මාතෘකා කොට සත් දවසක් ධර්මම දේශනා කරනුවා යැයි ප්රිසිද්ධ කළොත් මුල් දිනයෙහි අතිවිශාල ජනකායක් පැමිණෙනවා ඇත. දෙවන දිනයෙහි පිරිස අඩු වෙයි. තෙ වැනි දිනයෙහි ඊටත් අඩු වෙයි. හත් වැනි දිනය වන විට දායක මහතාත් දේශකයන් වහන්සේත් පමණක් විය හැකි ය. දේශකයන් වහන්සේ ඉතා විචිත්ර ලෙස දේශනාව කරති. ඉතා මැනැවින් කරුණු පැහැදිලි කර දෙති. එහෙත් දින හතේ ම එක ම ධර්මය නම් මහජනයාගේ ප්රි්ය භාවය දිනෙන් දින ම අඩුවීම නො වැළැක්විය හැක්කකි.
හත් වැනි දවසෙක පිරිත් දේශනාවක් යයි ප්රිසිද්ධ කළොත් මුල් දිනයෙහි ද විශාල පිරිසක් පැමිණෙනුවා ඇත. දෙවැනි දිනයෙහි පිරිස වැඩිවෙයි. හත්වැනි දිනය වන විට පසු වී ආ කෙනෙකුට සමීප විය නො හැකි කරම් අතිවිශාල ජනකායක් පැමිණෙනුවා ම ය. දේශකයන් වහන්සේලා එක පදයක්වත් තෝරා දුන්නේ නැත. අසා සිටියවුන් හට තේරෙන්නේත් නැත. එහෙත් අසා සිටිනවුන්ගේ ප්රීදතිය නම් නො කිය හැකි තරම් වේ.
පිරිත මනුෂ්යටයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්රිිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෞද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්රිනය ය. පිරිත මෙතරම් ප්රි ය වීමට ප්රවධාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි. ධර්මක ෙද්ශනා කරන විට ද ප්රිකාශ කරන්නේ බුද්ධ භාෂිතයන් වුව ද එය දේශකයන්ගේ වචනවලිනි. පිරිත් දේශනා කරන විට එය දේශනා කරන්නෝ ඉස්පිල්ලක් පාපිල්ලක් වත් නො වෙනස් ව බුද්ධ වචනය ම කියති.
අකුරු නිසි ලෙස යෙදීමෙන් අැතිවන වචන ශක්තිය ද ඉතා බලවත් ය. හෝඩියේ අකුරු එක් අකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතු වන තරම් දරුණු විය හැකි ය. අප්රිඅය විය හැකි ය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වගුරුවන්නට පිළිවන. මෙකළ ඇතමුන් විශ්වාස නො කරතත් සෙත්කවි, වස්කවි ආදියෙහි තිබෙන්නේ ද අකුරු පිහිටුවීමේ බලය හා ගණ පිහිටවීමේ බලය යි. සාමාන්යි මනුෂ්යහයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනූ සෙත් කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමග ම ප්ර කට වෙයි.
පිරිතෙන් ආයුෂ වැඩෙන්නේ කෙසේ ද?
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
සත්ත්වයාගේ උප්පත්තිය ලබාදෙන කර්මයට ජනක කර්මය යයි කියනු ලැබේ. සෑම දෙනා ම උප්පත්තියත් සමඟ මරණයත් ගෙන එති. ඔවුනට ජීවත්විය හැකි කාල පරිච්ඡේදය හෙවත් ආයුෂ ද එහි ම ඇතුළත් වී ඇත්තේ ය. යමකු අවුරුදු හැටක් හෝ හැත්තෑවක් හෝ අසූවක් හෝ ජීවත් වන්නට පිළිවන් කර්ම ශක්තියකින් උපන්නා නම් නියමිත කාලයට වඩා දවසක් වත් ජීවත්විය නො හැකි ය. එහෙත් ඊට කලින් මරණය නම් සිදුවිය හැකි වේ. යමකු අවුරුදු අසූවක් ජීවත්වන්නට පිළිවන් කර්මයකින් උපන්නත් එ් අවුරුදු අසූව ම ජීවත් වන්නට ඉඩ නොදී උපපීඩකාදී කර්ම බලයෙන් නොයෙක් බාධා පමුණුවා මරණය සිදු කරන්නට ඉඩ තිබේ. ඉදින් යමකු මේ මේ දෙයින් විපත්ති - ලෙඩදුක් හා මරණය ද සැලසෙන්නේ ය, මේ මේ දෙයින් සම්පත් - නීරෝග භාවය හා දීර්ඝායුෂ සැලැසෙන්නේ යයි දැනගෙන සිහියෙන් නුවණින් හා සැලැකිල්ලෙන් ක්රිනයා කළොත් ඔහුට උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ ප්ර්මාණය ම භුක්ති විඳින්නට පිළිවන් වෙයි.
යමෙක් මයිල් අසූවක් යන්නට ප්රිමාණවත් පැට්රුල් හා එංජින් තෙල් දමා ගත් හොඳ මෝටර් රථයක් ගෙන මඟට බසී. ඔහුගේ රථයෙහි මයිල අසූවක් දුවන්නට හැම ශක්තියක් ම සම්පූර්ණ ව ඇතත් ඒ ගමන වළක්වා දැමිය හැකි බාධා අතරමඟ දී කොපමණ පැමිණේවි ද? මඟ අවුරා සිටින ජනයා - පාර හරහා දුවන පනින ළමයින් - මඟ ගමන් කරන තිරිසනුන් - ඉදිරියට එන රථවාහන - කඳු පල්ලම් වංගු මාර්ග බාධක ආදී බාහිර බාධා රාශියකුත් තමන්ගේ නො සැලැකිල්ල, නිදිමත, වෙරිමත, ආදී ඇතුළතින් පැන නඟින බාධාවනුත් නිසා - මයිලෙන් - දෙකෙන් - විස්සෙන් - තිහෙන් ගමන වැළැකී යන්නට පිළිවන. එසේ ම නිදිමත ආදී නො සැලකිලිත් නැතුව පිටතින් පැමිණෙන නොයෙක් බාධාත් මඟ හරවා ගෙන සිහියෙන් හා නුවණින් රථය පැදෙව්වොත් මයිල් අසූව ම යන්නට පිළිවන. කොතෙක් සැලැකිල්ලෙන් රථය පදවාගෙන ගියත් මයිල් අසූවකට වඩා නම් යා නොහැකි ය. ඊට වඩා යාමට එහි ද්ර ව්ය් ශක්තිය නැති හෙයිනි. එසේ යමෙක් අවුරුදු අසූවක් ජීවත් වන්නට කර්ම ශක්තිය ඇති ව උපන්නත් එය නියම කාලයට ප්ර ථම සිදී යන්නට හේතුවන නොයෙක් බාධා පැමිණෙයි. ඉදින් ඒ තැනැත්තා ආහාර - විහරණ - සෘතු - පුද්ගලාදී සප්පායයන් නිසිසේ පවත්වමින් සිහිනුවණින් ක්රිතයා කළොත් සියලු බාධා මැඩගෙන අවුරුදු අසූවම ජීවත් වෙයි. කොතෙක් සිහි නුවණින් ක්රිතයා කළත් ඔහුට නම් අවුරුදු 80 ට වඩා ජීවත්විය නොහැකි ය. ඊට වඩා ඉඳීමට කර්ම ශක්තිය නැති හෙයිනි.
පිරිත් කියවා ගැනීමෙන් මුලින් සඳහන් කළ පරිදි බාහිර උපකාරක ධර්මය, ආභ්යනන්තරික උපකාරක ධර්මය යන උපකාරක ධර්මයන්ගේ බලයෙන් තමන් විසින් සසර දී රැස් කරන ලද ආයුෂ වර්ධනය කළ හැකි කර්ම ඉදිරියට පැමිණීමෙන් උපතින් ලැබූ ආයුෂ අතරමඟ නො සිඳ සම්පූර්ණයෙන් ගෙවන්නට පිළිවන් වෙයි.
දිගාසිරි ලැබීම
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්රආ තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්රමමයක් ඇසූ විට බුදුරජාණන් වහන්සේ ගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්ෂූඑන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදුරජාණන් වහන්සේ භික්ෂූේන් පිටත් කළහ. භික්ෂූීන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදුරජාණන් වහන්සේ ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදුරජාණන් වහන්සේ වැන්දවූ අවස්ථාෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
මේ කුමාරයා උපන්නේ ද අවුරුදු එකසිය විස්සක් ජීවත් වන්නට කර්ම ශක්තිය අැති ව ය. එහෙත් ඔහු විසින් සසර දී කරන ලද අකුසල කර්ම බලයෙන් යකකුට බිලිවී ජීවිතයට අනතුරක් වීම මෙදිනට එළඹ තුබුණේ ය. පිරිතෙහි බලයෙනුත් බුද්ධානුභාවයෙනුත් පිරිත් ඇසීමට පැමිණි මහේශාක්යඹ දෙවියන්ගේ බලයෙනුත් යක්ෂබයාට ඉදිරියට එන්නට නො හැකි වීම නිසා ඒ බලවත් කර්මය මඟ හැරී ගියේ ය. එයින් උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ විඳින්නට පුළුවන් විය.
මෙහි දී ශක්රරයාගේ පුවත පිළිබඳ ප්රයශ්නයක් පැන නගී. ශක්රනයා ආයුෂ ගෙවීම නිසා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැන්දේ ය. උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාරනුවාත් සමඟ ම ශක්රනයා මැරී නැවැතත් ශක්රාුත්මභාවයක් ලැබුවේ ය. එය ක්ෂුණයකින් සිදුවූවක් නිසා අන්යෙයනට නො පෙනුණත් මැරී ඉපදීමක් විනා ගෙවී ගිය ආයුෂ අන් ලෙසකින් දික්වීමක් සිදු නො වේ.
පිරිතෙන් නීරෝගී භාවය ලැබෙන්නේ කෙසේ ද?
පිරිත් දේශනාකරන භික්ෂූැන් වහන්සේ හැම සූත්රතයක් පාසා “එතෙන සච්චවජ්ජෙන සබ්බරොගො විනස්සතු” “මේ සත්ය් වචනයෙන් සියලු රෝග වැනසේවා යි” ප්රාර්ථනා කෙරෙති. සාමාන්යන අයට වඩා භාවිත සිත් ඇති සිල්වත් ගුණවත් භික්ෂූජන් වහන්සේලා කරුණාවෙන් හා මෛත්රිසයෙන් කරන ප්රා ර්ථනාවෙහි ලොකු බලයක් පවතී. බොරු නො කියන විහිලු නො කරන පිරිසක් කෙනෙකු මැදි කරගෙන “පිස්සා පිස්සා” යි බොහෝ වේලාවක් කීවොත් නො වරදවා ම පිස්සු වැටෙන්නට පිළිවන. එසේ ම සත්යල වූ ධර්මය ප්රකකාශ කොට “නීරෝග වේවා! නීරෝග වේවා!” යි ගුණවත් පිරිසක් විසින් සත්යප ක්රිායා කරන විට නීරෝග වීම පුදුමයක් නො ෙව්. නීරෝගී වන්නට තමන්ගේ සිත තුළ තිබෙන විශ්වාසය හා බලාපොරොත්තුව ද ඊට ආධාර වෙයි. පිරිත් අසා සිටින විට මුලින් සඳහන් කළ පරිදි පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් බෙහෙත් ඇඟට අල්ලයි. ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි.
බුදුරජාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධ පින්වතුන් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
පිරිතෙහි ද වචන ශක්තිය ඉතා උසස් ලෙස පිහිටා ඇත්තේ ය. නොතේරෙන බසකින් කියද්දීත් පිරිත් ඇසීමට මෙතරම් ප්රි ය වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ සිතින් හොඳ දෙයක් අරමුණු කොට හොඳ දේ සංග්රරහ කොට හොඳ හැටියට අකුරු යොදා ප්රිකාශ කළ නිසා ම ය.
මහජනයා නා නා උත්සව සඳහා එක්රැස් වෙති. එබඳු අවස්ථාවල දී පැමිණ සිටියවුන්ගේ මූණු දෙස කල්පනාවෙන් බලන්න. “හිතේ ස්වභාවය මූණෙන් පෙනෙයි” යන ප්රීස්ථා පිරුළ අනුව ඒ ඒ අයගේ ඇතුළත, කෙබදුදැයි මූණුවලින් දැනගත හැකිවෙයි. ඉතා ඉහළ ප්රීරති උත්සවයකට පැමිණිවුන් අතර ද හැමදෙනා ම එක ලෙස සතුටු වන්නාහු නො වෙති. ඉතා ඉහළින් සතුටු වන්නාවුන් අතර ද නියම ප්රකමෝදයක් නැත. කටපුරා සිනා සී සතුට පෙන්වන්නට උස්සහ දරති. එහෙත් ඔවුන්ගේ හිත පුරා රාග - ද්වේෂ - මෝහ - මද - මාන - ඊර්ෂ්යානදී කෙලෙසිලි නිසා නියම සතුටක් සැනසිල්ලක නැත. ඒ අතරට පැමිණි කෙනෙකුට ද කට පුරා හිනා සතුටක් හැර හිත පුරා නියම සතුටක් ඇතිකර ගත නො හැකි ය. පිරිතක් අසන්නට පැමිණි පිරිසක් දෙස ද කල්පනාවෙන් බලන්න. බොරු හිනා නැත. එහෙත් පිරිස සිටින්නේ කොපමණ සතුටකින් ද? නො සතුටින් සිටිනා කෙනෙකුදු සොයාගත නො හැකි වෙයි. පිරිත කියවාගන්නා බලවත් රෝගියා ද සිටින්නේ ඉමහත් ප්රීගතියකිනි. මීට හේතුව කවරක් දැයි සලකා බලමු.
බුද්ධ රශ්මි මාලා
බුදුරජාණන් වහන්සේ ආදී උතුමන්ගේ හිසවටා තිබෙන රශ්මි මාලාව ගැන බෞද්ධයෝ හොඳින් දනිති. අතිපණ්ඩිත ඇතැමුන් එය ගැන සැක උපදවතත් නියම උගතුන්හට නම් කිසිදු සැකයක් නැත. අපේ ඇසට පෙනුණත් නො පෙනුණත් හැම දෙනාගේම ශරීරයෙන් රශ්මියක් නිකුත් ෙවන බව විද්යාසඥයෝ පිළිගනිති. කෙනෙකුගේ රශ්මිය පරීක්ෂා කොට ඔහුගේ අදහස් ප්රුකාශ කරන්නට ද පිළිවන් බව නවීන විද්යාිඥයෝ කියති. ධර්මයෙහි සඳහන් සම්මුති සත්යය පවා කොතරම් ස්ථිරදැයි මෙයිනුත් තහවුරු වෙයි. ඒ නිසා බුදුරජිාණන් වහන්සේගේ රශ්මි මාලාව ගැන විද්යාදඥයනට පුදුමයක් වන්නට කරුණක් නැත. උන් වහන්සේගේ අතිපවිත්රා අදහස් නිසා රශ්මි මාලාව ද ඉතා ප්රුභාස්වර ය. මේ රශ්මිය ද හිරුරැස් සඳ රැස් මෙන් අන්ය්යන්ගේ කයෙහි ස්පර්ශ වෙයි. පිරිසිදු සිතැත්තා තුළින් නිකුත්වන රශ්මිය ද ඉතා ශාන්තිකර හෙයින් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියාහු ප්රීදතියෙන් ඔද වැඩුණු සිතැත්තෝ වූහ.
පිරිත් දේශනා කරන සිල්වත් ගුණවත් භික්ෂූින් වහන්සේලාගේ සිත් කරුණා මෛත්රිතයෙන් පිරිලා ය. ඒ අවස්ථාවෙහි දී උන් වහන්සේලාගේ ශරීරයෙන් නිකුත්වන රශ්මිය ද අතිපවිත්ර ය, ශාන්තිකර ය. පිරිත් අසා සිටින්නෝ ද පඤ්ච ශීලයෙහි පිහිටා ශ්රරද්ධාවෙන් හා භක්තියෙන් ද යුතුව පිරිත් අසති. එවිට ඔවුන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේ ද ඉතා සංසුන් රශ්මියෙකි. මෙසේ නිකුත්වන රශ්මි ධාරාවෝ අවට හැම තැන ම පැතිරී යෙති. මනුෂ්ය යන්ගේ ශරීරවල කාවැදී යති. ගෙයි බිත්ති වල පවා හැපී සිටිති. මෙසේ තමන් තුළ හට ගන්නා පිරිසිදු අදහස් නිසාත් බැහැරින් අවුත් තම ශරීරයෙහි හැපී සිටි පවිත්රි රශ්මි ධාරාවන් නිසාත් පිරිත් අසන්නට පැමිණෙන හැම දෙනාට ම අපමණ ප්රීයතියක් ඇතිවෙයි. පිරිත් දේශනා කළ තැන ඒ උපකරණ සියල්ල ම බැහැර කළ පසුත් දින කීපයක් යන තුරු එහි පැමිණි ආගන්තුකයකුට වුව ද අමුතු හැඟීමක් පහළ වෙයි. ඒ අවට පැතිරුණු ශාන්ත රශ්මිය නිසා ඔහු තුළ ද සංසුන් බවක් ඇති වේ. මෙහි ඇති සත්යරතාව එබඳු අවස්ථාවක දී කල්පනාවෙන් සිටින්නකුට මැනවින් දත හැකි වෙයි.
∼❦∽
සිංහල බෞද්ධ්යා 1953.09.26, 1953.10.03, 10, 17
ප්රහඥාප්ර්භා 6
යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා
No comments:
Post a Comment