UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: විසංයෝජන න්‍යාය

Thursday, December 12, 2013

විසංයෝජන න්‍යාය

විසංයෝජන න්‍යාය (ෘැජදබිඑරමජඑසදබ* සාහිත්‍ය නිර්මාණ විචාරයත් සම`ග විවිධ විචාර ක‍්‍රමවේදයන් බිහිවන්නට විය. ඒ අනුව ලොව විවාදයට තුඩු දෙන විප්ලවීය විචාර ක‍්‍රමවේදයක් හැත්තෑව දශකයේ අග භාගයේ ප‍්‍රචලිත විය. එය විචාර ක‍්‍රමවේදයකට වඩා කියවීමේ ක‍්‍රමයක් ලෙස අරුත් දැක්වීම සුදුසුය. එනම් ‘ශාක් ඩෙරීඩාගේ ’ (ජැක් ඩෙරීඩාගේ* විසංයෝජනයයි. මොහු 1930- 2004 යන කාල වකවානුව තුළ තම නිර්මාණ කාර්යයේ අභිවෘද්ධිය ස`දහා ක‍්‍රියා කළ බව පෙනේ. ‘‘ඩෙරීඩාගේ දාර්ශනික චින්තාවන් මුල සිටම බොහෝ විට සකස් වන්නේ පී‍්‍රඞ්රිෂ් නීට්සේ, මාර්ටින් හයිඩෙගර්, සිග්මන් ප්‍රොයිඞ්, පැර්ඩිනැන්ඞ් සොසීයු, එඞ්මන් හුසල් ආදී චින්තකයින් හරහාය.’’ ඒ අනුව අප සාකච්ඡුා කරන ඩෙරීඩාගේ විසංයෝජනීය මතවාද සමාජය තුළ ගිගුම් දෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේ හෙවත් අසූව දශකයේ මුල් භාගයේය. මෙහි ඇති නැවුම් කුතුහලයක් ජනනය කරන ස්වරූපය හා විප්ලවීය, සිත් ඇද ගන්නා සුලූ ආමන්ත‍්‍රණය නිසාවෙන් ඊට පසුව සංස්කරණය කරන ලද සැම ප‍්‍රධාන ශබ්දකෝෂයක හෝ විශ්ව කෝෂයකම මෙම වචනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු දැක ගත හැකිය. එහිදී ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂයට අනුව විසංයෝජනය ‘‘විචාර පූර්වක විශ්ලේෂණ ක‍්‍රමයකි’’ එසේම කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යායේ ප‍්‍රකාශනයක් වන සාහිත්‍ය න්‍යාය පිළබඳ වූ විශ්වකෝෂයේ ‘‘1960 දශකයේ අග භාගයේ ප‍්‍රංශයේ හටගත් දාර්ශනික ගුරු කුලයක් ලෙස’’ නිර්වචනය කර ඇත. එසේම බ්ලැක්වේල් ප‍්‍රකාශනයක් වන සාහිත්‍ය වාංමාලා හා සාහිත්‍ය න්‍යාය පිළිබඳ ශබ්දකෝෂය විසංයෝජනය දකින්නේ ‘‘විචාර ක‍්‍රමයක් හා විශ්ලේෂණාත්මක විමර්ශන විධියක්’’ ලෙසිනි. උක්ත නිර්වචන අධ්‍යයනයේදී හා ඩෙරීඩාගේ අරමුණුද විමර්ශනාත්මකව ඇගයීමේදී ශබ්දකෝෂවල එන කිසිදු අර්ථයක් ඩෙරීඩා අපේක්‍ෂා කර නැති බව ඉඳුරාම කිව හැකිය. ඒ බව පසක් වන්නේ ඩෙරීඩා, මහාචාර්ය ඉසුසු වෙත යවන ලිපියෙන්ය. ‘‘විසංයෝජනය යනු විශ්ලේෂණයක්ද විචාර ක‍්‍රමයක්ද නොවේ... විසංයෝජනය කිසියම් ක‍්‍රමවේදාත්මක මෙවලමකට හෝ නීති පද්ධතියකට හෝ පටිපාටියකට ඌණනය කළ නොහැකිය. පැහැදිලිවම කිව යුත්තේ විසංයෝජනය යනු ක‍්‍රියාවක් හෝ මෙහෙයුමක් නොවන බවය.’’ මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී මෙම මාතෘකාව මුලදීම සඳහන් කළ ‘විසංයෝජනය කියවීම් ක‍්‍රමයකි’ යන කාරණය සනාථ වේ. ‘‘බාබරා ජෝන්ස්’’ විසංයෝජනය යනු නිර්මාණාත්මක කියවීමක් ලෙස පවසා ඇත්තේද එම නිසාය. (ෘැජදබිඑරමජඑසදබ සි බදඑ ් ාැිඑරමජඑසදබ* විසංයෝජනය යන වචනය ඉංග‍්‍රීසියේ ‘ෘැජදබිඑරමජඑසදබ’යන නාමයෙන් හඳුන්වා ඇත. එය ඩෙරීඩා හයිඩෙලරියානු වචනයක් වූ ෘැිඑරමනඑසදබ යන පදයෙන් සකසා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. මහාචාර්ය ඒ.වී. සුරවීර මහතාගේ සාහිත්‍ය විචාර ප‍්‍රදීපිකා නැමති විචාර වචන කෝෂයෙහි විසංයෝජනය යන්න හ`දුන්වා ඇත්තේ මෙසේය. ‘‘යම් නිර්මාණයක් තේරුම් ගැනීම ස`දහා කෘතියේ අර්ථ ප‍්‍රකාශනය වෙනුවෙන් එහි භාෂා භාවිතය කේන්ද්‍ර කර ගෙන සියලූ අවයව එකිනෙක වෙන් කොට විග‍්‍රහ කිරීමේ විචාර මාර්ගය’’ යනුවෙනි. ශාක් ඩෙරීඩා පවසන්නේ භාෂාව ම`ගින් ලෝකය විස්තර කිරීමට යෑමේදී විවිධ ගැටලූවලට මුහුණ පාන්න සිදුවන බවයි. ඊට හේතුව නම්, භාෂාව විස්තර කිරීමට යෑමේදී ඇති අසමබර වචන භාවිතයයි. අසමබර වචන භාවිතය යන්නෙන් අදහස් වන්නේ සමාජයේ මිනිසා විසින්ම ගොඩනගා ගන්නා වූ බලය සහිත හා බලය රහිත පදයි. මෙම ¥රාවලීගත ලක්‍ෂණය නිසා ලෝකයා වඩා ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙස වටහා ගත නොහැකිය. මන්ද යත්, එසේ ගොඩනගාගත් එම පාරභෞතික සංකල්පය තුළ සැම විටම බලයක් සහිත පදයට පමණක් මුල් තැනක් හිමිවන නිසාවෙනි. එහිදී සමාජීය මිනිසා ගොඩනගා ගත් එම සංකල්පයන්ගෙන් මිදී සමාජය දෙස විචාරාක්‍ෂිය යොමු කරන විට සැම විටම බලයක් සහිත පදය නිවැරදිද යන්න සම්බන්ධයෙන් ප‍්‍රශ්නාර්ථයක් මතු වේ. එම නිසාවෙන් විසංයෝජනය සමාජයේ ඇති අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ වචන උපයෝගී කරගෙන අඩු වරප‍්‍රසාද ලත් අංශය ඔස්සේ ලෝකය දකින්නට කියා දෙයි. විසංයෝජනය මුල් කරගෙන සාහිත්‍ය කෘතියක් කියවීමේදී කරුණු තුනක් සුවිශේෂී වෙයි.  ඪැරඉ්ක ිඒටැ (වාග්මය තත්ත්වය*  ඔැංඑම්ක ිඒටැ (සන්දර්භ විෂයීක තත්ත්වය*  ඛසබටමසිඑසජි ිඒටැ (වාග්විද්‍යාත්මක පදනම* විසංයෝජනීය ලෙස කියවීමේදී අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගලකරණය අත්‍යවශ්‍යය. සමාජය දෙස සියුම්ව බැලීමේදී එවැනි ප‍්‍රතිපක්‍ෂ යුගල පද සොයා ගැනීම උගහට කරුණක් නොවේ. උදාහරණ වශයෙන්, ‘‘උස- මිටි උඩ - යට භාෂණ - ලේඛන සැමියා - බිරි`ද සුදු - කළු’’ මෙම ප‍්‍රතිපක්‍ෂ යුගල අධ්‍යයනය කිරීමේදී මුල් පදය තුළ යම් අධිකාරියක් දැකගත හැකිය. එහෙත් විසංයෝජනීය කියවීම තුළින් අධිකාරිමය බලය තුළ තෙරපෙන අනෙක් පදය දෙස සමානාත්මතාවෙන් සිතයි. සමාජය මෙලෙස ගොඩනගාගත් අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ වචන පාරභෞතික දෙයකි. එනම් මිනිසාම ගොඩනගා ගත් දෙයකි. මිනිසාම තනාගත් දෙයකි. එය අසාධාරණ, පාරභෞතික සංකල්පයකි. ඒ අනුව විසංයෝජනීය කියවීම තුළින් එසේ මිනිසා තනාගත් අසාධාරණ ප‍්‍රතිපක්‍ෂ යුගල මත පීඩාවට පාත‍්‍රවන පාර්ශ්වය කෙරෙහි සානුකම්පිතව බලයි. එම`ගින් එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට වඩා උසස් කරනවා නොව පාර්ශ්ව දෙකටම සම තැන් ලබා දීමට තැත් කරයි. ඒ සඳහා කදිම උදාහරණක් ලෙස සාහිත්‍ය ලෝකයේ ප‍්‍රකට අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගලක් වන ගුත්තිල - මූසිල දැක්විය හැකිය. එහිදී බෝහෝ මිනිසුන් ගුත්තිලයන්ගේ චරිතය සදාචාරවත්, ධාර්මිෂ්ඨ චරිතයක් ලෙස දකියි. එහෙත් ගුත්තිල කාව්‍ය විසංයෝජනීය ලෙස කියවීමේදී මූසිල දුෂ්ට, පාපිෂ්ඨ, අධම චරිතයක් නොවන බව අවබෝධ කර ගත හැකිය. මූසිල යනු ශාස්ත‍්‍ර ලෝභී, නිහතමානී, අවංක, චරිතයක් බව විසංයෝජනීය කියවීමේදී මැනවින් ගම්‍යමාන වේ. ‘‘එසේ වුවහොත් හිමි ඔහුට මම අතවැසි වෙමි මෙ මිල ආපසු දෙමි මමත් ඔබ යන කල සමග යෙමි’’ ‘‘ඉඳිමියි නොවී ණය’’ ‘‘නොමිහිරිද මේ වෙණ’’ ...කියව නොසතුටු වන්න කාරණ’’ ‘‘අඳ මව්පියන් හට’’ යනාදිය ඒ කරුණ සාධනය කිරීම ස`දහා දැක්වීමට හැකිය. විසංයෝජනීය ක‍්‍රමය යටතේ කියවිමේදී අධිකාරියක් නොමැති පදය තුළ මිනිසාට පිටතින් නොපෙනෙන ඔහු හෝ ඇය හෝ එම කාරණය සතු සුවිශේෂී දේ පිළිබ`ද කතා කරයි; සොයා බලයි; විමසයි. එහෙත් සාමාන්‍යයෙන් මිනිසාට පෙනෙන්නේ අධිකාරියක් නොමැති පදය තුළ ඇති බාහිර දුර්වලතාවන්ය. එමනිසාවෙන් ඔවුන් පාරභෞතික යුගල පද සදා ගනී. ගුත්තිල - මූසිල අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදයද එසේ සාදා ගත්තකි. සාමාන්‍ය මිනිසා දකින ආකාරයට මෙහි නිවැරදි චරිතය ගුත්තිල ඇදුරුය. ගුත්තිල යන නාමය සම යුගල පදයේ අධිකාරියක් දරයි. එහෙත් විසංයෝජනීයව කියවීමේදී මූසිලටද සම අවස්ථා ලබා දේ. ඒ සඳහා තරුණබව, මුදල්වල අත්‍යවශ්‍යභාවය, දක්‍ෂතාව යන කරුණු බලපායි. මෙම යුගල පදය විසංයෝජනීයව කියවීමේදී, මූසිල - ගුත්තිල වශයෙන් මාරුවෙයි. මෙම`ගින් අප අවබෝධ කරගත යුතු කාරණය නම් අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගලවල කිසිදු පදයකට අධිකාරියක් ලබා නොදී සමානතාවක් ලබාදීමයි. විසංයෝජන ක‍්‍රමය ඔස්සේ කියවීමේදී උද්ගතවන තවත් කාර්යයක් වනුයේ නිර්මාණයක කතුවරයා පිළිබඳ, එම සමාජ තත්ත්වය පිළබඳ සැලකීමක් නොදැක්වීමයි. (අයි.ඒ. රිචඞ්ස්ගේ භාවිත විචාරයේදීද මෙම කාරණය අවධාරණය කරයි.* එහෙත් මෙම`ගින් කතුවරයා මැරීමක් සිදු නොවන බව අපගේ හැ`ගීමයි. එම`ගින් සිදුවනුයේ කතුවරයාගේ අරමුණෙහි දිගුවක් සිදුවීමයි. මන්ද යත්, කතුවරයාට නිර්මාණය තුළ දැක්විය හැක්කේ සීමිත දෙයකි. උදාහණ වශයෙන් පද්‍ය පන්තියක් රචනා කිරීමේදී ඉ`ගි කළ හැක්කේ සීමිත දෙයකි. එය විස්තර කිරීමට යෑමේදී පද්‍ය පන්තිය කාව්‍යයකින් මිදී වාක්‍ය රචනයක් බවට පත්වේ. එම කාරණාව නිසාවෙන් විසංයෝජනය තුළින් එම සැ`ගවුණු කාරණා සොයා යාමක් සිදුවේ. එනම් කතුවරයාගේ දිගුවක් ඒ තුළින් නිර්මාණය වේ. විසංයෝජනය තුළින් කතුවරයාගේ මරණය සිදුනොවන බව මෙම`ගින් ප‍්‍රත්‍යක්‍ෂයි. අවසන් වශයෙන් සරලව දැක්වීමේදී විසංයෝජනය යනු ලිහීමකි (්බ්කහිැ*. පඨිතයක සැගවී ඇති දේ සොයා යාමකි. (‘‘විසංයෝජනීය කියවීම රචකයා විසින් යම් නොදකින ලද යම් සම්බන්‍ධතාවක් රචකයා විසින් මෙහෙය වනු ලබන හා නොලබන භාෂා රටා පිළබඳ අවධානටය යොමු කරයි.’’-ඩෙරීඩා* එනම් සැ`ගවුණු දේ දැකි හැකි බවයි. (ඹබිැැබ ඉැජදපැ ිැැබග න්‍ග් ජමාාාැබ* අප මෙතෙක් සාකච්ඡුා කළ විසංයෝජනීය කියවීම සාහිත්‍ය නිර්මාණයක් සමීපව කියවීමේදී තවදුරටත් සුඛාවබෝධ කරගත හැකිය. ඒ සඳහා ලක්‍ෂාන්ත අතුකෝරලගේ ‘යටි වියන’ කෘතියේ එන ‘ධර්ම චක‍්‍රය’ විසංයෝජනීය න්‍යාය යටතේ සමීප කියවීමකට බ`දුන් කරමු . ලක්ෂාන්ත අතුකෝරලගේ ‘යටි වියන’ කෘතියේ එන ‘‘ධර්ම චක‍්‍රය’’ පිළිබ`ද විසංයෝජනීය කියවීමක් පළමුවෙන් එම නිර්මාණය උපුටා මෙසේ දැක්විය හැකිය. අනතුරුව එම නිර්මාණය විසංයෝජනීය කියවීමකට භාජනය කරනු ලැබේ. ‘‘ධර්ම චක‍්‍රය පච්චා කොටන තැන මකර රූ- කිනිසි- සරපයි හෙළුවැලි ගෑණු අතරින් උඹ තෝරගත් පච්චය ධර්ම චක‍්‍රය සෝමෙ පුදුම මිනිහෙක් උඹ හිනානොවෙන- නොහ`ඩන බලන්නන් බැල්මෙන් බය කරන මන්ත‍්‍රී ළ`ගවත් නොනැමෙන තර තළෙළු මූණ- රතු ඇස් කළු උඩු රැුවුල- කහ දත් කුණු හරුප ගෝරනාඩුව සම`ග තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය තිබුණාද ධර්මයක් පපුව යට? බූරු පෙතකදු නාරින මඩම් අස්සේ රිංගන ඉඳහිට හිරෙත් යන උඹටත් හැබෑවට තිබුණද? මොකක් හරි ධර්මයක් අදහන හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන සෝමසිරි උඹ එහෙම බැස්සුවක් බවක් නම් අසා නැත අප එනමුදු අසා ඇත වීදියේ බලූ පැටව් වඩාගෙන දෙගොඩහරි ජාමෙත් උඹ මස් කොත්තු කවන වග කප්පන් ජෙරාගේ සව්වන්ට අහුවුණු තැන තලන සෝමෙ පුදුම මිනිහෙක් උඹ මුඩුක්කුවේ පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’’ පාරභෞතික ලෙස මිනිසාම සමාජයේ ඇතැම් කාරණා දෙස ඇතැම් පුද්ගලයන් දෙස ස්භාවිකරණීය (මිනිසා සිතා සිටින ආකාරය* ලෙස සිතා සිටියි. එය මිනිසා විසින් තබා ගන්නා නිර්ණයකි. මෙම කාරණය නිසාවෙන් සත්‍ය සැ`ගවී යයි. මන්ද යත්, බාහිර ස්වරූපය පදනම් කරගෙන මිනිසා නිර්ණයවලට එළඹීමයි. එය වරදවා වටහා ගැනීමකි. එම වරදවා වටහා ගැනීම තුළ වෙනත් පිරිසක් අධිකාරියක් දරන අතර වරදවා වටහා ගැනීමකට ලක්වන පිරිස පීඩනයට, හෙළා දැකීමට, හිංසනයට, විහිළුවට ලක් වෙයි. එහෙත් එම පීඩිත ජනයා තුළ මිනිසා නොදකින ගුණ ධර්ම හදවත් තුළ සක‍්‍රීය වන්නට පුළුවන. මෙම නිර්මාණය තුළින්ද ස්මතු කිරීමට වෙර දරා ඇත්තේ පච්ච කොටාගෙන, රතු ඇස්, කළු උඩු රුවුල තිබුනාට, කුණු හරුප කීවාට, අසත්පුරුෂ අශිෂ්ට ලෙස මිනිසාට බැලූ බැල්මට පෙනෙන මිනිසා තුළ ජීවත් වන මනුෂ්‍යයා කෙබ`දුද යන්න සමාජයට ඒත්තු ගැන්වීමයි. බාහිර පෙනුමින් ස්වභාවිකරණයට ලක්කරන මිනිසාගේ හද තුළ සාධුවරයෙක් සිටිය හැකි බව මෙහිදී අපට ඒත්තු ගන්වා ඇත. මැරයෙකුගේ ස්වරූපයෙන් සමාජයේ ජනයා නිර්වචනය කරන ‘සෝමෙ’ තුළ සෝමසිරි ජීවත් වන ආකාරයත් සමාජීය ජනයා නොදත් එම සැ`ගවුණු කාරණය විසංයෝජනීය කියවීම ඔස්සේ පාඨකයාට සමීපව අවබෝධ කරගත හැකිය. විසංයෝජනීය ලෙස කියවීමේදී නිර්මාණය තුළ අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද තිබීම අනිවාර්යය. ධර්ම චක‍්‍රය නමැති මෙම නිර්මාණයේ දිස්වන අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද අධ්‍යයනයේදී විසංයෝජනීය ලෙස නිර්මාණයට මනාව සමීව විය හැකිය. වාග්මය තත්ත්වය (ඪැරඉ්ක ිඒටැ* යටතේ අපට එම කාරණය සාකච්ඡුා කළ හැකිය. හිනාවෙන, හ`ඩන - හිනානොවෙන, නොහ`ඩන නොනැමෙන -නැමෙන පපුව මත - පපුව යට රතු ඇස් - නිල් ඇස් කහ දත් - සුදු දත් සෝමෙ - සෝමසිරි යනාදී යුගල පද දැකිය හැකිය. විසංයෝජනීය ක‍්‍රමයට අනුව කියවීමේදී ඇතැම් යුගල පද එම නිර්මාණය තුළම දැකගත හැකිය. එහෙත් පාඨකයා සැ`ගවුණු අර්ථය විමසීමේදී සංකල්පීය වශයෙන් යුගල පද කියවීමට යොදාගත හැකිය. උදාහරණ වශයෙන් ‘හිනා නොවෙන හා නොහ`ඩන’ යන පදය හා සංකල්පීය වශයෙන් හිනාවෙන සහ හ`ඩන යන පද යොදා ගත හැකිය. සමාජයේ වෙසෙන මිනිසා ස්වභාවීකරණයට ලක්කරගෙන ඇත්තේ හිනාවෙන, හ`ඩන පුද්ගලයන් සංවේදී, ප‍්‍රියමනාප, හොඳ පුද්ගලයන් බවයි. එහෙත් හිනානොවෙන, නොහ`ඩන පුද්ගලයන් තුළ නිවැරදි මිනිසා ජීවත් විය නොහැකිද? මෙම නිර්මාණයේ එන සෝමෙගේ චරිතය විසංයෝජනය ඔස්සේ සමීපව කියවීමේදී පාරභෞතිකව මිනිසා ගොඩනගා ගන්නා දේ පමණක් සත්‍ය නොවන බවත් හිනා නොවන නොහ`ඩන පුද්ගලයාද හිනාවෙන, හ`ඩන පුද්ගලයා සේ යහපත් විය හැකි බව වටහා ගත හැකිය. එය විසංයෝජනීය කියවීමේ අපේක්‍ෂාවයි. එනම් යුගල පදවල එක් පදයකට පමණක් අධිකාරියක් නොදී සමාන අයිතීන් ලබා දීමයි. එසේම මෙම නිර්මාණය තුළ සුවිශේෂී අර්ථයක් ජනනය කරන යුගල පදයක් ලෙස පපුව මත - පපුව යට යන යුගල පදය දැක්විය හැකිය. සමාජීය ජනයා ධාර්මික, සැදැහැවත් සුපින්වතෙකු ලෙස සිතා සිටින්නේ සුදු ඇඳගෙන බාහිර ඔපයෙන් ධාර්මික ලෙස හැසිරෙන පුද්ගලයන්ය. එහෙත් ‘පච්ච කොටාගෙන කුණු හරුප ගෝරනාඩු පවසන පුද්ගලයන්’ තුළ බාහිර ලෝකයට නොපෙනුණද ධාර්මික මිනිසෙක් සිටිය හැකිය. එම මිනිසාගේ පපුව මත ධර්ම චක‍්‍රය නොදිලෙනමුත් පපුව යට ධර්ම චක‍්‍රය දිලිසෙයි. එහෙත් මිනිසාට පෙනෙන්නේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. මෙම පද්‍ය පන්තියේ සෝමෙගේ ධර්ම චක‍්‍රය මිනිසුන් නොදකින්නෙ ඔහුගේ පපුව යට ධර්ම චක‍්‍රය ක‍්‍රියාත්මක වීම නිසාය. මෙය අප ජනවහරේ එන ‘‘හක්කෙ බුදු රැුස් බොක්කේ දඩ මස්’’ යන පිරුළෙන් තවදුරටත් සුපැහැදිලි වේ. මෙබඳු අරුත් පසි`දලීමට හැකි වන්නේ විසංයෝජනීය ක‍්‍රමය ඔස්සේ කියවීට යෑමෙනි. සන්දර්භ විෂයීක තත්ත්වය (ඔැංඑම්ක ිඒටැ* යටතේ සාකච්ඡුා කරන විට සමස්ත නිර්මාණයේ අර්ථය මතු කර ගත හැකිය. මෙහිදී නිර්මාණයේ බි`ද දැමීම කොට ඇත්තේ කොතනදැයි විමර්ශනයට භාජනය කළ හැක. මෙහිදී බි`ද දැමීම යනු විනාශ කිරීම නොව නැවත අරුතක් ගළපාලීමයි. හො`ද චරිතයක තිබිය යුතු යැයි සමාජ සම්ම්තයේ නොපවත්නා ලක්ෂණ මෙහිදී කවියා ඉදිරිපත් කරයි. එය සමාජ සම්මතය බි`ද දමා නව අරුත් ජනිත කරවීමකි. නිර්මාණය කියවන පාඨක සිතෙහි එක්වරම ජනිතවන නපුරු මිනිසෙකු පිළිබ`ද හැ`ගීම සමුදාය යටින් දිවෙන යහපත් මිනිසෙකුගේ සේයාවක් කවියා ජනිත කරවන්නේ එබැවිනි. රතු ඇස්, තළෙළු මූණ, කහ දත් යන සංකල්පත් සමග ස්වභාවීකරණයට ලක්කර ගන්නේ වැරදි කරන, නපුරු මිනිසෙකුගේ ස්වරූපයයි. මෙම කාව්‍ය පන්තියේ එන සොමෙගේ ශරීර ලක්‍ෂණ එසේය. මිනිසා නිර්ණය කරන මැර චරිතය සඳහා පාදක වන්නේ එම චරිතාංගයන්ය. එහෙත් එවැනි චරිත ලක්‍ෂණ තිබූ පමණින්ම ඔහුගේ චරිතය පාතාල මැරයෙකුගේ චරිතයකට කෙසේ සමාන වන්නේද? එපමණකින් අපට පුද්ගලයෙකුගේ චරිතය අන් චරිතයකින් වෙන්කළ නොහැකිය. එම ගැටලූව ලිහිල් කරගැනීම සඳහා ඩෙරීඩාගේ විසංයෝජනය මනා පිටුවහලක් වේ. මෙම කාරණය මනමේ නාට්‍යයේ වැදි රජුගේ චරිතය විසංයෝජනීයව, සමීපව බැලීමේදී මනාව පැහැදිලි කරගත හැකිය. මන්ද යත්, බොහෝ දෙනෙක් වැදි රජුගේ ශරීර ලක්‍ෂණ, කාව්‍යයේ එන රතු ඇස් කහ දත් හා සැසෙ`දන නිසාවෙන් සහ විවිධ හේතු නිසාවෙන් කුමාරයාගේ නාමයට යම් අධිකාරියක් ලබා දෙයි. එහෙත් අප විසංයෝජනීය අක්‍ෂියකින් මනමේ නාට්‍ය නිරීක්‍ෂණය කිරීමේදී වැදි රජු හා කුමාරයා දෙස සමානාත්මතාවෙන් බැලිය හැකිය. එසේම බාහිර චරිත ලක්‍ෂණ අනුව මිනිසෙකු මැනිය නොහැකි බව වර්තමානයේ බොහෝ සෙයින් ප‍්‍රචලිත ‘ස්වයංජාත’ නවකතාවෙන්ද ප‍්‍රකට වේ. එහිදී යක්කුටිගල හිමි සහ විභූතිරත්න යන චරිතවල රූප ස්වභාවය අශෝභනය. ‘‘මෙවැනි හැ`ගීමක් ගැමියන් තුළ ඇති කිරීමට උන්වහන්සේගේ බාහිර ස්වරූපය හා ගුප්ත හැසිරීමද හේතු වී තිබිණ. මැදුම් වියට පා තබා සිටි උන්වහන්සේ මිටි හැඩි දැඩි සිරුර දැලි වලඳක් මෙන් කළු පාට විය. මුංකැවුමක් බඳු විරූපී මුහුණෙහි දෙනෙත්වල තුළ තිබුණු මඳක් වපර වූ පෙනුම...’’ එහෙත් මොවුන්් ඇතුළාන්තයෙන් ඉතා ධාර්මිකය. එමනිසාවෙන් අප මෙහිදී සාකච්ඡුා කරන ධර්ම චක‍්‍රය පද්‍ය පන්තියේ එන සෝමෙගේ චරිතයද බාහිර ලක්‍ෂණවලින් මැරවරයෙකුගේ ස්වරූපය ගත්තද, නරක, පහත් වැඩ කරන පුද්ගලයෙක් නොවේ. මෙම සාහිත්‍ය නිර්මාණයේ දැකිය හැකි තවත් සුවිශේෂී අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදයක් නම් ‘සෝමෙ - සෝමසිරි’ යන පදයයි. මෙහි ගැඹුරු අර්ථයක් ගැබ් වී ඇත. එම පද සමග බැඳී ඇති අදහස් විමසීමේදී ඒ බව මොනවට පසක් වෙයි. x සෝමෙ - කණු හරුප ගෝරනාඩු දොඩන, මඩම් අස්සේ රිංගන, මස්කන, අරක්කු බොන, ගංජ උරන, අත තිබ්බොත් අගල් හයක් බස්සන. x සෝමසිරි - බැස්සූ බවක් අසා නැත, බලූ පැටවුන්ට මස් කොත්තු කවන වග, කප්පම් ජෙරාගේ සව්වන්ට අහුවුණ තැන තලන, පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන. මෙහිදී මහජනතාව ස්වභාවීකරණයට (මිනිසාම ගොඩනගා ගත් සංකල්පයන්ය* අනුව ගොඩනගා ගත් චරිතය වන්නේ ‘සෝමෙගේ’ චරිතයයි. මිනිසාට නොපෙනෙන සැබෑ මිනිසා නම් ‘සෝමසිරි’ය. සැ`ගවුණු එම කාරණා සොයා ගැනීමට හැකි වන්නේ විසංයෝජනීය ලෙස සමීපව කියවීම තුළින්ය. මෙමගින් සෝමසිරි සොමෙට වඩා උසස්යැයි නොපවසන අතර කිසිදු පදයක් අනික් පදයට වඩා අධිකාරියක් නොදරන බව පැහැදිලි වේ. විසංයෝජනීයව කියවන විට ඇතැම් අවස්ථාවල යම් යම් පද සඳහා විසංයෝජනය සංකල්පීයව සම්බන්‍ධ වේ. සංකල්පීය වශයෙන් සම්බන්ධ වීම තුළ පාඨකයාට සිත් සේ අවශ්‍ය පරිදි පඨිතය තුළින් එය නිෂ්පාදනය කළ නොහැකිය. එම සංකල්පය පඨිතය තුළ දැකගත නොහැකිය. එය සම්බන්ධ වන්නේ සංකල්පීය වශයෙන් පමණි. නිර්මාණය කතා කරන තැන, කාල පරාශය යොදා ඇති වචන සම`ග ගැළපේදැයි ගැටුමක් ඇති වේද යන්න වාග්විද්‍යාත්මක පදනම (ඛසබටමසිඑසජි ිඒටැ* යටතේ කතිකා කළ හැක. එහිදී අපට විසංයෝජනීය ඇරුත් පසි`දලීමට සංකල්පීයව පද යොදා කියවිය හැකිය. ‘ධර්ම චක‍්‍රය’ පද්‍ය පන්තිය තුළ සංකල්පීය වශයෙන් සම්බන්ධ වන සංකල්ප කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. හෝටල් මඩම් ගෙදරක් නොමැති බව සති පොළ මොහු මෙවැනි ස්ථානවල ගැවසීම තුළින් සංකල්පීය වශයෙන් ප‍්‍රකට කරන්නේ මොහුට ගෙදරක් නොමැති බවය. මේ පොලෝ තලයේ සෑම තැනක්ම ඔහුගේ නවාතැනක් බවයි. මස්කෑම අරක්කු බීම ධර්ම චක‍්‍රය පච කීම මෙම කාරණා ධර්ම චක‍්‍රයත් සමග සංකල්පීයව බැඳේ. මන්ද යත්, මස්කෑම, අරක්කු බීම පාප කර්ම හා බැඳෙන නිසාවෙන්ය. එහෙත් සොමෙ ඒ හා සමගාමීව පුණ්‍ය කර්මද කරයි. ඒබව බලූ පැටවුනට තම අතින්ම මස් කොත්තු කැවීමෙන්ද, ළමයින්ට පොත් අරන් දීම තුළින්ද ස්ඵුට වේ. රතු ඇස් කහ දත් පොඩි උන්ට පොත් පත් තෑගි දීම, බලූ පැටවුනට මස් කළු උඩු රැුවුල කොත්තු කැවීම. මෙම කාරණයද තවත් උදාහරණයක් ලෙස දැක්විය හැකිය. එසේම මෙම පද්‍ය පන්තිය විසංයෝජනවාදීව කියවීමේදී බුදුදහම තුළ දැක්වෙන මෙම නිර්මාණයට මනා පිටුවහලක් වන සංකල්පීය සිතුවිල්ලක් සිහිපත් වේ. එනම් ත‍්‍රිපිටකයේ දැක්වෙන සංයුත්ත නිකායේ ආඝාත පටිවිනය සූත‍්‍රයේ එන ධර්ම කරුණ ඒ සඳහා මනා නිදසුනකි. ‘‘ඇතැම් පුද්ගලයෙකුගේ වචන අපිරිසිදුයි, ක‍්‍රියා අපිරිසිදුයි, එහෙත් සිත පිරිසිදුයි. ඇතැම් පුද්ගලයෙකුගේ වචන පිරිසිදුයි, ක‍්‍රියා පිරිසිදුයි, එහෙත් සිත අපිරිසිදුයි.’’ මෙම පද්‍ය පන්තියේ සෝමෙගේ ක‍්‍රියා කලාපය මෙම කාරණා තුළින් තවදුරටත් තහවුරු වේ. සෝමසිරි එම සූත‍්‍රයේ පළමු කාරණය හා සම්බන්‍ධ වේ. මෙම`ගින් තවත් කාරණයක් ප‍්‍රකට වේ. එනම් විසංයෝජනය නම් වූ කියවීම් ක‍්‍රමය හැත්තෑව දශකයේ ඇරඹුණද, එහි සංකල්පීය අදහස් බොහෝ දිගුකලක පටන් පවතින බවයි. ඒ අනුව ධර්ම චක‍්‍රයේ එන සෝමසිරි මැරයෙක් නමින් නම් කළ නොහැකිය. එය පාරභෞතිකව මිනිසා නිර්මාණය කර ගත් දෙයකි. එසේම විසංයෝජනීය කියවීම තුළින් මැරයාගේ මැරකම් දෙස නොව සැ`ගවී පවත්නා මිනිසා නොදකින යහපත් පැවැත්ම හෙළි කරයි. ඒ බව බුදුන් වහන්සේද අනාවරණය කරයි. එනම්, යම් පුද්ගලයෙක් වැරදිකරුවෙක් වන්නේ එම වැරුද්ද කරන කාල සීමාවේදී පමණි. ඔහු ඉන් මිදුණු පසු හොරෙක්, මැරයෙක් නමින් හැඳින්වීම යුක්ති සහගත නොවෙයි. මෙම නිර්මාණයේ අවසන් වශයෙන් ගෙන හැර පාන පද්‍ය ඛාණ්ඩය තුළ විශාල අර්ථයක් ගැබ් වී ඇත. ‘දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’ මෙහි දහඩියෙන් පෙ`ගී යන්නෙන් මිනිසා සෝමෙ කෙරෙහි සිතන පාරභෞතික සංකල්පයට මනා පිළිතුරක් ලබා දී ඇත. එනම් සමාජයේ බාහිරයට සුවිනීත ධර්මිෂ්ඨ පුද්ගලයන් සේ පෙනුණද, වැරදි ක‍්‍රමයට ධනය උපයන කොතෙකුත් මිනිසුන් ඇත. එහෙත් සෝමසිරිගේ ධර්ම චක‍්‍රය මවිල් අස්සෙන් දිලිසෙන්නේ දහඩියෙනි. ඔහු ධනය උපයන්නේ ජැටියේ අල ගෝනි උස්සා ධාර්මික ලෙසය. (සේදා වක්‍ඛිත්තේහි ධම්මිකෙහි ධම්මලද්දේහි* එසේම ‘දිලිසෙනවා සහ පපුව මත ධර්ම චක‍්‍රය’ යන කාරණයද සුවිශේෂී අර්ථයක් ගෙන හැර පායි. එනම් සෝමසිරිගේ කි‍්‍රයා කලාපය හා සිතුවිලි කෙතරම් දැහැමි වුවද මිනිසා දකින්නේ සොමසිරිගේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. එහෙත් මිනිසා බල්ලන්ට කොත්තු කවන, පොඩි උන්ට පොත් පත් තෑගි බෙදන සෝමසිරි දකින්නේ නැත. සමාලෝචනය මෙම නිබන්ධයේදී විසංයෝජන න්‍යාය යන්න කුමක්ද යන්න පිළිබ`දවත් ලක්ෂාන්ත අතුකෝරලගේ යටිවියන කාව්‍ය කෘතියෙහි එන ‘‘ධර්ම චක‍්‍රය’’ නැමති නිර්මාණය පිළිබ`දවත් සාකච්ඡුා කෙරිණි. මෙම විසංයෝජන කියවීම ම`ගින් මිනිසුන් සාමාන්‍ය ජීවිතයේදී නොදකින, නොසොයන, නොබලන, සැ`ගවුණු කාරණා දැකගත හැකිය. ඒ බැව් යථෝක්ත නිස`දැස් පන්තිය විචාරය ම`ගින් මොනවට පසක් විය. ඒ අනුව විසංයෝජනීයව සමීප කියවීම් ක‍්‍රමය ම`ගින් අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පදවල කිසිඳු පදයකට අධිකාරියක් ලබා නොදෙමින් අඩු වරප‍්‍රසාද ලත් පදය අනෙකුත් පදය හා සමාන තත්ත්වයට ගෙන එක සේ කියවීමට පුරුදු කරයි. ඒ අනුව මෙම කියවීම් ක‍්‍රමය ම`ගින් සිදු කරනු ලබන්නේ මිනිසා පාරභෞතිකව සකසාගත් සංකල්ප තුළ පිඩා විඳින පදයට සාධාරණයක් ඉටු කිරීමයි. මෙසේ මෙම නිර්මාණය පිළිබ`ද විසංයෝජනවාදී ඇසකින් විචාරය සිදු කළ හැක. ආශි‍්‍රත ග‍්‍රන්‍ථ නාමාවලිය ද්විතීයික මූලාශ‍්‍රය අතුකෝරල, ලක්‍ෂාන්ත, යටි වියන. (නුගේගොඩථ සරසවි ප‍්‍රකාශකයෝ, 2008 මුද්‍රණය* අමරකීර්ති, ලියනගේ, අමුතු කතාව. (මුල්ලේරියාවථ විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය, 2005* විජයසිංහ, සමරවීර. ස්වයංජාත. (කොළඔ 10ථ සූරිය ප‍්‍රකාශකයෝ, 2007* සුරවීර, ඒ.වී. සාහිත්‍ය විචාර ප‍්‍රදීපිකා (විචාර වචන කෝෂය*. (කොළඹ 10ථ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1991* තෘතීයික මූලාශ‍්‍රය දිවයින. බදාදා අතිරේකය, මහින්ද පතිරණ. 2009 ජූලි මස 15වැනි බදාදා. නිමල් විජේසිරි, ‘‘විසංයෝජනය’’, (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එන්.එස්.සී 1 ශාලාවේ පැවති සිංහල දේශනය, 2012 ජනවාරි 31* ක්‍ය්එඒ ි්බට්හ්බ් ක්‍ෘ ඍදපල ඩසච්ිි්බ් ඍැිැිජයල ෘ්පප්ටසරසග 42403ග ෘසින ෘසජඑසදබ්රහ දෙ කසඑැර්රහ එැරපි ්බා කසඑැර්රහ එයැදරහග කදබාදබල 1991ග ෑබජහජකදචැාස් දෙ ජදබඑැපචදර්රහ කසඑැර්රහ එයැදරහග ඍගෂරුබ්ල මබසඩැරිසඑහ දෙ එදරුබඑද චරුැිග 1993ග ධංදෙරා ෑබටකසිය ෘසජඑසදබ්රහග ක්‍ක්රුබාදබ චරුිිල දංදෙරාල 1989 ග