UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: Job interviews

Thursday, September 13, 2018

Job interviews



සම්මුඛ පරීක්ෂණයකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔබට මඟ පෙන්වීමක්

අද කාලයේ හොඳ රැකියාවක් ලබා ගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. අද වන විට බොහෝ සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් සමහර අය වුණත් ආතතිය නිසා මෙවන් සම්මුඛ පරීක්ෂණ වලට හොඳින් මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව එතරම් හොඳ නැතිනම් ඔබ සම්මුඛ පරීක්ෂණයට ඉංග්‍රීසියෙන් මුහුණ දෙන හැටි ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්. ඒ නිසා අපි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය වන දැනුම මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. අපි පහත සඳහන් කරලා තියෙන්නේ රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී වැඩිපුරම අහනවා කියලා සම්මත වෙච්ච ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ලබා දෙන්න පුළුවන් ආදර්ශ පිළිතුරු කිහිපයක්. මේ ප්‍රශ්න සහ පිළිතුරු කියවලා ඒවායේ අදහස හිතට ගත්තාම ඔයාට පුළුවන් ඒක ඔයාගේ අවස්ථාවට අදාළ වෙන විදිහට ඔයාගේ විස්තර එකතු කරලා සකසාගන්න. අපි දැන් මේ ප්‍රශ්න මොනවද කියලා බලමු.

අපට ඔබ ගැන කියන්න

සාමාන්‍යයෙන් ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී ඉස්සෙල්ලම අහන්නේ මේ ප්‍රශ්නය තමයි. ඒත් එය ඔබෙන් විවිධ ආකාරයෙන් අහන්න අවස්ථාව තියෙනවා. පහත සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ විධි තුනක්. එකම ප්‍රශ්නය වෙනස් විධි වලින් අහන්න පුළුවන් නිසා ඔබ ටිකක් අවධානය යොමු කරලා බලන්න ඔවුන් අහන්නේ මේ ප්‍රශ්නයම වෙනත් විදිහකට ද කියලා.

Tell us about yourself

Please introduce yourself to me

We would like to get to know about you

අපි බලමු දැන් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා, මෙතැනදී ඔයා ඉන්නේ කොහේද, ඔයාගේ වයස කීයද වගේ ඒවා නැතුව රැකියාවට අදාළ වන ඔයාගේ සුදුසුකම් වගේ දේවල් ගැන තමයි කියන්න ඕනේ.
හැමෝටම භාවිතා කරන්න පුළුවන් වන විදිහේ පොදු උත්තරයක් තමයි අපි ඔයාට කියලා දෙන්නේ. ඒ නිසා ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ විස්තර දාලා මේ උත්තරය ඔයාට අවශ්‍ය වන විදිහට වෙනස් කරගන්න.

ඔයා කළින් රස්සාවක් කරලා තියෙනවා නම්;

Good Morning, I am Kushal Perera.

I have been working in the field of marketing for three years now.

I have extensive hands on experience on designing marketing campaigns.

අපි තවත් උදහරණයක් ගමු. මේක ගැළපෙන්නේ ඔයා මීට පෙර රැකියාවක් කරලා නැති අවස්ථාවකදී,

Good afternoon, I am amal

I completed advanced levels in arts stream and I obtained a diploma in tourism from the University of Technology.

I possess good speaking and negotiation skills.

Why did you apply for this job?

Why are you interested in this position at our company?

What brings you here?

මේ විදිහට ඔබ අදාළ තනතුරට අයදුම් කළේ ඇයි කියලා ඔවුන් ඔබෙන් අහන්න පුළුවන්. මේකත් අපි කළින් කිව්වා වගේම අදාළ සම්මුඛ පරීක්ෂණයට ගැළපෙන විදිහට තමයි කියන්න ඕනේ. විශේෂයෙන්ම එම තනතුරට ඔබ දක්වන කැමත්ත සහ එයට ඔබ සුදුසු වන්නේ ඇයි කියලා මේ පිළිතුරෙන් ඔබට සම්මුඛ පරීක්ෂණය පවත්වන පුද්ගලයන්ට දන්වන්න පුළුවන්. මේ පිළිතුරෙන් තමයි ඔබට රැකියාව ලැබෙනවාද නැද්ද කියන එක බොහෝ දුරට තීරණය වෙනවා. ඒ නිසා අපි ලබාදෙන උදාහරණ ඔයාගේ තොරතුරු දාලා ඔයාට ගැළපෙන විදිහට වෙනස් කර ගන්න.

I’m always passionate about latest trends in the hotel industry and therefore I applied to this Job.


I think with my previous experience in the hotel industry I would be able to perform the duties related to this job very well.

I applied for this job because it aligns with my career goals

I believe my skills and the educational background qualifies me for this job


ඔබ තව වසර පහකින් ඔබව දකින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයෙන් ඔබෙන් අහන්නේ ඔබේ අනාගත අරමුණු ගැනයි. තව වසර පහකට පසුව ඔබේ වෘත්තීය ජීවිතයේ ඔබ ළඟා වන්න සිතා සිටින ඉලක්ක ගැන තමයි ඔවුන් විමසන්නේ. ඔබට හොඳ අරමුණක් තිබෙනවා නම් බිය නැතුව ඒ ගැන ප්‍රකාශ කරන්න. ඔබට පරීක්ෂණ මණ්ඩලයේ විශ්වාසය දිනා ගැනීමට ඒ තුළින් පුළුවන්.
මේ ප්‍රශ්නය ඔබෙන් මේ ආකාරයෙන් අහන්න පුළුවන්.


No comments: