UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ජම්බුදීප නාමය සටහන් කර ඇති අශෝක අධිරජුගේ කෝපාල් දිස්ත්‍රික්කයේ ගවිමත් ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපිය

Wednesday, July 18, 2018

ජම්බුදීප නාමය සටහන් කර ඇති අශෝක අධිරජුගේ කෝපාල් දිස්ත්‍රික්කයේ ගවිමත් ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපිය

ජම්බුදීප නාමය සටහන් කර ඇති අශෝක අධිරජුගේ කෝපාල් දිස්ත්‍රික්කයේ ගවිමත් ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපිය....

දේවානම්පියේ ආහ: සාතිරෙකානි අදා- තියානි වසානි
යම් සුමි උපාසකෙ නො ච බාධම් ප්‍රකම්තෙ, සම්වචරෙ

සාතිරෙකේ යම් මෙ සම්ඝෙ උපේති, බාධම් ච මෙ ප්‍රකම්තෙ.

සෙ ඉමායම් වෙලායම් ජම්බුදිපසි අමිසා දෙවා සමනා මානුසෙහි, සෙ දානි මිසා කතා.

ප්‍රකමස එස ඵලෙ. නො ඉයම් මහතෙනෙව චකියෙ පාපෙතවෙ.

ඛුදාකෙන පි ප්‍රකමමිනේන විපුලෙ පි චකියෙ සවගෙ ආරාධිත්වෙ.

එතායා ච අතාය ඉයම් සාවනෙ ඛුදකා ච උදාරා ච පකම්මතු ති, අම්තා පි ච ජානාමතු, සිරි- තිතිකෙ ච ප්‍රකම්මෙ හොතු.

ඉයම් ච අතෙ වධිහිසිති, විපුලෙ ච වධිහිසිති, දියධියම් පි ච වධිහිසති ති.

අදහස:

දේවානම්පිය අශෝක රජ උපාසකයෙක් වී වසර දෙක හමාරක් ගත වී ඇති නමුදු වඩා ධර්මිෂ්ට වීමට කැප නොවිය.

වසරකට වැඩිය සංඝයාගේ ඇසුර නිසා වඩා ධර්මිෂ්ට වී ඇත..

එම කාළය තුළ දෙවියන් ද ජම්බුදීප වැසියන් හා වඩාත් මිත්‍රශීලි නොවීය...දැන් වැසියන් මිත්‍රශීලි වෙමින් පවතී.

ස්වර්ගයට පැමිණිය හැක්කේ නිසැකයෙන් ම ධනවතෙකුට පමණක් නොවේ...

ධාර්මික නම් දුප්පතෙකුට වුව ද ස්වර්ගයට පැමිණිය හැකි ය..

මේ ධර්මිෂ්ටබව බොහෝ කාළයක් පැවතීමට දෙපාර්ශවයම මාගේ අවවාදය පිළිපදිත්වා..

මෙය වැඩෙත්වා...බොහෝ කල් පවතිත්වා...

මෙම ලිපිය කියවන ඔබ ද සෙල්ලිපි පින්තූරය විශාලනය කර ජම්බුදීප නාමය ඇති අයුරු පරීක්ෂා කර සැක හැර දැනගනිත්වා...එකළ හිමාලය ආශ්‍රිත දේශය ම ජම්බුදීපය යි...

දෙවන පින්තූරයේ තුන්වන පේළියේ ජම්බුදිපසි වචනය දැක ගන්න. අශෝක සෙල්ලිපි අකුරු අධ්‍යයනය කරන්න..


No comments: