ලොව ප්‍රථම වතාවට තාරකා විද්‍යාඥයන් විසින්protocluster ලෙස නම් කළ මන්දාකිණි පොකුරක උපත නිරීක්ෂණය කර ඇත. ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත ක්ෂ්තිජයේ ක්‍රියාත්මක වන මෙම සිදුවීම වර්තමාන විශ්වයේ විශාලතම පිළිගත් ව්‍යූහයන් නිර්මාණය කිරීමට සමත් වනු ඇත.
විද්‍යාඥයන් විසින් මන්දාකිණි 14 ක් එකිනෙකා මත කඩා වැටීමේ මුල් අවධිය පෘථිවියේ වඩාත් බලසම්පන්න දුරේක්ෂ භාවිතා කරමින් නිරීක්ෂණය කර තිබේ. මෙම මන්දාකිණි අපගේ ක්ෂීරපථ මන්දාකිණියට සාපේක්ෂව 1000 වතාවක් වැඩි වේගයකින් තරු සාදනු ලැබුවද මන්දාකිණි 14 ම අපේ මන්දාකිණියේ විශාලත්වය මෙන් හතර ගුණයක් පමණ ප්‍රදේශයකට සමාන වේ.
“මන්දාකිණියක පොකුරු ලෙස හැඩ ගැස්වන ආකාරය පිළිබඳ මෙතෙක් අප අවබෝධ කරගෙන නොමැති අඩුපාඩු හා ඇති සබැඳිය මෙයයි.” යැයි නිව්යෝර්ක්හි Flatiron ආයතනයේ විද්‍යාඥයෙකු වූ ChrisHayward පවසා තිබේ. මෙම මන්දාකිණී එක්රැස්වීම පිළබඳව තාරකා විද්යාඥයින්ද අප්‍රේල් මස අග භාගයේදී වාර්තා කළේය.
මන්දාකිණි
නවීන විශ්වයේ දැකිය හැකි පරිණත මන්දාකිණි පොකුරු වලට පෙරාතුව මෙමprotocluster නිර්මාණය වි ඇති බැවින් වර්තමාන පොකුරු පිහිටුවා ඇති ආකාරය සහ පරිණාමය වී ඇති ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා protocluster ඉතා හොඳ පරීක්ෂණ පසුබිමක් ලබා දෙයි.
No comments:
Post a Comment