UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: අභිලේඛන

Wednesday, June 28, 2017

අභිලේඛන




භාරත දේශය අසහාය ඉතිහාසයක් උරුමකර ගත් දේශයක් වශයෙන් හැඳින්විය හැකිය. භාරත ඉතිහාසයේ නොයෙක් ආකාරයෙන් වැදගත් කමක් උසුලන සාධක භූගෝලීය වෙනස්කමින්, කාලයාගේ ඇවෑමෙන්, විවිධ උපද්‍රව වලින් වියැකී යෑම අභාග්‍යයක්ය. නමුත් ඉන්දීය දේශයේ ඉතිහාසය යම් තරමකින් හෝ නිරවුල්ව දැන ගැනීමට ඇති සාධක කිහිපයක් වර්තමානය වන විට ද අතිර්කතව පවතී. ඒ අතර අපට ශිලා ලේඛන හඳුන්වා දිය හැක. මේවා ඉන්දීය දේශය සිසාරා විසිර පවතී. එම ශිලා ලේඛන තුළින් භාරත දේශයේ විවිධ ව්‍යාප්තීන් පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැක. ඒ අනුව මෙම ශිලා ලේඛන තුළ රාජ්‍ය පාලනය, පොදු ජන ජීවිතය, ආගමික විශ්වාස ආදි නොයෙක් කරුණු පිළිබඳ විස්තර ඇතුළත්ව පවතී. තවද මෙම ශිලා ලේඛන හමුවීමෙන් ඉන්දීය ඉතිහාසයේ වකවානු පිළිවෙළ, රාජ්‍ය නාමාවලිය මෙන්ම ඊට සමගාමී නොයෙක් සමීප සාධක අනාවරණයෙහි හැකියාව ඇත.
ඒ අනුව මෙම නිබන්ධනය තුළ දී විශේෂයෙන් ඍග් වෛදික යුගයේ දක්නට ලැබෙන ශිලා ලේඛන, බුද්ධ කාලීන ලිපි මෙන්ම අශෝක යුගය, ගුප්ත යුගය සහ ඊට පසුකාලීනව පැවැති දැනට හමුව ඇති ශිලා ලේඛන පිළිබඳ අධ්‍යනය කිරීම මූලිකම අරමුණයි. එහිදී විශේෂයෙන් එම ලේඛන වල විවිධ වෙනස් වීම් හෙවත් විකාශනය පිළිබඳ අධ්‍යනය මූලික වේ. භාෂාව, අන්තර්ගතය, පිහිටි ප‍්‍රදේශය, පිහිටි වර්ෂය ආදී නොයෙක් කරුණු පිළිබඳ මෙම නිබන්ධනය තුළ අධ්‍යනය කිරීම මූලිකම ප‍්‍රයත්නය බව මෙහිදී මුලින්ම සඳහන් කිරීම යුක්ති යුක්තය. සමස්තයක් ලෙස භාරතීය ශිලා ලේඛන වල විකාශනය පිළිබඳ මෙම නිබන්ධනය තුළින් ප‍්‍රමාණවත් කරුණු විමර්ෂණයක් කිරීමට අපේක්‍ෂා කෙරේ.  

අභිලේඛන

මෙම අභිලේඛන පර්වත මත, සත්ත්‍ව හම් මත, ගස්වල පොතු මත, පත‍්‍ර මත (තල් කොළ*, ලෝහ තහඩු මත, ගල් මත, මැටි පුවරු මත, ටැම් මත දක්නට ලැබේ. මේවා අතීතයට අයත් මෙන්ම ආදි මානවයා සතු අසහය නිර්මාණ විශේෂයන් ලෙස ද හඳුනා ගත හැක. මේ ලේඛන තුළ අඩංගු අක්‍ෂර සහ සංඛේත ඔස්සේ අපට  ඕනෑම ඉතිහාසයක කරුණු ගවේෂණය කළ හැක. ඒ අතර කාලනිර්ණය, විවිධ භාෂාත්මක ලක්‍ෂණ මෙන්ම සංස්කෘතිකාදි මූලයන්හී ස්වරූපයන් මැනවින් නිරීක්‍ෂණය කළ හැක. ඒ අනුව මෙම ලේඛන අධ්‍යනය කිරීමේදී විශේෂයෙන්ම එකල භාෂාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් මූලිකවම අවැසි වේ.
ශ‍්‍රී ලංකාව වැනි දේශයක් ගත් විට එහි ඉතිහාසය සම්බන්ධ කරුණු මහාවංශය වැනි ග‍්‍රන්‍ථ තුළ ඇතුළත් වේ. නමුත් ඉන්දීය දේශය පිළිබඳ එසේ විරචිත අඛන්ඩ සාහිත්‍යයක් දක්නට අපහසුය. මෙම තත්ත්‍වයන් මත ඉන්දීය ඉතිහාසය අධ්‍යනයෙහි ලා මෙම අභිලේඛන මහ`ගු රුකුලක් සපයන බව පෙනේ. අභිලේඛන සාධක වලින් තොරව ඉන්දීය දේශයට ඉතිහාසයක් තිබුණා යැ’යි කීම පවා අතිශයෝක්තියකි. ඒ අනුව ඉන්දීය ඉතිහාසය අනාවරණයෙහි ලා අභිලේඛන ප‍්‍රමුඛතම දායකත්වය සපයයි. අශෝක අවධියේ සිටම ඉතිහාසය අධයනයෙහි දී අභිලේඛන ප‍්‍රභල මූලාශ‍්‍රයක් ලෙස සැළකේ. ඉන්දීය අභිලේඛන තුළ වැඩි වශයෙන් පරිත්‍යාගය පිළිබඳ කරුණු අඩංගු වේ. වෙළඳ, අයබදු, නීතිය, කම්කරුවන්, විහාර පාලනය, කෝවිල් සහ ආරාම අනුස්මරණය ආදි නොයෙක් කරුණු පිළිබඳ මෙම අභිලේඛන තුළ කරුණු අන්තර්ගත වේ. සමහහර ලිපි ආගමික වටිනාකම් උරුම කරගත් අතර සමහර ලිපි සාහිත්‍යාත්මක හෝ කාව්‍යාත්මක වටිනාකමක් නියෝජනය කරයි. මෙම අභිලේඛන අතර ප‍්‍රමුඛස්ථානයක් ශිලා ලේඛන වලට හිමි වේ.

ශිලා ලේඛන

භාරතීය ඉතිහාසයේ වටිනාම වූත්, මිළ කළ නොහැකි වූත් සාධකයන් අතර ශිලා ලේඛන ප‍්‍රධාන තැනක් ගනී. මෙම සෙල්ලිපි ප‍්‍රදාන වශයෙන් ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි යනුවෙන් වර්ග කළ හැක. ඉන්දියාවේ දහස් ගණනින් යුක්ත මෙම අභිලේඛන තුළ භාවිත භාෂාව ලෙස වැඩිපුරම දක්නට ලැබෙන්නේ බ‍්‍රාහ්මීය අක්‍ෂරය. ඒ අනුව කල්යත්ම සංස්කෘත භාෂාව මෙන්ම දේශීය භාෂා වර්ධනය වී සංස්කෘත ව්‍යවහාරය ක‍්‍රමයෙන් හීන වූ බවක් දක්නට ලැබේ. ඇතැම් යුගවලදී ප‍්‍රාකෘත භාෂාව සහ සාහිත්‍ය ප‍්‍රභල තත්ත්‍වයක පැවති බව සඳහන් වේ. ක‍්‍රි: පු: 05 වන සියවසේ ජෛන සහ බෞද්ධ දර්ශන භාරතයේ පහළ වූ පසු මාගධ සහ අර්ධ මාගධී භාෂාවන්ගේ බලපෑමෙන් ප‍්‍රකෘතය තව දුරටත් ජනප‍්‍රිය විය. අශෝක රජු ක‍්‍රි: පු: තුන්වන සියවසේ පහළ වීමෙන් පසු ඔහුගේ ශිලා ලේඛන වලදි විශේෂයෙන් භාවිත වී ඇත්තේ ප‍්‍රාදේ්ශීය ව්‍යවහාරයන් නිසා සංස්කෘත භාෂාව යම් පසුබෑමකට ලක්ව ඇත. කෙසේ වුවද ප‍්‍රාකෘත භාෂාව ක‍්‍රි: ව: ආරම්භයත් සම`ග රාජ්‍ය භාෂාව වශයෙන් භාවිත වූ බව පෙනී යයි. නමුත් ක‍්‍රි: ව: 02 වන සියවසෙහිදී සංස්කෘතයට නව ජීවයක් ලැබුණු බව පෙනී යයි. ඒ අනුව ඉන්දීය සාහිත්‍යයේ ශිලා ලේඛන බොහෝමයක් විද්‍යමාන වන අතර ඒවා සොයා ගැනීමට අසීමිත වෙහෙසක් දැරීමට සිදුවී ඇත. භූගෝලීය වශයෙන් සිදුවී ඇති වෙනස්කම් වලට හසුවූ ශිලා ලේඛන සොයාගැනීමේ පූරෝගාමීන් අතර සර්. විලියම්ස් ජොන්ස් සඳහන් කළ හැක. මෙම ප`ඩිවරයා රාජකීය ආසියාතික සමිතිය ආරම්භ කළ අතර පැරණි ලිපි රැුසක් ආසියාතික පරීක්‍ෂණ සංගරාව වෙත ඉදිරිපත් කළහ. ඒ අනුව මෙම වැළලී ගිය පැරණි භාරතයේ ශිලා ලේඛන පිළිබඳ සොයා ගැලීමේදී විවිධ වියතුන් උත්සුක වූ බව පෙනේ.
ඒ අනුව ඉන්දීය ශිලා ලේඛන වල ආරම්භය ඍග් වෛදික යුගය තෙක් ඇදී යයි. ඊටත් පෙර කාලයක සලකුණු ප‍්‍රකට කරන ලිපියක් සොයාගෙන ඇත. බෝගස් කෝයි (ඊදටයමි ජදස* නමැති ස්ථානයෙන් සොයා ගෙන ඇති ශිලා ලේඛනය විශේෂම ශිලා ලේඛනයක් ලෙස හැඳින්විය හැක. එය දැනට හමුව ඇති පැරණිම ශිලා ලේඛනය ලෙස නම් කළ හැක. හිමසිට් හා මිතානි යන රාජ වංශ දෙක අතර වූ ගිවිසුමකට අනුව මෙම ශිලා ලේඛනය රචනා වී ඇත. විශේෂයෙන්ම පැරණි භාරත විද්‍යාව පිළිබඳ අධ්‍යනයේදී මෙම ලිපිය වැදගත් වේ. ඍග් වෛදික සමය තුළ අතිශය බල පරාක‍්‍රමයෙන් යුකත් වූ වරුණ දෙවියා පිළිබඳ මෙන්ම එවැනිම සම්භවයක් සහ විශේෂත්වයක් ඇති මිත‍්‍ර දෙවියන් පිළිබඳ මෙයින් කරුණු ඉදිරිපත් වේ. ඒ අනුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ කරුණු ඉදිරිපත් වන මෙම ලිපිය ඉන්දීය ශිලා ලේඛන ඉතිහාසය අධ්‍යනයේදි පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන අයුරු පෙනී යයි.
භාරතයේ මීල`ගට වැදගත් වන ලිපි සමුච්ඡුය ලෙස බුද්ධකාලීන ප‍්‍රාකෘත ලිපි හැඳින්විය හැක. ඉන් පළමු වැන්න ලෙස බුද්ධකාලයේ පූර්ව භාගයට අයත් වූවක් ලෙස සැළකෙන ජේතවන විහාර භූමියෙන් විසිතුරු ශිලා ස්ථලය හැඳින්විය හැක. රෝපිත වෘක්‍ෂයන් හා අතරතුර රන්කාසි අතුරා ඇති ආකෘතියත් බොහෝ කැටයම් සමූහයකින් විචිත‍්‍රවත් කොට ඇති මෙම ශිලා ලේඛනයේ ඉහළ කොටසේ බ‍්‍රාහ්මීය අක්‍ෂර වලින් ‘ගන්ධ කුටි’ යන වචනය කොටා ඇත. එම ලිපියේ ‘ජේතවනං අනාථ පිණ්ඩිකෙන කොටි සත්තිතෙන දේති ඛෙමං’ යනුවෙන් ජේතවනය අනාථ පිණ්ඩික විසින් කෝටි ගණන් රන් මිල ඇතිරීමෙන් ක්‍ෂේමය හෙවත් නිර්වාණය පිණිස දෙයි යන්න එහි අදහසයි. අනේපි`ඩු සිටුතුමා ජේතවනාරාමය රන් කල අටක් ගෙවා මිලදී ගත් උද්‍යාණයෙහි ස්ථාපිත කළ බව මුල් බුදුසමය තුළ ද සඳහන් වේ. එම කරුණ පිළිබඳ පැරණිම ශිලා ලේඛන සාධයක් ලෙස මෙය හඳුනා ගත හැක.
දෙවන ලිපිය ලෙස තව්තිසා දෙවුලොව පැවැත්වූ අභිධර්ම දේශනාව ගැන කියැවෙන අභලේඛනය හැඳින්විය හැක.
‘සුධමා දෙව සභා භගවතො සුරමහා’
‘භාග්‍යවතුන් වහන්සේගෙන් සහ මහා දේව සමූහයාගෙන් සැදුම්ලත් සුදර්මා දේව සභාව’
බුද්ධ කාලීන ප‍්‍රාකෘතයෙන් රචිත බව ප‍්‍රකාශ කළ ද මාගධ ලක්‍ෂණ මෙම ලිපියෙන් ප‍්‍රකට වේ. මේ අනුව අභිලේඛන වලට සම්බන්ධ මීල`ග ලිපිය ලෙස බුද්ධ කාලීන බ‍්‍රාහ්මණ ලිපිය හැඳින්විය හැක. මිහිඳු හිමියන්ගේ ජන්ම භූමිය වූ වේදිසාවේ බුද්ධ කාලීන රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරන ලද ස්ථානවල ලිඛිත සටහන් මේ යටතේ ගණනය කළ හැක.
‘සපුරිස්ස මහා කචනච අජිවාසිනො සොතය’
‘සපුරිස සරිපුථස සපුරිස්ස මහා මොගලනය’
‘සපුරිස්ස කොඩලී පුනච උපහිත කස’
යනුවෙන් ඒවායේ තොරතුරු ඇතුළත් වේ. මින් අනතුරුව දඹදිව මධ්‍ය මණ්ඩලයේ සාක්‍ය ජන පදයට අයත් කපිලවස්තුවේ පැරණි දාගැබක තිබී හමුවූ කර`ඩුවක් වටා බ‍්‍රාහ්මී අක්‍ෂර විලාශයකින් විරචිත අභිලේඛනය හැඳින්විය හැක. මෙය හතරවැන්න ලෙස අපට හඳුනාගත හැකිය.
‘ඉයං සලිල නිධනෙ බුදස භගවාතො සඛියානං සුඛිත් බතානං සභගීකානං සසුත ගලන’
‘භාග්‍යවත් වූ බුදුරදුන්ගේ මේ ශරීර නිධාන ධාතු යහපත් ජීවිතයක් වර්ධනය කළ පෝෂණය කළ භගිනීන් සහිත වූ පුත‍්‍ර දරුවන් සහිත වූ සාක්‍යයින්ගේ ක‍්‍රියාවක්’
යනුවෙන් මෙම ලිපියේ සඳහන් වේ. මීට අමතරව අශෝක ශිලා ලේඛන වලට පෙර ලිපි කිහිපයක් ද හමුවේ. ්ජය් මේරියන් වරුන්ගේ ලිපි ඒ අතර වැදගත් වේ. මෙම ලිපි ක්‍මබසැ ත්‍දරප යන අක්‍ෂර විශේෂය උපයෝගී කරගෙන විරචිත බව සඳහන් වේ. ඒ අතර ඡුැරිස චදකසි අභිලේඛනය ්‍ය්ප්ට්බ රන් රජත පූරු ලිපිය පැරණි පර්සියානු භාෂා විලාශය ගෙන හැරපායි. තවද චම්පුකාව්‍ය ආරම්භය සම්බන්ධයෙන් කාව්‍යමය ශිලා ලේඛන ද වැදගත් වේ. එයින් ඉතා පරණිම ශිලා ලේඛනය ලෙස ගිරිනාර් ප‍්‍රශස්තිය හැඳින්විය හැක. මෙය ක‍්‍රි: ව: 150 ආසන්නයේ දී ලියැවී ඇත. පළමු රුද්‍රදාමන් රජු පිළිබඳ මෙයින් කියැවෙන අතර ඉතා දික්වූ සමාස පද මෙහි දක්නට ලැබේ. මෙහි සුදර්ශන නම් වැවක් ප‍්‍රතිසංස්කරණය පිළිබඳ කරුණු සඳහන් වෙයි. නාසික් ලිපිය ද කාව්‍යමය ශිලා ලේඛන අතර වැදගත් වේ. ප‍්‍රාකෘතයෙන් රචිත මෙය සාතවාහන රජුගේ 19 වන වර්ෂයට අයත්ය.


අශෝක ශිලා ලේඛන වල ව්‍යාප්තිය

අශෝක රජු තම ලිපි තුළ තමන් ‘දේවානංපිය පියදසි’ යන නාමයෙන් තමන් හඳුන්වා දී ඇත. මෞර්ය වංශයට අයත් රජෙකු වූ අශෝකයන් ක‍්‍රි: පු: 274 - ක‍්‍රි: පු: 232 දක්වා කාලයට තුළ භාරත දේශය පාලනය කළහ. දැනට මොහු විසින් දේශසීමා තුළ පිහිටුවා ඇති ශිලා ලේඛන හතළිහක් පමණ දක්නට ලැබේ. මෙයින් ප‍්‍රධානතම තුදුස් ලිපියෙහි පිටපත් ගිර්නාර්, කල්සි, ෂබාර්ගර්හි මන්සේහ්රා, ධෞලි, ජෞගදා සහ සොපාරා යන ස්ථානයන්හී දක්නට ලැබේ. මේ ලේඛන ලියා ඇත්තේ මාගධී ප‍්‍රාකෘතයෙනි. ලිවීම සඳහා බෙහෙවින් භාවිත කොට ඇත්තේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයි. ඛරොෂ්ඨි අක්‍ෂර ද කලාතුරකින් යොදාගෙන ඇත. අශෝකයන්ගේ කාලය සඳහන් වී ඇත්තේ අභිෂේක වර්ෂ වලිනි. බිංදුසාර රජු මිය ගොස් අවුරුදු හතරකට පසුව අශෝක රජු රාජ්‍යත්වයට පත්වී ඇත. මෙම තුදුස් ගිරි ලිපි පිටපත් වල ස්වරූපය පැහැදිළිව ආරක්‍ෂා වී ඇත්තේ කාල්සි ගිරි ලිපියෙහිය.

ගිර්නාර්
කථියවාර් අර්ධද්වීපයේ පිහිටි ජුනාගර් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය ජුනාගර් වේ. ඊට සැතපුමක් තරම් දුරින් මේ නමින් යුත් කන්දක් පිහිටා ඇත. ඒ කන්ද වටා ඇති නිම්නයේ පිහිටි කපොල්ල ආසන්නයේ ගල්පරයක් හමුවේ. එය අඩි 15 ක් පමණ උසින් ද අඩි 75 ක් පමණ වටයෙන් ද යුක්තය. හැඩයෙන් කෝණාකාරය. එහි මතුපිට වර්ග අඩි 100 ක් පමණ කොටසක අශෝක ධම්ම ලිපි කොටා ඇත. මෙහි ලිපි 14 ක් සඳහන් වෙයි. තීරු දෙකකට බෙදා අකරු කොටවා ඇත. ඒවා එකිනෙකින් වෙනස් කොට ඇත්තේ හරස් රේඛා වලිනි. වම් තීරුවේ I සිට V තෙක් ලිපි ද, දකුණු තීරුවේ VI සිට VI සිට XII තෙක් ලිපි ඇතුළත් වේ. XIII සහ XIV ලිපි දෙක V සහ XII ලිපි වලට පහළින් කොටා ඇත. පාරක් තැනීමට ගල් කැඞීම නිසා, V සහ XIII බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.
අශෝක අධිරාජයාගේ ලිපි වලට අමතරව මහාක්‍ෂත‍්‍රය රුද්‍රදාමන්ගේ ලිපියක් ද මේ ගල් පර්වතයෙහි දක්නට ලැබේ. එහි තිබෙන සුදර්ශන තටාකය ගැන විස්තර ඉන් කියැවේ. මෙම ලිපියෙන් ගිර්නාර් කඳුවැටිය උර්ජයන් යන නමින් හඳුන්වා ඇත. චන්ද්‍රගුප්ත රජුගේ ලිපියක් ද මේ ගල් පර්වතයෙහි ඇතුළත් වේ. සුදර්ශන තටාකය ක‍්‍රි: ව: 456/7 පමණේදී ප‍්‍රතිසංස්කරණය කළ බව ඒ ලිපියෙන් සඳහන් වෙයි. විල්සන් ප`ඩිතුමාගේ ප‍්‍රයෝජනය සඳහා මේ ලිපි ලදං නැමැත්තෙකු විසින් 1835 දී ප‍්‍රථම වරට පිටිපත් කර ගන්නා ලදි.

ෂාඃබෂ්ගර්හි ගිරි ලිපිය
ඉන්දීය වයඹ දිග ප‍්‍රාන්තයේ පැලඩොර් දිස්ත‍්‍රික්කය හා බද්ද යුසුෂ්ෂායි ප‍්‍රදේශයේ පාලන මධ්‍යස්ථානය ඔර්දාන් ය. ඊට සැතපුම් නවයක් ඈතින් ගලා යන මකම් නදි බඩ පිහිටි ගම ෂාඃබෂ්ගර් නම් වේ. මීට සැතපුමක් දුරින් අශෝක ධම්ම ලිපි කෙටූ පර්වතයක් පිහිටා ඇත. ලිපිය කෙටූ ගල් පර්වතයේ උස අඩි 80 කි. බෑවුමේ නැෙ`ගනහිර පැත්තේ I සිට XI තෙක් ලිපි පිහිටා ඇත. XIII සහ XV යන ලිපි බටහිර බෑවුමේ පිහිටා තිබේ. XII ලිපිය ආසන්නයේ වෙනත් ගල් පරයක් දක්නට ලැබේ.
මුලදී ඉන්දු බැක්ටි‍්‍රයන් හෙවත් අරියානෙ - පාලි නමින් හඳුන්වන ලද අක්‍ෂර විශේෂයක් මේ ලිපි නෙලීම සඳහා භාවිත කොට ඇති බව මුලින් සඳහන් කොට ඇත. ඛරෝෂිටි යන පෞරාණික නිවැරදි නාමය මේ අක්‍ෂර විශේෂයට පැවරීමේ ගෞරවය ජී. බ්‍යුලර් ප`ඩිවරයාට හිමි වේ. මේ ලිපිය 1836 දී රංජිත් සිං නම් මහ රජුගේ සේවක එම්. කෝටි විසින් මේ ලිපිය සොයා ගන්නා ලදි.

මන්සේහ්රා ගිරිලිපි
ඉන්දියාවේ වයඹ දිග ප‍්‍රාන්තයේ හසාරා දිස්ත‍්‍රික්කයේ මාන්සේරා නගරය පිහිටා ඇත. එයට උතුරු දිගින් පිහිටි ගල් පර්වත තුනක අශෝක ධම්ම ලිපි පිහිටා ඇත. පළමුවන ගල් පර්වතයේ I සිට VIII දක්වා ලිපි ද, දකුණු මුහුණතේ XII ලිපිය ද, තෙවන ගල් පර්වතයේ XIII සහ XV ලිපි ද කොටවා තිබේ. කනිංහැම් මේ ලිපි සොයා ගන්නා ලදි.

ධෞලි ගිරි ලිපි
ඔරිස්සාවේ බුර්දා නම් ජනපදයේ පිහිටි භවනෙශ්වර නගරයට සැතපුම් හයක් පමණ දකුණින් ධෞලි නම් ගමේ මෙම ලිපිය පිහිටා ඇත. ලූතිතන් කිත්තෝ 1837 දී සොයා ගන්නා ලද ධෞලි ලිපි වලට ඔහු විසින් අස්වස්තම යන නාමය දෙන ලදි. ද්‍යා නදියේ දකුණු ඉවුරෙහි පිහිටි ගිරි පොකුණකට අයත් එක් ගල් පරයක මේ ලිපිය කොටා ඇත. මෙහි පනාබැම්මක ඇත් රුවක් කොටා ඇත. ගිරිනාර් ලිපියට සමානකමක් දැක් වුවද මෙහි ගිරිනාර් ලිපියෙහි නොමැති ලිපි දෙකක් සොයාගෙන ඇත. තීරු තුනකින් යුක්ත මෙම ධෞලි ලිපිය මැද තීරුවේ I සිට VI දක්වා ලිපි ද, දකුණු තිරුවේ VII සිට X දක්වා ලිපි සහ XIV ලිපිය ද අන්තර්ගත වේ.


ජෞගදා ගිරි ලිපි
බෙර්ගම්පුර් නාලක නම් පැරණි බල කොටුව මදුරාසියේ පන්ජාබ් දිස්ත‍්‍රික්කයේ පිහිටියේය. එම බල කොටුව වත්මනේ ජෞගදා යන නමින් හැඳින්වේ. විවිධ උසින් යුත් ගල් පර දක්නට ඇති මෙහි ඉන් සකස් කළ පුවරු තුනක අශෝක ධම්ම ලිපි කොටා ඇත. පළමුවන පුවරුවේ I සිට V දක්වා ලිපි ඇතුළත් වේ. දෙවන පුවරුවේ VI සිට X දක්වා ලිපි දක්නට ලැබේ. තුන්වන ලිපියෙහි ඇත්තේ ධෞලි ලිපියේ අමතර ලිපි දෙකෙහි අනුපිටපත්ය. මේ ලිපි දෙක රේඛා රාමුවකින් වෙන් කොට ඇති අතර ලිපි දෙක මුදුනෙහි දෙකොණෙහි ස්වස්තික ලකුණ කොටා ඇත. තව ද පහළ ඇති ලිපියේ ඉහළ කොන් දෙකෙහි ‘ම’ අක්‍ෂර රූපය කොටා ඇත.
අශෝක රජුගේ ධර්මයාත‍්‍රා පිළිබඳ දැක්වීමට රුමින්දේයි සහ නිග්ලිව ටැම්ලිපි පිහිටුවා තිබේ. VIII වන ගිරි ලිපිය බුද්ධගයාව පිළිබඳ මෙන්ම වෙනත් කරුණු අලලා රචනා කොට ඇත. මෙම ලිපි තුළ කාලිංග ආක‍්‍රමණය පිළිබඳ සඳහන් කර ඇත්තේ ද ජනතාවට උපදෙසක් දීමේ අපේක්‍ෂාවෙනි. එසේම සිද්ධපුර, මස්කි හා එරගුඩි යන ස්ථානවල ඇති ශිලා ලේඛන වලදි පිටස්තර රට වැසියන්ට ආමන්ත‍්‍රණය කොට ඇත. පරිපාලන ප‍්‍රතිපත්ති අඩංගු ලිපි පිහිටුවා ඇත්තේ දේශසීමා ආසන්නවය. කාලිංග ලිපිය තුළින් යුද්ධයෙන් පසු ඇති වූ කම්පාව සහ එම රට නැවත යථා තත්ත්‍වයට පත්කිරීම පිළිබඳ සඳහන් වේ. සංඝභේදය පිටු දැකීම සඳහා සාරානාත් ලිපිය රචනා කොට ඇත. කොශම්බි සෙල්ලිපියෙන් ද මහාමාත‍්‍රවරුන්ට මෙබඳුම උපදෙසක් ලබා දී ඇත. රාජපුතානාහි හාබ‍්‍රා සෙල්ලිපියෙන් බුද්ධ ධර්මයට අදාළ කරුණු විස්තර කොට තිබේ. එහිදී ‘‘විදිතෙ වෙභංතෙ ආවතකෙ හමා බුධයි ධංමසි සංඝසි ති ගාලවෙ චං පසාදෙ ච’’  මෙයින් බුද්ධ ධර්මය කෙරෙහි සහ භික්‍ෂූන් වහන්සේ ලා විෂයෙහි රජු තුළ පැවති ආකල්පය පැහැදිළි වේ. එමෙන්ම IV වැනි ගිරිලිපියේදී ඉන්දීය සමාජ සංකල්පයන් විග‍්‍රහ වී ඇත.
එමෙන්ම ‘‘සත්‍යය, දයාව, සුවච බව, මෘදු බව, සාධු බව, අපවෘතාව, සංයමය, භාවශුද්ධිය, කෘතඥතාව, දෘඪභක්තිය වැනි ධර්ම ගුණ අශෝක සෙල්ලිපි තුළ ගබඩා කර ඇත’’  විශේෂයෙන්ම II වන ගිරි ලිපයට අනුව බලන විට සත්ත්‍ව ඝාතනය සමුපූර්ණයෙන්ම තහනම් කොට ඇත. එමෙන්ම ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්‍ථවලට අනුව විවිධ සමාජ සුභ සාධන ක‍්‍රියා සිදුකොට ඇත. එමෙන්ම IX වන ගිරි ලිපියෙන් දාසයන්ට සැළකීම මෙන්ම ගුරු, බ‍්‍රාහ්මණාදීන්ට සැළකීම පිළිබඳ කරුණු සඳහන් වේ.
තුදුස් ගිරිලිපි පද්ධතියේ පිටපතක් වශයෙන් කාල්සි ගිරි ලිපි 1860 දී පොරස්ට් නමැති ගවේෂකයෙකු විසින් සොයාගෙන ඇත. කනිංහැම් පුරාවිද්‍යාඥයා විසින් බලා ලියා ගත් පිටපත පාදක කර ගෙන බ්‍යුලර් ප`ඩිවරයා කාල්සි කියවා සංස්කරණය කොට ඉංග‍්‍රීසි අනුවාදයක් නිකුත් කොට ඇත. කාල්සි ලිපි මාලාවේ 13, 25, 29, 33, 36, 38 යන පේළි කිහිප තැනකම ‘විරාම’ ලක්‍ෂණයක් දක්නට ලැබේ. ඒ අනුව තුදුස් ගිරි ලිපි පිළිබඳ කාල්සි ගිරි ලිපි පිටපත් ආශ‍්‍රයෙන් විමසිමක් කිරීම වැදගත් වේ.



I වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් කිසියම් සතෙකු නැසීම හෝ බිලි දීම නොකළ යුතු බව පෙන්වාදී තිබේ. එමෙන්ම සමාජ උත්සව නොපැවැත්විය යුතු බව ද දක්වයි. එමෙන්ම රජතුමාගේ මුළුතැන්ගෙහි ආහාර සඳහා සතුන් ඝාතනය කිරීමේ ප‍්‍රමාණය ද අඩු කොට ඇති බව මෙයින් ප‍්‍රකාශ වේ. එහිදී එක් මුවකු සහ මොනරුන් දෙදෙනකු පමණක් මරණ ලද අතර පසුව එම සතුන් තිදෙනා ද නොමැරූ බව සඳහන් වේ. ‘‘පුලෙ මහානසසි දෙවානංපියසා පියදසිසා ලාජිනෙ අනුදිවසං බහුනි පානසහසානි අලංහියිසු සුපඨායෙ සෙ ඉදානි යදා ඉයං ධංමලිපි ලේඛිතා තදා තිංනි යෙවා පානානි අලහියංති’’  යනුවෙන් ඒ බව දක්වා ඇත.

II වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් මිනිසුන්ට සහ සතුන්ට ප‍්‍රයෝජනවත් ආරෝග්‍ය ශාලා නිමවූ බව සඳහන් වේ. ‘‘...දෙවානංපියසා පියදසිසා ලාජිනෙ දුවෙ චිකිසකා කටා මනුසචිකිසා චා පසුචිකිසා චා....’’  එමෙන්ම මිනිසාට සහ සත්ත්‍වයන්ට අවශ්‍ය ඖෂධ වර්ග, මුල් සහ අල වර්ග වගා කළ බව මෙයින් දැක්වේ.

III වන ගිරි ලිපිය
මෙම ලිපියෙන් යටත් විජිත කරා තම ධර්ම මහාමාත්‍යවරුන්ට පිවිසීමට අණ කළ බවත් එසේ ගොස් ‘‘මාත පිතිසු සුසුසා මිතසංථුතනාතික්‍යානං....’’  ආදී වශයෙන් මවුපියන්ට සුවච වීම, මිත‍්‍රයන්ට, බ‍්‍රාහ්මණයන්ට, ශ‍්‍රමණයන්ට දානශීලී වීම, ප‍්‍රණ ඝාතයෙන් මිදීම ආදී විවිධ කරුණු පිළිබඳ මෙයින් අවධාරණය කොට ඇත.

IV වන ගිරි ලිපිය
අතීතයේදී සත්ත්‍ව ඝාතන සහ සමාජ විෂමාචාර වර්ධනය වූ අයුරු සහ ඒවා ක‍්‍රමයෙන් දුරු කොට රාජ පරම්පරාවම දැහැමි වීම පිළිබඳ මෙයින් කරුණු අනාවරණය වේ. ‘‘...අජා දෙවානංපියසා පියදසිනෙ ලාජිනෙ ධංමචලනෙනා භෙලිඝොසෙ අහො ධංමඝොසෙ විමනදසනා’’  පෙර පැවති ප‍්‍රචණ්ඩත්වය වෙනුවට රජු ධාර්මික වීමත් සම`ග යුධ බෙරය වෙනුවට දහම් බෙරය වාදනය වී සමාජය යහපත් වූ ආකාරය මෙයින් පෙන්වා දී ඇත.

V වන ගිරි ලිපිය
මෙම ලිපියෙන් කුසල් කිරීමේ අපහසුව සහ අකුසල් කිරීමේ පහසුව පෙන්වා දෙයි. එමෙන්ම ධර්ම මහාමාත‍්‍රවරුන් විසින් විවිධ දේශයන්හී ධර්ම ප‍්‍රචාරයෙහි සැරිසරණ ආකාරය මෙන්ම ඔවුන් අසරණ පුද්ගලයන්ට මුදලින් පවා අධාර කළ අයුරු මෙයින් පෙන්වා දෙයි.

VI වන ගිරි ලිපිය
මෙහිදී ජනතාවට ප‍්‍රශ්නයක් ඇති විට එය රජු කුමන කාය්‍ය–යක යෙදී සිටිය ද සැළකිරීමට මෙයින් අවසර දී ඇත. ඒ අනුව ‘‘...ඔලොධනසි ගභාගාලසි වචසි විනිතසි උයානසි සවතා පටිවෙදකා....’’  රජු අන්තඃපුරයෙහි, ඇතුළු ගැබෙහි, වැසිකිළියෙහි, දෝළාවෙහි, උයනෙහි, සෑම වේලාවකම සහ සෑම තැනකදීම ජනතාවගේ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා තිබුණි. රජු මෙම ලිපියට අනුව සියලූ ලෝකයාගේ යහපත පිණිස කටයුතු කොට ඇති අයුරු මනාව පිළිබිඹු වේ. මෙම යහපත් ක‍්‍රියා රජු තම දරුවන් විසින් ද අනුගමනය කිරීමට උත්සහ කිරීම පවා යහපත් කොට සැළකීය.

VII වන ගිරි ලිපිය
මෙයින් සියලූ තැන්හී වාසය කරන පාසාණ්ඩයන් සම`ගියෙන් විසිම අපේක්‍ෂා කළහ. එමෙන්ම ඔවුගේ ශීලය අගය කොට සළකා ඇත.

VIII වන ගිරි ලිපිය
මෙම ලිපියට අනුව රජු දඩකෙළියේ යාම වෙනුවට සම්බෝධිය වන්දනාවේ ගිය අයුරු දක්වා ඇත. එය සිදුව ඇත්තේ අභිෂේකයෙන් දහවන වර්ෂයේය. මෙහිදී සම්බෝධි වන්දනයට යන අතර ම`ගදී විවිධ ශ‍්‍රමන බ‍්‍රාහ්මණ ප`ඩිවරු සහ ජනතාව සම්මුඛ වී සාකච්ඡුා කළ බව සඳහන් වේ.

IX වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් විවිධ නිෂ්ප‍්‍රයෝජන විවාහ ආදී උත්සව පැවැත්වීමේ ඵල රහිත භාවය පෙන්වා දී ඇත. එමෙන්ම ධර්ම උත්සව (ගුරුවරු, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණ ආදීන්ට කරණ යහපත් උපකාර* පැවැත්වීමෙන් මෙලොව පරලොව විපාක ලැබෙන අයුරු පෙන්වා දි ඇත.
X වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් අශෝක රජුගේ ධර්මෝපදේශයන් ජනතාව අසා ඒවා පිළිපදින්නේ නම් යහපත් බව දක්වා ඇත.

XI වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් ධර්ම දානය, ධර්ම චරියාව, ධර්ම සම්බන්ධය විනා වෙනත් දානයක් නොමැති බව දක්වා ඇත. ‘‘...නථි හෙවිෂෙ දානෙ අදිෂ ධංමදානෙ ධමෂවිහගෙ ධංමෂංබධෙ....’’  යනුවෙන් පැහැදිළි වේ.




XII වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් අගමික සහජීවනය ඇති කළහ. ඒ සඳහා රජු අනුගමනය කළ යුතු ක‍්‍රියා ජනතාවට දැනුවත් කොට ඇත. අන්‍ය පූජකයන් සහ ආගම් හෙළා නොදැක තම ආගම ඇදහීම වැදගත් වන බව දක්වා ඇත.

 XIII වන ගිරි ලිපිය
මෙහිදී අශෝක රජු කාලිංගය දිනීමෙන් පසු සතුටක් නොලද බවත් එම පසුතැවීම දුරුකර ගැනීමට නොයෙකුත් සමාජ සේවා ඔහු දියත් කොට ඇති බවත් මෙම ලිපියෙහි සඳහන් වේ. එමෙන්ම යුධ ජයග‍්‍රහණයට වඩා ධර්ම විජයෙන් ලැබෙන සතුට ගැඹුරු බව ද පෙන්වා දී ඇත. ‘‘ එතකෙනා හොති සවතා විජයෙ පිතිලසෙ සෙ ගධා සා හොති පිති පිති ධංම විජය’’  එමෙන්ම ධර්ම ප‍්‍රචාරණ ක‍්‍රියාවලිය විවිධිමත්ව සිදුවූ අයුරු ද මෙම ලිපියෙන් පැහැදිළි වේ.

XIV වන ගිරි ලිපිය
තමන් විසින් ඇති කළ ශිලා ලේඛන පිළිබඳ මෙහිදී දක්වා ඇත.
ඒ අනුව මෞර්ය අභිලේඛන අතර බහුතරයක්ම අශෝක ශිලා ලේඛන බව පෙනේ. උතුරු ඉන්දියාව පුරාම මේ ආකාරයෙන් පැතුරුණු ශිලා ලේඛන සමූහය බ‍්‍රාහ්මීය අක්‍ෂර මාධ්‍ය කොට ගෙන රචනා වී ඇත. එමෙන්ම දකුණු ඉන්දියාවෙන් ද හමුවන ශිලා ලේඛන කිහිපයක් වෙත අපේ අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙම ලිපි වල බ‍්‍රාහ්මීය අක්‍ෂර මාධ්‍ය වුවද භාෂාත්මක වශයෙන් ගත් කල ද්‍රවිඩ භාෂාවේ පැරණිතම අවධිය පෙන්නුම් කෙරේ. තවද මෙම ලිපි වල ජෛන සහ බෞද්ධ දර්ශන වල ව්‍යාප්තිය ද පෙන්නුම් කෙරේ. කෘෂ්ණ මිටියාවතේ බුදුදහම තදින් ව්‍යාප්ත වී ගිය බන පෙනේ. මේ පිළිබඳ කරුණු එහි හමුවූ ධාතු කර`ඩුවකින් අනාවරණය වී ඇත. මෙම ශිලා ලේඛන 06 වන සියවසෙන් පසුව වර්ධනය වූ බව සඳහන් වේ.
ආගමික තොරතුරු ඇතුළත් ශිලා ලේඛන බහුලව දැකිය හැකි අතර විශාල පරිත්‍යාග, ප‍්‍රතිග‍්‍රහකයන් බදු වලින් නිදහස් කිරීම, ඔවුන් අයත් විශේෂ අයිතිවාසිකම්, ආණ්ඩුක‍්‍රම සංවිධාන සහ ප‍්‍රතිපත්ති පිළිබඳ ද මෙම ලිපි වල කරුණු ඇතුළත් වේ. එහිදී පළමු චෝල අධිරාජයන්ගේ දේවල බිත්ති වල ඇති ලිපි වලින් ආර්ථික කරුණු, රාජ්‍යයෙහි ශ්‍රේෂ්ටත්වය ආදි විවිධ කරුණු පිළිබඳ සඳහන් වේ. තවද දකුණු ඉන්දීය ශිලා ලේඛන අතර වීරරාජේන්ද්‍රගේ තිරුමුක්කුඩල් ශිලා ලේඛනයේ ආරෝග්‍ය ශාලාවක තත්ත්වය පිළිබඳ සඳහන් වේ. එමෙන්ම කාකටීය ධනපතිගේ මොට්ටුපල්ලි නම් ශිලා ලේඛනයේ මුහුඳු බඩ වෙළදාම පිළිබඳ සඳහන් වේ. මේ අනුව ද්‍රවිඩ සාහිත්‍යය ද වැදගත් ශිලා ලේඛන සමුදායකින් පෝෂිතය.





ගුප්ත යුගයේ ශිලා ලේඛන

ගුප්ත යුගයේ ආරම්භකයා ලෙස චන්ද්‍රගුප්ත රජු හඳුන්වනු ලැබේ. කුමාර දේවී නම් ලිච්ඡුවී කුමාරිකාවක් සරණපාවා ගත් අතර ඔහු විශාල ප‍්‍රදේශයක රජු වශයෙන් කටුයුතු කොට ඇත. මොහුගෙන් පසුව ඔහු පුත් සමුද්‍ර ගුප්ත රජු බවට පත් විය. මොහු පිළිබඳ අධ්‍යනයේදී අලහබාද් ප‍්‍රශස්තිය වැදගත් වේ. ඉන් අනතුරුව සමුද්‍ර ගුප්තගේ පුත් දෙවැනි චන්ද්‍රගුප්ත රාජ්‍ය උරුමකර ගත්හ. ඊට පසුව කුමාරගුප්ත සහ ස්කන්ධගුප්ත යන රජවරු රාජ්‍යත්වය ලබා කටයුතු කළහ. ස්කන්ධගුප්තගේ කාලයේ ගුප්ත යුගය පරිහාණියට පත් වූ බව සඳහන් වේ. ශිලා ලේඛන තුළින් ගුප්ත යුගයේ ඉතිහාසය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැක. මෙම ගුප්ත ඉතිහසයේ කාල නිර්ණයට නම් මෙම ශිලා ලේඛන අනුශීලනය අත්‍යාවශ්‍ය වේ. සෑම රජෙකුගේම පාහේ රාජ්‍ය කාලයට අයිති ලේඛන කිහිපයක් ලැබෙන අතර ඒවා විශේෂයෙන්ම ගුප්ත යුගයේ ඉතිහාසය අධයනයෙහි ලා වැදගත් වේ. ‘‘ගුප්ත ලේඛන විශේෂයෙන්ම ශිලා ස්තම්භ හා තඹපත්වල කොටා තිබේ. සෑම ලේඛනයකම ප‍්‍රශස්ති ලේඛකයාත්, රජු හා ඔහුගේ පූර්ව වංශාවලීන් පිළිබඳ කරුණු ඇතුළත් වේ’’  පාලකයාගේ කීර්තිය වර්ධනයෙහි ලා මූලික වන්නා වූ කරුණු ඇත්නම් ඒවා පිළිබඳ විශේෂ උත්සහයෙන් මෙම ලිපි තුළ ප‍්‍රශංසාත්මක වදන් මුවට නංවා වර්ණනාවට බඳුන් කොට ඇත.
හරිෂේණ කවියා ප‍්‍රයාග ලේඛනයෙහි සමුද්‍රගුප්ත රජුගේ දිග් විජය පිළිබඳ වර්ණනාවක් කොට ඇති අතර ඔහුගේ දානශීලිත්වය සහ පාණ්ඩිත්‍යාදී ගුණයන් සම`ග ඔහුගේ වංශය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කොට ඇත. එමෙන්ම අලහබාත් ප‍්‍රශස්තිය ද ඉතා ප‍්‍රසිද්ධ ලිපියකි. හරිසේන නම් කවියෙක් ක‍්‍රි: ව: 04 වන සියවසේ මෙය රචනා කොට ඇත. ගද්‍ය පද්‍ය දෙකෙන් මිශ‍්‍ර මෙය චම්පුකාව්‍යයේ ආරම්භය ප‍්‍රකට කරයි. පද්‍ය අටකින් ආරම්භ කොට ඇති මෙය ඉන් පසුව දීර්ඝ ගද්‍ය කොටසකින් ද ඉන්පසුව නැවතත් පද්‍ය කොටසක් ද දක්නට ලැබේ. ගද්‍ය පද්‍ය විරුද්ධව යෙදීම විරුද්ධ කාව්‍යයන්ගේ ලක්‍ෂණය වන නිසා විරුද කාව්‍ය පිළිබඳ ද මෙම අලහබාද් ප‍්‍රශස්තිය වැදගත් කමක් උසුලයි. දෙවන චන්ද්‍රගුප්ත රජු පිළිබඳ තොරතුරු ඇතුළත් උයද ගිරි ලෙන් ලිපිය ලියවී ඇත්තේ ක‍්‍රි: ව: 401 දී පමණය. වීරසේන නැමැත්තෙකු මෙය රචනා කොට ඇත. ගද්‍යයෙන් සහ පද්‍යයෙන් යුක්ත ලිපියක් ලෙස බිල්ෂාඞ් සෙල්ලිපිය නම් කළ හැක. චම්පු කාව්‍ය ආරම්භය ප‍්‍රකට කරන මෙම ශිලා ලේඛන අතර පද්‍ය රහිත කිසිදු ප‍්‍රශස්තියක් සොයා ගැනීමට අපහසුය. සාමාන්‍යයෙන් මෙම ශිලා ලේඛන පිහිටුවා ඇත්තේ මහජනතාව සඳහාය. ඒ අනුව ඔවුනට මේවා මැනවින් , සරලව සහ රසවත්ව කීමට මෙම ගද්‍ය පද්‍ය ක‍්‍රමයන් භාවිත කළ බව තීරණය කළ හැක. මේ අනුව චම්පුකාව්‍ය වල ආරම්භක අවස්ථාවක් මෙම ප‍්‍රශස්ති කාව්‍ය ගණයට වැටෙන කාව්‍යමය ශිලා ලේඛන තුළ දක්නට ලැබේ.
භිතරී ලේඛනයෙහි ප‍්‍රශස්තිකරු විසින් ස්කන්දගුප්ත විසින් හූණයන් පරාජය කිරීම පිළිබඳ මනහර වර්ණනාවක් කොට ඇත. මෙම කරුණු වලට අමතරව මෙම ගුප්ත ලේඛන වලින් පාලන තන්ත‍්‍රය පිළිබඳ කරුණු අධ්‍යනය කිරීමට ද හැකියාව ඇත. දාමෝදර පුරයේ (උතුරු බෙංගාලය* තඹපත්වලින් ද, වෛශාලියෙන් ලැබුණු මුද්‍රා වලින් ද (ීැ්කි* ගුප්ත යුගයේ පාලන ත්නත‍්‍රය මැනවින් අධ්‍යයනය කළ හැක. මෙම ලේඛන වල මංගලාචරණ ශ්ලෝක තුළින් ද, කොටා ඇති ශ්ලෝක ම`ගින් ද තත්කාලීන ආගමික විචාරයන් පිළිබඳ අධ්‍යනය කළ හැක. ඒ ඒ ලේඛනයන් ලැබී ඇති ස්ථානවලට අනුව ගුප්ත යුගයේ ව්‍යාප්තියේ ස්වරූපය වටහා ගත හැක. ඒ අනුව ගුප්ත යුගයේ සම්භවය සහ අවනතිය පිළිබඳ කාලය නිර්ණයේ දී මෙම ශිලා ලේඛන වලින් ලැබෙන සාක්ෂ්‍ය වැදගත් වේ.  ලේඛනයන් ලියා ඇති තිථි වල උපකාරයෙන් ගුප්ත අධිරාජයන්ගේ තිථි ක‍්‍රම පිළිබඳ අධ්‍යනය පහසු වේ. එමෙන්ම සමාජ, ආර්ථික සහ දේශපාලනිකාදි කරුණු පිළිබඳ ද මෙම ලේඛන තුළින් අධ්‍යයනය කළ හැක. එමෙන්ම ගුප්ත යුගයේ සංස්කෘත ඉතිහාසය අධ්‍යයනයෙහි ද මහ`ගු රුකුලක් මෙම ලේඛන තුළින් සපයයි. ප‍්‍රයාග ප‍්‍රශස්තියේ ලේඛකයා වූ හරිෂේණ සහ මන්දසෝරයේ ප‍්‍රශස්තිකාරක වත්සභට්ටිගේ නම් සංස්කෘත සාහිත්‍යයේ දක්නට නොලැබේ. මෙම ශිලා ලේඛන තුළින් ඔවුන් ද කවීන් බවට පත්වේ. ඒ අනුව මෙම ගුපත් යුගය පිළිබඳ අධ්‍යනයේදී ශිලා ලේඛන විශාල දායකත්වයක් සපයයි.
භාරතීය ශිලා ලේඛන සාහිත්‍යයේ විකාශනය පිළිබඳ විමර්ෂණය කිරීමේ දී ගුප්ත යුගයට අයත් විශාල ශිලා ලේඛන ප‍්‍රමාණයක් විද්‍යමාන වන අතර ඒවා පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත් වේ.

මථුරා ටැම් ලිපිය
මෙම ලේඛනය ද්විතීය චන්ද්‍රගුප්තට අයත් මුල්ම ලේඛනයයි. මෙය මථුරාවට සමීප ස්ථානයකින් හමුවී ඇත. මෙම ලේඛනය ශිව ප‍්‍රතිමාවට සමීප ස්ථම්භයක යට කොටසෙහි කොටා ඇත. මෙම ලිපිය ක‍්‍රි: ව: 380 ට අයත් වෙයි. එමෙන්ම මෙහිදී ද්විතීය චන්ද්‍රගුප්තට සහ ඔහුගේ පියා වූ සමුද්‍රගුප්තට භට්ටාරක මහා රාජා සහ රාජාධිරාජ යන උපාදි පිරිනැමූ බව සඳහන් වේ. මෙයට මථුරාවෙහි පිහිට වූ නිසා කුෂාණයන්ගේ බලපෑම ඇති වූවා විය හැක. මහාරාජා, රාජාධිරාජ පදවි කුෂාණ ලේඛන වල සහ කාසි වල දක්නට ලැබේ.

උයදගිරි ගුහා ලේඛනය
මෙය ක‍්‍රි: ව: 401 ට අයත් ලිපියකි. මේ ගුහා ලේඛනයෙන් ද්විතීය චන්ද්‍රගුපත්ට යටත් සනකානික මහාරාජ ගැන සඳහන් වේ.

ගඪවා ශිලා ලේඛනය
ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයේ ගඪවා නම් ස්ථානයෙන් සොයාගෙන ඇති මෙම ලිපිය ක‍්‍රි: ව: 407 ට අයත් බව සැළකේ. ද්විතීය චන්ද්‍රගුප්තගේ ධාර්මික පදවිය වූ ‘පරම භාගවත’ ගැන සඳහන් වෙයි.

සාංචී ලේඛනය
මෙහි ගුප්ත සංවත් 93 (ක‍්‍රි: පු: 412* සඳහන් වේ. මේ ලේඛනය මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටි සාංචි කොටුවෙහි කොටා ඇත. චන්ද්‍රගුප්ත රජුගේ සෙන්පතියකු වූ ආමුකාර්දව විසින් කාකනාදවෝට නම් මහා විහාරයට ගමක් හා දිනාර් 25 ක් දන් දුන් බව සඳහන් වේ. මෙහි ප‍්‍රධානතම කරුණ නම් චන්ද්‍රගුප්තගේ දෙවන නම වූ ‘දේවරාජ’ යන්න මෙහි සඳහන් වීමයි.

උදයගිරි ගුහා ලේඛනය
මෙහි කාලය සඳහන් නොවන අතර චන්ද්‍රගුප්ත වික‍්‍රමාදිත්‍යගේ ලේඛනයකි. මෙම ලේඛනය භිල්සා සමීපයේ උයදගිරි ගුහාවේ කොටා ඇත.

මථුරා ශිලා ලේඛනය
මථුරාවෙන් ලැබී ඇති මෙහි තිථිය සඳහන් නොවේ. මෙහි ද්විතීය චන්ද්‍රගුප්ත තෙක් වංශාවලිය දැක්වේ.

මේහරෞලී ලෝ ටැම් ලිපිය
ද්විතීය චන්ද්‍රගුප්තයන්ගේ ප‍්‍රධාන ලිපිය මෙය වුවත් මෙහි තිථිය සඳහන් නොවේ. චන්ද්‍රගුප්ත රජු සින්ධු නදිය තරණය කොට බල්බ දක්වා අක‍්‍රමණය කළ බව සඳහන් වේ.
‘‘ඛින්නස්‍යෙව විසෘජ්‍ය ගාං නරපතෙර්ගාමාශ‍්‍රිතස්‍යෙතරාං
මුර්ත්‍යා කර්මම ජීතාවනීං ගතවතඃ කීර්ත්‍යාස්ථිතස්‍ය ක්‍ෂිභෞ....’’
මෙහි ගුප්ත රජුගේ දිග් විජය පිළිබඳ සුන්දර වදන් වලින් වර්ණනා කොට ඇත. මෙය දිල්ලියට සමීප මේහරෞලී නම් ගමෙහි පිහිටා ඇති අතර වර්තමානයේ මෙය කුතුබමීනාර් සමීපයේ තබා ඇත. ඉන් අනතුරුව අපට වැදගත් වන්නේ ප‍්‍රථම කුමාරගුප්තයන්ට අයත් ලේඛනයි. ඒ අනුව ඔහු පිළිබඳ සඳහන් ලිපි කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේය.

භිල්සද ටැම්ලිපිය
ටැඹක කොටා ඇති ප‍්‍රථම චන්ද්‍රගුප්තයන්ට අයත් මෙම ලේඛනය භිල්සද නම් ස්ථානයෙහි පිහිටා ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 96 (ක‍්‍රි: ව: 415* යි. එමෙන්ම මෙහිදී ප‍්‍රථම කුමාරගුප්ත රජු දක්වා ගුප්ත රාජාවලිය පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත.

2 හා 3 ගඪවා ලේඛන
ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයට අයත් ගඪවා නම් ස්ථානයෙන් ප‍්‍රථම කුමාර ගුප්ත රජුට අයත් ලිපි දෙකක් සොයාගෙන ඇත. දෙකේම තිථි සංවත් 98 (ක‍්‍රි: ව: 417* ලැබේ. මෙම ලිපි ද්වයෙන් දිනාර් 10 ක් හා 12 ක් දන් දීම පිළිබඳ කරුණු ඇතුළත්ව ඇත.

මංදසෝර ප‍්‍රශස්තිය
මෙම ලේඛනයෙහි තිථි සඳහන මාලව සංවත් වලින් ලියා ඇත. මේ ලේඛනයේ තිථිය වික‍්‍රම සංවත් 529 (ක‍්‍රි: ව: 473* යි. පිහිටි ප‍්‍රදේශය ලෙස මාල්වාවේ මංදසෝර නම් ස්ථානය දක්වා ඇත. පේෂකර්ම ශ්‍රේණියක් ම`ගින් දශපුරයෙහි (මාල්වාහි පිහිටි* දේවාලයක් තැනූ බව මේ ශිලා ලේඛනය ම`ගින් හෙළිදරව් වේ. ඒ බව

‘‘තස්මින්නෙව ක්‍ෂිතිපති වෘෂෙ බංධුවර්මමණ්‍යුදාරෙ
සම්‍යක් සර්ඵතං දශපුරමිදං පාලයත්‍යුන්නතාංසෙ
ශිල්පාවාපෛතර්ධනසමුදෙයෙඃ පට්ටාවාෙයෙරුදාරම්
ශ්‍රේණීභූතෛර්භවනමතුලං කාරිතං දීප්තරශමෛඃ’’
යන පාඨයෙන් තවදුරටත් පැහැදිළි වේ. ප‍්‍රථම කුමාරගුුප්තගේ නියෝජිතයෙක් වූ බන්ධුවර්මා මෙකල මංදසෝරයේ පාලකයා විය.

කරමදණ්ඩා ලේඛනය
මේ ලේඛනය පෛජාබාද් දිස්ත‍්‍රික්කයට ඇතුළත් කාරමදණ්ඩා නම් ස්ථානයෙන් ලැබී ඇත. ශිවලිංගයේ යට කොටසෙහි කොටා ඇති මෙය තිථිය ගුප්ත සංවත් 117 (ක‍්‍රි: ව: 436* ට ඇතුළත් වේ. මෙම ශිව ප‍්‍රතිමාව ප‍්‍රථම කුමාරගුප්තට යටත් පෘතිවිෂේණ විසින් පිහිටුවන ලදි.

මනකුවාර ලේඛන
ප‍්‍රථම කුමාරගුප්තගේ කාලයේ මෙම බෞද්ධ ලේඛනය ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයට අයත් මනකුවාර නම් ස්ථානයෙන් ලැබී ඇත. බුද්ධමිත‍්‍ර නම් පුද්ගලයෙකු විසින් පිහිටුවා ඇති මෙම ලේඛනය බුද්ධ ප‍්‍රතිමාව යට කොටා ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 129 (ක‍්‍රි: ව: 448* ලෙස දක්වා ඇත.
සාංචි ලේඛනය

ප‍්‍රථම කුමාරගුප්තයන්ගේ කාලයට අයත් මෙම ලේඛනය බෞද්ධ ලේඛනයකි. මෙහි තිථිය ගුප්ත සංවත් 131 ලෙස දක්වා ඇත. මෙහි බුදුදහම හා සම්බන්ධ කරුණු දැක්වේ.

කුමාර ගුප්තගේ කාලයේ ජෛන ලේඛන
ජෛන ලේඛන බොහෝමයක් කුමාර ගුප්තගේ කාලයට අයත් වේ. එක් ලේඛනයක තිථිය ගුප්ත සංවත් 106 කොටා ඇත. උයදගිරි ගුහාවේ ශංකර විසින් පාර්ශවනාථයන්ගේ මූර්තියක් පිහිට වූ බව සඳහන් වේ. ජින මූර්තියක් පිහුටුවීම පිළිබඳ සඳහන් ලිපි දෙකක් මථුරාවෙන් හමුවී ඇත. ගුප්ත සංවත් 113 හා 135 ලෙස මේවායේ කාලය සඳහන්ව ඇත. ඉන් අනතුරුව ඉන්දියාවේ විවිධ ස්ථානවලින් හමුවූූ ස්කන්ද ගුප්තට අයත් ලේඛන කිහිපයක් හමුවේ. ඒ මෙසේය.

බිහාර් ටැම් ලිපිය
බිහාර් ප‍්‍රාන්තයේ පැට්නා දිස්ත‍්‍රික්කයට අයත් බිහාර් නම් ස්ථානයෙන් ලැබී ඇති මෙය ස්ථම්භයක කොටා ඇත. කාලය සඳහන් නොවන මෙහි ස්කන්ද ගුප්ත දක්වා ගුප්ත වංශාවලිය මෙහි දක්වා ඇත.



භිතරී ටැම් ලිපිය
ස්කන්ද ගුප්තයන්ගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු මෙහි සඳහන් වී ඇත. ගුප්ත නරේශ්වරයා දුෂ්ට වූ හූණයන් පරාජය කොට තම අධිරාජ්‍යයේ සාමය පිහිට වූ බව සඳහන් වේ. මෙම ලේඛනය ගාසීපුර දිස්ත‍්‍රික්කයේ (උත්තර ප‍්‍රදේශයේ* භිතරි නම් ස්ථානයෙන් මෙය ලැබී ඇත.
ජුනාගඪ ශිලා ලේඛනය
මේ ලේඛනය කාථියාවාරයේ පිහිටි ජුනාගඪ සමීප පර්වතයෙහි කොටා ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 136 (ක‍්‍රි: ව: 455 -456* දක්වා ඇත. මෙහි විශේෂත්වය පිළිබඳ සැළකීමේදී එහි අන්තර්ගතය පිළිබඳ විමසීම වැදගත් වේ.
හූනයන් පරාජය කිරීමේන පසු ස්කන්ද ගුප්ත විසින් සෞරාස්ට‍්‍රයෙහි සිය නියෝජිතයෙකු පත් දකරන ලදි.
මෞය්‍ය–යන් විසින් තනවණ ලද සෞරාෂ්ට‍්‍රයේ සුදර්ශන නම් විල ප‍්‍රතිසංස්කරණය කරන ලදි.
මේ විල් ඉවුරෙහි විශ්ණු දේවාලයක් තනවන ලදි.
මේ ලේඛනයේ වර්ණිත ‘ගුප්ත ප‍්‍රකාලෙ ගණනා විධාය’ යන්නෙන් ගුප්ත සංවත්හීද ගණන් කිරීම වූ බව මෙහි ඇති ප‍්‍රධානම කරුණ වන්නේය.
කහෞම් ටැම් ලිපිය
මෙය ගොරබපුර් දිස්ත‍්‍රික්කයේ කහෞම් නම් ස්ථානයේ සොයා ගෙන ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 141 (ක‍්‍රි: ව: 460* දක්වා ඇති අතර මෙහි ජෛන තීර්ථංකරගේ ප‍්‍රතිමාවක් පිහිටු වීම පිළිබඳ සඳහන් වේ.
ගඪවා ශිලා ලේඛනය
මෙය ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයේ ගඪවා නම් ස්ථානයෙන් ලැබී ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 148 (ක‍්‍රි: ව: 467* ලෙස දක්වා ඇත. මින් අනතුරුව ද්විතීය කුමාරගුප්තට අයත් ලේඛනයක් පිළිබඳ විමසිය හැක.
සාරානාථ ලේඛනය
බරණැසට සමිප සාරානාථයෙන් මෙම ලිපිය සොයා ගෙන ඇත. ඓතිහාසික අතින් වැදගත් මෙම ලිපිය ගුප්ත සංවත් 150 තිථියෙන් ඔහුගේ පාලන කාලය ගැන අනුමාන කළ හැක. මෙම ලේඛනය බුද්ධ ප‍්‍රතිමාවට පහළින් කොටා ඇත. මෙම රජුට පසුව අපට බුධ ගුප්ත නම් රජෙක් හමුවේ. මොහුගේ කාලයේ අපට වැදගත් ශිලා ලේඛන හමුවේ. එනම්
සාරනාථ ලේඛනය
මේ ලිපිය පිළිමයේ යට කොටසේ කොටා ඇත. මෙය ඉතා කුඩා ලිපියක් වුවද මෙහි බුධගුප්තගේ පාලන තිථිය ගුප්ත සංවත් 157 තිථිය ලෙස සඳහන් කොට ඇත.
ඒරණ ටැම්ලිපිය
මෙය මධ්‍ය ප‍්‍රදේශයේ සාගර දිස්ත‍්‍රික්කයේ ඒරණ නම් ස්ථානයේ පිහිටා ඇත. මෙයින් ගුප්ත යුගයේ පාලනය පිළිබඳ සඳහන් වේ. තිථිය ලෙස ගුප්ත සංවත් 165 අංකිතයි. අනතුරුව භානුගුප්ත රජුගේ රාජ්‍ය කාලයේ ද ඒරණ නමින්ම ටැම් ලිපියක් එමුවේ. එහි ගුප්ත සංවත් 191 ලෙස තිථිය සඳහන් කොට ඇත. එය පිහිටා ඇත්තේ ද ඉහත ලිපිය පිහිටි ස්ථානයේමය. අනතුරුව ආදිත්‍යසේන නම් රජුගේ කාලයේ ශිලා ලේඛන රැුසක් පැවැති බව සඳහන් වේ. එනම්
අපසද ශිලා ලේඛනය
මාගධ ගුප්තයන්ගේ ඉතිහාසය මැනවින් මෙම ලේඛනය තුළින් ඉදිරිපත් වේ. මෙම ලේඛනය ගයා දිස්ත‍්‍රික්කයේ ඇතුළත් අපසද නම් ගමෙන් ලැබී ඇත. මෙහි ආදිත්‍යසේනට පෙර ගුප්ත වංශාවලිය පිළිබඳ කරුණු අනාවරණය වෙයි.
ශෘහපුර ලේඛනය
මෙහි තිථිය හර්ෂ සංවත් 66 අංකිතයි. මෙම ලිපිය සූර්ය පිළිමයේ යට කොටා ඇති අතර මෙය පිහිටුවා ඇත්තේ මූර්තිය සාලක්‍ෂය නම් පුද්ගලයෙකු විසිනි. ආදිත්‍යසේනගේ කාලයට අයත් මෙම ලිපිය දශපුර නම් ග‍්‍රාමයෙන් සොයා ගෙන ඇත.
මන්දර ශිලා ලේඛන
ආදිත්‍යසේනගේ ලේඛන දෙකක් මෙම මන්දරයෙන් හමුවී ඇත. ඒවා භාගල පුර දිස්ත‍්‍රික්කයේ බංකාවෙන් සැතපුම් හතක් පමණ දුරින් පිහිටි මන්දර පර්වතයෙහි කොටා ඇත. මෙහි ආදිත්‍යසේනට ‘පරම භට්ටාරක මහාරාජාධිරජ’ පදවිය සඳහන් කර තිබේ. මෙහි කාලය සඳහන් නොවීම හේතුවෙන් මෙම රජු රාජ්‍යක් පිහිටු වීමෙන් පසු ඉහත ලිපි දෙකට පසුව මෙය කෙටූ බව නිර්ණය කළ හැක.
මන්දර ලේඛනය
මෙය මන්දර පර්වතයෙන් ගෙන එන ලද්දක් බව ෆ්ලීට් ගේ අදහසයි. ආදිත්‍යසේන රජු දිග් විජය කළ බවත් එහි ප‍්‍රතිඵලය වශයෙන් ‘අශ්වමේධ’ යගය පැවැත්වූ බව මෙම ලේඛනයෙන් පැහැදිළි වේ. මේ රජුට ‘පෘථිවීපති’ යන පදවිය ප‍්‍රධානය කොට ඇත.
ඒ අනුව ඉහත ශිලා ලේඛන වලට අනුව අශෝක යුගයේ ශිලා ලේඛන වල ස්වරූපය සහ ගුප්ත යුගයේ ශිලා ලේඛන වල වෙනස අවබෝධ වේ. අශෝක යුගයේ ශිලා ලේඛන ගත් විට ඒවායේ අන්තර්ගතය තුළ යම් යම් වෙනස්කම් අපට දැකිය හැක. විශේෂයෙන් අශෝක රජු කාලිංග යුද්ධයත් සම`ග විශාල පසුබෑමකට ලක්වූ බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස විශාල ධර්ම කරුණු ඇතුළත් ශිලා ලේඛන සමුදායක් බිහිවූ බවත් නිගමනය කළ හැක. එහිදී විශේෂයෙන් ජනතා සේවය ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාත්මක වූ බව අශෝක ශිලා ලේඛන තුළින් දක්නට ලැබේ. ඒ අනුව සාරධර්ම පිළිබඳ ජනතාවගේ අවධානය යොමු කිරීම අශෝක ශිලා ලේඛන තුළින් ක‍්‍රියාත්මක වූ බව පෙනේ. එම ලිපිවල රාජ්‍යත්වය පිළිබඳ කරුණු ඇතුළත් ආත්ම වර්ණනයන් දැකිය නොහැකිය. ක‍්‍රමයෙන් මෙම අශෝක යුගය තුළ ශිලා ලේඛන විකාශනය වූ අතර ඒවා ගුප්ත යුගය වන විට විශාල වෙනසකට බඳුන් විය. එහිදී විශේෂයෙන්ම සෙල්ලිපි වල අන්තර්ගතය රජු කේන්ද්‍ර විය. හුදෙක් රජුගේ වීර ක‍්‍රියා, විනෝදචාරිකා ආදී නොයෙක් කරුණු පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත්ව ඇත. එම ශිලා ලේඛන සමාජ යහපතට වඩා රජවරුන්ගේ ස්වරූපයන් වර්ණනයට ප‍්‍රමුඛත්වයක් දැක්වූ අයුරු දක්නට ලැබේ.  එමෙන්ම භාෂාව සහ ශිලා ලේඛනවල ස්වරූපය තුළින් ද වෙනස්කම් විද්‍යමාන වේ. තවද මීට පසකාලීනව බිහිවූ චෝල පාණ්ඩ්‍ය ශිලා ලේඛන ද භාරතීය ශිලා ලේඛන වල විකාශනයේදී වැදගත් වේ. ඒ අනුව ඉහත ශිලා ලේඛන තුළින් මෙම භාරතීය ශිලා ලේඛනවල විකාශනය මැනවින් ගම්‍යමාන වේ. එමෙන්ම අදහස් ප‍්‍රකාශන මාර්ග මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටිම පැවති බව පිළිගත හැක. එහෙයින් අක්‍ෂර භාවිතය, අදහස් ලියා පෑ චිත‍්‍ර සටහන් ක‍්‍රම ආදිය අතීතයේ සිටම පැවත එන බව අපට පෙන්වා දිය හැක.
සමාලෝචනය


භාරත දේශය සුවිශාල භූමි ප‍්‍රදේශයකට උරුමකම් කියන රාජ්‍යයක් ලෙස හඳුනා ගත හැකිය. එහි ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යනයෙහිදී අපට ශිලා ලේඛන වලින් ලැබෙන පිටුබලය අමතක කළ නොහැක. ඒ අනුව ඉතිහාසය අනාවරණය පිළිබඳ ගවේෂණයෙදී ශිලා ලේඛන ප‍්‍රමුඛතම මෙහෙයක් කරන බව අවිවාදිතය. මෙම ශිලා ලේඛන ආරම්භය ආර්ය සංක‍්‍රමණ යුගය තෙක් දිව යන අතර එහි සංවර්ධනීය අවධි අතර අශෝක යුගය සහ ගුප්ත යුගය නම් කළ හැක. ඒ අනුව ශිලා ලේඛනවල විකාශනයේදී වැදගත් වන භාෂාව, අන්තර්ගතය, පිහිටි ප‍්‍රදේශය, කාලය ආදී නොයෙකුත් පැතිකඩ පිළිබඳ මෙම නිබන්ධනයේදී කරුණු සාකච්ඡුා කොට ඇත. ඒ අනුව භාරතයේ ශිලා ලේඛන සාහිත්‍යයේ විකාශනය අධ්‍යනයට ඉන්දියාවේ නොයෙක් දිග පිහිටි ශිලා ලේඛන ම`ග හෙළිකරන අයුරු මෙම නිබන්ධනය තුළින් අනාවරණය වී ඇත.  






සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය
ද්විතීයික මූලාශ‍්‍රය

අමරවංශ හිමි, කොත්මලේ, ලක්දිව සෙල්ලිපි, ප‍්‍රකාශනය - ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, ප‍්‍රථම මුද්‍රණය - 1969.

ආර්යසිංහ, අබය, අසෝක ධංමලිපි, ප‍්‍රකාශනය - ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, ප‍්‍රථම මුද්‍රණය - 1998.

ඤාණවිමල හිමි, බෙල්ලන, අශෝක ශිලා ලේඛන, ප‍්‍රකාශනය - සමයවර්ධන පොත්හල, මරදාන, ප‍්‍රථම මුද්‍රණය - 2000.

තාපර්, රොමිලා, ඉන්දියාවේ ඉතිහාසය, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රතාශන දේපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය - 1973.

පඤ්ඤාකිත්ති හිමි, හිරිපිටියේ, ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය - 1994.

පියදස්සි හිමි, අසෝක සිරිත හා අශෝක සෙල්ලිපි, ප‍්‍රකාශනය - බෞද්ධ ග‍්‍රන්‍ථ ප‍්‍රකාශන සමිතිය, මහනුවර, ප‍්‍රථම මුද්‍රණය - 1966.

බෂාම්, ඒ, එල්, අසිරිමත් ඉන්දියාව, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය - 1962.

වාසුදේව, ශ‍්‍රී ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය, (පරි* හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, ඇස්. ගොඩගේ සහ              සහෝදරයෝ, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1994.


තෘතීය මූලාශ‍්‍රයෝ

පියරතන හිමි, හි`ගුල්වල, අශෝක සෙල්ලිපි වල භූගෝලීය ව්‍යාප්තිය, නැණලකර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ශ‍්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර බෞද්ධ භික්‍ෂු ආයතනීය මහා පිරිවෙන, පේරාදෙණිය.

සාසනරතන හිමි, මොරටුවේ, අශෝක ප‍්‍රාකෘතය හා සිංහලයේ මූල පදනම, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, ප‍්‍රථම මුද්‍රණය - 1994.

ෑබටකසිය ඍැෙැර්බජැ

ීසරජ්රල ක්‍ය්බාර්ල ාසබැිල ීැකැජඑසදබ සබිජරසචඑසදබි ඩදක 1ල ජ්කජමඑඒ මබසඩැරිසඑහ චරුිිල ක්‍්කජමඑඒල1965ග

ෘසින්කන්රල ෘගඊග ීැකැජඑසදබ රෙදප ී්බිනරසඑ සබිජරසචඑසදබිල  ්රහ්ඉයබිය්බ චරුිිල 1925ග