UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල කවියන් බුදුන් දැකීම

Wednesday, July 3, 2013

සිංහල කවියන් බුදුන් දැකීම

සිංහල කවියන් බුදුන් දැකීම




වීරසේන අල්ගෙවත්ත



දඹදිව මධ්යග මණ්‌ඩලයේ කිඹුල්වත් පුර උපන් සිද්ධාර්ථ කුමාරයෝ සොළොස්‌වන වියේදී යුගදිවි අරඹා එකුන් විසි වියේදී ගිහි දිවියෙන් අභිනිෂ්ක්රදමණය කොට තිස්‌පස්‌ වන වියේදී බුද්ධත්වය ලබා ගත්හ. බුද්ධත්වයෙන් පසු පුරා පන්සාලිස්‌ වසක්‌ ලෝක සත්වයා සසර දුකින් මුදවාලීම අරභයා රටින් රට ගමින් ගම පමණක්‌ නොව ගෙන් ගෙට ද වඩිමින් උන්වහන්සේ කළ අමිල බුදුකිස නිමා වූයේ වෙසක්‌ පුන් පෝ දිනක කුසිනාරාවේ මල්ල රජුන්ගේ උපවත්තන සල් උයනෙහි දී පිරිනිවන් පා වදාළ හෙයිනි. ඒ වන විට මධ්යර මණ්‌ඩලය පුරා සම්බුද්ධ ශාසනය ව්යා ප්ත වී මුල්බැස තිබුණි.



සම්බුද්ධ ශාසනය ලෝක ව්යා්ප්ත සමාජ සංවිධානයක්‌ බවට පත් වන්නේ ධර්මාශෝක අධිරාජයාගේ යුගයේදීය. පාලි ග්රතන්ථානුකූල තොරතුරු අනුව අශෝක අධිරාජයා රාජ්යජත්වයට පත්වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 214 ක්‌ ඇවෑමෙනි. ඉන් වසර හතරකට පසුව රාජාභිෂේකය ලබන අශෝක නිරිඳුන් නිග්රෝෙධ සාමණේරයන් වහන්සේ ගැන පැහැදී බණ අසා සැදැහැවත් බුද්ධ ශ්රාඳවකයෙක්‌ බවට පත් වෙයි. යුධ බෙරය ලොප් කොට දහම් බෙරය වයමින් මධ්යත මණ්‌ඩලයට සීමා වූ බුදුසසුන මුළු දඹදිව තලයේත් ඉන් බැහැර දේශවලත් පිහිටුවාලීමට මේ නර ශ්රේඩෂ්ඨයෝ මූලිකත්වය ගත්හ. එපමණක්‌ නොව තම පුන් මහින්ද කුමරුත් දුව සංඝමිත්රා කුමරියත් ශාසනයට උරුම කොට මුළු දඹදිව තලයම සම්බද්ධ ශාසනයට පූජා කළෝය.



බුදුන් වහන්සේ තෙවරක්‌ ලක්‌බිමට වැඩ පිහිටුවා ලු සම්බුද්ධ ශාසනයට සංවිධානාත්මකව ශක්‌තිමත්ව ස්‌ථාපිත වන්නේ ධර්මාශෝක නිරිඳුන්ගේ ශාසනික මෙහෙය නිසා සිදුවන ධර්මදූත ව්යාතපාරයේ මෙහෙයෑ වීමෙන් වන මහින්දාගමනය හේතුවෙනි.



ඊටත් වඩා ප්රතබල හේතුවක්‌ අපේ වංශ කථාවන්හි සඳහන් වෙයි. පිරිනිවන් මඤ්චකයෙහි හොත් බුදුරජාණන් වහන්සේ ලක්‌දිව් හි බුදුසසුන ස්‌ථාවරම පිහිටන නිසා එදිනම මේ බිමට පැමිණෙන ''විජය'' ඇතුළු පිරිවර රැක්‌මට ''සක්රි දේවේන්ද්ර යාට'' පැවැරීමේ පුවතයි. මෙයින් පෙනී යන්නේ බුදු සසුන නොනැසී පවත්නා භූමිය ලෙස බුදුන් වහන්සේ අනුදැන වදාළේ මේ පුන්යන භූමිය බවයි.



ඒ නිසාම එදා සිටම බිහි වූ සියලූම රාජ්යත පාලකයෝත් රට වැසියෝත් බුදු සසුන රැකීම ඒකායන වගකීමක්‌, යුතුකමක්‌, රාජකාරියත් ලෙස කල්පනා කළහ. ඒ වෙනුවෙන් ව්යාහවෘත වූහ. රජවරු බෝසතුන් විය යුතුය යන මතය ක්රයමයෙන් සමාජය තුළ මුල්බැස ගැනීමෙන් පෙනෙන්නේ රාජ්යටය හා ශාසනය අතර පැවති අත්ය න්ත බැඳීමයි.



වැවෙන් දිය දෝතක්‌ ගෙන මෙය තමා සිතු ධනය යෑයි කීමට තරම් අපේ රජ දරුවෝ අල්පේච්ඡ වූහ. බෝසත් ගුණ ධර්ම ප්රසගුණ කළහ. ''කළවිට'' වල බොල් පොළා ලබාගත් වීයෙන් මහ සඟනට දන් දුන් අසරණ දිළින්දෝ මේ බිමෙහි වූහ.



සමුදුර පරයන වැව් තැනු ඔවුහු අදත් ලොව විශ්මයට පත් කරන මහා ථූප ගොඩ නැගුහ. අපිරිමිත බුදුගුණ මහගල් තුළට කවා සෙල් පිළිම නිමකොට බුදුදහමේ අරුත් පෙළ ගස්‌වා ලිය වැල් ලෙසින් මවමින් සඳකඩ පහන් බුදු කුටි අබියස පිහිටු වූහ. අපේ සියලූ කලා නිර්මාණයෝම බුදුදහමේ සියලූ උගැන්වීම් ඇසුරේ බිහි වූහ. වැඩුනහ. ව්යාූප්ත වූහ.



ඇල්ගෙවිලියන් ගැයු අනියත බව තේමා කොට ගත් ගී අසා පුහුදුන් භික්‌ෂුන් වහන්සේලා සැට නමක්‌ රහත් වීමෙන් පෙනී යන්නේ බුදුජන දහම හා බුදුසමය කෙතරම් ප්රසබලව ජන විඥානය හා බැඳී තිබුණේ ද යන්නයි. ජන කවීන් මෙන්ම පාණ්‌ඩිත්ය්යෙන් ඔපවත් කවියෝ ද බුදුදහමෙන් පිට නිර්මාණ සාහිත්යවයක්‌ පිළිබඳව කල්පනා නොකළහ. මේ නිසා ඈත අතීතයේ සිට මෑත භාගය තෙක්‌ම බිහි වූ අපේ සාහිත්යම නිර්මාණයන් බුදුදහම ඇසුරේ හැදී වැඩී ගිය බෞද්ධ සාහිත්යකයක්‌ම වූහ.



සිංහල සාහිත්යධ වංශ කථාවේ පැරැණිම යුගය අනුරාධපුර අවධියයි. ඒ සමයේ ලියෑවී ඇති පොත් රාශියෙන් දැනට ශේෂව ඇත්තේ පොත් තුනක්‌ පමණි. පස්‌වන කාශ්යිප නිරිඳුන් කළ දම්පියා අටුවා සන්නය, බුද්ධඝෝෂ අටුවාචාරීන් කළ ධම්ම පදට්‌ඨ කථාවට හෙළ බසින් අර්ථ දැක්‌වීමෙකි. ''සිඛ වළඳ විනිස්‌' භික්‌ෂුන් වහන්සේලා සඳහා කළ ''විනය නීති'' සංග්රදහයකි. එහි කර්තෘ අඥාතය. අපට හමුවන පැරැණිම පද්ය‌ සංග්රලහය ''සියබස්‌ ලකර'' නැමැති ගී පොතයි. මෙය රචනා කළේ ''සලමෙවන්'' නමින් හැඳින්වූ පළමුවන සේන මහ රජතුමාණෝය.



දණ්‌ඩීන්ගේ කාව්යා දර්ශය ගුරු තැන්හිලා කළ සියබස්‌ ලකර සංස්‌කෘත අලංකාර ශාස්‌ත්රබයේ මුලධර්ම ඇසුරින් සිංහල කාව්යහ සම්ප්රඳදායක්‌ ගොඩනංවා ගැනීමට කළ පර්යේෂණයක්‌ වැනිය. සකු කවි මය ගුරු තන්නි ලා කළ නිර්මාණයක්‌ වූවද මේ වන විට සිංහල ජන විඥානය තුළ මුල් බැසගත් බුදුසමයේ ප්රකබල තාවය ද කාව්ය ශාස්‌ත්ර යට නොසලකා හැරිය නොහැකි විය. ඒ නිසාම සියබස්‌ ලකර කරුවෝ පද්යක නිර්මාණ පිළිබඳව මෙබඳු උපදෙස්‌ දුන්හ. ඒ සංස්‌කෘත කාව්යක මූලධර්මයන්ට පිටින් ගොසිනි.



''පෙදෙන් බුදුසිරිත'' යනු උපදේශකයකි. බුදු උතුමන්ගේ සිරිත්, කාව්යෙ නිර්මාණයට ඉතා සුදුසු බව ඔහු කීවෝය. මේ වන විට ත්රියපිටක පාලිය ග්රමන්ථගත වී තිබීම හේතුවෙන් කාව්යර නිර්මාණයට අවශ්යී වස්‌තු බිජයෙන්ගෙන් නිර්මාණකරුවන්ට අඩුවක්‌ නොවු බව මෙයින් ඇඟැවෙයි. සියබස්‌ ලකර කරුගේ මේ උපදේශනය තවත් සංවර්ධනය කොට ඉදිරිපත් කළෝ ''කවිසිළුමිණ '' මහ කව කළ පැකුම්බා නිරිඳුතුමාණෝය.



''කිව් බම් කිවිදුමේ - කුසුම් සැපත් මේ විපුල්



පෙලෙ බෝසත් සරවැනුම් - වියතෙ මුව පත් වේවා



කවියා යනු කවීත්වය නමැති රුකෙහි මල් හට ගැනීම වූවත් බෝසත් සිරිත වැනීම කාව්ය යේ අග්රැඵලය බව මෙයින් ප්ර කාශ වෙයි.



සියබස්‌ලකරින් ලබාදුන් පෙදෙන් බුදු සිරිත කළ යුතුය යන උපදේශය පැරකුම්බා නරිඳුන් කවිසිළුමිණ මහ කවි කරමින් මහඟු ආදර්ශයක්‌ ලබා දුන්නේය. කුසරජු හා පබවත අතර වූ පෙම් පුවත රැගත් කුස ජාතකය මේ මහා කාව්යදයට වස්‌තු විෂය වී ඇත.



අපට හමුවන අනෙක්‌ පැරැණි ගී කාව්යි දෙක ''සසදාවත'' සහ ''මුවදෙව් දා ''වතයි. මේ දෙකම බෝසත් සර වැනුමෙකි. මඛාදේව රජු නරකෙසක්‌ දැකීමෙන් ලත් කලකිරීම හේතු කොට අනිත්යසතාව මෙනෙහි කිරීමෙන් රජ සැප හැරා බවුන් වැඩීමට යාමේ පුවත රැගත් මඛාදේව ජාතකය මුවදෙව්දාවත ගී කාව්යියට වස්‌තු විෂය වී ඇත. ගී කාව්යජයේ මුල් ගී තුනම බුද්ධ වන්දනාව සඳහා වෙන් කොට ඇත.



1. නුවණ නිස යුරා - විනෙ කමුදු නිසයුරා



කෙලස්‌තුසර දිවසුරා - බව දුක්‌ළැවු අගයුරා



2. සත් තිසර සරා - ගුණ බිඟු පෙළ මනහරා



විසා දලනිදු ප සරා - තිත් ගජන් කැන් කෙසරා



3. රා වස මතුරා - ස`ග මොක්‌ සුවඟ යතුරා



උවදුරු අඳුරු මිතුරා - නමවු තිලෝවෙගැ මිතුරා



(මුවදෙව්දාව - මුනිදාස කුමාරතුංග 5 මුද්රයණය 1996 )



නුවණ නැමැති ගංගාවන්ට මුහුද වැනි වූද විනෙජන කුමුදු විලට සඳවැනි වූද රාගා දී කෙලෙස්‌ පිණි නසන හිරු වැනි වූද සසර දුක්‌ නැමැති වනය දවනා ගින්නක්‌ වැනි වූද සත්පුරුෂ නැමැති හංසයන්ට විලක්‌ වැනි වූද ශීලා දී ගුණ නම් බිඟුන්ට පියුමක්‌ වැනි වූද පස්‌කම් නැමැති සයුරට නෑවක්‌ වැනි වූද මිසදිටු මත නැමැති ඇතුනට සිංහයන් වැනි වූද තන්නා නම් විෂ නසන දිව ඔසුවක්‌ වැනි වූද සඟ මොක්‌ සැපට මඟක්‌ වූද උවදුරු අඳුරට පහනක්‌ වැනි වූද තුන්ලෝ අසහාය මිත්රි වූ බුදුන් වහන්සේ නමදිමි.



මෙලෙස කවියා ඉතා අංග සම්පූර්ණ වැනුමකින් යුතු බුද්ධ වන්දනාවක යෙදේ. ඉතා විශිෂ්ට පරිපූර්ණ බුදුන් වැදීමක යෙදෙන කවියා සිව්වන ගීයෙන් පවසන්නේ නෙලුම් දඬු නූලින් පිනි බිඳු මුතු ලෙසින් අමුණා තැනු මාලයක්‌ පැළැඳීම මෙන් බුදුගුණ වැනීම අතිශයින් දුෂ්කර කාර්යයක්‌ බවයි.



මේ යුගයේම රචිත අනෙක්‌ ගී කාව්ය යය සසදාවතයි. එයට වස්‌තු විෂය වන්නේ බෝසතුන්ගේ දාන පාරමිතාව ගැන කියෑවෙන සස ජාතකයයි. දාන පාරමිතාවේ මහිමය කියා පෑමට මෙන් සක්‌දෙව් රජුන් බෝසත් ''හා රුව'' සඳේ ඇඳි පුවතත් තවමත් එම රූපය සඳමඬලින් දැකිය හැකි බවත් බොදුනුවෝ අදහති. මේ නිසා එදා මෙදා තුර මේ ජාතක කථාව බොදු සමාජය තුළ අතිශයින් ජනාදරයට පත්ව ඇත.



''සසදා'' ගී කාව්යදය ආරම්භ වන්නේ ද බුද්ධ වන්දනාවකිනි.



1. නමවු නොමින් අන් - බුදුනුද වනත ගුණ ගන



සරන දෙව් දෙව්මුදුන් - මිණිකර නොසින් උතුමා



( සසදාවත වී. ඩී. එස්‌. ගුණවර්ධන මුද්රරණය 2000 සමයවර්ධන මුද්රබණය )



'' අන් බුදුවරයෙකුට වූවද බුදුන් වහන්සේගේ මහාගුණ සමූහය වර්ණනා කළ නොහැකි අතර අප්රඅමාණ දෙවියන් ද පාද නමස්‌කාරය කරන්නා වූ බුදුන්ගේ පා නමදිමු යන්න මෙහි අර්ථයයි. වර්ණනා විෂයාතික්රා්න්ත බුදුගුණ සමූහය ඉතා සරල එහෙත් මන බඳනා අයුරින් කියා පෑමට කිවියාට හැකිවී තිබේ. ඒ සසදාකරු බුදුන් දුටු සැටියි.



දඹදෙනිය රාජ්යි සමය ගී කාව්යගයේ මුදුන් මල් කඩ වන් ''කව්සිළුමිණ'' මහා කාව්යරය බිහි වූ සමයයි. ඒ හරුණු විට විශිෂ්ට ගණයේ කාව්යන නිර්මාණයක්‌ මේ යුගයේ බිහි නොවීය. මේ යුගයේ බිහි වූ ''එලූ සඳැස්‌ ලකුණ'' සිංහල චන්දස්‌ ශාස්‌ත්රවය අරභයා ගීයෙන් පබැඳුනකි. මෙහි කතුවරයා කවරෙක්‌ දැයි නොදනිතත් එතුමා ද තම ග්රරන්ථය අරඹන්නේ ඉතා සරල බුද්ධ වන්දනාවකිනි.'' ''පිනිපා'' කොටින් සතර'' යන යෙදුමට සීමා වූ ඒ බුද්ධ වන්දනාවෙන් කියෑවෙන්නේ ශාස්‌තෲන් වහන්සේ නැමැද හෙළයේ සඳැස්‌ ලකුණු දක්‌වන බවයි.



මේ යුගයේ රචිත ''පියුම්මල'' නිඝණ්‌ඩුවකි. එය හෙළ වදන් රැසක්‌ එක්‌ කළ ''කෝෂ'' ග්රෑන්ථයකි. එසේ මතුදු එය ආරම්භ වන්නේ රසවත් ගීයකින් බුදුන් වහන්සේට නමස්‌කාර කරමිනි.



''බඹසුර නර උරඟ - කිරුළ මිණි කිරණ සර



සුපිපි රතඹර යුර - නැමැද මුණිරජ සරි සරණ යුග



බ්රිහ්ම දිව්යැ මනුෂ්ය හා උරග ආදීන්ගෙන් සැදුම්ලත් මනාව පිපීගිය රත් නෙලුම් මලක්‌ වන් බුදුරජුන්ගේ පා යුග නමස්‌කාර කොට ග්රයන්ථය අරඹන බව කතුවරයා පවසයි.



මේ යුගයේම රචිත ''සිදත් සඟරාව'' සිංහල විසරණය අරඹයා ලියෑවුන සුවිශේෂ ග්රින්ථයකි. එය ආරම්භ වන්නේ ද එක්‌ ගී පාදයකින් පමණක්‌ බුදුන් වහන්සේ නමැදීමෙනි. ''මහද ගඳකිළි කර සව්නේ ගෙවා දන්නට'' යන ගී පාදය සිදත් කතුවරයා බුද්ධ වන්දනාවට යොදා ගෙන ඇත. ''සව්නේ ගෙවා දත් බුදුන් වහන්සේට මගේ හද ගඳ කිළියක්‌ කරමින් ''සිදත් සඟරාව'' අරඹන බවට කතුවරයා කරන ප්රකකාශය සරල වුවත් ඉන් මතු වන්නේ ඉතා ගැඹුරු අර්ථයකි. බුදුරජුන් සව්නේ ගෙවා දත් බව කීමෙන්ම උන්වහන්සේ පිළිබඳව තිබූ පුළුල් අවබෝධය පසක්‌ වේ. ''සව්නේ ''යනු සකල ඥෙය මණ්‌ඩලයයි. උන් වහන්සේ සියලූ ඥෙය පදාර්ථයන් පර්යන්ත කොට අවබෝධ කරගත් බව ප්ර'කාශ කිරීමෙන් කවියාගේ බුදුන් කෙරේ වූ අපමණ ශ්රතද්ධා ගුණයත් අවබෝධයත් ප්රකකට කරයි.



ගම්පොළ යුගයේ දී රචනා වූ කාව්ය ද්වය තිසර හා මයුර සන්දේශයන්ය. ඒවායේ අන්තර්ගත වර්ණනා අතර බුදුපුද උදෙසා රචනා වූ නිර්මාණයෝ ද වෙති.



කෝට්‌ටේ රාජ්යද සමය සිංහල කාව්ය සාහිත්යයයේ දීප්තිමත් කාල පරිච්ඡේදයක්‌ ලෙස බොහෝ දෙනෙක්‌ විශ්වාස කරති.



මේ යුගයේ සිටි විශිෂ්ටම කිවියා මෙන්ම මහා පඬිවරයා ද වූයේ තොටගමුවේ ශ්රීි රාහුල මහා ස්‌වාමීහුය. එතුමා කළ කාව්යලශේඛර මහා කාව්ය්යේ බුද්ධ වන්දනාව සිදුකරන්නේ මෙසේය.



පිරි සර සවිය රස



සුබ තරඟ නත මින් රැස



රන් වනඹර නිවෙ ස



වදිම් මුනිරජ සයුර සහනො ස



( කාව්යසශේඛරය හැඩිපන්නල පඤ්ඤාලෝක හිමි 1935)



වාක්‌ රසයෙන් පිරි ගෝභනා රශ්මීමත් අංග ඇති අනන්ත ප්රයඥ රාශියෙන් යුතු පීත වර්ණ චීවරය දරන්නා වූ බුදුන් වහන්සේ නැමැති මහා සාගරය මම නමස්‌කාර කරමි. යනුවෙන් ගත හැකි එක්‌ අරුතෙකි.



බුදුන් වහන්සේගේ සුමුදුර ධර්ම දේශනා විලාසයත් ශ්රී ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මි මාලාවත් මහා ප්ර ඥාවත් කවියා දැක ඇත්තේ අපමණ ශ්රයද්ධා චින්තයෙනි.



පද්යව බන්දනයේ දී අනුගමනය කරන සාම්ප්ර දායික ගන ශාස්‌ත්රියේ මූලධර්ම බිඳ දමමින් ගුත්තිල කාව්ය ය අරඹන වෑත්තෑවේ හාමුදුරුවන් ඒ නිසාම ගුරු හාමුදුරුවන් වන ශ්රී් රාහුල හිමියන්ගේ දෝෂ දර්ශනයට භාජනය වූ බව ජන ප්රුවාදයේ සඳහන් වෙයි. ගුත්තිලකරු බුදුන් වඳින්නේ මෙසේය.



සියපින් සිරින් සරු



දෙතිස්‌ ලකුණෙන් විසිතුරු



කෙලෙසුන් කෙරෙන් දුරු



වඳිම් මුනි උතුමන් තිලෝගුරු



( ගුත්තිල කාව්යනය ඩී. වී. ද ලැනරෝල් සංස්‌කරණය )



අනේක පුන්යත සම්භාරයෙන් සාර වූ දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණයෙන් විචිත්ර සකල ක්‌ලේශයන් ප්රාහීන කළ මුනි උතුමාණන් මම් වදිම් යනුවෙන් කරන බුද්ධ වන්දනාවේ දී කවියා බුදුන් වහන්සේගේ ආධ්යා්ත්මික හා බාහිර හැඩ රුව එකවර දැක වීතරාගී සොම්නස්‌ සුවයෙන් ඇලළෙයි.



කෝට්‌ටේ යුගයේ සිටි සුවිශේෂ කවියා වීදාගම මහ මෛත්රීද හිමියන්ය. බුදුගුණ අලංකාරය රචනා කොට හින්දු දේව සමූහයා දැඩි ප්රවහාරයකට ලක්‌ කර බුදුන් පුදන්නේ මෙසේය.



තුලූණු මෙන් සත වෙත



පතළ නැණ සව් පදරුත



එළිකළ ලොවට සෙත



නිතර නමදිම් මුනිඳු සරනත



බුදුන් වහන්සේගේ මහා කරුණාවත් සියලු සත්වයන් කෙරේ පහළ වූ මෙත් සිතත් සකල පදාර්ථයන් දැන ලෝ සතුන්ට ශාන්තිය උදාකළ අන්දමත් කවියා දැක තිබේ.



මෙතුමාගේම රචනාවක්‌ වූ ලෝවැඩ සඟරා කාව්යද නිර්මාණයේ දී බුදුන් වහන්සේගේ මහ මුහුදක්‌ වන් මහා ගුණ සම්භාරය පළමුවම දකී. එමෙන්ම බව දුක්‌ නසන වෙදාණ කෙනෙකි. මිසදිටු අඳුර නසන සූර්යයෙකි. කොතරම් අසිරිමත් දැක්‌මෙක්‌ ද ? ඒ මෙසේය.



සෙත්සිරි දෙන මහ ගුණ මුහු දා ණන්



සත්හට වන බව දුකට වෙදා ණන්



තිත් ගන දුරු දුරුලන දිනි ¹ ණන්



සිත් සතොසින් නමදිම් මුණිදා ණන්



( ලෝවැඩ සඟරාව )



කෝට්‌ටේ රාජ්යන සමයේ ලියෑවී ඇති කාව්යරයන් අතරින් අමුතුම ආරක්‌ ගත නිර්මාණය එඑ සිලෝ ශතකයයි. මේ මුළු කාව්යියම බුද්ධ ස්‌තෝත්රනයකි. රචකයා කාව්යම ආරම්භ කරන්නේ අන් කවීන් ගත් මගම යමින් බුද්ධ වන්දනාවකිනි.



විනෙදන සියොතුන් කැන් මන්සතොස්‌ දුන් රසින් දම්.



නොව තුරු දුරලූ රා දොස්‌ රජස්‌ සත් සතන්හී



ලියලිය නොව දුන් තිත් කැන් උදම් සිත් අමාවැල්



මුනිඳු ගන රදුන් මන් මෙන් වඳිමි අත් මුදුන් දී.



( එළු සිලෝ ශතකය සංස්‌ (- සිරිතිලකසිරි. 1945 )



විනෙදන නමැති ''කෑදැති'' සමූහයාගේ සිතට සතුට ලබාදෙමින් ඔවුන්ගේ සිත් සතන්හි ඇති රාග ද්වේෂ නැමැති දූලී දුරලා තීර්ථක සමූහයා නැමැති නෙලුම් දඬු ලියලෑමට ඉඩ ලබා නුදුන් බුදුරදුන් නම් ''මේඝ'' රාජයා නමදිමි.



කාව්ය් සමයානුගත උපමා භාවිතයට ගනිමින් ශතක කාව්ය රචකයා බුදු හිමියන් දකින්නේ වැහි වළාවක්‌ ලෙසිනි. ඒ වැහි වළාව විනෙදන සිත් පුබුදයි. රා දොස්‌ රජස්‌ සෝදා හරී. කොතරම් අගනේ ද ?



''පැරකුම්බා සිරිත'' රජසිරි වැනුමට කළ විරුද කවක්‌ වූවද කාව්යනය අරඹන්නේ බුදුහිමි නැමදීමෙනි.



පිහිටි කුලුණඹ තුර




දහම් මුවර ද රස බර



දෙව් සුරනර බමර



වඳිම් මුනි රජ තඹර සිරිසර



(පැරකුම්බා සිරිත)



කවියා දකින්නේ බුදුන් වහන්සේ පියුමක්‌ ලෙසිනි. ඒ පියුම කරුණාව නම් දියෙහි වෙයි. දහම් නැමැති මුවර දි ඒ සියපතෙහි ඇත. දෙව් මිනිස්‌ බමර කැල විසින් සේවනය කෙරේ.



සීතාවක රාජධානි සමයේ හමුවන එකම පඬිවරයා යෑයි පැවැසිය හැකි අලගියවන්න මුකවෙටි කවියාණන්ගේ ''සුභාෂිතය'' නැමැති උපදේශක සංග්රටහය අරඹන්නේ ද බුද්ධ වන්දනාවකිනි.



එතුමාණන් ද බුදුහිමි දකින්නේ සියපතක්‌ ලෙසිනි.



සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳු



අවනත සුර මත මිහිතර සරැ පුබුදු



දිගුරතැ ගිලි දළ පෙළ මොක්‌ සුවඳ රැඳු



සියපත සිය සියපත සිය පත නමුදු බුදුන් වහන්සේ නැමැති සියපත සංඝයා නැමැති හංස රාජයන් විසින් සෙවින. ඒ සියපතෙහි නිවන් නැමැති සුගන්ධය රැඳී තිබේ.



පියුම මඩෙහි හටගෙන ඉන් ඉහළට මතු වී සිටින්නේ නොතැවරුන මඩ සහිතව සුවඳ විහිදුවමිනි. බුදුන් වහන්සේ ද මිනිස්‌ ලොව ඉපිද උත්තර මනුෂ්යන භාවයට පත්ව පූජාවට පත්රද වෙයි. ඒ නිසා බුදුහිමි පියුමක්‌ සේ දැකීම අතිශයින් උචිතය.



ලෞකික අද්දැකීම්වලට නැඹුරු වූ ශෘංගාරයට බර කාව්යස නිර්මාණය කළ මාතර යුගයේ කවියෝ ද බුද්ධ වන්දනාවෙන් තම කාව්යා නිර්මාණය ආරම්භ කළෝය. කටුවානේ දිසානායක මුහන්දිරම්තුමන් ''කව්මිණි මල්දම'' අරඹමින් මෙසේ බුද්ධ වන්දනාවේ යෙදෙන්නේ මෙසේය.



පිරි ගුණ බව නොල ග



මොහැඳුරු නිවු කෙලෙස ග



පිරි පඩෙර නෙතු යුග



වඳිම් මුනි තුමන් තෙදිය තාග



කෙලෙස්‌ ගිනි නිවූ පිපීගිය පියුමක්‌ බඳු දෙනෙත් ඇති තුන් ලොවට අග්රන වූ බුදුහිමි කවියාගේ වන්දනාවට පාත්රි වෙයි.



පත්තායමේ ලේකම්තුමන් අනිත් ලියෑවී ඇති ''කව්මිණි කොඬල'' නමැති කාව්යව සංග්රකහය ආරම්භ වන්නේ ද බුදුහිමි නමදිමිනි.



පිරිනෙක වණ නිසල



සව්තුරු සෙවුන මහසල



රුවනිඳු ඉඳු වසල



වඳිම් මුනිරජ සුනෙර නිකසල



( කව්මිණි කොඬල )



කවියා බුදුන් දකින්නේ මහමෙර ලෙසිනි. තිරසර බවත්, සියල්ල ට වඩා උතුම් බවත් සියලූ මැණික්‌ අතර අග්රහගන්ය' බවත් සලකා මෙසේ වර්ණනා කර තිබේ.



අනුරපුර යුගයේ සිට මාතර අවධිය දක්‌වා විවිධ කාව්යස නිර්මාණයන්හි නියෑලුන අපේ කවියෝ බුද්ධ වන්දනාව තම නිර්මාණයේ ආරම්භය ලෙසින් සැලැකුහ. තම තම නැණ පමණින් බුදුගුණ කීමටත් උන්වහන්සේගේ ආධ්යා්ත්මික ගුණ මහිමයත් නෙත් සිත් සනහන බාහිර විලාසයත් දැකගත් අන්දම ඔවුහු රචනා කළෝය. ඒ සියල්ලෙහි රැඳුනේ බුදුන් වහන්සේගේ දහම දැකීමෙන් උපන් අපරිමිත ශ්රයද්ධාවයි.






No comments: