UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya

Friday, July 13, 2018

කාර්යාල ක්‍රම

කාර්යාල https://drive.google.com/file/d/1KkOHYWbnCfwLWKmKeeZH7XtDmx56U9ya/view?usp=drivesdk

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)






මුල් පිටුව  පාර්ලි‌මේන්තු‌වේ කටයුතු සිදුවන ආකාරය  විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)151 වැනි ව්‍යවස්ථාවවිසර්ජන පනත් කෙටුම්පතසියලු පිටු

හැඳින්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට යෙදෙන වඩා ජනප්‍රිය යෙදුම 'අයවැය' යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික දින දර්ශනයේ, වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම සහ ඉන් අනතුරුව එළඹෙන විවාදය, ඕනෑම වර්ෂයකදී පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන නීති සම්පාදනයන් හා යෝජනා සියල්ලටම වඩා නොවේනම් එවැනි කාර්යයන් බහුතරයට වඩා ප්‍රමුඛත්වය ගනී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම පනත් කෙටුම්පතක් සේම, අයවැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරුව එම කියවීම් වාර තුනේදීම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ.

වෙනත් ඕනෑම කෙටුම්පතක් වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයම අනුගමනය කරනු ලැබුවත් අයවැය යනු සාමාන්‍ය මුදල් කෙටුම්පතක් නොවේ. රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසර වලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කිරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත්, රටටත්, සත්‍යව‍ශයෙන්ම ලෝකයටත්, ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. එම නිසා, බදු ගෙවන සියල්ලන්ටද, වානිජ ව්‍යාපාරවලටද, ආ‍යෝජකයන්ට සහ රජයේ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ටද එය වැදගත් වේ.



රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල

රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතලවල පදනම වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii වැනි පරිච්ඡේදයයි.

 148 වැනි ව්‍යවස්ථාව
කිසියම් පොදු අධිකාරයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් කිසියම් බද්දක් වරිපනමක් හෝ වෙනත් කිසියම් බදු විශේෂයක් පැනවීමට අදහස් කරන්නේ නම්, එය කළහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීතියක අධිකාරය යටතේ පමණක් බවද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවද මේ ව්‍යවස්ථාව සඳහන් කරයි.

149 වැනි ව්‍යවස්ථාව
නියමිත කාර්යයක් සඳහා‍ නීතියෙන් වෙන් කරනු නොලැබූවාවූද, ජනරජය සතු වූද සියලුම අරමුදල් ඒකාබද්ධ අරමුදලට බැරවේ. අයබදු, තීරුබදු, වරිපනම් හා රජයට ගෙවනු ලබන අනෙකුත් සියලුම ආදායම් හා ලැබීම් නියමිත කාර්යයක් සඳහා දැනටමත් වෙන් කරනු ලැබ නැත්නම්, ඒ සියල්ල ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතුවේ. ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබාගන්නේ කවර කාර්යයන් සඳහාද යන්න පාර්ලිමේන්තුව තීරණය කරයි. එයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, ණය අරමුදලේ ගෙවීම් සහ ඒකාබද්ධ අරමුදලට අදාල වියදම්ය.

150 වැනි ව්‍යවස්ථාව
කිසියම් විශේෂිත රාජ්‍ය සේවයකට කිසියම් මූල්‍ය වර්ෂයක් තුළ වියදම් කිරීම සඳහා විශේෂිත මුදල් ප්‍රමාණයක් ලබා දෙමින් පාර්ලිමේන්තුව යෝජනාවක් හෝ නීතියක් සම්මත කළ විට, රජයට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත හැකිය. පාර්ලිමේන්තුව බලය ලබාදුන් පසු අවශ්‍ය විශේෂිත මුදල් ප්‍රමාණය ආපසු ලබා ගැනීමට හැකි වන්නේ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක් නිකුත් කරනු ලැබීමෙන් පසුව පමණි.

මෙම සාමාන්‍ය ක්‍රමයට ව්‍යතිරේක දෙකක් 150 ව්‍යවස්ථාවේ (3) සහ (4) ඡේදවල දැක්වේ.

අයවැය මගින් අරමුදල් විසර්ජනය කර නොමැතිව තිබියදී, පාර්ලිමේන්තුව විසුරැවා හරින ලද තත්ත්වයකදී මෙය අදාළ වේ. එවිට, නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 03 ක කාලයක් සඳහා මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සඳහා බලය ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබේපාර්ලිමේන්තුව විසින් එම කාර්යය සඳහා මුදල් අනුමතකර නොමැතිව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නේ නම්, එවිට මැතිවරණ කොමසාරිස්වරයා විමසා, රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබිය හැකිය.

151 වැනි ව්‍යවස්ථාව
හදිසි සහ පුරෝකථනය කළ නොහැකි වියදම් වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවට නීතියෙන් ඉඩකඩ ලැබේ. හදිසි අවස්ථාවට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මුදලක් දැනටමත් විසර්ජනය කර නොමැති බව මුදල් ඇමතිවරයාට හැඟීගියහොත්, එවිට ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන මෙම අරමුදලෙන් යම් අත්තිකාරම් මුදලක් ගෙවීමට බලය පැවරිය හැකිය. ඒ සමගම හැකි ඉක්මනින් එලෙස අත්තිකාරම් ගෙවූ මුදල ප්‍රතිපූර්ණය කිරීමෙහිලා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගත යුතුවේ.

සංචිත
පොදු වෙන්කිරීමකින් හෝ විශේෂ වෙන්කිරීමේ අරමුදලකින් විභජනය නොකළ මුදලක් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට 1944 අංක 16 දරන මූල්‍ය සංචිත පනතින් විධිවිධාන සලස්වා තිබේ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එවැනි අරමුදල්, රජයේ ඒකාබද්ධ අරමුදලට මාරු කළ හැකිය.

154 "ජ" ව්‍යවස්ථාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවනු ලැබීමෙන් පසු මූල්‍ය කොමිසමේ නිර්දේශ අනුව යමින් එකිනෙක පළාත්වලට පාර්ලිමේන්තුව සිය වාර්ෂික අය-වැයෙන් මුදල් වෙන්කරන ලදී. මහ බැංකුවේ අධිපති, ප්‍රධාන ජන කොට්ඨාස තුනේ නියෝජිතයින් මෙන්ම මූල්‍ය, පරිපාලන, ව්‍යාපාර හෝ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතා ඇති තිදෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වියයුතු බව 154 "ජ" වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

පළාත් පරිපාලනයේ සහ මහා භාණ්ඩාගාරයේ ප්‍රමුඛ නිලධාරින් සමග එක්ව මූල්‍ය කොමිසම පළාත්වල අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කරයි. එහි නිර්දේශ වලට පදනම සකසන මාර්ගෝපදේශ මූලධර්ම එමගින් සකසනු ලබන අතර, ජනගහනය, ඒක පුද්ගල ආදායම, විෂමතා පිටුදැකීම සහ ඒක පුද්ගල ආදායමේ අඩුවීම යනාදී කරුණුද එහිදී විශේෂයෙන් අවධානයට යොමුකළ යුතු යැයි 154 "ජ" (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ.

කොමිසමේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදරිපත් කරනු ලබන අතර ජනාධිපතිවරයා ඒවා පාර්ලිමේන්තුවට දැනුම් දේ. මෙකී නිර්දේශ සැලකිල්ලට ගන්නා රජය "කොමිසම සමඟ සාකච්ඡා කර බලා, පළාත් වල අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමාණවත් වන පරිදි වාර්ෂික අය-වැයෙන් එම මුදල් විසර්ජනය කරයි".

විසර්ජන පනත් කෙටුම්පත

අය-වැය සැකසීමේ මූලික පියවර පහත දැක්වෙන පරිදි සාරාංශ ගතකළ හැකිය:

පවත්නා වර්ෂයේ මුල් කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය අයවැය චක්‍රලේඛය නිකුත් කරයි. තමා යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු හා ආයතනවල සහාය ඇතිව අමාත්‍යාංශ ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස් කරයි.මුදල් කොමිෂන් සභාව සිය ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාර පළාත් සභාවන්ට ප්‍රතිපාදන නිර්දේශ කොට ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරයි. මේවා භාණ්ඩාගාරය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු සකස් කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා පවත්වයි. ඉන්පසු ඒවා අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යයනය හා අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ. අවසන් ඇස්තමේන්තුව රජයේ අයවැයේ අතිරික්තය හෝ හිඟය පෙන්නුම් කරයි. පසුගිය දශක කිහිපය මුළුල්ලේම සෑම රජයක්ම ඉදිරිපත් කර ඇත්තේ හිඟ අය‍වැය ය. මෙම ඇස්තමේන්තු විසර්ජන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවට ඉදරිපත්කරනු ලබන අතර, මෙය ඇත්ත වශයෙන්ම මුදල් අමාත්‍යවරයා සිදුකරන අය වැය පළමු වර කියැවීම වේ.

සාමාන්‍ය ක්‍රමය වනුයේ මුදල් අමාත්‍යවරයා පවත්නා වර්ෂයේ ‍ඔක්තෝබර් මුලදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් ඉක්බිතිව ඊළඟ වර්ෂයේ ජනවාර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වීමයි. මෙම ක්‍රමයෙන් බැහැරවන අවස්ථා ලෙස දැක්විය හැක්කේ මහා මැතිවරණයක් කැඳවා නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කොට නොගත් අවස්ථාවක් හෝ නව රජයක් දිවුරුම් දුන් වහාම, එයට නියමාකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති අවස්ථාවක්ය.

පාර්ලිමේන්තුව එවැනි අවස්ථාවකට මුහුණදීමේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරවා ගැනීමට යොමුවෙයි. මෙම ක්‍රියා පටිපාටිය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳ ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර ‍නියෝගයන්හි සඳහන් නොවේ. පාර්ලිමේන්තුව දැනටමත් කෙරෙමින් පවතින ව්‍යාපෘති හැර, නව ව්‍යාපෘති සඳහා‍ අරමුදල් සම්මත නොකරයි. දෙපාර්තමේන්තු හෝ පොදු ආයතන සඳහා අරමුදල් වෙන් කෙරෙනුයේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට පමණි. එම නිසා කෙටි විවාදයකින් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව අතුරු සම්මත ගිණුම සම්මත කරනු ලබයි.

ඕනෑම වර්ෂයක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතක ආරම්භක ඡේදයේදී, පනතේ ප්‍රධාන අරමුණ පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කරනු ලැබේ:

"මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනතකි."

මෙය අය-වැය පළමුවර කියවීම වන අතර, එළඹෙන මුදල් වර්ෂයට අදාළව සිය වැඩ සටහන් සඳහා ආදායම් උපයාගැනීමේ රජයේ යෝජනා විස්තරාත්මකව ඉදිරිපත් කරන අය වැය දෙවනවර කියවීම සඳහා වන දිනය මුදල් අමාත්‍යවරයා නිවේදනය කරයි.

විසර්ජන පනත් කෙටුම්පතට විශේෂිත තත්ත්වයක් තිබුණ ද පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම සාමාන්‍ය පනත් කෙටුම්පතක් සඳහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙලම ඒ සඳහා ද අනුගමනය කරනු ලැබේ. එබැවින්, පළමුවර කියවීමෙන් පසුව පුරවැසියෙකුට 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම ප්‍රතිපාදනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ හැකිය.

ස්ථාවර නියෝග මගින් සම්පූර්ණ අයවැය ක්‍රියාවලිය සඳහා දින 26 කට නොවැඩි කාලයක් නියම කර ඇති අතර එයින් දින 7 කට නො‍වැඩි කාලයක් දෙවන වර කියවීම සඳහා ද දින 22 කට නොවැඩි කාලයක් තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථාව සඳහා ද වෙන් කර තිබේ.

අයවැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී සමාජයේ සියලුම අංශ අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය සභා ගර්භයට රැගෙන එයි. අයවැය යෝජනාවල රහස්‍ය බව එමගින් සංකේතවත් වේ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම යෝජනාවන්හි ඇති කරුණු අන් අයට දැනගැනීමට ලැබුණහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ.

අයවැය කථාවේ පළමු කොටසේදී ඔහු රටේ මූල්‍ය තත්ත්වය හා ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරයි. දෙවන කොටසෙහි අඩංගු වන්නේ ආදායම් සහ වියදම් යෝජනා, බදු අයකරන ආකාරය පිළිබඳ විස්තර හා වියදමෙහි ප්‍රමාණය, පොළී අනුපාත, ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සහනාධාර හා සහන ආදිය වේ. රජයේ පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ ආධාර හා විදේශ ආයෝජන, රැකියා නියුක්තිය හා සමාජ ශුභ සාධනය පිළිබඳ තත්ත්වය එමගින් පොදුවේ සඳහන් කරනු ලැබේ.

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරනු ලබන ආකෘතියක් අනුවයි. පළවැනි හා දෙවැනි වශයෙන් එහි කොටස් දෙකකි. පළමුවන කොටසේ අඩංගු වන්නේ විවිධ අමාත්‍යාංශ හා ඒ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවල පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ප්‍රකාශයන්ය. ඒවා වැය ශීර්ෂ යට‍තේ සංවිධානය කර ඇති අතර වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් තව දුරටත් වෙන් කොට ඇත.

දෙවන කොටසෙහි සඳහන් වන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල අත්තිකාරම් ගිණුම් ක්‍රියාකාරකම් වන අතර ලැබීමේ අවම සීමාව හා වියදම් කිරීමේ උපරිම සීමාව එහිදී විශේෂිතව සඳහන් වේ. මෙම සීමාවන් සඳහා වූ ඕනෑම වෙනස්කමක් කළ යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා මෙම සීමාවන් සඳහා සංශෝධිත ඇස්තමේන්තු ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුව විසිනි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු විවාදය සඳහා උපරිම වශයෙන් දින 7 ක් වෙන් වේ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ විට ආණ්ඩුවට හා විපක්ෂයට කථා කිරීම සඳහා වේලාව වෙන් කර දෙනු ලැබේ. අදාළ ප්‍රධාන සංවිධායකවරු කොටස්කාර පාර්ශ්වයන්ට හා මෙම විවාදයට සම්බන්ධ වීමට කැමති ඔවුන්ගේ සාමාජිකයන්ට කාලය වෙන් කර දෙති. වෙන්කරන ලද දින 7 ක කාලය අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ‍ පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ. මෙය විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව හෝ තෙවන වර කියවීම ලෙස හඳුන්වනු ලැබේ.

තම අමාත්‍යාංශ යටතේ ඇති ඒ ඒ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් හි ප්‍රගති වාර්තා සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදාහැරීම සියලුම අමාත්‍යාංශවල සාමාන්‍ය සිරිත වේ.

යම්කිසි මන්ත්‍රීවරයෙකු අයවැය සඳහා යම්කිසි සංශෝධනයක් යෝජනා කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු එම සංශෝධනය දෙවනවර කියවීම අවසානයේ දී ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතු අතර එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ආණ්ඩුව කාරක සභා අවස්ථාවේදී දැනුම් දේ.

අයවැය / විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ විවාදය උපරිම වශයෙන් දින 22 ක් වන කාලයක් පුරා පැවැත්වේ. ස්ථාවර නියෝග 70(5) මෙසේ පනවයි: "මෙම නියෝගයෙහි (1) වන ඡේදයෙහි සලසා ඇති අන්දමට හැර විසි දෙකකට වැඩි නොවන දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවධිය පැවැත්වීමට වෙන් කරනු ලැබිය යුතු වන අතර එම දිනවලින් අන්තිම දිනයෙහි අ.භා 06.00 ට, පනත් කෙටුම්පත ඊට පෙර වාර්තා නොකරන ලද්දේ නම්, එවිට සාකච්ඡා වෙමින් පැවති කවර සං‍ශෝධනයක් හෝ පිළිබඳ ප්‍රශ්නයද, ඊට පසු එම ශීර්ෂය යටතේ ඇති ආණ්ඩුවේ සංශෝධන පිළිවෙලින් ගෙන ඒ පිළිබඳ ප්‍රශ්නද ඉන් පසු එම ශීර්ෂය පිළිබඳ වැඩ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය ප්‍රශ්නයද සභාපතිතුමා විසින් විමසනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව එක් එක් අමාත්‍යාංශයේ ශීර්ෂය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයද විමසිය යුතුය."

එක් එක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා සභාව විසින් වෙන් කරනු ලැබිය යුතු කාලය කොපමණද යන්න විපක්ෂය තීරණය කරයි. ඉන් පසුව විපක්ෂයට කථා කිරීම සඳහා වැඩි කාලයක් ද සහිතව රජය සහ විපක්ෂය අතර කාලය වෙන් කර දෙනු ලැබේ.

එක් එක් ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව අවසානයේදී, සභාවේ අනුමැතිය සඳහා ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ. විපක්ෂය එක් එක් ශීර්ෂය පිළිබඳව බෙදීමක් ඉල්ලා ‍නොසිටින හා සියලු ශීර්ෂ පිළිබඳ විවාදය අවසානයේදී පමණක් ඡන්දය විමසනු ලබන සම්ප්‍රදායක් ඇති වී තිබේ.

බොහෝ විට, මන්ත්‍රීවරුන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන කාල සීමාව තුළදී කථා කිරීම සඳහා මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක් සූදානම්ව සිටින අවස්ථා එළඹේ. එම නිසා එක් එක් පක්ෂයට යම් නියමිත කාල වේලාවක් බැගින් වෙන් කර දෙනු ලැබේ. විවාදය මෙම අවධියේදී ‍මන්ත්‍රීවරයකුට එක් වතාවකට වැඩියෙන් කථා කිරීම සඳහා ස්ථාවර නියෝගවලින් අවසර ලැබේ.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වේ. මෙම අවස්ථාවෙහිදී, සංශෝධන සහිතව හෝ රහිතව අදාළ වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සම්මත කරනු ලැබී යයි කථානායකවරයා නිවේදනය කරයි.

ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන ඊලඟ ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.

පාර්ලමේන්තුව විසින් අයවැය ප්‍රතික‍්ෂේප කරනු ලැබීමෙහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුවේ ඉල්ලා අස්වීම හෝ පාර්ලිමේන්තුව දිවුරුම් දීමෙන් පසු වර්ෂයක කාලයක් ඉකුත් වී තිබේ නම්, පාර්ලිමේන්තුවේ විසුරුවා හැරීමයි. අභිනවයෙන් අයවැයක් ඉදිරිපත් කිරීමට නව රජයකට සිදුවේ. විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරන ලද ප්‍රථම අවස්ථාවෙහිදී ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබිණි නම්, ඉන් අනතුරුවම ඉදිරිපත් කරන ලද අයවැයද ප්‍රතික්ෂේප වුව හොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1)(ඈ) ව්‍යවස්ථාවේ දැක්වේ.

උපුටා ගැනීමකි

Spoken English

Actually I can't / ඇත්තටම මට බැහැ

all right/ ඒක හරි

All the best to you/ ඔබට සුභ වේවා

Anything else/ වෙන මොනවද






    
How are you certain/ ඔබට සහතික ද

Are you mad/ ඔබට පිස්සුද

Awesome/ විශිෂ්ඨයි

Be on time/ වෙලාවට ඉන්න

Bull shit /මල ජරාවක්

By the way /මේ ඒක නොවේ

Can I have question please/ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද

Can I have it now/ ඒක ගන්න පුලුවන්ද

Can you call later/ පසුව කතා කරන්න පුළුවන්ද

Can you do me a favour/matar udekaran apoorvanand

Can you manage it /ඔබට ඒක කරන්න පුළුවන්ද

Can you repeat it /ඒක නැවත කරන්න පුලුවන්ද

Can you understand it/ ඒක තේරුම් ගන්න පුලුවන්ද

Can you hear it/ ඔබට එය ඇහෙනවද
Certainly /ඇත්තෙන්ම

Definitely/ නිශ්චිතවම
By kawshalya sandaruwan dissanayake
Give me your contact number
ඔයාගේ ටෙලිෆෝන් අංකය මට දෙන්න
Forgive him
ඔහුට සමාව දෙන්න
Get it repaired
ඒක අලුත්වැඩියා කරගන්න
Get ready




ූ සූදානම් වන්න
God bless you
ඔබට දෙවි පිහිටයි
Give my balance
මගේ ඉතුරු මුදල් දෙන්න

Give my regards to your father
ඔයාගේ තාත්තා මතක් කළා කියන්න
Glad to meet you
හමුවීම සතුටක්
Go ahead
ඉදිරියට යන්න
Go to hell men
පලයන් මිනිහෝ යන්න
God bless you
ඔබට දෙවි පිහිටයි
Good afternoon
සුබ මධ්නක
Good evening
සුභ සන්ධ්‍යාවක්
Good night
සුබ රාත්‍රියක්
Happy to see you again
නැවත හමුවීම සතුටක්
Have a nice day
සුභ දවසක්
Have you forgotten it
ඔයා ඒක අමතක කරලාද
Have you seen it
ඔන්න ඒක දැකලා තියනවද


By kawshalya sandaruwan dissanayake

I'm used to it මම ඒකට පුරුදු වෙලා හිටියා

I'm used to it
මම ඒකට පුරුදු වෙලා හිටියා
I am glad to meet you
ඔබ හමුවීම සතුටක්
I am getting late
මට පරක්කුයි
I can't remember
මට මතක නෑ
I'm angry with you
මම ඔයත් එක්ක තරහයි
I'm against it
මම ඒකට විරුද්ධයි
I admit my fault
මම මගේ වරද පිළිගන්නවා
I will do it for you
මම ඒක ඔයා වෙනුවෙන් කරන්නම්
Hurry up
ikaman කරන්න
Come soon
ඉක්මනින් එන්න
I used to smoke
මම දුම් බොන්න පුරුදු වෙලා හිටියා
I beg your pardon
මම ඔයාගෙන් සමාව අයදිනවා
I can manage everything
මට හැම දෙයක්ම manage කරගන්න පුළුවන්
I can't hear anything
මට කිසිවක් ඇහෙන්නේ නෑ
I can't do it
මට ඒක කරන්න බෑ

I couldn't go there
මට එහේ යෑමට නොහැකි වුණා
I didn't do it
මම ඒක කළේ නෑ
I didn't get you what you say
ඔබ කියූ දේ මට අල්ලාගන්න බැරිවුනා
Should I go there
මම එහෙ යන්න ඕනද
I'm disgusted
මට එපා වෙලා


By kawshalya sandaruwan dissanayake

Friday, February 2, 2018

Conversation part 1

A -You are very foolish.
B -No I'm not foolish.
You are foolish and mad

No you are wrong
You are jealous of me and mad

No I'm not mad ok let's stop our talk
I'm really angry with you
I'm sick of you

So am I our friendship is over
Of course we are not friends anymore
Actually.

Excuse me lakmi
Why? you are not friend of me.

I am sorry it is a mistake you are very good person . I'm wrong .I'm extremely sorry about that. Let's forget that.

Ok I'm ready. Let's become friend
I'm not angry with you
So am I.

By kawshalya sandaruwan dissanayake


Spoken English

Actually I can't / ඇත්තටම මට බැහැ

all right/ ඒක හරි

All the best to you/ ඔබට සුභ වේවා

Anything else/ වෙන මොනවද

How are you certain/ ඔබට සහතික ද

Are you mad/ ඔබට පිස්සුද

Awesome/ විශිෂ්ඨයි

Be on time/ වෙලාවට ඉන්න

Bull shit /මල ජරාවක්

By the way /මේ ඒක නොවේ

Can I have question please/ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද

Can I have it now/ ඒක ගන්න පුලුවන්ද

Can you call later/ පසුව කතා කරන්න පුළුවන්ද

Can you do me a favour/matar udekaran apoorvanand

Can you manage it /ඔබට ඒක කරන්න පුළුවන්ද

Can you repeat it /ඒක නැවත කරන්න පුලුවන්ද

Can you understand it/ ඒක තේරුම් ගන්න පුලුවන්ද

Can you hear it/ ඔබට එය ඇහෙනවද
Certainly /ඇත්තෙන්ම

Definitely/ නිශ්චිතවම
By kawshalya sandaruwan dissanayake

Wednesday, June 28, 2017

අභිලේඛන




භාරත දේශය අසහාය ඉතිහාසයක් උරුමකර ගත් දේශයක් වශයෙන් හැඳින්විය හැකිය. භාරත ඉතිහාසයේ නොයෙක් ආකාරයෙන් වැදගත් කමක් උසුලන සාධක භූගෝලීය වෙනස්කමින්, කාලයාගේ ඇවෑමෙන්, විවිධ උපද්‍රව වලින් වියැකී යෑම අභාග්‍යයක්ය. නමුත් ඉන්දීය දේශයේ ඉතිහාසය යම් තරමකින් හෝ නිරවුල්ව දැන ගැනීමට ඇති සාධක කිහිපයක් වර්තමානය වන විට ද අතිර්කතව පවතී. ඒ අතර අපට ශිලා ලේඛන හඳුන්වා දිය හැක. මේවා ඉන්දීය දේශය සිසාරා විසිර පවතී. එම ශිලා ලේඛන තුළින් භාරත දේශයේ විවිධ ව්‍යාප්තීන් පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැක. ඒ අනුව මෙම ශිලා ලේඛන තුළ රාජ්‍ය පාලනය, පොදු ජන ජීවිතය, ආගමික විශ්වාස ආදි නොයෙක් කරුණු පිළිබඳ විස්තර ඇතුළත්ව පවතී. තවද මෙම ශිලා ලේඛන හමුවීමෙන් ඉන්දීය ඉතිහාසයේ වකවානු පිළිවෙළ, රාජ්‍ය නාමාවලිය මෙන්ම ඊට සමගාමී නොයෙක් සමීප සාධක අනාවරණයෙහි හැකියාව ඇත.
ඒ අනුව මෙම නිබන්ධනය තුළ දී විශේෂයෙන් ඍග් වෛදික යුගයේ දක්නට ලැබෙන ශිලා ලේඛන, බුද්ධ කාලීන ලිපි මෙන්ම අශෝක යුගය, ගුප්ත යුගය සහ ඊට පසුකාලීනව පැවැති දැනට හමුව ඇති ශිලා ලේඛන පිළිබඳ අධ්‍යනය කිරීම මූලිකම අරමුණයි. එහිදී විශේෂයෙන් එම ලේඛන වල විවිධ වෙනස් වීම් හෙවත් විකාශනය පිළිබඳ අධ්‍යනය මූලික වේ. භාෂාව, අන්තර්ගතය, පිහිටි ප‍්‍රදේශය, පිහිටි වර්ෂය ආදී නොයෙක් කරුණු පිළිබඳ මෙම නිබන්ධනය තුළ අධ්‍යනය කිරීම මූලිකම ප‍්‍රයත්නය බව මෙහිදී මුලින්ම සඳහන් කිරීම යුක්ති යුක්තය. සමස්තයක් ලෙස භාරතීය ශිලා ලේඛන වල විකාශනය පිළිබඳ මෙම නිබන්ධනය තුළින් ප‍්‍රමාණවත් කරුණු විමර්ෂණයක් කිරීමට අපේක්‍ෂා කෙරේ.  

අභිලේඛන

මෙම අභිලේඛන පර්වත මත, සත්ත්‍ව හම් මත, ගස්වල පොතු මත, පත‍්‍ර මත (තල් කොළ*, ලෝහ තහඩු මත, ගල් මත, මැටි පුවරු මත, ටැම් මත දක්නට ලැබේ. මේවා අතීතයට අයත් මෙන්ම ආදි මානවයා සතු අසහය නිර්මාණ විශේෂයන් ලෙස ද හඳුනා ගත හැක. මේ ලේඛන තුළ අඩංගු අක්‍ෂර සහ සංඛේත ඔස්සේ අපට  ඕනෑම ඉතිහාසයක කරුණු ගවේෂණය කළ හැක. ඒ අතර කාලනිර්ණය, විවිධ භාෂාත්මක ලක්‍ෂණ මෙන්ම සංස්කෘතිකාදි මූලයන්හී ස්වරූපයන් මැනවින් නිරීක්‍ෂණය කළ හැක. ඒ අනුව මෙම ලේඛන අධ්‍යනය කිරීමේදී විශේෂයෙන්ම එකල භාෂාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් මූලිකවම අවැසි වේ.
ශ‍්‍රී ලංකාව වැනි දේශයක් ගත් විට එහි ඉතිහාසය සම්බන්ධ කරුණු මහාවංශය වැනි ග‍්‍රන්‍ථ තුළ ඇතුළත් වේ. නමුත් ඉන්දීය දේශය පිළිබඳ එසේ විරචිත අඛන්ඩ සාහිත්‍යයක් දක්නට අපහසුය. මෙම තත්ත්‍වයන් මත ඉන්දීය ඉතිහාසය අධ්‍යනයෙහි ලා මෙම අභිලේඛන මහ`ගු රුකුලක් සපයන බව පෙනේ. අභිලේඛන සාධක වලින් තොරව ඉන්දීය දේශයට ඉතිහාසයක් තිබුණා යැ’යි කීම පවා අතිශයෝක්තියකි. ඒ අනුව ඉන්දීය ඉතිහාසය අනාවරණයෙහි ලා අභිලේඛන ප‍්‍රමුඛතම දායකත්වය සපයයි. අශෝක අවධියේ සිටම ඉතිහාසය අධයනයෙහි දී අභිලේඛන ප‍්‍රභල මූලාශ‍්‍රයක් ලෙස සැළකේ. ඉන්දීය අභිලේඛන තුළ වැඩි වශයෙන් පරිත්‍යාගය පිළිබඳ කරුණු අඩංගු වේ. වෙළඳ, අයබදු, නීතිය, කම්කරුවන්, විහාර පාලනය, කෝවිල් සහ ආරාම අනුස්මරණය ආදි නොයෙක් කරුණු පිළිබඳ මෙම අභිලේඛන තුළ කරුණු අන්තර්ගත වේ. සමහහර ලිපි ආගමික වටිනාකම් උරුම කරගත් අතර සමහර ලිපි සාහිත්‍යාත්මක හෝ කාව්‍යාත්මක වටිනාකමක් නියෝජනය කරයි. මෙම අභිලේඛන අතර ප‍්‍රමුඛස්ථානයක් ශිලා ලේඛන වලට හිමි වේ.

ශිලා ලේඛන

භාරතීය ඉතිහාසයේ වටිනාම වූත්, මිළ කළ නොහැකි වූත් සාධකයන් අතර ශිලා ලේඛන ප‍්‍රධාන තැනක් ගනී. මෙම සෙල්ලිපි ප‍්‍රදාන වශයෙන් ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි යනුවෙන් වර්ග කළ හැක. ඉන්දියාවේ දහස් ගණනින් යුක්ත මෙම අභිලේඛන තුළ භාවිත භාෂාව ලෙස වැඩිපුරම දක්නට ලැබෙන්නේ බ‍්‍රාහ්මීය අක්‍ෂරය. ඒ අනුව කල්යත්ම සංස්කෘත භාෂාව මෙන්ම දේශීය භාෂා වර්ධනය වී සංස්කෘත ව්‍යවහාරය ක‍්‍රමයෙන් හීන වූ බවක් දක්නට ලැබේ. ඇතැම් යුගවලදී ප‍්‍රාකෘත භාෂාව සහ සාහිත්‍ය ප‍්‍රභල තත්ත්‍වයක පැවති බව සඳහන් වේ. ක‍්‍රි: පු: 05 වන සියවසේ ජෛන සහ බෞද්ධ දර්ශන භාරතයේ පහළ වූ පසු මාගධ සහ අර්ධ මාගධී භාෂාවන්ගේ බලපෑමෙන් ප‍්‍රකෘතය තව දුරටත් ජනප‍්‍රිය විය. අශෝක රජු ක‍්‍රි: පු: තුන්වන සියවසේ පහළ වීමෙන් පසු ඔහුගේ ශිලා ලේඛන වලදි විශේෂයෙන් භාවිත වී ඇත්තේ ප‍්‍රාදේ්ශීය ව්‍යවහාරයන් නිසා සංස්කෘත භාෂාව යම් පසුබෑමකට ලක්ව ඇත. කෙසේ වුවද ප‍්‍රාකෘත භාෂාව ක‍්‍රි: ව: ආරම්භයත් සම`ග රාජ්‍ය භාෂාව වශයෙන් භාවිත වූ බව පෙනී යයි. නමුත් ක‍්‍රි: ව: 02 වන සියවසෙහිදී සංස්කෘතයට නව ජීවයක් ලැබුණු බව පෙනී යයි. ඒ අනුව ඉන්දීය සාහිත්‍යයේ ශිලා ලේඛන බොහෝමයක් විද්‍යමාන වන අතර ඒවා සොයා ගැනීමට අසීමිත වෙහෙසක් දැරීමට සිදුවී ඇත. භූගෝලීය වශයෙන් සිදුවී ඇති වෙනස්කම් වලට හසුවූ ශිලා ලේඛන සොයාගැනීමේ පූරෝගාමීන් අතර සර්. විලියම්ස් ජොන්ස් සඳහන් කළ හැක. මෙම ප`ඩිවරයා රාජකීය ආසියාතික සමිතිය ආරම්භ කළ අතර පැරණි ලිපි රැුසක් ආසියාතික පරීක්‍ෂණ සංගරාව වෙත ඉදිරිපත් කළහ. ඒ අනුව මෙම වැළලී ගිය පැරණි භාරතයේ ශිලා ලේඛන පිළිබඳ සොයා ගැලීමේදී විවිධ වියතුන් උත්සුක වූ බව පෙනේ.
ඒ අනුව ඉන්දීය ශිලා ලේඛන වල ආරම්භය ඍග් වෛදික යුගය තෙක් ඇදී යයි. ඊටත් පෙර කාලයක සලකුණු ප‍්‍රකට කරන ලිපියක් සොයාගෙන ඇත. බෝගස් කෝයි (ඊදටයමි ජදස* නමැති ස්ථානයෙන් සොයා ගෙන ඇති ශිලා ලේඛනය විශේෂම ශිලා ලේඛනයක් ලෙස හැඳින්විය හැක. එය දැනට හමුව ඇති පැරණිම ශිලා ලේඛනය ලෙස නම් කළ හැක. හිමසිට් හා මිතානි යන රාජ වංශ දෙක අතර වූ ගිවිසුමකට අනුව මෙම ශිලා ලේඛනය රචනා වී ඇත. විශේෂයෙන්ම පැරණි භාරත විද්‍යාව පිළිබඳ අධ්‍යනයේදී මෙම ලිපිය වැදගත් වේ. ඍග් වෛදික සමය තුළ අතිශය බල පරාක‍්‍රමයෙන් යුකත් වූ වරුණ දෙවියා පිළිබඳ මෙන්ම එවැනිම සම්භවයක් සහ විශේෂත්වයක් ඇති මිත‍්‍ර දෙවියන් පිළිබඳ මෙයින් කරුණු ඉදිරිපත් වේ. ඒ අනුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ කරුණු ඉදිරිපත් වන මෙම ලිපිය ඉන්දීය ශිලා ලේඛන ඉතිහාසය අධ්‍යනයේදි පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන අයුරු පෙනී යයි.
භාරතයේ මීල`ගට වැදගත් වන ලිපි සමුච්ඡුය ලෙස බුද්ධකාලීන ප‍්‍රාකෘත ලිපි හැඳින්විය හැක. ඉන් පළමු වැන්න ලෙස බුද්ධකාලයේ පූර්ව භාගයට අයත් වූවක් ලෙස සැළකෙන ජේතවන විහාර භූමියෙන් විසිතුරු ශිලා ස්ථලය හැඳින්විය හැක. රෝපිත වෘක්‍ෂයන් හා අතරතුර රන්කාසි අතුරා ඇති ආකෘතියත් බොහෝ කැටයම් සමූහයකින් විචිත‍්‍රවත් කොට ඇති මෙම ශිලා ලේඛනයේ ඉහළ කොටසේ බ‍්‍රාහ්මීය අක්‍ෂර වලින් ‘ගන්ධ කුටි’ යන වචනය කොටා ඇත. එම ලිපියේ ‘ජේතවනං අනාථ පිණ්ඩිකෙන කොටි සත්තිතෙන දේති ඛෙමං’ යනුවෙන් ජේතවනය අනාථ පිණ්ඩික විසින් කෝටි ගණන් රන් මිල ඇතිරීමෙන් ක්‍ෂේමය හෙවත් නිර්වාණය පිණිස දෙයි යන්න එහි අදහසයි. අනේපි`ඩු සිටුතුමා ජේතවනාරාමය රන් කල අටක් ගෙවා මිලදී ගත් උද්‍යාණයෙහි ස්ථාපිත කළ බව මුල් බුදුසමය තුළ ද සඳහන් වේ. එම කරුණ පිළිබඳ පැරණිම ශිලා ලේඛන සාධයක් ලෙස මෙය හඳුනා ගත හැක.
දෙවන ලිපිය ලෙස තව්තිසා දෙවුලොව පැවැත්වූ අභිධර්ම දේශනාව ගැන කියැවෙන අභලේඛනය හැඳින්විය හැක.
‘සුධමා දෙව සභා භගවතො සුරමහා’
‘භාග්‍යවතුන් වහන්සේගෙන් සහ මහා දේව සමූහයාගෙන් සැදුම්ලත් සුදර්මා දේව සභාව’
බුද්ධ කාලීන ප‍්‍රාකෘතයෙන් රචිත බව ප‍්‍රකාශ කළ ද මාගධ ලක්‍ෂණ මෙම ලිපියෙන් ප‍්‍රකට වේ. මේ අනුව අභිලේඛන වලට සම්බන්ධ මීල`ග ලිපිය ලෙස බුද්ධ කාලීන බ‍්‍රාහ්මණ ලිපිය හැඳින්විය හැක. මිහිඳු හිමියන්ගේ ජන්ම භූමිය වූ වේදිසාවේ බුද්ධ කාලීන රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරන ලද ස්ථානවල ලිඛිත සටහන් මේ යටතේ ගණනය කළ හැක.
‘සපුරිස්ස මහා කචනච අජිවාසිනො සොතය’
‘සපුරිස සරිපුථස සපුරිස්ස මහා මොගලනය’
‘සපුරිස්ස කොඩලී පුනච උපහිත කස’
යනුවෙන් ඒවායේ තොරතුරු ඇතුළත් වේ. මින් අනතුරුව දඹදිව මධ්‍ය මණ්ඩලයේ සාක්‍ය ජන පදයට අයත් කපිලවස්තුවේ පැරණි දාගැබක තිබී හමුවූ කර`ඩුවක් වටා බ‍්‍රාහ්මී අක්‍ෂර විලාශයකින් විරචිත අභිලේඛනය හැඳින්විය හැක. මෙය හතරවැන්න ලෙස අපට හඳුනාගත හැකිය.
‘ඉයං සලිල නිධනෙ බුදස භගවාතො සඛියානං සුඛිත් බතානං සභගීකානං සසුත ගලන’
‘භාග්‍යවත් වූ බුදුරදුන්ගේ මේ ශරීර නිධාන ධාතු යහපත් ජීවිතයක් වර්ධනය කළ පෝෂණය කළ භගිනීන් සහිත වූ පුත‍්‍ර දරුවන් සහිත වූ සාක්‍යයින්ගේ ක‍්‍රියාවක්’
යනුවෙන් මෙම ලිපියේ සඳහන් වේ. මීට අමතරව අශෝක ශිලා ලේඛන වලට පෙර ලිපි කිහිපයක් ද හමුවේ. ්ජය් මේරියන් වරුන්ගේ ලිපි ඒ අතර වැදගත් වේ. මෙම ලිපි ක්‍මබසැ ත්‍දරප යන අක්‍ෂර විශේෂය උපයෝගී කරගෙන විරචිත බව සඳහන් වේ. ඒ අතර ඡුැරිස චදකසි අභිලේඛනය ්‍ය්ප්ට්බ රන් රජත පූරු ලිපිය පැරණි පර්සියානු භාෂා විලාශය ගෙන හැරපායි. තවද චම්පුකාව්‍ය ආරම්භය සම්බන්ධයෙන් කාව්‍යමය ශිලා ලේඛන ද වැදගත් වේ. එයින් ඉතා පරණිම ශිලා ලේඛනය ලෙස ගිරිනාර් ප‍්‍රශස්තිය හැඳින්විය හැක. මෙය ක‍්‍රි: ව: 150 ආසන්නයේ දී ලියැවී ඇත. පළමු රුද්‍රදාමන් රජු පිළිබඳ මෙයින් කියැවෙන අතර ඉතා දික්වූ සමාස පද මෙහි දක්නට ලැබේ. මෙහි සුදර්ශන නම් වැවක් ප‍්‍රතිසංස්කරණය පිළිබඳ කරුණු සඳහන් වෙයි. නාසික් ලිපිය ද කාව්‍යමය ශිලා ලේඛන අතර වැදගත් වේ. ප‍්‍රාකෘතයෙන් රචිත මෙය සාතවාහන රජුගේ 19 වන වර්ෂයට අයත්ය.


අශෝක ශිලා ලේඛන වල ව්‍යාප්තිය

අශෝක රජු තම ලිපි තුළ තමන් ‘දේවානංපිය පියදසි’ යන නාමයෙන් තමන් හඳුන්වා දී ඇත. මෞර්ය වංශයට අයත් රජෙකු වූ අශෝකයන් ක‍්‍රි: පු: 274 - ක‍්‍රි: පු: 232 දක්වා කාලයට තුළ භාරත දේශය පාලනය කළහ. දැනට මොහු විසින් දේශසීමා තුළ පිහිටුවා ඇති ශිලා ලේඛන හතළිහක් පමණ දක්නට ලැබේ. මෙයින් ප‍්‍රධානතම තුදුස් ලිපියෙහි පිටපත් ගිර්නාර්, කල්සි, ෂබාර්ගර්හි මන්සේහ්රා, ධෞලි, ජෞගදා සහ සොපාරා යන ස්ථානයන්හී දක්නට ලැබේ. මේ ලේඛන ලියා ඇත්තේ මාගධී ප‍්‍රාකෘතයෙනි. ලිවීම සඳහා බෙහෙවින් භාවිත කොට ඇත්තේ බ‍්‍රාහ්මීය අක්‍ෂරයි. ඛරොෂ්ඨි අක්‍ෂර ද කලාතුරකින් යොදාගෙන ඇත. අශෝකයන්ගේ කාලය සඳහන් වී ඇත්තේ අභිෂේක වර්ෂ වලිනි. බිංදුසාර රජු මිය ගොස් අවුරුදු හතරකට පසුව අශෝක රජු රාජ්‍යත්වයට පත්වී ඇත. මෙම තුදුස් ගිරි ලිපි පිටපත් වල ස්වරූපය පැහැදිළිව ආරක්‍ෂා වී ඇත්තේ කාල්සි ගිරි ලිපියෙහිය.

ගිර්නාර්
කථියවාර් අර්ධද්වීපයේ පිහිටි ජුනාගර් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරය ජුනාගර් වේ. ඊට සැතපුමක් තරම් දුරින් මේ නමින් යුත් කන්දක් පිහිටා ඇත. ඒ කන්ද වටා ඇති නිම්නයේ පිහිටි කපොල්ල ආසන්නයේ ගල්පරයක් හමුවේ. එය අඩි 15 ක් පමණ උසින් ද අඩි 75 ක් පමණ වටයෙන් ද යුක්තය. හැඩයෙන් කෝණාකාරය. එහි මතුපිට වර්ග අඩි 100 ක් පමණ කොටසක අශෝක ධම්ම ලිපි කොටා ඇත. මෙහි ලිපි 14 ක් සඳහන් වෙයි. තීරු දෙකකට බෙදා අකරු කොටවා ඇත. ඒවා එකිනෙකින් වෙනස් කොට ඇත්තේ හරස් රේඛා වලිනි. වම් තීරුවේ I සිට V තෙක් ලිපි ද, දකුණු තීරුවේ VI සිට VI සිට XII තෙක් ලිපි ඇතුළත් වේ. XIII සහ XIV ලිපි දෙක V සහ XII ලිපි වලට පහළින් කොටා ඇත. පාරක් තැනීමට ගල් කැඞීම නිසා, V සහ XIII බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.
අශෝක අධිරාජයාගේ ලිපි වලට අමතරව මහාක්‍ෂත‍්‍රය රුද්‍රදාමන්ගේ ලිපියක් ද මේ ගල් පර්වතයෙහි දක්නට ලැබේ. එහි තිබෙන සුදර්ශන තටාකය ගැන විස්තර ඉන් කියැවේ. මෙම ලිපියෙන් ගිර්නාර් කඳුවැටිය උර්ජයන් යන නමින් හඳුන්වා ඇත. චන්ද්‍රගුප්ත රජුගේ ලිපියක් ද මේ ගල් පර්වතයෙහි ඇතුළත් වේ. සුදර්ශන තටාකය ක‍්‍රි: ව: 456/7 පමණේදී ප‍්‍රතිසංස්කරණය කළ බව ඒ ලිපියෙන් සඳහන් වෙයි. විල්සන් ප`ඩිතුමාගේ ප‍්‍රයෝජනය සඳහා මේ ලිපි ලදං නැමැත්තෙකු විසින් 1835 දී ප‍්‍රථම වරට පිටිපත් කර ගන්නා ලදි.

ෂාඃබෂ්ගර්හි ගිරි ලිපිය
ඉන්දීය වයඹ දිග ප‍්‍රාන්තයේ පැලඩොර් දිස්ත‍්‍රික්කය හා බද්ද යුසුෂ්ෂායි ප‍්‍රදේශයේ පාලන මධ්‍යස්ථානය ඔර්දාන් ය. ඊට සැතපුම් නවයක් ඈතින් ගලා යන මකම් නදි බඩ පිහිටි ගම ෂාඃබෂ්ගර් නම් වේ. මීට සැතපුමක් දුරින් අශෝක ධම්ම ලිපි කෙටූ පර්වතයක් පිහිටා ඇත. ලිපිය කෙටූ ගල් පර්වතයේ උස අඩි 80 කි. බෑවුමේ නැෙ`ගනහිර පැත්තේ I සිට XI තෙක් ලිපි පිහිටා ඇත. XIII සහ XV යන ලිපි බටහිර බෑවුමේ පිහිටා තිබේ. XII ලිපිය ආසන්නයේ වෙනත් ගල් පරයක් දක්නට ලැබේ.
මුලදී ඉන්දු බැක්ටි‍්‍රයන් හෙවත් අරියානෙ - පාලි නමින් හඳුන්වන ලද අක්‍ෂර විශේෂයක් මේ ලිපි නෙලීම සඳහා භාවිත කොට ඇති බව මුලින් සඳහන් කොට ඇත. ඛරෝෂිටි යන පෞරාණික නිවැරදි නාමය මේ අක්‍ෂර විශේෂයට පැවරීමේ ගෞරවය ජී. බ්‍යුලර් ප`ඩිවරයාට හිමි වේ. මේ ලිපිය 1836 දී රංජිත් සිං නම් මහ රජුගේ සේවක එම්. කෝටි විසින් මේ ලිපිය සොයා ගන්නා ලදි.

මන්සේහ්රා ගිරිලිපි
ඉන්දියාවේ වයඹ දිග ප‍්‍රාන්තයේ හසාරා දිස්ත‍්‍රික්කයේ මාන්සේරා නගරය පිහිටා ඇත. එයට උතුරු දිගින් පිහිටි ගල් පර්වත තුනක අශෝක ධම්ම ලිපි පිහිටා ඇත. පළමුවන ගල් පර්වතයේ I සිට VIII දක්වා ලිපි ද, දකුණු මුහුණතේ XII ලිපිය ද, තෙවන ගල් පර්වතයේ XIII සහ XV ලිපි ද කොටවා තිබේ. කනිංහැම් මේ ලිපි සොයා ගන්නා ලදි.

ධෞලි ගිරි ලිපි
ඔරිස්සාවේ බුර්දා නම් ජනපදයේ පිහිටි භවනෙශ්වර නගරයට සැතපුම් හයක් පමණ දකුණින් ධෞලි නම් ගමේ මෙම ලිපිය පිහිටා ඇත. ලූතිතන් කිත්තෝ 1837 දී සොයා ගන්නා ලද ධෞලි ලිපි වලට ඔහු විසින් අස්වස්තම යන නාමය දෙන ලදි. ද්‍යා නදියේ දකුණු ඉවුරෙහි පිහිටි ගිරි පොකුණකට අයත් එක් ගල් පරයක මේ ලිපිය කොටා ඇත. මෙහි පනාබැම්මක ඇත් රුවක් කොටා ඇත. ගිරිනාර් ලිපියට සමානකමක් දැක් වුවද මෙහි ගිරිනාර් ලිපියෙහි නොමැති ලිපි දෙකක් සොයාගෙන ඇත. තීරු තුනකින් යුක්ත මෙම ධෞලි ලිපිය මැද තීරුවේ I සිට VI දක්වා ලිපි ද, දකුණු තිරුවේ VII සිට X දක්වා ලිපි සහ XIV ලිපිය ද අන්තර්ගත වේ.


ජෞගදා ගිරි ලිපි
බෙර්ගම්පුර් නාලක නම් පැරණි බල කොටුව මදුරාසියේ පන්ජාබ් දිස්ත‍්‍රික්කයේ පිහිටියේය. එම බල කොටුව වත්මනේ ජෞගදා යන නමින් හැඳින්වේ. විවිධ උසින් යුත් ගල් පර දක්නට ඇති මෙහි ඉන් සකස් කළ පුවරු තුනක අශෝක ධම්ම ලිපි කොටා ඇත. පළමුවන පුවරුවේ I සිට V දක්වා ලිපි ඇතුළත් වේ. දෙවන පුවරුවේ VI සිට X දක්වා ලිපි දක්නට ලැබේ. තුන්වන ලිපියෙහි ඇත්තේ ධෞලි ලිපියේ අමතර ලිපි දෙකෙහි අනුපිටපත්ය. මේ ලිපි දෙක රේඛා රාමුවකින් වෙන් කොට ඇති අතර ලිපි දෙක මුදුනෙහි දෙකොණෙහි ස්වස්තික ලකුණ කොටා ඇත. තව ද පහළ ඇති ලිපියේ ඉහළ කොන් දෙකෙහි ‘ම’ අක්‍ෂර රූපය කොටා ඇත.
අශෝක රජුගේ ධර්මයාත‍්‍රා පිළිබඳ දැක්වීමට රුමින්දේයි සහ නිග්ලිව ටැම්ලිපි පිහිටුවා තිබේ. VIII වන ගිරි ලිපිය බුද්ධගයාව පිළිබඳ මෙන්ම වෙනත් කරුණු අලලා රචනා කොට ඇත. මෙම ලිපි තුළ කාලිංග ආක‍්‍රමණය පිළිබඳ සඳහන් කර ඇත්තේ ද ජනතාවට උපදෙසක් දීමේ අපේක්‍ෂාවෙනි. එසේම සිද්ධපුර, මස්කි හා එරගුඩි යන ස්ථානවල ඇති ශිලා ලේඛන වලදි පිටස්තර රට වැසියන්ට ආමන්ත‍්‍රණය කොට ඇත. පරිපාලන ප‍්‍රතිපත්ති අඩංගු ලිපි පිහිටුවා ඇත්තේ දේශසීමා ආසන්නවය. කාලිංග ලිපිය තුළින් යුද්ධයෙන් පසු ඇති වූ කම්පාව සහ එම රට නැවත යථා තත්ත්‍වයට පත්කිරීම පිළිබඳ සඳහන් වේ. සංඝභේදය පිටු දැකීම සඳහා සාරානාත් ලිපිය රචනා කොට ඇත. කොශම්බි සෙල්ලිපියෙන් ද මහාමාත‍්‍රවරුන්ට මෙබඳුම උපදෙසක් ලබා දී ඇත. රාජපුතානාහි හාබ‍්‍රා සෙල්ලිපියෙන් බුද්ධ ධර්මයට අදාළ කරුණු විස්තර කොට තිබේ. එහිදී ‘‘විදිතෙ වෙභංතෙ ආවතකෙ හමා බුධයි ධංමසි සංඝසි ති ගාලවෙ චං පසාදෙ ච’’  මෙයින් බුද්ධ ධර්මය කෙරෙහි සහ භික්‍ෂූන් වහන්සේ ලා විෂයෙහි රජු තුළ පැවති ආකල්පය පැහැදිළි වේ. එමෙන්ම IV වැනි ගිරිලිපියේදී ඉන්දීය සමාජ සංකල්පයන් විග‍්‍රහ වී ඇත.
එමෙන්ම ‘‘සත්‍යය, දයාව, සුවච බව, මෘදු බව, සාධු බව, අපවෘතාව, සංයමය, භාවශුද්ධිය, කෘතඥතාව, දෘඪභක්තිය වැනි ධර්ම ගුණ අශෝක සෙල්ලිපි තුළ ගබඩා කර ඇත’’  විශේෂයෙන්ම II වන ගිරි ලිපයට අනුව බලන විට සත්ත්‍ව ඝාතනය සමුපූර්ණයෙන්ම තහනම් කොට ඇත. එමෙන්ම ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්‍ථවලට අනුව විවිධ සමාජ සුභ සාධන ක‍්‍රියා සිදුකොට ඇත. එමෙන්ම IX වන ගිරි ලිපියෙන් දාසයන්ට සැළකීම මෙන්ම ගුරු, බ‍්‍රාහ්මණාදීන්ට සැළකීම පිළිබඳ කරුණු සඳහන් වේ.
තුදුස් ගිරිලිපි පද්ධතියේ පිටපතක් වශයෙන් කාල්සි ගිරි ලිපි 1860 දී පොරස්ට් නමැති ගවේෂකයෙකු විසින් සොයාගෙන ඇත. කනිංහැම් පුරාවිද්‍යාඥයා විසින් බලා ලියා ගත් පිටපත පාදක කර ගෙන බ්‍යුලර් ප`ඩිවරයා කාල්සි කියවා සංස්කරණය කොට ඉංග‍්‍රීසි අනුවාදයක් නිකුත් කොට ඇත. කාල්සි ලිපි මාලාවේ 13, 25, 29, 33, 36, 38 යන පේළි කිහිප තැනකම ‘විරාම’ ලක්‍ෂණයක් දක්නට ලැබේ. ඒ අනුව තුදුස් ගිරි ලිපි පිළිබඳ කාල්සි ගිරි ලිපි පිටපත් ආශ‍්‍රයෙන් විමසිමක් කිරීම වැදගත් වේ.



I වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් කිසියම් සතෙකු නැසීම හෝ බිලි දීම නොකළ යුතු බව පෙන්වාදී තිබේ. එමෙන්ම සමාජ උත්සව නොපැවැත්විය යුතු බව ද දක්වයි. එමෙන්ම රජතුමාගේ මුළුතැන්ගෙහි ආහාර සඳහා සතුන් ඝාතනය කිරීමේ ප‍්‍රමාණය ද අඩු කොට ඇති බව මෙයින් ප‍්‍රකාශ වේ. එහිදී එක් මුවකු සහ මොනරුන් දෙදෙනකු පමණක් මරණ ලද අතර පසුව එම සතුන් තිදෙනා ද නොමැරූ බව සඳහන් වේ. ‘‘පුලෙ මහානසසි දෙවානංපියසා පියදසිසා ලාජිනෙ අනුදිවසං බහුනි පානසහසානි අලංහියිසු සුපඨායෙ සෙ ඉදානි යදා ඉයං ධංමලිපි ලේඛිතා තදා තිංනි යෙවා පානානි අලහියංති’’  යනුවෙන් ඒ බව දක්වා ඇත.

II වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් මිනිසුන්ට සහ සතුන්ට ප‍්‍රයෝජනවත් ආරෝග්‍ය ශාලා නිමවූ බව සඳහන් වේ. ‘‘...දෙවානංපියසා පියදසිසා ලාජිනෙ දුවෙ චිකිසකා කටා මනුසචිකිසා චා පසුචිකිසා චා....’’  එමෙන්ම මිනිසාට සහ සත්ත්‍වයන්ට අවශ්‍ය ඖෂධ වර්ග, මුල් සහ අල වර්ග වගා කළ බව මෙයින් දැක්වේ.

III වන ගිරි ලිපිය
මෙම ලිපියෙන් යටත් විජිත කරා තම ධර්ම මහාමාත්‍යවරුන්ට පිවිසීමට අණ කළ බවත් එසේ ගොස් ‘‘මාත පිතිසු සුසුසා මිතසංථුතනාතික්‍යානං....’’  ආදී වශයෙන් මවුපියන්ට සුවච වීම, මිත‍්‍රයන්ට, බ‍්‍රාහ්මණයන්ට, ශ‍්‍රමණයන්ට දානශීලී වීම, ප‍්‍රණ ඝාතයෙන් මිදීම ආදී විවිධ කරුණු පිළිබඳ මෙයින් අවධාරණය කොට ඇත.

IV වන ගිරි ලිපිය
අතීතයේදී සත්ත්‍ව ඝාතන සහ සමාජ විෂමාචාර වර්ධනය වූ අයුරු සහ ඒවා ක‍්‍රමයෙන් දුරු කොට රාජ පරම්පරාවම දැහැමි වීම පිළිබඳ මෙයින් කරුණු අනාවරණය වේ. ‘‘...අජා දෙවානංපියසා පියදසිනෙ ලාජිනෙ ධංමචලනෙනා භෙලිඝොසෙ අහො ධංමඝොසෙ විමනදසනා’’  පෙර පැවති ප‍්‍රචණ්ඩත්වය වෙනුවට රජු ධාර්මික වීමත් සම`ග යුධ බෙරය වෙනුවට දහම් බෙරය වාදනය වී සමාජය යහපත් වූ ආකාරය මෙයින් පෙන්වා දී ඇත.

V වන ගිරි ලිපිය
මෙම ලිපියෙන් කුසල් කිරීමේ අපහසුව සහ අකුසල් කිරීමේ පහසුව පෙන්වා දෙයි. එමෙන්ම ධර්ම මහාමාත‍්‍රවරුන් විසින් විවිධ දේශයන්හී ධර්ම ප‍්‍රචාරයෙහි සැරිසරණ ආකාරය මෙන්ම ඔවුන් අසරණ පුද්ගලයන්ට මුදලින් පවා අධාර කළ අයුරු මෙයින් පෙන්වා දෙයි.

VI වන ගිරි ලිපිය
මෙහිදී ජනතාවට ප‍්‍රශ්නයක් ඇති විට එය රජු කුමන කාය්‍ය–යක යෙදී සිටිය ද සැළකිරීමට මෙයින් අවසර දී ඇත. ඒ අනුව ‘‘...ඔලොධනසි ගභාගාලසි වචසි විනිතසි උයානසි සවතා පටිවෙදකා....’’  රජු අන්තඃපුරයෙහි, ඇතුළු ගැබෙහි, වැසිකිළියෙහි, දෝළාවෙහි, උයනෙහි, සෑම වේලාවකම සහ සෑම තැනකදීම ජනතාවගේ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා තිබුණි. රජු මෙම ලිපියට අනුව සියලූ ලෝකයාගේ යහපත පිණිස කටයුතු කොට ඇති අයුරු මනාව පිළිබිඹු වේ. මෙම යහපත් ක‍්‍රියා රජු තම දරුවන් විසින් ද අනුගමනය කිරීමට උත්සහ කිරීම පවා යහපත් කොට සැළකීය.

VII වන ගිරි ලිපිය
මෙයින් සියලූ තැන්හී වාසය කරන පාසාණ්ඩයන් සම`ගියෙන් විසිම අපේක්‍ෂා කළහ. එමෙන්ම ඔවුගේ ශීලය අගය කොට සළකා ඇත.

VIII වන ගිරි ලිපිය
මෙම ලිපියට අනුව රජු දඩකෙළියේ යාම වෙනුවට සම්බෝධිය වන්දනාවේ ගිය අයුරු දක්වා ඇත. එය සිදුව ඇත්තේ අභිෂේකයෙන් දහවන වර්ෂයේය. මෙහිදී සම්බෝධි වන්දනයට යන අතර ම`ගදී විවිධ ශ‍්‍රමන බ‍්‍රාහ්මණ ප`ඩිවරු සහ ජනතාව සම්මුඛ වී සාකච්ඡුා කළ බව සඳහන් වේ.

IX වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් විවිධ නිෂ්ප‍්‍රයෝජන විවාහ ආදී උත්සව පැවැත්වීමේ ඵල රහිත භාවය පෙන්වා දී ඇත. එමෙන්ම ධර්ම උත්සව (ගුරුවරු, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණ ආදීන්ට කරණ යහපත් උපකාර* පැවැත්වීමෙන් මෙලොව පරලොව විපාක ලැබෙන අයුරු පෙන්වා දි ඇත.
X වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් අශෝක රජුගේ ධර්මෝපදේශයන් ජනතාව අසා ඒවා පිළිපදින්නේ නම් යහපත් බව දක්වා ඇත.

XI වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් ධර්ම දානය, ධර්ම චරියාව, ධර්ම සම්බන්ධය විනා වෙනත් දානයක් නොමැති බව දක්වා ඇත. ‘‘...නථි හෙවිෂෙ දානෙ අදිෂ ධංමදානෙ ධමෂවිහගෙ ධංමෂංබධෙ....’’  යනුවෙන් පැහැදිළි වේ.




XII වන ගිරි ලිපිය
මෙම ලිපිය තුළින් අගමික සහජීවනය ඇති කළහ. ඒ සඳහා රජු අනුගමනය කළ යුතු ක‍්‍රියා ජනතාවට දැනුවත් කොට ඇත. අන්‍ය පූජකයන් සහ ආගම් හෙළා නොදැක තම ආගම ඇදහීම වැදගත් වන බව දක්වා ඇත.

 XIII වන ගිරි ලිපිය
මෙහිදී අශෝක රජු කාලිංගය දිනීමෙන් පසු සතුටක් නොලද බවත් එම පසුතැවීම දුරුකර ගැනීමට නොයෙකුත් සමාජ සේවා ඔහු දියත් කොට ඇති බවත් මෙම ලිපියෙහි සඳහන් වේ. එමෙන්ම යුධ ජයග‍්‍රහණයට වඩා ධර්ම විජයෙන් ලැබෙන සතුට ගැඹුරු බව ද පෙන්වා දී ඇත. ‘‘ එතකෙනා හොති සවතා විජයෙ පිතිලසෙ සෙ ගධා සා හොති පිති පිති ධංම විජය’’  එමෙන්ම ධර්ම ප‍්‍රචාරණ ක‍්‍රියාවලිය විවිධිමත්ව සිදුවූ අයුරු ද මෙම ලිපියෙන් පැහැදිළි වේ.

XIV වන ගිරි ලිපිය
තමන් විසින් ඇති කළ ශිලා ලේඛන පිළිබඳ මෙහිදී දක්වා ඇත.
ඒ අනුව මෞර්ය අභිලේඛන අතර බහුතරයක්ම අශෝක ශිලා ලේඛන බව පෙනේ. උතුරු ඉන්දියාව පුරාම මේ ආකාරයෙන් පැතුරුණු ශිලා ලේඛන සමූහය බ‍්‍රාහ්මීය අක්‍ෂර මාධ්‍ය කොට ගෙන රචනා වී ඇත. එමෙන්ම දකුණු ඉන්දියාවෙන් ද හමුවන ශිලා ලේඛන කිහිපයක් වෙත අපේ අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙම ලිපි වල බ‍්‍රාහ්මීය අක්‍ෂර මාධ්‍ය වුවද භාෂාත්මක වශයෙන් ගත් කල ද්‍රවිඩ භාෂාවේ පැරණිතම අවධිය පෙන්නුම් කෙරේ. තවද මෙම ලිපි වල ජෛන සහ බෞද්ධ දර්ශන වල ව්‍යාප්තිය ද පෙන්නුම් කෙරේ. කෘෂ්ණ මිටියාවතේ බුදුදහම තදින් ව්‍යාප්ත වී ගිය බන පෙනේ. මේ පිළිබඳ කරුණු එහි හමුවූ ධාතු කර`ඩුවකින් අනාවරණය වී ඇත. මෙම ශිලා ලේඛන 06 වන සියවසෙන් පසුව වර්ධනය වූ බව සඳහන් වේ.
ආගමික තොරතුරු ඇතුළත් ශිලා ලේඛන බහුලව දැකිය හැකි අතර විශාල පරිත්‍යාග, ප‍්‍රතිග‍්‍රහකයන් බදු වලින් නිදහස් කිරීම, ඔවුන් අයත් විශේෂ අයිතිවාසිකම්, ආණ්ඩුක‍්‍රම සංවිධාන සහ ප‍්‍රතිපත්ති පිළිබඳ ද මෙම ලිපි වල කරුණු ඇතුළත් වේ. එහිදී පළමු චෝල අධිරාජයන්ගේ දේවල බිත්ති වල ඇති ලිපි වලින් ආර්ථික කරුණු, රාජ්‍යයෙහි ශ්‍රේෂ්ටත්වය ආදි විවිධ කරුණු පිළිබඳ සඳහන් වේ. තවද දකුණු ඉන්දීය ශිලා ලේඛන අතර වීරරාජේන්ද්‍රගේ තිරුමුක්කුඩල් ශිලා ලේඛනයේ ආරෝග්‍ය ශාලාවක තත්ත්වය පිළිබඳ සඳහන් වේ. එමෙන්ම කාකටීය ධනපතිගේ මොට්ටුපල්ලි නම් ශිලා ලේඛනයේ මුහුඳු බඩ වෙළදාම පිළිබඳ සඳහන් වේ. මේ අනුව ද්‍රවිඩ සාහිත්‍යය ද වැදගත් ශිලා ලේඛන සමුදායකින් පෝෂිතය.





ගුප්ත යුගයේ ශිලා ලේඛන

ගුප්ත යුගයේ ආරම්භකයා ලෙස චන්ද්‍රගුප්ත රජු හඳුන්වනු ලැබේ. කුමාර දේවී නම් ලිච්ඡුවී කුමාරිකාවක් සරණපාවා ගත් අතර ඔහු විශාල ප‍්‍රදේශයක රජු වශයෙන් කටුයුතු කොට ඇත. මොහුගෙන් පසුව ඔහු පුත් සමුද්‍ර ගුප්ත රජු බවට පත් විය. මොහු පිළිබඳ අධ්‍යනයේදී අලහබාද් ප‍්‍රශස්තිය වැදගත් වේ. ඉන් අනතුරුව සමුද්‍ර ගුප්තගේ පුත් දෙවැනි චන්ද්‍රගුප්ත රාජ්‍ය උරුමකර ගත්හ. ඊට පසුව කුමාරගුප්ත සහ ස්කන්ධගුප්ත යන රජවරු රාජ්‍යත්වය ලබා කටයුතු කළහ. ස්කන්ධගුප්තගේ කාලයේ ගුප්ත යුගය පරිහාණියට පත් වූ බව සඳහන් වේ. ශිලා ලේඛන තුළින් ගුප්ත යුගයේ ඉතිහාසය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැක. මෙම ගුප්ත ඉතිහසයේ කාල නිර්ණයට නම් මෙම ශිලා ලේඛන අනුශීලනය අත්‍යාවශ්‍ය වේ. සෑම රජෙකුගේම පාහේ රාජ්‍ය කාලයට අයිති ලේඛන කිහිපයක් ලැබෙන අතර ඒවා විශේෂයෙන්ම ගුප්ත යුගයේ ඉතිහාසය අධයනයෙහි ලා වැදගත් වේ. ‘‘ගුප්ත ලේඛන විශේෂයෙන්ම ශිලා ස්තම්භ හා තඹපත්වල කොටා තිබේ. සෑම ලේඛනයකම ප‍්‍රශස්ති ලේඛකයාත්, රජු හා ඔහුගේ පූර්ව වංශාවලීන් පිළිබඳ කරුණු ඇතුළත් වේ’’  පාලකයාගේ කීර්තිය වර්ධනයෙහි ලා මූලික වන්නා වූ කරුණු ඇත්නම් ඒවා පිළිබඳ විශේෂ උත්සහයෙන් මෙම ලිපි තුළ ප‍්‍රශංසාත්මක වදන් මුවට නංවා වර්ණනාවට බඳුන් කොට ඇත.
හරිෂේණ කවියා ප‍්‍රයාග ලේඛනයෙහි සමුද්‍රගුප්ත රජුගේ දිග් විජය පිළිබඳ වර්ණනාවක් කොට ඇති අතර ඔහුගේ දානශීලිත්වය සහ පාණ්ඩිත්‍යාදී ගුණයන් සම`ග ඔහුගේ වංශය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කොට ඇත. එමෙන්ම අලහබාත් ප‍්‍රශස්තිය ද ඉතා ප‍්‍රසිද්ධ ලිපියකි. හරිසේන නම් කවියෙක් ක‍්‍රි: ව: 04 වන සියවසේ මෙය රචනා කොට ඇත. ගද්‍ය පද්‍ය දෙකෙන් මිශ‍්‍ර මෙය චම්පුකාව්‍යයේ ආරම්භය ප‍්‍රකට කරයි. පද්‍ය අටකින් ආරම්භ කොට ඇති මෙය ඉන් පසුව දීර්ඝ ගද්‍ය කොටසකින් ද ඉන්පසුව නැවතත් පද්‍ය කොටසක් ද දක්නට ලැබේ. ගද්‍ය පද්‍ය විරුද්ධව යෙදීම විරුද්ධ කාව්‍යයන්ගේ ලක්‍ෂණය වන නිසා විරුද කාව්‍ය පිළිබඳ ද මෙම අලහබාද් ප‍්‍රශස්තිය වැදගත් කමක් උසුලයි. දෙවන චන්ද්‍රගුප්ත රජු පිළිබඳ තොරතුරු ඇතුළත් උයද ගිරි ලෙන් ලිපිය ලියවී ඇත්තේ ක‍්‍රි: ව: 401 දී පමණය. වීරසේන නැමැත්තෙකු මෙය රචනා කොට ඇත. ගද්‍යයෙන් සහ පද්‍යයෙන් යුක්ත ලිපියක් ලෙස බිල්ෂාඞ් සෙල්ලිපිය නම් කළ හැක. චම්පු කාව්‍ය ආරම්භය ප‍්‍රකට කරන මෙම ශිලා ලේඛන අතර පද්‍ය රහිත කිසිදු ප‍්‍රශස්තියක් සොයා ගැනීමට අපහසුය. සාමාන්‍යයෙන් මෙම ශිලා ලේඛන පිහිටුවා ඇත්තේ මහජනතාව සඳහාය. ඒ අනුව ඔවුනට මේවා මැනවින් , සරලව සහ රසවත්ව කීමට මෙම ගද්‍ය පද්‍ය ක‍්‍රමයන් භාවිත කළ බව තීරණය කළ හැක. මේ අනුව චම්පුකාව්‍ය වල ආරම්භක අවස්ථාවක් මෙම ප‍්‍රශස්ති කාව්‍ය ගණයට වැටෙන කාව්‍යමය ශිලා ලේඛන තුළ දක්නට ලැබේ.
භිතරී ලේඛනයෙහි ප‍්‍රශස්තිකරු විසින් ස්කන්දගුප්ත විසින් හූණයන් පරාජය කිරීම පිළිබඳ මනහර වර්ණනාවක් කොට ඇත. මෙම කරුණු වලට අමතරව මෙම ගුප්ත ලේඛන වලින් පාලන තන්ත‍්‍රය පිළිබඳ කරුණු අධ්‍යනය කිරීමට ද හැකියාව ඇත. දාමෝදර පුරයේ (උතුරු බෙංගාලය* තඹපත්වලින් ද, වෛශාලියෙන් ලැබුණු මුද්‍රා වලින් ද (ීැ්කි* ගුප්ත යුගයේ පාලන ත්නත‍්‍රය මැනවින් අධ්‍යයනය කළ හැක. මෙම ලේඛන වල මංගලාචරණ ශ්ලෝක තුළින් ද, කොටා ඇති ශ්ලෝක ම`ගින් ද තත්කාලීන ආගමික විචාරයන් පිළිබඳ අධ්‍යනය කළ හැක. ඒ ඒ ලේඛනයන් ලැබී ඇති ස්ථානවලට අනුව ගුප්ත යුගයේ ව්‍යාප්තියේ ස්වරූපය වටහා ගත හැක. ඒ අනුව ගුප්ත යුගයේ සම්භවය සහ අවනතිය පිළිබඳ කාලය නිර්ණයේ දී මෙම ශිලා ලේඛන වලින් ලැබෙන සාක්ෂ්‍ය වැදගත් වේ.  ලේඛනයන් ලියා ඇති තිථි වල උපකාරයෙන් ගුප්ත අධිරාජයන්ගේ තිථි ක‍්‍රම පිළිබඳ අධ්‍යනය පහසු වේ. එමෙන්ම සමාජ, ආර්ථික සහ දේශපාලනිකාදි කරුණු පිළිබඳ ද මෙම ලේඛන තුළින් අධ්‍යයනය කළ හැක. එමෙන්ම ගුප්ත යුගයේ සංස්කෘත ඉතිහාසය අධ්‍යයනයෙහි ද මහ`ගු රුකුලක් මෙම ලේඛන තුළින් සපයයි. ප‍්‍රයාග ප‍්‍රශස්තියේ ලේඛකයා වූ හරිෂේණ සහ මන්දසෝරයේ ප‍්‍රශස්තිකාරක වත්සභට්ටිගේ නම් සංස්කෘත සාහිත්‍යයේ දක්නට නොලැබේ. මෙම ශිලා ලේඛන තුළින් ඔවුන් ද කවීන් බවට පත්වේ. ඒ අනුව මෙම ගුපත් යුගය පිළිබඳ අධ්‍යනයේදී ශිලා ලේඛන විශාල දායකත්වයක් සපයයි.
භාරතීය ශිලා ලේඛන සාහිත්‍යයේ විකාශනය පිළිබඳ විමර්ෂණය කිරීමේ දී ගුප්ත යුගයට අයත් විශාල ශිලා ලේඛන ප‍්‍රමාණයක් විද්‍යමාන වන අතර ඒවා පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත් වේ.

මථුරා ටැම් ලිපිය
මෙම ලේඛනය ද්විතීය චන්ද්‍රගුප්තට අයත් මුල්ම ලේඛනයයි. මෙය මථුරාවට සමීප ස්ථානයකින් හමුවී ඇත. මෙම ලේඛනය ශිව ප‍්‍රතිමාවට සමීප ස්ථම්භයක යට කොටසෙහි කොටා ඇත. මෙම ලිපිය ක‍්‍රි: ව: 380 ට අයත් වෙයි. එමෙන්ම මෙහිදී ද්විතීය චන්ද්‍රගුප්තට සහ ඔහුගේ පියා වූ සමුද්‍රගුප්තට භට්ටාරක මහා රාජා සහ රාජාධිරාජ යන උපාදි පිරිනැමූ බව සඳහන් වේ. මෙයට මථුරාවෙහි පිහිට වූ නිසා කුෂාණයන්ගේ බලපෑම ඇති වූවා විය හැක. මහාරාජා, රාජාධිරාජ පදවි කුෂාණ ලේඛන වල සහ කාසි වල දක්නට ලැබේ.

උයදගිරි ගුහා ලේඛනය
මෙය ක‍්‍රි: ව: 401 ට අයත් ලිපියකි. මේ ගුහා ලේඛනයෙන් ද්විතීය චන්ද්‍රගුපත්ට යටත් සනකානික මහාරාජ ගැන සඳහන් වේ.

ගඪවා ශිලා ලේඛනය
ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයේ ගඪවා නම් ස්ථානයෙන් සොයාගෙන ඇති මෙම ලිපිය ක‍්‍රි: ව: 407 ට අයත් බව සැළකේ. ද්විතීය චන්ද්‍රගුප්තගේ ධාර්මික පදවිය වූ ‘පරම භාගවත’ ගැන සඳහන් වෙයි.

සාංචී ලේඛනය
මෙහි ගුප්ත සංවත් 93 (ක‍්‍රි: පු: 412* සඳහන් වේ. මේ ලේඛනය මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටි සාංචි කොටුවෙහි කොටා ඇත. චන්ද්‍රගුප්ත රජුගේ සෙන්පතියකු වූ ආමුකාර්දව විසින් කාකනාදවෝට නම් මහා විහාරයට ගමක් හා දිනාර් 25 ක් දන් දුන් බව සඳහන් වේ. මෙහි ප‍්‍රධානතම කරුණ නම් චන්ද්‍රගුප්තගේ දෙවන නම වූ ‘දේවරාජ’ යන්න මෙහි සඳහන් වීමයි.

උදයගිරි ගුහා ලේඛනය
මෙහි කාලය සඳහන් නොවන අතර චන්ද්‍රගුප්ත වික‍්‍රමාදිත්‍යගේ ලේඛනයකි. මෙම ලේඛනය භිල්සා සමීපයේ උයදගිරි ගුහාවේ කොටා ඇත.

මථුරා ශිලා ලේඛනය
මථුරාවෙන් ලැබී ඇති මෙහි තිථිය සඳහන් නොවේ. මෙහි ද්විතීය චන්ද්‍රගුප්ත තෙක් වංශාවලිය දැක්වේ.

මේහරෞලී ලෝ ටැම් ලිපිය
ද්විතීය චන්ද්‍රගුප්තයන්ගේ ප‍්‍රධාන ලිපිය මෙය වුවත් මෙහි තිථිය සඳහන් නොවේ. චන්ද්‍රගුප්ත රජු සින්ධු නදිය තරණය කොට බල්බ දක්වා අක‍්‍රමණය කළ බව සඳහන් වේ.
‘‘ඛින්නස්‍යෙව විසෘජ්‍ය ගාං නරපතෙර්ගාමාශ‍්‍රිතස්‍යෙතරාං
මුර්ත්‍යා කර්මම ජීතාවනීං ගතවතඃ කීර්ත්‍යාස්ථිතස්‍ය ක්‍ෂිභෞ....’’
මෙහි ගුප්ත රජුගේ දිග් විජය පිළිබඳ සුන්දර වදන් වලින් වර්ණනා කොට ඇත. මෙය දිල්ලියට සමීප මේහරෞලී නම් ගමෙහි පිහිටා ඇති අතර වර්තමානයේ මෙය කුතුබමීනාර් සමීපයේ තබා ඇත. ඉන් අනතුරුව අපට වැදගත් වන්නේ ප‍්‍රථම කුමාරගුප්තයන්ට අයත් ලේඛනයි. ඒ අනුව ඔහු පිළිබඳ සඳහන් ලිපි කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේය.

භිල්සද ටැම්ලිපිය
ටැඹක කොටා ඇති ප‍්‍රථම චන්ද්‍රගුප්තයන්ට අයත් මෙම ලේඛනය භිල්සද නම් ස්ථානයෙහි පිහිටා ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 96 (ක‍්‍රි: ව: 415* යි. එමෙන්ම මෙහිදී ප‍්‍රථම කුමාරගුප්ත රජු දක්වා ගුප්ත රාජාවලිය පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත.

2 හා 3 ගඪවා ලේඛන
ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයට අයත් ගඪවා නම් ස්ථානයෙන් ප‍්‍රථම කුමාර ගුප්ත රජුට අයත් ලිපි දෙකක් සොයාගෙන ඇත. දෙකේම තිථි සංවත් 98 (ක‍්‍රි: ව: 417* ලැබේ. මෙම ලිපි ද්වයෙන් දිනාර් 10 ක් හා 12 ක් දන් දීම පිළිබඳ කරුණු ඇතුළත්ව ඇත.

මංදසෝර ප‍්‍රශස්තිය
මෙම ලේඛනයෙහි තිථි සඳහන මාලව සංවත් වලින් ලියා ඇත. මේ ලේඛනයේ තිථිය වික‍්‍රම සංවත් 529 (ක‍්‍රි: ව: 473* යි. පිහිටි ප‍්‍රදේශය ලෙස මාල්වාවේ මංදසෝර නම් ස්ථානය දක්වා ඇත. පේෂකර්ම ශ්‍රේණියක් ම`ගින් දශපුරයෙහි (මාල්වාහි පිහිටි* දේවාලයක් තැනූ බව මේ ශිලා ලේඛනය ම`ගින් හෙළිදරව් වේ. ඒ බව

‘‘තස්මින්නෙව ක්‍ෂිතිපති වෘෂෙ බංධුවර්මමණ්‍යුදාරෙ
සම්‍යක් සර්ඵතං දශපුරමිදං පාලයත්‍යුන්නතාංසෙ
ශිල්පාවාපෛතර්ධනසමුදෙයෙඃ පට්ටාවාෙයෙරුදාරම්
ශ්‍රේණීභූතෛර්භවනමතුලං කාරිතං දීප්තරශමෛඃ’’
යන පාඨයෙන් තවදුරටත් පැහැදිළි වේ. ප‍්‍රථම කුමාරගුුප්තගේ නියෝජිතයෙක් වූ බන්ධුවර්මා මෙකල මංදසෝරයේ පාලකයා විය.

කරමදණ්ඩා ලේඛනය
මේ ලේඛනය පෛජාබාද් දිස්ත‍්‍රික්කයට ඇතුළත් කාරමදණ්ඩා නම් ස්ථානයෙන් ලැබී ඇත. ශිවලිංගයේ යට කොටසෙහි කොටා ඇති මෙය තිථිය ගුප්ත සංවත් 117 (ක‍්‍රි: ව: 436* ට ඇතුළත් වේ. මෙම ශිව ප‍්‍රතිමාව ප‍්‍රථම කුමාරගුප්තට යටත් පෘතිවිෂේණ විසින් පිහිටුවන ලදි.

මනකුවාර ලේඛන
ප‍්‍රථම කුමාරගුප්තගේ කාලයේ මෙම බෞද්ධ ලේඛනය ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයට අයත් මනකුවාර නම් ස්ථානයෙන් ලැබී ඇත. බුද්ධමිත‍්‍ර නම් පුද්ගලයෙකු විසින් පිහිටුවා ඇති මෙම ලේඛනය බුද්ධ ප‍්‍රතිමාව යට කොටා ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 129 (ක‍්‍රි: ව: 448* ලෙස දක්වා ඇත.
සාංචි ලේඛනය

ප‍්‍රථම කුමාරගුප්තයන්ගේ කාලයට අයත් මෙම ලේඛනය බෞද්ධ ලේඛනයකි. මෙහි තිථිය ගුප්ත සංවත් 131 ලෙස දක්වා ඇත. මෙහි බුදුදහම හා සම්බන්ධ කරුණු දැක්වේ.

කුමාර ගුප්තගේ කාලයේ ජෛන ලේඛන
ජෛන ලේඛන බොහෝමයක් කුමාර ගුප්තගේ කාලයට අයත් වේ. එක් ලේඛනයක තිථිය ගුප්ත සංවත් 106 කොටා ඇත. උයදගිරි ගුහාවේ ශංකර විසින් පාර්ශවනාථයන්ගේ මූර්තියක් පිහිට වූ බව සඳහන් වේ. ජින මූර්තියක් පිහුටුවීම පිළිබඳ සඳහන් ලිපි දෙකක් මථුරාවෙන් හමුවී ඇත. ගුප්ත සංවත් 113 හා 135 ලෙස මේවායේ කාලය සඳහන්ව ඇත. ඉන් අනතුරුව ඉන්දියාවේ විවිධ ස්ථානවලින් හමුවූූ ස්කන්ද ගුප්තට අයත් ලේඛන කිහිපයක් හමුවේ. ඒ මෙසේය.

බිහාර් ටැම් ලිපිය
බිහාර් ප‍්‍රාන්තයේ පැට්නා දිස්ත‍්‍රික්කයට අයත් බිහාර් නම් ස්ථානයෙන් ලැබී ඇති මෙය ස්ථම්භයක කොටා ඇත. කාලය සඳහන් නොවන මෙහි ස්කන්ද ගුප්ත දක්වා ගුප්ත වංශාවලිය මෙහි දක්වා ඇත.



භිතරී ටැම් ලිපිය
ස්කන්ද ගුප්තයන්ගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු මෙහි සඳහන් වී ඇත. ගුප්ත නරේශ්වරයා දුෂ්ට වූ හූණයන් පරාජය කොට තම අධිරාජ්‍යයේ සාමය පිහිට වූ බව සඳහන් වේ. මෙම ලේඛනය ගාසීපුර දිස්ත‍්‍රික්කයේ (උත්තර ප‍්‍රදේශයේ* භිතරි නම් ස්ථානයෙන් මෙය ලැබී ඇත.
ජුනාගඪ ශිලා ලේඛනය
මේ ලේඛනය කාථියාවාරයේ පිහිටි ජුනාගඪ සමීප පර්වතයෙහි කොටා ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 136 (ක‍්‍රි: ව: 455 -456* දක්වා ඇත. මෙහි විශේෂත්වය පිළිබඳ සැළකීමේදී එහි අන්තර්ගතය පිළිබඳ විමසීම වැදගත් වේ.
හූනයන් පරාජය කිරීමේන පසු ස්කන්ද ගුප්ත විසින් සෞරාස්ට‍්‍රයෙහි සිය නියෝජිතයෙකු පත් දකරන ලදි.
මෞය්‍ය–යන් විසින් තනවණ ලද සෞරාෂ්ට‍්‍රයේ සුදර්ශන නම් විල ප‍්‍රතිසංස්කරණය කරන ලදි.
මේ විල් ඉවුරෙහි විශ්ණු දේවාලයක් තනවන ලදි.
මේ ලේඛනයේ වර්ණිත ‘ගුප්ත ප‍්‍රකාලෙ ගණනා විධාය’ යන්නෙන් ගුප්ත සංවත්හීද ගණන් කිරීම වූ බව මෙහි ඇති ප‍්‍රධානම කරුණ වන්නේය.
කහෞම් ටැම් ලිපිය
මෙය ගොරබපුර් දිස්ත‍්‍රික්කයේ කහෞම් නම් ස්ථානයේ සොයා ගෙන ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 141 (ක‍්‍රි: ව: 460* දක්වා ඇති අතර මෙහි ජෛන තීර්ථංකරගේ ප‍්‍රතිමාවක් පිහිටු වීම පිළිබඳ සඳහන් වේ.
ගඪවා ශිලා ලේඛනය
මෙය ප‍්‍රයාග දිස්ත‍්‍රික්කයේ ගඪවා නම් ස්ථානයෙන් ලැබී ඇත. මෙහි තිථිය ගුප්ත සංවත් 148 (ක‍්‍රි: ව: 467* ලෙස දක්වා ඇත. මින් අනතුරුව ද්විතීය කුමාරගුප්තට අයත් ලේඛනයක් පිළිබඳ විමසිය හැක.
සාරානාථ ලේඛනය
බරණැසට සමිප සාරානාථයෙන් මෙම ලිපිය සොයා ගෙන ඇත. ඓතිහාසික අතින් වැදගත් මෙම ලිපිය ගුප්ත සංවත් 150 තිථියෙන් ඔහුගේ පාලන කාලය ගැන අනුමාන කළ හැක. මෙම ලේඛනය බුද්ධ ප‍්‍රතිමාවට පහළින් කොටා ඇත. මෙම රජුට පසුව අපට බුධ ගුප්ත නම් රජෙක් හමුවේ. මොහුගේ කාලයේ අපට වැදගත් ශිලා ලේඛන හමුවේ. එනම්
සාරනාථ ලේඛනය
මේ ලිපිය පිළිමයේ යට කොටසේ කොටා ඇත. මෙය ඉතා කුඩා ලිපියක් වුවද මෙහි බුධගුප්තගේ පාලන තිථිය ගුප්ත සංවත් 157 තිථිය ලෙස සඳහන් කොට ඇත.
ඒරණ ටැම්ලිපිය
මෙය මධ්‍ය ප‍්‍රදේශයේ සාගර දිස්ත‍්‍රික්කයේ ඒරණ නම් ස්ථානයේ පිහිටා ඇත. මෙයින් ගුප්ත යුගයේ පාලනය පිළිබඳ සඳහන් වේ. තිථිය ලෙස ගුප්ත සංවත් 165 අංකිතයි. අනතුරුව භානුගුප්ත රජුගේ රාජ්‍ය කාලයේ ද ඒරණ නමින්ම ටැම් ලිපියක් එමුවේ. එහි ගුප්ත සංවත් 191 ලෙස තිථිය සඳහන් කොට ඇත. එය පිහිටා ඇත්තේ ද ඉහත ලිපිය පිහිටි ස්ථානයේමය. අනතුරුව ආදිත්‍යසේන නම් රජුගේ කාලයේ ශිලා ලේඛන රැුසක් පැවැති බව සඳහන් වේ. එනම්
අපසද ශිලා ලේඛනය
මාගධ ගුප්තයන්ගේ ඉතිහාසය මැනවින් මෙම ලේඛනය තුළින් ඉදිරිපත් වේ. මෙම ලේඛනය ගයා දිස්ත‍්‍රික්කයේ ඇතුළත් අපසද නම් ගමෙන් ලැබී ඇත. මෙහි ආදිත්‍යසේනට පෙර ගුප්ත වංශාවලිය පිළිබඳ කරුණු අනාවරණය වෙයි.
ශෘහපුර ලේඛනය
මෙහි තිථිය හර්ෂ සංවත් 66 අංකිතයි. මෙම ලිපිය සූර්ය පිළිමයේ යට කොටා ඇති අතර මෙය පිහිටුවා ඇත්තේ මූර්තිය සාලක්‍ෂය නම් පුද්ගලයෙකු විසිනි. ආදිත්‍යසේනගේ කාලයට අයත් මෙම ලිපිය දශපුර නම් ග‍්‍රාමයෙන් සොයා ගෙන ඇත.
මන්දර ශිලා ලේඛන
ආදිත්‍යසේනගේ ලේඛන දෙකක් මෙම මන්දරයෙන් හමුවී ඇත. ඒවා භාගල පුර දිස්ත‍්‍රික්කයේ බංකාවෙන් සැතපුම් හතක් පමණ දුරින් පිහිටි මන්දර පර්වතයෙහි කොටා ඇත. මෙහි ආදිත්‍යසේනට ‘පරම භට්ටාරක මහාරාජාධිරජ’ පදවිය සඳහන් කර තිබේ. මෙහි කාලය සඳහන් නොවීම හේතුවෙන් මෙම රජු රාජ්‍යක් පිහිටු වීමෙන් පසු ඉහත ලිපි දෙකට පසුව මෙය කෙටූ බව නිර්ණය කළ හැක.
මන්දර ලේඛනය
මෙය මන්දර පර්වතයෙන් ගෙන එන ලද්දක් බව ෆ්ලීට් ගේ අදහසයි. ආදිත්‍යසේන රජු දිග් විජය කළ බවත් එහි ප‍්‍රතිඵලය වශයෙන් ‘අශ්වමේධ’ යගය පැවැත්වූ බව මෙම ලේඛනයෙන් පැහැදිළි වේ. මේ රජුට ‘පෘථිවීපති’ යන පදවිය ප‍්‍රධානය කොට ඇත.
ඒ අනුව ඉහත ශිලා ලේඛන වලට අනුව අශෝක යුගයේ ශිලා ලේඛන වල ස්වරූපය සහ ගුප්ත යුගයේ ශිලා ලේඛන වල වෙනස අවබෝධ වේ. අශෝක යුගයේ ශිලා ලේඛන ගත් විට ඒවායේ අන්තර්ගතය තුළ යම් යම් වෙනස්කම් අපට දැකිය හැක. විශේෂයෙන් අශෝක රජු කාලිංග යුද්ධයත් සම`ග විශාල පසුබෑමකට ලක්වූ බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස විශාල ධර්ම කරුණු ඇතුළත් ශිලා ලේඛන සමුදායක් බිහිවූ බවත් නිගමනය කළ හැක. එහිදී විශේෂයෙන් ජනතා සේවය ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාත්මක වූ බව අශෝක ශිලා ලේඛන තුළින් දක්නට ලැබේ. ඒ අනුව සාරධර්ම පිළිබඳ ජනතාවගේ අවධානය යොමු කිරීම අශෝක ශිලා ලේඛන තුළින් ක‍්‍රියාත්මක වූ බව පෙනේ. එම ලිපිවල රාජ්‍යත්වය පිළිබඳ කරුණු ඇතුළත් ආත්ම වර්ණනයන් දැකිය නොහැකිය. ක‍්‍රමයෙන් මෙම අශෝක යුගය තුළ ශිලා ලේඛන විකාශනය වූ අතර ඒවා ගුප්ත යුගය වන විට විශාල වෙනසකට බඳුන් විය. එහිදී විශේෂයෙන්ම සෙල්ලිපි වල අන්තර්ගතය රජු කේන්ද්‍ර විය. හුදෙක් රජුගේ වීර ක‍්‍රියා, විනෝදචාරිකා ආදී නොයෙක් කරුණු පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත්ව ඇත. එම ශිලා ලේඛන සමාජ යහපතට වඩා රජවරුන්ගේ ස්වරූපයන් වර්ණනයට ප‍්‍රමුඛත්වයක් දැක්වූ අයුරු දක්නට ලැබේ.  එමෙන්ම භාෂාව සහ ශිලා ලේඛනවල ස්වරූපය තුළින් ද වෙනස්කම් විද්‍යමාන වේ. තවද මීට පසකාලීනව බිහිවූ චෝල පාණ්ඩ්‍ය ශිලා ලේඛන ද භාරතීය ශිලා ලේඛන වල විකාශනයේදී වැදගත් වේ. ඒ අනුව ඉහත ශිලා ලේඛන තුළින් මෙම භාරතීය ශිලා ලේඛනවල විකාශනය මැනවින් ගම්‍යමාන වේ. එමෙන්ම අදහස් ප‍්‍රකාශන මාර්ග මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටිම පැවති බව පිළිගත හැක. එහෙයින් අක්‍ෂර භාවිතය, අදහස් ලියා පෑ චිත‍්‍ර සටහන් ක‍්‍රම ආදිය අතීතයේ සිටම පැවත එන බව අපට පෙන්වා දිය හැක.
සමාලෝචනය


භාරත දේශය සුවිශාල භූමි ප‍්‍රදේශයකට උරුමකම් කියන රාජ්‍යයක් ලෙස හඳුනා ගත හැකිය. එහි ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යනයෙහිදී අපට ශිලා ලේඛන වලින් ලැබෙන පිටුබලය අමතක කළ නොහැක. ඒ අනුව ඉතිහාසය අනාවරණය පිළිබඳ ගවේෂණයෙදී ශිලා ලේඛන ප‍්‍රමුඛතම මෙහෙයක් කරන බව අවිවාදිතය. මෙම ශිලා ලේඛන ආරම්භය ආර්ය සංක‍්‍රමණ යුගය තෙක් දිව යන අතර එහි සංවර්ධනීය අවධි අතර අශෝක යුගය සහ ගුප්ත යුගය නම් කළ හැක. ඒ අනුව ශිලා ලේඛනවල විකාශනයේදී වැදගත් වන භාෂාව, අන්තර්ගතය, පිහිටි ප‍්‍රදේශය, කාලය ආදී නොයෙකුත් පැතිකඩ පිළිබඳ මෙම නිබන්ධනයේදී කරුණු සාකච්ඡුා කොට ඇත. ඒ අනුව භාරතයේ ශිලා ලේඛන සාහිත්‍යයේ විකාශනය අධ්‍යනයට ඉන්දියාවේ නොයෙක් දිග පිහිටි ශිලා ලේඛන ම`ග හෙළිකරන අයුරු මෙම නිබන්ධනය තුළින් අනාවරණය වී ඇත.  






සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය
ද්විතීයික මූලාශ‍්‍රය

අමරවංශ හිමි, කොත්මලේ, ලක්දිව සෙල්ලිපි, ප‍්‍රකාශනය - ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, ප‍්‍රථම මුද්‍රණය - 1969.

ආර්යසිංහ, අබය, අසෝක ධංමලිපි, ප‍්‍රකාශනය - ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, ප‍්‍රථම මුද්‍රණය - 1998.

ඤාණවිමල හිමි, බෙල්ලන, අශෝක ශිලා ලේඛන, ප‍්‍රකාශනය - සමයවර්ධන පොත්හල, මරදාන, ප‍්‍රථම මුද්‍රණය - 2000.

තාපර්, රොමිලා, ඉන්දියාවේ ඉතිහාසය, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රතාශන දේපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය - 1973.

පඤ්ඤාකිත්ති හිමි, හිරිපිටියේ, ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය - 1994.

පියදස්සි හිමි, අසෝක සිරිත හා අශෝක සෙල්ලිපි, ප‍්‍රකාශනය - බෞද්ධ ග‍්‍රන්‍ථ ප‍්‍රකාශන සමිතිය, මහනුවර, ප‍්‍රථම මුද්‍රණය - 1966.

බෂාම්, ඒ, එල්, අසිරිමත් ඉන්දියාව, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය - 1962.

වාසුදේව, ශ‍්‍රී ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය, (පරි* හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි, ඇස්. ගොඩගේ සහ              සහෝදරයෝ, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1994.


තෘතීය මූලාශ‍්‍රයෝ

පියරතන හිමි, හි`ගුල්වල, අශෝක සෙල්ලිපි වල භූගෝලීය ව්‍යාප්තිය, නැණලකර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ශ‍්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර බෞද්ධ භික්‍ෂු ආයතනීය මහා පිරිවෙන, පේරාදෙණිය.

සාසනරතන හිමි, මොරටුවේ, අශෝක ප‍්‍රාකෘතය හා සිංහලයේ මූල පදනම, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, ප‍්‍රථම මුද්‍රණය - 1994.

ෑබටකසිය ඍැෙැර්බජැ

ීසරජ්රල ක්‍ය්බාර්ල ාසබැිල ීැකැජඑසදබ සබිජරසචඑසදබි ඩදක 1ල ජ්කජමඑඒ මබසඩැරිසඑහ චරුිිල ක්‍්කජමඑඒල1965ග

ෘසින්කන්රල ෘගඊග ීැකැජඑසදබ රෙදප ී්බිනරසඑ සබිජරසචඑසදබිල  ්රහ්ඉයබිය්බ චරුිිල 1925ග

වෛදික සාහිත්‍යය පිළිබඳ කෙටි විමසුම.




සංස්කෘත සාහිත්‍යයේ වැදගත්ම යුගය ලෙස වේද යුගය නම් කළ හැක. ඒ අනුව මෙම වේද සාහිත්‍යය ඉතා පුළුල් පරාසයක් නියෝජනය වන අතර එය සංහිතා, බ‍්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද් වශයෙවන් සාහිත්‍යය යුග කිහිපයකින් පරිමිතය. එමෙන්ම ඍග්, යජුර්, සාම සහ අථර්වන් යනුවෙන් වේදය කොටස් හතරකින් පරිමිතය. මීට අමතරව ෂඞ් වේදාංගයකින් ද යුක්ත මෙම සාහිත්‍යය ඉතා පුළුල් මෙන්ම ලෝක සාහිත්‍යය අධයනයෙහි ඉතා වැදගත් ම මූලාශ‍්‍රය වශයෙන් ද හැඳින්විය හැක. මෙම වෛදික සාහිත්‍යයේ පැවති මූලික දේව භාෂිත සමාජ පරිණාමය වීමත් සම`ග යම් යම් වෙනස් වීම් වලට භාජනය විය. එම වෙනස්වීම් ම`ග හරවාගෙන ඒවා තිබුණු ස්වරූපයෙන්ම අනාගතය සඳහා රැුගෙන යාමත්, ඒවා ආරක්‍ෂා කර ගැනීමටත් විවිධ සාහිත්‍යාංග බිහි විය. එම සාහිත්‍යාංග අතර ස්මෘති සාහිත්‍ය ප‍්‍රමුඛත්වයෙහි ලා සැළකේ.  

උපනිෂද්හි සඳහන් ‘පරා’ සහ අපර යන නම් වලින් හඳුන්වනු ලබන විද්‍යාද්වය අතුරින් පරා විද්‍යාවට වේදාංග අයත් වේ. මෙම වේදාංග ප‍්‍රධාන වශයෙන් කොටස් 06 ට වර්ග කළ හැක. එනම් ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස් සහ ජ්‍යෝතිෂයයි. මෙයින් කල්ප කොටසට අයත් විශාල ස්මෘති සාහිත්‍යයක් බිහි විය. මුලින් අධ්‍යනයෙහි පහසුව සඳහා ඇති වූ සූත‍්‍ර සාහිත්‍ය පසුව වෙනත් පුළුල් අරමුණු විෂයෙහි ල`ගා විය. එහිදී බ‍්‍රාහ්මණ සමාජ ක‍්‍රමයේ ස්ථාරත්වය තහවුරු කිරීම සඳහා මෙම ස‍්‍රත‍්‍ර සාහිත්‍ය පසුකාලීනව බෙහෙවින් ඉවහල් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කල්ප සූත‍්‍ර කොටස් කිහිපයක් නිර්මාණය විය.  එනම් ශ්‍රෞත සූත‍්‍ර, ගෘහ්‍ය සූත‍්‍ර, ධර්ම සූත‍්‍ර සහ ශුල්ව සූත‍්‍ර  යනුවෙන් ස්මෘති සාහිත්‍යයක් නිර්මාණය විය. මෙම ග‍්‍රන්‍ථ එක්වරම මෙම තත්ත්‍වයට පත් නොවූ අතර කාලායාගේ අතික‍්‍රමණයත් සම`ග එයට සමගාමීව සකස් විය. ඒ අනුව මෙම සූත‍්‍ර තුළ වේදය පිළිබඳ පශ්චාත්කාලීන විවිධ මතිමතාන්තර ඇතුළත් වී ඇති අතර ඒ තුළ වේදයේ අන්තර්ගතයන් වඩාත් ඉස්මතුවී පෙනේ. මෙම නිබන්ධනය තුළින් එම සංවර්ධනීය ලක්‍ෂණවල ප‍්‍රතිඵලයක් වූ ස්මෘති සාහිත්‍ය පිළිබඳ සම්පරීක්‍ෂණයක් කිරීම අපගේ මූලික අදහසයි.

වෛදික සාහිත්‍යය පිළිබඳ කෙටි විමසුම.

සංස්කෘත සාහිත්‍යයේ වටිනාම යුගය ලෙස වෛදික සාහිත්‍යය යුගය නම් කළ හැක. සංහිතා, බ‍්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද් ග‍්‍රන්‍ථ පසුකාලීනව වර්ධනය වූ වේදාංගාදී විශාල සාහිත්‍යකට අයත්ය. එමෙන්ම ඍග්, යජුර්, සාම සහ අථර්වන් ග‍්‍රන්‍ථ ද බොහෝ කාලයක් සංස්කරණය විය. මේ ග‍්‍රන්‍ථවල ආරම්භය ගත් විට ඍග් වේද යුගය ලෙස ක‍්‍රි: පූ: 1500 යැ’යි පොදුවේ පිළිගැනේ. මෙම පුරාණ ග‍්‍රන්‍ථයන්ගේ සඳහන් ‘ශ‍්‍රැතිය’ නොහොත් දේව භාෂිත එලෙසම පවත්වා ගැනීමට ඔවුන් විවිධ ක‍්‍රම උපයෝගී කර ගත්හ. මෙහි මුල්ම පියවර ලෙසින් වෛදිකයේ සුළු වශයෙන් විග‍්‍රහ වී ඇති ඇතැම් යාග විධි ආදී නොයෙකුත් කරුණු පිළිබඳ බ‍්‍රාහ්මණවලදී පුළුල්ව විස්තර කොට ඇත. මේ තත්ත්‍වයන් මත විශාල බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ රැුසක් නිර්මාණය විය. බ‍්‍රාහ්මණ සහ ආරණ්‍යක යුගවලදී මිනිසා බාහිර පරිසරය විෂ්ලේෂණයට යොමු වූ නමුත් උපනිෂද් යුගයේ දී ඉන් මිදී ඥානාවලෝකනයට ජනතාව පෙළඹුණු අයුරු දක්නට ලැබේ. මේ සඳහා විශේෂයෙන් එකල පැවැති විවිධ සාධක බලපෑහ. සමාජ විපර්යාස අතර ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමණයන්, චීන සංක‍්‍රමණ, වෙළඳ ගනුදෙනු, භාරතීය අධිරාජවාදය පිබිදීම, බුදුන් වහන්සේ ලොව පහළ වීම සහ ජෛන ආගම ලොව පහළ වීම ආදී හේතු මෙම චින්තන විපර්යාසයට මූලිකවම හේතු විය. ඉන් අනතුරුව බ‍්‍රාහ්මණ බලය බිඳ වැටීමේදී ඇතැම් බ‍්‍රාහ්මණයන් තමාට නිවැරදි යැ’යි තීරණය කළ මාර්ගයට පිවිසි අතර ඇතැම් බ‍්‍රාහ්මණයන් බ‍්‍රාහ්මණ ධර්මතාවන් පන මෙන් ආරක්‍ෂා කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම වේදාංග සාහිත්‍ය වැඩෙන්නට විය. ෂඞ් වේදාංග පිළිබඳ පළමු සඳහන ඇත්තේ මුණුඩකෝපනිෂදයේය.
ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස් සහ ජ්‍යෝතිෂ යනුවෙන් වේදය ෂඞ් වේදාංයකට බෙදා දැක්වේ. මෙම වේදාංගයන්ගේ ආරම්භය බ‍්‍රාහ්මණ සහ ආරණ්‍යකයන් තුළ ම දැකිය හැක. ෂඞ් වේදාංග තුළ වෛදික ග‍්‍රන්‍ථ වටහාගැනීම පිණිස වෛදික විද්‍යා ශාලාවන්හී දී උගත යුතු පාඨ ඇතුළත් විය. එමෙන්ම පැරණි වේද මන්ත‍්‍රයන්ගේ මූලික අර්ථය කුමක් දැ’යි පහදා දීම පිණිස ද, යාගවිධිය ගැන සවිස්තර ව්‍යාඛ්‍යානයක් සැපයීම පිණිස ද බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ අවශ්‍ය විය. එමෙන්ම දුර්බෝධ වෛදික වචනයන්ගේ නිරුක්ති සැපයීම පිණිස ද, වෛදික මත විස්තර කොට ගැටළු තැන් නිරාකරණය පිණිස ද, වේදාධ්‍යයනයට සම්බන්ධ වූ විවිධ ආශ‍්‍රිත විෂයන් පිළිබඳ විවේචන සටහන් කිරීම පිණිස ද භාෂ්‍ය රචනා විය. මෙසේ ආශ‍්‍රිත විෂයන් පිළිබඳ විවේචනය කිරීම කල්යෑමේ දී වෛදික ශාඛාවන්ට අයත් විශේෂ කාර්ය්‍ය–යක් ලෙස එය වර්ධනය විය. මෙම විෂයන් හය එක එක වෙන් වෙන් වශයෙන් ක‍්‍රමානුකූලව සකස් විය. විශේෂයෙන් සංහිතාවල පවතින ඇතැම් පදයන් බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ යුගය වන විට ද දුර්බෝධ ස්ථාන ලෙස පැවැති බව ශතපථ බ‍්‍රාහ්මණය ආදියෙහි දක්නට ලැබේ. ‘‘නාත‍්‍ර තිරොහිතමිවාස්ති - මෙහි ස`ගවන ලද යමක් නැත’’  ඒ අනුව සංහිතාවල දුර්බෝධ වචන සුබෝධ කිරීමත් ඒවා ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පවත්වාගෙන ඒමත් වැදගත් විය. මේ සඳහා බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථවල විවිධ උපාය මාර්ගික ක‍්‍රියා අනුගමනය කොට ඇත. එමෙන්ම ෂඞ් වේදාංග විවේචනය සංස්කෘත සාහිත්‍යයේ වැදගත් අංගයක් වූ අතර එයටම වෙන්වූ ‘සූත‍්‍ර’ (්චයදරසිපි* නමින් රචනා ශෛලියක් ද බිහිවිය.
‘සූත‍්‍ර’ යන වචනයේ මුල් අරුත වූයේ ‘හූය’ යනුවෙනි. නමුත් මෙය සාහිත්‍ය විෂයෙහි දී ‘කෙටි වැකියක්’ හෝ ‘කෙටි විධානයක්’ හෙවත් ‘වචන කිහිපයකින් පි`ඩුකොට දක්වන ලද විධානය, ශික්‍ෂාපදය’ යන අරුත් නියෝජනය කරයි. මෙවැනි සූත‍්‍රයන්ගෙන් රචිත වූ (ගොතන ලද* ග‍්‍රන්‍ථයක් ද සූත‍්‍ර නමින් හැඳින්විණ. ‘‘නූල් එක්වීමෙන් වස්ත‍්‍රයක් සකස් වන්නා සේ පද කිහිපයක් එක් වී පුළුල් අර්ථයක් දෙන පාඨ සංස්ථාවක් බිහිවේය යන සූත‍්‍ර ලෙස හඳුන්වා ඇත’’
එකල පැවැති අධ්‍යාපන ක‍්‍රමය නිසා මෙන්ම බාහිර යාගාදිය පිළිබඳ වූ දියුණුවේ ප‍්‍රතිඵලයක් ලෙස සූත‍්‍ර සාහිත්‍ය බිහිවී ඇත. ලිවීමේ ක‍්‍රමය පිළිබඳ එතරම් දියුණුවක් නොපැවති මෙම අවධියේ සිසුනට ගුරුවරුන් විසින් කරනු ලබන වාචික ඉගැන්වීමේ පහසුව පිණිස මෙම සූත‍්‍ර නමැති කෙටි දෙසුම් ක‍්‍රමය පිළියෙළ වන්නට ඇත. මෙම ක‍්‍රමය විශේෂයෙන් ගුරුවරයාට ඉගැන්වීමේ පහසුව ඇති කළ අතර ශිෂ්‍යයාට එම කරුණු ධාරණයේ පහසුව ද එතුළින් ඇති විය. එම සූත‍්‍ර ඉතා අඩු වචන සංඛ්‍යාවක් නියෝජනය කළ අතර අර්ථය පි`ඩුකොට දැක්වීමෙහි ප‍්‍රමුඛත්වය ලැබූහ. ඒ අනුව ධාරණ ශක්තිය දියුණු කරගැනීමේ අවශ්‍යතාව පැවති මෙම අධ්‍යාපන ක‍්‍රමයෙහි විශේෂත්වය වූයේ ‘‘ඉතාම අඩු වචන සංඛ්‍යාවකින් අදහස පි`ඩුකොට දැක්වීමයි. එසේ ඉගැන්වීමෙහිදී සමහර විට අර්ථය ව්‍යාකූල වුවද එය එතරම් ලොකු බාධාවක් ලෙස නොසැලැකිණ’’  කල්යත්ම සූත‍්‍රවල කරුණු විස්තර කර දැක්වීම සඳහා අටුවා, ටීකා, සන්න රචනා විය. එමෙන්ම මෙම සූත‍්‍ර සාහිත්‍යයට බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථවල බලපෑම ද දැකිය හැක. බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථයන්හී භාවිත ගද්‍ය ශෛලිය, කෙටි වැකි භාවිතය, වෙන කෙනකු කියන අයුරු වාක්‍යයක් නොතැනීම ආදී ප‍්‍රයෝග සූත‍්‍ර තුළ ද යෙදේ. විශේෂයෙන් මෙම සූත‍්‍රවල රචනා ශෛලිය තුළ එකිනෙකට සම්බන්ධ නොවූ වැකි යෙදීම, නිපාත පදයන්ගේ මාර්ගයෙන් ඒ වැකි ගැළපීම සහ සමාස පද බන්ධනය ද ප‍්‍රධාන කරුණක් ලෙස යෙදී ඇත. සංස්කෘත සාහිත්‍යයේ දීර්ඝ සමාසප‍්‍රයෝග භාවිතය මෙයින් ආරම්භ වූ බව නිගමනය කළ හැක.
සූත‍්‍ර ශෛලිය පහළ වූ අවධිය ලෙස ක‍්‍රි: පූ: 400 - ක‍්‍රි: ව: 200 අතර කාලයේ නිර්මාණය වී ඇති බව වියත් පිළිගැනීමයි. නමුත් ්කඑැරනැර සහ ණ්ියසන්ර වැනි උගතුන් එහි ප‍්‍රභවය ක‍්‍රි: පූ: 600 දක්වා අතීතයට ගෙන යයි. රාම් ගෝපාල් බොහෝ සූත‍්‍ර ක‍්‍රි: ව: 800 - 500 අතර රචනා වූ බව කියයි. මැක්ඩොනල්ඞ් මෙහි ප‍්‍රභවය බෞද්ධ යුගය බව පවසයි. සූත‍්‍ර ග‍්‍රන්‍ථ ද වෛදික සාහිත්‍යයේ ඇතුළත් කරන නමුදු ඒවා එතරම් පූජනීය ශුද්ධ ග‍්‍රන්‍ථ ලෙස නොපිළිගැනේ. සූත‍්‍ර මුලදී වේදය පමණක් ඉගෙනීමට යෙදී තිබුණු නමුදු කල්යත්ම එය ආරණ්‍යක සහ උපනිෂද් ආදිය ද අධ්‍යයනය සඳහා ද භාවිත විය. එයින් ඉගෙන ගත යුතු කාලය මෙන්ම විෂය ද දීර්ඝ විය. එසේ දිනපතා අවශ්‍ය වන, වාචෝදග‍්‍රහණය කළ යුතු දීර්ග පාඨ තෝරා ලූහු`ඩු කොට පිළියෙළ කළහ. ඒවා සූත‍්‍ර නමින් ප‍්‍රකට විය.
ඒ අනුව ලූහු`ඩු කොට දක්වන ලද සියලූම නීති රීති එක්කොට ගෙන කල්ප සූත‍්‍ර යැයි නම් කළහ. ඒ හැම ‘ස්මෘති සාහිත්‍යය’ ලෙස හැඳින්වේ. ස්මෘති සාහිත්‍යය තුළ වේදයේ අන්තර්ගතයන් විස්තරාත්මකව ප‍්‍රතීයමාන වේ.
කල්ප සූත‍්‍ර
ඍග්, යජුර්, සාම, අථර්වන් යන සිවු වේදයෙන්ම උපුටාගත් පාඨ සහ නීති මෙම ‘කල්ප සූත‍්‍රවලට’ ඇතුළත් වේ. මෙම කල්ප සූත‍්‍ර තුළ දී යාග විධිය හා එහි ක‍්‍රම පූජකයින්ගේ ප‍්‍රයෝජනය පිණිස සැකෙවින් දක්වන පැරණිම සූත‍්‍ර සංග‍්‍රහය ලෙස විශ්වාස කළ හැක. මෙබඳු සූත‍්‍ර රැුසක් එකතු කිරීම එකල අවශ්‍ය වූයේ බ‍්‍රාහ්මණ යුගයෙන් පසුව යාග ක‍්‍රමය පුද්ගල ජීවිතයේ ඉතා වැදගත් සිදුවීමක් වූ නිසාවෙනි. බ‍්‍රාහ්මණ සහ ආරණ්‍යක ග‍්‍රන්‍ථවලට අමතරව ඓතරේය ආරණ්‍යකයෙහි සමහර ස්ථාන, සූත‍්‍ර ස්වරූපයක් දරයි. මුල් අවධියේ කල්ප සූත‍්‍ර එකම ග‍්‍රන්‍ථයක් ලෙස පැවතුණ නමුත් පසුකාලීනව එම සූත‍්‍ර ක‍්‍රමානුකූලව සකස් කොට මෙම බෙදා දැක්වීම සිදු කොට ඇත. වේදාංග අතර වැදගත්ම කොටස ලෙස කල්ප සූත‍්‍ර නම් කළ හැක. මෙම ග‍්‍රන්‍ථ සමුදාය තුළින් ආය්‍ය–න්ගේ ජීවිතය සම්බන්ධ කරුණු විස්තර වන නිසා එය ජනප‍්‍රිය සාහිත්‍යාංගයක් බවට ද පත් විය. ඒ අනුව ෂඞ් වේදංගයන්හී කල්ප සූත‍්‍ර ප‍්‍රධාන කොටස් හතරකට වර්ග කළ හැකිය. එනම්÷
ශ්‍රෞතසූත‍්‍ර
ගෘහ්‍ය සූත‍්‍ර
ධර්ම සූත‍්‍ර
ශුල්ව සූත‍්‍ර
යනුවෙනි. මෙය වේද සංඛ්‍යාවෙහි ලා නොගැනෙන හෙයින් වේදාංගයන්ට අයත් එක් කොටසක් ලෙස පෙන්වා දී තිබේ. ඒ අනුව වේදාංග අතරින් කල්ප සූතවල ශ්‍රෞත, ගෘහ්‍ය, ධර්ම යන සූත‍්‍ර රචනාවෝ ආගමික අංශයට අයත් කළ අතර ශුල්ව සූත‍්‍ර සහ වේදාංග අතර ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස්, ජ්‍යෝතිෂ යන සෙසු අංග ලෞකික අංශයට ඇතුළත් කොට ඇත. ‘‘අනෙක් අතට සූත‍්‍රයන් ම`ගින් ඉදිරිපත් කරන ආගම අතිශයින් අංග සම්පූර්ණ එකකි. නමුත් එහි ආගම අංග සම්පූර්ණ වන්නේ ලෞකික අංශයෙන් පමණි. ඒ මෙම ග‍්‍රන්‍ථ ධර්ම, අර්ථ හා කාම පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නේ නමුත් මෝක්‍ෂය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම නිහ`ඩ බැවිනි’’

ශ්‍රෞතසූත‍්‍ර÷
ශ්‍රෞතසූත‍්‍ර ම`ගින් මහායාග පවත්වන ආකාරය උගන්වනු ලැබේ. බ‍්‍රාහ්මණයන්හි ඉගැන්වුණු ශ්‍රෞත යාගයන් පැවැත්වීම පිළිබඳ විස්තර කරන කල්ප සූත‍්‍රයෝ ‘ශ්‍රෞත සූත‍්‍ර’ නමින් හඳුන්වනු ලබයි. එමෙන්ම මෙම එක් යාගයක් පැවැත්වීමට බොහෝ දින ගණනක් ගතවන අතර බොහෝ බ‍්‍රාහ්මණයන් පිරිසක් ද සිටිය යුතු බව දක්වයි. ශ්‍රෞත සූත‍්‍රවල දී යාග ගින්න දැල්විය යුතු පිළිවෙළ, එහිදී ගායනා කළ යුතු ගීතිකා ආදිය වේද සංහිතාවල දැක්වූ ආකාරයටම දක්වා ඇත. ශ‍්‍රැති (=වේද, යඥවිධි* පිළිබඳ වූයේ ශ්‍රෞත සූත‍්‍රයි. මෙය සිවු වේදයටම අයත් වේ. ශ්‍රෞත සූත‍්‍රයෙහි දී අග්නි පාරිශුද්ධීන් තුනත්, අග්නි හෝත‍්‍රයත් (අග්නි යාගය*, අමාවසී සහ පූර්ණමී යාගයනුත්, ඍතු පිළිබඳ යාගයනුත්, පශු යාගය මෙන්ම විවිධ ප‍්‍රභේදයන්ගෙන් යුක්ත සෝම යාගය පිළිබඳ ද උපදෙස් ඇතුළත් වේ. භාරතීය පූජා කලාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට නම් මෙම ග‍්‍රන්‍ථයන් පිළිබඳ අධ්‍යයනය ඉතා වැදගත් වේ.
ඍග්වේද ශ්‍රෞත සූත‍්‍ර ප‍්‍රධාන වශයෙන් චරණ (ශාඛා* දෙකකට අයත් බව පැවසිය හැක. ඒවා ශාංඛ්‍යායන සහ අශ්වලායන යනුවෙන් දැක්විය හැක. මෙයින් ශාංඛ්‍යායන ශාඛා උතුරු ගුජරාටියේ ද, අශ්වලායන පරම්පරාව ගොදාවරී, කෘෂ්ණා යන ගංගා දෙක අතර ප‍්‍රදේශයේ පැවති බවට සොයා ගෙන ඇත. මෙම ශාඛා දෙක තුළ ම යාග ක‍්‍රමය පෙන්වා දී ඇත්තේ සමාන ස්වරූපයෙනි. නමුත් ‘රාජසූයාව’ ශාංඛ්‍යායන ශ්‍රෞත සූත‍්‍රයන්හී ඉතා විස්තර වශයෙන් දැක්වේ. මෙය සාංඛ්‍යායන බ‍්‍රාහ්මණයට ඉතා ආසන්නය. ශාංඛ්‍යායන චරණය අශ්වලායන චරණයට පඩා පැරණි යැයි සඳහන් වේ. ශාංඛ්‍යායන ශ්‍රෞත සූත‍්‍ර අධ්‍යාය වශයෙන් 18 ට බෙදේ. එයින් 17 සහ 18 අධ්‍යාය මෑතක දී එකතු කළ බවට මතයක් ද පවතී. ඒ අධ්‍යාය දෙක කෞශිතකී ආරණ්‍යයකට බෙහෙවින් සමානය. අශ්වලායන ශ්‍රෞත සූත‍්‍ර අධ්‍යාය 12 කි. එය ඓතරෙය බ‍්‍රාහ්මණයට ඉතා ආසන්නය. ඓතරෙය ආරණ්‍යකයෙහි ද කතෘ අශ්වලායනය. එහෙයින් ග‍්‍රන්‍ථ ත‍්‍රිත්වයෙහිම සමානකම් දැකිය හැකිය. අශ්වලායනගේ ගුරුවරයා වූයේ ශෞනකය. ඔහු මෙම සූත‍්‍රයේ දී ගෝලයාට උපකාර වී තිබෙන බව මෙයටම දී තිබෙන ‘ශෞනක ශාඛා’ යන නමින් පැහැදිළි වේ.
කාත්‍යායන නමින් හැඳින්වෙන ශ්‍රෞත සූත‍්‍ර ශුක්ල යජුර් වේදයට අයත් වෙයි. ශතපථ බ‍්‍රාහ්මණයට අනුව යාග ක‍්‍රමය පිළියෙළ කොට ඇති අතර මෙහි අධ්‍යාය 26 ක් දක්නට ලැබේ. කාත්‍යායන සූත‍්‍ර යජුර්වේදයට අයත් නමුදු එහි සාමවේදයෙහි යාග පිළිවෙළ දක්නට ලැබේ. කෘෂ්ණ යජුර් වේදයට ශ්‍රෞත සූත‍්‍ර 06 ක් පමණ ඇතුළත්ය. ආපස්තම්භ, හිරණ්‍යකෙශී, බෞද්ධායන, භාරද්වාජ, මානව සහ වෛඛානස යනුවෙනි. ආපස්තම්භ ශ්‍රෞත සූත‍්‍ර පරිච්ෙඡ්ද 24 න් ද හිරණ්‍යකෙශී ශ්‍රෞත සූත‍්‍ර පරිච්ෙඡ්ද 18 න් ද යුක්තය. බෞද්ධායන ශ්‍රෞත සූත‍්‍ර ආපස්තම්භ හා භාරද්වාජ යන දෙකටම වඩා පැරණිය. මානව ශ්‍රෞත‍්‍ර සූත‍්‍ර මෛත‍්‍රායණී සංහිතාව හා සම්බන්ධය. මෙහි රචකයා වූ මානව නමැති ආචාය්‍ය–වරයා මෛත‍්‍රායණ පරම්පරාවට අයිති හෙයින් මේ සම්බන්ධය ඇති වී ඇත. ‘‘සමහර විට මනුගේ නීති ග‍්‍රන්‍ථයට මුල් වූයේත් මේ මානව ශ්‍රෞත සූත‍්‍ර විය හැකිය’’  යි මැක්ඩොනල් මහතා ප‍්‍රකාශ කරයි. කෘෂ්ණ යජුර් වේදයේ ආරණ්‍යක කොටස් සංග‍්‍රහ කොට ඇති වෛඛානස ශ්‍රෞත සූත‍්‍ර එතරම් ජනප‍්‍රිය වූයේ නැත. සාමවේදයට ශ්‍රෞත සූත‍්‍ර ශාඛා තුනකි.
මශාඛ ශ්‍රෞත සූත‍්‍ර
ලාටායන ශ්‍රෞත සූත‍්‍ර
ද්‍රාහ්‍යායන
යනුවෙනි. එයින් පළමු සහ පැරණිම ශාඛාව ලෙස මශාඛ ශ්‍රෞත සූත‍්‍ර යනුවෙන් හැඳින්වේ. මෙයට ආර්ශය කල්ප යැයි ද නමක් ඇත. මෙහි පඤ්චවිංසා බ‍්‍රාහ්මණයෙහි දැක්වූ පිළිවෙළට සෝම යාගය පිළිබඳ කරුණු දැක්වේ. මෙයට අයත් තවත් යාග පිළිබඳ ද කරුණු සුළු වශයෙන් ඇතුළත් වේ. දෙවැනි ශාඛාව නම් ලාටායන ශ්‍රෞත සූත‍්‍රයි. කෞතුම නම් ආචාය්‍ය– පරම්පරාවේ මෙම ශාඛාව ශ්‍රේෂ්ටත්වයෙහි ලා සම්භාවිත විය. මෙහි ද මශාඛ ශාඛාවෙහි මෙන් පඤ්චවීංසා බ‍්‍රාහ්මණය හා ල`ගම සම්බන්ධයක් පවතී. ද්‍රාහ්‍යාන ශාඛාව රාණායනීය පරම්පරාවට අයත් අතර මෙය එතරම් ජනප‍්‍රිය නොවූයේය. එමෙන්ම අනෙක් ශාඛාවලට වඩා වෙනසක් මේ තුළ විද්‍යමාන නොවීය.
අථර්වේදයට වෛතාන ශ්‍රෞත සූත‍්‍ර ඇතුළත් වේ. එය ගොපථ බ‍්‍රාහ්මණය අනුව පිළියෙළ වූ ඉතාම අලූත් හෝ ඉතා අලූත් නොවන සංස්කරණයකි. යාගාග්නියට ද වෛතාන යන නම යෙදේ. මෙහිදී ත‍්‍රිවිධ යාගාග්නිය ගැන පැවසේ. මෙය ශුක්ල යජුර් වේදයේ කාත්‍යායන සූත‍්‍ර අනුගමනය කොට ඇත. මෙයට ගෘහ්‍ය සූත‍්‍ර කොටසක් ද ඇතුළත්ව පවතී.
ශ්‍රෞත සූත‍්‍රවල යඤවිධි පිළිබඳ විස්තර සඳහන් වේ. කුදු මහත් යාග පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ මෙම ශ්‍රෞත සූත‍්‍ර තුළය. මෙහිදී ඇතුළත් සියලූ යාග කොටස් දෙකකට බෙදිය හැක.
හවිඃ
සෝම
යනුවෙනි. මෙයින් හවිස් කොටසට යඥ හතක් ඇතුළත් වේ. අග්න්‍යාධාන, අග්නිහොත‍්‍ර, දර්ශපූර්ණීමාසී, චතුර්මාස්‍යානි, ආග‍්‍රයණොෂ්ටි, නිරූඪපශුබන්‍ධ, සෞත‍්‍රාමණී යනුවෙනි. සෝම යඥය ද කොටස් හතකට බෙදනු ලැබේ. එනම් අග්නිෂ්ටොම, අත්‍යග්නිෂ්ටොම, උක්ථ්‍යා, ෂොඩශී, වාජපෙය, අතිරාත‍්‍ර සහ ආප්තොර්යාම යනුවෙනි. හවිස් යාගයේ මුල් අවස්ථාව අග්න්‍යාධාන යනුවෙන් හැඳින්වේ. එනම් අග්නි ÷ ආධාන (√ධා = තැබීමෙහි* ගිනි පිහිටු වීමයි. මෙහිදී යාගය පවත්වන්නා සහ ඔහුගේ භාර්යාව විසින් පළමුව ගිනිපෙණෙලි වලින් ගිනි ඇවිළවිය යුතු අතර එම යාගාවසානය දක්වා නොනිවා ආරක්‍ෂා කළ යුතුය.
අග්නිහොත‍්‍ර යනු උදේ හවස කළ යුතු යාගයක් වූ අතර එහිදී උදේ හා සවස කිරිබත්, කිරි, ගිතෙල්, විළඳ, ධාන්‍යාදිය අග්නියට පූජා කළ යුතුය. බ‍්‍රාහ්මණයන් අවශ්‍ය නොවන මෙම යාගය කොටස් තුනකට බෙදිය හැක. එනම්
නිත්‍යය
නෛමිත්තික
කාම්‍යය
වශයෙනි. නිත්‍ය යනු නිතරම කළ යුතු යාගයයි. නෛමිත්තික යනු විශේෂ අවස්ථාවල කළ යුතු යාගයයි. කාම්‍යය යනු කැමති අවස්ථාවකදී කළ යුතු යාගයයි.
දර්ශපූර්ණමාස යාගය හඳ ඇති දිනයට බ‍්‍රාහ්මණයෙකුගේ අධාර ඇතුව කළ යුතු යාගයකි. මෙයින් දර්ශ, පූර්ණමාස යන වචන දෙක තුළින් අලූත් හඳ දකින දිනය හෝ සමුපූර්ණ හඳ ඇති දිනයම නොව එයට පසු දෙදින ද ගැනේ. මෙවැනි කොටස් යාගය ලෙස සැළකීම එතරම් වැදගත් නොවේ. ඉෂ්ටි, විකෘති නමින් ගැණෙන තොවිල් කොටසකි.
චාතුර්මාස්‍යානි යාගය  මාස හතරකට වරක් පැවැත්වේ. කාර්තික, ඵාල්ගුණ, ආෂාඪ යන මාස තුනෙන් පටන් ගන්නා මෙය අවුරුද්දකට තුන් වරක් පැවැත්වේ. ආග‍්‍රයණෙෂ්ටි යාගය වර්ෂා ඍතුවේ දී හටගන්නා ප‍්‍රථම ශස්‍යක් පුදා කළ යුතු යාගයකි. මෙය අවුරුද්දේ වර්ෂා ඍතුවේදී වී වලින් ද, ශරත් ඍතුවේදී ශ්‍යාමාක වලින් ද, වසන්තයේ යව වලින් ද පූජා කළ යුතුය.
නිරූඪපශුබන්ධ යාගයෙහිදී සතුන් බලි වශයෙන් දෙවියන්ට පූජා කළ යුතුය. එහිදී කවර සතෙකු වුවද පූජා කිරීමේ හැකියාව ඇති අතර එම පිනෙන් පූජාව කරන පුද්ගලයා ස්වර්ගස්ථ වෙයි. සෞත‍්‍රාමණී යාගය අශ්වින්, සාරස්වත, ඉන්ද්‍ර, වෘහස්පති ආදී දෙවිවරුනට කළ යුතු අතර එහිදී ද සතුන් බිලිදීම කළ යුතුය. ඉන්ද්‍ර, සවිතා සහ වරුණ යන තිදෙනාට පුරොඩාශ පිදීම ද මෙහි අංගයකි.
සෝම යඥය ක‍්‍රම කිහිපයකට පැවැත්විය  හැක. එක දවසකින්, දවස් කිහිපයකින්, අවුරුද්දකින් හෝ අවුරුදු කිහිපයකින් වුවද එය පැවැත්විය හැකිය. අවුරුද්දක් පවත්වන යඥය ‘සත‍්‍ර’ යනුවෙන් ද හඳුන්වයි. ආරම්භයේදී වේදිකාව මත ‘අග්නිය’ තැබිය යුතුය. මැද අවස්ථාව පසු යාගය ලෙස ද හැඳින්වේ. අවසන සෝම පානයෙන් යාගය අවසන් වෙයි. එය ‘සෝමාභිෂව’ යනුවෙන් හැඳින්වේ. මෙහි අනුකොටස් වශයෙන් පවතින යාග අවස්ථා පහකි. එනම් ÷
දීක්‍ෂණියා ඉෂ්ටි
ප‍්‍රායණීය ඉෂ්ටි
ප‍්‍රවර්ණ කි‍්‍රයා
පශු යාග
සෝම යාග
යනුවෙනි. පිළිවෙළින් මෙම යාග පැවැත්වීම තුළින් ද්විජ (බ‍්‍රාහ්මණ* තත්ත්‍වයට පුද්ගලයාට පැමිණිය හැක. දීක්‍ෂණියා ඉෂ්ටියෙන් බ‍්‍රාහ්මණත්වය පිළිබඳ බීජ හටගනියි. සෝම යාගයේදී අග්නියට පුදන සෝමය යථෝක්ත බ‍්‍රාහ්මණ බීජයට ආහාර වශයෙන් පිහිටයි. ප‍්‍රායණීය යාගයේදී බීජය යථෝක්ත ආහාරය අනුභව කරයි. ආතිථ්‍ය ඉස්ටයේදී සෝමය ආගන්තුක ස්වරූපයක් උසුලයි. ප‍්‍රවණී ක‍්‍රියාවෙහිදී බීජයේ සංවර්ධනයට අදාළ ක‍්‍රියා සිදු වේ. පශු යාගයේදී එහි පවත්නා තිරිසන් ගතිගුණ නැතිවෙයි. අනතුරුව මෙසේ වර්ධනය වූ බීජය සෝම පානයෙන් ශක්තිමත් වෙයි. මේ සියල්ල කිරීමෙන් බ‍්‍රාහ්මණත්වය ලැබේ. මීට අමතරව දින පතා සන්ධ්‍යා තුනේදී ‘සවන කර්ම’ නමින් යාග ද්‍රව්‍ය අග්නියට පිදිමේ ක‍්‍රියාවක් ද පැවතුනි.
සෝම යඥයේ කොටස් හත පිළිබඳ විමසීමේදී අග්නිෂ්ටොම යඥය ජ්‍යෝතිෂ්ටොමයට අයත් අත්‍යාවශ්‍ය යාගයක් බව සඳහන් කළ හැක. මෙම යාගය සමපූර්ණ කිරීම සඳහා සතියක කාලයක් අවශ්‍ය වේ. වසන්ත ඍතුවේ කළ යුතු මෙම යාගය ආරම්භයේදී අග්නියට ස්තුතිපාඨ කියවිය යුතුය. උසස් පහත් බ‍්‍රාහ්මණවරු 16 දෙනෙක් ඇතුළත් මෙම යාගයේදී පහත් බ‍්‍රාහ්මණවරු අටදෙනකු ත‍්‍රිසන්ධ්‍යාවන්හී ස්තෝම සහ ශස්ත‍්‍රපාඨ කියවිය යුතුය. සෝම යඥයට අයත් ඉතා පහසුවෙන්ම කළ හැකි යාගය ද මෙයයි. අත්‍යග්නිෂ්ටොමය අග්නිෂ්ටෝමයට අයත් දෙවන කොටස වශයෙන් සැළකේ. එහෙත් ප‍්‍රතිඵල වෙනස් වන අතර දින 12 ක් දක්වා කළ හැක.
උක්ථ්‍ය යඥය ද අග්නිෂ්ටෝමයේම වෙනස් කළ කොටසකි. මෙය දෙවිවරු කිහිප දෙකනුට පූජා පැවැත්වීම සඳහා පැවැත්වේ. ෂොඩශී යාගය ද අග්නිස්ටොමයේ විකෘත්තියකි. ෂොඩශීශස්ත‍්‍ර සහ ෂොඩශීස්තෝත‍්‍ර ව්‍යවහාර වන මෙය මාසයේ 16 වැනි දින පැවැත්විය යුතුය. වාජපෙය යාගය උක්ථ්‍ය යඥයේ විකෘත්තියකි. දින 17 ක් දක්වා කළ හැකි මෙම යාගයට සහාභාගී වන බ‍්‍රාහ්මණයන් රන්මාල පැළඳිය යුතුය. හෝතා නෙළුම් නූලෙන් කළ මාලයක් දැරිය යුතුය. අතිරාත‍්‍ර යඥය උක්ථ්‍ය යඥයේ කොටසක් මෙන්ම අග්නිෂ්ටොමයේ විකෘතියෙකි. යාගාවසානයේදී පාත‍්‍රයෙන් ගත් සෝම යුෂ දොළොස් වරක් පානය කරයි. ආප්තොර්යාම යාගය ගව සම්පත්තිය ලබනු කැමති පිරිස සිදු කරයි. මෙම යාගය විශ්වජිත් සහ අග්නිෂ්ටොම යන යාග වලට හැම අයුරින්ම සමාන වේ.

ගෘහ්‍ය සූත‍්‍ර
නේවාසික චාරිත‍්‍රකර්මවිධීන් (ෘදපැිඑසජ රසඑැි* සහ දෛනික ජීවිතය පිළිබඳ යාග විධීන් - එනම්, ගෘහ්‍යකර්මවිධීන් පිළිබඳ කියැවෙන සූත‍්‍රයෝ ‘ගෘහ්‍ය සූත‍්‍ර’ නමින් හඳුන්වන ලදහ. එහිදී දෛනික ජීවිතයට අවශ්‍ය ගෘහ කටයුතු සංවිධානය කිරීම පිණිස පිළියෙළ කළ නීති රීති ප‍්‍රමුඛව මෙම ගෘහ්‍ය සූත‍්‍රය තුළ භාවිත වේ. තවද සුළු ලෙඩ රෝග, අපල, උපද්‍රව ආදිය සුව කර ගැනීම සඳහා ඉටු කළ යුතු යාග මීට ඇතුලත් වේ. ඇතැම් චාරිත‍්‍රවිධීන් වර්තමානයේ ද භාවිත වේ. ඒ අතර දිය කොරහේ බලිය, මල් බලිය, දෙහි කැපීම ආදිය දැකිය හැක. එමෙන්ම දරුවකුගේ පිළිසිඳ ගැනීම, උත්පත්තිය, මවු සහ බිළිඳු දරුවා, නම් තැබීම, දොරට වැඞීම, දරුවා මුලින්ම ඉඳුල් කටගෑම ආදී ළමා වියේ විවිධ අවස්ථාවන් සවිස්තරව මෙම කෘතීන්හී දැක්වේ. එමෙන්ම පිරිමි ළමයින්ගේ හිස බූ ගෑම, ශිෂ්‍යා පිළිබඳ උපනයනය, බ‍්‍රහ්මචාරියකුගේ හෙවත් වේදාධ්‍යනය කරන ශිෂ්‍යයෙකුගේ ජීවිත චර්යාව, ගුරු ශිෂ්‍ය සම්බන්ධය, ගුරු - සුශ‍්‍රැෂාවෙන් මිදීම යන මෙම කරුණු පිළිබඳ නියත උපදෙස් අපට දක්නට ලැබේ. ඉන් අනතුරුව තරුණ වියේදී සිදුවන මංගල යෝජනා, විවාහ ගිවිස ගැනීම, ආවාහ විවාහ කටයුතු  ආදිය තුළ දී අනුගමනය කළ යුතු චාරිත‍්‍ර විධීන් මෙන්ම, මහලූ වියට පත් වීමේන පසු රෝගාබාධවලට ලක්වීම, මරණ ආදි නොයෙකුත් ගෘහාශ‍්‍රිත කටයුතුවල දී පිළිපැදිය යුතු ආකාරය පෙන්වා දී ඇත. මහායාග වලට මෙන් නොව මෙම සුළු යාගයන් පැවැත්වීමට බ‍්‍රාහ්මණයා අවශ්‍ය නොවේ. අවශ්‍ය නම් ගෙහිමියාට හෝ පවුලේ පූජකයා (පුරෝහිතයා* විසින් වුවද එය සිදු කළ හැක. ගෘහ්‍ය සූත‍්‍රවල ඇතැම් කරුණු ශ්‍රෞත සූත‍්‍රවල කරුණු වලටත් වඩා විවිධත්වයක් නියෝජනය කරන අතර වැදගත් කමක් ද ගනු ලැබේ. ගෘහ්‍ය සූත‍්‍රයෙහි ද ශතපථ බ‍්‍රාහ්මණයෙහි මුලින් සඳහන්ව තිබූ ‘පංච මහා යාගයන්’ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. ‘‘මොවුහූ වූ කලී ඒකාන්තයෙන් ම මහා යාගෝත්සවයෝ යැ’’යි  බ‍්‍රාහ්මණයන්හී අවධාරණයෙන් සඳහන්ව ඇත. මෙම මහා යාගයන් සෑම ගෘහපතියෙකු විසින්ම ප‍්‍රධානතම ආගමික කාය්‍ය–යක් ලෙස සලකා පැවැත්විය යුතුය. එහෙත් මෙම යාගයනට ඇතුළත්ව පවතින්නේ කුඩා දක්‍ෂිණා කිහිපයකුත් චාම් චාරිත‍්‍ර විධි කිහිපයකුත් පමණි. ඒවා සුරයන්, අසුරයන් සහ පිතෲන් සඳහා දිනපතා පැවැත්වෙන යාගයන්ය. උදුනෙහි ඇති පූජනීය ගින්න මත දර කොටසක් තැන්පත් කිරීම, ආහාර ස්වල්පයක් පිදීම, පැන් පිදීම, ආගන්තුකයෙකුට සත්කාර කිරීම (‘නර යාගය’ නමින් මෙය හැඳින්වේ* සහ පස්වනුව ‘බ‍්‍රහ්මන් හෙවත් (ඍෂි* යාගය’ ලෙස සැලකුණු වේදයේ කොටස් දිනපතා කියවීම යන ක‍්‍රියා ඊට ඇතුළත් විය. සරල සන්ධ්‍යා සහ උදය පූජා, අමාවසී සහ පූර්ණමී යාග, යාගයන් සම්බන්ධ වාර්ෂික උත්සව ද ගෘහ්‍ය සූත‍්‍රයන්හී සඳහන් කොට ඇත. මෙම කරුණුවලට අමතරව ගෙවල් තැනීම, ගවයන් ඇති කිරීම, ගොවිතැන් කිරීම යන මේවාට සම්බන්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ උත්සව විධීන් ද, රෝගවලින් සහ අසුබ නිමිති වලින් ඇති වන ආපදාවන් දුරු කිරීම සඳහා යෙදෙන භූත කර්ම විධීන් ද ඉනාකම් හා තවත් එවැනි කටයුතු සඳහා යෙදෙන මන්ත‍්‍ර හා පූජා විධීන් ද මෙම කෘතීන්හී ඇතුළත්ව පවතී. තවද ගෘහ්‍ය සූත‍්‍රවල අවමංගල්‍ය කටයුතු සහ ශ‍්‍රද්ධා පූජාව ගැන ද කරුණු දක්වති. මෙම පූජාවල වටිනාකම හේතුවෙන් එවායේ කුඩාම කරුණක් සඳහා වුවද පසකාලීනව ග‍්‍රන්‍ථ (ශ‍්‍රද්ධකල්ප* බිහි විය.  
සහිත්‍යාත්මක වටිනාකමකින් අඩු වුවද මෙම ගෘහ්‍ය සූත‍්‍ර තුළින් ඉපැරණි භාරතීය ජන සමාජය පිළිබඳ අපට ගැඹුරු ප‍්‍රතිවේධයක් ලබා දෙයි. මෙම ග‍්‍රන්‍ථාගත කරුණු තුළින් පැරණි ඉන්දියානුවන්ගේ ජීවන ස්වරූපය මැනවින් ප‍්‍රතීයමාන කරන අතර ජනතාවගේ ආගමික අංශය නිරූපණය පිළිබඳ වැඩි නැඹුරුවක් මෙම ග‍්‍රන්‍ථ තුළින් විද්‍යමාන වේ.  ඒ අනුව ඉන්දීය ජනතාවගේ ආගමික නැඹුරුව කොපමණ තත්වයක පැවතියේ ද යන්න වටහා ගැනීමට හැකියාව ඇත. බොහෝ කලකට පෙර සොයා ගන්නා ලද කරුණු සම`ග මෙම ඉන්දීය ගෘහ්‍ය සූත‍්‍රාගත කරුණු සමාන වීම තුළින් ඒවායේ විශේෂත්වය තව දුරටත් වැඩිවී ඇත. විශේෂයෙන්ම ග‍්‍රීක, රෝම, ටියුටන් සහ ස්ලාව් ජාතීන්ගේ විවාහ චාරිත‍්‍ර විධීන් ගෘහ්‍ය සූත‍්‍රවල නීති රීති හා සස\ බැලීමෙන් ඉන්දු යුරෝපීය ජාතීන් අතර භාෂා අතර සබඳකම පමණක් නොව ප‍්‍රාෙගෙතිහාසික සමයෙහි පැවති ආචාර සමාචාර විදීන්ගේ සමතාවය ද ප‍්‍රකට කරයි.
ශාංඛ්‍යායන යන නමින් ඍග්වේදයට අයත් ගෘහ්‍ය සූත‍්‍ර හඳුන්වනු ලැබේ. මෙය ඍග්වේදයේ ශ්‍රෞත සූත‍්‍ර වලටම සම්බන්ධය. කෞශිතකී සම්බන්ධ කොට ඇති මෙය අධ්‍යාය 06 න් පරිමිතය. මුල් අධියර හතර ශාංඛ්‍යායන ගෘහ්‍ය සූත‍්‍රවලට අයිති යැ’යි මතයක් පවතී. ශාම්භව්‍ය ගෘහ්‍ය සූත‍්‍ර නමින් මෙයට අයත් යැ’යි කිව හැකි කෞශිතකී බ‍්‍රාහ්මණයට සම්බන්ධ තවත් සංස්කරණයක් තිබේ. මෙහි කතෘ ශාංඛ්‍යායන අනුගමනය කර ඇතත් බොහෝ වෙනස් කම් දක්නට ලැබේ. ඓතරෙය බ‍්‍රාහ්මණයට අයත් ආශ්වලායන ගෘහ්‍ය සූත‍්‍ර නමින් තවත් සංස්කරණයක් පවතී. මෙය ද ආශ්වලායන ශ්‍රෞත සූත‍්‍රවලට සමබන්ධ බව පෙනේ.
කෘෂ්ණ යජුර් වේදයට ගෘහ්‍ය සූත‍්‍ර 07 ක් ලියා ඇත. ආපස්තම්භ කල්පසූත‍්‍රයෙහි 26, 27 අධ්‍යාය දෙක ආපස්තම්භ ගෘහ්‍ය සූත‍්‍ර නමින් හැඳින්වේ. 26 වන අධ්‍යාය මන්ත‍්‍ර පාඨවලින් පිරවී ඇත. හිරණ්‍යකෙශී කල්ප සූත‍්‍රයේ 19, 20 වැනි අධ්‍යාය දෙක හිරණ්‍යකෙශී ගෘහ්‍ය සූත‍්‍ර නමින් හැඳින්වේ. බෞද්ධායන සහ භාරද්වාජ යන ගෘහ්‍ය සූත‍්‍ර දෙක ද මෙයට අයත්ය. මෙය අප‍්‍රකටව පවතී. පස්වැනිව මානව ශ්‍රෞත සූත‍්‍රයටම සම්බන්ධ වූ මානව ගෘහ්‍ය සූත‍්‍රයක් ද දක්නට ලැබේ. එමෙන්ම විනායක උදෙසා කරන පූජාවක් ද මෙහි ඇතුළත් වේ. යාඥවල්ක්‍යගේ නීති ග‍්‍රන්‍ථයෙහි දැක්වෙන පරිදි පළමුව විනායකවරු හතර දෙනෙක් වූහ. පසුව ඔවුන් එකතු කොට ගණෙශ නම් එක විනායකයෙකු කළ බව සඳහන් වේ. වෛඛානස, කාඨක නමින් තවත් ගෘහ්‍ය සූත‍්‍ර දෙකක් කෘෂ්ණ යජුර්වේදයට ඇතුළත් වෙති. මෙයින් වෛඛානස ගෘහ්‍ය සූත‍්‍ර ප‍්‍රමාණයෙන් විශාල වුවත් වැදගත් කමින් අල්පය.
කාටීය, වාජසනෙය යනුවෙන් හඳුන්වන පාරස්කරය ශුක්ල යජුර්වේද ගෘහ්‍ය සූත‍්‍රවලට අයත් වේ. කොටස් 26 කට බෙදා ඇති මෙය ශතපථ බ‍්‍රාහ්මණයට අයත් වේ. යජුර්වේදයට සම්බන්ධ කොට ඇති නමුදු මෙහි කොටස් තුනක්ම සාමවේදයේ දැක්වෙන යාගයන් පිළිබඳ කරුණු අඩංගු වේ. මෙම පාරස්කර ගෘහ්‍ය සූත‍්‍ර යාඥවල්ක්‍යගේ නීති ග‍්‍රන්‍ථයට ද බලපා ඇත. කාත්‍යායනගේ ශ්‍රෞත සූත‍්‍ර ද මෙයට සම්බන්ධ බව සැළකේ. ගොභිල නමින් සාමවේදයට අයත් ගෘහ්‍ය සූත‍්‍ර හඳුන්වනු ලැබේ. කෞථුම, ජෛමිමිනීය යන පරම්පරා දෙකට මෙය සම්බන්ධය. තවද ඛාදිර ගෘහ්‍ය සූත‍්‍ර නමින් රාණායනීය ශාඛාවට අයත් ගෘහ්‍ය සූත‍්‍රක් ද පවතී. අථර්වේදයට අයත් ඉතා වටිනා කෘතියක් ලෙස කෞශික සූත‍්‍ර දැක්විය හැක. යාග නීති, වෛදික ඉන්දියානුවන්ගේ ජීවිතය පිළිබඳ කරුණු මෙහි ඇතුළත්ය. මන්ත‍්‍ර භාවිත කරන ක‍්‍රම මෙහිදී පෙන්වා දෙයි. මෙම ග‍්‍රන්‍ථය තුළ එකල සමාජයේ පැවැති අදහස් උදහස් සහ ආචාර විචාර පිළිබඳ කරුණු වාර්තා කරයි.
ගෙහිමියන් පැවැත්විය යුතු ‘ආවස්ථ්‍ය, වෛවාහික’ ආදිය ගෘහසංස්කාර ලෙස හැඳින්වේ. මෙබඳු සංස්කාර 40 ක් පිළිබඳ දැක්වෙන අතර යාග වශයෙන් ද, ඉෂ්ටි වශයෙන් ද, ස්තෝත‍්‍රාදී වශයෙන් ද මේවා සිදු කළ යුතුය. යාගය පිළිබඳ මෙයින් කොටස් 22 ක සඳහන් වන අතර අනෙක් කොටස් 18 ක් තුළ වෛවාහික ක‍්‍රියා දක්වා ඇත. ශාරීරික සංස්කාර නමින් ද මෙම කොටස හඳුන්වයි. මෙම කොටස් 22 න් 05 ක් මහා යඥය නමින් හැඳින්වේ.
බ‍්‍රහ්මයඥ - චතුර්වේදය ඉගෙනීම
දේවයඥ - දෙවියන් උදෙසා කරන බලි බිලි ආදිය
පිතෘයඥ - මළගිය පියවරුන් උදෙසා ආහාර දීම
භූතයඥ - භුතයන්ට බලි බිලි දීම
මනුෂ්‍යයඥ - ආගන්තුක සත්කාර
ඒ කොටසටම අයත් පාකයඥ 07 කි. හුත, ප‍්‍රහුත, ආහුත, ශුලගව, බලිහරණ, ප‍්‍රත්‍යවරොහණ, අෂ්ටකාහෝම යනුවෙනි. තවත් තැනක පාකයඥය හඳුන්වන්නේ මෙසේය. ශ‍්‍රවණාකර්ම, සර්පබලි, අශ්වයුජී, ආග‍්‍රහායණී, ප‍්‍රත්‍යවරෝහණ, පිතෘයඥ, අන්වෂ්ටකා යනුවෙනි. මෙයින් අෂ්ටකාහෝම කොටස් තුනකට බෙදේ.
ප‍්‍රපාෂ්ටකා
මාංශාෂ්ටකා
ශාකාෂ්ටකා
මෙම අෂ්ටකා යග ත‍්‍රිත්වය ක‍්‍රමයෙන් පෞරුෂ, මාඝ, ඵාලගුණ යන මාස තුනේ කෘෂ්ණාෂ්ටමී දිනයෙහි පැවැත්විය යුතුය. යාග කොටසෙහි ලා දක්වන්නේ මෙම කොටස් 22 යි. කායික සංස්කරා 18 මෙසේය.
ගර්හාධාන - ගැබ්ගත් මොහොතේ ආරක්‍ෂාවට කරන චාරිත‍්‍රයකි. පුංසවන - පුතකු ලබා ගැනීම සඳහා කරන සංස්කාරයකි. සීමන්තොන්තයන - ගැබ් ගැනිමෙන් මාස 4, 6, 8 වැනි මාසවල කරන චාරිත‍්‍රයකි. ජාතකර්ම - දරුවා උපන් අවස්ථාවේ කරන චාරිත‍්‍රයකි. නාමකරණ - නම් තැබීමයි. මෙය සාමාන්‍යයෙන් ඉපදී දහවන දිනයෙහි කළ යුතුය. නම් දෙකක් තැබිය යුතු අතර එකක් මව්පියන් අතර පමණක් පැවැතිය යුතුය. එහි අරමුණ නම් දරුවා මන්ත‍්‍ර හූනියම් ආදියෙන් ආරක්‍ෂා කිරීමටය. බමුණු දරුවෙකු නම් ඔහුගේ නම අගට ශර්මන් කියා ද, ක්‍ෂත‍්‍රිය නම් නම අගට වර්මන් කියා ද වෛශ්‍යයකුට නම් ගුප්ත කියා ද යෙදීම පිළිගත් ක‍්‍රමයයි. නිෂ්ක‍්‍රාමණ - හතර වන මාසයේ කරන මෙය ළදරුවා ගෙයින් එළියට ගැනීම කරනු ලබයි. අන්නප‍්‍රාශන - හයවන මාසයේ දී බත් කැවීම කළ යුතුය. කර්ණවේධ - කන් විදීම. චොල - රෙදි ඇන්දවීම. අක්‍ෂරස්වීකරණ - අකුරු කියවීම. උපනයන - පූන නූල කරේ බැඳීම. මෙය බ‍්‍රාහ්මණයෙකුට නම් වයස 08 - 10 ත් අතර කාලයේ කළ යුතු අතර ක්‍ෂත‍්‍රිය සහ වෛශ්‍ය නම් ඊට පසුව ද කළ යුතුය. මෙම නූල බඳින විට සාවිත‍්‍රී මන්ත‍්‍රය සජ්ඣායනය කරයි. නූල බඳින තැනැත්තා ළදරුවාගේ උපාධ්‍යායයා වෙයි. ඉන්දියාවේ අද ද මේ සිරිත දැකිය හැක. ව‍්‍රත - ආගමික අධ්‍යනයෙහි යෙදවීමයි. සමාවර්තන - අවුරුදු දොළසකින් පසු ව‍්‍රතයෙන් පෙරළා පැමිණීම. මෙහිදී පළමුව ස්නානය කරයි. එයින් ශිෂ්‍යභාවය සෝදා හරියි. ඒ සම`ගම ඔහුට ‘ස්නාතක’ යන නම ලැබෙයි. විවාහ - කසාද බැඳීම. මෙහිදී මනාලිය ගලක් උඩ සිටුවා ඇයගේ ස්ථිරතාවය මැන බලයි. ඉන් අනතුරුව විවාහ යුවල පියවර හතක් ගොස් යාග ආහාර වැළඳිය යුතුය. එයින සමාජට හිතවතියක් වීම අදහස් කරයි. මනාලිය මනාලයාගේ ගෙදරට පැමිණීමෙන් අනතුරුව රතු ගොනකුගේ සමක් මත වාඩි කරවා පිරිමි දරුවන් පමණක් සිටින කාන්තාවකගේ අතින් පිරිමි දරුවකු ඇයගේ අතට දෙයි. එයින් පිරිමි දරුවන් ලැබීම අදහස් කරයි. ස්වාමියා මනාලියගේ අතින් අල්ලාගෙන යාගාග්නිය වටේ තෙවරක් ගමන් කරයි. විවාහයට ‘පරිණය’ යන නම යෙදී ඇත්තේ ද මේ හේතුවෙනි. මෙම ගින්න දිවි ඇති තෙක්ම පවත්වා ගත යුතුය. විවාහ යුවල ගෙදර පැමිණීමෙන් පසු දෙගුරුන් ධ‍්‍රැව තාරකාව සහ අරුන්ධතී තාරකාව පෙන්වයි. මෙයින් දික්කසාද නොවීම අපේක්‍ෂා කරයි. උපාකර්ම - යාගයක් කිරීම. උත්සර්ජන - වෙදෝත්සර්ජන නම් කර්මය කිරීම. විෂ්ණුබලි - විෂ්ණු පූජාව පැවැත්වීම. අන්තෙෂ්ටි - පිතෘ දේවතාවුන් සඳහා බලි දීම යනුවෙනි.
මෙම කරුණු වලින් එකල ජනතාවගේ උපතේ සිට මරණය දක්වා ජීවිත ස්වරූපය ප‍්‍රකට වේ. වර්ෂා ඍතුව ආරම්භ වීමත් සම`ග සර්ප බලිය පැවැත්විය යුතුය. එහිදී යාග ද්‍රව්‍ය පුදන අතර සර්පයන්ගෙන් ආරක්‍ෂා වීමට මෙය සිදු කරයි. මේ බලිය පවත්වා නියමිත කාලය අවසන් වන තුරුම උස ඇඳන් පාවිච්චි කළ යුතුය. තවද අලූත් ගෙයක් තනා ගෙට පිවිසෙන විට සතෙක් බිලිදිය යුතුය. ගෙදොර බටහිර දිශාවට මුහුණ ලා නොතබයි. ගවයෙක් සමාජයේ පොදු යහපත සඳහා මුදාහළ යුතුය. කුඹුරු වැඩ කිරීමේ දී කළ යුතු කටයුතු ගෘහ්‍ය සූත‍්‍රවල සඳහන් වේ. නරක සිහින ආදිය නොපෙනීමට අස්වැන්නේ පළමු කොටස පිදිය යුතුය. අවුරුදු දෙකෙන් ඉහළ අය මළ පසු මිහිදන් කළ යුතුය. මළ තැනැත්තා පිරිසිදු කොට තෙල් ගල්වා හිස මත මල් පොකුරක් තබයි. මළකඳ පිළිස්සීමට පෙර කළු ගෝන සමක් මත තැන්පත් කරයි. බ‍්‍රාහ්මණයෙකු නම් ඔහුගේ සැරයටිය ද ක්‍ෂත‍්‍රියකු නම් ඔහුගේ දුන්න ද වෛශ්‍යයකු නම් ඔහුගේ යෂ්ටිය ද මළකඳේ අත මත තබා නැවත ගෙන කඩා දර සෑයට දමයි. මළ කඳ සම`ග දෙනක හෝ එළුවකු පුළුස්සයි. අනතුරුව පිරිස හිස සෝදා නා නිල් තන පිටියේ තාරුකා පෙනෙන තෙක් අන්ත්‍යප‍්‍රතිසංයුත්ත කථා ශ‍්‍රවණය කරති. අනතුරුව වටපිට නොබලා සියලූ දෙනා ගෙදර පැමිණෙති. මරණයෙන් පසු කිළි යැ’යි සිතා දින තුනක් යන තුරු බිම නිදන අතර මස් මාංස අනුභව නොකරයි. මළ දිනට පසුදින කැවුම් ගෙඩියක් උයා පෙරේතයන්ට පුදති. පැන් වැඞීම ද කරයි. කිරි සහ වතුර භාජන දෙකක් තබා මළ තැනැත්තාට නෑමට ආරාධනා කරයි. ආදාහනයෙන් 10 වන දිනයේ ඇට හෝ අළු ගෙන භාජනයක තැන්පත් කොට ඍග්වේදයේ නියමිත ගීතයක් කියා පොළොවෙහි තැන්පත් කරයි. මළ ගිය තැනැත්තා පේ‍්‍රතභාවයෙන් මුදවා පිතෘ ලෝකයට යැවීම සඳහා නෑදෑයින් පුද පූජා පවත්වයි. එය සිතේ ශ‍්‍රද්ධාවෙන් කරන නිසා ‘ශ‍්‍රාද්ධයී’ යැ’යි හඳුන්වයි. අවුරුද්දකින් පසු ‘පිතෘමේධ’ නම් පූජාවක් පවත්වයි. පෙර වැළලූ අළු භාජනය ගෙන ස්ථූපයක් තනයි.

ධර්ම සූත‍්‍ර
ධර්ම යන්න විවේචනය කරන එහි අර්ථ පහක් දක්වයි. වර්ණ ධර්ම, ආශ‍්‍රම ධර්ම, වර්ණාශ‍්‍රම ධර්ම, නෛමිත්තික ධර්ම සහ ගුණ ධර්ම යනුවෙනි. මනුෂ්මෘතියට අනුව විමසා බැලීමේදී ආගම, ගුණ ධර්ම, නීතිය, යුක්තිය, සමාජ සහ ආගමික කරුණු එයින් ගම්‍ය වන බව දක්වයි. වින්ටර්නිට්ස් දක්වන්නේ යුතුකම, චාරිත‍්‍ර හා ව්‍යවහාරය යන අර්ථ ඉන් ගම්‍ය වන බව දක්වයි. එහිදී බ‍්‍රාහ්මණ, ක්‍ෂත‍්‍රිය, වෛශ්‍ය යන වර්ගත‍්‍රයටම අයත් කටයුතු බ‍්‍රහ්මචය්‍යය (ිඑමාැබඑයදදා*, ගාර්හපත්‍ය (යදමිැයදකාැර’ි කසෙැ*, වානප‍්‍රස්ථ (එයැ දෙරුිඑ ාඇකකැර’ි කසෙැ*, යති (එයැ ිදකසඒරහ පැාසජ්බඑි* යන ආශ‍්‍රම ධර්ම ඔස්සේ විස්තර කොට ඇත. සමයාචාරික ධර්ම සූත‍්‍ර සහ සමාර්ත ධර්ම සූත‍්‍ර යන දෙකොටසම ධර්ම සූත‍්‍ර යන්නෙන් හඳුන්වයි.
ධර්ම සූත‍්‍රවලින් උගන්වන විෂය ඉතා පුළුල් පරාසයක් නියෝජනය කරයි. පුද්ගලයාගේ හැසිරීම, විනය, යුක්තිය, යුතුකම, නීතිය, ආගම, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ව්‍යවහාරය, ආධ්‍යාත්මික හා බාහිර සංවර්ධනය, චතුරාශ‍්‍රමයන්ගෙන් සිදුවිය යුතු සේවය, තපස, පාලනය ආදී නොයෙක් කරුණු මෙයින් ඉගැන්වේ. මෙම කරුණු ඔවුන්ගේ සාහිත්‍ය තුළ අර්ථවත් ව්‍යාප්තීන් විය. භාරතීයන්ගේ පැරණි නීති ග‍්‍රන්‍ථය ද මෙයට ඇතුළත්ව පවතී. මිනිසුන්ගේ කුල ගෝත‍්‍ර සහ ජීවිතයේ විවිධ අවස්ථා අනුව කොටස් වශයෙන් එකිනෙකට අදාළ නීති රීති මෙහි සඳහන් වේ. එහෙයින් මෙහිදී ලෞකික නීතිය මෙන්ම ආගමික නීතිය ගැන ද කරුණු ඉගැන්වේ. මෙම අංශ දෙකම ඉන්දීය සමාජය තුළින් එකිනෙකට වෙන් කළ නොහැකිය. බ‍්‍රාහ්මණයන් මෙම නීති රීති තුළින් පුරාණ ඉන්දීය සමාජය තුළ තම ඒකාධිකාරය පැතිර වීමට මෙන්ම ඉන්දීය නීතිය තමන් යටතට ගැනීමටත් ක‍්‍රියාත්මක වූ බව නිරීක්‍ෂණය කළ හැකිය. මෙම ධර්ම සූත‍්‍ර අන්තර්ගතය අනුව ප‍්‍රධාන කොටස් තුනකට බෙදිය හැක.
වර්ණ ධර්ම (ාමඑසැි දෙ ජ්ිඑි*
ආශ‍්‍රම ධර්ම (ාමඑසැි දෙ  ්ියර්ප්ි*
නෛමිත්තික ධර්ම (ජ්ිම්ක ාමඑසැි*
ධර්ම සූත‍්‍ර වූ කලි ස්මෘති මත ගොඩ නැ`ගී ඇත. නීතිය සහ යුක්තිය පිළිබඳ මේවායෙන් උගන්වයි. වශිෂ්ඨගේ ධර්මශාස්ත‍්‍ර කෘතිය ද මේ යුගයට අයත් සූත‍්‍රවලට ඇතුළත් කළ හැක. මේ කෘතියෙහි අධ්‍යාය 30 කි. ගද්‍ය පද්‍ය දෙකෙන්ම කරන ලද මෙය පසුකාලයේ මනුගේ ධර්මශාස්ත‍්‍රයට ද මූලික වී ඇත. මෙහි අවසාන අධ්‍යාය පහ මෑතකාලීනව එකතු කළ බව සැළකේ. මෙහි සිරිත් විරිත් පිළිබඳ උගන්වන අතර විවාහ ක‍්‍රම 06 ක් පිළිබඳ උගන්වයි. මනුගේ කාලය වන විට මෙය 08 ක් බවට සංවර්ධනය වී ඇත. මෙය වැඩි වශයෙන් ඍග්වේද සම්ප‍්‍රදායට අයත් ශිෂ්‍යයන් හැදෑරූ බව කුමාරිල සඳහන් කරන අතර සමහර තැනක ගෞතමගේ ධර්ම සූත‍්‍ර ගැන ද සඳහන් වේ. ‘‘මේ කරුණු අනුව වශිෂඨ ධර්මශාස්ත‍්‍රය ගෞතමට පසුවත් මනුට පෙරත් ඇතිවිය’’  යැ’යි මැක්ඩොනල් මහතා පවසයි.
කෘෂ්ණ යජුර්වේදයෙහි තෛතරිය සංහිතාව තුළ වැදගත් ධර්ම සූත‍්‍ර ප‍්‍රමාණයක් අන්තර්ගතය. ආපස්තම්භිය ධර්ම සූත‍්‍ර සහ හිරණ්‍යකේශී ධර්ම සූත‍්‍ර යැ’යි ප‍්‍රධාන කෘති දෙකක් මෙම කෘෂ්ණ යජුර්වේදයට අයත් වේ. හිරණ්‍යකේශී සංස්කරණය ද ආපස්තම්භීය කෘතියටම ඇතුළත්ව තිබී පසුව වෙන් වී ඇත. බෞද්ධායන ධර්ම සූත‍්‍ර එතරම් වැදගත් කමක් නොගනී. කෙසේ වෙතත් මෙය පරිශිලනය කොට ඇත්තේ දකුණු ඉන්දියානුවන්ය. සායන මේ ධර්ම සූත‍්‍ර අගය කළහ. මෙහි සඳහන් කරුණු අතර චතුරාශ‍්‍රම, චතුර් වර්ණ, විවිධ යාග විධි, ව‍්‍රත, තපස් ආදී විවිධ ක්‍ෂේත‍්‍ර පෙන්වා දී ඇත. ගෞතමීය ධර්ම සූත‍්‍ර උපුටනයන් සහ මානව ධර්ම සූත‍්‍ර ද මෙයට ඇතුළත් වේ. මෙය මනුමෘතිය ලෙස නොසැළකිය යුතුය. එමෙන්ම වෛඛානස ධර්ම සූත‍්‍රය ගත් විට එය ද වෛඛානස ශ්‍රෞත සූත‍්‍රයන්ගේම කෘතියකැ’යි නිගමනය කළ හැක. මෙහි වනවාසී තවුසන් විසින් පිළිපැදිය යුතු කරුණු ඇතුළත් වේ.
පාරස්කර ධර්ම සූත‍්‍ර ශුක්ල යජුර්වේදයට ඇතුළත්ය. කුමාරිලගේ අදහස අනුව මෙය කෘෂ්ණ යජුර්වේදයේ වාජසනෙයී ශාඛාවට අයත් බව පිළිගැනේ. මෙහි කරුණු සමාන බවක් දිස්වේ. චතුර් වර්ණය පිළිබඳ නීති රීති ඇතුළත් ගෞතමීය ධර්ම සූත‍්‍ර සාමවේදයේ රාණායනීය ශාඛාවට ඇතුළත්ය. මෙහි ශුද්‍රයින්ට ලැබී ඇති පහත් සමාජ තත්ත්‍වය පිළිබිඹු වේ. ‘‘ශුද්‍රයෙක් වේදය ශ‍්‍රවණය කරයි නම් ඔහුගේ කන් දෙක ලාකඩ දමා හිර කළ යුතුය. ඔහු වේද පාඨ කියවයි නම් දිව කපා දැමිය යුතුය. වේදයන් අසා සිතෙහි දරා ගනී නම් ශරීරය දෙකඩට ඉරා දැමිය යුතුය’’   පුරාණ ග‍්‍රන්‍ථයන් තුළ රජකුගේ පාලනය සිදුවිය යුතු ආකාරය පෙන්වා දෙයි. ‘‘රජකුගේ පාලනයට යුක්තිය, වේදය, ධර්ම සූත‍්‍ර, වේදාංග, පුරාණ යන කරුණු පහ විශේෂයෙන් ඇතුළත් විය යුතුයි’’  යැ’යි දක්වා ඇත.
අථර්වේදයට වෙනම ධර්ම සූත‍්‍රයක් නොමැත. එහෙත් වෛතාන ශ්‍රෞත සූත‍්‍ර මෙයට සම්බන්ධ කොට ඇත. මෙය කෞශික ගෘහ්‍ය සූත‍්‍රය මූලාශ‍්‍ර කොට ඇති අයුරු විද්‍යමාන වේ. ‘‘අථර්වේදය සෙසු වේදයන් හා අංග සම්පූර්ණ කොට සමකක්‍ෂයෙහි ලා තැබීම පිණිස මේ ධර්ම සූත‍්‍ර එයට සම්බන්ධ කොට ඇත’’  යනුවෙන් වින්ටර්නිට්ස් මහතා පවසයි.


ශුල්ව සූත‍්‍ර
සූත‍්‍ර සාහිත්‍යයේ කුඩාම ග‍්‍රන්‍ථාවලිය ලෙස ශුල්ව සූත‍්‍ර නම් කළ හැක. ශ්‍රෞත සූත‍්‍රයන් සහ ඍජුවම සම්බන්ධ වේ. එමෙන්ම මෙම ශුල්ව සූත‍්‍ර තුළ දී යාග භූමිය සහ අග්නිචයනයන් මැනීම (‘ශුල්ව’ යනු ‘මිනුම් නූල’ යන අරුත දෙයි* හා තැනීම පිළිබඳ නියත නීති වේ. බොහෝ මිනුම් ඇත්තේ මහා යාගය සඳහාය. ඉන්දීය ජ්‍යාමිතිය සහ ගණිත ක‍්‍රම පිළිබඳ පැරණිම කෘතිය ලෙස විද්‍යා ඉතිහාසයෙහි දී මෙයට වැදගත් ස්ථානයක් හිමි වේ. බෞද්ධායන, කාත්‍යායන, ආපස්තම්භ, සත්‍යාෂාඪ, මානව, වාරාහ හා මෛත‍්‍රායණි යන ශුල්ව ග‍්‍රන්‍ථ 07 ක් පිළිබඳ විස්තර වේ. ශුල්ව සූත‍්‍ර ගත්කල එය ආපස්තම්භ කල්ප සූත‍්‍රයෙහි 30 වන අධ්‍යායයි. යාගස්තම්භය සහ වේදිකාවක් හරිහැටි පිළියෙළ කරන්නේ කෙසේ ද යන්න මෙහි මනාව විස්තර වේ. එමෙන්ම භාරතීය ජ්‍යාමිති ශාස්ත‍්‍රයේ මූල බීජ මෙහි බව පෙරාපර දෙදිග වියතුන් විශ්වාස කරයි.
කාත්‍යායන හා ආපස්තම්බ යන ග‍්‍රන්‍ථ ඉතා කුඩා ඒවාය. බෞද්ධායන කල්ප සූත‍්‍රය හා සම්බන්ධව ඇති බෞද්ධායන ශුල්ව සූත‍්‍රය ප‍්‍රශ්න 13 න් යුක්තය. වාරාහ හා මානව ශුල්ව සුත‍්‍රයන් වෙනස් වන්නේ නාමයෙන් පමණි. එම ග‍්‍රන්‍ථ කොටස් තුනකි. පළමු කොටස මානව ශුල්ව ලෙසත් දෙවන කොටස උත්තරාෂ්ටක ලෙසත් තෙවන කොටස වෛෂ්ණව ලෙසත් නම් කොට ඇත. ආශ්වලායන මෛත‍්‍රාණීය ශාඛාවට අයත් වන අතර ෂත්‍යාෂාඪ හා ආපස්තම්බය එකිනෙකට සමානය. කාත්‍යායන ශුල්ව සූත‍්‍රය පරිච්ෙඡ්ද 06 න් පරිමිත කුඩා ග‍්‍රන්‍ථයකි. මෙයින් කවාකාර, ආයත චතුරස‍්‍රාකාර හා අර්ධ කවාකාර යාග උදුන් සකස් කරගැනීමට උපදෙස් ලබා දෙයි. එමෙන්ම ගඩොලෙහි ප‍්‍රමාණය, විවිධ යාගාසන නිරූපණයට උපදෙස් දී ඇත. ආපස්තම්බ ශුල්ව සූත‍්‍රය පටල 06 න් යුක්තය. ඉහත කරුණු මෙහිදී ද සාම්‍ය වන අතර වාස්තු විද්‍යාත්මක ගැටළු නිරාකරණයට සදුපදේශ මෙහිදී සපයයි. මෙහි වාස්තු විද්‍යාත්මක වශයේන සහ ජ්‍යාමිතික වශයෙන් වැදගත් තාක්‍ෂණික පද 11 කි. වර්ග මූලයන් සහ දශම සංඛ්‍යා පිළිබඳ ද මෙහි සඳහන් වේ. මෙම ග‍්‍රන්‍ථ භාෂාව අතිශයින් සංක්‍ෂිප්තය.
ඒ අනුව මෙම සමස්ථ කල්ප සූත‍්‍ර තුළ පුනරුක්ත කරුණු දැකිය හැකි වේ. මෙසේ සිදු කිරීමට හේතුව නම් බ‍්‍රාහ්මණ ඒකාධිකාරය සමාජයේ හිනි පෙත්තටම වත්වාගෙන යාමටය. එමෙන්ම මේ තුළින් සිවු කුලයට ආවේණික සත්තාවන් ආරක්‍ෂා කිරීමට මෙතරම් සූත‍්‍ර සංඛ්‍යාවක් රචනා කළ බව නිගමනය කළ හැක. සූත‍්‍ර සාහිත්‍යය වෛදික කෘතීන්හී සාරාංශයක් වැනිය. මෙයින් ලෝක සාහිත්‍යයේ එක් පැතිකඩක් නිරූපණය වන අයුරු සුපැහැදිළිය.  එමෙන්ම මෙම ග‍්‍රන්‍ථ වල ක‍්‍රමික විකාශනය මනාව පෙන්නුම් කරන අතර ඒවායෙන් භාරතීය දර්ශනවාදයන්ගේ විකාශය, සමාජ විකාශනය ආදිය මැනවින් පෙන්නුම් කෙරේ.























සමාලෝචනය


භාරතීය සාහිත්‍යයෙහි මුදුන්මල්කඩ වන වෛදක යුගය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අපට එහි විවිධ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කළ හැක. වේදයේ සඳහන් විවිධ කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒවායේ ඇති ඓතිහාසික සහ සාහිත්‍යාත්මක වටිනාකම් මැනවින් ඉස්මතුව පෙනේ. එවැනි වටිනාකම් වලින් සපිරි මෙම වේද යුගයේ හුදෙක්ම විද්‍යමාන කරුණු අතර බ‍්‍රාහ්මණ සමාජ සත්තාවන් දැකිය හැක. බ‍්‍රාහ්මණ සමාජ ආධිපත්‍යට නතුවූ මෙම සමාජය ක‍්‍රමයෙන් වෙනස් වී විකෘති වී යෑම වැලැක්වීම් වශයෙන් ඒවා නිවාරණය කිරීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග එකල සිටි බ‍්‍රාහ්මණ වියතුන් අනුගමනය කළහ. එහිදී ඔවුන් සාහිත්‍ය මනා පිටුවහලක් කරගත්හ. ඒ අනුව මූලික දේව භාෂිත එලෙසම පවත්වාගැනීම සඳහා වේදයේ විස්තර කථන රචනා කළහ. උපනිෂද් යුගයේ චින්තන විප්ලවයට මුහුණ දීම සඳහා මෙම ග‍්‍රන්‍ථවල විවිධ ස්වරූපයෙන් වේදය විග‍්‍රහ වේ. ඒ අනුව මෙසේ රචනා වූ ග‍්‍රන්‍ථ වෙනමම සාහිත්‍යයකට උරුමකම් කීහ. එම සාහිත්‍ය ‘සූත‍්‍ර’ සාහිත්‍ය හෙවත් ‘සමෘති’ සාහිත්‍යය ලෙස හැඳින්වේ. එම ස්මෘති සාහිත්‍යය පිළිබඳ වියත් මතාශ‍්‍රිත නිගමනයක් මෙම නිබන්ධනය තුළ ඉදිරිපත් කොට ඇත.

















සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය


ද්විතීයික මූලාශ‍්‍රය


තිලකසිරි, ජයදේව,   වෛදික සාහිත්‍යය, ප‍්‍රකාශනය - ලංකාවේ සීමා සහිත   එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1958.

තිලකසිරි, ජයදේව, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී. ද. ඇස්. කුලරත්න මාවත, කොළඹ - 10, ප‍්‍රථම මුද්‍රණය - 1961.

පැට්රික්, නාරාවිල, ඍග්වේදගීතාවලී, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 1997.

බෂාම්, ඒ. එල්, අසිරිමත් ඉන්‍දියාව, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය - 1962.

විජේසිංහ, එස්. ඒ. ජී, සංස්කෘත සාහිත්‍ය විමර්ශන, ප‍්‍රකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික* සමාගම, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 2009.

වින්ටර්නිට්ස්, එම්, ඉන්දීය සාහිත්‍ය ඉතිහාසය, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, පළමු මුද්‍රණය - 1967.

සේනානායක, ජී. එස්. බී, සංස්කෘත සාහිත්‍ය. ප‍්‍රකාශනය - ඇම්. ඞී. ගුණසේන සහ සමාගම. ප‍්‍රථම මුද්‍රණය - 1955.

සේනාධීර, ගුණපාල, ඍග්වේද සමීක්‍ෂා, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ        සහෝදරයෝ, කොළඹ - 10,  ප‍්‍රථම මුද්‍රණය - 1992.

හෙට්ටි ආරච්චි, ඞී. ඊ, පැරණි දඹදිව සාහිත්‍යය, ප‍්‍රකාශනය - නව ලිපි පොත් සමාජය, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1946.

තෘතීයික මූලාශ‍්‍රය
 
අනුපස්සනා, (සංස්* - වෑගල ඤාණවිමල හිමි ආදිහු, ප‍්‍රකාශනය - ශ‍්‍රී ධම්මාලෝක මහ පිරිවෙන, කුඹුරේගම,  ප‍්‍රථම මුද්‍රණය - 2012.