UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: July 2018

Saturday, July 21, 2018

මෙම කතාව විනාඩියක් වැය කොට කියවන්න ඔබේ ජිවිතේ වෙස් කරාවි



-ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන-
අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය.

"ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි.

කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත.

මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි.

ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක.

නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිඳු දිනෙක සොයා ගත නොහැකි දෙයක් ඇත - එය නමින් "ජීවිතයයි".

පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් යනු ඇත - එය නමින් "නීරෝගීමත් ජීවන ක්‍රමයයි".

ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේද, කාලයත් සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ලඟා වනු ඇත.

ඔබේ පවුලට නොපමාව ප්‍රේමය කරන්න, ඔබේ කලත්‍රයාට නොපමාව ප්‍රේම කරන්න, ඔබේ මිතුරන්ට නොපමාව ප්‍රේම කරන්න...

කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.

පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද, එය ඇතුළත තිබෙනා මුදල් ප්‍රමාණය සමාන වේ.

තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 30,00ක් වුවද, ඔබ ගමන් කරනා ගමනාන්තය වෙනස් නොවනු ඇත.

තමා ජීවත් වන නිවස වර්ග අඩි 300ක් හෝ 3000ක් වුවද, ඔබේ හුදෙකලාව වෙනස් නොවනු ඇත.

ඔබේ සැබෑ සන්තෘප්තිය, මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත.

එසේනම්... ඔබත් සමග කතා කිරීමට, සිනහ වීමට හෝ ගී ගැයීමට යහළුවන්, සහෝදර සහෝදරියන් සිටීනම්, එය සැබෑ තුෂ්ටියක්ය..

ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත.

ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනෙක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදු වනු ඇත.

ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම්, තනිව ඇවිදින්න.. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම්, එක්ව ඇවිදින්න...

ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මියයන විටද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතර මැද තිබෙනා කාලය ඔබ කළමණාකරණය කරගන්න! ඔබගේ කර්තව්‍ය වන්නේ එයයි..."

  - උපුටා ගැනීමකි-

Thursday, July 19, 2018

හිරිගල් ගුහාවේ කොටු වී ලෝක පාපන්දු ගැන අහන තායි පාපන්දු පැටව්





තායිලන්තයේ බැංකොක් අගනුවර අප ශ්‍රී ලංකීයයන් අතරද ජනප්‍රිය සංචාරක පුරවරයකි. එහි ඉපැරැණි නගරයක් වන චියන් මායි පිහිටා ඇත්තේ බැංකොක් අගනුවර සිට රටේ උතුරු දෙසට කිලෝ මීටර් 687ක් පමණ දුරිනි. ගුවනින් ගමන පැය එකයි කාලකි. බසයෙන් නම් පැය 12කි. දුම්රියෙන් නම් පැය 10කි. චියන් මායි නගරය ප්‍රසිද්ධව ඇත්තේ පන්සල් දහස් ගණනක් පිහිටි නගරයක් ලෙසිනි. එම පන්සල් අතරින් කීපයක්ම සංචාරකයන් අතර ජනප්‍රියව ඇත්තේ ඒවා නගරයෙන් ඔබ්බෙහි වනාන්තරබදව කඳුකරයේ පිහිටි නිසාය. එම පන්සල්වල විශේෂත්වය වන්නේ හුනුගල් පර්වත අතර ගුහාවල පිහිටීමය. මේ ගුහා කාලාන්තරයක් තිස්සේ පර්වත අතර වූ හුනුගල් දියවී වෑස්සීමෙන් සැදි ගුහාය. ඒ අතර විශාල හිරිගල් ලඹ හා ටැඹ බොහෝය. වරක් චියන් මායි හි ගුහා පන්සලක් නැරැඹීමට ගියයුරු මට සිහිපත් වූයේ තායිලන්ත සිසු පිරිසක් මෙවන් විශාල ගල්ගුහාවක සිරව සිටින පුවත ඇසූ අවස්ථාවේය. මේ ගුහා අඳුරුය. සීතලය. මඟ පෙන්වන්නකු නැතිව ඇතුළු වුවහොත් මඟ වැරැදී එළියට ඒමට පැය ගණනක් ගත විය හැකිය. විශාල ඇනකොන්ඩාවකුගේ උදරය මැදින් යන්නා සේ දිගින් දිගට වක්වෙමින් යද්දී පටු කොරිඩෝ සමඟ තැනින් තැන විශාල කුටි පිහිටා ඇත්තේය. ඒ අතර ඇති හිරිගල් ලඹ හා ටැඹ අතරින් යා යුත්තේ හිස් පහත් කරගෙනය. විශාල කන්දක් ඇතුළට රිංගා ගත්තාක් වැනි හැඟීමක් දෙන මේ හිරිගල් ගුහාවල බුදු පිළිම තබා මල් පලතුරු හා සුවඳ පුදමින් පන්සල් ඇත්තේය. ඒවා පාළුය. එහෙත් මේ පන්සල් අති පැරැණිය. ඉතිහාසයක් ඇත්තේය. හිරිගල් ගුහා අතරින් ඇසෙන්නේ දිය බිඳු වෑස්සෙන හඩය. තායිලන්ත පාපන්දු කණ්ඩායමේ දරුවන් අතරමං ව ඇත්තේ මෙවන් වූ සිය දහස් වාරයක් භයානක ගුහාවකය. එහෙත් ඒ චියන් මායි හි නොව චියන් රායි හිය. චියන් රායි පිහිටා ඇත්තේ චියන් මායි සිට කිලෝ මීටර් 198ක් පමණ දුරකිනි. ලාඕසය හා මියන්මාර දේශ සීමා ආසන්නයේය.

චියන් රායි හි නෑංග් නොන් වනාන්තරය වර්ග සැතපුම් අටක් පුරා විහිදුණු දළ බෑවුම් සහිත කඳුකර වනාන්තරයකි. වයිල්ඩ් බෝ හෙවත් ‘මූ පා ’ළමා පාපන්දු කණ්ඩායම නෑංග් නොන් හි පිහිටි තාම් ලුආන්ග් ගුහාවේ නිරීක්ෂණ චාරිකාවට පිටත් වූයේ පසුගිය ජූනි 23 වැනිදාය. ඔවුහු ගුහාවට පිවිසීමට පෙර සිය දෙමවුපියන්ට ජංගම දුරකතන මගින් පණිවිඩ යවමින් “අපි ගුහාවට යනවා. විදුලි පන්දම් හා කෑමත් අ‍රන් යනවා ” යැයි දැනුම් දීමට අමතක නොකළහ. එහෙත් එසේ ගිය දරුවන්ගෙන් ඉන්පසු ආරංචියක් නොලද තැන දෙමවුපියෝ ගුහාව අසලට රොක් වූහ. දරුවන් ගුහාව කරා පැමිණි පා පැදි පමණක් ගුහා කට ළඟ දොරකඩ තිබිණ. ඒ දුටු දෙමවුපියෝ වහාම අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු දරුවන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න සෙවීමට උත්සුක වූහ. 24 වැනිදා වෙද්දී සෙවිම් කණ්ඩායම් ගුහාව කරා ළඟා වුහ. ගුහාව ඇතුළත සැතපුම් 3ක දුරක් ගමන් කළ ඔවුනට දැක ගත හැකිවූයේ දරුවන් ගෙනගිය බෑග් සහ සැහැල්ලු පාවහන් පමණි.

තාම් ලුආන්ග් ගුහා සංකීර්ණය විස්තීර්ණවූ හුනුගලින් ස්වාභාවිකව නිමැවුණු කුටි ජාලයකින් සමන්විතය. මේ කුටි බොහොමයක් එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ අපිළිවෙළට විහිදි පැසේජ මගිනි. මේ සෑම තැනම හිරි ලඹ හා ටැඹවලින් යුක්තය. ගුහා කටේ සිට සැතපුම් එකහමාරක් පමණ වනතෙක් තුන්මං හන්දියක් දක්වා කුඩා කුටි කීපයක්ම වෙයි. දකුණු පසට පිහිටි ගුහා උමග උතුරට විහිදේ. වඩාත් ආකර්ෂණයක් දිනා ගන්නේ ගුහාවේ වමට විහිදෙන ප්‍රධාන උමගය. මෙහි ඇති විශාල රඟමඩලක් බඳු කුටිය හැඳින්වෙන්නේ එරට සුප්‍රසිද්ධ සංචාරක පාරාදීසයක් වන ‘පතායා බීච්’ නමිනි. ගුහාව ඇතුළත පිහිටි බොහොමයක් පැසේජ වැසි සමයේ වැසි ජලයෙන් පිරී යයි. මේ ගුහා සංකීර්ණය මේ ආකාරයට සැතපුම් 6ක් ඔස්සේ පොළොව යටින් දිව යයි.

වැසි සමයේ ඇතුළුවීම අනතුරුදායක බව සඳහන් කරමින් ගුහා පිවිසුමේ දැන්විම් පුවරුවක් සවිකර ඇත. වයිල්ඩ් බෝ කණ්ඩායමේ සාමාජික දරුවන් 12 දෙනකු හා ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු ගුහාවට පිවිස ඇත්තේ ඒ අවවාද නොතකමිනි. මේ සියලු දරුවන් වයස අවුරුදු 11 සිට අවුරුදු16 දක්වා වයස්වල පසුවන්නන්ය. පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු පුරුද්දක් ලෙසින් සිය සාමාජික පිරිමි දරුවන් ගුහාවේ චාරිකා සඳහා කැටුව එන බවට මාධ්‍ය වාර්තා පළ කර තිබිණි. චියන් රායි ප්‍රදේශයට මේ දිනවල ඇද හැළෙන ධාරාණිපාත මෝසම් වර්ෂාව ඔක්තෝබර් මස දක්වාම පවතින බවට වාර්තා වේ. එසේ තිබියදී ගුහාවේ කොටුව සිටින දරුවන් බේරා ගැනීම කල් යෑමට ඉඩ ඇත්තේ පැයකට අඟල් 6ක වේගයෙන් ගුහාවේ අභ්‍යන්තර පැසේජ වැසි ජලයෙන් පිරී යන බැවිනි. එහෙත් දිය උරා ගන්නා හුනුගල් පර්වතවල අවශ්‍ය තරම් ඔක්සිජන් ඇති හෙයින් දරුවන් නිරුපද්‍රැතව සිටිතැයි ගලවා ගැනීමේ නිලධාරීහු බලාපොරොත්තු පළ කරති.

ගුහා කට අද්දරට වී මවුපියන් හඬමින් මල් පහන් හා හඳුන්කූරු පත්තු කරමින් දරුවන් නිරුපද්‍රැතව පැමිණේවායි ප්‍රාර්ථනා කරද්දී ජුනි 25 වැනිදා එතැනට ළඟා වූයේ තායිලන්තයේ රාජකීය නාවික හමුදාවේ සීල් කිමිදුම් කණ්ඩායමයි. ඔවුන් දරුවන් බේරා ගැනීම ආරම්භ කළේ ගුහාව ඇතුළත පිරි ජලය ඉවත් කරමිනි. මෙහෙයුමට හෙලිකොප්ටර් යානා යොදා ගැනීම අඩාල කළේද ධාරාණිපාත වර්ෂාවය. 27 වැනිදා වෙද්දී තවත් ගලවා ගැනීමේ කණ්ඩායම් එතැනට ළඟා වන්නට විය. දහසකින් පමණ යුතු යුද හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් ළඟා වුවද ඔවුන් කිසිවකුටවත් දරුවන් සිටින තැනක හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවිය. මේ සියල්ලට බාධා කළේ දරුණු වැස්සය.

පස් දිනක් තිස්සේ වනාන්තර ගුහාවක කොටුව සිටින තායිලන්ත දරුවන් පිළිබඳ ආරංචිය පැතිර යද්දී ලොව නන් දෙසින් දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට ගුහා අභ්‍යන්තරයේ කිමිදීමට දක්ෂ නිලධාරීහු එක් වූහ. ඒ අතර ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු, එංගලන්ත, චීන, මියන්මාර, ලාඕස හා රුසියානු නිලධාරීහු වූහ. ඒ අතර ස්වෙච්ජාවෙන් එක්වූ වෛද්‍යවරු හා හෙදියෝද වෙති. එම කණ්ඩායම් ගුහා අභ්‍යන්තරයට පිවිසුණේ අමතර ඔක්සිජන් ටැංකි ද රැගෙනය. ඒ වෙද්දී ඇතැම් දෙනා පවසා තිබුණේ දරුවන් බේරා ගැනීම කාලයත් සමඟ දිවෙන තරගයක් බවයි. එහෙත් දිනෙන් දින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ සෙමෙනි. එයට හේතුව කෙතෙක් ජලය ඉවත් කළද අභ්‍යන්තර පිවිසුම් මාර්ග ක්ෂණයකින් ජලයෙන් පිරී යෑමය.

දැඩි ප්‍රයත්නයකින් පසු පසුගිය ඉරිදා තායි නේවි සීල් සාමාජික කිමිදුම්කරුවන් කීප දෙනෙකු පතායා බීච් ලෙසින් නම් ලද කුටියට පැමිණියත් ඔවුනට දරුවන්ගේ හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. ගුහාව ඇතුළත ඇති දැඩි අඳුර හා නිරන්තර ජල ගැලීම් නිසා ඔවුනට ආපසු හැරී ඒමට සිදුවිය. ඊට හේතු වූයේ නාවික හමුදා නිලධාරීන්ට පටු පැසේජ හරහා කිමිදීමට නොහැකි වීමය. එහෙත් ඔවුහු යළි නැවතත් මෙහෙයුමට එක්වෙමින් විවිධ උපාය මාර්ග යොදා ගනිමින් දරුවන් සෙවූහ. පැරැණි මිනින්දෝරු ක්‍රම හා මෑතදී ගුහාවේ කළ නිරීක්ෂණ කටයුතුවලදී යොදා ගත් සිතියම් ද ඊට යොදා ගැනිණි. එම සොයා බැලීම්වලදී ගුහාවේ කුටියෙන් කුටිය නිරික්ෂණයට ලක්විය. ඇතැම් කණ්ඩායම් ඩ්‍රෝන යානා යොදා ගනිද්දි තවත් කණ්ඩායමක් බල්ලන් යොදා ගත්තේය. තවත් කණ්ඩායමක් ගුහා බිත්ති හීනි කේබල් යොදා ගනිමින් හිල් කරමින් දරුවන් සෙවීය.

අවසානයේ දරුවන් සිටිනා තැන සොයා ගැනීමට හැකි වූයේ රික් හා ජෝන් යන බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනාටය. ඔවුන් සිටියේ පතායා බීච් නමින් හඳුන්වන කුටියට තවත් එපිටින් පිහිටි තැනකය. කෑලි කැපිය හැකි ගන අඳුරේ මඩ වැසි ජලයෙන් පිරි පැසේජ හරහා ඉතා අසීරුවෙන් කිමිදී ගිය ඔවුනට ඇතුළත ගුහාවක අඩි 300ක් 400ක් පමණ උස් කඳු ගැටයක් මත වාඩිවී සිටි දරු පිරිස දක්නට ලැබිණ. එවිට දරුවන් අතුරුදන්ව දින 9ක් ගතව තිබිණ.

“දරුවනේ අපි එනවා. ඔහොමම ඉන්න ” දරුවන් එතැන සිටින බව දුටු කිමිදිම්කරුවෙක් ඉංග්‍රිසි බසින් පැවසීය.

ඒ සමඟම ඔහු “ඔතන කී දෙනෙක් ඉන්නවාද? ”යැයි ද විමසීය.

“13යි” ඉතාම සැහැල්ලුවෙන් එකිනෙකාට ළංව වාඩිවී සිටි දරුවෝ පිළිතුරු දුන්හ.

“ෂා! හරි හොඳයිනේ. ඔයාලා හරිම නිර්භීතයි. අපි ඔයාලා බේරා ගන්නාතුරු ඔහොමම ඉන්න. මෙතැන ඉන්නේ අපි දෙන්නයි. අපි කිමිදිලයි ආවේ. තව අය ‍එනවා.” එසේ පවසමින් ආපසු හැරුණු එම කිමිදුම්කරුවෝ දරුවන් ගුහාව ඇතුළත නිරුපද්‍රැතව ඉන්නා පුවත දැනුම් දුන්හ. එතැනට රොක්ව සිටින ලොව නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීහු දරුවන් බේරා ගැනීමේ මෙහෙවර පියවරෙන් පියවර ලොවට වාර්තා කළේය. දරුවන් සොයාගත් පුවත තායි රජය විසින් රටවැසියන්ට දැනුම් දෙද්දී ගුහා දොරකඩ සිටි දරුවන්ගේ දෙමවුපියෝ එකිනෙකා වැලැඳ සතුටු කඳුළු වගුරන්නට වූහ.

ඒ අතරේ ඇබ්සෙයි ලිංග් නමැති කිමිදුම්කරු පර්වතයක ගැට ගැසූ දිගු කම්බියක් මගින් අඩි 130ක් පමණ පහළට බැස ඔහුගේ හිස් ආවරණයේ පැලැඳි කැමරාවකින් ගුහාව ඇතුළේ වාඩිවී සිටි දරුවන් මවුපියන්ට පෙන්වීය.

අයිෂා ගුහාවට පිවිසි බාලම දරුවා වන එකොළොස් හැවිරිදි චානින් ගේ මවය.

“මං මගේ පුතාට එයා කන්න ආසා කරන කෑම ජාති ඔක්කොම හදලා දෙනවා. එයා වැඩියෙන්ම කන්න කැමැති රෝස් කළ තායි ඔම්ලට්” යැයි ඇය පැවසුවේ සතුටු කඳුළු වගුරුවමිනි.

අනමාර් මිර්සා ගුහාවල අතරමංවූවන් බේරා ගැනීම ගැන හසළ දැනුමකින් යුත් අයෙකි. දරුවන් සිටිනා තැන සොයා ගත්තද ගුහා අභ්‍යන්තරයේ පවතින දරුණු ගං වතුර තත්ත්වය හමුවේ දරුවන් එතැනින් පිටතට ගැනීම අවදානමක් බව ඔහු පවසයි.

“ළමයි පීනන්න දන්නේ නෑ. ඔවුන් බේරීමට නම් කිමිදී ගොඩ ආ යුතුයි. නැත්නම් පොම්ප කර ජලය ඉවත් කර දරුවන් පිටතට ගැනීමට හැකිවන තරමට ජල මට්ටම අඩු වනතුරු බලා ඉන්න වෙනවා. එසේත් නැත්නම් ගුහා බිත්ති විද දරුවන් පිටතට ගැනීමට අලුත් පිවිසුමක් සොයා ගත යුතුයි ” මිර්සා පවසයි.

මේ අතරේ ගලවා ගැනීමේ නිලධාරීහු දරුවන්ට කිමිදුම් උපකරණ හා මුහුණු ආවරණ පැලැඳ හුස්ම ගැනීම පුහුණු කිරිමේ අභ්‍යාස කරවති.

කෙසේ වුවද ටයිම් හා ඉන්ඩිපෙන්ඩන් මාධ්‍ය වාර්තා පවසන්නේ මේ බේරා ගැනීමේ මෙහෙයුම තවමත් පවතින්නේ භයානක අවදියක බවයි. ඒ අතරේ තායි නාවික හමුදා සීල් කණ්ඩායම දරුවන්ගේ අලුත්ම වීඩියෝ පට දෙමවුපියන්ට පෙන්වා තිබේ. ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය සමඟ එතැනට ළඟාවී සිටින වෛද්‍ය කණ්ඩායම් හා කිමිදුම්කරුවන් සමඟ දරුවන් සිනාසෙමින් කතාකරමින් ඉතා උනන්දුවෙන් යහපත් මානසික මට්ටමකින් සිටින බව එම වීඩියෝ වාර්තා පෙන්වා දෙයි. දරුවන් සීතලෙන් බේරීමට ෆොයිල් කොළවලින් සිරුරු ආවරණය කරගෙන එකිනෙකාට තුරුලුව සිටින අන්දමත් එහි දැක්විණි.

“අපි හොඳින්. අප සොයා ගත්තාට ස්තුතියි”යනුවෙන් දරුවන් පවසනු වීඩියෝ පටයේ විය.

‘‘මේ දරුවන්ට බල්ලන් බුරන හඬත් දරුවන් සෙල්ලම් කරමින් කෑ ගසන හඬ හා කුකුළන් හඬලන හඬ ඇසුණාලු. ඒ ඔස්සේ දරුවන් බේරා ගැනීමට චිමිනි කුහරයක් හෝ වෙනත් කුහරයක් වැනි පිහිටීමක් ඇතැයි අපට හිතෙනවා. දරුවන් ජලය හරහා පිටතට නොගෙන එවැනි කුහරයක් විද ඔවුන් පිටතට ගැනීමට හැකියාවක් ඇත්දැයි දැන් අප සොයා බලනවා.” යැයි ගලවා ගැනීමේ මෙහෙයේ නියුතු වූවෝ පවසති. මිළඟට බලධාරීන් සැරැසුණේ දරුවන්ට දෙමවුපියන් හා කතාබහ කිරිමට දුරකතන පහසුකම් සපයා දීමටය. එහෙත් ජලය හරහා ඇදි රැහැන් විනාශවීම නිසා එයද පමාවී තිබේ.

ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පැවැත්වෙන සමයේ තායිලන්ත කුඩා පාපන්දු ක්‍රීඩකයන් මුහුණ පා සිටින මේ බියකරු අවස්ථාව ගැන බ්‍රසීලයේ පාපන්දු රජා වන රොනාල්ඩෝ ගේද අවධානයට ලක්විය.

“මේ කුඩා ක්‍රීඩකයන් මුහුණ පා සිටින බියකරු අවස්ථාව ගැන ඇසිමත් කනගාටුවක්. කාට හෝ හැකි ඉක්මනින් ඔවුන් බේරා ගැනීමට ක්‍රමයක් පාදා ගත හැකි වෙතැයි මං ප්‍රාර්ථනා කරනවා” ඔහු බීබීසියට පවසා ඇත්තේය.

දරුවන් හා කතාබහ කිරිමට දුරකතන රැහැන් ඇදීම ප්‍රමාද වෙද්දී සත් දෙනකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු නාවික හමුදා කණ්ඩායමක් රාත්‍රීන් කීපයක් ගන අඳුරේ දරුවන් හා ගත කළේය. ඒ අතරේ වෛද්‍යවරයෙක් හා හෙදියක්ද වූහ. දරුවන්ට දින ගණනකට පසු පළමු වරට ආහාරයක් ලෙස ලැබුණේ බත් හා ඌරු මස්ය. ඉතා හොඳින් ඔතා ජලය නොයන සේ සීල් කර ඒවා සකසා තිබිණ. ඒ අතරේ ශක්තිය වැඩිම සඳහා ශක්තිජනක ජෙලි වර්ග ද දෙනු ලැබිණ.

මුළු ලෝකයේම මාධ්‍ය තායිලන්තයේ ගුහාවේ රැඳී සිටින දරුවන් ගැන අලුත් වාර්තා හෙළි කරයි. ඒ අතරේ වොෂිංටන් පෝසට් පුවත් පත හෙළි කර තිබුණේ හිරවී සිටින දරුවන් ලෝක කුසලාන තරග අලුත්ම ප්‍රතිඵල හා කවුරුන් ජය ගනීද යන්න විමසන බවයි.

ඒ අතරේ බෙල්ජියමට පරාජය වී සිටින ජපාන කණ්ඩායම මේ දරුවන්ට සුබ පතමින් ධෛර්යය හීන කර නොගන්නා ලෙස පවසමින් පණිවුඩයක් එවා තිබේ.

හිරිගල් ගුහාවේ සිටින දරුවන් අතරින් ඩුවාංග්පෙච් හෙවත් ‘ඩොම්’ සිය දාහතර වැනි උපන් දිනය සැමරුවේ ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත වුවන් විසින් ඔවුන් සොයා ගනු ලැබූ දිනට පසුදිනය. එය දැනගත් පසු ලොව පුරා සුබ පතන්නෝ සිය සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ඩොම්ට සුබ පැතුම් එක් කළහ.

“ඔයාගේ උපන් දිනය ඔබට සුබ දිනයක්. මොකද ඔයා බේරා ගැනුණේ එදිනයි”ලෙසින් මවපිචායා සිය පුතුගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් පැවසුවාය. ගුහාවේ දරුවන් සිටින තැනට ළඟාවීම සඳහා පැය හයක් ගත වන බව වාර්තා වේ. යළි ආපසු ගුහා දොරටුව කරා ඒමට තවත් පැය පහක් ගතවේ. ගලවා ගැනීමේ කණ්ඩායම් කෙතරම් පිටතට වතුර පොම්ප කළත් ඒ සැණින් වතුර පිරීම දරුවන් ගලවා ගැනීමට මහත් බාධාවක්ව පවතී.

‘‘දරුවන් ජලය හරහා ගෙන ඒම තවමත් පවතින්නේ භයානක අවදියක. එය ඉතා උපද්‍රව සහිත කිමිදීමක්. එසේම ඔවුන්ට ඒ සඳහා ශක්තියක් හෝ හැකියාවක් තිබේද යන්නත් ප්‍රශ්නයක්” යනුවෙන් පවසන ගලවා ගැනීමේ නිලධාරීහු තවමත් දරුවන් පිටතට ගැනිමේ යහපත් හා ආරක්ෂිත ක්‍රමයක් ගැන වාද වෙති. මෙයට හේතු වි ඇත්තේ ඉදිරි දින කීපයේදී ඇද හැළෙතැයි අපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවය.

මේ අතරේ සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ දරුවන් සිටිනා තැනින් ඉවත් කිරීම අවදානම් බව සීල් නාවික හමුදා නිලධාරීන් පවසන බවය. එයට හේතුවී ඇත්තේ එක් දරුවකු හා පුහුණුකරු මන්ද පෝෂණය හේතුවෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවීමය. මේ වෙද්දී තායි නාවික හමුදා සීල් භටයෝ ගුහාවට ඔක්සිජන් පොම්ප කිරීම අරඹා ඇතැයිද සීඑන්එන් වාර්තා කළේය. ගුහා දොරටුවේ කඳවුරු ලාගෙන සිටින ගලවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය උපකරණ සපයමින් යුහුසුලු වෙද්දී අවට පදිංචි ජනයා ඔවුනට ආහාර සපයමින් විවිධ උපකාර කරති. ස්වෙච්ජා සේවකයන් මෙන්ම හමුදා භටයෝද මාධ්‍යවේදීහු ද ඒ අවට පොදිබැඳ සිටිති.

ද ගාඩියන් පුවත් පත සිකුරාදා උදෑසන සිය අලුත්ම වාර්තාවෙන් පවසා ඇත්තේ තායි සීල් භටයකු මෙහෙයුමේ දී ඔක්සිජන් ඌනතාව නිසා මිය ගිය බවයි. ඒ අතරම ගුහාවට පිවිසෙද්දී ඇතුළට නොයන ලෙසට මිතුරන් විසින් කරල ලද අනතුරු ඇඟවීම් කණ්ඩායමේ සිටි අය නොඅසූ බව ද පැවසේ.

තේන්ස් වීරාසින් දරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමේ දී පර්වතය විදීමේ කටයුතු බාර ප්‍රධාන ඉංජිනේරුවරයාය. ඔහු තායිලන්ත ඉංජිනේරු ආයතනයේ සභාපතිවරයා ද වෙයි.

‘‘අප දැන් උත්සාහ දරන්නේ දරුවන් සිටින තැනට ඉහළින් පර්වතය විදිමින් එතැනට ළඟාවීමටයි. දරුවන් රැඳී සිටින ගුහාවේ ඉඩ මදකම නිසා මුලදී මෙය භයානක වන බැවින් අත්හැර දැමුවා. එලෙස විදිනවා නම් මීටර් 100ක් පමණ පහළට පර්වතය විදිය යුතුයි. එම විදින සිදුර මීටරයක් පමණ පළල්. ඒ ඇතුළෙන් කේබලයක ආධාරයෙන් දරුවන් සිටින තැනට බැස්ස හැකියි. එතැන සිට මාලිමා යන්ත්‍රයක ආධාරයෙන් දරුවන් සිටින තැන සොයා ගත හැකිවේවි. මා එම සිදුර ඔස්සේ දුම් රොටු යැවූ විට එම දුම් ඉතා ඉක්මනින් පැතිර ගියා. ඒ පැසේජවල ඇති මඩ ජලය ඉවත් කරමින් තිබීම නිසයි. මේ කටයුතු ඉතා ශීඝ්‍රයෙන් සිදු වෙනවා. මේ සිදුරු දරුවන් සිටින තැනට යෑමට මඟ පාදාවි” ද ගාඩියන් වාර්තා කරයි.

  
උපුටා ගැනීමකි


Wednesday, July 18, 2018

පුරා විද්‍යාවේ ඉතිහාසය


පුරා විද්‍යාවේ ඉතිහාසය

පුරා විද්‍යාවේ ඉතිහාසය දිනෙන් දින දියුණු වන වෘත්තීයකරණය වීම්වලින් එකක් වන අතර එමඟින් සමීක්ෂණයට ලක් කරනු ලබන ප්‍රදේශයේ හැකිතාක් දත්ත ලබා ගැනීම සඳහා දිනෙන් දින වැඩි වන තාක්ෂණික ක්‍රම පරාසයක් යොදා ගනී.
පුරාතන ස්මාරක කැනීම හා කෞතුක භාණ්ඩ එකතු කිරීම වසර දහස් ගණනක් පුරාවට පැවතී ඇති නමුත් ඒවා බොහෝ විට සිදු වී ඇත්තේ වටිනා දෑ එකතු කිරීමට හෝ සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් මානව කෘති ලබා ගැනීමටය.

එහි භෞතික අවශේෂ හරහා අතීතය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනය කිරීම ඇරඹුනේ 19 වන සියවසේ දීය. මෙහි සැලකිය යුතු මුල්කාලීන දියුණු වීමක් වූයේ 1829 දී පුරා විද්‍යාත්මක අනුරූපතා පිළිබඳ ආයතනයේ එඩ්වඩ් ජෙහාඩ් හා ඔහුගේ පිරිස විසින් රෝමයේ සිදු කළ සොයා ගැනීම්ය. පුරා විද්‍යාත්මක ක්‍රම ඒ සඳහා ආශාවක් ඇති ආධුනිකයන් විසින් හා වෘත්තීයමය පුරා විද්‍යාඥයින් විසින් දියුණු කළ අතර ඔවුන් අතරට ඕගස්ටස් පිට් රිවස් හා විලියම් ෆින්ඩර්ස් පෙට්‍රි ඇතුළත් වේ.
මෙම ක්‍රියාවලිය 20 වන සියවසේ දී මෝටයිමර් වීලර් වැනි පුද්ගලයන් විසින් අඛණ්ඩව සිදු කළ අතර ඔවුන්ගේ කැනීම් සඳහා වූ අතිශය ශික්ෂාකාමී ප්‍රවේශය ලබා ගත හැකි සාක්ෂිවල තත්වය වර්ධනය කරන ලදී.

20 සියවස අතරතුර දී නාගරික පුරා විද්‍යාවේ හා ඉන්පසු මුදා ගැනීමේ පුරා විද්‍යාවේ දියුණුවීම් පුරා විද්‍යාත්මක විද්‍යාවේ දියුණුවත් සමඟ වඩාත් වැදගත් සාධක බවට පත්විය. එමඟින් ලබා ගත හැකි දත්ත ප්‍රමාණය අතිශයින් වර්ධනය විය.

මෙහි තවත් අංශයක් වන පුරා විද්‍යාත්මක තාරකා විද්‍යාව පුරා විද්‍යාව ලෙස නොහඳුනන නමුත් එය සංස්කෘතිකමය සන්දර්භයක් පුරා පුරාතන හෝ සාම්ප්‍රදායික තාරකා විද්‍යාව පිළිබඳ අධ්‍යයන සමඟ ගණුදෙණු කරයි

පාෂාණීය ධාතූ විද්‍යාව යනු ශාක හා සත්ත්ව පොසිල පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්‍රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්‍යයන ඇතුළත් වෙයි. ප්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයන්, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ හැසිරීම පිළිබද අධ්‍යයනය, පුරා විද්‍යාව හා පාෂාණීය ධාතු මනුෂ්‍ය විද්‍යාව යන විෂය පථයන්ට අයත් වෙයි

.ජීව විද්‍යාව

ජීව විද්‍යාව මගින් ජීවයෙහි ඇති විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. (ඉහල සිට පහලට) E.coli, ශාක පර්නාංග, කූරංගයා, ගොලායත් කුරුමිනියෙක්
ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි. මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.
ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.

බොහෝ ජීව විද්‍යාත්මක හැදැරීම් විශේෂණය වු උප කොටස් වේ. සම්ප්‍රදායිකව ඒවා හදාරනු ලබන ජීවි විශේෂය අනුව වර්ගී කරණය කරනු ලබයි. එනම් උද්භිද විද්‍යාවේදී ශාක පිළිබඳව ද සත්ත්ව විද්‍යාවේදී සතුන් පිළිබඳවද ක්ශුද්‍ර ජීව විද්‍යාවේදී ක්ශුද්‍ර ජීවීන් පිළිබඳව ද අධ්‍යයනය කරනු ලබයි. ජීව විද්‍යාව තුලද එහි ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරනු ලබන ජීවින් සහ ඒවා හැදැරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායන් අනුව තවදුරටත් බෙදීම් වලට ලක්වේ. ජෛව රසායන විද්‍යාවේදී ජීවයෙහි මූලික රසාහයනය පිළිබඳවද, අනුක ජීව විද්‍යාවෙහිදී ජීවි අනු අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියා පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සියළු ජීවීන්ගේ මූලික නිර්මාපක ඒකකය වන සෛලය පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. භෞත වේදය මගින් ජීවීන්ගේ භෞතික සහ රසායනික ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද පරිසර විද්‍යාව මගින් විවිධ ජීවීන් ඔවුන්ගේ බාහිර පරිසරය සමග අන්තර් ක්‍රියා සිදු කරන ආකාරය පිළිබඳවද හදාරනු ලැබේ.ජීව විද්‍යාව මගින් මිනිස් දේහයේ කුුියාකාරිත්වය පිළිබඳවද හදුනාගැනීමට හැක











කාලය හා කර්මය

කුරුල්ලෙකු ජීවත්ව සිටින විට
ඌ කුහුඹුවන් අනුභව කරයි.
කුරුල්ලෙකු මිය ගිය විට
කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි.
එක් ගසකින් ගිණිකූරු
මිලියන ගණනක් සෑදිය හැක.
නමුත් එක් ගිනිකූරකින් ගස් මිලියනයක්
විනාශ කල හැක.
කිසිවෙකුව කිසිවිටක අවතක්සේරු නොකරන්න.
එක් මොහොතකින් සියල්ල
වෙනස් වී යා හැක.
   නමුත් කාලය අප සැමට වඩා ප්‍රබලය.


ජම්බුදීප නාමය සටහන් කර ඇති අශෝක අධිරජුගේ කෝපාල් දිස්ත්‍රික්කයේ ගවිමත් ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපිය

ජම්බුදීප නාමය සටහන් කර ඇති අශෝක අධිරජුගේ කෝපාල් දිස්ත්‍රික්කයේ ගවිමත් ප්‍රදේශයෙන් සොයාගත් සෙල්ලිපිය....

දේවානම්පියේ ආහ: සාතිරෙකානි අදා- තියානි වසානි
යම් සුමි උපාසකෙ නො ච බාධම් ප්‍රකම්තෙ, සම්වචරෙ

සාතිරෙකේ යම් මෙ සම්ඝෙ උපේති, බාධම් ච මෙ ප්‍රකම්තෙ.

සෙ ඉමායම් වෙලායම් ජම්බුදිපසි අමිසා දෙවා සමනා මානුසෙහි, සෙ දානි මිසා කතා.

ප්‍රකමස එස ඵලෙ. නො ඉයම් මහතෙනෙව චකියෙ පාපෙතවෙ.

ඛුදාකෙන පි ප්‍රකමමිනේන විපුලෙ පි චකියෙ සවගෙ ආරාධිත්වෙ.

එතායා ච අතාය ඉයම් සාවනෙ ඛුදකා ච උදාරා ච පකම්මතු ති, අම්තා පි ච ජානාමතු, සිරි- තිතිකෙ ච ප්‍රකම්මෙ හොතු.

ඉයම් ච අතෙ වධිහිසිති, විපුලෙ ච වධිහිසිති, දියධියම් පි ච වධිහිසති ති.

අදහස:

දේවානම්පිය අශෝක රජ උපාසකයෙක් වී වසර දෙක හමාරක් ගත වී ඇති නමුදු වඩා ධර්මිෂ්ට වීමට කැප නොවිය.

වසරකට වැඩිය සංඝයාගේ ඇසුර නිසා වඩා ධර්මිෂ්ට වී ඇත..

එම කාළය තුළ දෙවියන් ද ජම්බුදීප වැසියන් හා වඩාත් මිත්‍රශීලි නොවීය...දැන් වැසියන් මිත්‍රශීලි වෙමින් පවතී.

ස්වර්ගයට පැමිණිය හැක්කේ නිසැකයෙන් ම ධනවතෙකුට පමණක් නොවේ...

ධාර්මික නම් දුප්පතෙකුට වුව ද ස්වර්ගයට පැමිණිය හැකි ය..

මේ ධර්මිෂ්ටබව බොහෝ කාළයක් පැවතීමට දෙපාර්ශවයම මාගේ අවවාදය පිළිපදිත්වා..

මෙය වැඩෙත්වා...බොහෝ කල් පවතිත්වා...

මෙම ලිපිය කියවන ඔබ ද සෙල්ලිපි පින්තූරය විශාලනය කර ජම්බුදීප නාමය ඇති අයුරු පරීක්ෂා කර සැක හැර දැනගනිත්වා...එකළ හිමාලය ආශ්‍රිත දේශය ම ජම්බුදීපය යි...

දෙවන පින්තූරයේ තුන්වන පේළියේ ජම්බුදිපසි වචනය දැක ගන්න. අශෝක සෙල්ලිපි අකුරු අධ්‍යයනය කරන්න..


Tuesday, July 17, 2018

O/l English model paper ස/පෙළ ඉංග්‍රීසි අනුමාන ප්‍රශ්න පත්‍ර










Supply the positive comparative or superlative or the adjective in brackets


Spoken English

A - Please swee the floor.
කරුණාකර බිම අතුගාන්න

B- Sorry I can't sweep the floor.
සමාවෙන්න මට බිම අතුගාන්න බෑ

A- Why can't you sweep the floor now.
ඇයි ඔයාට බිම අතුගාන්න bari

B- I am tired.
මට මහන්සියි
A- Ok please do it later.
හොඳයි පස්සෙ අතුගාන්න

B -Alright.


A- Will you please water the plants.
ඔයාට පැළවලට වතුර දාන්න පුලුවන්ද

B - I'm afraid I can't do it now
කණගාටුයි මට ඒක කරන්න බැහැ

A - Why can't you do it now.
ඇයි ඔයාට ඒක කරන්න බැරි

B - Can't you see I'm busy.
ඔයාට පේන්නෙ නැද්ද මම කාර්යබහුලයි

A - Can you do it later.
ඔයාට ඒක පස්සේ කරන්න පුලුවන්ද

B -Ok.

By kawshalya sandaruwan dissanayake
පොලීසියට ඕන ඕන විදිහට ඔබට දඩ ගහන්න බෑ මෙන්න ඔයා නොදන්න නීති

පොලීසියට ඕන ඕන විදිහට ඔබට දඩ ගහන්න බෑ මෙන්න ඔයා නොදන

“රථ වාහන පොලිසිය පිලිබඳ ඔබ දැන ගතයුතුම නීතිරීති මෙන්න” …රථ වාහන පොලිසියට හිතුමතේට දඩ ගහන්න බැ පොලිසියටත් නීතිරීති කියලා දෙයක් තියෙනවා..ඔබට බෙහෙවින් වැදගත් වේවි.

1 පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක.

2. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

3. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

4.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

5. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

6.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

7. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

1st MISCONCEPTION:

“A single Police Officer cannot stop you on the road! (It’s prohibited and you are not supposed to stop eithr!)“You cannot evade a police officer in the said manner. A police officer has the perfect right to stop you. It has been made clear under the Section 162 of the Motor Traffic Act as follos.

“The driver of a motor vehicle shall obey all verbal directions or signals, given by a police officer in the execution of his duty, to stop or reverse the car or to make it slow down or turn back or to pass on such side or to keep to such line of traffic as may be indicated by the police officer.”Furthermore, under the Section 56 of the Police Ordinance with regard to the duties and liabilities of police officers it has been mentioned as follows.“Every police officer shall for all purposes in this ordinance contained be considered to be always on duty, and shall have the powers of a police officer in every part of Sri Lanka.It shall be his duty.

(a) To use his best endeavors and ability to prevent all crimes, offences, and public nuisances’
(b) To preserve the peace
(c) To apprehend disorderly and suspicious characters;
(d) To detect and bring offenders to justice;
(e) To collect and communicate intelligence affecting the public peace; and
(f) Promptly to obey and execute all orders and warrants lawfully issued and directed to him by any competent authority.

2nd MISCONCEPTION:
“A single Police Officer cannot seize your driving license.”
It has been made clear in Section 135 (1) of Motor Traffic Act that a single Police Officer has a legal right to withhold a driving license. “The driver of a motor vehicle shall always carry his driving license on his person or in the motor vehicle and shall, on demand made by police officer, forthwith produce the license and permit it to be inspected”

3rd MISCONCEPTION:
“Only a ‘traffic control’ Police Officer has the authority to request anything more than your NIC when you are behind wheels.”
No restriction has been imposed on any Police Officer which prevents him from requesting any document other than the NIC.Any Police Officer in uniform has authority to examine any document including the NIC. The separate divisions of Police such as Traffic and Crimes have been established merely for the purpose of easy administration.

4th MISCONCEPTION:
“A single traffic Police Officer can never press charges against you. He must have a witness if he does so. That’s why you always find ‘two’ Police Officers together”
There is not a law in force which states that a single Police Officer is unable to do so or there should be two officers for the same purpose and it has been made clear in Section 162 of Motor Traffic Act as follows.“The driver of a motor vehicle shall obey all verbal directions or signals, given by a police officer in the execution of his duty, to stop or reverse the car or to make it slow down or turn back or to pass on such side or to keep to such line of traffic as many be indicated by the police officer.”

5th MISCONCEPTION:
“Police is a peace controlling force not an armed force. They are prohibited by law to carry anything more than a baton (but due to the prevailing war, they are issued Guns by a Supreme Court ruling, till the war ends) So, if a Police Officer pulls a gun on you, you can sue him.”
A Police Officer has the authority to use fire arms if necessary to maintain law and order in the country. According to the IGP Circular 843 dated 28th March, 2010, the use of fire arms has been limited for the police officers but it has not been prohibited.

6th MISCONCEPTION:
“If a Police Officer claims that you are drunk, you have the full right to ask for a ‘balloon test’, if they do not have it in their possession on the time of your request, you can go.”

You are not allowed to go at such situations. It has been clearly mentioned in the Section151 (1c). (a) of the Motor Traffic Act that the offender could be arrested after getting a report by producing him before a government medical officer. “Where a police officer suspects that the driver of a motor vehicle on a high way has consumed alcohol he may require such person to submit himself immediately to a breath test for alcohol or the Police Officer can order him to face a medical test which is done by a Government Medical Officer immediately, and that person shall comply with such requirement.”

7th MISCONCEPTION:

“Only Traffic Police Officers have the right to stop any moving vehicle. (That’s why you find at least 1 normal Police Officer in every checkpoint even though they are manned by Army)
There is no such law. Any uniformed police officer has the authority to do so. Furthermore, it has been mentioned in the Section 56 of the Police Ordinance which has already been mentioned above (01) that every police officer has equal police powers. Furthermore, the following facts have been mentioned in Section 63 of the Police Ordinance. “Any person who in any street or road, through free, or passage, within the limits of any town, commits any of the following offences, shall be liable to a fine not exceeding fifty rupees, or to imprisonment not exceeding three months, and it shall be lawful for any police officer to take into custody without a warrant any person who within his view commits any such offence.”   (1) Any person who drives a Vehicle or carrying a Cart without lights after dark and before dawn.



8th MISCONCEPTION:

“Police Officers cannot enter your home or work premises without a Court Order in writing. You have the fullest right to ask for it. If they try to enter by force, you have a right to object it.”

It has been clearly stated in Section 25 of Criminal Procedure Code that any Police Officer in uniform has the authority either to enter or to inspect a house or a place of business at any time without a Court Order.  “If ingress to such place cannot be obtained under section 24 it shall be lawful in any case for a person acting under a warrant, or in any case in which a warrant may issue but cannot be obtained without affording. The person to be arrested an opportunity of escape, for a peace officer to enter such place and search therein, and in order to effect an entrance in to such place to break open any outer or inner door or window of any place whether that of the person to be arrested or of any other person, if after notification of his authority and purpose and demand of admittance duly made he cannot otherwise obtain admittance.

9th MISCONCEPTION:

“A traffic Police Officer cannot seize your driving license until he fully states the crime you have committed and the relevant penal code violation. If he is unable to do so you are free to go.”
You are not allowed to do so. A Police Officer has the authority to request the driving license so as to verify whether the driver is holding a valid driving license for the relevant vehicle. It has been clearly stated in Section 135 of Motor Traffic Act that the driving license should be submitted forthwith if a Police Officer requests a driver to do so.“The driver of a motor vehicle shall always carry his driving license on his person or in the motor vehicle and shall, on demand made by police officer, forthwith produce the license and permit it to be inspected”

10th MISCONCEPTION:

“If a traffic Police Officer seizes your license by force and asks you to come to the police station to collect it. Do not go. Lodge a complaint directly to the Superintendent of Police or to the Deputy Inspector General of Police of the relevant area you can get the Police Officer sacked for his misconduct and unruly behavior.”
It is not possible. It has been made clear in Section 135 (4) of Motor Traffic Act that a Police Officer is authorized to take a driving license into his custody after issuing a temporary license for the driver. It is not possible to interdict a police officer after carrying out a disciplinary inquiry against such act.“Where a driving license is produced to a police officer at any investigation made by him into an offence alleged to have been committed in connection with the driving of a motor vehicle by the person who is the holder of the license, the police officer may take charge of such license for the time being and issue to such person a permit under his hand, in the prescribed form and setting out the prescribed particulars.”

11th MISCONCEPTION:

“(For women) If a Police Officer asks for your name, address, NIC or telephone number and (if you think he’s doing it on purpose to harass you) you can deny his request. He cannot arrest you. You have the right to request for a Female Police Officer.

12th MISCONCEPTION:

 “(For women) If you are asked to be body checked, it’s your right to get it done by a Female Police Officer. If they don’t have one in present,you can refuse to comply.”
A Police Officer has the authority to get information from any woman if necessary. The presence of a female Police Officer at the time is not a prerequisite. When taking a woman into custody or inspecting a woman it should be performed only by a woman. She should not necessarily be a female police officer. It has been explained in Section 30 of Criminal Procedure Code as follows. “Whenever it is necessary to cause a woman to be searched the search shall be made by another woman with strict regard to decency”

13th MISCONCEPTION:

“If a Police Officer is about to levy a fine or to prosecute you for speeding, you have a right to request to have a look at the speed indicated in the speed detection devices. Speed detection devices in most of the Police Stations are out of order and the speeding drivers are caught by hazarding a guess under the pretext of using the deve.”

A Police Officer has the authority to take a driver into custody if he is speeding recklessly. At such instances having a speed detection device is not compulsory to take such measures.

උපුටා ගැනීම : අන්තර්ජාලයෙනි

දිනක් මනෝවෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා.

දිනක් මනෝවෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා.

ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි.

විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා.

විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා.

දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා.

තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම  අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා.

සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා.

නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා.

මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා.

පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා.

"දැන් මට කියන්න,
ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?"

විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා.

මේ එයින් කිහිපයක්.

1."අද උදේ දේශනයට එන්න කලින්"

2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා"

3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි"

4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ"

5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ"

6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ"

7."ගිය අවුරුද්දෙ"

8."මතක නැහැ"

මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා.

ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා

"දැන් ඔබම මොහොතක් සිතන්න,
ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද?
මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක."

"මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි.
එකිනෙකාට සමීප විය යුතුයි.
සොයාබැලිය යුතුයි."

කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා.

මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා.

"අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි.
මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල."

කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා.

"දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු.
ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට.
අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න."

"මම ඔයාට ගොඩක් ආදරෙයි බබා,
ඉක්මනට එන්න අද,
මට පාලුයි"

කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට  කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා.

ඉන්පසුව ඇය මෙසේ පැවසූවා.

දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල.

"ට්‍රීන් ට්‍රීන්"

"ක්වෑක් ක්වෑක්"

"ටිං ටොං ටිං"

පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා.

කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි.

1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්"

2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට,
හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ"

3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද?
පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප"

4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ,
මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ"

5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ,
මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ"

6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස්  කීව නේද?"

7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං,
හොදින් අහන්නෙ,
 අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව.
මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද"

අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි.

8."මොකාද යකෝ මේ,
මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මරන් කනව"

දේශනය එතනින් සමාප්ත විය.

.................................................................

සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා.

විවාහය අමු අඹයක් වැනිය.
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි

උපුටාගැනීමකි
මුල් කතෲට ස්තූතියි

Sunday, July 15, 2018

Spoken English classes badulla

Spoken English බදුල්ල
මුල සිට සරලව ඉගෙන ගන්න
Writing skills
Spoken skills
Listenning skills
Speech skills
O/l A/l English
Spoken English
1 වසර සිට 13 දක්වා ඉංග්‍රීසි පංති පැවැත් වෙන අතර O/l A/l English අසමත් සිසුන් සඳහා වෙන වෙනම පන්ති වෙ.

කන්ඩායම් පන්ති සදහා විමසන්න බදුල්ල අවට පමණි.
0783895796/0711973081



Friday, July 13, 2018

කාර්යාල ක්‍රම

කාර්යාල https://drive.google.com/file/d/1KkOHYWbnCfwLWKmKeeZH7XtDmx56U9ya/view?usp=drivesdk

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)






මුල් පිටුව  පාර්ලි‌මේන්තු‌වේ කටයුතු සිදුවන ආකාරය  විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)151 වැනි ව්‍යවස්ථාවවිසර්ජන පනත් කෙටුම්පතසියලු පිටු

හැඳින්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට යෙදෙන වඩා ජනප්‍රිය යෙදුම 'අයවැය' යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික දින දර්ශනයේ, වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම සහ ඉන් අනතුරුව එළඹෙන විවාදය, ඕනෑම වර්ෂයකදී පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන නීති සම්පාදනයන් හා යෝජනා සියල්ලටම වඩා නොවේනම් එවැනි කාර්යයන් බහුතරයට වඩා ප්‍රමුඛත්වය ගනී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම පනත් කෙටුම්පතක් සේම, අයවැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරුව එම කියවීම් වාර තුනේදීම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ.

වෙනත් ඕනෑම කෙටුම්පතක් වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයම අනුගමනය කරනු ලැබුවත් අයවැය යනු සාමාන්‍ය මුදල් කෙටුම්පතක් නොවේ. රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසර වලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කිරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත්, රටටත්, සත්‍යව‍ශයෙන්ම ලෝකයටත්, ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. එම නිසා, බදු ගෙවන සියල්ලන්ටද, වානිජ ව්‍යාපාරවලටද, ආ‍යෝජකයන්ට සහ රජයේ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ටද එය වැදගත් වේ.



රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල

රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතලවල පදනම වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii වැනි පරිච්ඡේදයයි.

 148 වැනි ව්‍යවස්ථාව
කිසියම් පොදු අධිකාරයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් කිසියම් බද්දක් වරිපනමක් හෝ වෙනත් කිසියම් බදු විශේෂයක් පැනවීමට අදහස් කරන්නේ නම්, එය කළහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීතියක අධිකාරය යටතේ පමණක් බවද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවද මේ ව්‍යවස්ථාව සඳහන් කරයි.

149 වැනි ව්‍යවස්ථාව
නියමිත කාර්යයක් සඳහා‍ නීතියෙන් වෙන් කරනු නොලැබූවාවූද, ජනරජය සතු වූද සියලුම අරමුදල් ඒකාබද්ධ අරමුදලට බැරවේ. අයබදු, තීරුබදු, වරිපනම් හා රජයට ගෙවනු ලබන අනෙකුත් සියලුම ආදායම් හා ලැබීම් නියමිත කාර්යයක් සඳහා දැනටමත් වෙන් කරනු ලැබ නැත්නම්, ඒ සියල්ල ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතුවේ. ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබාගන්නේ කවර කාර්යයන් සඳහාද යන්න පාර්ලිමේන්තුව තීරණය කරයි. එයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, ණය අරමුදලේ ගෙවීම් සහ ඒකාබද්ධ අරමුදලට අදාල වියදම්ය.

150 වැනි ව්‍යවස්ථාව
කිසියම් විශේෂිත රාජ්‍ය සේවයකට කිසියම් මූල්‍ය වර්ෂයක් තුළ වියදම් කිරීම සඳහා විශේෂිත මුදල් ප්‍රමාණයක් ලබා දෙමින් පාර්ලිමේන්තුව යෝජනාවක් හෝ නීතියක් සම්මත කළ විට, රජයට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත හැකිය. පාර්ලිමේන්තුව බලය ලබාදුන් පසු අවශ්‍ය විශේෂිත මුදල් ප්‍රමාණය ආපසු ලබා ගැනීමට හැකි වන්නේ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක් නිකුත් කරනු ලැබීමෙන් පසුව පමණි.

මෙම සාමාන්‍ය ක්‍රමයට ව්‍යතිරේක දෙකක් 150 ව්‍යවස්ථාවේ (3) සහ (4) ඡේදවල දැක්වේ.

අයවැය මගින් අරමුදල් විසර්ජනය කර නොමැතිව තිබියදී, පාර්ලිමේන්තුව විසුරැවා හරින ලද තත්ත්වයකදී මෙය අදාළ වේ. එවිට, නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 03 ක කාලයක් සඳහා මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සඳහා බලය ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබේපාර්ලිමේන්තුව විසින් එම කාර්යය සඳහා මුදල් අනුමතකර නොමැතිව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නේ නම්, එවිට මැතිවරණ කොමසාරිස්වරයා විමසා, රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබිය හැකිය.

151 වැනි ව්‍යවස්ථාව
හදිසි සහ පුරෝකථනය කළ නොහැකි වියදම් වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවට නීතියෙන් ඉඩකඩ ලැබේ. හදිසි අවස්ථාවට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මුදලක් දැනටමත් විසර්ජනය කර නොමැති බව මුදල් ඇමතිවරයාට හැඟීගියහොත්, එවිට ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන මෙම අරමුදලෙන් යම් අත්තිකාරම් මුදලක් ගෙවීමට බලය පැවරිය හැකිය. ඒ සමගම හැකි ඉක්මනින් එලෙස අත්තිකාරම් ගෙවූ මුදල ප්‍රතිපූර්ණය කිරීමෙහිලා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගත යුතුවේ.

සංචිත
පොදු වෙන්කිරීමකින් හෝ විශේෂ වෙන්කිරීමේ අරමුදලකින් විභජනය නොකළ මුදලක් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට 1944 අංක 16 දරන මූල්‍ය සංචිත පනතින් විධිවිධාන සලස්වා තිබේ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එවැනි අරමුදල්, රජයේ ඒකාබද්ධ අරමුදලට මාරු කළ හැකිය.

154 "ජ" ව්‍යවස්ථාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවනු ලැබීමෙන් පසු මූල්‍ය කොමිසමේ නිර්දේශ අනුව යමින් එකිනෙක පළාත්වලට පාර්ලිමේන්තුව සිය වාර්ෂික අය-වැයෙන් මුදල් වෙන්කරන ලදී. මහ බැංකුවේ අධිපති, ප්‍රධාන ජන කොට්ඨාස තුනේ නියෝජිතයින් මෙන්ම මූල්‍ය, පරිපාලන, ව්‍යාපාර හෝ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතා ඇති තිදෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වියයුතු බව 154 "ජ" වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

පළාත් පරිපාලනයේ සහ මහා භාණ්ඩාගාරයේ ප්‍රමුඛ නිලධාරින් සමග එක්ව මූල්‍ය කොමිසම පළාත්වල අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කරයි. එහි නිර්දේශ වලට පදනම සකසන මාර්ගෝපදේශ මූලධර්ම එමගින් සකසනු ලබන අතර, ජනගහනය, ඒක පුද්ගල ආදායම, විෂමතා පිටුදැකීම සහ ඒක පුද්ගල ආදායමේ අඩුවීම යනාදී කරුණුද එහිදී විශේෂයෙන් අවධානයට යොමුකළ යුතු යැයි 154 "ජ" (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ.

කොමිසමේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදරිපත් කරනු ලබන අතර ජනාධිපතිවරයා ඒවා පාර්ලිමේන්තුවට දැනුම් දේ. මෙකී නිර්දේශ සැලකිල්ලට ගන්නා රජය "කොමිසම සමඟ සාකච්ඡා කර බලා, පළාත් වල අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමාණවත් වන පරිදි වාර්ෂික අය-වැයෙන් එම මුදල් විසර්ජනය කරයි".

විසර්ජන පනත් කෙටුම්පත

අය-වැය සැකසීමේ මූලික පියවර පහත දැක්වෙන පරිදි සාරාංශ ගතකළ හැකිය:

පවත්නා වර්ෂයේ මුල් කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය අයවැය චක්‍රලේඛය නිකුත් කරයි. තමා යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු හා ආයතනවල සහාය ඇතිව අමාත්‍යාංශ ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස් කරයි.මුදල් කොමිෂන් සභාව සිය ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාර පළාත් සභාවන්ට ප්‍රතිපාදන නිර්දේශ කොට ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරයි. මේවා භාණ්ඩාගාරය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු සකස් කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා පවත්වයි. ඉන්පසු ඒවා අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යයනය හා අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ. අවසන් ඇස්තමේන්තුව රජයේ අයවැයේ අතිරික්තය හෝ හිඟය පෙන්නුම් කරයි. පසුගිය දශක කිහිපය මුළුල්ලේම සෑම රජයක්ම ඉදිරිපත් කර ඇත්තේ හිඟ අය‍වැය ය. මෙම ඇස්තමේන්තු විසර්ජන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවට ඉදරිපත්කරනු ලබන අතර, මෙය ඇත්ත වශයෙන්ම මුදල් අමාත්‍යවරයා සිදුකරන අය වැය පළමු වර කියැවීම වේ.

සාමාන්‍ය ක්‍රමය වනුයේ මුදල් අමාත්‍යවරයා පවත්නා වර්ෂයේ ‍ඔක්තෝබර් මුලදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් ඉක්බිතිව ඊළඟ වර්ෂයේ ජනවාර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වීමයි. මෙම ක්‍රමයෙන් බැහැරවන අවස්ථා ලෙස දැක්විය හැක්කේ මහා මැතිවරණයක් කැඳවා නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කොට නොගත් අවස්ථාවක් හෝ නව රජයක් දිවුරුම් දුන් වහාම, එයට නියමාකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති අවස්ථාවක්ය.

පාර්ලිමේන්තුව එවැනි අවස්ථාවකට මුහුණදීමේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරවා ගැනීමට යොමුවෙයි. මෙම ක්‍රියා පටිපාටිය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳ ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර ‍නියෝගයන්හි සඳහන් නොවේ. පාර්ලිමේන්තුව දැනටමත් කෙරෙමින් පවතින ව්‍යාපෘති හැර, නව ව්‍යාපෘති සඳහා‍ අරමුදල් සම්මත නොකරයි. දෙපාර්තමේන්තු හෝ පොදු ආයතන සඳහා අරමුදල් වෙන් කෙරෙනුයේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට පමණි. එම නිසා කෙටි විවාදයකින් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව අතුරු සම්මත ගිණුම සම්මත කරනු ලබයි.

ඕනෑම වර්ෂයක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතක ආරම්භක ඡේදයේදී, පනතේ ප්‍රධාන අරමුණ පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කරනු ලැබේ:

"මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනතකි."

මෙය අය-වැය පළමුවර කියවීම වන අතර, එළඹෙන මුදල් වර්ෂයට අදාළව සිය වැඩ සටහන් සඳහා ආදායම් උපයාගැනීමේ රජයේ යෝජනා විස්තරාත්මකව ඉදිරිපත් කරන අය වැය දෙවනවර කියවීම සඳහා වන දිනය මුදල් අමාත්‍යවරයා නිවේදනය කරයි.

විසර්ජන පනත් කෙටුම්පතට විශේෂිත තත්ත්වයක් තිබුණ ද පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම සාමාන්‍ය පනත් කෙටුම්පතක් සඳහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙලම ඒ සඳහා ද අනුගමනය කරනු ලැබේ. එබැවින්, පළමුවර කියවීමෙන් පසුව පුරවැසියෙකුට 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම ප්‍රතිපාදනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ හැකිය.

ස්ථාවර නියෝග මගින් සම්පූර්ණ අයවැය ක්‍රියාවලිය සඳහා දින 26 කට නොවැඩි කාලයක් නියම කර ඇති අතර එයින් දින 7 කට නො‍වැඩි කාලයක් දෙවන වර කියවීම සඳහා ද දින 22 කට නොවැඩි කාලයක් තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථාව සඳහා ද වෙන් කර තිබේ.

අයවැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී සමාජයේ සියලුම අංශ අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය සභා ගර්භයට රැගෙන එයි. අයවැය යෝජනාවල රහස්‍ය බව එමගින් සංකේතවත් වේ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම යෝජනාවන්හි ඇති කරුණු අන් අයට දැනගැනීමට ලැබුණහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ.

අයවැය කථාවේ පළමු කොටසේදී ඔහු රටේ මූල්‍ය තත්ත්වය හා ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරයි. දෙවන කොටසෙහි අඩංගු වන්නේ ආදායම් සහ වියදම් යෝජනා, බදු අයකරන ආකාරය පිළිබඳ විස්තර හා වියදමෙහි ප්‍රමාණය, පොළී අනුපාත, ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සහනාධාර හා සහන ආදිය වේ. රජයේ පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ ආධාර හා විදේශ ආයෝජන, රැකියා නියුක්තිය හා සමාජ ශුභ සාධනය පිළිබඳ තත්ත්වය එමගින් පොදුවේ සඳහන් කරනු ලැබේ.

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරනු ලබන ආකෘතියක් අනුවයි. පළවැනි හා දෙවැනි වශයෙන් එහි කොටස් දෙකකි. පළමුවන කොටසේ අඩංගු වන්නේ විවිධ අමාත්‍යාංශ හා ඒ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවල පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ප්‍රකාශයන්ය. ඒවා වැය ශීර්ෂ යට‍තේ සංවිධානය කර ඇති අතර වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් තව දුරටත් වෙන් කොට ඇත.

දෙවන කොටසෙහි සඳහන් වන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල අත්තිකාරම් ගිණුම් ක්‍රියාකාරකම් වන අතර ලැබීමේ අවම සීමාව හා වියදම් කිරීමේ උපරිම සීමාව එහිදී විශේෂිතව සඳහන් වේ. මෙම සීමාවන් සඳහා වූ ඕනෑම වෙනස්කමක් කළ යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා මෙම සීමාවන් සඳහා සංශෝධිත ඇස්තමේන්තු ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුව විසිනි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු විවාදය සඳහා උපරිම වශයෙන් දින 7 ක් වෙන් වේ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ විට ආණ්ඩුවට හා විපක්ෂයට කථා කිරීම සඳහා වේලාව වෙන් කර දෙනු ලැබේ. අදාළ ප්‍රධාන සංවිධායකවරු කොටස්කාර පාර්ශ්වයන්ට හා මෙම විවාදයට සම්බන්ධ වීමට කැමති ඔවුන්ගේ සාමාජිකයන්ට කාලය වෙන් කර දෙති. වෙන්කරන ලද දින 7 ක කාලය අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ‍ පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ. මෙය විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව හෝ තෙවන වර කියවීම ලෙස හඳුන්වනු ලැබේ.

තම අමාත්‍යාංශ යටතේ ඇති ඒ ඒ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් හි ප්‍රගති වාර්තා සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදාහැරීම සියලුම අමාත්‍යාංශවල සාමාන්‍ය සිරිත වේ.

යම්කිසි මන්ත්‍රීවරයෙකු අයවැය සඳහා යම්කිසි සංශෝධනයක් යෝජනා කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු එම සංශෝධනය දෙවනවර කියවීම අවසානයේ දී ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතු අතර එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ආණ්ඩුව කාරක සභා අවස්ථාවේදී දැනුම් දේ.

අයවැය / විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ විවාදය උපරිම වශයෙන් දින 22 ක් වන කාලයක් පුරා පැවැත්වේ. ස්ථාවර නියෝග 70(5) මෙසේ පනවයි: "මෙම නියෝගයෙහි (1) වන ඡේදයෙහි සලසා ඇති අන්දමට හැර විසි දෙකකට වැඩි නොවන දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවධිය පැවැත්වීමට වෙන් කරනු ලැබිය යුතු වන අතර එම දිනවලින් අන්තිම දිනයෙහි අ.භා 06.00 ට, පනත් කෙටුම්පත ඊට පෙර වාර්තා නොකරන ලද්දේ නම්, එවිට සාකච්ඡා වෙමින් පැවති කවර සං‍ශෝධනයක් හෝ පිළිබඳ ප්‍රශ්නයද, ඊට පසු එම ශීර්ෂය යටතේ ඇති ආණ්ඩුවේ සංශෝධන පිළිවෙලින් ගෙන ඒ පිළිබඳ ප්‍රශ්නද ඉන් පසු එම ශීර්ෂය පිළිබඳ වැඩ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය ප්‍රශ්නයද සභාපතිතුමා විසින් විමසනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව එක් එක් අමාත්‍යාංශයේ ශීර්ෂය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයද විමසිය යුතුය."

එක් එක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා සභාව විසින් වෙන් කරනු ලැබිය යුතු කාලය කොපමණද යන්න විපක්ෂය තීරණය කරයි. ඉන් පසුව විපක්ෂයට කථා කිරීම සඳහා වැඩි කාලයක් ද සහිතව රජය සහ විපක්ෂය අතර කාලය වෙන් කර දෙනු ලැබේ.

එක් එක් ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව අවසානයේදී, සභාවේ අනුමැතිය සඳහා ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ. විපක්ෂය එක් එක් ශීර්ෂය පිළිබඳව බෙදීමක් ඉල්ලා ‍නොසිටින හා සියලු ශීර්ෂ පිළිබඳ විවාදය අවසානයේදී පමණක් ඡන්දය විමසනු ලබන සම්ප්‍රදායක් ඇති වී තිබේ.

බොහෝ විට, මන්ත්‍රීවරුන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන කාල සීමාව තුළදී කථා කිරීම සඳහා මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක් සූදානම්ව සිටින අවස්ථා එළඹේ. එම නිසා එක් එක් පක්ෂයට යම් නියමිත කාල වේලාවක් බැගින් වෙන් කර දෙනු ලැබේ. විවාදය මෙම අවධියේදී ‍මන්ත්‍රීවරයකුට එක් වතාවකට වැඩියෙන් කථා කිරීම සඳහා ස්ථාවර නියෝගවලින් අවසර ලැබේ.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වේ. මෙම අවස්ථාවෙහිදී, සංශෝධන සහිතව හෝ රහිතව අදාළ වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සම්මත කරනු ලැබී යයි කථානායකවරයා නිවේදනය කරයි.

ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන ඊලඟ ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.

පාර්ලමේන්තුව විසින් අයවැය ප්‍රතික‍්ෂේප කරනු ලැබීමෙහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුවේ ඉල්ලා අස්වීම හෝ පාර්ලිමේන්තුව දිවුරුම් දීමෙන් පසු වර්ෂයක කාලයක් ඉකුත් වී තිබේ නම්, පාර්ලිමේන්තුවේ විසුරුවා හැරීමයි. අභිනවයෙන් අයවැයක් ඉදිරිපත් කිරීමට නව රජයකට සිදුවේ. විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරන ලද ප්‍රථම අවස්ථාවෙහිදී ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබිණි නම්, ඉන් අනතුරුවම ඉදිරිපත් කරන ලද අයවැයද ප්‍රතික්ෂේප වුව හොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1)(ඈ) ව්‍යවස්ථාවේ දැක්වේ.

උපුටා ගැනීමකි

Spoken English

Actually I can't / ඇත්තටම මට බැහැ

all right/ ඒක හරි

All the best to you/ ඔබට සුභ වේවා

Anything else/ වෙන මොනවද






    
How are you certain/ ඔබට සහතික ද

Are you mad/ ඔබට පිස්සුද

Awesome/ විශිෂ්ඨයි

Be on time/ වෙලාවට ඉන්න

Bull shit /මල ජරාවක්

By the way /මේ ඒක නොවේ

Can I have question please/ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ද

Can I have it now/ ඒක ගන්න පුලුවන්ද

Can you call later/ පසුව කතා කරන්න පුළුවන්ද

Can you do me a favour/matar udekaran apoorvanand

Can you manage it /ඔබට ඒක කරන්න පුළුවන්ද

Can you repeat it /ඒක නැවත කරන්න පුලුවන්ද

Can you understand it/ ඒක තේරුම් ගන්න පුලුවන්ද

Can you hear it/ ඔබට එය ඇහෙනවද
Certainly /ඇත්තෙන්ම

Definitely/ නිශ්චිතවම
By kawshalya sandaruwan dissanayake
Give me your contact number
ඔයාගේ ටෙලිෆෝන් අංකය මට දෙන්න
Forgive him
ඔහුට සමාව දෙන්න
Get it repaired
ඒක අලුත්වැඩියා කරගන්න
Get ready




ූ සූදානම් වන්න
God bless you
ඔබට දෙවි පිහිටයි
Give my balance
මගේ ඉතුරු මුදල් දෙන්න

Give my regards to your father
ඔයාගේ තාත්තා මතක් කළා කියන්න
Glad to meet you
හමුවීම සතුටක්
Go ahead
ඉදිරියට යන්න
Go to hell men
පලයන් මිනිහෝ යන්න
God bless you
ඔබට දෙවි පිහිටයි
Good afternoon
සුබ මධ්නක
Good evening
සුභ සන්ධ්‍යාවක්
Good night
සුබ රාත්‍රියක්
Happy to see you again
නැවත හමුවීම සතුටක්
Have a nice day
සුභ දවසක්
Have you forgotten it
ඔයා ඒක අමතක කරලාද
Have you seen it
ඔන්න ඒක දැකලා තියනවද


By kawshalya sandaruwan dissanayake

I'm used to it මම ඒකට පුරුදු වෙලා හිටියා

I'm used to it
මම ඒකට පුරුදු වෙලා හිටියා
I am glad to meet you
ඔබ හමුවීම සතුටක්
I am getting late
මට පරක්කුයි
I can't remember
මට මතක නෑ
I'm angry with you
මම ඔයත් එක්ක තරහයි
I'm against it
මම ඒකට විරුද්ධයි
I admit my fault
මම මගේ වරද පිළිගන්නවා
I will do it for you
මම ඒක ඔයා වෙනුවෙන් කරන්නම්
Hurry up
ikaman කරන්න
Come soon
ඉක්මනින් එන්න
I used to smoke
මම දුම් බොන්න පුරුදු වෙලා හිටියා
I beg your pardon
මම ඔයාගෙන් සමාව අයදිනවා
I can manage everything
මට හැම දෙයක්ම manage කරගන්න පුළුවන්
I can't hear anything
මට කිසිවක් ඇහෙන්නේ නෑ
I can't do it
මට ඒක කරන්න බෑ

I couldn't go there
මට එහේ යෑමට නොහැකි වුණා
I didn't do it
මම ඒක කළේ නෑ
I didn't get you what you say
ඔබ කියූ දේ මට අල්ලාගන්න බැරිවුනා
Should I go there
මම එහෙ යන්න ඕනද
I'm disgusted
මට එපා වෙලා


By kawshalya sandaruwan dissanayake