UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: අධ්‍යාපනය යනු කුමක් ද? What is Education

Sunday, June 25, 2017

අධ්‍යාපනය යනු කුමක් ද? What is Education

01. අධ්‍යාපනය යනු කුමක් ද? What is Education 
අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ ක‍්‍රියාවලියකි. බුදුදහමට අනුව අධ්‍යාපනය ‘යාවනිබ්බාන’ ක‍්‍රියාවලියකි. නිවනින් පමණක් කෙළවර වෙයි. අධ්‍යාපනය යන්නෙන් ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම, රසවිඳීම, පුහුණුව ආදී පුළුල් ක්‍ෂේත‍්‍රයකට සම්බන්ධය. අධ්‍යාපනයේ ඇති පුළුල් බව හා සංකීර්ණත්‍වය නිසා ඒ පිළිබඳ පෙරාපර දෙදිග වියතුන් විවිධ මත ඉදිරිපත් කොට ඇත. එනම්
‘‘නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් බිහිකිරීම’’ -ඇරිස්ටෝල්-
‘‘සම්පූර්ණ මිනිසකු බිහිකිරීම’’ -කොමිනියස්-
‘‘සමාජ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම’’ -ජෝන් ඩුවී-
‘‘හිස, හදවත හා අත දියුණු කිරීම’’ -මහත්මා ගාන්ධි-
‘‘කය සහ ආත්මය සංවර්ධනය කිරීම’’ -ප්ලේටෝ-
‘‘පුද්ගලයා තුළින්ම සංවර්ධනය කිරීම’’ - රූසෝ-
‘‘ගැඹුරු දැනුමක් සහ අවබෝධ ශක්ති ඇති පූර්ණ මිනිසෙකු බිහිකිරීම’’ -ආර්. එස් පීටර්ස්-
‘‘පුද්ගලයාගේ සමබර දැනුම, ප‍්‍රඥාව, බුද්ධිය හා ගුණ ධර්ම වර්ධනය’’ -රාධක‍්‍රිෂ්ණන්-
මෙම නිර්වචනවලින් පෙනෙන්නේ අධ්‍යාපනය යනු එක් අතකින් පුද්ගල සංවර්ධන ක‍්‍රියාවලියකි. (ඡුැරිදබක ාැඩැකදචපැබඑ චරදජැිි* අනෙක් අතට සමාජ සංවර්ධන ක‍්‍රියාවලියකි. (ීදජස්ක ාැඩැකදචපැබඑ චරදජැිි* අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයේ එන අදහස නම් ‘‘සමබර පෞරුෂයක් සහිත සම්පූර්ණ මිනිසකු බිහිකිරීම’’ අධ්‍යාපනය බව පවසයි. දියමන්තියක් අතට ගත් විට එහි විවිධ හැඩ පෙනෙන්නාසේ අධ්‍යාපන සංකල්පය ද විවිධ පැතිකඩ නියෝජනය කරයි. ‘‘නියුමැටල් විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය පියරේ ගර්ටර් අධ්‍යාපනය හඳුන්වා ඇත්තේ ‘මානව ශික්‍ෂාව’ යන පදයෙනි. මේ අනුව පුද්ගලයෙකුගේ සියලූ විභව්‍යතාවන් ඉදිරියට ගෙන සංවර්ධනය කිරීමේ සංස්කෘතික ක‍්‍රියාවලිය’’  අධ්‍යාපනය නමින් හැඳින්වෙයි. ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගල හැකියාවන් පිටතට මතු කොට ඒ තුළින් පූර්ණ මිනිසෙකු බිහිකිරීම සහ සමාජ සංවර්ධනය කිරීම පෙරටුකොටගත් වැදගත් සංකල්පයකි.
මීට අමතරව අධ්‍යාපනයේ අරමුණූ සහ පරමාර්ථ රැුසක් ද දක්නට ලැබේ. පරමාර්ථ රටින් රටට වෙනස් වේ. පරමාර්ථය කිසියම් විධිමත් ක‍්‍රියාවලියක ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරන අවසාන ප‍්‍රතිඵලයයි. පරමාර්ථයන් පුළුල් සංකීර්ණ ස්වභාවයක් උසුලන නිසාම එය ඉටුකර ගැනීම අපහසුය. ඒ සඳහා ගොඩන`ගා ගනු ලබන සුවිශේෂී ප‍්‍රකාශන අරමුණු ලෙස හැඳින්වේ. මෙම අරමුණු ජාත්‍යන්තර වශයෙන් ද පවතී. යුනෙස්කෝව ප‍්‍රධාන වේ. අධ්‍යාපනයෙන් බලා පොරොත්තු වන්නේ උගතෙක් බිහිකිරීම පමණක් නොවේ. ‘‘ආත්මගතව ඇති දැනුම නැවත ආවර්ජනා කිරීම’’ එහි අරමුණක් බව සොක‍්‍රටීස් පවසයි. එමෙන්ම සමාජ කාර්යක්‍ෂමතාවය වැඩිකිරීම ද එහි අරමුණකි. කොමිනියස්ට අනුව ‘‘සම්පූර්ණ මානව චර්යාව වර්ධනය කිරීම’’ ද අධ්‍යාපනයේ අරමුණකි. ජෝන් ඩුවීට අනුව ‘‘ජීවත් වීමේ ක‍්‍රියාවලියක් මිස අනාගත ජීවිතය සඳහා සූදානම් වීමක් නොවන බව’’ දක්වයි. ඒ අනුව අද ජීවත් වීමට අධ්‍යාපනයෙන් ඉගැන්වේ. ඒ අතර රටක අධ්‍යාපනයේ අරමුණ නම් යහපත් වෘත්තිකයෙක් බිහි කිරීමයි. එහි පරමාර්ථය නම් කාර්යක්‍ෂම, ඵලදායී පුරුෂයෙකු බිහි කිරීමයි. ඒ අනුව මෙම අරමුණු කොටස් දෙකකි. කෙටිකාලීන අරමුණු සහ දීර්ගකාලීන අරමුණු යනුවෙනි. පූර්ණ මිනිසෙකු බිහිකිරීමට අධ්‍යාපනික වශයෙන් විධිමත් ක‍්‍රියා සාධනයක් පැවතිය යුතුය. ඒ තුළින් හැකියාවන් එළියට ගැනීම (ඔද කැ්ා දමඑ*, මතු කරදීම (ඊරසබට දෙරඑය*, ඉදිරියට යොමු කිරීම, පිටතට දීමේ ක‍්‍රියාවලිය සහ පුහුණු කිරීමේ ක‍්‍රියාවලිය යන මේවා තුළින් පූර්ණ මිනිසෙකු බිහි කරයි. අධ්‍යාපනයේ ස්වරූප අතර විධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය සහ නොවිධිමත් අධ්‍යාපනය ආකාරත‍්‍රයක් දක්නට ලැබේ.
02. විසි එක්වන(21* සියවසට අවශ්‍යය වන අධ්‍යාපනික කාර්යභාර්ය විස්තර කරන්න.
අධ්‍යාපන අර්බුද වලින් මුලූ ලෝකයම පෙලෙන බව නොරහසකි. එය විශේෂයෙන් සංවර්ධනය වන රටවල් කෙරෙහි එක එල්ලේම බලපානු ලැබේ. වර්තමානයේ පවතින සෘතිමාත‍්‍රික අධ්‍යාපනය පුද්ගලයා අඩපන කරයි. ලක්දිව පවතින අධ්‍යාපන ක‍්‍රමවේදය ද ප‍්‍රායෝගික නොවූවකි. එහි ද යම් යම් අඩුපාඩු දක්නට ලැබේ. සමාජය ඉතා සීග‍්‍රයෙන් දියුණු වන විට අධ්‍යාපනය ද ඊට සරිලන අයුරින් සංවර්ධනය වීම අවශ්‍යයය. එහිදී පූර්ණ සංවර්ධනයක් අපේක්‍ෂා කෙරේ. පුද්ගලයා අධ්‍යාපනයට කායික, මානසික සහ චිත්තවේගීය වශයෙන් සම්බන්ධ විය යුතුය. අධ්‍යාපනය හුදෙකලා නොවී පුද්ගලාබද්දව ක‍්‍රියාත්මක විය යුතුය. අධ්‍යාපන තත්‍වය වර්තමානය වන විට දේශපාලනිකකරණය වී ඇත. එහිදී ජනතාව අතර ඒ පිළිබඳ විශ්වාසය ද ගිලිහී ගොස් ඇති සේයාවක් දක්නට ලැබේ. ගම්බද හා නාගරීක පාසල් අතර පරතරයක් දක්නට ලැබේ. මේ ආදී අඩුපාඩු රැුසක් නූතන අධ්‍යාපනය තුළ විද්‍යමාන වේ.
අධ්‍යාපන ක‍්‍රමය විසි එක්වන සියවසට  වෙනස්වීමේ දී එහි ගුණාත්මක භාවය පිළිබඳ සැලකිළිමත් වීම ඉතා වැදගත්ය. සීත කාමරවලදී දෙතුන් දෙනකු එකතුව සිදුකරන ප‍්‍රතිසංස්කරණ තුළින් අනාගත පරපුරක් අනතුරට ලක්වේ. එබඳු ප‍්‍රතිසංස්කරණ කෝල්-බෲක් අධ්‍යාපන මූලධර්ම වලින් ඔබ්බට ගියේ නැත. දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමය පටන් ගන්නා ලද්දේ 1830 කෝල්-බෲක් කැමරන් ව්‍යවස්ථා සංශෝධන යෝජනා අනුවයි. බි‍්‍රතාන්‍යයයන් ලංකාවට පාසල් පද්දතියක් ලබාදී අපේක්‍ෂා කළේ යටත් විජිත පවත්වා ගැනීම සඳහා අඩු වියදමින් නඩත්තු කළ හැකි නිලධාරි මණ්ඩලයක් බිහි කරවා ගැනීමයි. අද ඉංග‍්‍රීසීන් අප පාලනය කරන්නේ නැත. නමුත් අප ඉහත කී කෝල්-බෲක් අධ්‍යාපන ක‍්‍රමයෙන් ඔබ්බට ගියේ ද? නැත. ගොඩනැ`ගිලි හැදීම - නිල ඇඳුම් - පොත්දීම වැනි සියලූ භෞතික පහසුකම් ලබාදීම ද ඇත්ත වශයෙන්ම බි‍්‍රතාන්යයන්ගේ අදහස් සඵල තිරීමකි. එබැවින් මූලික පරමාර්ථයේ සිට මුළු අධ්‍යාපන පද්ධතියම වෙනස් කළ යුතුය. රටේ ශිෂ්ටාචාරය බිහි කළ මිනිසුන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීමට අධ්‍යාපනය සකස් කළ යුතුය. ඉතිහාස ධාරාවට නූතන ලෝකය තුළ අඛණ්ඩතාවක් ලබාදිය යුතුය. වසර 3000 ට වඩා ලිඛිත ඉතිහාසයකට පුරාවිද්‍යා සාධක පවා ඇති බුදුදහමින් පෝෂණය වූ ද එය පදනම් කරගත් ක‍්‍රමවේදයක් සැකසිය යුතුය. නමුත් අපට ඉගැන්වීම හරහා බටහිරට අවශ්‍ය සංස්කෘතික වහළුන් පිරිසක් බිහිවෙනු දැකිය හැකිය.  සෑම පෙළ පොතකටම සුදු මිනිසුන්ගේ කිනම් හෝ සංකල්පයක් ඇතුළත් කොට ඇත. ඒ තුළින් ළමා මනස බටහිර සංස්කෘතියට නැඹුරු කොට ඇත. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ප‍්‍රතිසංස්කරණය සිදුකිරීමේදී පහත කරුණු සැලකිල්ලට ගත යුතුය.
01.අරමුණු - ජාතික අරමුණු, ප‍්‍රාදේශිය අරමුණු, පුද්ගල අරමුණු.
02.විනය - ශිෂ්‍යය විනය, ජාතික විනය.
 03.විෂය අන්තර්ගගතය - වයස් කාණ්ඩ, ඉගැන්වීමේ ක‍්‍රමය, ප‍්‍රවීනත්‍වය ලබාගත යුතු අංශවලට බෙදීම.
04.ගුරුවරුන්ගේ තත්‍වය - වැටුප්, පුහුණු, ගුරු මාරුවීම් සහ උසස්වීම්.
05.අධ්‍යාපන පරිපාලනය - බඳවා ගන්නා පුද්ගලයන්ගේ තත්‍වය සඳහා බඳවා ගැනීම, තනතුරුවල සේවය කරන කාලය, ප‍්‍රාදේශීය තලයේ සිට ජාතික තලයට සම්බන්ධීකරණය, ශ්‍රේණිවල ක‍්‍රමවත් බව.
06.ඉහත අංග මූලික ජාතික අරමුණු පදනම් කරගත්තක් සහ එය යථාර්ථයක් වීමට පිටිවහලක් වන සේ සකස්විය යුතුය.
අරමුණු
ජතික අරමුණක් සාක්‍ෂාත් කරගැනීම විශයෙහි අධයාපන ප‍්‍රතිපත්තිය සකස්විය යුතුය. එම නිසා අප තෝරාගන්නා ජාතික අරමුණ කුමක් ද? සංස්කෘතික අරමුණ කුමක් ද? ඊට උපස්ථම්භකයක් ලෙස විෂය අන්තර්ගතය සකස්විය යුතුය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පුද්ගල විනය ඇති කරයි. (විද්‍යා දදාති විනයං* තේමාව අපට කොතරම් ගලපා ගත හැකි ද? පුද්ගල සතුට පවතින ලෙස භෞතික සංවර්ධනය ඇතිවිය යුතුය. යුරෝපීය සමාජය තුළ ප‍්‍රචණ්ඩත්‍වයට හේතු වී ඇත්තේ විනයධර පුරවැසියෙකු බිහිවීමට ඉගෙනුම් ක‍්‍රියාවලිය සකස් නොවීමය. සංස්කෘතික අරමුණු ලෙස ජාති විවිධත්‍වය වෙනුවට ඒකීය ජාතියක් බිහි කළ යුතුය. සැබෑ දේශ සීමා ඇත්තේ මිනිස් සිත්වල මිස මහ පොළව මත නොවේ. මේ ස්වභාවය නැති කළ හැක්කේ එකම මහා සංස්කෘතියකට සියල්ලන් අවශෝෂණය වන අධ්‍යාපන ක‍්‍රමයකිනි. එය ‘‘ ඉගෙනීම විනය ඇති කරයි ’’ යන සංකල්පයට අනුව දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතුය.
ප‍්‍රාදේශීය අරමුණු ලෙස අදහස් කරන්නේ රට පුරා බෙදී ඇති සම්පත් සහ භූගෝලීය පිහිටීම අනුව ප‍්‍රදේශ මූලික සංවර්ධනය සඳහා රටවැසියා සූදානම් කරවීමේ අවශ්‍යතාවයි. සියල්ල සඳහා නගරවට මූලිකත්‍වය දීමෙන් දේශීය නිපැයුම අඩාල විය. අල්පේච්චත්‍වයෙන් තොරව සංකර විලාසිතාවලට හුරුවීමෙන් ගමේ ප‍්‍රාග්ධනය පිට රටට පොම්ප විය. එම නිසා ස්වදේශීයත්‍වය මූලික කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් බිහිවිය යුතුය. යුරෝපීය ක‍්‍රමයේ ජාතික දියුණුවක් අපට සුදුසු ද? පිරිසකට පමණක් සීමාවන අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති අපට සුදුසු ද? දෙමව්පියන් නොහඳුනන දරුවන් පිරිසක් බිහිවන අධ්‍යාපනයක ඇති වැදගත්කම කුමක් ද? යැයි විමසිය යුත්තකි.
විනය
අධ්‍යාපනය තුළට විනය අවශ්‍යම අංගයකි. බුදුන් වහන්සේ ශිෂ්යයකු ගුරුවරයාට දැක්විය යුතු යුතුකම් පහෙන්ම විනය සකස් කරයි. ඉගෙනීමට සුදුස්සකු වීමටත්, ඉගෙනුම අතරමැදදීත් සහ අවසානයේත් විනය අවශ්‍ය වේ. සි`ගාලෝවාද, වසල, මංගල, ව්‍යග්ගපජ්ජ ආදී සූත‍්‍රවල අන්තර්ගතය ප‍්‍රාතමික අධ්‍යාපනයට පිවිසිය යුතුය. නමුත් එකිනෙකා පරයා ඇදෙන ශිෂ්‍යත්‍වය වැනි තර`ගයකට ළමුන් හුරු කිරීම තුළින් දයා විරහිත සමාජයක් බිහිවෙයි. ඔවුන් රටේ තීරණ ගන්නා යුගයක් කොතරම් බරපතල තත්‍වයක් උදාවේද?  සොබා දහම සහ ජාතික අරමුණු සහිත ශාස්ත‍්‍රීය දැනුම එන්නත් කිරීමටත් නීතිය, ඉගෙනුම් හැකියාවන්, ශිල්පීය හැකියාවන් වර්ධනය වන අයුරින් අධ්‍යාපනය සැකසිය යුතුය. ශිෂ්‍යයන් නිරතුරුව පාසල තුළ රඳවා ගත යුතු අතර ඔවුන්ගේ විනය නිරතුරුව පරීක්‍ෂා කළ යුතුය.  භාහිර පංතිවලට සහභාගිත්‍වය අවම කළ යුතු අතර ඒ තුළින් ළමා මනස සුරක්‍ෂිත වේ. මේ සඳහා පාසලට පැමිණීම 90% ක් කළ යුතුය. පෞද්ගලික අයදුම් කරුවන්ගේ සමත්වීමේ ලකුණු මට්ටම ඉහළ දැමිය යුතුය. පාසල්වල අධ්‍යාපනය තුළ ළමයින් ධෛර්යමත් කළ යුතුය.
විෂය කරුණු සහ පෙළ පොත්
ප‍්‍රාථමික අධ්‍යාපනය තර`ගකාරිත්‍වයෙන් තොරව සකස්විය යුතුය. මේ අවධිය ක‍්‍රමිකව සකස්විය යුතුය. මේ අවධියේදී ආචාර විද්‍යාත්මක හැසිරීම් රටා හුරුකිරීම, දයා පෙරදැරි සිතුවිලි, උදාර බලිපොරොත්තු රෝපණය කළ යුතුය. මේ අවධියේ සුභාෂිතය, සිරිත් මල්දම, පංචතන්ත‍්‍රය, ධම්මපදය ආදිය ඉගැන්වීම තුළින් භාෂා දැනුම ඇති කළ යුතුය. සම්ප‍්‍රධායික කලා ඇසුර තුළින් මටසිළුටු ගති පැවැතුම් ඇති කළ යුතුය.  ජාතික වීරයන්ගේ කතා තුළින් අභිමානය ඇති කළ යුතුය. ද්විතීයික අධ්‍යාපනය ශාස්ත‍්‍රීය දැනුම සඳහා මූලික විය යුතුය. බෞද්ධ සූත‍්‍රාගත කරුණු සහ පෙරදිග දැනුම ඊට ඇතුළත් කළ යුතුය. උසස් අධ්‍යාපනය තුළදී පොදුවේ ඉගැන්වෙන ආචාර විද්‍යාත්මක දේවල්, මව් බස සහ ජාත්‍යන්තර භාෂා අනිවාර්ය කළ යුතුය. අධ්‍යයයන විෂය පරාශය පුළුල් කළ යුතුය. තාරකා විද්‍යාවේ බොහෝ සොයා ගැනීම් සප්ත සූර්යොත් ගමන වැනි සූත‍්‍රවල තිබියදී ගැලීලියෝගේ පසුකාලීන ඉගැන්වීම් ඉගැන්වීමට ධනය වැය කිරීම හාස්‍යට කරුණකි. උද්භිද විද්‍යාවට ලක්දිව ශාකවල වටිනාකම උගන්වන්නේ නැත. අප රටේ ජන ක‍්‍රීඩා, සටන් ක‍්‍රම උගන්වන්නේ නැත. ආයුර්වේදය, රෝග නිවාරණ ක‍්‍රම, ගුප්ත විද්‍යා පරීක්‍ෂණ, නක්‍ෂත‍්‍රය ආදිය  උගන්වන්නේ නැත. සම්ප‍්‍රදායික කෘෂිකර්මය ආදිය උගන්වන්නේ නැත. මේවා අප රටේ අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය. පෞද්ගලික වේවා ජාතික වේවා ප‍්‍රාදේශික වේවා ගැටලූවක් ඇතිවූ විට ඒවා විසඳීමට රුකුල්දෙන සූක්‍ෂම අධ්‍යාපන ක‍්‍රමයක් සකස්වියය යුතුය. වැරදි ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රම වෙනස් කිරීමට තොරතුරු ලබාගන්නා මූලාශ‍්‍ර සහ ඇගයුම් ක‍්‍රමය වෙනස් කළ යුතුය. මූලික ඉගැන්වීම් ක‍්‍රම දෙකකි.
01. ඒක මාර්ග මූලාශ‍්‍ර ඇගයුම් ක‍්‍රමය
02. බහු මාර්ග මූලාශ‍්‍ර ඇගයුම් ක‍්‍රමය
ඉහත ක‍්‍රම දෙකින් බුදුරදුන් අනුමත ක‍්‍රමය වූයේ දෙවැන්නයි. එය කාලාම සූත‍්‍රය තුළදී ප‍්‍රකට විය. ලංකාවේ අධ්‍යාපනය ද කාලාම සූත‍්‍රය පදනම් කරගෙන සැකසිය යුතුය. එය නියම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයයි. වීමංස, රාහුලෝවාද, කාලාම සූත‍්‍ර හරහා යමක් සම්බන්ධ වෙනස් වෙනස් මත මූලාශ‍්‍ර ලබාදී ශිෂ්‍යයාට මැදිහත්ව බලා පිළිතුරු ලිවීමට හුරු කළ යුතුය. විට්වින්ස්ගන්ටයින් නමැති ජර්මන් දාර්ශනිකයා පැවසුවේ භාෂාව පිළිබඳ නොදැනුවත් බව සියලූ දාර්ශනික ගැටලූවලද මුල බවයි. එම නිසා පුද්ගලයාට යමක් අවබෝධයට අවශ්‍ය භාෂා දැනුම ක‍්‍රමයෙන් වර්ධනය වන අයුරින් විෂය කරුණූ සැකසිය යුතුය. උසස් පෙළ සිසුන්්්්්්ට අනිවාර්ය විෂයක් ලෙස සිංහල භාෂාව සහ බෞද්ධ ආචාර විද්‍යා කරුණු ඇතුළත් විෂයක් සකස්විය යුතුය.
ගුරුවරුන්ගේ තත්ත්‍වය
අතීතයේ ගුරුවරයා ගෞරවාන්විත පුද්ගලයෙකි විය. වර්තමානයේ යම් යම් හේතු මත ගුරුවරයාගේ ගෞරවය ගිලිහී ගොස් ඇත. විවෘත ආර්ථිකය මත මූල්යමය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා උදාර ගතිවලින් සමහරක් අතහැරීමට ගුරුවරයාට ද සිදුවී ඇත. මේ තත්‍වයට දේශපාලනය මූලිකම හේතුව විය. ඔවුන් ගුරුවරුන් කරදරකාරී පිරිසක් ලෙස සැලකා සුළු වැටුපක් ගෙවීය. දේශපාලනය මත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට පිවිසි සුදුසුකම් නොලත් ආචාර්යවරුන් නිසා ගුරු භූමිකාව විනාශ විය. එම නිසා ඒ හා සම්බන්ධ සියලූ අංශ බිඳ වැටිනි. මේ තත්‍වය ම`ග හැරීමට නම් ගුරු වෘතිකයන් සුදුස්සන් පිරිසක් කළ යුතුය. නුසුදුස්සන් ඉන් ඉවත් කළ යුතුය. වාර්ෂිකව පරීක්‍ෂා කොට ගුරුවරුන්ගේ දක්‍ෂතාවයන් අනුව වේතනය ඉහළ දැමිය යුතුය. ඒ ඒ ගුරුවරු යටතේ ඉගෙන ගනු ලබන ශිෂ්‍යයන්ගේ දැනුම තුළින් ගුරුවරයා අධ්‍යනය කළ යුතුය. පන්ති වාර්තා පොත් පරීක්‍ෂණය වැනි නොවැදගත් ක‍්‍රියා තුළින් එය සිදු කිරීම සාර්තක නැත. ගුරුවරුන්ට නිල ඇඳුමක් ලබාදිය යුතුය. ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ සියලූම වැටුප් විෂමතාවන්ට පිළියම් යෙදිය යුතුය. ගුරුවරයාට බලපෑමකින් තොරව දැනුම සම්පේ‍්‍රෂණය විය යුතුය. ඒ තුළින් යහපත් දරු පිරිසක් රටට බිහිවේ. ගුරුවරුන් නිරන්ගරයෙන් දැනුම එකතු කරවා ගැනීමට යොමු කළ යුතුය. පැරණි සාහිත්‍ය, සංස්කෘතික වටිනාකම්, විද්‍යාත්මත අංග, ඉතිහාස තොරතුරු, ආගමික කෘති අනුමත කිරීම ආදිය තුළින් ගුරු විභාග වලදී ඒ සම්බන්ධව විමසිය යුතුය. එය පෙරදිග අධ්‍යාපනයට පෙළඹවීමට හේතුවක් වන අතර මේවායේ වාසිය ශිෂ්‍යයන්ට ද ලැබීම අස්වැසිල්ලකි. වසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන සංකල්ප අතර ලොව විද්වතුන් විසින් ඉදිරිපත් කළ වැදගත් වන සංකල්ප කිහිපයක් පහත දැක්වේ.
යාවජීව අධ්‍යාපන සංකල්පය
උපගේ සිට මරණය දක්වා ඉගෙනීම යාවජීව අධ්‍යාපනයයි. මෙය කාලයකට සීමා නොවේ. දිනපතා වෙනස්වන සමාජ වටපිටාවට පිවිසීමට මෙයින් ම`ග සැලසේ. චීනයේ මැන්ඩලින් අධ්‍යාපනය, බෞද්ධ දර්ශනය, බ‍්‍රාහ්මණ ආගම යාවජීව අධ්‍යාපනයට නිදසුන්ය. මේ අධ්‍යාපන ක‍්‍රමයෙන් පූර්ණ මිනිසෙකු බිහි වේ.  මෙම ක‍්‍රමයෙන් මානව දයාවෙන් යුත්, යහපත්, නැනවත්, ගුණවත් සමාජයක් බිහිකිරීමට හැකියාව ඇත. රටක සියලූ ජනතාවට අධ්‍යාපනය ලබාදීමේදී මෙම ක‍්‍රමය භාවිත වේ. ආර්ථික, සාමාජික, දේශපාලනිකාදී අරමුණු ඉටු කිරීමට මෙම යාවජීව අධ්‍යාපනය අවශ්‍ය වේ. මෙම අධ්‍යාපනයේ අරමුණ නම් සමාජය පූර්ණ සංවර්ධනයකට යොමු කිරීමයි.
පුනරාවර්තන අධ්‍යාපන සංකල්පය
අධ්‍යාපනය පිළිබඳ නව සංකල්පය වනුයේ පුනරාවර්තන අධ්‍යපනයයි.(ඍැජමරරුබඑ ෑාමජ්එසදබ්ක* ස්වීඩනයේ අධ්‍යාපන ඇමතිව සිටි  ඕලොෆ් පාම්(ධකදෙ ඡු්කප* විසින් 1968 දී ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය(ධරට්බස්එසදබ දෙර ෑජදබදපසජ ක්‍ද-ධචැර්එසදබ ්බා ෘැඩැකදචපැබඑ* ඉදිරියේ පවත්වන ලද දේශනයෙන් පසුව වර්තමාන අධ්‍යාපනයට පුනරාවර්තන අධ්‍යාපනය ප‍්‍රචලිත වී ඇත. මෙම ක‍්‍රමය යාවජීව අධ්‍යාපනයට වඩා නව සංකල්පයකි. මෙය අනාගත ලෝකයේ අධ්‍යාපනය ලෙස ද කියැවේ. මේ සංකල්පය අනුව පුද්ගලයා ජීවිත කාලයේ විවිධ අවස්ථාවල වරින් වර අධ්‍යාපනය ලබමින් ද රැුකියාවල නිරත වෙමින් ද ජීවිත කාර්යන් කාර්යක්‍ෂමව කරගනියි.
පුනරාවර්තන අධ්‍යාපනයේ වාසි
මෙම ක‍්‍රමය වත්මන් ගැටළු නිරාකරණයට ම`ග පාදයි. නිදසුනක් ලෙස මෙම ක‍්‍රමය ම`ගින් පශ්චාත් ද්විතීය අධ්‍යාපනයට ඇතුලූ වීමට අපේක්‍ෂා කරන්නන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවිය හැකිය. මන්දයත් ඔවුන් ඉගෙනීම සඳහා කැපවී බලාසිටිනු වෙනුවට රැුකියාවක යෙදී සිට පසුව ඉගෙනීම කරා ආපසු පැමිණීමේ අවස්ථා ඔවුනට උදාවන හෙයිනි. එමෙන්ම මෙම`ගින් පුද්ගලයාට ජීවිත කාලය පුරාවටම ක‍්‍රමාණුකූලව වරින් වර අධ්‍යාපනයට පිවිසිය හැකිය. මේ නිසා පරම්පරා පරතරය යන භේදය අඩුවේ. යල්පැන ගිය දැනුමට සීමා වී පාෂාණභූතවීම වැලකේ. බාල, තරුණ, වැඩිහිටි පරම්පරා අතර අධ්‍යාපනයට බෙදන සම්පත් වඩා සමව බෙදී යනු ඇත. පුද්ගල ජීවිත චක‍්‍රයෙන් 3/4 වැඩිහිටි වියට අයත් වෙනවා නම් ඒ කාලය තුළ ද ඔවුනට අධ්‍යාපන අවස්ථා සැලසේ. වත්මන් ද්විතීයික අධ්‍යාපනයෙන් පසුව තවත් අවුරුදු කිහිපයක් සමාජ අත්දැකීම්වලින් තොරව ඉගෙන ගන්නා විට පුද්ගලයා සමාජවට ආගන්තුක වේ. නමුත් මේ ක‍්‍රමය ම`ගින් ජීවිත තක්‍ෂලාවේ පරිචයක් ලබයි. වර්තමානයේ පවතින මනෝලෝක අධ්‍යාපන ක‍්‍රමයෙන් ඈත්ව පුතරාවර්තන අධ්‍යාපන ක‍්‍රමය ම`ගින් අධ්‍යාපනය ව්‍යවහාරයට පත්වේ.
ව්‍යාප්තිය
සම්ප‍්‍රදායික අධ්‍යාපනයෙන් නව මං පෙත් සොයා යන මෙම අධ්‍යාපන ක‍්‍රමය 1970 වේ පමණ ස්වීඩනය, නෝවේ සහ ප‍්‍රංශය යන රටවල ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගත් අතර එය එක්තරා ප‍්‍රමාණයකින් දැනටත් ක‍්‍රියාත්මක වේ. ජර්මනියේ එය දිළිඳු හා කම්කරු ජනතාව සඳහා ක‍්‍රියාත්මක වෙයි. වත්මන් අධ්‍යාපනය මිනිසාගේ අතීත අවශ්‍යතා සපුරා ගැනීමට මිස වර්තමාන සහ අනාගත අරමුණු සඳහා සැකසී නැත. අනාගත වෙනස්වීම් වලට මුහුනදීමට නම් වරින් වර අධ්‍යාපනය ලැබිය යුතුය. මේ අධ්‍යාපන ක‍්‍රමය සඳහා වර්තමාන අධ්‍යාපන ක‍්‍රියාවලිය කෙරෙහි විප්ලවීය අන්දමින් සිත යොමු කළ යුතුය. එනම් අධ්‍යාපනයේ අරමුණු, ව්‍යූහය, විෂය මාලාව, ඉගැන්වීමේ ක‍්‍රමය සහ ඇගයීම මෙන්ම අධ්‍යාපනයේදී භෞතික සහ මානව සම්පත් පරිහරණය කිරීම් ආදිය ද වේ. නිදසුනක් නම් පුනරාවර්තන අධ්‍යාපන ක‍්‍රමය සඳහා අනිවාර්ය සහ ද්විතීයික අධ්‍යාපනයේ විෂය මාලාව වෙනසක් විය යුතුය. විශේෂයෙන්ම ද්විතීයික අවස්ථාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණවීම සඳහා අත්තිවාරම දැමීම වැදගත් වේ.

04. ඇසුරු කළ පොතපත
ද්විතියික මූලාශ‍්‍රය
අතුකෝරළ, දයා, නව අධ්‍යාපන රචනා, ප‍්‍රකාශනය- ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද‍්‍රණය- 1982,
කුලරත්න, ඩබ්. ජී, අධ්‍යාපන සැලසුම්කරණය, ප‍්‍රකාශනය- සාර ප‍්‍රකාශන හා මුද්‍රණ, අතුරුගිරිය පාර, කොට්ඨාව, ප‍්‍රථම මුද්‍රණය- 2000.
රණසිංහ, හේමසිරි, විශිෂ්ට පාසලක් සඳහා අධ්‍යාපන සැලසුම්කරණය, ප‍්‍රකාශනය- කත_ෘ ප‍්‍රකාශන, ප‍්‍රථම මුද්‍රණය- 2004.
හෙට්ටිආරච්චි, කුමාරදාස, විසිඑක්වන ශතවර්ෂය සඳහා අධ්‍යාපනය, ප‍්‍රකාශනය- එස්.  ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ 10, ප‍්‍රථම මුද්‍රණය- 2000.
රස්නැක් බෙන්, අධ්‍යාපනය හා ජීවිතයේ අරුත, ප‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ 10, ප‍්‍රථම මුද්‍රණය- 1996.
සිරිසේන, එස්, ශී‍්‍ර ලංකා අධ්‍යාපන ප‍්‍රතිපත්ති පරමාර්ථ හා අරමුණු, ප‍්‍රකාශනය- පි‍්‍රන්ට් ඇන්ඞ් පි‍්‍රන්ට් ග‍්‍රැෆික් ආයතනය, බෝධිරාජ මාවත, කොළඔ, ප‍්‍රථම මුද්‍රණය- 1999.

INTERNET
www. education.com, Wikipedia, free encyclopedia
21 Century Skills - the free encyclopedia .txt
Education for the 21st Century Balancing Content Knowledge with Skills  Britannica Blog.mht

What is 21st Century Education.mht