UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: තද්ධිත යනු කුමක්ද?

Sunday, June 25, 2017

තද්ධිත යනු කුමක්ද?


තද්ධිත යනු ද යම් ආකාරයක සමාසයකි. පද එකකට වැඩි ගණනකින් ප‍්‍රකාශ කළ යුත්තක් සඳහා එක් නාමයකට අර්ථවත් ප‍්‍රත්‍යයක් යෙදීමෙන් පද කෙටි කිරීමකි. මේ වෙනුවෙන් යෙදෙන ප‍්‍රත්‍යය සමූහයත්, එම ප‍්‍රත්‍යයන් යොදා සාදා ගනු ලබන නාම සමූහයත් තද්ධිත යන නමින් හැඳින්වේ. ‘‘මුඛ්‍ය වශයෙන් ‘තද්ධිත’ යන නම ලැබෙනුයේ නාමයන්ගේ අගට එකතු වන ප‍්‍රත්‍යයන්ටය. නොයෙක් අර්ථ දීම සඳහා ඒ ඒ නාමයන්ට හිතවත් වන බැවිනි. එහෙත් එකී ප‍්‍රත්‍යයන් හා ගැළපීමෙන් නිපදවනු ලබන නාමයන්ට ද අමුඛ්‍ය වශයෙන් තද්ධිත යැයි කියත්.’’  එමෙන්ම සාරස්වත ප‍්‍රදීපයේදී තද්ධිත පිළිබඳ මෙසේ හඳුන්වා ඇත. ‘‘තස්‍ය සමාසස්‍ය හිතඃ, යදිවා තෙෂාං පූර්වෝක්තානාං නාමාදීනාමර්ත්ථාන්තර ප‍්‍රකාශනෙන හිතඃ = තද්ධිතඃ’’  යනුවෙන් ඒ සමාසයට හිත වූයේ, නොහොත් ඒ නාමාදීන්ගේ අර්ථ භේදයක් ප‍්‍රකාශ කිරීමෙන් ( නාමය හා* යුක්ත වූයේ හෝ තද්ධිත නම් වේ. තවද තද්ධිත පිළිබඳ මෙසේ ද අර්ථ දැක්විය හැක.
‘‘යෙෂං හිතාස්තු සහිතාස්ත‍්‍රිවිධාච්ච ලිංගාද්
යෙ ප‍්‍රත්‍යයාඃ ශ‍්‍රැතවිධෞ විවිධාර්ථයුක්තඃ
තෙ තද්ධිතාහ්වයමතාඃ කිල තෙෂු කෙචිත්
කථ්‍යන්ත ඉත්‍යනුයතාත‍්‍ර සතාං වචාංසි.’’
ඒ ඒ වාක්‍යාන්තර්ගතවූ නාමයන් පිළිබඳ අර්ථයන්ට හිතව ඒ ඒ නාම කෙරෙන් පරව යෙදෙන ප‍්‍රත්‍යයෝ තද්ධිත නම් වෙත්. තද්ධිත යන්න තත්+හිත යනුවෙන් පද සෑදී ඇති මෙහි අර්ථය අතිශයින් හිත ව්‍යාකරණය තද්ධිත බවයි. ඒ අනුව මෙම සියලූ විවරණ සැලකීමේදී සන්‍ධි, සමාස, කෘදන්ත ආදී සංස්කෘත ව්‍යාකරණ සිද්ධාන්ත අතර ප‍්‍රමුඛවූත්  වඩාත් යෝග්‍යවූත් ව්‍යාකරණ සිද්ධාන්තය ලෙස තද්ධිත හඳුන්වාදිය හැක. එය විශේෂ කොටස් කිහිපයකට බෙදේ. එනම්
I. සාමාන්‍ය
II. අව්‍යය
III. භාව
යනුවෙනි. අපත්‍ය - දෙවතා - ඉදමර්ථාදියෙහි නිපන්නාහූ සාමාන්‍ය තද්ධිතයෝය. වාරාදී අර්ථයන්හී නාමයන් කෙරෙන් ප‍්‍රත්‍යයව අව්‍යත්‍වයෙන් නිපන්නාහූ අව්‍යය තද්ධිත නම් වේ. භාවාර්ථයෙහි නිපන්නාහූ භාව තද්ධිත නම් වේ. එමෙන්ම
I. සාමාන්‍ය
II. විශේෂ
III. අව්‍යය
IV. භාව
යැයි  ද තද්ධිත චතුර්විධ කොට දක්වත්. ඉන් අපත්‍යාදී අර්ථයන්හී ප‍්‍රත්‍යය වී ත‍්‍රි ලිංග සමව නිපන්නෝ සාමාන්‍ය තද්ධිතය. එකෛක ලිංගව නිපන්නාහූ විශේෂ තද්ධිතය. සෙසු තද්ධිත පෙර සේමය. තවද සාරස්වත ව්‍යාකරණයේදී තද්ධිත අර්ථ වශයෙන් ප‍්‍රධාන කොටස් 08 කට විභජනය කොට දක්වා ඇත. එනම්
අපත්‍ය තද්ධිතය
භාව තද්ධිතය
අස්ත්‍යර්ථ තද්ධිතය
සමූහාර්ථ තද්ධිතය
අතිශයාර්ථ තද්ධිතය
අනේකාර්ථ තද්ධිතය
සංඛ්‍යා තද්ධිතය
අව්‍යය තද්ධිතය
යනුවෙනි.
02. මෙම තද්ධිතවලට පොදු පද සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ.
සමහර තද්ධිත ප‍්‍රත්‍යයන් එක්වන විට, නාමයේ ආදිම ස්වරය වෘද්ධි වේ.(ආදි ස්වරස්‍ය ඤ්ණිති වෘද්ධිඃ* (ප‍්‍රත්‍යයක අගට ‘ණ්’ යන්න එකතු කිරීමෙන් පැරණි ව්‍යාකරණ ග‍්‍රන්‍ථවල දක්වන ලද්දේ මෙම අදහසයි.* ඒ ප‍්‍රත්‍යය සමූහය මෙසේය. මෙහි ‘ණ්’ යන්න කාර්යය හ`ගවන ‘ඉත්’ අකුරක් මිස ප‍්‍රත්‍යයෝ කොටසක් නොවේ.
අණ් ඉන්/ඉණ් ඊකණ් කිණ් ඉවණ් ආයනණ් ඉකණ්
එයණ් ත්‍යණ් ෂණ් ආරණ් ඉනේයණ් එරණ් යණ්

විදේහ + අණ් වෛදේහ +   වෛදේහ
දශරථ + ඉණ් දාශරථ +   දාසරථී
ශ‍්‍රමණ + එරණ් ශ‍්‍රමණ + එර ශ‍්‍රාමණේර
සෝම + යණ් සෞම   + සෞම්‍ය
ප‍්‍රත්‍යය තනි ස්වරයක් හෝ ස්වරාදිකයක් හෝ ‘ය’ හෝ නම්
I.   නාම පදයේ අන්ත්‍යය වූ ‘අ’ ‘ආ’ ‘ඉ’ යන ස්වර ලොප් වේ.
විදේහ  +  අණ්   ඝ  වෛදේහ  +  අ  ඝ  වෛදේහ
ශ‍්‍රමණ  +  එරණ්  ඝ  ශ‍්‍රාමණ   +  එර ඝ  ශ‍්‍රාමණේර
සෝම  +  යණ්  ඝ  සෞම  +  ය  ඝ  සෞම්‍ය
II.  නාම පදයේ අන්ත්‍යය වූ ‘උ’, ‘ඌ’, ‘ඖ’ යන ස්වරවලට ‘අව්’ ආදේශ වේ.
මනු +  අ  ඝ  මානු  +  අ  ඝ  මානව්  +  අ  ඝ  මානව
ගෝ +  ය  ඝ  ගෞ +  ය  ඝ  ගව්     +  ය  ඝ  ගව්‍ය
III. මාතෘ ශබ්දයේ අන්ත්‍යය වූ ‘ඍ’ යන්නට ‘උර්’ ආදේශ වේ.
ද්විමාතෘ  +  අණ්  ඝ  ද්වෛමාතෘ  +  අ  ඝ  ද්වෛමාතුර්  +  අ  ඝ  ද්වෛමාතුර
සමාසගත නාමයකට තද්ධිත ප‍්‍රත්‍යයක් එක් වන විට, වෘද්ධි වන්නේ දෙවැනි නාමයේ ආදි ස්වරයයි.
පූර්වවර්ෂ  +  ඉක  ඝ  පූර්වවාර්ෂික
එහෙත් ඇතැම් විට, සමාසගත නාමපද දෙකේම ආදි ස්වර වෘද්ධි වේ. (ක්‍වචිද්වයෝඃ*
සු  -  හෘද්  +  අණ්  ඝ  සෞ  -  හාර්ද  +  අ  ඝ  සෞහාර්ද
සු  -  භග  +  යණ්  ඝ  සෞ  -  භාග +  ය  ඝ  සෞභාග්  +  ය  ඝ  සෞභාග්‍ය
ප‍්‍රත්‍යය එක්වන්නේ ද්වන්ද සමාසගත නාමයකට නම්, නාම දෙකේම ආදි ස්වරය වෘද්ධි වේ.
අග්නි  -  මරුත්  +  අ  ඝ ආග්නි  -  මාරුත
I.  නාමයක ආදි ස්වරයට පූර්වයෙන් උපසර්ග වශයෙන් ‘ඉ’ හෝ ‘උ’ සිටී නම්, පළමුව ඒ දෙකට      පිළිවෙළින් ‘ඉය්’ සහ ‘උව්’ ආදේශ වී පසුව වෘද්ධි වීම සිදුවේ. (නසන්‍ධිර්යෙවාර්යුට් ව*
    වි  +  ආකරණ  ඝ  විය් ආකරණ  ඝ  වෛයාකරණ
සු  -  අස්ති  +  ක  ඝ  සුව් අස්තික  ඝ  සෞවස්තික
II.  ව්‍යඤ්ජනාදික තද්ධිත ප‍්‍රත්‍යයන්ට පූර්වයෙන් සිටි පදන්ත වූ ‘න්’ ලොප් වේ.
යුවන්  +  ත්‍ව  ඝ යුව  +  ත්‍ව  ඝ  යුවත්‍ව
රාජන්  +  ක  ඝ  රාජ  +  ක  ඝ  රාජක
III. ස්වරාදික ප‍්‍රත්‍යයක් හෝ ‘ය’ පරව සිටි කල, පදාන්ත ‘අන්’ ලොප් වේ.
ආත්මන්   +  ඊය  ඝ  ආත්ම  +  ඊය  ඝ  ආත්මීය
    IV. සමහර ප‍්‍රත්‍යය පර කල්හී, පූර්ව නාමයෙහි අන්ත්‍ය ස්වරය හා ව්‍යංජනය (ටි සංඥය* ලොප් වේ. (ප‍්‍රත්‍යයේ මුලට ‘ඞ්’ යන්න යෙදීමෙන් පැරණි ව්‍යාකරණ ග‍්‍රන්‍ථයන්හී දක්වනු ලබන්නේ මෙම අදහසයි. ඩිමන්, ඩිම, ඩාමහ, ඩුල යනු එවැනි ප‍්‍රත්‍යය කිහිපයකි.*
ලෝහිත  +  ඩිමන්  ඝ  ලෝහිතිමන්
පිතෘ  +  ඩාමහ  ඝ  පිතාමහ
අර්ථ වශයෙන් තද්ධිත නාම වර්ග කිහිපයකට බෙදෙන අයුරු ඉහතින් දක්වන ලදි. එකම ප‍්‍රත්‍යය අර්ථ කිහිපයකම යෙදේ. එයින් අපත්‍යාර්ථ තද්ධිතය පිළිබඳ පහත විස්තර වේ.
03. අපත්‍යාර්ථ තද්ධිතය පිළිබඳ සම්පරීක්‍ෂණය.
ඔහුගේ දරු, ඔහුගේ පරපුරෙහි වූ යන අර්ථ ප‍්‍රකාශ කරන ෂෂ්ඨි විභක්ත්‍යන්ත නාමයන් කෙරෙන් ඒ ඒ ප‍්‍රත්‍යයන් එකතුවී සෑදෙන නාම අපත්‍යාර්ථ තද්ධිත නම් වේ. පුද්ගලයෙකුගේ, කුලයක, ගෝත‍්‍රයක නාමය මීට මුල් වේ. මෙහි විශේෂ ලක්‍ෂණය නම් නාමයෙන් දැක්වෙන ගෝත‍්‍රය පැවසීමයි. ඇතමෙක් මෙයට ගොත්ත තද්ධිතය යැයි ද පවසයි.  උදාහරණයක් ලෙස වසිෂ්ඨස්‍ය අපත්‍යම් වාසිෂ්ඨඃ යනුවෙන් සෑදුණු මෙහි වසිෂ්ඨ ඍෂිවරයාගේ දරු මුණුබුරු පරම්පරාවෙහි සියල්ලෝ මීට ගැනේ. ඒ අනුව සාරස්වත ව්‍යාකරණය තුළ අපත්‍යාර්ථ ප‍්‍රත්‍යයෝ නවයක් දක්වා ඇත. ඒ මෙසේය. ‘අණ්, ඉඤ්, ණ්‍ය, ආයනණ්, එයණ්, ණීය, කි, ඓරණ්, ඉනෙය’ යනුවෙනි. ඒ අනුව මෙම ප‍්‍රත්‍යය සෝදාහරණව මෙසේ විස්තර කළ හැක.
අණ් ප‍්‍රත්‍යය ÷
මතු දැක්වෙන අපත්‍යාර්ථ ප‍්‍රත්‍යයන්ට විෂය නොවන අන්‍ය නාමයන් කෙරෙන් සාමාන්‍යයෙන් මෙම ප‍්‍රත්‍යය වේ. (අපත්‍යෙණ්*
උදාහරණ ÷ වසිෂ්ඨස්‍ය අපත්‍යං වාසිෂ්ඨඃ
උපගෝඃ අපත්‍යම් ඖපගවඃ (වො’ව්යස්වරෙ* ස්වරයක් හෝ ‘ය’ කාරයක් පර කල ‘උ’-‘ඔ’ කාරයන්ට ‘අව්’ ආදේශ වේ.
ගොතමස්‍ය අපත්‍යම්- ගෞතමඃ
ශ‍්‍රමණස්‍ය අපත්‍යම්- ශ‍්‍රාමණේරඃ
චන්‍ද්‍රස්‍ය අපත්‍යම්- චන්‍ද්‍රායනඃ
ශිවස්‍ය අපත්‍යම්- ශෛවඃ
විදේහස්‍ය අපත්‍යම්- වෛදෙහඃ
ඉඤ් ප‍්‍රත්‍යය ÷
ඍෂි වාචක නොවන අකාරාන්තයන් හා බාහු ශබ්දාදීය කෙරෙන් මේ ප‍්‍රත්‍යය වේ. (බාහ්වාදෙශ්ව* බාහු, උපබාහු, උපවාකු, නිවාකු, ශිවාකු, වටාකු, උපවින්‍දු, වෘෂලී, වෘකලා, චූඩා, බලාකා, මූෂිකා, කුශලා, ධ‍්‍රැවකා, ධුවකා, සුමිත‍්‍රා, පුෂ්කරසද්, අනුහරත් යන මේවා බාහු ශබ්දයි.
උදාහරණ ÷ දෙවදත්තස්‍ය අපත්‍යම්- දෛවදත්තිඃ
ශ‍්‍රීධරස්‍ය අපත්‍යම්- ශෛ‍්‍රධරිඃ
බාහොඃ අපත්‍යම්- බාහවිඃ
උපබාහොඃ අපථ්‍යම්- ෙඖපබාහවිඃ
x ඇතැම් විට ඍෂි වාචකයන් කෙරෙන් ද මේ ප‍්‍රත්‍යය වේ. (ක්වචිදාෂිශබ්දාදපි භවති*
උදාහරණ ÷ උද්දාලකස්‍ය අපත්‍යම්- ෙඖද්දාලකිඃ
ණ්‍ය ප‍්‍රත්‍යය ÷
ගර්ගාදී ශබ්දයන් කෙරෙන් මේ ප‍්‍රත්‍යය වේ. ගර්ගාදී ශබ්ද ලෙස ගර්ග, වත්ස, අජ, අගස්ති, පුලස්ති, වමසරෙහ, අග්නිවෙශ, ශක, ශංඛ, ධනඤ්ජය ආදිය දැක්විය හැක.
උදාහරණ ÷ ගර්ගස්‍ය අපත්‍යම්- ගාර්ග්‍යඃ
වත්සස්‍ය අපත්‍යම්- වාත්ස්‍යඃ
ආයනණ් ප‍්‍රත්‍යය ÷
නඩාදී ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය වේ. නඩාදී ශබ්ද ලෙස නඩ, නර, චර, චන්‍ද්‍ර, ද්වීප, කාශයප, දණ්ඞීන්, හස්තින්, බදර, අශ්වල, දණ්ඩ්‍ය යන මේවා පෙන්වාදිය හැක.
උදාහරණ ÷ නඩස්‍ය අපත්‍යම්- නඩායනඃ
වරස්‍ය අපත්‍යම්- වාරායනඃ
එයණ් ප‍්‍රත්‍යය ÷
අත‍්‍රි ආදියෙන් හා ස්ත‍්‍රී ලිංගයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය වේ. අත‍්‍රි ආදිය යනු අත‍්‍රි, ශුභ‍්‍ර, පුරු, මෘකණ්ඩු, පාණ්ඩු, කද්‍රැ, බ‍්‍රහ්ම, කුමාරිකා, රොහිණී ආදීයයි.
 උදාහරණ ÷ අත්‍රෙඃ අපත්‍යම්- ආත්‍රෙයඃ
ගංගායඃ අපත්‍යම්- ගාංගෙයඃ
ණීය ප‍්‍රත්‍යය ÷
මාතෘෂ්වසෘ-පිතෘෂ්වසෘ ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ.
උදාහරණ ÷ මාතෘෂ්වසුරපත්‍යම්- මාතෘෂ්වස‍්‍රීයඃ
පිතෘෂ්වසුරපත්‍යම්- පිතෘෂ්වස‍්‍රීයඃ
x එයණ් ප‍්‍රත්‍යය මෙයට යෙදීමෙන් මාතෘෂ්වසෙය-පිතෘෂ්වසෙය යුනුවෙන් ද මෙහි රූප සිද්ධිය වේ.
කි ප‍්‍රත්‍යය ÷
ව්‍යාසාදී ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ.
උදාහරණ ÷ ව්‍යාසස්‍ය අපත්‍යම්- වෛයාසකිඃ
ඓරණ් ප‍්‍රත්‍යය ÷
චටක ශබ්දය කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ.
උදාහරණ ÷ චටකස්‍ය අපත්‍යම්- චාටකෛරඃ
ඉනෙය ප‍්‍රත්‍යය ÷
කල්‍යණී ආදී ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ. (කල්‍යාණ්‍යාදීනාමිනෙයඃ* කල්‍යාණී ආදී ශබ්ද ලෙස කල්‍යාණී, සුභගා, දුර්භගා, බන්‍ධකී, අනුදෘෂ්ටී, ජරතී ආදිය දැක්විය හැක.
උදාහරණ ÷ කල්‍යාණ්‍යාඃ අපත්‍යම්- කල්‍යාණිනෙයඃ
x අපත්‍යාර්ථයේ ඇතැම් ශබ්දයන් කෙරෙන් යෙදෙන සමහර ප‍්‍රත්‍යයන් බහුවචන විෂයෙහි කිසි විටෙක ලොපයට පැමිණෙයි. ලූග් බහුෙත්‍ව ක්‍වචිත් ‘භෘග්වත‍්‍රි කුත්සාංගිරො වසිෂ්ඨගොතම දෙශ තුල්‍යාඛ්‍යා ක්‍ෂත‍්‍රියෙභ්‍යඃ පරස්‍ය ප‍්‍රත්‍යයස්‍ය ලූග් භවති.’ යන ඉහත පදවලට පර අපත්‍යාර්ථ ප‍්‍රත්‍යයට ලූක් වේ යනු එහි අදහසයි.
උදාහරණ ÷ භාර්ගවඃ = භෘගවඃ
ආත්‍රෙයඃ = අත‍්‍රයඃ
කෞත්සාඃ = කුත්සාඃ
යනුවෙනි.


04. සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමවලිය
ද්විතීයික මූලාශ‍්‍රය

ආනන්ද හිමි බළන්ගොඩ, සංස්කෘත ශික්‍ෂකය, මොඩන් පොත් සමාගම, නුගේගොඩ, 1960.

ගුණවර්ධන ඇල්මන්, ජී. සාරස්වත ප‍්‍රදීප, ප‍්‍රකාශනය- ගාමිණී මුද්‍රණාලය, 1947.

ධම්මින්ද හිමි, හෑගොඩ, සංස්කෘත ව්‍යාකරණ තරංගිණී, ප‍්‍රකාශනය- විද්‍යෝදය පිරිවෙණේ ආදි ශිෂ්‍ය සංගමය, ප‍්‍රථම මුද්‍රණය- 1951.

රතනසාර හිමි, කහවේ, සංස්කෘත ප‍්‍රවේෂ නම් වූ සංස්කෘත ව්‍යාකරණය, ප‍්‍රථම මුද්‍රණය- 1914.
 ENGLISH REFERENCE

Wilson H. H.                                                   An Introduction to the Grammer of the Sanskrit Language 1847.