UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 12/11/13

Wednesday, December 11, 2013

අම්බලම -

අම්බලම - පුතාගෙ වචනෙන් කියනව නං ‘බස්හෝල්ටෙක’ ”ලතෝ මොකද්ද ඇත්තටම මේ අම්ම කොරන විකාර වැඬේ ? මේකෙ ඉවරයක් තියෙන්ඩෙපෑයැ. අද ඉවර වෙයි, හෙට ඉවර වෙයි කියලා බලන් ඉන්නවා, කෝ ඒත් ? ලැජ්ජාවෙ පණ යනවා. එහෙත් හන්දියට මූණක් අල්ලන්න විදියක් නෑ. මිනිස්සු එකේක කයි කතන්දර කියෝනවා.” වෙනදා තමන්ගේ මව් සුද්ධ කිරීම එකම අරමුණ කරගෙන පුතණ්ඩියාගේ කටින් පිටවෙන වචන අද පෙන්නුවේ විශාල පෙරළියක්x වචන ටික එළි බහිනවාත් එක්කම පිට වූ උෂ්ණය ලතාට කියලා දුන්නා ඒ කෝපයේ තරම. එයා කෝකටත් කියලා සාලෙ දිහාට ආවෙ දඩි බිඩියේ. මේ වගේ වෙලාවක සියලූ ආරක්‍ෂා වළලූ තර කරන එක තමන්ගේ රාජකාරිය බව එයා හොඳාකාරවම දැනං හිටියා. යන ගමනෙන් එයාට තමන් ගැනම හිතිලා හිනා ගියා. ‘ලතා ? අහවල් ලතා. ගමනෙ නං කිසිම ලතාවක් පේන්ඩ නෑ.’ කෝකට හරි උයන කොට ඇඳ ගන්න දැලි රෙද්ද කඩලා කුස්සි දොරෙන් දාලා බුරුල් වෙලා තිබිච්ච කොණ්ඩ ගැටේ හය්යට ගැට ගහගන්න ගමන්මයි ලතා ලතාවට ගමන් කළේ. ඒ ලතාවට ගිය ගමනෙ අවසාන ප‍්‍රතිඵලය වුණේ එහෙ බලලා මෙහෙ බලන ටිකට සාලේ හිටපු සැමියා ඉදිරියේ ලතාගේ සිරුර හිට ගන්න එක. සැමියාගේ කෝපයෙන් රත්වෙච්ච මූණ දකින කොටම ලතාගේ මූණට හිනාවක් ගොඩ වුණා. ඒත් සාලේ තියෙන බඩු මුට්ටු ටික පරිස්සං කර ගන්න හිතපු ලතා ඒ හිනාව කොහොම හරි කරලා හංගගත්තාx ‘අම්මෝ ! හිනාවෙනවා දැකලා යකා නැග්ගොත් කුඩු කොරලා දායි මේ සාලෙම තියෙන බඩු මුට්ටුx’ හිනාව හංග ගන්ඩත්තෙක්ක කියලා ලතා තමන්නෙ මනුස්සයගෙන් ප‍්‍රශ්නයක් අහන්න කියල හිතුව. ඒත් එක්කම සැමියගේ අතේ තිබ්බ බඩු මල්ල දියරෙද්දක් ගලේ ගහනවා වාගෙ සාලෙ මැද පොළොවෙ ගහන කොට ලතාට තරු පෙවුණාx උඩ ඉන්දවෙච්ච ඇස් දෙක අමාරුවෙන් බිමට හරව ගත්ත ලතාට සාලෙ වටේට දුවන බී ළුෑණු ගෙඩි, තක්කාලි ගෙඩි ටිකත් පොළොවෙ හැපිලා කුඩු පට්ටං වෙලා ගියපු ලීක්ස් කොල ටිකත් ගෙමැද්දෑවෙ ඉහිරිලා ගියපු සුදු සීනි ටිකත් දැක්ක ගමන් යකා නැග්ගාx ”මොන යකෙක් වැහිලද මේ ? මොකද්ද දැන් වෙලා තියෙන්නේ ?” ඒ ප‍්‍රශ්නෙ ඉවර වෙන්ඩත් ඉස්සරලා සැමියගේ මූණ හරහා ඇ`දිලා ගියපු අකුණු පාර ලතා දැක්කාx ඒ හින්දම ඒ ප‍්‍රශ්නෙට එයා තවත් කෑල්ලක් ඈඳුවා. ‘කාරණේ හරියට දන් නැති වුණත් ඉස්සෙල්ලාම කරන්ඩෝනැ එයාව හීතල කරන එක. ලතාට එහෙම හිතුණ එක පාට්ටම. ”මමත් දෙතුන් සැරේ අම්මට කීවා. කොහෙද කියන දෙයක් අහනෙකක්යැ., මනුස්සයා කුමක් කිව්වත් අම්මට එක එල්ලේ වරදක් පටවන්ඩ ලතාගේ හිත ඉඩ දුන්නෙ නෑ. ඒත් ලතා ඒ බවක් ඉස්සෙල්ලම පෙන්නන්ඩ මැළිවුණා. එයාට වුවමනා වුණේ කාරණේ නිච්චියටම දැනගෙන සැමියා හීතල කරන්ඩ පටන් ගන්ඩ. එයාට එක පාට්ටම හිතුණා ‘ලෙඩක් හොඳ කරන්ඩ නං ඉස්සෙල්ලම හොඳට රෝග නිදානෙ හොයා ගන්ඩෝනැ’ කියලා තාත්තා නිතරම කියන කතාවx ‘ඒකට නං ඉතිං මුලින් අම්මට ටිකක් වරද පටවන්ඩ වෙනවා. ඩිංගක් වෙන්ඩ ආඩපාලි කියන්ඩ වෙනවා.’ ලතා තමන්ගෙම හිතත්තෙක්ක කතා කර ගත්තාx ලතාගේ කටින් පිටවෙච්ච හැම වචනයක්ම වාගෙ ආයාස ගත්තේ අම්මා කෙරේ අඩු හානියක් කරන්න වුණත් එයා මොකක් නමුත් මූනිච්චාවට යමක් කියන්ඩ හිතුවෙ වගකීමෙන් සිතා මතා අවස්ථාවේ හැටියට. ඒත් ඒ පද බැඳීම් එයාට නෙමෙයි මායිං වුණේx එකේක පාට වෙස් මූණු දාගන්න ගමන් සැමියාගේ මූණෙ පාට වෙනස් වුණේ අකුණු ගගහ, ගොරව ගොරවා වහින මහා අනෝරා වැස්සකට සූදානං වෙන ආකාසයක් වාගෙx ඒ මූණෙ ඒ ඇඳිලා තිබ්බ බියකරු බව ලතා කවදාකවත් මේ ජීවිතේට දැකලා තිබ්බෙ නෑx ලතා ඒ විරූප, වියරු මූණ දිහා භිරාන්ත වෙලා බලන් ඉන්න කොට එක පාට්ටම ගේ ඇතුළට පැන්න සැමියා අම්මගෙ කාමරයට පැන්නෙ යකෙක් වගේx ඇෙ`ද් බොරුවට නිදාගෙන හිටපු අම්මගෙ අතින් ඇදලා අම්මව ඇහැරවන්න හැදුවත් අම්මා කෙරුවෙ ඇස්දෙක තවත් තද කොරල පියා ගන්නෙකx අම්මා කරන්නෙ බොරුවක් කියලා දැන ගත්තාම කේන්තිය වැඩිවෙච්ච පුතණ්ඩියාගෙ අතක් අම්මට ගහන්ඩ වාගේ ඉස්සුණාx අම්මට ගහන්ඩ කියලා ඉස්සුණ පුතණ්ඩියාගෙ අත අනෙක් අතත් උස්සගෙන ගිහිල්ලා තමන්ගෙ ඔළුව බදා ගත්තෙ එක පාට්මට ඇතුළෙන් ආපු වේදනාවක් හින්දා ඔළුව පුපුරන්ඩ යනවයි කියල හිතිච්ච මිනිහෙක් වගෙx ඉසකෙයා අතරෙ පහුරු ගගා විකාර විදියට දුවන්න පටන් ගත්ත අත්දෙක තවත් වෙලාවක ඉසකෙයා ගස් උගුල්ලන්න දැඟළුවාx ඊළ`ගට ඒ අත් දෙක තමන්ගෙ පපුවට එක පිට එක පාර දෙන්න පටන් ගත්තෙ ඉවරයක් නැතුවx මේ ඔක්කොම පුදුම වෙලා බලාගෙන හිටපු ලතා ඉස්සරහට පැනලා එයාගෙ අත්දෙක අල්ල ගත්තාx අත් දෙකෙන් ඇදගෙනම වාගේ ලතා තමන්නෙ මනුස්සයව කාමරෙන් එළියට ගත්තාx හොරෙන් ඇස් දෙක ඇරලා බලපු අම්මගෙ ඇ`ග සීතලකට අහුවුණා වාගෙ ගැහෙන්න පටන් ගත්තාx ඇ`ග පත පුරා දුවන්න ගත්ත ශෝකය මළුු ඇ`ගම කීතු කරන්ඩ වුණාx අම්මට ඉකිබිඳුම හපා ගත්තත් දෙකොපුල් දිගේ ගලන කඳුළු බිංදු හංග ගන්න බැරි වුණාx අම්මා අවුරුදු දහ අටක දැරිවියක් වාගේ මුණින් වැටිලා කොට්ටෙ වික විකා ඇ`ඩුම් වලක්කා ගන්ඩ බැලූවාx සාලෙට ඇදගෙන ගියපු පුතා බිත්තියේ ගහන්ඩ ගියපු ඔළුව බේර ගත්තේ ලතාx ලතා නොහිටින්ඩ ඒ ඔළුව කණා මුට්ටියකට ගැහැව්වා වාගෙ බිඳෙන්ඩ තිබ්බාx ලතාටම පුදුම හිතෙන තරමටම ලතාගෙ ඇ`ගට යෝධ බල ලැබිලා තිබුණාx පිරිමි දහ දෙනෙකුටවත් වාවා ගන්ඩ බැරි තරමට මනුස්සයා පෙරළි කෙරුවත් ලතා නෙමෙයි පසු බැස්සෙx කොහොම වුණත් ලතාගෙ ප‍්‍රමාදයක් බලලා පොළොවට බර වෙච්ච පුතා මුණින් තලා වෙලා පොළොව පිට වැටුණෙ ගහක් කැපෑරියා වාගෙx පපුව පොළොවෙ හප්පා ගන්න අතරෙ එයාගේ ඇ`ගිලි සිමින්ති පොළව හාරන්න දැ`ගළුවාx ඒත් එක්කම නැ`ගගෙන ආපු ඉකිබිඳුමත් විලාපයත් හන්දා ලතා ටිකක් පැත්තකට වුණාx ලතාට හිතුණා එයාගෙ දුක තුනී වෙනකල් අ`ඩන්ඩ දෙන්ඩෝනැ කියලාx ”අනේ මං වායෙ කරුමක්කාරයෙක් ඇත්තටx ඇයි දෙය්යනේ මෙඋන්දට තේරෙන් නැත්තෙ මං මේ ? දාවල් නැතුව කියන දේx අය්යෝ x x x ! අනේ ඇත්තමයි x x x අපිට කනක් ඇහිලා ඉන්න මේ ගෑනි මැරිලාවත් යන් නෑනෙ දෙය්යනේ !” පුතණ්ඩියාගෙ වචන ටික කනට වැටෙන කොට අම්මට දැවුණේ තමන් ඉදිරියේ අකුණක් ගැහැව්වා වාගෙx ළිප උඩ පැහි පැහි තිබ්බ වතුර එකක් හැළුණ වගෙ ඇඟ පිච්චිලා ගියාx අම්මට හිතට එකතු වෙච්ච දුකත් එක්කම ආවෙ තරහක්x තමන්ගෙ පුතාට තමන්ට වඩා රටේ ලෝකෙ එවුන් ලොකු වීම ගැන අම්මට ඇති වෙච්ච දුකත් එක්කම ආවෙ කේන්තියක්x තමන්ගෙ පුතාට තමන්ට වඩා රටේ ලෝකෙ එවුන් ලොකුවීම ගැන අම්මට ඇති වෙච්ච කේන්තිය පිට කරගන්ඩ විΩධියක් තිබ්බෙ නෑx අම්මා කෙරුවෙ පුළුන් එළියට පනින කල් කොට්ටෙ විකන එකx පුළුන් ටික තමන් කැමති ගානට කුට්ටි කැඩිලා කාමරේ පාවෙන අතරේ සාලෙ කලබැගෑනිය ටිකින් ටික අඩු වෙනවා අම්මට ඇහුණාx ඒත් එක්කම අම්මත් හිතුව පොඞ්ඩක් සාමකාමී වෙන්ඩෝනැ කියලx අම්මට ඇහුණ ලේලි හිමින් සීරුවෙ තමන්නෙ මනුස්සයාට කතා කරනවාx ”එපා මෙයා ඔහොම කලබල වෙන්නx කියන්ඩකෝ ඔය තරං කේන්ති ගන්ඩ මොකෑ අද වුණේ කියලාx” ”මොකද්දෑ ඉතිං, වෙනදා හෙණේම තමා. අනේ ඇත්තටම මට මුන්දට මොනවා නං කොරන්ඩද කියල හිතා ගන්ඩ බෑ. මොනවට වයසට ගියාද මං දන්නෑ ? අම්මා නොවෙන්ඩ වෙන එකෙක් නං මං උස්සලා පොළොවෙ ගහනවා, ආයෙ දෙකක් නෑ. මනුස්සයෙක් වෙච්චහම අඩු තරමෙ යමක් කියලා දුන්නහමවත් තේරුන් ගන්ඩෝනෑ., අම්මා වෙනදා මෙන්ම අදත් අම්බලමට - පුතාගෙ වචනෙන් කියනවා නං බස් හෝල්ටෙකට - ගොඩ වැදී ඇති බව ලතාට රහසක් වුණේ නැතත් එයා ඒ බවක් නොහඟවා සැමියාගෙන් ප‍්‍රශ්න කරන්ඩ ගත්තේ අම්මා කෙරේ ඔහු තුළ ලියලන කෝපය මොට කරලා දාන්ඩ හිතාගෙන. කොහොම වුණත් මේ හැම දෙයක්ම - හැම දොහොකම ඉවසන් ඉන්ඩ තරං අසරණ වෙලා ඉන්න මනුස්සයා ගැන ලතාට ඇති වුණේ ලොකුම ලොකු කණගාටුවක්x ඒත් ලතාට හිතුණ ටිකක් සැරට ඉඳලා මේ අවුල පොඞ්ඩක් ලිහන්ඩ බලනෙක හොඳයි කියලx ලතා සැමියගෙ උරහිසේ අනුකම්පාවෙන් රැුඳිලා තිබිචිච තමන්ගෙ අත දඩස් ගාලා ඇදලා ගත්තාx ”මනුස්සයෝ, වහෙන් ඔරෝ කියන් නැතුව කියන දෙයක් කෙළින් කිව්වනංx මොකද්දෑ ඔය කියන තරමටම අම්මා කොරලා තියෙන වැරැුද්ද ?” ”වැරැුද්ද ? වෙන ඉතිං මොකද්ද ? වෙනදා කොරන එකම තමාx ඕං අදත් බස්හෝල්ටෙකට ගිහිල්ලා පාන්සිවෙලා ගමේ මිනිස්සුන්ටx” අමුත්තක් නොවිච්ච මේ ප‍්‍රවෘත්තිය තමන් දැන ගත්තාම තමන්ගේ මූණ වැඩි කලබලයක් පෙන්නන් නැති වෙයි කියල බය වෙච්ච ලතා යටි හිතේ ගැළපිච්ච වචන ටික එළියට පිට වෙන එක වලක්ක ගත්තෙ වෑයමෙන්. වෙන කිසිම දිනයක දැක නොමැති රත් පැහැයකින් ඇස් කෙවෙණි පාට කරගෙන ඉන්න තමන්ගේ මනුස්සයාගෙ මස් වැදලි උඩ පන්නන කෝප සහගත මූුණ ලතා මඟෑරියේ වුවමනාවෙන්මයි. ,අනේ ඇත්තටම මටත් හිතා ගන්ඩ බෑ මේ අම්මට කොහොම ඕක තේරුං කොරලා දෙන්ඩද කියලා මෙයා. ඇත්තටම මේ මිනිස්සු ඉඩෝරෙටද කොහෙද පැහිලා තියෙන්නේ.” ඒ අවසාන වචන ටික එයාට කියවුණේ ඉබේටම වාගෙ. ඒ වචනෙ එක්කම එයා ගැස්සිලා හිටියා. ‘බැරි වෙලාවත් මෙයාගෙ කේන්ති ඇවිස්සුණොත් ? හප්පා මාත් කොරන වැඩx ඒත් ඉතිං ගිය නුවණ ඇතෙක් ලව්වා වත් අද්දා ගන්ඩ බෑයි කියනවනේx. එයාට හිතුණ ඇවිළෙන ගින්නට පිදුරු දාන එක වචනයක්වත් නොකියන්න වග බලා ගන්න ඕනෙ කියලx එහෙම හිතාගෙන ලතා පරිස්සමින්, හාල් ගරන අතරේ හාල් කොරහේ වී ඇට ඇහිඳිනවා වාගේ පරිස්සමින්, වචන එකින් එක තෝරාලා බේරලා දෙන්න පටන් ගත්තා. එයා ටිකක් වෙලා නිහඬව ඉඳල නිවිච්ච, අමුතු ලතාවක් කතාවට ආරූඪ කරගෙන කතාව දියත් කළා. හරියට එයාගෙ නමටම ගැළපෙන ලතාවකට. ”එකාතකිං ඉතිං අම්මා දැන් වයසයිනෙ මෙයා. දැන් ඉතිං පොඩි එකෙක් ගානයි. වයසට යන්ඩ යන්ඩ ඒ අය මුරණ්ඩු වෙනවාx න්හා ! හොඳයි අපිට පුළුවන්ද දෙමව්පියෝ හදන්ඩ ? ඔයාමනේ කිව්වෙ අම්ම තාත්තාට ගොඩක් ආදරෙන් හිටිය කියල. ඉතිං ඒක ආය ඔයාට අමුතුවෙන් මතක් කොරලා දෙන්ඩෝන්නෑනෙ ? ඒකනේ ඔය නිදානෙ රකිනව වාගෙ ඕක රකින්නේ.” ඇවිලි ඇවිලී තිබ්බ ගින්න තමන්ගේ පැන් ඉසීමත් එක්ක ටික ටික සිහිල් වෙනවා බල බල, ලතා තවදුරටත් තමන්නෙ වාගාලාපෙ දික් කරන්ඩ හිතුවාx , ඕකට ඔහෑටි කලබල වෙන්ඩෝන්නෑ මෙයා. මොනවා කෙරුවත්ත් ඒ අපෙ අම්මනේx ඔය අම්මා ඔයා වෙනුවෙන් විඳපු දුක් කන්දරාව ඔයා දන්නවනෙx අනිත්තෙක අල්ලපු ගමේ බෙරවා හැත්ත කියන හැම දෙයක්ම ඔයා විස්සාස කොරන්ඩත්තෙපා ඔහෑටිx තාත්තගෙ ලෙඬේට ඉන්ඩ හිටින්ඩ තිබිච්ච ගෙදර හිටන් උකස් කරල අවසානෙ කුලී වැඩ කොරල ඔය අම්මා ඔයාව ලොකු මහත් කෙරුවෙ රටේ ලෝකෙ උන්ට ඕන හැටියට නටන්න නෙමෙයිනෙx ඉතිං අපි හිතන්නෝනැ අම්ම ගැන නේද ? අම්බලමට යනේක අම්මගෙ සතුටනේ.” අම්මා ඉස්සරවෙන්ඩ ආපු කට වහ ගත්තෙ බොහොම අමාරුවෙන්x ‘අම්බලම නෙමෙයි; බස්හෝල්ටෙකx’ අම්මා කොහොම හරි කට මීච්චල් කරගෙන ලේලිට ඇහුන්කන් දුන්නාx ”මිනිස්සුන්ට නං ඉතිං මොනා කියන්ඩ බැයිද ? තාත්ත නැති වුණාම ඕකුන් එකෙක් ඔයා දිහා ඇහැක් ඇරල බැලූවද ? කෑවද බිව්වද කියල ? දැන් අම්මා ඔතෙන්ඩ ගිහිං කෑගැහැව්වා කියලා එකේක කතා කියනවා. බැරිවෙලාවත් අම්මා ඔතෙන්ට නොගියා නං හොඳයි මිනිස්සු මොනාද කියන්නේ ? . ඕං අරුන්නේ ගෙදර කිසි එක්කුට ගානක් නෑ මිනිහෙක් උන්නද මළාද කියලවත්. අර ගෑනි පුතණ්ඩියා වෙනුවෙන්ම තාමත් නහිනවා. දැන් හොඳ ආණ්ඩුවේ රස්සාවකුත් කොරනවා. ඒත් මුරුංගා පල්ල වාගෙ වකුටු වෙලා ඉඳගෙන හරි මේ ගෑනි ගෙදෙට්ට වෙලා පැදුරු විය වියා පොදි බඳිනවා පුතණ්ඩියාට. කියල කියයිx ඒක ඕකුන්නෙ හැටි. අපි කලබල වෙන්ඩ හොඳ නෑ ඕවටx” අම්මා පුතණ්ඩියා වෙනුවෙන් වෙන මහන්සිය ගැන වචන ටික ලතා කිව්වෙ බොහොම බර කරල. පුතණ්ඩියගෙ හිත මෙලෙක් වෙන නියම තැන, නිලය මොකද්ද කියලා ලතා තරං දන්න කෙනෙක් තවත් ඉන්නවැයි. ඇරත් නැත්තං එයා ගෑනියෙක් වෙනවැයිx ගෑනු ඉවx ඉතිං එයා හරියටම නිලය බලලා ඇන්නා. හැබැයි ඇන්නත් නොඇන්නා ගානට තමා වැඬේ කළේ. ”මං දන්නවා ලතාx මං තරං හොඳට කව්ද දන්නෙ ඔය අම්ම මං වෙනුවෙන් වින්ද දහදුක් ගැනx උන්දා කප්පරක් දුක් වින්දාx ඒත් ඇයි දෙය්යනේ මං ගැන දැන් x x x” පුතාගෙ වචන ගොළු වුණේ ඇයි කියලා ලතාට වාගෙම අම්මටත් හොඳටම තේරුණාx ලේලියගේත් පුතණ්ඩියාගේත් කතා බහට කන්දුන්න අම්මාට තමන් ගැනම ඇති වුණේ තරහවක්. ඇත්තටම තමන් ඒ දරු දෙදෙනාට මෙතරම් වද දෙන්නේ ඇයි කියනෙක අම්මට හිතා ගන්ඩවත් බැරි තරංx අම්මා දිවා ? නැතිව වෙහෙස නොබලා පොළොව සමඟ හැපුණේ මේ පුතා රජ කරවන්ඩ. ඒ අම්මාගේ දහඩිය මුගුරුවලට කඹුරන්නට වේ යැයි සිතා වෙහෙස නොබලා පාඩම් කළ පුතණ්ඩියා දැන් රජ වෙලා. එයා දැන් පොල්පිතිගම මහජන බැංකුවේ දෙවැනියx අම්මා ගැනම පමණක් සිතා ගමේ ගොඩෙන්ම හොයා ගත් ලේලිය අම්මට තමන්ගේම කුසෙන් වදාපූ දරුවෙක් ගානට පත්වෙලා. මේ අම්මා උදේ-හවහ ප‍්‍රාර්ථනා කළේ ඒ දරු දෙන්නගේ අභිවෘද්ධිය. ඒත් දැන් පේන විදියට ඒ අම්මමයි උන්ගේ පසුබෑමට හේතු වෙලා තියෙන්නේ. ”අම්මට ඇයි චුට්ටක් මං ගැන හිතන්න බැරි. මට මහා ලොකු තත්වයක් අටවගන්න ඕනෙ නෑ මෙයා. ඒත් මට තියෙන තත්වෙ රකින්න අම්මා දැන ගන්න ඕනෑ. මොකද අම්මම තමයි මං ඔය තත්වෙට ගෙනාවෙ. ඔහොම මිනිස්සුන්ට බැණ අඬ ගගහා හිටියාම මං කොහොමද ඒ මිනිස්සුන්ට මූණ දෙන්නේ ? ඇයි අම්මා ඒක තේරුං ගන්නැත්තේ මෙයා ?” තමන්ගේ පුතා බිරිඳ සමඟ කියන කතා අම්මා අහගෙන හිටියෙ කිසිම හාවක් හූවක්් නැතුවx ඇස්දෙකට ගොඩවෙන කඳුළු බින්දු හෙමින් සීරුවේ පිහ දාන අතරේ අම්මගේ හිත පරිස්සම් වුණේ වැරදීමකින්වත් ඉකිබිඳීමක් පිට නොකරන්ඩx ඒත් පුතත් ලේලිත් අම්බලම ගැන කතා කරන කොට බැරි වෙලාවත් පාවිච්චි කෙරුණොත් අම්බලම කියන වචනෙ - අම්මගෙ කට ඉස්සර වෙන්ඩ හදනවා ඉවරයක් නැතුවx ‘අම්බලම නෙමෙයි බස්හෝල්ටෙකx ඇයි වදේ පුතාමනේ කිව්වේ අම්බලම කියන්ඩ එපා කියලාx පුතාගෙ යාළුවෝ ඉස්සරැුහැ එහෙම කියනෙක පුතාට හරි නෑ’ පුතණ්ඩියා ගෙට ගොඩ වෙන කොට තමන්ට නින්ද ගිය බවක් පෙන්නපු අම්මා පුතණ්ඩියාගේ කේන්තිය මිය යන තෙක් එළියට නොබැසීමට තීරණය කරගත්තාx අම්මා තෝරාගත්තු එකම උපක‍්‍රමය වුණේ තමන්ට නින්ද ගිහිංය යන්න ඒ අයට තවදුරටත් ඒත්තු ගන්නන්ඩx දැන් කොහොමටවත් එයාට ඒක බොරුවක් කරන්න විΩධියක් තිබ්බෙ නෑ. බැඳ ගත්ත හින්දා එයාට බෙරේ ගහන්නම සිද්ධ වෙලා. .මං ආය අම්බලම පැත්ත පලාතකට යන්නෑ. ගියොත්නේ ඔය සණ්ඩු සරුවල් ඇති වෙන්නේ. මයෙ කොල්ලට පාඩුවේ ඉන්ඩ දෙන්ඩෝනෑ.. ඒ සිතුවිල්ල කඩාබිඳගෙන මතුවන හදිසි කෝපය අම්මට තමන් ඉන්න හිටින තැන් පවා අමතක කරනවා. තමන්ගේ අතේ රෝල් වෙවී තිබිච්ච වීදුරුව එයා බිම ගැහැව්වෙ ඒ තරහව පාලනය කරගන්ඩx .ෂි: කොච්චර හිතුවත් හෙට එළි වෙනකොට එතෙන්ඩ යන්ඩ හිතෙනවානේ’ ‘සලාං’ ගෑ වීදුරු හඬ අම්මට බනින්ඩ පටන් ගත්තා ඉවක් බවක් නැතුව. .දැන් ඉතිං හරි. ඔක්කෝම කම්මුතුයිx දැන් දැන ගන්නවා මං හොරාට නිදාගත්තු වග. කොහොම වුණත් අම්මට හිත හිත ඉන්න වෙලාවක් ලැබුණෙ නෑ. පුතණ්ඩියත් ලේලිත් දුවගෙන ආවා කාමරේට එක පොකරෙටමx ”මේ ග ග ග ග මේ ග ග ග ග ග මේ ග ග ග ග ග ග හීනෙන් අත වැදිලා වීදුරුව බිම වැටුණනේ. මේ x x x අනේ අපරාදෙ x x x x මේ ග ග ග ” අම්මාගේ ගොත ගහන වාසගම හමාර කිරීමට ඉඩක් ලැබුන් නෑ. සිද්ධ වෙච්ච හැම දෙයක්ම අවබෝධ කර ගත්තු ලේලිගේ වචන මිදුණේ මඳක් සිනාසී ගත් දෙතොල් අතරෙන්. අම්මාගේ අනුකම්පාව යදින හොර බැල්ම දැකපු ලතාට මතක් වුණේ ගේ ඇතුළේ ඇවිදින කොට අම්මගෙන් පිටවෙන වාතයක සද්දය ඇහුණාදැයි කියා බැලීමට අම්මා ලතා දිහාට එල්ල කරන බැල්මx වීදුරුවත් එක්ක බිමට වැටිලා තියෙන බුලත් විට ටික දැකපු ලතාට මතක් වුණේ තමන්ට අසනීප වෙච්ච වංගියක බලෙන්ම ඉවුම් පිහුම් භාරගත්තු අම්මගෙ ඛටෙන් බත් එකට වැටිලා තිබ්බ පුවක් කෑල්ලx ”ඒකට ග ග ග ග කමක් නෑ අම්මා. කෝ බලන්න අම්මගෙ අතත් තුවාල වුණාද කියලා.” ලේලිය අම්මාගේ අත අල්ලා ගන්නා විට අම්මාගේ දෙනෙත් ඉහළ ඉස්සිලා හොරාට මෙන් බැලූවේ පුතණ්ඩියා දිහා. ඒ වෙන කොටත් කෝපය හරිහැටි පලා ගිහිං නැති ඒ මූණ කේන්තිය හින්දා, නැත්තං තෙහෙට්ටුව හින්දා කළුතලා වෙලා ගිහිංx ඒ මූණේ කරුණාබර යමක් සටහන් වෙන කල් බලා නොඉඳ අම්මා බිම බලාගත්තා. ඇතිව ගත් පසුතැවිලි සිතත් සමඟ අම්මා බිමට නැමුණේ වීදුරු කටු ටික අහුලලා දාන්ඩ හිතාගෙන. ”කෝ ග ග ග කෝ ග ග ග ග අම්මා අහකට වෙන්ඩ. මං ඕක අස්කරන්නං.” ලේලිගේ ඉදිරිපත්වීමත් එක්කම මෙන් පුතණ්ඩියගේ මුවින්ද ටිකක් දැඩිව ගත් වචන ටිකක් පිට වෙලා ගියා. , ඕන්න ඕක තමුසෙ එකතු කොරලා දානවා. නැත්නං දැන් අතත් කපා ගන්නවා., බිරිඳට දුන් විධානයත් සමඟ පුතාගේ සිරුර සාලය දිහාට ඇදිලා යනවා අම්මා බලන් හිටියේ දැක්කත් නොදැක්කා වාගෙx ඒත් ලේලිගේ ඇස්සොලට ඒක රහසක් වුණේ නෑ. ලොකු වීදුරු කට්ටකට අනික් සුන්බුන් ටික එක්කාසු කරගත්ත ලේලි හෙමින් සීරුවේ ඒ ටික අත්ල පිට තබාගෙන පිට වෙලා ගියාට පස්සේ අම්මා ආයෙත් වතාවක් සුපුරුදු භාවනාවට වැටුණx අම්මට දවාලේ සිද්ධ වුණේ මොකක්ද කියලා හිතන කොටත් ඇති වුණේ කේන්තියක්. තම පුතා විසින් මිය ගිය තාත්තාට පිං පිණිස කියා ඉදි කරපු .අම්බලම. (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* දවසට එක වතාවක්වත් දකින් නැතුව අම්මට නින්ද යන්නේ නෑ. අම්මට නිතර දෙවේලෙ මතක් වෙන්නේ අත්තිවාරම කපපු වෙලාවෙ ඉඳලා ගලින් ගල එක්වෙලා ඒක ඉදිවෙච්ච ඉක්මන. ඒ වාගෙම අපූරුවx ළඟම තියෙන රේල් පාරේ දෙදරුමට ඔරොත්තු දෙන්න කියලා සිමෙන්තියෙන්ම, කළුගලෙන්ම ඉදි කරපු අම්බලමේ (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකේ* තාත්තගේ පොටෝ එක ගහපු දවස තමා අම්මට වැඩියෙම්ම මතක. ගාම්භීර විධියට හරියට පොල් කොස්සක් වාගෙ නාහෙට මැදින් උජාරුවට තියාගෙන හිටපු උඩු රැුවුල, ඇඳන් හිටපු සුදු කමිසෙ, ඒ වාගෙම ඒ කමිසෙ වහගෙන හිටපු කළු කෝට්ටෙක අම්ම අත ගාලා බලාපු වාර අනන්තයි. පැත්තකින් ලියවෙන කොට ‘හිටපු පෙජා මණ්ඩල සභාපති, සමාදාන විනිච්චකාර කමලරත්න බණ්ඩාර නිළමේතුමාට පිං පිණිස’ කියලා අම්මගේ ඇස් දෙක පින්සල අල්ලාගෙන හතර අතේ කැරකුණx එදා ඒ අකුරු ටික වේලෙනකන් ඉන්න අම්මට ඉස්පාසුවක් තිබ්බෙ නෑ. ගිහිල්ලා තිබ්බා ඇඟිලිඔලින් දෙකක්ම ඒ නම අතගාන්න කියල හිතාන. හත්තිලව්වයි, ඇඟිලි දෙකම එරුණා බදාමෙx ඒ වංගියෙ ඇඟිලි එරිලා ගියපු පාර තාමත් එහෙම්මමයි. ඊට පස්සේ ආපු වෙසක් පෝයවල් එකක් නෑර අම්මා අවුරුදු ගාණක් තිස්සේ ඒ අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* සැරසුවා. උදේ හවහ අතුපතු ගෑවා. වටේට වැවෙන කැලෑව උදැල්ලෙන් බය කරලා ආපහු පැන්නුවා. අම්මට අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* හරියට පෙවුණේ දේවාලයක් ගානට. තමන්නේ මැරිච්ච මනුස්සයා ජීවත්වෙන, අරක් ගත්ත දේවාලෙ වුණා ඒ අම්බලම එයාටx ඉතිං එහෙම සුද්ධාවාසයක් විනාස කොරන්ඩ දීලා අම්මට ඇහැ කන පියාන ඉන්ඩ බැරිවුණා. එක වතාවක් එයා ගමේ එවුන්ට බැන්නේ, පුතාට කියලා කොහොම හරි අවුරුද්දට වතාවක් හුණු පිරියම් කරන කිරිපාට බිත්තියේ අඟුරු කෑලිවලින් ලියලා තිබිච්ච දැක්ක හින්දා. ,අමර ග ග ග ග මර ග ග ග ග දිස්නාල ලව්ලූx, අම්මා අකුරු ටික ගැළපුවා. අමරත් දිස්නත් දෙන්නම අඳුර ගත්තා. ඒත් අවසාන වචනෙ නං තේරුං නෑ. කොහොම හරි කමක් නෑ බයින්ඩ තියා ගත්ත ගමටම ඇහෙන්ඩ. ,ගස්බල්ලෝ, මේකත් නැති භංගස්ථාන කොරන්ඩ හදන්නේ. මොකදෑ ඉතිං බල්ලන්නට ජාතක ග ග ග ග ග, ඉතුරු ටික කියන්ඩ බැරි තරං අසභ්‍ය වුණත් අම්මා කියලා දැම්මා. අම්මට ඒකෙ දෙයක් නෑx කොහොම වුණත් එදා හැන්දෑ වෙනකොටම පුතාට ආවා පයිණ්ඬේ. ,අනේ බලාපන්කෝ මල්ලියේ, අපේ පොඩි එකා ඉස්කෝලෙ ඇරිලා එනකොට අව්වට ඔය අම්බලමට ගොඩ වෙලා. ඉතිං ඉර බහින කල් කියල ඔය ඉන්න ඉන්න ගමන් අඟුරු කෑල්ලක් දැකලා ඔහෙ හිතට ආපු දේ ලියලා තියෙනවා. ආය ඒ හැටි දෙයක් ලියලා නෑx ඒකට ඔහෑටි කෑගහන්න ඕනැද මං අහන්නේ ? පොඩි එවුන් නොදන්නාකොමට කොරන වැඩනේ ඔව්වා., ,අම්මේ ඔතෙන්ඩ ගිහිං ආයෙ එහෙම කෑ ගාන්ඩ එපා. මං අද කිව්ව කියල මතක තියාගන්ඩx අපි ඕක පිරිත් කියලා මිනිස්සුන්ට දීලනේ තියෙන්නේ. ඉතිං තව මොනාද ? ඒක අපේ නෙමෙයි දැන්. ඒක ඔහොම අල්ලාගෙන හිටියොත් තාත්තට පිනක් සිද්ධ වෙන් නෑ., පුතා එදා ආදරෙන් කියපු දේ අම්මා කීකරු දරුවෙක් වාගෙ අහගෙන හිටියා. එදා එයා තීරණේ කෙරුවා ඉන්තේරුවෙන්ම ආය නං අම්බලමට (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකට* පය තියන් නෑ කියලාx ඒ ගිහිං කාටවත් බැණ අඬගාන් නෑ කියලා. ඒත් උදේ හවහ තමන්නෙ සැමියා වසන දොවොලට යනේක එයාට අත්අරින්න බැරි වුණා. කොහොම වුණත් දෙවෙනි වතාවකුත් යෙදුණා අම්මට ගමේ එකාලාගෙ අම්මා මෝ මතක් කරන්න. ඒ වෙලාවෙ පුතා කිව්ව කිසි දෙයක් අම්මට මතක් වුණේ නෑ. ඇරත් කේලම කියන්නත්, හුම්මිටි තියන්නත් හිටියනේ එතන ලමිත්තුවාගෙ ගෑනි. ,මැණිකෙට කියන්ඩ මෙතන දැන් ?ට ?ට හොඳ හොඳ දේවල් සිද්ධ වෙනවා. මේක මඟුල් මඩුවක් ගානයි දැන්. අර ඉස්සරැුහැ ගෙදර වේසාවි මිනිස්සු ගෙන්න ගන්නෙ මෙතෙන්ටනේ., අම්මාට ඉවසුන් නැති වුණා. අම්මට මැවිලා පෙනුණෙ මේ වාගෙ විලිසංගෙ නැති වැඩක් කිරීමට තියා එවැන්නක් අනෙකෙකු කළා යැයි කියා ඇහෙන කොටත් රතු පාට වෙලා යන තමන්ගෙ මනුස්සයාගෙ ඇස් දෙකයි කම්මුල් දෙකයිx ඒත් අම්මා ඉවසගෙන හිටියා. ඒත් ඉන්නම බැරි වුණා ලමිත්තුවාගෙ ගෑනිට සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන හිතෙන කොට. ලමිත්තුවාගෙ ගෑනි තමන්නෙ පුතාට ‘මල්ලි’ කියලා කතා කොරනෙක ගැන අම්මා හිටියෙ කේන්තියෙන්x ‘හ්අඃ බෙරවායින්ට ගියපු තැනx මගේකා මල්ලි වෙලා නෙවැx ඇයි උන්නෙ තාත්තට කිව්වා වාගෙ නිළමෙ කිව්වාම ඒකියෙ කටේ ගෙඩි දානවද ?’ කිය කියා පාරම්බබා හිටියත් අම්මට මේ අසාධාරණේ වෙනුවෙන් කතා කරන්ඩම හිතුණාx ,ඊයෙ රාත්තිරියේ මයෙ මිනිහත් ගෙන්නගෙන නොවැ මේ පට්ට පඳුරු මෙතෙන්ට, අම්ම තීරණේ කෙරුවා අම්බලම ගැන කොහොම වුණත් මේ ලමිත්තුවාගෙ ගෑනිට කරපු ආරෝවට විරුද්ධව කතා කරන්න. ඒත් එක පාට්ටම මතක් වුණා පුතාවx ‘අනේ ඇත්තට මයෙ කොල්ල හින්දා ඉවසනවා මිසක් x x x x’ ඇගේ අත මිට මෙළවුණා. දත්මිටි කැවුණා. හකුපාඩා එකට වැදුණා. ඒත් ලමිත්තුවාගෙ ගෑනි කියෝගෙන කියෝගෙන යනවා ඉවරයක් නැතුව. ”මයෙ මැණිකෙ ! මං අහන්නෙ ඔය වාගෙ දේවල් සිද්ධ වෙන්ඩෝනැ තැනද්ද මේක. හරියට දේවාලයක් වාගෙ තැන. අපේ නිළමෙ ඉන්න කොට ඒ ගෙදර තිබ්බා වාගෙ තමා මෙතනත් හරියට. මට නං ගොඩ වුණාම මෙතෙන්ට හරියට නිළමෙ ඉන්නවා ගානයි., අම්මට තවත් නං ඉවසන් ඉන්න බැරි වුණා. වටේම ඉන්න උන්ට ඇහෙන්ඩ අම්මා ගන්ටාරේ ගහන්න ගත්තා. ලමිත්තුවාගෙ ගෑනි අම්මට තැන දීලා හිමීටම ලිස්සලා ගියා. ඒත් එයා යන ටිකේ කියලා ගියපු වචන ටික අම්මට දීලා ගියපු දේවල් බොහොමයි. ,මයෙ මැණිකෙ, මං අහගෙන දෙතුන් දෙනෙක් කියෝනවා මෙතන අපෙ නිළමෙ ඉන්නවලූ කියලාත නාගයෙක් වෙලා ඉපදිලා මේක මුර කොරනවලූ. දෙතුන් දෙනෙක්ම දැකලා තියෙනවා දෙතුන් දොහක්, නාගයා මේන්න මේ කොට බිත්තිය උඩට වෙලා පෙනේ කොරගෙන ඉන්නව., අම්මා තනිවම තමන් සමඟ දින ගණනාවක් තිස්සේ කල්පනා කරමින් සිටි යෝජනාව තවත් එකියෙකු අතින් ස්ථිර වෙලාය. අම්මාගේ හිත පුරා දැන් නළියන්නේ ඒ නාග රාජයා මිස වෙනත් කෙනෙක් නොවේ. තමන්ගේ දෙනෙතට නොපෙනුණත් අම්මට බලන බලන වාරයක් පාසා ඒ බැම්ම උඩ දරණ ගහ ගෙන පෙණේ උස්සාගෙන ඉන්න නාගයා පේන්ඩ වුණා. ,ඒත් දැන් ඒ නාගයා දවස් දෙක තුනකින් මේ පැත්තේ ඇවිල්ලා නෑ., ,කොහෙ එන්ඩද ? ඒ නාගයා ආයෙත් x x x x ?, අම්මා කියවෙන්ඩ ආපු වචන ටික ගිල ගත්තා. ‘හත් දෙය්යනේ ! මට කියන්නේ රට්ටුන්ටත් කියන්ඩද පුතා තමන්නෙම තාත්තව මරලා දැම්මා කියලා.’ අම්මා තොල් දෙක කිටි කිටියේ තද කරගත්තේ ඒ රහස එළිබෑවෙයි කියලා බයටx ඒත් අම්මගෙ හිත ලිප උඩ තියාපු උණු වතුර හැලියක් වාගෙ පැහෙන්න ගත්තා. බුබුළු දාන්න ගත්තා. වහලා තිබ්බ මුඩිය උඩ වීසි කර කර නටන්න ගත්තා. අම්මට පුතා ගැන ඇති වුණේ පුදුමාකාර තරහක්x .මේකා අජාසත්තයෙක්x තමන්ගේම තාත්තා මරා ගත්තා. ඒත් අම්මා ඒ ටික එළියට දැම්මෙ නෑx අම්මා තමන්නෙ තරහව පිට කළේ ඊයේ රාත්තිරියේ මේ ශුද්ධ භුමියේ මඟුල් නටපු එවුන්ට ලූණු ඇඹුල් ඇතුව කියලා දෙමින්x අම්මට ගෙදර එන්ඩ බැරිවුණා. අම්මාට මතක් වුණා දැන් සති ගාණක් තිස්සේ වත්තේ එහා මෙහා හක්කලන් කරාපු නාග රාජයා. ඒ නාගරාජයා මරපු වෙලාවෙ අම්මට හොඳටම දැනුණ මේ දෙවෙනි වතාවටත් මැරුණේ තමන්නෙ මනුස්සයා කියලා. ඒත් අම්මා ඒක වහගෙනයි කතා කෙරුවේ. ”මේකට මොන යකා වැහිලද මේ. යකෝ නාගයෝ මරන්න හොඳ නෑ කියලා දන්නැද්ද ? මේ නාගාරාජයා දැන් කී දොහක ඉඳං නං වත්තේ කැරකෙනවද ? ඌ ඇවිත් හිටියේ අපේ ආරස්සාවටx උඹ ඌවත් මරලා දැම්මා. උඹ නං මේ කොරගත්තෙ ආනන්තරිය ග ග ග ග ග ග, අම්මා ඒ වචන ටික නතර කර ගත්තා. මොකද අම්මා හොඳටම දැනන් හිටියා ආනන්තරිය පාපකර්ම මොනාද කියනෙකx ඒ වාගෙම පුතාත් ඒ කාරණා පහම දන්න බවත් අම්මා දැනන් හිටිය. ඉතිං අම්මාට බය හිතුණ තමන්ගේ හිතේ පැහෙන දේ පුතා දැන ගනියි කියලා. කොහොම වුණත් පුතාට අම්මා ගැන පුදුම හිතුණාx අම්මා රට්ටුන්ට කොච්චර බැණ අඬ ගෑව්වත් පුතාට උඹ නොදකින් කියලා කියලා නෑ කවදාවත්x තාත්තා ලෙඩ වෙලා මැරෙන කොට අතේ තිබිච්ච අන්තිම සතෙත් වියදං කරලා හිටපු අම්මා පුතණ්ඩියා වෙනුවෙන් මැරුණා මිසක් වචනෙකින් වත් හිත රිදෙව්වෙ නෑx අද අම්මා එහෙම කෙරුවා වුණත් පුතා ඒ ගැන හිත හිතා ඉන්නැතුව කතා කෙරුවෙ නිවිච්ච ගානටx ,අම්මා නං කියයිx පොඩි එකා මේක වටකර දුවනවා. ඔය යන වෙලාවක පෑගුණා, ඉවරයිනේ. අනික අපිත් ? තිස්සේ බයක් හැකක් නැතුව වතුර ටිකක්වත් ගන්ඩ යන්නෙ කොහොමද ? කොහෙ හරි ඉඳල පැනලා කාපුවාම තේරෙයි., අම්මට තිබ්බ තරහා හොඳටෝම වැඩි වුණා. ,කනවා පැනලාx ඔය නාගරාජයෝ අනික්කුන් වාගෙ නෙමෙයිත එහෙම මිනිස්සුන්ට කරදර කොරන් නෑ. ඌට කරදරයක් වුණොත් බේරුමට හැපුවොත් මිසක්කා. අපි කරදර නොකෙරුවොත් උන්ගෙන් අපිට කරදරයක් නෑ. මේ ඊයේ පෙරේදා වැට හරහා වැටිච්ච දර ලීයක් කියල හිතලා මං අල්ලන්ඩත් ගියා. ඒත් කොයි කෑවා ? ටිකක් පෙණේ පුප්ප පුප්ප ඉඳලා යන්ඩ ගියා පාඩුවේ. ඉතිං එහෙව් එකානෙ උඹ මැරුවෙ., එදා අම්මා තමන්නෙ හිතට හොරා කතා කෙරුව වුණත් දහස් වාරයක් හිතත්තෙක්ක පොරබැදුවා. තමන්නෙ පුතණ්ඩියා කරාපු අපරාදෙ ගැන එයා පසුතැවිලි වුණා. හිත පුපුරාගන නඟින කෝපයක් තමන්නෙ එකම පුතා වෙනුවෙන් හිස උස්සන ආකාරෙ අම්මා බලන් හිටියෙ භීතියෙන් වේවලන අත පය ඇතුව. අම්මට ගෙදර දොරේදී පුතා දකින කොට තමන්නෙ හිත වාව ගන්න බැරි වුණාx තරහව ඉහ මොළ පුච්චන්න ගත්තාx අම්මා වැඩිපුර අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* හොයාගෙන යන්ඩ ඇබ්බැහි වුණේ ඒ හින්දා. එයා ඒක හිතලා මතලා කරපු දෙයක් නෙමෙයි. ඒත් උල්ලංඝණය කරන්න බැරි තරමට, තීරණාත්මක විධියට ඒක සිද්ධ වුණා. එදා ඉඳන් පුතාගේ බැණුම් අම්මට මායිං වුණේ නෑ. අම්මා කනකටවත් නොගත්තා වාගෙම එව්වට පහර දෙන්ඩ වාගෙ අම්බලමට (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකට* ගිහිල්ලා ගම්මුන්ට ඉවරයක් නැතුව බැණ වදින්න ගත්තා. අතු පතු ගා නොතිබීම, බල්ලන් ලැග තිබීම, වහලේ පරාල අස්සේ ගසා තිබූ කොස්ස ඇද බිම දමා තිබීම වැනි වැරදිඔලට තමයි එයාගේ කට බැණ අඬ ගෑවේ. ඒ බැණ අඬගාන අතරේ එයා තමන්ගේ සැමියාගේ ඡුායාරූපය දිහා බලන් හිටියේ ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව. ඒ මූණෙ එකතු වෙලා තිබිච්ච ගම්භීර බව දකින අම්මට දැනුණේ තමන්ගේ ඇඟටත් ඒ ශක්තිය කාන්දු වෙනවා වාගෙ. තාත්තගේ දෙනෙතේ කකියන ශක්තිය අම්මගේ ඇස්ඔලටත් ගලාගෙන එන විධිය අම්මගේ ඇස් ඉස්සරහ මැවිල ගියේ වහලේ හිල් අස්සෙන් ගෙදෙට්ට වැටෙන ඉර පොල්ලක් වාගෙ රේඛා දෙකක් අඳින ගමන්. කොහෙන්දෝ හොයාගත්ත සීතලකින් නෑවෙන ඇහි බෝල කාන්තිමත්ව බබලන්ඩ ගත්තේ ඒ ශක්තිය දොගොඩ තලා යවමින්. අම්මගේ අතක් ඉස්සිලා ඒ පොටෝ එකේ බැඳීිල තිබිච්ච ¥විල්ල පිහලා දාන්ඩ වුණේ ළමිස්සියක්ගෙ වාගෙ තාලෙකට ඇඟිලි මාරු කර කර. තමන්නේ මනුස්සයගෙ මරණෙන් පස්සෙ දවල් ? නැතුව පොළොවත්තෙක්ක හැප්පිච්ච ඒ ඇඟිලි අරගෙන තිබ්බෙ දැලිම දැලි පාටක්. අල්ල පුරා පැළවෙලා තිබ්බ කරගැට අල්ලේ රේඛා ටිකත් මකලා දාලා. අව්වට - වැස්සට - හුළඟට එක එල්ලේ මූණ දුන්නු අම්මගේ මස් දිය වෙලා ගියපු මූණ උඩ රැුඳිලා තිබිච්චි ඇස් පෙන්නුවේ බිත්තියේ ගහපු ඇණේක එල්ලපු පන් මල්ලක් වාගේ අමාරුවෙන් එල්ලිලා ඉන්න වගක්. පියවි ඇහැට පේන්නෙ නැති මොකද්දෝ නූලක් වාගෙ දේකින් නාහෙට උඩින් එල්ලලා තිබිච්චි ඒ ඇස් දෙක එළියට පැනලා තිබ්බෙ ගෙම්බෙකුගේ ඇහි ගෙඩි දෙක වාගෙ. කළු පාට මූණෙ පිපිහළු වෙච්ච හම කොරපොතුවලින් අඩුවක් නැතුව වැහිලයි තිබ්බෙx කළු පාට නාගයෙග්ගේ ඇඟ පුරා විසිරිලා තිබිච්චි මල් මෝස්තරයක් වාගෙ කොරපොතු ගොඩ අම්මගේ ඇතුළු හම ආරස්සා කොරන්ඩම පෙනී හිටියා වාගෙ තමය් හිටියෙ. අත්තොලත්, කකුල්ඔලත් මතුවෙලා තිබිච්චි කොරල ගොඩ ඒ නාගයාගේ පිටමමයි අඩුවක් නැතුව පෙන්නුවේ. අද අම්මා මේ ආකාරෙට දෙස් දෙවොල් තිබ්බෙ මොකෙක් හරි අවලමෙක් අම්බලමේ හරි මැද්දටම වෙන්ඩ මළපහ කරලා තිබිච්චි හින්දා. ඒත් ඒ කෑගෑමට එදිරිව ගම්මුන්ගෙන් හූවක් එල්ල වෙන කොට අම්මට දැවුණා තමන්නේ ඇෙඟ් ලේ වතුර වෙලා යනවා වාගෙ. අම්මට කර කියා ගන්ඩ දෙයක් නැති වුණාx අම්මට තමන් ගැනම දුක හිතුණාx තමන්නෙ මනුස්සයා ඉන්න කාලෙ කිසි එකෙක් තමන් දිහාට ඇඟිල්ලවක්වත් උරුක් කොරල නෑ නේද කියලා අම්මට මතක් වුණාx ඇරත් මේ සද්ද දාන්නෙ අල්ලපු ගමේ බෙරවා හැත්තx වෙනදා අම්මට ‘මැණිකෙ’ කියලා කතා කෙරුව බෙරවා හැත්තx ,යකෝ මැරිච්ච මිනිහවත් මේකට අරක් ගත්ත නං කමක් නෑ. මේ අම්බලමට අරග්ගෙන ඉන්නෙ මේ ගෑනිනේ. මේ ගෑනිට යකෙක් වැහිලද කොහෙදෝ. මං හිතන්නෙ මැරිච්ච මිනිහා මේ ගෑනීට වැහිලා., තමන්ගේ තේජස තමන්ගෙ කකුල් දෙක ළඟම වැක්කෙරිලා යනවා අම්මා දැක්කා. වෙනදා ගම්මුන් මහා ආදරෙන් ‘නිළමේ’, කියල කතා කොරපු එයා අද .මිනිහා. වෙලා. මැණිකේ වෙච්චි තමන් .ගෑනි. වෙලා. ඒක අම්මට ඉවසන්න බැරි වුණා. තමන්ගෙ මනුස්සයා යකෙක් වෙලා ඉන්න බවක් අහපු කන් දෙක කපලා දාන්ඩ කියලා හිතුණා අම්මට. ඇරත් උන් කියන විΩධියට ඒක අම්බලමක්x තමන්ගේ මනුස්සයා වෙනුවෙන් හදාපු ඒක අම්බලමක් නෙමෙයිx පුතාගෙ වචනෙන් නං ඒක බස්හෝල්ටෙකක්x අම්බලමක් කිව්වොත් ඒක පුතාට කරන මදිපුංචිකමක්x එයාමයි කිව්වෙ ඒකට බස්හෝල්ටෙක කියන්ඩ කියලාx අම්මා තමන්නේ මනුස්සයාගෙන් වාගෙම පුතණ්ඩියාගෙනුත් දහස් වාරයක් සමාව යැද යැද තමයි ගෙට ගොඩ වැදුණේx ඇත්තටම අම්මා ගෙට ගොඩ වුණේ ආයෙ නං සම්මජ්ජාතියකට අම්බලම (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙක* පැත්තෙ පස් පාගන්නෑ කියලා හිතත්තෙක්ක ගිවිස්සවාගෙන. ඒත් තමන්ගෙම තාත්තත් මරා ගත්තු පුතා මේ විΩධියට කෑ ගහන කොට අම්මට හිතෙන්නෙම ආයෙත් වංගියක් අම්බලමට (පුතාගෙ වචනෙන් කියනව නං බස් හෝල්ට්ටෙකට* යන්ඩx අම්මට හිතුණා තමන්නෙ පුතාට අද මේ තරං ගින්නක් දුන්නු එවුන් ටික කම්මුතු කරලා දාන්ඩx ඇරත් තමන්නෙම බඩින් වදපු පුතා අද තමන්නෙම අම්මට විරුද්ධව අත ඉස්සුවාx ‘මේ ගෑනි මැරිලවත් යන්නෑ’ කිව්වාx අම්මට බය හිතුණා මේ හැතිකරේ එකතු වෙලා තමන්නෙ පුතාවත් තමන්ට නැති කරයි කියලාx ‘හ්අඃ ඕකුන්ට දෙන්නෑ මයෙ කොල්ලා රවට්ටගන්ඩ මං ජීවත් වෙලා ඉන්න තාක් කල්x හිටපං මයෙ කොල්ලට මේ විස පොවන උන්ට ගිහිල්ලා හොඳවයින් දෙකක් කියලා එන්ඩx’ අම්මා අවුල් වෙච්ච කොණ්ඩෙ පිටිපස්සට ගැට ගහගෙන නැගිට්ටාx කළුවර ගෙට එන්ඩ ඔන්න මෙන්න කියලා තිබ්බත් අම්මා කරුවලට ඉස්සරලා හන්දියට ගියාx

විසින් මෙසේ කියන ලදි

‘x x x x විසින් මෙසේ කියන ලදිx’ ,අනේ මං එහෙම ලෝභ මිනිහෙක් නෙමෙයි. ඇයි උඹලා මං ගැන ඔහොම හිතන්නෙ ? අය්යෝ ෟ මං දන්නෑ මමත්‍ව මමත්‍ව මත්‍ව ලෝබ නැහ්ත්‍ව ආත්‍ව ය්යෝ ෟ, ‘x x x x විසින් මෙසේ කියන ලදිx’ එහෙත් ඔවුනට ඒ කීවේ කව්දැයි කියා සිතා ගැනීමට හැකි වූයේ නැතx අමිලගේ කටින් එවැනි ශෝකාලාපයක් කෙදිනකවත් පිට විය නොහැකි බව ඔවුහු හොඳාකාරවම දැන සිටියෝයx එහෙත් ඒ වචන පිට වූයේ අමිලගේම තොල් අතරිනිx සියල්ලන්ම බලා සිටියේ තක්කු මුක්කු වීගෙනය. අමිලගේ කෑ ගෑම පැවති නිහඬ පරිසරය කීතු කීතු කරමින් බිත්ති මුළුවල හැපෙමින් වසා දමා තිබූ ජනෙල් පියන්වල විවර අතරින් එළියට වීසි වූයේ මිරිකෙමිනි. ඒ මිරිකීම වේදනාවක් වූ නිසාදෝ ඔහුගේ හඬ විලාපය හමාර කරමින් හැරදමා තිබූ පිටුපස දොර සොයා පියාඹන්නට වූයේ ඉකි බිඳුමක් ලෙසිනි. එහෙත් ඒ විලාපය නතර වෙමින් පෑදී ගිය ඉඩය වැසී ගියේ ඊටද වඩා ඛේදනීය වූ සිදුවීමකට ඉඩ සලසා දෙමිනි. මරාගෙන කෑමට මෙන් තමන් වට කොටගෙන කෑගාමින්, තර්ක ඇදබාමින්, තමන්ගේ චරිතය ඝාතනය කරමින් සිටි තම සගයන් තමන්ගෙන් පළමු වතාවට පිටව ගත් මෙවන් වචන ටිකක් හමුවේ රකින නිහැඬියාව ඉවසා ගත නුහුණු තැන ඔහු කළේ තමන්ගේ හිස බිත්තියේ හප්පා ගැනීමයx එක් විඩයක එය නතර කොට බලන ඔහුට තමන් ඉදිරියේ වූ බිත්තියෙහි පැන නැඟි ලේ පැල්ලම දැක උපන් සාහසිකත්වය නිසා තම කි‍්‍රයාව නතර කිරීමට සිතුණේ නැත. දඩස් ගා ඇසුණු ශබ්දයත් සමඟම ඉදිරියට පිනූ වසන්තගේ දෙඅත් එකකින් අමිලගේ පිටිකරෙන් අල්ලා ගන්නා විට අනෙක් අත කළේ ඔහුගේ නළල ඊළඟට බිත්තිය පිට එල්ල කළ පහර වේදනාවෙන් පිළිගැනීමය. අමිලගේ නළලෙන් ගලන ලේ පහර අතට දැනෙන විට වසන්තට ඇති වූයේ භීතියකිx මහත් වැර යොදා තමන් වෙතට හරවා ගත් අමිලගේ ලේ පන්නා ගත් නළල් තලය ඇස ගැසෙනවාත් එක්කම වසන්තගේ කටින් පිටවූයේ ”ෂ්ත්‍වගග ෂ්ත්‍වගගඅම්මෝ ! උඹට ඇත්තටම පිස්සු හැදිලද යකෝx” යන වාසගමයි. ඒ වචන ටික පිට වනවාත් එක්කම තමන් දෙසට හැරුණ අමිලගේ ලේ පුරවා ගත් දෙනෙත දුටු ඔහුගේ දෙනෙත් මෙන්ම වටේ සිටි කාගේත් දෙනෙත් දඩස් ගා බිමට බෑවී ගත්තේ ආචාර වෙඩි මුරයක් අවසානයේ තුවක්කු ටික එක්වැරම පහත හෙළන්නාක් වැනි අභිනයක් ගනිමිනි. ඇති වී ගිය ක්ලාන්ත ගතියත් සමඟ තවත් වරක් තමන් වටේ සිටියවුන් දෙස බැලූ අමිලට දැනුණේ කොහෙන්දෝ කඩාපාත් වූ අසරණ බල්ලෙකු මැදි කොටගෙන හතර පැත්තට හපා කා, තුවාල කොට හති අරිමින් බලා සිටින ගමේ බලූ රැුළ වන් මේ මිත‍්‍රයින් පැරදවීමට තවත් මොනවා හෝ වැමෑරිය යුතු බවය. ,තොපි මාව මරා ගනියව් යකුනේ. මරා ගනියව්. එතකොට තොපිට නින්ද යයි. ඇයි උඹලට මෙච්චර අවුරුදු ගාණක් එකට ඉඳලත් මම එහෙම ලෝභ මිනිහෙක් නෙවෙයි කියල තේරුන් ගන්ඩ බැරි වුණේ ? ඇයි දෙය්යනේ ? මං අහන්නෙ ඇයි ? ඇත්‍වත්‍ව යි ත්‍වගග යි ?, අමිලගේ මුවින් පිට වූ අවසන් වචන කිහිපය තැනින් තැනින් මළ කා ගිය කම්බියක් දිගේ යන විදුලියක් මෙන් පිටව ගියේ කැඩි කැඞීය. නිතර දෙවේලේ නහය මතට පවා උණන දහඩියද පැමිණ මේ වතාවේ ඔහුගේ දෙනෙතින් රූරා ආ කඳුළු එකතු කොටගෙන නළල මතින් නැඟ දෙකොපුල් හරහා ගලා යාමට ආ ලේ බිඳිති දිය කර හරින්නට වූයෙන් ඔහුගේ මුහුණ ආරුඪ කොටගෙන තිබුණේ වෙඩි කෑ තනියකුගේ මෙන් භයංකාර වූ ස්වභාවයකි. වළෙන් නැඟිට ගත් අවතාරයක් මෙන් තමා දෙස බලා සිටින විරූපී මුහුණ දුටු වසන්තගේ දෙඅත ග‍්‍රහණය ලිහිල් කරන අතරේ දෙපා මඳක් පිටුපසට ඇදී ගියේ කාටත් හොරෙන් මෙනි. මුළු ජීවිතයම විහිළුවක් කොට ගත්තාක් මෙන් හැම කරුණක්ම විහිළුවකින් යට ගසා හිනැහෙන ප‍්‍රබෝධගේ මුහුණ කවදාවත් නැති බැ?රුම් බවක් ආරූඪ කොටගෙන සිටිනු දුටු මංචනායකගේ දෙඇස් ආයෙත් වතාවක් ඉහළ ඉන්ද වී ගත්තේය. හැමදාමත් ප‍්‍රබෝධගේ සහකාරයා වන මංචනායකට, ඉවරයක් නැතිව කරන කෑගෑම නිසා කුංචනාද කියා නමක් පට බැඳ දුන් වසන්තටද ඒ රෝගය බෝවී ගියාක් මෙන් වූයෙන් වෙනදා මෙන් මේ අවස්ථාව සඳහා කළ යුතු වටිනා පිළියමක් සිහියට නඟා ගත නොහැකි විය. තමන්ගේ සිරුරේ මිටිභාවය ගැන නිතර නිතර තැවෙමින් සිටි ජගත්ගේ හිත ඇතුළේ නම් සිනාවක් පෙරළි කරන්නට වුවද ඒ බවක් පිටතට නොපෙන්වා සිටීමටය ඔහු ගෙවී ගිය හෑම තත්පරයකම පාහේ වග බලා ගත්තේx සුබ උදෑසනක් යන්න පවා මහා බැ?රුම් දෙයක් කොට සලකා උසුරුවන, එහෙයින් ‘ ඕල්වේස් සීරියස්’ ලෙස නමක් පටබැඳගෙන සිටි අසංක සිටියේ තමා ජීවිතයේ අත්විඳි බැ?රුම්ම අත්දැකීම තමන් ඉදිරියේ මේ දැන් දිගහැරෙන බවක් අදහාගත නොහැකි වූ කලෙක මෙනි. පරිසරයේ මෙන්ම හදවතේ රැුඳී තිබූ බර හෑල්ලූ කොට ගැනීමට මෙන් සුසුමක්ද පිට කරමින් පිටුපස දොර අස්සෙන් එබී සිටින කෑලි කැපිය හැකි තරම් ගණ වූ අන්ධකාරයේ සිටගෙන සිටි වැහි වලාකුළු වැනි පයිනස් ගස්වලට ඉහළින් විඩෙන් විඬේ දිස්න නඟන ලයිට් කණුව වෙත බැලූ වසන්තට තවත් කල්පනා කිරීමට ඉඩක් ලැබුණේ නැත. තමන් ඉදිරියේ කපා හළ ගහක් මෙන් වැටී ගිය අමිලගේ සිරුර අල්ලා ගැනීමට කියා ඔහුගේ සිරුර දණි පණි ගා නැඟිට ගන්නා විට අනෙකුන්ගේ අත් ඉස්සර වී රෝගියාට තොටිල්ලක් සාදා තිබුණේය. ,මේත්‍වග සීරියස් ඉක්මනට වෑන් එකක් කතා කරගෙන වරෙන්x දැන්මමx හරි x x x කෝ x x x අමිලව ඇඳට ගනිල්ලාx මේ x x x අර ඒඞ් බොක්ස් එකට ගිහිල්ල පටි ටිකකුයි, කතුරයි ඇන්න එන්න. කෝ ජගත් ඉතිං පලයන්කො තවත් තෙපර බබා ඉන්නැතුවx පලයන් ත්‍වග, කඩිගුලකට අළු ටිකක් දැමූ කලෙක මෙන් සියලූ දෙනාම දඩි බිඩියේ එහා මෙහා වන්නට වූයෙන් කාමරයේ ඇඳී ගියේ ජංගමශීලී චිත‍්‍රයකිx ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ ,හ්ම්ත්‍ව හ්ම්ත්‍ව දැන් ඉතිං කට්ටිය නිදියෑවනං නේ හොඳ ? හෙට උදෙන්ම ඇන්ටිටවත් කියල සුප් එකක්වත් හදාගෙන යන්ඩත්තෝනැ අමිලයව බලන්න. ආය වැඩට යන්ඩත් එපැයි ඊට පස්සේ. කොහෙද අපේ බොසාගෙන් හදිස්සියකට නිවාඩුවක් කියලා ගන්ඩැයිx ඒත් මට නිවාඩුවක් කොහොම හරි ගන්ඩ ඕනැ හෙට දිහාටවත්x, වසන්තගේ හඬ නැඟුණේ යට වී ගිය අනෙකුන්ගේ ගාලගෝට්ටිය මතටය. ඔහුගේ කට කියූ දෙය ඔහුද ගණන් ගත් බවක් නොපෙනුණේ ඔහුගේ සිරුරද වාඩි වී සිටි තැනම සිට ඈණවිල්ලක් හැරීමක් මිස නැඟිට ගැනීමක් සිද්ධ නොකළ හෙයිනි. කෙසේ වෙතත් වසන්තගේ අවවාදයෙන් බිමට හැර වූ මුහුණු නැවත වතාවක් උඩට එසවීමට ජගත්ගේ කටහඬ සමත් වූයෙන් වසන්ත විසින් වපුළ සුළු නිහැ`ඩියාවද බිඳී ගියේය. ,එහෙනං ඉතිං මටත් උඹලා කිණ්ඩිය දැම්මේ. ‘දෙය්යන්නාන්සෙ කිව්වත් උඹ අය උස යන්නෙ නෑx ඒ ගැන නොහිතා හිටපන්’ කියලාx මම මිටියි කියලවත් නිකමා කියලවත් එහෙම හිත හිත ඉන් නෑ. ඒත් ඉතිං උඹලා ඔප්පු කෙරුවෙ මං එහෙම හිතනවාමයි කියලා මාව නැතිකෙරුවෙ එදා., ජගත්ගේ වචන ටික නුපුරුදු බො`ගයක්ද සමඟ පිට වී යන විට වසන්තගේ තොල්පට මතට ගොඩ වූයේ සිනහවකි. ජගත් අවස්ථාව බලා තමන් පොර වීමට හදන බවකි වසන්තට හැඟුණේx එහෙත් අවස්ථාව ගැන සිතා ඒ සිනහවට වැඩිදුර ව්‍යාප්ත වන්නට ඉඩ නොදීමට වග බලා ගත් ඔහු සිනාව එළියට පිට කොට දැමුවේ කැස්සක් ලෙසිනි. ”ඒ වුණාට මට නං මං කියපුවා ගැන සිරාවටම අප්සට්. මං කිව්වෙව්වා තමා අමිලයට ගොඩක් වැදුණේ. අර කඬේ කේස් එක තමා සීරියස්ම.” මංචනායකගේ කටහෙ`ඩහිද මුහුණෙහිද ඇත්තේ පසුතැවිලිභාවයේ අවංක සටහන්යx ,න් x x x ආ මං අහන්නමයි හිටියෙ; ඇත්තටම මොකද්ද බං ඒ ජිහාස් කඬේ කේස් එක. මං ඒ වෙලාවෙ අහන්ඩත් හදලා ආය නිකා හිටියා., මංචනායකගේ කතාව හමාර වීමටත් පෙර කඩා පැන්නේ ජගත්ය. ,අය්යෝ උඹ හිටියෙ නැද්ද ? ඌමනේ එදා සෙට් එකම ඉන්න තැන කිව්වෙ ඕක. නැත්තං අපි කොහොම දැන ගන්නද ?, මංචනායක පටන් ගත් කතාව හමාර වූයේ ප‍්‍රබෝධ අතිනි. ,ඒකම තමයි පුදුමෙ. ඌමනෙ ඌ කොරපුවා අපිට කිව්වේ පොර වාගෙ. ඇරත් මං නං හිතුවෙ ඌට කවමදාකවත් අපි කියන එව්ව වදින එකක් නෑ කියල. ඕන්න මංචයට හරි සීරියස්ට හරි වගේ නං මොනා හරි ටිකක් වැඩියෙන් කිව්වොත් අප්සට් යනවා. ඒත් මේ යකාට කවමදාකවත් ඔව්ව ඇෙඟ් පතේ වැදිල නෑනෙ., ජගත්ට තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ සෙයකි. ,ඉතිං ඇති බං ඔය පල්හෑල්ල. දැන් කියාපල්ලකෝ මොකද්ද ජිහාස් කඬේ කේස් එක කියලා., කතාවක් ලූණු-මිරිස්-තුනපහ ගාණට දමා රස කර කීමේ හැකියාව ඇත්තේ වසන්තටය. එනිසා මේ වතාවේද ඒ කර්තව්‍යය අනාරාධිතවම පැවරුණේ ඔහුටය. ,යකෝ මේ ගනේවත්තෙ ජිහාස් කඬේ තියෙන්නෙ. ආන්න ඒකට මූ ගිහින් තියනවා ෂර්ට්ටෙකක් ගන්න. ඉතිං බලන කොට හොඳ ෂර්ට් ගිනි ගණන්ලූ. ඇයි උඹත් දැක්කෙ මූ අර ඊයේ ඇන්ද හැඩ ෂර්ට්ටෙක. ඒත් මම ඇහැව්වෙ යකෝ පුදුමයි මූ අත පය දිගෑරලා වියදන් කරලා තියෙනවා ෂර්ට්ටෙකක් ගන්න කියලා. ඉතිං ඒකෙ බිල ගහලා තිබ්බේ රුපියල් එක්දාස් දෙසීයක් කියලලූx මූ මොකද කරලා තියෙන්නේ දන්නවද ?” වසන්තගේ කුඩා නිහඬ බව පවා ජගත්ට උසුලා ගත නොහැකි සෙයකිx ”දන්නෑනෙx දන්නව නං උඹෙන් මෙහෙම අහනවැයිx” ජගත් දෙසට සිනාවක් පා අනෙකුත් සගයන් දෙසට ඇසක් ගැසූ වසන්ත නැවතත් කතාව පටන් ගත්තේයx ”ඉතිං ඔය එක්දාස් ගාණේ ෂර්ට්ටෙක මූට ගන්නමයිලූ හිතx එයිට මෙහා පැත්තේ තිබිලා තියෙනවා තුන්සිය පනහේ, හාරසීයේ වගේ ගණන්ඔල ෂර්ට් ගොඩක්x මූ අර හොඳ ෂර්ට්ටෙකේ තිබ්බ එක්දාස් දෙසීයේ බිල ගලවලා තුන්සිය පනහෙ ෂර්ට්ටෙකේ ගහලා ඒකෙ තිබ්බ බිල ගලවලා එක්දාස් ගානෙ එකේ ගහලා තුන්සිය පනහට එක්දාස් ගානේ ෂර්ට්ටෙක අරන් ආවලූ., ”න් x x නෑ. ඒ කියන්නේ, එක්දාස් දෙසීයේ ෂර්ට්ටෙක මූ ගෙනාවා රුපියල් තුන්සිය පණහකට. මූ නං තියන්න වටින්නෑx මාර පොරක්නෙ මූx අදහන්ඩ වටින මිනිහෙක්නේ, හැබෑටමx අම්මෝ ! මං නං මූ යන පාරකවත් යන්නෑ මීට පස්සෙx ඇයි වදේ මේ අහිංසක අපිත් කොටුවෙයි ඔය මගඩියකට කොහෙදි හරි.” ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ වසන්ත කාමරයට ඇතුළු වන විට කාමරයේ පැවතියේ එකම ගාලගෝට්ටියකි. කම්මලේ බල්ලාට හෙණගැහැව්වත් ගානක් නෑ.යි කීවා සේ බී‍්‍රෆ් කේසය තම මේසය මත තබා ඔහුද කතාවට වාඩි වූයේ සුපුරුදු ගාලගෝට්ටිය ගැන පුදුම නොවෙමිනි. හැඳ සිටි අත් දිග කමිසයෙහි මැණික්කටුව ළඟින් පියවූ බොත්තන් දෙක ගලවා අනතුරුව කොලර් බොත්තම් සොයා ගිය ඔහුගේ ඇඟිලි කමිසය ගැලවීමේ නිරත වී සිටින අතරේ හිඳ ගත් පුටුව චිරි චිරි හඬක් නඟන්නට වූයේය. හිඳ සිටි තැනම සිට කමිසය ඇඳ මතට වීසි කළ ඔහු පුටුව මඳක් පිටුපසට ඔසවා සතර පා පුටුව පිටුපස කකුල් දෙකින් පමණක් සිටුවාගෙන පිටුපස බලා දෑත දිගු කළේ විදුලි පංකාව ක‍්‍රියාත්මක කරවීමටය. ජගත්ගේ අතපෑමෙන් වැටෙන්නට ගිය පුටුව වැලකී ගිය පසු ඔහු කම්මැලි නොබලා සිය සිරුර නැඟිටුවාගෙන ගොස් විදුලි පංකාව ක‍්‍රියාත්මක කළේය. ”අනේ යකෝ ෟ තෝ වාගේ කුම්මැහියෙක් මං නං ජීවිතේට දැකලා නෑ. හොඳයි ඒ වැඬේ හොඳයි කියලද හිතන්නේ ? උඹ මංචනායකයගේ සපත්තු දෙක දාගෙන ගියා පන්සලට ?” ”ඔව්, ඊට පස්සේ මං බුදුන් වැඳලා එනකොට ඒ දෙක උස්සලා. ඉතිං මං එතන තිබ්බ වෙනින් දෙකක් දාගෙන ආවා. ඉතිං ඒ දෙක කොහොමද මංචයගෙ වෙන්නේ ? ඒ දෙක මගෙ. ඒ මංචනායකගේ දෙක නෙමෙයි. උගේ දෙක වෙන එකෙක් දාගෙන ගිහිං. උඹලට කී පාරක් නං ඕක කියන්ඩ කියලද ?” සියලූ දෙනාගෙන්ම පිටව ගිය .බක බක. සිනාව නිසා අමිලගේ මුහුණ රත් පෑ ගත්තේ තැන් තැන්වල ලේ පෑ ගැටිති නංවමිනි. කව්රුන් විසින් හෝ අල්ලාගෙන දිගට හරහට පත බෑ කලෙක මෙන් මුහුණෙහි ඇතිව ගිය තුවාල වැනි වූ ඒ ගැටිති පහළට එල්ලා වැටෙන්නට වූයේ නිකටින් ඇද මුළු මුහුණම පහතට ඇද දැමූ කලෙක මෙනි. වසන්තට කෙදිනකවත් අමිලගේ මුහුණෙහි දැක ගන්නට නොහැකි වූ මෙම වෙනස ගැන පළමුව ඇති වූයේ පුදුමයකි. ඔහු ඒ මුහුණෙහි මස් වැදලි නටමින් ගන්නා අමුතු වෙනස දෙස බලා සිටියේ අනෙක්වුන් තව තවත් ඔහුව බයිට් කරන අතරතුරේය. වසන්ත ඉතා සමීප වී ඒ දෙස බලා සිටියේ අමිල යනු කෙදිනකවත් මෙවන් අවලාද ගණන් ගන්නා ජාතියේ පුද්ගලයකු නොවන බව ඉර හඳ මෙන් දන්නා හෙයිනි. ඔහු කෙදිනකවත් මෙම විහිළු තහළු ගණන් ගන්නෙකුවත් ඒ නිසා තම ප‍්‍රතිපත්ති වෙනස් කර ගැනීමට උත්සුක වන්නෙකුවත් නොවේ. එල්ලේ බලා සිටි වසන්තට දඩස් ගා ගැස්සී එක තැන නතර වන වාහනයක් මෙන් අමිලගේ සිරුර නතර වන සෙයක් ඇස ගැසිණx හදිසියේම ප‍්‍රාණය නිරුද්ධව ලේ සිඳී ගියාක් මෙන් ශෛලමය ප‍්‍රතිමාවක ස්වරූපය ගත් එය එන්න එන්නම පෙන්වූයේ දැඩි ගතියකිx ඒත් එක්කම සිද්ධ වූ දෙය දුටු වසන්තට අමිලට සිද්ධ වූවාක් මෙන්ම තමන්ගේ සිරුරද ගැස්සී නතරව යන සෙයක් දැනිණx සිය සගයාගේ ඇෙඟන්ම මතුවී ගත් කළු හැඳගත් ඔහු වැනිම රූපයක් දුවගෙන ගොස් දොරෙන් පිටව යනු ඔහුට පෙනිණx ඒ දසුනින් ත‍්‍රස්තව ගිය නිසා ඒ දිව ගියේ කව්දැයි කියා වසන්තට සිතා ගැනීමට හැකි වූයේ නැතx කෙසේ වෙතත් ඒ මිනිසා වැළකීමට කියා වසන්තගේ අතක් ඉදිරියට ගියේ ඔහුගෙන් අවසර නොපතායx එසේ ඉදිරියට ගිය අත අනෙක් සගයින්ගෙන් මුවා කොට ගැනීමට වසන්තට හැකි වූයේ නැතx ”මොකද බං උඹ හදිස්සියේ නැටුං අඩියක්අත් පාගන්න හදනවද ?” තටු පුරුක් ගසා දමා ප‍්‍රකෘති ලෝකයට ආ වසන්තට තමන් දුටුවේ සිහිනයක්දැයි කියාවත් සිතා ගත නොහැකි වියx එහෙත් ඊළඟ මොහොතේ අමිලගේ මුවින් පිට වූ කවමදාකවත් පිට වෙතියි කියා කිසිවෙකුත් නොසිතූ වදන් ටික ඇසෙන විට ඒ සිහිනයක්ම නොවිය හැකියි කියා කේලම් කියන තම සිත හා එකඟ නොවී සිටීමට නොහැකි වියx ”අනේ මං එහෙම ලෝභ මිනිහෙක් නෙමෙයිx ඇයි උඹලා මං ගැන ඔහොම හිතන්නෙ ? අය්යෝ ෟ මං දන්නෑ මමත්‍ව මමත්‍ව මත්‍ව ලෝබ නැහ්ත්‍ව ආත්‍ව ය්යෝ ෟ” ඒ ටික පිට කළේ අමිලගේම කට වුවත් වසන්තගේ සිතෙහි සටහන් වූයේ කර්තෘ සඳහන් නොවන තිත් ටිකක් සහිත වූ ‘ x x x විසින් මෙසේ කියන ලදි’ යන වාසගමයිx ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ මොකක්දෝ පූර්ව ජන්මයක පුරුද්දක් නිසාදෝ අමිල සෑම පෝයකම නොවරදවා පන්සලට යයි. පෝය දිනයේ කොතෙක් රාජකාරී කටයුතු තිබුණද බෝඩිම ඉදිරියේ ඇති අරලිය ගසට ගොඩ වී සිලි මල්ලක් පුරවාගෙන බිමට බසින ඔහු ඒවා බුදුපුදට ගෙන යනුයේ හොඳින් පැන් ඉස මහත් වූ භක්ත්‍යාදරයෙන් එක මලක්වත් බිම වැටීමට ඉඩ නොදෙමිනි. පර මල් ඇත්තේ නම් වහ වහා ඉවත් කරන ඔහුගේ ඇඟිලි මල් වට්ටිය වටේ ලතාවකට දුවමින් පැන් ඉසිනුයේ මල් පෝච්චියක වතුර මලකින් ළුෑණු පාත්තියකට වතුර ඉසින්නාක් මෙනි. .හැබැයි බැරි වෙලාවත් මිනිහ නෙමෙයි සල්ලිවලට හඳුන් කූරක් පොල්තෙල් ටිකක් ඇර ගත්තේx මල් ටික නිකන් ලැබෙනවනේx ඉතිං ඇන්න ගියා පූජා කෙරුවාx පහන් වැට ළඟ ඉතුරු වෙච්ච තෙල් බෝතලයක් හරි, පහනක් හරි තිබ්බොත් ඒ හරියෙන්ම හොයා ගන්න තිරයක් දාලා වෙන පහන් දැල්ලකින් පත්තු කරනවා. හැබැයි එකක් නං කවමදාකවත් පත්තු කරන්නෙ නෑ. පහන් හතරක් තියනවා මූණෙන් මූණ බලාගෙන තිර එකට පූට්ටු වෙන්න ඇවිලෙන්න. මොකද අහපුවාම කියන්නෙ එයාගේ බිරිඳටයි අනාගතේ හම්බුවෙන දුවටයි, පුතාටයි සමඟියෙන් ඉන්න ඇහැකි වෙන්නලූ එහෙම කරන්නේ.’ අමිල යනු දුප්පතෙකු නොවේ. බෝඩිම් කාමරයේ සිටින සගයින් අතරින් යමක් කමක් ඇති එකම පුද්ගලයා ලෙස නිර්භයව නම් කළ හැක්කේ ඔහුයි. තාත්තා විශ‍්‍රාමික විදුහල්පති කෙනෙකු වූ අතර අය්යා අදටත් සේවයේ නියුතු නාවික සෙබළෙකි. ඔහුට අඩු පාඩුවක් තිබුණේ නැතx එහෙයින්මය අපේ සගයින්ගෙන් නිතරම ඔහුට ඇනුම්පද එල්ල වූයේ. ”උඹ යකෝ මොකද ඔච්චර කුම්මැහි ? උඹට කොච්චර නං සල්ලි තියනව කියලද ?” ”තියෙනවා ඉටිගෙඩියx මට නෙමෙයිනේ බං සල්ලි තියෙන්නෙ. අපේ ගෙදර අයටනේ සල්ලි තියෙන්නේx මං කැමති නෑ ඒ අයගෙන් සත පහක්වත් ගන්න. මං ඉගෙන ගන්න කාලෙවත් ගත්තෙ නෑ.” ”හ්අ ඃ අනේ යකෝ. ඉගෙන ගන්න කාලෙ උගන්නන්න, දරුවන් වෙනුවෙන් වියදන් කරන්න තමයි තාත්තලා හම්බ කරන්නේ. වෙන මොකටද ? එහෙම නැහ්නං ඒ මිනිස්සුන්ට දරුවො නොහද ඉන්න තිබ්බනේx” ”එහෙම කියලා හරියන් නෑ. අම්මලා අපි හැදුවට අපි දැනගන්ඩෝනැ අපි ගැන බලා ගන්නx ඇරත් උඹලට වැඩක් නෑනේ මගෙ කුම්මැහිකමෙන්x හොඳයි ඒකෙන් උඹලට කරදරයක් වෙලා තියෙනවද මේ වෙනකල් ?” අමිලගේ ප‍්‍රශ්නය සෑම දෙනෙකුම මෙන් ගොලූ කොට දැමුවේයx එහෙත් ඒ බවක් නොපෙන්වූ ජගත් කතාව භාර ගත්තේ ස්වේච්ඡුාවෙන්මයx ”අපිට නං කරදරයක් වෙලා නෑ. ඒත් උඹේම අනාගතේට තමා කරදර. උඹේ ළමයි කෑම බීම නැතුව මැරිලා යයි උඹේ ලෝභකම හින්දාx මට දුක අන්න ඒක ගැනx උඹත්තෙක්ක ගෑනියෙක් ඉඳියිද බං ? එකාතකිං එහෙමත් කියන්න බෑx මොකද දැන් ඔය අවුරුදු ගාණක් තිස්සෙ එකියක් මූට ලව් කරන්නේx ඒකිටත්තැත්තෙ මේකගෙ වාගෙම ගතිගුණ තමාx ගෑනිත් එහෙමම නොවුණ නං මේ අවුරුදු, දහයක් විතර උඹ වාගේ එකෙක් එක්ක ලව් කරය්යැ.” ”මේ උඹලට එව්වායෙන් වැඩක් නෑ හොඳද ? මගෙ ගෑනිගෙ, ළමයින්ගෙ අනාගතේ ගැන මං බලා ගන්නංx මට උඹලගෙන් කියල මේං මෙච්චරක උදව්වක් ඕනෙ නෑ” අමිලගේ ඇඟිලි දෙකක් එක උඩ ගොස් ඇඟිලි තුඩුවක කෙළවරම තැන පෙන්වමින් කළ කතාව කාගේත් මුහුණුවලට ගොඩ කළේ සුපුරුදු සිනාවමයx තර්ක විතර්ක කුමක් වුවද ඔහුගේ ප‍්‍රකාශනය නම් කොහෙත්ම බොරු කළ නොහැකි බව වසන්ත දනී. ඔහුගේ ලෝභකම මේ වන තෙක් කාමරයේ කිසිවෙකුටත් කරදරයක් ලෙස දැනුණේ නැත. කිසිවෙකුටත් පාඩුවක් කළේ නැත. කාමරයේ නතර වී සිටියවුන්ගෙන් අමිල ගැන හොඳටම දන්නේ වසන්තය. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පටන් ඔවුන් දෙදෙනා සිටියේ එකම නේවාසිකාගාරයේ එකම කාමරයේය. අමිල විශ්වවිද්‍යාලයේ සිට නිවාඩුවකට හෝ සති අන්තයක හෝ ගෙදර ගිය විට නේවාසිකාගාරයට නැවත එන්නේ හිස් අතින් නොවේ. බත් එකක්, කෙසෙල් ඇවරියක් හෝ අළුවා - වැලිතලප ටිකක් ඔහුගේ ගමන් මල්ලේ අනිවාර්යයෙන්ම වෙයි. යම් හෙයකින් එවැන්නක් නොගෙනා දවසක් වොතොත් අඩුතරමේ බිස්කට් පැකට් එකක්වත් ගෙන ඒමට අමතක කරන්නේ ඔහු නොවේ. එහෙත් එය ගෙන එන ආකාරයේ ඇත්තේ අමුත්තකි. පළමුව .අද නං මොකවත් ගෙනාවෙ නෑ. යි කියමින් කාමරයට එන ඔහු කාමරයේ සිටින පිරිස ගණන් තබාගෙන ගොස් ආපන ශාලාවෙන් විස්කෝතු පැකට් එකක් ගෙන එනුයේ දෙවන පියවර වශයෙනි. .කාමරයේ ඉන්නේ මං විතරක් නං මන්චි ලෙමන් පෆ් පොඩි පැකට් එකක්; තව දෙතුන් දෙනෙක් හිටියොත් ඒක ලෙමන් පෆ් ලොකු එකක් වෙනවාx. එක් වතාවක් සති අග දිනෙක ගෙදරට ගිය ඔහු බෝඩිමට එන විට හොඳටම ? බෝ වී තිබිණx ඔහු අද එන්නේ නැතැයි කියා කව්රුත් අවසානයේ තීරණය කොටගෙන ඇඳට ගියද ඊට පැය භාගයකට පමණ පසු ඔහු පැමිණියේයx ඒ ආවේ බත්් පාර්සලයක්ද රැුගෙනය. ”අය්යෝ උඹ බත්තෙක්කුත් අරන් ඇවිල්ලා. එක්කෝ කියන්නෝනෑ කල්තියා. දැන් අපි ඔක්කෝම බෝඩිමෙ ඇන්ටිගේ ජරාවෙන් බඩ පුරවාගෙන ඉවරනේ.” ”ඇයි මං මිස් කෝල් කරේ, වසන්තගේ ෆෝන් එකට.” ජගත්ගේ අවලාදයට ලැබුණ පිළිතුර හමුවේ කව්රුත් පාහේ සුපුරුදු පරිදි බක බක ගා සිනාසීමට පටන් ගත්තෝය. කවදත් වැඩිපුර සිනාසෙන මංචනායකගේ දෙනෙතින් කඳුළු එළියට පැන තිබුණද ඔහු තවමත් යටි බඩ අල්ලාගෙන සිනාසෙයි. ඒ සියලූ සිනා හඬ සමථයකට පත්වන තෙක් බලා සිටි ජගත් නැවතත් සිය හැකර කට අවධි කළේ අඟිල්ලක්ද උරුක් කොටගෙන අමිලගේද සිනාසෙන මුහුණට එබී බලමිනි. තමන්ගේ එවන් වැඩ ගැන අනෙක් උන් සිනාසෙන විට ඔරවාගෙන ඉවත බලා සිටීම අමිලගේ සිරිත නොවේ. ඔහුද ඊට එක්ව අඩුවක් නැතිව සිනාසෙනුයේ පිරුණු වතුර කළයක් බිම පෙරළුෑ කලෙක මෙන් බුකු බුකු හඬක් පිට කරමිනි. බුකු බුකු ගා එළියට වීසි වන වතුරත් සමඟ නටන කළගෙඩිය මෙන් ඔහුගේ මුහුණ සිනාවත් සමඟ දඟළනුයේ නාස් පුඩු දෙක ඉවරයක් නැතිව නටවමිනි. ”හෝ x x x හෝ x x x x x ඔහෙප්පලයන්, එතකොට උඹ බත්තෙකක් ගේනවා කියන්න තමා මිස් කෝල් ගැහැව්වේ නේද ? හරි මට කියාපන් උඹ වෙන මොනාහරි ගේනවා නං මොකද කරන්නේ කියලා ?, ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ අමිලගේ මේසය දෙසට ගිය වසන්තගේ ඇස් සිය මිත‍්‍රයාගේ දිනපොත සොයා දුන්නේ එය පෙරළන ලෙසට දෑතට ආරාධනා කරමිනි. අනුන්ගේ දිනපොත් බැලීම වරදක් බව හඟිතත් මේ මොහොතේ ඔහුට එය නතර කිරීමට සිත් දුන්නේ නැත. දින පොත දිග හරිනවාත් සමඟ මල් වැස්සක් වැටෙන්නාක් මෙන් පොතේ ග‍්‍රහණයෙන් මිදී ගිය මුද්දර ගොන්න ඇතැමෙකු රූපයද, ඇතැමෙකු අරූපයද ගෙන බිම වැතිර තමා දෙස බලා සිටිනු දුටු වසන්තගේ දෙතොලට ගොඩ වූයේ සිනාවකි. කිසිවෙකුත් කාමරයේ නොවූ නිසා තමාගේ සිනාව පුපුරා යාමට ඉඩ දුන් ඔහු හෙමින් සීරුවේ මුද්දර එකින් එක ගෙන ලියුම් කවරවල ඇළ වූ බවට ඇති සාක්‍ෂි විමසා ඒවායේ අනෙක් පිට හරවා බැලූවේ මුද්‍රා වැදී ඇත්තේ කොහෙන්දැයි සොයා බැලීමටය. එකක දෙකක හැරුණු විට අනෙක් කිසිවක මුද්‍රා තැබූ තැපැල් ස්ථානය සොයා ගැනීමට ඔහුට නොහැකි විය. ”යකෝ මේක හරි මඟුලක්නේ. අපිට හැමදාම ලියුන් එන්නේ මුද්දර නැතුව. මොකද මේ මුද්දරඔලට වෙන්නේ ? මොකෙක් හරි පොඩි එකෙක් ඉන්නවද විනෝදෙට මුද්දර එකතු කරන ? අනුමානයක් නෑ මේකත් මේ කුණාගෙම වැඩක් තමයිx” ”ඔව් මං තමයි ගැලෙව්වෙ. ඉතිං මොකද ? උඹලට මොළයක් නැති වුණාට, මං මගෙ ජීවිතේට කවම කවදාවත් මුද්දරයක් සල්ලිවලට අරන් ලියුන් දාලා නෑ. ඔව්වා හොයන්ඩ බෑ. කෝ කවදාවත් අහුවෙලා තියේද මං දාපු ලියුමක් ? උඹලා නිකන් තැපැල් දෙපාර්තමේන්තුව පෝසත් කරනවා.” අමිල කතාව හමාර කළේ සියලූ දෙනාම උසස් පෙළ මතකය කරා ආපසු ගෙන යමිනි. උසස් පෙළට නියමිතව තිබූ ගුණදාස අමරසේකරගේ කෙටිකතාවේ ආ තරුණයෙක් තම මෑණියන් ලියුම් කඩදාසියක් එවන ලෙස කියූ තැන ඉසිර වූ වදන්වැල ඒ දිනවල කව්රුත් පාහේ මැතිරූයේ මහත් ආශාවෙනි. මුද්දර ටික අහුලාගෙන මේසය මත තැබූ වසන්ත දිනපොත පෙරළමින් බැලූවේ තමන් නොදන්නා තවත් මොනවා හෝ එහි සැඟවී ඇත්දැයි දැන ගැනීමට සිතාගෙනය. ඔහුට වැඩි යමක් සොයා ගත හැකි වූයේ නැත. එහි තිබුණේ එදිනෙදා වියදම් සටහන් කිරීම් වැනි දෑ පමණකි. ‘උදේ කෑමට රු. 20 යි දවල් කෑමට රු. 40 යි ? කෑමට රු. 35 යි එකතුව රු. 95 යි. හෙට දිනයේ කෙසේ හෝ රු.80 න් පිරිමසා ගත යුතු නිසා අද බැංකු පොතෙන් ගත යුත්තේ රු. 80 ක් පමණි. අනිද්දා ගෙදර යන නිසා බස් ගාස්තුව රු. 40 ක් වන හෙයින් හෙට හවසට බැංකු පොතෙන් රු. 120රැු- ක් ගත යුතුය. අදම එය ගත හොත් වියදම් වීමට ඉඩ ඇති නිසා හෙට දිනයේම ගැනීම සුදුසුය.’ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ දින පොත අතේ තියා ගත් වසන්තගේ සිත ක‍්‍රමයෙන් ඇදී ගියේ තමන් විසින්ම ඇඳ ගත් ? තිස්සේ පරණ දෙකේ කාසි එකතු කරන අමිලගේ රූපය වෙතටය. දින පොත වසා මේසය මත තැබූ ඔහු මුද්දර ටිකද ඒ මැදට දමා පොත් කොට සාලය දෙසට ගියේ සුපුරුදු සිනාවම එල්ලා ගනිමිනි. ”මොකටද උඹ ඔය හිඟන්නෙක් වාගේ දෙකේ කාසි එකතු කරන්නේ ? ඇරත් පරණ දෙකේ කාසි. ඒ පාර මොකද්ද උඹේ දහං ගැටේ ?” ”එතන ඇති දහං ගැටයක් නෑx දම්මිට කෝල් කරන්න කාසි හෙව්වා; එච්චරයි. එස්එල්ටී බොක්ස් එකට ? නමයෙන් පස්සේ දෙකේ කාසිවලින් රුපියල් දහයක් දැම්මොත් විනාඩි හතලිහක් කතා කරතෑකිx” ”ඉතිං යකෝ ! කොහෙන් කියලා හොයන්නද එස්එල්ටී එකක් ?” ”ඇයි ටවුන් එකේ තියෙන්නේ.” ”මගේ දෙය්යනේ ! උඹ ඔය මහ ? ඔය රුපියලක දෙකක ලාබෙ ඉතුරු කර ගන්ඩ පයින් යනවා ඔය කිලෝමීටර පහක් විතර ?” ”ඒක ඒ හැටි දෙයක්යෑ. මේ බොක්ස්වලින් ගත්තොත්, රුපියල් දෙකට විනාඩි දෙකයි. ඉතිං අපරාදෙනේ බං.” ”ඒක මං දන්නෑx කොහොම උණත් උඹ ඔය ? තිස්සේ හක්කලන් කරන්ඩ ගිහිං මුරකාරයාගෙන් වෙඩිල්ලක් කනවා සිකුරුයි. මං දන්නේ එච්චරයි. ඒක නෙමෙයි මට කියපන් බලන්න උඹලා හැමදාම, විනාඩි හතලිහක් මොනාද ඔය ගෑනිත්තෙක්ක කතා කරන්නේ කියලා.” ”හ්අ: අනේ යකෝ කතා කරන්නඩද දේවල් නැත්තේ. කොහෙද ඉන්නෙකක්යැ ඉස්තිර ගෑනියක් කියලාx අපි හෙට අනිද්දා බඳින්ඩෝනැ. මං මේ හිතුවේ නුවර දිහායින් ඉඩමක් අරන් පදිංචි වෙන්ඩ. එතකොට පුතා කිංස්වුඞ් දැම්මැහැකි. දුව හයිස්කූල් දැම්මහැකි. ඉතිං කොච්චර දේවල් තියේද කතා කරන්නx” ”කිරිඅප්පච්චියේ යකෝ ෟ මේ අවුරුදු විසි පහක් වෙලා මුගෙ තියන ප්ලෑන් බලාපල්ලකෝ. එතකොට උඹ උඹේ අම්මා - තාත්තාට බලන්නෑ ?” ”මොනා බලන්ඩද ? ඔය යස අගේට ඉන්නේ. ඒ ඉන්නවා වගේම ඉඳියි. ඇරත් අය්යා ඉන්නේ එයාලා බලාගන්ඩ. මං එයාලගෙන් සත පහක්වත් අරන් නෑනෙx ඉතිං මං මොකටද එයාල බලන්නේ ?” ”න්ආ එතකොට උඹ ගෙදරින් සල්ලි නොගන්නෙත් ඔය ප්ලෑන් හිතේ තියානx හනේ ඇත්තට මෙහෙමත් දරුවෝ ? ඕක උඹේ වැරැුද්ද නෙමෙයි මචං, ඕක උඹලයෙ අම්මලාගේ වැරැුද්දx ඒ දෙමව්පියෝ උඹව හදපු විධියේ වැරැුද්ද.” ජගත්ගේ වැඬේ වනුයේ උදේ සිට ? වන තුරු අමිලගේ ඇෙඟ් එල්ලීමය. තමන්ගේ දුර්වලතා ජගත්ගේ මිමිවලට හසුව කීතු කීතු වී යමින් තමන්ව හම ගැසුවද අමිලගේ සුපුරුදු නිවුණු ස්වරයේ වෙනසක් නොවේ. එසේම තමන් සිනාවට ලක් වූවායි කියා කිසිම දෙයක් සැඟවීමට ඔහු කෙදිනකවත් උත්සාහ කළේ නැත. අමිලගේ කටින් පිට වන තමන් කළ කී දේහී පාපෝච්චාරණ අසන්නට අසන්නට ජගත්ට ආයුද සැපයෙයි. ඔහු ඒවා හිතූ හිතූ අතේ ගසා අමිලව බිම දැමීමට උත්සාහ දරයි. ”උඹ හරියන්නෙ බං වේදිකා නාට්ටියකටx වේදිකා නාට්ටිවල තමා ‘මං දැන් යන්ඩෝනෑ නාගන්ඩ. මං කාලා ඇවිල්ලා පොතක් බලන්ඩෝනෑ. මං අද ටවුමට ගියා’ කිය කියා තමන්නෙ කාලසටහන කියවන්නේ. උඹත් හරියට ඒ වාගෙ තමයි.” ජගත් මෙවර කෑ ගානුයේ අමිලගේ අනාගත සැලසුම් ප‍්‍රකාශන ගැන ඇසීමෙනි. තමන් දැන් කරන්නේ කුමක්ද ? එය කළ පසු තව විනාඩියකින් කරන්නට යන්නේ කුමක්ද ? කියා අනෙකුන්ට ඇසෙන සේ මිමිනීම අමිලගේ පුරුද්දකි. එනිසාම අමිල ගැන කව්රුන් හෝ ඇසූ විට ඔහු ‘අහවල් දේට ගියා’ කියා නිවැරදිව තොරතුරු සැපයීමට අපට හැකි අතර ඔහුගේ වැඩ අප කාටත් හොරයක් වූයේද නැතx වසන්තගේ දෙනෙත් අක්කර ගණනක් ඈතට ඇදෙන පොල් වනාන්තරයේ කෙළවර සෙවීමට මාන බැලූවේය. ඈතින් සිටගෙන සිටින සුදු හුණු ගෑ කම්බි කට්ටා ඔහුගේ ඇස ගැසුණේ මීදුමක් අතරින් පෙනෙන්නාක් මෙනි. වැටී ඇති පොල් අත්තකට කොටා ඔළුව කෑල්ල ඉවත් කොට අසලින් වූ පොල් ඔළු ගොඩට දැමූ මහතුවා භූමටොල්ල ඉරා හණස්ස ගන්නා විට එයින් මතු වූ පත්තෑයෙක් දණි පණි හා වියළි පොළවේ සැඟවීමට තතනන අයුරු ඔහුට පෙනුණේ ඉර එළියේ වැල්ලේ වන සිහින් ලේ පාරක් සිහි ගන්වමිනි. පත්තෑයන් වැනි සතුනට මහතුවාගෙන් සමාවක් නොලැබෙන බව දන්නා වසන්ත ඔහුගේ අතෙහි වූ හණස්සෙන් තැළෙන පත්තෑයා දැකීමට අකමැත්තෙන් වත්තේ අනෙක් පැත්තට ඇස් දුන්නේය. පොල් ගෙඩියක් කිහිල්ලේ ගසාගෙන තමන් මඟ හැර යාමට තතනන සෝමාවතී ඔහුගේ ඇස ගැසුණේ එවිටය. තමන් කළ හොරය හසු වූ බව දුටු ඇය ලජ්ජාවෙන් රතුව ගිය මුහුණ බිමට හරවාගෙන එතැනින් මෑත් වූයේ චීත්ත පොට අතින් සාදන ගමන් වසන්ත දෙසට එක් කලවයක් නිරාවරණය කොට පෙන්වමිනි. කාගෙත්සුන්දරී ලෙස බෝඩිමේ කොල්ලන් අතර ප‍්‍රචලිත සෝමාවතීගේ කලවය වසන්තට අමුත්තක් නොවතුදු ඔහුට මේ ඒ සඳහා වෙලාව නොවේ. ඔහුගේ සිත තෝන්තු වී ඇත්තේ තම මිත‍්‍රයා ගැන සිතමිනි. මේ මොහොතේ බෝඩිමේ කිසිවෙකුත් නැති බව දන්නා සෝමාවතී හොරගල් ඇහුළුවද තමන් වැඩටද නොගොස් නතර වූයේ එවැන්නක් සඳහා නොවන බව ඔහුගේ යටි සිත ගතු කියන්නට ගත්තේය. .ජගතාවත් හිටිය නං සෝමට පාළු කපන්න යයි.. වසන්ත ආපසු හැරී කාමරයට වැදුණේ තමාගේ ඔද්දල් සිතට ජීවය දීමට සිතුවාක් මෙනි. ඔහුට සෝමාගේ අඟර දඟර දැක තම මෞණ වෘතය බිඳී යාදෝයි සියුම් බියක් ඇතිව ගියේ යටි සිතටද හොරා මෙනි. ‘හ්ආ : උඹ මොකද අද බය ? උඹ එදා හිනාවුණා නේද අමිලයට සෝමාට බය වුණා කියලා.’ ඊළඟ මොහොතේ වසන්තගේ යටි සිත නැඟූ ප‍්‍රශ්නය හමුවේ ඔහු නිරුත්තර වී ගියේය. සෝමා පස්ස පැත්ත නටව නටවා තමන් පසු පස්සේ ආ බව හතිලමින් ගෙට ගොඩ වූ අමිල කී අයුරු සිහි වන විට ඔහුගේ දොතොලට ගොඩ වන සුපුරුදු සිනාව අද ආවේ නැත. ”මොකද බං උඹ ඒ ගෑනිට බය ?” ”බය වෙන් නැතුවx අනේ ෟ අනේ මන්දා ෟ අපෙ දම්මිට ආරංචි වුණොත් එහෙම මේ විකාර වැඩ මන්දන්නෑ මොනවයින් මොනවා වෙයිද කියල.” අමිල එදා දෙකංශයෙන් ගලන දහඩිය පිස දමමින් කීවේ පුටුවේ ඈඳි ගනිමිනි. දවස පුරා කොට ඇද විඩාවට පත්වූවකු මෙන් හති හලමින් පුටුවේ දිගෑදුණු ඔහුගේ නාසය මත වූ දහඩිය බිඳිති දෙස බලාගත් වසන්නට සිනා නොවී සිටීමට හැකි වූයේ නැත. එදා අමිල මෙන් අද තමන්ද බය වී ඇති සෙයක් ඔහුට හැඟී ගියේ තම ඇඟ පුරා මතු වන දහඩිය බිඳිති ඇතුළු කය පුරා කැසිල්ලක් ඇති කරන විටය. විදුලි පංකාව ක‍්‍රියාත්මක කොට ඇඳට වූ ඔහු පොතක් අතට ගත්තද එය කියැවීමට තරම් හිතේ සහනයක් තිබුණේ නැත. ඔහුගේ සිතිවිලි දාමය කොතෙක් දැඟළුවත් ඔහුව ගෙන ගොස් අතහරිනුයේ අමිල සමඟ ගෙවී ගිය අතීතයටමය. ඊයේ සන්ධ්‍යාවේ සිට ඔහුට තමන් තුළ ඇති වී ඇති මේ විපර්යාසය ගැන ඇති වනුයේ පුදුමයකි. ඔහුට තමන් දුටු, දොරින් පිට වී ගිය අමිලගේ මනෝකාය වැනි සිරුර තම ශරීර කූඩුවට රිංගා ඇත්තේදැයි කියා සිතෙන විට ඇති වනුයේ තැති ගැන්මකි. උදේ සිට හිසට ගොඩ වී ඇති බර ගතිය ඔහුගේ සිරුර අප‍්‍රාණික කොට ඇත්තේ ඔසවාගෙන සිටීමටද නොහැකි පරිදිය. තමන්ට තම සිත පාලනය කොට ගත නොහැකි තරමට එය මෙසේ මීට පෙර අයාලේ ගිය බවක් වසන්තට සිහි කට නොහැකිය. තමන් ගැනම තරහවක් ඇති කරමින් සිත කරන මේ විකාරය තමන් පිට පටවා ඇති වගකීම ඔහුට තේරුම් ගත නොහැකිය. විශ්වවිද්‍යාලයේ සිටින විට නේවාසිකාගාරය වටේ ඇති ගස් වැල්වල වූ අඹ, ජම්බු, ඇඹුල් පේර ආදී ගෙඩි වර්ග අමිලගේ අතින් කැඞී නිඳා ගන්නා ඇඳ යටට කෙටෙන අයුරු මතක් වන විට වසන්තට දැනුණේ උදාසීන ගතියකි. ගෙදර සිට විශ්වවිද්‍යාලයට එන විට මෙන්ම විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යන විට අත පද්ද පද්දා නොයෑම පුරුද්දක් කොට ගත් ඔහු උපකාරයට ගනුයේ තමන්ම නෙළා ගත් එවන් පලතුරු වර්ගයි. ගැහැනු නේවාසිකාරගාරයට ගොස් සිය පෙම්වතිය බලන ඔහු ඇගේ යෙහෙලියන්ට නෑ බෑ නොකියා එවන් පලතුරු වර්ගවලින් සංග‍්‍රහ සත්කාර කරයි. දිනපතා පුවත්පත් සහ ගැසට් නිවේදන බලන ඔහු ඉල්ලූම්පත් නොදමන්නේ යැයි කියන කිසිදු රැුකියාවකට ඉඩ නොතබයි. එහෙයින්ම යහළුවකුගේ ගෙදරකට යාම සඳහාවත් සම්මුඛ පරීක්‍ෂණයක් හෝ තරඟ විභාගයක් හෝ නැති දිනයක් ඔහුගේ කාලසටහනේ සති අගදීවත් සොයා ගත හැකි වූයේ නැත. හෙට අනිද්දා උපාධිධරයෙකු වීමට නියමිතව සිටියද ග‍්‍රාමසේවක විභාගයට පවා ඔහුගේ ඉල්ලූම්පත‍්‍රය යොමු වෙයි. එවන් අවස්ථාවල රූමලාගෙන් නැඟුණ විරෝධතා ඔහුට මායිම් වූයේ නැත. ”අනේ යකෝ ෟ උඹ නං මොන ජාතියේ මිනිහෙද්ද දන්නෑ. ඔය චාන්සස් අනිත්තෙවුන්ට දීපන් යකෝ. උඹ දැන් ඔය ජී. එස්. විභාගෙ පාස් වුණයි කියමු හොඳයි. උඹ ඕකට යනවද මං අහන්නේ ? නෑනේ. ඉතිං යකෝ ඇයි ඔය බොරු වැඩ ? ඒ චාන්ස්සෙක ඔය ඒලෙවල් කරලා ගංඔල රස්සා නැතිව දුක් විඳින එක්කුට දීලා පැත්තකට වෙනිංකෝ. හැමදාම උඹට විභාගx නැති දවසක් නෑx ඇයි උඹ රටේම තියන රස්සා කරන්නනේ යන්නේx” ”එහෙම කියලා හරියන් නෑ මචංx මං උඹලා තරං මෝඩ නෑx මොකක් හරි කමක් නෑ, ඉසස්රල හම්බු වෙන ජොබ්බෙකකට යනවාx ඉතිං මං තියන තියන එව්වට දානවා. උඹලත්තොය ඉරිසියාවෙ පුපුර පුපුරා ඉන් නැතුව දාපල්ලා ඔව්වට ඉල්ලූම්පත‍්‍රයක්x” ”අනේ මයෙ කටx දානවා තියෙන තියෙන එව්වටx හ්අඃ උඹට කොහෙන්ද බං එච්චර කොන්දක් ?” ජගත් තමන් පිට කළ දෙපිට කැපෙන වචනයේ රස තමන් විසින්ම මර මර සිනාවකට ඉඩ දුන්නේයx ඒ සිනහවට අනෙකුන්ගෙන් ලද ප‍්‍රතිචාරය මඳ වූ නිසා ඔහු නැවතත් පරණ කතාවට ආවේයx ”අනේ බං ඔච්චර සල්ලිකාරයෙක් වෙච්ච උඹට තියෙන තරං රැුකියා මේනියාවක් අපිට නෑ. උඹ ඔහොම නං අපි කොහොම ද`ගලන්න එපාද ? මේ කෙහෙල්මල් විශ්වවිද්‍යාල දාලා දුවන්ඩා්නෑ අපි හවහම. පැත්තවත් බලන් නැතුවx අරහෙ ගෙදර මිනිස්සු කන්න බොන්න නැතුව නොමැරී මැරෙනවාx” ජගත්ගේ ගැඹුරු කල්පනාව දැඩි නිහැ`ඩියාවකට පාර කැපුවේයx එහෙත් ඒ ඔස්සේ වැඩි දුරක් යාමට ඉඩ නොදුන් ඔහු හදිසියේම වෙනත් මාතෘකාවකට බැස්සේයx ”දැන් බලාපන් මේ මේසෙ උඩ තියෙන පොත් කැටිය. උඹ නිකමට පෙරළලා බැලූවද මේ එකක් ? පෙරළුවත් උඹට මේ ඉංග‍්‍රිසි කියවන්න පුළුවන් කියලද ? ඉතිං එහෙනං මොන මළදානෙකටද මෙව්වා තියාන ඉන්නේ ? බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කිව්වලූ. උඹ සෙමෙස්ටර් එක පටන් ගන්නත් ඉස්සෙල්ලා පොත් ටික අරගන්නවා. සෙමෙස්ටර් එක ඉවර වෙලා තමයි රිටර්න් කරන්නේ. අවුලක් නෑ, කවුන්ටරේ ඉන්න අක්කලත් හෝදාගෙන ඉන්න හින්දා දඩ නෑනෙ. අනේ යකෝ ෟ තොපි වාගෙ එවුන්ටනේ හරියන්නේ ? අනිත්තෙක තොපි වාගෙ එවුන්නේ සමාජවාදෙ කතා කොරන්නේ ? යුනිටි එක ගැන කතා කොරන්නේ ? ෂිඃ මට නං ලැජ්ජයිx” ජගත් කොච්චර කෑ ගෑවද අමිල ළඟ ඒ හැම එකක්ම සාධාරණීකරණය කළ හැකි මට්ටමේ පිළිතුරු වෙයි. ඒ හැම පිළිතුරක් ඉදිරියේම ජගත්ට සිද්ධ වනුයේ පරාජය භාරගෙන අවසානයේ ගොළු වත රැුකීමටයි. විදුලිය ඇණ හිටීම නිසා හාත්පස සිසිල් කරමින් තිබූ විදුලි පංකාව සිය වේගය ක‍්‍රමයෙන් අඩු කරන්නට වූයේ කෙඳිරිගාමිනි. ඒ වෙතට එක් වී ගිය ඔහුගේ දෙනෙත බිම බලා ගත්තේ තමන් තුළද කැරකිල්ලක් ඇති වන සෙයක් වසන්තට දැනුණ හෙයිනි. කෑ ගාන විදුලි පංකාවේ හඬ වසන්තගේ සිතට නඟා දුන්නේ එක් වරක් අමිල මුහුණ දුන් ඇබැද්දියක මතක සටහන්ය. තමන් නිදා ගන්නා මොහොත වන විට අමිලට වට පිට ඇති කාමරවල විදුලි බල්බ කරදරයක් සේ දැනෙයි. සාලය දිගේ, මිදුලේ බිත්ති අයිනේ දමා ඇති විදුලි බල්බ නිවා පැමිණෙන ඔහු නින්ද යන තෙක් කරනුයේ කාමරවල ලයිට් දමාගෙන සිටිනවුන්ට ශාප කිරීමයx එහෙත් ඔහුට ඊට වැඩි කරදරය වූයේ යට තට්ටුවේ කාමරයකින් ? තිස්සෑයක් පුරා ඇහෙන විදුලි පංකාවක් කැරකෙන හඬයි. පළමු රැුයේ හෝ දෙකේ ඒ ගැන කන්කෙඳිරි ගගා නිදාගත්තද ක‍්‍රමයෙන් ඒ හඬ ඔහුට දරා ගත හැකි වූයේම නැත. ඉන් පසු ඔහු දින චර්යාව කරගෙන සිටියේ ඒ කාමරයේ වූවන් නින්දට ගිය පසු හෙමින් සීරුවේ ගොස් කාමරයේ දොර හැර විදුලි පංකාව ක‍්‍රියා විරහිත කොට පැමිණ කිසිත් නොදන්නකු සේ ඉහින් කනින් පොරවාගෙන නිදානැනීමය. අපේ කාමරයට රහසක් නොවූ මෙය ඔහුට වැඩි දවසක් කිරීමට නොහැකි වූයේ සිව්වැනි දිනයේ පමණ තම කාමරයේ පාවෙන කළු සෙවණැල්ල දැක දොරපොල්ල ගත් එකෙකු .මෙන්න හොරෙක්. කියා බෙරිහන් දෙමින් පිට හරහා පහරක් පතබෑ හෙයිනි. ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ”අමිලය වෙනස් වෙලා බංx දැන් ඉස්සර හිටිය අමිලය නෙමෙයිx සම්පූර්ණයෙන්ම වෙනස්x” වසන්ත කීවේ සිය මිත‍්‍රයින්ගේ මුහුණු දෙස නොබලායx ඔහුගේ දෙනෙත් රැුඳී තිබුණේ සුදු වැලි අතුළ පාර දෙපැත්තේ සිටගෙන සිටින ක්‍රෝටන් ගස් මතයx ඒ දසුනින් කුල්මත් වූ සිත ඔහුට කියමින් සිටියේ ලෙඩුන්ගේ මානසික සහනය සඳහා කියාපු පරිසරය මෙම ආරෝග්‍යශාලාව අඩුවක් නැතිව තනා දී ඇති බවකිx ”අනේ නිකං දොඩවන්නැතුව හිටපන් බංx අමිලය තමා වෙනස් වෙන මිනිහාx ඕකා වෙනස් කොරන්ඩ නං ඉතිං කෝවක දාලා මකන්න වෙයිx” ජගත්ගේ වෙනස් නොවන මේ මතයන් ගැන වසන්තට ඇති වූයේ කෝපයකිx තමන් කොයිම දෙයක්වත් කටට ආ පලියට නොකියන බව ඔවුන්ට තේරුම් කොට දෙන්නේ කෙසේදැයි වසන්තට ඇති වූයේ විමතියකිx ඒත් එක්කම තමන් ඉකුත් දිනෙක දුටු අමිලගේ සිරුරින් ගැළවී ගිය කළු ඇඳ ගත් පුද්ගලයා වසන්ත ඉදිරියේ මැවී සිට ගන්නට වූයේ ශාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට මෙනිx ”නෑ බංx ඌව වහගෙන මෙතුවක් කාලයක් හිටිය අමනුස්සයා දැන් ඌ ළඟ නෑx උගෙන් ගැළවිලා ගිහිංx” වසන්තට පෙරදිනයේ තමන් අමිලගේ ඇඳ ළඟට යන විට සිය සගයා ඉතාමත් අසරණ ලෙස සේලයින් බෝතලය දෙස බලාගෙන සිටි ආකාරය මතක් වෙයිx වසන්ත දුටු සැණින් අමිල කළේ ඔහුගේ අතේ එල්ලීමයx ”න්හා ! න්හා ! දඟළන්න එපා ඔය සේලයින් කටු එහා මෙහා වෙයිx” ”අනේ බං මට නං ඇති වෙලාx දවස තිස්සේ මේ සේලයින් බෝතලේ ඇටෙන් ඇටේ වැටෙන කල් බලා ඉන්නෝනැx ඒ ඉඳලත් ඒක ඉවර වුණාම ඉවරයි කියලැයැx ඒක ඉවර වෙන කොට තවත් එකක් ගෙනැල්ලා එල්ලනවාx මේක ගලවලා එක උගුරට වක්කරගන්ඩ දුන්න නං මේ කරදරයක් නෑනේx” වසන්තට ඒ මොහොතේ නැඟුණ සිනාව දැනුත් නැෙඟයිx එහෙත් ඒ සිනහව මංචනායකගේ වචන විසින් නැවතත් බොඳ කර හරියිx ”උඹට විකාරx ඌට අර එදා එකපාට්ටම පිස්සු හැදිලා ඔළුව බිත්තියේ ගහගන ගහගන ගියේ ආන්න ඒ වාගෙ උඹෙත් ඔළුව නරක් වෙලා මට පේන විධියටx” එදා පාපෝච්චාරණයක හෝ විලාපයක යෙදෙමින් ඔළුව බිත්තියේ හප්පා ගත් තැනැත්තා අමිල බව වසන්ත මේ වන විට හොඳින්ම අවබෝධ කොටගෙන සිටියේයx එතෙක් හිස්තැනක් සහිතව තිබූ වාසගම ඔහු කිසිදු සැකයක් නැතිව ‘අමිල විසින් මෙසේ කියන ලදි’ කියා සම්පූර්ණ කරගෙන සිටියේයx එහෙත් සාධාරණ හේතු තර්ක මධ්‍යයේ තමන් පැමිණි එම නිගමනය පිලිගැනීමට යහළුවන් කැමති නොවන තැන ඔහුට ඇති වූයේ කෝපයකිx වසන්තගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ එහෙයිනිx ”තොපිට කිව්වට තේරෙන්නෑx තේරුං ගන්න ශක්තියක් නෑx කියන දේ අහපල්ලා යකුනේx ඌ ඊයේ මාත්තෙක්ක මෙහෙම කිව්වාx ‘මේ ලෝකෙ හරිම පාළුයි බංx ඇඟට හරිම මහන්සියිx දරා ගන්න බැරි තරමට මේ ලෝකෙ පාළුයිx මට දැයෙනවා මං තනිවෙලා කියලාx මට දැන් තමා තේරෙන්නෙ සල්ලි මිල මුදල් කොච්චර තිබ්බත් හිතේ සතුටයි වටින්නෙ කියනෙකx’ කියලාx” ”න්නෑහ්x ඉතිං උඹ මොනාද කිව්වේ ?” ජගත්ගේ කියමනෙහි තිබූ උපහාස ගතිය නිසා වචනවලින් පිටවීමට ඉඩ නුදුන්නද වසන්ත ඊයේ දිනයේ ඒ මොහොතේ තමන් කියූ වචන ටික සිත යටින් ගළපා ගන්නට වූයේ සීරුවටයx ” ඕන්න නියම උඹ කතා කරනවාx උඹ මෙච්චර කල් උඹවම වහගෙනයි හිටියේx උඹ විසින්ම මවපු බොරු ආකෘතියක උඹම හිරවෙලයි හිටියෙx දැනුයි උඹ නිදහස් වෙලා තියෙන්නේx දැනුයි නියම අමිල කතා කරන්නේx” ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ”මොකද මස්සිනා කල්පනා සාගරයේ කිමිදිලා ? නැගිටපන් දැන්වත්x සැප වින්දා මදැයිx දැන් උඹට හොඳයිx ඔය මූණ එහෙමත් වෙනදා වාගෙම පණ ගහලා තියෙන්නේx” වසන්ත අමිලගේ පිටට අත ගසා කියන විට ජගත්ද ඔහුට උදව්වට යමක් කීවේයx ”ඔව්, වොව්x ඔය ඉන්නෙ මනමාල කුරුල්ලා වාගෙx දොස්තර මහත්තයත් කිව්වෙ අද ටිකට් කැපුවෑකි කියලාx” අමිලගේ දෙනෙත් පී‍්‍රතිය පිට කරන්නට වූයේ ඇවිලෙන බල්බයක මෙන් වූ දීප්තියක් පිට කරමිනිx දෙනෙත්හි වූ සියුම් තෙතමනයක් බල්බය වටා ඇති මිරිඟුව සටහන් කළේයx ඒ දෙනෙතේ රජයන සතුට දකින කාටත් ඔහු අද සිනාසෙනුයේ දෙතොලින් නොව දෙනෙතින්ය යන නිගමනයට නොබැස සිටීමට නොහැකි වෙයිx ”න්ආ එහෙමද ? ඇති යාන්තං ටිකට් කැපුවනංx අනේ මං මේ බැලූවෙ මං එදා නටපු පිස්සුවක් කියලාx දැන් බලාපල්ලා ඒකෙන් දවස් කීයක පඩි කැපෙනවද ? මගෙ අනාගත ප්ලෑන් එක හරියටම දවස් දහයකින් ආපස්සට දාන්න වෙනවාx දවසෙ වියදම මං හොයා ගත්තෙ කවුන්ටරේ ඉතුරු වෙන මාරු කාසිඔලින්x මේ දවස් ටිකේ එව්වා කව්රු ගත්තද දන්නෑx මං ?” වසන්තගේ දෙනෙත් පළමුව එසවුණේ අමිලගේ ස්ථිර දැඩි ගතිය පෙන්වන මුහුණටයx ඊළඟට මාරුවෙන් මාරුවට සිය අනෙකුත් සගයින්ගේ ඔක්කල්ලාවට සිනාසෙන මුහුණු බැලූ ඒ දෙනෙත් අවසානයේ බිම බලා ගත්තේයx ඒ අතරේ එදා දොරින් පිටව ගිය කළු හැඳ ගත් පුද්ගලයා ඔහු හමුවේ සිට ගත්තේයx ඒ පුද්ගලයාගේ රුව හරියටම ඇඳගෙන නැවතත් එසැවුණ දෙනෙත් තමන් ඉදිරියේ ලෙඩ ඇඳේ වාඩි වී සිටිනුයේ ඒ පැන ගිය පුද්ගලයාම බව ප‍්‍රත්‍යක්ෂ කොට ගත්තේයx ඒ නිසාම ඔහුගේ සිත අමුතු පැනයක් නැඟුවේයx ඒ ‘ඒ කතා කළේ කව්ද ?’ යන්නයx ඒ සමඟ ඔහුගේ ඇතුළු හද පිළිතුරක් දුන්නේයx ”x x x විසින් මෙසේ කියන ලදිx” ඒ ඇතුළු හද විසින් දුන් පිළිතුර නිසා පැලපදියම්වීමට ගිය අභූත නිහඬ බව බිඳීමට මෙන් වසන්ත දෙවැනි ප‍්‍රශ්නයක් නැඟුවේයx ”උඹ බලන්න දැන් කව්රු හරි ආවද ? මං අහන්නේ මේ x x x කව්රු හරි කළු ඇඳගත්ත කෙනෙක් ?” අමිලගේ පුදුමව ගිය දෙනෙත් වසන්ත දෙස බලා සිටියේ ඉලක්කය වෙනස් නොකොටයx එහෙත් ඒ පුදුම දෙනෙත දැක පුදුම නොවූ වසන්ත නැවතත් ඒ ප‍්‍රශ්නය අසන්නට වූයේයx ”මං අහන්නෙ මේ x x x කළු ඇඳගත්ත කෙනෙක් හෙම ආවද ?” ලෙඩා දෙසත් වසන්ත දෙසත් මාරුවෛන් මාරුවට බලා ඇඳ ළඟට ගිය මංචනායක වචන ගැට ගැසුවේ අමිලගේ ඇඟට අත ගසා ඔහුව ඇඳෙන් ඉවත් කිරීමට සැරසෙන ඉරියව්වක් ගෙන සපා ගත් සිනාවකින් යුතුවයx ”කෝ කෝ, අමිල උඹ දැන් නැඟිටපන්x දැන් උඹට හොඳයිx මේ වසන්තයට ඉඩ දීපන් දැන්x මට පේන විධියට ඌට ලෙඬේ උඹටත් වඩා දරුණුයිx”

නවාතැන

නවාතැන රංගන පේ‍්‍රමනාත් සුපුරුදු පරිදි බෝ ගහ ළඟින් බසයෙන් බැස්සේයx එහෙත් තවමත් ඔහුගේ හිසෙහි බමණ ගතිය පහව ගොස් නැත. ඊයේ වුවමනාවට වඩා පානය කිරීම ගැන ඔහුට ඇති වූයේ තරහකි. ඒ වැඩි හරිය තවත් උගුරට එනුයේ ඔක්කල්ලාවට මෙනි. ටිකක් ප‍්‍රමාද වී ඇහැරුණ නිසා දේශනයට යාම ප‍්‍රමාද වූයෙන් ඔහුගේ ගමන වෙනදාට වඩා කඩිසර විය යුතුය. එහෙත් ඔහුගේ දෙපා පමණකි කඩිසරව ඇත්තේx කොතෙක් ගියද සිරුර එතැනමය. අමාරුවෙන් කරගෙන ගිය හදිසි ගමන අතරමඟ ඇන හිටියේ බෝ ගහ හන්දියේ ඊයේ නොවූ සුදු කොඩි වැල් පේළියක් අද වන විට පැන නැගී ඇති බව දැකීමෙනි. මඟුල් ගෙදරක් සරසන්නාක් මෙන් ඉතා අලංකාර ලෙස කැටයම් කැපූ කොඩිවැල් ටික හදිසියේම පැන නැංගේ කා වෙනුවෙන්දැයි යන්නට ප‍්‍රථම ඔහුට සිතුණේ මෙතරම් ඉක්මණට, මෙතරම් අලංකාරවත්ව පැන නැගුණේ කෙසේද යන ප‍්‍රශ්නයයි. දින ගණනක් තිස්සේ ලෑස්ති කොටගෙන සිටි කලෙක මෙන් අලංකාරව එල්ලා ඇති කොඩි වැල්ද සුළෙඟ් නටනුයේ ශෝචනීය බවක් ප‍්‍රසූත කිරීමට සිතා නොව සන්තුෂ්ටිය ජාත කිරීම පරම අධිෂ්ඨානය කොට ගත්තාක් මෙනි. සුදු කොඩිවැල් අතරේ ඊට ඉහළින්ම පිහිටන සේ ගල් කැට දෙකක් එල්ලා ඇද දමා ඇති සුදු රෙද්දේ ලියා ඇති .පේරාදෙණියේ ත‍්‍රීවිල් සංගමයේ බලවත් ශෝකය. යන වාසගම ඔහු කියවූයේ ‘ත‍්‍රීවිල් කොල්ලන්ගේ ශෝකය අර අහවල් දේකටද ?’ යන පැනය යටි සිත විසින් නඟද්දීමය. විශ්වවිද්‍යාලයට යාම ඉක්මන් වුවද ඔහු නතර වී ඒ ගැන සොයා බැලීමට සිතුවේ මොකක් නමුත් අඩුවක්, අමුත්තක් පරිසරයේ සිද්ධ වී ඇති බවක් හැඟුණ නිසාය. වෙනදා තමන් බසයෙන් බසින විටම මෙන් තමන් ළඟට ත‍්‍රීවිලරය ගෙනැවිත් නතර කරන බන්දුල අද තවමත් පැමිණියේ නැත. විශේෂයෙන් අද තමන් ප‍්‍රමාද වී ඇති බව බන්දුල දැන ගනුයේ තමාටද පෙර බව ඔහු දනී. බන්දුල ඔහුගේ හෝරා මාපකය තරමටම ඒ කර්තව්‍යය හා සමීප වී ඇත. එහෙත් අද ඔහු ආවේ නැතx එතැන වූයේ හිස් බවකි. .සමහර විට බන්දුලගෙ තාත්තවත් අන්තරා වුණාද දන්නෑ. ලෙඩ ගානෙ ඉන්නවයි කියලනේ මට කිව්වේ. පව් හොඳ කොල්ලා. බයක් හැකක් නැතුව කිව්වැහැකි, අවංක හදවතක් තියෙන කොල්ලා.’ සිත නැඟූ හේතු සාධකයක් පෙරටු කොටගෙන ඔහු ත‍්‍රීවිල් නැවතුම දෙසට පා එසවීය. ඔහුගේ රුව එන දෙස බලා ත‍්‍රීවිල් කොල්ලන් දෙතුන් දෙනෙකු හරි බරි ගැසුණේ තමන් අනෙක් හැමෝටම වඩා උපරිම සේවය සුඛෝපභෝගීව සපයන බව ප‍්‍රකාශ කිරීමට මෙනි. එහෙත් ඔහු ළං වන්නට ළං වන්නට ඒ කව්දැයි හඳුනා ගත් කොලූ වටය තමන්ගේ දඬු මොණරවලින් එළියට බසින්නට වැඩි වේලා ගත්තේ නැත. ”කෝ බන්දුල ? මොකෝ මේ සුදු කොඩි එල්ලලා ?” ”සර් බන්දුල x x x x ” එක්වැරම පිළිතුරු දීමට තැතනූ රියදුරන් දෙදෙනෙක් මුහුණින් මුහුණ බලා ගත්තෝ කතාව නතර කරමිනි. දෙදෙනාගේම කට හඬ ඇන හිට බලා සිටියේ අනෙකාට අවස්ථාව දීමටය. එහෙත් නැවත කතා නොකරන තරමට දෙදෙනාම නිහඬ වූ තැන වෙනත් එකෙකුය නැවත කතාව පටන් ගත්තේ. එහෙත් ඒත් එක්කම පරණ එකෙක්ගේ කටද අවධි වූයෙන් නැවතත් ඇතිව ගත්තේ විරාමයකි. දෙවැනි එකාගේ කට පළමු එකාටම ජයග‍්‍රහණය හිමි කොට දී පසෙකට වූයේ මුහුණ නඟා ගත් නුරුස්නාවක්ද සමඟිනි. ”සර් බන්දුල ඊයේ ? එල්ලිලා මැරිලාx මේ x x x ?” ”මොනවා !” පේ‍්‍රමනාත්ගේ කටින් පිට වූ වචනයේ දෝංකාරය බෝ ගසෙහිද තී‍්‍ර රෝද රථවලද හැපී එකතැනම කැරකෙන්නට විය. රියදුරා විසින් දෙනු ලැබූ ආරංචිය උඩ යට පෙරළමින් ඔහු නැවත නැවතත් තමා ළඟ තබා ප‍්‍රශ්න කරන්නට වූයේ ඒ දෝංකාරය අතරේමයx එය සිදු විය හැක්කක්දැයි යන්න තහවුරු කොට ගැනීමට ඔහුගේ සිත හේතු සාධක සොයන්නට ගත්තේය. අවසානයේ පිටව ගිය සුසුමකුත් සමඟින් සැබවින්ම එය සිදුවිය හැක්කක් බව ඔහු තීරණය කළේ ඉකුත් දා සවස බන්දුල තමා සමඟ දෙඩූ වචන ටික සිහි කොටගෙනය. ‘ඇත්තටම මිනිහා ඊය්යේ කියවාගෙන ගියේ මරු විකලෙන් වාගෙ. ෂිඃ මට මොළේ කල්පනා උන්නැති හැටියක් හැබෑටx’ ”දැන් මට මැරුණත් කමක් නෑ සර්x ඇත්තටම දැන් මං මැරෙන්න බය නෑ. මට හිතෙනවා මේ තමා මගෙ ජීවිතේ නවාතැන කියලාx මට මේ ලෝකෙ අවංකව හිටියෙ සර් විතරයි. ඉතිං මට බෑ සර්ට කපටිකොමක් කොරන්න. මං ඒ දේ කෙරුවා. ඔව් මං සර්ට කපටිකොමක් කෙරුවාx ඒත් මං හිතකින් නෙමෙයි ඒක හැංඟුවේ. මේ ජීවිතේටම එකම එක දෙයයි මං සර්ට හැංගුවේ. ඒ ඒකx ඒත් දැන් ඒකත් ඕන්න කීවා. සර් මට සමාව දෙයි ඒක මං මෙච්චර කල් හැංගුවාටx හිතන්ඩ සර් මං කොහොමද ඒක කටක් ඇරලා කියන්නේ ? ඒක කිව්වා නං මට සර්රුත් නැති වෙයි. කොහොම වුණත් අද මට සර් නැති වුණාට කමක් නෑ මං මගේ ජීවිතේ නවාතැනකට ඇවිල්ලාx, බන්දුල ඒ වදන් කියූවේ දෙනෙතේ පුරුවා ගත් කඳුළින් බව පේ‍්‍රමනාත්ට සිහි වනුයේ දැන්ය. අඳුරු වලා පටලයකින් වැසී ගිය චන්ද්‍රයා දකින්නාක් මෙන් ඔහුට ඒ පිළිබඳ මතක් වනුයේ බොඳ වී ගිය අතීත සිතුවම් ගොන්නක් තුළිනි. ඊයේ හැන්දෑවේ තමන් වැඩ ඇරී ආවේ හතර ගාතයෙන් බව සිහි වන විට ඔහුට දැනුණේ ශෝකයකි. තමන් ගැනම තරහවකිx ‘ෂිඃ ඊයෙ මං නොබී හිටිය නං x x x එහෙනං මට බන්දුලව බේරා ගන්න තිබ්බා.. ”සර්, සර්ට වාගෙම අපිටත් හිතට අමාරුයි. ෂිහ්ත කියලා වැඩක් නෑ මරු බොක්ක. සර්ට කියන්ඩ x x x ඕනෑ ?ක; ඕනෑ හෙල්පෙකක්, සුටුස් ගාලාx ආය සිරා පොරx දානෙට, මළගමට, පන්සලට, පල්ලියට, බාරෙකට කොතෙන්ටත් එකයි. කියූ සැණින් ඔන්දස්පොට් තමාx සර්ගෙ ෆ්‍රෙන්ඞ් වුණාට පස්සෙ මිනිහා ගොඩක් වෙනස්සුණාx හොඳට හැදුණා වාගෙම මිනිහා කතා කෙරුවෙම බරපතල වචනx ‘මං කැමතියි බං ෆුල් ඕපන් මෑන් කෙනෙක් වෙන්නx ඒත් දැන් ඒකට පරක්කු වැඩියිx දැන් මං මගෙ මේ ජීවිතේ නවාතැනට ඇවිල්ලයි ඉන්නේ’ ඕන් ඔය වාගෙ විකාර නෑ මං කීවෙ ඔය වාගෙ බරපතල දේවල් තමා කියෙව්වේx” ත‍්‍රීවිල් රියදුරා කරන කතාව පේ‍්‍රමනාත්ට එතරම් නිනව් නැත. ඔහුගේ සිතුවිලි බන්දුල සමඟ අතීතය කියවමින් තනිව ඇති අතර දෙනෙත් තමන් ඉදිරියේ තිබූ ඊයේ ලෝකය සිතුවම් කරමින් සිටියේය. ඔහුට පෙනෙනුයේ කතාවත් සමඟ එහා මෙහා වන බන්දුලගේ අත පයයි. කඩි කුලප්පුව හැදුණාක් මෙන් එක තැනක සිට ගත නොහැකිව දඟළමින් කතා කරන ත‍්‍රීවිල් කොල්ලාය ඔහුට ඉවරයක් නැතිව පෙනෙන්නට වූයේ. කනෙහි කරාඹුව ඔහුගේ කතාවට අනුව සෙලවෙනුයේ කව්රුන් හෝ අදින විට සෙළවෙන පන්සලේ ඝණ්ටාරය මෙනි. එහෙත් එය ඝණ්ඨාරය නඟන හඬ පිට නොකරයි. රන්වන් පාටක් ගත් සම වසා සිටින අත් කොට බැනියම දෙබාහු පුපුරුවා ගෙන එළියට ඒමට තතනයි. හොඳින් වැඞී ගිය මස් පිඬු සහිත සිරුර උසේ පමණට ගැළපෙන සේ මහතින්ද යුතු වෙයි. බලෙන් කැරලි ගැසූ කොණ්ඩයට ආත්ම ගණනාවකින් පනාවක් කිට්ටු නොකළ සෙයකි. නළලට දමාගෙන සිටින පෙම් රැුල්ල සුළඟ විසින් ඔසවන විට ඔහුගේ මුහුණ සතුටින් පිම්බෙයි. තඹ කොට ඇති හිසකෙයා ඉර බැස යන පෑළ දිග අහසේ පැතිරී සිටින වලාකුළු සිහි ගන්වයි. මස් පන්නා ගත් දෑතෙහි මැණික් කටුව හරියේ ගැට ගැසූ බන්ධන රාශියකි. කළු, රතු, කහ, කොල, සුදු ඈ විවිධ වර්ණ සහිත නූල් පන්දු ගණනාවක් ඔතා ඇති අත් ගොබය එම බන්ධනවලින් පැන අත්ල කෑල්ලට ලේ සම්පාදනය කරන්නේද යන්න ඔහුට සැකයකි. ”මේ මල්ලී, බැරිවෙයිද මට නවාතැනක් හොයා ගන්න ? මේ අහල පහළින් නතර වෙන්න පොඩි කාමර කෑල්ලක්.” බන්දුල සමඟ ගනුදෙනු වූ පේ‍්‍රමනාත්ගේ පළමු පැනය වූයේ එයයි. එදා ඔහු ඇසූ වචන වන නවාතැන යන්නමය බන්දුල අවසාන මොහොතේ පේ‍්‍රමනාත් ඉදිරියේ ඉවසිල්ලක් නැතිව පාවිච්චි කළේx ”මං මගේ ජීවිතේ නවාතැනට ඇවිල්ලාx” ”බොස් අදට විතරද ? නැත්තං හැමදාටමද ?” මුව පුරා දුවන කෙළිලොල් සිනාවක් සහිතව ඔහු දුන් පිළිතුර වූයේ එයයි. ඒ උත්තරය සිහි වන විට එදා පේ‍්‍රමනාත්ගේ මුව පුරා ඉගිල ගිය සිනාව අදද ලෝඹ නැතුව උඩු දුව යයි. ඒ උත්තරය තුළ ගැබ් වූ බුද්ධිමත් බව, විහිළු බව, උපහාස බව ඔහුට එකිනෙක තෝරා බේරාගත නොහැකි සේ පොර බදන්නට විය. සැබවින්ම ඔහු එදා සිතුවා නිවැරදිය. තමන් හඳුනා ගත් පසු ඔහු තමන් එදා ඒ කියූ දෙය හරි බව අවබෝධ කර ගන්නට ඇතුවාට සැක නැත. මන්ද පේ‍්‍රමනාත් සතියකට වරක් බැගින් ගැහැනුන් ගෙන ගොස් රැුය පහන් කරන කාමර දවසින් දවස වෙනස් වූ හෙයිනි. එහෙත් සැබවින්ම එදා නම් පේ‍්‍රමනාත් ඇසුවේ මාස් කුලිය ගෙවා ගෙන සිටීමට සුදුසු ස්ථිර නවාතැනකි. ”නෑ, මං හොයන්නේ හැමදාටම ඉන්න.” ” ඕකේ බොස්. සිම්පල්නේx මං සෙට් කරල දෙන්නං. බොසාට ඕනෑ ටයිම්මෙකක, ඕනෑ ටයිප්පෙකටx මං කිව්වෙ කකුල් දෙකෙන් නං දෙකෙන්, හතරෙන් නං හතරෙන්, හවස තුනට නං එහෙම, ? දොළහට - එකට නං, ඒත් එහෙමx ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් සිරා පොට්ටෙකක් මං දන්නවා.” එදා කිවූ පරිදිම පසුවදා වන විට ඔහු පේ‍්‍රමනාත්ට සෙට් කර දී තිබුණේ සිරා පොට් එකකි. පේ‍්‍රමනාත්ට පොට් එක සිරා වූයේ කාගේවත් ඇඟිලි ගැසීමකින් තොරව පාඩුවේ සිටිය හැකි වයසක දෙදෙනෙකු සිටින ගෙදරක පිටුපසින් වෙනම කොටසක් සේ ඇද ඇති කුඩා කාමරයක් තමන්ගේ නවාතැන වූ හෙයිනි. මහා විශාල කාමරයක් ඔහුගේ හිතට කවදාවත් නෑල්ලූවේ තියා ගැනීමට කියා මහා ලොකු වස්තුවක් ඔහු සතු නොවීමත්, ඔහු තනි පුද්ගලයෙකු වීමත් නිසාය. කෙසේ වෙතත් නවාතැනත් සමඟම ඔහුගේ ගමනාගමන ප‍්‍රශ්නයද විසඳීම වාසනාව පෑදීමක් බඳු විය. ඒ ගෙදර නතර වූ දා සිටම සුවච කීකරු ලෙස තමන් කියන ඕනෑම වැඩක් කරන, කියන පමාවට තමා සොයා එන ගෝල බාලයෙකු වූ බන්දුල නම් රියැදුරාගේ දඬු මොණරය ඔහුට එක අඩියක් පයින් යන්නට ඉඩ නොදුන්නේය. ”බොසා කොහෙද වැඩ කරන්නේ ?” ”මංද ? මං විශ්වවිද්‍යාලෙනේx ආර්ට්ස් ෆැකල්ටි එකේ ලෙක්චර කෙනෙක් මම.” එදා පේ‍්‍රමනාත්ගේ වංහුං දැන ගත් පසු බන්දුලගේ කටින් පිට වූ සුපුරුදු වදන් වැල වෙනස් වී ගත්තේය. ඒ හඳුනා ගැනීමත් සමඟ ටික දවසක් යන තෙක් බයාදු ලෙස ආයාසයෙන් මෙන් තතන තතනා වචන ගැට ගැසූ ඔහුගේ සුහද ආමන්ත‍්‍රණය වූ .බොසා. යන්න ‘සර්’ දක්වා මැරු වී ගොස් ඇති අන්දම පේ‍්‍රමනාත්ටද වැටහුණේ ටික දිනක් ගෙවී ගියාටද පසුවය. ”සර්ට නෝනලා, දරුවො එහෙම නැද්ද ?” ”ඇයි නෑ වාගෙද පේන්නේ ? ඉන්නවා, ඉන්නවා. ඒ ගොල්ල කොළඹ ඉන්නේx තමුසෙ හරියටම මං ගැන දැනගෙන වාගෙ නෙවැ කතා කරන්නේ. නැත්තං නෝනලා කියලා අහනවැයි. ඔව් අයිසේ, මට නෝනලා තමයි ඉන්නේ. මේ සතියක් තිස්සේ කොහොමද බං මෙහාට වෙලා වේලි වේලි ඉන්නේ. අපිත් කන බොන මිනිස්සුනේ බං. මං ඉතිං එහෙමයි කියලා ගෙදෙට්ට අඩුවක් කරන්නේ නෑනේ. එව්වා ඒ ආකාරයි, මෙව්වා මේ ආකාරයි. මං ඉතිං ඔය සතියේ දවසක නිවාඩුවට තමා ගෙදර යන්නේ. පේරාදෙණියෙ ගෙයක් දොරක් හදාගන්නත්තෝනැ. ඒත් බං මට ඉතිං වෙලාවකට ඔව්වා ඔය තරං මොකටදත් හිතෙනවා.” ”ඔව් නේද සර්, ඒ ඒ බනිස්ඔලට ඒ ඒ කෙසෙල් ගෙඩි කිව්වලූනේ.” ”ආන්න තමුසෙට තේරෙනවා. බං මං මෙහෙම හිටියට ගෙදර ගියාම අලූත බැන්දා වාගේ. ළමයි ඉන්නවා තමාx උන් ඉන්නවා කියලා වැඩි දෙයක් හංගන්නෙ නෑ ඉතිං. ඇරත් ළමයි ඉස්කෝලෙ ගියාමනේ මං ගෙදර යන්නේ. ඉතිං අපිට බං ලවක් දෙවක් නෑ. පඩි පෙළත් එකයි නිදි යහනත් එකයි. ඕකට ඉතිං ඇඳම ඕනැන් නෑ.” පේ‍්‍රමනාත් මහතාගේ කතා බහ බන්දුලට අල්ලා ගොස් ඇත. තමන්ගේ සිරියහන් ගබඩාවේ රහස්‍ය දේ පවා කිසිදු හේතුවක් නිසාවත් නොහංගන පේ‍්‍රමනාත් ඉදිරියේ ටිකෙන් ටික ඔහුගේ පෞද්ගලිකත්වයද දිගහැරෙන්නට වැඩි කල් ගියේ නැත. ක‍්‍රමයෙන් කොළඹ නගරයෙන් බැස ගෙදර යන පේ‍්‍රමනාත්ගේ අතෙහි එල්ලෙන කඩල, ඇපල්, මිදි සහිත පාර්සලය හා සමාන වූ පාර්සලයක් ආපසු එන ගමනේ පේරාදෙණියෙන් බසින අතේද එල්ලී සිටියි. ”න්ආ ! බන්දුල මේක ගිනිහිං පොඩිවුන් දෙන්නාට දීපන්. කොහොමද නෝන මහත්තයා එහෙම සනීපෙන්ද ?” ”ඔව් සර්, හොඳින් ඉන්නවා. පොඩිවුන් දෙන්නා අතරේ අවුරුද්දක විතරනෙ පරතරේ. ඉතිං ටිකක් කරදරයි. ලොකු පුතා හම්බුණේ බැඳලා අවුරුදු ගාණක් ගියාට පස්සෙනේ.” ”න්හ්ආ එහෙමද ? ඒකට බං අපේx මෙහෙන් ගහන කොට අහරෙන් මතුවුණා. බැඳලා දවස් දෙකයි තුනයි, සුටුස් ගාන කොට වැඬේ හරි.” සිනා සී බිම බලා ගන්නා බන්දුල ත‍්‍රීවිලරය ගෙනැවිත් ඔහු ඉදිරියේ නතර කරයි. ¥විලි වලාවන් අතරේ නොපෙනී යන ‘පුංචි මෙමට ඉඩක් දෙන්න’ යන දැන්වීම සහිත ත‍්‍රීවිලරය එක් තැනකදී නතර වෙයි. ඒ නෙයිනගේ කඬේ ළඟය. පේ‍්‍රමනාත් දකින විටම දඩි බිඩියේ ගෙට රිංගන නෙයිනා වට පිට හොරැුහින් බලමින් පැමිණ පේ‍්‍රමනාත් මහතා ඉදිරියේ පත්තර කිහිපයක් අල්ලයි. ආවාටද වැඩි වේගයකින් ආපසු කඩයට රිංගන ඔහු කිසිදු ගනුදෙනුවක් සිදු නොවූ කලෙක මෙන් සින්දුවක්ද කියමින් අලූත් ගනුදෙනුකරුවන් එන තෙක් බලා සිටියි. පේ‍්‍රමනාත් මහතාගේ බිල බන්දුල අතේ යැවෙනුයේ මාසය අවසානයේය. නෙයිනාගේ කඩය ළඟින් ත‍්‍රීවිලරය පිටත් වූ මොහොතේ පටන් පේ‍්‍රමනාත් මහතාට වෙනත් දෙයක් ගැන සිහියක් නැත. රසකැවිල්ලක් අතට හසු වූ පොඩි එකෙකු මෙන් පත්තරයටම එබී ගන්නා ඔහුගේ දෙනෙත් බන්දුලගේ විධානය ලැබුණ විටය අවධි වනුයේ. ”සර් ! අපි බෝඩිමට ආවා.” ”හ් ආ x x x ඔව් නේද ? කොහෙද ඉතිං. බන්දුල තමුසෙට මේකෙ හංගන්න දෙයක් නෑ නෙවෑ. න්ආ x x x තමුසෙත් ගෙනිහින් බලනවා. මං ඔය පත්තර කලාව ගැන පොතක් ලියනවා. ඒකයි ඔව්වා එකතු කොරන්නේ. නැති කොරන් නැතුව ගේනවා ආපහු. පොඩිවුන්ට අහුවෙන්ඩ තියන්ඩෙපා. බං කුණුහරුප පත්තරේක වුණත් තියනවා ගන්ඩ දෙයක්.” පළමු දිනයේ වෙව්ලන අතින් විත් ත‍්‍රීවිලරයේ අඩුම කුඩුම දැමීමට ඇති කබඞ් එකේ සැඟවුණ ‘සරාගී’ පත්තරය දින දෙක තුන යන විට පැමිණ තැන්පත් වූයේ ඉතාමත් ආශාවෙන් කිසිදු ප‍්‍රමාදයක් නොගෙනය. ඒ දෙන පත්තර එකක් නෑර ආපසු ලැබෙනවාද කියා පේ‍්‍රමනාත්ට හරියට සිහියක් වූයේ නැත. පේ‍්‍රමනාත් විසින් ඔහුට තෑගි ලෙස දෙන තමන්ගේ කර්තෲත්වය යටතේ වූ කෙටිකතා, නවකතා අතර ඒ පත්තරද සැඟවෙන්ට ඇතුවාට සැක නැත. සතියකට වතාවක් කෙල්ලෙකු ඩැහැගෙන හෝටල් කාමරයකට යන පේ‍්‍රමනාත්ගේ ගමනට උදව් වූයේද බන්දුලගේ දඬුමොණරයම මිස අනෙකෙක් නොවේ. මේ කීකරු සේවකයාගේ සාක්කුව ටිකක් බර කිරීමට ඔහු සිතුවේ කාටවත් මෙම රහස නොකියන ලෙසට දෙන අල්ලසක් ලෙස නොවේx ඔහුට මෙය කව්රුන් හෝ දැන ගත්තායි කියා ප‍්‍රශ්නයක් නැතx ඔහු බන්දුලට මුදල් දුන්නේ ‘පව්, අහිංසකයාට උදව් කරන්නෝනැ’ කියා සිතාගෙනයx ”මෙච්චර අවංකව කතා කරපු, වැඩ කරපු සර්ට මං මේක හැංගුවට සමාවෙන්ඩෝනෑ. සර් මට ලස්සන ගෑනියක් ඉන්නවා තමයි. දරුවෝ ඉන්නවා තමයි. ඒත් මං ඒ ජිවිතේට වැඩිය කැමති නෑ. සර් දන්නවාද අර හන්දියේ බස් හෝල්ට්ටෙකේ ලැගලා ඉන්න පිස්සු ගෑනු කෙනා ?” බන්දුල විසින් ප‍්‍රශ්නයක් නගා අනතුරුව ඉදි කොට දුන් නිශ්ශබ්ද කාල සීමාවේ පේ‍්‍රමනාත් එම ගැහැනියගේ රූපය මවා ගත්තේය. ‘කාකු කූඩයක් මෙන් අවුල් වී ගිය බොකුටු කොණ්ඩය, ඒ වසා සිටි ¥විලි කුණු-රොඩු තට්ටුව- කුණු කූඩයක් වාගේ රටේ ලෝකෙ තියෙන දහ ජරාව ඔක්කොම එතන- තාර ගෑවා වාගෙ කළු පාට වෙච්ච මූණ- ආත්මෙකට හෝදන් නෑ- කුණු තට්ටු තට්ටු බැඳිලා - විට කාලා ලේ පාට වෙච්ච තොල්පටි- මස් කන යකෙක් වාගේ- හපේ ගහලා දෙපැත්තෙන් පෙරෙන විටකෙළ - විට කහට බැඳපු දත්- ඇඳගත්ත වැරහැලි- අවුරුදු ගානකින් නොහෝදපු රෙදිවල බැඳිච්ච කුණු තට්ටු- රෙද්දෙ මුලින් තිබ්බ පාටක් හොයා ගන්න බැරි තරමට- මාස ගාණක් වතුරෙ දාලා පොඟවලා තිබ්බත් පෙෙඟන්නෙ නැති- ඒ පොඟවලා ගත්තත් සබන් ගෑවෙන් නැති- සබන් ගෑවුණත් කුණු යන් නැති- උපන් තේකට කපා නැති කොටි නියපොතු- අත්තොලත් කකුල්ඔලත් - කැතේ උපත- බඩින් වකැ- පිටින් උසැ- දත් බොල්ලෑ යැ- . . . . . . . . . . . . . . . බුත්සරණේ ඉන්න ජූජක බමුණා- වටේට තියෙන දවස් ගණන් කුණු වෙච්ච කෑම බීම- හරියට ඉන්දියාවේ ඉන්න තමන්ගේම අසූචි කන නිඝණ්ඨයෙක් වාගේx අම්මෝ ! හඩු ගඳ ? අහල්ප්පහලක ඉන්ඩ බෑ.’ පේ‍්‍රමනාත්ගේ ඇඟිලි දෙකක් පැමිණ නාසය මිරිකා නැවතත් රූටා ගොස් එය පිසදමා ලූයේ ඒ දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි වූ කලෙක මෙනි. ”ඔව් සර්, අප්පිරියයි නේද සර්ට ? ඒ වුණාට මට එහෙම නෑ සර්. මට හෙට ඉඳන් x x x කොහොම වුණත් සර් x x x මං නැති හින්දා; ඒ කියන්නෙ මං දැන් මයෙ ජීවිතේ නවාතැනට ආපු හින්දා; මං කියන්නේ මට සමාවෙන්න සර් හැංගුවාට. මං ඇත්තමයි කියන්නෙ. මට මේ දේවල් තේරුණේ සර් ආශ‍්‍රය කරන්ඩ වුණාට පස්සේ. මාත් තීරණය කරා කුහක වෙලා බෑ කියලා. සර් වාගෙ අවංක වෙන්න හිතුවා. තවත් විඳවන්න ඕනෙ නෑ කියලා හිතුවා. සර් වාගේ ඕපන් වෙන්න හිතුවා. ඒ තමා සර් මං අවුරුදු ගාණක් හොයපු ආදරේx මං ඒක ඒ ගෑනිට කිව්වා. එයා විරුද්ධ වුණේ නෑ සර්. ඊට පස්සෙ මං ගෙදර ගියේ හැමදාම ?ට ? වෙලා. මං ඒ ගෑනිත්තෙක්ක බුදියෑවා, වැඩ ඉවරවෙලා. හැමදාම බුදියෑවාx අනික් උන් මෙතනින් අවසාන හයර්රෙකත් අරගෙන යනකල්ම මෙතන තැප්පා ඒ ගෑනිත්තෙක්ක බුදියන්නx මං ඒක අවුරුදු ගාණක් හිතේ තියාන හිටපු ආදරයක්x සර්ගෙ ආස්සරෙත්තෙක්ක මං හිතුවා ඒ දේ ඒ ගෑනිට කියන්ඩx ඒ ආදරේ මට ගෙදරින් හොයාගන්ඩ බැරි වුණා සර්x” පේ‍්‍රමනාත්ට දැනුණ පිළිකුළ මුළු ඇඟ පතම වෙව්ළුවා හැරියේය. ඔහුට කෙළ පිඩක් ගසාවත් ඒ අප්පිරියාව පහ කොට ගැනීමට අවැසි වුවද බන්දුල ඉදිරියේ එය කළ නොහැකි විය. ඔහුට මුළු ලිංගික ජිවිතයම එපා වූවා සේ විය. එහෙත් අරක්කු මතය ඒ සිතුවිලි නැවත නැවත පාගා දැම්මේය. බමණ හිස ඒ මැවී ගිය චිත‍්‍ර රූප මකා දැමුවේය. කුණු වූ මීයෙකුගේ කුණක් ඉවත් කොට ගෙයට සුවඳ වතුරක් ඉසුවාක් මෙන් එය අමතක කොට දැමූ ඔහු බන්දුලගෙන් ප‍්‍රශ්න කරන්නට බැලූවේය. ත‍්‍රීවිලරය බෝඩිමට යන මාවතේ මාර ගහ යට නවතා ඇති බව ඔහුට දැනුණේ කොහේදෝ සිට ආ සුළඟක් විසින් ඔසවා දුන් වියළි මාරා කොළ ටිකක් මල් වැස්සක් මෙන් ත‍්‍රීරෝද රථයේ වහලයටත්, ඇතුළටත් වැටෙන්නට වූ විටය. ”හොඳයි තමුන් මීට පෙර, ඒ කියන්නෙ ඔය හිඟන ගෑනිට ඉස්සරලා වෙනත් කාන්තාවක් ආශ‍්‍රය කරලා තියෙනවාද ?” ”ඔව් සර්, එහෙම නොවුණානං මගෙ ගෑනිට ළමයි දෙන්නෙක් ඉන්ඩ හේතුවක් නෑනේ.” ”නෑ, නෑ යෝදයෝx මං අහන්නේ ඊටත්තිස්සෙල්ලා ?” පේ‍්‍රමනාත්ගේ පැනයෙන් ඔහු නිරුත්තර වූ සෙයකි. ඔහුට කීමට මොකක්දෝ යමක් ඇති සෙයකි. එහෙත් එය උගුරේ සිර වී ඇත. එහෙත් උගුරේ සිරවුණු මාළු කට්ටක් මෙන් එය ඔහුට වධ දෙයි. අඩු තරමේ වතුර පොදක්වත් බීමට ඉඩ නොදෙයි. ඒ වේදනාව දෙනෙතට කඳුළුද නංවයි. ”කියනවා; කියනවා, බයවෙන්ඩෙපා බං. තමුසෙ, දැන් කීවනේ මං වාගේ හැමදේම කියනවා කියලා. ඉතිං කියනවාx” ”ඔව් සර්, මං x x x මං කියන්නංx ඒ තමා සර් මගෙ නියම ආදරේ. මං එදා ඉඳන් හෙව්වේ ඒ ආදරේ. ඒ සුවඳ ? එතකොට මට අවුරුදු දාසයක් ඇති. මං සාමාන්‍ය පෙළ විභාගෙ අරන් ගෙදර, ප‍්‍රතිඵල එනකල්. එතකොට තාත්තා තමයි මේ ත‍්‍රීවිල්ලෙකේ වැඩ කෙරුවේ. දැන් උන්දැ ලෙඩ වෙලා. අම්මා රට ගිහිල්ලාx මං ගෙදර දවල් තිස්සේ තට්ට තනියම හිටියේ. එතකොට තමා ඉල්ල ගන්ඩ කියලා රොඞී ගෑනියක් ආවේ. එදා ඒ ගෑනි මට ගොඩක් දේවල් කියලා දුන්නා සර්. ඔව් x x x ජීවිතේටම නොවිඳපු විධියෙ රසයක්x x x x මං එදා ඉඳන් ඒ ගෑනිව හෙව්වා. ගෙදෙට්ට වෙලා හොඳට ඇඳ පැළඳගෙන මාස ගණන් බලන් හිටියා, එයා එනකල්. ඒත් එදත්තෙදා ආවෙ නෑ. මාව දාලා යන්න ගිහිං. හීනයක් වාගේ හරියට ඇවිල්ලා ගියා. මට දැනුත් දුකයි මතක් වෙනකොට.” බමණ මතින් වුවද පේ‍්‍රමනාත් ටිකක් වේලා කල්පනා කරමින් සිටියේය. මාර ගසේ කොළ හැලීම නතර වී ඇති සෙයකි. සුළඟ තද නොවූ නිසා ඔහේ කම්මැලි ලෙස එක කොළයක් දෙකක් වැටෙයි. ඒ අතරේ තමන් ළඟින් හරක් ලොරියක් මුළු පරිසරයම කාලවර්ණ කරන දුම් ගෝටයක් පිට කරමින් ඉගිල ගියේය. ”ඉතිං තමුසෙ ඔය කතාව දැන් මාත්තෙක්ක කියන්න හිතුවෙ ?” බන්දුලගේ දෙනෙත් ත‍්‍රීවිලරය ඇතුළේ ගසා ඇති බුදු පිළිමය දෙස බැලූවේය. ඒ අසලින් වූ මාලනී ෆොන්සේකාගේ පින්තූරයක් ඔහුගේ ඇඟිලි තුඩු විසින් පිරිමදින අයුරු පේ‍්‍රමනාත්ගේ ඇස ගැසිණ. එහි සිටියේ සැබෑ මාලනී ෆොන්සේකා නොවේ. රොඞී කෙල්ලක් ලෙස .මිහිදුම් සිහින. සිනමාපටයේ රඟපෑ මාලනී ෆොන්සේකාය, එහි වූයේx නළල මතින් දමා ඇති නළල් පටය ඔහුගේ ඇඟිලි විසින් උදුරා ගැනීමට තතනන සෙයකි. ඒ අතරේ පේ‍්‍රමනාත්ගේ දෙනෙත් යොමු වූයේ ත‍්‍රිවිලරයේ බුදු පිළිමයට උඩින් ගසා ඇති පාඨය දෙසටයි. .මෙම රථයට බුදු සරණයි !. බන්දුල කතාව පටන් ගත්තේ රැුල් බුරුල් හරිමිනි. ”සර්, මං ඒ ගෑනින්තෙක්ක ඉන්නකොට අපේ කොල්ලො ටිකට අහුවුණා. ඒක හින්ද මං පහු ගිය දවස් ටිකේ වැඩට ආවෙත් නෑ. සර් ඒ වෙලාවෙ ගමේ ගිහිංx මුං මට මෙතන ඉන්ඩ දෙන්නෙ නෑ. නෝන්ඩි දානවා. උන් මං දිහා බලන්නෙ අප්පිරියාවෙන්x හරියට මූණට කෙළ ගහනවා වගෙx හෙට අනිද්දා උන් මේක අපේ ගෙදරටත් ලීක් කරනවා, ඒක ෂුවර්. මට ඒ දවසට නං මූණ දෙන්ඩ බෑ සර්x මං ඒ දවස එනකල් ඉන්නෙ නෑ මෙතනx මේ මගෙ ජීවිතේ නවාතැන වෙන්නෝනැ සර්x මට සමාජෙට මූණ දෙන්ඩ බෑx මයෙ ගෑනිට මූණ දෙන්ඩ බෑx ඒ ගෑනි මට සලකන්නෙ දෙය්යෙකුට වාගෙx” ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ බන්දුලට අවසන් ගෞරව දැක්වීම සඳහා කනත්තට ගිය පේ‍්‍රමනාත්ට කණවැන්දුම් වූ ගැහැනිය දකින විට ඇති වූයේ දැඩි කනගාටුවකි. ඇගේ සුන්දර රූපය, දිගු කෙහෙරැුල් ඔහු සිතින් පිරිමැද්දේය. දරුවන් දෙදෙනෙකු වදා සිටියද තවත් අවුරුදු ගණනාවකට පලා නොයන ඒ තරුණ්‍යය දෙස බලා සිටි ඔහු සතියකට දෙතුන් වතාවක්වත් ගොස් ඒ අසරණියගේ දුක සැප බලා කියා ගැනීමට සිත සමඟ ගිවිසුම් අත්සන් කළේය. එහෙත් ඔහුද පුදුම කරවමින් ඔහුට නිවෙසට ගොඩ වී යන ලෙස ඒ සුන්දර ගැහැනියම පළමු ආරාධනයක් කළාය. .ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කියපි. කියා ඔහුද කනත්තේ සිට ආපසු ඇය සමඟම ගෙදරට ළඟා වූයේය. එහෙත් ඔහු සිතූ පරිදි ගෙට ගොඩ වූ ඇය ඔහුට අසුනක් අරා ගැනීමට ආරාධනා කළේ නැත. වැදගත් මහතෙකු ගෙට ගොඩ වන විට ඇතුළේ අපිළිවෙළට දමා ඇති දෑ ඇහිරීම සිරිතය. ඔහු බලා සිටියේ පිට මිනිසකු විසින් නොදැකිය යුතු ඇදුම් කැඩුම් ආදිය සඟවා ගෙට ඒමට ආරාධනා කරන, බිත්ති හතරක පමණක් ඉඩක් ලද ඇඟළුම් සේවිකාවක මෙන් හතරැුස් පෙට්ටියක් වැනි කුඩා ගෘහයෙන් එළියට එන, බන්දුල ආර්යාව දැක ගැනීමටය. සැබවින්ම ඇය පැමිණියාය. එහෙත් ඒ ඔහු සිතූ සුහද, උණුසුම් පිළිගැනීම සමඟ නොවේ. ”මහත්තයාෟ මහත්තයා ආය මේ පැත්ත පළාතක නාවට කමක් නෑ. මං හිතුවා මහත්තයා වාගෙ මිනිහෙක් ආශ‍්‍රය කරන්ඩ ලැබිච්චි එක අපේ මනුස්සයාගෙ වාසනාව කියලාx ඒ මනුස්සයා ටික ටික කාරණා කාරණ දැන ගන්න කොට මං සන්තෝසෙ උහුලගන්ඩ බැරුවයි හිටියෙx න්ආ ! මෙන්න මහත්තයාගෙ කසිකබල් පොත් ටිකx පරිස්සමට ගෙනියන්න. ඔය අස්සේ තියෙනවා මහත්තයා අපේ මනුස්සයාට කියවන්ඩ දීපු පත්තර ටිකත්. ඔය මහත්තයාගෙ පත්තර ටික තමා අපේ මනුස්සයාව කෑවෙත්, මාව කණවැන්දුන් කෙරුවෙත්x ඔව්වා මඟ දිගට හැලෙයි බලාන. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙ බේරෙනවා කිව්වලූනේx දැන් ඉතිං මෙතනිං තොලොංචි වෙලා යන්ඩx මෙව්වා මට රටට ගමට කෑ ගහලා කියන්ඩ ලැජ්ජයිx මොකද මයෙ මිනිහට මැරිලාවත් කනක් ඇහිලා ඉන්න බැරි වෙයිx නැත්තං මං දන්නවා මහත්තයා වාගෙ මිනිහෙකුට සලකන්ඩෝනැ විධිහx තුඃ විතරක් !” මෙතෙක් දවස් බොහෝ ආරක්‍ෂාවෙන්, බයෙන් ගෙට කොටාගෙන හදාගත් දියණියක කාරකාරයට දී ඇගෙන් නිදහස් වීමට බැලූ කණවැන්දුම් මවක මෙන් පත්තර- පොත් පත් ටික ඔහු අත තැබූ ඇය කඳුළු බිඳුවක් තුරුළු කොටගෙන ගෙට වැදුණාය. පේරාදෙණියේ බෝගහ ළඟට ආ ඔහුට තවත් පුදුම දෙයක් සිදු වී ඇති අයුරු පෙනිණ. ඒ ඉසව්වේ කිසිම තැනක මළගමක් තිබූ බවට කිසිම සඳහනක්, සටහනක් දක්නට නොවීය. රතන සූත‍්‍ර සජ්ඣායනයෙන් පසු වට වැසි විසින් සෝදා හළ විශාලා මහනුවර මෙන් භුමදානයත් සමඟ ත‍්‍රීවිල් සංගමය අලවා තිබූ ශෝක ප‍්‍රකාශ, සුදු කොඩි සියල්ල සේදී ගොස් තිබිණ. තමන් අසල ගඳ ගසමින් තිබූ වාහනයකට යටව ගිය බලූ මළකුණක් වළලා දමා ඉන් නිදහස් වූවාක් මෙන් කොල්ලන්ගේ මුහුණු විකසිත වී ඇත. විෂබීජ නාශකයක්ද ගසා ඒ අසලින් වූ ඉහඳ මැස්සන් පළවා හැරි සෙයකින් ඔවුන් සිත් කළඹන සේ ඇඟපත එළියට දමාගත හැකි බැනියම් කෑලි, කලිසන් කටු ඇඳ පැළඳ සිටියෝය. පේ‍්‍රමනාත් ඇස ගැසෙනවාත් සමඟම ඇතිව ගත් නොසන්සුන්තාව පෙන්වූයේ තරඟකාරීභාවයකිx ඒ තරඟයෙන් ජයග‍්‍රහණය අත්කොට ගත් සිනාවක් දල්වා ගත් කොල්ලෙකු ත‍්‍රීවිලරයක් ගෙනැවිත් ඔහු ඉදිරියේ නතර කළේ හිසද පහතට ඇල කරන ගමන්මය. පේ‍්‍රමනාත් ඊට ගොඩ වී ගත්තේ කිසිවක් සිතීමට සුනංගු නොවීය. ඔහුට අවැසි වූයේ හැකි ඉක්මණින් ආරක්ෂා ස්ථානයක් සොයා යාමටයx බන්දුලගේ බිරිඳගෙන් ලැබුණා සේම මේ ත‍්‍රීවිල් කොල්ලන්ගෙන්ද දෝෂාරෝපණයක් එල්ල වෙතියි කියා ඔහුගේ සිත බිය ගත්තේයx එහෙත් තී‍්‍රවිල් කොල්ලන් පොරයට මෙන් තමන් ඩැහැ ගැනීමට කළ උත්සාහය ඔහුව මඳක් අස්වසාලූයේයx ඒ තී‍්‍රවිල් ගොඩෙන් එළියට ආ පළමු තී‍්‍රවිලරයට පමාවක් නොගෙන ගොඩ වූ ඔහු කටහඬ අවධි කළේ පේරාදෙණි පාලමද පසු කොට ගිය ඉක්බිතිවයx ”ඔය මල්ලිගෙ නම ?” ”මමද ? මම නිස්සංකx” ඊළඟට ඇසීමට ප‍්‍රශ්නයක් නැතිව මෙන් පේ‍්‍රමනාත් ගොළුවත රකින්නට වියx එහෙත් වාහනයේ පැති කණ්නාඩියෙන් පේ‍්‍රමනාත් දෙස බැලූ තරුණයා ඒ අපහසු ඉඩ මඟහැර දුන්නේයx ”සර්, ඔව්වා සර් ලියාපු පොද්ද ? මටත් දෙන්නකෝ එකක් දෙකක් කියවන්න. මට බන්දුල කියලා තියෙනවා සර් ළඟ ලස්සන පොත් එහෙම තියනවා කියලාx” නිර්ලෝභීව ගොඩම ඔහු අත තැබීමට ගිය පේ‍්‍රමනාත් අත ආපසු ඇදගෙන තෝරා ගත් පොත් දෙක තුනක් ඔහු අත තැබීමට සිහි එළවා ගත්තේය. කෙසේ වෙතත් ඒ අතරට ඔහු අර පත්තරවලින් එකක්ද මැදි කිරීමට මැළි වූයේ නැතx ”න් ආ . . x මේ දෙක කියවලා ඉවර කරන්ඩකෝ ඉස්සෙල්ලා. ඊට පස්සේ අනික්වාත් එකේක දෙන්නං” ඇතිව ගත් සිනාව සපා ගත් පේ‍්‍රමනාත්ගෙන් තරුණයා දෙසට එල්ල වූයේ යටැසි බැල්මකිx එහෙත් පේ‍්‍රමනාත්ට පිටුපා සිටි නිස්සංකට ඒ බැල්ම ගොදුරු වූයේ නැතx

ගොපලූ වත

ගොපලූ වත ගොපල්ලා හරක් රංචුව ගාලෙන් එළියට ගත්තේ පාන්දරින්මය. වටපිටාවේ ආලෝකය විසිරී තිබුණද හිරු තවමත් හරියකට ඇහැරී නැත. නිදිගැට හරිමින් හිරු අහසට නඟින විට ගොපල්ලා සිටියේ හල්මිල්ල ගං තොටින්ද මෙගොඩට ආ හරක් රංචුව පිටුපසට වී උරුහමක් බාමිනි. ගොපල්ලාගේ කටින් උරුහමක් ලෙස පිට වී ගියේ නූතන ගී තාලයකි. .රඟ හල දැන් ඇත අඩ අඳුරේ අප දෙදෙනා පෙම් පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ - තනි වී ඇත හිමගිරි අරනේ’ ගොපල්ලා ඉර ඇහැරෙන පෙරදිග අහස බලා හෙමින් තණ කමින් යන ගවරැුළ දෙසට ඇස යොමු කළේ මුහුණේ ඇඳෙන සිනාවකට නිදහසේ ගලා යාමට ඉඩ දෙමිනිx පහුගිය කන්නයේ නොවට වැසි නිසා පුරන් වී ගිය කුඹුර අලූත් කන්නය පටන් ගැනීමට හා හා පුරා කියා ඇද හැළුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ පණ ගසා ඇති තණ කොළයෙන් වැසී ඇති අන්දම ඔහුගේ සිත කුල්මත් කරයි. හරක් රංචුව ඉතා ආශාවෙන් ‘කරුක්, කරුක්’ හඬ පිට වන සේ නව තණ කොළය හපා කන විට ඔහුට තමන්ගේ කය පුරා තමන් කිසිදු දිනෙක අත්විඳ නැති මොකක්දෝ අමුතු සන්තුෂ්ටියක් නොහොත් සියුම් ප‍්‍රාණයක් ගලා යන ලෙසකි, දැනුණේ. රාත‍්‍රියේ එක් රොක්ව එල්ලා වැටෙන පිනි බින්දු තණ අග රැුඳී සිටිමින් ගවයින්ගේ ආහාරය රසවත් කරන විට පැතිරෙන තණ කොළ පුසුඹ ඔහුගේ දෙනාසාපුඩු දිග හරියි. ගොපල්ලා තමන් අසලින් සිටගෙන සිටින රූස්ස සියඹලා ගස යටට ගියේ මුහුණේ රජ කරන සිනාව තවදුරටත් වපුරුවා හරිමිනි. අලූතින් ලියලා ඇති සියඹලා දලූ අග මතු වී ඇති රෝස පෑ සියඹලා මල් ටිකක් කඩා ගත් ඔහු එය කටට දමා අමුට්ටන්නට වූයේ ගමේ ආතෙකු බුලත් විටක් කන්නා සේයx හාත්පස අන්ධකාරයෙන් වසාගෙන සිටින වෘක්ෂය යටට ගිය ගොපල්ලා තමන්ගේ සුපුරුදු ගල් ආසනය මත හිඳ ගත්තේ ගසෙහි කඳට ශරීර භාරය වාරු කරමිනිx ගොරෝසු සියඹලා කඳට ස්පර්ෂ වූ ඔහුගේ නිරුවත් පිට රිදුම් දෙන්නට වුවද ගහ යටින් එබී එළිය බැලූ ඔහුට ඉතා ප‍්‍රීතිමත් සිතින් තණ කොළ හපමින් ඉදිරියට ඇදෙන ගව රංචුව දුටු විට ඇති වූ සතුට ඒ අපහසුව අස්ථානගත කොට දැමීයx ‘හොඳයි උදේම හරක් ගාල ඇරපු එක. උන්ගේ බඩවල් ටික පුරෝගත්තැහැකි උදෙන්මx නැත්තං ගාලට වෙලා කෑ ගාන්ඩ තියා ගත්තාම මගෙ හිතටත් හරි නෑx’ සිතිවිලි අතර අතරමංව සිටි ගොපල්ලාගේ දැහැනට බාධා කරමින් ඔහුගේ මව හෑම උදෑසනකම මෙන් තමන්ට කියන වදන් ටිකක් එක සීරුවට පැමිණ කනට තට්ටු කරයි. ”මොකෑ පුතේ ? එළිය වැටෙන්ඩත් කලියෙන් ඔය හරප්පට්ටිය දක්කාගෙන යන්නේ ? ආපහු ගාල් කොරන්නෙත් බිං කරුවල වැටිච්චහමx උන්ට ඔහෑටි කන්ඩ දෙන්ඩෝනැයි. ඇරත් උඹත් ගෙට ගොඩ වෙන්නෙ ?ට ? වෙලා. ආය උදැහැනැක්කෙම පිටවෙනවා. ඉතිං පොතේ පතේ වැඩක්අත් කොර ගන්නැද්ද උඹ ?” ”මං පාඩං වැඩ කරනවා අම්මේ. මට බෑ හරක් පට්ටිය බඩගින්නේ කෑ ගානවා බලන්ඩ. පව්නේ අම්මේ, උන් ? තිස්සෑයක් හිස් බඩනෙ ඉන්නේ.” ”අනේ මන්දා උඹේ සත්ත කරුණාව ? මං කියන්නේ බලාපන් උඹත් හොඳටෝම ඇදිලා ගිහිල්ලා. උඹලයෙ තාත්තා හිටිය නං අද උඹට ඔහොම කල දසාවක් යන්නෙ නෑ.” ගොපල්ලා හිස ඔසවා බැලූවේ රූක්ෂ සියඹලා ගස තමන් ඉහළින් ඇති අහස වසාගෙන වියන් බැඳ ඇති අයුරු දැක ගැනීමටයx ඉතා විශාල කුඩයක් ඉහලා තමන් ඒ යට ඉන්නාක් මෙන් ඔහුට දැනුණේ වෘක්ෂය මුළු අහසක් වසා සිටිනු දැකීමෙනිx එහෙත් සුළෙඟ් තාලයට එහා මෙහා වන අතු නිසා ඒ මහා කුඩයේ රෙද්ද තැනින් තැන ඉරී ඇදී යනවා ඔහුගේ නෙත ගැටීමට වැඩිවේලා ගියේ නැත. ගොපල්ලා තමන්ගේ ගමන් මල්ලේ වූ පොත අතට ගත්තේයx ‘උසස් පෙළ-ඉතිහාසය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේනතුව’ වෘක්ෂය වටා වූ අන්ධකාරය මායිම් නොකොට ඔහු පොත කියවාගෙන ගියේ ඇසේ හුරුවට මෙනි. එහෙත් ඔහුට වැඩිවේලාවක් එසේ කිරීමට ලැබුණේ නැතx සිරුරට කෙඩෙත්තු ගතියක් දැනෙන්ට වූ නිසා මෙන්ම ඇස කෙවෙන්නට වූ නිසා ඔහුගේ ව්‍යායාමය අතරමඟ ඇණ හිටිණ. ඔහු ගල් ආසනයෙන් නැ`ගිට අත පය දිග හැර ඇඟ මැළි කඩා ඈණවිල්ලක් හරිනවාත් එක්කම ඒ වේගයටම මෙන් වෘක්ෂයෙන් එළියට විසි වී ගිය සිරුර ඔහුව වත්තන් කොටගෙන ඉදිරියට ගියේ ඇතිව ගත් පිපාසය සන්සිඳවීමේද ඉඟිය යටි සිතට ඒත්තු ගන්වමිනි. හරක් රංචුව නිස්කාන්සුවේ අහර බුදිමින් ඉදිරියට ඇදෙන බව ගොපල්ලා තහවුරු කොට ගත්තේ මීමා සමඟ ඈඳා සිටින රතී දෙස බලාය. ”ඇයි පුතේ ඔය රතී මීමගේ කරේ ඈඳුවේ ? මීමා වෙන එකෙක්කෙක්ක ඇණ ගන්න ගියොත් හෙම ? දන්නවනේ බණ්ඩලාගේ තොරටියා. ඕකුන් ලෙහලා දාපන්. මීමට ඇණ ගන්න බෑනේ රතී කරේ එල්ලූවාම. අනික රතීට ඇණලා දායි අර තොරටියා. ඒ හින්දා ලෙහලා දාපන් කියන දේ අහලා.” ”ලෙහලා හරියන්නෑ අම්මේ. රතී හොරා කන්ඩ යනවානේ. ඒකි මහා කෑදර එළදෙනක්. තොරටියා ආවොත් මීමා ඒ වෙලාවට ලෙහලා දාන්ඩ බැරියැයි.” අම්මාට පිළිතුරු දුන් ඔහු සිතින් තමන්ම ඒ මතය ස්ථිර කොට ගත්තේ යටි සිත නඟන අනුකම්පාවට මතු වීමට ඉඩක් නොතබමිනිx ‘එළදෙන ටිකක් මට්ටු කරන්ඩෝනෑ. දවල්ට මීමා මෙඬ් බුදියන කොට එළදෙනට පැයක් විතර නිකන් හිටගෙන ඉන්න වෙනවා. ඕකුන්ට මඬේ ලගිනවා කියන්නෙ මරනවා වාගෙ තමාx’ නිදහසේ සිටිය යුතු හරකුන් පවා මෙසේ සිර මැදිරියක තබාගෙන සිටීමෙන් තමන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? යන්න ගැන ඔහුගේ යටි සිත හදිසියේම ප‍්‍රශ්න කරන්නට ගත්තේයx කොතෙක් මඟහැරීමට දැඟළුවද ඉවරයක් නැතිව සිතට ගොඩවන එම ප‍්‍රශ්නයට දෙතුන් වතාවක් ඔහු සවන් දුන්නේ සාවධානවයx ඒ සවන් දීමත් සමඟම ඔහුගේ සිතෙහි තවත් පැත්තක් ඇසුවේ තමන් මේ පළිගන්නට අර අඳින්නේ කාගෙන්ද ? යන්නයිx මේ ලෝකය තනි යායකිx එහි ගංගා ඇළ දොල ගැලිය යුත්තේ කිසිදු අයෙකුගේ අයතා බලපෑමකට මැදිව නොවේx ස්වභාව ධර්මයේ නිහඬ බලවේගය ඔවුන් පාලනය කිරීමේ යෙදී සිටියිx ඒ රිද්මය තමන් රැුකිය යුතුයx සංස්කෘති - සදාචාර බැමි විසින් සිර කොට ගෙන සිටින ලෝකය පෙන්වනුයේ නිදහස් ලෝකයක් නොවේx එහි සියොතුන්ටවත් තමන්ගේ පාඩුවේ නිදහසේ පියාසර කිරීමේ අයිතියක්, අවසරයක් නැතx සියොතුන් තමන් විෂයෙහි පනවා ගත් තහංචි නැතද මිනිසා විසින් පැනවූ තහංචිවලට සියොතුන්ද යටව ගොස් ඇත්තේ අසාධාරණ ලෙසයx මේ සදාචාර - සම්මුති - නීති - සම්ප‍්‍රදා - තහංචි නැති ලෝකය කුමන ස්වරූපයක් ගනීදැයි ඔහුට සිතාගත නොහැකියx ඔහුට සිතුණේ එතරම් නිදහස් ලෝකයක් කවදාකවත් කොතැනකවත් නොතිබිය හැකි බවකිx මේ ජීවිතය වෙලා ඇති සියලූ තහංචිවලින් මිදී එක දවසක් ගත කිරීමට ඔහුට සිතිණx ගලාහැළෙන දිය දහරාවක හඬ මෙන් ඔහුගේ නොනැවතී ගැළපෙන සිතිවිලි පරම්පරාව කඩාහැළෙන හඬ දෙසවනට ඇසිණx ඔහුගේ සිත පී‍්‍රතියෙන් කුල්මත් වියx ඔහුගේ සිරුර පය ගසා සිටින මහපොළොව ගැන ඔහුට ආදරයක් සිතිණx මේ මව් බිමට මේ මහ පොළොවට, මේ ලෝකයට ආදරයක් සිතෙන බැඳීමක් ඇති කරවන ගීතයක් ගායනා කිරීමට ඔහුගේ දෙතොල් යුහුසුලූ වියx ඔහුට දැනුණේ තමන්ගේ දැඩි සිත වෙනදා මෙන් අද දිනයේද පාගාගෙන සිටිය නොහැකි බවකිx රතී කෙරේ උපන් අනුකම්පාවක් කොහේදෝ සිට හිස ඔසවමින් ඔහුට කරදර කරන්නට ගත්තේයx රතීට ඇති වන හැඟීම් පාලනය කිරීම ගැන, ඇගේ නිදහස සීමා කිරීම ගැන ඔහුට ඇති වූයේ දුකකි. තමන් ගැනම කෝපයකිx රතී රස කෑම සොයාගෙන යාමට ආශා කරයිx එය වරදක් නොවේx තමන්ට තම අදහස් කි‍්‍රයාත්මක කිරීමට මෙතරම් නිදහසක් තිබියදීත් තමන් සිටින අසහනකාරී තත්වය ගැන සිතන විට ඔහුට රතී කෙරේ උපන් අනුකම්පාව දෙගොඩ තලා යන සෙයක් දැනිණx ඒ සිතිවිලිත් සමඟ කි‍්‍රයාත්මක වූ ඔහුගේ දෑත් ලහි ලහියේ මීමාගේ කරේ එල්ලී සිටි රතීගේ ඈඳුත්ත ලිහා දමා ලණු පොට මීමාගේ කරේ ගැට ගැසීය. හරක් රංචුව තණ කමින් කඳුබිඩ දිහාට එන බව ඒත්තු ගන්වා ගත් ගොපල්ලා ඉස්සර වූයේය. වෙනදා හරක් රංචුව පිටුපසම සිටගෙන පොත පෙරළා ගන්නා ඔහු ඉදිරියට ඇදුණේ හරකුන් නිහඬව දෙන විධානයට කීකරුව මෙනිx වෙනදා හරක් රංචුවට පාර පෙන්නූ ඔහුට අද පාර පෙන්නන්නට වූයේ හරක් රංචුවයිx අද හරක් රංචුව පිටුපසට වී සිටීමට ඔහුගේ සිත කිසි සේත්ම ඉඩ දෙන්නේ නැතx ඔහුට තම පිපාසය සන්සිඳවා ගැනීමටද වඩා අවැසි වූයේ නිදහසේ ටිකක් කඳුබිඩ දිගේ ඇවිද යාමටයx වෙනදා ඔහුගේ සිත ඉදිරියේ නිතරම සිටගෙන සිටියේ හරක් පට්ටිය අයිතිකාර මුදලාලියx යම් හෙයකින් හරකෙක් නැති වුවහොත් හෝ වෙනත් කරදරයකට වැටුණ හොත් මුදලාලි ඉදිරියේ වග උත්තර බැඳීමට සිදු වනුයේ ගොපල්ලාටයx ඒ නිසා හරක් පට්ටිය මතම ඇහැ ගසාගෙන සිටීම ඔහුගේ රාජකාරිය වී තිබිණx එහෙත් ඔහුට එසේ කාටවත් කොටු වී සිටීමට සිතුණේ නැතx ඔහු කාලාන්තරයක් තිස්සේ හුරුවීමෙන් නීතියට සම්මුතියට එකඟව සිතන තම සිතිවිලිවලිය පවා නවතා දැමීමට සිතුවේයx සිතට හිතෙන විධියට එක මොහොතක් හෝ වැඩ කිරීමට ඔහු තුළ උපන්නේ ආශාවකිx නීතිවලින්, සදාචාර - සම්මුතිවලින් වියුක්ත ලෝකය කොතරම් සුන්දර දැයි ඔහුට සිතා ගැනීමටවත් නොහැකියx එහෙත් පරම සුන්දරත්වය ඇත්තේ එතැන පමණක්ය කියා ඔහු තීරණය කොට ගත්තේයx පළු ගසින් වැටුණ වියළි කොලයක් සුළඟ විසින් කොහේදෝ රැුගෙන යන්නට බලනුයේ ගුරුත්වාකර්ෂණයට අභියෝග කරමිනි. එහෙත් සුළෙඟ් නැටවෙන කොලය ජයග‍්‍රහණය දීමට කැමැති වූයේ ගුරුත්වාකර්ෂණයටම පමණි. නටමින්ම, සුළඟටද තමන් පක්‍ෂපාතී බව අඟවමින් මඳක් වේලා තැවරි තැවරී සිටි කොලය අවසානයේ වැස්සෙන් පසු ලා දලූ නඟන තණ බිඩැල්ල මත සැතපී ගත්තේය. පත‍්‍රයේ ඉවරයක් නැති නර්තනයත් අවසන තණ බිඩැල්ල මත සැතපී ගැනීමත් ගොපල්ලා බලා සිටියේ ගමන මඳක් නතර කොටගෙනය. ගොපල්ලා අතෙහි වූ කෙවිටෙන් නියර මත සිටගෙන සිටින ලොක්කන්නට්ටා, පිල ආදී පැළෑටිවලට තට්ටු කරමින් ඉදිරියට ඇඳුණේ කන්ද පාමුල ඇති පොල් වත්ත මායිම් කොට ගනිමිනි. කන්දෙහි වූ විශාල ගල් පර්වත නොවන්නට මුළු පළාතක්ම ඉහළට වැඞී ගිය මානා කැළයක් සේ දිස් වන කඳුබිඩ පහළින් පොල් වත්තේ මායිම සටහන් කරන රඹ තුරු සමූහය සුළෙඟ් සෙලවෙනුයේ වෙනදා පුරුදු ලාලිත්‍යයම ප‍්‍රකට කරමිනි. උදේ හවස තමන්ගේ හරක් රංචුව දක්කාගෙන මේ ඉසව්වට එන ගොපල්ලාට මේ කිසිවක් අමුත්තක් වූයේ නැත. ඔහුට හැඟුණේ තමන් ගත කරන මේ වර්තමානයත්, ගත කළ අතීතයත්, ගත කිරීමට නියමිත අනාගතයත් අතර මහා ලොකු වෙනසක් නැති බවකි. ඒ කාලත‍්‍රයම තමන් පය තබන මේ පොළවේම, තමන්ගේ සිරුරින් අහුරාගෙන සිටින මේ අවකාශයේම ඒකීය තලයක ඇති දෙයක් මිස කිසිම තැනකදී උස්වීමක්, අගාධවීමක් හෝ වෙන් වීමක් සිද්ධ නොවන ප‍්‍රපංචයක් වන බවකි. පුරුදු ඉන් නියරට ගොඩ වන විට තමන් මේ පය තබනුයේ ඊයේ පය තැබූ අඩිය පිටම බව ඔහුට සහතිකය. තමන්ගේ පාදය අහුරන ඉඩ එම ක‍්‍රියාවේම පුනරුක්තියක් ලෙසිනි, ඔහුට හැෙ`ගනුයේ. උදේ - හවස තමන්ගේ මෑණියන්ගේ මුවින් පිටවන වදන් වැලද ඔහුට කියා දුන්නේ එම පුනරුක්තියේම දෝංකාරයයි. ,පුතේ ඔය හරක් රංචුව දැන් ආපහු භාර දුන්නොත් නරකද මුදලාලිටම ? උඹේ අද්දියාපනේ එහෙම පිටිම්ම කඩාකප්පල් වෙනව නෙවැ, ඔය රස්සාවට යන්ඩ ගොහිං. ඇරත් වැස්සියක් පැටියෙක් වදන්න අවුරුද්දක් බලාන ඉන්ඩෝනෑ. ඒ ඉ`දලත් ඌට පණු ගායක් හරි මොකක් හරි වසංගතයක් හැදිලා මැරුණොත් ඒ බලා ඉඳිල්ලෙ තේරුමක් නෑ. උඹට පුළුවනෑ සතියකට දවසක් ඉස්කෝලේ ගිහිල්ලා ඔය උගන්නන හැම දෙයක්ම ඉගෙන ගන්ඩ. අර රේල්පාරෙ වැඩ කොරන පොඩිබණ්ඩලාගෙ කෙල්ල සතියෙ දවස් පහ ඉස්කෝලෙ ගිහිල්ලත් සෙනසුරාදා ඉරිදත් කලාස්ද මොනාද යනවා., ඔහුට අම්මාගේ මුවින් පිටවන වදන් කටපාඩම් වූවාක් මෙනි. ඊයේ පිට වූ වදන් ටික එලෙසම අදද පිට වෙයිx එවිට ඊයේ දිනයේ ඒ වචන අභ්‍යවකාශයේ යම් ඉඩයක් අල්ලා ගත්තේද ඒ ඉඩය මතම අද දිනයේත් පැලැස්තර අලවන බවකි, ඔහුට හැඟුණේx රඹ තුරු කඳන්හි ඇති සිසිලසත් තෙතමනයත් පෙරා එකතු කොට ගත්තාක් මෙන් ඒ අසලින් වැතිරී සිටින වටේට ගලින් බැඳ පොළෝ මට්ටම් කොට ඇති ළිං කවාටය දුටු ඔහුගේ මුළු සිතක් සැනහී සේදී යන්නාක් සේ දැනිණ. දින දෙක තුනක් පුරා ඉවරයක් නැතිව ඇද හැළෙන වර්ෂාව විසින් ඒ ළිං කවාටය පිටාර යවනුයේ ඇළ මාර්ගය දිගේ ගොස් වක්කඩකදී හඬ නඟමින් පෙණ ගෝටයක්ද සාදමිනි. වැසි ජලය නිසා හිස ඔසවාගෙන සිටිය නොහැකිව ළිං කටට නැමී ගත් මානා මල් කිරි පැහැ ගත් වතුරේ පාවෙමින් සිටියද එතෙක් නිසලව සිටි ජලය හදිසියේම කැළඹී යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහුගේ සිතිවිල්ල නිවරදය. පොල්වත්ත මැද්දේ ඇති මැටි ගෙයින් එලියට ආ කෙලි නෑම්බගේ පනිට්ටුව ළිං ජලයේ වළක් හරාගෙන ඇතුළට එබිණ. එය පිරී කැළඹී ගත් වතුරින් මතු වී පැමිණ තරුණියගේ දිය රෙදි කඩින් නිරාවරණය වූ පිට දිගේ ගලා ගියේ එක සීරුවට රටා මවන ලෙස ජල බිඳිති රඳවමිනි. කඩා හැලෙන හිසකෙයා වනය පීරාගෙන වැටෙන ජලබිඳිති විසිරී යනුයේ වතුර මලක් සදමිනි. මේ සුනදර දසුනින් සිත මුදා ගත නොහැකි වුවද ඔහුගේ සිතට එක්වැරම ‘රතී’ ගොඩ වූවායx අනෙක් හරකුන් බිම බලාගෙන තණ කන අතරේ නිකමටවත් හිස බිමට පාත් නොකොට ඈත පෙනෙන නිල්ලටම ඇස ගසාගෙන පිම්මේ යන රතී දුටු ඔහුට ඇතුළත රත්ව යන සෙයක් දැනිණx කෝපය විසින් රත් කළ සිරුර ඊළඟ මොහොතේ මළකඳක් මෙන් සීතලව ගියේ කැසපොට කවා ගත් සරමින් යුතුව කෝපාන්විත දෙනෙත් තමා දෙස එල්ල කොටගෙන සිටින මුදලාලි දැකීමෙනිx ”උඹලට අගහිඟ ඔක්කොම ඉන්න හන්දා හරට්ටික එපි මීච්චල් කොරන්ඩ තමා දෙනවාx ඕන්න ඔඳට තමා බලාගන්ඩෝනැx කොලූවො හරප්පැටව් ගහන කොට උඹට එක පටියා, එපිලට එක පටිය; ෂරියා ?” හරක් පට්ටිය තමන්ට භාරදෙන මොහොතේ මුදලාලි කී වචන ටික ඔහුට ඇසෙන්නට වූයේ වචනයෙන් වචනය අවධාරණය ගනිමිනිx සිංහල මිනිහා සඳහා සාමාන්‍යයෙන් මුදලාලිලා දක්වන ගෞරවය, බය පක්ෂපාතකම තම පුතණ්ඩියාට හරිහැටි නුදුන් නිසා අම්මාගේ තරහව ඇවිස්සුණ හැටිද ඔහුට මතකයx ”අනේ මේ ගෙරි තම්බියා, ඇයි කටේ ගෙඩි වෙන්ඩැ කතා කොරන්ඩ බැරි ගරු නම්බු දීලාx වෙන එවුන්ට වැඳ වැඳා හරට්ටික දෙන්නෙx අපි දුප්පත් හින්දා වෙන්ඩැ ඔහොම රැුස් පොට් පෙන්නන්නෙ” ඔහුගේ ඇස් ඉදිරියේ රතී දිව යනුයේ නැවතිල්ලක් නොගෙනයx වට පිට කිසිවක් දෙස නොබලන රතීගේ දෙනෙත් ඇලී ඇත්තේ ඈතින් පෙනෙන රඹ කැලයේම පමණකිx එහෙත් ඒ ඈත පෙනෙන දර්ශන ගැන සිතීමට ඔහුට ඉඩ කඩක් නැතx තමන්ගේ ඇස් ඉදිරියේ සිටින ඇය ඔහුගේ සියලූ දැහැන් බිඳ දමයිx මුළු සිතක් නිරුවත් කරයිx ඒ සිහි වන විට ඔහුට රතී ගැන ඇති වනුයේ දුකකිx ‘රතීට නිදහසේ කන්ඩ ඉඩ දෙන්ඩෝනැ; ඇයි අපි උන්නෙ නිදහස සීමා කරන්නෙ? අපි අපිට කැමති තැන්ඔලට යනවා වාගෙ උන්ටත් යන්ඩ දෙන්ඩෝනැx’ හිමින් සීරුවේ ළිඳ සමීපයේ වූ රට අඹ ගසට කිට්ටු කළ ඔහු ඉහළට හකුළවා ගත් දකුණු කකුල ගහේ කඳට හේත්තු කොට සිරුරේ භාරය ගසට ත්‍යාග කළේ මෙම දසුනින් සිත ඉවතට ඇද ගැනීමට ඇති වූ ලෝභකම නිසාය. තමන්ටත් නොකියාම මෙන් අතක් විසින් නෙළා දුන් කොහොඹ කෙවිටක් තොල් අගින් ඇමිට්ටෙන අතරේ දෙතොල් එකතු වන ඛේටය අසලින් වූ තණකොළයට ගසනුයේ ඔහුගේ දෙනෙත් හොරෙන් හොරෙන් ඈ දෙස බලන විටය. දිය රෙද්දෙන් බේරෙන ඇගේ සිරුර ඔහුට සිහි කොට දෙනුයේ ගෙදර බිත්තියේ ගසා ඇති තාරා දේවියගේ පින්තූරයයිx ඔහු ඒ පින්තූරය වන් කත දෙස බලා සිටියේ ගෞරවය මෙන්ම ආදරයද උතුරන දෑසිනිx ආශාව බේරෙන දෑසිනිx කෙසේ වෙතත් තමන් නාන දෙස තරුණයකු බලා සිටිනවාය කියා ඇය කෙරෙන් කිසිදු අමුත්තක් පළ වූයේ නැත. ඒ අතරේ ඔහුගේ ආකර්ෂණයට තවත් හේතුවක් තිබුණේයx ඒ ඇය තම සිතිවිලි එලෙසම කි‍්‍රයාවට නඟන අයුරු දැකීමයx ඔහු බලා සිටියේ තමන් කල් ඇතිව ගොඩනඟා ගත් අනාගත ප‍්‍රක්ෂේපණ ඇය විසින් අකුරක්වත් නොකඩ කොට ඉෂ්ට කොට ලන අයුරු ගැන පුදුමයෙනුත් පුදුමයට පත් වෙමිනි. . ඕං දැන් වතුර පනිට්ටුව එක අතකින් අරගෙන ඔළුවට වක්කරනවා. ඒත් එක්කම අනික් අතින් ඔළුවේ කෙහෙරැුල් අත පත ගගා වතුර ඇතුළට කාවද්දනවා. දෙය්යනේ ! පුදුමයි එයා එහෙමම කරනවා. ඕං දැන් පනිට්ටුව පැත්තකින් තියලා සබන් කෑල්ල අතට ගන්නවා. ඉස්සෙල්ලම ගාන්නේ කකුලේ. චීත්ත පොට ටික ටික උස්සනවා ඕන්න ඒත් එක්කම මං දිහා හොරෙන් බලනවාx ෂාහ් ! ඇත්තමයිx. ගොපල්ලාට තමන් පළමුව සිතන දේ දෙවනුව ඇය අතින් ඉෂ්ට වන අයුරු බලා දෙතොලට ගොඩ වූ සිනාව සඟවා ගත නොහැකි විය. ඔහුට තමන් මේ හා සමාන සිද්ධියක් මීට පෙර කාවදා හෝ අත්විඳි සෙයක් දැනෙන්නට වුවද ඔහුගේ යටිහිත කෑ ගා කියනුයේ ඇය ස්නානය කරනවා දුටු පළමු අවස්ථාව මේ බවයි. ඒ කෙසේ වෙතත් ඔහුට මෙම ස්නානය සුපුරුදු බවක් කියයි. ඔහු තමන්ට සිතෙන දේ ඇය එසේම කරනවා දකිනුයේ අතීතයේම පුනරුච්චාරණයක් ලෙසිනිx එහෙත් ඒ පුනරුච්චාරණය වනුයේ අතීතයේ කොතැනක, කවදා සිද්ධ වූවක්දැයි කියා ඔහුට සිහි කට නොහැකියx සිතා මතා රූප රාමු මාරු කොට පෙන්වන සිනමා පටයක මෙන් ඔහු ඉදිරියේ ඊළඟට මැවී ගියේ් රඹ කැලයට වැදී ‘චිරි චිරි’ ගා කෙහෙල් අතු බිමට අදිමින් අමුට්ටන රතීගේ දසුනයිx සිතින් සිතා ගත්තක් නැති නම් මනෝ විකාරයක් ලෙස එම දසුන භාර ගත් ඔහු අනාගතයේ සිද්ධ වන දෙය මෙලෙස පෙන්නුම් කරන්නේයි කියා ඒ මොහොතේ සිත සිතා සිටියේ නැතx අලූත් කෑමක් සොයා ගැනීමට ඇති ආශාව නිසා රත් පෑ ගත් රතීගේ දෙනෙත මඟ හැර දැමූ ඔහු ඈ දෙසට සිත හැරෙව්වේ සිතා මතාමයx ඔහු තමන් සිතූ පරිදිම ස්නානය හමාර කොට දෙඅතින්, කොන් දෙකින් අල්ලාගත් සළුවකින් කොණ්ඩය පිසදමා සබන් කෑල්ලත් ඇඟ අතුල්ලන ගලත් පනිට්ටුවට දමාගෙන පනිට්ටු කොක්ක ගස්ස ගස්සා ගෙය දෙසට යන ඇය දෙස තවත් මොහොතක් බලා සිටියේ ඇසි පිල්ලමක්වත් නොගසමිනි. හැඳ සිටින මල් වැටුණ ගවුම පොල් වත්ත මැද්දේ වූ අඩිපාර දිගේ ඇදි ඇදී යන විට ඔහුද ගේ දෙසට ගාටන්නට වූයේ ඉබේටම මෙනි. ඇගේ ගමන බිමන, ඇල්ම බැල්ම ඈ සෑම දෙයක්ම තමන්ට නිහඬ ආරාධනාවක් කරන බවකි, ඔහුට හැඟුණේx ඇයට පියවර කිහිපයක් ඉඩ තබා ඒ පස්සේ ඇදෙන ගොපල්ලාගේ ගමන වැළැක්වීමට මෙන් පොල් ගසක් විසින් බිමට හෙළුෑ වේළී ගිය අත්තක් හණස්සකුත් සමඟ ඔහු ඉදිරියේ පාර මැද්දේ වැටුණෙන් ඇය මඳක් පිටුපස හැරී බැලූවේ වෙව්ළා ගිය සිරුරින් යුතුවය. එය හොඳහැටි ග‍්‍රහණය කොට ගත් ඔහු පහත් වී ඔළුවෙන් අල්ලාගත් පොල් අත්ත අඩිපාරෙන් ඉවත් කොට හණස්ස අතට ගත්තේ ගෙයි මිදුලට දැමීමට සිතාගෙනය. ‘එහෙනං එයා බය වුණා මට කරදරයක් වෙයි කියලාx ඒ කියන්නේ එයා මං ගැන x x x මං ගැන හිතනවාx එයාට මං ගැන x x x ?’ පොල්වත්ත මැද්දේ සිටගෙන සිටින කටු මැටි ගෙය දකින ගොපල්ලාට වෙනදා මෙන්ම අදත් සිහියට ආවේ තමන් පහේ-හයේ පන්තියකදී කියවා ඇති මඩොල්¥ව කෘතියේ එන උපාලිත් ජින්නාත් එක්ව බිඳින්නට ගිය ගෙයයි. ඒ කාරණයම ඔප්පු කරන්නට මෙන් මෙම ගෘහයෙහිද කුදු ගැසුණු වයසක පුද්ගලයෙකු සිටින වග ඔහු හො\කාරවම දනී. වෙනසකට ඇත්තේ මඩොල් ¥වේ ගැහැනියක සිටියද මෙම ගෘහයේ සිටිනුයේ පිරිමියෙකු වීමයිx ඔහු මඳක් විපරම් කොට වට පිට බැලූවේ ඒ කුදු ගැසුණ සිරුර ගෙදර ඉන්නේ නම් නියතයෙන්ම කොහේ හෝ ගහක් යට ගෙඩියක්, කොලයක් සොයමින් සක්මන් කරන බව දන්නා හෙයිනි. තමන්ගේ මව කියා ඇති පරිදි ඇගේ නමද ඔහුට හොඳ හැටි මතකය. ‘කිරිබය්යා උන්දා’ මිදුලේ ඇති කොහු අඹ ගස දිග හැරගෙන සිටින සෙවණැල්ල පාගාගෙන ගේ දොරකඩටම ඔහු ගියේ තමන්ට පුරුදු යමක් ඉදිරියේද සිද්ධ වන්නට ඇති බවක් හැඟුණාක් මෙනි. කෙහෙල් පඳුරකට ඇණ බිම හෙළා එහි බොඩය හිසේ අමුණා ගත් රතීගේ දෙනෙත් නැවතත් ඔහු දෙසට හැරෙන විට ඔහු ‘ෂිහ්’ ගා කෙළ පිඩක්ද බිමට ගැසුවේයx අඳුරෙහි ගිලී පැවති ඇතුළු කාමරයක සිට එළියට ආ තරුණිය දිය රෙද්ද අසලින් වූ පිච්ච ගසට පොරවා ඔහු දෙස බැලූවේ ගෙට ගොඩවන ලෙසට කරන ආරාධනයකුත් පරිත්‍යාග කරමිනි. ”මට පිපාසයි. උගුර කට ගිලෙන්ඩ තරන්x ඇහැකි නං වතුර ඩිංගිත්තක් x x x ?” ඇය සිනාසී ගෙතුළට ගොස් වතුර කෝප්පයක් ගෙනැවිත් ඔහු ඉදිරියේ ඇල්වීය. තමන්ට නොකීවාට තමන්ගේ සිත මෙතෙක් වේලා ඇතුළු ගෙයින් ආ කොහොඹ කොළ කුයිල කුමක් නිසා ආවේ දැයි කියා කල්පනා කරමින් සිටි බව ඔහුට ඒත්තු ගියේ හේතුව සොයා ගත් විට සිත තුළ තිබූ කුතූහලය සන්සිඳී මඳක් සැහැල්ලූ වූ බව දැන ගත් නිසායx තමන් ඉදිරියේ සිටගෙන සිටින යුවතියගේ මුහුණේත් තමන් වෙතට වතුර කෝප්පයක් දික් කොටගෙන සිටින දෑතේත් ඇති කළු ලප ඔහුට සියල්ල අවබෝධ කොට දුන්නේ එක්පැහැරය. ”දෙය්යන්නෙ ලෙඩ හැදිල වාගෙ x x x x ?” ”ඔව්, දෙය්යන්නෙ ලෙඩ හැදුණා. දැන් සුවයි.” යටි සිත සිතූ පරිදි තුවාල කැළැල් දැකීමෙන් ඔහුගේ සිරුරෙහි අප්පිරියාවක් උඩු දුව ගියේ නැතx තලෙලූ සමෙහි වැපිරී ගිය කළු ලප ඔහුට පෙනුණේ අව්වේ වනා ඇති සුදු තල අස්සේ කලවම් වී ගිය කළු තල ඇට කිහිපයක් පරිද්දෙනි. ”ඇයි මා දිහා ගිලින්න වාගෙ බලාන ? ගෙට ඇවිදිල්ලා ඈඳිගන්ඩ. වෙන කව්රුවක්අත් නෑx” ඒ වදනත් සමඟ හීලෑ වූ ඔහුගේ දෙනෙත් මොකක්දෝ සැකයකින් හැමදාකම මෙන් වත්තෙහි පොල් අතු කපන මේ මොහොතේ බිත්ති මුල්ලට හේත්තු වී සිටින අතක් තරම් දිග වප්පිහිය දෙස බැලූවේයx ඔහුගේ දෙනෙත් නැඟූ ඒ ප‍්‍රශ්නය හඳුනා ගත් ඇය උත්තර බැන්දේ සිනාවකුත් සමඟිනිx ”එයා නෑ; ගිහිල්ලා සමාගං කඬේට.” වතුර කෝප්පයත් අතැතිව ගෙට ගොඩ වූ ඔහුට අලූත ගෑ ගොම මැට්ටේ අමුතු පුසුඹක් දැනෙන්නට විය. එදා ඔහු තමන්ගේ ගෙදර, ගෙබිමෙහි සිමෙන්ති ටිකක් අතුරා ගැනීමට සිහින මැව්වේ ගොම කුයිල ඉවසා ගත නොහැකිවය. එහෙත් අද ඔහුට ඒ ගොම ගඳ පුසුඹකි. ඔහු ඒ සුවඳ හමන ගොම මැටි ගෑවී ඇති රටාව සොයා දෙනෙත ගෙන යන විට දුටුවේ හරකුන්ගේ බඩටද ගොස් දිරීමකට හසු නොවී ආපසු පැමිණ ගොම මැට්ටේ අලංකාර රටා මවා ඇති මයිල ඇට කිහිපයකි. ඔහු කකුලේ මහපටැඟිල්ලකින් මයිල ඇටයක් ගැළවීමට වෙර දරමින් සිටින අතර මෑත් වී ගිය දොර රෙද්දෙන් ඇතුළු ගෙයි එහා මෙහා යන යුවතිය ඇස් කොණකට අල්ලා ගත්තේය. ඔහුට ඒ පොල් අතු රටාවට අනුව ඉතාමත් අලංකාර ලෙස ගෑවී ඇති ගොම මැට්ටේ තිබූ මයිල ඇට කිහිපය පෙනුණේ ඇගේ සිරුරෙහි මතු වී ඇති ලප කැළැල් නොහොත් ඔහු තමන් විසින් නම් කොටගෙන සිටින තල ඇට කිහිපය මෙනිx ගොපල්ලාට කිළිටි වී ගිය දොර රෙද්ද සුළඟ විසින් කරන සෙලවීම් නිසා ඇතුළු ගෙයි සිටින යුවතිය පෙනෙනුයේ දිය රැුල්ලකින් මතුව නැවතත් එය විසින්ම යට කොට දමන අලංකාර නාරි දේවතා රූපයක් මෙනිx ඔහුගේ දෙනෙත් දොර රෙද්ද මෑත් වන තෙක් පුල පුලා බලා සිටින්නට වූයේයx ගොපල්ලාට තමන්ට සුපුරුදු යමක් සිද්ධ වීමට යන සෙයකි දැනුණේ. පෙරළා ගත් ගසක වූ විශාල කෙසෙල් කැණක් රතීගේ දත්වලට හසු වී ඇමිට්ටෙයිx මුලදි වූ කෑදරකම ඉවත ලූවාක් මෙන් වූ රතීගේ හදිසිය පලා ගොසිනිx තැන්පත් උපාසිකාවක මෙන් කෙසෙල් ගෙඩි අමුට්ටන ඇගේ දෙනෙත්ද කටින් කටට පිය වී යයිx ගොපල්ලාට දොර රෙද්ද තුළින් පෙනෙන කාන්තා රූපය නිසා සිය කය පිබිදී ගියාක් මෙන් දැනිණ. ඔහුගේ යටි සිත කීවේ මෙවැන්නක් තමන්ට හුරු බවකි. ඊළඟට ඔහුගෙන් වියුක්ත වූ සිරුර දොර රෙද්ද මෑත් කොටගෙන ගෘහාභ්‍යන්තරයට යනවා ඔහුට පෙනිණ. ගොපල්ලාට හැඟුණේ එය සිද්ධ විය යුතු දෙයක් සේයx එහෙයින් ඔහු එය නොබියව ක‍්‍රියාත්මක කළේය. සිතූ පරිදිම එය සිද්ධ විය. සිතූ පරිදිම යන විට ඇය සිටියේ සයනයේ කොනක වාඩිගෙනය. ඔහු ඇගේ උරහිසින් අතක් තැබුවේය. ඒ සැණින් ඇගේ සිරුර නැඟිට ගත්තේ ඔහුගේ අත තරයේ අල්ලා ගනිමිනි. ඔහු තමන්ගේ මුහුණට ළං වූ ඇගේ දෙතොල් තෙත් කිරීමට සිතීය. එහෙත් ඒත් එක්කම යටි සිත කොඳුරන යමක් නිසා ඔහු මඳක් නතර වී ගත්තේය. .දෙය්යන්නෙ ලෙඩ හොඳ වුණා විතරයි. විස බීජ තාම ඇති. එහෙත් ඔහුට පිබිදුණු කය ආපසු ඇද ගැනීමට සිතුණේ ලෝභකමකි. මුලදී කිසිදු විරුද්ධත්වයක් නොපෙන්වුවද ඇය තමන්ගේ යෞවනත්වය විසින් යමක් මතක් කොට දුන් නිසාදෝ මොනවාදෝ ආරක්‍ෂා කොට ගැනීමට දඟළන්නියක මෙන් තමන්ගේ විරුද්ධත්වය පළ කිරීමට දඟළන්නට වූයෙන් ඔහුගේ හැඟීම් දෝර ගලන්නට වියx ගොපල්ලාගේ කය එම පොරබැදීමෙන් තව තවත් පිබිදුණේ කලහකාරී ලෙසය. එහෙත් රතී තනිවම පාළු කරමින් සිටි වත්තට එකතුව සිටි හරක් රංචුව ඇති පදම් කා බිම දපා නැවත වමාරා කමින් සිටිනු දුටු ඔහුට මේ ප්‍රෙහේලිකා විසඳ විසඳා සිටීමට ඉඩක් ලැබුණේ නැතx ඔහු ඉක්මන් වූයේයx ගෙයින් පිටවීමට පෙර එක වරක් ඇය වෙතට දෑස විද්දේ තමන් කළ අකටයුත්තට සමාව ඉල්ලීමට සිතාගෙනයx එහෙත් ඔහුට ගැළවීමක් ලැබුණේ නැතx ඇගේ දෙනෙත තමන්ට දිය නොහැකි දෙයක් ආයාචනාත්මකව ඉල්ලන සෙයකි ඔහුට දැනුණේx ඇගේ හිස අතගෑමට එසැවී ගිය අත අතරමඟ නතර කොට ගත් ඔහු පැටළෙන වචන අතරේ කුමක් නමුත් අදහසක් ගළපා දීමට තැතනීයx ”මං x x x මං x x x මට x x x සමා x x x මේ x x x මං කියන්නේ x x x මේ x x x දැන් ඔයාගෙ තාත්තා එයි x x x මේx x x ?” එම කැලඹිල්ල ඇයට හොඳහැටි වැටහිණx තම දෙනෙත ඉල්ලූ ඉල්ලීම පසෙකට කළ ඇය සිනාවක් ආරූඪ කොටගෙන ඔහුට සමු දුන්නායx ”ඔයා x x x ඔයා යන්නx ඔයාට පිංx ඔයාට ගොඩාක් පිංx ඒ x x x ඒ මයෙ තාත්ත නෙමෙයිx ඒ x x x මං බැඳලා ඉන්නෙක්කෙනාx” ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ගොපල්ලාගේ සිත තමන්ට දොස් නඟන්නට වූයේ ඉවරයක් නැතිවය. ‘නිදහස, කෙහෙල්මල් නිදහසx සම්මුති - සදාචාර නැතුව මේ ලෝකෙ පවතින්න බෑx ඔව්, නිදහස තියෙන්නෙ එව්වා ඇතුළෙමයිx ඒවයින් පිට නෙමෙයිx’ තමන් සිටි ඒ කැප නැති අඩවියෙන් වියුක්තව ඔහු ඉදිරියට ඇදුණේ අඩියට දෙකට වුවද සිත ඔහුගේ සිරුර තල්ලූ කොට දමා තිබුණේ ඊට දස දහස් ගුණයක ඈතකටය. ඔහු ඉදිරියේ පෙනී සිටි ගොම ගොඩවල්, වතුර වළවල් ඔහුට සිහි කොට දුන්නේ ඇගේ සිරුරෙහි මතු වී සිටි තුවාල කැළලියිx ඔහු ඒ තුවාල කැළලි මඟ හරිමින් උඩින්, උඩින් පාද තබමින් ඉදිරියට ඇදුණේ ඇවිද යාමකට වඩා දිවීමක ඉරියව් පළට කරමිනිx ඔහුට තමන් මුලින් සිතූ පරිදි කාලාන්තරයක් තිස්සේ පිට කොට ගත නොහැකිව තෙරපෙමින් සිටි තාරුණ්‍යයේ හැඟීම් පිටවීමෙන් උපදින සමහන් සුවය නොලැබීම ගැන ඇති වූයේ දුකකිx තමන්ගේ සිර වී ගිය ආශාවන් දෝර ගලා ගොස් තෘප්ත වීමෙන් ඇති වන සහනය, සමාදානය වෙනුවට ඔහු තුළ ඇති වූයේ පෙර තිබුණාටද වැඩි අසහනයකිx තාරුණ්‍යය විසින් මුදා හළ තුරුණු හැඟීම් එසේ පා කොට ගත් කාන්තා සිරුර මතක් වන විට ඔහු තුළ නැඟුණේ අසහනයක් තුළ සැඟ වී ගත් පිළිකුළකි; භීතියකිx ඇය තරුණියක් නොවන බව ඔහු අවබෝධ කොටගෙන සිටියේයx එහෙත් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට ඔහුට සිත් දුන්නේ නැතx තමන්ගේ තාරුණ්‍යය දඟ කැවි කැවී ගලා ගියේ මඬ ගොඩක් මතින් බව පමණකි ඔහුට හැඟුණේx ඒ ඇගෙන් පලා ගොස් තිබූ කන්‍යාභාවය නිසා නොවේx ඇගේ සිරුර පුරා විසිරී තිබූ තුවාල කැලැල් නිසායx ඔහු ඇගෙන් නිර්මලත්වයක් බලාපොරොත්තු වූයේ නැතx හරක් පට්ටිය පේන තෙක් මානයක නොමැති බව දැන ගත් ගොපල්ලාට තමන්ගේ මුහුණ ඉදිරියේ මැවී ගියේ ළිප තිබූ කබලක් මෙන් ගිනි පුපුරු නඟන මුදලාලිගේ මුහුණයි. දෙකංශයෙන් ගලන දහඩිය පිස දමමින් ඔහු කඳුබිඩ දිගේ දිව්වේ ඇඟ පුරා නඟින සියුම් හිරිකිතය සමඟද වාදාභිමුඛ වෙමිනි. ඔහුගේ දෙනෙත් ඉදිරියේ එකා පිට එකා නැෙඟමින් රතීත් නමවත් නොදන්නා ඒ යුවතියත් මැවී සිට ගන්නට වූවෝයx ‘ෂි: දෙය්යන්නෙ ලෙඩ. අය්යෝ ! බෝ වෙයිද දන්නෙත් නෑ. බෝ වුණොත් ඔක්කෝම ඉවරයි. ඒ ගේ හැම තැනම තාම විෂබීජx’ එහෙත් ඇතුළතින් සිට තවෙකෙක් කතා කරන්නට වූයේයx ‘න් නෑ x x ග බයවෙන්ඩ හොඳ නෑ. බය වුණොත්ලූ දෙය්යන්නෙ ලෙඩ බෝවෙන්නේ. ඇරත් එක සැරයක් හැදිච්චහම ආයෙ හැදෙන්නෙ නෑලූ. මට මතකයි අම්මා කියලා තියෙනවා මට පොඩි කාලෙ කිරි බොන්ඩවත් බැරුව හිටියලූ දෙය්යනෙ ලෙඩ හැදිලා. ෂි: මේ හරක් පට්ටිය කොටියා කාලා කොහෙ ගියාද? අනේ මේ ගහල මරක්කයාගෙ හරප්පට්ටිය ? අර රතී තමා හිටපන්කො අද ඕකි ඈඳනවා අර මීමගෙ කරේමx අර නාකියා කොහොමද මේ ළමයගේ මනුස්සයා උණේ ? එතකොට මං පර අඹුවක් සේවනය කළාx ඇත්තටම අර මුරකාරයා; අර අරනෝලිසා හරට්ටික පාළු බැඳලද දන්නෙත් නෑ. එහෙම වුණොත් නං ඉතිං කම්මුතුයි තමා. හොරෙන් හැංගිලා ඉඳලා ලෙහා ගන්නවා ඇර ණය ගෙවන්ඩ කොහෙ තියෙන කාසියද්දx මුදාලාලියා සත පහක් කියලා දෙනේකක්යෑx ඌ මාව කයි පුළුවන්නංx. අරනෝලිස් කෙහෙල් වත්තේ සිටින හරක් රංචුව පන්නා හරිනුයේ හොඳටම කෝප වීගෙනය. තමන්ගේ අත පය වෙව්ළන වේගයටම මෙන් ඔහුගේ කටින් වචනද පිට වෙයි. ”අනේ මේ හැතිකරේ. මුන්ගේ අයිතිකාරයෝ මොකේ මකබෑවිලාද දන් නෑ ? කොහෙ හරි ගුබ්බෑයමකට රිංගගෙන ඇති මෙලහකටx උන්ගේ අම්මලාට නිදිත්‍වග” ගොපල්ලා අසලින් වූ බොකල වැල් ගාලට රිංගා ගත්තේ අරනෝලිස්ගේ දෙනෙතට මුවා වන්නටය. අරනෝලිසාගේ කැති පාරකට මී වැස්සියකගේ වල්ගය කැපී එල්ලෙනු දුටු ඔහුගේ දෙනෙත් පියවී ගියේ ඉබේටමය. ඒ තුවාලය දවස් දෙක තුන යන විට පණුවන් තියා ඇති අයුරු දුටු ඔහුට මැවී පෙනුණේ තවමත් හරියකට වේළී නොගිය අර ගැහැනියගේ මුහුණේ වූ තුවාල කැළලියි. ඔහුගේ මිට මෙල වී ගිය අතක් අනෙක් අතෙහි අල්ලේ හැපී ගියේ සිරුර පුරා උඩු දුවන තරම් වේදනාවක් ඇති කරමිනි. අරනෝලිස් තවත් මොනවාදෝ කිය කියා කුණු හරුපයෙන් බැණ අඬ ගා ආපසු හැරුණ විට ඔහු හරක් පට්ටියට කිට්ටු කළේ පඳුරකින් කඩා ගත් කූරටියා කෙවිටක්ද අතැතිවය. .කිස් කීස්. ගාමින් එය හරකුන්ගේ පිටෙහි පාරවල් අඳින විට හරක් රංචුව දුවන්නට වූයේ එලෝ මෙලෝ නැතිවය. තවමත් රංචුවට එකතු නොවී සිටි කණ්ඩායමේ නායිකාව වූ රතී පිටුපස්සෙන් හැම්මේ දුවගෙන විත් පට්ටියට එකතු වූයේ ඔහුගේ කෝපය කන් අඩිවලින් පිට කරවමිනි. ”මේ ගහල එළදෙනට නිදහස දෙන්න ගිහිල්ලා තමා මෙහෙව් වින්නැහියක් වුණේx අනේ ඇත්තට මේ මරක්කලයගෙ එළදෙන x x x ? හිටපන්කෝ මීට පස්සෙ ! හිටපන්කෝ ආය උඹලට සැප නෑx කෑ ගගහ හිටපියව් ගාලට වෙලා බඩගින්නේx දවසට පැයයි කන්න දෙන්නෙ වැඩිම වුණොත්x මුන්ට නිදහස දුන්නා වැඩියි මමx” හල්මිල්ල ඇළෙන් ගොඩ කොට ගත් හරක් රංචුව ඉපණැලි බේරුණ වෙලකට දැමූ ඔහු පළමුවෙන්ම කළේ රතී නැවතත් මීමාගේ කරේ ඇඳීමයි. අනතුරුව හිතේ කේන්තිය පහ වන තුරු ඔහු කළේ කූරටියා කෙවිටෙන් රතීට තැළීමය. බලා සිටියදී වයිරපලූ නඟින පිට අඹරවමින් රතී කෑ ගාන්නට වූයේ අභය ඉල්ලා විය යුතුය. එහෙත් ඈ බේරා ගැනීමට කිසිවෙකුත් සිටියේ නැතx කෙවිට කුඩා පැන්සලක් මෙන් අතෙහි කොටයක් ඉතිරි කරන තෙක් තැළුෑ ඔහුට සියඹලා ගසෙහි ගල් ආසනය මත තැබූ ගමන්මල්ල ගෙන ඒමට ආයෙත් වතාවක් ඇළෙන් එගොඩට යා යුතු බව සිහි වන විට තමන්ටද පාර කිහිපයක් ගසා ගැනීමට තරම් සිතිණ. ඒ කෝපය දෙගුණ තෙගුණ වී ගියේ ඔහුට තම සිරුර තැන් තැන්වලින් කැසිල්ලක් නඟන බව දැනුණ විටයx ‘ෂිහ් ! අර කරුම විසබීජද කොහෙදෝx අය්යෝ දෙය්යනේ ! මං ඇයි එහෙම දෙයක් කෙරුවේ ? ෂ් x x x නෑ x x x නෑx බයවෙන්න නරකයිx මේ x x x ඔය නිදිකුම්බාඔලට එහෙම සීරිලා, මානා කොලඔලට කැපිලා දැන් වතුර ගෑවුණාට පස්සෙ එන කැහිල්ලක් වෙන්ඩැතිx’

හෙරලිගහගෙදර

හෙරලිගහගෙදර අරූප රූපය ඔහුව විඩාවට පත් කොට ඇත්තේ හිතක් පපුවක් නැති ගාණටයx තමන්ට ඉවරයක් නැතිව වධ දෙන ඒ අරූප රූපයවත් මවා ගත නොහැකි තරමට අවසානයේ ඔහුගේ සිත වෙහෙසට පත්ව තිබුණේයx අත ළග තිබූ කහට කෝප්පය ගැනීමට ඔහුට දෙතුන් වතාවක් තම අත මෙහෙයවීමට සිදු විය. වෙනිවැල් ගැට කසායක් බිවූ කලෙක මෙන් ඒ ආරංචිය ඇසූ මොහොතේ සිට ඔහුගේ මුළු ඇඟක් පුරා දිව යමින් සිටි අප්පිරියාව උගුරෙන් උගුර ඇඟට වැටෙන කහට ඩිංගිත්ත නිසා ටිකෙන් ටික මැකී යන සෙයකි. තමන්ගේ ළඟ පාතක මලයා සිටියා නම් ඔහුට කෙසේ සලකනු ඇත්දැයි මොහොමඞ්ටම සිතා ගත නොහැකිව ඇත්තේ අපැහැදිලි ජංගමශීලී සිතුවම් පෙළක් එක් විඩයේම පැමිණ මුළු සිතක් වසා ගන්නට වූ හෙයිනි. කෙසේ වෙතත් තමන්ගේ අතක් ඉහළට එස වී මලයාගේ කම්මුල හරහා පාරක් ගැසීමට සුදානමින් සිටින බව නම් ඔහුට පැහැදිලිය. එහෙත් හදිසියේම ඒ අත මලයාගේ යදණ්ඩක් වැනි අතක් විසින් තරයේ අල්ලා පහර වළකා පෙරලා තමන්ගේ කම්මුල හරහා පහරක් ගසනු මැවී යන විට ඔහුගේ මුළු සිරුරම අප‍්‍රාණික වී යනුයේ හැඳ සිටි කොටු සරම හදිසියේ මහා සෙන`ගක් මධ්‍යයේ කැඞී බිම වැටී තමන්ගේ සෙළුව පෙන්වා ගිය කලෙක මෙනි. .හ්ම් ත්‍වත්‍වත්‍වගග ඒකත් බැරිකොමක් නෑ ඌට, මෙච්චර හරියක් කොරාපු එකේ ඕක මොකද්ද. එකාතකින් ආය මට මොකට ගහන්ඩද ? මේ කෙරුවේ මට ගහනවට වැඩි දෙයක් නොවැ. මෙයිට වැඩිය හොඳයි මූ මාව මරලා දැම්මා නං.. තමන් ගෙට පය තැබූ මොහොතේ පටන් බිරිඳ හොර බැළලියක මෙන් එහා මෙහා යමින් මේ සිද්ධ වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට කරන අර ඇඳීම මොහොමඞ්ගේ සිතට ගොඩව තිබූ කෝපය පඳුරු ගසා දැමුවේය. ඇගේ හාරා ඇවිස්සීම් නිසා උඩුදිවූ කෝපය මුහුණේ මස් වැදලි ඉහළ වීසි කරමින් පිටවන්නට තැන් සොයන්නට ගත්තේ දෙනෙත් ලේ පැහැ ගන්වමිනි. ,ඔය තේ කහටෙක ඇල්වෙනවා නොවැ. ඕක බීලා හිටිය නං කල්පොනා කොරන්ඩx හැබෑටම මොකද්දෑ වුණේ ? අක්ක අසනීපෙන් වද්ද ?, මොහොමඞ්ගේ රත් පැහැ දෙනෙත් බිරිඳ වෙතට හැරී යන විට ඇගේ දෙනෙත පහළ වැටී ගියේ ලජ්ජාවත්, බියත් කැටි කොට ගත් සියුම් චකිතය පොළොවේ ගසමිනි. පොළොවේ ගැසූ පෙරේතයකු මෙන් හතර ගාත් දිගු කරගෙන ටික වේලාවක් වැතිරී සිට නැඟිට ගත් එම දෙනෙත් මඳ මොහොතක් සිමෙන්ති පොළොවේ ඈඳිගෙන විඩා හැර ඇතිව ගත් නිහඬතාව සුළු මොහොතකට බිඳ දමමින් නැවතත් එසැ වී ගියේ සැමියාගේ කෝපාන්විත මුහුණ ම`ගහැර අවට වට බැලීමට සිතුවාක් මෙනි. ”අක්කා ගෙදර උන්නද මෙයා ?” ”හ්ම් ත්‍ව x” මතක ඇති කාලෙකට බොරුවක්, මුසාවක් පාවිච්චි කොට නැති මොහොමඞ්ට බිරිඳ දෙස බැලූණේ ඉබේටමය. තමන්ද නොසිතා දෙතොල් එළියට වීසි කළ මුසාවාදය ආපසු ඇද ගැනීමට සිතුවද ඔහුගේ සිතට දැනුණ කෙඩෙත්තු ගතිය ඊට ඉඩ දුන්නේ නැත. පාරක් තොටක් නොපෙන්වා තමන් ඉදිරියේ පෙනී සිටිමින් කට දෙපසට අදිමින් විකෘති රූප මවමින් සිටි අරූප රූපය නොහොත් ඔහු සුළු මොහොතකට පෙර නමක් දී හඳුනා ගත් අල්ලා දෙවියන් වහන්සේ ඔහු ඉදිරියේ නැවතත් පෙනී සිටින්නට ගත්තේ අනාරාධිතවමය. තමන්ගේ සිත කාලයක් පුරාවට මවා ගැනීමට දැඟළුෑ අල්ලා දෙවියන් පිළිබඳ මෙවර ඔහුට ඇති වූයේ සියුම් තරහවකි. ‘බොරු කියා අනුන් රැුවටීම මහා පාපතර ක‍්‍රියාවක්. බව කුරාණය කියා ඇති ස්ථානයේ අකුරු එක් එක් අභූත රූප මවමින් ඔහු ඉදිරියේ එහා මෙහා ධාවනය වන්නට ගත්තේය. ඉහළට මතු වී පොතින් ගැළවීමට මෙන් උඩ පනින ඒවා තවත් විටෙක පොතටම ඇලී ගියාක් මෙන් මුළු පොතක් පුරා ප‍්‍රසාරණය වෙයි. ඒ අතරේ මොකෙක්දෝ අමුතු සතෙක් පැමිණ ඒ අකුරු ගලවාගෙන තම මුඛයට දමා අමුට්ටනුයේ ප‍්‍රණීත ආහාරයක් අනුභව කරන කලෙක මෙනි. ඒ අතරේ මොකක්දෝ දිගටි-පැතලි රූපයක් මොහොමඞ්ගේ හිසට උඩින් සිට උලි උලි පාන්නට ගත්තේ ඉවරයක් නැතිවය. ඔහුට තමන්ගේ මුතුන් මිත්තන් ගැන ඇති වූයේ දැඩි කෝපයකි. ‘ෂි: මේ මිනිස්සු අල්ලා දෙය්යෝ පිළිමෙකින් හරි පෙන්නලා තිබ්බ නං අද මෙහෙම වදයක් නෑනේ.. එහෙත් හදවත නැ`ගූ එම දෝංකාරයෙන් ඔහු මහා වැස්සක තමන් අසලින් පිපිරූ අකුණකට බිය වූ කලෙක මෙන් භීතියෙන් ඇළලී ගියේ ‘අල්ලා දෙවියන් ප‍්‍රතිමාවකට නැ`ගිය නොහැකියි. ඔහු සාමාන්‍ය මිනිස් රූපයකින් පෙන්විය නොහැකියි. එසේ පෙන්වුව හොත් එය උන්වහන්සේට කරන අගෞරවයකි’ යන යටි සිත කියූ කේලම ඔහුගේ කන් අඩි තළන්නට ගත් හෙයිනි. ඔහු ගෙදරින් එළියට බසින ඕනෑම මොහොතක පැළඳ ගන්නා බූල් තොප්පිය ගළවා අතට ගත්තේ එමඟින්වත් සැනසීමක් සොයා ගැනීමට සිතුවාක් මෙනිx ජම්බු ගහ දෙසින් ආ සුළං රොදක් ඔහුගේ සුදු පෑ හිසකෙයා සමඟ පොරබදන විට සිරුරට දැනුණ සීතල ඔහුගේ සිතෙහි වූ රත්ව ගත් සිතිවිලි මඳක් ළිහිල් කොට දැමුවේයx තමන්ට පිටුපසින් බිත්තියේ එල්ලා ඇති මක්කම දේවස්ථානය හා එහි රැුස් කන පිරිස සහිත ඡුායාරූපය ඔහුගේ නෙත ගැටුණේ හෙට ජුම්මා රාති‍්‍රය නිසා සුදු පෑ බූල් තොප්පිය සෝදා දැමිය යුතු යැයි කියා යටි සිත කියන සිතිවිල්ලද මැඩගෙන එය එල්ලීමට බිත්තියේ ගසා ඇති ඇණය දෙසට හැරෙන විටයx තමන්ගේ පැනයට සැමියාගෙන් ලැබුණ බුරුල දුටු ලරීනා කතාවක් පිරීමට අවැසි කළමනා එක්කාසු කරන්නට වූයේ ඔහුගේ මුහුණ කියවන අතරේමය. මඳක් ඉදිරියට ඇදී ඇති තලූ දෙක වසා ගණට වැඞී සිටි රවුල ඔහුගේ තඹ පෑ ගත් සුදු සම මත විසිරී ගිය වයෝවෘද්ධ බව වැඞී කොට තිබුණේයx හිස මතට කඩා වැටුණු වලාකුළක් වන් සුදු පැහැති හිසකෙස් ගොඩ ඒ වයෝවෘද්ධත්වය එළිපිට ප‍්‍රකාශ කරන්නට නොපැකිළ ඉදිරිපත් වූයේයx පනාවක පහසක් නොලැබූ නිසා හාවුන් විසින් පිමි පැන අවුල් කොට දමා ඇති පරඬලා ගොඩක් මෙන් වූ ඒ හිසෙහි රොද බැඳ ගත් උකුණු රංචු මතු නොව සතා සීපාවාද ඇතැයි නොසිතා සිටීමට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. ”අක්කා මොකෑ කිව්වෙ ? කවදා දිහාටෙයි එනවා කිව්වෙ ?” ,දැන්ම එනේකක් නෑ., ”ඉතිං මොකෑ ඔය ආ වෙලාවෙ ඉඳන් අහස පොළොව ගැටලන්ඩ කල්පනාව ?” එළදෙන සිටියේ තම පැටියාට කිරි පොවමිනිx ඒ අතරේ තම දරුවාගේ පිට දික් අතට ලෙව කමින් ආදරය පෙන්වන්නට ඇය ප‍්‍රමාද වූයේ නැතx එහෙත් වස්සා එක් විඩයේම හිස උස්සා අම්මාගේ කිරි පල්ලේ හිස ඇන්නෙන් අම්මා ඉහළ වීසි වී ගියේයx කෝප ගත් එළදෙනගේ පයක් ඉස්සී වස්සාට පා පහරක් එල්ල කළේ තවත් සිත සිතා නොසිටයx එවන් පහරක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ වසු පැටවා වීසි වී ගොස් ඇද වැටුණේ බඹයක් පමණ ඈතින් වූ හෙරළි ගස යටටයx බිරිඳගේ ඉවරයක් නැති ප‍්‍රශ්න කිරීම ඔහුගේ සිතට නැවතත් ගොඩ කරවූයේ කෝපයයි. කෝපය මුසුව ගත් දෙනෙත නඟා බිරිඳ දෙස බලන විට ඔහු හමුවේ නැවතත් මැවී ගියේ අර රූපයක් නැති රූපයමය. මේ වන විට අල්ලා දෙවියන් යැයි කියා සිතට කාවද්දා ගෙන, නම්ගොත් සපයා හඳුනාගෙන සිටි ඒ රූපය දුටු ඔහුට හැ`ඩුම් එන්නට වූයේ ඇතුළතින් නඟන ඉකි බිඳුමකුත් සමඟිනි. එහෙත් ඒ ඉකිබිඳුම වෑයමින් සඟවා ගත් ඔහුගේ බැල්ම යොමු වූයේ තමන් ඉදිරියේ දෙකඩ වෙමින් මහා ආවාට තනමින් ගිලා බස්නා මහ පොළොව මතටය. මොහොමඞ්, එදා සිට මේ දක්වා තමන්ගේ සෙවණැල්ල මෙන් දුකේදීත් සැපේදීත් කිසිදු වෙනසක් නැතිව වචනයකින් පවා තමනට අකටයුත්තක් නොකොට සිටි එකම තැනැත්තිය වන තමන්ගේ බිරිඳ ලරීනා දෙසටය, එතෙක් වේලා තමන් ඉදිරියේ දෙබෑ වන පොළොව මත ඉන්දවා තිබූ දෙනෙත ගෙන ගොස් තැබුවේ. ඉදිරි දොරින් ඇතුළට ආ අගහිඟකම් සියල්ල කිසිදු කෙණෙහිල්ලකින් තොරව අරපිරිමැස්ම නමැති අතින් පිසදා පෑළ දොරින් පිටමං කරන මේ බිරිඳ නොසිටින්නට තමන්ගේ පවුල් ජීවිතය කඩා වැටෙන්නට තිබුණේ බොහෝ කලකට පෙර බව සිහි වන විට ඔහුගේ හදවතට නඟිනුයේ සියුම් සන්තුෂ්ටියකි. මුළුතැන් ගෙයි ලූණු පොල් කට්ට කැලතීමටම ගෙවී ගිය බිරිඳගේ නියපොතු තුඩු දෙස බැලූ ඔහුගේ දෙනෙතෙහි දිදුළන තෙතමනය දුටු ඇය තමන්ගේ දෙනෙතින් ඒවා ග‍්‍රහණය කොට ගත්තේ කඹයක් දමා ඇදගෙන සදහටම එකට ගැට ගසන කලෙක මෙන් වෙනත් එල්ලයකට ඉඩ නොදෙමිනි. ඇතිව ගත් අපහසුතාව නිසා තම මුහුණ බිරිඳගෙන් සැඟවීමට සිතා වට පිට බැලූ ඔහුගේ දෙනෙත අල්ලා ගත්තේ තමන් ඉදිරියෙන් සිටගෙන සිටින හෙරළි ගසයි. එදා මෙදාතුර තමන්ගේ නිවෙසේ සිද්ධ වූ හැම දෙයක්ම ඇස ගසාගෙන සිටි හෙරළි ගස අදද මේ සියල්ල බලා සිටින බව ඔහුට නොරහසකිx ගෙඩි රෝගය වැළඳුණ කලෙක මෙන් ගහ මුල සිට පළගෙන ඇති හෙරළි ගෙඩි කොතෙකුත් තිබුණද ඔහුට දැනුණේ හෙරළි ගසද තමන් මෙන්ම කිසිවක් කර කියා ගත නොහැකිව වයෝවෘද්ධ වී ඇති බවකිx එහෙත් ඔහුට ඒ අනුකම්පාවට ඉඩ දීමට සිතුණේ නැතx තමන්ට කරදර පැමිණ ඇති මේ මොහොතේ හෙරළි ගසද ඔච්චම් පෑම ගැන ඔහුට ඇති වූයේ දුකකිx ඒ හෙරළි ගස අර අරූප රූපයට තමන්ගේ අතු අස්සේ ලැගගෙන සිටීමට ඉඩ දී ඇත්තේ ඔහු ගැන තඹයකටවත් මායිම් නොකොටයx හෙරළි ගස කෙරේ උපන් කළකිරීම පිළිබඳ සිතිවිල්ලෙන්ම අතු අස්සේ සැඟවෙමින් ගහ උඩට නැඟ ගත් ඔහුගේ දෙනෙත් ගස් මුදුනින් පිටත්ව ගොස් නතර වී ගත්තේ හිස් ආකාශයේයx බිමට නැඹුරුව අන්ධකාර දෝනාවක් දිගේ පහළට බැලූ විට පෙනෙන ළිං වතුරක් සේ වට පිටේ ඇති ගස් කඳන් දිගේ ඉහළට ගොස් දුටු අභ්‍යවකාශය ඔහුගේ සිතට හීනි සැහැල්ලූවක් ළං කොට දෙන්නට තැතනුවේය. එහෙත් ඒත් එක්කම මෙන් හිස් ආකාශයේ එල්ලීගෙන සිටි අර අරූප රූපය ඔහු ඉදිරියේ මොනවාදෝ කියන්නට තතනමින් තමන් දෙස රවා බලන සෙයක් ඔහුගේ ඇස ගැසුණෙන් සියුම් භීතියක් සිතට කාන්දු වන්නට වූයේය. ගස් අතරින් පෑදී සිටි මුළු අහසක් පුරා වැතිරී සිටි අරූප රූපය කෙරෙහි මේ වතාවේ ඔහු තුළ රෝපණය වන්නට වූයේ ඉවරයක් නැති කෝපයකි. තමන් මෙතෙක් වේලා අල්ලා දෙවියන් යැයි කියා උප්පැන්න දීගෙන සිටි ඒ රූපයට ඔහු ‘අල්ලා දෙවියන්ගේ සතුරා - සාතන්’ යි කියා නම් ගොත් වෙනස් කොට ගත්තේ ඒ කෝපය නිමිති කොටගෙනය. ඒත් එක්කම කන්වලට යවුල් අනින්නාක් මෙන් ඇසෙන්නට වූ නොතාරිස් තැනගේ වචන ටික ඔහු සන්තකව තිබුණා වූ අල්පමාත‍්‍ර වූ සැනසීමද කීතු කීතු කොට ඉරා දැමූයේ කිසිදු අනුකම්පාවක් නොදක්වමිනි. ”න්ආ මුදලාලි ! හුඟ දවසකින් නොවැ මේ පැත්තේ ? හොඳයි ආ එක. මං අර ලියකියවිලි ටික ඔක්කෝම සූජානං කෙරුවා. තම්බි තාම අවෙ නෑ එනව කිව්වටx දැන් ඉතිං මුදලාලිටම බැරියැයි ඒ ටික ඇන්න යන්ඩ.” ”මේ x x x ලියකියවිලි කිව්වේ ?” ”ඇයි හෙරලිගහගෙදර මල්ලිගේ නමට පවරපු ඔප්පු තිරප්පු ටිකx මුදලාලී මයෙ හිතේ බිස්නස් වැඩඔලටත්තෙක්ක පුත්තලම දිහා පදිංචියට යයි. ඒ දවස්සොල මාත්තෙක්ක කිව්වනේ පුත්තලම දිහාට යනවා නං හොඳයි කියලාx හොඳයි ඉතිං වැඩිමල් සෝයුරෙක් වෙච්චාම මෙව්වා දැම්මම නිරවුල් කරලා යනේක. නැත්තං පස්සට කරදර. මුදලාලි ඉතිං කවදත් නෑ බෑ නොකියා යුතුකං ඉෂ්ට කොරාපු මනුස්සයානේx ආය අපි නොදන්නවාය ඒ හරිය” තමන්ගේ එකම සොහොයුරිය ඇගේ එකම දියණිය බැලීමට ගමට ගොස් ආපසු එනුයේ මාසයකට හමාරකට වතාවකි. මෙවර ඈ ගොස් තිබුණේ සති දෙකකට පෙරාතුව යෙදුණ අම්මාගේ තුන් දවසේ දානය හමාර වීමෙන් අනතුරු දිනයේය. තමන් අතහැර ගොස් පල්ලියේ වත්තේ සදහටම සුව නින්දේ පසු වන අම්මා සිහි වන විට කුඩා කල සිට එක පතේ කාගෙන හැදී වැඩුණ අක්කා ඔහුගේ සිතට ගොඩ වනුයේ නිතැතිනි. අවුරුදු අසූ නමයක් යන තෙක් මේ හෙරලිගහගෙදර අතහැර නොගිය අම්මාගේ අඳුරු සෙවණැලි හොල්මන් අවතාර මෙන් ඔහු ඉදිරියේ සක්මන් කරන්නට වී දින දෙක තුන යන විට මොහොමඞ්ගේ තීරණය වූයේ අක්කා බැලීමට යාමටය. කසාදයෙන් වසරක් ගෙවී ගිය තැන කුසට දරුවකු දී පළා ගිය මස්සිනා නිසා අසරණ වූ අක්කා මහගෙදරට පිටුපසින් වූ කුඩා නිවසෙහි පදිංචි වී සිටියද ඇගේ සියලූ ඕනෑ එපාකම් සපුරා ලූයේ මොහොමඞ්ගේම දෑතය. නිසි වයස පැමිණ ඇගේ දෝණියට හොඳ තැනකින් මනාලයකු සොයා දීග තුලාවක දුන්නේද ඔහුගේ දෑතම විනා අනෙකක් නොවේ. අක්කණ්ඩිය බලා කියා ගැනීමට කියා උදෙන්ම පිටත් වූ ඔහු සුපුරුදු පරිදි අතර මඟදී නොතාරිස් මහතාගේ ගෙදරට ගොඩ වූයේ අක්කාගේ දියණියගේ මඟුලද ජෝඩු කොට දුන් තම මිත‍්‍රයාගේ ගෙදරට ගොඩ නොවෑදී යාම නොහොඹිනා හෙයිනි. එහෙත් මලයාගේ කෛරාටික වැඩ පිළිවෙළ එළි වූ විට ඔහුට එතැන තවත් රැුඳී සිටීමට සිත් දුන්නේ නැත. නොතාරිස් තැන දුන් ලියකියවිලි ටිකද කිහිලි ගන්නාගෙන ඔහු ගෙදර ආවේ අක්කා මුණ ගැසීමටවත් යන්නේ නැතිවය. ගම්මුන් විසින් තමන්ගේ ගෙදරට නම් දීමට යොදා ගත් ඉදිරියේ ඇති හෙරලි ගහ දකින මොහොමඞ්ට තමන් එය ඉන්දවූ දිනය සිහි වෙයි. හදිසි අනතුරකින් මිය ගිය වාප්පාගේ තුන්වෙනි දින දානය දවසේ අය්යා මලෝ එකතු වී ඉන්ද වූ පැළය මේ වන විට දෙදෙනාගේම උස එක් කොටද ගණන් කළ නොහැකි තරම් දෙතුන් ගුණයකින් උස ගොස් ඇත්තේය. එදා ඔවුන් එම පැළය සිටෙව්වේ අම්මාගේ කීම පිට මිස කිසිවක් දැන කියාගෙන නොවේx එහෙත් ඒ ගස වැඩෙන්නට වැඩෙන්නට ගම්මුන්ගේ අවධානය ඒ දෙසට යොමු වී ගත්තේයx හෑම කන්නයකම මදි නොකියන්නට පළදාව දෙන එම ගස ගම්මුන්ගේම බත් ගස වී තිබුණේයx කිසිවෙකුත් අසා බැලීමකින්ද තොරව තමන්ගේ ගසකින් කඩාගෙන යන්නාක් මෙන් හෙරළි ගෙඩි කඩාගෙන යනුයේ මොහොමඞ්ගේම ඇස් ඉදිරිපිටයx ආරම්භයේම මෙන් ලරීනා ඒ කෙරේ රොස් පරොස් ලෙස බලන්නට වුවද මොහොමඞ් එම කෝපය මෝරා යන්නට ඉඩ දුන්නේ නැතx ‘ඔහෙ කඩන් ගියපුවාවෙx කාගෙ හරි බඩ කට පිරෙනව නං පිනක් නොවැ’ ඔහුට ඒ හෙරළි ගසේ ගෙඩි කඩාගෙන යන ගම්මුන් දකින විට ඇති වූයේ සන්තෝෂයකිx ඒ සතුට නිසාම හෙරළි ගස දෙස කෘතඥතාපූර්වක බැල්මක් හෙළුෑ ඔහු සිය සිතිවිලි දාමය හෙරළි ගස සමඟ බෙදා ගන්නට සිතුවේයx ඔහුට හෙරළි ගස තමන්ගේ ඥාතියෙකු තරමට සමීප වූයේ ඒ හැඟීමත් සමඟිනිx ඔහුගේ සිතට සන්තුෂ්ටිය ගෙනා ඒ ඥාතියාද අද ඔහුට විරුද්ධව ඇතx කොහේදෝ සිට ආ අරූප රූපයකට ඒ හෙරළි ගස නවාතැන් සපයා ඇතx අවාරය වුවද තැනින් තැනින් සුදු පැහැති ගෙඩි කිහිපයක් අල්ලා ඇති පිනි ජම්බු ගස වෙතට මොහොමඞ්ගේ දෙනෙත දිව්වේ කළකිරීමෙන් යුතුව හෙරළි ගසෙන් බැස ගත් ඇසිල්ලේයx කුඩා සන්ධියේ අය්යාත් මලයාත් පොතත් අරගෙන පාඩම් කිරීමට යනුයේ පිනි ජම්බු ගහ යටටය. පිනි ජම්බු ගසෙහි බැඳ ඇති ගණනින් නිශ්චිත නැති කුරුලූ කූඩ කුඩාවුන් දෙදෙනාටද කුරුලූ කූඩු තැනීමට පාඩම් කියා දුන්නේය. තමන්ගේ හතර වටින් සිටිනුයේ සිංහල ගම් ගෙවල් නිසාත් මුළු ගමටම මුස්ලිමුන් කියා සිටිනුයේ පවුල් අට දහයක් පමණක් වන නිසාත් වාප්පා වැඩිපුර උනන්දු වූයේ පිරිමි දරුවන් දෙදෙනාට දෙමළ බස නොව සිංහල බස ඉගැන්වීමටය. ළඟම ඇති අල් මජිදා පාසල වැසීමට සිද්ධ වේය යන බිය නිසා නොවන්නට දරුවන් දෙදෙනා ශ‍්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය නමින් ගම මැද්දේ වූ සිංහල ඉස්කෝලයට යවනවා සිකුරුය. එහෙත් නිවෙස අසල සිටි සිංහල ඉස්කෝලෙ මහතාගේ ගෙදරට පාසල් ගමනින් පසු සැන්දෑවේ දරුවන් දෙදෙනා යැවූයේ ඒ අඩුව පිරිමැසීමට සිතාගෙනය. ”අය්යේ අද සිංහල ඉස්කෝලේ මහත්තයා උගන්නපුවා මොකවත් මට නං තේරුන් නෑ.” ”ඇයි නැත්තේ ? අද මොනාද ඉගැන්නුවේ ? න්ආ ! සිංහල භාසාව ලියන්නේ කෝමද කියනෙකනේ. .මම. නං වාක්කිය .මි. යන්නෙන් ඉවර වෙනවා. .අපි. නං .මු. යන්නෙන් ඉවර වෙනවා.” ”එතකොට අය්යේ .අපි. නං .මු.; න්හා x x x ඒ කියන්නේ x x x x ඔව් ! මට තේරුණා. .අපි x x x කන x x x අඹ x x x ඇයි x x x මෙතරං x x x අමූ. හරි නේද වාක්කිය ?” මලයාගේ උත්තරය මතක් වන විට මොහොමඞ්ගේ දෙතොලට දැනුදු නැඟ එන සිනාව වළකාගත නොහැකි සෙයකි. මොහොමඞ්ගේ අතෙහි උණ්ඩි වී තිබී දැන් ඔහු වාඩිගත් උළුවහු පඩියේ පිටුපසට වී ඇඟමැලි කඩන්නාක් මෙන් නැමුම් පාරවල් දිග හරිමින් සිටි ලියකියවිලි ටික පිටුපසින් ආ බිරිඳගේ අතට ගියේ හොර රහසේමය. හෙමින් සීරුවේ ලිපි ගොනු ටික පෙරළා බැලූ ඇයට තමන්ගේ ඇස් ඉදරියේ මේ සිටින්නේ කව්දැයි කියා සිතා ගත නොහැකි තරමට මලයාගේ රුව බොඳ වී යන සෙයකි, දැනෙන්නට වූයේ. ”අල්ලා දෙය්යනේ !” බිරිඳගේ කෑ ගෑමෙන් අවධි වූ සැමියාට හැරී බලන විට තමන් සැඟ වූ යමක් ඇත් නම් එය තවදුරටත් තම බිරිය ඉදිරියේ රහසක් නොවී ඇති අයුරු අවබෝධ වූයේ ඇගේ අතෙහි සිටගෙන වෙව්ලූම් කන ඔප්පුව දුටු විටය. ”මොකද්දෑ මේකා මේ කරලා තියෙන්නේ ? අනේ දෙය්යනේ ! එතකොට මයෙ දරු පැටව් ටික පාරට බැස්සෙව්වද මේකා ? මං ඒ දවස්සොලම කිව්වා නේද මේ ටික මේ විΩධියටම සිද්ධ වෙයි කියල ? කොහෙද x x x සත්ත කරුණාව දෝරෙ ගලනවනේ.” බිරිඳගේ ප‍්‍රකාශයට විරුද්ධව සිටීමට අයිතියක් මේ වතාවේ ඔහු සතුව තිබුණේ නැත. වෙනදා නම් .මගෙ දරු පැටව් ටික. යන වාසගමම පමණක් ඇයට විරුද්ධව නැඟී සිටීමට ඔහුට ප‍්‍රමාණවත්ය. ”මයෙ දරු පැටව් ටික ? හ්අඃ ඇයි යකෝ එතකොට මලයාගෙ දරුවො කාගෙද ? උන් අපේ නෙවෙයිද ? යකෝ අය්යගේ උණත් මලයගෙ උණත් ඔය එකම ලේ. කටට ආව පලියට වචන කියවන්නෙx” තමන්ගේ දරුවන්ද මලයාගේ දරුවන්ද කෑවේ බීවේ එකටය. නිදා කියා ගත්තේ එකටය. සාලයේ දිගට එලූ පන් පැදුරුවල කුඩාවුන් රවුමට තබා කොත ගැසූ බත් බන්දේසිය මැද්දෙන් තබා රෝස් කළ කුඩා කුකුළා ළං කරන විට කුඩාවුන්ගේ මුහුණට නැඟුණ සිනාවත් සහන් කෑම වේලෙන් පසු ඒ පැදුරුම ගසා දමා සාලයේ මෙහා කොනට වන්නට දිගට එළා කුඩාවුන් ටික පෝළිමට නිදි කර වූ අයුරුත් ඔහුගේ සිතේ ඇඳී යනුයේ අතොරක් නැති සතුට හදවතෙහි අතුරු සිදුරු නැතිව සිරකරවමිනි. ඒ අව්අස්සේ මලයාගේ කුඩා එකා සුන්නත් කළ දිනයේ තමන්ට එදිරිව නැඟූ විලාපය ඔහුගේ දෙසවන්හි දැනුදු දෝංකාර නංවනුයේ උපන් සතුට දෙගොඩ තළා යවමිනි. ”අය්යෝ ත්‍වත්‍වගග ෟ බලන්ඩකෝ අප්පා ත්‍වත්‍ව ෟ මේ ලොකු තාත්තා කියන එකා මගෙ චුය්යා කැපුවා. අප්පෝ ඉන්ඩ බෑ රිදෙනවා. මට චූ කරන්ඩවත් විදියක් නෑ අය්යෝ ! අප්පෝ !” ”එකාතකින් ඌ එහෙම කොරාපු එකෙත් වැරැුද්දක් නෑ. උඹලා රට වටේ ඉන්න මිනිස්සුන්ට අඬ ගගහ ඉඩං කෑලි ටික ලියලා දුන්නා. ඉතිං උගෙ දරුවන්ට කියලත් වැටිලා ඉන්ඩ තැනක් තියෙන්ඩෙපැයිx” බිරිඳගේ වචන ඔහුට නොඇසෙන්නේ ඔහු තවමත් අතීත ස්මරණ අතරේ දෑත් දෙපසට බැඳගෙන හෙමින් සීරුවේ සක්මන් කරන නිසා විය යුතුය. සැමියා තමනට පිටුපා සිටින නිසා ඔහුගේ දොතොල් දිගේ ඇදී ඇති මන්දහාසය ඇයට පෙනුණේ නැත. ඒ පෙනුණේ නම් ඇගේ කෝපය පිට වනු ඇත්තේ මීටද වඩා සැර පරුෂ ලෙසයx ,මට මතකයි ඌ දවසක් ඇවිල්ලා ඔහේගෙන් ඇහැව්වා; අර අම්පාරේ, තමන්නේ අඹු දරුවෝත් දාලා වෙන ගෑනියක් කර ගහන් ආපු අබ්දුල්ලට කාත් කව්රුත් නෑයි කියලා මේ පල්ලැහින් අක්කර භාගයක් දුන්න වෙලාවෙ මයෙ හිතේ, ඇවිල්ලා ඇහුවා දැන් නෑදැයින්ට බෙදලා ඉවර වෙලා ජාතියට ජම්මෙට නැති ආගමක් ධරුමයක් අදහන් නැති එවුන්ටත් දුන්නා නේද ? අය්යේ දැන් අපට කෙහෙන්ද ඉඩං’ කියලා. කෝ කනකට ගත්තැයැ. ඌ බැරිම තැන මාත්තෙක්ක කියෙව්වා .අය්යා හිටාන වාගේ ලෝකෙ රටේ එවුන්ට ඉඩං ලියලා දෙනවා, මටත් කොටහක් දෙන්ඩ කියාපන්’ කියලx ඔහේගෙ හිත රිදෙයි කියලා මං කිව්වේ නෑ. ඒත් ඌ කිව්ව කතාව ඇත්ත. උගේ දරුවන්ටත් වැටෙන්ඩ කියලා තැනක් තියෙන්ඩෙපෑයැ.” අරූප රූපය කොහේදෝ සිට ආයෙත් එබිකම් කරන්නට පටන් ගත්තේය. මෙතුවක් කාලයකට තමන්ට විරුද්ධව වචනයක් කටින් පිට කොට නැති ඇඹේණියගේද කට මෙයාකාර පණ ගසා ඇති සැටි දකින ඔහුට තමන් ගැනම ඇති වූයේ ශෝකයකි. මහා කුණාටුවකට හසුව හතර අතට ඇදගෙන යාමට දැඟළන සුළඟිනුත් ඊතල මෙන් ඇෙඟ් වදින වැහි බිඳුවලිනුත් බේරීමට ඔහු ගන්නා වූ තැත ව්‍යර්ථ වන්නට වියx කුණු ගොඩකින් ඉහළ නැඟුණ සිලි මල්ලක් මෙන් ඔහුගේ මුල් ඉදිරී ගිය ජීවිතය හිස් අහසේ ගසා ගෙන යන සෙයකි ඔහුට දැනුණේ. බිරිඳ කියන කතාවේ කිසිදු වරදක් නැත. තමන් කන්න දුන් අත සපා කෑමට අබ්දුල්ලාට ඒ හැටි කාලයක් අවැසි වූයේ නැත. අම්මාගේ මිනිය පල්ලිය වත්තේ මිහිදන් කොට ආ දිනයේ තමන්ගේ කොස් ගහ අබ්දුල්ලාගේ කුස්සිය පිට කඩා වැටුණ මොහොතේ අබ්දුල්ලා සිය කෘතෝපකාරී ගුණය නොපැකිළව පෙන්වූයේය. ”යකෝ දහ දුක් විඳලා හදා ගත්ත ගේ කෑල්ල. ඒකත් විනාස කෙරුවා. මුන් නං පුදුම ඉරිසියාකාරයෝ. ඔය ගහ මෙහාට ඇලවෙලා තියෙන කොට නිකමට හිතන්ඩ තිබ්බනේ මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා. ත්‍ව ත්‍ව ග” එදා මොහොමඞ්ට ඔහුගේ ගෝරනාඩුව නතර කිරීමට හැකි වූයේ තමන් නෙවරදීම මුළුතැන් ගෙයි අලාභය ගෙවන බව පොරොන්දු වූ ඉක්බිතිවය. ඔහුගේ ගිනි ගත් හිස තව තවත් අවුල් කරන්නට වූයේ අරූප රූපයයි. අල්ලා දෙවියන්ද, සාතන්ද කියා සිතාගත නොහැකි, ක්ෂණයකින් මැවී ඒත් එක්කම මැකී යන පැහැදිලි රූපයක් නොගත් අරූප රූපය ඔහුව බිය වැද්දීමට බලයි. හතර අතින් එබිකම් පාමින් ඔහුට ඔච්චම් පායි. තමන් මුළු ජීවිත කාලයක් කැප කළේ මිනිසුන් වෙනුවෙනි. සමාජය වෙනුවෙනි. තමන්ගේම මලයා වෙනුවෙන්, අක්කණ්ඩිය වෙනුවෙන් ඔහු ගොඩනැඟූ ලෝකය දැන් ඔහු ඉදරිපිටම කඩා වැටී ඇත. සියලූ දේහි අවසාන ඵලය ලෙස හිමි වී ඇත්තේ මහපාරය. ඔහුටත්ල ඔහුගේ බිරිඳටත්, දරුවන්ටත් පිළිසරණට සිටිනුයේ මහපාරම පමණකි. අනෙක් උන් කෙසේ හෝ සුරක්ෂිතව ඇතx හෙරලි ගහ යටින් පහළට ඇදෙන ගල් පඩිපේළිය දිගේ තකහනියේ දුවගෙන එන අක්කණ්ඩියගේ රුව දුටු මොහොමඞ් තමන්ගේ අසරණභාවය පසෙක තබා නැඟී සිටියේ අක්කණ්ඩියට සිද්ධ වී ඇති විනම්බෑසිය කුමක්දැයි කියා දැන ගැනීමටය. මඳක් ලෙඩ ගතියෙන් සිටිමින්ම වුවත් අක්කණ්ඩිය මේ ලෙස කඩා බිඳගෙන එනුයේ එකත් එකටම මොකක් නමුත් නරක ආරංචියක පණිවිඩයක් අතැතිව බව ඔහුට සිකුරුය. හිස වසාගෙන සිටින පර්දාව පහත වැටී ඇති නිසා ඔහුට ඇගේ මුහුණේ ඇති වියරුව ඈත තියාම දැක ගත හැකි වියx හදිසියේ නැඟී ආ කුණාටු සුළඟක් ගහ කොළ එකා පිට එකා පටළවමින් කෑ ගසන්නට ගත්තේයx අවසන් ගල් පඩියේ බැදුණ සාරි පොට නිසා පය පැකිලී වැටීමට ගිය අක්කාගේ උදව්වට ඔහු අත පෑවද ඇය සැපින්නක් මෙන් ආපසු පැන ඔහු දෙසට පුච්චා දමන බැල්මක් විද්දාය. ඒ බැල්මත් සමඟ ත‍්‍රස්ත වී ගිය ඔහුගේ වදන් වැල උගුරෙහි පැටළී දඩ දඩ ගා උගුර පල්ලේ වැටෙන්නට ගත්තේය. දෑත විසින් කළ උදව්වත් සමඟ ඔහුගේ දෙතොල් වෑයමෙන් වචන දෙක තුනක් එළියට වීසි කළේ කෝපයෙන් වියරුව සිටි අක්කා මරලතෝනී දී අඬන්නට ආයාස ගන්නා විටය. ”ඒ ත්‍වගග ඒ පාර මොකද මයෙ අක්කේ ? මොකද වූණේ ?” මලයාගේ වචන ටික අක්කාගේ කතාවට ඇරයුම් කළ සෙයකි. මුළු පරිසරයක් විදගෙන හතර අතේ දිව යන්නට වූ ඒ වදන් අස්සේ ඔහුට පෙනුණේ තමන් දෙස බලාගෙන ඔච්චම් පාන අහසේ එල්ලී ගත් අර අරූප රූපයයි. ”හ්අඃ මොකදත් අහනවනෙ තව ලැජ්ජා නැතුවx යකෝ ෟ උඹ හිටානා වාගෙ දේපොළ බෙදලා දෙන්නේ මගෙන් අහන්ඩ තිබ්බෙ නැද්ද නිකමටවත් ? මේ ඔක්කෝම බූදලේ උඹේ කියලද හිතන් ඉන්නේ ? ඇයි මං වැඩිමල් සහෝදරී කියල අමතක වුණාද ? සබ්බ සකල මනාවම මලයට ලියලා දුන්නාම කොයි මට ? මං අර කෙල්ලට මොනා හරි දෙන් නැද්ද ? උඹ හැමදාම කෙරුවෙ මලයටමයි. තවත් ඉවර නැද්ද ඒ කෙරිල්ල ? මට නොතාරිස් රාළහාමි කියන කල් මං හාන්කවිසියක් දන්නෙ නෑ. කෝච්චියෙන් බැස්සයි කියන ආරංචියට පාර දිහාට ගියාම තමා දැන ගත්තේ මාව බලන්න නෙමෙයි නොතාරිස් මුණ ගැහෙන්නයි ඇවිත් තියෙන්නේ කියන විත්තිය. මදැයි මයෙ මහ ලොකු සහෝදරයාx හ්අඃ මං නොතාරිසාටත් හොඳවයින් දෙකක් කියලයි මේ ආවෙ, එකතු වෙලා ගහන ගැට අහුවුණ විත්තිය දැනෙන්ඩත්තෙක්ක. හනේ අල්ලා දෙය්යනේ ෟ ඇයි මට මේකුන් මෙහෙම සලකන්නේ ? ඇයි දෙය්යනේ හැමදාම මාව මේ විධියට විභාග කොරන්නේ ? ඉස්සෙල්ලාම මාව කණවැන්දුන් කෙරෙව්වා. ඊළඟට මල්ලිලාගෙ අතපල්ලේ වැටිලා ජීවත්වෙන්ඩ සැලැස්සුවාx මයෙ රත්තරන් කෙල්ලට බලෙන්ම වාගේ ඔහෙ මොකෙක් හරි එකෙක් එක්ක යන්ඩ සැලැස්සුවාx ඉතිං ඒ මදිද ? තවත් ඇයි මේ x x x x ” මොහොමඞ්ගේ සිරුර අක්කාට පිටුපා ගෑටූයේ හෙරලි ගස දෙසටය. සුළු මොහොතකට පෙර ඇති වූ සැඩ පරුෂ කුණාටු සුළඟ විසින් සොලවනු ලැබූ ගසේ ඉදුණු කොළ මුළු මිදුලක්ම වසාගෙන තිබිණx එක රොත්තට වැටී සිටි කොළ ගොඩක් මත තැබූ මොහොමඞ්ගේ පාදයක් ලිස්සා ගියේයx ඇතිව ගිය වේදනාවත් සමඟ ක්ලාන්ත වීමට මෙන් ගිය සිරුර ඔහු හෙරලි අත්තක එල්ලා දැමුවේ බිමට වැටීමෙන් බේරීමටය. ගසෙහි එල්ලූ පරඬලාවක් මෙන් සුළඟින්ද පැද්දෙන්නට වූ ඔහුගේ අප‍්‍රාණික සිරුර ප‍්‍රකෘති සිහිය කරා ඒමට දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් හෙරලි ගසෙහි කොළ අස්සේද සිට එබී බලන අර අභූත රූපය ඔහුගේ සිරුර තව තවත් මලානික කොට දැමුවේය. ඔහු අක්කණ්ඩියගේ දියණියට රුපියල් ලක්ෂයක දෑවැද්දකුත් සමඟ එම කසාදය කොට දුන්නේ අම්මාගේත් දුවගේත් දෙදෙනාගේම කැමැත්තට අනුවයx අක්කාගේ දියණියට වඩා වැඩිමහලූ වූ තම දෝණිය ගෙදෙට්ට නාකි වෙනවායි කියා බිරිඳ නැඟූ චෝදනාවට එදා ඔහු කන් දුන්නේ නැතx ”හැමදාම සහෝදරයො ගැනම බලනවා මිසක්කා අපේ ළමයින්ට යන කල දවසක් හිතන්නැද්ද ඇත්තටම ?” එදා ඔහු බිරිඳගේ කට වැසුවේ ”න්හා ! න්හා ! එව්වා මං බලා ගන්නංx එව්වට ගෑනු අතදානඩෝන්නෑ”යි කියමිනිx එහෙත් අද වන විට ඔහුට සිදුව ඇත්තේ ගෙදරට නාකි වන දෙවැනි දියණිය දෙස බලා දෑවැද්දක් නොමැතිව ගෑනු නොගන්නා පිරිමි සනුහුරේටම දෙස් දෙවොල් තබන්නටත් එවන් දෑවැදි ක‍්‍රමයක් හඳුන්වා දුන් දෙවියන් වහන්සේට දොස් නඟන්නටත්යx ඔහු ඒ වතාවේ අක්කාට යුතුකම් ඉෂ්ට කළේ අවුරුද්ද පුරා කෑමට බත සැපයූ එකම කුඹුරු කෑල්ලද උගසට තබමිනිx ‘ ඕක තියලා ආයෙ ගෙදෙට්ට වියට ගෙඩියක් ගන්නේ මොකෙන්ද ?’ කියා බිරිඳ කළ මැසිවිල්ල ඔහු ඒ මොහොතේද ගසා දැමූයේ බිරිඳ දෙසට පිච්චී යන බැල්මක් එල්ල කරමිනිx කෙසේ වෙතත් එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ඔහුගේ ලොකු දෝණියට ඈ තරම්ම වයසක සිටි දෝණියකට කුඩම්මා වෙමින් කසාදය ඇරුණ මිනිසෙකු හා විවාහ වීමටයx වරක් බැලූවකු දෙවැනි වතාවටද හැරී බලන තරමට ලස්සන වූ තමන්ගේ දෝණිය ඒ තරම් වැඩිමහලූ අවලස්සන මිනිසෙකුට කරකාර දීම ගැන ඔහුගේ සිත අදද ඔහුට දොස් කියයිx එහෙත් දෑවැද්දක් නොසෙවූ පිරිමියෙකුට කියා මොහොමඞ්ට මුණ ගැසුණේ ඔහුම පමණකිx ඒ කුඹුරු කෑල්ල උගස් කොට ගත වූයේ එක කන්නයකි; හැන්දෑ වන විට තකහනියේ ගෙදර අහුමුලූ සොයා දුව එන අන්ධකාරය මෙන් අගහිඟ ගෙදරට දිව ආයේ නැවතිල්ලක් නොගෙනයx උකුළේ ගසා ගත් කළගෙඩිය පිට වැටුණ සල්වාරි පොට හදමින් ගෙට ගොඩ වන දෙවැනි දෝණියගේ රූපය දැන් ගෙදරටම වැහැරී ගොසිනිx දෑවැද්දෙන් හොඳටම හෙම්බත් වී ඒ වචනය ඇසීමට පවා අකමැති වූ නිසා ඈ ගැන ඔත්තුවක් කතා කිරීමටවත් තාත්තා ඉදිරිපත් වූයේ නැතx ඒ අකලට වියපත් වන දෝණියගේ මුහුණ දෙස බැලූ ඔහුට හැඬුම් එන්නට වූයේයx ඒත් එක්කම දියණියගේ දහඩියෙන් වැසී ගිය රැුළි වැටුණ තෙහෙට්ටු මුහුණ මත මතු වී ගත් අර අරූප රූපය ඔහුගේ දෙනෙත් ක්ලාන්ත කොට දැමුවේයx අම්මාගේත් නැන්දාගේත් රණ්ඩුව දෙස ඇරී ගිය කටින් යුතුව බලා සිටින දියණිගේ අරූප රූපය පැළඳගත් මුහුණ දකින තාත්තාගේ මුහුණට ගොඩ වූයේ උපහාස සිනාවකිx අක්කණ්ඩියගේ මොර ගෑම මත ගල් වැස්සක් වස්සන්නාක් මෙන් පතිත වන සිය බිරිඳගේ වදන් ඔහුගේ කන වැකුණේ නැත. නෑනලා දෙදෙනාගේ කෙස්වලූ පටළවා ගැනීම ඔහුට දැනුණේ තමන් නොදන්නා දෙදෙනෙකු අතරේ සිද්ධ වන, තමන් නොදන්නා තැනක සිද්ධ වන ගෝරියක් ලෙසිනි. ඔහුට පැහැදිලිව ඇසුණේ ඈත වංගුව ගනිමින් හූවක් තැබූ කෝච්චියේ හඬ පමණකි. ඒ හඬ ආශිර්වාදයක් කොටගත් ඔහු රේල් පාර දෙසට ගමන් කළේ මෙතෙක් වේලා තමන් පස්සේ හඹා එමින් තමන්ට ඔච්චම් පෑ ඒ සුපුරුදු අරූප රූපයට තමන් විසින් ඔච්චම් පාමිනි. ප‍්‍රාණය සිඳී ගිය මොහොමඞ්ගේ සිරුර රේල් පාර දෙසට ගාටන විට හිස ඔසවා බැලූ හෙරලි ගස ඈතින් එන කෝච්චිය දැක බුර බුරා එන සුළෙඟ් පොරබදමින් දඟළන්නට වූයේ මායම් වන කලෙක මෙනිx