UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 12/10/13

Tuesday, December 10, 2013

යථාර්ථවාදී නවකතාවේ ආරම්භය

කලාව වනාහි, එකම වර්ගයක යථාර්ථවාදී විශේෂයකට සීමා නොකළ හැක්කකි. කාලීනව හා එම කාලයට ආවේණිකව පවතින, අනාගතය පිළිබඳ අර්බුදයන්ද අනුව යථාර්ථවාදී සම්ප‍්‍රදාය විධි වෙනස් විය හැකිය. එසේ වුවත් මුලූ මහත් කලා ක්‍ෂේත‍්‍රයේ හා විශේෂයෙන් යථාර්ථ රීතියෙහි විකාශනය හා වෙනස් වන ස්වභාවය සිදුවන්නේ නිශ්චිත රටාවකට අනුවය. කලාව කිසිවිටක එහි නිර්මාතෘන් වන මිනිසාගෙන් ඈත් නොවිය යුතුය. කලාකරුවාගේ විඤාණයට ග‍්‍රහණය වන සත්තාව සැම විටම කලාවේ අමුද්‍රව්‍ය වන අතර අනාගතයේදීද එය එසේ සිදුවතු ඇත. කලා කෘතියෙහි සටහන් වන්නේද මෙම භෞතික සත්තාවමය. ගව් ගණන් දුර පලාගිය අතිශයින් විඤාණවාදී වූ කලාකරුවෙකුගේ නිර්මාණයක වුවද භාවශූචක කෘතියක වුවද යථා ජීවිතය කිසියම් ආකාරයකින් පිළිඹිබු වන බව සැබෑය. මේ යථා ජීවිතය නිරූපණය කරන විචාරවාදය ලෙස යථාර්ථවාදය සැලකේ. එහෙත් වර්තමාන නවකතාව යථාර්ථවාදය අභිබවා එයට වඩා ගැඹුරු යථාර්ථයක් ස්මතු කිරීමට සමත් වී ඇත. එවැනි පසුබිමක් තුළදී මෙවැනි නවකතා නිර්වචනයට අවැසි මත සම්බන්‍ධයෙන් විද්වතුන් අතර බොහෝ ගැටළු මතුවී ඇත. යථාර්ථවාදය තුළ ඉදිරිපත් වූ මත වර්තමාන නවකතාව නිර්වචනයෙහිලා ප‍්‍රාමාණිකත්‍වයෙන් දුරස් වන්නේ යථාර්ථවාදය තුළ වූ ලක්‍ෂණ වත්මන් නවකතාව කෙතෙක් දුරට ජය ගෙන ඇත්තේද යන වාතාවරණය මතය. වර්තමාන නවකතාව අධ්‍යයනයෙදී යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය නිර්මාණ ප‍්‍රතිභාවකින් වත්මන් නවකතාකරුවා සමන්විත වන නිසාවෙන් යථාර්ථවාදය පමණක් පදනම් කරගත් මත වත්මන් නවකතාව විමසීමේදී ප‍්‍රාමාණික නොවේ. සත්‍යය හා කල්පිතය මුසුකරමින් ප‍්‍රබන්ධකරණයෙහි නියැලෙන රචකයෝ එයට විවිධ රචනෝපක‍්‍රම මුසුකරති. ඒ හරහා විවිධ උපාය මාර්ගිකව යථා ජීවිතය සංකේතවත් කරති. මේ ප‍්‍රබන්ධකරණය මයා යථාර්ථවාදය දක්වා වර්ධනය වී ඇත. එහෙයින් යථාර්ථවාදී නවකතාව හරහා වර්තමාන නවකතාව නිර්වචනය කිරීමේදී තෙක් දුරට ප‍්‍රාමාණික නොවේද යන්න සනාථ කිරීම මෙහි පරමාර්ථායයි. යථාර්ථවාදී නවකතාව යථාර්ථවාදී නවකතාවේ ආරම්භය සිදුවන්නේ එංගලන්තය ආදී රටවල දහඅටවන ශතවර්ෂයේ මුලදීය. එහෙත් යථාර්ථවාදී සංකල්පය පහළ වී ඇත්තේ ප‍්‍රංශයේය. ‘‘ඔනෝර් ඞී. බල්සාක් සිය ‘ද හියුමන් කොමඩි’ ‘මානව ප‍්‍රහසනය’ කෘතියට ලියූ පෙරවදනක කළ සටහනක් දහනව වැනි සියවසයේ යුරෝපීය යථාර්ථවාදයේ මූලික අදහස ප‍්‍රථම වරට ප‍්‍රකාශ වූ අවස්ථාවකැයි සැලකේ.’’ දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේදී චිත‍්‍ර කලාව මුල් කරගෙන පහළ වූ මෙම සංකල්පය සාහිත්‍යය ස`දහා විශේෂයෙන්ම නව කතාව ස`දහා සුදුසු බව පිළිගන්නා ලදී. එකල ප‍්‍රංශයේ පළකරන ලද ‘ඍෂ්ඛෂී්ඵ’ නම් ස`ගරාව යථාර්ථවාදය ප‍්‍රචලිත කිරීමට මූලික වී ඇත. එදා ෆ්ලොබෙයා, බල්සාක්, එමිල් සෝ්ලා ආදී ප‍්‍රංශ කලාකරුවෝ යථාර්ථවාදී ලේඛකයන් වශයෙන් සළකනු ලැබූහ. පසුව මෙම සංකල්පය ජර්මනිය, එංගලන්තය, රුසියාව ආදී රටවල පැතිර ගොස් ඇත. ‘‘යථාර්ථවාදයෙන් අදහස් කරන්නේ සත්‍ය (යථාර්ථය* වෙත සමීප සමානතාවක් දක්වන, විශ්වාසනීය ප‍්‍රතිනිර්මාණය, යථාර්ථවත් දෙයහි හෝ දර්ශනයෙහි ඉතාම නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම ආදියෙන් යුත් ප‍්‍රතිනිර්මාණ විධියකි. යථාර්ථය අනුකරණය සහ සත්‍යාභාසය, යන සංකල්පද යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ ක‍්‍රමය හා සමීපව සම්බන්‍ධය.’’ යථාර්ථවාදය සත්තාවාදය, යථාභූතවාදය යන නම්වලින්ද හඳුන්වනු ලබයි. යථාර්ථවාදයේදී චරිත හා සිදුවීම්වල විකාශනය සහේතුක බවක් දරයි. ක‍්‍රියාව හා ප‍්‍රතික‍්‍රියාව ආදී වශයෙන් සිදුවීම්, සංවාද සන්තතියක් ලෙස ගලා යයි. සිදුවීම්, චරිත කෙරේද, චරිත ස්වාභාවය, හැසිරීම්- සිදුවීම් කෙරේද බලපාන අයුරු අන්‍යෝන්‍ය ලෙස සහේතුකව, විශ්වාසනීයව ඉදිරිපත් කරයි. චරිත පැතලි බවින් තොර වටකුරු අතර කාලය හා අවකාශය සන්තතිකය. තත්වානුරූපී මායාවකට යටත්ව සහේතුකව ඉදිරිපත් කරන අතර මානසික ගැටුම්, ආත්මකථන සියල්ල ඊට යටත් කෙරේ. එමෙන්ම අඛ්‍යානය, දෘෂ්ටි කෝණ, ආදි සියලූ තාක්‍ෂණික උපක‍්‍රමද එසේමය. ‘‘සිය ප‍්‍රකාශනය එම සීමාවන් ඉක්මවා යෑමේදී සංකේත භාවිතය තුළින්ද අතිශයෝක්තියෙන් යුත් භාවාදී චරිත මගින්ද ඒ සපුරා ගත් නමුත් ඒවා යථාර්ථවාදයට කොටුවී පැවතිණි. යථාර්ථවාදී රාමුව බිඳ නූතන කතා කලාව දෙසට හෝ නැවත අද්භූතවාදය දෙසට යාමේ ප‍්‍රවණතාවක් ඒවා තුළ දක්නට විය. යථාර්ථවාදයේ කථනක‍්‍රමවල විශ්වසනීයත්‍වයේ ව්‍යාජ බව හා සහේතුක බව තුළින් අයදතන මිනිසාගේ අධ්‍යාත්මය ජීවිතය හසු කොට ගැනීමේ සීමාකාරී බව පිළිබඳව නිර්මාණකරුවන් තුළ වු නොසෑහීම නූතන සාහිත්‍යය කරා ඔවුන් තල්ලූ කළේය. යථාර්ථවාදය ධනේෂ්වර කාර්මික විප්ලවය සමග ඵැන නැගුණු හේතුඵලවාදය අනුදත් මධ්‍යම පාංතික බුද්ධිමය ස්ථරවල නිෂ්පාදනයක් විණි.’’ යථාර්ථවාදී ලේඛකයාගේ කාර්යභාරය වන්නේ ලෝක ස්වභාවය හා මිනිස් ජීවිතය පිළිබඳව ලේඛකයා විසින් තම අවබෝධය අනුව සකස් කරගනු ලබන සත්‍යය හා අර්ථය තොරාගත් සිද්ධි අවස්ථා හා චරිත මගින් ඉදිරිපත් කිරීමයි. එවන් වූ යථාර්ථවාදී සම්ප‍්‍රදායේ අවස්ථා හතරක් ඇති බව විචාරක මතයයි. ඒවා නම්,  ප‍්‍රගතශීලී යථාර්ථවාදය  විචිකිච්ඡුා යථාර්ථවාදය  සර්වසුබවාදී යථාර්ථවාදය  සාමාජීය යථාර්ථවාදය යන අවස්ථාවන්ය. මෙයින් එක් එක් අවස්ථාවක් අනිකෙකට වෙනස් වත අතර මුල් අවස්ථා තුනටම වඩා ප‍්‍රධාන වෙනසක් හතරවන අවස්ථාවෙහි ඇත. එසේම යථාර්ථවාදයේ ස්වරූපය හා ක‍්‍රියාකාරීත්‍වය පෙන්වනු වස් ‘පැම් මොරිස් ’ ලේඛිකාව ‘ස්ටෙන්ඩාල්, බල්සාක්, ෆ්ලෝබයා, සෝලා ආදි නවකතා ඇසුරෙන් යථාර්ථවාදයේ අංග හතරක් හඳුනා ගැනී. ‘‘01 විශ්වීය සත්‍යයන් වෙනුවට සුවිශේෂී න්‍යායන් දෙස අවධානය යොමු කිරීම මගින් ඒක පුද්ගල චරිතයන් ඔවුන්ගේ යුගයට අයත් බලවේගයන් සහ ප‍්‍රතිවිරෝධාවන් ක‍්‍රියාත්මක වන ස්ථානයන් ලෙස තේරුම් ගැනීම. 02 ආඛ්‍යාන දෘෂ්ටිකෝණය සහ භාෂාව විෂයෙහි කරනු ලබන ආකෘතිකමය අත්හදා බැලීම. 03 වඩා ප‍්‍රජාතාන්තී‍්‍රය හා සමාජ සදාරණයෙන් යුතු සමාජයක් කරා යන ගමනෙහි කොටස් කරුවෙකු ලෙස නව කතාව සැලකීම. 04 යථාර්ථවාදී නවකතාව කලාකරුවාගේ අවංකභාවය සහ වෙළඳපොළෙහි වාණිජ බලවේග අතර ආතතියට හසුවන සහ එමගින් හැඩ ගැසෙන සාහිත්‍යාංගයක් වීම.’’ යථාර්ථවාදී සංකල්පයේ අරමුණු හා අන්තර්ගතය කෙසේ විද යන්න තදුක්ත මත විමසිමේදී අවබෝධ කොට ගත හැකිය. යථාර්ථවාදී සංකල්පය සකස්වීම කෙරෙහි චාල්ස් ඩාවින්, ක්ලොඞ් බර්නාඞ් ආදී චින්තකයන්ගේ මත බලපා ඇත. සැබෑ ජීවිතයට සමීප වන පරිදි සිදිධි, චරිත, බස්වහර ආදිය සකස් කිරීම ඉහත ලේඛකයන්ගේ නවකතාවන්හි ඇති විශේෂ ලක්‍ෂණයයි. යථාර්ථවාදය මුල්බැස ගැනිමෙන් පසු සැබෑ ජීවිතයට අනුකූලතා දැක්වීමේ අවශ්‍යතාව කෙරෙහි ඇතැම් ලේඛකයෝ පමණ ඉක්මවා අවධානය යොමු කරන්නට විය. ‘එමිල් සෝලා’ නම් නවකතාකරුවා මෙහිලා මුල් තැන ගත් බව පෙනේ. මිනිසාගේ ජීවන තතු තත්ත්‍වාකාරයෙන් සත්‍ය වාර්තාවල ස්වරූපයෙන්ම ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයන් කෙතරම් පෙළඹුණේද යත්, සදාචාරාත්මක සම්මුති පවා ඔවුනට අමතක වන තත්ත්‍වයක් ඇතිවූයේය. මේ කෘති යථාර්ථවාදයේ අතිශයෝක්තියක් ලෙසින් ඇතැම් ලේඛකයන් විසින් හඳුන්වනු ලබයි. එයම යථාර්ථවාදය අතික‍්‍රමණය කිරීමට යම් සාධකයක් වූ බවට සාක්‍ෂියකි. ‘‘බල්සාක් සටැන්ඩල් ආදි සාම්ප‍්‍රදායික යථාර්ථවාදීන්ගේ කෘති එක්තරා විධියක අද්භූත ස්වභාවයක් දරන බවත් නවකතා නිර්මාණයේදී වඩා සුදුසු වන්නේ ජීවිතය තත්ත්‍වාකාරයෙන් ම විස්තර කිරීමේ ස්වභාවවාදී හෙවත් තාත්වික සම්ප‍්‍රදාය බවත් එමිල් සෝලාගේ අදහස වුයේය. සාමාන්‍ය මිනිස් ජීවිතවල එදිනෙදා සිදුවීම් සියල්ල ඒ සැටියෙන්ම විස්තර කිරීම ඔහුගේ මාර්ගයයි. ’’ චාල්ස් ඩිකන්ස්, තෝමස්, මාන්, බල්සාක්, ස්ටැන්ඩල්, ලියෝ තෝස්තෝයි, ඇන්ටන් චෙකොෆ්, අනස්ට් හෙම්ංවේ ආදී සම්භාව්‍ය ලේඛකයන් ස්වකීය නිර්මාණ අර්ථවත් කිරීම මහගු වගකීමක් සේ සැලකීය. තෝරාගත් සිද්ධි, අවස්ථා ආදිය ආශ‍්‍රයෙන් යථාර්ථවාදී ලේඛකයන් විසින් නිර්මිත චරිත තාත්විකවාදීන් අගය කරන එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය චරිතවලට වඩා පොදු හෙවත් සමාජ සාධාරණ චරිතවල ස්වරූපය ගත්තේය. ඒවා යථා තත්ත්‍වය නොව යථා අර්ථය ස්මතු කරන ලදී. යථාර්ථවාදය ව්‍යූහමය ලෙස ගත්විට සීමා සහිතය. සරල රේඛීයය. ජීවිතය පිළිබඳ සියුම් බහුවිධ, බහුමානීය, බහුශාබ්දික අර්ථ ජනනයට යථාර්ථයේ පවතින ඉඩකඩ අඩුය. තර්කයට හසු නොවන බොහෝ දේවල් යථාර්ථ ලෝකයේ බවතී. එම තර්කයට හසු නොවීම තුළම ආශ්චර්ය ඇතිවේ. එය කරුණු දෙකක් මත ඇති වේ. 01 පාඨකයා අශ්චර්යාත්මක සිදුවීම් පිළිබඳ දෙගිඩියාවක නැත්නම් දෙගිඩියා ගණනාවක මුහුණ දිමට නිසාය. 02 එය අදහා ගැනීමට පාඨකයාගේ තර්කය අසමත් වීම නිසාය. එසේම පශ්චාත් යථාර්ථවාදී නවකතාකරුවා නිර්මාණයක් තුළින් මායාවක් නිපදවා එය මායාවක් නොවන බව පාඨකයාට ඒත්තු ගැන්වීමක් කරයි. ‘‘මිත්‍යා කතාව, සුරංගනා කතාව, දේව කතාවට සාපේක්‍ෂව යථාර්ථවාදී නවකතාවේ බාහිර පෙනුම, බාහිර ලෝකයේ යථාර්ථය හා සමාන බව පෙනුණත්, යථාර්ථවාදය කරන්නේ මිත්‍යා කතාවේ තරමටම තමන්ගේම ප‍්‍රබන්ධමය ලෝකය ගොඩනගා ගැනීමක් බව පෙනේ.’’ එමෙන්ම පවතින සමාජය විවේචනය කරමින් එහි දොස් තැන් අනාවරණය කරමින් අර්ථවත්, හරවත් වින්දනයක් පාඨකයාට ලබාදීම යථාර්ථවාදී සම්ප‍්‍රදායේ ලේඛකයෝ උත්සුක වෙති. මිනිසාත් සමාජයත් ගැඹුරින් අවබෝධ කරගන්නා මොවුන් සමාජයේම දෙපා රඳවාගෙන මිනිසාගේ සාමාජීය කි‍්‍රයා කාරීත්‍වය සත්‍ය ලෙස නිරූපණය කරන අතරම ඒ තුළින් මිනිසාට අර්ථවත් අනාගතයක් සැලසීම පිළිබඳවද ඉ`ගි කිරීම සිදු කරයි. ‘හෙන්රි ජේන්ස් ’ පවසන්නේ යථාර්ථය පිළිබඳ සංජානනයෙන් තොරව හොඳ නවකතාවක් ලිවිය නොහැකි බවය. ‘සත්‍යයක් සේ පෙනෙන කල්පිතයක් ’ ඉදිරිපත් කරන ව්‍යාජයෙන් මිනිසාගේ ඇතුළතත් පිටතත් සියලූ දේ ඒ ඇති සැටියෙන් වාර්තා නොකර යථාර්ථවාදී නවකතාව සමාජයේ යථා තත්ත්‍වයට වඩා සමාජය පිළිබඳ යථා අර්ථය ඉදිරිපත් කරයි. නවකතාව සත්‍යයක් සේ පෙනෙන කල්පිතයකි යන නිරිවචනය යථාර්ථවාදී ලේඛකයා ප‍්‍රතික්‍ෂේප නොකරන අතරම එයින් ඔවුන් සෑහීමකට පත්නොවේ. යථාර්ථවාදී නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත්ව ඇති මත ‘‘යථාර්ථවාදය යනු සංවර්ධන ප‍්‍රවාහයක් වූ ඉතිහාසයේ එක් ප‍්‍රපංචයකි. සංකල්පරූපී ස්වරූපයෙන් කලාත්මකව ග‍්‍රහණය කොට පිළිඹිබු කොටගත් සත්තාවයි. එහි කලාත්මක ආකෘතීන්ද, අර්ථයද පුරුෂාර්ථයද සත්‍ය ජීවිතයෙන් උකහා ගත් බවයි.’’ (ජදබජැචඑ දෙ එයැ ්රඑසිඑසජ පැඑයදාග ක්‍ය්ච 1-ිදඩසැඑ-ඛසඑැර්එමරු පැඑයදාල ිඑකහ ්බා චදැඑසජැ – පදිජදඅ- 1964* ‘‘ ‘නවකතාව වූ කලි අව්‍යාජ ජීවිතයේ සහ ගති සිරිත් වලත් එය රචනා කරනු ලබන කාලය පිළිබඳවත් චිත‍්‍රයකි. අද්භූත කතාව වූ කලි කවර දාකවත් සිදු නොවූ, එමෙන්ම සිදුවිය ද නොහැකි දෙයක් අදාර අන්දමින්, අතිශයෝක්තියෙන් කියනු ලබන්නකි.’ ක්ලේරා රීච් ‘නවකතාව යථාර්ථවාදීය. අද්භූත කථාව රසාලිප්තය, නැතහොත් වීර චරිතාත්මමකය.’ ඔස්ටින් වොරන් ’ මානව ජීවිතය විවරණය කෙරෙන ගද්‍යමය කල්පිත අඛ්‍යානය’ බේකර් ’’ ‘‘ ‘නවකතාව වනාහි ජීවිතය පිළිබඳ පෞද්ගතික වූද, පැහැදිලි වූද ප‍්‍රතිස්ථියකි.’ හෙන්රි ජේමිස් ‘ නවකතාව යථාර්ථය නිරූපණය කරන අකාරය උසාවියකදී ජූරි සභාවක් ඉදිරියේ සාක්‍ෂි දීමට සමානකම් දක්වයි.’ ඉයන් වෝට් ‘ යථාර්ථයෙන් අදහස් කෙරෙනුයේ ඒ ඒ විස්තරවල ඇති සත්‍යයට අමතරව, පොදු (සමාජ සාධාරණ* හේතු මත ක‍්‍රියාත්මක පොදු චරිත ප‍්‍රත්‍යුත්පාදනය පිළිබඳ සත්‍ය ඉදිරිපත් කිරීමය.’ ’’ ජෝජ් ලූකාස් ‘‘ මිනිසා පිළිබඳ සියලූ දේ අඩු වැඩි නොකර වාර්තා කිරීම ස්වභාවවාදී ලේඛකයාගේ මාර්ගයයි. සමාජ විවරණයෙහි යෙදෙන යථාර්ථවාදී ලේඛකයාගේ කාර්යය සියල්ල අඩු වැඩි නැතිව වාර්තා කිරීම නොව තමන් විසින් පසක් කරගනු ලබන සමාජ තතු හෙවත් සමාජ සත්‍ය ඉදිරිපත් කිරීමය. සැබවින්ම ලේඛකයා අතින් සිදු වනුයේ සමාජ වාර්තා සම්පාදනය නොවේ. සමාජ ප‍්‍රවෘත්ති හෝ සත්‍ය හෝ පිළිබඳව ස්වකීය ප‍්‍රතික‍්‍රියා ගෙන හැර පෑමක් පමණය. අවස්ථා, සිද්ධ්, චරිත ලක්‍ෂණ ආදිය තොරා ගැනීමේ මාර්ගය අනුගමනය කෙරෙනුයේ එහෙයිනි.’’ ගීද මෝපසාං ‘‘යථාර්ථවාදී ප‍්‍රබන්ධ කතාව පවා ප‍්‍රබන්ධයකි.’’ ජොර්ජ් ලෙවින් ‘‘යථාර්ථවාදය යනු රචකයෙකු තමන් ජීවත් වන යුගය සමීපව, සාවධානව, බුද්ධිමත්ව නිරීක්‍ෂණය කොට, මිනිසාගේ සාමාජීය අංශය මෙන්ම ඔහුගේ භාවමය අංශය පිළිබඳව සම්පූර්ණ සත්‍ය අඩංගු වන සේ සත්‍ය හා සෞන්දර්ය කැටකොට කරන ප‍්‍රතිනිර්මාණයකි.’’ ඩුරන්ටි ‘‘ නවකතා සාහිත්‍යයේ ව්‍යාජයෙන් දැක්වෙන කරුණු අසත්‍ය යැයි කිව හැකි නුමුදු බොහෝ විට ඒවා අසත්‍ය රූපයෙන් පෙනී සිටින සත්‍යයයිද කිව හැකිවේ. නවකතා කතාකරුවා සිදු වූ දේ ගැන හා සිදු නොවූ දේ ගැන, එකට කලවම් කොට සියල්ල ස්දු වූ බවක් සේ කියයි. ඔහුගේ කෘතිය සත්‍යයේ හා අසත්‍යයේ අපූරු සංකලනයකි. හැම නවකතාවකම සත්‍යයක් ගැබ් වී නැත්නම් එහි වටිනාකමක් නැත්තේය. එය සම්පූර්ණයෙන්ම සත්‍ය ප‍්‍රවෘත්තියක් නම්, නවකතාවක් නොවන්නේය.’’ එදිරිවීර සරච්චන්ද්‍ර වර්තමාන නවකතාව නිර්වචනය කිරීමෙහිලා යථාර්ථවාදය ප‍්‍රාමාණික නොවන අයුරු ‘‘ වසර සිියයක හුදෙකලාව ලිවීමේදී තිබූ ප‍්‍රධාන අභියෝගය ෆැන්ටසිය සහ යථාර්ථය අතර මායිම් වැට මකා දමන ශෛලියක් සොයා ලැනීම යැයි ගාර්සියා මාර්කේස් පසුකලෙක කීය. ‘ මොකද මං උපදවන්න හදපු ලෝකේ එහෙම සීමා වැටක් පැවතියේ නෑ’ ’’ යථාර්ථවාදී නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත්ව ඇති බොහෝ මත සීමිත වපසරියක් ග‍්‍රහණය කර ගන්නා ඒවා වේ. එහෙත් වර්තමාන නවකතාව යථාර්ථවාදයෙහි විෂය ක්‍ෂේත‍්‍රය අතික‍්‍රමණය වීමට සමත් වී ඇත. එවැනි තත්ත්‍වයක් තුළදී එකී මත වර්තමාන නවකතාව මනාව නිර්වචනය කිරීමෙහිලා අපොහොසත් වන බව පෙනේ. බොහෝ විචාරකයන් වර්තමාන නවකතාව දකින්නේ යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය මායා යථාර්ථවාදී හෝ අධියථාර්ථවාදී තත්ත්‍වයන් ස්මතු කරන නවකතා වශයෙන් එහෙත් එවන් නවකතා තුළින්ද යථාර්ථවාදී ගුණයම ස්මතු වන බව මනාව පිරික්සීමේදී පෙනේ. එහෙත් මෙකි ලක්‍ෂණ ස්මතු කරන නවකතා සම්බන්‍ධයෙන් යථාර්ථවාදී නවකතාකරුවන් දක්වන මත සර්වසාධාරණ නිර්වචනයක් උදෙසා ප‍්‍රමාණවත් නොවන බව සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ බොහෝ නවකතා ආශ‍්‍රයෙන් අපට පසක් කරගත හැකිය. නවකතාව සත්‍යයේ සහ කල්පිතයේ සම්මිශ‍්‍රණයක් බව සැබෑය. එවැනි විටෙකදී කල්පිතය මායාවක් විය හැක. මේ මායාව ඔස්සේ යථාර්ථය නිරූපණය විය හැක. යථාර්ථය ස්මතු කරන නවකතා මායා යථාර්ථවාදී නවකතා තුළත් අධියථාර්ථවාදී නවකතා තුළදීත් අපිට හමුවිය හැක. එහෙත් බොහෝ දෙනෙකු මායා යථාර්ථවාදය යන්න විරෝධෝක්තියක් ලෙස සලකයි. එමෙන්ම යමක් මායානුකූල නම් එහි යථාර්ථයක් ඇත්තේ කෙසේද යනුවෙන් ප‍්‍රශ්න කරයි. එහෙත් මෙම සංකල්පය ගැඹුරු ලෙස විග‍්‍රහ කළ යුත්තකි. මායා යථාර්ථවාදීන්ගේ අරමුණ භව්‍යත්වය හා අභව්‍යත්වය, විශ්වසනීයත්වය හා අවිශ්වසනීයත්වය අතර නව සම්බන්ධයක් ඇති කරමින් යථාර්ථවාදයේ විෂය ක්‍ෂේත‍්‍රය පුළුල් කිරීමය. ඔවුන්ට අනුව මායා යථාර්ථවාදය යනු යථාර්ථයෙන් පැනයාමක් නොවේ. යථාර්ථය තුළට තව තවත් කිදා බැසීමකි. යථාර්ථවාදයට හසුවන්නේ ජීවන සත්තාවෙහි ඒක දේශයක් පමණි. එහෙත් එහි විවිධාංග වටහාගැනීමට මායා යථාර්ථවාදය ඉවහල් වී ඇත. මෙවැනි නවකතා තුළින් මතුවන මායාව ඇතැම්විට සංකේතයක්, රූපයක්වීම හරහා ප‍්‍රබල යථාර්ථයක් ඉස්මතුකර දැක්විය හැක. එහෙයින්ම මෙම නවකතා රූපකාත්මක යථාර්ථවාදී නවකතා වශයෙන්ද හ`දුන්වා ඇත. ඔස්ටින් වොරන්ට අනූව නවකතාව යථාර්ථවාදීය. රසාලිප්ත හා වීර චරිතාත්මක වන්නේ අද්භූත කතාය. එහෙත් අද්භූත කතාවද යථාර්ථවාදය නිරූපණය කළ හැක. වීර චරිතාත්මක හෝ රසාලිප්ත වූ පමණින්ම එය යථාර්ථවාදී නොවන බවට තර්ක කිරීම අසාර්ථකය. ලෝක සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය තුළදී අපට හමුවන බොහෝ අද්භූතාත්මක නැතහොත් මායාත්මක නවකතා හරහා යථාර්ථය නිරූපණය කර ඇත. ‘‘ගුන්ටර් ග‍්‍රාස්ගේ ද ෆ්ලවුන්ඩර්’ නමැති නවකතාවෙන් පාෂාණ යුගයෙහි කතා කරන මත්ස්‍යයකු පිළිබ`ද අත්දැකීමක් නිරූපිතය. ඔහුගේම ‘ට්න් ඩ‍්‍රම්’ යන නවකතාවෙහි නායකයා වැඩිවිය පත්වීමට අකමැති සදාකාලිකව බාලකයෙකු වශයෙන් ජීවත් වන දරුවෙක්ය. ටෝනි මොරිසන්ගේ ‘බිලවඞ්’ යනුවෙන් නම් කොට ඇති ප‍්‍රබන්ධ කතාවෙහි මවක විසින් මරණයට පත් කරන ලද දරුවෙක් අවතාරයක් වශයෙන් මනු ලොවට පැමිණෙයි. ගාර්සියා මාකේස් විසින් රචිත නවකතාවක භූතයන් හා පියාසර කරන බුමුතුරුණු ඇත. ඇන්ජලා කාටර්ගේ ‘නයිට් ඇට්ද සර්කස්’ යන නව කතාවෙහි කතා නායිකාව අඩක් ගැහැණියකි. අඩක් හංසයෙකි.’’ මෙම මායා යථාර්ථවාදී නවකතා තුළින් ගොඩන`ගන්නේ අද්භූත, ආශ්චර්යාත්මක ලෝකයකි. එහෙත් ඒවායෙහි විශේෂත්වය නම් හැමවිටම සමකාලීන ඉතිහාසය ගැඹුරු ලෙස විශ්ලේෂණය කර තිබීමය. මේ රටේ ඉන්‍ද්‍රජාලික ව්‍යාපාරය ම`ගින් එහි ප‍්‍රධාන විදේශ ආදර්ශ රූපය සහ ආදිකර්තෘ ලෙස පෙන්වා දෙන්නේ ගාර්සියා මාර්කේස්ය. එනමුත් ‘‘ මාකේස්ගේ හුදෙකලාවේ සියවසරක් කෘතිය යථාර්ථවාදය අහෝසි කර දමන්නක් නොව ඊට ප‍්‍රබල ශක්තියක් හා අනුබලයක් ලබාදෙන කෘතියකි. බටහිර විචාරකයන් මාකේසියානු ඉන්ද්‍රජාලිකත්‍වය කලාත්මක උපක‍්‍රමයක් ලෙසත්, අධියථාර්ථවාදී චිත‍්‍රකලාව ඇසුරෙන් අර්ථ උද්දිපනයක් කරන්නක් ලෙසත් තේරුම් ගෙන ඇත.’’ යථාර්ථවාදී නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත් කරන මත මෙම නවකතාව මායා යථාර්ථවාදී වුවද එහි එන යථාර්ථය විග‍්‍රහ කිරීමෙහි කිසිසේත් ප‍්‍රමාණික නොවන බව එය විශ්ලේෂණයේදී මනාව පෙනේ. ‘‘ මාකේස්ගේ නවකතාව දිගහැරෙන්නේ වංශකතාවක ස්වරුපයෙනි. ආදි පියෙකුගේ හා ආදි මවකගේ සිට අවුරුදු සියයක ඇවෑමෙනුදු කෙළවර නොදකින දෙවැනි තුන්වෙනි දරු මුණුබුරු පරම්පරා දක්වා විහිදෙන කුටුම්බගත වංශයක නොනිමි කතාන්දරය රාජාවලියක් ලෙස එහි දිග හැරේ. එය විපර්යාසයන්ට මුහුණ දෙන රටක හා ජාතියක ඉතිහාසයකි. එය හුදෙකලාවේ සියවසරක් වන්නේ විද්‍යාවේ නැගීමේ හා කාර්මික විප්ලවයේ සිට බටහිර ලෝකයේ අත්දුටු සීඝ‍්‍ර ප‍්‍රගමණයෙන් හුදෙකලා වූ රටක පසුගාමී ඉතිහාසයක් වන බැවිණි.’’ මෙම ජන වංශයේ සංකීර්ණ කතා පුවත නවකතාවේදී චිත‍්‍රණය වී ඇත්තේ මහා පවුලක පුද්ගලික ඉතිහාසයක් ලෙසය ගොත‍්‍ර ඉතිහාසය තුළ සත්‍යයක් වන ලිංගික ව්‍යාභිචාරය ඒ පවුල තුළද සිදුවේ. කුටුම්බ පේ‍්‍රමය ලිංගික මුහුණුවරක් අත්කර ගන්නා විට උපදින දරුවන් සත්ව වර්ග ඇතිව උපදින්නේ හුදෙකලාවේ කොන්දේසි නිර්මාණය කළ බටහිර මිනිසාට සරදම් කරණ අයුරිනි. මේ සියල්ල සිදු වන්නේ මැකොන්ඩෝව නමැති කාල්පනික දේශයකය. ඇමේසන් වනාන්තරය හා ඇමේසන් ගංගාව සහිත ඒ දේශය මගින් කොලොම්බියාව වැනිසියුලාව, ඉක්වදෝර්, පීරු, බොලීවියාව, චිලී ආදී දකුණු ඇමෙරිකානු දිළිදු ජාතීන් සංකේතවත් කරනු ලැබේ. කාලෝස් ෆුවන්ටේ විසින් මේ නවකතාව ගැන ලියන ලද සිය ප‍්‍රකට ලිපිය ගාර්සියා මාර්කේස් සහ දකුණු ඇමෙරිකාව බිහි කිරීම (ෂබඩැබඑසදබ දෙ ්පැරසජ්* යනුවෙන් නම් කර ඇති අතර එහිදී ඔහු මෙසේ සඳහන් කරයි. ‘‘ අපගේ අනන්‍යතාව පිළිබඳ සොම්නස දනවන ප‍්‍රතිනිර්මාණයක් හා ප‍්‍රතිගවේෂණයක් මෙහි ඇති අතර එක ඇසිල්ලක අවසරයෙන් මැකොන්ඩෝවේ වංශ පරම්පරාවේ ඉදිරිපත් කරනු ලබන්නේ අපේ ආච්චි අම්මලා, අපේ පේ‍්‍රමවන්තියන්, අපේ සහෝදරියන්, අපේ දරුවන් බලා කියා ගන්නා ආයාවරුන් සහිත ලතින් අමෙරිකානු අප පිළිබඳ සිතුවමකි.’’ මෙම නවකතාව ඇරඹෙන්නේ එක් නිමේෂයක් මෙන්ම සදාකාලිකත්‍වයද සම්මිශ‍්‍රණය වු සංකීර්ණ කාල සාධකය මෙන්ම දේශපාලන ඉතිහාසය සහ බුද්ධි ඉතිහාසය කැටිකර ගත් හුදෙකලා දේශයක් පිළිබඳ මහා වංශකතාවක් පටන්ගන්නා වෘතාන්තවාදී වගන්ති මාලාවෙනි. මාකේස්ගේ මෙම වෘතාන්තයෙහි ගැඹුරු සමාජ දේශපාලන අරමුණු සමන්විතය. ඒ විශිෂ්ට මාර්කේසියානු කලාත්මක ප‍්‍රවිශ්ඨය නොතේරෙන්නට මෙය අද්භූත මැජික් ලොවකට අවතීර්ණ වීමක් ලෙස දිස්වේ. එසේම මාර්කේසියානු යථාර්ථය තේරුම් ගැනීමට හොදම මාර්ගය වන්නේ නවකතාවේ මුල සිට නිර්මාණය වන සංඥාවන්ගේ හ`ගවනයන් හා හැ`ගවුම් තේරුම් ගැනීමයි. විවිධාකාර ආම්පන්න හා නිපැයුම් රැුගෙන ගමට එන අහිගුණ්ඨිකයෝ ඒවා මැකොන්ඩෝවේ වැසියනට පෙන්නා සුළු මුදලක් උපයා ගනිති. මේ ආම්පන්න නිපැයුම්වලට අයිස්, කාන්දම්, ලෝහ, පියාඹන පලස් ආදිරසායන හෙවත් ඇල්කම් පිළිබඳ පාඩම් ඇතුළත් වන අතර ඒවා මැජික් ලෝකය පිළිබඳ සංකේත ගෙන හැර පායි. මෙසේ යථාර්ථවාදී මත හරහා ප‍්‍රමාණවත් නිර්වචන කළ නොහැකි නවකතා බොහෝ විට යථාර්ථ නිරූපණය කරන්නේ සංකේත අනුසාරයෙනි. නවකතාව සත්‍යයත් කල්පිතයත් මිශ‍්‍රව නිර්මාණය වන කල්හි නිසැකයෙන්ම මායාවක ස්වරුපයක් ගනී. තවදුරටත් ලෝක ප‍්‍රසිද්ධ නවකතා අර්ථකථනයේදී අප සාකච්ඡුා කරන ප‍්‍රස්තුථය සනාථ වන බව එනම් යථාර්ථවාදය ප‍්‍රාමාණික නොවන අයුරු සනාථ වන්නේ මෙසේය. ‘‘ සියස්වසක හුදෙකලාව නවකතාවේ ‘ලස්සන රෙමිඩියෝස් ’ හිටි හැටියේ මහ දවාලේ ඉගිලී යයි.’’ ‘‘පෘතුගිසි ජාතික නොබෙල් ත්‍යාගලාභී ලේඛක හෝසේ සරමාගොගේ ‘අන්ධභාවය’ නවකතාවේ එක් චරිතයක් එක්තරා නගර වීදියක මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී හිටිවනම අන්ධභාවයට පත්වේ. මුළු නගරයටම අන්ධකාරය බෝ වෙයි. ’’ ‘‘ ගුන්තර් ග‍්‍රාස්ගේ ‘තහඩු බෙරය’ නවකතාවේ වීරයා වන ඔස්කාට සිය දෑසින් බලා, යටිගිරියෙන් කෑ ගසා වීදුරු, විදුලි බුබුළු ආදිය පුපුරුවා හැරීමට පුළුවන.’’ ‘‘ සල්මාන් රූෂ්ඩිගේ ‘රූ මැදියමේ දරුවෝ’ නවකතාවේදී ‘මැජික්මය’ අවස්ථා නිතර හමුවේ. නවකතාවේ වීරයා (හෝ පුංචි ප‍්‍රතිවීරයා* සලීම් සිනායිගේ කිරි අම්මාට ඇගේ දියණියගේ සිනහවලට හොරෙන් එබීබැලිය හැකිය’’ ‘‘ඉසබෙල් අය්යන්දේගේ ‘භූත ගෙදර’ නවකතාවේ මව් වන ක්ලේරාට අනාගත සිද්ධි පෙර දකින්නට පුළුවන’’ මෙම නවකතාවල නිදර්ශන මගින් නවකතාකරුවා යථාර්ථවාදයේ ඥානමීමංසාත්මක සීමා ඉක්මවා යන බව පසක් වේ. එය ආශ්චර්යාත්මක යථාර්ථවාදී නවකතාවලින් සුපැහැදිලිව අවබෝධ කරගත හැකි. ‘‘ මායා යථාර්ථවාදීන් යැයි අප රට ප‍්‍රචලිත කෘති මිනිස් ලෝකය හා සමීප ලෙස සම්බන්‍ධය. නූතන මිනිස් සමාජයෙහි ඇති ආර්ථික සාමාජීය ගැටළු, දේශපාලන අරගල මෙමගින් නිරූපණය කරයි.’’ මේ අනුව යථාර්ථවාදය ඉක්මවා ගිය නවකතා තුළින් මතුපිට දක්නට ලැබෙන මන:කල්පිත ස්වරූපය යටින් ගැඹුරු සමාජ සත්තාවන් හා ඓතිහාසික සිද්ධීන් විවරණය වේ. යථා අර්ථය විවරණය වන යථාර්ථවාදී නවකතාව නිර්වචනයෙහිලා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව බව ඉතා පැහැදිලි කරුණකි. ඒ යථාර්ථයෙන් ඔබ්බට වූ රසාලිප්ත වූ මායා යථාර්ථවාදී අද්භූතාත්මක නවකතාවන් ප‍්‍රකට වන නිසාවෙනි. සමාලෝචනය යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය වර්තමාන නවකතාව නිර්වචනය කිරීමෙහිලා සාර්ථක මත සාහිත්‍ය ක්‍ෂේත‍්‍ර‍්‍රය තුළින් සොයා ගැනීමට මෙහිදී උත්සුක විය. යථාර්ථවාදී නවකතාව සමාජයේ යථා අර්ථය ස්මතු කරන්නකි. ඒ සම්බන්‍ධයෙන් බොහෝ විද්වතුන් ඉදිරිපත් කරන මත හරහා කිවෙන්නේ එය සබෑ ජීවිතය නැතහොත් යථාර්ථය ස්මතු කරවන විචාරවාදයක් බවයි. එහෙත් යථාර්ථය ස්මතු කරන යථාර්ථවාදී ලක්‍ෂණයන්ගෙන් තොර වර්තමාන නවකතාව නිරිවචනයෙහිලා යථාර්ථවාදී මත ප‍්‍රාමාණික නොවන්නේ වත්මන් නවකතාව සතු එයටම ආවේණික ලක්‍ෂණ හේතුවෙනි. යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය නවකතා ලෙසින් බිහිවන්නේ මායා යථාර්ථවාදී නවකතාය. යථාර්ථය ස්මතු කරලිමට රචකයෝ සමත්ව ඇත. එයට කදිම නිදසුනක් ලෙස ගාර්සියා මාකේස්ගේ ‘සියක් වසක හුදෙකලාව ’ දැක්විය හැකිය. මෙම නවකතාව තුළදී යථාර්ථය ස්මතු කරන්නේ රූපක, සංකේත ආශ‍්‍රයෙනි. මායාව නැතහොත් අද්භූත බව පදනම් කරගෙන බිහි වූ වර්තමාන නවකතාව රසාලිප්තය. එමෙන්ම එහි යථාර්ථවාදී බවක්ද දක්නට ලැබේ. එමනිසාවෙන් එම නවකතා නිර්වචනයෙහිලා වත්මන් නිර්වචන සත්‍ය වශයෙන්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ අනුව වර්තමාන නවකතාව පුළුල් පරාසයක් ඔස්සේ ප‍්‍රසාරණය වී ඇති අතර එහි සුවිශේෂිම ප‍්‍රවණතාව වන්නේ මායා යථාර්ථවාදයයි. එමනිසාවෙන් යථාර්ථවාදය පදනම් කොටගෙන නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත්ව ඇති මත වත්මන් නවකතාව නිර්වචනය කිරීමෙහිලා ප‍්‍රමාණවත් නොවේ. ඒ බැව් තදුක්ත සොදාහරණ මගින් මොනවට පසක් විය. ආශි‍්‍රත ග‍්‍රන්‍ථනාමාවලිය ද්විතීයික මූලාශ‍්‍රයන් අබේසිංහ, ඩබ්.ඒ. සාහිත්‍ය නිබන්ධ සරණිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 1996. අමරකීර්ති, ලියනගේ. අමුතු කතාව, විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය, මුල්ලේරියාව, 2005. අමරසිංහ, ජයන්ත. ආරිය රාජකරුණා උපහාර ලිපි සංග‍්‍රහය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2004. ඉලයප්පාරච්ච්, එරික්. විචාර පත‍්‍රිකා , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2005. කුමාරසිංහ, කුලතිලක. සමාජ යථාර්ථය හා කෙටිකතා, කතෘ ප‍්‍රකාශනයකි, 1998. දිසානායක, විමල. නව විචාර සංකල්ප, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2004. නවගත්තේගම ,සයිමන් . සාහිත්‍යය සමාජවාදය හා කලා විචාරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2004. සමන් කුමාර, කේ.කේ. නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට, විදර්ශන ප‍්‍රකාශන, දෙහිවල, 1999. සරච්චන්ද්‍ර ,එදිරිවීර. කල්පනා ලෝකය, සමන් ප‍්‍රකාශකයෝ, මහරගම, 1964. සුරවීර, ඒ. වී . නවකතා නිර්මාණය හා අවබෝධය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2002. සුරවීර ,ඒ.වී . සාහිත්‍ය විචාර සංහිතා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 1996.

’‘ඓතිහාසික කාල වකවානුවක් ඇසුරු කර ගනිමින් රචිත නවකතාව, තත්කාලීන සමාජයේ සත්‍ය පිළිඹිබුවක් ලෙස ගත හැකිද? ’’ ඩබ්ලිව් . ඒ. සිල්වාගේ විජයබා කොල්ලය

නවකතාව වර්තමානයේ ලොව සෑම සාහිත්‍යයකම සාහිත්‍යාංගක් වේ. සිංහල සාහිත්‍ය පිළීබ`ද සැළකීමේදි නව කතාවල යම් යම් ලක්‍ෂණ පුරාතන සිංහල සාහිත්‍යයේ දක්නට ලැබුණද පැහැදිලිවම නවකතා සාහිත්‍යාංගයක් සිංහලබසින් ඇති වන්නේ බටහිර නවකතාවේ ආභාසයෙනි. බටහිර නවකතා ආභාසය ලැබීමෙන් පසු සිංහල නවකතාව ක‍්‍රම ක‍්‍රමයෙන් අභිවර්ධනයට පත් වුණි. මේ අනුව විවධ නවකතා රාශියක් සිංහලයෙන් රචනා වී ඇත.සිංහල බසින් රචනා වී ඇති වැදගත් ඓතිහාසික නවකතාවක් ලෙස ඩබ්ල්ව්.ඒ . සිල්වාගේ විජයබා කොල්ලය හැදින්විය හැක. එය දහසයවන සියවසේ ඇතිවු ඓතිහාසික සංසිද්ිධියක් ඇසුරින් රචනා කර ඇති ඓතිහාසික නවකතාවකි. මෙහිදි විමර්ශනයට ලක් කරනුයේ තත්කාලීන සමාජයේ සත්‍ය පිළිබිඹුවක් ලෙස ඓතිහාසික කාල වකවානුවක් ඇසුරු කර ගනිමින් රචිත නවකතාව සැළකිය හැකිද යන්නයි. මෙය විජයබා කොල්ලය ඇසුරින් සාකච්ඡුාවට ලක් කරනු ලැබේ. ඓතිහාසික නවකතාව නවකතාව යන්නට ක්ලොරාරිච් දක්වන අදහසක් වන්නේ සැබැ ජීවිතය සිරිත් විරිත් හා එය ලියැවුණු කාලය පිළිබ`ද චිත‍්‍රයක් ඉදිරිපත් කරන්නක් ලෙයසි. කෙටිකතාව කණුවක බැ`ද ඇති වස්සෙකු නම් නව කතාව වත්තක ලිහා ඇති වස්සෙකු යැයි ප‍්‍රකාශ කළ හැක. නව කතාව සරළ රෙඛීයව විකාශනය වන අතර නව කතාව තරංගයක් මෙන් උච්ඡුාවච්ච වී විකාශනය වේ.එක් එක් ලේඛකයා නව කතාව මගින් ඉදිරිපත් කරන දේශපාලන හා සමාජ ඉතිහාසය වෙනස් වන්නේය .එහෙත් ඒ හැම කෘතියකම ඒ තතු ඇතුළත් වන්නේය. මේ අනුව සෑම නව කතාවක්ම තරමක් දුරට හෝ ඉතිහාස විෂයික නව කතාවක් යැයි ග‍්‍රැහැම් ගෆ් ප‍්‍රකාශ කරයි. සෑම නව කතාවකම තිබිය යුතු ප‍්‍රධාන ලක්‍ෂණය නම් නව කතාවක තිබිය යුතු ලක්‍ෂණ අන්තර් ගත වීමයි.නවකතාව මනෝවිද්‍යාත්මක නවකතා හා රහස්පරීක්‍ෂක නව කතා යැයි විවිධ කොටස් වලට බෙදා ඇත. මෙම වර්ගීකරණයට අනුව මෙහිදි ප‍්‍රස්තුත ගැටළුවට අදාළ ඓතිහාසික නව කතා පිළිබ`දව මෙමහිදි සාකච්ඡුා කෙරේ. යම් ඓතිහාසික සිදුවීමක් හෝ ඓතිහාසික චරිතයක් වස්තුවිෂය කර ගනිමින් රචිත නව කතාව ඓතිහාසික කවකතා යැයි කෙටියෙන් හැදින්විය හැක. නවකතාවක් ඓතිහාසික නව කතාවක් වුවද එය විචාරය කිරීමේදි නව කතා විචාරයේ මුල ධර්ම අමතක නොකළ යුතු වෙයි. ඓතිහාසික නව කතාවක මූලික ලක්‍ෂණය නම් කතාවට පසුබිම්වන අතීත යුගය ජීවමාන ස්වරූපයෙන් පාඨකයා හමුවේ නැවැත උත්පාදනය කිරීමයි.නව කතාවකදී ඓතිහසික යුගය ජීවමාන එකක් ලෙස නිරූපණය කිරීමට ක‍්‍රම කිහිපයක් උපයෝගී කර ගත හැක. මෙහිදි මෙම ක‍්‍රම කේවල වශයෙන් යොදා ගැනීම නොව සම්ස්ත වශයෙන් යොදාගැනීම, අනුගමනය කිරීම උසස් සාහිත්‍ය කෘතියක දැකිය හැක. උසස් ඓතිහාසික නවකතාවක් වන්නට මෙම හේතු හේතු වේ.  ඒ අතීත යුගයේ විසු වැදගත් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන්ගේ ජීවන චරිත විස්තර කිරීම  වැදගත් ඓතිහාසික සිදුවීම් විස්තර කිරීම  වැදගත් පුද්ගලයන්ගේ ජීවිත හා වැදගත්ඓතිහාසික සිදුවීම් එකල පැවැති ඓතිහාසික සමාජයේ වාතාවරණය හා නියම ස්භාවය පිළිබිඹු කිරීම  ඓතිහාසික නවකතා කරුවා ඉතිහාසය පිළිබ`දව නියම ගෞරවයක් හා හැ`ගීමක් ඇති පුද්ගලයෙකු වීම උසස් ඓතිහාසික නවකතාවක් රචනා කිරීමට හේතු වේ.  තමා නිරූපණය කරන අතීත යුගයේ විශ්වාස , ඇදහීම් , ආකල්ප ආදිය පිළිබ`ද වාතාවරණය  කිසිියම් අතීත යුගයක් , පැරුණි සමාජයක්, යටගිය සිදුවීමක් නැවත උත්පාදනය කිරීමේ හැකියාව නවකතා කරුවාට ලැබේ.මෙවැනි නිදහසක් ඉතිහාසඥයාට නැත. ඇතැම් විචාරකයන්ට අනුව ඓතිහාසික නවකතා දෙකොටසකට බෙදිය හැක.  නවකතාවේ ඓතිහාසික පසුබිම ජීවමාන ලෙස ඉදිරිපත් කිරීමට තැත් කරන නවකතා.  කිසියම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන්ගේ චරිත කලාත්මක පරිදි විවරණය කිරීමට ලියනු ලබන නව කතා. නව කතාවක පසබිිම විස්තර සහිතව පසුබිම නිරූපණය කළ යුතු නව කතා වර්ග තුනකට බෙදා දැක්විය හැකියි. (1* තම කතා ශරීරයත්, චරිතත්, වෙන් කළ නොහැකි පරිද්දෙන් පරිසරය හා වෙළී-බැ`දී පවතින බව දැක්වීම කතුවරයාගේ පරමාර්ථය වන විට, මෙවැනි නවකථාවක් ලියන කතුවරයා උත්සහ කරනුයේ, කතාවේ පරිසරය චරිත හැඩගැස්වීමෙහි ලා බොහෝදුරට බල පා ඇති බවත්, ඒවා, එහි අනිවාර්ය ප‍්‍රතිඵලයන් බවත් පාඨකයාට ඒත්තු ගැන්වීමයි. මෙවැනි පරමාර්ථයක් ඇතිව ලියැවෙන නවකථාවල පසුබිම ඉතා විස්තර සහිත ලෙස ඉදිරිපත් කොට ඇති ආකාරය, සිරි ගුනසිංහගේ හෙවනැල්ල, ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි, ලෙනාර්ඞ් වුල්ෆ්ගේ බැද්දේගම, වැනි නවකථාවල අපට දැකගන්නට ලැබේ. (2* විදේශීය පසුබිමක් ඇති නවකථා, මේවායේ ඇත්තේ පාඨකයාට හුරු-පුරුදු නොවන පසුබිමකි. පසුබිම විදේශීය එකක් නම් පාඨකයාට ඒ පසුබිම තමාගේ සමාජයේ පසුබිමට වඩා වෙනස් බව ඒත්තු ගත හැකි වන විට පමණි, කතාව විශ්වාස කිරීමට ඔහු පෙළඹෙන්නේ. ඒ විදේශීය රටේ පරිසරය, එහි විශේෂ සිරිත්- විරිත්, ඇ`දුම්-පැළ`දුම්, සම්ප‍්‍රදායයන් ආදිය ගැන දීර්ඝ විස්තර සැපයීම මේ ස`දහා අවශ්‍ය වෙයි. මළගිය ඇත්තෝ නමැති නවකථාවට පසුබිම් වන්නේ ජපන් රටයි. නවකථාව මුලදීම ඒ රටේ සංස්කෘතියේ ප‍්‍රධාන අංග පාඨකයා හමුවේ තැබීමට කතුවරයා උත්සුක වෙයි. එම නවකථාවේ මූලික විෂය වන සංස්කෘති දෙකක් අතර ඇති වන ඝට්ටනය නිරූපණය කිරීම සාර්ථක වීම ස`දහා ජපන් රටේ පසුබිම මෙසේ විස්තර සහිතව ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේය. ඊ. ඇම්. ෆෝස්ටර්ගේ ‘අ පැසේජ් ටු ඉන්ඩියා’ ( ෑගඵග දෙරඑැරථ ් ඡු්ීී්ඨෑ ඔධ ෂභෘෂ්* නැමති ඉන්දියාව පසුබිම් කොට ගෙන ලියැවී ඇති නවකථාවෙහිද පසුතලය මෙසේ විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත. (3* ඓතිහාසික පසුබිමක් වටා ලියැවෙන නවකථා, විදේශීය පසුබිමක් ඇති නවකථාවල මෙන්ම, අතීත යුගයක් පසුබිම් කොට ලියැවෙන නවකථාවලද ඇත්තේ පාඨකයාට නුහුරු-නුපුරුදු පසුබිමක්. එවැනි කථාවක පසුතලය පාඨකයාට පිළිගත හැකි වන්නේ එය ඉතා විස්තර සහිතව නිරූපණය කොට ඇතොත් පමණි. කතාවට පසුබිම් වන ඓතිහාසික සමය පාඨකයාගේ නෙත් හමුවේ ප‍්‍රාණවත් ලෙස, ජීවමාන ආකාරයෙන්, මැවී ගියහොත් පමණි, නවකථාවේ සාර්ථකත්වයට මුල පිරෙන්නේ. මේ ජීවමාන ස්වරූපය ලබාදීම ස`දහා, ඒ යුගය පිළිබ`ද තොරතුරු හා ඓතිහාසික කරුණු තැනින් තැන යෙදීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. සම්පූර්ණ අතීත සමාජයක හා සංස්කෘතියක නියම ස්වභාවය හා වාතාවරණය ජීවමාන ලෙස උත්පාදනය කිරීම ඒ ස`දහා අවශ්‍ය වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයක් නිසාය, උසස් ගණයේ ඓතිහාසික නවකථා සෑම සාහිත්‍යයකම පාහේ කලාතුරකින් දක්නට ලැබෙනුයේ. විජයබා කොල්ලය සමකාලීන සමාජයේ සත්‍ය පිළිඹිබුවක්ද? ඪබ්ලිව් . ඒ .සිල්වා විසින් රචිත විජයබා කොල්ලය ඓතිහාසික සිදුවීමක් ව්ස්තු විෂය කොට ගත් නව කතාවකි. නව කතා විවිධ කොටස්වලට බෙදා දැක්වීම පහසු නොවේ. එසේ වන්නේ නව කතාවෙහි තිබිය යුත්තේ නව කතාවකට අයත් ලක්‍ෂණ නිසාවෙනි.එසේ වුවද රහස් පරීක්‍ෂක නව කතා , මනෝවිද්‍යාත්මක නව කතා ආදී ලෙස විවිධ කොටස්වලට බේදා දක්වා ඇති බැවින් එය බොහෝ දෙනාගේ පිළි ගැනීමට ලක් වූවකි. විජයබා කොල්ලය නව කතාව තුළ නවකතාවේ පසුබිම මනාව දැක්වීමේ අවශ්‍යතාව කතුවරයාට වු බව ග‍්‍රන්‍ථ්‍යය විමසීමෙන් පැහැදිලි වේ.එකල හා මෙකල වෙනස කතුවරයා සංසන්දනාත්මක ලෙස ඉදිරිපත් කරයි. ‘‘එකල, මෙකල මෙන් නොව, ශාස්ත‍්‍රානුසාරයෙන් ඊට හේතුව සලකා ගත නොහැකි වූ මිනිස්සු අනාගතයෙහි ඇතිවන විපතකට පූර්ව ලක්ෂණ වශයෙන් මේ දේවානුභාවයෙන් දැක්වුණු නිමිත්තකැයි සිතා නොයෙක් මත ප‍්‍රකාශ කරන්නට වූහ. රටේ පවතින අධර්මයෙන් කලකිරුණා වූ දෙවියන් මේ අන් තැනක් බලා ගමන් කළ සැටි යයි ඇතැමෙක් කීහ....’’ යුග දෙකෙහි සමානකම් පමණක් නොව අසමානකම්ද ඇතැම් විට කතුවරයා ගෙන හැර දක්වයි. ‘‘ඒ කාලේද මේ කාලේ මෙන්ම, නොයෙක් විට, සිංහල තරුණියක දීගයක දීම යුද්ධයකින් ජයගැනිම වැනි වැඩක්. කිමෙක්ද යත්, ඊට නොයෙක් ලෙසින් බාධා කරන්නන් ඇති වූ හෙයිනි. තරුණයකුට බහ දී සිටි- එනම් වාක් ප‍්‍රදානයෙන් ගිවිස ගෙන සිටි තරුණියක වෙන දීගයක දීම ඉතාම දුෂ්කර වූ වැඩකි....’’ කතුවරයා තම කතාවේ මුලදීම මෙසේ එකල මෙන් නොව... යනුවෙන් පටන් ගෙන පසුබිම් විස්තරයක් ඉදිරිපත් කිරිමට උත්සාහ කරයි.මෙසේ දැක්වීම මගින් පාඨකයාට වර්තමානය හා වෙනස් පරිසරයක් අතීතයේ පැවැති බවට කරුණු පැහැදිලි වීම උසස් ඓතිහාසික නව කතාවක ලක්‍ෂණයක් වේ.සජීවි ලෙස අතීත තොරතුරු ගෙනහැර දැක්වීමක්ද මේ මගින් සිදුවේ. ‘‘එකල කොළඹ නගරය මේ තරම් විශාල නොවීය. මෙතරම් ජන බහුල නොවීය. ඓශ්චර්යවත් නොවීය. මංමාවත් මෙතරම් යහපත් නොවීය. පිරිසිදු නොවීය...ගොඩනැගිලි වශයෙන් මෙහි තිබුණේ, මැටි තාප්ප බැම්මෙන් බ`දනා ලද, අතු සෙවිලි වූ ගෙවල් සමූහයකි. සුදු හුනු ගා උළු සෙවිලි කරන ලද ගොඩනැගිලි වෙනුවෙන් තුබුණේ, මුස්ලිම් දේවස්ථාන කිහිපයකුත්, මුස්ලිම් නෞ වාහකයනට හා එම වෙළෙ`ද නායකයනට හා සිංහල සෙනෙවිවරුනට වාසස්ථාන වූ ගෙවල් කිහිපයකුත් පමණකි’’ මෙහිදි කතුවරයා උසස් ඓතිහාසික කෘතියක් වීමට අවශ්‍ය ප‍්‍රමාණවත් පසුබිම නිර්මාණය කිරීමක් පමණක් නොව අනවශය විස්තර දැක්වීමක්ද සිදු කරයි. කොළඹ නගරය මීට පෙරට වඩා දැන් ජනයාගෙන් බහුල වූ බවත් විශාල වූ බවත් දක්වයි.මෙය කුඩා දරුවෙකුට වුව අවබෝධ වන කරුණකි. ‘‘එකල පැවති සිරිත නම් මෙ වැනි අවස්ථාවලදී තමන් කැටුව අහර ගැනීම පිණිස අමුත්තන්හටද ආරාධනා කිරීමය. මේ ආචාරානුගතව කරන සාමාන්‍ය වූ ආරාධනයකි. අමුත්තෝ ඒ බව දනිති. එහෙයින්, එසේ වූ ආරාධනය නො ඉවසති. නායක දෙමාල්ලන් විසින් මෙහිදී කළ ආරාධනයට ස්තුති කොට කාන්තාවෝ පිටත්ව ගියාහ....’’ කතුවරයා පූර්වොක්ත ෙඡ්දයෙන් සදහන් කර ඇත්තේ ආහාර අනුභවයට සුදුසු අවස්ථාවන්හි නිවසේ සිටින අමුත්තන්ට ආරධනා කිරීම 16 වන සියවසේ සිරිතක් බව කතුවරයා සදහන් කරයි. නමුත්‘ මෙම සිරිත වර්තමානයේදීද සිදුවන්නකි.එම නිසා පාඨකයාට කාලය පිළිබ`ද වෙනසක් අවබෝධ නොවේ.එය උසස් ඓතිහාසික ග‍්‍රන්‍ථයක ලක්‍ෂණයක් නොවේ. එසේම මෙසේ විසතර කිරීම අනවශ්‍ය වුවක් යැයිද සිතිය හැක. නමුදු සෑම අවස්ථාවකම කතුවරයාගේ අදක්‍ෂතාව ප‍්‍රදර්ශනය වන්නේ නොවේ. කතුවරයාගේ බුද්ධිමය පාඨවය ප‍්‍රදර්ශනය වන අවස්ථාද දැකිය හැක. මෙයට හො`ද නිදර්ශනයක් මෙසේ දැක්විය හැක. ‘‘මේ කාලයේ මූණබැලීම කළ කැටපත් සාදන ලද්දේ ලෝහයෙනි. රනින් ඔප නගන ලද්ද, රන් කැටපත නම් විය. රිදී- තඹ- පිත්- තල ආදියෙන්ද වත්කමේ හැටියට මිනිස්සු කැටපත් තනවා ගත්හ. පරංගි කැටපත ලෝහයෙන් නොව, ගන කඩ වීදුරුව රසාලේපනයෙන් පිළියෙළ කළ දර්පණ තලයකි. වර්තමානයෙහි මේ දර්පණතලය සුළුකොට තැකිය යුතු නමුදු එකල එසේ නොව මහාර්ඝ වස්තු සංඛ්‍යාවේ ලා....’’ ඒ සමයෙහි සමාජයේ පැවැති සිරිත් හා ආකල්ප පිළිබ`දවද මෙම කෘතියෙන් තොරතුරු හමු වේ. විවාහය පිළිබ`දව එතරම් දැඩි නිති රීති තිබූ බවක් පැහැදිලි නොවේ. නීලමණි කුමරිය නයනානන්ද කෙරෙහි පිළිබ`ද සිතින් යුක්තව සිටින බව දැන ගන්නා අසංග ඇය නයනානන්දට පාවා දීමට කැමැති වේ. වර්තමානයෙහි දික්කසාද වීම එතරම් පහසු නොවන්නේ මෙරට පැවැති සිංහල නීතිය අනුව නොව ලන්දේසී නිතිය ක‍්‍රමය අනුවයි. දැනටද උඩරට සිංහලයන් වෙනුවෙන් භාවිත වන උඩරට නීතිය මගින් අන්‍යොන්‍ය කැමැත්ත මත දික්කසාද විය හැක. 16 වන සියසේදීද එය එසේ සරළ දෙයක් ලෙස පැවැතී ඇත. එම නිසාම එකගෙයි කෑම වැනි සිරිත් අසභ්‍ය ලෙසින් සමාජය සැලකූයේ නැත. එසේ වී ඇත්තේ එකල සදාචාරය එය පටහැනි නුවූ බැවිනි. ‘‘...එකල කුලවතුන් අතර පවා ‘එකගෙයි කෑම’ නම් සිරිතක් පැවති හෙයිනි. මේ සිරිත අනුසරණය කළ තැන්වල, සොහොයුරන් කිහිප දෙනෙකු වෙනුවෙන් සිටියේ, එකම භාර්යාවකි. නීලමණී එවැනි ගෙදරක් නොපතන්නීය....’’ මෙම කරුණ මහාවංශය ඔස්සේද විමසන කළ සත්‍යය බව පැහැදිලි වේ. ‘‘විජයබාහු තුමාර තෙමේ ලක්දිව රාජ්‍යශ‍්‍රයට පැමිණීමට ප‍්‍රථමයෙන් මැණික්කඩවර පදිංචියට සිටි ස්වකීය සොහොවුරු වූ චක‍්‍රාමුද්ධබාහු කුමාරයා හා එක ගෙයි විසීය. මේ දෙදෙනාගේ සමගි ආශ‍්‍රයෙන් චක‍්‍රායුද්ධබාහු කුමාරුගේ ඇඹිණි වූ කීර වැල්ලේ මහා බිසො බණ්ඩාර නම් තුමියට රයිගම් බණ්බාර ,භුවනෙකබාහුය , පරරාජ සිංහය , මායා දුන්නේ යැයිපුතුන් සිව් දෙනෙක් ඇති වූහ.’’ නවකතතාව ඇරඹෙනුයේ නායක සෙනෙවිගේ මැදුර පිළිබ`ද කරන විස්තරයකිනි. එහිදි කතුවරයා පරිසරය බොහෝ දුරට සාර්තක ලෙස ඉදිරිපත් කර ඇති ආතාරය පහත නිදර්ශනයෙන් පැහැදිලි කළ හැක. ‘‘මේ ගෙය පිහිටියේ, සතර මං සංදියකය. උතුරු දිග ඇය නෙතට වන ලැහැබින් වැසුණු බොරලූගොඩ කන්ද පෙනේ. මොහොතින් මොහොත වඩ වඩා දැඩිවන මීදුම් පටලයෙනුත්, අන්ධකාරයෙනුත්, ඒ නොපෙනී යන්නට ළ`ගය. දකුණු දිගින් කොළොම් විලය. බටහිරින් පෙරවරු වෙළ`ද පොළ, වෙළදුන්හටද වෙළද බඩුවලටද සෙවණ දෙන කූඩම්ය....’’ නමුත් නායක සෙනෙවිගේ භවන විස්තර කිරීමේදි කතුවරයා අඩු දක්‍ෂතාවක් ප‍්‍රදර්ශනය කර ඇත. නායක සෙනෙවිගේ භවන නියත වශයෙන්ම විශාල ලෙස පවතින්නට ඇත.නමුත් කතුවරයා එහි විශාලත්වය බාහිර පෙනුම පිළිබ`දව කිසිදු විස්තරයක් නොදක්වයි. ඔහුට පැරුණි ගෘහනිර්මාණ ශිල්පය පිළිබ`ද සදහන් කරමින් පාඨකයා අදාළ කාලය වෙත රුගෙන යාමේ අවස්ථාවක් කතුවරයා මග හැර ඇති ආකාරය පහත නිදසුනෙන් පැහැදිලි වේ. ‘‘...හුනෙන් හා උළෙන් නිමවන ලද හෙයිනුත්, සිත්කලූ උයනකින් වට වූ හෙයිනුත්, මෙහි ගෘහපති පුරුෂයා සෙස්සකු නොවන බව සැලකිය යුතුය.’’ බොහො තැන්වලදී කතුවරයා ගතානුගතික සාමාන්‍ය පසුබිම් වර්ණනා දැකිය හැකි වන අතර සියුම් විශේෂ විසතර ඇතුළත් නොවේ.කතුවරයාගේ ගතානුගතික වර්ණනාවකට උදාහරණයක් මෙසේ දැක්විය හැක. ‘‘වාරකන් සුළං තනම නැතිවත් , එය පැන නැගෙන කාලය ඉතා ආසන්න බව දන්වමින් වරින් වර හමන බලවත් කුණාටුව ද , එම කුණාටුවෙන් ගසාගෙන යන වළාකුළු ද , ඇයට පෙනේ සන්ධ්‍ය සමය වුවද , සන්ධ්‍යාලොක්ය මර්ධනය කොට ගෙන , ක`දු රුළිවලින් මටියාවතට සාගර තරංගයක් මෙන් ගලා බසින මීදුමද පෙනේ ’’ මුලින් දැක්වු ආකාරයට උසස් ඓතිහාසික නව කතාවක් වීමට නිර්මාණයට සාපේක්‍ස යුගයේ සමාජයට හා සංස්කෘතියට සමාන්තරව තමන් සිටින බවට හැගීමක් පාඨකයාට ලබා දිය යුතුයි. එහිදි එම කාලයට අනුරූපව සමාජයේ පැවැති සිරිත් විරිත් පිළිබ`ද කරුණු ඉතා වැදගත් වේ. මෙම කරුණු අතින් කතුවරයා තරමක් දුරට පොහොසත් වූ බවක් දැකිය හැක. එකල රාත‍්‍රියේ ගමන් බිමන් යාමේදි හුලූඅතු හා පන්දම් රුගෙන ගිය බව නව කතාව මුලදීම දක්නට ලැබේ. එමෙන්ම එකල ආහාර ලබා ගැනීම හා බැදී පැවැති තවත් සිරිතක් වූයේ බිම හිද ගෙන ආහාර ගැනීමයි. මෙම කරුණු නව කතාවෙහි මෙසේ දැක්වේ. ‘‘සැමියා එන ලකුණු - එනම් හුලූ අතු සහ පන්දම් කිහිපයක් දැල්වෙන එළියෙන් ගමන් කරන්නකු එන ලකුණු....’’ ‘‘...ඉතා උසස් කුල ගෙවල පවා, ආහාර ගැනීම කෙරුණේ, බිම හි`ද ගෙනය. භෝජනාගාරයෙහි හි`ද ගැනීමට කළාල පිට අතුරන ලද පලස් ඇතිව, පලස් පිට ලන මෙට්ට ඇතිව, ඔවුහු ආහාර ගත්හ. පරිවේෂ කර්මයෙහි ඇතැම් තැන, සේවකයන් යෙදුණාහ. ඇතැම් තැන සේවිකාවන් යෙදුණාහ.’’ විජයබා කොල්ලය සිදු වු යුගයේ සංස්කෘතිය පිළිබ`දව තොරතුරු විජයබා කොල්ලය තුළින් දත හැකිය. එකල සමාජය දෙවියන් පිදීමෙහි යෙදි සිට ඇත්තේ දැඩි විශ්වාසයකිනි.එකල ජනයා දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත. දෙවියන්ට පඩුරු වෙන් කිරීම , දෙවියන්ට පහන් - හදුන්කනූරු ආදිය දල්වා පුදසිරිත් පැවැත්වීම ආදිය සෑම කෙනෙකුම දැඩි බැතියකින් සිදු කළ බව මෙම කෘතියෙන් පැහැදිලි වේ. ඇතැම් විට මෙවැනි දේව භක්තයකට එකල ක‍්‍රිස්තියානි ආගමේ බලපෑමද සුළුවෙන් හෝ බලපාන්නට ඇත. එකල ඇතැම් ක‍්‍රිස්තියාන් පූජකවරු මහා බලයකින් යුතු වූ බවට කට කතා පැතිර තිබූ බව මහාවංශයේද සදහන් වේ. ‘‘...දෙවියන් වෙනුවෙන් පුද සිරිත් පැවැත්වෙන මල් පැලේ පහන් දල්වා, හ`දුන්කූරු දල්වා සුව`ද දුම් දී, මල් පුදා සිය ළතැවිල්ල දෙවියනට කීවාය. එක දෙවියකුට නොව, කතරගම - සමන් -උපුල්වන් -විබීසණ යන සිව් දෙවියනටම කීවාය.’’ ‘විජයබා කොල්ලය’ තුළින් සාමාන්‍ය ජනතාව පිළිබ`ද විස්තරවලට අමතරව බොහෝ කොට විස්තර ඇතුළත් වන්නේ රජවරුන් , හමුදා ප‍්‍රධානීන් උසස් කුලවතුන් වැනි තැනැත්තන්ගේය. රාජ්‍යත්වය සම්බන්ධයෙන් පැවැති අරගල වලදී දරු දෙමාපිය සම්බන්ධය පමා අමතක වන ආකාරයකට සමාජය පිරිහී තිබුණි. රාජ්‍යත්වයට පුද්ගලයෙකු තොරා පත් කිරීමේදි අනුගමනය කරනු ලබන සිරිත් හා සම්ප‍්‍රදායන් පිළිබ`දව මෙහි සදහන් වේ. ‘‘සර්වාභරණයෙන් විභූෂිත වූ රජතුමා දළපුඩු සේසත් නගන ලද සිංහාසනයට සුබ මොහොතින් වැඩම කරවන ලදි...මෙසේ පෙර සිරිතට අනූව කළ අභිෂේකයෙන් ඔටුනු පැළ`දි රජු සිංහාසනයෙන් නැගී සිට, පළමුවෙන්ම කළේ චන්දන කල්කයෙන් පිරි...පන්සිල් ගෙන, යළි දළදා මැදුරට වැ`ද, දළදා හිමින් වැ`ද මහජන ප‍්‍රීති ඝෝෂා මද්ධ්‍යයෙහි නගර ප‍්‍රදක්ෂිණා කිරීමය....’’ පැරුණි යුගයක් ජීවමාන ලෙසින් පාඨකයා හමුවේ ඉදිරිපත් කිරීමට එම යුගයේ භාවිත භාෂාව හා යෙදුම් ඉතා වැදගත් වේ.භාෂාව බොහෝදුරට සංස්කෘතියත් සමග බැදී ඇති බැවින් වචන හා අරුත් පිළීබ`ද සැළකීමේදි එම සමාජයේ විශ්වාස , දැනුම , ආකල්ප සමාජය වැනි කරුණු රාශියක් භාෂාව ඔස්සේ අධ්‍යනය කළ හැක. සාර්ථක ඓතිහාසික නව කතාවක් නිර්මාණය කිරීමේදි එම යුගයේ උපයුක්ත භාෂාව හා යෙදුම් දක්නට ලැබීම වැදගත් වේ.නවකතාවට පසුබිම් වු යුගයේ හා වර්තමානයේ යෙදුණු භාෂාව අතර වෙනස්කම් පැවැතුණු බව පැහැදිලි ය. නමුත් ඓතිහාසික කෘතියක මුළු වාග් කෝෂයම එකල භාවිත වු වචනම යෙදීමෙන් එය කියැවීමට වෙනම ආඛ්‍යානයක් අවශය විය හැක. විය යුත්තේ එය නොව පාඨකයාට අවබොධ කර ගැනීමට ගැටලූවක් ඇති නොවන ආකාරයට පැරුණි වැදගත් යෙදුම් හා වචන යෙදීම ඓතිහාසික නව කතාවට ගැළපෙන්නක් වේ. මෙවැනි වචන රාශියක් විජයබා කොල්ලය නව කතාවේහිද දැකිය හැක. ‘‘පැහැදුම (එනම්, පිසූ ආහාරය තැන්පත් වූ පලකය*, පයිංඩ කාරයින්, රාබරක්කුව, ජගලත් තොප්පිය, කූටාලියෙක්, අඩුක්කුවක්, පුලන්නකුට, සම`ගි සන්දියක්, අගම් පොඩි පුරෝගමය ඓතිහාසික නවකතා කරු ඓතිහාසිකමය තොරතුරු පමණක් දක්වන්නෙක් නොවේ. ඓතිහාසක නවකතාවක නිවැරදි ඓතිහාසික කරුණු අන්තර්ගත වීමක් බලාපොරොත්තු විය හැකි අතර නමුත් එය සාහිත්‍යමය අගයෙන් හීන වූවක් නොවිය යුතුය. ඓතිහාසික පුද්ගලයන්ගේ ජීවන චරිත විස්තරවලට හා ඓතිහාසික සිදුවීම්වලට වඩා වැදගත් වන්නේ ඒ සමයේ ජීවය හෝ ප‍්‍රාණය වූයේ ඒවා බැවිනි. ඒ සමයේ ජනයා ජීවත් වූ ආකාරයක් සිතු පැතු ආකාරයක් ක‍්‍රියා කළ ආකාරයත් එම ක‍්‍රියාවන්ට පෙළඹුණු හේතූන්ද අපට අත්දැකිය හැකි ඒවා වන්නේ නම් එය උසස් ඓතිහාසික නවකතාවක් වන්නේය . සමාලෝචනය නවකතාවක ලක්‍ෂණ ආරක්‍ෂා කරමින් ඓතිහාසික සංසිද්ධියක් හෝ පුද්ගලයෙකු හෝ පුද්ගල චරිත ඇසුරින් නිර්මාණය කළ නවකතාව ඓතිහාසික නවකතාවක් වේ. මෙම නවකතාවක ප‍්‍රධාන ලක්‍ෂණය නම් නවකතාවට පසුබිම්වු අතීත යුගය පාඨකයා හමුවේ නැවැත උත්පාදනය කිරීමයි. නවකතාකරුවෙකු ඓතිහාසික නවකතාවක් නිර්මාණය කිරීමේදි නවකතා රාමුවේන් වියුක්ත වීමට කතුවරයාට නොහැකිය. ඓතිහාසිතක නවකතාවක් විචාරය කිරීමේදි හෝ මැන බැලීමේදී නවකතා මුලධර්මවලින් වියුත්ක විම සිදු කළ නොහැක. සාහිත්‍ය නිර්මාණක් යනු යමක් ඇති සැටියෙන්ම පිළිබිඹු කිරීමක් නොවේ. එවැන්නක් වාර්තාවක් විය හැකිය. ඓතිහාසික ප‍්‍රවෘත්තියක් වස්තු විෂය ලෙස ගෙන ඓතිහාසික නවකතාවක් රචනා කිරීමේදි නවකතාකරුවාට ඉතිහාසඥයෙකුට නොමැති නිදහසක් ලැබේ. එය සිදු වු අයුරින්ම ලියා තැබීම ඉතිහාසඥයාගේ වගකීමයි. එම නිසා ඓතිහාසික නවකතාවකින් තත් කාලීන සමාජයේ සම්පූර්ණ පිළිඹිබුවක් කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වේ..නමුත් සාහිත්‍ය කරුවෙකුට ඓතිහාසික වස්තුවිෂයක් ඇසුරින් නවකතාවක් රචනා කිරීමේදි ඉතිහාසයෙහි අඩු තැන් පිර වීමට හැකියාවක් ලැබේ.ඉතිහාසයෙහි සිදු වු සිදුවීමක් යළි උත්පාදනය කිරීමට නවකතාවට හැකි වේ.එහිදි සිදුවීම සිදු වු ආකාරය එසේ සිදුවීමට හේතු වු හේතූන් හා එහිදි චරිතයන්ගේ හැසිරීම වැනි කරුණුවලදී පණ පොවන්නේ අරුතක් ලබා දෙන්නේ නවකතා කරුවායි. ඓතිහාසික නවකතාවක් යම් ඓතිහාසික සිදුවීමක් වේවා ඓතිහාසිත චරිත හෝ චරිතයක් වේවා නවකතාව තුළ විකාශනය කිරීමේදි ප‍්‍රධාන චරිත හා අවශේෂ චරිතයන්ගේ හැසිරීම සම්ස්ත නව කතාවෙහි ප‍්‍රාණය ලෙස හැදින්වුවද සාවද්‍ය නැත. චරිතයන් මගින් සමකාලීන සමාජය , සිතුම් පැතුම් , ජීවන දර්ශනය ආදි බොහෝ කරුණු දත හැකිය. විජයබා කොල්ලය පිළිබ`ද සැළකීමේදි එහි චරිත නිරුපණයේදි සමාජයේ ඉහළ සමාජය පිළිබ`ද පමණක් බහුල කොට චරිත ලක්‍ෂණ දැකිය හැක.මෙම නවකතාව තුළින් සමකාලීන සමාජය පිළිබ`ද සමාජීය , ආගමික , දේශපාලනමය ,සංස්කෘතිකමය හා ආකල්පමය වැනි කරුණු පිළිබ`ද යම් යම් තොරතුරු දත්නට ලැබේ.එසේ වුවද චරිතවල හැසිරීම එක් තලයකට සීමා වී ඇති බවක් පෙනේ. ඇතැම් තැන්වල අත්‍යවශ්‍ය ඓතිහාසික කරුණු දැක්වීම සියුම් ලෙස දැක්වීම මග හැර ඇති අතර ඇතැම් අවස්ථාවලදී අනවශ්‍ය විස්තර , වැනුම් දැකිය හැක. පොදු ජනයාගේ ජීවන පැවැත්ම ප‍්‍රමාණවත් ලෙස නිරූපණය නොවන නිසාවෙන් ද දහසය වන සියවසේ මුල් භාගයේ ලාංකේය සමාජය පිළිබ`දව ජීවමාන චිත‍්‍රයක් විජයබා කොලල්යෙන් පහළ නොවේ. විජයබා කොල්ලය බාහිර වශයෙන් ඓතිහාසික ග‍්‍රන්‍ථයක් වන අතර නියම ඓතිහාසික නවකතාවක දක්නට ලැබෙන වැදගත් අභ්‍යන්තර ලක්‍ෂණ එහි දැකිය නොහැක. එම නිසා මෙම නවකතාව සමකාලීන සමාජයේ් සත්‍ය පිළිබිඹුවක් නොවේ. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍ර මහාවංශය සිංහල. (සංස්.*, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, (බොරලැස්ගමුව: අජිත් ප‍්‍රින්ටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, 2010* රාජාවලිය. (සංස්.*, බී. ගුණසේකර, (කොළඹ: රජයේ මුද්‍රණාලය, ශ‍්‍රී ලංකාව, 1926* ද්විතීයික මූලාශ‍්‍ර වික‍්‍රමසූරිය, සරච්චන්ද්‍ර, විජයබා කොල්ලය විවරණය. (මහරගම: සමන් ප‍්‍රකාශකයෝ, 1963* සිල්වා, ඩබ්. ඒ. විජයබා කොල්ලය. (කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002* වෙනත් ග‍්‍රන්ථ විචාර-18- ඩබ්. ඒ. සිල්වා අංකය, වේරගොඩ පඤ්ඤාසේකර හිමි (සංස්.* (කොළඹ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ, මරදාන*

‘‘පද්‍ය විචාරය යනු , කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමකි

මානවයා පරිණාමය වීමත් සමල තොරතුරු සන්නිවේදනයට භාෂාව භාවිත කරන්නට විය.ඒ සමග මානවයාගේ බුද්ධිමය පාඨවය ශීඝ‍්‍රයෙන් වැඩි විය. හිස් කබලේ කපාල ධාරිතාව වැඩි විය. මේ සමග මිනිසා ලොව බුද්ධිමත්ව සත්ත්වයෙකු බවට පත් විය. පසුව මිනිසා භාෂාව සන්නිවේදනය සදහා පමණක් නොව වෙනත් කාර්යයන් සදහාද යොදා ගත්තේ ලිඛිත භාෂාවකට සංකේත යොදා ගැනීමත් සමගිනි. භාෂාව මගින් සාහිත්‍ය යන නිර්මාණය මිනිසා සිදු කළේ ඊට පසුව ය.ඉන් පසුව එම නිර්මාණ විචාරය කිරීමට විවධ සාහිත්‍ය න්‍යායන් බිහි කළේය. මෙම සාහිත්‍ය න්‍යායන් මගින් පද්‍ය සාහිත්‍ය විචාරය කිරීමේදි එහි භාෂවට ලබා දී ඇති වැදගත් කම හා භාෂාව ප‍්‍රයෝජනවත් වන්නේ කවර ආකාරයකින්ද යනු මෙහිදි විමසීමට ලක් කරනු ලැබේ. කාව්‍යය හා සාහිත්‍ය විචාරය භාෂාව මාධ්‍යය කරගෙන කරනු ලබන නිර්මාණයක් ලෙස කාව්‍යය හැදින්විය හැක. මේ ලොවෙහි ශබ්දය නැතහොත් භාෂාව නොමැත්තේ නම් මේ ලොව අන්‍ධකාරයෙන් වෙළුනේ වෙයි. ශබ්දය නැතහොත් භාෂාව කරණකොට ගෙන මේ තුන් ලෝකයට ආලෝකවත් වූයේ යැයි දණ්ඩි කාව්‍යාදර්ශය ආරම්භයේදී සදහන් කරයි . සහිතවත් බව ‘‘සහිතස්‍ය භාවො සාහිත්‍යං’’ සාහිත්‍ය නම් වේ. කලාව තුළට සාහිත්‍යය ගැනෙන අතර එහි ඇති අනෙක් කලාවන්ගෙන් සාහිත්‍යය වෙනස් වන්නේ එහි මාධ්‍ය වු භාෂාව කරණකොටගෙනයි. නාට්‍යයක් සාහිත්‍යයක් නොවන අතර එහි නාට්‍ය පිටපත සාහිත්‍යයට අන්තර් ගත කළ හැක. ‘‘ඔහුන් සාහිත්‍ය ශබ්දය යෙදුවේ 1.එක්වීම 2.කාව්‍යානුසාසනා 3. කාව්‍යය යනාදී අර්ථයන්හිය’’ කවිකණ්ඨාභරණයෙහි‘‘කාව්‍යං විශිෂ්ඨශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති’’යි යනුවෙන්ද,දම්සරණයෙහි ‘‘විවිධෛශ්වය_සාහිත්‍යයෙන්’’ යන්න යෙදුනේ එක් වීම් අර්ථයෙහිය. ‘‘ශබ්දාර්ථයො©ථාවත් සහභාවෙන විද්‍යා සාහිත්‍ය විද්‍යායි ’’ කාව්‍යමීමංසාවෙහි සාහිත්‍ය ශබ්දය කාව්‍යානුශාසනයෙහි යෙදි ඇත. මුලින් අදහස් හුවමාරුව ස`දහා පමණක් භාෂාව භාවිත වු අතර පසුව එය අසන්නවුන් හා බලන්නවුන් තුළ රසයක් ජනනය වන ලෙස රචනා කිරීම තුළින් සාහිත්‍යය බිහි වන්නට ඇත. පද්‍යය හා නව කතා වැනි කලාත්මක වටිනාකමකින් යුතුව කර ඇති රචනා සාහිත්‍ය ලෙසද විග‍්‍රහ වේ. ’‘න ස ශබ්දො න තද් වාච්‍යං න ස න්‍යයො න සා කලා ජායතෙ යත්න කාව්‍යාජගමහො භාරො මහාන් කවේ:’’(භාමහ* භාමහ ප‍්‍රකාශ කරන පරිදි කාව්‍යාඕගයෙහිලා හැම කරුණක්ම හැම ශබ්දයක්ම හැම අර්ථයක්ම හැම න්‍යායක්ම හැම කලාවක්ම ගැනේ. සාහිත්‍යදප_ණයෙහි‘‘සාහිත්‍ය තත්ත්වමඛිල සුඛමෙව චිත්තං ’‘යනුවෙන් දැක්වේ. සාහිත්‍ය නිර්මාණ කරන කවියා වස්තුවිෂයන් ගන්නේ බාහිර පරිසරයෙන් වන අතර රසවත් කර ලිපි ගත කරන්නේ සමාජය ඇසුරෙන් පහළවු අදහස්වේ. ඒ අනුව සාහිත්‍යය තුළින් සමාජයක සිතුම් පැතුම් විදහා දැක්වෙන කැටපතක්යැයිද ස`දහන් කළ හැකියි. ‘‘ජනතාවගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔහුන්ගේ සාහිතය කලා උපකාරී වෙයි.සාහිත්‍යය වූකලි බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි.’’ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මාධ්‍ය කරගෙන මෙම අපූර්ව නිර්මාණයකින් යුතු කෘති රවනා කරන හෙයින් භාෂාව උපයොගි කර ගැනීමේ විධිමත් ස්වාභාවයක් විද්‍යමාන විය යුතුයි. මහාචාර්ය රකේෂ්ගුප්තාිඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්’ නමැති ස්වකීය ආචාර්ය උපධි නිබන්ධනයේ දී කාව්‍ය පිළිබඳ පෙර-අපර දිග නිර්වචන පනහක් දක්වයි. එම නිර්වචන ම`ගින් කාව්‍යයේ ඒ ඒ අංග ලක්ෂණ මතු ව පෙනෙන හෙයින් කාව්‍යය යනු කවරේ දැයි හැඳිනීමට එම නිර්වචන උපනිශ‍්‍රය වේ. සාහිත්‍යයක වර්ධනය නිශ්චිත දෙයක් නොවේ.කාලයෙන් කාලයට එය වෙනස් වේ. එහි ස්වරූපය හා ප‍්‍රමාණය වැනි කරුණු කාලයෙන් කාලයට වෙනස් වේ. සාහිත්‍යය ගලා යන ග`ගක් වැනිය. වත_මානයෙහි විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළව සාහිත්‍ය පිළිබ`දව සාකච්ඡුා කරනු ලැබේ. සාහිත්‍යය ජීවනය පිළිබ`ද විවරණය වේ.කාව්‍යය සමාජ ජීවනය දියුණු කරලිය හැකි මහ`ගු සාධකයකි. කාව්‍යය වශයෙන් ශ‍්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන්ද බෙදේ. එසේම පද්‍ය කාව්‍ය,මහා කාව්‍ය හා ඛණ්ඩ කාව්‍යයැයිද බෙදා ඇත. කාව්‍ය ප‍්‍රධාන වශයෙන් ගද්‍යය හා පද්‍යය වශයෙන්ද කොටස් දෙකකට බෙදේ.ගද්‍යය යනු ‘‘ඡුන්දෝ රහිතං ගද්‍යං’’ ඡුන්දසින් තොරව කරන ලද රචනය ලෙස හදුන්වා දී ඇත. පද්‍යය යනු ‘‘ඡුෙන්‍දාබද්ධපදං පද්‍යම්’’ කී සෙයින් ඡුන්දසින් හෙවත් අක්‍ෂර නියමයෙන් මාත‍්‍රා නියමයෙන් බ`දනා ලද්දේ පද්‍යය නම් වන බව භාරතීය විග‍්‍රහයයි. ස්ංස්කෘත භාෂවෙහි පද්‍ය සාහිත්‍යය ආරම්භ වූයේ ශ්ලෝක මගිනැයි සාම්ප‍්‍රදායික පිළිගැනීම වේ. විශේෂයෙන් පරුණි සිංහල සාහිත්‍යය සිවුපද ආකෘතියෙන් යුතු පද්‍යය විය. පසුව එය නොයෙකුත් සම්ප‍්‍රදායන් ඇති කරමින් දියුණූ වී ඇත වර්තමානය වන විට ස`දැස් හා නිස`දැස් යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකක් පවතී. ඡුන්දසින් බ`දනා ලද්දේ ස`දැස් කාව්‍ය වන අතර ස`දැැසින් තොරව පබැදුණු කවි නිස`දැස් වේ. සාහිත්‍ය විචාරය පෙරාපර දෙදිසාවේම ඈත කාලයක සිට පැවැතී ඇත. එහිදි පෙරදිග සාහිත්‍ය විචාරය බටහිරට වඩා ඈත ඉතිහාසයකට ගමන් කරන අතර එය වඩා දියුණු ව පැවැතී ඇත. වර්තමානයේ වුවද පෙරදිග සාහිත්‍ය විචාරවාද අපරදිග සාහිත්‍ය විචාර වාද හමුවේ ඉදිරියෙන් පවතින්නක් වේ. පෙරදිග සාහිත්‍ය විචාරවාදවලදී භාෂාවට සෑම විචාර වාදයක්ම ප‍්‍රමුඛත්වය දී ඇත. වේද වැනි ආගමික කෘති කටපාඩමින් රුගෙන ආ භාරතීයයන් හා එහි කුඩා වෙනසක් පිළිබ`දවද ඔවුහු සැලකිලිමත් වූහ. භාරතීය විචාරකයන් ප‍්‍රධාන වශයෙන් විචාරවාද හයක් ගොඩනගා ඇත. රසවාදය , ධ්වනි වාදය , ඖචිත්‍ය වාදය , රිති වාදය හා වක්‍රොක්ති වාදය යනුවේනි. බටහිර ඇතිවු සාහිත්‍ය න්‍යායන් පෙරදිගින් ණයට ගත්තක් යැයි සිතීමට පොළඔවන ආකාරයට සමහර ඒවා පෙරදිග සාහිතණ විචාරවාද හා සාම්‍ය වෙයි. උදාහරණයක් වශයෙන් භාවිත විචාරය හා ධ්වනි වාදය අතර බොහෝ සමානකම් පවති. ඊට අමතරව ආකෘතිවාදය වැනි සාහිත්‍ය න්‍යායන්වලින් මතු කළ කරුණු පෙරදිග සාහිත්‍ය විචාර චින්තාවන්ගෙන් සොයා ගත හැක. සාහිත්‍ය විචාරයේ අරමුණ වන්නේ යම් සාහිත්‍ය කෘතියක් හොදින් කියැවීම හා ඒ තුළින් උසස් සාහිත්‍ය රසයක් ඇත කර ගැනීමයි. සාහිත්‍ය විචාරකයාගේ කාර්යය වන්නේ යම් සාහිත්‍ය නිර්මාණයක් හොදින් රසාස්වාදනය කර ගැනීමට ,කියැවීමට පාඨකයාට උපකාර කිරීමයි. ‘‘ධර්ම චක‍්‍රය පච්චා කොටන තැන මකර රූ- කිනිසි- සරපයි හෙළුවැලි ගෑණු අතරින් උඹ තෝරගත් පච්චය ධර්ම චක‍්‍රය සෝමෙ පුදුම මිනිහෙක් උඹ හිනානොවෙන- නොහ`ඩන බලන්නන් බැල්මෙන් බය කරන මන්ත‍්‍රී ළ`ගවත් නොනැමෙන තර තළෙළු මූණ- රතු ඇස් කළු උඩු රැුවුල- කහ දත් කුණු හරුප ගෝරනාඩුව සමග තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය තිබුණාද ධර්මයක් පපුව යට? බූරු පෙතකදු නාරින මඩම් අස්සේ රිංගන ඉඳහිට හිරෙත් යන උඹටත් හැබෑවට තිබුණද? මොකක් හරි ධර්මයක් අදහන හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන සොමසිරි උඹ එහෙම බැස්සුවක් බවක් නම් අසා නැත අප එනමුදු අසා ඇත වීදියේ බලූ පැටව් වඩාගෙන දෙගොඩහරි ජාමෙත් උඹ මස් කොත්තු කවන වග කප්පන් ජෙරාගේ සව්වන්ට අහුවුණු තැන තලන සෝමෙ පුදුම මිනිහෙක් උඹ මුඩුක්කුවේ පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’’ කාව්‍ය යනු භාෂාව කරණකොටගෙන නිර්මාණය කරනු ලබන භාෂාත්මක නිර්මාණයක් වේ.එම නිසා කාව්‍යයේ ප‍්‍රධාන උපකරණය භාෂාවයි. සාහිත්‍යයෙහි භාෂාව විවධ ලෙස භාවිත කිරීමෙන් ලොව විවිධ සාහිත්‍ය කරුවන් පෙරළියන් ඇති කර ඇත. කාව්‍යයේ ප‍්‍රධාන උපකරණය භාෂාව වන බැවින්ම භාරතීයයන් කාව්‍යය යනු රසාත්මකං වාක්‍යං කාව්‍යං යනුවෙන් ඇරුත් දක්වා ඇත. සාමාන්‍ය භාෂාත්මක රචනය නොව රසාලිප්ත රචනය කාව්‍යයක් වන්නේ යැයි ඔවුන් අදහස් දක්වා ඇත. සෑම කාව්‍ය නිර්මාණයකම භාෂාව ප‍්‍රධාන වන්නා සේම කාව්‍ය විචාරයේදීද භාෂාව ප‍්‍රධාන කරගෙන විචාර සංකල්ප බිහිවී ඇත. විචාරයේදීද කාව්‍යය අධ්‍යනයට ලක් කරනුයේ භාෂම මුල්කරගෙන ය.පෙරදිග සාහිත්‍ය විචාරයේදී හා බටහිර සාහිත්‍ය විචාරයේදී විවිධ න්‍යායන් කාව්‍ය විචාරය කිරීමට ගොඩනගා ඇත. මෙහිදි පද්‍ය විචාරය යනු කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමක් යන්න මෙහිදි විමර්ෂණය කෙරේ. අප තුළ පේ‍්‍රමය හා දුක වැනි ස්ථායිභාව හැගීම් පවතී.රති වැනි ස්ථායිභාව පෝෂණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය විභාව නම් වේ. කාව්‍යයක් මගින් රසයක් ඇති වන්නේ විභාව , අනුභාව හා විභචාරී භාව යන් මගිනි. යම් කලා නිර්මාණයක ප‍්‍රධාන කෘතිය පුරා දිවෙන රසය අංගීරස නම් වේ. භාරතීයන් මෙය ආරම්භයේන් හා අවසානයෙන් බොහෝ දුරට තීරණය කරයි. ඇතැම් විට සමස්ත අන්තර්ගතය තුළින් මෙම ප‍්‍රධාන රසය තීරණය කරයි. මෙහිදී දැක්වු කාව්‍යයෙහි මාතෘකාව ධර්ම චක‍්‍රය නම් වේ. ධර්ම චක‍්‍රය යනු බුදු දහම වෙනුවට යොදා ගන්නා සංකේතයක් වේ. එහි ගැඹුරු තේරුමක් පවතී. බොහෝ දුරට ධර්ම චක‍්‍රය මගින් සංසාර චක‍්‍රය ඇතිවන අකාරය හා එය නැති කර දමන පිළීවෙල දැක්වෙන බව බොහෝ දෙනා පිළිගනි. මේ අනුව ධර්ම චක‍්‍රය යන වචය අප සිත් තුළට නැගීමේදි ශාන්ත බව හෝ සංසාර දුක පිළිබ`දව අපට සිහි ගැන්වේ. ශෝක යන ස්ථායි භාවය මගින් කරුණ යන සරය ඇති වේ. මේම කාව්‍ය නිර්මාණයේද ප‍්‍රධාන රසය වන්නේ කරුණ රසයයි. මේ අනුව මෙම කාව්‍යයට යොදා ඇති නාමය මගින් සමස්ත අරුත වෙත සමීප කිරීමක් දැකිය හැක. භාවිත විචාරය අනුව වචනයක ප‍්‍රභේද ප‍්‍රධාන කොටස් හතරකට බෙදා දක්වා ඇත. ඒ අනුව නිර්දිෂ්ටාර්ථය , භාවිකාර්ථය ,ආකල්පය හා අරමුණ වශයෙනි. නිර්දිෂ්ටාර්ථය යනු කිසියම් වචනයකින් මතුවන මූලික අර්ථයයි. භාවිකාර්ථය යනු තම අත්දැකීම අනුව සිතට නගින හැගීමයි. ආකල්පය පිළිබ`ද සැලකීමේදි කතුවරයා කෘතිය දෙස හෙළන ආකල්පය හා පාඨකයා දෙස හෙළන ආකල්පය වේ. මෙහිදි කතුවරයා කෘතිය දෙස හා පාඨකයා දෙස හෙළු ආකල්පය සාර්ථක වී ඇත. ධර්ම චක‍්‍රය යනුවෙන් මුලින්ම නිසදැස් පන්තිය නම් කිරීමෙන් එහි සමස්ත රසය වෙත පාඨකයා රුගෙන යාමේ කතුවරයාගේ ආකල්පය සාර්ථක වී ඇත. භාවිත විචාරයට අනුව රචකයාගේ අරමුණ ගැනද මදක් විමසා බැලීමෙදි කිසියම් රචකයෙකු රචනයක් ඉදිරිපත් කරනුයේ එයින් මූලික අරමුණක් ඉටු කර ගැනීමටයි. කර්තෘ යොදන නිර්දිෂ්ට අර්ථයත් භාවිත අර්ථයත් ඔහු දක්වන ආකල්පයත් පාලනය කරනු ලබන්නේ මෙම අරමුණ විසිනි. එනම් පාඨකයා තුළ හැගීම් ප‍්‍රබොධ කර ඔහු තුළ කම්පනයක් ඇති කරවීමයි. කවියා ව්‍යාංග්‍යාර්ථ දනවන පරිදි වචන භාවිත කරයි නම් , ව්‍යංග්‍යාර්ථ මැනවින් සංවිධානය වීමේ වාච්‍යාර්ථය අබිබවා යන නවතම චමත්කාරයක් දැන වීමෙහිලා සමත් වේ නම් එබදු කවියේ නවත්වයක් ඇත. කාව්‍යයෙහි සාරභූත වු අර්ථ - හරය - වාච්‍යාර්ථ වශයෙන් ප‍්‍රකාශ නොකොට ව්‍යංග්‍යා්ර්ථ වශයෙන් ප‍්‍රකාශ කළ කල්හි විශේෂයෙන් ශෝභා සම්පන්න වෙයි.එබැවින් විචාරයෙහිලා හැම විටම අගය කළ යුත්තේ කාව්‍යයෙහි වාච්‍ය වශයෙන් ප‍්‍රකාශ වන දේ නොව ගම්‍යමාන වශයෙන් කියැවෙන අරුතයි. පූර්වයෙන් දැක්වු නිසදැස් පන්තියේ ‘‘ධර්ම චක‍්‍රය’‘ යන වචනය යෙදී ඇති ස්ථානය අනුව ඒවායින් විවිධ අරුත් සූචනය වේ. ‘‘උඹ තෝරගත් පච්චය ,ධර්ම චක‍්‍රය’’ යන්නෙන් පච්චයක් ලෙස ඇදි ධර්ම චක‍්‍රයක් අදහස් වේ.‘‘තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය ,තිබුණාද ධර්මයක් පපුව යට?’’ යන්නෙන් යම් යහපත් ප‍්‍රතිපදාවක් ධාර්මික ගති ගුණ වැනි අදහසක් ව්‍යංග්‍යාර්ථ වේ. භාවිත විචාරය ඔස්සේද ස්ථාන කිහිපයක යෙදී ඇති ධර්ම චක‍්‍රය යන්න විමසීමේදි එහි නිර්දිෂ්ටාර්ථ එකක් වුවත් යෙදී ඇති ස්ථානය අනුව භාවිකාර්ථය වෙනස් වේ. එසේ වී ඇත්තේ කතුවරයාගේ අරමුණ හා ආකල්පය අනුවයි. එසේම පද්‍ය නිර්මාණය කුළ ස්ථාන කිහිපයක ධර්ම චක‍්‍රය යන වචනය භාවිත කිරීමෙන් එය යමකයක් ලෙසත් යොදා ගෙන ඇති බව පැහැදිලි වේ. ‘‘එකද්විත‍්‍රිචතුෂ්පාද -යමකානාං විලුකල්පනා: , ආදිමධ්‍යාන්ත මධ්‍යාන්ත - මධ්‍යාද්‍යන්ත සව_ත: ’’ කාවාදර්ශයේ යමක යනුවෙන් දක්වා ඇත්තේ වෙනස් වෙනස් අර්ථ ඇතිසමාන ශ‍්‍රැතියක් ඇති පදයක් නැවැත ප‍්‍රයෝග කිරීමයි. යම් සාහිත්‍ය කෘතියක භාෂාව භාවිත කර තිබෙන ආකාරය අනුව එම සාහිත්‍ය කෘතියේ විශේෂතා ඇති කරයි. භාරතීයයන් එය හැදින් වූයේ විශිෂ්ටා පද රචනා රිති: විශේෂෝ ගුණාත්මා යනුවෙනි. රීතිය යනු කිසියම් විශේෂ වු පද රචනාවකි. මෙම විශේෂතාව ගුණ ආත්ම කොට ඇත්තේය. ධර්මචක‍්‍රය යන කාව්‍ය නිර්මාණයේදී පද රචනාව සරළ චාම් වී අතර එය ආටොපයෙන් තොර වූවකි. දණ්ඞීන් සදහන කරන ආකාරයට මෙම රීතිය වෛදර්භ රීතියයි. සමාස බහුල රළු වදන් වලින් යුතු රිතිය ගෞඩි රීතිය වේ. මෙම නිසදැස් පෙළෙහි ඇති වදන් හා රිතිය සරළ වුවකි.ගැඹුරු අරුත් ඇති වචන භාවිත වී ඇත්තේ ස්වල්ප වශයෙනි. ශබ්ද කිහිපයක් , වචන කිහිපයක් එකතු වූ පමණින් කාව්‍යයක් වන්නේ නැත. ධ්වනි , ගුණිභූතව්‍යංග්‍ය ආදීන්ගේ සමාශ‍්‍රය හේතුකොට ගෙන අලූත් කාව්‍යාර්ථ ඉදිරිපත් කිරීමට කවියා සමත් වේ. එහෙත් එ සදහා තවත් අත්‍යවශ්‍ය ගුණාංගයක් නම් ප‍්‍රතිභාවයි. ප‍්‍රතිභාව නොමැති නම් කිසිදු නවතම කවි වස්තුවක් ඉපදිය නොහැකිය. බන්ධච්ඡුායා ශෛලියේ මාධුර්යය යනු ධ්වනි ගුණීභුතව්‍යංග්‍ය යනුවෙන් නම් කර ඇති සාරාර්ථයට අනුරූප වු ශබ්ද සංඝටනාව වන්නේය. එසේ වුවද ඇතැම් තැනක විශිෂ්ටාර්ථයක් අපේක්‍ෂා නොකොට චතුර මධුර වචන යොදා කෙරෙන රචනාව කාව්‍යය යැයි හැදින්වෙනු දක්නට ඇත. රචනා ශෙලියේ නැතහොත් එහි ශබ්ද සංඝටනාව හේතුවෙන් ඇතිවන මාධුර්යයට නිදර්ශනයක් පූර්වොක්ත කාව්‍යයෙන් දැක්විය හැක. ‘හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන ’ මෙහි භාෂාව භාවිත කිරීමෙදි මෙහි දන්තජ අක්‍ෂර රාශියක් දැකිය හැකිය. දණ්ඞීන් ප‍්‍රකාශ කරන ආකාරයට හ‍්‍රස්ව ස්වරයොයෝද , වර්ගාන්තාක්‍ෂරයෝද , දන්තාජාක්‍ෂරයොද් මෘදු නම් වන බව දැක්වේ. මෙහි මෘදු වචන රාශියක් උපයොගි කරගෙන ඇති බැවින් උච්ඡුාරණයේදී සුඛනම්‍ය බවක් දැනේ. මෙහි ශ‍්‍රැත්‍ය අනුප‍්‍රාස ලක්‍ෂණ ද දැකිය හැක. එක හා සමාන වර්ණ සමීපයෙහි යෙදීම අනුප‍්‍රාස නම් වේ. එය ෙඡ්ක අනුප‍්‍රාස , ශ‍්‍රැත්‍ය අනුප‍්‍රාස වැනි විවිධ කොටස් දැකිය හැක. මෙහි යෙදී අති සති පොලේ , වින්කලේ , විට කඬේ ,/ ගැවසෙන , පච කෙළින / කන , බොන , උරන ,/ ඒරීයා එකේ , බජාර් එකේ මේලෙස සමාන වර්ණ එක හා සමාන ස්ථානවල යෙදී ඇත . එම නිසා මෙහි ශ‍්‍රැත්‍ය අනුප‍්‍රාසවත් බවක් දැකිය හැක.එම කරුණ රචනාව මාධුර්යය වීමට හේතු වී ඇත. අවශ්‍ය ස්ථානයට යෙදිය යුතු වචනය යොදා ඇති බව දාඩියෙන් පෙ`ගී - මයිල් අස්සෙන් යන වචන පිළිබ`ද සැළකීමේදි පැහැදිලි වේ. කාව්‍යයක් සාර්ථක වීමට කවියා යොදන සංකල්ප රූපද වැදගත් වේ. සංකල්ප රූප යනු සාහිත්‍ය කෘතියක් කියවීමෙන් සිතෙහි හටගන්නා චිත්ත රූපයි. චිතත් රූප මැවීම ක‍්‍රම ක‍්‍රමෙන් සිදු වී අවසානයේ සාර්ථක නිර්මාණයක එ පිළිබ`ද හො`ද සංකල්ප රූපයක් ඇති වේ. ‘‘සෝමෙ පුදුම මිනිහෙක් උඹ, ඒරියා එකේ බජාර් එකේ , කාට වුණත් අත තිබ්බොත් , අ`ගල් හයක් බස්සනවා කියන’’ මෙහිදි සොමේ යන පුද්ගලයා පිළිබ`ද ඇතිවන සංකල්ප රූපය යම් දරුණු ගතියකින් යුතු දරුණු පුද්ගලයෙකු පිළිබ`ද සංකල්පයක් සිතට නැගේ.ඒ සදහා එම වචන යොදා ඇති පරිසරය හේතුවක් වේ. ‘‘සොමසිරි උඹ..., වීදියේ බලූ පැටව් වඩාගෙන ,දෙගොඩහරි ජාමෙත් උඹ,මස් කොත්තු කවන වග’’ මෙහිදි පාඨකයා තුළ මැවෙන සංකල්ප රූපය පෙර මෙන් රළු වූවක් නොවේ මෘදු පුද්ගලයෙකුගේ සංකල්පයක් සිතේ ඇතිවේ. භාෂාව මගින් ඇති කරන සංකල්ප රූප මගින් ක‍්‍රම ක‍්‍රමයෙන් කාව්‍යයේ අවසාන සංකල්පය කරා රුගෙන යන්නේ භාෂාව මගින් ඇති කරන සංකල්ප රූපයි. කාව්‍යයක විරිත වෙන්කර පෙන්විය හැකි වුවද රිද්මය වෙන් කර පෙන්විය නොහැක. ධ්වනිය කාව්‍යයේ ආත්මය යැයි ධ්වනිවාදීහු පැවැසූහ. ධ්වනිය මෙන්ම රිද්මයද කෘතියක වෙන් කර පෙනි විය නොහැක. මෙම දෙකම කාව්‍යයේහි භාවිත භාෂාව ඇසුරින් පාඨකයා විද ගත යුතු දෙයකි. ධර්ම චක‍්‍රය යන කාව්‍යයේ එන රස ධ්වනි , ආලංකාර ධවනි හා ධ්වනිය හුදු රමණිය කවි සංකල්පනාවක් වන වස්තු ධ්වනිය පාඨකයාට විද ගත හැක්කකි. මෙම නිර්මාණය තුළ මෙම ධ්වනි තුනම අත්විදිය හැක. මෙම නිර්මාණය මනෝවිශලේෂණ න්‍යාය යටතේ ද සාකච්ඡුා කළ හැක්කේ මෙහි යොදා ඇති වචන වචන භාවිතයෙනි. මිනිසෙකුගේ යථාර්ථය බාහිරි ස්වරූප අනුව තේරුම් ගැනීම ඉතා අපහසු වන අතර පුද්ගලයෙකුගේ සිතෙහි හැසිරීම ඉතා සංකීර්ණ බව සොමේ එක අවස්ථාවක බලූ පැටවුන්ට මස් කොත්තු කැවීමත් තවත් වරක බජාර් එකේ කාට හෝ අත තිබ්බොත් අගල් හයක් බස්සනවා යැයි කියනුයේ සිතෙහි වන සංකීර්ණ ස්වභාවය නිසාවෙනි. ‘‘පච්චා කොටන තැන,මකර රූ- කිනිසි- සරපයි ,හෙළුවැලි ගෑණු අතරින්,උඹ තෝරගත් පච්චය,ධර්ම චක‍්‍රය’’ මේ තුළින් සොමසිරිගේ ඉඞ් අවබෝධ කර ගත හැක. ඔහුගේ සහජයන් එලියට ආවේ පච්චයක් මගිනි. නිරුවත් ගැහැණු රූප අතරින් ගෝරා ගත්තේ ධර්ම චක‍්‍රයයි. එයින් ඔහුගේ ඉඞ් කියැවිය හැක. ස්ත‍්‍රිවාදය එස්සේ මෙම කාව්‍ය නිර්මාණය අධ්‍යනය කිරීමේදි අයහපත් යැයි සමාජයේ සාමාන්‍ය කරණය වු සාමාජයේ ඉතා හොද මිනිසුන් ජීවත් වන බව පැහැදිලි වේ. පන්ති පරතරය නිසා ඔවුන් සමාජයේ වැඩි අවධානයට ලක් නොවු බව පැහැදිලි වේ. මෙම නිර්මාණය තුළින්ද ඉස්මතු කිරීමට වෙර දරා ඇත්තේ පච්ච කොටාගෙන, රතු ඇස්, කළු උඩු රුවුල තිබෙන, කුණු හරුප කියන, අසත්පුරුෂ අශිෂ්ට ලෙස මිනිසාට බැලූ බැල්මට පෙනෙන මිනිසා තුළ ජීවත් වන මිනිසා කවරේද යන්න සමාජයට ඒත්තු ගැන්වීමයි. බාහිර පෙනුමින් ස්වභාවිකරණයට ලක් කරන මිනිසාගේ හද තුළ සාධුවරයෙක් සිටිය හැකි බව මෙහිදී අපට ඒත්තු ගන්වා ඇත. මැරයෙකුගේ ස්වරූපයෙන් සමාජයේ ජනයා නිර්වචනය කරන ‘සෝමෙ’ තුළ සෝමසිරි ජීවත් වන ආකාරයත් සමාජීය ජනයා නොදත් එම සැ`ගවුණු කාරණය විසංයෝජනීය කියවීම ඔස්සේ පාඨකයාට සමීපව අවබෝධ කරගත හැකිය. විසංයෝජනීය ලෙස කියවීමේදී නිර්මාණය තුළ අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද තිබීම අනිවාර්යය. ධර්ම චක‍්‍රය නමැති මෙම නිර්මාණයේ දිස්වන අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද අධ්‍යයනයේදී විසංයෝජනීය ලෙස නිර්මාණයට මනාව සමීව විය හැකිය. ‘හිනාවෙන - හිනානොවෙන හ`ඩන - නොහ`ඩන නැමෙන - නොනැමෙන පපුව මත - පපුව යට නිල් ඇස් - රතු ඇස් සුදු දත් - කහ දත් සෝමෙ - සෝමසිරි‘ යනාදී යුගල පද දැකිය හැකිය. විසංයෝජනීය ක‍්‍රමයට අනුව කියවීමේදී ඇතැම් යුගල පද එම නිර්මාණය තුළම දක්නට පුළුවන. එහෙත් පාඨකයාට සැ`ගවුණු අර්ථය විමසීමේදී සංකල්පීය වශයෙන් යුගල පද කියවීමට යොදාගත හැකිය. උදාහරණ වශයෙන් ‘හිනා නොවෙන හා නොහ`ඩන’ යන පදය හා සංකල්පීය වශයෙන් හිනාවෙන සහ හ`ඩන යන පද ලෙස යොදා ගත හැකිය. සමාජයේ වෙසෙන මිනිසා ස්වභාවීකරණයට ලක් කර ගෙන ඇත්තේ හිනාවෙන, හ`ඩන පුද්ගලයන් සංවේදී, ප‍්‍රියමනාප, හොඳ පුද්ගලයන් ලෙසයි. එහෙත් හිනානොවෙන, නොහ`ඩන පුද්ගලයන් තුළ නිවැරදි මිනිසා ජීවත් විය නොහැකිද? මෙම නිර්මාණයේ එන සෝමෙගේ චරිතය විසංයෝජනය ඔස්සේ සමීපව කියවීමේදී පාරභෞතිකව මිනිසා ගොඩනගා ගන්නා දේ පමණක් සත්‍ය නොවන බවත් හිනා නොවන නොහ`ඩන පුද්ගලයාද හිනාවෙන, හ`ඩන පුද්ගලයා සේ යහපත් විය හැකි බව වටහා ගත හැකිය. එය විසංයෝජනීය කියවීමේ අපේක්‍ෂාවයි. එනම් යුගල පදවල එක් පදයකට පමණක් අධිකාරියක් නොදී සමාන අයිතීන් ලබා දීමයි. එසේම මෙම නිර්මාණය තුළ සුවිශේෂී අර්ථයක් ජනනය කරන යුගල පදයක් ලෙස ‘පපුව මත - පපුව යට’ යන යුගල පදය දැක්විය හැකිය. සමාජීය ජනයා ධාර්මික, සැදැහැවත් සුපින්වතෙකු ලෙස සිතා සිටින්නේ සුදු ඇඳගෙන බාහිර ඔපයෙන් ධාර්මික ලෙස හැසිරෙන පුද්ගලයන්ය. එහෙත් ‘පච්ච කොටාගෙන කුණු හරුප ගෝරනාඩු පවසන පුද්ගලයන්’ තුළ බාහිර ලෝකයට නොපෙනුණද සාධු, ධාර්මික මිනිසෙක් සිටිය හැකිය. එම මිනිසාගේ පපුව මත ධර්ම චක‍්‍රය නොදිලෙන මුත් පපුව යට ධර්ම චක‍්‍රය දිලිසෙයි. එහෙත් මිනිසාට පෙනෙන්නේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. මෙම පi පන්තියේ සෝමෙගේ ධර්ම චක‍්‍රය මිනිසුන් නොදකින්නෙ ඔහුගේ පපුව යට ධර්ම චක‍්‍රය ක‍්‍රියාත්මක වීම නිසාය. මෙය අප ජන වහරේ එන ‘‘හක්කෙ බුදු රැුස් බොක්කෙ දඩ මස්’’ යන පිරුළෙන් තවදුරටත් සුපැහැදිලි වේ. මෙබඳු අරුත් පසි`දලීමට හැකි වන්නේ විසංයෝජනීය ක‍්‍රමය ඔස්සේ කියවීට යෑමෙනි. රතු ඇස්, තළෙළු මූණ, කහ දත් යන සංකල්පත් සමග ස්වභාවීකරණයට ලක්කර ගන්නේ වැරදි කරන, නපුරු මිනිසෙකුගේ ස්වරූපයයි. මෙම කාව්‍ය පන්තියේ එන සොමෙගේ ශරීර ලක්‍ෂණ එසේය. මිනිසා නිර්ණය කරන මැර චරිතය සඳහා පාදක වන්නේ එම චරිතාංගයන්ය. එහෙත් එවැනි චරිත ලක්‍ෂණ තිබූ පමණින්ම ඔහුගේ චරිතය පාතාල මැරයෙකුගේ චරිතයකට කෙසේ සමාන වන්නේද? එපමණකින් පුද්ගලයෙකුගේ චරිතය වෙනත් චරිතයන් හා සැසඳිය නොහැක. එම ගැටලූව ලිහිල් කර ගැනීම සඳහා ඩෙරීඩාගේ විසංයෝජනය මනා පිටුවහලක් වේ. ‘‘ප‍්‍රීතිමත් මළගෙදර’’ අගනා කැටයමින් මල්කමින් උඩු වියනින් හා පලසෙන් විලවුනෙන් හා අරලිය මලෙන් අලංකාරවත් පෙට්ටියක දිගා වී තවත් එක් පියෙක් එළඹිලා දිගු ම නින්දට - ලෝකයට මුවා වී. ආසන්න සියවසක් දිවි ගෙවු පියාණන් මළ පුවත එක් කළා විසිරි සිටි උපන් බිම ආධුනික දරු කැළත. රේඩියොවෙත් කිව්වේ අද උදේ බොක්කුවෙ පාලමේ දැන්වීම් ගොක් රුහැන් සිලිසිලිය හුම්ලන පොස්ටර් රෙදි බැනර් අහස් කුස පරපුරක දැලි දුඹුල් තව තවත් වැඩි වෙලා හිරු එළිය පමා කළ නිවි නිවි දිලෙන , ඒ විදුලිකැන් බිත්තිවල යට නොවු දිය සෙවෙල් එළිය කළ එකතු වී කරුණ කැළ සිනාවෙන් මුවෙන් කල් මරා කෙළි කවට කතා වැඩු පණ නැගෙයි ප‍්‍රීතිමත් මළගෙදර අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී බුලත් විටකට හුනූ පුවක් එක් කරන. හ`ඩ යන්ත‍්‍ර ගුණ ගයයි ගුවන් ගැබ පාලි පාඨ ද මුහුවෙලා නොතේරුණු බුදුපුත්තු දෙසති අනියතය හා ගුණ සමර මුසා වැරු ඒ මුවෙන් පෙර සේම. ප‍්‍රීතිමත් සැණකෙළිය වඩවමින් පැන නගියි සුදුපැහැති වත් නිසා නිරතුරු ව වෙර වඩා වසං කළ - සත්‍යයේ ජඩ සෙළුව. සුනිල් සෙනෙවි කවියාගේ පූවෙ_ාක්ත නිසදැස් පද්‍ය පන්තිය ආරම්භයේදීම එහි අන්තර්ගතය පිළිබද යම් ඉගියක් ලබා දෙයි. කවියා මෙම නම මෙයට යොදනුයේ පාඨකයා සංඥාර්ථවේදමය අපහසුතාවයකට හෙලිමටය. මෙය කතුවරයාගේ අභිප‍්‍රාය නොවුනද විසංයොජනීය කියවීමකට එය ගැටලූවක් නොවේ. එනම් විසංයොජනයෙදී කත_ෘගේ අභිප‍්‍රාය වැදගත් නොවේ.‘‘ බොහෝ විට අප‍්‍රකාශිත අභිප‍්‍රායන්ට එරෙහිව පඨිතය කියවන්නට තැත් කරයි’’. ඉහත නිර්මාණයට එම නම යෙදීමෙන් මෙහි අන්තර්ගතය පිළිබ`ද යම් ඉගියක් ලෙස සැළකීම වැදගත් වේ. එසේම විසංයෝජනය සදහා එකිනෙක ගැටීමක් අවශ්‍ය කරයි. ප‍්‍රීති හා මළ යන්න එකිනෙක ඝට්ටනය වේ. ඇතුළත - පිටත , උස - මිටි , උඩ - යට , සුදු - කලූ වශයෙන් විය හැක. එසේම මෙම නිර්මාණය තුළ ඇති පණ - මළ , ප‍්‍රීතිය - හූම්ලන , මුසා - සත්‍යය, ගුණ - ජඩ , අදුර - එළිය ආදි ප‍්‍රතිපක්‍ෂ යුගල පද රාශියක් දැකිය හැක. මෙම යුගල පද භාවිතයෙන් පාඨකයාට එහි සැගවුණු අරුත් මතු කර ගත හැක. මෙහි අංගීරසය නැතහොත් ප‍්‍රධාන රසය වන්නේ හාස්‍යයයි. එහි ස්ථායිභාවය වන්නේ හාස යි. මෙම සිතෙහි තැන්පත් වී ඇති හාස මෙහි යොදා ඇති පද ඝටනාව නිසා හාස්‍ය රසයක් වේ. එහි ආරම්භය කාව්‍ය නම් කර ඇති නම්න්ම සිදු වේ. මළ ගෙදරක් ප‍්‍රිතිමත් නොවේ යන්න සාමාන්‍යකරණය වී ඇති කරුණයි.මෙය ප‍්‍රිතිමත් යනුවෙන් කීමෙන් හාස්‍ය රසයක් ඇති වේ. එසේ වුවද මළගෙදර යන වචනයෙහි බීභත්ස රසාභාසයක් පවතී. රසයක් ඇති වීමට විභාව , අනුභාව හා විභචාරි භාව හේතු වේ. මෙහි උද්ධිපන විභාව හැටියට මළගෙරක පරිසරය සිතෙහි ඇති වේ. ඒ අනුව ප‍්‍රධාන භාවයට අනුව ඇතිවන හැගීම් මෙහි විභචාරී භාව වේ. ව්‍යුහවාදීන්ට අනුව වචනයක හගවනය හා හැගවුම අතර ස්වාභාවික සම්බන්ධයක් නැත. මේ නිසා මළගෙදර යන වචනය ශ‍්‍රවණය වීමෙන් ඇතිවන හැගීම ප‍්‍රීතිමත් යනුවෙන් විරුද්ධාර්ථවත් බවට පත්වේ. මෙයින්ද හගවනය හා හැගවුම අතර ස්වාභාවික සම්බන්ධයක් නැති බව පැහැදිලි වේ. ‘‘අගනා කැටයමින් මල්කමින් උඩු වියනින් හා පලසෙන් විලවුනෙන් හා අරලිය මලෙන් අලංකාරවත් පෙට්ටියක දිගා වී තවත් එක් පියෙක් එළඹිලා දිගු ම නින්දට -ලෝකයට මුවා වී. ‘‘ සෑම කෙනෙකුම මිය ගිය කළ එය ප‍්‍රීතිමත් දෙයක් නොවේ. දිළිදු ගෘහයක යමෙකු නැතිවීම අනෙක් අයට තම ශරීර අංගයක් නැති වනු සේ දැනේ . නමුත් දැන් සමාජය සංකීර්ණ වී ධනයට , බලයට යටවී ඇත. මෙහි උණූසුම මෙම නිර්මාණයෙන්ද කියා පායි. අගනා කැටයමින් , මල්කමින් හා උඩුවියනෙන් එමෙන්ම විලවුනෙන් යුතු මිනී පෙට්ටියක තම ඥාතියා තැන්පත් කිරීමට දිළින්දන්ට නොහැක. එසේ කළ හැක්කේ ධනවතුන්ට හා ඉහළ මධ්‍යම පන්තිකයන්ට පමණි. එසේ වුවද මළ ගෙයක් ප‍්‍රීතිමත් විය හැකිද යන්න යථාර්ථයක්ද යන්න විමසිය යුතුය. ඒ තුළ යථාර්ථයක් නොවුණද ධනය වියදම් කිරීමෙන් මළගෙයක් ප‍්‍රීතිමත් කිරීමට දැරීමද යථාර්ථයක් නොවන හෙයින් මෙම කාරණා දෙක එක සමීකරණයකින් සම්බන්ධ කළ හැක. මෙහි සදහන් පරිදි තවත් එක් පියෙක් ලොකයට මුවාවි දිගම නින්දට පැමිණ සිටි. මෙහි ව්‍යංග්‍යාර්ථයක් තිබේ.එනම් මේ ලොව මිනිසුන් ලොවට මුවාවි සත්‍යය වසන් කරමින් තමා පිළිබ`ද ව්‍යාජත්වයක් ප‍්‍රදර්ශනය කරමින් සත්‍යයෙන් වියුක්තව නිද්‍රාශීලිව සිටින බවයි. එය කවියා අතිශයොක්තියකින් ප‍්‍රකාශ කරයි. රසේ සාර: චමත්කාර: යුනුවෙන් දක්වා ඇති පරිදි අතිශයොක්තිය , වක්‍රොක්තිය මනා ලෙස යොදා ගත හොත් චමත්කාරය ඇති වේ.මෙහිදි එම අරුත ආනන්ද වර්ධනට අනුව වස්තු ධ්වනි ලෙස නම් කළ හැක. එසේ නම් මෙය දිගම නින්ද ලෙස දැක්වුවද ඇත්තේන්ම මෙය දිගම නින්ද වන්නේද ?දිගම නින්ද වන්නට නම් කෙටි නින්දක්ද විය යුතුය. ධනයෙන් හා බලයෙන් මත්වී එයින් ලොකයේ සැමදා සුඛ්ත මුදිත වී හැකි යැයිද එය පරම දුක්‍ඛ නිවාරණ මාර්ගය යැයි සිතන්නෝ සැබවින්ම මෙම සමාජයේ සැමදා නිදා සිටින්නෝය. සැමදා ඔවුන් මළෝය. වටිනා මෘත කලේබරයන් වැනි විශාල මාළිගා සාදා ගෙන ධනයෙන් හා බලයෙන් මත්ව ඒතුළට වී ජිවත් වෙති. එසේ සිටියද ඔවුන් මිත්‍යාවෙන් වෙලී නිද්‍රාවට පත් වී සිටින්නෝය. එසේ වී නම් එබදු තැනැත්තන්ට මරණයක් අවශ්‍යය වන්නේද, ඔවුන්ගේ මරණය සැබවින්ම ප‍්‍රීතිමත් මරණයක් නොවන්නේය. මොවුන් නිදා ගන්නේ ලෝකයට මුවාවීය, එසේතත් නැතිනම් සමාජයට වෙස්මුහුණක් පැළද ගෙනය. මොවුනට සත්‍යය වනාහි ජඩ සෙළුවක් වැනිය. ධනය හා බලයට මුල්තැන දෙන මෙවැනි ලෙස දුෂිත වු සමාජයේ මෙවැනි ලෙස සත්‍යයෙන් පළා ගිය තැනැත්තෝ සැමදා මළ තැනැත්තෝය. එම නිසා මෙහි තවත් එවැනි පියෙක් ධනයෙන් හා බලයෙන් මත්ව මිය ගිය අයෙකු සේ ජිවත්වීම සමාජයේ අනෙක් අයට සතුටකි. එසේ සතුටු වන්නේ එසේම යථාර්ථයෙන් පළා ගොස් දිගු නින්දට පත් වූවන්ටය.මෙහි ‘‘අගනා කැටයමින් මල්කමින් ,උඩු වියනින් හා පලසෙන් ,විලවුනෙන් හා අරලිය මලෙන් , අලංකාරවත් පෙට්ටියක දිගා වී’’ යන පද සංඝටනාවෙන් පැහැදිලි වන්නේ මෙම කවි පන්තියට අදාළ ප‍්‍රිතිමත් මළගෙදර පිළිබ`ද සංකල්ප රූප ක‍්‍රම ක‍්‍රමයෙන් ඇති වි ප‍්‍රධාන රසය වූ හාස්‍ය රසය වඩාත් පෝහොෂණය කරන බවයි. කවියා ව්‍යාංග්‍යාර්ථ දනවන පරිදි වචන භාවිත කරයි නම් , ව්‍යංග්‍යාර්ථ මැනවින් සංවිධානය වීමේ වාච්‍යාර්ථය අබිබවා යන නවතම චමත්කාරය දැන වීමෙහිලා සමත් වේ නම් එබදු කවියේ නවත්වයක් ඇත මෙහිදි වාච්‍යර්ථය ඉක්මවා ඇති කරන වස්තු ධ්වනිය චමකත්කාර ජනක වේ. ‘‘ආසන්න සියවසක් දිවි ගෙවු පියාණන් මළ පුවත එක් කළා විසිරි සිටි උපන් බිම ආධුනික දරු කැළත.’’ මොහුගේ මෙම දිගු නින්දට සියවසකට ආසන්නය. එසේ මිත්‍යාවෙන් නිදා සිටි මොහු දැන් වයොවෘද්ධ තත්ත්වයට පත් වී ඇත. එම නිසා සමාජය මොහුට ‘පියාණෝ’ කියා ගෞරවයෙන් සළකයි. ‘පියාණෝ ’ යන පදය කවියා යොදා ගත්තේ නිර්දිෂ්ඨාර්ථයෙන් නොව භාවිකාර්ථයෙනි . එනම් හුදු උපහාසය ජනිත කිරීමටය. සමාජය මෙවැනි තැනැත්තන්ට අනේක වූ නම්බු නාම පිරිනමයි. මෙවැනි තැනැත්තන්ට දේශකීර්ති ,දේශශක්ති , ධර්මකාමී වැනි සම්මාන ලබා දෙයි. මොහුටද එවැනි ගෞරව නාමයක් ලෑබී ඇති බව ‘‘පියාණන් මළ පුවත’’ යනුවෙන් අදහස් වේ. ‘‘රේඩියොවෙත් කිව්වේ අද උදේ බොක්කුවෙ පාලමේ දැන්වීම් ගොක් රුහැන් සිලිසිලිය හුම්ලන පොස්ටර් රෙදි බැනර් අහස් කුස පරපුරක දැලි දුඹුල් තව තවත් වැඩි වෙලා හිරු එළිය පමා කළ’’ මොහුගේ මෙම ගෞරවනාම ලැබීමත් සමග මෙම පණිවිඩය මළ නොමළ පිරිසට දැනුම් දීමට ගුවන්විදුලියේ ප‍්‍රචාරය වී ඇත. එසේ පමණක් නොව බොක්කුවක් පාලමක් ගානේ මොහුගේ මෙම ප‍්‍රවෘත්තිය ප‍්‍රදර්ශනය වේ. මෙම උත්සවයට ආගමත් සම්බන්ධ කරගෙන ඇත.ආගමික උත්සව සදහා ගොක් රුහැන් යොදා ආරුක්කු නිර්මාණය කර ඇත. මෙවැනි මළවූවන්ගේ මෙවැනි ක‍්‍රියා මගින් බලා සිටින අනාගත පරපුර මෙම ආදර්ශ රුගෙන අ`දුරු වන බව ‘‘පරපුරක දැලි දුඹුල් තව තවත්’’ මෙයින් පැහැදිලි වේ. මෙවැනි පුද්ගයන්ගේ මෙම ක‍්‍රියා නිසා ආලෝකය නැමැති යථාර්ථය තව තවත් උදාවීම පමා වේ. ප‍්‍රධාන රසයට අනුව එහි සංකල්ප රූප වැඩි කිරීමට කවියා එහි පරිසරය දක්වයි. රසයට හේතුවන පරිසරය උද්ධීපන විභාව වේ.කාව්‍යක නාට්‍යයක් මෙන් පරිසරය සජීවිව දැකිය නොහැකි වේ. නමුත් එහි පිරිසරය සිතෙහි සංකල්ප රූප මගින් ඇති වේ. ඊට උද්ධීපන විභාව හේතු වේ. ඒ අනුව මෙහි බොක්කුවේ පාලමේ දැන්වීම් , ගොක් රුහැන් , පොස්ටර් රෙදි බැනර් ප‍්‍රුධාන රසයට හේතුවන උද්ධීපන විභාව වේ. ‘‘නිවි නිවි දිලෙන , ඒ විදුලිකැන් බිත්තිවල යට නොවු දිය සෙවෙල් එළිය කළ එකතු වී කරුණ කැළ සිනාවෙන් මුවෙන් කල් මරා කෙළි කවට කතා වැඩු පණ නැගෙයි ප‍්‍රීතිමත් මළගෙදර’’ දණ්ඞී ප‍්‍රකාශ කරනුයේ මාධූර්යය යනු ශෘංගාරාදී රස පෝෂිත වාක්‍යය හෙවත් රසවත් රචනය යි. යම් කිසි රචනයක් ඇසීමට ප‍්‍රිය ශබ්ද සහූහය , ඒ ශබ්ද ඇසුරු කොට පවත්නා සරළාර්ථයද මාධූර්ය නම් වේ. මෙහි යොදා ඇති නිවි නිවි , එකතු වී තරුණ කැළ සිනාවෙන් මුවින් වැනි වචන ශබ්ද රසයෙන් රචනා කර ඇති අතර සරළ වූවක්ද වේ. එම නිසා මෙය මාධුර්ය යැයි සදහන් කළ හැක. දණ්ඩි පැහැදිලි කර ඇති දශ ගුණවල එන සමතා ගුණයද මෙම රචනාවෙහි දැකිය හැක. යම් කිසි රචනාවක් පටන් ගැන්මෙහිත් අවසන් කිරීමෙහිත් රචනා විලාසය එකසේ නම් සමතා ගුණයට ඇතුළත් කළ හැක. මෙහි ෙඡ්ක අනුප‍්‍රාසද දැකිය හැක. එකතු වී තරුණ කැළ, නිවි නිවි දිලෙන ,කල් මරා කෙළි කවට කතා මෙම වචන වල වර්ණයන්ගේ සම උච්චාරණය සෑම පදයකම සමාන ආකාරයක් දැකිය හැක. ඒ තුළින් ශබ්ද රසයක් පාඨක මනස තුළ ඇති වේ. එසේම ප‍්‍රතිමත් මළගෙදර යන්නට අනූකුල වු ප‍්‍රධාන රසයට ගැළපෙන අයුරින් සංකල්ප ගොඩ නගා ඇත. ‘‘අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී බුලත් විටකට හුනූ පුවක් එක් කරන. හ`ඩ යන්ත‍්‍ර ගුණ ගයයි ගුවන් ගැබ පාලි පාඨ ද මුහුවෙලා නොතේරුණු බුදුපුත්තු දෙසති අනියතය හා ගුණ සමර මුසා වැරු ඒ මුවෙන් පෙර සේම. ප‍්‍රීතිමත් සැණකෙළිය වඩවමින් පැන නගියි සුදුපැහැති වත් නිසා නිරතුරු ව වෙර වඩා වසං කළ - සත්‍යයේ ජඩ සෙළුව ’’ මෙහි පියා වයොවෘද්ධ වුවද ඔහුගේ මවද ජිවත් වේ. මවද අදුරේ මුල්ලකට වී සිටියි. බුදු දහමට අනුව දරුවන්ට යහ මග කියා දීම දෙමාපියන්ගේ යුතු කමකි. නමුත් මෙම මව තම පුතු අදුරේ සිටියදී තමාද අදුරේ සිටී. සමාජයට මුවාවී සිටි. එසේම ඇය සිටින්නේ කුදු ගැසීය . කෙලින් වීමට නොහැකී වී ඇත්තේ පුරුෂාධිපත්‍යයට ලක් වී සිටින බැවිනි. අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී යන්න ස්ත‍්‍රි වාදයට අනුව විචාරය කළ හැක. එනම් අම්මා යන්නට මුවා වී , කුදු ගැසී යනුවෙන් විශේෂණයන් වේ. එසේම අම්මා සිටිනුයේ මුල්ලක යැයි කියයි. මෙහි වක්‍රොක්තියක්ද වේ. පුරුෂාධිපත්‍යයට නතු වු ලෝකයේ කාන්තාවන් පුහුණ දෙන ඛේදවාචකයයි. කාන්තාවක් ලොව උතුම් පදවියක් වන මව් පදවිය ලබා ගත්තද ඇය සමාජ අසාධාරණයට ලක් වේ. පිරිමියාට සාපේක්‍ෂව කාන්තා නිදහස නැත.අම්මා මුල්ලකට වී සිටි . එසේ සිටිනුයේ කුදු ගැසීය. කාන්තාවන්ට නැගී සිටීමට පුරුෂාධිපත්‍යය ඉඩ දෙන්නේ නැත. කාන්තාවන් මුල්ලකට දැමීමට පාගා දැමීමට සමාජය උත්සාහ කරයි.පුර්ව පන්තිමය අවස්තාවෙන් පසුව තම විඤ්ඤාණය සකස් කර ගන්නා පුද්ගලයා පසුව තම විඤ්ඤාණය සකස් කර ගැනීමේදි සමාජ පන්තියද හේතු වන බව මනොවිශ්ලේෂන න්‍යාය වැඩි දියුණු කල මාක්ස්වාදී විචාරකයෙකු වු ලූවි අල්කුෂර් පැහැදිලි කළේය. කාන්තාවන් තම විඤ්ඤාණය සකස් කර ගැනීමේදි මෙම පන්තිමය වශයෙන් අඩු තත්වයෙන් සැළකීම අයහපත් අන්දමින් බලපායි. මෙය කාන්තාවකගේ විඤ්ඤාණය තුළ (ක්ජන* හිඩැසක් ඇති කිරීමට හේතු වේ.එසේ වූ පසු කාන්තාවන්ද සමාජයේ පුරුෂාධිපත්‍යය අනුමත කිරීමට පෙළෙඹෙයි.මෙහි සිටින මව මුල්ලකට වී සිටිනුයේ එබැවිනි. මෙම මළ සැණකෙළිය තුළ බාහිරයට සතුටක් ඇති බව පෙනේ. එයට හේතු වී ඇත්තේ සමාජයට තමන් සුචරිතවත්බව පැවැසීමට දරන උත්සාහයක් නිසාවෙණි. මොවුනට සත්‍යය ජඩ සෙළුවකි. එසේ වන්නේ යථාර්ථය එලි වන්නේ නම් එය ඔවුන්ගේ නිරුවත මනාව ප‍්‍රදර්ශනය වන බැවිණි. එම නිසා සත්‍යය ඔවුනට නින්දිත හෙළුවකි. එය ධනය බලය යොදමින් පමණක් නොව ජිවිත වුව බිල්ලට දී ආරක්‍ෂා කර ගැනීමට ඔවුන් උත්සාහ දරයි. මෙසේ මෙම නිර්මාණය විසංයොජනයට අනුව විමසන කළ නව අරුත් එම පඨිතය තුළින්ම ජනනය වන බව පැහැදිලි වේ. මෙහිදි ලොව සැබෑ යථාර්ථය සත්‍යයේ ජඩ සෙළුව යනුවෙන් රූපකයකට ලක් කිරීමෙන් මෙම කාව්‍ය පන්තියෙන් රස ජනනය කර පාඨකයාගේ බුද්ධියට ආමන්ත‍්‍රනය කරන ආකාරය මැනවින් පැහැදිලි වේ.සාහිත්‍ය කෘතියකින් මුලික වශයෙන් රසයක් බලාපොරොත්තු වන අතර එයින් බුද්ධිමය සංවාදයක්ද තිබිය යුතු වේ. ධ්වනි ,වක්‍රොක්ති හා ව්‍යාංග්‍යාර්ථ වශයෙන් අර්ථ ජනනය කරගනුයේද අවබෝධ කර ගනුයේද බුද්ධිමය පාඨවය නිසාවෙනි. යටි වියනට කිරණ ඉරක් හැමදාම වහින්නේ වනයේ හිස් මුදුනට එළිය පායන්නේත් එතැනට විසල් තුරු සෝදමින් පත් අතර වෑස්සෙන බිංදු ටික පමණයි ලැබෙන්නේ පහළට වෙන් වෙන්ව උස යන මහ ගස් ක`දන් යට ඇලී මිහි පොත්තෙහි කටු කලල් අකුලෙහි යටි වියන සිටියා වෙලී - පැටලී - නොනැ`ගී සිනා සළුවෙන් වැසී යන මෙන් හදක දුක් ගැබ වනය මුදුනේ මීදුමෙන් සහ සො`දුරු මායා පටලයන්ගෙන් වැසී තිබුණා වනය පතුලේ අ`දුරු පදනම අල - පෝට - දෙමළ ඈ වැල් කෙටි ප`දුරු - මිටි වදුලූ ඒ අතර තණ බිස්ස ඉන් නොඉල්පෙන සු`ගු තලය පේ‍්‍රම නොකළත් කුරුලූ ප‍්‍රියයන් සිප නොගත්තත් සුළං සලෙළුන් දකිමි - පොඩි මල් පිපෙන මහිමය යට යටි වියන තුළ වැටිය යුතුය එහි එක් කිරණ බැල්මක් ඉර ගල අවටින් - ස`ද ලප ක`දුලින් ආකාස දෑසීන් උඩු ගුවනින් - දඩු මොණරෙන් ඵීද්ද නොහැකිය ඒ කිරණය ගෙන යා යුතුය බැස වන දුදුල තුළ කටු කොහොල් මෑත් කර වළ - වගුරු මතින් පැන බඩ ගාන සපුන් සේ ගලා යන ග`ගුල් සේ වක් වේවී - හැරි හැරී වර්තනය නියම වෙනස් කොට ගෙන යා යුතුය කිරණය ලක්ශාන්ත අතුකෝරල විසින් නිර්මාණය කරන ලද මෙම කාව්‍යය ප‍්‍රධාන වශයෙන් වක්‍රොක්තියකින් යුක්තව මෙය කියැවීය හැකිය. ඊටා හේතුව වන්නේ මෙහි ‘යටි වියනක’ අරුතින් සමාජයේ පන්තිමය පරතරය හා එහි විපාක ප‍්‍රකාශ වන බැවිනි. ජැක් ඩෙරිඩාගේ විසංයෝජනවාදයට අනුව මෙහි ප‍්‍රතිපක්‍ෂ යුගල රාශියක් සොයා ගත හැකිය . විශාල - කුඩා , උස - මිටි , උඩ - යට, දුක - සැප ,වැසුණු - නොවැසුණු ආදිය ද ඒ අතර වේ.මේ මගින් මෙහි නව අරුතක් ජනනය කර ගත හැක.කාව්‍යය ස`දහා භාෂාව ප‍්‍රධාන මෙවලම වන්නා සේම විචාරයේදීද උපයොගී කර ගන්නා මුලික අමුද්‍රව්‍ය වන්නේ භාෂාවයි.විශාල , උස , උඩ හා සැප යන කරුණු මෙහි වනයක උඩ ස්ථරය වු විශාල ගස් සමුහය වේ. එනම් සමාජයක ධනපති පන්තියයි.යටි වියන යනු පිඞීත පන්තියයි. එයට කුඩා , මිටි , දුක ,වැසුණු යන කරුණු ආදේශ කළ හැක .එනම් සමාජයේ අවධානයට ලක් නොවීම , සමාජයෙන් කොන් වීම , සමාජයේ බලය අතින් කුඩා පිරිසක් යැයි සම්මත වී තිබීම වැනි කරුණු ඊට ආදේශ කළ හැක. කිරණ යටි වියනට නොලැබීම යනු සමාජයේ අසාධාරණයට ලක් වීමයි. මේ අනුව පද්‍ය විචාරය යනු කාව්‍යය භාෂාත්මකව කියැවීමක් බව පැහැදිලි වේ. මනෝවිශ්ලෙෂණ න්‍යායට අනුව සෑම මනිසෙකුම ඉඞ්හි ඇති ලිංගික සහජය හා මරණ සහජය තෘප්ත කර ගැනීමට උත්සාහ කරයි.සදාචාරය සංස්කෘතිය හා නිතීය යන කරුණුවලින් යුතු සුපර් ඉගෝ යටි සිතේ ඇති සහජයන් ඉෂ්ඨ කර ගැනීම තාර්කික බුද්ධියෙන් සිතා වළක්වාලයි. නමුත් ධනවතුන් තම ධනයෙන් සදාචාරය හා නීතිය යටපත් කර ගන්නා බැවීන් ඔවුන් නිතරම තම ඉඩහි ඇති සහජාශාවන් තෘප්ත කර ගැනීමේ දඩයමක යෙදේ. පිඩිත පන්තියේ ජනතාව විඤ්ඤාණය සකස් කර ගැනීමේදීද පන්ති පරතරය ඔවුන්ගේ විඤ්ඤාණය හීනමානයකින් යුතුව නිර්මාණය වීමට මෙම පන්ති භේදය හේතු වේ.මේ අනුව දුප්පතා බොහෝ විට පීඩනයට මානසික බි`දවැටීමකට ලක් වේ. ස්ත‍්‍රි වාදය මස්සේ මෙය විචාරය කිරීමේදී සමාජයක පීඩිත පන්තිය සමාජයේ විවිධ ආකාරයෙන් පීඩාවට පත් වේ. මෙය මෙහිදි ‘‘යටි විනට ලැබෙන කිරණ , විසල් තුරු සොදමින්, පත් අතර වෑස්සෙන , බිංදු ටික පමණයි , ලැබෙන්නේ පහළට’’ යනාදියෙන් පන්ති පරතරයේ හානිය හා එයින් පීඩිත පන්තිය විදින දුක මනාව පැහැදිලි වේ. යටි වියනට කිරණ ඉරක් යන වචන කිහිපය ඇසු විට පාඨකයා ඒ තූළ හගවනය හා වෙනස් හැගවුමකට එම වචන හසු කර ගනී. ව්‍යුහවාදීන් පවසන පරිදි හගවනය හා හැගවුම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. නමුදු පාඨකයා වචනයක් යොදා ඇති හෝ යෙදී ඇති බාහිර පරිසරයද සැළකිල්ලට ලක් කරමින් එහි සැබෑ හගවනය සොයා යයි. ‘විසල් තුරු සෝදමින්, පත් අතර වෑස්සෙන,බිංදු ටික පමණයි ,ලැබෙන්නේ පහළට’ මෙම වදන් කිහිපය අනුව මුලින්ම ඇති වන හගවනය විශාල ගස් සොදමින් පත‍්‍ර අතරට වැටෙන දිය බින්දු කිහිපයක් වුවත් හැගවුමේදි එය යෙදී ඇති පරිසරය අනුව වෂා_වෙන් විශාල ගස් මතට මුලින් වැටෙන ජලය පසුව යටි වියනට වැටෙන බව අවබෝධ කර ගනී. ධ්වනි වාදයටඅනුව වචනයක් කොටස් තුනකට බෙදිය හැක.එනම් 1.*වාච්‍යාර්ථය 2.* ලක්ෂ්‍යාර්ථය 3.*ව්‍යංග්‍යාර්ථය භාවිත විචාරයට අනුව වචනයක් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.ඒවා නම්, 1.*නිර්දිෂ්ටාර්ථය 2.*භාවිකාර්ථය වාච්‍යාර්තය හා නිර්දිෂ්ටාර්ථයත් මගින් යමක කොෂාර්ථය ලබා දෙයි්. යටි වියනට කිරණ ඉරක් යනු වනයක පහළ ස්ථරයට රශ්මීන්ගේ ඉරක් යන්නයි. රශ්මීන්ගේ ඉරක් යන්න තරමක් ව්‍යාකූල අරුතකි. ඉරක් යනුවේන් සාමාන්‍යයෙන් නම් කරනුයේ අ`දින ලද රේඛවකටය. නමුත් ධ්වනි වාදයේ ලක්ෂ්‍යාර්ථය මගින් දෙවැනි තෙරුමක් ලබා දෙයි. සූර්ය රශ්මීන් යනුවෙන් එයට අරුතක් ලැබේ. භාවිත විචාරයේ එන භාවිකාර්ථයත් ධ්වනිවාදීන්ිගේ ව්‍යංග්‍යාර්ථයත් යන දෙකම එකකි. ඒ අනුව සලකන විට භාවිත විචාරයේදී භාවිකාර්ථයෙන් කෙරෙන දෙය ධවනිවාදීන් ලක්ෂ්‍යාර්ථයෙන් කර ඇති අතර ඊටත් වඩා සියුම් විග‍්‍රහයක් ව්‍යාංග්‍යාර්ථයෙන් ධ්වනිවාදීන් සිදු කර ඇතැයි කිව හැක. රසිකයාත් සහෘදයාත් සොයනුයේ ඒ මගින් ධ්වනිත වන සැ`ගවුණු අර්ථයයි. ‘‘පේ‍්‍රම නොකළත් කුරුලූ ප‍්‍රියයන් සිප නොගත්තත් සුළං සලෙළුන් දකිමි - පොඩි මල් පිපෙන මහිමය යට යටි වියන තුළ’’ කෝෂාර්ථයෙන් නොලැබෙන මෙහි සැබැ අරුත ලක්ෂ්‍යාර්ථයෙන් හා භාවිකාර්ථයෙන් ලැබේ. මෙහි ඇති ධ්වනිතාර්ථය රස ධ්නි හා වස්තු ධ්වනි යනුවෙන් දැක්විය හැක. මෙම කාව්‍ය නිර්මාණයේ ප‍්‍රධාන රසය නැතහොත් අංගී රසය වන්නේ කරුණ රසයයි. මෙහි ආලම්භන විභාව වනුයේ උඩ ස්ථරය නැතහොත් උඩු වියන හා යටි වියන වේ. එහි උද්ධිපන විභාව වැස්ස , සූර්ය රශ්මිය , අදුර , සුළග යන වස්තූන් දැක්විය හැක. මෙහිදි කරුණ රසය ඇති වීමට මෙම වස්තු උද්ධීපනය වේ. ඒ අනුව පූර්ව උද්ධෘතයෙන් දැක්වු කාව්‍ය කොටස රස ධ්වනියක් ඇති කරයි. එසේම ඉන් හුදු රමණීය කවි සංකල්පනාවක් ඇති වන නිසා ඉන් වස්තු ධ්වනියක් ඇති වේ. යටි වියනේ දැකුම්කළු කුරුල්ලන් නැත , නැවුම් සුළග පැමිණෙන්නේ නැත. සුළග මෙහිදි සලෙළුන් යැයි නම් කර ඇත. මන්ද මාරුතයට සෑම කෙනෙකුම ප‍්‍රිය කරයි. ඉන් මනසේ සුවය ඇති කරයි. නැවුම් සිතුවිලි ඇති කරයි. එම නිසා කාන්තාවන් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත කරන සලෙළුන් වැන්න. මෙහිදි සුළ`ග කාන්තාවකට උපමා කර නැත්තේ සුළග දරුණු වේගවත් ප‍්‍රවාහයක් වුවහොත් ඉන් මහා විනාශයක් සුදු වන බැවිනි. යටි වියනේ සුවද හමවන රමණීය පූෂ්පයන් විකසිත වේ.පාඨකයා තුළ රමණීය කවි සංකල්පනාවන් ඇති කිරීමට කවියා යොදා ඇති භාෂාව පොහොසත් වේ. සමස්ත වශයෙන් මෙම කාව්‍ය නිර්මාණයෙන් මනා අරුතක් ව්‍යංග වේ. මහා වනයක් විශාල වෘක්‍ෂයන් නිසා යටි වියනෙහි වන කුඩා ගස් , පදුරු ආදියට හිරු රුස් , නැවුම් වාතය ලැබෙන්නේ නැත. එසේම සමාජයේ මහා කුලවතුන් ධනවතුන් යනුවේන් පන්තිභේද පැවැතීමෙන් දුප්පත් ජනයා සැමදා පීඩාවට පත් වන්නේ ය. එසේ වුවත් පහළ සමාජයේ දුප්පතුන් ළග පොහොසතුන් ළග නොමැති ගති ගුණ පවතී. ධනය බලය මත සමාජ පන්තීන් නිර්මාණය වීමට නිර්මාණය කිරීමට එරෙහිව පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව කවියා අවසානයට ධ්වනිත කරයි. විචිත‍්‍ර සංකල්පරූප මෑවීමෙහිදි සාර්ථක ක‍්‍රම කිහිපයක් අනුගමනය කළ හැක.ඉන් ප‍්‍රධාන තැනක් උපමාවට ලැබේ. එය අර්ථාලංකාර ගණයෙහිලා සැළකේ. උපමාව මගින් ජීවමාන සංකල්ප රූප මෑවිමේදි වැදගත් වන කරුණ ුකිහිපයක් මෙසේ දැක්විය හැක. 1.* උපමාව මගින් නිශ්චිත පැහැදිලි සංකල්ප රූපයක් නිර්මාණය කිරීම. 2.* උපමාව ප‍්‍රස්තුත විෂයටත් අවස්ථාවටත් උචිත වීම . 3.*උපමාවක් පාඨකයාගේ අත්දැකීමෙහිම කොටසක් වීම. මෙම කරුණ ුතුන උපයෝගී කර ගනිමින් පාඨකයාට තියුණු රසාස්වාදනයක් , කම්පනයක් ඇති කළ හැක. යටි වියනට කිරණ ඉරක් යන කාව්‍ය නිර්මාණයේදී අවාසානයෙහි උපමා කිහිපයක් දක්නට ලැබේ. ‘‘කටු කොහොල් මෑත් කර වළ - වගුරු මතින් පැන බඩ ගාන සපුන් සේ ගලා යන ග`ගුල් සේ වක් වේවී - හැරි හැරී’‘ මෙහි යෙදී ඇති උපමාවන් වන්නේ ‘‘බඩ ගාන සපුන් සේ , ගලා යන ග`ගුල් සේ ’’ යන ඒවා වේ. උපමාව වනාහි උපමාන - උපමේය - සාධාරණ ධම_ - සමාන වාචක යන අංග සතරින් යුක්ත වේ. උපමාවෙහි මූල ධර්ම මෙසේ වුවද විවධ අවස්ථාවලදී විවධ ලෙසින් උපමාවන් යෙදේ. බඩ ගාන සයුන් සේ , ගලා යන ග`ගුල් සේ කිරණ ඉර යන්න සම්පූර්ණ උපමා උපමේයයි. උපමාන හා උපමේය අතර සමාන ධර්මය නම් හිඩැස් අතරින් ගමන් කරන ස්වාභාවයයි නැතහොත් ගමන් කිරීම වංගු සහිත බවයි.සූර්ය කිරණද වනයේ හිඩැස් අතරින් යටි වියන කරා ගමන් කරයි. ගංගාව හා සපුන් ඍජුව ගමන් නොකරන අතර කිරණද හිඩැස් අතරින් තැනින් තැන වැටී ඇති බැවින් කිරණ ඒකත්වයකින් ගත් කල ඍජුභාවයක් එහි දක්නට නැත..සෑම හිඩැසකින්ම එක එක ස්ථානයට විවිධ සෙින් වැටී ඇත. මෙු අනුව කවියා පාඨකයා තුළ මවන උපමාව තුළින් විචිත‍්‍ර සංකල්ප රූප මැවේ.කවියක පරිසරය ,අවස්ථාව , අනුභූතිය, පාඨකයා අවබෝධ කර ගනුයේ සංකල්ප රූප මගිනි. මෙම සංකල්ප රූපවල එකතුවක් ලෙස කවියක සමස්ත පරිසරය සිතෙහි මැවේ. එය සැබැ ලොව පරිසරයට වඩා පියකරු වේ. එම නිසා භාරතීයයන් ‘‘රසේ සාර: චමත්කාර:‘‘ යනුවෙන් හදුන්වා ඇත. භාරතීය ඇතැම් විචාරකයන් පිළි ගත්තේ සෑම කලා කෘතියකම විවිධ ආකාරයෙන් අතිශයොක්තිය දැකිය හැකි බවයි.ලොව සාමාණය සිදුවීම් දකින ආකාරයට වඩා වෙනස් ආකාරයකට අතිශයොක්තියෙන් කලා කෘතීන් තුළ අන්තර් ගත වේ.එම නිසා එවැනි කෘතිවලින් චමත්කාරය වඩා හොදින් ඇති වේ. යටි වියනට කිරණ ඉරක් යන මෙම නිර්මාණයේදීද පරිසරයේ සැබු සි¥වීමක් අතිශයොක්තියෙන් ව්‍යංග්‍යාර්ථව ප‍්‍රකාශ කර ඇත. කාව්‍යයක් උසස් නිර්මාණය වන්නට එහි පද ඝටනාව ශබ්ද අර්ථ දෙකින් මනාව සංයෝජනීය විය යුතු යි. කාව්‍යක යොදන වචන අනුව එවායෙහි අර්ථය හා අදාළ අවස්ථාවට උචිත බව වෙනස් වේ. නිදසුනත් ලෙස කාන්තාව හැදින්වීම සදහා වචන රාශියක් ඇත. කාව්‍යයක අවස්ථාව අනුව හා ඉන් මතු කළ යුතු අර්ථය නැතහොත් අරමුණ අනුව යොදන වචන වෙනස් වේ. කාන්තාවගේ අ`ග පස`ග වැනීමකදි බොහෝ දුරට මියුලැසිය , ලිය වැනි වචන භාවිත කරනුයේ අරමුණ අනුවය. යටි වියනට කිරණ ඉරක් යන නිර්මාණයේ දි මෙම ලක්ෂණය දැකිය හැක.කෝෂාර්ථය වශයෙන් එකිනෙක නොගැළයෙන වචන තුළින් නැවුම් භාවිකාර්ථයක් ගොඩ නගනුයේද පූර්වොක්ත ලක්‍ෂණය පදනම් කරගෙනය. මෙම කාව්‍ය නිර්මාණයේ යොදා ඇති ‘‘ ඇලී මිහි පොත්තෙහි , සුළං සලෙළුන් , එක් කිරණ බැල්මක් , විද්ද නොහැකිය ඒ කිරණය ’’ වැනි වචන දැකි විය හැක. මෙම නිර්මාණයේ සමාන අක්ෂර සමීප ස්ථානවල යෙදීමෙන් අනුප‍්‍රාසවත් බවක් ඇති කිරිමටත් ඊට අමතරව ශබ්ද මාධූර්යයක් ඇති කිරීමටත් කවියා කටයුතු කර ඇත. ‘‘වෙන් වෙන්ව උස යන මහ ගස් ක`දන් යට ඇලී මිහි පොත්තෙහි කටු කලල් අකුලෙහි යටි වියන සිටියා වෙලී - පැටලී - නොනැ`ග’’ මෙහි ‘‘වෙන් වෙන්ව ,ඇලි මිලි වෙලි පැටලී ,කටු කලල් අකුලෙහි’’ යන වචන තුළ වර්ණයන්ගේ උච්චාරණයෙහි සමීප බවක් සමාන බවක් දැකිය හැක. මෙහි ‘ල‘ අක්ෂරය භාවිත කර ඇති ‘‘කටු කලල් අකුලෙහි , වෙලී - පැටලී , ඇලී ’’ යන වචන තුළින් ඇතිවන ශබ්ද ධ්වනිය මගින් කටුක බවක් ,කඨෝර බවක් සිතට දැනේ. ඒසේ යම් පාඨකයාට ඇති වුවහොත් කතුවරයා ශබ්ද ධ්වනිය මගින් අභිපේ‍්‍රත බලාපොරොත්තුව ඉටු වී තිබේ. එම නිසා වචන මනාව සංයොජනය කිරීමෙන් කාව්‍යයක ප‍්‍රතිඵලය ඉතා සාර්ථක වේ. මෙම නිර්මාණය පුරාවට මෙම ලක්‍ෂණය දැකිය හැකි අතර බොහෝ විට මෘදු අක්‍ෂර භාවිත කීරීමෙන් සමතා ගුණය හා මාධුර්ය ගුණය ඇතිවන ආකාරයට නිර්මාණය සිදු කර ඇත. කාව්‍යයේ ප‍්‍රධාන මෙවලම භාෂාව වේ.භාෂාව නොමැති නම් කාව්‍යයක් ඇති නොවේ. දණ්ඞීන් සදහන් කළේ තුන් ලොවම ආලොකවත් වී ඇත්තේ භාෂාව නැමැති ආලෝකය නිසාවෙනි. මිනිසුන් සංස්කෘතිය , ඤාණය හා දැනුම අනාගතය කරා රුගෙන යන ප‍්‍රධාන මාධ්‍යය භාෂාවයි. ලොව බෙහෝ කලාපයන් තුළ ලිඛිත භාෂාවක් භාවිත කරයි. නමුදු ලොව ඇතැම් රටවලට ලිඛිත භාෂාවක් නැත. මෙම රටවල සාහිත්‍යයක් නැත. දකුණු අප‍්‍රිකාවෙහි බොහෝ රටවල මෙම ලක්ෂණය දැකිය හැක. මිනිසා භාෂාවක් කථනයට යොදාගැනීමෙන් පසු ඔහුනගේ බුද්ධිමය පාඨවය දියුණු වු අතර මොළයේ ඇති නියුරෝන ෙසෙල වැඩි වී කපාල ධාරිතාව වැඩි වුණි. පසුව සෞන්දර්ය විද ගැනීමෙන් පසුව කලාව බිහි වන්නට ඇතැයි උගතුන් පරිකල්පනය කෙරේ. කලාව බිහි වි එය ගද්‍ය, පද්‍ය ,දෘශ්‍ය හා චම්පු යනාදි වශයෙන් විවධ කොටස් දක්වා සංවර්ධනය වී ඇත. නිර්මාණ බිහි වීමෙන් පසුව විවිධ විචාර වාද බිහි වී ඇත. සාහිත්‍ය විචාරවාද විශේෂයෙන් පෙරදිග හා බටහිර වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා දැක් විය හැක. පෙරදිග සාහිත්‍ය මෙන්ම සාහිත්‍ය විචාරයටද අපරදිගට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇත.පෙරදිග සාහිත්‍ය පිළිබ`ද යම් යම් කරුණු වෛදික යුගයේ කෘතිවලින් ද දැකිය හැක. ඍග් වේදයෙහි පුරාණතම සාහිත්‍ය ලක්‍ෂණ දැකිය හැක. භාරතීයයන් වේදය කට පාඩමින් රුගෙන ආ බැවින් ඔවුහු අක්‍ෂරවල හා වචනවල ඉතා කුඩා අනුකුඩා වෙනස් කම් පවා දැකීමට රුචී වූවෝ වෙති.එම නිසා පෙරදිග භාෂාව සම්බන්ධයෙන් දැනුම අතිශය දියුණු වුවක් වේ. භාරතීයයන්ගේ සෑම දර්ශනයකම ආගමකම ආත්මය ප‍්‍රධාන වශයෙන් සාකච්ඡුාවට භාජනය වු කරුණක් විය. මේ බලපෑම නිසාම සාහිත්‍ය විචාරයටද භාරතීයයන් ආත්මය හා සම්බන්ධ කර ඉදිරිපත් ක්ිරිමට රුචිකත්වයක් දක්වා ඇත. මේ නිසා කවියක ආත්මය හා ශරීරය කුමක්දැයි ඔවුන් විමසන්නට විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස විවිධ වාද ඇති වී තිබේ. භාරතීය විචාරයේදී රසවාදය , අලංකාරවාදය ,ධ්වනි වාදය , ඖචිත්‍ය වාදය , රීති වාදය හා වක්‍රොක්ති වාදය යනුවෙන් වාද හයක් ඇති වී තිබේ. අපරදිගද විවිධ සාහිත්‍ය න්‍යායන් විවිධ කාලවලදී විවිධ ආකාරයට බිහි වුණි.නමුදු බටහිර බොහෝ සාහිත්‍ය විචාරවලින් අවධාරණය කළ දේවල් අඩු වැඩි වශයෙන් පෙරදිග සාහිත්‍ය විචාරවලදී සාකච්ඡුා කළ ඒවා වේ. සාහිත්‍ය යනු භාෂාම මුල් කරගෙන නිර්මාණය වූවක් බැවින් සාහිත්‍ය විචාරයේදී ද භාෂාවට වැදගත් තැනක් හිමි වේ. පද්‍ය විචාරයද කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියැවීමකි. එහිදි ශබ්ද හා අර්ථ පිළිබ`දව අවධානය යොමු වන අතර ශබ්ද රචනාව හා එය සිදු කර ඇති ආකාරය වැනි කරුණු මත විචාරයද සිදු වේ. සාහිත්‍යයේ රසය පිළිබ`දව සැළකීමේදි එය භාෂාව මගින් සිතෙහි ඇතිවන වින්දනයකි , හැගීමකි.කවියෙකු භාෂාව භාවිත කර ඇති ආකාරය අනුව රස මතු වීමේ ප‍්‍රමාණය වෙනස් ෙවි.එසේම විවිධ සාහිත්‍ය රසයන් ද ඇතිවේ. එසේම ඊට උචිත පරිසරයද කවියා ගොඩ නගන්නේ භාෂාව මගිනි. අනුප‍්‍රාස යමක වැනි ශබ්ද අලංකාර මගින් ඇතිවන රසය උද්ධීපනය කීරීමක් හා අදාළ පරිසරය පිළිබ`ද සංකල්ප සිතෙහි මනාව පහළ වේ. ධ්වනි , වක්‍රොක්ති , ව්‍යංග හා රිති වැනි කරුණු ලැබෙනුයේ කාව්‍ය කෘතියක භාවිත භාෂාව ඇසුරිනි.බටහිර විචාර වාදද එසේම භාෂාව ඇසුරින් අධ්‍යනය කළ යුත්තකි.ව්‍යුහවාදයේදි වුව ව්‍යුහයක් ගොඩ නගා ගන්නේ යම් කෘතියක භාවිත භාෂාව ඇසුරිනි.විසංයෝජන වැනි විචාර කෘතියක ප‍්‍රතිපක්‍ෂ යුගල පද තෝරා එයින් නව අරුතක් ජනනය කරනුයේ , සමීප කියැවීමක් ලබනුයේ භාවිත භාෂාව ඇසුරිනි. ස්ත‍්‍රී වාදය , භාවිත විචාරය හා මනොවිශලේෂණ විචාර වාදවලදී ද සාහිත්‍ය කෘති අධ්‍යනය කරනුයේ යම් සාහිත්‍ය කෘතියක උපයුක්ත භාෂාව ඇසුරිනි. පද්‍ය විචාරය යනු කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියැවීමකි යන ප‍්‍රස්තුත කරුණට අදාළව මෙහිදි සාකච්ඡුාවට ලක් කළ ධර්ම චක‍්‍රය , ප‍්‍රීතිමත් මළ ගෙදර හා යටි වියනට කිරණ ඉරක් යන පද්‍ය නිර්මාණ ඇසුරින් එම කරුණ මනාව පැහැදිලි විය. පූර්වයෙන් සදහන් කළ ශබ්ද හා අර්ථ , පද ඝටනාව, ධ්වනිය , රිද්මය , සංකල්ප භාවිතය , රස ජනනය , රස තීව‍්‍ර කිරීම ඇතුළු සැම කරුණක්ම භාෂාව ඇසුරින් , භාෂාව කියැවීමෙන් සිදු වන්නක් බව මනාව පැහැදිලි වේ.ඒ අනුවද පැහැදිලි වන්නේ පද්‍ය විචාරය යනු කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියැවීමක් යන්නයි. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය අතුකෝරල , ලක්ෂාන්ත .යටි වියන .නුගේගොඩ : සී/ස සරසවි ප‍්‍රකාශකයෝ , 2007 , දිසානායක . කුමාරසිංහ ,’’ සංස්කෘත කාව්‍ය විචාරයේ ආරම්භය ’’ අතිපූජ්‍ය විලපිටියේ ඤාණවංස අනුනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය සංස් . කහවත්තේ ජිනසිරි හිමි , නිග්‍රොධාරාම පිරිවෙනි ආචාර්ය මණ්ඩලය , ගෙලිඔය : 2007 පේමරතන ,වැලිවිටියේ . (සංස්.*. කාව්‍යාදර්ශය. කොළඹ 10: සමයවර්ධන පොත්හල ,2001 . ලියනගේ අමරකීර්ති ,ලියනගේ. අමුතු කතාව . මුල්ලේරියාව : වීජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය , 2005 . සුනිල් සෙනෙවි, හිනිදුම . විරාගී මිටියාවත . කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ , 2005 . ඍ්නැි්ටමචඒල ඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්ග ඊ්ර්බ්ිථ ්‍යසබාම ඹබසඩැරිසඑහ චරුිිල 1950ග ‘‘පද්‍ය විචාරය යනු , කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමකි .’’.

‘‘රුසියානු නව කතාවේ වීරයා බෝධිසත්ව ගුණොපේත කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය යථාර්ත තලයෙන් ජීවත්වන්නෙකි.’’

‘‘රුසියානු නව කතාවේ වීරයා බෝධිසත්ව ගුණොපේත කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය යථාර්ත තලයෙන් ජීවත්වන්නෙකි.’’ ගුරු ගීතය චිංගීස් අයිත්මාතෙව් විසින් රචිත ගුරු ගීතය ලොව විශාල භාෂා ගණනතට පරිවරතනය වී ඇති ශ්‍රේෂ්ඨ නවකතාවකි.මෙම ලේඛකයා සුප‍්‍රසිද්ධ සොවියට් ලේඛක ලෙනින් ත්‍යාගය , රාජ්‍ය ත්‍යාගය දිනා ගත්තෙකි.මෙම කෘතියට වස්තු වස්තු විෂය වී ඇත්තේ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපිත වූ කාලයේ සිදුවූ සිදුවීමකි. මෙම කෘතියේ ප‍්‍රධාන චරිතය වන්නේ දුෂේයින් වේ. ඊට අමතරව අල්තීනායි සුලෙයිමානවා ද කෘතිය පුරා දිවෙන චරිතයක් වේ. සිංහල නවකතාවෙහි විශේෂයෙන්ම මුල්කාලීනව නවකතාවෙහි ප‍්‍රධාන චරිතය යහපතම ගවේෂණය කරන සුචරිතයට දේශනා කරන චරිත දැකිය හැක. පසුකාලීනව බටහිර අභාසය ලබා එම සම්ප‍්‍රදායෙන් බැහැර වූ බවක් දැකිය හැක. නමුත් සිංහල නව කතාව රුසියානු නව කථාවන්ගෙන් විශාල දුරකින් පවතින්නේ වේ. මෙම කරුණූ රුසියානු නව කතා විමසීමෙන් පැහැදිලි කරගත හැක. මෙහිදී මුලින්ම විමසීමට ලක් කරනුයේ අයිත්මාතෙව් විසින් රචිත ගුරු ගීතයයි. මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ දුයිෂෙන් වන අතර මෙම චරිතය විමසීමේදී මොහු බොධිසත්ව ගුණෝපේත කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය තලයෙහි ජීවත්වන්නෙකු බව පැහැදිලි වේ.දුයිෂෙන් අයිලයට පැමිණෙන්නේ තම තාරුණය ගෙවන කාලයේ දී වේ. ඔහු අයිලයට පැමිළෙන විට එම අයිලය ලොවින් හුදකලා වූ අයිලයක් ලෙස එහි වැසියන් සළකා ඇත. නමුත් දුෂෙයින්ට එම කරුණ වැදගත් වී නැත. ඔහු මෙම ගමට පැමිණෙන්නේ එම ගමේ ළමයින්ගේ නැණැස පෑදීමට ය. වැටුප්මතම යැපෙමින් සේවය සැලසීමට වඩා සමාජ සෙවයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. බොධිසත්ව ලෝකයක් නිර්මාණය කිරීම ඔහුට අවශ්‍ය නොවීය. ඔහුට අවශ්‍ය වූයේ අයිලය ලොවට විවෘත කිරීම විය. ග‍්‍රාම්‍ය සමාජය සාක්‍ෂරතාවයෙන් හා දැනුමෙන් පොහොසත් වන විට රටක් දැයුණු වේ. එම දියුණුව රටට ලබා දෙන අතර ගමටද එම දියුණුව ලබා දීමද දුයිෂෙන්ගේ බලාපොරොත්තුවක් වන්නට ඇත. රුසියානු නවකථාවේ වීරයා දුක , වේදනාව , සතුට , තරහව වැනි ආවේගයන්ගෙන් යුතු සාමාන්‍ය මනුෂ්‍ය තලයෙන් ජීවත් වන්නෙකු වේ. මෙම ලක්‍ෂණ ගුරු ගීතය ඇසුරින් විමසා බැලිය හැක. මෙහිදී මුලින්ම ස`දහන් කළ හැක්කේ දුයිෂෙන් පැමිණෙන්නේ කොන්වී තිබු අයිලයක් වෙතයි. ‘‘....මට ඔහුගේ කබාය හො`ද හැටි මතක තබා ගැනීමට හැකී වූයේ , එය කළු පැහැති ලොම් රෙද්දකින් මසා තිබුණු නිසා විය යුතු ය.මහ පාරවලින් ඈත් ව කොන් වී තිබු ක`දුවලින් වැසීගත් අපේ අයිලයට රජයේ කබායක් හැ`දගත් මේ ගැටවරයාගේ පැමිණීම විශේෂ සිද්ධියක් විය.’’ දුයිෂෙන්ගේ පරාර්ථකාමීත්වය මෙම කෘතිය පුරාම දැකිය හැකි අතර එය මෙම කෘතිය ආරම්භයේම විශේෂයෙන් දැකිය හැක. මොහුගේ තාරුණ්‍යය කැප කරනුයේ අන් අයගේ යහපත සදහාමය. මෙම ලක්‍ෂණය ගත් කළ සිංහල නවකතාවෙහි දැකිය හැකි වුවත් එවායෙහි එය බොහෝ විට යෙදෙන්නේ එම චරිතයට බොධිසත්ව ගුණ ආරූඪ කිරීම සදහාය. නමුත් රුසියන් නවකතාවල එය යෙදෙන්නේ සාමාන්‍ය ජීවිතය සතුටින් ජීවිත්වීමට එම ලක්‍ෂණය අවශ්‍ය වන නිසාය. දුයිෂෙන් ගම් වැසියන්ගේ විරෝධය නොතකා පාසල ආරම්භ කිරීමට කටයුතු කරන්නේ තම ඉලක්කයට යාමට ඇති දැඩි අධිෂ්ඨානය නිසාවෙනි. දුෂෙයින් පාසල ලෙස අශ්ව මඩුව ශුද්ධ කර එය පාසල ලෙස භාවිත කිරීමට හා එයට අවශ්‍ය පහසුකම් සැපයීමට වේලාව අවේලාව නෙබලා කටයුතු කළේය. මොහුගේ මෙම පරාර්ථකාමීත්වය දැඩි දෛර්යයත් සම`ග එකාබද්ධ වූවකි. ‘‘ඒයි බලපන් , අර දුයිෂෙන් ස්කොල මහත්තයා නොවෙද , තණකොළ මිටියක් කර තියාගෙන යන්නේ? ’’ ‘‘ඔව් එයා තමයි.’’ ‘‘අනේ පව් ,දුප්පතා . ස්කොල ගුරුකමත් ලේසි වැඩක් නෙවි.’’ ‘‘නුඹ හිතුවෙ මොකක් කියලා ද, එයා මිටි කරගහන්නේ බායිලා යටතේ වැඩ කරන දාසයෙක් වගෙයි.’’ ‘‘සෑම මාසයක ම අවසානයේ දී ඔහු ප‍්‍රාදේශීය නගරයට ගියේති ආවේත් පයින්ය.ඒ සදහා ඔහුට දින දෙක තුනක් ගියේය.’’ මේ අනුව පැහැදිලි වන්නේ ඔහුගේ පරාර්ථකාමීත්වය හා ධෛර්යය අනෙක් තැනැත්තන්ගේ අනුකම්පාවට ගක් වු බවයි. එවැනි ධෛර්යයකින් ඔහු වැඩ කටයුතු කළේය. දුයිෂෙන් කොමියුනිස්ටි දර්ශනය පෙරටු කරගත් සමාජවාදියෙකු වේ. නියම සමාජවාදියෙකු වනාහි සමාජයක් සම`ග ස්කාබද්ධව ජීවත් වෙයි. ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් පොළෙවේ පය ගසා ජීවත්වන්නෙකු වේ. ‘‘පුතේ , මේ අහපන් ’’ යැයි ඔහු ඉකකා ගසමින් සිය ප‍්‍රශ්නය ඇසුවේය. ‘‘ඉස්සර කාලේ ළමයින්ට ඉගැන්නුවේ මුල්ලාවරු.උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි අපි වගේ ම එයත් දුප්පත් ගොවියෙක්.ඉතින් උඹ කොහොමද මුල්ලා කෙනෙක් වුණේ කියලා අපට විස්තර කියාපන්?’’ ‘‘මම මුල්ලෙක් නොවෙයි , ලොකු උන්නැහේ.මම කොම්සොමොල් (තරුණ කොමියුනිස්ට්*කාරයෙක්’’ යැයි ඉක්මනින් දුයිෂෙන් පිළිතුරු දුන්නේය. ‘‘ මින් පසු ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව ,ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා.ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා.මගේ මුල්ලාකමේ හැටි ඔහොමයි.’’ දුයිෂෙන්ගේ මුහුණ සෑම විටම කරුණාවෙන්ම තෙත්ව නොපවති. ඔහුගේ මතයට නවා ගැනීමට අමාරු වූ විට ඔහුට තරහ යයි.අයිලයේ පාසැලක් දැමීමට ගම්මුන් විරුද්ධ වීමට පටන් ගත්විට ඔහු එය තෙරුම් කළේ ද්වේශයෙනි. දැඩි වේදනාවකදි තරහව ඔහුගේ සිත සුඵර්ශ කළේය. එසේම අසාධාරණයට එරෙහිව සටන් වැදීමෙදි එය ඔහු පෙරදිග මෙන් කාරුණික අවිහිංසාවාදයෙන් පිළිතුරු දීමට උත්සාහ කර නැත. ඒබවට පහත උදාහරණ දෙස් දෙයි. ‘‘අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්වාවි ද? ඒ කාලේ ඉවරයි. අපි දැන් නිදහස් මින්ස්සු කැමැති විදියට ජීවත් වෙනවා’’ දුයිෂෙන්ගේ මුණ රතු විය.වෙව්ලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ලැළවීය.කමිස සාක්කුව තුළින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක් ගෙන එය දිගහැර සියලූ දෙනාට ම පෙනෙන පරිදි හිසට උඩින් එසවීය.’’ ‘‘නැගිටිනු’’ යැයි හෙතෙම අණ කළේය. අපි නැගිට්ටෙමු. තොප්පි ගලවාපල්ලා’’ ‘‘වල් ඌරා යැයි දුයිෂෙන් දත් විලිසසමින් ගුගුලේය. දැන් ඉතින් වරෙන් යායුතු තැනට යමු. ...., තණකොළ පොඩි කරන්නා වගේ ඈ සමතලා කොට විනාශ කළා යැයි උඹ හිතනවාද ? මෘගයා උඹේ කාලේ ඉවරයි.දැන් ඇගේ කාලයයි.’’ අවශ්‍ය අවස්ථාවේදී දුයිෂෙන්ගේ සිතට තරහව පැමිණෙයි. පෙරදිග නව කතාවන්ගේ ප‍්‍රධාන චරිත මෙන් සැමවිටම පාහේ කරුණාව සිතේ ප‍්‍රධාන චෛතසිකය නොවන්නේය. කරුණාව ගත් ගුණ තුළ දැකිය හැකි වුවත් එය ප‍්‍රකටව දැක ගත හැකි වන්නේ අවශ්‍ය අවස්ථාවේදී පමණි. පාසලට යන කුඩා දරුරවන් කුඩා දිය පහරින එතර වන්නේ ක`දුලින් පිරි දෑසිනි. එයට හේතුව වන්නේ සීත කාලය නිසා දරුවන්ගේ යටිපතුල්වටට සීතල කරණකොටගෙන තියුණු වේදනාවක් දැනුණු බැවිනි.එ මොහොතේදී දුයිෂෙන් කුඩා දරුවන් දෙදෙනා බැගින් ඔසවාගෙන යන්නේ දැඩි කරුණාබර සිතකිනි. එය දකින පොහොසත් එවුන් ඔහු දෙස උපහාසාත්මකව බලයි. ඊට අමතරව දුයිෂෙන්ගේ කරුණාවට දෙස් දෙන තවත් සාක්‍ෂියක් වන්නේ අල්තීනායි දුෂ්ටයෙකු විසින් විනාශ කළ පසුව දුයිෂෙන් ඇය මුදාගෙන දුකට පත් වන්නේ ඇය සම්පූර්ණයෙන් ආරක්‍ෂා කිරීමට නොහැකි වීම පිළිබ`දවය.මෙම කරුණා ද්වයට නිදසුන් මෙසේ දැක්විය හැක. ‘‘අර බලනව ,එකෙකුව කරේ තියාගෙන කවෙකෙකුව අතින් අරගෙන ‘‘ හති දමන අශ්වයාට පහරක් ගසන අනිකා මෙසේ පිළිතුරු දෙයි. ‘‘දෙවැනි ගෑනි හැටියට කසාද බැ`දගත යුත්තේ කාවදැයි මම දැන සිටියේ නෑ.මං වගේ මෝඩයෙක් මහ පොළොව පලාගෙන යන්න හිතෙනවා’’ ‘‘බැරි වුණි ... සමාවෙයන් ...පසුව ඔහු මගේ අතක් ගෙන ඔහුගේ කම්මුල මත තබාගනිමින් මෙසේ කීය.උඹ මට සමාව දුන්නත් මම , මට ම කිසිදාක සමාව දෙන්නේ නැහැ.... අල්තීනායි , අ`ඩන්ට එපා .. යමු... මේ අහපන් මං කියන දේ ... තුන්වැවිදා මම ප‍්‍රාදේශීය කාරයාලයට ගියා. නුඹව ඉගෙන ගැනීමට නගරෙට යවනවා...නුඹට ඇහේනව ද? ’’ දුයිෂෙන් උපහාසයට හා අපහාසයට ලක්වුවද ඔහු එය එතරම් ගණන් නොගනී. එසේ වන්නේ ඔහු සාමාන්‍ය තලයෙන් ජීවත් වන බැවිනි. සමාජසේවය කිරීටමෙදී නින්දි අපහාස නොමැතිව එය කළ නොහැකි බව ඔහු දන්නා බැවිනි. පුර්වයෙන් දැක්වූ නිදසුනෙහිද ඔහු උපහාසයට ලක් කළද ඔහු එයින් නොසැලේ. එසේ අල්තීනායිට නැන්දා හා මාමා පොහොසතකුට විකිණීමට සුදානම් වු විට දුයිෂෙන් ඇයව ඇයගේ ම්ත්තණියගේ නිවසේ නතර කරන අතර දින කිහිපයකින් පැමිණෙන නැන්දා අල්තීනායි රුගෙන යයි. එහිදි දුයිෂෙන්ට මහත් ලෙස පරිභව කරයි. එහෙත් ඔහු එය අමතක කර දමා අසාධාරණයට එරෙහිව සටන් කරයි. ‘‘ඇයි බොල බැල්ලිගේ පුතෝ. තෝ අන්න්ගේ කෙල්ලන්ව තියාගෙන ඉන්නව නෙවෙද? පල යන්ට ’’ රතු මූනා වලසෙකු මෙන් දුයිෂෙන් වෙත කඩා පැන්නේය . තමුසෙට මෙහි ඇතුළුවීමට අවසර නැහැ.මේක ස්කොලයක් ‘‘ දොරපළුව අල්ලා ගනිමින් දුයිෂෙන් කෘ ගැසීය. මම කිව්ව නේද , මේකා ඹය බැල්ලිව තියාගෙන ඉන්නවයි කියලා.පිනට ගෑනු අරගෙන ’‘යැයි නැන්දා කොපයෙන් කෑ ගැසුවාය.’’ කෙතරම් ප‍්‍රශ්න වුවද ඒවා අමතක කර දමා ජීවිතය සතුටිනි ගත කිරීමට තරම් හැකියාවක් දුයිෂෙන් තුළ විය. ඔහු විනොදයට බරවු චරිතයක් ලෙසද අවස්ථා කිහිපයකදී පෙනේ.දුයිෂෙන්ට පොහොසතුන් නින්දා කළ මෙහොතේ එය ගණන් නොගත් ඔහු ළමයින් සමල විහිළු කරමින් ඒවා විනොදයට පරිවර්තනය කරමිනිනි. ‘‘දුබල කෙල්ලකුගේ වචනවලට සවන් දෙන්නේ කවුද? පීඩා වි`දිනු ලැබූ මට සිදුවූයේ ක`දුළු වැගිරවීමටය. තමන්ට කළ නිනිදා අපහාස කිසි ගණනකට නොගත් දුයිෂෙන හැසිරුණේ ඒ කිසිවක් නොඇසු කෙනෙකු ලෙසය. සිදුවු දෙය අමතක කර දමනුවස් අප සිනා ගන්වන අන්දමේ විහිළු තහලූ කිරීමට ඔහු සමත් විය.’’ ආදරය දුයිෂෙන්ගේ හදවත ස්ඵර්ශ කළ අවස්ථා කිහිපයක් දැකිය හැකිය. ආදරය ලබාදි ආදරය ඇතිවිය යුතු තැන්වලදී ඔහුගේ සිතට ආදරය දැණුනි. අයිලයේ වැඩිමහළු ශිෂ්‍යයා වූයේ අල්තීනායි ය. අල්තීනායි ශිෂ්‍යයන් අතරින් දක්‍ෂම ශිෂ්‍යයා වූ බැවින් දුයිෂෙන්ගේ සිත් ගත්තේය.ඇයගේ අසරණභාවයට පිහිට වු දුයිෂෙන් තුළ ඇය කෙරෙහි ආදර හැගීම් ඇතිවු ආකාරය දැකිය හැක. එය ඔහු තුළ පමණක් නොව අල්තීනායි තුළද ඊට සමාන්තරව එවැනි හැගීම් ඇති විය.දුයිෂෙන් නගරයට ගොස් පැමිණෙන බවට පොරොන්දු වූ දවසේදී අල්තීනායි බලා සිටියේ ඔහු එන තුරුය. නමුත් රැු වනතුරු ඔහු පැමිණියේ නැත. දුයිෂෙන් පොරොන්දු කඩකරන්නෙක් නොවේ . එම නිසා රාති‍්‍රය පුරාවටම නිදි නොලබා ඔහු එනතුරු බලා සිටියේය. එසේ වූයේ ඇය තුළ ඔහු ගෙරෙහි ගෞරවයක් මුසු ආදරයක්ද ඇතිවු තිබූ බැවිනි. ‘‘ ඒ අල්තීනායි .ඊයේ බය වුණු ගමන්ම තවම අඩනවා ’’. යැයි සයිකාල් කීවාය. ‘‘අල්තීනායි ?ඈ කොහෙ ඉදල ද ආවේ ? ’’ හුන් තැනින් නැ`ගී සිටි දුයිෂෙන් මගේ උරහිසින් අල්ලා , ‘‘මොකද අල්තීනායි උඹ අ`ඩන්නේ ? මොකද වුනේ ?’’ යැයි ඇසීය. බිත්තිය දෙසට හැරුණු මම පෙරටත් වඩා වැඩියෙන් හ`ඩන`ගා ඇ`ඩුවෙමි. ‘‘ඇයි දරුවා උඹ ඔය තරම් බය වුනේ ? උඹ ලොකු ළමයෙක් නොවැ...මගේ දිහා බලපන් .’’ දුයිෂෙන්ගේ ගෙල බ`දාගත් මම , ක`දුලෙන් පිරි මගේ මුහුණ ඔහුගේ උරහිස මත තබාගෙන ඉකිබි`දිමින් අ`ඩන්ට වීමි.හැ`ඞීම නවත්වා ගැනීමට මට බැරි විය. මම නිම් හිම් නැති ප‍්‍රීතියෙන් වෙව්ලසන්ට වීමි. ’’ අල්තීනායි ඇයගේ නැන්දා විසින් විකිණීමට සුදානම් වූ විට දුයිෂෙන් එය වැළැක්වීමට ඇය ගෙදර යැවීම වළක්වනනේ ඇය කෙරෙහි ඇති ආදරය නිසාවෙනි. ‘‘අල්තීනායි , නැවතියන් ’’ ගුරුවරයා මා ළ`ගට ආවේය. මා දෙස මහත් ඕනෑකමින් බලා උරහිසට අත තබා මෙසේ කීය. උඹ ගෙදර යන්න එපා අල්තීනායි , උමට තේරුනා ද ? ’’ බියගත් මම ගල් ගැසුනෙමි. නැන්දා කරන්ට යන දේ වැටහුනේ මේ දැන්ය. ‘‘මම උඹ වෙන්වෙට වග කියන්නම් ,’’ දැනට උඹ අපේ ගෙදර නැවතියන් . මට නොපෙනෙන තරම් ඈත යන්න එපා.’’ අසාධාරණයට එරෙහිව ඕනෑම මොහොතක දුයිෂෙන් නැගී සිටියේය. එසේ නැගී සිටිමේදී රණකාමීත්වය අවශ්‍ය තැනිවලදී ප‍්‍රදර්ශනය කිරිමට ඔහු පසුබට නොවීය. අල්තීනායි පැහැරගෙන යාමට පැමිණි අවස්ථාවේදි දුයිෂේන් ඔවුන් සමග සටන් කළේය. පසුව යුද්ධය ආරම්භ වූ විට ඔහු යුද්ධයට බැදීමට ගියේ ඔහු තුළ පැවැති රණකාමිත්වය කරණකෙට ගෙනය. ‘‘තොගේ ස්කොලේ යකාට ගියාදෙන් ’’කී රතු මුහුණා අත තිබූ කසය උලූක්කරගෙන ඉදිරියට ආවේය. ඔහුට වඩා කඩිසර වූ දුයිෂෙන් සැනෙකින් පයක් ඔසවා රතු මුහුණාගේ යටි බඩට පහරක් ගැසීය. ‘‘මගේ අම්මෝ’’ යැයි මොරගාමින් රතු මුහුණා ඇද වැටුණේය. එවිට තොමරයක් අතින් ගෙන සිටි සහචරයෝ දෙදෙනා වේගයෙන් ඉදිරියට පැන දුයිෂෙන්ට පහර පිට පහර දුන්හ...’’ ‘‘දුයිෂෙන් හදුනනව ද? එයා ස්කොලේ ඉගැන්නුවා... ’’ ‘‘දුයිෂෙන්ව ද ? එයා යුද්ද හමුදාවට බැ`දිලා පෙරමුණට ගියා ... එයා යුද්ද කාරියාලයට ගියේ මගේ කරත්තෙන් තමයි... ’’ දුයිෂෙන් අල්තීනායිට ආදරය කළද එය ඔහුගේ සිත තුළම තබා ගත්තේ එය ප‍්‍රකාශ කිරීමෙන් අල්තීනායිගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට බාධා වේයැයි ඔහු කල්පනා කළ බැවිනි.කිසිදු අවස්තාවක එහු ආදරය එළිපිට ප‍්‍රකාශ නොකළේ මෙම හේතුව නිසාවෙනි. නගරයට අල්තීනායි ඉගෙන ගැනීමට යන අවස්ථාවේදී දුම්රිය පිටවීමට සුදානම්වන අවස්ථාවේ දී ඔහු එය ප‍්‍රකාශ කිරීමට උත්සාහ ගත් බවක් දැකිය හැකි වුවත් එහිදීද ඔහුට එය ප‍්‍රකාශ කිරිමට නොහැකි විය.අල්තීනායි විනාශ කළ පසු ඇය මුදාගත් දුයිෂෙන් ඇයට ආදරය ප‍්‍රකාශ නොකරනුයේ ඇයගේ අධ්‍යාපනය ගැන සිතාය. ‘‘අල්තීනායි , නුඹ බය වෙන්ට එපා.අපි විසදුමක් සොයා ගනිමු .’’ යි අයිලයට එන ගමන් දුයිෂෙන් කීවේය. ‘‘අනිද්දාට මම ප‍්‍රාදේශීය කාර්යාලයට ගිහින් නුඹ ගැන කියන්නම්. සමහර විට වැඩිදුර ඉගෙන ගැනීම ස`දහා නුඹව නගරයට යවන්ට අවසර ලබා ගන්ට පුලූවන් වේවි.නුඹ එහි යන්ට කැමැතිද ? ’’ ‘‘ස්කොලේ මහත්තයා කියන හැටියට වැඩ කරන්ට මම සුදානම්...’’ මෙම කරුණු විමසා බැලීමේදි පැහැදිලි වන්නේ රුසියානු නවකතාවල ප‍්‍රධාන චරිතය බොධිසත්ව ගුණෝපේත කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය යථාර්ථ කලයේ ජීවත්වන්නෙකු බව මනාව පැහැදිලි වේ. සැබෑ මිනිසෙකුගේ කථාවක් සැබැ මිනිසෙකුගේ කථාවක් නව කතාව රුසියානු පුවත්පත් කලා වේදියෙකු වන බරිස් පලෙවොයි විසින් රචනා කරන ලද්දකි. මෙම නව කතාව 1940 දශකයේ දෙවන ලෝක යුද්දය පැවැති සමයේ සිදුවු සැබැ සිදුවීමක් වස්තු විෂය වී ඇත. මෙහි කතුවරයා මෙහි වීරයාගේ සැබැ චරිතයේ නම් සුළුවට ද අනෙක් නම් වෙනස් කරමින් බොහෝ දුරට සැබැ සිදුවීමට ආසන්න වන සේ රචනා කර ඇත. විශේෂයෙන්ම 1943 දී ගිම්හාන සමයේ එක් සැදැ යාමයක මෙහි කතුවරයාට අලෙක්සෙයි මරේසියෙවි හමුවි රාත‍්‍රීය පුරාවට ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් දැක්වු අදහස් පසුව කතුවරයා නව කතාවකට නගා ඇත. මෙම නව කතාවේහිද පුර්වයෙනි දැක්වූ ගුරු ගීතයෙහි මෙන් වීරයාගේ චරිත ලක්‍ෂණ දැකිය හැක. එනම් මෙහි වීරයාද කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය තලයෙහි ජීව්ත් වන වීරයෙකු බවයි. මීට දැක්විය හැකි ප‍්‍රධාන කරුණ නම් මෙහි වීරයා හා මෙහි වස්තු විෂය සත්‍ය සිදුවීමක් වීමයි. මෙහි කතුවරයා දක්වා ඇති ආකාරයට සිදුවු දේට බොහෝ දුරට සමීප වන ආකාරයට එහි ඡුායාවක් ලැබෙන සේ මෙය නිර්මාණය කර ඇති බවයි. සම නිසා මෙහි වීරයා සැබැ ලොව සාමාන්‍ය තලයේ ජීවත් වන වීරයෙකි.කතුවරයා එය දක්වන්නේ මෙසේය. ‘‘එදා මෙරෙස්යෙව් මට කී දේවලින් බොහෝමයක් අමතක වී ඇත.අවුරුදු හතරක් ඇවෑමෙන් සමහර කරුණු අමතක වී ඇත.නිරහංකාර මෙරෙස්යෙව් තම ජීවන තතු වලින් බොහොමයක් හෙළි නොකළේය .මේ නිසා මනැසින් අඩු තැන් පිරවීමට මට සිදු විය.අලෙක්සෙයි චමත්කාරී ලෙස තම සගයින් ගැන කළ විස්තර මට අමතක විය.සැබෑ වීරයාගේ නම මම යම්තමින් වෙනස් කළෙමි....’’ නව කතාව වනාහි සත්‍ය සිදුවීමක් හො යමෙකුගේ චරිතයක් ඒ ආකාරයෙන්ම දැක්වීමක් නොවේ. එසේ චරිතයක් ඒ ආකාරයෙන්ම දැක්වීමක් චරිතාපදානයක් වේ.නමුදු යම් නව කතාවට සැබැ තොරතුරු බොහෝ දුරට ඇතුළත් විට හැක. සැබෑ මිනිසෙකුගේ කතාවක් යන නව කතාවෙහි ප‍්‍රධාන චරිතය වන අලෙක්සෙයි යුද්ධයේදී කරන සටනක් පිළිබ`දව මුල් කොටසේදී හමුවේ පසුව ඔහු සතුරු යානයක ප‍්‍රහාරයෙන් හානි වු තම යානය කරණකොටගෙන වනයට ඇද වැටුනේය. එහිදි ඔහු වැටෙනුයේ විිශාල ගසක් කඩාගෙන ය. සිහිසුන් වීමෙන් පසු සිහිය ලැබුණු කළ තමා පත් වී ඇති ඉරණම ඔහු මනාව අවබෝධ කර ගත්තේය. එහිිදි ඔහුගේ දෙපා බිදි තම පාලනයට ගැනීමට නොහැකි පරිදි පැවැතියේය. නමුදු ඔහුගේ වීර්යය කිසිලෙසකින් අඩුවූයේ නැත.එය සැබැ වීරයෙකුගේ ප‍්‍රධාන ලක්‍ෂණ්‍යක් වෙයි. ඔහුගේ මෙම වීර්යය කෘතිය පුරා දැකිය හැක්කකි.එය කාල්පනික වීරයෙකුගේ ලක්‍ෂණයකට වඩා සාමාන්‍ය තලයේ ජීවත්වන සැබැ වීරයෙකුගේ ලක්‍ෂණයක් වේ.අනතුරට ලක්වඋ මොහොතේ ඔහුගේ සිහියට නැගුණේ සිරකරුවෙකු වීමට වැළැකිමයි. ‘‘මා ජිවතුන් අතරය ’’ යන හැගීම ෂහු සිත පුරා පැතිර ගියේය. ඔහු නැගී සිටිමට වෙර දරත්ම . ඔහු ළගැති හිම ුයම්කිසියකුගේ පයට පෑගෙන හ`ඩ ඇසිණ.‘‘ජර්මන්නු ’’ වහා නැගිට සිය ආත්මාරක්‍ෂෘව ස`දහා සටන් කළ යුතු යැයි ඔහුට කල්පනා විය. ’’ තම හමුදාවට අයත් කදවුරක් හෝ තම හිතැත්තෙකු සොයා දෙපා වාරු නැතිව ඇවිදීමට ඔහු මුළු ශරීරයේම ශක්තිය ගත්තේය. තම දෑතේ ශක්තියෙන් ගවු ගණනාවක් දින ගණනාවක් පුරා ඔහු ගමන් කළේය. එහිදි ඔහු තුළ පැවැති ධෛර්යය මනාව ප‍්‍රකට වේ. ‘‘එහෙත් පළමුවැනි පියවර දහස කොතරම් අමාරු වීද ? වේදනාව අමතක කර දැමීම් වස් හේ පියවර මනින්නට විය.පළමුවැනි පියවරයන් පන්සිය ගණන් කළ පසු ඔහුට වැරදිණ. වේදනාව හැර අන් කිසිවක් ඔහුට නොදැනේ.එසේ වුවද , මහත් ධෛ්‍ය_යකින් හා අධිෂ්ඨානයකින් යුතුව හෙතෙම පියවර දහසක්ම ඉදිරියට ගමන් කළේය.වාඩි වීමට තරම් ශක්තියක් නැති නිසා මුණින් වැටුණු අලෙක්සෙයි නැවුම් හිම පියලි ලෙව කමින් , ගිනි ගෙන දැවෙන කලෙක මෙන් වේදනාවෙන් පෙළෙන තම නළල හා කංශක හිම මත තබා ගනිමින් විඩා හැරියේය. හිම කැට ස්ඵර්ශය නිසා ඔහු ප‍්‍රීති විය.’’ පුද්ගලයෙකුට ජිවත්විය හැකි පරිදි ශරීර අවයවයක් ෙඡ්දනය කිරීම දරා ගත නොහැකි වේදනාවක් වේ.නමුත් මෙලොව ඇතැම් පුද්ගලයන් එවැන් විපත් දරා ගන්නේ සිතෙහි වු දැඩි ආත්ම ශක්තිය නිසාවෙනි.අලෙක්සෙයිද තමාගේ කකුල් කුණු වී ගිය පසු තම කකුල් දෙක කපා දැමීමට මුලින් අකැමැති වුවද පසුව සිත දැඩි කරගෙන දරා ගත්තේය.එවැනි මානසික හැකියාවක් සාමාන්‍ය තලයේ වීරයෙකුට තිබිය යුතු වේ. ‘‘මගේ දෙපා කොට වෙලා වාගේ.’’ ඔහුගේ මද සිනාව විරිත්තන විට ඇතිවන විකෘතියට සමාන විය. ‘‘කමක් නැහැ . මගේ හොද ළමයො , දැන් ඉතින් පහසුවක් දැනේවි ’’ යැයි කී ක්ලාව්දියා මිහයිලොව්නා ඔහුගේ හිස පිරිමැද්දාය. ‘‘ඔව් පහසුයි. රාත්තල් කීයක් අඩු වුණාද? ’’ ‘‘එහෙම කියන්න එපා මගේ හො`ද ළමයො , ඔපරේෂන් කරන කොට කී දෙනෙක් කෑ ගහනවද ? සමහරුන්ව පටිවලින් බ`දිනව. ඔය ළමය නිකමටවත් කෑ ගැහුවේ නැහැ.යුද්ධය හින්දා වුණු විපතක හැටි.’’ අලෙක්සෙයිගේ දෙපා කපා දැමීමෙන් අනතුරුව ඔහු කෘතීම දෙප ඇතිව ඇවිදීමට පුරුදු වූයේ දැඞී වීර්යයකිනි. ඕනෑම මනිසෙකුට එවැනි දෙයක් කිරීමට විශාල කැපකිරීමක් කළ යුතු වේ. නමුත් මෙහිදි මෙම වීරයාගේ විශේෂත්වය වන්නේ ඔහු දැඩි අදිටනින් දිනපතා ඇවිදින කාලය වැඩිකළේ ගතට දැනෙන වේදනාව පිළිබ`ද නොසළකමිනි. පසුව දෙපයට ව්‍යායාම පවා කළේ ඔහුගේ ඉලක්කය වු ගුවන් නියමුවෙකු වීමයි. සාමාන්‍ය නියමුවෙකු නොව ප‍්‍රහාරක අහස් යානා නියමුවෙකු වීමටයි. එම ඉලක්කයට යාමට ව්‍යායාම කිරීමේදි ඔහුට වේදනාව දරාගැනීමට අපහසු වී දෙතොල් සපාකෑම නිසා දෙතොල්වලින් ලේ රසය පවා ඇතිවිය. මෙසේ කළ හැක්කේ වීරයෙකුට ඔහු සාමාන්‍ය තලයේ වූ අසාමාන්‍ය වීරයෙක් වේ. නමුදු ඔහු කාල්පනික වීරයෙකු නොවේ. අලෙක්සෙයි තම බොරු කකුල්වලින් හොදින් ඇවිදීම පමණක් නොව නැටීම පවා ප‍්‍රගුණ කළේය.පසුව ඔහු ඉතා දුෂ්කරව ගුවන්යානා පැදවීමට තොරන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට පැමිණි අතර එහිදි විනිශ්චය මණ්ඩලයේ හාස්‍යයට අලෙක්සෙයා ලක් විය.නමුදු වීර්යය අත් නොහළ ඔහු තම රංගනය නැරඹිමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින අතර පසුව තමා පිළිබ`ද තීරණය දෙන්න යැයි කියමින් ඉල්ලීමක් කළ අතර පසුව ඔහුගේ නර්තනයෙන් විශ්මයට පත්වු ඔවුන් අලෙක්සෙයිට ගුවන් යානා පැදවීමට හැකියාවක් ඇතැයි යන්නට පක්‍ෂව සිතන්නට පෙළඹවීය. ගුවන් නියමුවන් පුහුණු කරවන පාසලට යොමු කළ අලෙක්සෙයි පළමුව ගවන් යානාවක් පදවා පසුව ඔහුගේ තුරුවරයා අලෙක්සෙයිට සැබැ දෙපා නොමැති බව දැකීමෙන් විශ්මයට පත් වී එවැනි දෙයක් කළ පළමුවැන්නා ලෙස ඔහු පිළිබද පැහැදුණේය. කලින් මෙම විඛ‍්‍රමය සැබෑ ලෙසම කළ ඇත්තේ එක් පයක් අහිමී වුවෙකි. ඔහු වීරයෙකු නම් අලෙක්සෙයි සැබෑ වීරයෙකු වන්නේය. පසුව ඉතා හොදින් ගුවන් නියමුවෙකු ලෙස පුහුණු වු අලෙක්සෙයි යුද්ධයේදී නවීන ප‍්‍රහාරක යනා නියමුවෙකු ලෙස සටන් බිමට පිවිසී අතර එහිදි ඔහු සතුරු යානා ගණනාවක් ඉතා දක්‍ෂ ලෙස විනාශ කළේ ඔහු තුළ පැවැති වීරත්වය නිසාවෙනි. සම වීරත්වය ලොව පැවැතිය හැකි සාමාන්‍ය තලයෙහි කලාතුරකින් දැකිය හැකි වීරත්වයක් වේ. සාමාන්‍ය සමාජයේ මිනිසකු තුළ ලෙන්ගතු කම අවශ්‍ය අවස්ථාවේදී පැවැතිය යුතුය. අලෙක්සෙයි තුළද ගෙන්ගතු කම අවසශ්‍ය අවස්ථාවේදී දැකිය හැක.යම් පුද්ගලයෙක් හිතවත් බවින් හො මිත‍්‍රශීල බවින් තවත් පුද්ගලයෙකු ආශ‍්‍රය කළ කල්හි ලෙන්ගතුකමක් ඇතිවීම සාමාන්‍ය ස්වභාවයයිමෙම ලක්‍ෂණය අලෙක්සෙයි තුළද දැකිය හැක. දින ගණනාවක් කෘතියේ මුලින් එන ගුවන් යානාව කඩා වැටීමෙන් පසුව රොහල් ගත කිරීමෙන් පසුව රොහලේ සිටි සියලූ දෙනා සමග හිතවත් බවින් හා ලෙන්ගතුබවින් කල් යෑවු අතර රෝහලින් එක් එක් මිතුරන් පිටත් වීමේදී මහුගේ හදවත ලෙන්ගතු කමින් පිරී පැවැතින.කුකුෂ්කින් සුවය ලැබ රෝහලින් පිටත්වන අවස්ථාවේදී මෙවැනි වදන් අලෙක්සෙයිගේ මුවින් පිටවූයේ නිතැතිනි. ‘‘උඹව පිළිගන්න හැටි , වැඩ පටන් ගන්න හැටි දන්වා ලියුමක් ලියපන් ’’ යැයි අලෙක්සේයි කීවේය. සාමාන්‍ය පුද්ගලයෙකුට දුක වේදනාව දැනීම සාමාන්‍ය ස්වභාවයයි. අලෙක්සෙයිටද දුක දැනිය යුතු අවස්ථාවලදී දුක දැනුනේය. ඔහුගේ දෙපා කපා දැමීමෙන් පසු ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වූවේය. සාමාන්‍ය මිනිසෙකුට එවැන්ි අවස්ථාවකදී මානසික පීඩනයකට වේදනාවකට ගක් නොවන්නේ නම් එය පුදුම විය යුත්තකි. දෙපා අහිමීවීමත් සමග අලේක්සෙයි ඔහු වෙනම ලොවක නැවැතුණේය. ‘‘සැත්කමින් පසු අලෙක්සෙයි මෙරෙස්යෙව් අතිශය භයානක මානසික පීඩනයකට මුහුණ පෑවේය. ඔහු දුක් ගැනවිලි ඉදිරිපත් නොකළේය , නොහැඩුවේය , නොසන්සුන් නොවීය .ඔහු තමාගේම ලොවකට වැද සැ`ගවුණේය.’’ මෙසේ මානසික පීඩනය ලක්වූ අලෙක්සෙයි හට නැවැත බලාපොරොත්තු හා ධෛර්යය ලබාදුන්නේ රෝහලේ නැවැතී ප‍්‍රතිකාර ගනිමින් සිටි කොමිසාර් විසිනි. ඉච්ඡුාභංගත්වයෙන් සිටි අලෙක්සෙයිගේ පෞරුෂත්වය කම ක‍්‍රමයෙන් සකස් කරනුයේ කොමිාසාර් ඇතුළු ඔහුගේ යහළුවන් විසිනි. ස`ගරාවක තිබු එක් පයක් අහිමි වූවෙකු විසින් පදවන ලද ගුවන් යානා පිළිබ`ද ලිපියක් කොමිසාර් විසින් අලෙක්සෙයිට දී ඔහු දිරි ගැන්වීය. ක‍්‍රම ක‍්‍රමයෙන් ඔහුගේ බිදවැටුණු මානසිකත්වය ගොඩ නංවන ලදී. මෙම ලක්‍ෂණය සාමාන්‍ය තලයෙහි වු මිනිසෙකුගේ මානසිකත්වයට සමාන්තර වු ලක්‍ෂණයක් වේි. ග්වොදෙස් රොහලින් පිටවන විට ලිපි මගින් පෙම් කළ ඔහුගේ ආදරවන්තිය පැමිණිමට නියමිත වී තිබුණි. ඒවන විට යුද්ධයෙදී මුහුණ පිළිස්සුණු බැවින දැන් ඔහුගේ මුහුණ අවලස්සන වේ. අලෙක්සෙයිගේ පෙම්වතිවද ඔහු අසබාගාත වූ බව නොදනී. එම නිසා ඔහු දැකීමෙන් ඇය ඔහු ප‍්‍රතික්‍ෂෙප කරනු ඇතැයි අලෙක්සෙයි සීතිය . එම නිසා ග්වොස්දෙව්ගේ නොදුටු පෙම්වතිය හා ග්වොස්දෙව්ගේ හමුවීම අලෙක්සෙයිටද වැදගත් විය. ග්වොස්දෙව්ගේ පෙම්වතිය වු අන්යූටා පැමිණ ග්වොසදෙව්ගේ අතක් අල්ලාගෙන ගියේ චකිතයකින් හා පලායාමට නොහැකි නිසා යැයි දුටු අලෙක්සෙයිගේ හදවත කම්පා විය. අලෙක්සෙයිගේ පෙම්වතිය වන ඕල්ගා ද ඔහු ප‍්‍රතික්‍ෂේප කරනු ඇතැයි ඔහු සීතිය. මෙසේ විවිධ අවස්ථාවන්ට අනුව මානසික විපර්යාසයකට ලක් වන්නේ සාමාන්‍ය මිනිසෙකුගේය. ඒ අනුව පැහැදිලි වන්නේ අලෙක්සෙයි යනු කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය තලයේ ජීවත්වන වීරයෙකු බවයි.

කාව්‍ය නැමැති සාහිත්‍යාංගය හා එහි සමාජීය අවශ්‍යතාව

කාව්‍ය නැමැති සාහිත්‍යාංගය හා එහි සමාජීය අවශ්‍යතාව භාෂාව මාධ්‍යය කරගෙන කරනු ලබන නිර්මාණයක් ලෙස සාහිත්‍යය හැදින්විය හැක. සහිතවත් බව ‘‘සහිතස්‍ය භාවො සාහිත්‍යං’’ සාහිත්‍ය නම් වේ. කලාව තුළට සාහිත්‍යය ගැනෙන අතර එහි ඇති අනෙක් කලාවන්ගෙන් සාහිත්‍යය වෙනස් වන්නේ එහි මාධ්‍ය වු භාෂාව කරණකොටගෙනයි. නාට්‍යයක් සාහිත්‍යයක් නොවන අතර එහි නාට්‍ය පිටපත සාහිත්‍යයට අන්තර් ගත කළ හැක. ‘‘ඔහුන් සාහිත්‍ය ශබ්දය යෙදුවේ 1.එක්වීම 2.කාව්‍යානුසාසනා 3. කාව්‍යය යනාදී අර්ථයන්හිය’’ කවිකණ්ඨාභරණයෙහි‘‘කාව්‍යං විශිෂ්ඨශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති’’යි යනුවෙන්ද,දම්සරණයෙහි ‘‘විවිධෛශ්වය_සාහිත්‍යයෙන්’’ යන්න යෙදුනේ එක් වීම් අර්ථයෙහිය. ‘‘ශබ්දාර්ථයො©ථාවත් සහභාවෙන විද්‍යා සාහිත්‍ය විද්‍යායි ’’ කාව්‍යමීමංසාවෙහි සාහිත්‍ය ශබ්දය කාව්‍යානුශාසනයෙහි යෙදි ඇත. මුලින් අදහස් හුවමාරුව ස`දහා පමණක් භාෂාව භාවිත වු අතර පසුව එය අසන්නවුන් හා බලන්නවුන් තුළ රසයක් ජනනය වන ලෙස රචනා කිරීම තුළින් සාහිත්‍යය බිහි වන්නට ඇත. පද්‍යය හා නව කතා වැනි කලාත්මක වටිනාකමකින් යුතුව කර ඇති රචනා සාහිත්‍ය ලෙසද විග‍්‍රහ වේ. ’‘න ස ශබ්දො න තද් වාච්‍යං න ස න්‍යයො න සා කලා ජායතෙ යත්න කාව්‍යාජගමහො භාරො මහාන් කවේ:’’(භාමහ* භාමහ ප‍්‍රකාශ කරන පරිදි කාව්‍යාඕගයෙහිලා හැම කරුණක්ම හැම ශබ්දයක්ම හැම අර්ථයක්ම හැම න්‍යායක්ම හැම කලාවක්ම ගැනේ. සාහිත්‍යදප_ණයෙහි‘‘සාහිත්‍ය තත්ත්වමඛිල සුඛමෙව චිත්තං ’‘යනුවෙන් දැක්වේ. සාහිත්‍ය නිර්මාණ කරන කවියා වස්තුවිෂයන් ගන්නේ බාහිර පරිසරයෙන් වන අතර රසවත් කර ලිපි ගත කරන්නේ සමාජය ඇසුරෙන් පහළවු අදහස්වේ. ඒ අනුව සාහිත්‍යය තුළින් සමාජයක සිතුම් පැතුම් විදහා දැක්වෙන කැටපතක්යැයිද ස`දහන් කළ හැකියි. ‘‘ජනතාවගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔහුන්ගේ සාහිතය කලා උපකාරී වෙයි.සාහිත්‍යය වූකලි බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි.’’ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මාධ්‍ය කරගෙන මෙම අපූර්ව නිර්මාණයකින් යුතු කෘති රවනා කරන හෙයින් භාෂාව උපයොගි කර ගැනීමේ විධිමත් ස්වාභාවයක් විද්‍යමාන විය යුතුයි. මහාචාර්ය රකේෂ්ගුප්තාිඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්’ නමැති ස්වකීය ආචාර්ය උපධි නිබන්ධනයේ දී කාව්‍ය පිළිබඳ පෙර-අපර දිග නිර්වචන පනහක් දක්වයි. එම නිර්වචන ම`ගින් කාව්‍යයේ ඒ ඒ අංග ලක්ෂණ මතු ව පෙනෙන හෙයින් කාව්‍යය යනු කවරේ දැයි හැඳිනීමට එම නිර්වචන උපනිශ‍්‍රය වේ. සාහිත්‍යය නිශ්චිත දෙයක් නොවේ.කාලයෙන් කාලයට එය වෙනස් වේ. එහි ස්වරූපය හා ප‍්‍රමාණය වැනි කරුණු කාලයෙන් කාලයට වෙනස් වේ. සාහිත්‍යය ගලා යන ග`ගක් වැනිය. එයට අනුව සාහිත්‍යයෙහි වෙනස් වන්නේ සාහිත්‍ය රුචියයි. වත_මානයෙහි විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළව සාහිත්‍ය පිළිබ`දව සාකච්ඡුා කරනු ලැබේ. සාහිත්‍යය ජීවනය පිළිබ`ද විවරණය වේ.කාව්‍යය සමාජ ජීවනය දියුණු කරලිය හැකි මහ`ගු සාධකයකි. කාව්‍යය වශයෙන් ශ‍්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන්ද බෙදේ. එසේම පද්‍ය කාව්‍ය,මහා කාව්‍ය හා ඛණ්ඩ කාව්‍යයැයිද බෙදා ඇත. කාව්‍ය ප‍්‍රධාන වශයෙන් ගද්‍යය හා පද්‍යය වශයෙන්ද කොටස් දෙකකට බෙදේ.ගද්‍යය යනු ‘‘ඡුන්දෝ රහිතං ගද්‍යං’’ ඡුන්දසින් තොරව කරන ලද රචනය ලෙස හදුන්වා දී ඇත.විශ්වනාථ පවසන ආකාරයට ‘‘වෘත්තබන්ධොජ්ක්‍ධිතං ගද්‍යං’’ ලෙසද ගද්‍යය පැහැදිලි කර ඇත සමාජය යනු අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාව මත එකරාශි වු ජන සමුහයක් ලෙස හැදින්විය හැක.සං+ආජ් යනනෙන් සමාජය යන පදය භින්න වු බව සලකන අතර,එහිදි ආජ් යනු ශීඝ‍්‍ර අර්ථයේ මෙන්ම රැුස්වීම යන්නද යෙදේ. මලලසේකර මහතා පවසන්නේ ‘අජ’ යන පදයේ අර්ථය අනුව එළුවා යනුයි.එළුවා ක‍්‍රියාශීලි සතෙකු වන අතර එම පදය මුල් කරගෙන ලතින් ‘ආගෝ’ හා ඉංග‍්‍රිසි ‘ඇක්ටිව්’ යන පද සෑදී ඇත.ඒ අනුව සමාජය යනු ක‍්‍රියාකාරීත්‍වය සළකුණු කර ඇති ස්වරූප කොට ඇති පිරිසකි. සියළු සාහිත්‍යය සාමාජික ජිවිතයේ හෙවත් ජනකායක් එක්ව විසිමේහි ප‍්‍රතිඵලයකි.සාහිත්‍යය සාමාජික නිර්මාණයකි.සාහිත්‍ය නම් මිනිසාගේ ජිවන කලාව ලෙස හැදින්විය හැකිය.ජීවනය නම් සිතිමයි.සිතීම නම් ක‍්‍රියා කාරීත්‍වයයි.සිතිම මිනිසාගේ ප‍්‍රාණ ධාරය වේ.ප‍්‍රබල දුව_ල සිතුවිලි,උදාර ලාමක අදහස් ,හොද නොහොද ගති පහළ වන්නේ සිතෙහිය.සාහිත්‍යයෙහි ඒ සිතුවිලි වැල පිළිබිඹු වේ.සාහිත්‍යයෙහි මිනිසුන්ගේ දුව_ලකම් දක්නා ලැබේ.ගුණාගුණ මතුවි පෙනේ.අනුකරණයට හුරු වු ග‍්‍රන්‍ථකාරයෝද අතිශයෝක්තිය ප‍්‍රිය කරන කවීහුද විවේචනය අගය කරන ලේඛකයෝද ධාර්මිකත්‍වය ගරු කරන විචාරකයෝද රණකාමීත්‍වයට ලැදි උගත්තුද කාමාතුරවූ රචකයෝද නොඑක්විට සමාජයේ දක්නා ලැබෙති. කවියාද ජීවත්වන්නේ සමාජයෙහිය. ඔහු අත්දැකීම්වලට පාදක කර ගන්නේ සමාජය මුල් කර ගත් දේය. ‘කවියාද අනිත් පුද්ගලයන් මෙන් සමාජයේ කොටසක් හෙයින් ඔහුගේ අදහස්වලින් සමාජයෙහි සැටි පිළිඹිබු කරයි. ’සමාජය වෙනස් වීමත් සමග සාහිත්‍යයද ගතිජ වේ.සමාජයේ ආකල්ප බුද්ධිය,රුචි අරුචිකම් අනුව සාහිත්‍ය වෙනස් වේ. ‘යුද්ධ,අරගල,විපත්,කලබල අවස්ථාවල මිනිසුන්ගේ උසස් පහත් හො`ද නොහො`ද ගති ගුණදෝෂ මතුවි පෙනෙන සැටි ග‍්‍රන්ථවලිත්ද වටහා ගත හැකිය. ’ සමාජය අතීතයේ සිට ක‍්‍රමානූකූලව වෙනස්ව ගිය ආකාරය සාහිත්‍ය කෘති තුළින් මනාව දැකිය හැකිය.සාහිත්‍ය සමාජ සිද්ධි පාදක කරගනිමින් පාඨකයාට රසාස්වාදනයක් ලබාදෙන අතර දැනුමක් මෙන්ම ජීවිත ඥානයකුත් ලබාදේ.එයින් උපදෙස් දෙන්නේ ඉතා මනහර ලෙසය. ‘කාන්තාවක් උපදෙස් දෙන්නාක් මෙන් කවියා උපදේශනය දැනවිය යුතුයැයි ‘‘මම්මට’’ පැවසීය.යමක් බලෙන් උගන්වාලීම ලේඛකයෙකුගේ කාර්යයක් නොවේ.’’ මේ අනුව පැහැදිලි වන්නේ සාහිත්‍ය හා සමාජය අතර පවතින අන්‍යොන්‍ය ප‍්‍රතිබද්ධතාවයි. අනුරාධපුර යුගයේ කාව්‍යය බොහෝ සමීප වී හා ජනප‍්‍රිය වී පැවැතී ඇත. එම යුගයේ දැමිය,බැබිරිය,දළ බිසෝය,දළගොත් කුමරුය,දළ-සල කුමරු,කිත්සිරි කසුබ් ඈපා,සූරීය බාහු වැනි දෙළොස් මහ කවීන් වූ බව කියැවේ. එසේම අභාසළමෙවන් වැනි රජවරුන් සාහිත්‍යකරණයෙහි නියැලී ඇත.මේ අනුව ජනතාව හා පාලකයන් විවේකය කලාව වින්්දනය සදහා යොමු වු අයුරු පැහැදිලි වේ.පස්වන කසුප් මහ රජතුමා පාලි ධම්මපදට්ඨ කථාවට ගැටපදයක් ලෙසින් ධම්පියා අටුවා ගැටපදය රචනාකර ඇත.මෙයින් පාලි භාෂාවෙන් කළ ග‍්‍රන්ථයන්ට සමාජයේ පැවැති අවධානය මනාව පැහැදිලි වේ.ප‍්‍රාචීන භාෂාවන් පිළිබද දැනුම බහුල වු ජනයා සිටි බව මෙයින් ස්ඵුට වේ.පාලි ප‍්‍රාතිමෝක්‍ෂය අරමුණු කරගෙන සිඛවළද හා සිඛවළද විනිස රචනා කර ඇත.මෙරටට නොගැලපෙන විනය නය ඊට ඇතුළත්වීම නැත.සමාජයේ බොහෝ සමාජ චර්යාවන් මෙයින් නීරූපණය වේ. මෙයට පසුව මහා බෝධි වංශ ගැට පදය හා ජාතක අටුවා ගැට පදය රචනා වූ කාලය තුළ සමාජය බොහෝ ධාර්මික වූ බව පැහැදිලි වේ,ධම_ ග‍්‍රන්‍ථ අධ්‍යනයට බහුල වශයෙන් පෙළඹුණු බව පැහැදිලි වේ.රජවරුන්ද පාලි පොත්වලට,අටුවාවලට ගැට පද කරීමෙන් සාහිත්‍ය හා ආගම සමග පැවැති දැඩි සම්බන්ධතාවක් මෙම යුගයේදි පැවැති බව පෙනේ.රජවරුන් පවා ඉතා විවේක බුද්ධියෙන් සිටි අතර දේශපාලන ස්ථාවරභාවයක් එකල පැවැති බව පැහැදිලිවේ. ‘‘මෙයින් පැහැදිලි වන්නේ තත් කාලීන සමාජය මනුෂ්‍යයාගේ ශිෂ්ඨත්වය ආරක්‍ෂා කිරීමෙහිලා උපකාරී වන සුචරිත ධම_ කරුණුම ප‍්‍රිය කළ බවයි.’’ එකල සාමාජීය අදහස් තුළින් කවියන්ගේ පරමාථ_ පවා යහ මගෙහි යෙදවු බව පෙනේ.පොළොන්නරු යුගයේදී ගද්‍ය සාහිත්‍ය සදහා සංස්කෘත භාෂාවේ අභාසය තදින් බලපා තිබේ.කවීහු සංස්කෘත රීතිය අනුගමනය කිරීමට පෙළඹි ඇත. මෙම යුගයේ පාලි සාහිත්‍යයද ඉතාමත් දියුණු අවධියක පැවතුණි.සිංහල සාහිත්‍යයේ විශිෂ්ඨ ග‍්‍රන්‍ථයක් ලෙස අමාවතුර හැදින්විය හැක.පෙළෙහි එන කථා මෙහිදි ආශ්‍රේය වුවත් මෙම කාව්‍ය නිර්මාණය තුළ මෙරට සමාජය හා සංස්කෘතිය පිළිබිඔු වේ. ‘‘නිර්මාණය හා සංස්කෘතිය අතර පවතින්නේ නොබෙදිය හැකි සුසංයොගයකි.අසවල් නිර්මාණය අපට සමීපය කියන්නේ, එහි එන්නේ අපගේම ජීවිතයෙහි ජවනිකාවන්ය,හෘදය ස්ඵන්දනයය’’ උසස් සාහිත්‍යක් දේශීය ලක්‍ෂණවලින් මෙන්ම විශ්වීය වශයෙන්ද සාව_ත‍්‍ර ගුණයෙන් ආදරණීය විය යුතුය. අමාවතුරෙහි එන අංගුලිමාල කතාවේ අහිංසක කුමරු චණ්ඩ පුරුෂයෙකු බවට පත්වන්නේ සමාජයේම වරදින් බව ගුරුළුගෝමී පෙන්වා දෙයි. ‘‘හේ වියපත් කල්හි මව්පියෝ ශිල්ප උගන්නට තක්සලා නුවරට යවූහ.හේ ධම_ාන්තේවාසික වැ ශිල්ප උගන්න.වන් සපතැ කී කී දැයක් වහා සපයයි.මන වඩන නියායෙන් හැසිරේ.පෙම් වචන නියායෙන් බෙනෙයි.’’ මෙම ගද්‍යය සමාජයෙහි නොවියත් හුදීජනයන් සදහා රචනා කර ඇත.මිනිසා සමාජානුයෝජනය වීමේදි සමාජයෙන් ලබා ගන්නා සේම සාහිත්‍යයෙන්ද බොහෝදේ ලබා ගනියි.සාහිත්‍යක් මගින් සමාජයට බහුශ‍්‍රැතබව ලබාදෙන බවට මෙය නිදර්ශනයකි. සමාජයේ අභිමතාර්ථ හා අපේක්‍ෂාවන් සාහිත්‍යයෙන් පිළිබිඹු වේ.චොළ,පාණ්ඩ්‍ය, මාඝ වැනි ආක‍්‍රමණ හා හින්දු දහම මෙහි ව්‍යාප්තිය තූළ දෙවියන් මානුෂීය ගතිගුණ ඉක්මවු උත්තරීතර ගුණ ඇති උත්තමයන් යන මතය සමාජයේ පැවතුණි.මේ කරුණ නිසා බුදු හිමියන් දෙවියන්ට වඩා උසස් බව පෙන්වීමට භක්ති කාව්‍ය රචනා විය. බුත් සරණ එයට දෙස් දේ.මෙයට සමකාලීන පැවැති මහායාන අදහස්ද හේතු වී ඇත.සංස්කෘත ගීත ගෝවින්දය මෙයට සමකාලීනව රචනා වී ඇත.සංස්කෘත භක්ති කාව්‍ය වේද යුගය දක්වා දිවයයි.සාහිත්‍යකරුවාට කාලීන ඇගයුම් පදනම්කරගෙන නිර්මාණ බිහි කරන්නට සිදුවේ.එම නිසා සාහිත්‍ය සමාජ අධ්‍යනයට මුලාශ‍්‍රයක් වේ. බුද්ධපුත‍්‍ර හිමියන් පූජාවලිය රචනා කිරීමෙන් පසු ජනතාව මෙන්ම දෙවන පැරකුම්බාවන් බොහෝ ප‍්‍රීතියට පැමිණ තිබේ. සමාජය මෙවැනි ග‍්‍රන්‍ථ රචනය නිතැතින් බලාපොරොත්තු වු බව මෙම කරුණින් ස්ඵුට වේ. .පූජාවලියෙන් මතුකර පෙන්වන්නේ මහායානයෙහි ප‍්‍රධාන ඉගැන්වීමක් වන බොධි සත්වායනය බව එය ලිවී ආ රචනා ශෛලියෙන් පැහැදිලි වනබව පරණවිතාන මහතා පවසයි. එකල මහායානික අදහස් බහුල වු බැවින් එම අවශ්‍යතාව සදහා මෙය රචනා විය.පූජාවලී කතුවරයා ස්ත‍්‍රී චරිත සම්බන්ධ කථා පුවත් ඉදිරිපත් කරන්නේ ආදර්ශ වනිතාවක පැවතිය යුතු ආකාරය පිළිබ`දව ස්ත‍්‍රී ජනයාගේ දෑස් පාදවමිනි.එසේම ඔහු කාන්තාන්ගේ නිදහස පිළිබ`දව ධනාත්මකව සළකා ඇත .කාන්තාවන්ට බෝහෝවිට පුරුෂයන් හා සම තැන නොලැබිණි. කවීහු සමාජයේ ව්‍යවහාර භාෂාව වෙනස් වීමත් සමග තම ලිඛිත ශෛලියද වෙනස් කරගනිති. ‘‘සම්ප‍්‍රදාය සාහිත්‍ය නැමැති මන්දිරයෙහි පදනම වැන්නයි යට කියන ලදි.එසේම සම්ප‍්‍රදාය මහ ගසක් විනාශ කරන පිළිලයක් වැන්නැයිද කිව හැකිය.බොහෝ සාහිත්‍යන් පිරිහුනේ ක‍්‍රමයෙන් ඇති වී වෙනස් නොවන බවට පත්වූ සම්ප‍්‍රදායන් නිසාය.’’ වර්තමානයේ කථාවක හෝ කාව්‍යයක නායකයා උදාර චරිත ඇත්තෙකු විය යුතු යන්න අත්‍යවශ්‍ය කාරණයක් සේ නොසලකයි. මෙකල ජනයා චරිත නිරූපණයෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් ගති ගුණ පැහැදිලි කිරීමයි. සමාජය වෙනස් වීම නිසා සාහිත්‍ය පරමාථ_යන්ද වෙනස් විය යුතු වේ.ඒ ඒ යුගවලදි වණ_ණා ක‍්‍රම හා රචනා ශෛලියක් වෙනස් වුවද මිනිස් සිත,මානුෂීය ගති ගුණ පිළිබද කරන ලද විවේචන හෝ වණ_ණාවල අගය සැමදා පැවතීම නිසැකය. බටහිර ඇතැම් විවේචකයන් කාව්‍යයයන් කෙරෙහි විවිධ විවේචන ඉදිරිපත් කර ඇත. ඒ අතර ස්ටීවන් ගෝසන් කවියට එදිරිව විවේචන හතරක් ගෙන හැර දක්වයි. කවිය වෙනුවෙන් කාලය ගත කිරීම නිෂ්ඵල ය. එසේම කවිය යනු ප‍්‍රලාප ඇද බාන්නකි. කවිය තුළින් නරක ආශාවන් ජනිත කරයි. අනෙක ප්ලේටෝ පවා කවියන් පිටුවහල් කිරීමට නිර්දේශ කර තිබීමයි. අනෙක් සෑම විද්‍යාවකට වඩා කාව්‍ය්‍ය මිනිසාට යහපත කියා දෙයි. කවියා කිසිදිනක බොරු නොකියයි. කුමක් තිබිය යුතුද කුමක් සමාජයේ නොතිබිය යුතුද යන්න කවියා පවසයි. කවියා පවසන දේ සනාථ කිරීමට විශේෂඥ මත ගෙන හැර නොදක්වන්නේ එහි මනුෂ්‍යත්වය පිළිබ`ද සත්‍යය නිරතුරුව පවතින බැවිනි. සම්පිණ්ඩනය සාහිත්‍යය යන්නට බොහෝ අථ_ ප‍්‍රකාශන දක්නට ලැබේ.එය සහිතවත්බව ලෙස සංස්කෘත සාහිත්‍යයේ දක්නට ලැබේ.එය ශබ්ද හා අථ_ යන සුසංයෝගයෙන් ප‍්‍රතිභාපූර්ණ රචනයක් විය යුතුය.සාහිත්‍යය යනු ‘ජීවන විවරණය’ වේ.සාහිත්‍යකරුවා සමාජයේ ජීවත් වන්නෙකි.ඔහු සමාජයේදි මිනිසුන් ර`ගන විවිධ ජවනිකා හා ගුණ සුවද පිළිබද සවිඤ්ඤාණිකය.ඔහු සාහිත්‍ය සදහා සමාජ අත්දැකීම් පාදක කරගනි.යම් නිර්මාණ සාහිත්‍යක් ස්වකීය සංස්කෘතිය සමග බද්ධව පවති.නමුදු ඒ තුළ දිවෙන ජීවන දර්ශනයක්ද මානවීය ගුණාංග සාව_ත‍්‍ර ලෙස දකින්නට ලැබෙන හෙයින් සෑම පුද්ගලයෙකුගේම මනෝ රඤ්ජනය කරයි.කවියාට අදාළවන ප‍්‍රස්තූතය සුඛාන්ත හෝ දුකඛාන්ත වුවත් එය රසය මුසු කර නිර්මාණශීලීව ප‍්‍රකාශ කරයි.එයින් ජීවිතයෙන් පලායාමට අනුබලයක් නොදෙයි. කවිය යන්න විමසීමේදී එය මුලින්ම යොදා ඇත්තේ යාතු කර්ම වැනි ආගමික කාර්යයන් විෂයෙහිය. එ මගින් ලෙඩ රෝග සුව කිරීම වැනි කායික හා මානසික සුව සහනය ලබා ඇත.උපදේශාත්මක කවි සදාචාරාත්මක පණිවිඩ ලබා දෙන කවි බවට සමාජ සංකීර්ණතාව නිසා පත් වී ඇත.කවිය මලින් ආනන්දය ලබා දෙන අතර අන් කිසි මාධ්‍යයකින් කළ නොහැකි දෙයක් තම ජාතියට හා ජනතාවට කවිය මලින් ලබා දිය හැකියි. එය වෙන බසකට පෙරළීමේදි එය මුලූමනින්ම ලද නොහැකිය. කාව්‍යය තුළින් සංවේදනා හැගීම් වලට අමතරව බුද්ධිමය ගුණයන්ද ඒ තුළ අඩංගු වේ. කාව්‍යය සමාජයේ සමාජිකයන්ගේ ජීවිතවල වෙනසක් මෙන්ම මිනිසුන්ගේ චින්තනයේ වෙනසක් ඇති කරන අතර එය මුළු මහත් සමාජයටම විහිදී යයි. එසේම කාව්‍යය මගින් එක්තරා ප‍්‍රමාණයකට බස සංරක්‍ෂණය කිරීමක් සිදුවන අතර එහි පැරණි ශ‍්‍රි විභුතිය හා සුන්දරත්වය මතු කළ හැකි වේ. ඇතැම් විට එම ශි‍්‍ර විභුතිය විදේශීය රටවල් කරාද ගෙන යා හැක. සාහිත්‍යයට වස්තු විෂය වන්නේ සමාජ ප‍්‍රස්තූතයන්ය.එසේම සාහිත්‍යය සමාජය අරමුණු කරගෙන රචනා කරයි.සමාජයේ අභිමතාථ_ හා අපේක්‍ෂාවන් සාහිත්‍යයෙන් පිළිබිඹු වේ.සාහිත්‍යයට සමාජයත් සමාජයට සාහිත්‍යයත් වඩාත් ගතිජ ස්වභාවයකින් යුතුවේ.එසේම අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවකින්ද යුතු වේ.සිරිත් විරිත් ඇතුළු සමාජ විඤ්ඤාණය සාහිත්‍යයෙන් පිළිබිඹු වේ. බුදු දහම මෙරට පැමිණීමත් සමග මෙරට සමාජය වෙනස් විය.එම නිසාම බුදුදහම මුල්කරගත්, ආගමට බොහෝ සේ නැඹුරු වූ ජීවිත වේ.මුලින් පැවැති හෙළටුවා නැවැත පාලියට පෙරළීමත් එම පාලි ග‍්‍රන්ථවලට පරිකථා හා පෙළ ආශ‍්‍රය කරගෙන සිංහල සාහිත්‍ය නිර්මාණ බිහි වී ඇත.ධම්පියා අටුවා ගැටපදය,සිඛවළද හා සිඛවළද විනිස,මහාබෝධි වංස ගැටපදය,ජාතක අටුවා ගැටපදය,ව්ශුද්ධි මාග_ මහාසන්නස වැනි ග‍්‍රන්ථ පූර්වතර වේ.ඇතැම් රජවරුන්ද ග‍්‍රන්ථ කරණයෙහි නිරත වීමෙන් පැහැදිලි වන්නේ එකල පැවැති වීවේකී සමාජ පරිසරයයි.පොළොනනරු යුගයේදි සංස්කෘත සාහිත්‍යයේ බලපැම වැඩි වීමත් මහායාන බලපෑමත් ඇති විය, විදේශීය ආක‍්‍රමණ හා හින්දු ආගමේ බලපැම තුළ මෙකල රචනා ශෛලිය,වස්තු විෂයවෙනස් වූයේ සමාජීය අවශ්‍යතාව කරණකොට ගෙනය..භක්ති කාව්‍ය බිහි විය.එහි මෙරට සමාජය, සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් රචනා වී ඇත.බුත් සරණ,දහම් සරණ,ස`ග සරණ වැනි ග‍්‍රන්‍ථ පූවෙ_ා්ක්ත ලක්‍ෂණ නීරූපණය වන සේ රචනා වී ඇත. කාව්‍ය තුළින් ජිවිතයෙන් පලායාමට මග නොසලයසි. කාව්‍ය තුළින් ජිවිතය පිළිබ`ද ගැඹුරු දර්ශනයක් සමග වින්දනයක් , යම් ආශ්වාදයක්, සිත් සතුටු කිරීමක් ඇති වේ. කාව්‍ය තුළින් පහත් හැගිම් ඇවිස්සීමක් නොකරයි. එම නිසා කාව්‍යන් තුළින් සමාජ ගැටුම් ඇති නොවේ. ලත්දිව විවිධ ජනවර්ග සාහිත්‍ය දියුණු කල ඉතා සමගියෙන් විසු බවට සාක්‍ෂි අතීතයේ බහුල වේ. ආර්ථික සමෘද්ධියත් සමග මිනිසුන්ගේ විවේකය අර්ථවත් ලෙස ගත කිරීමට සාහිත්‍ය අනිවාර්ය වේ. ඇතැම්විට කාව්‍ය ආගමික වශයෙන් දියුණු වූයේ මිනිසා තුළ පැවැති අසීමිත ආගමික හැගීම් කරණකොට ගෙනය. ආගමික වශයෙන් පැරණි යුගයන්හි ලබා තිබු දියුණුව හා එහි තවත් වර්ධනය බලාපොරොතතු වු අතර කාව්‍ය තුළින් ද එම වර්ධනය දෙගුණ තෙගුණ කරීමට හේතු වී ඇත. පෙදෙන් බුදු සිරිත වශයෙන් යම් යම් රීති කාවියන්ට ඇති වූයේ සාමාජීය බලපෑම කරණකොට ගෙනය. ඩාවින්ගේ පරිණාම වාදය හා කාර්මික විප්ලවය හා විද්‍යාත්මක දියුණුව මගින් සාහිත්‍යයේද විවිධ වෙනස්කම් ඇති විය. මිනිසුන් ආගමින් යම් තරමක් දුරට ඇත් වු බවක් පෙනුනද සාහිත්‍ය විවිධ ක්‍ෂෙත‍්‍ර කරා යොමු විය. සමාජ අසාධාරණය , පන්ති භේදය හා යථාර්ථවාදය වැනි විවිධ කරණු පිළිබ`ද අවධානය දැඩිව යොමු වූයේ සාමාජීය අවශ්‍යතාව කරණකොට ගෙනය. මින්සුන් බුද්ධිමතුන් වීමේදි සාහිත්‍ය තුළින් යථාර්ථවාදී නිර්මාණ කළේ ඒවා කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඇතැම් රටවල දේශපාලන තත්ත්වයට උචිත වන පරිදි සමාජවාදය පිළිබිඹු වන ආකාරයට කාව්‍ය සදහා විචාර බිහි කළේය. විශේෂයෙන් සොවියට් රුසියාවේ ඇතිවූ සමාජ විප්ලවයෙන් පසු සමාජවාදය ඉස්මතු කරන ප‍්‍රධාන අඕගයක් ලෙස සාහිත්‍ය හැදින්විය හැක. කවියෙකු කාව්‍යයක් සදහා උපයෝගි කර ගන්නේ සමාජීය අංග බව ඔවුන් සදහන් කරයි. සාහිත්‍ය තුළින් සමාජ යහපත ඇති කළ යුතු බව ඔවුන් පවසයි. ඒ අනුව විමසන කලද පෙනී යන්නේ සාහිත්‍ය යනු දැඩි සාමාජීය අවශ්‍යතාවක් යන්නයි. සාහිත්‍යයෙහි පරමාර්ථ පිළිබ`ද විමසන කල පැහැදිලි වන්නේ සාහිත්‍ය සාමාජීය අවශ්‍යතාවක් බවයි. ඒ අතර සාහිත්‍යය ජීවනය සදහාය, ජීවනයේ දුක් කම්කටොලූවලින් මිදීම සදහාය , සේවනය සදහාය, ආත්මානුභූතිය සදහාය, ප‍්‍රීතිය සදහාය, විනෝදය සදහාය වැනි කරුණු පිළබද විමසීමේදීද පැහැදිලි වන්නේ සාහිත්‍යයෙහි සමාජීය අවශ්‍යතාවයි. සාහිත්‍ය තුළින් සමාජයේ කථානොකරන කොන් වු සමාජ පන්ති පුද්ගලයන් පිළිබ`ද කථා කරයි. එ කරණු පිළිබ`ද අවධානය යොමු කරයි. සෑම තරාතිරමකම වු මිනිසුන් තුළ වු පොදු විශ්වීය දුබලකම් හා මනුෂ්‍යත්වය පිළිබිඹු කරයි. එම කරුණු දැන ගැනීමට මිනිසා සහජයෙන් ඇල්මක් දක්වයි. ඊට අනූකූලව එවැනි කරුණු සාහිත්‍ය තුළින් අනාවරණය කරයි. වර්තමානය වන විට මිනිසුන් සාහිත්‍ය තුළින් ඈත් වෙමින් පවතින බව ප‍්‍රකාශ වෙතත් සමාජ යථාර්ථය පිළිබිඹු වන ඇතැම් සාහිත්‍ය කෘති වාරණයට ලක් වන්නේ ඒ තුළින් සමාජයට කෙරෙන විශාල බලපෑමක් ඇති බැවිනි. සමාජයට , සමාජයේ ඇතැම් කොටස්වලට අවබෝධ කරදිය නොහැකි හා සන්නිවේදනය කිරීමට දුෂ්කර කරුණු සාහිත්‍ය තුළින් අවබොධ කරදිය හැක, සන්නිවේදනය කළ හැක. ජපානය තූළ සාහිත්‍ය නිර්මාණ තුළින් සන්නිවේදන කාර්ය ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වේ. මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ මිනිසාගේ මුලික අවශ්‍යතාවන්ට නොදෙවෙනි වන තත්ත්වයට හා සාහිත්‍ය සමාජයට අත්‍යවශ්‍ය වන ප‍්‍රධාන අඕගයක් බවට පත් වී ඇති බවයි. ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය  අනුමොදනා (අනුරාධ සෙනවිරත්වන උපහාර ලිපි සංග‍්‍රහය*,එම් සොමතිලක,එම්.එච්.ඩි ආර් හෙරත් ,එස් ගොඩගේ සහෝදරයෝ,කුලරත්න මාවත ,කොළඹ10  අමාවතුර,ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ සංස්රණය,සමයවර්ධන පොත්හල(පුද්ගලික* සමාගම,61,කොළඔ 10(ප‍්‍රකාශනය*,2004  ආනන්ද කුලසූරිය,සිංහල සාහිත්‍යය,සී/ස(පෞද්*,විසිනුදු ප‍්‍රකාශකයෝ,471,වැව පාර.බොරලැස්ගමුව,1961  දහම්සරණ, (සංස්* කොත්මලේ ධම්මානන්ද, ග‍්‍රන්ථ ප‍්‍රකාශක යන්ත‍්‍රාලය, කොළඹ1929*.  ධම්පියා අටුවා ගැටපදය ,(සංස්* ඞී.ඊ. හෙට්ටිආරච්චි, ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයේ ප‍්‍රකාශන මණ්ඩලය, පේරාදෙණිය, (1974*  ධම_කීර්ති ,සද්ධම_ාලංකාරය,මකුළුදුවේ පියරතන(සංස්*,ඇම්.ඩි ගුණසේන සහ සමාගම,කොළඹ, සිංහල සාහිත්‍ය වංශය,පුංචිබණ්ඩාර සන්නස්ගල,ලේක්හවුස් මුද්‍රණාලය,1961(ප‍්‍ර.මු*  පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, වතුත්තේ පේමානන්ද(සංශෝධිත*,චතුර මුද‍්‍ර ණාලය  පියසීල විජේගුණසිංහ,සාහිත්‍යය භෞතික වාදී අධ්‍යනයක්,සන්නිවේදන පොත් ප‍්‍රකාශකයෝ , සිසිල ,435/3,හිඔුටාන පටුපමග,අංගොඩ ,1982  මහාවංසො,(සංස්* මංගල ඉලංගසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, (2006*.මුද්‍රණාලය,142,අවිස්සාවේල්ල පාර,වැල්ලම්පිටිය,1996  මාර්ටින් වික‍්‍රමසිංහ,සම්ප‍්‍රදාය හා විචාරය,ප්‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාව් පාර,කොළඹ12 ,1971  මිණිමුතුව (විචාරශීලි සංග‍්‍රහය*,ඇම්.ඩි ගුණරත්න සහ සමාගම(මුද්‍රණය*,1957  පඤ්ඤාකිත්ති කොටහේනේ,සාහිත්‍ය කථා,කේ.ඒ ආරියදාස,679,පොත් වෙළ`දසැල,මරදාන(ප‍්‍රකාශකයෝ*පූජාවලිය ,වලානේ ධම්මානන්ද(සංස්*  බුත්සරණ, (සංස්* ලබුගම ලංකානන්ද, ඇම් ඩි ගුණසේන සහ සමාගම, කොළඹ 11, (1968*.  රත්නමාලී වංශය, වම්බට්වැවේ ධම_කීර්ති(සම්පාදිත*,ඇම් .ඩි ගුණසේන සහ සමාගම,කොළඔ 11,1967  විලපිටියේ ඤාණවංස අනුනායක අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය,කහවත්තේ ජිනසිරි හිමි (ප‍්‍ර.සංස්*,තිළිණ මුද්‍රණාලය ,අංක 03,ගෙලිඔය ,2007  ස`ගසරණ, (සංස්* පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, ලේක්හවුස් ප‍්‍රකාශකයෝ, කොළඹ 03, (1954*.  සද්ධම_රත්නාවලිය,ඇස්.ගෝඩගේ සහ සහෝදරයෝ,675,මරදාන පාර,කොළඔ 10,1985  සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍ය උද්ධෘත,සද්ධම_රත්නාවලිය,කිවුලේගෙදර නාරද,සමන් ප‍්‍රකාශනයෝ,30/4 වෙල පාර,ගංගොඩවිල,නුගේගොඩ(මුද්‍රණය*,2005  සරත්චන්ද්‍ර,කල්පනා ලෝකය, එස් ගොඩගේ සහෝදරයෝ,කුලරත්න මාවත ,කොළඹ10,1958  සිංහල ථූප වංශය,කේ.ජි. පේ‍්‍රමරත්න රත්නසිරි,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,කොළඹ 12  සේනානායකජේ.බි,විචාරප‍්‍රවේශය,තරංගප‍්‍රකාශකයෝ,19,ඇලෙක්සැන්ඩ‍්‍රාවත්ත,කණුවන,1995(ප‍්‍ර.මු*  සිංහල බෝධි වංසය ,නන්දසේන රත්නපාල(සංස්* ,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාවිය පාර,කොළඹ 12,1970(ප‍්‍ර.මු*  ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය,ප‍්‍රථමභාගය , කොළඹ 10 : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ ,1999  ශාස්ත‍්‍රීය චින්තා,අයි.ඇම් සෝමරත්න(ප‍්‍ර.සංස්*,ශාස්ත‍්‍රීය චින්තා,අඔසෙවන,දම්පිටිය,දෙමටළුව(ප‍්‍රකාශනය*,සමයවර්ධන මුද්‍රණාලය,57,මාලිගාකන්ද පාර,මරදාන  විද්‍යාලංකාර,පැරණි ලක්දිව නීතිය හා අධිකරණ,කත_ෘප‍්‍රකාශනයකි,2000  සුමංගල ශබ්ද කෝශය  වික‍්‍රමසිංහ මාර්ටින්,සිංහල සාහිත්‍යයේ නැගිම,  අතිරේකයත්‍යය,ත්‍රෛයි මාසික සගරාව,සමාජය හා සංස්කෘතිය,ගුණපාල මලලසෙකර,1962 පුවත්පත්  ලංකාදීප අතිරේකය,2010 මාර්තු 09 වැනිදා,මහේන්ද්‍ර සුනන්ද,නිර්මාණය හා සංස්කෘතිය,වීමංසා අතිරේකය  දංදෙරා ්ාඩ්බජැා කැ්බැර’ි ාසජඑසදබ්රහලිැඩැබඑය ැාසඑදබල2005ලදංදෙරා මබසඩැරිසඑහ චරුිිලදංදෙරා  ච්ර්බ්ඩසඑය් බ ්ලිලසබිජරසචඑසදබ දෙ ජැහකදබලඩදක 1ලඑයැ ාැච්රඑපැබඑ දෙ එයැ ්රජයදකදටහ ජැහකදබල1970 පූර්විකාව කලාව නැමැති කුලකයට අයත් විශිෂ්ට නිර්මාණයක් වන්නේ සාහිත්‍යයයි.එය ගද්‍යය හා පද්‍යය ලෙස වර්ගීකරණය කළ හැක. පද්‍ය සාහිත්‍යයට මෙන් ගද්‍ය සාහිත්‍යයද දුරාතීතයක් ඇත. එය වේද යුගය දක්වා දිවයන්නකි. බුදු දහමේ ආභාසය හා පෝෂණය ලබා ප‍්‍රමුදිත වු සිංහල සාහිත්‍යයේ ගද්‍යය යුගය ක‍්‍රි.පු දෙවන සියවස දක්වා දිවයයි. එලෙස දීර්ඝ කාලයක සිට දියුණු ලිඛිත සාහිත්‍යයක් තිබීම මෙහි දියුණු සමාජයක් පැවැති බවට දෙස් දේ. ගද්‍යය පදනම් කරණකොටගෙන ඇතිවු සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යය නැමැති විකසිත පද්මය ලක`ගනගේ ශිර්ෂයේ අතීතයේ සිට දිස් වන්නේ මෙහි කවීන් තුළ වු ප‍්‍රතිභාව කරණකොටගෙනය. ඇතැම් කාව්‍යන් විශ්ව සාහිත්‍යය දක්වා නිම් වළලූ ප‍්‍රසාරණය කරගෙන ඇත. එවැනි විශිෂ්ඨ කාව්‍යයන් තුළ සමාජය හා ජිවනය පිළිබිඹු වීම ගැන කියනු කවරේද? සාහිත්‍යයෙන් දිස්වන සමාජය පිළිබ`ද අවලොකනය කිරීමට දරන ප‍්‍රයත්නයකි, මෙම නිබන්ධනය.