UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: රස නිෂ්පත්තියට සංයුක්ත කවියේ ආකෘතිය බලපාන අයුරු

Thursday, December 12, 2013

රස නිෂ්පත්තියට සංයුක්ත කවියේ ආකෘතිය බලපාන අයුරු

රස නිෂ්පත්තියට සංයුක්ත කවියේ ආකෘතිය බලපාන අයුරු රස නිෂ්පත්තිය ඕනෑම කලා නිර්මාණයක ආත්මගත ධාරණාවයි. ‘විඳිනු ලැබීමේ’ අර්ථයෙන් යෙදෙන, ‘රස’ ධාතුවෙන් නිපන් ‘රස’ යන්න පෘථුල අර්ථයකින් විග‍්‍රහ වී ඇත. මේ සම්බන්ධයෙන් ඉපැරණිතම විග‍්‍රහය හමුවන්නේ ඇරිස්ටෝටල්ගේ ‘කාව්‍ය ශාස්ත‍්‍රයෙනි’. එහෙත් මෙම පදයෙහි බහුවිග‍්‍රහිත සංකල්ප දැකගත හැකි වන්නේ භාරතීය සමාජයෙනි. ‘‘රස යනු භාරතීය කලා විචාරයෙහි හා සෞන්දර්ය විද්‍යාවෙහි කලා රසාස්වාදය, සෞන්දර්යානුභවය හෙවත් චමත්කාරය හඳුන්වනු වස් යෙදෙන පාරිභාෂික පදයයි.’’ ඇතැම් විචාරකයන් පවසන අන්දමට භාරතයෙහි නිපන් අලංකාර, රස, ඖචිත්‍ය, ධ්වනි ආදි සියලූ විචාර වාදයන්හි අවසන් ප‍්‍රතිඵලය රසයයි. ‘‘රස්‍යතෙ ඉති රසඃ (විඳිනු ලබනුයේ රසයිි.*’’ ‘‘වාක්‍යම් රසාත්මකම් කාව්‍යම් (කවිය රසය ආත්ම කර ගත් වැකියයි*’’ එහෙත් ‘රස’ සංකල්පය කලා රසාස්වාදය පිණිස පළමුවෙන්ම යොදනු ලැබුවේ නාට්‍ය ශාස්ත‍්‍රකාර භරත මුනි විසිනි. කි‍්‍ර.පූ. පළමු සියවසේ සිටි භරත මුනිවරයා විසින් මෙම සංකල්පය දක්වනු ලබන්නේ නාට්‍ය ශාස්ත‍්‍රය විෂයයෙහි දෘශ්‍ය කාව්‍යයේ උපාංගයක් වශයෙනි. නාට්‍ය ශාස්ත‍්‍රයේ හය, හත පරිච්ෙඡ්දයන්හි රස සංකල්ප සම්බන්ධයෙන් විවරණ සපයා ඇත.

 භරත මුනිවරයාගේ එම විවරණය දෙස විහඕගාක්‍ෂිය යොමු කරන අභිනවගුත්තයෝ මුළු කලා ලෝකය රසාලිප්ත වූ ලොවකැයි පවසත්. ‘‘කවියට ලැබෙන සාධාරණිභූත සංවේදනය වනාහි බීජයයි; ඔහු එය ගැබ් කොට රචනා කරන කාව්‍යය රුකයි; එය අභිනය කිරීමෙන් නළුවන් නිමවන නාට්‍යය වූ කලි එහි මල්ය; එයින් පේ‍්‍රක්‍ෂකයන්ට ලැබෙන රසාස්වාදය ඵලයයි.’’ ‘රසය’ යන සංකල්පය ඕනෑම කලාවක චමත්කාරය දනවන අත්‍යවශ්‍ය සාධකයයි. මෙම`ගින් සියලූ කලාවන්හි ‘රසය’ අගතැන්පත් මූලිකාංගය බව වටහා ගත හැකිය. මීට අමතරව කලාංගයක රසය නිෂ්පාදනය වන ආකාරය සම්බන්ධයෙන්ද අවබෝධයක් තිබිය යුතුය. රස නිෂ්පත්තිය සම්බන්ධ කරුණු හෙළි කරන භරත මුනිවරයා නාට්‍යයේ සාරය වශයෙන් රසය හඳුන්වන අතර ප‍්‍රභේද වශයෙන් අෂ්ටවිධ රසයක් ගෙන හැර දක්වයි. ෂග ශෘංගාර රසය ඪෂග හාස්‍ය රසය ෂෂග කරුණ රසය ඪෂෂග රෞද්‍ර රසය ෂෂෂග වීර රසය ඪෂෂෂග භයානක රසය ෂඪග බීභත්ස රසය ඞෂග අද්භූත රසය ඪග ශාන්ත රසය මෙම විභේදනයන් භරත මුනිවරයා ගෙන හැර දක්වනු ලැබුවේ නාට්‍ය ශාස්ත‍්‍රය කෙරෙහිය. එහෙත් පසුකාලීනව මේ පිළිබඳ අධ්‍යයනය කළ විචාරකයෝ ‘පද්‍ය’ සඳහාද රස සංකල්පය අදාළ කර ගත හැකි බව වටහා ගත්හ.

ඔවුන් භරත මුනිවරයාගේ අෂ්ටවිධ රසය නවනළු රසයක් බවට පත් කළේ එහෙයිනි. භරත මුනිවරයාට අනුව රස නිෂ්පත්තිය සිදුවන්නේ මෙලෙසිනි. ‘‘විභාවානුභාවව්‍යභිචාරී සංයෝගාද් රසනිෂ්පත්තිඃ (විභාව, අනුභාව හා ව්‍යභිචාරී භාවයන්ගේ සංයෝගයෙන් රසය උපදී.*’’ විවිධ නයින් ව්‍යාඛ්‍යා කර ඇති මෙම රස සූත‍්‍රය ම`ගින් අනාවරණය කර ඇත්තේ දෘශ්‍ය කාව්‍යයේ රස නිෂ්පත්තිය පිළිබඳවය. සාමාන්‍ය ලෝකයේ මිනිසා තුළ ඇති වන රතිය, හාස්‍ය, ශෝකය, ක්‍රෝධය, උත්සාහය, භය, ජුගුප්සාව, විස්මය යන ස්ථායී භාවයන් ‘විභාව’ යනුවෙන් හැඳින් වේ. එසේම ආලම්භන හා උද්දීපන විභාව කරණකොටගෙන යම් පාත‍්‍රයෙකු තුළ ස්ථායී භාවයක් ඉපිද, එයට අනුව ශරීරයේ යම් වෙනසක් ඇති වේ නම් එය ‘අනුභාවයි’. යට කී හේතූන්ට අනුව පාත‍්‍රයකු තුළ රති, හාස්‍ය, ශෝක ආදි ස්ථායී භාවයන් නිසා පැන න`ගින, දිය බුබුලූ මෙන් ඇති වන ලක්‍ෂණය ‘ව්‍යභිචාරී’ භාව නම් වේ. භරත මුනිගේ රස සූත‍්‍රය ම`ගින් ඉදිරිපත් වන රස නිෂ්පත්ති කාරණා සඳහා පරිකථා සැපයීම උගහට කරුණකි. මෙම කාරණා භරත මුනිවරයා නාට්‍යශාස්ත‍්‍රය කෙරෙහි (දෘශ්‍ය කාව්‍ය කෙරෙහි* අදාළ වන ලෙස නිර්මාණය කළද, පශ්චාත් කාලීන විචාරකයෝ රසවාදය පද්‍ය සඳහාද අදාළ කරගත්හ. ඒ අනුව කලා නිර්මාණයක රස නිෂ්පත්තිය දුරාතීතයේ පෘථූල අර්ථයකින් සංකතිකා වී ඇති අන්දම මේ නයින් දත හැකිය. රස නිෂ්පත්තියට පද්‍ය ආකෘතියේ බලපෑම සිංහල පද්‍ය ආකෘතිය නිර්මාණය වන්නේ ඈත අතීතයක සිටය. සිංහල පද්‍ය සාහිත්‍යයෙහි ආරම්භය දැකගත හැකි වන්නේ ගී විරිතෙනි. කි‍්‍ර.පූ. හා කි‍්‍ර.ව. මුල් අවධින්හි හමුවන සෙල්ලිපිවලින්ද, ක‍්‍රි.ව. අට, නමය සියවස්වලට අයත් සීගිරි ගී ම`ගින්ද, නමවන සියවසට අයත් සියබස්ලකරෙන්ද, දොළොස්වන සියවසට අයත් මුවදෙව්දාවත, සසදාවත ගී කාව්‍යයන්ගෙන්ද, දහතුන්වන සියවසට අයත් කව්සිළුමිණෙන්ද විද්‍යමාන වන්නේ ගී ආකෘතියෙහි සුවිශේෂීත්වයයි. ඉන්පසු සිංහල පද්‍ය සම්ප‍්‍රදායය තුළ දක්නට ලැබෙන්නේ සිවුපද විරිතයි. සිවුපදයන්හි මූල ලක්‍ෂණ මුල්කාලීන ගී යුගය තුළ දක්නට ලැබුණද, සිවුපද විරිතෙන් නිපන් පළමු පද්‍ය කෘතිය දැකගත හැකි වන්නේ දාහතරවන සියවසේ තිසර සංදේශය (ක‍්‍රි.ව. 1344-1359* රචනා වීමත් සම`ගින්ය. ඉන්පසු රචනා වූ බොහෝ සංදේශ කෘතිවලට සහ පද්‍ය කෘති සඳහා හේත්වාධාර වූයේ මෙම සිවුපද විරිතයි. සිවුපද විරිතෙන් පසු සිංහල පද්‍ය ආකෘතියෙහි විශේෂ සන්ධිස්ථානය දාසයවන සියවසයි. සිලෝ විරිතෙහි ආගමනය සිදුවන්නේ මෙම යුගයෙහිදීය. එහෙත් විප්ලවීය ආකෘති රැුගත් කොළඹ යුගය සිංහල පද්‍යකරණයේ විශේෂස්ථානයකි. එහිදී නූතනවාදී බලපෑමත් සම`ග නිපන් නිසඳැස් ආදි පද්‍යාකෘති සිංහල පද්‍ය සම්ප‍්‍රදායය නව දිශානතියකට යොමු කළේය. සිංහල පද්‍ය සංස්කෘතියෙහි ‘ආකෘතිය’ යන නාමය නිර්මාණය වන්නේ එලෙසින්ය. එහෙත් එම ආකෘතිය තුළ සැ`ගවුණු වටිනා සාධකයක් ඇත. එනම් මාත‍්‍රා ඡුන්දස් පදනම් කර ගෙන ඒ පද්‍ය ආකෘති (සම්මත පද්‍ය* නිර්මාණය වීමයි. ඒ පද්‍ය තාලයට සුගායනීය ලෙස ගායනා කරන්නේ ඡුන්දස් මාත‍්‍රා අනුව පද්‍ය බැඳි නිසාවෙනි. ඒ අනුව සම්මත පද්‍ය තුළ ආකෘතිය ලෙස හඳුන්වනු ලබන්නේ ඡුන්දස් මාත‍්‍රා අනුව සැදුම් ලත් ක‍්‍රමවේදයටය. සම්මත පද්‍යය ලෙස සාකච්ඡුා කරන කෘති තුළ ඉතා ප‍්‍රවේශමෙන් බඳිනා ලද, පද්‍යයන්හි ආකෘතිය සරසා ඇත්තේ ඡුන්දස් මාත‍්‍රාය. එම ඡුන්දස් මාත‍්‍රා ගී, සිව්පද, දෙපද, සිලෝ විරිත් හා බැඳි ගණිතමය සූත‍්‍රයක් වැනිය. යමෙක් උක්ත පද්‍ය ආකෘතියකට අනුව පැදියක් පබඳින්නේ නම්, ඔහුට ඡුන්දස් මාත‍්‍රා ම`ග හැරයා නොහැකිය. එහෙයින් ඡුන්දස් මාත‍්‍රා හා පද්‍ය ආකෘතිය තුළ ඇත්තේ අත්‍යන්ත සංයෝගයකි. සංස්කෘතයේ පෙනෙන වර්ණ ඡුන්දස කෙරෙහි සිංහල සංදේශ කවීන් ඇදී ගිය අයුරු සමස්ත සම්භාව්‍ය සංදේශාවලිය පිරික්සීමේදී දත හැකිය. ‘‘යුග කොපුලා බිතු උදු ලා මිණි කෙෙ`ඩලා කැරැු සස ලා එමන කලා ර`ගන ක ලා වතම බලා රිසි නොව ලා’’ ත්වරිතගති විරිතෙහි න-ජ-න යන ගණ හා ගුරක් යෙදීමෙන් මෙම පද්‍ය සැදී ඇත. මීට අමතරව සංස්කෘත ඡුන්දස් දැඩිව පැතිර ගියේ දහසයවෙනි සියවසෙහි ඇරඹි සිලෝ කාව්‍ය ම`ගිනි. ඒ අනුව සිංහල පද්‍ය සම්ප‍්‍රදායයෙහි ආකෘතිය සැකසී ඇත්තේ ඡුන්දස් මාත‍්‍රා අනුසාරයෙන් බව අවබෝධ කර ගත හැකිය. එලෙස නිර්මිත පද්‍ය ආකෘතිය හුදු ආකෘතියක් පමණක් නොව, පද්‍යය සඳහා ආලෝකයක්ද ලබා දෙන්නකි. පද්‍යය සඳහා ‘ආකෘතිය’ ආභරණයක් වන්නේ එනිසාවෙනි. එම`ගින් සිදුවන්නේ පද්‍ය ආකෘතිය ම`ගින් රසයක් නිෂ්පාදනය වීමයි. එලෙස ආකෘතියෙන් රසය ලබාදෙන අංග කිහිපයක තතු මෙලෙසය. සිව්පදයක හා දෙපදයක ආකෘතිය අලංකාර වන අනිවාර්ය අංගයක් ලෙස එළිවැට රක්‍ෂණය හැඳින්විය හැකිය. එය එළිය , එළිවැට, එළිසමය යන නම්වලින්ද පතළය. එය කිසියම් කවියක අවකාශ ස්ථානය හෙවත් ඉඩ සහිත ස්ථානය ලෙස ඡුන්දස් න්‍යායධරයෝ පවසති. එම අවකාශස්ථානයෙහි සම ශබ්ද පාද සතරේම සමාන කිරීම එළිවැට රක්‍ෂණයයි. කවියක පාද අවසානයේ එළිවැට රක්‍ෂණය සාමාන්‍ය පිළිගැනීම වුවත්, දක්‍ෂ කවීහු ආදි, මධ්‍ය, අන්ත යන ස්ථානත‍්‍රයෙහිම එළිවැට පිහිටවීමට සමත් වූහ. ‘‘ගතිනා කනා ලිය රතදරිනි නාලිය තෙනෙනා රනා හස ගමනින් එ නාලිය නිතිනා දිනා එහි සරනි මනාලිය නතනා විනා වති කවරෙක් වනාලිය’’ උක්ත කවියෙහි ආදි, මධ්‍ය, අන්ත යන ස්ථානත‍්‍රයෙහිම එළිවැට රක්‍ෂණය වී ඇත.

මෙවැනි රීති සම්භාව්‍ය පද්‍ය රචකයන්ගේ ෙඡ්කත්වය විදහාපාන නිදසුන්ය. එහෙත් නූතන සිංහල පද්‍යය තුළ මෙලෙස එළිවැට රක්‍ෂණයෙන් යුත් පද්‍ය දැකගත හැක්කේ ඉතා දුලබවය. ඒ අනුව එළිසමය නිසාවෙන් ආකෘතිය අලංකාරවත් වන ආකාරය සහ එම`ගින් රසය ඉපදෙන අයුරු වටහා ගත හැකිය. එම රසය අර්ථයෙන් පමණක් නොව ශබ්දයෙන්ද ඒකාලෝක වන්නේය. සිංහල පද්‍යයෙහි ආකෘතික පක්‍ෂය කෙරෙහි සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත්තේ එළුසඳස් ලකුණ නැමැති ඡුන්දස් ග‍්‍රන්‍ථයෙහිය. එළුසඳස් ලකුණේ අතුරේ සැතපුම් ලෙස හැඳින්වෙන්නේ කවියක විරාමය පිහිටවන ස්ථානයයි. යතිය, නැවතුම, විවේකස්ථානය යන විවිධ නම්වලින් හැඳින්වෙන අතුරේ සැතපුම ම`ගින්ද කවියෙහි ආකෘතික පක්‍ෂය සැල කෙරෙයි. අතුරේ සැතපුම කවියක සියලූ පාද අවසානයේ පිහිටුවීම සාමාන්‍ය ලක්‍ෂණයයි. එහෙත් කවියක රිද්මය ගොඩනගනු වස් පුරාණ කවීන් කවියෙහි අභ්‍යන්තරයෙහි අවස්ථා කිහිපයක යතිය පිහිටුවීමට යත්න දරා ඇත. යතිය පිහිටුවීමේදී කිසිවිටෙක කවියෙහි අර්ථයට බාධාවක් නොවිය යුතුය. යතිය නියමාකාරයෙන් පිහිටුවා කවියක ආකෘතිය, අර්ථය අලංකෘත කරමින් රසය උද්දීපනය කරන අවස්ථාවක් මතු දැක්වේ. ‘‘වනසර - දැකතම - සිත බිය - සලසා ගනගන - ගැබ ලෙළ - දෙන විදු - විලසා වන ගැබ - ඔබිනොබ - පැනයන - නොලසා තැනතැන - මුවරළ - දැකයව - සතොසා’’ මෙම පද්‍යයෙහි මාත‍්‍රා හතරෙන් හතර යතිය තබා ඇත. පාද හතරෙහිම එම ලක්‍ෂණය දැකගත හැකිය. යතිය යනු ආකෘතික ලක්‍ෂණයකි. මෙය ආකෘතියෙන් රසය ජනනය වීම සම්බන්ධ කදිම උදාහරණයකි. මීට අමතරව පද්‍යයක ආකෘතික පක්‍ෂය අංලකාරවත් වීම සඳහා රීති බොහොමයක් එළුසඳස් ලකුණ කෘතියෙහි සඳහන් කර ඇත. ඒ සැම රීතියකින්ම ප‍්‍රතීයමාන වන්නේ ආකෘතිය ම`ගින් රසය නිෂ්පාදනය වන ආකාරයයි. එහෙත් නූතන පද්‍ය රචකයෝ එළුසඳස් ලකුණේ් ආකෘතික න්‍යායන් පිළිපැදීම නිර්මාණාත්මක පද්‍යකරණයට බාධාවක් ලෙස සිතූහ. ඔවුහු වචනය, රූපකය, සංකල්ප රූප ඉක්මවා යන ආකෘති භාවිතයෙන් සහ සාම්ප‍්‍රදායික පද්‍ය ආකෘති භින්නතාවත් සම`ග නැගී එන නූතනවාදී පද්‍ය ආකෘති ම`ගින් අලංකාර නිර්මාණ කිරීමට වෙහෙසුණහ.

 ආකෘතිය ප‍්‍රමුඛ කර ගත් නූතනවාදී පද්‍ය අතර අලංකාර තිබිය හැකි වුවද, එහි ප‍්‍රාණය රඳා පවතින්නේ ඒවා මත නොව ආකෘතිය මතය. එපමණක් නොව සාම්ප‍්‍රදායික ලෙස උපමා, රූපක ආදි අලංකාර එලෙසින්ම නුතනවාදී පද්‍යයෙහි දැකගත නොහැකිය. ඔවුන් අලංකාර කෙරෙහි වැඩි තැකීමක් කළ බවක් පෙනෙන්නට නැත. එහෙයින් නූතනවාදී පද්‍යයෙහි ඇති අලංකාර ආකෘතිය තුළ දිස්වන සංඥා ම`ගින් නිර්මාණය කර ගත යුතුය. එහි ඇත්තේ ආකෘති අලංකාරයයි. එම ආකෘතිය තුළින්ද නිර්මාණය වන්නේ රස නිෂ්පත්තියයි. ‘‘ගසල් ආදර කවි 2 ආදරේ, ශෝක වංගුව තැනක් ඇත මා ආදරේ කළ ඉස්සර දෙනවාද එහි යන්න මට මැරෙන්න ඉස්සර මහ පාර එක්ක එන අඩි පාර අපෙ ගෙදරට නැටෙව්වා ඉ`ග වංගුව - පාරට හැරී යන්න ඉස්සර හු`ගක් අය ආවා ගියා - අඩි පාරෙ වැලිගානට ඒ පී‍්‍රතිමත් දවස්වල - ඔව් හු`ගක් ඉස්සර....’’ උක්ත පද්‍ය ආකෘතිය හඳුන්වනු ලබන්නේ ගසල් කවි ලෙසින්ය. එය ආදර කවි ලියන එක් ආකෘතියකි. ඒ සඳහා දෙපද ආකෘතිය යොදා ගනු ලබයි. එහි ඇති විශේෂත්වය වන්නේ පද්‍යයෙහි පළමු දෙපදයෙහි අවසන් පද දෙක සමාන වීමයි. එසේම අනෙකුත් දෙපදයන්හිද අවසන් පදයද උක්ත පදය හා සමාන විය යුතුය. මෙම නිදසුන් ම`ගින් චිරාගත කවිය තුළ පමණක් නොව නූතන කවිය තුළද ආකෘතිය රසය නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇති බව වටහාගත හැකිය සංයුක්ත කාව්‍ය ආකෘතියෙහි රසනිෂ්පාදන ශක්‍යතාව කිසියම් පද්‍ය නිර්මාණයක් ම`ගින් රස නිෂ්පාදනයේදී ආකෘතිය නැතිවම බැරි සාධකයක් වී ඇත. චිරන්තන පද්‍ය හා අනෙකුත් නූතන පද්‍ය ප‍්‍රවණතාවන්හිද ආකෘතිය හා රසය තුළ ඇත්තේ මනා සංයෝජනයකි; නැතහොත් සුසංයෝගයකි. ඒ තරමට ආකෘතිය රස නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය මාමකයක් වී ඇත. එහෙත් සෙසු පද්‍ය ආකෘතීන්ට වඩා සංයුක්ත කාව්‍ය ආකෘතිය තුළ සුවිශේෂී අනන්‍යතා රැුසක් ඇත. අනෙකුත් පද්‍ය ප‍්‍රවණතා තුළ පෙනෙන අර්ථය, රිද්මය, තාලය වැනි දීපකයන් සියල්ල සංයුක්ත කවිය තුළ ජනනය කරන්නේ ආකෘතිය තුළින්ය. එසේම මෙම වර්ගයේ කාව්‍යවල තේරුම, අර්ථය, අදහස ගෙන එන්නේ එහි ආකෘතිය, රටාව, ස්වරූපය හෝ හැඩයෙහි පවතින සම්බන්ධතාව අනුවය. පද්‍යයකින් අපේක්‍ෂා කරන සැම සාධකයක්ම සංයුක්ත කවිය තුළ බලාපොරොත්තු විය යුත්තේ ආකෘතිය තුළින්ය. එනිසා රස නිෂ්පාදනයට ආකෘතිය හේතුවන පද්‍ය ප‍්‍රවණතා තුළ මස්තකප‍්‍රාප්ත නාමය සංයුක්ත කවියයි. මක්නිසාද යත් සංයුක්ත කවිය යනු ආකෘතියෙහි උපරිම තලයෙහි රැුඳී සිටින නිසාවෙනි. ඕනෑම පද්‍යයක ආකෘතියක් දක්නට ලැබේ. පද්‍යයක රස උද්දීපනයෙහිලා එම ආකෘතියෙන් මනා පිටුවහලක් ලැබේ. එහෙත් පද්‍යයෙහි ආත්මගත රසය ආකෘතියෙන් පමණක් කිසිවිටෙකත් බලාපොරොත්තු විය නොහැකිය. එසේම පද්‍යය ආකෘතියෙන් ආකෘතියට වෙනස් වන්නකි. එහෙත් ලාංකේය පද්‍ය සංස්කෘතිය තුළ ආකෘතිය අන් සැම කාරණාවකටම වඩා ප‍්‍රමුඛ වන පද්‍ය වර්ගයක් ඇත්නම් එය සංයුක්ත කවියයි. සංයුක්ත කවියෙහි ඇති ශබ්ද නගා නොකියවිය හැකි ආංගික ලක්‍ෂණය තුළම ඇත්තේ එම කවියෙහි ඇති ආකෘතික පරමතාවයි. එම ආකෘතිය අගනා පද්‍ය ප‍්‍රවණතාවක් වන්නේ එම`ගින් ලැබෙන රසාස්වාදය මතය. එනිසා සංයුක්ත කවිය ආකෘතියෙන් රස නිෂ්පාදනය කරන ආකාරය විමසිය යුතු කාරණාවකි. එය පහත සාධක කිහිපය ඔස්සේ විමසීමට ලක් කෙරේ.  ආකෘතියම රසය නිෂ්පාදනයේ මූලකාංගය වීම  අර්ථය අනුව ආකෘතිය නිර්මාණය කිරීම  නිශ්චිත, නියමිත ආකෘතියක් නොමැති වීම  එකම ප‍්‍රස්තූතයක් විවිධාකෘති ඔස්සේ නිර්මාණය කිරීම  අකුරු කැබලි, තනි අකුරු, වචන ආදියට ආකෘතිය සීමා වීම  රස නිෂ්පත්තිය සඳහා නව ආකෘති සොයා යෑම ආකෘතියම රසය නිෂ්පාදනයේ මූලිකාංගය වීම යම්කිසි කවියක සමස්ත ධාරණාව ආකෘතියක් ඔස්සේ් පාඨකයාට සැපයීම සුළුපටු කාර්යයක් නොවේ. සිතන සිතුවිලි, විඳින අද්දැකීම්, අනුභූතීන්, පැදියකට හෝ රචනාවකට නැ`ගීම තරමක් පහසුය. එහෙත් එම කාරණා දෘශ්‍යරූපී ස්වරූපයකට පෙරළීම පමණක් නොව එය කාව්‍යයක් ලෙස සැරසීම අපහසුය. ඒ සඳහා මූලික සාධකය ආකෘතියයි. සංයුක්ත කවිය හා ආකෘතිය යනු දෙකක්යැයි පැවසිය නොහැකිය.

 මන්ද, එහි ඇත්තේ අකෘතික රසඥතාවක් බැවිනි. වෙනත් පද්‍ය ආකෘතියක වචන, වචනාර්ථය, උපමා රූපකාදි අලංකාර, අකුරු යෙදීමේ පිළිවෙළ, ඉන් ගම්‍ය වන රිද්මය, අනුප‍්‍රාසය ආදි කාරණා සමස්ත අර්ථය හා බැඳී පවතී. එනිසා ආකෘතියද ඒවායෙහි අනුසාධකයක් බවට පත් වේ. එහෙත් සංයුක්ත කාව්‍ය ආකෘතිය තුළ ඇත්තේ ආකෘතික මූලිකත්වයකි. එහිදී භාෂාවක දෘශ්‍යරූපී උපරිමය කාව්‍යමය චිත‍්‍ර ආකෘතියක් ලෙස පාඨකයා හමුවට පැමිණේ. එහෙයින් රසනිෂ්පත්තියේ ආකෘතික උපරිමතාව ඇත්තේ සංයුක්ත කවිය තුළය. ඕනෑම පද්‍ය ප‍්‍රවණතාවක් සමස්ත පුද්ගල ප‍්‍රජාවෙහි රසානුභූතියක් වන්නේ නැත. එනම් විකලාංග පුද්ගලයන්ට කවියෙහි රසය දැනවීම තරමක් අපහසු හෙයිනි. එහෙත් අන්ධ පුද්ගලයන්ට යමෙක් පද්‍ය කියවන ආකාරය අසා සිටිමින් එහි රසය විඳිය හැකිය. එසේම එම පද්‍ය ආකෘතිය පිළිබඳ යම් නිගමනයකටද එළඹිය හැකිය. එහෙත් සංයුක්ත කවිය අන්ධ පුද්ගලයෙකුට ඇසෙන සේ කියවිය නොහැකිය. මන්ද, එහි ඇත්තේ දෘශ්‍ය කේන්ද්‍රීය රසඥතාවකි. එම සාධකය තුළම සංයුක්ත කවියෙහි ආකෘති භාවිතයෙහි උපරිමතාව පසක් කර ගත හැකිය. එම කවිය වචනවලින් පද්‍යයක් ලෙස කියවීමට නොහැකි වීම තුළම ඇත්තේ ආකෘතික රසඥතාවයි. මතු දැක්වෙන නිදසුන ම`ගින් ඒ බව මනාව ගම්‍යමාන වෙයි. අර්ථය අනුව ආකෘතිය නිර්මාණය කිරීම සම්මත පද්‍ය සම්ප‍්‍රදායය තුළ පද්‍ය නිරමාණය වූයේ ආකෘතිය අනුවය. ඕනෑම අර්ථයක් නැතහොත් අනුභූතියක් ආකෘතික නියමයට යටත්ව එම සැලැස්මට අනූකූලව නිර්මාණය කළ යුතු විය. සිව්පදයක් හෝ දෙපදයක් වී නම් එම ආකෘතික සැලැස්ම ම`ග හැර යා නොහැකි විය. ඡුන්දස්, විරිත් මාත‍්‍රා ඒ තරමට ක‍්‍රමානුකූල විය. එහෙයින් ඉන් මිදීමට නම් ආකෘතික භින්නතා, පද්‍ය ප‍්‍රවණතාවක් ලෙස පෙනී සිටිය යුතුය. නූතන පද්‍ය ප‍්‍රවණතා තුළ දැකගත හැක්කේ ආකෘති භින්නතා ලක්‍ෂණයන්ය. ආකෘතියට අනුව රසය නිෂ්පාදනය නොව රසයට අනුව ආකෘතිය නිර්මාණය එහිදී සිදු වන්නකි. නූතන පද්‍ය ප‍්‍රවණාතාවන්හි නවතම පද්‍ය ආකෘතිය සේ සැලකෙන සංයුක්ත කවිය ම`ගින්ද සිදු වන්නේ එයයි. එහිදී ප‍්‍රමුඛතම සාධකය වන්නේ ආකෘතියයි. එහෙයින් යම් සංයුක්ත කවියක අර්ථය විමසීමට නම් කළ යුත්තේ ආකෘතිය පසිඳලීමයි. එසේම එම ආකෘතිය නිර්මාණය වන්නේ සම්මත පද්‍යානුසාරයෙන් නොවේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ අර්ථයට අනුකූලව ආකෘතිය සැකසීමයි. පද්‍යයෙන් පළට වන ප‍්‍රධාන ධාරණාවෙහි අර්ථයට භාෂාවෙහි වචන හා අකුරු යොදා ගනිමින් දෘශ්‍යමය රූපයක් තැනීම මෙහිදී සිදුවන කාර්යයයි. ඒ අනුව සම්මත පද්‍ය ආකෘතික රීති තුළින් සැමවිටම සංයුක්ත කවිය නිදහස් ආකෘතියක් වන බව මෙම`ගින් ප‍්‍රතීයමාන වේ. එසේම සංයුක්ත කවියෙහි රසය, අර්ථය අනුව ආකෘතිය වෙනස් වන බව මෙහිදී දත යුතුය. විවාහ මෙම කවියෙහි ආකෘතිය රස නිෂ්පාදනය හා බැඳී පවතින බවට කදිම නිදසුනකි. සමාජයේ ජීවත්වන විට අත්විඳින්න සැලසෙන සමාජ යථාර්ථයක් මෙම කවියෙන් නිරූපණය වේ. ස්ත‍්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ජීවිතයෙහි සුවිශේෂීම අවස්ථාව ලෙස විවාහය හැඳින්විය හැකිය. සමාජය විසින් නිර්වචන සපයන ‘විවාහය’ යන පදය තුළද ඇත්තේ විශ්වාසයෙන් යහපත් ලෙස ජීවිතය ගත කිරීමක්ය. එහෙත් විවාහ වී කල් යත්ම බොහෝ පවුල් ජීවිත තුළ ඇතිවන නිමක් නොමැති ප‍්‍රශ්න කන්දරාව පවුලෙහි සතුට, සමාදානය විනාශ කිරීමට සමත් වෙයි. එතැන් පටන් එකට විසූ අඹුසැමි යුවළ මානසිකව සේම කායිකවද දුරස් වන්නට පටන් ගනී. අවසානයට ඉතුරුවන ‘හු’ ‘ය’ යන අකුරු ද්වයෙහි ම`ගුල් දිනයෙහි ඇ`ගිලි බැඳි හුය ලිහී ඇති ආකාරය ප‍්‍රකට වේ. මෙහිදී අර්ථයට සරිලන ආකාරයෙන් උක්ත පද්‍යයෙහි ආකෘතිය සැරසී ඇත. එම`ගින් සංයුක්ත කවියෙහි ආකෘතිය නිමවන්නේ අර්ථයට අනුකූලව බව වටහා ගත හැකිය. නිශ්චිත, නියමිත ආකෘතියක් නොමැති වීම සංයුක්ත කවිය තුළ බලපැවැත්වෙන නීති රීති නැති තරම්ය.

 සංයුක්ත කාව්‍ය නිර්මාණකරුවා අන්‍ය පද්‍ය නිර්මාණකරුවන්ට වඩා නිදහස් කවියෙකු වන්නේ එනිසාවෙනි. සංයුක්ත කවිය තුළ යම් සීමාවක් ඇත්නම් එය භාෂාවෙහි අකුරු හා වචනවල ඇති දෘශ්‍යමය සීමාවයි. එනිසා සංයුක්ත කවිය නිදහස්, නිවහල් ස්වාධීන පද්‍ය ප‍්‍රවණතාවක් වශයෙන් හැඳින්විය හැකිය. සංයුක්ත කවියෙහි ප‍්‍රබලතම සාධකය ආකෘතියයි. එම ආකෘතියට පවා සීමා මායිම් නොමැති වීම, නැතහොත් නියමිත නිශ්චිත ආකෘතියක නියමයක් නොමැති වීම තුළම මෙම කවියෙහි ඇති ස්වාධීනතාව පසක් කර ගත හැකිය. ඒ අනුව සංයුක්ත කවියෙහි රසය ඉපදීමට ආකෘතිය මූලික වෙනවා සේම එම ආකෘතිය සඳහාද සීමාමායිම් වැටකඩොලූ නොමැත. එම`ගින් සංයුක්ත කවියෙහි ඇති ආකෘතික මූලිකත්වය හඳුනාගත හැකිය. එපමණක් නොව ආකෘතියට සීමාවක් නොමැති වීම තුළම සංයුක්ත කවියෙහි රස නිෂ්පත්තියට ආකෘතිය ප‍්‍රමුඛ සාධකය වන බව වටහා ගත හැකිය. එහෙත් සම්මත පද්‍යය තුළ මෙම ලක්‍ෂණය හාත්පසින්ම වෙනස්ය. එහිදී සැමවිටම පද්‍යයක් සඳහා නිශ්චිත නියමිත ආකෘතියක් නියම වෙයි. එය මාත‍්‍රා ඡුන්දස් ගණනය අනුව සිදු වන්නකි. ඒ සඳහා අදාළ විරිත්, පාදයන්හි මාත‍්‍රා ගණන ආදිය වෙන වෙනම එළුසඳස් ලකුණෙහි දක්වා ඇත. විරිත කවියක ආකෘතිය රකින ප‍්‍රබල සාධකයකි. විරිත අනුව ආකෘතිය සැකසෙන නිදසුනක් මතු දැක්වේ. සමුද්‍රඝෝෂ විරිත ‘‘සමස්ත පාදයේ මාත‍්‍රා 18ක් හෝ 17ක් වූත් පාද මධ්‍ය යතිය මාත‍්‍රා 10කින් තැබෙන්නා වූ සිව්පද විරිතයි’’ මුලට මාත‍්‍රා 10යි/ අගට මාත‍්‍රා 8යි ‘‘බණතු දු නොතෙපලනු, මුළු රූ එක යහන බඳරිසි නෙක් දලමේ, මොවුන් රජ දහන කුමට නො ඕ තී මොහු, ? මුළු වට පමණ බණවා දම් මොවුන්, සබා මෙන පහන’’ පසු කාලීන පාදයක මාත‍්‍රා ගණන 18 හෝ 17ක් යොදා ගනිමින් සමුදුරු ගොස් විරිතට අනුව කවි රචනා කර ඇත. ‘‘සිසිවන වුවන ඉ`ග සු`ග ගත හැකි මිටි න මාත‍්‍රා 18 නිසි පුළුලූකුල රිය සකයුර තිසර ත න ’’ දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුර`ග න ’’ ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙව`ග න’’ ’’ සම්මත පද්‍ය ආකෘතිය හා සංයුක්ත පද්‍ය ආකෘතිය අතර පවතින වෙනස උක්ත උද්ධරණයෙන් නොවළහා දත හැකිය. සංයුක්ත කවිය තුළ කිසිදු නියමිත ආකෘතියක් නොමැති බව සංයුක්ත කවි රැුසක් වෙන වෙනම නිරීක්‍ෂණයේදී වටහා ගත හැකිය. එහිදී එක සමාන ප‍්‍රස්තුත හමුවුවද එක සමාන ආකෘති සොයා ගත නොහැකිය. එය සංයුක්ත කවියෙහි ආකෘතිය රසය හා බැඳී පවතින බවට සාක්‍ෂ්‍ය සපයන්නකි. එකම ප‍්‍රස්තූතයක් විවිධාකෘති ඔස්සේ නිර්මාණය කිරීම සමාන ප‍්‍රස්තූතයක් පද්‍ය රචකයන් කිහිපදෙනෙකු පද්‍යයට නැගීමේදී විවිධාකාර විය හැකිය. එවිට සමාන අනුභූතියක් වුවත් විවිධ අර්ථයන්ගෙන්, විවිධ පද රටාවන්ගෙන් සේම විවිධ අලංකාරවලින් උපලක්‍ෂිත විය හැකිය. එහෙත් ඔවුන්ගේ ආකෘතිය සමාන වීමේ සම්භාවිතාව අඩුය. එසේවුවද සම්භාව්‍ය පද්‍ය සම්ප‍්‍රදායය තුළදී පෙනෙන්නේ සිවුපද, දෙපද, සිලෝ, නිසඳැස් ආදි පද්‍ය ආකෘති බැවින් ආකෘතික සාම්‍යතා විශද වෙයි. එනිසා අර්ථය, වචන, අකුරු වෙනස් වුවත් ආකෘතිය තුළ සාම්‍යත්වයක් දැකගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් සංයුක්ත කවිය මීට වඩා හාත්පසින් වෙනස්ය. එහි ආකෘතිය ම`ගින් රසය ගෙනහැර දක්වන්නේ විවිධ ආකෘති ඔස්සේය. එහි සුවිශේෂී ධාරණාව වන්නේ සමාන ප‍්‍රස්තූතයක් වුවද කවීන් දෙදෙනෙකුගේ ආකෘති සමාන නොවීමයි. එය සංයුක්ත කවිය ආකෘතිය තුළින් රස නිපදවීම ප‍්‍රත්‍යක්‍ෂ කරන ප‍්‍රධාන සාධකයකි. පහත දැක්වෙන සංයුක්ත කාව්‍ය දෙකෙහිම අර්ථය එකිනෙකට සමාන වුවද රචකයන් දෙදනා අනුගමන කළ ආකෘතිය සමාන නොවේ. අකුරු කැබලි, තනි අකුරු, වචන තුළ ආකෘතිය සීමා වීම සංයුක්ත කවිය තුළ සූචනය වන්නේ දෘශ්‍යරූපී ආකෘතියකි. එම දෘශ්‍යරූපී ආකෘතියේ රසභාවයන් උද්දීපනය කරනු ලබන්නේ අකුරු, අකුරු කැබලි හා වචන අනුසාරයෙන්ය. එහෙයින් සංයුක්ත කාව්‍ය ආකෘතියේ චිත‍්‍රමය ස්වභාවය භාෂාවෙහි අකුරු හා වචනවලට සීමා වේ. භාෂාවෙහි එම සංඥා විවිධාකාරයේ අර්ථ හා රසයන් ගෙන එන චිත‍්‍රයන් මැවීමට සමත් වේ. එපමණක් නොව මෙම කවියෙහි ආකෘතිය සරසන හිස් අවකාශය පවා ඇතැම් විට කවියෙහි රසය හා බැඳී පවතී. එනම් භාෂාමය සංඥා පමණක් නොව ඊට පසුබිම් වන කොළයෙහි සුදු පැහැය හෝ කළු පැහැයද ඇතැම් විට කාව්‍ය රසයට අනුබද්ධ වේ. ‘සංයුක්ත කවියාගේ හිස් කඩදාසි කොළය චිත‍්‍ර ශිල්පියාගේ කැන්වස් කොළය හා සමාන වන්නේ එනිසාවෙනි’. එහෙයින් සංයුක්ත කවියෙහි ආකෘතිය සම්බන්ධව විමර්ශනය කිරීමේදී වචන හා අකුරු රසය දැනවීමට මහ`ගු උපකාරයක් වන්නේය. රස නිෂ්පත්තිය සඳහා නව ආකෘති සොයා යෑම සංයුක්ත කවියෙහි රස නිෂ්පත්තිය පහසුවෙන් විඳ දරා ගැනීමට තරමක් අපහසුය. ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වන්නේ සංයුක්ත කවිය තුළ ඇස වෙහෙසීමේ ක‍්‍රියාවලියයි, නැතහොත් ශ‍්‍රවණීයතාවෙන් මිදී දෘශ්‍ය කේන්ද්‍රීයතාව ප‍්‍රමුඛ වීමයි. එහෙයින් එම කවිය තුළ සැමවිටම රසය ජනනය කරනු ලබන්නේ ආකෘතිය තුළින්ය. ඒ ආකෘතිය විවිධාකාර වන අන්දම ඉහතදී සාකච්ඡුා කෙරිණ. එසේම එම විවිධාකාරයේ ආකෘති තුළ නව ආරක නවමු රසයක් ලබාදෙන ආකෘතිද වර්තමාන සංයුක්ත කවි පිරික්සීමේද සොයා ගත හැකිය.

 ජෙනිෆර් කැතලීන් ෆිලිප්ස් විසින් නිර්මිත අන්තර් ප‍්‍රහේලිකා කවි එවැන්නකි. මෙහිදී සංයුක්ත කවියෙහි ආකෘතික ශක්‍යතාව මෙන්ම එම ආකෘතිය තුළ අන්තර්ගත චමත්කාරය උපදවන රසඥතාවද මොනවට විශද වේ. එපමණක් නොව සංයුක්ත කවියෙහි හරය වන ආකෘතිය නිරතුරුවම රසය හා බැඳී පවතින ආකාරයද මෙම`ගින් සූචිතය. 04.2. සංයුක්ත කවිය හමුවේ ඇති ප‍්‍රතිරෝධතා සම්ප‍්‍රදායය හා ප‍්‍රතිරෝධය යන වචන යුගලය නූතන කලා නිර්මාණ විචාරයේදී සුපරිචිතය. ලාංකේය සමාජයේ සහ විශ්ව සාහිත්‍යයේ පවා සාම්ප‍්‍රදායික මතය උල්ලංඝනය කළ බොහෝ කලා නිර්මාණ ජන වාරණයට ලක් නොවී වාරණීකරණයට ලක්විය. එහෙත් පාඨක සමාජය කේන්ද්‍රගත විය යුත්තේ සාම්ප‍්‍රදායික මතය විනාශ කිරීමටවත්, ඒ මතයේම ආලම්බනය වීමටවත් නොවේ. ආචීර්ණකල්පික ජන සම්මත කලා නිර්මාණ අධ්‍යයනය කර නව ප‍්‍රවේශයන්ට නතු වීමයි. සංයුක්ත කවිය ගතානුගතික පද්‍ය සම්මතයන්ගෙන් නිදහස් වූවකි. පාරම්පරික පද්‍යයෙහි සුසාධිත එළිසමය, විරිත, ඡුන්දස ආදි ව්‍යාකරණීය බැමිවලින් විනිර්මුක්ත සාහිත්‍ය ශානරයක් ලෙස සංයුක්ත කවිය හැඳින්විය හැකිය. මෙම සාධක අන්වීක්‍ෂණයේදී සංයුක්ත කවියා යනු අසීමිත නිදහසක් භුක්ති විඳින්නෙකු බව වටහා ගත හැකිය. මේ අයුරින් සංයුක්ත කවියා පාරම්පරික කවි ම`ග වෙනස් කර නව දිශානතියකට යොමු කිරීම නිසාම ඒ සඳහා දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල විය. සංයුක්ත කවිය පිළිබඳ ගවේෂණයේදී එම ප‍්‍රතිරෝධතා මනා ලෙස විමසා බැලිය යුතුය. මන්ද, එම ප‍්‍රතිරෝධතා ම`ගින් සංයුක්ත කවිය පිළිබඳ විශාල කරුණු රැුසක් හෙළි වන නිසාය. එවැනි ප‍්‍රතිරෝධතා කිහිපයක් මතු දැක්වේ.  සංයුක්ත කවිය ‘කවියක්’ නොව චිත‍්‍රයකි  සංයුක්ත කවිය වර්ණ ගැන්විය නොහැකිය  දාර්ශනික සංකල්ප ඉදිරිපත් කළ නොහැකිය  වෙනත් භාෂාවලට පරිවර්තනය කළ නොහැකිය  පාඨකයාට සමීප විය නොහැකිය  බහුපාර්ශ්වීය වීමට නොහැකිය සංයුක්ත කවිය ‘කවියක්’ නොව චිත‍්‍රයකි භාෂාව සංඥා ද්වයකින් සමන්විතය. එය ශ‍්‍රව්‍ය සංඥාව සහ දෘශ්‍ය සංඥාව වශයෙන් ප‍්‍රථිතය. මෙම වචනද්වයෙන් ජනමන ආලෝලනය කර ඇත්තේ ශ‍්‍රව්‍ය සංඥාවයි. එනිසා පාඨක සමාජය අනායාසයෙන්ම හුරු වී ඇත්තේ ශ‍්‍රවණ කෙන්ද්‍රීය භාෂා රටාවකටය. සංයුක්ත කවියෙහි ඇති දෘශ්‍යරූපී භාෂා රටාව ලාංකේය පාඨක සමාජය ග‍්‍රහණය කර ගැනීමට පමා වන්නේ එනිසාවෙනි. ඒ අනුව ලාංකේය පද්‍ය සම්ප‍්‍රදායයෙහි ශ‍්‍රවණීය භාෂා ධූරාවලිය දෘශ්‍යමය ලක්‍ෂණයන්ට නතු කරනු ලැබුවේ සංයුක්ත කවියයි. එහෙයින් සාමාන්‍ය සඳැස්, නිසඳැස් කාව්‍ය නිර්මාණයේදී සහ වින්දනයේදී ඇති වන වියුක්ත තත්ත්වය වෙනුවට සංයුක්ත කවියේදී වින්දනය සැපයෙන්නේ මූර්ත තත්ත්වයකිනි. එම මූර්තිමත් බව නැතහොත් චිත‍්‍රමය ස්වභාවය වටහා නොගත් රසිකයෝ සංයුක්ත කවිය ‘කවියක්’ නොව චිත‍්‍රයකැයි චෝදනා කරති. සංයුක්ත කවිය චිත‍්‍රයක් වන්නේ බැලූ බැල්මට පමණි. එහෙයින් සංයුක්ත කවිය කියවීමට වඩා බලා රසවිඳිය යුතුය. සංයුක්ත කවියේ දෘශ්‍යමය රටා තුළ ඇත්තේ චිත‍්‍රමය ස්වභාවයකි. එහෙත් සංයුක්ත කවිය කවියක් මිස චිත‍්‍රයක් නොවේ. එහෙත් සංයුක්ත කවිය චිත‍්‍ර කලාවට බෙහෙවින් සමානය. සංයුක්ත කවියෙහි ඇති චිත‍්‍රමය ලක්‍ෂණ විමර්ශනයේදී ඒ බව පසක් කර ගත හැකිය. චිත‍්‍රයක් ලෙස හඳුන්වනු ලබන්නේ රේඛා හා වර්ණ සංයෝජනය ආදි කාරණා නිසාවෙනි. එහෙත් සංයුක්ත කවිය තුළ ඇත්තේ රේඛාවත් වර්ණ සංයෝජනයවත් නොව අකුරු හා වචන සංයෝජනයයි. එය අකුරු කැබලි, වචන කැටි, තනි වචන, තනි අකුරු ආදියෙන් අලංකාරවත් වෙයි. එනිසා කවිය හා චිත‍්‍රය බලා රසවිඳිය යුතු වුවත්, එහි ඇත්තේ මාධ්‍ය දෙකක් සහ අරමුණු දෙකක් බව වටහා ගත යුතුය. එසේම සංයුක්ත කවිය තුළ ඇත්තේ භාෂාවෙහි අකුරු හා වචන ම`ගින් මවන දෘශ්‍යමය කාව්‍ය ලක්‍ෂණයන්ය. සැමවිටම භාෂාවෙහි අකුරු හා වචන තුළ ඇති දෘශ්‍යරූපී බව වටහා ගන්නේ නම් සංයුක්ත කවිය චිත‍්‍රයක් නොවේයැයි තේරුම් ගැනීමට අපහසු නැත. මතු දැක්වෙන නිදසුනෙන් රූපීය ස්වභාවයෙන් කතා කරන සංයුක්ත කවියේ ආස්වාදය මනාව පාඨකයාට සමීප කරවයි. ආශාව සංයුක්ත කවිය වර්ණ ගැන්විය නොහැකිය සාමාන්‍යයෙන් කවි වර්ණ ගැන්විය නොහැකිය. වර්ණ සංයෝජනයෙන් රසය දනවනු ලබන්නේ චිත‍්‍ර ශිල්පියාය. කවියෙහි රසය උද්දීපනය කරනු ලබන්නේ ආකෘතික අලංකාරයන්ගෙන් සහ භාෂාමය අලංකාරයන්ගෙන්ය. එහෙත් ඇතැම්හු සංයුක්ත කවියෙහි ඇති දෘශ්‍යරූපී ස්වරූපය දැක චිත‍්‍රයක් මෙන් සංයුක්ත කවියද වර්ණ ගැන්විය යුතුයැයි සිතති. අවශ්‍ය නම් සංයුක්ත කවිය වර්ණ ගැන්විය හැකිය. එහෙත් එම`ගින් සිදු වන්නේ කවියක ඇති සාහිත්‍යමය ස්වභාවය විනාශ වීමයි; ස්වාභාවිකත්වය නැතිවීමයි. ඇතැමෙකු කවිය කළු ගලකින් නෙලූ පිළිමයකට සමාන කරන්නේ එබැවිනි. මන්ද, සැබෑ මූර්තිය තුළ වර්ණ සංයෝජනයක් නොමැති නිසාවෙනි. ඒ පිළිමය විවිධාකාරයේ පාට ම`ගින් වර්ණවත් කිරීම තුළ සිදු වන්නේ එහි ඇති පෞරුෂය නැති වී යාමයි. බොහෝ සංයුක්ත කවි තුළ වර්ණ ගැන්වීමේ ශක්‍යතාව නොමැති වුවත්, යම් යම් කවි වර්ණ ගැන්විය හැකිය. එහෙත් එහි පවතින ස්වාභාවිකත්වය ඉන් ආරක්‍ෂා වනවාද යන්න ගැටලූවකි. මෙම නිදසුන බලන්න. සංයුක්ත කවි වර්ණ ගැන්වීම තුළ එයට සිදුවන වාසියට වඩා හානිය ප‍්‍රබල බව ඉන් ඒත්තු ගැන් වේ. දාර්ශනික සංකල්ප ඉදිරිපත් කළ නොහැකිය සිංහල පද්‍ය සම්ප‍්‍රදායය මහා සම්ප‍්‍රදායය සහ චූල සම්ප‍්‍රදායය වශයෙන් කොටස් දෙකකට ප‍්‍රභේදගත කර දැක්වේ. එම`ගින් දාර්ශනික සංකල්පවලින් යුත් විදග්ධ පද්‍ය සම්ප‍්‍රදායයක් සහ එයින් වියුක්ත වූ සාමාන්‍ය පද්‍ය සම්ප‍්‍රදායයක් පිළිබඳ සූචනය කෙරේ. ඇතැම්හු පද්‍යයක ඇති පණ්ඩිතපි‍්‍රය ස්වභාවය උසස් කොට සලකති. එහෙත් කිසියම් කවියක් පණ්ඩිතප‍්‍රිය වූ පමණින් උසස් සංරචනයක් වශයෙන් හෝ තදන්‍ය වූ පමණින් හුදු ප‍්‍රලාපයක්යැයි බැහැර කළ නොහැකිය. ඇතැම් විචාරකයෝ සංයුක්ත කවිය දාර්ශනික සංකල්ප විග‍්‍රහ කළ නොහැකි කාව්‍ය ප‍්‍රවණතාවකැයි මැසිවිලි නගති. එහෙත් එම ප‍්‍රතිරෝධතාව සර්ව සම්පූර්ණ ප‍්‍රකාශයක් ලෙස පිළිගත නොහැකිය. මන්ද යත්, සම්මත පද්‍ය ආකෘතීන්ට වඩා සංයුක්ත පද්‍ය ආකෘතිය ම`ගින් අභිව්‍යක්තියක් සැපයීමට හැකි නිසාය. ඒ තුළ දාර්ශනික සේම විදග්ධ ප‍්‍රිය සංකල්පනාවන් නිලීන වී ඇත. මෙම උදාහරණය ඒ සඳහා එක් නිදසුනකි. ලාංකේය සමාජයෙහි සිංහල දෙමළ යුද්ධය පදනම් කරගෙන ඇති වූ සමාජීය විනාශය හා මිනිස් චින්තන විපර්යාසය පිළිබඳ සුවිශිෂ්ට ධාරණාවක් මෙම`ගින් ඒත්තු ගන්වා ඇත. එසේම මෙම උද්ධරණය ම`ගින්ද සංයුක්ත කවියෙහි අභිව්‍යක්තිය වටහා ගත හැකිය. ස්ත‍්‍රිය හා පුරුෂයා අතර ඇති ඒකාබද්ධ සම්බන්ධතාව මතින් ගොඩනැගෙන සමාජ යථාර්ථය කවියා ගොඩනගා ඇත්තේ අකුරු තුනක් පමණක් උපයෝගී කරගනිමින්ය. ඊට අමතරව මෙම කවිය කතෝලික සංකල්ප ඔස්සේ විග‍්‍රහ කිරීමේදී තව තවත් අර්ථාන්විත වේ. එනම් ලෝකයේ ආරම්භය පිළිබඳ කතෝලික ආගමේ දැක්වෙන විග‍්‍රහය අනුව දෙවියන් වහන්සේ ආදම් සහ ඊව් යන ස්ත‍්‍රී පුරුෂ දෙදෙනා නිර්මාණය කරති. ඒ පිළිබඳ බයිබලයේ එන සටහනට අනුව ඔවුනට තහනම් ගහේ ගෙඩි කෑමට සර්පයෙක් උදව් කරයි. ඒ අනුව කවියෙහි ඇතිිී’ අකුරෙහි නැමියාවෙන් සර්පයාද,ිය’ සහිැ’ අකුරෙන් ආදම් සහ ඊව් අර්ථවත් කළායැයිද සිතිය හැකිය. ඒ අනුව සංයුක්ත කවිය තුළ දාර්ශනික සංකල්පනා සඳහා ඉඩක් නැතැයි පැවසීමට අපහසුය. මෙහිදී පසිඳ ගත යුතු සුවිශේෂී කාරණාවක් ඇත. එනම් සංයුක්ත කවිය දාර්ශනික සංකල්ප ඉදිරිපත් කරන විදග්ධ කාව්‍ය ආකෘතියක් නොවන බවයි. එම`ගින් සිදුවන්නේ හැ`ගීම් දැනවීමක්ය. එහෙත් එහි දාර්ශනික සංකල්ප ඇතමෙකු අපේක්‍ෂා කරන්නේ නම් එම සංකල්පද සංයුක්ත කවිය තුළ සාධනය කර ඇති බව වටහා ගත යුතුය. වෙනත් භාෂාවලට පරිවර්තනය කළ නොහැකිය කලා නිර්මාණයක් වෙනත් සංස්කෘතියක් දැන හඳුනාගනු ලබන්නේ ඒ ඒ භාෂාවලට පරිවර්තනය වීමෙන්ය. පාඨක සමාජය තුළ පරිවර්තිත නවකතා, කෙටිකතා, පද්‍ය සඳහා දක්වන රුචිකත්වය ම`ගින් ඒ බව වටහා ගත හැකිය. එනිසා සංයුක්ත කවියද අනෙක් භාෂාවලට පරිවර්තනය වීම තුළ විවිධ සංස්කෘතීන්හි වෙසෙන්නවුන්ට රසවිඳීමට ම`ග පැදේ. එහෙත් අනෙක් කාලා නිර්මාණ මෙන් සංයුක්ත කවිය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කළ නොහැකි බව ඇතැමුන් තුළ ඇති තවත් විරෝධාකල්පයකි. එසේම වෙනත් සංස්කෘතියකට අයත් සාහිත්‍ය ශානරයක් ආලෝචනයේදී එය මනාව රසවිඳිය හැකි වන්නේ ඒ සංස්කෘතිය පිළිබඳ යම් අවබෝධයක් තිබීමෙන් පමණි. නැතහොත් දැනීමක් තිබීමෙන් පමණි. විවිධ සංස්කෘතීන් තම නිර්මාණයට සමීප කර ගන්නා බොහෝ නිර්මාණකරුවන් එය සිදු කරනු ලබන්නේ ඒ ඒ සංස්කෘතීන් පිළිබඳ විශේෂ අධ්‍යයනයෙන් පසුවය. එහෙයින් පද්‍යයෙහි වුවද එහි ආත්මගත රසය විඳීමට නම් කතුවරයාගේ සංස්කෘතික කාරණා පිළිබඳ දැනීමද වටනේය. ඇතැමුන් සංයුක්ත කවිය වෙනත් භාෂාවලට පරිවර්තනය කළ නොහැක්කක් ලෙස අර්ථ ගන්වා එය ප‍්‍රතිරෝධිත කාරණයක් වශයෙන් දක්වන්නේ එහෙයිනි. එහිදී වටහා ගත යුතු සුවිශේෂී කාරණාවක් ඇත. එනම් කිසිවිටක චිත‍්‍රයක් වෙනත් භාෂාවකට පෙරළිය නොහැකිය. මන්ද, දෘශ්‍යරූපයක් වෙනත් භාෂාවකට පෙරළිය නොහැකි නිසාය. සංයුක්ත කවියෙහි ඇති දෘශ්‍ය කේන්ද්‍රීයතාව මූලික කරගනිමින් එයද වෙනත් භාෂාවකට නැගීම තරමක් අපහසුය. එහෙත් එය සංයුක්ත කවියෙහි දුර්වලතාවක් හෝ ප‍්‍රතිරෝධිතයක් හෝ නොවේ. ඒ සඳහා හේතු වන්නේ එහි ඇති දෘශ්‍යරූපී ස්වභාවයයි. එහෙත් මෙම කවිය වෙනත් භාෂාවකට පෙරළා ගත හැකි ක‍්‍රමවේදයක්ද පවතී. එය ඉතාම පහසු ක‍්‍රමවේදයකි. එහිදී කළ යුත්තේ කවියෙහි මාතෘකාව පමණක් පරිවර්තන කර මුල් කෘතියේ අඩංගු භාෂාත්මක ද්‍රව්‍ය ඒ ආකාරයෙන්ම තැබීමයි.
 ඊට අමතරව කවියෙහි පදවල අර්ථයද අවශ්‍ය නම් ඒ ඒ භාෂාවලට පරිවර්තනය කළ හැකිය. පාඨකයාට එම පදවල අර්ථයට අනුව කවිය රසවිඳිය හැකිය. එය කළ යුත්තේ මේ ආකාරයෙන්ය. ඇගේ මහලූවිය ්‍යැර දකා්ටැ අනෙකුත් කලා නිර්මාණයන්ට වඩා සංයුක්ත කවිය වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම ඉතා පහසු ක‍්‍රියාවකි. එහිදී ඒ ඒ රටවල සංස්කෘතිය පිළිබඳ යම් දැනීමක් ඇත්නම් එම`ගින් ඉහළ වින්දනයක් ලබා ගත හැකිය. පාඨකයාට සමීප විය නොහැකිය සංයුක්ත කවියක් බැලූ බැල්මට වටහා ගත නොහැකිය. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ සංයුක්ත කවිය සාමාන්‍ය කවියක් නොවීමයි. එනිසා සංයුක්ත කවිය වටහා ගැනීමට නොහැකි, පාඨකයාට සමීප නොවන කවියකැයි ඇතම්හු දුර්මුඛ කරවති. එහෙත් සංයුක්ත කවියෙහි ඇති වහා නොවැටහෙන සුලූ ස්වභාවය. එම කවියටම අනන්‍ය වූවකි. ඊටත් වඩා සාමාන්‍යයෙන් පාඨක ඉන්ද්‍රියයන් හුරු පුරුදු වී ඇත්තේ බලා රසවිඳීමට නොව කියවා රසවිඳීමටය. එහෙයින් ශ‍්‍රවණේද්‍රියයෙන් මිදීම පාඨක සමාජයට උගහට කරුණක් වී ඇත. එම සාධකයෙහි පිහිටා බෙහෝ දෙනා සංයුක්ත කවිය වටහා ගැනීමට අපහසු, පඨාකයාට සමීප නොවන පද්‍ය ප‍්‍රවණතාවක්යැයි අර්ථකථනය කරති. එහෙත් පාඨකයා භාෂාවේ දෘශ්‍යමය ස්වභාවය වටහාගන්නේ නම් සංයුක්ත කවිය පහසුවෙන්ම රසවිඳිනු ඇත. බහුපාර්ශ්වීය වීමට නොහැකිය නිර්මාණයක් තුළ පැනෙන රසවින්දනය සමස්ත පාඨක ප‍්‍රජාව සඳහා අදාළ කිරීම අපහසු කර්තව්‍යකි. එය සංයුක්ත කවියට සහ ඕනෑම කාව්‍ය ප‍්‍රවණතාවකට අදාළ වන්නකි. සංයුක්ත කවිය සඳහා එල්ල වන තවත් ප‍්‍රතිරෝධයක් මේ හා සම්බන්ධය. එනම් සංයුක්ත කවි අන්ධ පුද්ගලයන්ට වටහා ගත නොහැකි වීමයි. වෙනත් කවියක ඇති පදගතාර්ථය ඔවුනට ඇසෙන සේ කියවිය හැකි වුවත් සංයුක්ත කවියෙහි ඇති දෘශ්‍යමය ස්වභාවය කරණකොටගෙන නියම රසඥතාව දැනවිය නොහැකිය. එහෙත් එම ප‍්‍රතිරෝධය තුළ සාධාරණත්වයක් ගැබ් වී නොමැත. මන්ද, එම ප‍්‍රකාශනය ඕනෑම කලා නිර්මාණයක් සඳහා අදාළ වන බැවිනි. උදාහරණයක් වශයෙන් කන් බිහිරි පුද්ගලයන්ට සම්මත සුසාධිත කවියෙහි රිද්මය දැනවිය නොහැකිය. එසේම මොනාලිසා වැනි චිරප‍්‍රසිද්ධ කලා නිර්මාණයක් තත්ත්වාකාරයෙන් අන්ධ පුද්ගලයෙකුට රසවිඳිය නොහැකිය. එනිසා මෙවැනි කාරණා සංයුක්ත කවිය සඳහා පමණක් අදාළ කර ගත නොහැකිය. විචාරකයන් සංයුක්ත කවිය සඳහා දක්වා ඇති ප‍්‍රතිරෝධ තදුක්ත ධාරණා තුළ ප‍්‍රකාශිතය. එම සාධකයන් තුළින් සංයුක්ත කවිය පිළිබඳ ගැඹුරට විමසා බැලීමේ චින්තන ශක්තියද මුවහත් කරනු ලබයි. එහෙයින් ඕනෑම පද්‍ය ආකෘතියක් සර්ව සම්පූර්ණ, පාඨක රසවින්දනයෙන් සුසාධිත ශානරයක් වශයෙන් වෙන් කළ නොහැකිය. ඒ තුළ කුමන හෝ අඩුපාඩුවක් ඉතිරි වීම ස්වාභාවික වූවකි. මන්ද පාඨක රසඥතාවෙහි ඇති විවිධත්වය නිසාවෙනි. එම විවිධත්වය නව ප‍්‍රවේශයන් සඳහා මං පෙත් විවර කරනු ලබයි. එලෙස නව ප‍්‍රවේශයන් ඔස්සේ නිපන් සංයුක්ත කවිය අදට වඩා හෙටට වලංගු වනු නියතය. 04.3. ලාංකේය සංයුක්ත කාව්‍යයේ න්‍යාය පිළිබඳ එළඹිය හැකි නිගමන අනුරාධපුර යුගයේ සිට වැටෙමින් ප‍්‍රථිත සිංහල පද්‍ය සම්ප‍්‍රදායයේ විවිධාකෘතික ප‍්‍රවණතාවන් තත් යුගයන්ට අනුචිතව විරාජමාන වන්නට විය. එම ආකෘතික ප‍්‍රවණතාවන් ගී, සිව්පද, දස පද, දොළොස් පද, බැහැලි, උපහැලි, අඹහැලි, චිත‍්‍ර බන්ධන, දුෂ්කර බන්ධන, සිලෝ විරිත්, නිසඳැස් ආදි නාමයන්ගෙන් සුවිශදය. මේවා සිංහල පද්‍යය නමැති වෘක්‍ෂයෙහි සුපුෂ්පිත පුෂ්පයන් හා සමානය. ඒ අනුව ලාංකේය සමාජය තුළ පද්‍ය සංස්කෘතියක අනුක‍්‍රමණය සිදුවන්නේ එලෙසින්ය. මෙවැනි බහුසම්මත පද්‍ය සම්ප‍්‍රදායයක අසම්මත, නිර්පාරම්පරික මතවාදයන්ගෙන් සමන්විත පද්‍ය සම්ප‍්‍රදායයක නව ආගමනයේ සන්ධිස්ථානය සනිටුහන් වන්නේ කොළඹ යුගයේ සම්ප‍්‍රාප්තියෙනි. නූතනවාදී සාහිත්‍යයෙහි බලපෑම මත ගොඩනැගෙන කොළඹ යුගයේ ලාංකේය පද්‍ය ආකෘතිය නව අද්දැකීම් සමුදායක් පාඨක සමාජයට තිළිණ කරයි. එම නව ආකෘතික ප‍්‍රතිපදාවන්හි නියැලූණ සිංහල සාහිත්‍ය න්‍යායවේදියාගේ නව්‍යතම ගිමන්හල සංයුක්ත කවියයි. ඒ අනුව ලාංකේය පද්‍යාකෘතියෙහි සංයුක්ත කවියෙහි ආස්ථානය කවරේදැයි මුලින් සමාලෝචනය කළ යුතුය. ඉහතදී දක්වන ලද ගී, සිව්පද ආදි ලාංකේය පද්‍ය ආකෘතියේ ගමන් ම`ග කොළඹ යුගයට පැමිණෙන තෙක් කේන්ද්‍රගත වූයේ ශ‍්‍රවණේද්‍රියයි. කව්සිළුමිණ හා සියබස්ලකර කෘති තුළ හා මාතර යුගයේදී ප‍්‍රචලිත චිත‍්‍ර බන්ධන හා දුෂ්කර බන්ධන තුළ දෘශ්‍යරූපී අත්හදා බැලීම් දක්නට ලැබුණද එම යුගවල බලපැවැත්වූයේ ශ‍්‍රවණීයතාවයි. එනිසා සිංහල පද්‍යාකෘතිය තුළ සංයුක්ත කවියේ ආස්ථානය පැහැදිලිය. එනම් ලාංකේය පද්‍ය ආකෘතිය තුළ විප්ලවීය සටහන තබන්නේ සංයුක්ත කවියයි. ශ‍්‍රව්‍ය කේන්ද්‍රීය සම්මත පද්‍යයට දෘශ්‍ය කෙන්ද්‍රීය භාෂා භාවිතය හඳුන්වා දෙනු ලබන්නේ මෙම පද්‍ය ප‍්‍රවණතාව ඇසුරෙන්ය. කවි ඇසූ, කවි කියවූ ලාංකේය ජනයා කවි බැලීමට පුරුදු වන්නේ සංයුක්ත කාව්‍යයේ ආගමනයෙන් පසුවය. එනිසා විවිධ පද්‍ය ආකෘති තුළ සම්භාවිත ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයෙහි නූතනවාදී ආස්ථානය සංයුක්ත කවිය බව මෙහිදී පසක් කර ගත හැකිය. සංයුක්ත කවිය තුළ ඉඩ හසර වෙන් වී ඇත්තේ නිදහස්කාමී නිර්මාණකරුවාටය. නීති රීති, බැමි හා සම්මතයන්ගෙන් සංයුක්ත කවිය නිදහස්ය. එනිසා සංයුක්ත කවිය සඳහා වෙන්වූ සම්මත, නියමිත නීති රීති හෝ න්‍යාය නොමැත. දෘශ්‍ය රූපී ආකෘති තුළ භාෂාමය සංඥා රූපණයට මෙහිදී පූර්ණ ප‍්‍රස්තාව වෙන්වෙයි. එහෙයින් න්‍යාය හෝ නීති රීති දමා සංයුක්ත කවියේ ප‍්‍රකාශන මාධ්‍යය ලඝු කිරීමට සාහිත්‍ය න්‍යායධරයෝ උත්සාහ නොකරති. ඒ අනුව සංයුක්ත කවිය තුළ විශේෂ න්‍යායයක් නොමැති වුවත් සිංහල සංයුක්ත කවිය තුළ සංරචිත කාව්‍ය පිළිබඳ එළඹිය හැකි නිගමන කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.  සිව්පද, දෙපද, සිලෝ, නිසඳැස් පද්‍යාකෘතීන්ට වඩා ආකෘතිය ප‍්‍රබල වීම  ඕනෑම ප‍්‍රස්තූතයක් සංයුක්ත කාව්‍ය නිර්මාණයට අදාළ කර ගත හැකිවීම  පරිකල්පන ශක්තියේ ධාරිතාව සංයුක්ත කවියේ රසඥතාවට බලපෑම  පෞද්ගලිකත්වය ඉස්මතු වීම  සංස්කෘතික රාමුවට අනුගත වී තිබීම  ස්වාත්මික බුද්ධියෙන් කියවිය යුතු වීම  ශානරීය ව්‍යුහය හඳුනා නොගැනීම  වෙළඳ දැන්වීම් සඳහා සංයුක්ත ලක්‍ෂණ භාවිත කිරීම  සංයුක්ත කවියේ ඇතැම් ආකෘතික ලක්‍ෂණ භාවිත නොකිරීම ලක්දිව ප‍්‍රචලිත ආකෘති අතර පද්‍යයෙහි සමස්ත ධාරණාව ආකෘතිය ම`ගින් ගම්‍යමාන කරන පද්‍ය ප‍්‍රවණතාව සංයුක්ත කවියයි. ඒ බැව් යථෝක්ත මාතෘකා තුළ සංරචිත සාධක ම`ගින් ප‍්‍රත්‍යක්‍ෂ විය. ඒ අනුව ලාංකේය පද්‍යාකෘති විමර්ශනාත්මකව ආලෝචනය කිරීමේදී ප‍්‍රබලම ආකෘතික ශක්‍යතාවන් පිළිබිඹු වන්නේ සංයුක්ත කවිය තුළ බව පැහැදිලිය. ඡුන්දස් හා විරිත් ආකෘතීන්ට වඩා නිසඳැස පහසු වන අතර නිසඳැස් ආකෘතියට වඩා සංයුක්ත කාව්‍ය ආකෘතිය ප‍්‍රබල වන බව මෙහිදී විද්‍යමාන වෙයි. ඒ අනුව ලාංකේය සංයුක්ත කවියේ ආකෘතික ප‍්‍රබලත්වය මෙම කවිය පිළිබඳ එළඹිය හැකි එක් න්‍යායාත්මක නිගමනයකි. දක්‍ෂ පද්‍ය නිර්මාණකරුවා ඕනෑම ප‍්‍රස්තූතයකට සරිලන සේ පද්‍ය නිර්මාණය කිරීමට සමත් වෙයි. විවිධ රටවල සංයුක්ත කවි නිරීක්‍ෂණයේදී ඕනෑම ප‍්‍රස්තූතයකට සරිලන සේ දෘශ්‍යරූපී රටා මැවීමට සංයුක්ත කාව්‍ය නිර්මාණකරුවා පෙලඹී ඇත. ලාංකේය සංයුක්ත කාව්‍යයෙහි එම ශක්‍යතාව තත්ත්වාකාරයෙන්ම විද්‍යමාන වන්නේ නැත. එහෙත් එම ශක්‍යතාව යම්තාක් දුරකට ජයගැනීමට ලාංකේය නිර්මාණකරුවා සමත් වී ඇත. සමස්ත සංයුක්ත කවිය තුළ පැනෙන දෘශ්‍යතා ලක්‍ෂණ අන්වීක්‍ෂණයේදී එළඹිය හැකි න්‍යායාත්මක නිගමනයක් ලෙස මෙම කාරණාවද දැක්විය හැකිය. එනම් මිනිසාගේ පරිකල්පන ශක්තිය සංයුක්ත කවියේ රසඥතාව විඳගැනීමට හේතුවීමයි. එහෙත් සාමාන්‍ය කවියක් ලොකු කුඩා භේදයකින් තොරව විඳගැනීමේ හැකියාවක් තිබේ. ඒ සඳහා පරිණත පරිකල්පන ශක්තියක් අනවශ්‍යය. ‘‘රෝස මලේ නටුවෙ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි’’ මෙම කවිය තුළ ව්‍යංග්‍යාර්ථවත් කාරණා අන්තර්ගත වුවද එහි ප‍්‍රකාශිත සාමාන්‍ය යථාර්ථය ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එහෙත් පරිකල්පන ශක්තිය නොමැතිව සංයුක්ත කවියේ රසය විඳීම උගහට කරුණකි. එය ඕනෑම තරාතිරමක කෙනෙකුට එකවරම වටහා ගැනීමට නොහැකිය. විශේෂයෙන්ම කුඩා ළමයින්ට එවැනි කවි ගෝචර වන්නේ නැත. එහෙත් කුඩා ළමයින්ට ගෝචර වන වස්තු විෂයයන් හා අනුභූතීන් උපයෝගී කරගනිමින් සංයුක්ත කවි නිර්මාණය කිරීමේ හැකියාවක් ඇත. සංයුක්ත කවිය තුළ ඒ සඳහා වැඩි ඉඩකඩක් වෙන් වී නොමැත. එනිසා සංයුක්ත කවියේ රසය විඳගැනීම සඳහා පරිකල්පන ශක්තිය මනා පිටුවහලක් වනු ඇත. එය ලාංකේය සංයුක්ත කවිය පිළිබඳ එළඹිය න්‍යායාත්මක නිගමනයකි. එසේම ලාංකේය සංයුක්ත කවි සඳහා බොහෝ දුරට වස්තු විෂය වී ඇත්තේ පෞද්ගලික හැ`ගීම් ඉස්මතු වන කාරණාය. එම කවිවල අර්ථයන් ක්‍ෂණයකින් වටහා ගැනීමට නොහැකි වන්නේ එහෙයිනි. එය සංයුක්ත කවියට හානියක් නොවේ. සංයුක්ත කවියට අනන්‍ය වූ ලක්‍ෂණයකි. එමෙන්ම සංස්කෘතික රාමුගත කවිද ඒ තුළ දැකගත හැකිය. ඕනෑම කලා නිර්මාණයකට තමන් නියෝජනය කරන සංස්කෘතියෙන් වියුක්ත විය නොහැකිය. එම ලක්‍ෂණය සංයුක්ත කවියටද ඒ අයුරින්ම අදාළ වේ. ඊට අමතරව පෞද්ගලිකත්වයෙන් මිදී විශ්වීය ප‍්‍රස්තූතයන් තුළ නිර්මිත සංයුක්ත කවි ලාංකේය සමාජය තුළ දුලබය. මීට අමතරව ශානරීය ව්‍යූහයන් හඳුනා නොගැනීම සහ ස්වාත්මික බුද්ධියෙන් කියවීම යන සාධකයන්ද සංයුක්ත කවිය පිළිබඳ එළඹිය හැකි න්‍යායාත්මක නිගමනයන්ය. ලාංකේය පාඨක සමාජය සංයුක්ත කවිය නියමාකාරයෙන් හඳුනා නොගන්නේ එහෙයිනි. ඒ සාහිත්‍ය ශානරයන්ට ආවේණික ව්‍යූහමය අංග මෙන්ම ඒවා බාහිර සම්මතයන්ට ගැති නොවී තමාගේම බුද්ධියෙන් කියවීම තුළ සංයුක්ත කවියෙහි මුඛ්‍යාර්ථයට ළ`ගා විය හැකිය. එසේම ලාංකේය සංයුක්ත කාව්‍යයේ නව්‍යතම සුවිශේෂී ලක්‍ෂණයක් දැකගත හැකිය. එනම් එදිනෙදා පුවත්පත්වල පළවන විවිධ වෙළඳ දැන්වීම් ස`දහා සංයුක්ත කාව්‍ය ලක්‍ෂණ උපයෝගී කර ගැනීමයි. පහත දැක්වෙන්නේ එවැනි දැන්වීම් කිහිපයකි. මේ වෙළඳ දැන්වීම් පාඨකයා ඉතා රුචිකත්වයෙන් කියවනු ඇත. එහෙත් මෙහි ඇති ආකෘතික ලක්‍ෂණ දෙස ඕනෑකමින් බැලීමේදී ඒ තුළ ඇත්තේ සංයුක්ත ලක්‍ෂණ බව අවබෝධ කරගත හැකිය. මෙම දෘශ්‍යරූපී හැඩතලය කාව්‍යමය අනුභූතියක් හරහා පාඨකයා හා සමීප කරවීම සංයුක්ත කවියෙන් සිදු වේ. නූතන ලෝකය තුළ සංයුක්ත කවිය සඳහා රුචිකත්වයක් දක්වන දනා බොහෝය. එනිසා සංයුක්ත කවියේ නව ප‍්‍රවේශයන් සොයා යෑමට ඔවුහු නිබඳව උත්සුක වෙති. නානා ආකෘතික රටා ඔවුහු ඒ සඳහා යොදා ගනිති. ප‍්‍රහේලිකා සංයුක්ත කවි ඒ අතර විශේෂ තැනක් ගනී. එහෙත් ලාංකේය සංයුක්ත කවිය තුළ එවැනි නූතන අත්හදා බැලීම් දුර්ලභය. ලාංකේය සමාජයට සංයුක්ත කවිය තවමත් ආගන්තුක තත්ත්වයෙහි පසුවීම ඒ සඳහා හේතු වන්නට ඇත. එහෙත් වත්මන් තරුණ පරපුර මේ පිළිබඳ දැන් දැන් දක්වන රුචිකත්වය ලාංකේය සංයුක්ත කවියේ බහුජන සේවිත අනාගතයක් පිළිබඳ සුබ ලකුණු පහළ කරයි. ඒ අනුව ශ‍්‍රවණේද්‍රියට වඩා චක්‍ෂුන්ද්‍රියට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන නූතන කවි යුගය තුළ සුභවාදී සිංහල සංයුක්ත කවියක ඉදිරි ගමන ඊයේට වඩා අදටත් අදට වඩා හෙටටත් වලංගු වනු ඇත.