UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මිහින්තලා සෙල්ලිපියෙහි භාවිත භාෂාව

Thursday, December 12, 2013

මිහින්තලා සෙල්ලිපියෙහි භාවිත භාෂාව

මිහින්තලා සෙල්ලිපියෙහි භාවිත භාෂාව ප‍්‍රවේශය ඓතිහාසික, පුරාවිද්‍යාත්මක මෙන්ම භාෂාත්මක වශයෙන්ද වැදගත් මූලාශ‍්‍රයයන් ලෙස සෙල්ලිපි හ`දුන්වාදිය හැකිය. තත්කාලීන සමාජයෙහි තොරතුරු ඒ අයුරින්ම මේවායෙහි සටහන්ව තිබීම සෙල්ලිපිවල අගය තීව‍්‍ර වීමට හේතු පාදක වී ඇත. අද්‍යතන යුගයෙහි මෙන් ලේඛන කලාව නොදියුණුව පැවති චිරන්තන අවධියේ ස`දහන් කළ යුතු සැම කරුණක්ම ඉතා කෙටියෙන් හා නිරවුල්ව ශිලාලේඛනය තුළ අන්තර්ගත කිරීමට නිර්මාණකරුවාට සිදු විය. ඔවුන් රළු ගල්තලාව අක්‍ෂර නිර්මාණය කිරීමට තරම් සුමට වන පරිද්දෙන් සකස් කොට චිරාත් කාලයක් පවතින අයුරින් වැදගත් කරුණු ඒ තුළ අන්තර්ගත කිරීමට වගබලා ගෙන ඇත. සෙල්ලිපි කිහිපයක් හැර සෙසු බහුතරයක් ප‍්‍රමාණයෙන් කුඩා වීමට තත් සාධකය හේතු වන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. සෙල්ලිපි රචනා කිරීම එතරම් උගත් පිරිසක් විසින් සැමවිටම සිදු වී නැති අතර, මුල්කාලීන භාෂාව පිළිබ`ද හො`දම නිදසුන් සෙල්ලිපි ම`ගින් සපයාගත හැකිය. සමස්ත සෙල්ලිපිවල භාෂාව පිළිබ`ද ගැඹුරු අධ්‍යයනයක් කිරීම මෙවැනි ලිපියක් හරහා සිදු කිරීම අතිශය අපහසු කරුණකි. එබැවින් මෙම ලිපිය ම`ගින් අපගේ අවධානය යොමු වන්නේ පොදුවේ සියලූ සෙල්ලිපිවල භාවිත භාෂාව පිළිබ`ද නොව, මිහින්තලා පුවරු ලිපියෙහි භාවිත භාෂාව පිළිබ`දවය. දැනට දීර්ඝතම සෙල්ලිපි අතරින් එකක් වන මිහින්තලා සෙල්ලිපියෙහි භාෂාව තත්කාලීන ව්‍යවහාරික භාෂාවම බව තත් යුගයෙහිම රචිත ග‍්‍රන්ථ හා සැස`දීමෙන් සනාථ වේ. මෙම ලිපිය ම`ගින් සෙල්ලිපි යනු කුමක්දැයි හ`දුනා ගැනීමට හා මිහින්තලා සෙල්ලිපියෙහි භාවිත භාෂාව පිළිබ`ද අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. සෙල්ලිපි යනු පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයයන් අතර සුවිශේෂී ස්ථානයක් සෙල්ලිපිවලට ලැබේ. සෙල්ලිපිවලින් ලබාගත හැකි තොරතුරු විශ්වාසදායී මෙන්ම අභේදනීය වන අතර අන් කිසිදු මූලාශ‍්‍රයයකින් එවැනි සත්‍ය තොරතුරු ලබාගත නොහැකි වේ. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ තත්කාලීන තොරතුරු ඒ ස`දහා පාදක වී තිබීමයි. එහෙත් සෙල්ලිපි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත මූලාශ‍්‍රයයක් වශයෙන් පමණක්ම නොව, සාහිත්යික වශයෙන්ද වැදගත් මූලාශ‍්‍රයයක් වශයෙන් විවිධ අවස්ථාවලදී භාවිත කළ හැකිය. ශිලාලේඛන වශයෙන් හ`දුන්වනු ලබන්නේ කුමක්දැයි සැකෙවින් නමුත් පැහැදිලි කරගැනීම මෙහිදී ඉතා වැදගත් වේ. ‘ගල්තලාවක හෝ ස්තම්බයක හෝ යම්කිසි පුවරුවක යම් විශේෂ කාරණයක් අරබයා නිර්මාණය කරන ලද කිසියම් වැදගත්කමකින් යුක්ත ලියවිල්ල’ ශිලාලේඛන නමින් කෙටියෙන් හ`දුන්වාදිය හැකිය. ලක්දිව පුරාතන ලියවිලි බොහොමයක්ම ශිලාලේඛන ගණයට වැටේ. කි‍්‍ර.පූ. තුන්වන සියවසේදී පමණ සිට සෙල්ලිපි රචනා කිරීම උදෙසා මෙරට ජනයා පෙලඹී ඇති අතර අද වන විට ඒ ඒ යුගයන්හි රචනා කරන ලද සෙල්ලිපි රාශියක් අපට හමු වේ. ‘‘ලංකාවේ ඇති ශිලාලේඛන ප‍්‍රධාන වශයෙන් ලෙන්ලිපි ගිරිලිපි ටැම්ලිපි පුවරුලිපි යනුවෙන් කොටස් කළ හැකිය’’ . ලෙනක හෝ ගුහාවක කටාරම අසල කොටා ඇති එම ලෙන පිළිබ`ද තොරතුරු ස`දහන් වන ලිපිය ‘ලෙන්ලිපි’ නමින් හැ`දින්විය හැකිය. රිටිගල හා වෙස්සගිරි ආදි ලිපි අයත් වන්නේ යථෝක්ත ගණයටය. මේ අතර පිහිටි ගලෙහිම කොටා ඇති ලිපිද හමු වේ. තෝනිගල ලිපිය මේ ස`දහා උදාහරණ වේ. එබ`දු ලිපි ‘ගිරිලිපි’ යනුවෙන් නම් කෙරේ. ‘ටැම්ලිපි’ යනුවෙන් හැ`දින්වෙන්නේ ලිපිය ස`දහාම විශේෂයෙන් ගල්කණුවක් සාදා එහි අත්‍යවශ්‍ය තොරතුරු සංග‍්‍රහ කොට මහජනයා වෙත ප‍්‍රදර්ශනය කරන ලද ලිපි විශේෂයයි. ‘‘රාජසභාවේ සම්මතය පරිදි ඒ ඒ තැන්වලදී දෙන ලද විශේෂ වරප‍්‍රසාද හා රජ ඇමති ආදීන්ගේ නාමයන්ද නියෝගද මේ ලිපිවල දක්නට ලැබේ. මේවා සැබවින්ම මෙකල දක්නට ලැබෙන රජයේ නිවේදන හෝ ගැසට් නිවේදන ලෙසින් සැලකිය හැකි වේ.’’ බදුල්ල නෑගම ආදි තැන්වලින්් ටැම්ලිපි දක්නට ලැබේ. ගල්පුවරුවක හෝ නොඑසේනම් ගල්ලෑල්ලක ලියූ ලිපි හ`දුන්වනු ලබන්නේ ‘පුවරුලිපි’ යන නමිනි. අනුරාධපුරයේ ථූපාරාමය අසලින් එවැනි පුවරු ලිපියක් හමුවේ. මෙම ලිපිය ම`ගින් සාකච්ඡුාවට බ`දුන් වන මිහින්තලා ලිපියද පුවරුලිපි ගණයට අන්තර්ගත වේ. ‘‘දැනට සොයාගත හැකි ලොකුම ලේඛන ඇත්තේ වැඩි හරියක් ගල්පුවරුවලයි. රජයේ නිවේදන හා නීති - රීති සියල්ලම ලියා තිබෙන්නේ ගල්කණුවලත් ගල්ලෑලිවලත්ය.’’ සෙල්ලිපි පිළිබ`ද විමර්ශනයක යෙදෙන මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියෝද සෙල්ලිපි කොටස් හතරකට බෙදා දක්වති . උන්වහන්සේගේ බෙදීමට අනුව ඒවායේ නාමකරණයට භාවිත වදන්වල වෙනසක් පමණක් දක්නට ලැබෙන අතර, විස්තර කථනයෙහි එතරම් වෙනසක් දක්නට නොලැබේ. මිහින්තලා සෙල්ලිපි හෙළදිව පුරාණ සංස්කෘතිය ප‍්‍රතිනිර්මාණය කරන කැඩපත ලෙස මිහින්තලය හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. දෙවන බුදුන් හෙවත් මිහි`දු මාහිමියන්ගේ පාදස්පර්ෂයෙන් ශෝභාවත් වූ මිහින්තලාව බුදුදහමේ පණිවිඩය ලැබීමත් සම`ගම පූජනීයත්වයට පාත‍්‍ර විය. එහි ඓතිහාසිකත්වය මෙන්ම පූජනීයත්වයද, පුරාණ ලක්දිව සංස්කෘතියද ප‍්‍රතිනිර්මාණය කළ ලේඛනයන් ලෙස තත් යුගයේ රචිත මිහින්තලා සෙල්ලිපි හ`දුන්වාදීම හේතු යුක්ත වේ. මහැදුරු අනුරාධ සෙනෙවිරත්නයන්ට අනුව ‘‘ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පටන් ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවස දක්වා වූ කාල පරිච්ෙඡ්දයකට වැටෙන සියවස් හතරකට අයත් වන බ‍්‍රහ්මී සෙල්ලිපි 75ක් පමණ මිහින්තලා භූමියේ ඇත. මෙයින් 58ක් මිහින්තලා කන්දේද, 9ක් රාජගිරි කන්දේද, 8ක් මිහින්තලා ආනයිකුට්ටි කන්දේද ඇත.’’ එහෙත් උක්ත ශිලාලේඛන සියල්ලක්ම පාහේ බ‍්‍රහ්මී අක්‍ෂරවලින් නිර්මාණය කොට ඇත. මෙහිදී අවධානය යොමු වන්නේ බ‍්‍රහ්මී අක්‍ෂරවලින් රචිත උක්ත සෙල්ලිපි කෙරෙහි නොව, ක‍්‍රි.ව. දහවන සියවසෙහි රචිත මිහින්තලේ පුවරු ලිපිය සම්බන්ධවයි. ‘‘මිහින්තලයේ ඇති සියලූම සෙල්ලිපි අතරින් දීර්ඝතම වූත් ප‍්‍රශස්ත වූත් ලේඛනයක් වශයෙන් වැදගත් වන්නේ ක‍්‍රි.ව. 10 වන සියවසට අයත් හතරවන මිහි`දු රජතුමාගේ මිහින්තලා පුවරු ලිපියයි.’’ පැත්තක පේළි පනස්අට (58* බැගින් යුක්ත මිහින්තලා සෙල්ලිපිය කාණ්ඩද්වයකින් සමන්විතය. සිරිස`ගබෝ අභය මහරජතුමා හෙවත් සිව්වන මිහි`දු භූපාලයන්ගේ සමයෙහි මිහින්තලා සෙල්ලිපිය නිර්මාණය වූ බව සෙල්ලිපියෙහි ස`දහන් අයුරින් පිළිගැනීමට සිදුවේ. ප‍්‍රස්තූත සෙල්ලිපියෙහි අක්‍ෂරයක් අ`ගලත් අ`ගල් එකයි කාලත් අතර විශාලත්වයකින් යුක්ත වේ. චිරප‍්‍රසිද්ධ තත් ලේඛනය භික්‍ෂු ශාසනය පිළිබ`ද වැදගත් තොරතුරු රාශියක් ගවේෂණය උදෙසා මහ`ගු පිටු බලයක් සපයයි. අනුරාධපුර යුගයේ අග භාගයට අයත් එම ලේඛනය ම`ගින් සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබ`දවද සපයාගත හැකි තොරතුරු අනල්පය. මෙම ලිපියෙහි හත සහ අට පේළිවලින් ලිපියෙහි පරමාර්ථය දක්වා තිබේ. දැනට හමුවන සුවිශාලම සෙල්ලිපි අතරින් එකක් වන ප‍්‍රස්තූත සෙල්ලිපිය ම`ගින් තත් යුගයේ විහාර පාලනයේ සංවිධානාත්මක බව පිළිබිඹු කෙරේ. විශේෂයෙන්ම මිහින්තලා පුවරුලිපිය වූකලි අභයගිරි හා සෑගිරි යන උභය විහාරයන්හි පනවා තිබූ නීති රීති හා අයබදු සම්බන්ධයෙන් නිර්මාණය වූවක් බව පෙනේ. දහවන ශතවර්ෂය මිහින්තලයේ සෙල්ලිපි සම්බන්ධයෙන් ඉතා සුවිශේෂ වූ කාල පරිච්ෙඡ්දයකි. උක්ත ශතවර්ෂයෙන් පසුව අභිලේඛන කිසිවක් මිහින්තලයෙන් හමු නොවීම එයට ප‍්‍රධාන හේතුවයි. අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය සංක‍්‍රමණය වීමත් සම`ගම එහි වටිනාකමද පාලකයන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් විතැන් වීම මෙයට ප‍්‍රබල සාධකයක් වශයෙන් බලපාන්නට ඇත. තවද, රාජ්‍ය බලය අනුරාධපුර යුගයෙන් පොළොන්නරුවට සංක‍්‍රමණය වීමත් සම`ගම මිහින්තලය හා සම්බන්ධව වැදගත් කිසිවක් සිදුව නැත. මෙයද දහවන ශතවර්ෂයෙන් පසුව මිහින්තලයේ සෙල්ලිපි නිර්මාණය නොවීමට හේතු වන්නට ඇත. මිහින්තලා පුවරුලිපිය වැදගත් වනුයේ ශාසනික වශයෙන් හා ඓතිහාසික වශයෙන් තොරතුරු පර්යේෂණය කිරීමට පමණක් නොව, තත් යුගයේ භාවිත භාෂාව පිළිබ`ද පුළුල් අවබෝධයක් ලබා ගැනීමටද එය ප‍්‍රයෝජනවත් වේ. ‘‘අනුරාධපුර යුගයේ අවසාන භාගයේ වනවිට පැවති හෙළබස් ආර කෙබන්්දක්ද යන්න මෙම ලිපියෙන් මැනවින් අවබෝධ කරගතහැකිි වෙයි. තවද සිංහල භාෂාව සංස්කෘත භාෂාව හා මිශ‍්‍රවීමට පෙර හෙළබස් ආර මේ යැයි දකවන කැටපතක් වැන්න භාෂා සාහිත්‍ය පිළිබ`ද ඉතිහාසය ගැන කරුණු සොයන්නවුනට මේ ලිපිය.’’ මිහින්තලා සෙල්ලිපියේදී භාවිත සුවිශේෂී භාෂා ලක්ෂණ යථෝක්ත සෙල්ලිපියෙහි භාවිත භාෂාව පිළිබ`ද අවධානය යොමු කිරීමේදී තදනුබද්ධ සමාජයේ ව්‍යවහාරික භාෂාව පිළිබ`දවද අවධානය යොමු විය යුතු වේ. මහාචාර්ය විල්හෙල්ම් ෙගෙර්ගගේ යුග බෙදුම්වලට අනුව ක‍්‍රි.ව. 8 - 13 සියවස් මධ්‍ය සිංහල යුගයට අයත් වේ. මිහින්තලා සෙල්ලිපියද තත් කාලපරිච්ෙඡ්දයට අයත් වන බැවින් එහි පැනෙන භාෂා ලක්‍ෂණද මධ්‍ය සිංහල යුගයේ භාෂා ලක්‍ෂණ විය යුතු වේ. එපමණක්ම නොව, මෙම සෙල්ලිපියටම සුවිශේෂ වූ භාෂා ලක්‍ෂණ කිහිපයක්ද මේ තුළින් දැක ගැනීමට හැකි වේ. මෙහිදී යුගයෙහි භාවිත භාෂාව හා සෙල්ලිපියට පමණක් සුවිශේෂ වූ භාෂාව පිළිබ`දවද අවධානය යොමු කෙරේ. x මෙතෙක් සිංහල භාෂාවෙහි දක්නට නොලැබුණු ‘සරඅත් හලත් වෙසෙස’ හෙවත් ස්වරාන්ත හලන්ත වෙනස මෙම සෙල්ලිපියෙහි දක්නට ලැබීම උදා: එක්කිරියක් ඉසා සාල් සාල් එකඞ් මනක් ඉසා පිසන සලයින් ‘ජනක්හට් ඉසා සිර්වඩු අට් ජනක්හට්’ ‘හවුරුදුවකට් පිළිවරට් එක්නට් එක් කළන්දක් බැගින’ තත් උදාහරණයන්ට අනුව සමකාලීන සමාජයෙහි ස්වරාන්ත අක්‍ෂරයන්ට වඩා හලන්ත අක්‍ෂර භාවිතයට ගෙන ඇති බව පෙනේ. ස්වරාන්තව වචන යෙදීමට හැකි වුවද හලන්තව අක්‍ෂර යොදා තිබීමෙන් පැනෙන කාරණයක් නම්, තත් යුගයේ සිටි ලේඛකයන් ස්වරාන්ත වචනවලට වඩා හලන්ත වචනවලට ඇල්මක් දැක් වූ බවයි. සමහරවිට ස්වකීය පාණ්ඩිත්‍යය ප‍්‍රකට කරනු වස් භාෂාව මෙලෙස යෙදුවේදැයි සිතිය හැකිය. කෙසේ වුවද මධ්‍ය සිංහල යුගයෙහි භාවිත භාෂාව හලන්ත බහුල සුඛනම්‍ය නොවන භාෂාවක් බව විශද වේ. හලන්ත වදන් යෙදීම තුළින් කඨෝර භාෂා යෙදීමක් තත් කාලයේ තිබූ බව පෙනේ. x සාම්ප‍්‍රදායික ව්‍යාකරණය තුළ එතෙක් දක්නට නොලැබුණු ‘ඇ’කාර භාවිතය හා ඒ සඳහාම වෙන්වූ සංකේතයක් හ`දුන්වාදීම උදා: ‘කැමියනට් ඉසා දස්නට් ඉසා කටැයුතු ඉසා ලබනු දියැයුතු’ ‘රැුජ්න කුසැ ඉපැදැ ඈපාමහයාසිරි වින්‍දැ පිළිවෙළැ’ ‘දාගැබ් ඈය් හැමැන්දැ දැගැ’ ‘ඇ’කාර භාවිතය ආරම්භ වනුයේ ක‍්‍රි.ව. අටවන සියවසෙන් පසුවය. පසුකාලීනව රචනා වූ හෙළ වියරණ ග‍්‍රන්ථයක් වූ සිදත් ස`ගරා අක්‍ෂර මාලාවෙහි ‘ඇ’කාරය දක්වා නැතත් තත් ග‍්‍රන්ථයෙහිම සමහර තන්හි ඇකාරය භාවිතයට ගෙන තිබීමෙන් පැහැදිලි වන්නේ ඇකාර භාවිතයක් තිබූ බවයි. මිහින්තලා පුවරු ලිපිය ඒ ස`දහා හො`දම උදාහරණය වේ. ඇකාර භාවිතයේ සංවර්ධනීය අවස්ථාවක් පිළිබිඹු කරන්නක් ලෙස මිහින්තලා පුවරු ලිපිය හ`දුන්වාදිය හැකිය. ‘ඇ’කාර බහුලව යොදාගෙන ඇති බැවින්ද මධ්‍ය සිංහල යුගයේ භාෂාව තරමක් උච්චාරණයට අපහසු කඨෝර භාෂාවක් බව පළට වේ. x මෙතෙක් සිංහලයෙහි අදෘශ්‍යමාන වූ බිංදුව හා සඤ්ඤක අක්‍ෂර දෘශ්‍යමාන වීම උදා: ‘බික්ස`ග්හිමියනට්’ ‘ස`ග්බොය්’ ‘වට්මි`ඩි’ සාමාන්‍ය සම්ප‍්‍රදාය නම් සඤ්ඤක අක්‍ෂර හල් නොකිරීමයි. එහෙත් මෙම සෙල්ලිපියෙහි එවැනි අක්‍ෂර හල් කර තිබේ. සඤ්ඤක අක්‍ෂර හල්වීමෙදී ඒ වෙනුවට බිංදුව හෙවත් අනුස්වාරය යෙදීම සාමාන්‍ය රීතියයි. මිහින්තලා පුවරු ලිපියෙහි තත් සම්ප‍්‍රදාය අතික‍්‍රමණය කර ඇති බවක් දක්නට ලැබේ. x අනුනාසිකාක්‍ෂර යෙදීම උදා: ‘මන්ද’ ‘කුබුරු’ මිහින්තලා සෙල්ලිපිය තුළ අනුනාසිකාක්‍ෂරයන්ගේ බිහිවීම, වර්ධනය හා මුහුකුරා යාම යන ලක්‍ෂණත‍්‍රයම දක්නට ලැබේ. සන්ද්, ස`ග්බොයි, පු`ගුල් ඒ ස`දහා පිළිවෙළින් උදාහරණ වේ. මද ඝ මන්ද, ආදි අනුනාසිකයන් දෙමළ අක්‍ෂරයන්ගේ බලපෑමෙන් සිදු වූ බව මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන්ගේ අදහසයි. x විභක්ති සූචක අපර නිපාත යෝගය ප‍්‍රචලිත වීම උදා: ‘තුමන් පිළිබ`දුන් විසින්’ ‘කැමියන් කෙරෙන්’ විභක්ති සූචක අපර නිපාත යෝගය මධ්‍ය සිංහල යුගයට පෙර භාවිත වී නැත. පුරාතන සිංහල යුගයෙහි උක්තානුක්ත භේදය දක්නට ලැබුණද විභක්ති සූචක අපර නිපාත යෝගය භාවිතයට ගෙන නොමැත. x ‘ද’කාරය වෙනුවට ‘ජ’කාරය භාවිත වීම උදා: ‘ස`ග්මැන්‍දැ ජන්වා නිමැවියැ යුතු’ ‘වරජක්’ සමකාලීන ග‍්‍රන්ථයක් වන ධම්පියා අටුවා ගැටපදයෙහිද ‘ද’කාර වෙනුවට ‘ජ’කාර යොදා තිබීම දක්නට ලැබේ. මිහින්තලා සෙලිලිපිය තුළ ද ඝ ජ වීම පමණක් නොව, අක්‍ෂරද්වයම මිශ‍්‍රවද තිබෙනු දක්නට ලැබේ. උදා: වෙදක්හට්, ඇදුර් වද්නා x ‘ළ’කාරය හල් කිරීම සාමාන්‍යයෙන් සිංහල ලේඛන ව්‍යවහාරයේදී ‘ළ’කාරය හල් නොකරයි. ‘ළ’කාරය හල් වන විට ඒ වෙනුවට දන්තජ ‘ල’කාරය යෙදේ. එහෙත් මිහින්තලා පුවරු ලිපියෙහි ‘ළ’ හල් කර තිබෙනු දක්නට ලැබේ. උදා: ‘ඔළ්කැමියක්හට්’ ‘සුනුබොළ්’ x පදාන්ත ‘හ’කාරය හල් නොවීම මෙම යුගයේ භාෂාවේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්‍ෂණයක් නම්, පදාන්ත ගාත‍්‍රාක්‍ෂරයන් හල් වීමයි. එහිදී පදාන්ත ‘හ’කාරය හැර අනෙක් සියලූ අක්‍ෂරයන් හල් වේ. මෙය මධ්‍ය සිංහල යුගයට සුවිශේෂ වූ ලක්‍ෂණයකි. උච්චාරණ අපහසුව නිසා පදාන්ත ‘හ’කාරය හල් නොවූ බව සිතිය හැකිය. අයදතන යුගයේ පවා ‘හ’කාර හල් නොවේ. x පූර්වක‍්‍රියා හා අතීත කෘදන්ත සමව යෙදීම බොහෝවිට පූර්වක‍්‍රියා පදයට සමාන ලෙස අතීත කෘදන්ත පදය භාවිතයට ගෙන ඇති බවට උදාහරණ මිහින්තලා සෙල්ලිපිය ම`ගින් සනාථ වේ. උදා: ‘ලක්දිව පහයමින් සිටැ සිරිස`ග්බොය් අබහය් මහරජ්හු’ මෙහිදී ‘පහයමින් සිටැ’ යන පදද්වය අතීත කෘදන්තයක් වශයෙන් යෙදී ඇත. x ‘ට’, ‘ඩ’ ඝ ‘ළ’ වීම මාතෘ භාෂාවන්ගේ බලපෑම පදනම් කොට ගෙන උක්ත වෙනස් වීම සිදු වී ඇති බව පෙනේ. මෙම න්‍යාය ස`දහා විශේෂයෙන්ම පාලි භාෂාවේ බලපෑම ලැබී ඇත. සංස්කෘත භාෂාවට අනුව බෙහෙවින් සිදු වන්නේ ත ඝ ළ වීමයි. මෘත ඝ මළ, කෘත ඝ කළ, දෘඪඝදළ ආදිය ඒ ස`දහා උදාහරණ වේ. එහෙත් පෙළ බසෙහිදී පටිමා ඝ පිළිම, පටිපතති ඝ පිළිවෙත්, භට ඝ බල ආදි තන්හි පෙනෙන පරිදි ‘ට’ සහ ‘ඩ’ තද්භව වීමේදී ‘ළ’ වන බව පැහැදිලි වේ. x මහප‍්‍රාණාක්‍ෂර අල්පප‍්‍රාණාක්‍ෂර වීම උදා: ‘අභයගිරි ඝ අබහය්ගිරි’ ‘භික්‍ඛු සංඝසස ඝ බික්ස`ග්’ මහප‍්‍රාණාක්‍ෂර බහුලව යොදා ගැනීම ප‍්‍රාකෘත යුගයේ පැවති ලක්‍ෂණයකි. මහප‍්‍රාණාක්‍ෂර අල්පප‍්‍රාණාක්‍ෂර බවට පත් වීම මෙම යුගයේ පැවති සුවිශේෂී ලක්‍ෂණයක් වන අතර ඒ ස`දහා මිහින්තලා සෙල්ලිපිය හො`දම උදාහරණයයි. x දීර්ඝ ස්වර භාවිතයට ගැනීම උදා: ‘සමජෑය්’ ‘ඈපා මහයා’ ‘පහනෑවිල් වට්හි බිම් ඉසා පොරොදෙනී’ ප‍්‍රාකෘත සිංහල අවධියේදී මාතෘ භාෂාවන්හි නිරූපිත දීර්ඝ ස්වර, හ‍්‍රස්ව ස්වර වශයෙන් භාවිතයට ගත් බව දක්නට ලැබේ. එහෙත් නැවත මධ්‍ය සිංහල යුගයේදී හ‍්‍රස්ව ස්වර වෙනුවට දීර්ඝ ස්වර භාවිතයට ගත් බව ප‍්‍රකටව පෙනේ. එහෙත් මිහින්තලා සෙල්ලිපියට අනුව දීර්ඝ ස්වර මෙන්ම හ‍්‍රස්ව ස්වරද භාවිතයට ගෙන ඇති බව විද්‍යමාන ලක්‍ෂණයකි. x ‘ච’කාර ඝ ‘ස’කාර වීම උදා: ‘ඉච ඝ ඉසා’ ‘චෙතියගිරි ඝ සෑගිරි ඝ සෙය්ගිරි’ ‘චාරිතත ඝ සිරිත්’ ‘ච’කාරය අභාවිතයට යාම පශ්චාත් ප‍්‍රාකෘත යුගයේ මැද භාගයේ සිට සිදු වූවකි. එහෙත් පොළොන්නරු අවධිය වන විට සංස්කෘත කෘති බහුලව රචනා වූ අතර එහිදී නැවත ‘ච’කාර භාවිතයක් දක්නට ලැබේ. කෙසේ වුවද මිහින්තලා පුවරු ලිපියට අනුව ‘ච’කාර වෙනුවට ‘ස’කාරය බහුලව යොදා ඇති බව දක්නට ලැබේ. x ‘ඉසා’ නිපාත යෝගය පාලි භාෂාවෙහි ඉච නිපාතය ඝ ඉසරැුඉසා ලෙස භාවිතයට ගෙන ඇත. නූතනයෙහි දක්නට ලැබෙන ‘ද’ නිපාතය වෙනුවට තත් යුගයේ උක්ත නිපාතය භාවිතයට ගන්නට ඇතැයි සිතිය හැකිය. ‘ඉසා’ නිපාතයෙහි ‘ස’ කාරය ‘ච’ ඝ ‘ස’කාර වීමේ න්‍යායට අනුව සිදු වී ඇත. x ලිංග භේදය දක්නට ලැබීම සිදත් ස`ගරාවෙහි පෙන්වා දෙනුයේ ‘පුම ඉතිරිලි`ගු’ යනුවෙන් ලිංගද්වයක් පමණි. සිදත් ස`ගරාව ස`දහා ඊට පෙර රචනා වූ කෘතිවල හා සෙල්ලිපිවල බලපෑම ඒකාන්තයෙන්ම ලැබෙන්නට ඇත. මුල්කාලීන කෘතිවල නපුංසක ලිංගය හැර ස්ත‍්‍රී ලිංග හා පුරුෂ ලිංග යන ලිංගද්වය පමණක් යොදාගෙන තිබේ. උදා: ‘දමියෙන්, තලන් මීවන් ඈය් පලරුක්’ x මාතෘභාෂාගත බැ`දි අක්‍ෂරවලින් දුරස් වීම උදා: ‘ඛතතිය ඝ කැත’ ‘ඔකකාක ඝ ඔකාවස්’ ‘චාරිතත ඝ සිරිත්’ මුල්කාලයේදී පාලි හා සංස්කෘත වදන් එලෙසම භාවිතයට ගෙන ඇත. එහෙත් ක‍්‍රි. ව. 4 - 5 සියවස් වන විට බැ`දි අක්‍ෂරයන්ගෙන් මුක්ත වූ හුදු හෙළ වදන් භාවිතයට ගෙන ඇත. පොළොන්නරු යුගය වන විට නැවතත් සංස්කෘත භාෂාවේ බලපෑම වර්ධනය වීමත් සම`ගම බැ`දි අක්‍ෂර භාවිතයට ගෙන ඇත. මිහින්තලා පුවරු ලිපිය තුළ පාලි භාෂාවෙන් බි`දගත් වදන් බහුල වශයෙන් යොදා ගෙන ඇති අතර සමහර තන්හි බැ`දි අක්‍ෂරද භාවිතයට ගෙන ඇත. සෙසු සෙල්ලිපිවලට සාපේක්‍ෂව මිහින්තලා සෙල්ලිපියට පමණක්ම සුවිශේෂ වූ භාෂා ලක්‍ෂණද දැකිය හැකිය. මෙහි එන ‘බිම්සොවස්’ යන පදය මිහින්තලා පුවරු ලිපියට පමණක්ම සුවිශේෂ වූවක් ලෙස මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියෝ දක්වති . වර්තමානයේ ණ, න, ළ, ල භේදය පිළිබ`ද විද්වත් පර්ෂදයේ අවධානය ලැබී ඇති බව පෙනේ. ශිලාලේඛනවලදී පවා උක්ත වියරණ විධි භාවිතයට ගෙන ඇති බවට හො`දම උදාහරණයක් වන්නේ මිහින්තලා සෙල්ලිපියයි. සමස්තයක් වශයෙන් සලකා බලන කල්හි මිහින්තලා පුවරු ලිපිය අක්‍ෂර වින්‍යාසය, පද බෙදීම ආදිය පිළිබ`ද සංදිග්ධතා මතු කරයි. නිගමනය ලක්දිව දීර්ඝතම සෙල්ලිපි අතුරින් එකක් වන මිහින්තලා පුවරු ලිපිය ් සහ ඊ වශයෙන් කාණ්ඩද්වයකින් සමන්විත වේ. මෙහිදී ් කාණ්ඩය යටතේ අභයගිරි හා සෑගිරි විහාරස්ථානයන්හි පැවැත්විය යුතු සිරිත් විරිත් ගැන පැහැදිලි කෙරෙන අතර, ඊ කොටස ම`ගින් ආරාමික සේවකාදීන්ට ගෙවන වැටුප් පිළිබ`ද ස`දහන් වේ. හතරවන මිහි`දු රජුගේ යුගයෙහි පිහිටුවන ලද මෙය මධ්‍ය සිංහල යුගයට අයත් වන සෙල්ලිපියක් වන බැවින් තත් යුගයේ භාෂා ලක්‍ෂණ පිළිබ`ද පුළුල් අවබෝධයක් ලබා ගනු වස් මහෝපකාර වනු ඇත. එම යුගයේ භාෂා ලක්‍ෂණ මෙන්ම මිහින්තලා පුවරු ලිපියටම පමණක් සුවිශේෂ වූ භාෂා ලක්‍ෂණයන් අවබෝධ කර ගැනීමටද මෙම ලිපිය ප‍්‍රයෝජනවත් වනු ඇත. එමතුද නොව, මුල්කාලීන වියරණ විධි පිළිබ`ද පුළුල් අවබෝධයක් ඇති කර ගැනීම උදෙසාද මිහින්තලා සෙල්ලිපිය සප‍්‍රයෝජනවත්ය. උක්ත කරුණු අනුව තත්කාලීන ඓතිහාසික තොරතුරු ස`දහා මෙන්ම, භාෂා භාවිතය හා ව්‍යාකරණාංග පිළිබ`දවද පෘථූල අවබෝධයක් ලබා ගැනීමට මිහින්තලා පුවරු ලිපිය සප‍්‍රයෝජන වන බව අපගේ නිගමනයයි.  උපග‍්‍රන්‍ථ මිහින්තලා සෙල්ලිපිය 1 කොටස 1ග සිරිබර් කැත කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් කැතඋසබ් අබහය් සලමෙවන් මහර- 2ග ජ්හට් එමෙ කුලෙන් සමජෑය් දෙව්ගොන් බිසෙව් රැුජ්න කුසැ ඉපැදැ ඈපා මහයා සිරි වින්‍දැ පිළිවෙළැ 3ග සෙය් රජ් වැ තුමා සිරින් ලක්දිව් පහයමින් සිටැ සිරි ස`ග්බොය් අබහය් මහ රජ්හු තුමා සත් 4ග ලැ`ගූ සොළොස් වන හවුරුදුයෙහි වප් සන්ද් පුන් මස්හි දසපක් දවස් සෙය්ගිරි වෙහෙර්හි ඉසා අ- 5ග බහය්ගිරි වෙහෙර්හි ඉසා වසන මහබික්ස`ග්හිමියන් මහ සෙන්වා කරය් තුමා බෑ වත්හිමිය 6ග න් සෙය්ගිරි වෙහෙර්හි පෙරෙ තුබූ සිරිත් නිජ අබහය්ගිරි වෙහෙර්හි සිරිත් නිජ රුස්වා ගෙනැ මෙ වෙ- 7ග හෙරට් මෙ සිරිත් තුබුව වටී නිසියන් හා සසැන්දැ මෙ වෙහෙරැු වසන මහබික් ස`ග් හිමියනට් ඉසා 8ග කැමියනට් ඉසා දස්නට් ඉසා කටැයුතු ඉසා ලබනු දියැයුතු සෙ ඉසා විවරුණෙන් එක් සේ කොට් මෙ 9ග සිරිත් තබන ලදි. මෙ වෙහෙර්හි වසන බික් ස`ග්හිමියන් විසින් බිලී පසොස්සල්හි නැ`ගී සියු අර- 10ග ක් මෙනෙහි කොට් දැහැට් කිසැ නිමවය් සිකකරණිහි කියූ සෙයින් සිවුර් හැන්දැ පෙරෙවැ ඇත්වෙහෙරැු ලහා- 11ග ග් අවුද් මෙන් පිරිත් කොට් බසැ හම්බුබත් ගතැ යුතු. ගිලන් වැ ලහාග් ඉයැ නොයහන හිමියනට් වෙදුන් 12ග කියූ සැන්දැ වසග් දිය යුතු. මෙ වෙහෙරැු වැසැ වනවළා කියන බික්ස`ග්හිමියනට් ක`ඩින් පි`ඩින් වස- 13ග ග් පසක් ඉසා සුතත්වළා කියන බික්ස`ග්හිමියනට් වසග් සතක් ඉසා බිදම්වළා කියන බික් 14ග ස`ග්හිමියනට් වසග් දොළොසක් ඉසා දියැයුතු ඉසා දායකයන් පිරිකපා සග්නට් දෙනු කළ පස 15ග නොපිරිහෙළා දියැ යුතු. මෙ වෙහෙරැු ආවූ තුවාක් අවසැ බද් ගම්බිම් මෙහි පසක් දී නිබද් වැ වැසැ වළ- 16ග න්දත් මුත් බදවස් හා එක්කුස වැ නොවැළැන්දියැ යුතු. ස`ග්සැමැ`ගින් කැමියනට් වජාරත් දහවුත් 17ග මුත් පු`ගුල් වැ නො වැජෑරිය යුතු. නො දැහැවියැ යුතු. මෙ වෙහෙරැු වසන බික්ස`ග්හිමියන් ඇත් වෙහෙරැු 18ග බද් තුවාත් තන්හි කුම්බුර් අරුබ් ඈය් කවරු පරියායෙන් නොවැළැන්දියැ යුතු. තුමන් පිළිබ`දුන් විසි- 19ග න් ඇත්වෙහෙරැු අබැදිතාක් තන්හි ඉසිරැු නො කටැ දියැ යුත. මෙ සිරිත් ඉකුත් හිමියන් මෙ වෙහෙර්හි 20ග නො විසියැ යුතු. නකා බලන හිමියන් ඉසා වෙහෙර් පිරිවහනුවා ඉසා නියම් ජෙටු ඉසා ආකැමියා ඉසා 21ග පසක් කැමියා ඉසා වෙහෙර්ලෙයා ඉසා කර`ඞ්ලෙයා ඉසා කර`ඩු අත්සමු ඇතුල්වැ මෙ තුවාක් ජනා අබ 22ග හය්ගිරි නකය්හි දෙමුළින් සාහනුවට් වැඩි ස`ගුන් සැමැ`ගින් ඇත් වෙහෙර්හි හින්දැ කම්තැන් කොට් ඇ- 23ග තුළ් බැහැරි අයවිය ඈය් කම් කටැයුතු. ඇතුළ් බැහැරි අයවියෙහි යුත් කැමියන් නැසුවාක් දෙනුව- 24ග ට් නිසි කුඩින් ඇපැ ගෙනැ කම්තැන් සමැ`ගින් තිබියැ යුතු. මෙ වෙහෙරැු වසන හිමියන් පිළිබ`දුන් නිසිද් 25ග හොත් මෙහෙයැ නො තැබියැ යුතු. හැරියැ යුතු කැමියන් ලෙකම් කරාණවූ දැයක් ගෙනැ හැරියැ යුතු. මුන්දු කර- 26ග `ඩු කම්තැන් කැමියන් හසින් හස්කොට් දාගේ කැමියන් පසැකින් දාගෙහි තිබියැ යුතු. මෙ වෙහෙර්හි යුත් 27ග කැමියන් කෙරෙන් වෙහෙරට් කැමින් අනොබ ගිය කෙනෙකුන් මුත්තනැ සිටි කැමියන් කෙරෙන් වට් ඔනා තැ- 28ග නැ ඉසා සාල් ගන්නා තැනැ ඉසා පෙරෙවරු හම්බු බත් සාහන තැනැ ඉසා තන්ු ජනකු කෙරෙන් නො උනුවැ ප- 29ග සැකැ සිටියැ යුතු. ඇත්වෙහෙර් දාගේ පිළිබද් කවරි වතකුද් පිරූළ් නොදියැ යුතු. කැමියන් විකිණිජ් 30ග නො ගතැ යුතු. මෙහෙයැ බද් මිනිසුන් කැමියන් තුමනට් මෙහෙ නො ගතැ යුතු. අනොබ මෙහෙයට් නො දියැ යුතු. 31ග කතුමහසැයෙහි කම්නවාමට් දම්ගමියෙන් දුන් පයල ඇත්වෙහෙර් කැමියන් බලාගෙනැ දාගැබ්හි 32ග කමනවාම් කැරැුවියැ යුතු. කිර්බ`ඞ්පවු දා ගැබ්හි අරකට් ඇළ්ගමියෙන් දුන් දෙකරිය දී අරක් 33ග කැරැුවියැ යුතු. දාගෙහි ඉසා ම`ගුල්මහසලපිළිමගෙහි ඉසා මහබොය්ගෙහි ඉසා නයින්දැ ඉසා මිණිනා- 34ග ල් දෙව්¥න් ගෙයහි ඉසා කතුහමසෑයෙහි ඉසා කිරිබ`ඞ්පවු දාගැබ්හි ඉසා උ`ඞ්ගලැ යට්ගලැ ඇත්වෙ- 35ග හෙර් පිළිබද් දාගැබ්හි ඉසා මෙතුවාක් තන්හි පිජ්නීවත් ඉසා ඇත්වෙහෙරින් රන් එක්සියක් කළ- 36ග න්ද් ඉසා වී දස යහළක් ඉසා මෙතුවාක් ගෙනැ හවුරුදු පතා මෙ වෙහෙර්හි දාගැබ් ඈය් හැම තැන්හි කම් 37ග නවාම් කැරැුවියැ යුතු. දාගෙ පිළිමගෙහි බද් ගුතෑ කරන්දෑ දෙ ගැම්හි දුම්මලස්සමුන් ගෙද`ඞ් කොද`ඞ් 38ග කැරැු පෙරෙළිවර් බැළැ වෙහෙරට් ගතැ යුතු. කිර්බඞ් පවුයෙහි ගසගැසියෙන් තුනින් එකක් ඉසා මෙ- 39ග හි ස`ග්වැල්ලෙහි ගෙකුලී ඉසා මණුවෑසර ඉසා ළිහිණිය පවුයෙහි උඩැසි යටැසි දෙවෑසර ඉසා මෙහ ස- 40ග `ග්වැල්ල ඉසා පහනෑවිල් වට්හි බිම් ඉසා පොරොදෙනී පොකුණ් වටැ බිම් ඉසා මෙතුවාක් තන්හි ලබනු 41ග වෙහෙරට් ගතැයුතු. වෙහෙර් දසුන් හා කැමියන්මුත් වෙහෙර් බිමැ හුන් කුඞීන්ගෙන් බිම් සොවස් නිසිසෙ- 42ග යින් වෙහෙරට් ගතැයුතු. කහසන්වැ ගත් වෙසට් නො අනුරූ කියවිකිය ඈය් කම් කරනුවන පණිවා 43ග කරනුවන ගල්වැට නො විසියැ දියැ යුතු. සුදසුන්වත් වෙහෙරට් මුත් කැමියන් නොගතැයුතු. මෙ වෙහෙ- 44ග රැු බද් තුවාක් ගම්බිම් කැරැුයෙහි බැන්දැ සලසත් මුත් පාට්ට නොදියැ යුතු. තුන් දා වර් මුත් පොහො ම`ගු- 45ග ල් ඈය් සෙසු වර් නො ගතැයුතු. කැමියන් වෙහෙර් - දසුන් ජිවෙල් කොට් දුනුවක් මුත් ඇත්වෙහෙරැු බද් තුවා- 46ග ක් තන්හි උකස් පමුණු පාට්ට කැරැු කුම්බුර් අරුබ් ඈය් නො වැලැන්දියැ යුතු. වෙහෙරට් කැමින් ගිය කැ- 47ග මියන් හස්කරුවන් දෙන පෙරෙ සිරිත් බිලී සාල් මුත් රටින් වැටුම් නො ගතැයුතු. කුඩින්ගෙන් ප`ඩු- 48ග ර් නොගතැ යුතු. මෙ කුන්ගෙන් ගෙගොන් ගෙනැ කැමියන් තුමනට් ගොවිකම් නො කැරැුවියැ යුතු. හස්කරු පර- 49ග පුරෙන් වැටෙන කැරැු කුම්බුර් නො වැටියැ හෙත් මුත් හැර නො ගතැයුතු. වතු පැතට් වැදැ අනියා නො කටැයුතු. 50ග ගස්කොළ් නො කැපියැ යුතු. මෙ වෙහෙරැු ආවු තුවාක් ගම්බිම්හි තලන් මීවන් ඈය් පලරුක් කම්තැන් සැ- 51ග මැ`ගින් දුනමුත් නො කැපියැ දියැ යුතු. කුඩින් කළ වරජක් ඇත ගම්සිරිත් ද`ඞ් කිරා කිරූ ද`ඞ් මිනැ ඇකැ 52ග අවටැ සොළොස් රියන් ගැබුරැු රියන් කබුළ් බැගින් ගෙනැ වැව්මෙහෙ කැරැු වියැ යුතු. නො කළ කරූ ද`ඞ් ග- 53ග තැ යුතු. වෙහෙරැු ආවු තුවාක් ගම්බිම්හි ලබනුවනට් ජිවෙල් කොට් දුනුවක් මුත් තුබු තාක් තන්හි 54ග කම්තැන් සැමැ`ගින් පසක් වන සෙයින් ආකළ තුවාක් පස්පොත්හි ලියැවියැ යුතු. මහපාවට්ට ඉසා 55ග ලබනුවනට් ඉසා කම්නවානට් ඉසා දවස් පතා වියවු තුවාක් පස්පොත්හි ලියවා කම්තැන් සැ- 56ග මැ`ගින් අත්වතු කරාය් සන් ඔතමනවුන් සනින් පටවය් මුන්දු කරවා කර`ඩුයෙහි තබා මස් මස් පතා මෙ- 57ග අත්වතු පළා එක් අත්වතු කොට් හවුරුදුයෙහි දොළොස් අත්වතුයෙන් හවුරුදු අවසන්හි ලෙකම් 58ග කරාය් ස`ග්මැන්දැ ජන්වා නිමැවියැ යුතු. මෙසිරින් ඉකුත් කැමියන් ගෙද`ඞ් ගෙනැ මෙහෙයින් හැරියැ යුතු. 2. කොටස 1ග නකා බලන හිමියනට් දවස් පතා සාල් එක් නැලියක් ඉසා වසන් බණැ රන් එක් කළන්ද් සතර් අක- 2ග ක් ඉසා පවරුණ් බණැද් මෙතෙක් මෙ ඉසා නියම් ජෙටක්හල් ජිවෙල් පස් කිරියක් ඉසා දවස් පතා සාල් 3ග එක් නැළියක් ඉසා හවුරුදුවකට් සෙතුවමට් මල් මිලැ පසළොස් කළන්දක් ඉසා ආකැමියා ඉසා වෙහෙ- 4ග ර් ලෙයා ඉසා කර`ඞ් ලෙයා ඉසා කර`ඩු අත් සමු ඉසා පසක් කැමියා ඉසා එක්නට් පස් කිරී බැගින් ඉසා 5ග පිරිවහනු වතකැමියක්හට් එක් කිරී දෙපයක් ඉසා සාල් දෙඅඞ්මනාක් ඉසා සැරැුයින් ගන්නක් හ- 6ග ට් දෙපයක් ඉසා සාල් එකඞ්මනාක් ඉසා ම`ගුල් ජෙටක්හට් එක් කිරියයක් ඉසා දමියෙන් වසගක් ඉසා 7ග හවුරුදුවකට් සෙතුවමට් මල් මිලැ තුන්කළන්ද් දෙ අකක් ඉසා වත්සිකා කැමියක්හට් එක් කිරියක් 8ග ඉසා දමියෙන් වසගක් ඉසා සොම්නස් මහබො ම`ගුලෙහි පිළියට් එක් කළන්දක් ඉසා මැටි පතක්හට් 9ග එක් පයක් ඉසා සාල් දෙපතක් ඉසා පිටස්සමක්හට් ඉසා රජ්ගේ උපෑනි කැමියක්හට් ඉසා එක්න- 10ග ට් එක් කිරි දෙපා බැගින් ඉසා එක්නට් දෙ අඞ්මනා බැගින් සාල් ඉසා ඔළ්කැමියක්හට් දෙපයක් ඉසා 11ග සාල් එකඞ්මනා දෙපතක් ඉසා පියන්ගල් පෙරෙවැළියක්හට් දෙපයක් ඉසා දමියෙන් වසගක් ඉසා 12ග රුවනසුත් මහබො ම`ගුලෙහි පිළියට් එක් කළන්දක් ඉසා පවුපෙරෙවැළියක්හට් දෙපයක් ඉසා දමියෙ- 13ග න් වසගක් ඉසා ඇළිනාවක්හට් දෙ පයක් ඉසා සාල් එකඞ්මනා එක් එක් පතක් ඉසා ඇළි එකොළොසක් ඉසා 14ග එක්නට් දෙපා බැගින් ඉසා දමියෙන් එක් බැගින් වසග් ඉසා වට්නා වැරි සතරක් ඉසා එක්නට් එක- 15ග ඞ්මනා බැගිල් සාල් ඉසා එක්නට් ජිවෙල් දෙපා බැගින් ඉසා මෙවෙහෙර්හි බික්ස`ග්හිමියනට් වසැගි- 16ග න් සිවුර් සාහා එක්කෙනෙක්නට් ලදු සිවුර් සාහන කැමියන් බෙදා ගතයුතු ඉසා වෙහෙර් අත්සම් දෙජ- 17ග නක්යට් එක්නට් දෙපා බැගින් ඉසා සාල් එකඞ්මනා එක් පත් බැගින් ඉසා කොට රැුකිනාවක්හට් දෙප- 18ග යක් ඉසා සාල් එකඞ්මනා දෙපතක් ඉසා කොට රැුකියක්හට් දෙපයක් ඉසා සාල් එකඞ්මනාක් ඉසා ජෙ- 19ග ට්මවට් එක් පයක් ඉසා සාල් එකඞ්මනා දෙපතක් ඉසා බත්ගෙ ලැදියට් එක් පයක් ඉසා සාල් එකඞ් 20ග මනා දෙපතක් ඉසා මි`ඩි වැජෑර්මක්හට් දෙපයක් ඉසා වට්මි`ඩි සූවිසි ජනකු ඉසා එක්නට් එක් පා බැ- 21ග ගින් ඉසා හවුරුදුවකට් පිළිවරට් එක්නට් එක් කළන්දක් බැගින් ඉසා ස`ග්වැලි උපෑනි කැමියක්හට් 22ග එක් කිරියක් ඉසා සාල් එකඞ්මනාක් ඉසා පිසන සලයින් දොළොස් ජනක්හු ඉසා එක්නට් තලොළ ගැ- 23ග මින් එක් කිරි දෙපා බැගින් ඉසා සලාජෙටක්හට් සාල් එකඞ්මනා එක්පතක් ඉසා දර් න`ගා බත් පක් ස- 24ග ලයක්හට් සාල් තුනඞ්මනාක් ඉසා නොපිසැ දර් නැ`ගූ සලයක්හට් ඉසා ගමන්වර් ගිය සලයක්හ- 25ග ට් ඉසා එක්නට් සාල් දෙ අඞ්මනා බැගින් ඉසා නැ`ගූ දරැු බත් පක් සලයක්හට් සාල් එකඞ්මනාක් ඉසා 26ග පහාවැසිජෙටක්හට් දෙපයක් ඉසා සාල් එකඞ්මනා එක් පතක් ඉසා පහාවැසි එකළොසක් ඉසා එක්- 27ග නට් දෙපා බැගින් ඉසා එක්නට් සාල් එකඞ්මනා බැගින් ඉසා දවස් පතා යලා පසක් දෙන කුම්බල් පස් 28ග ජනක්හට් එක්නට් එක්කිරි බැගින් ඉසා මස් මස් පතා පා දසයක් හා කුම්බ දසයක් දෙන පාකම්බලක් 29ග හට් දෙ කිරියක් ඉසා සාල් දෙ අඞ්මනාක් ඉසා මසකට් පැරැුහැනක් දෙන පැරැුහැන් දියක්හට් එක් කි- 30ග රී දෙ පයක් ඉසා වෙදක්හට් දෙතිසෑසෙනෙන් නියපැළියාක් ඉසා දමියෙන් වසගක් ඉසා පුහුඩා වෙදක් 31ග හට් දෙ පයක් ඉසා දමියෙන් වසගක් ඉසා මෙ`ඩාවුවක්හට් එක් කිරී දෙ පයක් ඉසා දමියෙන් වසගක් 32ග ඉසා නැකතියක්හට් දෙ කිරියක් ඉසා දමියෙන් වසගක් ඉසා නැවියක්යට් එක් කිරියක් ඉසා දමියෙ- 33ග න් වසගක් ඉසා දාගෙ අත්සමක්හට් ඉසා ගණජෙටුවක්හට් ඉසා කර`ඞ්ලෙයක්හට් ඉසා වර්ජෙටු තු- 34ග න් ජනක්හට් ඉසා මෙක්නට් ජිවෙල් කරන්දෑගම ඉසා වරැු දුම්මලස්සම්නට් දමියෙන් වසග් සතර- 35ග ක් ඉසා දාගෙහි වැට් තෙලට් මෙ ගැමින් පයලක් ඉසා දා ගෙහි හෙළ්මල් ඔනා මල්වර් දෙ ජනක්හට් මෙ ගැමි- 36ග න් දෙ කිරියක් ඉසා දමියෙන් එක් බැගින් වසග් ඉසා මසකට් එක් සිය විසි බැගින් මල් දෙන මහනෙල් 37ග ගොවුවක්හට් සපුගමියෙන් දෙ කිරියක් ඉසා සිත්තරක්හට් දෙ කිරියක් ඉසා දාගේ රක්නා රට්ලදුව- 38ග ක්හට් සාල් එක් නැළියක් ඉසා මහබුදුන්ගෙහි දුම්මලස්සම් ස ජනක්හට් ඉසා බණ්වජාරන දමී- 39ග නට් ඉසා ඇදුර දමීනට් ඉසා දමීන් ස ජනක්හට් ඉසා මෙක්නට් ගුතෑගම ඉසා මහබුදුන්ගෙහි මල් 40ග වරක්හට් මෙ ගැමින් දෙ පයක් ඉසා දමියෙන් වසගක් ඉසා මෙගැමැ දුම්මලස්සම්නට් දමියෙන් දෙ ව- 41ග සගක් ඉසා ම`ගුල්මහ සලපිළිමගෙහි පූණා කැමියක්හට් ඉසා කමස්සමක්හට් ඉසා එක්නට් දෙ පා 42ග බැගිින් ඉසා එක්නට් එකඞ්මනා දෙ පත් බැගින් සාල් ඉසා දාගෙහි බුද්බිසොවට් තෙල්ගන්නා එක් පොටාක් 43ග ඉසා දිය පහරන එක් තුළුලක් ඉසා පිළිමගෙහිද් මෙතෙක් මෙ ඉසා කම්තැන් ලෙදරුවක්හට් එක් කිරී 44ග දෙ පයක් ඉසා සාල් දෙ අඞ්මනාක් ඉසා වඩු මහ ඇදුරක්හට් බො`ඞ්වෙහෙර සෙණාය ඉසා ඇදුරවඩු දෙ ජ- 45ග නක්හට් ඉසා සිර්වඩු අට් ජනක්හට් ඉසා උළුවඩු දෙ ජනක්හට් ඉසා මෙක්නට් වඩු දෙවෑගම ඉසා ක- 46ග ටුවඩු දෙ ජනක්හු ඉසා එක්නට් එක්කිරී බැගින් ඉසා මිණිර් මහ ඇදුර් දෙ ජනක්හු ඉසා එක්නට් තු- 47ග න් කිරී බැගින් ඉසා කම්බුර් දෙ ජනක්හු ඉසා එක්නට් එක්කිරී බැගින් ඉසා සුනුබොල්නට් සුනුබොළ් දෙවෑ- 48ග ගම ඉසා ගැල්ලන් ස ජනක්හු ඉසා මෙක්නට් දුනුමුගම ඉසා කම්නවෑමැ කැබිළි ජෙනක්හට් එක්කිරී- 49ග යක් ඉසා සාල් එකඞ්මනා එක් පතක් ඉසා කැබිලි දොළොස් ජනක්හට් එකඞ්මනා බැගින් සාල් ඉසා මෙක් - 50ග නට් ජිවෙල් දෙපා බැගින් ඉසා නවගුණ මහ සෑයෙහි ඉසා නැටෙවිය මහ සෑයෙහි ඉසා ඇම්බලූ දාගැබ්හි ඉසා 51ග සෑගොවුවන් තුන් ජනක්හට් එක්නට් දෙ පා බැගින් ඉසා මෙ වෙහෙරැු උඞ්ගලැ යට්ගලැ ඇත්වෙහෙර පිළබද් 52ග දාගැබ් ඈය් හැමැන්දැ දැගැ රක්නානට් දමියෙන් එක් බැගින් වසග් දියැ යුතු ඉසා දාගෙහි ඉසා පිළිමගෙ- 53ග හි ඉසා බත්ගෙහි ඉසා මෙහෙ කරන මිනිසුන් ඉසා පිළී ඉසා පොරොනා කසු ඉසා හිස්කොළ් ඉසා අපුලන රද- 54ග වුන් දෙ ජනක්හු ඉසා මෙක්නට් ම`ගුලැවැ තුන්කිරිය ඉසා මෙවෙහෙරැු බද්තුවාක් ගම්බිම්හි ම`ග් මහව- 55ග ර් කුලී මෙලාට්සී මෙ වෙහෙරට් මෙ නින්ද කොට් ගතැයුතු ඉසා ම`ග්ගිව පියගිව නො වද්නා කොට් ඉසා කණෑවැවැ 56ග දිය වන් තාක් තන්හි පෙරෙ දෙමෙළ් කලැ පෙරෙ සිරිත් දිය බෙදුම් මෙ වෙහෙරට්මෙ ගතැයුතු ඉසා මෙ වෙහෙර්හි 57ග බද්තුවාක් ගම්බිම් කවරු පිරියායෙන් උකස් පමුණු නො දියැයුතු ඉසා ගතුවන් රනැ නො හිමි කොට් වෙහෙ- 58ග රට් මෙ නවතා ගතැයුතු ඉසා දුනුවන් දෙස් යවනු කොට් මෙ නියැමින් තුබූ මෙ සිරිත් නො ඉක්මැ වැටියැයුතු.

No comments: