UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල සාහිත්‍ය වංශකතාව තුළ මහනුවර යුගයට

Wednesday, December 11, 2013

සිංහල සාහිත්‍ය වංශකතාව තුළ මහනුවර යුගයට

සිංහල සාහිත්‍ය වංශකතාව තුළ මහනුවර යුගයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. අනුරාධපුර, පොළොන්නරු ආදි සාහිත්‍ය යුගයන් ඔස්සේ ගලා ආ සාහිත්‍යයෙහි පරිහානීය ලක්‍ෂ්‍යය සනිටුහන් කරන යුගයක් ලෙස මෙම යුගය හැ`දින්විය හැකිය. එතෙක් පැවති සම්භාව්‍ය සාහිත්‍ය මෙම යුගයෙහිදී බි`දවැටීම උක්ත කාරණය සනාථ කරන්නකි. පෘතුග‍්‍රීසි, ලංදේසී හා ඉංග‍්‍රීසී යන බටහිර ජාතීන්ගෙන් අනවරතයෙන්ම සිදු වූ ආක‍්‍රමණ හා රට අභ්‍යන්තරයේ පැවති කැරළි හේතුවෙන් මහනුවර සමය රාජ්‍ය වශයෙන් අස්ථාවර යුගයක් බවට පත් විය. වසර තුන්සිය තිස්පහ (335*ක් වූ මහනුවර රාජධානිය ක‍්‍රි.ව. 1480-1815 දක්වා පැවතුණි. එය යුග දෙකක සංකලනයකි. එනම්, මහනුවර පූර්ව භාගය හෙවත් සෙන්කඩගල යුගය හා මහනුවර පශ්චිම යුගය හෙවත් මහනුවර යුගය වශයෙනි. මෙම යුග බෙදීම සාහිත්‍යයික වශයෙන් ගත් කල්හි සරණංකර හිමියන් පහළ වීමට පූර්ව භාගය හා උන්වහන්සේ ඇති කළ සාහිත්‍ය පුනරුද යුගය වශයෙන් පෙන්වා දිය හැකිය. කෙසේ වුවද රට තුළ ඇති වූ මෙම අස්ථාවරත්වය නිසාම වෙනත් දියුණු සාහිත්‍ය යුගයන්ට සාපේක්‍ෂව මෙම යුගයේ සාහිත්‍යය වෙනුවෙන් රජවරුන්ගෙන් ලැබුණු සහයෝගය එතරම් ප‍්‍රශස්ත නොවේ. එබ`දු කාල වපසරියක් තුළ ලේඛකයන්ට හා බුද්ධිමතුන්ට සාහිත්‍යෝන්නතිය උදෙසා ලැබෙන ඉඩ ප‍්‍රස්තාව ඉතා අල්පය. එසේම, ආරාජික රාජ්‍යයක් තුළ සංවර්ධනීය සාහිත්‍යයික පසුබිමක් පිළිබ`දවද බලාපොරොත්තු තබාගත නොහැකිය. මේ නිසා මහනුවර යුගය සාහිත්‍යයික කටයුතුවලට තෝතැන්නක් වූ යුගයක් වශයෙන් සාකච්ඡුාවට බ`දුන් කළ නොහැකිය. එහෙත් සාහිත්‍යයික යුගයක් වශයෙන් සාකච්ඡුාවට බ`දුන් කළ හැකි ගද්‍යපද්‍යයන්ගෙන් සමුපේත යුගයක් වශයෙන් මෙම යුගය සැලකිල්ලට බ`දුන් කිරීම සාවද්‍ය නොවේ. සිංහල සාහිත්‍යයට නවාංග එකතු වූ යුගයක් වශයෙන්ද මහනුවර සමය සම්භාවනාවට පාත‍්‍ර වේ. සන්නස් හා තුඩපත් රචනා වීම, කතෝලික සාහිත්‍යයක් බිහිවීම හා භික්‍ෂූන් වහන්සේලා අගයනු වස් චරිතකතා රචනා වීම ආදි වෙනස්කම් ප‍්‍රස්තුත කාරණය සනාථ කිරීමට සමත් වේ. මහනුවර සාහිත්‍යයෙහි ගද්‍ය සාහිත්‍යයට වඩා වෙනස්කම්වලට භාජනය වූයේ පද්‍ය සාහිත්‍යයි. පද්‍ය සාහිත්‍යයෙහිදී ගැමි සාහිත්‍යය සේවනය බෙහෙවින් සිදු කොට ඇති බව ප‍්‍රකට කාරණයකි. මහනුවර යුගයෙහිදී පද්‍යයේදී අර්ථයට වඩා විරිතට මුල්තැනක් ලැබුණු බව දක්නට ලැබෙන ප‍්‍රධාන විශේෂතාවකි. මෙම යුගයෙහි විසූ කවියා රිද්මයානුකූල පද්‍ය නිර්මාණයෙහි උත්සුක වී ඇත. ගැමි ජන සාහිත්‍ය ඇසුරු කර ගනිමින් නිර්මාණය වූ පද්‍ය සාහිත්‍යයෙහිදී භක්ති මාර්ගයට සුවිශේෂී තැනක් ලැබිණි. ශෘඞිගාරාත්මක පද්‍ය විශේෂයක්ද රචනා වනුයේ මහනුවර සමයේදීය. ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය රචනයෙහි සංවර්ධනීයම අවස්ථාව මහනුවර අවදිය ලෙස හැ`දින්වීම උක්ත කාව්‍ය සාහිත්‍යයන් කෙරෙහි විචාරාක්‍ෂියෙන් බලන කල්හි පැහැදිලි වේ. මේ අනුව සලකා බලන කල්හි මහනුවර සාහිත්‍ය සමයක් වශයෙන් විචාරාක්‍ෂියට බ`දුන් කිරීමේදී ගද්‍ය පද්‍ය යන අංශද්වයෙන්ම වෙනස්කම් රාශියක් ඇති වූ කාල සමයක් ලෙස සැලකීම අතිශයෝක්තියක් නොවේ. යට දක්වන ලද චරිතකතා රචනා කිරීමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහනුවර සමයේ ගද්‍ය පද්‍ය දෙයංශයෙන්ම චරිතකතා රචනා විය. ඒ අතර මහනුවර සමයේ සාහිත්‍ය ප‍්‍රදීපය ප‍්‍රත්‍යෝජ්වලනය කරනු වස් අමිල මෙහෙවරක් සිදු කළ සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිතකතාව ඉදිරිපත් කෙරෙන සංඝරාජ සාධුචරියාවට විශේෂ තැනක් හිමි වේ. එයට හේතුව නම් භික්‍ෂූන් වහන්සේ නමක් උදෙසා ගද්‍යයෙන් රචනා වන චරිත කතාවක් වන බැවිනි. එසේම, මහනුවර සමයේ දේශපාලනික, ආගමික, සාමාජික හා සාහිත්‍යයික වශයෙන් තොරතුරු ඉදිරිපත් කරන තත් කෘතිය උක්ත සෑම අංශයකම තොරතුරු මැනවින් පිළිබිඹු කරන කැඩපතකි. සිංහල විශේෂවේදී උපාධිය ස`දහා ඉදිරිපත් කෙරෙන මෙම නිබන්ධයේ මාතෘකාව වනුයේ ‘ආයිත්තාලියද්දේ මුහන්දිරම්’ විසින් රචනා කරන ලද ‘‘සංඝරාජ සාධුචරියාවේ භාෂාව’’ පිළිබ`දව අධ්‍යයනය කිරීමයි. සංඝරාජ සාධුචරියාව මහනුවර යුගයේ පැවති භාෂා සම්ප‍්‍රදාය පිළිබිඹු කරන කැඩපතක් බ`දුය. මෙම නිබන්ධය උදෙසා උක්ත මාතෘකාව තෝරාගැනීමට ප‍්‍රබල වශයෙන් මට බලපෑ කාරණයක් වනුයේද මහනුවර සමයේ පැවති භාෂා තත්ත්වය පිළිබ`දව අධ්‍යයනය කිරීමට මා සතු වූ ඇල්මයි. වෙනත් සාහිත්‍යය යුගයන් හා සන්සන්දනය කර බලන කල්හි මහනුවර යුගයෙහි භාෂා සම්ප‍්‍රදාය සෙසු යුගයන්ට හාත්පසින්ම වෙනස් භාෂා සම්ප‍්‍රදායක් පැවති යුගයක් වශයෙන් සාකච්ඡුා කළ හැකිය. සාහිත්‍යයෙන් ජනතාව විතැන් වී සිට ඉපැරණි ග‍්‍රන්ථ සංස්කරණය කරමින් සාහිත්‍ය වෙනුවෙන් නවෝදයක් ඇති කළ මෙම යුගයෙහි පැවති භාෂා සම්ප‍්‍රදායෙහි අධ්‍යයනය කළ යුතු පැතිකඩ රාශියක් දක්නට ලැබේ. තත් භාෂා සම්ප‍්‍රදාය අධ්‍යයනය කිරීමේදී සංඝරාජ සාධුචරියාවේ දක්නට ලැබෙන භාෂා ස්වරූපය කෙසේද? යන ගැටලූව උක්ත පර්යේෂණය විෂයෙහි මා උනන්දු කිරීමට සමත් විය. සංඝරාජ සාධුචරියාවෙහි භාවිත භාෂාව පිළිබ`ද ප‍්‍රාමාණික අධ්‍යයනයක් මෙතෙක් සිදු වී නොමැත. ඇතැම් විට මෙම කෘතිය චරිතකතාවක් වූ නිසා මේ පිළිබ`දව එතරම් අවධානයක් යොමු නොකරන්නට ඇත. එසේම, මෙය චරිතකතාවක් වූ බැවින් සාහිත්‍යයික අගයක් නැතැ’යි විද්වතුන් සිතන්නටද ඇත. එහෙත් මහනුවර යුගයෙහි දේශපාලනික, සාමාජික හා ආගමික පක්‍ෂය කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංඝරාජ සාධුචරියාව තරම් තත් කාරණා පිළිබ`දව අවධානය යොමු කළ තවත් කෘතියක් නැති තරම්ය. එබැවින් මෙය චරිතකතාවක් මෙන්ම ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කෙරන වංශකතාවක් ලෙසද සැලකිය හැකි වේ. කෙසේ නමුදු මෙහි විද්‍යමාන භාෂා විලාසය මෙතෙක් පර්යේෂකයන්ගේ අවධානයට යොමු නොවීම අභාග්‍යයකි. උක්ත ප‍්‍රස්තුතයට අදාළව මෙතෙක් සාර්ථක නිබන්ධයක් නිර්මාණය වී නොමැති බැවින් එම අඩුව සම්පූර්ණ කරනු වස් මෙබ`දු පර්යේෂණයක් සිදු කිරීම මාගේ අභිප‍්‍රාය වේ. සංඝරාජ සාධුචරියාවේ භාෂාව පිළිබ`දව අධ්‍යයනය කරන වියත් පර්ෂදයට මෙය මාහැ`ගි පිටුබලයක් වනු නොඅනුමානය. එමතුද නොව, මහනුවර සමයේ පැවති භාෂා ස්වරූපය පිළිබ`ද පෘථූල අවධානයක් ඇති කරගැනීමටද මෙම කෘතිය ඉවහල් වේ. නූතන සිංහල සාහිත්‍යයෙහි නියමුවා වශයෙන් නිරන්තරයෙන්ම සම්භාවනාවට පාත‍්‍රවනුයේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ය. ඒ උන්වහන්සේ අභාවයට ගිය සාහිත්‍යයට පුනරුදයක් ඇති කළ බැවිනි. ශාසනික ප‍්‍රතිපදාවන් විනාශයට ගොස් තිබූ අතර ඒවා ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට උන්වහන්සේ ගත් අනල්ප මෙහෙය අතිශයින්ම ප‍්‍රශස්තය. එක් පසෙකින් ආගමික වතාවත් පිළිබ`ද අනවබෝධවත් ගිහි පිරිසක් සිටි අතර අනෙක් පසින් ස්වකීය අභිවෘද්ධියම පැතූ ගණින්නාන්සේලා පිරිසක් විසූහ. උන්වහන්සේලා කිසිවිටෙකත් අන්‍යයන්ගේ දියුණුව අපේක්‍ෂා නොකළ අතර මේ හේතුව නිසා සිල්වත්ව වැඩවිසූ සරණංකර මාහිමියන්ටද අනේකවිධ සම්බාධවලට මුහුණ දෙන්නට සිදු විය. සරණංකර සංඝරාජ හිමියන් විසින් ආගමික හා සාහිත්‍යයික පුනරුදයක් ඇති කළේ මෙබ`දු සමාජ වපසරියක් තුළය. එබැවින් උන්වහන්සේගේ දුෂ්කර චරිතය අවබෝධ කරගනු වස් සංඝරාජ සාධුචරියාව සප‍්‍රයෝජනවත් වේ. එසේම මහනුවර යුගය පිළිබ`දව දේශපාලනික, සාමාජික හා ආගමික තොරතුරු ගවේෂණය කරන්නන්ටද මෙම කෘතිය ඉමහත් පිටුබලයක් වනු නොඅනුමානය. එබ`දු වටිනාකම් රාශියකින් සමුපලක්‍ෂිත සංඝරාජ සාධුචරියාවෙහි භාවිත භාෂාව විමර්ශනයට ලක්කොට මතු පරපුර වෙනුවෙන් දායාද කිරීම මෙම`ගින් සිදු වේ. පඤ්චාධ්‍යායකින් සපරිපූර්ණ මෙහි ප‍්‍රථම අධ්‍යාය වෙන්වනුයේ චරිතකතා නමැති සාහිත්‍යාංගය පිළිබ`දව අධ්‍යයනය කිරීමටය. එහිදී චරිතකතාකරණය හා එහි න්‍යායාත්මක ලක්‍ෂණ, සිංහල චරිතකතාකරණයෙහි ආරම්භය විකාශය, මහනුවර යුගයෙහි සාහිත්‍ය අනුප‍්‍රභේද හා චරිතකතා කෘති නමැති අනුමාතෘකි ත‍්‍රිත්වයක් ඔස්සේ කරුණු ගවේෂණය කෙරේ. අද්‍යතන යුගය වන විට චරිතකතා නමැති සාහිත්‍යාංගය පෘථූල සාහිත්‍යාංගයක් වශයෙන් විකාශනය වෙමින් පැවතුණත් ඒ පිළිබ`දව මෙතෙක් සාර්ථක පර්යේෂණයක් සිදු කොට තිබෙනු සිංහල සාහිත්‍ය තුළ විද්‍යමාන නොවේ. එහි න්‍යායාත්මක ලක්‍ෂණ හා අන්තර්ගතය උදෙසා අවබෝධයක් මේ තුළින් ලබාගත හැකි වේ. ද්විතීය අධ්‍යායේදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වනුයේ සංඝරාජ සාධුචරියාව හා එහි ලක්‍ෂණ පිළිබ`දවය. එහිදී සංඝරාජ සාධුචරියාවේ කර්තෘ හා කාලය, සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්ගතය, අරමුණු හා වැදගත්කම යන අනුප‍්‍රභේද තුන ඔස්සේ අධ්‍යයනය සිදු කෙරේ. මෙහිදී විශේෂයෙන් සංඝරාජ සාධුචරියාවෙහි අර්ථ පඤ්චකය කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ. තෙවන අධ්‍යායෙහිදී සංඝරාජ සාධුචරියා-භාෂාවෙහි ප‍්‍රාරම්භක ඉංගිති පිළිබ`දව අධ්‍යනය සිදු වේ. එහිදී වර්ණ වින්‍යාසය හා යෝජනය, පදවරණය තත්විවිධතා හා න්‍යාය, වාක්‍ය සංස්තිථිය හා මූලික සංරචක සංස්ථානගත කිරීමේ ලක්‍ෂණ හා අර්ථ ප‍්‍රස්තරයෙහි ද්වීප‍්‍රාස්ථවික වෙනස යන අනුමාතෘකි සතර ඔස්සේ අධ්‍යයනය කෙරෙන අතර තෙවන අනුමාතෘකාවේදී සරල වාත්‍ය සංස්තිථිය, සංකීර්ණ වාක්‍ය සංස්තිථිය හා සංගත වාක්‍ය සංස්තිථිය යන තවත් අනුප‍්‍රභේද ත‍්‍රිත්වයක් ඔස්සේ කරුණු ගවේෂණය කෙරේ. චතුර්ථ අධ්‍යායෙහිදී සංඝරාජ සාධුචරියා-භාෂා විවිධතා කෙරෙහි අවධානය යොමු වේ. එහිදී සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්භාෂා සංපර්කය, ශ‍්‍රැතිගෝචර භාෂා යෝජනය හා තච්ýල්ප ලක්‍ෂණ, ගැමිවහර කටවහර හා සංඝරාජ සාධුචරියාව, විකල්ප රූප භාවිතය හා භාෂා සංස්කරණ ලක්‍ෂණ යන අනුමාතෘකා සතර ඔස්සේ අධ්‍යයනය සිදු කිරීමට බලාපොරොත්තු වේ. මෙම නිබන්ධයේ පඤ්චම අධ්‍යාය වෙන් වනුයේ සමාලෝචනය උදෙසාය. මෙම නිබන්ධය නිර්මාණයේදී සංඝරාජ සාධුචරියාවෙහි සංස්කරණ ප‍්‍රධාන මූලාශ‍්‍ර කර ගැනේ. ඒ අනුව පර්යේෂණ ගැටලූව හා අරමුණු සම්බන්ධ වෙනත් ද්විතීයික, තෘතීයික මූලාශ‍්‍ර මෙන්ම ප‍්‍රාමාණික විද්වතුන් සම්මුඛව ඔවුන් සම`ග කෙරෙන සාකච්ඡුා හා සංකථන ඔස්සේ දත්ත සම්පාදනය කරමින් පළිගත් සම්මත එක් ශාස්ත‍්‍රීය විධි නියමයකට අනුව දත්ත විශ්ලේෂණය හා අර්ථකථනය කරමින් මෙම පර්යේෂණය සිදු කිරීමට බලාපොරොත්තු වේ.

No comments: