UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මහනුවර යුගයේ පැවති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍යය කෙරෙහි බලපා ඇත්තේ කෙසේදැ මහනුවර යුගයේ උදාව

Thursday, December 12, 2013

මහනුවර යුගයේ පැවති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍යය කෙරෙහි බලපා ඇත්තේ කෙසේදැ මහනුවර යුගයේ උදාව

මහනුවර යුගයේ පැවති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍යය කෙරෙහි බලපා ඇත්තේ කෙසේදැ මහනුවර යුගයේ උදාව ගම්පල සහ රයිගම පිහිටි පාලන ඒකක දෙක එකිනෙකින් වෙන්ව හැඳින්වීම සඳහා ක‍්‍රි.ව. දාහතරවෙනි සියවසේදී පමණ සිට ඒවාට පිළිවෙළින් උඩරට හා පහතරට යනුවෙන් භාවිත කළ බව පෙනේ. පසුව ගම්පල රාජධානියට නුදුරින් පිහිටියා වූ මහනුවර හා තදාසන්න ප‍්‍රදේශය හැඳූින්වීම සඳහාත් උඩරට යනුවෙන් භාවිත කළ බව පිළිගැනේ. ස්වාධීන රාජ්‍යයක් ලෙසට සකස්වන කාලයෙහි මේ ප‍්‍රදේශය සෙංකඩගලපුර, ශ‍්‍රී ජයවර්ධනපුර හෙවත් සිරිවද්දනපුර හා කටුපුළුනුවර යනාදි නම් කිහිපයකින්ම හැඳින්විණි. ශ‍්‍රී ජයවර්ධනපුරය හෙවත් සෙංකඩගලපුරය කේන්‍ද්‍රකොට ගෙන මෙසේ ඇරඹි එම රාජධානිය කන්ද උඩරට රාජ්‍යය හෝ කන්ද උඩපස්රට හෝ යනුවෙන් එකල හැඳින්විණි. මෙම උඩපස්රටට අයත් වූ ප‍්‍රදේශය කලින් කලට වෙනස් වූ නමුත් ඊට විටින් විට එකතු වූ අලූත් ප‍්‍රදේශ කිහිපයක් නිසා ක‍්‍රමයෙන් එය විශාල වූ බව දක්නට ලැබේ. පේරාදෙණිය, කුණ්ඩසාලේ හා හ`ගුරන්කෙත වැනි සුළු නගර කිහිපයක් ද ඊට අයත්ව තිබූ බැවින් මේ ප‍්‍රදේශය මහනුවර යනුවෙන් හැඳින්වීමට පටන් ගත් බව සඳහන් වේ. ක‍්‍රි.ව. 18 වන සියවස පමණ කාලයේදී සිට මෙම ප‍්‍රදේශයට මහනුවර යනුවෙන් භාවිත කිරීම ආරම්භ කළ බව විශ්වාස කරනු ලැබේ. උඩරට රාජ්‍යය ලෙස ප‍්‍රකට මෙම මහනුවර රාජධානියෙහි පාලන බලය භුක්ති විඳින ලද පාලකයන් රැුසක් ඉතිහාසයේ සඳහන් වේ.  සේනාසම්මත වික‍්‍රමබාහු (1469 - 1511*  ජයවීර (1511 - 1551*  කරලියද්දේ බණ්ඩාර (1551 = 1581*  පළමුවැනි රාජසිංහ (1581 - 1591*  පළමුවැනි විමලධර්මසූරිය (1592 - 1604*  සෙනරත් (1604 - 1635*  දෙවැනි රාජසිංහ (1635 - 1687*  දෙවන විමලධර්මසූරිය (1687 - 1707*  ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්‍ද්‍රසිංහ (1707 - 1739*  ශ‍්‍රී විජය රාජසිංහ (1739 - 1747*  කීර්ති ශ‍්‍රී රාජසිංහ (1747 - 1781*  රාජාධිරාජසිංහ (1781 - 1798*  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (1798 - 1815* මොවුන්ගෙන් ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු අවසන් සිංහල රජු වශයෙන් සැලකෙන අතර ඔහුගෙන් පසුව රජවන ශ‍්‍රී විජය රාජසිංහ, කීර්ති ශ‍්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යන සිවු දෙනා ජන්මයෙන් ස්වදේශිකයෝ නොවූහ. දකුණු ඉන්දියාවේ ආන්‍ද්‍ර ප‍්‍රදේශයෙන් පැමිණි බව කියවෙන මොවුහු මධුරා, තිරුචිනාපොලී වැනි ප‍්‍රදේශවල පාලකයෝ වූහ, මධුරාපුර රාජවංශිකයන් ලෙස පමණක් නොව සූර්ය වංශයට අයත් පිරිසක් ලෙස ද සලකන මොවුන් නායක්කර් වංශිකයන් ලෙස ද තවත් විටෙක වඩුගයින් ලෙස ද හඳුන්වයි. ලක්දිව මහුදුබඩ පෙදෙස්වල පාලන බලයේ සිටි බටහිර ජාතීන්ගේ ආක‍්‍රමණ ගණනාවකට මහනුවර රාජධානියේ සිටි පාලකයන්ට මුහුණදීමට සිදු වීමත්, අසල්වැසි දකුණු ඉන්දියානු නායක්කර්වරුන්ගේ උදව් පළමුවෙනි විමලධර්මසූරිය රජුගේ සමයේදී සිටම ඔවුන්ට ලබා ගැනීමට සිදුවීමත් මෙපරිදි දකුණු ඉන්දියානු ප‍්‍රභවයක් සහිත විදේශික පිරිසකට මහනුවර රාජධානියේ පාලන බලය හිමිවීමට අවශ්‍ය වපසරිය සැකසුණු බව පෙනී යයි. මහනුවර යුගයේ ආගමික වපසරිය ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්‍ද්‍රසිංහ රජු ක‍්‍රි.ව. 1715 දී ඝාතනය කිරීමට රාජ සභාවේ සිටි පිරිසක් සැලසුම් කළත් දක්‍ෂිණ ඉන්දියාවේ මධුරෙයි නුවර සිටි පිට්ටිනායක්කර් නමැත්තාගේ දියණිය අගමෙහෙසිය ලෙසට පත්කොටගෙන සිටි ඔහු එය මර්දනය කළේය. මෙම මධුරාපුර කුමරිය විවාහ කරගැනීම නිසා දකුණු ඉන්දීය නායක්කර්වරු සුලභ ලෙස මහනුවරට පැමිණීිමට පටන් ගත් අතර රාජ සභාවේ කටයුතුවලට ඉමහත් බලපෑමක් ද එල්ල කළෝය. මෙකල නායක්කර්වරු රජමාලිගය තුළ පමණක් නොව ආර්ථික ක්‍ෂේත‍්‍රයෙහි ද සිය බලය තහවුරු කර ගැනීමට සමත්වූහ. මෙය සිංහල වංශවතුන්ගේ බලවත් අප‍්‍රසාදයට හේතු වූ අතර රාජකීය ගබඩා නරේන්ද්‍රසිංහ රජු විසින් තම නායක්කර් ඥාතීන්ට ලබා දීම ගැන විරුද්ධ වූ උඩරට සිංහල රදළයෝ ක‍්‍රි.ව.1732 දී ඔහුට විරුද්ධව තවත් කැරැුල්ලක් සංවිධානය කළහ. දේවරාජා මලල්ගොඩ සහ ගුණසිංහ වැනි උගතුන් මෙකල බුදු සසුන ඉමහත් පරිහාණි තත්වයකට පත් වී තිබුණු බව විශ්වාස කරන අතර නරේන්ද්‍රසිංහ රජු බෞද්ධ කටයුතු නොසලකා හැරීම මෙම කැරැුල්ලට ප‍්‍රධාන හේතුවක් බව විශ්වාස කෙරේ. 1715 දී රජු ඝාතනය කිරීමට සැලසුම් කළ කුමන්ත‍්‍රණයට ඇතැම් භික්‍ෂූන්ගේ සහය ලැබුණේ සංඝ සංස්ථාවට නරේන්ද්‍රසිංහ රජුගේ අනුග‍්‍රහය නොලැබී යැම නිසාය. එහෙත් නරේන්ද්‍රසිංහ රජතුමා මෙලෙස භික්‍ෂූන් නොසලකා හැරියත් බුදු දහම නොසලකා හැරි බවක් නොපෙනේ. උඩරට රාජධානියෙහි සිටි වෙනත් රජුන්ට වෙනස් විමර්ශනාත්මක නිදහස් ආකල්පයක් ඔහු බුදු දහම කෙරෙහි දරා තිබේ. ක‍්‍රි.ව. 1712 දී කැල්වින් වාදියෙක්, කතෝලික ආගමිකයෙක්, ඉස්ලාම් භක්තිකයෙක් හා බෞද්ධයෙක් සහභාගී වූ ආගමික වාදයක් පැවැත්වීමෙන් මෙය වටහාගත හැකි ය. නරේන්ද්‍රසිංහ රජුගේ අවසාන කාලයෙහිදී සරණංකර හිමි පාලි භාෂාව ඉගෙනීමට හා උපසම්පදාව යළි පිහිටුවීමට උනන්දුවෙන් කටයුතු කිරීම නායක්කර්වරු බලයට පැමිණීමට පෙර සිටම බුදු සසුන නැවත නගා සිටුවීමට කටයුතු ආරම්භ වී තිබූ බව පෙනී යයි. මොහුගෙන් පසුව නායක්කර්වරුන්ට බලය හිමි වෙයි. මහනුවර යුගයේ රචිත චූලවංශය හා මන්දාරම්පුර පුවත නම් වැදගත් සාහිත්‍ය කෘතීන් දෙකෙහි මෙම නායක්කර්වරු දකුණු ඉන්දියානු මධුරාපුර රජ පවුලේ ක්‍ෂත‍්‍රීය වංශිකයින් පිරිසක් වීමත් ඔවුන් හින්දු ශෛවාගම අතහැර බුදුදහම වැළඳ ගැනීමත් නිසා 18 වන සියවස මැද භාගයේදී උඩරට රජකම විදේශික දෙමළ නායක්කර්වරුන්ට පහසුවෙන් මාරු වූ ආකාරය විස්තර කර ඇත. නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව රජ වූ නායක්කර් වංශිකයකු වූ ශ‍්‍රී විජය රාජසිංහ සහයෝගය හා විශ්වාසය දිනා ගැනීමට බුදුදහම නගා සිටුවීමේ කටයුතුවල නිරත වූ නමුත් ඔහු සිංහල කතෝලික බැතිමතුන්ට ද උදව් උපකාර කළ නිසා බෞද්ධයින් හා රජු අතර දුරස්ථබවක් ඇති විය. මොහුගෙන් පසුව රජවන නායක්කර් වංශික කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයෙහි ඇති වූ කැරැුල්ලට ආර්ථික සහ දේශපාලනමය වැනි කරුණු පමණක් නොව ජාතික හා ආගමික හේතූන් ද මුල් වූ බව සිතිය හැකි ය. විශේෂයෙන්ම රෝමානු කතෝලික මිෂනාරිවරු යළි මහනුවරට පැමිණිම මෙම කැරැුල්ලට හේතු වී ඇති බව පෙනේ. උත්පත්තියෙන්, පරපුරෙන් හෝ සංස්කෘතිමය වශයෙන් මේ රජු සිංහල බෞද්ධ පාලකයෙකු නොවීමත් දෙමළ බස කථා කළ හින්දු ආගමික බැතිමතෙකු වීමත් මෙහිදී තීරණාත්මක සාධක ලෙස බලපෑම් කොට තිබේ. එබැවින් උඩරට රාජධානියෙහි සිටි බහුතර සිංහල බෞද්ධ ජනයා අතර මේ පාලකයා විදේශීය රජෙකුගේ තත්වයෙන්ම මුලදී ජීවත් වූයේ ය. නමුත් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයෙහිදී විශේෂයෙන්ම බෞද්ධ ලෝක දෘෂ්ටියට සහ බෞද්ධ හැ`ගීම්වලට තම කැපවීම සිංහල රටවැසියාට ඒත්තු ගැන්වීමට දැරූ උත්සාහය නිසා 18 වන සියවසයේදී ශ‍්‍රී ලංකාවේ බුදු දහම අලූත්ම මුහුණුවරක් ගත්තේය. මෙකල බෞද්ධාගම පුනර්ජීවනය කොට එකී පෞරාණික ස්වරූපයෙන් නැවත ප‍්‍රතිෂ්ඨාපනය කළ අතර ලංකා ඉතිහාසයෙහි එය අවසන් වරට මෙලෙස සිදු වූ බව පෙනේ. ශ‍්‍රී ලංකාවෙන් නැති වී ගොස් තිබූ උපසම්පදාව නැවත ඇති කොට සියම් මහා නිකාය පිහිටුවීම මේ රජුගේ කාලයේ සිදු වූ වැදගත් සිද්ධියකි. එහෙත් අවම වශයෙන් මෙලෙස තම බලය තහවුරු කරගැනීමේ පරමාර්ථයෙන් හෝ බුදු දහම වැළඳගෙන ඒ කෙරෙහි ඉමහත් පක්‍ෂපාතී බවක් පෙන්වූ නමුත් තම පාරම්පරික විශ්වාසය වූ හින්දු ශිවාගමද කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් අත් නොහළ බව පෙනේ. ඔහු පමණක් නොව බෞද්ධ උත්සවලදී බැතිමත් බෞද්ධයන් ලෙසට ක‍්‍රියා කළ සියලූ නායක්කර් රජවරු සිය මාලිගය අසලම බිසෝවරුන් හා ඔවුන්ගේ ඥාතීන් සඳහා මෙකල හින්දු දේවාලද ඉදි කළහ. වැලිවිට සරණංකර සංඝරාජ තෙරුන්ගේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා බවට පත්ව සිටි කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුද මෙබඳු දැඩි ශිව භක්තිමතෙකු වූ අතර තත් ආගමිකයන් විසින් කරනු ලබන නළලෙහි අළු ගෑමේ සිරිත පවා ඔහු අත් නොහළ බව පෙනේ. මොහු මරා දමා වෙනකෙකු රජු ලෙස පත් කර ගැනීමට බෞද්ධ භික්‍ෂුන් පිරිසකගේ මැදිහත් වීමෙන් එකල කුමන්ත‍්‍රණයක් පවා ඇති වූයේ ද ඔවුන් තුළ පැවති මෙම හින්දු ආගමික නැඹුරුවෙන් බව ශාසනාවතීර්ණ වර්ණනාව වැනි සමකාලීන ලිපි ලේඛන මගින් පැහැදිලි වේ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට පෙර සිටි රජවරුන්ගේ කාලවලදී බෞද්ධයින්ට අහිමිව ගිය සමහර පූජනීය ස්ථාන මොහුගේ කාලයේදී ආපසු එම බැතිමතුන්ට ප‍්‍රදානය කළ අතර සීතාවක රාජසිංහ රජුගේ කාලයෙහිදී ශිව භක්තිකයින්ට පවරා දී තිබූ ශ‍්‍රී පාදස්ථානය මෙලෙස නැවත බෞද්ධයින්ට පවරා එහි නායක ධූරයට වැලිවිට සරණංකර තෙරුන් පත් කිරීම මීට වැදගත් නිදසුනක් ලෙස සැලකිය හැකි ය. ඊට අමතරව එතෙක් දෙවිවරුන්ට පමණක් සීමා වී පැවති මහනුවර ඇසල පෙරහැරට දළදා පෙරහැරද එකතුකොට එය බෞද්ධ උත්සවයක් බවට පත් කරන ලද්දේ මේ රජුගේ කාලයේදී ය. දිගු කලක් තිස්සේ රාජ්‍ය අනුග‍්‍රහය නොලැබුණූ බැවින් ඒවන විට අභාවයට ගොස් තිබුණු බෞද්ධාගමික පූජ්‍යස්ථාන රැුසක් මෙකල ප‍්‍රතිසංස්කරණය කළ අතර මේ රජුගේ කාලයෙහිදී අලූතින් වෙහෙර විහාර ගණනාවක් සෑදීමට ද ඉමහත් උනන්දුවක් දක්වා ඇතිබව පෙනේ. මේ අයුරින් ඔහුගෙන් පසුවත් රජ වූ නායක්කර්වංශික රජවරුන් තම දේශපාලන ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙන් හෝ බුදුසමයට අනුග‍්‍රහ කළ අතරම ස්වකීය අභිප‍්‍රායන් ද මැනවින් ඉටුකරගැනීමට සමත් වූ අන්දම පැහැදිලි කරගත හැකි ය. බුදු සමයේ පරිහානිය විදේශ ආක‍්‍රමණවලට රට නතු වීමත් සමග ක‍්‍රමයෙන් ඇති වූවකි. ඒ සඳහා බලපෑ හේතු ගණනාවක් කොටගම වාචිස්සර හිමියන් මෙසේ දක්වා ඇත. 1. රාජ්‍යාරක්‍ෂාව නැති වීම. 2. ක‍්‍රිස්තියානි බලපෑම. 3. දේශපාලන විප්ලවය. 4. සමාජ විප්ලවය හා ඉන්දු ද්‍රවිඩාභාසය. 5. ආර්ථික ක‍්‍රමය. 6. කුල බේදය. 7. ඥාති ශිෂ්‍ය ක‍්‍රමය. යනාදිය යි. ලංකාවේ සොළොස්වන සියවසයෙන් පසුව රජකළ රජුන්ට බුදු සමය රැුකීමට අවස්ථාව නොලැබුණේ ඔවුන්ට සිය රාජ්‍යය රක්‍ෂාකර ගැනීමට බලවත් අරගලයකට මුහුණ පාන්නට සිදු වූ හෙයිනි. පළමුවන හා දෙවන විමලධර්මසූරිය රජුන් බුදු දහමේ දියුණුවට ක‍්‍රියා කළ නමුත් ඔවුන් තුළ බුද්ධාගම පිළිබඳ දැනුමක් නොවූ බැවින් වැඩක් නොවීය. සෙනරත් හා දෙවන රාජසිංහ යන රජවරුන්ට ස්වදේශිකයන්ගෙන් මෙන්ම විදේශිකයනගෙන් ද ඇති වූණු අවුල් වලට මුහුණ දීමට සිදු වීම නිසා බුදු දහම රැුකීමට ඉඩක් නෙලැබුණේ ය. සිරි පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු ද බුදු දහම නාමිකව පමණක් ඇදහූ අතර බුදු දහම ගැන කිිසිත් නොදත් විනෝදකාමියෙකු වූ හෙයින් ඔහු සැලකූයේ පංසල්, වෙහෙර විහාරාදිය ඉදි කිරීමෙන් සහ භික්‍ෂූන්ට ඉඩකඩම් පිදීමෙන් පමණක් මේ රටේ බුද්ධාගම දියුණු වෙතියි කියා ය. මින් පසුව ඇති වූ නායක්කර් වංශික රජුන් පිළිබඳව පෙර විස්තර කරන ලදි. ඔවුන් බුදු දහම වැළඳ ගත්තේ එම`ගින් මහ ජනයා රවටා සිය රාජ්‍ය බලය තහවුරු කරගැනීමේ අදහසින් මිස බුද්ධාගමට ඇති භක්තියකින් නොවේ. ඔවුන්ගේ පැරණි ආගම ද ඔවුන් අත් නොහළ බව මොලදණ්ඬේ විප්ලවයෙන් පැහැදිලි වේ. භික්‍ෂූන් ඉදිරියෙහි භක්තිමත් බෞද්ධයන් වශයෙන් ක‍්‍රියා කරමින් රජ මාලිගය අසලම සිය බිසෝවරුන් හා වඩුග ඇමතියන් වෙනුවෙන් දේවාලය ඇති කිරීමට තරම් ඔවුහු නිර්භීත වූහ. නියම බුද්ධාගම කුමක්දැයි එකල භික්‍ෂුන්ටද නිසි පරිදි නොවැටහුණ හෙයින් නායක්කර්වරුන්ගේ ඒ ව්‍යාජ බුද්ධාගම තේරුම් ගත නොහැකිව භික්‍ෂුන්ද ඔවුන්ටම ආවැඩූ බව පෙනේ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු මැරවීමට මල් වත්තේ විහාරයේදී කළ කුමන්ත‍්‍රණයෙන් හෙළි වන්නේ පසු කලෙක මෙරට සිටි භික්‍ෂුන්ට සහ ජනප‍්‍රධානීන් හට ද නායක්කර්වරුන්ගේ ඒ කපටි ක‍්‍රියාදාමයන් හෙළි වූ බවයි. ලන්දේසීන්ගේ කාලයේදී ඔවුන්ගේ ක‍්‍රිස්තියානි ව්‍යාපාරය බුද්ධාගමේ පිරිහීමට හේතුවූ බව පෙනේ. ඔවුන් බුදුදහමට කළ කෙනෙහිලි කම් ප‍්‍රාමාණික කොට දැක්විය නොහැකි ය. ආර්ථික තත්වය, කුලවාදය, ඥාති ශිෂ්‍ය ක‍්‍රමය වැනි සාධක නිසා ද බුදු දහමේ පරිහානිය වැළැක්විය නොහැකි විය. මේ අයුරින් මහනුවර යුගයේ පැවති සංකීර්ණ ආගමික වටපිටාව හඳුනා ගත හැකි ය. මහනුවර යුගයේ සාහිත්යික පසුබිම සෙංකඩගලපුර හෙවත් මහනුවර සිංහලයේ අවසන් රාජධානිය යි. 16 වන සියවසේ සිට එල්ල වූ බටහිර ආක‍්‍රමණවල කූටප‍්‍රාප්තියක් ලෙස ක‍්‍රි.ව. 1815 දී ඉංග‍්‍රීසින් සමස්ත රටම යටත් කරගනු ලබන්නේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ද අල්ලා ගැනීමෙනි. මහනුවර අවධිය පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි යන ආක‍්‍රමණිකයන් තුන් පිරිසගෙන්ම පීඩාවට පත් වූ කාල වකවානුවකි. මෙසමය දේශපාලන අස්ථාවර භාවය පැවති සමයකි. එක් පැත්තකින් බටහිර ජාතිකයන්ගේ බලපෑමට රට ගොදුරු වෙද්දී අනෙක් පැත්තෙන් දේශීය කැරලි කෝලාහල වර්ධනය විය. ආක‍්‍රමණිකයාගෙන් රට ආරක්‍ෂාකර ගැනීම මෙකල රජ පත් රජවරුන්ගේ ප‍්‍රධාන වගකීම බවට පත් විය. ආක‍්‍රමණිකයන්ට පහර දීමට හා තම රාජ්‍ය බලය රැුක ගැනීමට රජුගේ ප‍්‍රධාන අවධානය යොමු වීම නිසා ඔවුන්ට සැලකිය යුතු තරම් රටේ අනෙක් ක්‍ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කරලීමට ඉඩකඩ නැති විය. අතරින් පතර ඇතැම් රජෙකු ශාස්ත‍්‍රීය, සාහිත්යික හෝ සාමයික කටයුතුවලට මැදිහත් වී ඇතත් පර සතුරු උවදුරුවලින් රට මුදවා ගැනීම හා ස්වකීය බලය රැුක ගැනීම ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූ බව පැහැදිලිව පෙනෙන කාරණාවකි. මේ යුගය වන විට, කෝට්ටේ යුගයේ පැවති ප‍්‍රසිද්ධ විද්‍යස්ථානවලට සමාන කළ හැකි අන්දමේ කිසිදු විද්‍යස්ථානයක් මෙරට නොවීය. කෝට්ටේ යුගයේ විරාජමාන වූ උගතුන්ට සදෘශ කළ හැකි අන්දමේ උගතෙක් ද මෙකල නොවී ය. කොට්ටේ යුගයේ රචිත සැළලිහිණි සංදේශය වැනි සන්දේශ කාව්‍යයක්, පැරකුම්බා සිරිත වැනි ප‍්‍රශස්ති කාව්‍යයක්, ගුත්තිලය, කාව්‍යශේකරය වැනි බණ කථා කාව්‍යයක් මහනුවර යුගයේදී බිහි නොවීය. පැහැදිලි ලෙසම විග‍්‍රහ කළහොත් මහනුවර යුගය යනු භාෂා සාහිත්යික අංශයෙන් සිංහල ඉතිහාසයේ පාරිහානික සමයකි. සාම්ප‍්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය බිඳවැටීම, උගතුන්ගේ හි`ගකම, භික්‍ෂූන්ගේ කාර්යය ගණින්නාන්සේලා අතට පත් වීම මෙම සාහිත්යික අඳුර පැතිරීමට බලපෑ හේතු අතර වෙයි. ‘‘පොදුවේ භික්‍ෂු සමාජය දැනුමෙන් හා පිළිවෙත්වලින් හීනවී යාම ඊට හේතු වූ කරුණු විය හැකි බව පෙනේ. භික්‍ෂූන් අතින් අමුතු පොත් පත් පෙර පරිදි ලියවී නාවාක් මෙන්ම, ලියවී තිබුණු පොත පත පවා පෙර පරිද්දේන් උන් වහන්සේලා වෙතින් රැුකුණු බවකුදු නොපෙනේ. තැන් තැන්වල තිබුණු පොත පත ආරක්‍ෂා සහිතවත් රහිතවත් තිබෙන්නට වන. කලාතුරකින් කෙනෙකු දෙන්නෙකු ඒ පොත් භාවිත කළා මිස රටේ කාතුළත් ඒවා ගැන තැකීමක් නොවිණ.’’ මෙම ශාස්ත‍්‍රීය හා සාමයික අඳුරෙන් රට බේරා ගැනීමට පෙරමුණ ගෙන ක‍්‍රියා කළෝ සරණංකර ස`ගරජ හිමියෝ ය. ගණින්නාන්සේලාගේ දිවි පැවැත්ම හෙළා දුටු සරණංකර සාමණේර හිමි සසුන තුළ පුනරුදයක් ඇති කිරීමට නම් උගත්කම් ඇති ශාසනික ප‍්‍රතිපත්තිධර කෙනෙකු විය යුතුයයි සලකා ත‍්‍රිපිටක ධර්මය ඇතුළු ශබ්ද ශාස්ත‍්‍රයන් මැනවින් ඉගෙන, ඒ වන විට පූර්ණ වශයෙන් අභාවයට ගොස් තිබුණු පිණ්ඩපාතිකාංගය වැනි ශාසනික වත් පිළිවෙත් ඇරඹීය. ඒ අතර තමන් අනුගමනය කරන පිරිසක් ද ඇති කරවීය. මෙම කාර්යය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූ බව පෙනේ. ස`ගරජ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස ‘සිල්වත් සමාගම’ ලෙස හැඳින්වෙන්නට විය. මේ වන විට ලංකාවේ අභාවයට ගොස් පැවති උපසම්පදාව සියම් රටෙන් ගෙන්වා මෙරට යළිත් පිහිටුවීමට උන් වහන්සේ කටයුතු කළහ. උපසපන් භික්‍ෂූන්ගේ ව්‍යාප්තියත් වෙහෙර විහාර පිළිසකර වීමත් ග‍්‍රන්‍ථ කරණයට පිරිසක් පෙළඹවීමත් මේ සම`ග සිදුවූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ අඳුරු රාජධානියක කිසියම් සාහිත්යික ප‍්‍රබෝධයක් උත්පාදනය වීමයි. මහනුවර යුගයේ පද්‍ය සාහිත්‍යය මහනුවර යුගයේදී ආගමික බලපෑමෙන් තොර පද්‍ය සම්ප‍්‍රදායක් පුළුල් ලෙස ව්‍යප්ත වනු දැකගත හැක. ආගමික බලපෑමෙන් තොර වීම හේතුවෙන් වස්තු විෂය අතින් විවිධත්වයක් ගත් පද්‍ය කෘති රාශියක් මෙකල බිහි විය. මේවා ගණනින් විශාල වුවත් සාහිත්යික අතින් එතරම් විශිෂ්ට නිර්මාණ ලෙස හඳුනාගත නොහැකිය. මෙ පද්‍ය ග‍්‍රන්‍ථ අතර 01. චරිත කථා කාව්‍ය 06. වන්දනා කාව්‍ය 02. ජාතක කථා කාව්‍ය 07. ද්‍රවිඩ පරිවර්තන කාව්‍ය 03. උපදේශ කාවය 08. විරුද කාව්‍ය 04. ශෘංගාර කාව්‍ය 09. ප‍්‍රහේලිකා කාව්‍ය 05. සන්දේශ කාව්‍ය 10. ශතක කාව්‍ය ආදි ක්‍ෂේත‍්‍ර ගණනාවකට අයත් නිර්මාණ දක්නට ලැබේ. මේවායින් බහුතරය ලෞකික ජීවිතය මූලික කරගත් ඒවා බව පෙනේ. එසේ වුවද ජාතක කථා හා බණ කථා කාව්‍යය ද සැලකිය යුතු ප‍්‍රමාණයක් මේ අවධියේදී රචනා විය. චිරන්තන සිංහල සාහිත්‍ය ඉතිහාසය පිරික්සීීමේදී වස්තු විෂයයෙන්, පරමාර්ථ අතින් හා ආකෘතික විවිධත්වයෙන් යුතුව මෙතරම් පද්‍ය නිර්මාණ සම්භාරයක් රචිත වෙනත් යුගයක් හඳුනාගත නොහැකි තරම් ය. මහනුවර යුගයේ පැවති ආගමික විශ්වාස තත්කාලීන පද්‍ය සාහිත්‍ය කෙරෙහි බලපා ඇති අයුරු කෝට්ටේ කාලයෙන් පසු ජාතියත් ආගමත් සම`ග මෙරට ශබ්ද ශාස්ත‍්‍රයනුත් පිරිහී ගිය බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම යි. බුදුසමය නිසා දියුණු වී පාරම්පරිකව පැවත ආ පොත් පත් කරණය බෙහෙවින් අඩුව ගිය හෙයින් භාෂා ශාස්ත‍්‍ර ප‍්‍රබෝධයේ එක්තරා පරිහානියක් එවක ඇති වූ බව පිළිගැනීමට සිදු වෙයි. පොත් පත් ලිවීමෙහි මෙන්ම ආගමික අධ්‍යාපනය පැවැත්වීමෙහිත් පැවිදි ප`ඩිවරුන්ට එවක ඉඩකඩක් ඇති වී නැත. මේ කාරණය මෙසේ වුවත් බුදු බණ ගැන පාරම්පරික තැකීම ජන සමාජය තුළින් ඈත් නොවූ බවට සාධක සපයන බණ කවි රැුසක්ම මේ යුගය තුළදී ලියවී ඇති බව පෙනේ. ඒවා බොහෝ සෙයින් ජාතක කථා හා බුද්ධ චරිතයේ ඇතැම් සිද්ධීන් එල්ලකොට කවිකළ ඒවායි. මේ නිසා එකම ජාතක කථාව - එකම සිද්ධිය නොයෙක් දෙනා විසින් කවි කළ බව ද දක්නට ලැබේ. මේ බුදු බණ ලියූ කවීන් අතර බොහෝ දෙන ගිහි ප`ඩිවරු ය. ඔවුන් භික්‍ෂූන් ඇසුරෙහි ඉගෙනගත් පිරිසක් කොටත් උපැවිදි (සිවුරු හළ* උගත් ගිහි පිරිසක් කොටත් සැලකිය හැකි ය. අඳුරෙහි ගැලී ගිය සිංහල සාහිත්‍යයට යළිත් ආලෝකයක් ලැබෙනුයේ වැලිවිට සරණංකර ස`ගරජ හිමියන් අතින් ඉතා දුකසේ දැල්වුණු ධර්ම ශාස්ත‍්‍ර ප‍්‍රදීපයෙනි. සරණංකර ස`ගරජ හිමියන්ගෙන් හා උන්වහන්සේ සම`ග සද්ධිවිහාරිකව සිට රුහුණු දනව් වැඩම කොට එම ප‍්‍රදේශයෙහි ධර්ම ශාස්ත‍්‍රාලෝකය පැතිර වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්ගේද ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත්ව මාතර කවියන් ලෙස පෙනී සිටි කවියන් අතින් ජාතක කාව්‍යයන්ට ලැබෙනුයේ මහත් පිටුවහලෙකි. කිසිදු සිංහල සාහිත්‍ය යුගයක හමුනොවන තරමේ ප‍්‍රමාණයෙන් ඉහළ ජාතක කථා රාශියක් මහනුවර අවධියේදී කවි කරන ලද බව පෙනේ. මෙකල ජාතක කථා පද්‍යයට නැගීම කෙතරම් ජනප‍්‍රිය කරුණක්ද කිවහොත් සිංහල ජාතක පොතේ දක්නට නොලැබෙන කථා පවා පද්‍යයට නැගීමට තරම් උත්සුක වූ අයුරු දක්නා ලැබේ. ද්‍රවිඩ සාහිත්‍යයේ ආභාසයෙන් රචිත මහා පදරංග ජාතකය ජාතක පොතේ නැති කථාවකි. ඉතිබිසෝ ජාතක කාව්‍යය ද ජාතක පොතේ නැති කථාවක් ඇසුරින් කරන ලද්දකි. මීට පෙර කවියට නගන ලද මඛාදේව ජාතකය (මුවදෙව්දාවත* මෙකල මඛාදේව ජාතක කාව්‍යය ලෙස යළි රචනා විය. ඇත්පල් දා කව හා හස්තිපාල ජාතක කාව්‍යය යන කෘති දෙකක්ම රචනා වීමෙන් මේ අවධියේදී ජාතක කථා කවියට නැගීමට දැක්වූ කැමැත්ත පැහැදිලි වේ. මහාකාව්‍ය ලක්‍ෂණ අන්තර්ගත කොට ජාතක කථා පද්‍යයට නැගීම මේ යුගයේදී ද සිදු විය. ආකෘතියෙන් මහාකාව්‍ය ලක්‍ෂණ පෙන්වා ඇතත් මේ කෘති සියල්ල කාව්‍යාත්මක බවින් අනගි නොවේ. නිදසුන් ලෙස කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ ආරම්භ කොට අනතුරුව රජ පැමිණි රාජාධි රාජසිංහ රජුගේ කාලයෙහි නිම කරන ලද සාලිඇලේ මණිරතන ස්ථවිරයන්ගේ ‘කව්මුතුහර’, එළිවැට දෙපලකින් අවසාන වන පද්‍යයන්ගෙන් යුතු ‘කව්මිණි කොෙ`ඩාල’ (පත්තායමේ ලේඛම් විසින් රචිත*, මාතර කටුවාණේ මුහන්දිරම් විසින් රචිත ‘කව්මිණි මල්දම’ ආදිය දැක්විය හැක. අප‍්‍රකට ජාතක කථාවන් වස්තු බීජයන් කොට කාව්‍යයන් සැපයීම මේ යුගයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් වූ බව පෙනේ. ලක්දිව මුහුදුබඩ පෙදෙස් යුරෝපීය ජාතිකයනට යටත් වීමෙන් පසු යුධ කෝලාහල ආදියෙන් තොර සාම යුගයක් උදාවූයේ ලන්දේසි පාලන යුගය තුළදී ය. ක‍්‍රි.ව. 1679 වැන්නෙහි නන්දන කවීන්ද්‍රයන්ගේ හස්තිපාල ජාතක කව්‍යයෙන් ඇරඹි කිතුවසින් 1799 වැන්නෙහි පමණ රචිත කාලිංග බෝධි ජාතක කාව්‍යය දක්වා බිහි වූ ජාතක කාව්‍ය දහයක්ම ලන්දේසි පාලන යුගයට අයත් වීම මෙය පැහැදිලි කරයි. මණිචෝර ජාතකය, සුමු`ගුදාකව, දේවධර්ම ජාතක කාව්‍යය, කාව්‍ය දීපනිය, අසදිස දා කව, කාලිංග බෝධි ජාතකය, කව්සිළුමිණ 2 මේ අතර වේ. චූල සම්ප‍්‍රදායේ සිංහල මහා ජන කාව්‍යයක් වන වෙස්සන්තර ජාතක කාව්‍යය ද මේ යුගයට අයත් වේ. කව් සිළුමිණ, කාව්‍යශේකරය, ආදී කාව්‍යයන් අයත් විදග්ධ මහා සම්ප‍්‍රදායට අයත් නොවන හෙයින් අපි මේ කාව්‍යය චූල සම්ප‍්‍රදායේ මහා ජන කාව්‍යය යයි හඳුන්වමු. ජාතක කථාවන් අතර අවසාන ජාතකය වන වෙසතුරු සිරිත කියවන්නාගේ සිත තුළ පුදුම විදිහේ කරුණ වේගයක් දනවන්නකි. ජූතක බමුණාට දරුවන් දන්දීමත් දාරක ස්නේහය ඉවසා ගත නොහී මද්‍රී දේවී වැළපුණු අන්දමත්, බමුණා සි`ගිති දරු දෙදෙනා තළමින් ගෙන ගිය ආකාරයත් මේ කථාව අසන ජනයාගේ නෙත් කඳුලින් පිරීයන සිද්ධි ඇති තැන් ය. කථාවේ ඒ සිද්ධීන් කියවන්නන් තුළ අපරිමිත චිත්ත වේගයක් දැනවීමෙහි සමත් ය. වෙසතුරු සිරිත කවියෙන් කියවා එම චිත්ත වේග උපදවා ගැනීමේ පූර්ණ ශක්තිය ඇතිවන ලෙසට වෙස්සන්තර කාව්‍යය ද ලියවී තිබේ. ඇතැම් විට වෙසතුරු කථාවට කවියෙන් කළ අටුවාවක් තරමට මේ කවෙහි දික් කළ තැන් ද දැකිය හැක. වෙසතුරු රජු තපසට යෑමට පෙර දුන් මහා දානයේ ස්වභාවය කවියෙන් ගැබ් කළේ ඒ ආකාරයෙනි. ‘‘දන් සැල් කරවා පරසිඳු වන්නේ පිං පැන් තාලිත් නෙක් සැපතින්නේ නන් රස බෝජන කරවා දෙන්නේ සන්තොස කරවා යදි හට දුන්නේ’’ ‘‘මෙලෙසට මිණිමුතු කැට කැබිලිති මෙන් දන් දී වෙසතුරු අවුරුදු අටකින් ඇස් ඉස් මස් ලේ අඹු දරු දෙමි දන් සිතුවෙමි ගුගුලේ පොළව ද නටමින්’’ බෝධිසත්වයන් වහන්සේගේ දාන පාරමිතාව තීව‍්‍ර ලෙස මෙසේ උද්දීපනය කොට ඇත. රචකයා තුළ තිබූ අපරිමිත ශ‍්‍රද්ධාව හා බුදු සමය පිළිබඳ විශ්වාසය මේ තුළින් ගම්‍යමාන වේ. දන් දුනහොත් එහි ප‍්‍රතිඵල මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන් ද ලැබෙන බව ඔහුගේ විශ්වාසය වන්නට ඇත. ජාතක බණ කථා හෙළ කවියට නැගීමේ පැරණි සම්ප‍්‍රදායට අනුව ලියවී ආ තවත් කාව්‍යයක් හැටියට කව්මුතු හර හැඳින්විය හැක. මෙහි කතුවරයා සාලිඇලේ මණිරතන හිමි බව ඉහත ප‍්‍රකාශ විණි. කව්මුතුහර ලියන ලද්දේ මාතර කන්දබොඩපත්තුවේ අභයරත්න ඒකනායක මුහන්දිරමේ රාළහාමිගේ ළදරු පුත‍්‍ර ඩිංගි අප්පුහාමිට පිං පැමිණවීමට යි. කව්මුතුහරේ වස්තුව ජාතක පොතේ එන දසරථ කථාවයි. ලෞකික හේතු සාධක සාක්‍ෂාත් කරගනුවස් මේ පද්‍ය කෘති රචනා කළ බැව් මේ අනුව පෙනී යයි. සාමාන්‍ය පද්‍ය කෘතියකටත් වඩා ජාතක කථාවක් පද්‍යයට නැගීම ඊටත් වඩා පිං ලැබ ගැනුමට කරුණක් විය හැකි බව මෙකල වූවන්ගේ විශ්වාසය වන්නට ඇත ‘‘යැදුම් කළ මෙකව බඳනට මැතිඳු හ ට යෙහෙන් පුත්ව මළගිය අප්පුහාමි ට මෙපින් සිදුව නොගොසින් සතර අවය ට එයින් බැහැර නොපැමිණ දරුණු දුකක ට’’ මීට අමතරව ජාතක කථා කාව්‍ය රාශියක් මේ යුගයේ රචනා කරන ලද බව පෙනේ. මහනුවර අවධියේ ජාතක කථා කවියට නැගීමේ සම්ප‍්‍රදායට සමාන්තරව වර්ධනය වූ තවත් පද්‍ය සම්ප‍්‍රදායක් වූයේ සෙසු කථා කවියට නැගීම යි. එම කථා එකල සමාජයේ ප‍්‍රචලිතව පැවතීම ඊට හේතුව යි. එබඳු කාව්‍ය ලෙස මහබිනික්මන් කව, ආලවක දමන කාව්‍යය, දේවදත්ත වරුණේ, පද්මාවතී කථාව, අතුළ රාජ පුවත, සින්නමුත්තු කථාව, වල්ලිමාතා කථාව, රතවතී කථාව ආදිය දැක්විය හැක. චූල සම්ප‍්‍රදායේ අනෙක් සිංහල මහා ජන කාව්‍යය වන යශෝදරාවත ද මේ ගණයට අයත් කවි පොතකි. සිදුහත් කුමරුන් මවුකුස පිළිසිඳ ගැනීමේ සිට මහබිනික්මන් හරහා බුදු වී සිය පුරයට වැඩමවීම තෙක් සිද්ධි මාලාවත් යශෝදරාවගේ විරහලාපයත් මෙහි සංවේදී හැ`ගීම් දනවන ලෙස ඉදිරිපත් කොට ඇත. ‘‘නිමනැති සංසාර සාගරය පීන ලා නිමනැති වස්තු ඇස් ඉස් මස් දන් දී ලා නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ ලා නිමනැති බුදු බවට ජීවිත දන් දී ලා’’ බුදු බව ප‍්‍රාර්ථනා කොට බෝධිසත්වයන් වහන්සේ විසින් කරන ලද අනේකවිධ වීර්යයන්, වැඩූ පාරමිතාවන් තියුණු ලෙස ඉදිරිපත් කිරීම රචකයාගේ උත්සාහය වූවාට සැක නැත. දන්දීම පිළිබඳ තත් කාලීන සමාජය තුළ පැවති විශ්වාසය ද බුදු බැතිය ද මේ තුළින් මතුකරගත හැක. ‘‘රැුක පතිදම් යසොදර බිසවුන් ලෙස ට දුකසැප දෙකෙහි වෙනසක් නොව එක ලෙස ට එක හිමි පතා සිටියොත් ලඳුනි බැති කො ට සැක නැත සග පවග මතුවර ලැබෙනව ට’’ යශෝදරාව මෙන් පතිදම් රකින කතකට ස්වර්ග මෝක්‍ෂ සම්පත් නිත්‍ය වශයෙන් ලබාගත හැකි බව මේ තුළින් දනවයි. යශෝදරාවතින් පුණ්‍යක‍්‍රියා සිදු කිරීමේ අගයත් සදාචාර වර්ධනයේ වටිනාකමත් මතුකරලීමට වෑයම් කොට ඇති බව ප‍්‍රත්‍යක්‍ෂ වේ. යම් කිසි ආගමික වශයෙන් වැදගත් වන පණිවුඩ රාශියක් සමාජය වෙත රැුගෙන ගිය බව පෙනේ. ආගමික බලපෑම ලිහිල් වී ලෞකිකත්වය ස්මතු වීම නිසා මහනුවර යුගය බුදුදහම පිරිහීමට පත්ව තිබූ අවධියකි. ප‍්‍රසිද්ධ විද්‍යාස්ථාන කිසිවක් මෙකල නොවීය. සාහිත්‍යකරණයට නම් දැරූ භික්‍ෂූන් වහන්සේලාද මෙකල නොසිටියහ. ගණින්නාන්සේලා හුදෙක් ලෞකිකත්වයට නැමුණු දිවි පෙවෙතක් ගත කළහ. පන්සල් වෙහෙර විහාර කැඞී බිඳී ජරාවාසව, වන ගතව පැවතිණි. ආගමට සබැඳි පිරිස කුටුම්බ රක්‍ෂණයට පෙළඹීම නිසා සැම අතින්ම ලෞකිකත්වයට නැමුණු සමාජ වපසරියක් නිර්මාණය විය. මේ සසුනේ බිහි වූ සාහිත්‍යය ලෞකිකත්වයට වැඩි බරක් තැබූ එකක් විය. එක් අතකින් සාහිත්‍ය කරණය සම්බන්ධව භික්‍ෂූන් සතුව පැවති ආධිපත්‍යය ගිහියන් අතට පත් වීම ද මෙයට බලපාන්නට ඇත. ඔවුහු බුද්ධාගමේ හරය හා නෙගැළපෙන ශෘංගාර කාව්‍ය රචනා කළෝය. ‘‘මේ කාලයෙහි ශෘංගාර රසානුවිද්ධ කව්ද බහුල වූ බව කවිකාර මඩුවේ කවි, වියොවගරත්නමාලය සහ තවත් එවැනි පද්‍ය ග‍්‍රන්ථයන්ගෙන් පෙනේ.’’ ශෘංගාර කාව්‍ය අතර රති කාව්‍යයද වේ. මේ කාව්‍ය දකුණු ඉන්දීය බලපෑම නිසා ඇතිවූ පද්‍ය සම්ප‍්‍රදායක් බව පෙනේ. ඇතැම් කෘති පරිවර්තනද විය හැක. වියොවගරත්නමාලය, රතිරත්නාලංකාරය, රතවතී කථාව, විරහ ශෝක මාලය, මකරධ්වජය, ආදරසෝක මාලය, රතිමාලය, අනුරාගමාලය ආදිය මෙලෙස රචනා වූ ශෘංගාර කාව්‍යවලට නිදසුන් ය. ශෘංගාරය ලෞකිකත්වයට අදාළ දෙයකි. සමස්ත කෘතියෙහිම ශෘංගාරය කුළු ගැන්වෙන මේ පද්‍ය රචනා නිර්මාණය වන්නට ප‍්‍රධාන හේතුවක් වූයේ ආගමික බැඳීම්වලින් මිදීම යි. විරාගය පමණක් එල්ලකොට රචිත කාව්‍ය මහනුවර කාලය වන තුරු අපේ සාහිත්‍යයේ හමු නොවේ. එහි මුල් පොත ලෙස වියොවගරත්න මාලය පෙන්වා දිය හැක. මෙය කවි 132 කින් යුත් ප‍්‍රසිද්ධ රචනයකි. ‘‘දිසිරණ ලියක ලීලය සොඳරු ලඳ ලද කරමින් මසිතු ආලය පහස විඳ විඳ පරතට පැමිණි කාලය දුකිනි හද තද වියොවගරත්නමාලය කියමි පද බැඳ’’ යනුවෙන් සිතු ආලය කරමින් පහස විඳ විඳ සිටි ලියකගෙන් වෙන්ව හදේ පැවති තද දුක පවසනු වස් මේ පොත කළ බව පැවසේ. සත්‍ය වශයෙන්ම මහනුවර කාලය රටේ සභ්‍යත්වය සම්බන්ධයෙන් ද පරිහානිදායක අවධියක් විය. යහ ගුණ දම් මතු කිරීම අරභයා උපදේශ කාව්‍ය සාහිත්‍යයක් පහළ වන්නේ මීට සමගාමීව ය. සමාජ සුචරිතය, යහ පැවැත්ම පති භක්තිය, ආගමානුකූල ජීවිතය නැංවීමට අදාළ උපදේශ සමාජගත කිරීම මෙකල කාලීන අවශ්‍යතාවක් විය. ඒ අනුව උපදේශ සාහිත්‍යයක් වර්ධනය විය. මහනුවර යුගයේ උපදේශ කාව්‍ය ප‍්‍රධාන කොටස් දෙකක් ලෙසට හ\ුනාගත හැකි ය. එනම්, 01. ශාස්ත‍්‍රීය උපදේශ කාව්‍යය 02. ජන උපදේශ කාව්‍යය කව් බැඳුම් ශාස්ත‍්‍රීය අන්දමින් ප‍්‍රගුණ කළ කවියන් විසින් රචිත කෘති ශාස්ත‍්‍රීය උපදේශ කාව්‍යයි. සාමාන්‍ය ජනයා විසින් ජනකවි ලෙස රචිත ඒවා ජන උපදේශ කාව්‍යයි. ලොකෝපකාරය, බවෝපකාරය, දහම්මිණි කව, කලි යුගයේ කවි, දැමුතු මාලය, උපාරත්න මාලය, අවවාද රත්න මාලය, සිරිත් මාලය, නන්දන මාලය, වැනි කෘති මෙකල රචිත උපදේශ කාව්‍යයි. ‘‘අනුවණ දුරැුර සැප වාසය - කර මෙලොව නිරතුරෙන් සගමොක් සැපත් ලැබ ගන්ට - බලව් ලෝකෝපකාරය’’ නුවර අවධියේදී රචිත පද්‍ය නිර්මාණවල ලෞකිකත්වය ස්මතුවන තවත් අවස්ථාවක් සන්දේශ කාව්‍ය ඇසුරින් හඳුනා ගත හැක. සමස්තයක් ලෙස සන්දේශ කාව්‍ය ලෞකික කරුණක් ඇසුරින් බිහි කෙරෙන සාහිත්‍යාංගයකි. එහෙත් එහි පොදු බවක් ද විය. නමුත් මහනුවර අවධියේදී රචිත සන්දේශ කාව්‍ය සතරේ අරමුණ මීට වඩා වෙනස් විය. එම පරමාර්ථ අතර කතුවරාගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ ඒවා ද වෙයි. දික්වැල්ලේ සාමණේර හිමිගේ කහකුරුළු හෙවත් හේමකුරුළු සඳෙසෙහි එක් අරමුණක් වූයේ තමාගේ මුහුණෙහි පැවති කුෂ්ට රෝගයක් සුවපත් කර ගැනීමය. අතපත්තු මුකවෙටි නමැත්තාගේ කැටකිරිලි සන්දේශය රජුට ආසිරි පැතීමට ලියන ලද්දක් වුවත් බරණ ගණිතාචාර්යයාගේ නීල කොබෝ සන්දේශය ඔහුගේ සිරුරේ පැවති කුෂ්ට රෝගයක් සුව කර ගැනීමේ අරමුණෙන් ලියූවකි. දිය සැවුල් සන්දේශය එහි කතුවරයා වූ තල්අරඹේ ධම්මක්ඛන්ද හිමිගේ පා දෙකේ හටගත් රෝගයක් සුව කර ගැනීමට ලියන ලද්දකි. කහකුරුළු හෙවත් හේම කුරුළු සන්දේශයෙහි පරමාර්ථය මෙසේ එහි දක්වා තිබේ. ‘‘වත පැමිණිනු උවදුරු දුරු කර බැහැ ර ගත සියළුම රෝදුක් දුරලා නිත ර ඉතමිතුරන් සම`ගිව සිතැ`ගි සිදු ක ර සෙත දී අප රක්නට සැල කර මිතු ර’’ පෞද්ගලික ප‍්‍රස්තුත කවියට වස්තු විෂය කරගත් තවත් අවස්ථාවක් නම් චරිත කථා කාව්‍යයි. මෙබඳු ප‍්‍රකට චරිත කථා කාව්‍ය දෙකක් මෙකල බිහි විය. ඒ ස`ගරජවත හා මොරතොට වත යි. ස`ගරජ වතින් වැලිවිට ස`ගරජ හිමියන් ද මොරතොට වතින් මොරතොට ධම්මක්කන්ද හිමියන් ද වර්ණිත ය. මේ යුගයේ රචිත තවත් පද්‍ය කෘති වර්ගයක් ලෙස වන්දනා කාව්‍ය හඳුනා ගත හැක. මහනුවර යුගයේ රචිත වන්දනා කාව්‍ය අතුරින් තුන් සරණයට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. ඒය ඒ තරමටම පොදු ජන රුචිය දිනා ගෙන ඇති අතර බෙහෙවින් භාවිත ද වේ. අහස පොළව මෙන් අපමණ වූ බුදු ගුණ සිතට ගෙන ධර්මයට හා සංඝයාට නැවත වෙන වෙනම කළ නමස්කාරය එහි දෙවැනි තුන්වැනි පද්‍යයන්ගෙන් පෙනේ. ‘‘ලිඳක් කපා උල්පත දුටු ලෙසි නේ තැනක් දහම් පද වෙන වෙන රැුගෙ නේ පොතක් ලියමි මුණි ගුණ පුර වරු ණේ මදක් කියමි කවිකර තුන් සර ණේ’’ තවත් එවැනි වන්දනා කාව්‍ය ලෙස බෝමළු අලංකාරය, මහියංගන වර්ණනාව, වන්දනා මාලය, ශ‍්‍රී මහා බෝධි වන්දනාව වැනි පද්‍ය කෘති රැුසක් මෙලෙස දක්නට ලැබේ. මහනුවර යුගයේ දක්නට ලැබෙන පද්‍ය කෘති සමහරෙක ද්‍රවිඩ හා හින්දු ආගමික බලපෑම දක්නට ලැබේ. කන්ද උඩරට රජ කළ අවසන් රජවරු සතර දෙනා නායක්කාර් වංශිකයෝ වූහ. ඔවුන්ගේ විවාහ සබඳතා ආදිය සිදු වූයේ ඉන්දියාවෙනි. මෙම පෙළපත පිළිබඳ සිංහල රදළ පිරිස අප‍්‍රසන්නව සිටියෝ ය. කෙසේ වූවත් රජ පෙළපත නායක්කර් වංශික වීම හා ඔවුන්ගේ සමාජීය බලපෑම පූළුල් වීම මෙරට සාහිත්‍යය විෂයෙහි ද්‍රවිඪ හා හින්දු බලපෑම එල්ල වීමට හේතුවකි. මේ කාලයෙහි ද්‍රවිඩ පරිවර්තන කාව්‍ය රැුසක් බිහි විය. වේතාලංකථා කාව්‍යය, මහා පදරංග ජාතකය, හරිශ්චන්ද්‍ර කථා කාව්‍යය ඒ අතර වැදගත් වේ. ද්‍රවිඩ කථාවක් හෙළ බසට පෙරළමින් කරන ලද බව හරිශ්චන්ද්‍ර කථා කාව්‍යයෙහි මුලම සඳහන් වෙයි. ‘‘පෙර දෙමළ බසයෙ නි තිබූ මේ පුවත ගනිමි නි ම විසින් හෙළු බසි නි කියන මේ කවි අසව් වියතු නි’’ ශෘංගාර කාව්‍යයන් ද දකුණු ඉන්දීය බලපෑම ඔස්සේ ආ පද්‍ය සම්ප‍්‍රදායකැයි සිතිය හැක. උපදේශ කාව්‍යවලද තත්ත්වය මෙයමැයි. ආ`ඩිමාලය නමැති පද්‍ය කෘතිය ආ`ඩියන්ගේ නැගීමට එල්ල වූ උපහාසයකි. ‘‘සීතාවක රාජසිංහ රජු දින ආ`ඩින් නැගී සිටි සැටි අප හොඳින් දුටු කාරණයකි. බුදු සමයට එරෙහිව සිව සමය නැංවීමෙහි ආ`ඩි බලමුළුව මහත් දිරියක් ගත්තේ එවක ය.’’ ද්‍රවිඩ හා හින්දු බලපෑමේ අනෙක් මුහුණුවර නම් පත්තිනි සාහිත්‍යයක් මෙකල ප‍්‍රචලිත වීම යි. පත්තිනි හින්දු දෙවතාවියකි. එහෙත් සිව් දේවාලයවලින් එකක් ඇයට හිමි විය.‘‘සිංහල භාෂාවෙන් පත්තිනිය පිළිබඳව ලියවුණු මුල්ම කාව්‍යය වයන්තිමාලය යි. ඉන් අනතුරුව ඇය අරමුණු කොට පත්තිනි හෑල්ල හා පා`ඩිනලූව රචනා විය. සළඹසාන්තිය, පත්තිනියගෙන් පිහිට පතා ලියවුණු කුඩා කාව්‍යයකි. පත්තිනි සිරසපාදය සළඹේ මහිමයෙන් දෝෂ දුරුකර ආතුරයාට ආ වැඞීම සඳහා කළ කුඩා කාව්‍යයකි.’’ මේ හැර මෙකල රචිත පාළ`ග හෑල්ල, ගජබා කථාව, පත්තිනි පැතීම, වැදි පූජාව, සාගතේ කවි, මඩුපුරේ කවි යන ග‍්‍රන්‍ථ ද පත්තිනි ඇදහීම හා සම්බන්ධ ය. මේ කවි පොත් ප‍්‍රමාණයෙන්ම පත්තිනි දේවිය සතුව තිබුණු ජනප‍්‍රියත්වය සිතා ගත හැක. මෙසේ බෞද්ධ දෙවියන් අභිබවා පත්තිනි දේවිය ජනප‍්‍රියව ඇත්තේ හින්දු හා ද්‍රවිඩ බලපෑම නිසාවෙනි. මහනුවර යුගය වන විට පැවති සමකාලීන යුධ පසුබිම හා රජුන්ගේ ගුණ කීමට ප‍්‍රශස්ති සාහිත්‍යයක් ද වර්ධනය වනු පෙනේ. මහනුවර සමය පරසතුරු උවදුරුවලින් නිරතුරු පීඩා විඳි අවධියක් බව ඉහත දැක්විණ.ි මෙකල පැවතියේ දරුණු සටන් ය. දෙවන රාජසිංහ රජු එසේ සටන් කළ අභීත රණ සූරයෙකි. එතුමා පෘතුගීසීන්ගේ බලය සෑහෙන තරමට මැඩපැවැත් වූ රජවරයෙකි. මොහුගේ කවි මඩුව ප‍්‍රභාවත් කළ කවීන් රැුසක් සිය නරනාථයාගේ රණ ශූරත්වය වණමින් වෙසෙසින් පෘතුගීසීන්ගෙන් සිංහල රාජධානිය බේරා ගැනීමේ අත්‍යුදාර මෙහෙවර අගය කරමින් ප‍්‍රශස්ති කාව්‍ය රචනා කළහ. රාජසිංහ හටන, පරංගි හටන, රාජසිංහ ශාන්තිය, මහාඅස්න, පවන එබ`දු ප‍්‍රශස්ති කාව්‍ය වන අතර ඒවාගේ කර්තෘ නාම සඳහනක් දක්නට නැත. එහෙත් මහ හටන, රාජසිංහ වර්ණනාව හා රාජසිංහ සිරිත පිළිවෙළින් කිරිමැටියාවේ කිවිඳුන්, ඌවේ කුඩා මොහොට්ටාල සහ බින්තැන්නේ සාමි විසින් කළ බව එකී කාව්‍යයන්හි සඳහන්ව පවතී. ජයග‍්‍රාහී පාලකයාගේ ගුණ කදම්භය ප‍්‍රශස්ති මගින් ජනයා අතර තුඩ තුඩ රැුව්දීමට සැලැස්වීම බලය රැුක ගැනීම අතින් වැදගත් උපක‍්‍රමයකි. එසේම දකුණු ඉන්දීය සාහිත්‍යයේ බලපෑම ද ප‍්‍රශස්ති කාව්‍යවලින් පිළිබිඹුවන අයුරු හඳුනා ගත හැක. මේ කරුණු විමර්ශනය කිරීමේදී මහනුවර යුගයේ සමකාලීනව පැවති දේශපාලනික, සමාජ, ආර්ථික, වටපිටාව සාහිත්‍ය කෙරෙහි බලපා ඇති බව පැහැදිලි වේ. එයිනුත් පද්‍ය සාහිත්‍ය විෂයෙහි තත් කාලීන ආගමික විශ්වාස හා චින්තන ධාරාවන්ගේ බලපෑම වඩා හොඳින් පෙනේ. විදේශ ආක‍්‍රමණ, දේශීය අවුල් වියවුල්, ශාස්ත‍්‍ර අධ්‍යාපනය බිඳ වැටී ජන සාහිත්‍යයක් වර්ධනය වීම, හින්දු හා ද්‍රවිඩ බලපෑම සාහිත්‍යයට එල්ලවීම, රජුන් අරබයා ප‍්‍රශස්ති තැනීම ආදිය මෙකල දැකිය හැකි විශේෂ ලක්‍ෂණ වේ. ආගමික බලපෑමෙන් සෑහෙන දුරට මිදුණු ලෞකික පද්‍ය සාහිත්‍යයක් මෙකල බිහි වූ බව පිළිගැනීමට සිදු වේ. සාහිත්යික අතින් මෙතරම් විශිෂ්ට නොවුණත් වස්තු විෂය අතින් ද, පරමාර්ථ අතින් ද ආකෘති භාවිතය අතින් ද විශේෂවූත් වැදගත්වූත් පද්‍ය සාහිත්‍යයක් මහනුවර සමයේදී පැවති බව සඳහන් කළ යුතු ය. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය  අනුරාධ සෙනෙවිරත්න, කන්ද අඩරට මහනුවර(පරි*, වෑතර මහින්ද හිමි, සංස්කෘතික අමාත්‍යංශය, කොළඹ, 1989  අමරවංශ හිමි කොත්මලේ, සිංහල සාහිත්‍ය ලතා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1948,  ඒ.එස්. හෙට්ටිආරච්චි, ‘‘උඩරට රාජ්‍යයේ කීර්තිමත් අවධිය’’,මහවැලි වංශය, (සංස්*.ටි.බී.එම්. අභයසිංහ සහ තවත් අය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, කොළඹ, පළමු කාණ්ඩය, 1984,  කරුණාතිලක ඒ.ඞී.පී, සෙංකඩගලපුර ඉතිහාසය, කැන්ඩි ප‍්‍රින්ටර්ස්, මහනුවර, 1955  ජෝන් හෝල්ට්, කිර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ ආගමික ලෝකය (පරි*. උදය මැද්දේගම, ගොඩගේ, කොළඹ, 2002  ටී.ඇස්. ධර්මබන්දු (සංස්*, වියොවගරත්නමාලය, 1948, 2 කව  ටිකිරි අභයසිංහ, ශ‍්‍රීමති දේවරාජ හා ජී.පී.වී. සෝමරත්න, උඩරට රාජධානිය, ලේක්හවුස් ඉන්වෙන්ට්මන්ට්ස්, කොළඹ, 1977,  මිරැුන්ඩෝ ඒ.එච්, 17 - 18 සියවස්හි සිංහල සාහිත්‍යය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1988  වාචිස්සර හිමි කොටගම, සරණඬකර සඬඝරාජ සමය, සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව, 1960  වික‍්‍රමසිංහ මාර්ටින්, සාහිත්‍යෝදය කථා සහ සාහිත්‍ය කලාව, සීමාසහිත තිසර ප‍්‍රකාශකයෝ, 129, දුටුගැමුණු වීදිය, දෙහිවල, 1950  සන්නස්ගල පුඤ්චිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1961  සී.ඊ. ගොඩකුඹුර(සංස්*, ශාසනාවතීර්ණ වර්ණනාව, මොරටුව, 1956  සුචරිත ගම්ලත්(සංස්*, යශෝදරාවත, කොළඹ 10, එස් ගොඩගේ සහ සහෝදරයෝ, 1990  සෝමතිලක එම්, කිර්ති ශ‍්‍රී රාජසිංහ සහ ගංගාරාම රජමහා විහාරය, ගොඩගේ, 2005  හර්සන් ඩයස්, මහනුවර මාතර ජනකවි සාහිත්‍යය, එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2004 වෙනත්  ඛදරබ් ාැඅ්ර්ව්ල න්බාහ්බ නසබාදපල 1707 – 1761ල ක්නැ යදමිැ චමඉකසියැරිල ක්‍දකදපඉදල 1971