UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ‘‘සාහිත්‍යය හා සමාජය අතර පවතින සහසම්බන්ධතාව

Wednesday, December 11, 2013

‘‘සාහිත්‍යය හා සමාජය අතර පවතින සහසම්බන්ධතාව

කලාව නැමැති කුලකයට අයත් විශිෂ්ට නිර්මාණයක් වන්නේ සාහිත්‍යයයි.එය ගද්‍යය හා පද්‍යය ලෙස වර්ගීකරණය කළ හැක. පද්‍ය සාහිත්‍යයට මෙන් ගද්‍ය සාහිත්‍යයද දුරාතීතයක් ඇත. එය වේද යුගය දක්වා දිවයන්නකි. බුදු දහමේ ආභාසය හා පෝෂණය ලබා ප‍්‍රමුදිත වු සිංහල සාහිත්‍යයේ ගද්‍යය යුගය ක‍්‍රි.පු දෙවන සියවස දක්වා දිවයයි. එලෙස දීර්ඝ කාලයක සිට දියුණු ලිඛිත සාහිත්‍යයක් තිබීම මෙහි දියුණු සමාජයක් පැවැති බවට දෙස් දේ. ගද්‍යය පදනම් කරණකොටගෙන ඇතිවු සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යය නැමැති විකසිත පද්මය ලක`ගනගේ ශිර්ෂයේ අතීතයේ සිට දිස් වන්නේ මෙහි කවීන් තුළ වු ප‍්‍රතිභාව කරණකොටගෙනය. ඇතැම් කාව්‍යන් විශ්ව සාහිත්‍යය දක්වා නිම් වළලූ ප‍්‍රසාරණය කරගෙන ඇත. එවැනි විශිෂ්ඨ කාව්‍යයන් තුළ සමාජය හා ජිවනය පිළිබිඹු වීම ගැන කියනු කවරේද? සාහිත්‍යයෙන් දිස්වන සමාජය පිළිබ`ද අවලොකනය කිරීමට දරන ප‍්‍රයත්නයකි, කාව්‍ය නැමැති සාහිත්‍යාංගය හා එහි සමාජීය අවශ්‍යතාව භාෂාව මාධ්‍යය කරගෙන කරනු ලබන නිර්මාණයක් ලෙස සාහිත්‍යය හැදින්විය හැක. සහිතවත් බව ‘‘සහිතස්‍ය භාවො සාහිත්‍යං’’ සාහිත්‍ය නම් වේ. කලාව තුළට සාහිත්‍යය ගැනෙන අතර එහි ඇති අනෙක් කලාවන්ගෙන් සාහිත්‍යය වෙනස් වන්නේ එහි මාධ්‍ය වු භාෂාව කරණකොටගෙනයි. නාට්‍යයක් සාහිත්‍යයක් නොවන අතර එහි නාට්‍ය පිටපත සාහිත්‍යයට අන්තර් ගත කළ හැක. ‘‘ඔහුන් සාහිත්‍ය ශබ්දය යෙදුවේ 1.එක්වීම 2.කාව්‍යානුසාසනා 3. කාව්‍යය යනාදී අර්ථයන්හිය’’ කවිකණ්ඨාභරණයෙහි‘‘කාව්‍යං විශිෂ්ඨශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති’’යි යනුවෙන්ද,ධම්සරණයෙහි ‘‘විවිධෛශ්වය_සාහිත්‍යයෙන්’’ යන්න යෙදුනේ එක් වීම් අර්ථයෙහිය. ‘‘ශබ්දාර්ථයො©ථාවත් සහභාවෙන විද්‍යා සාහිත්‍ය විද්‍යායි කාව්‍යමීමංසාවෙහි සාහිත්‍ය ශබ්දය කාව්‍යානුශාසනයෙහි යෙදි ඇත. මුලින් අදහස් හුවමාරුව ස`දහා පමණක් භාෂාව භාවිත වු අතර පසුව එය බලන්නවුන් තුළ රසයක් ජනනය වන ලෙස රචනා කිරීම තුළින් සාහිත්‍යය බිහි වන්නට ඇත. පද්‍යය හා නව කතා වැනි කලාත්මක වටිනාකින් යුතුව කර ඇති රචනා සාහිත්‍ය ලෙසද විග‍්‍රහ වේ. ’‘න ස ශබ්දො න තද් වාච්‍යං න ස න්‍යයො න සා කලා ජායතෙ යත්න කාව්‍යාජගමහො භාරො මහාන් කවේ:’’(භාමහ* භාමහ ප‍්‍රකාශ කරන පරිදි කාව්‍යාඕගයෙහිලා හැම කරුණක්ම හැම ශබ්දයක්ම හැම අර්ථයක්ම හැම න්‍යායක්ම හැම කලාවක්ම ගැනේ. සාහිත්‍යදප_ණයෙහි‘‘සාහිත්‍ය තත්ත්වමඛිල සුඛමෙව චිත්තං ’‘යනුවෙන් දැක්වේ. සාහිත්‍ය නිර්මාණ කරන කවියා වස්තුවිෂයන් ගන්නේ බාහිර පරිසරයෙන් වන අතර රසවත් කර ලිපි ගත කරන්නේ සමාජය ඇසුරෙන් පහළවු අදහස්වේ. ඒ අනුව සාහිත්‍යය තුළින් සමාජයක සිතුම් පැතුම් විදහා දැක්වෙන කැටපතක්යැයිද ස`දහන් කළ හැකියි. ‘‘ජනතාවගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔහුන්ගේ සාහිතය කලා උපකාරී වෙයි.සාහිත්‍යය වූකලි බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි.’’ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මාධ්‍ය කරගෙන මෙම අපූර්ව නිර්මාණයකින් යුතු කෘති රවනා කරන හෙයින් භාෂාව උපයොගි කර ගැනීමේ විධිමත් ස්වාභාවයක් විද්‍යමාන විය යුතුයි. මහාචාර්ය රකේෂ්ගුප්තාිඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්’ නමැති ස්වකීය ආචාර්ය උපධි නිබන්ධනයේ දී කාව්‍ය පිළිබඳ පෙර-අපර දිග නිර්වචන පනහක් දක්වයි. එම නිර්වචන ම`ගින් කාව්‍යයේ ඒ ඒ අංග ලක්ෂණ මතු ව පෙනෙන හෙයින් කාව්‍යය යනු කවරේ දැයි හැඳිනීමට එම නිර්වචන උපනිශ‍්‍රය වේ. පහත දැක්වෙන්නේ එම නිර්වචන පනහ යි. සාහිත්‍යය නිශ්චිත දෙයක් නොවේ.කාලයෙන් කාලයට එය වෙනස් වේ. එහි ස්වරූපය හා ප‍්‍රමාණය වැනි කරුණු කාලයෙන් කාලයට වෙනස් වේ. සාහිත්‍යය ගලා යන ග`ගක් වැනිය. එයට අනුව සාහිත්‍යයෙහි වෙනස් වන්නේ සාහිත්‍ය රුචියයි. වත_මානයෙහි විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළව සාහිත්‍ය පිළිබ`දව සාකච්ඡුා කරනු ලැබේ. සාහිත්‍යය ජීවනය පිළිබ`ද විවරණය වේ.කාව්‍යය සමාජ ජීවනය දියුණු කරලිය හැකි මහ`ගු සාධනයකි. කාව්‍යය වශයෙන් ශ‍්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන්ද බෙදේ.එසේම පද්‍ය කාව්‍ය,මහා කාව්‍ය හා ඛණ්ඩ කාව්‍යයැයිද බෙදා ඇත.කාව්‍ය ප‍්‍රධාන වශයෙන් ගද්‍යය හා පද්‍යය වශයෙන්ද කොටස් දෙකකට බෙදේ.ගද්‍යය යනු ‘‘ඡුන්දෝ රහිතං ගද්‍යං’’ ඡුන්දසින් තොරව කරන ලද රචනය ලෙස හදුන්වා දී ඇත.විශ්වනාථ පවසන ආකාරයට ‘‘වෘත්තබන්ධොජ්ක්‍ධිතං ගද්‍යං’’ ලෙසද ගද්‍යය පැහැදිලි කර ඇත සමාජය යනු අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාව මත එකරාශි වු ජන සමුහයක් ලෙස හැදින්විය හැක.සං+ආජ් යනනෙන් සමාජය යන පදය භින්න වු බව සළකන අතර,එහිදි ආජ් යනු ශීඝ‍්‍ර අර්ථයේ මෙන්ම රුස්වීම යන්නද යෙදේ. මලලසේකර මහතා පවසන්නේ ‘අජ’ යන පදයේ අර්ථය අනුව එළුවා යනුයි.එළුවා ක‍්‍රියාශීලි සතෙකු වන අතර එම පදය මුල් කරගෙන ලතින් ‘ආගෝ’ හා ඉංග‍්‍රිසි ‘ඇක්ටිව්’ යන පද සෑදී ඇත.ඒ අනුව සමාජය යනු ක‍්‍රියාකාරීත්‍වය සළකුණු කර ඇති ස්වරූප කොට ඇති පිරිසකි. සියළු සාහිත්‍යය සාමාජික ජිවිතයේ හෙවත් ජනකායක් එක්ව විසිමේහි ප‍්‍රතිඵලයකි.සාහිත්‍යය සාමාජික නිර්මාණයකි.සාහිත්‍ය නම් මිනිසාගේ ජිවන කලාව ලෙස හැදින්විය හැකිය.ජීවනය නම් සිතිමයි.සිතීම නම් ක‍්‍රියා කාරීත්‍වයයි.සිතිම මිනිසාගේ ප‍්‍රාණ ධාරය වේ.ප‍්‍රබල දුව_ල සිතුවිලි,උදාර ලාමක අදහස් ,හොද නොහොද ගති පහළ වන්නේ සිතෙහිය.සාහිත්‍යයෙහි ඒ සිතුවිලි වැල පිළිබිඹු වේ.සාහිත්‍යයෙහි මිනිසුන්ගේ දුව_ලකම් දක්නා ලැබේ.ගුණාගුණ මතුවි පෙනේ.අනුකරණයට හුරු වු ග‍්‍රන්‍ථකාරයෝද අතිශයෝක්තිය ප‍්‍රිය කරන කවීහුද විවේචනය අගය කරන ලේඛකයෝද ධාර්මිකත්‍වය ගරු කරන විචාරකයෝද රණකාමීත්‍වයට ලැදි උගත්තුද කාමාතුරවූ රචකයෝද නොඑක්විට සමාජයේ දක්නා ලැබෙති. කවියාද ජීවත්වන්නේ සමාජයෙහිය. ඔහු අත්දැකීම්වලට පාදක කර ගන්නේ සමාජය මුල් කර ගත් දේය. ‘කවියාද අනිත් පුද්ගලයන් මෙන් සමාජයේ කොටසක් හෙයින් ඔහුගේ අදහස්වලින් සමාජයෙහි සැටි පිළිඹිබු කරයි. ’සමාජය වෙනස් වීමත් සමග සාහිත්‍යයද ගතිජ වේ.සමාජයේ ආකල්ප බුද්ධිය,රුචි අරුචිකම් අනුව සාහිත්‍ය වෙනස් වේ. ‘යුද්ධ,අරගල,විපත්,කලබල අවස්ථාවල මිනිසුන්ගේ උසස් පහත් හො`ද නොහො`ද ගති ගුණදෝෂ මතුවි පෙනෙන සැටි ග‍්‍රන්ථවලිත්ද වටහා ගත හැකිය. ’ සමාජය අතීතයේ සිට ක‍්‍රමානූකූලව වෙනස්ව ගිය ආකාරය සාහිත්‍ය කෘති තුළින් මනාව දැකිය හැකිය.සාහිත්‍ය සමාජ සිද්ධි පාදක කරගනිමින් පාඨකයාට රසාස්වාදනයක් ලබාදෙන අතර දැනුමක් මෙන්ම ජීවිත ඥානයකුත් ලබාදේ.එයින් උපදෙස් දෙන්නේ ඉතා මනහර ලෙසය. ‘කාන්තාවක් උපදෙස් දෙන්නාක් මෙන් කවියා උපදේශනය දැනවිය යුතුයැයි ‘‘මම්මට’’ පැවසීය.යමක් බලෙන් උගන්වාලීම ලේඛකයෙකුගේ කාර්යයක් නොවේ.’’ මේ අනුව පැහැදිලි වන්නේ සාහිත්‍ය හා සමාජය අතර පවතින අන්‍යොන්‍ය ප‍්‍රතිබද්ධතාවයි. අනුරාධපුර යුගයේ කාව්‍යය මිනිසාට කෙතරම් සමීප වී හා ජනප‍්‍රිය වී පැවැතී ඇත. එම යුගයේ දැමිය,බැබිරිය,දළ බිසෝය,දළගොත් කුමරුය,දළ-සල කුමරු,කිත්සිරි කසුබ් ඈපා,සූරීය බාහු වැනි දෙළොස් මහ කවීන් වූ බව කියැවේ. එසේම අභාසළමෙවන් වැනි රජවරුන් සාහිත්‍යකරණයෙහි නියැලී ඇත.මේ අනුව ජනතාව හා පාලකයන් විවේකය කලාව වින්්දනය සදහා යොමු වු අයුරු පැහැදිලි වේ.පස්වන කසුප් මහ රජතුමා පාලි ධම්මපදට්ඨ කථාවට ගැටපදයක් ලෙසින් ධම්පියා අටුවා ගැටපදය රචනාකර ඇත.මෙයින් පාලි භාෂාවෙන් කළ ග‍්‍රන්ථයන්ට සමාජයේ පැවැති අවධානය මනාව පැහැදිලි වේ.ප‍්‍රාචීන භාෂාවන් පිළිබද දැනුම බහුල වු ජනයා සිටි බව මෙයින් ස්ඵුට වේ.පාලි ප‍්‍රාතිමෝක්‍ෂය අරමුණු කරගෙන සිඛවළද හා සිඛවළද විනිස රචනා කර ඇත.මෙරටට නොගැලපෙන විනය නය ඊට ඇතුළත්වීම නැත.සමාජයේ බොහෝ සමාජ චර්යාවන් මෙයින් නීරූපණය වේ. මෙයට පසුව මහා බෝධි වංශ ගැට පදය හා ජාතක අටුවා ගැට පදය රචනා වූ කාලය තුළ සමාජය බොහෝ ධාර්මික වූ බව,ධම_ ග‍්‍රන්‍ථ අධ්‍යනයට බහුල වශයෙන් පෙළඹුණු බව පැහැදිලි වේ.රජවරුන්ද පාලි පොත්වලට,අටුවාවලට ගැට පද කරීමෙන් සාහිත්‍ය හා ආගම සමග පැවැති දැඩි සම්බන්ධතාවක් මෙම යුගයේදි පැවැති බව පෙනේ.රජවරුන් පවා ඉතා විවේක බුද්ධියෙන් සිටි අතර දේශපාලන ස්ථාවරභාවයක් එකල පැවැති බව පැහැදිලිවේ. ‘‘මෙයින් පැහැදිලි වන්නේ තත් කාලීන සමාජය මනුෂ්‍යයාගේ ශිෂ්ඨත්වය ආරක්‍ෂා කිරීමෙහිලා උපකාරී වන සුචරිත ධම_ කරුණුම ප‍්‍රිය කළ බවයි.’’ එකල සාමාජීය අදහස් තුළින් කවියන්ගේ පරමාථ_ පවා යහ මගෙහි යෙදවු බව පෙනේ.පොළොන්නරු යුගයේදී ගද්‍ය සාහිත්‍ය සදහා සංද්කෘත භාෂාවේ අභාසය තදින් බලපා තිබේ.කවීහු සංස්කෘත රීතිය අනුගමනය කිරීමට පෙළඹි ඇත. මෙම යුගයේ පාලි සාහිත්‍යයද ඉතාමත් දියුණු අවධියක පැවතුණි.සිංහල සාහිත්‍යයේ විශිෂ්ඨ ග‍්‍රන්‍ථයක් ලෙස අමාවතුර හැදින්විය හැක.පෙළෙහි එන කථා මෙහිදි ආශ්‍රේය වුවත් මෙම කාව්‍ය නිර්මාණය තුළ මෙරට සමාජය හා සංස්කෘතිය පිළිබිඔු වේ. ‘‘නිර්මාණය හා සංස්කෘතිය අතර පවතින්නේ නොබෙදිය හැකි සුසංයොගයකි.අසවල් නිර්මාණය අපට සමීපය කියන්නේ, එහි එන්නේ අපගේම ජීවිතයෙහි ජවනිකාවන්ය,හෘදය ස්ඵන්දනයය’’ උසස් සාහිත්‍යක් දේශීය ලක්‍ෂණවලින් මෙන්ම විශ්වීය වශයෙන්ද සාව_ත‍්‍ර ගුණයෙන් ආදරණීය විය යුතුය. අමාවතුරෙහි එන අංගුලිමාල කතාවේ අහිංසක කුමරු චණ්ඩ පුරුෂයෙකු බවට පත්වන්නේ සමාජයේම වරදින් බව ගුරුළුගෝමී පෙන්වා දෙයි. ‘‘හේ වියපත් කල්හි මව්පියෝ ශිල්ප උගන්නට තක්සලා නුවරට යවූහ.හේ ධම_ාන්තේවාසික වැ ශිල්ප උගන්න.වන් සපතැ කී කී දැයක් වහා සපයයි.මන වඩන නියායෙන් හැසිරේ.පෙම් වචන නියායෙන් බෙනෙයි.’’ මෙම ගද්‍යය සමාජයෙහි නොවියත් හුදීජනයන් සදහා රචනා කර ඇත.මිනිසා සමාජානුයෝජනය වීමේදි සමාජයෙන් ලබා ගන්නා සේම සාහිත්‍යයෙන්ද බොහෝදේ ලබා ගනියි.සාහිත්‍යක් මගින් සමාජයට බහුශ‍්‍රැතබව ලබාදෙන බවට මෙය නිදර්ශනයකි. සමාජයේ අභිමතාර්ථ හා අපේක්‍ෂාවන් සාහිත්‍යයෙන් පිළිබිඹු වේ.චොළ,පාණ්ඩ්‍ය, මාඝ වැනි ආක‍්‍රමණ හා හින්දු දහම මෙහි ව්‍යාප්තිය තූළ දෙවියන් මානුෂීය ගතිගුණ ඉක්මවු උත්තරීතර ගුණ ඇති උත්තමයන් යන මතය සමාජයේ පැවතුණි.මේ කරුණ නිසා බුදු හිමියන් දෙවියන්ට වඩා උසස් බව පෙන්වීමට භක්ති කාව්‍ය රචනා විය. බුත් සරණ එයට දෙස් දේ.මෙයට සමකාලීන පැවැති මහායාන අදහස්ද හේතු වී ඇත.සංස්කෘත ගීත ගෝවින්දය මෙයට සමකාලීනව රචනා වී ඇත.සංස්කෘත භක්ති කාව්‍ය වේද යුගය දක්වා දිවයයි.සාහිත්‍යකරුවාට කාලීන ඇගයුම් පදනම්කරගෙන නිර්මාණ බිහි කරන්නට සිදුවේ.එම නිසා සාහිත්‍ය සමාජ අධ්‍යනයට මුලාශ‍්‍රයක් වේ. බුද්ධපුත‍්‍ර හිමියන් පූජාවලිය රචනා කිරීමෙන් පසු ජනතාව මෙන්ම දෙවන පැරකුම්බාවන් බොහෝ ප‍්‍රීතියට පැමිණ තිබේ. සමාජය මෙවැනි ග‍්‍රන්‍ථ රචනය නිතැතින් බලාපොරොත්තු වු බව මෙම කරුණින් ස්ඵුට වේ. .පූජාවලියෙන් මතුකර පෙන්වන්නේ මහායානයෙහි ප‍්‍රධාන ඉගැන්වීමක් වන බොධි සත්වායනය බව එය ලිවී ආ රචනා ශෛලියෙන් පැහැදිලි වනබව පරණවිතාන මහතා පවසයි. එකල මහායානික අදහස් බහුල වු බැවින් එම අවශ්‍යතාව සදහා මෙය රචනා විය.පූජාවලී කතුවරයා ස්ත‍්‍රී චරිත සම්බන්ධ කථා පුවත් ඉදිරිපත් කරන්නේ ආදර්ශ වනිතාවක පැවතිය යුතු ආකාරය පිළිබ`දව ස්ත‍්‍රී ජනයාගේ දෑස් පාදවමිනි.එසෙම ඔහු කාන්තාන්ගේ නිදහස පිළිබ`දව ධනාත්මකව සළකා ඇත .කාන්තාවන්ට බෝහෝවිට පුරුෂයන් හා සම තැන නොලැබිණි. කවීහු සමාජයේ ව්‍යවහාර භාෂාව වෙනස් වීමත් සමග තම ලිඛිත ශෛලියද වෙනස් කරගනිති. ‘‘සම්ප‍්‍රදාය සාහිත්‍ය නැමැති මන්දිරයෙහි පදනම වැන්නයි යට කියන ලදි.එසේම සම්ප‍්‍රදාය මහ ගසක් විනාශ කරන පිළිලයක් වැන්නැයිද කිව හැකිය.බොහෝ සාහිත්‍යන් පිරිහුනේ ක‍්‍රමයෙන් ඇති වී වෙනස් නොවන බවට පත්වූ සම්ප‍්‍රදායන් නිසාය.’’ කථාවක හෝ කාව්‍ය නායකයා උදාර චරිත ඇත්තෙකු විය යුතු යන්න අත්‍යවශ්‍ය කාරණයක් සේ නොසලකයි.මෙකල ජනයා චරිත නිරූපණයෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් ගති ගුණ පැහැදිලි කිරීමයි.සමාජය වෙනස් වීම නිසා සාහිත්‍ය පරමාථ_යන්ද වෙනස් විය යුතු වේ.ඒ ඒ යුගවලදි වණ_ණා ක‍්‍රම හා රචනා ශෛලියක් වෙනස් වුවද මිනිස් සිත,මානුසීය ගති ගුණ පිළිබද කරන ලද විවේචන හෝ වණ_ණාවල අගය සැමදා පැවතීම නිසැකය. බටහිර ඇතැම් විවේචකයන් කාව්‍යයයන් කෙරෙහි විවිධ විවේචන ඉදිරිපත් කර ඇත. ඒ අතර ස්ටීවන් ගෝසන් කවියට එදිරිව විවේචන හතරක් ගෙන හැර දක්වයි. කවිය වෙනුවෙන් කාලය ගත කිරීම නිෂ්ඵල ය. එසේම කවිය යනු ප‍්‍රලාප ඇද බාන්නකි. කවිය තුළින් නරක ආශාවන් ජනිත කරයි. අනෙක ප්ලේටෝ පවා කවියන් පිටුවහල් කිරීමට නිර්දේශ කර තිබීමයි. අනෙක් සෑම විද්‍යාවකට වඩා කාව්‍ය්‍ය මිනිසාට යහපත කියා දෙයි. කවියා කිසිදිනක බොරු නොකියයි. කුමක් තිබිය යුතුද කුමක් සමාජයේ නොතිබිය යුතුද යන්න කවියා පවසයි. කවියා පවසන දේ සනාථ කිරීමට විශේෂඥ මත ගෙන හැර නොදක්වන්නේ එහි මනුෂ්‍යත්වය පිළිබ`ද සත්‍යය නිරතුරුව පවතී. සම්පිණ්ඩනය සාහිත්‍යය යන්නට බොහෝ අථ_ ප‍්‍රකාශන දක්නට ලැබේ.එය සහිතවත්බව ලෙස සංස්කෘත සාහිත්‍යයේ දක්නට ලැබේ.එය ශබ්ද හා අථ_ යන සුසංයෝගයෙන් ප‍්‍රතිභාපූර්ණ රචනයක් විය යුතුය.සාහිත්‍යය යනු ‘ජීවන විවරණය’ වේ.සාහිත්‍යකරුවා සමාජයේ ජීවත් වන්නෙකි.ඔහු සමාජයේදි මිනිසුන් ර`ගන විවිධ ජවනිකා හා ගුණ සුවද පිළිබද සවිඤ්ඤාණිකය.ඔහු සාහිත්‍ය සදහා සමාජ අත්දැකීම් පාදක කරගනි.යම් නිර්මාණ සාහිත්‍යක් ස්වකීය සංස්කෘතිය සමග බද්ධව පවති.නමුදු ඒ තුළ දිවෙන ජීවන දර්ශනයක්ද මානවීය ගුණාංග සාව_ත‍්‍ර ලෙස දකින්නට ලැබෙන හෙයින් සෑම පුද්ගලයෙකුගේම මනෝ රඤ්ජනය කරයි.කවියාට අදාළවන ප‍්‍රස්තූතය සුඛාන්ත හෝ දුකඛාන්ත වුවත් එය රසය මුසු කර නිර්මාණශීලීව ප‍්‍රකාශ කරයි.එයින් ජීවිතයෙන් පලායාමට අනුබලයක් නොදෙයි. කාවිය යන්න විමසීමේදී එය මුලින්ම යොදා ඇත්තේ යාතු කර්ම වැනි ආගමික කාර්යයන් විෂයෙහිය. එ මගින් ලෙඩ රෝග සුව කිරීම වැනි කායික හා මානසික සුව සහනය ලබා ඇත.උපදේශාත්මක කවි සදාචාරාත්මක පණිවිඩ ලබා දෙන කවි බවට සමාජ සංකීර්ණතාව නිසා පත් වී ඇත.කවිය මලින් ආනන්දය ලබා අදක අතර අන් කිසි මාධ්‍යයකින් කළ නොහැකි දෙයක් තම ජාතියට හා ජනතාවට කවිය මලින් ලබා දිය හැකියි. එය වෙන බසකට පෙරළීමේදි එය මුලූමනින්ම ලද නොහැකිය. කාව්‍යය තුළින් සංවේදනා හැගීම් වලට අමතරව බුද්ධිමය ගුණයන්ද ඒ තුළ අඩංගු වේ. කාව්‍යය සමාජයේ සමාජිකයන්ගේ ජීවිතවල වෙනසක් මෙන්ම මිනිසුන්ගේ චින්තනයේ වෙනසක් ඇති කරන අතර එය මුළු මහත් සමාජයටම විහිදී යයි. එසේම කාව්‍යය මගින් එක්තරා ප‍්‍රමාණයකට බස සංරක්‍ෂණය කිරීමක් සිදුවන අතර එහි පැරණි ශ‍්‍රි විභුතිය හා සුන්දරත්වය මතු කළ හැකි වේ. ඇතැම් විට එම ශි‍්‍ර විභුතිය විදේශීය රටවල් කරාද ගෙන යා හැක. සාහිත්‍යයට වස්තු විෂය වන්නේ සමාජ ප‍්‍රස්තූතයන්ය.එසේම සාහිත්‍යය සමාජය අරමුණු කරගෙන රචනා කරයි.සමාජයේ අභිමතාථ_ හා අපේක්‍ෂාවන් සාහිත්‍යයෙන් පිළිබිඹු වේ.සාහිත්‍යයට සමාජයත් සමාජයට සාහිත්‍යයත් වඩාත් ගතිජ ස්වභාවයකින් යුතුවේ.එසේම අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවකින්ද යුතු වේ.සිරිත් විරිත් ඇතුළු සමාජ විඤ්ඤාණය සාහිත්‍යයෙන් පිළිබිඹු වේ. බුදු දහම මෙරට පැමිණීමත් සමග මෙරට සමාජය වෙනස් විය.එම නිසාම බුදුදහම මුල්කරගත්, ආගමට බොහෝ සේ නැඹුරු වූ ජීවිත වේ.මුලින් පැවැති හෙලටුවා නැවැත පාලියට පෙරළීමත් එම පාලි ග‍්‍රන්ථවලට පරිකථා හා පෙළ ආශ‍්‍රය කරගෙන සිංහල සාහිත්‍ය නිර්මාණ බිහි වී ඇත.ධම්පියා අටුවා ගැටපදය,සිඛවළද හා සිඛවළද විනිස,මහාබෝධි වංස ගැටපදය,ජාතක අටුවා ගැටපදය,ව්ශුද්ධි මාග_ මහාසන්නස වැනි ග‍්‍රන්ථ පූර්වතර වේ.ඇතැම් ග‍්‍රන්‍ථ රජවරුන්ද ග‍්‍රන්ථ කරණයෙහි නිරත වීමෙන් පැහැදිලි වන්නේ එකල පැවැති වීවේකී සමාජ පරිසරයයි.පොළොනනරු යුගයේදි සංස්කෘත සාහිත්‍යයේ බලපැම වැඩි වීමත් මහායාන බලපෑම,විදේශීය ආක‍්‍රමණ හා හින්දු ආගමේ බලපැම තුළ මෙකල රචනාශෛලිය,වස්තු විෂයවෙනස් වූයේ සමාජීය අවශ්‍යතාව කරණකොට ගෙනය..භක්ති කාව්‍ය බිහි විය.එහි මෙරට සමාජය, සංස්කෘතිය පිළිබිඹු වන අයුරින් රචනා වී ඇත.බුත් සරණ,දහම් සරණ,ස`ග සරණ වැනි ග‍්‍රන්‍ථ පූවෙ_ා්ක්ත ලක්‍ෂණ නීරූපණය වන සේ රචනා වී ඇත. කාව්‍ය තුළින් ජිවිතයෙන් පලායාමට මග නොසලයසි. කාව්‍ය තුළින් ජිවිතය පිළිබ`ද ගැඹුරු දර්ශනයක් සමග වින්දනයක් , යම් ආශ්වාදයක්, සිත් සතුටු කිරීමක් ඇති වේ. කාව්‍ය තුළින් හැගිම් ඇවිස්සීමක් නොකරයි. එම නිසා කාව්‍යන් තුළින් සමාජ ගැටුම් ඇති නොවේ. ලත්දිව විවිධ ජනවර්ග සාහිත්‍ය දියුණු කල ඉතා සමලියෙන් විසු බවට සාක්‍ෂි අතීතයේ බහුල වේ. ආර්ථික සමෘද්ධියත් සමග මිනිසුන්ගේ විවේකය අර්ථවත් ලෙස ගත කිරීමට සාහිත්‍ය අනිවාර්ය වේ. ඇතැම්විට කාව්‍ය ආගමික වශයෙන් දියුණු වූයේ මිනිසා තුළ පැවැති අසීමිත ආගමික හැගීම් කරණකොට ගෙනය. ආගමික වශයෙන් පැරණි යුගයන්හි ලබා තිබු දියුණුව හා එහි තවත් වර්ධනය බලාපොරොතතු වු සමාජය නිසා කාව්‍ය තුළින් ද එම වර්ධනය දෙගුණ තෙගුණ කර ඇත. පෙදෙන් බුදු සිරිත වශයෙන් යම් යම් රීති කාවියන්ට ඇති වූයේ සාමාජීය බලපෑම කරණකොට ගෙනය. ඩාවින්ගේ පරිණාම වාදය හා කාර්මික විප්ලවය හා විද්‍යාත්මක දියුණුව මගින් සාහි ත්‍යයේද විවිධ වෙනස්කම් ඇති විය. මිනිසුන් ආගමින් යම් තරමක් දුරට ඇත් වු බවක් පෙනුනද සාහිත්‍ය විවිධ ක්‍ෂෙත‍්‍ර කරා යොමු විය. සමාජ අසාධාරණය , පන්ති භේදය හා යථාර්ථවාදය වැනි විවිධ කරණු පිළිබ`ද අවධානය දැඩිව යොමු වූයේ සාමාජීය අවශ්‍යතාව කරණකොට ගෙනය. මින්සුන් බුද්ධිමතුන් වීමේදි සාහිත්‍ය තුළින් යථාර්ථවාදී නිර්මාණ කළේ ඒවා කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඇතැම් රටවල දේශපාලන තත්ත්වයට උචිත වන පරිදි සමාජවාදය පිළිබිඹු වන ආකාරයට කාව්‍ය සදහා විචාර බිහි කළේය. විශේෂයෙන් සොවියට් රුසියාවේ ඇතිවූ සමාජ විප්ලවයෙන් පසු සමාජවාදය ඉස්මතු කරන ප‍්‍රධාන අඕගයක් ලෙස සාහිත්‍ය හැදින්විය හැක. කවියෙකු කාව්‍යයක් සදහා උපයෝගි කර ගන්නේ සමාජීය අංග බව ඔවුන් සදහන් කරයි. සාහිත්‍ය තුළින් සමාජ යහපත ඇති කළ යුතු බව ඔවුන් පවසයි. ඒ අනුව විමසන කලද පෙනී යන්නේ සාහිත්‍ය යනු දැඩි සාමාජීය අවශ්‍යතාවක් යන්නයි. සාහිත්‍යයෙහි පරමාර්ථ පිළිබ`ද විමසන කල පැහැදිලි වන්නේ සාහිත්‍ය සාමාජීය අවශ්‍යතාවක් බවයි. ඒ අතර සාහිත්‍යය ජීවනය සදහාය, ජීවනයේ දුක් කම්කටොලූවලින් මිදීම සදහාය , සේවනය සදහාය, ආත්මානුභූතිය සදහාය, ප‍්‍රීතිය සදහාය, විනෝදය සදහාය වැනි කරුණු පිළබද විමසීමේදීද පැහැදිලි වන්නේ සාහිත්‍යයෙහි සමාජීය අවශ්‍යතාවයි. සාහිත්‍ය තුළින් සමාජයේ කථානොකරන කොන් වු සමාජ පන්ති පුද්ගලයන් පිළිබ`ද කථා කරයි. එ කරණු පිළිබ`ද ුවධානය යොමු කරයි. සෑම තරාතිරමකම වු මිනිසුන් තුළ වු පොදු විශ්වීය දුබලකම් හා මනුෂ්‍යත්වය පිළිබිඹු කරයි. එම කරුණු දැන ගැනීමට මිනිසා සහජයෙන් ඇල්මක් දක්වයි. ඊට අනූකූලව එවැනි කරුණු සාහිත්‍ය තුළින් අනාවරණය කරයි. වර්තමානය වන විට මිනිසුන් සාහිත්‍ය තුළින් ඈත් වෙමින් පවතින බව ප‍්‍රතා වර්තමානය වන විට මිනිසුන් සාහිත්‍ය තුළින් ඈත් වෙමින් පවතින බව ප‍්‍රතා වර්තමානය වන විට මිනිසුන් සාහිත්‍ය තුළින් ඈත් වෙමින් පවතින බව ප‍්‍රකාශ වෙතත් සමාජ යථාර්ථය පිළිබිඹු වන ඇතැම් සාහිත්‍ය කෘති වාරණයට ලක් වන්නේ ඒ තුළින් සමාජයට කෙරෙන බලපෑම යි.සමාජයට , සමාජයේ ඇතැම් කොටස්වලට අවබෝධ කරදිය නොහැකි හා සන්නිවේදනය කිරීමට දුෂ්තර කරුණු සාහිත්‍ය තුළින් අවබොධ කරදිය හැක , සන්නිවේදනය කළ හැක. ජපානය තූළ සාහිත්‍ය නිර්මාණ තුළින් සන්නිවේදන කාර්ය ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වේ. මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ මිනිසාගේ මුලික අවශ්‍යතා නොදෙවෙනි වන තත්ත්වයට හා සමාජයට සාහිත්‍ය අත්‍යවශ්‍ය වන ප‍්‍රධාන අඕගයක් බවට පත් වී ඇත. ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය  අනුමොදනා (අනුරාධ සෙනවිරත්වන උපහාර ලිපි සංග‍්‍රහය*,එම් සොමතිලක,එම්.එච්.ඩි ආර් හෙරත් ,එස් ගොඩගේ සහෝදරයෝ,කුලරත්න මාවත ,කොළඹ10  අමාවතුර,ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ සංස්රණය,සමයවර්ධන පොත්හල(පුද්ගලික* සමාගම,61,කොළඔ 10(ප‍්‍රකාශනය*,2004  ආනන්ද කුලසූරිය,සිංහල සාහිත්‍යය,සී/ස(පෞද්*,විසිනුදු ප‍්‍රකාශකයෝ,471,වැව පාර.බොරලැස්ගමුව,1961  දහම්සරණ, (සංස්* කොත්මලේ ධම්මානන්ද, ග‍්‍රන්ථ ප‍්‍රකාශක යන්ත‍්‍රාලය, කොළඹ1929*.  ධම්පියා අටුවා ගැටපදය ,(සංස්* ඞී.ඊ. හෙට්ටිආරච්චි, ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයේ ප‍්‍රකාශන මණ්ඩලය, පේරාදෙණිය, (1974*  ධම_කීර්ති ,සද්ධම_ාලංකාරය,මකුළුදුවේ පියරතන(සංස්*,ඇම්.ඩි ගුණසේන සහ සමාගම,කොළඹ, සිංහල සාහිත්‍ය වංශය,පුංචිබණ්ඩාර සන්නස්ගල,ලේක්හවුස් මුද්‍රණාලය,1961(ප‍්‍ර.මු*  පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, වතුත්තේ පේමානන්ද(සංශෝධිත*,චතුර  පියසීල විජේගුණසිංහ,සාහිත්‍යය භෞතික වාදී අධ්‍යනයක්,සන්නිවේදන පොත් ප‍්‍රකාශකයෝ , සිසිල ,435/3,හිඔුටාන පටුපමග,අංගොඩ ,1982  මහාවංසො,(සංස්* මංගල ඉලංගසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, (2006*.මුද්‍රණාලය,142,අවිස්සාවේල්ල පාර,වැල්ලම්පිටිය,1996  මාර්ටින් වික‍්‍රමසිංහ,සම්ප‍්‍රදාය හා විචාරය,ප්‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාව් පාර,කොළඹ12 ,1971  මිණිමුතුව (විචාරශීලි සංග‍්‍රහය*,ඇම්.ඩි ගුණරත්න සහ සමාගම(මුද්‍රණය*,1957  පඤ්ඤාකිත්ති කොටහේනේ,සාහිත්‍ය කථා,කේ.ඒ ආරියදාස,679,පොත් වෙළ`දසැල,මරදාන(ප‍්‍රකාශකයෝ*පූජාවලිය ,වලානේ ධම්මානන්ද(සංස්*  බුත්සරණ, (සංස්* ලබුගම ලංකානන්ද, ඇම් ඩි ගුණසේන සහ සමාගම, කොළඹ 11, (1968*.  රත්නමාලී වංශය, වම්බට්වැවේ ධම_කීර්ති(සම්පාදිත*,ඇම් .ඩි ගුණසේන සහ සමාගම,කොළඔ 11,1967  විලපිටියේ ඤාණවංස අනුනායක අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය,කහවත්තේ ජිනසිරි හිමි (ප‍්‍ර.සංස්*,තිළිණ මුද්‍රණාලය ,අංක 03,ගෙලිඔය ,2007  ස`ගසරණ, (සංස්* පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, ලේක්හවුස් ප‍්‍රකාශකයෝ, කොළඹ 03, (1954*.  සද්ධම_රත්නාවලිය,ඇස්.ගෝඩගේ සහ සහෝදරයෝ,675,මරදාන පාර,කොළඔ 10,1985  සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍ය උද්ධෘත,සද්ධම_රත්නාවලිය,කිවුලේගෙදර නාරද,සමන් ප‍්‍රකාශනයෝ,30/4 වෙල පාර,ගංගොඩවිල,නුගේගොඩ(මුද්‍රණය*,2005  සරත්චන්ද්‍ර,කල්පනා ලෝකය, එස් ගොඩගේ සහෝදරයෝ,කුලරත්න මාවත ,කොළඹ10,1958  සිංහල ථූප වංශය,කේ.ජි. පේ‍්‍රමරත්න රත්නසිරි,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,කොළඹ 12  සේනානායකජේ.බි,විචාරප‍්‍රවේශය,තරංගප‍්‍රකාශකයෝ,19,ඇලෙක්සැන්ඩ‍්‍රාවත්ත,කණුවන,1995(ප‍්‍ර.මු*  සිංහල බෝධි වංසය ,නන්දසේන රත්නපාල(සංස්* ,ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ,207,උසාවිය පාර,කොළඹ 12,1970(ප‍්‍ර.මු*  ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය,ඩබ් සෝරත  ශාස්ත‍්‍රීය චින්තා,අයි.ඇම් සෝමරත්න(ප‍්‍ර.සංස්*,ශාස්ත‍්‍රීය චින්තා,අඔසෙවන,දම්පිටිය,දෙමටළුව(ප‍්‍රකාශනය*,සමයවර්ධන මුද්‍රණාලය,57,මාලිගාකන්ද පාර,මරදාන  විද්‍යාලංකාර,පැරණි ලක්දිව නීතිය හා අධිකරණ,කත_ෘප‍්‍රකාශනයකි,2000  සුමංගල ශබ්ද කෝශය  වික‍්‍රමසිංහ මාර්ටින්,සිංහල සාහිත්‍යයේ නැගිම,  අතිරේකයත්‍යය,ත්‍රෛයි මාසික සගරාව,සමාජය හා සංස්කෘතිය,ගුණපාල මලලසෙකර,1962 පුවත්පත්  ලංකාදීප අතිරේකය,2010 මාර්තු 09 වැනිදා,මහේන්ද්‍ර සුනන්ද,නිර්මාණය හා සංස්කෘතිය,වීමංසා අතිරේකය  දංදෙරා ්ාඩ්බජැා කැ්බැර’ි ාසජඑසදබ්රහලිැඩැබඑය ැාසඑදබල2005ලදංදෙරා මබසඩැරිසඑහ චරුිිලදංදෙරා  ච්ර්බ්ඩසඑය් බ ්ලිලසබිජරසචඑසදබ දෙ ජැහකදබලඩදක 1ලඑයැ ාැච්රඑපැබඑ දෙ එයැ ්රජයදකදටහ ජැහකදබල1970

No comments: