UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ‘‘ස්ථායීභාව රස බවට පත්වීම’

Thursday, December 12, 2013

‘‘ස්ථායීභාව රස බවට පත්වීම’

‘‘ස්ථායීභාව රස බවට පත්වීම’’ පෙරදිග විචාර ක්‍ෂේත‍්‍රයෙහි ප‍්‍රභවය පිළිබ`ද විමසීමේදී රසවාදයට හිමිවනුයේ මූලික ස්ථානයකි. විශේෂයෙන් භාරතීය විචාර සංකල්පයන්හි පදනම ලෙස රසවාදය පිළිගැනේ. මෙහිදී භරතමුනිගේ නාට්‍ය ශාස්ත‍්‍ර කෘතියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ‘‘කලාවත් කලා විචාරය සම්බන්ධ දර්ශනවාදයත් පිළිබ`ද චින්තාවලිය ආරම්භ වන්නේ ක‍්‍රිස්තු වර්ෂ සිව්වැනි සියවසින් පෙර රචනා කරන ලද භරත මුනි`දුගේ නාට්‍ය ශාස්ත‍්‍රයෙනි.’’ විශේෂයෙන් එහි 6-7 ආධ්‍යාය මගින් මෙම රසවාදයේ එන කරුණු පිළිබ`ද සාකච්ඡුා කෙරේ. ‘‘පසුකාලයෙහි භට්ටලොල්ලට, ශ‍්‍රී ශංකුශ, භට්ටනායක, අභිනවගුප්ත ප‍්‍රධාන කොට ඇති දාර්ශනිකයන් නොයෙකුත් සාරගර්භ විචාරවාද විශේෂයෙන් නිපදවූයේත්, කලා රසාස්වාදය සම්බන්ධ සියුම් තර්ක විතර්ක පහළ කළේත් නාට්‍ය ශාස්ත‍්‍රයේ එන ‘විභාවානුභාව්‍යාභිචාරී සංයෝගාත් රස නිෂ්පත්ති:’ යන රස සූත‍්‍රය ව්‍යඛ්‍යා කිරිමෙනිි.’’ නාට්‍ය ශාස්ත‍්‍රයේදී රසවාදය ගැන සාකච්ඡුා කරන්නේ නාට්‍ය හා සම්බන්ධ උපාංගයක් වශයෙන් වුවත්, පසුකාලීනව එය සාහිතය විචාරයෙහිලා පුළුල් ලෙස භාවිත වූවකි. මෙහිදී ‘‘කාව්‍ය සතු පුදුම ශක්තිය නම් රසයම වන බව තහවුරු කරමින් කාව්‍යයේ ආත්මය රසය යැයි ඔප්පු කිරීමට ඉදිරිපත්වූ මත ගොනුකොටගත් වාදය ‘රසවාදය’ නමින් හැ`දින්වේ.’’ එසේම මෙහිදී රස යනුවෙන් හැ`දින්වෙනුයේ බටහිර කලා විචාරයෙහි හා සෞන්දර්ය විද්‍යාවෙහි කලා රසාස්වාදය, සෞන්දර්යානුභාවය හෙවත් චමත්කාරානුභාවය හ`දුන්වනු වස් යෙදෙන පාරිභාෂික පදයයි. සාහිත්‍ය වූකලී ප‍්‍රකාශන මාධ්‍යයක් පමණක් නොව නිර්මාණාත්මක කාර්යයක් බව අපට පසක්කර දෙන්නේ රසවාදයෙනි. රසවාදයේදී රසයෙහි සාරය, ජීවය, ප‍්‍රාණය ලෙස චමත්කාරය හැ`දින්වෙයි. ‘‘ලෝකෝත්තර චමත්කාර: ප‍්‍රාණ:’ යනාදී රස ලක්‍ෂණ දීපකවලින් එය පැහැදිලිවේ. චමත්කාරය යනු කිමෙකැයි මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් පෙන්වා දෙන්නේ මෙසේය. ‘‘රසේ සාර: චමත්කාර:’ යන භාරතීය නිර්වචනය මෙහිලා සිහියට නගා ගත හැකිය. චමත්කාරය විදුලියක් වැන්න. එහි ආලෝකය මිස අ`දුරක් නැත.එහෙත් එහි ප‍්‍රතික‍්‍රියාව ක්‍ෂණික නොවේ. තාවකාලිකද නොවේ. රස නහර ඔස්සේ විහදී ගොස් දෙන ප‍්‍රීණනයක් මෙන් වින්දන මාත‍්‍රය විස්මයාන්විත වෙයි. ර`දා පවතී.’’ භරත මුනි`දුන් විසින් නාට්‍ය ශාස්ත‍්‍රය රචනා කොට ඇත්තේ මේ රසය පිළිබ`ද හෙවත් නාට්‍යයෙහි ආස්වාද්‍ය ගුණය නිර්මාණය කරන ආකාරය සම්බන්ධයෙන් විස්තර කිරීමටයි. නාට්‍ය ශාස්ත‍්‍රයේ රස ගැන විචාරීම ඇරඹෙන්නේ මුනිවරයන් නගන ප‍්‍රශ්නවලට දෙන පිළිතුරු ලෙසිනි. ඔවුන් රස ගැන අසන ප‍්‍රශ්න මෙසේයි. ‘‘පූර්වාංගමය පිළිබ`ද කරුණු අසා සිටි ඒ සියලූ මහාත්මයෝ භරත මුනි`දුන් අමතා මෙසේ කීහ. අප ස`දහා පහත අසනු ලබන ප‍්‍රශ්න විස`දනු මැනවි. නාට්‍යයෙන් උගන්වන නාට්‍ය රසය කවර අර්ථයකින් රස නම් වේද? භාව යනු කවරේද? ඒ භාවයෝ කුමක් ජනනය කරත්ද?’’ මේ ප‍්‍රශ්නයන්ට දෙනු ලබන පිළිතුරු තුළින් රසය යනු කුමක්දැයි භරත මුනි පෙන්වා දෙයි. රසයේ ස්වාභය ආස්වාද්‍යත්වය බව සනිදර්ශනව පෙන්වා දෙන්නේ මෙසේය. ‘‘ යම්සේ නොයෙක් කුළුබඩු, එළවළු හා වෙනත් ද්‍රව්‍යයයන්ගේ සංයෝගයෙන් ආහාර රසය උපද්නේද, එසේම (විභාව, අනුභාව, ව්‍යාභිචාරීභාව, සාත්විකභාව යන* නොයෙක් භාවයන්ගේ උපගමනයෙන් රස නිෂ්පත්තිය වෙයි. යම් සේ සකුරු, කුළුබඩු වර්ග හා පැළෑටි යනාදියෙන් (තිත්ත, පැණිරස, කටුක* ආදී සය වැදෑරුම් රසයන් උපදිත්ද, එසේම නොයෙක් (විභාව, අනුභාවාදී* භාවයන් විසින් පිරිවරා ගන්නා ලද ස්ථායී භාවයෝ රසත්වයට පත්වෙති.’’ මෙසේ රසය උපදින තැන නම් විභාව , අනුභාව සහ සංචාරීභාව එක්වූ තැන බවත්, එහි ආකාරය නම් එකී මූලාවයව සුසංයෝග වීම හෝ මනාකොට ගැලපීම බවත් යනුවෙන් උක්ත දක්වන ලද රස සූත‍්‍රයෙන් ඉදිරිපත් කරයි. මෙම කරුණුවල සුසංයොගයෙන් රස ඉස්මතු වන ආකාරය දෘෂ්ටාන්තයක් මගින් භරත මුනිහු මනාව පෙන්වා දෙති. ‘‘ යම් සේ නොයෙක් මාළු පිණිවලින් යුක්ත වූ ආහාර බුදින්නාවූ සුමනස් ඇති (ප‍්‍රණීත ආහාර වළ`දා පුරුදු රස හ`දුනන* පුරුෂයෝ (ආහාරයේ* රසයන් ආස්වාදනය කොට ප‍්‍රාමෝදයට පැමිණේද, එසේම සුමනස් ඇති (සහෘදයෝ* නොයෙක් (විභාවාදී* භාවයන් හා අභිනය විසින් ප‍්‍රක කරන ලද ස්ථායීභාව පෝෂණය කොට ප‍්‍රමෝදයට පැමිණෙති. මෙසේ ආස්වාදනය කරනු ලබන බැවින් (ශෘංගාර, හාස්‍ය, කරුණ ආදිය* රස යැයි කියනු ලැබේ.’’ රසවාදය වූකලී රසයන් පහළවීම පිළිබ`ද භරතමුනිගේ අදහස් පදනම් කරගෙන පසුකාලීන විචාරකයන්ගේ මතාන්තරයන් මගින් එය රසවාදය දක්වා වර්ධනය වී අද දක්වාමත් පැවත එන්නකි. මේ පිළිබ`ද අධ්‍යයනයේදී අපට මුලින්ම රස පහළවීමට හේතු ලෙස භරත මුනි දැක්වූ විභාව, අනුභාව හා ව්‍යභිචාරී භාව යනු කවරේදැයි විමසිය යුතු වෙයි. මෙම කරුණු ත‍්‍රිත්වය පිළිබ`ද විමසීමේදී සත්‍ය ලෝකයෙහි කාරණ, කාර්ය හා සහචාර යනුවෙන් හ`දුන්වනු ලබන්නාහු කලා ලෝකයෙහිදී අභිනය මගින් හෝ කාව්‍යමය වචන මගින් නිරූපණනය කරන ලද කල්හි පිළිවෙළින් විභාව, අනුභාව හා ව්‍යභිචාරී භාව යනුවෙන් හ`දුන්වනු ලබන බව පෙනේ. පොදු මිනිසුන් තුළ දක්නට ලැබෙන භාව (හැ`ගීම්* ස්ථායී භාව නම් වේ. මේ ස්ථායී භාවයන් ඉපදීමට ඇති ශක්තිය රසවාදයේදී වාසනා ගුණය නමින් හැ`දින්වේ. භරත මුනිවරයා දක්වන පරදි සාමාන්‍ය ලෝකයේදී මිනිසුන් තුළ රති, හාස, ශෝක, ක්‍රෝධාදී ශක්ති රූපයෙන් පවත්නා ස්ථායී භාවයන් නාට්‍යයක, කාව්‍යයක නිරූපණය කරන කල්හි විභාව යනුවෙන් හ`දුන්වනු ලබයි. විභාව යන්න විඥාන යන අරුත් ඇති පදයකි. තවත් එබ`දුම පද ලෙස කාරණ, නිමිත්ත, හේතු යන පදයන් දැක්විය හැකිය. මේ විභාවයන්හි ප‍්‍රධාන කොටස් දෙකක් ආලම්භන හා උද්දීපන විභාව යනුවෙන් දක්වා ඇත. අලම්භන යනු ආරම්මණය හෙවත් අරමුණයි. නිමිත්ත හේතු යනුද එයටම අනෙක් නම්ය. ස්ථායීභාව පහළ වීම සිදුවනුයේ මෙම ආලම්භන විභාව අරමුණු කොටගෙනය. උද්දීපන යනු තීව‍්‍රකිරීමයි. හො`දින් දැල්වීම, බැබළවීම යන අදහසයි. මෙයින් විභාවයන් තවදුරටත් පෝෂණය වීම සිදුකරනු ලබයි. ආනුභාව යනු ආලම්බන හෝ උද්දීපන විභාව මගින් ස්ථායීභාවයන් ප‍්‍රබෝධවීම නිසා සිත තුළ උපන් හැ`ගීම් පිටට ප‍්‍රකාශවන ආකාරයයි. ධනංජයාචාරීහු දක්වන පරිදි ආනුභාව යනු මනෝභාව හ`ගවන සාරීරික විකාරයයි. විකෘති වීමයි. නිදසුන් ලෙස ‘‘රතියෙන් යුත් කාමියා තම රතියට අරමුණ ළ`ද දෙස නෙත් කොණින් බලමින්, මද සිනා පාමින්, මියුල් තෙපුල් බෙණෙමින් සිටින විට ඔහුගේ මුහුණ රතුවෙයි. ආනුභාව යනු මෙසේ වීමයි.’’ ප‍්‍රධාන භාවයට අනුගතව, එම මූලික භාවය තීව‍්‍රත්වයට හැ`ගීම් ව්‍යභිචාරී භාව නමින් හ`දුන්වයි. මේවා ගණනින් තිස්තුනකි. ‘‘ව්‍යභිචාරී යන තන්හි ‘වි’ හා ‘අභි’ යනු උපස්ර්ග දෙකකැයි භරත මුනිහු කියති. ‘වි’ යන උපසර්ගය විවිධ හෝ විශේෂයෙන් යන අර්ථයන්හි වැටේ. ‘අභි’ යන්නෙහි පෙරටුව යන අර්ථය ඇත්තේය. එහි ‘චාරී’ යනු ගමනාර්ථ වාචී ‘චර්’ යන ධාතුවෙන් බි`දුණකි. මෙසේ පද විශ්ලේෂණය කරන භරත මුනිහු විවිධ රසයන්හි අභිමුඛව හැසිරේ යන අර්ථයෙන් ව්‍යභිචාරී නම් වන්නේ යැයි කියත්.’’ උක්ත ලක්‍ෂණ දරණ හෙයින් ‘සහචාරීභාව’ නමින්ද මේවා හැ`දින්වෙයි. මෙම ත‍්‍රිත්වයේ මනාවූ සංකලනයක් මගින් රසයන් බිහිවෙයි. මෙම රසයන් සාමාන්‍ය ලෝකයේදී පහළවන භාවයන්ගෙන් වෙනස් වෙයි. ඒවා ලෞකිකය. එහෙත් රසය වූ කලී එසේ නොවේ. එය අලෞකිකය. එය සිතෙහි චමත්කාරය දනවන්නේ ස්ථායීභාවයන් ප‍්‍රමුදිත කිරීමෙනි. විඥානය හා සම්බන්ධ වෙමිනි. ‘‘මේ අනූව රසය යනු ලෞකික කිසි`දු වෙනත් අනුභූතියකට සමාන නොවන ලෝකෝත්තර ආස්වාදයක් වන අතර, චමත්කාරයේ ප‍්‍රාණය නැතහොත් හරය වනුයේද එයම වේ.’’ ‘රස’ වූකලී භාවයන් භාවයන් පාදක කොටගෙන ඇතිවන තත්වයකි. එය ස්ථායීභාවයන් මනාව, ක‍්‍රමාණුකූලව පෙළගැස්වීමෙන් ඇතිකළ යුතු, ප‍්‍රමුදිත කළ යුතු තත්වයකි. එය අවධිමත්, නුසුදුසු වූ කල නියම රසයන් පහළ නොවෙයි. පහළ වන්නේ රසෙහි සෙවණැල්ලක් පමණි. භරතමුනි මෙය ‘රසභාස’ යනුවෙන් හ`දුන්වයි. මහාචාර්ය හේමපාල විජේවර්ධනයෝ සනිදර්ශනව උක්ත කරුණ මෙසේ විස්තර කරති. ‘‘....රසයක් හෝ භාවයක් අනුචිත ලෙස පෝෂණය කරන ලද කල්හි පිළිවෙළින් රසභාසයක් හෝ භාවභාසයක්- රසයේ හෝ භාවයේ සෙනැල්ලක් උපදී... නිදර්ශනයක් වශයෙන් කාව්‍යයේ නායකයා තුළ පේ‍්‍රමය ඇති නමුත් එම පේ‍්‍රමයට පාත‍්‍රවන තරුණිය තුළ ඔහු කෙරේ පේ‍්‍රමයක් නොමැතිනම් එබ`දු අවස්ථාවක උපදින්නේ ශෘංගාර රස භාසයක් පමණි. නියම ශෘංගාර රසය නොවේ.... සෙසු රසද මෙපරිද්දෙන්ම අනුචිත ලෙස පරිපෝෂිත වූ කල්හි ඇතිවන ප‍්‍රතිඵලය නම් රස භාසයයි. එසේම පූර්වෝක්ත භාවාවස්ථාද අනුචිත ලෙස පෝෂිත වූ කල්හි එයින් භාව භාසයම උපදී.’’ භරතමුනි ස්ව නාට්‍ය ශාස්ත‍්‍ර කෘතියේදී මූලිකව මූලිකව ස්ථායීභාව අටක් හා එයින් පහළවන රස අටක් පිළිබ`ද පැහැදිලි කර ඇත. ‘‘රතිර්හාසශ්ච ශෝකශ්ච ක්‍රෝධෝත්සාහෞ භයං තථා ජුගුප්සා විස්මයස්චෙති ස්ථායීභාවාඃ ප‍්‍රකීර්තිතාඃ’’ මෙහිදී රති,හාස, ශෝක, ක්‍රෝධ, උත්සාහ, භය, ජුගුප්සා, විස්මය යන ස්ථායීභාව අට විභාවාදිය හා මනාව සංයෝගවීමෙන් රසයන් පහළ වේ. එබ`දු රස අටකි. එනම්, පිළිවෙළින් ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස්‍ය, අද්භූත යන රසයන්ය. අභිනවගුප්තයන් දක්වන්නේ මේවා කෙනෙකු තුළ සහජයෙන් පිහිටන බවත්, අද්දැකීම හා කාව්‍ය නාටක පරිශීලනය කිරීම නිසා ඒවා සංකීර්ණ වන බවත්ය. පසුකාලීනව මෙයට ‘ශම’ භාවය වී ‘ශාන්ත රසය’ නිර්මාණය කරගෙන නවනළු රසය බිහිවෙයි. එතෙකින් නොනැවතී මෙම සංකල්පය රස දොළහක් දක්වාත් වර්ධනය වී ඇත. ඒවා පිළිවෙළින් ශම, ස්නේහ, ගෞරව, නිර්වේද යන ස්ථායීභාවත්, ඒවායින් ශන්ත, වත්සල, භක්ති, ලෝකෝත්තර යන රසයනුත් ලෙස දැක්විය හැකිය. නිවුණු දැමුණු බව ශමයයි. දරුසුරතල් වැනි ආදරය තුළ වැඩෙන ප‍්‍රිය බව ස්නේහයයි. සම්භාවිතත්වයෙන් ඔදවැඩුණු බව නම‍්‍රතාව ගෞරවයයි. සියලූ කාමයන්ගෙන් වෙන්වීම ස`දහා වූ කල කිරීම නිර්වෙදයයි. නොඇලූණු බවයි. මේ අනූව අනුක‍්‍රමයෙන් ශන්ත, වත්සල, භක්ති, විරාගී රස පහළවන බව ඔවුන්ගේ නිගමනයයි. මෙම නිබන්ධනයේදී අපගේ අරමුණ වන්නේ මේ එක එක රසයන් පුරාණ පද්‍ය සාහිත්‍ය කෘති තුළින් නිදසුන් ගෙන දක්වා විමසුමට භාජනය කිරීමයි. 1 ශෘංගාර රසය රසවාදයේදී ඉතාම වැදගත් තැනක් හිමිවන රසය නම් ශෘංගාර රසය යි. එසේම සංස්කෘත විචාරකයන් දක්වන පරදි රස අතුරින් ශෘංගාරය අතිශය සියුමැලි රසයද වෙයි. ශෘංගාරය යන වචනය තැනී ඇත්තේ ‘ශෘංග’ යන්නෙනි. ‘ශෘංග’ යනු අනංගයාගේ උද්‍රෙකයයි. එබැවින් තත් ප‍්‍රාප්තියට හේතුවන්නාවූ ආස්වාදය ‘ශෘංගාර’ නමින් හ`දන්වා තිබේ. මෙය රතිය නමැති ස්ථායී භාවයෙන් උපදින්නකි. භරතමුනි ශෘංගාර රසය මෙසේ විස්තර කරයි. ‘‘මේ ලෝකයෙහි සුපිරිසිදු වූ, නිර්මල වූ, දර්ශනීය වූ යමක් ඇත්ද ඒ සියල්ල ශෘංගාරය හා සම්බන්ධ කොට සැලකේ. නිදසුන් වශයෙන් යමෙකු උදුල්වූ ඇ`දුම් පැළ`දුමින් සැරසී සිටිත්ද, ඔවූහු ශෘංගාරවත්යැයි කියනු ලැබෙත්...එහෙයින් ළගන්නා බැවින්ද, උදුල් වෙස් ආත්ම කොට ඇති බැවින්ද මේ රසයට පෙර පටන්ම ශෘංගාර යන නම තබා ඇත. එය ස්ත‍්‍රී පුරුෂයන් හේතු කොටගෙන පවත්නේය. භද්‍ර යෞවනය හා බැ`දී ඇත්තේය.’’ මෙයින් අපට ශෘංගාර රසයේ ස්වභාවය කෙබ`දු දැයි පැහැදිලි වේ. තවදුරටත් එය විස්තර කරනු ලබන විශ්වනාථ ප`ඩිවරයා පවසන්නේ ශෘංගාරයෙහිලා පරස්ත‍්‍රියද, අනුරාග රහිත ස්ත‍්‍රියද, වෛශ්‍යාවද හැර අන්‍ය නායිකාවෝද, දක්‍ෂිණාදී නායකෙයෝද ආලම්බන විභාව වන බවයි. චන්ද්‍රාලෝකය, භෘංගනාද යනාදීහු උද්දීපන විභාව ලෙසද, භ‍්‍රෑ, වික්‍ෂේප ආදිය අනුභාව යටතටද. ඖග‍්‍ර්‍ය, මරණ, ආලස්‍ය, ජුගුප්සා යනාදිය හැර අනෙක් ඒවා ව්‍යභිචාරී භාව ලෙසද දකවිය. පසුකාලීනව,ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමයේ ඒ ඒ අවස්ථානුකූලව මෙහි විවිධ ප‍්‍රබේදයන් විභේදනය වී තිබෙනු අපට දැකිය හැකිය. ඒ අනූව එහි මූලිකම අවස්ථා දෙකක් දක්වා තිබේ. එනම් සම්භෝග ශෘංගාරය හා විප‍්‍රලම්භ ශෘංගාරය නමිනි. සම්භෝග ශෘංගාරය වසන්ත ආදී රමණීය ඍතු, මල් මාලා, ප‍්‍රියයන් හෝ ප‍්‍රියාවන් දැක්ම හා ඔවුන්ගේ මිතුරු තෙපුල් ඇසීම, තොෙ`දාල් බසු බෙණෙමින් හුරතල් කරීම යනාදී විභාවයන්ගෙන් උපදින්නකි. විප‍්‍රලම්භ ශෘංගාරය නිවේද, ග්ලානි, ශංකා, ව්‍යාධි, උන්මාද, මරණ ආදී අනුභාව තුළින් උපදී. විප‍්‍රලම්භ ශෘංගාරය නැවත කොටස් වශයෙන් පූර්වානුරාගාත්මක, මානාත්මක. ප‍්‍රවාසාත්මක,කරුණ ලෙස හතරක් දක්වයි. රතිය උද්දීපනය වන සේ පබැ`දීම මගින් රසය ජනනය වන අයුරු ඉහත දැක්වූවෙමු. සිංහල සාහිත්‍යයේ මහාකවක් වන කව්සිළුමිණ ගතේ එන පහත පද්‍ය මෙයට කදිම නිදසුනකි. ‘‘ලද පියන් පියොවුරු- බිෙ`දව් මෙ දා දක්වා පින් පියොවුරු මඩලෙවු- පිළිමෙහි විතර පානෙම්’’ මෙහිදී ග‍්‍රන්ථයේ අන්තර්ගතය කෙබ`දු දැයි කීමට යන කවියා ඒ ස`දහා ගත් නිදසුනින් පාඨකයා තුළ ශෘංගාරය ජනනයෙහිලා සමත් වී ඇත. ළ`දකගේ පියොවුරු හා පුන් පියොවුරු සිහියට නැගීමෙන් පාඨකයා තුළ රතිය නැමැති ස්ථායී භාවය උද්දීපනය වෙයි. එම ගතෙහිම එන පහත ගය අපට විප‍්‍රලම්භ ශෘංගාරය නම් කෙබ`දුදැයි මනාව පසක් කොට දෙන්නකි. ‘‘රතොට රත ඇදියෙම්- කොපොලැ පතලේ බි`දියෙම් තනහස මුසු කළෙම්- නිදොසිම්ලූ හා නුගියට’’ එහි අදහස මෙසේය. ‘‘තොලෙහි රතත්, කොපුලත පත්ලේත්, තන හසුනුත් ඉතා අගය කොට සලකති. පබවතට අයත් ඒ සියල්ලම මම දුරුකළෙමි. එතරම් වැරදි කළ මම පබවතට දොසක් නොකෙළෙම්ලූ. අෙ`දා්මැයි... වැරදි කරුවෝ සිය වැරැුද්ද වරදකැයි නොසිතති. නොකියති.’’ පබවතිය නැති සොවින් තැවෙන කුස රජු, ඇය හා තමා සමහන් සුවය වි`දි අයුරු සිහිපත් කරයි. එයත් ඔහුට සැපයකි. ඔහු ඇය හා කරන ලද නොයෙකුත් කි‍්‍රයාකාරකම් මගින් පාඨක සිතේ ශෘංගාරාත්මක රසයක් උපදවයි. කුස රජු ගැන කරුණාවකුත්, පබාවතිය ගැන කරන ප‍්‍රකාශයෙන් රතියත් උද්දීපනය වෙයි. 2 හාස්‍ය රසය ‘හාස’ යන ස්ථායී භාවය මූලික කරගෙන හාස්‍ය රසය උපදී. ‘‘එය විකෘතවූ ඇ`දුම් හා අභරණ. ලජ්ජා නැති කටයුතු, ලොල් බව, තැනට නෝගැලපෙන වචන, අංග විකලත්වය දැක්වීම, දෝෂ ගෙනහැර දැක්වීම යන විභාවයන්ගෙන් උපදී.’’ මෙහිදී යම් රචනාවක් මගින් සහෘදයා තුළ සිනාව හෙවත් හාස්‍ය ඉපැද්වීම කරන නිර්මාණ ගණන් ගැනේ. තවද හාස්‍ය අනු කොටස් හයකට බෙදේ. එනම්, ස්මිත හසිත- විහසිත- උවහසිත- අපහසිත- අතිහසිත යනුවෙනි. සිංහල සාහිත්‍ය වංශය පුරාණ යුගයේ සිට වත්මන දක්වාම මෙබ`දු නිර්මාණයන්ගෙන් පිරී පවතින්නකි. මේ පිළිබ`ද දක්වාලිය හැකි කදිම ප‍්‍රකට නිදසුනක් ලෙස බුදුගුණාලංකාරයේ රචිත දෙවියන් පිළිබ`ද කෙරෙන විස්තරය පෙන්වා දිය හැකිය. එහිදී ඒ ඒ දෙවියන් සතු ගුණයන් උපහාසයෙන් යුතුව හාස්‍ය ඉස්මතුවන අයුරෙන් දක්වා ඇත. ගිනි දෙවියන්ට පූජා කිරීම එතරම් උතුම් දෙයක් නම් මෙලොව කාන්තාවන් තවමත් ලෙඩින්, දුකින් පසුවන්නේ කවර හෙයින් දැයි කවියා ප‍්‍රශ්න කරන්නේ, ඊටම උචිත බසකිනි. සදය උපහාසය මගින් හාස්‍යෝත්පාදනය කරමිනි. ‘‘ගිනිදෙවියා කැමති- ගෙයි ගෙයි තබා කර රුති නොනිවා රකින නිති- මෙලොව ගෑනුදු දැනි`දු ලෙඩවෙති’’ 3 කරුණා රසය ‘ශෝක’ යන ස්ථායී භාවය පදනම් කොටගෙන කරුණ රසය පහළවේ. යම් අනුභූතියක් නිසා සහෘදයා තුළ අනුකම්පාව උපදීනම් ඒ කරුණාවයි. ‘‘එය ශාප වැටීම, දුක් කරදර පත්වීම, පි‍්‍රය විප‍්‍රයොගය, වස්තු විනාශය, මරණ, හිරේ වැටීම්, උපද්‍රවයන් විසින් පහරනු ලැබීම, විපත් ළ`ගාවීම ආදී විභාවවලින් උපදී.’’ තවදුරටත් පැවසිය හැක්කේ යම් නිරිමාණයක් රස වි`දින සහෘද සිතෙහි ශෝකාත්මක හැ`ගීමක් පහළවන්නේ නම් එය කරුණ රසයෙන් යුක්ත නිමවුමකැයි පෙන්වා දිය හැකි බවයි. එසේම මෙම රසය ශෘංගාර රසයේ යම් යම් ප‍්‍රභෙදයන් හා යම්තරමක් සමගාමීව යන්නකි. සිදුහත් කුමරු නැති සොවින් හ`ඩන යසෝදරාවගේ සිතෙහි ස්වභාවය කවියා මවන්නේ සහෘද සිත කරුණ රසයෙන් පුරවාලමිනි. මෙහිදී යසෝදරාව අලම්භන විභාවය වී ඇයගේ හැ`ඞීම අනුභාව ලෙස පාඨක හෘදය කම්පනය කරයි. ‘‘තෙමා වැටේ මගෙ සලූ පිළි නෙත් පුරවා අමා රසක් වැනි හිමි ස`ද සිහි වෙනවා දමා කුමරු වැඩියා මට සිහිවෙනවා මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා’’ ඇසූ පමණින් මවකගේ සෙනහස පිළිබ`දවත්, දරු වියෝගය මවකට දරාගත නොහැකි අයුරුත් පෙන්වන කතාවකි, වෙස්සන්තර ජාතකය. පුරාණ වෙස්සන්තර කාව්‍ය ඒ ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. එහි එන පහත කව මවක් නම් කෙතරම් දයාර්ද කෙනෙකුදැයි අපට කියාපාන්නේ කරුණ රසය සිත්හි මනාව ඇති කරමිණි. මෙහිදී මන්ද්‍රි දේවිය ආලම්බන විභාවය වෙයි. ඇය හ`ඩ හ`ඩා තම දරුවන් සොයමින් කරන අ`ඩගෑම ආනුභාව වෙයි. ඒ කව මෙසේය. ‘‘තනේ කිරි දිදී ඇතිකළ දෙදරු වනේ වනේ වනේ පලවැල ගෙන රැුකි මෙ වනේ දැනේ දැනේ කෙළ කෙළ උන්නා මෙ වනේ අනේ අනේ ¥ ක‍්‍රිෂ්ණාජිනා වුනේ’’ 4 රෞද්‍ර රසය විභාව, අනුභාවවලින් සුපෝෂිතව ක්‍රෝධ නමැති ස්ථායීභාවය උද්දීපනය වීමෙන් රෞද්‍ර රසය පහළවේ. සිතෙහි කෝපයක් ඇතිකිරීමෙහි සමත් නිර්මාණ මෙම රසය උපදවයි. ‘‘මෙහි විභාව නම් පැහැර ගැනීම්, අවි අමෝරාගෙන සිටීම, උඩ`ගු කමින් හිස ඔසවාගෙන සිටීම, පොළොවට පහරදීම, දිවුරීම, බන්ධනගත කිරීම, බලහත්කාරකම ආදියයි. තොල් සපා ගැනීම, කම්පනය, රවා බැලීම, දහදිය ගැලීම, නයනරාගය ආදිය අනුභාවද, උග‍්‍රතතාව, කෝපය, මත්බව, නැවත සිහිකරීම, චපල බව, ඊර්ෂ්‍යාව, කෲරබව ව්‍යභිචාරීභාවද වෙයි.’’ කෝපය නැතහොත් රුදුරු බවක් ඇතිකරවීමට සමත් කාව්‍යවල මෙකී රසය ඇත. පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන පහත කවිය අප සිත්හි ඇතිකරන්නේ එම රසයයි. ‘‘දෑත බැම්මට බැ`දි රළුකම් බලවත් බූත පිසස් මෙන් ගුණයක් නොමදත් බීත වෙසින් මරුවෙකු මෙන් ගුගුරත් ජූතකයගෙ හැටි අසනුය පියකැත්’’ 5 වීර රසය මෙම රසය උත්සහාය අත්මකොට උපදින්නකි. ‘‘එය සිහි මුලා නොවීම, උට්ඨාන වීර්ය, උපායෙහි දක්‍ෂ බව. විනය, බලය, පරාක‍්‍රමය, ශක්තිය, ප‍්‍රතාපය, ප‍්‍රභාවය ආදී විභාවයන්ගෙන් උපදී.’’ මෙම විභාවාදීන්ගෙන් පෝෂණය වූ උත්සහය වීර රසය උපදවයි. මෙහිදී එම රසය ඉපදවීමට අලම්බනය වන වීරයෝ සතර දෙනෙකි. එනම් දානවීර, ධර්මවීර, යුද්ධවීර, දයාවීර යනුවෙනි. මෙබ`දු වූ වීර රසය පහළ කරන විශේෂ ග‍්‍රන්ථයන් ලෙස ප‍්‍රශස්ති කාව්‍යවලට හිමිව්න්නේ ප‍්‍රමුඛස්ථානයකි. පැරකුම්බා රජු පිළිබ`ද කරන පැරකුම්බා සිරිත කෘතියේ එන නිදසුනකි මේ. එහිදී පැරකුම් රජුගේ වීරත්වය හා ගුණ නැණ අපරිමිත බව පසක් කරවමින් වීර රසයක් ජනිත කරවයි. ‘‘ගජපති හයපති නරපති රජුනෙඩි මැඩ ගත් කටාර බුජබල යස වතුරු උතුරු කළ සක් වළිනුත් පිටාර රජනිය මුනි බණ වියරණ නව් නළු සරසවි කොටාර වජඹි මෙ රජ තුති පුවතර කපට රාජතුරු කටාර’’ 6 භයානක රසය මෙය ‘භය’ යන ස්ථායීභාවය මූලික කොට පහළ වන්නකි. සාහිත්‍ය ලෝකයෙහිදී මෙහි කිසියම් ළගන්නා සුලූ ස්වභාවයක් දක්නට ලැබේ. එහිදී බිය සිත පිනවන මානසික තත්වයක් බවට පත්වෙයි. භයානක රසය වන්නේ එයයි. ‘‘එය විකෘත වූ ශබ්ද, යක්‍ෂ ප්‍රෙත පිශාචයන් හා අවතාර හොල්මන් දැකීම, සිවලූන් හා බකමූණන් මුරගෑමෙන් හට ගන්නා ත‍්‍රාසය හා උද්වේගය , හිස් ගෙවලට හා වනාන්තරයන්ට පැමිණීම... ආදී විභාවයන්ගෙන් උපදී.’’ යනුවෙන් භරත මුනි දක්වා ඇත. බුදුගුණාලංකාරයේ එන දුර්භික්‍ෂයෙන් විනාශ වූ විසාලා නගරය පිළිබ`ද කෙරෙන විස්තරය මෙම රසය සහෘද සිතේ මවන කදිම නිදසුනක් සේ දැක්විය හැකිය. ‘‘දොර දොර මිනී බෙර- ගෙයි ගෙයි හ`ඩය බියකර පිළ පිළ අදින මර- දුගී ගිලනුන්ගෙ නැතවසර’’ මෙහි නගරය වූකලී විභාවයයි. එහි ස්වභාවය කීමෙන් අප තුළ සිහිවන්නේ අමු සොහොනක ස්වභාවයයි. මිනී බෙර ආදිය අනුභාව වෙයි. මර අදින ගිලනුන්ගේ හ`ඩ මගින් මෙම තත්වය තව තවත් තීව‍්‍ර වී භයානක රසය උපදී. 7 බීභත්ස්‍ය රසය ‘ජුගුප්සා’ යන ස්ථායී භාවය කරණ කොට උපදී. ජුගුප්සාව යනු පිළිකුළද ඉක්මවා ගිය මනෝ භාවයකි. එය නාට්‍ය ශාස්ත‍්‍රයේ දැක්වෙන අයුරු සුචරිත ගම්ලත් මහතා මෙසේ දක්වයි. ‘‘එය අහෘදය අප‍්‍රිය දෙයින් වැකුණු අනිෂ්ට දේවල් ඇසීම, දැකීම, කීම යනාදී විභාවවලින් උපදී.... අපස්මාර, උද්වේග, ආවේග, මෝහ ... ආදිය එහි ව්‍යභිචාරීභාවයයෝ වෙති.’’ එසේම කිසියම් පුද්ගලයෙකුගේ හෝ කිසියම් වස්තුවක හෝ යම් ස්ථානයක හෝ කිසියම් සංකල්පයක හෝ පිළිකුල් සහගත බව ප‍්‍රකට වන නිර්මාණයකින් මෙම රසය ඇතිකරලීමට හැකිය. මෙහි තවත් විශේෂත්වයක් නම් යම් පුද්ගලයකුගේ පිළිකුල් සහගත චරිත ලක්‍ෂණාදිය මගින්ද රසය ඉස්මතු කිරීමට ඇති හැකියාවයි. ගුත්තිල කාව්‍යයේ දෙව්දතුන් පිළිබ`ද කරන විස්තරය එබ`දු පුද්ගල වැනුමකි. විසාලා මහනුවර තුන්බිය ඇතිවූ අවස්ථාවේ එහි පැවති ස්වභාවය ගැන කරන මේ විස්තරය තුළින් බීභත්ස්‍ය රසය රසය සිත්හි ජනිත වන්නේය. විසාලා මහනුවර බැලීමට පවා අපහසුය. කුණුවී ගිය මිනීවලින් පිරී ඇත. එහි ඇති අප‍්‍රසන්න ස්වභාවය අපට දැඩි අපුලක් ඇති කරයි. ඒ මෙසේය. ‘‘ගොඩ ගොඩ ඇට සැකිලි- තැන තැන තිබූ බලි බිලි මග මග රෙදි වැරලි- එපුර හැමතැන බලත් පිළිකුළි’’ 8 අද්භූත රසය මෙහි ස්ථායී භාවය විස්මයයි. එහි විභාවයන් භරතමුනි මෙසේ දක්වයි. ‘‘එය දෙවියන් දැක්ම, පැතුම් හා මනදොළ සපිරීම, උයන් දෙවොල් ආදියට යාම, සභා නම් විචිත‍්‍ර මන්දිර විශේෂය, විමාන, මායා, ඉන්ද්‍රජාලා ආදී විභාවයන්ගෙන් උපදී.’’ මෙහිදී සාමාන්‍යයෙන් ලෝකයේ පැවැත්ම පරදි සිදු නොවන සිද්ධි ආදිය සැබෑවන අයුරින් දැක්වීම සිදු වී තිබීම වැදගත්ය. සහෘදයාගේ විශ්වසනීයත්වය රැුකෙන අයුරින් පෙන්වන ලද පුද්ගල, වස්තු ආදියේ වර්ණනා මෙහිදී අද්භූත රසයක් පාඨක සිතේ ජනිත කරවයි. ගුත්තිල කාව්‍යයේ දක්වා ඇති එම ඇදුරාගේ වෙණ නාදය නිසා පරිසරයේ වෙන වෙනස්වීමත්, සුර`ගනන් ර`ග මඩලට බැස කරන රංගනයත් පිළිබ`ද කරන විස්තරය මීට කදිම නිදසුනකි. මෙහිදී සත්‍ය වූවක් සේ මෙම සිදුවීම දක්වා තිබීම මගින් පාඨක සිතේ විස්මය ජනිත කරවීමට කතුවරයා සමත් වී තිබේ. ‘‘පටන් සුරි`දු දුන් උපදෙස් සිහිකොට ඉටන් බෙලෙන් දැමුවේන ගුලි අහසට තුටන් වඩන සුර අ`ගනෝ බැස සිට පටන් ගත්තු නව සියයක් නැටුමට රූ රැුසේ අ`දිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුර ළ`දුන් දුන් ර`ග සොබා’’ 9 ශාන්ත රසය මෙහි ස්ථායී භාවය ලෙස ‘ශම’ සැලකේ. ආගමික දර්ශනයක්, ආධ්‍යාත්මික ගුණයක් හෝ ශාන්ත ගුණයෙන් හෙබි පුද්ගලයෙකු අරබයා උපදින රසය මෙයින් අදහස් කෙරේ. ‘‘ලෝකයෙහි නිඃසාරත්වය දැනගැනීම් ආදිය මෙහි ආලම්බන විභාවද, පුණ්‍යාශ‍්‍රම, හරික්‍ෂේත‍්‍ර, තීර්ථාදීන් උද්දීපන විභාවද, රෝමඤ්ච, ප‍්‍රව‍්‍රජ්‍යාදීන් අනුභාවද, නිර්වේද, හර්ෂ, ස්මරණ, මති ආදීන් ව්‍යභිචාරී භාවද වන බව විශ්වනාථ පවසයි.’’ සාහිත්‍යයේදී මෛතී‍්‍ර, දයා, ප‍්‍රීති ආදී කරුණු ඇති කල්හි මෙම රසය ඉස්මතුවනු දැකිය හැකිය. එසේම එය නිරහංකාරත්වයෙන් සිද්ධ වන බැවින් දයා වීරාදියෙන් වියුක්ත වූවක් කොට සලකනු ලබයි. නිදසුන් ලෙස සැළලිහිණි සංදේශයේ එන පහත කව දැක්විය හැකිය. ‘‘මනහර නා මෙනවියනි‘`ද ළ වැලි පිට ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට කන හෙව කියන බුදු ගුණ ගී මියුරු කොට සැනහෙව කැලණි ග`ග බඩ මද කලක් සිට’’ සැළලිහිණියාට දක්වන මෙම සුන්දර පරිසරය කවියා අතිශය සංයමයෙන් ව්ස්තර කරන්නේ නිවී සැනහෙන ආකාරයෙනි. සුන්දර ග`ගබඩ වැලිතලාවේ නාග කන්‍යාවෝ වීණා වැයීම ශෘංගාරය උපදවන්නකි. එහෙත් කවියා එයින් ශාන්ත රසයක් ජනිත කරවන්නේ ඔවුන් ලවා බුදු ගුණ වැයීමට, ගැයීමට සැලැස්වීමෙනි. එය සිතට නංවන්නේ අපූරු සැනසුමකි. ශාන්ත රසයෙකි. 10 වත්සල රසය වත්සල යනු ස්නේහවත් බවයි. ආගම් භක්තිය, ස්වදේශානුරාගය, බන්ධුපේ‍්‍රම ආදිය මගින් මෙම රසය ඉසුමතු කළ හැකිය. මෙහි ස්ථායී භාවය නම් සේනේහ වෙයි. එනම් පි‍්‍රයතාවයෙන් යුත් රතියයි. පුත‍්‍ර, කනිෂ්ඨ, භාතෘ ආදීහු ආලම්බනයෝය. විද්‍යා- ශෞර්යාදී වු ඔවුන්ගේ ක‍්‍රියා උද්දීපනය. ආලිංගන, ස්පර්ශ, සිප වැළ`දීම්, තුටු ක`දුළු ආදිය මෙහි අනුභාව වෙයි. සැක, සතුට, ගෞරවාදිය ව්‍යභිචාරී භාවයන්ය. කාව්‍යශේඛරයේ එන සේනක කුමරුගේ ස්වභාවය විස්තර කරන පහත පද්‍ය නිදසුනකි. ‘‘දත් කැකුළු පාලා- සුරතල් සිනා සිිිීලා බොළ`ද බස් දීලා- කෙලී සියොළ`ග ¥ලි ගාලා’’ 11 භක්ති රසය මෙය ගෞරව යන ස්ථායී භාවය කරණ කොටගෙන පහළ වන්නක් යැයි සැලකේ. විශේෂයෙන් පෙරදිග ආගමික හා සාහිත්‍ය සම්ප‍්‍රදායන් තුළ මේ කරුණ දැකිය හැකිය. පුද්ගලයකු හො දෙයක්, ස්ථානයක් පිළිබ`ද වර්ණනය මගින් මෙම රසය සිත්හි පහළ කළ හැකිය. බෞද්ධයන් තුළ නම් තෙරුවන් පිළිබ`ද හැ`ගීම්, ශ‍්‍රද්ධාව, භක්තිය ඇතිවන්නේ නම් ඒ භක්තිය රසය වූ අවස්ථාවකි. දළදා හිමියන් පිළිබ`ද සැළලිහිණි සන්දේශයේ දක්නට ලැබෙන පහත ස`දහන් කව භක්ති රසය දනවන්නකි. ‘‘ලොව විහිදා සුදු පැහැ ස`ද රැුසෙව් සැදී දෙන නොමදා සිරිස`ගමොක් සැප නිසැදී ලද මුනිදා දම්ක`ද පහස මන බැ`දී ව`දු දළදා හිමි තෙමහල් පහය රැු`දී’’ මීට අමතරව නිර්වේද නම් ස්ථායී භාවයෙන් හටගන්නා ලොවුතුරු රසයක්ද දක්වා ඇත. එය බහුලව දැකිය හැකිවනුයේ වර්තමා නිර්මාණයන්හිය. ලෝකස්වාභාවය ඉක්මවා ගිය ගුණයක් මෙන්ම දාර්ශනික ස්වභාවයක්ද මේ නිර්මාණ තුළ දැකිය හැකිය. තවත් රස කිහිපයක්ම නුවළු, හා කුහුලූරු ආදී වශයෙන් පසුකාලීන විචාරකයින් දක්වතත් ඒවා උක්ත ප‍්‍රධාන අංගයන්හිම අනුප‍්‍රභේද සේ දියුණු වූවාසේ සැලකීම වඩා උචිතය. රසවාදයේ දැක්වෙන පරිදි නිර්මාණ කරුවාගේ පරම අභිලාසය විය යුත්තේ තම නිමැවුම මගින් රසය ජනිත කිරීමයි. ඒ ස`දහා ඒ ස`දහා විභාව, අනුභාව හා ව්‍යභිචාරී භාවයන්ගේ මනා සංයෝගයක් තිබීම ඉතා වැදගත් කොට සැලකේ. රස හා එය පහළ වන අයුරු යටදී විස්තර කළෙමු. ඉනික්බිති උක්ත කරුණු මනාව සංයෝජනය නොවීමෙන් සිදුවන රස භාසය පිළිබ`ද විස්තරය මගින් කවක් නම් කෙසේ විය යුතුදැයි යන්න පැහැදිලි කළෙමු. භරතමුනි සිය ග‍්‍රන්ථයේදී මූලික රස අටක් පිළිබ`දව විස්තර කොට ඇතත්, ඒවායේ ප‍්‍රමාණයක් ගැන නිශ්චිතව කිව නොහැකි බව පෙනේ. එය නවනළු රසය ඉක්මවා ගිය සෙයක් නූතනය වන විට අපට දැකිය හැකිය. මේ පිළිබ`ද විමසීමේදී විශේෂයෙන් පැරණි පද්‍ය කෘති රචනා කොට ඇත්තේ මේ රසයන්ට අනුකූලව බව පෙනේ. එසේම සාහිත්‍ය කෘතියක් මේ රසයන් ජනිත නොකරන්නේ නම් සහෘදයෙකු බිහිවීමත්, තත් සාහිත්‍ය සර්වකාලීනව ජනතාව අතර පැවතීමත් සිදු නොවන තරම්යැයි කිවමනාය. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය 1ග අබේසිරිවර්ධන, ආනන්ද, රසාස්වාදය හා චමත්කාරය, සම්භාව්‍ය ප‍්‍රකාශන, කැලණිය, 1993 ප‍්‍ර.මු. 2ග ඉන්දික සම්පත්, බිහේෂ හෙ.ව, අලංකාර විනෝදනී, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10, 2006 ප‍්‍ර.මු. 3ග කරුණාරත්න, අශෝක, සාහිත්‍ය විවේචන, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10, 2004 මු. 4ග ගම්ලත් සුචරිත, කලාව හා විඤ්ඤාණවාදය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10, 1996 ප‍්‍ර.මු. 5ග ගම්ලත් සුචරිත, නාට්‍ය ශාස්ත‍්‍රයේ රසවාදය, රත්න පොත් ප‍්‍රකාශකයෝ, කොළඹ-10,1970 ප‍්‍ර.මු. 6ග ගම්ලත් සුචරිත, රසවාද විවරණය, ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්පයේ මුද්‍රණාංකන මණ්ඩලය, 1974 7ග ගුණරත්න, ඇල්, පුරාතන හා නූතන පද්‍ය සාහිත්‍ය විචාරය, රත්න පොත් ප‍්‍රකාශකයෝ, කොළඹ-10 8ග පියතිස්ස හිමි, දෙනගම, කාව්‍ය රසය හා භාෂාව, ගුණසේන සහ සමාගම, 1961 ප‍්‍ර.මු. 9ග මහානාම හිමි, බඹරැුන්දේ, කාව්‍ය විචාර දර්ශන, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10,1981 10ග විජේවර්ධන හේමපාල, සංස්කෘත කාව්‍ය විචාර මූලධර්ම, ගුණසේන සහ සමාගම, 1967 ප‍්‍ර.මු. 11ග සිංගල් ආර්. එල්, ඇරිස්ටෝටල් හා භරත, පරි:සුරවීර, ඒ.වී, සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ,2001 ප‍්‍ර.මු. 12ග කව්සිළුමිණ, සංස්: සෝරත හිමි, වැලිවිටියේ, අභය ප‍්‍රකාශකයෝ, ගල්කිස්ස, 1966 තෙ.මු. 13ග කාව්‍යශේඛරය, සංස්: ධර්මකීර්ති හිමි, රත්මලානේ, කැලණිය,1935 14ග කුස ජාතක කාව්‍ය, සංස්, ඤාණවිමල හිමි කිරිඇල්ලේ, ඇම්.ඞී, ගුණසේන සහ සමාගම, කොළඹ-7, 1961 15ග ගුත්තිල කාව්‍ය, සංස්: ගුණවර්ධන, වී.ඞී.එස්, සමයවර්ධන පොත්හල, කොළඹ-10, 1997 ප‍්‍ර.මු. 16ග පැරකුම්බා සිරිත, සංස්: පරණවිතාන රෝහිණී, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, 1997 ප‍්‍ර.මු. 17ග පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය, සංස්: ගම්ලත් සුචරිත, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10, 1990 ප‍්‍ර.මු. 18ග බුදුගුණාලංකාරය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, 1978 19ග යශෝදරාවත, සංස්: සුචරිත ගම්ලත්, ඊ.පී. විකම‍්‍රසිංහ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10,1995 20ග සැළලිහිණි සන්දේශය, සංස්: සේනානායක, ජී.එස්.බී, අනුල මුද්‍රණාලය, කොළඹ-10, 1972 ස`ගරා 21ග විද්‍යාසූදනී, සංස්: විමලජෝති හිමි, විලඔයේ ඇතුළු පිරිස, ලන්ඩන් බෞද්ධ විහාර ප‍්‍රකාශන, 2003 ප‍්‍ර.මු. 22ග ශාස්ත‍්‍රීය ලේඛන සංග‍්‍රහය, සම්පාදක: පෙරේරා, ආරියදාස, එච්,ගුණසේන සහ සමාගම,1968 ප‍්‍ර.මු.