UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සද්ධර්මරතනාවලිය දැනගතයුතු මූලික කරුණු2

Wednesday, December 11, 2013

සද්ධර්මරතනාවලිය දැනගතයුතු මූලික කරුණු2

සද්ධර්මරතනාවලිය දැනගතයුතු මූලික කරුණු (මෙහිදී අපි ශිෂ්‍යයන්ට විචාර ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහසු වනු පිණිස බොහෝ උධෘත පාඨ නියමිත කථා වස්තු දෙකෙන්ම ගෙනහැර දක්වමු* කතුවරයා සිංහල සාහිත්‍ය නැමැති රත්නාකරයෙහි අතිශය දීප්තියෙන් බබළන මාණික්‍යයක් වැනි වූ සද්ධර්මරත්නාවලිය නමැති මාහැඟි ග‍්‍රන්ථයෙහි කතුවරයා පිළිබඳ සඳහනක් එම ග‍්‍රන්ථය අවසානයෙහි එන ගාථාවක දක්නට ලැබේ. එම ගාථාව මෙසේය. ”සද්ධම්මට්ඨිති මිච්ඡුන්තෝ - ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං - සද්ධම්මරතනාවලි” (සද්ධර්මයෙහි බොහෝකල් පැවැත්ම නැමැති ධර්මසේන නම් හිමියන් විසින් මේ උතුම් සද්ධර්මරත්නාවලිය රචනා කරන ලදි* සිංහල සාහිත්‍යාරම්බරයට දිදුළන තාරුකා වැනි ගද්‍ය ග‍්‍රන්ථ රැුසක් එක් වූයේ පොළොන්නරු, දඹදෙණි යුගවල දීය. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය වැනි ග‍්‍රන්ථ එයට කදිම සාක්‍ෂිකොට දැක්විය හැක. සද්ධර්මරත්නාවලිය දඹදෙණි යුගයට අයත් කෘතියක් ලෙස පිළිගැනෙන නිසා ධර්මසේන හිමියන්ද එම කාලයෙහිම විසූ බව පිළිගැනීමට සිදු වේ. උන්වහන්සේ පිළිබඳ හරිහැටි තොරතුරු සොයාගත නොහැකි නිසා ඇතමෙක් උන්වහන්සේ දඹදෙණි යුගයට පෙර විසුවෙකු බව පවසති. නිකාය සංග‍්‍රහය නමැති ග‍්‍රන්තයේ ධර්මසේන නමින් පැරණි පඬිවරයෙකු විසූ බව සඳහන්වේ. බොහෝ විචාරකයෝ එහි සඳහන් ධර්මසේන නාමය සද්ධර්මරත්නාවලිකාර ධර්මසේන හිමියන්ගේ බව පිළිගනිති. ඒ් හැරුනුකොට උන්වහන්සේ ගැන තොරතුරු සොයාගත හැකි අන් සටහනක් දෙජස ඒ සද්ධර්මරතනාවලිය පමණකි. නමුත් එහි උන්වහන්සේ විසූ තැනක් හෝ වෙනත් පෞද්ගලික තොරතුරක් සටහන් කර නැත. නමුත් සද්ධර්මරත්නාවලිය කියවා හෝ අසා ධර්මදේන හිමියන් හඳුනා ගැනීම අපහසු නැත. උන්වහන්සේ රජ සිටු මැති ඇමතින්ගේ වන්දි භට්ටකයෙකු නොවු බවත් සරළ චාම් ජීවිතයක් ගතකරමින් ගැමියන් සමඟ දුක සැප බෙදා හදා ගනිමින් ජීවත් වූ කරුණාවෙන් බරිත හදවතක් ඇති තෙර කෙනෙකු වූ බවත් සද්ධර්මරථනාවලිය රස විදින්නෙකුට නම් ඉදුරාම කිව හැකිය. මාටින් වික‍්‍රමසිංහ මහතා ධර්මදේන හිමියන් පිළිබඳව මෙසේ පවසා ඇත. ”සද්ධර්මරත්නාවලිකාර ධර්මසේන ස්ථවිරයෝ ගැමියන් අතරට බැස ඔවුන් හා එක්ව දොඩමින් සිනාසෙමින් දිවිපෙවත හිසින් ගත් බරක් මෙන් නොව හිස සරසනාවක් මෙන් සලකමින් ජීවත් වූ ප‍්‍රියවාදියෙකි” ග‍්‍රන්ථ නාමය සද්ධර්ම ූ රත්න ූ ආවලිය යනුවෙන් පද වෙන් කර ගත් කල්හි ග‍්‍රන්ථ නාමයෙහි අර්ථය වටහා ගැනීම පහසුවේ. බුදු මුවින් පිට වූ දේශනාවන් ”සද්ධර්මය” නමින් හඳුන්වයි. ”රත්න” යනු මැණික් වලට නමකි. ”ආවලි” යන්නෙහි ”වැල” යන අදහස ඇත. ඒ අනුව සද්ධර්ම නැමිති මාණික්‍යයන් රකට අමුණා සකස්කළ වැල” යන අදහස සද්ධර්ම රත්නාවලිය නම් ග‍්‍රන්ධ නාමය තුල ගැබි වී ඇත. අරමුණ තමන් සද්ධර්මරතනාවලිය රචනා කරන්්නේ කුමන අරමුණක් ඇතිවද යන වග ධර්මසේන හිමියෝ ග‍්‍රන්ථාරම්භයේසීම මෙසේ දක්වති. ”එසේ හෙයින් යම් කෙනෙක් නුුවණ මදවත් කුසලච්චන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්ත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් ප‍්‍රබන්ධය කරම්හ” මේ අනුව පැහැදිලි වන්නේ නුවණමද වූවත් කුසල් කිරීමේ කැමැති ඇති සත්පුරුෂයන්ට යහපතක් සිදු කිරීම අරමුණු කොට ගෙන සද්ධර්මරතනාවලිය රචනා කර ඇති බටයි. තම පරමාර්ථය මුදුන් පමුණුවා ගිනීමට ධර්මසේන හිමියන් හැමවිටම උත්සහ කළ බව සද්ධර්ම රත්නාවලිය කියවන විට මනාව පැහැදිලිවේ. ආශ‍්‍රිත ග‍්‍රන්ථ ක‍්‍රි.ව. 5 වන සියවසේදී දඹදිවින් ලංකාවට වැඩම කර හෙළ බසින් තිබූ අටුවා සකස් කොට හෙළ (පාලි* බසට පෙරලූ බුද්ධගෝෂ හිමියන් විසින් ධම්ම පදය නම් වූ බෞද්ධයාගේ හස්ථ සාරධර්ම සංග‍්‍රහයට කරන ලද අගනා අටුවාව ධම්මපදට්ඨ කථාව නම්වේ. ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේදී ධම්මපදට්ඨ කථාව ලගින් අඇසුරු කලද එහි එන කථා එලෙසම සිංහලයට පරිවර්තනය කිරීමට උත්සහදරා නැත. කොටින්ම කිව හොත් සද්ධර්මරතනාවලිය යනු ධම්මපට්ඨ කථාවේ පදානුවාදයක් නොව ජායානු වාදයකි. සද්ධර්ම රත්නාවලියේම එන ”පාලි ක‍්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කළාවූ මෙම ප‍්‍රබන්ධයෙහි” යන සඳහනින් ඒ බව වඩාලාම තහවුරු වේ. ඉන්දීය සම්භවයක් ඇති ධම්මපදට්ඨ කථාවෙහි ආ කථා ලක්වැසි සාමාන්‍ය ජනයාට ඔබින ලෙස රසගන්වා කීමට ධර්මසේන හිමියන් දැරූ උත්සහය සාර්ථක වී ඇත. ධම්මපදට්ඨ කථාව හැරුණු විට තවත් ග‍්‍රන්ථ කිහිපයක්ම සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේදී දම්සෙන් හිමියෝ උපයෝගි කොට ගත්හ. මිලින්ද පඤ්භය, සුමංගලවිලාසිනි නම් වූ දීඝනිකාය අට්ඨකථාව, බුද්ධ වංශ පාළිය වැනි ග‍්‍රන්ථයෝ ඒ අතර ප‍්‍රධාන වෙත්. ඒ හැරුණු කොට ජාතක කථාද අවස්ධායෝචිත ලෙස සිහිපත් කරන ධර්මසේන හිමියෝ ඇතැමි ජාතක කථාවක එන සිදුවීමක් ද කෙටියෙන් විස්තර කර දක්වති. (අන්තර්ගතය* තම ග‍්‍රන්තයෙහි කථා වස්තු තුන්සියයක් පමණ ඇතුලත් වන බව කතෘවරයා පවසයිි. ඇස පහරනා රුජාවෙන් වන දුක් නොසැලකූ චක්ඛූපාල මහතෙරුන්ගේ වස්තුවෙහි පටන් නිවන් මහත්ව සිටිනා තුන්සියයක් වත් නැමැති මඟුල් සැරහීමෙන් නිවන්පුර වදනවුන් අතර සැතපෙන්නට සද්ධර්ම රත්නාවලී නම් නැමැති ශාලාව සරහමු. සද්ධර්මරත්නාවලිය ආරම්භයේදී ධර්මසේන හිමියෝ තම අරමුණ දැක්වීම ආදී මුලික ඉන්පසුව අප බෝසතාණන් වහන්සේ සුමේධ තාපස නමින් ඉපිද දීපංකර බුදුරදුන් අභියස දී නියත විවරණ ගත් ආත්මයේ සිට බෝසත් චරිතය ද අනතුරුව බුද්ධ චරිතයද කෙටියෙන් ගෙනහැර දක්වයි. ධර්මසේන හිමියන් කථාවස්තු ගෙනහැර දක්වන්නේ එතැන් සිටය. කථාවස්තු දැක්වීමෙන් පසු ග‍්‍රන්ථ අවසානයේදී, x මංගල සූත‍්‍ර අටුවා ආදී වූ කථාන්දරය x බුද්ධ වංශ දේශනාව x අනාගතවංශ දේශනාව යන මේවා ගෙනහැර දක්වා ග‍්‍රන්ථය නිමාවට පත්කරයි. කථා ක‍්‍රමය සද්ධර්මරත්නාවලියට රවනා වූ අමාවතුර, බුත්සරණ, දහමි සරණ, සඟ සරණ වැනි ගද්‍ය ග‍්‍රන්ථයන්හි ආ කථා ක‍්‍රමයට වඩා වෙනස් මඟක් ගත් සුවිශේෂි කථා ක‍්‍රමයෙහි පෙනෙන විශේෂතා විද්‍යාථීර්ගේ ප‍්‍රත්‍යාවබෝධය සලකා මෙසේ ගෙනහැර දක්වමි. ආරම්භයේදී සෑම කථාවකම පාහේ හරය හකුළුවා දැක්වීම. තවද කළ පින් ඇත්තවුන්ටත් අවසර ලත් අකුශලයාගේ වශයෙන් වන ආපද් දක්වනු නිසා පටාචාරා වහන්දෑගේ වස්තුව කියමු.” තවද මාලූවා ලිය වැළදි ගස්කොළවල වැඩියුරුවක් නැත්තා සේ තද මසුරුසිත් ඇත්තවුන් පිනට නොලැගෙන නියාව හඟවනු පිණිස මච්ජරිය කෝසිය සිටාණන්ගේ වස්තුව දක්වමු” කෙසේද යත් යන වැකිය භාවිතා කිරීම ඉහත දැක්වු ආකාරයට මුලදීම කථාසාරය දක්වන ධර්මසේන හිමියෝ අනතුරුව කථාව කීමට පටන් ගන්නේ ”කෙසේද යත්” යන අදහසිනි. එහි ”කෙසේදැයි කිවහොත් ” යන අදහස ගැබ්ව ඇත. පසුකාලයේදී ජාතක කථාකරුවා ද මෙම වැකිය බෙහෙවින් භාවිතයට ගෙන ඇති බව පෙනේ. ගාථා දැක්වීම කථාව කියන අතරතුරේදී සුදුසු අවස්ථාවක් බලා ඒ ඒ තැනට ගැළපෙන ගාථාවක් දැක්වීම ද උන්වහන්සේගේ කථා කලාවෙහි එක් අංගයකි. බොහෝවිට එම ගාථා ත‍්‍රිපිටක පාළියෙන් උපුටාගෙන ඇතිබව දැකගත හැක. ඔබට නියමිත කථාවස්තු දෙකෙහිම එලෙස ගාථා ඇතුලත්ව ඇත. දිගු කථා, කොටස් වශයෙන් දැක්වීම ඉතා දිගුකථා නිසා අසන/ කියවන /ශ‍්‍රාවකයා/ පාඨකයා වෙහෙසට පත්වෙයි. එහෙයින්දෝ ධර්මසේන හිමියෝ දින බණකථාවක් දුටු විට එය කොටස් දෙකකට කඩා ඉදිරිපත් කළහ. ඝෝෂක වස්තුවද ජටිල තෙරුන්ගේ වස්තුවද මෙයට නිදසුන් කොට දැක්විය හැකිය. කතාව අවසානයේදි ධර්මෝපදේශකයක් දීම සම්පූර්ණ කථාවෙහි හරය එක පිඩක් ලෙස කැටිකරගෙන ධර්මසේන හිමියෝ කථාව අවසානයේදි මසුරන් පරයන අවවාදයක් දෙයි. ”එහෙයින් ෂත්පුරුෂයන් විසින් අකුශලින් දුරුව කුසල්හි පිහිටා හැම දුකට මුල් වූ ජාති දුකම නසන්නට උත්සහ කටයුතු” පටාචාරා වහන්දෑගේ වස්තුව* එසේ හෙයින් නුවණ ඇත්තවුන් විසින් මසුරු සිත නම් දියෙහි හටගත් සෙවලක් මෙන් කසල් සිතට පිළිපන් හෙයින් කළ පිටින් සෙවෙල් ඉවත් කරන්නා සේ තදංග වශයෙන් වුවත් මසුරු සිත නැති කොට කුසල්හි යෙදී නිවන් අත්කටයුතු” (මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුව* බස් වහර හා රචනා ශෛලිය සද්ධර්මරත්නාවලිය උපයුක්ත බස් වහර හා රචනා ශෛලිය පිළිබඳව කතා කිරීමේදී පැතිකඩ කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමුකිරීමට සිදුවෙයි. සරල බව භාෂාවේ පැරණිකම නිසා පලින් පල හමුවන ඇතැම් වචන තේරුම් ගැනීමට දැන් අපට අපහසු වුවද එදා විසුවන්ට නමු සද්ධර්මරත්නාවලියෙහි එන සරල සිංහල භාෂාව ඉතා හොඳින් වැටහෙන්නට ඇත. සද්ධර්මරත්නාවලියෙහි බස සරල විය යුතුමය. ඒ මන්ද? කතුවරයාගේ අභිමතාර්ථය එනම් කුසල්කාමී සාමාන්‍ය ජනයා යහපතෙහි යෙදවීමට නම් ඔවුන්ට වැටහෙන බසින් බණ කීම අත්‍යවශ්‍ය වන බැවිනි. මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා” සිංහල සාහිත්‍ය” නම් වූ ස්වකීය ග‍්‍රන්ථයේදී මෙසේ පවසා ඇත. ”ධර්මසේන හිමියෝ ගොවි පෙවතින් කල් ගෙවූපොදු ජනතාව හා සමඟ සතුටු වෙති. ඔවුන් හා පිළිසඳර දොඩන නියාවෙන් කතා කියති” සැබවින්ම දම්සෙන් හිමියන් බණ කීවේ සරළ ගැමි බසකිනි. ධර්මසේන හිමියන් යනු ගැමි දිවිය ගැන පොත පතින් කායවා හෝ අන් අයගෙන් අසා හෝ අරහෙන් එකතු කරගත් දැනුමැත්තෙකු නොවේ. ගම නැමැති සරසවියෙන් අත්දැකීම් නැමැති උපාධිය ලැබූ වෙකි. එමෙන්ම ත‍්‍රිපිටකය හා වෙනත් ලෞකික ශාස්ත‍්‍රයන් පිළිබඳව හසල දැනුම ඇත්තෙකි. තමන් ලැබූ අත්දැකීම් මනහර වාග් සිතුවම් ලෙසින් පත්ඉරුමත චිත‍්‍රණය කළ ධර්මසේන හිමියන්ගේ සරල බස් වහරට දෙස් දෙන වාස ගම් කිහිපයක් සද්ධර්මරත්නාවලියේ උදුරාගෙනමෙසේ දක්වම්. ”සැවැත් නුවර සතලිස්කෙලක් විචර මස්තු ඇති සිටාණ කෙනෙකුන්ගේ දුවණි කෙනෙක් ඇක. මනහර රූ ධරති. උන් සොළෝස හැවිරිදි වයසේදී මිත්‍යාචාරයෙන් නවතනු නසා සත්මාල්පායේ උඩුමාලේ ශ‍්‍රී යහන් ගබඩාවක ලා රකිති” (පටාචාරා වහන්දෑගේ වස්තුව* ඉදින් කබලූ පුවක් කනු කැමැත්තෙමි කීම් නම් මා කැමති වූවා සේම බොහෝ දෙනත් කන්ට සිතා ගනිති. එසේ කලට මාගෙන් බොහෝ සාල් හා කිරි පැණි සකුරු ආදී වු බොහෝ දෙයට අළවි පෙනෙයි. මච්ජරීය කොසිය සිටාණන්ගේ වස්තුව ගලායන ස්වභාවය නිරවුල්ව යමක් කියන විට එය අසා සිටීමට රුචි ඇති වේ. යම් ප‍්‍රකාශයක් ව්‍යාකූල වුවහොත් එහි අර්ථය වටහා ගැනීමද උගහටය. රස විඳිමටද නොහැකිය, දිය දහරක් ගලා යන්නා සේ නිරවුල්ව ඇදි යන පරිදි ධර්මසේන හිමියෝද බස භාවිතා කළහ. ”ඉක්බිත්තෙන් ඇඹේණිියෝ හැඳබඩට ගොසින් පිට පිරිමැද පියා ” ඇ`ගට නුසුව කුමක්දැ’යි විචාළහ. ‘මට කිසිත් අපාසුවක් නැතැ’යි කී කග්හි රජ්ජුරුවන් වහන්සේගෙන් උදහසක් වූනියාදැ’යි විචාරා ‘ඒ කිසිත් නැතැ’යි කී කල්හි වූ නියදැ’යි විචාරා‘එසේත් නැතැ’යි කී කල්හි (මච්චරිය කෝසිය සිටාණන්ගේ වස්තුව* සමුණොත් කැටිව නික්මුණාවුය. මෙසේ එක්ව වසන කලට නොකල් නොවේලා කොටලා මහා වැසිසෙක් නැඟිය. ඒ වෙලාවටම පිටපිට හෙළා විදුලිය ගසන්නා සේ විලින් පහරනට වන ආස ගුගුරන්නාසේ හඬගසන්ටත් වන. වසන්නා වැසි බෝවා සේම ප‍්‍රසව දුකුත් බෝ විය. (පටාචාරා වහන්දෑගේ වස්තුව* කල් ගිය සෝ තවත් බඩදරු කෙනෙක් ඇති වූය. දෙවන වරෙහිද තමන් වදන අවස්ථාවේහිදී දෙමව්පියන් ළගට කැඳවාගෙන යන්ට පෙරැුත්ත කියා පියා උන් නොගිවිස්සා හෙයින් ආදි උපන් දරුවන් පයින් යන්ට අබල හෙයින් උනුත් වඩාගෙන බඩදරුවනුත් බඩින් හැරගෙන නික්මුණාහ. (පටාචාරා වහන්දෑගේ වස්තුව* කෙටි වැකකි භාවිතය ගද්‍ය රචනයක ප‍්‍රාණවත් බව හා ජංගම ස්භාවය ඇති කිරීමෙහිලා කෙටි වැකකි වලින් මහත් පිහිටක් ලැබේ. බස ප‍්‍රාණවත් කරන කෙටි වැකකි සද්ධර්මරත්නාවලිය පූරා පලින් පල වැටී තිබේ. ”ඒ වෙලාවටම පිට පිට හෙළා විදුලිය ගසන්නාසේ විළින් පහරනට වන. ආස ගුගුරන්නා සේ හඬගසන්ටත් වන. වසිනා වැස බෝවා සේම ප‍්‍රසව දුකත් බෝවිය. ශීත වඩා බලවත් හෙයින් ඇලි වැද‘ පියා විළිත් ලා ගත නොහෙමි. නොතෙමී වදාපියන තැනක් ඉදිකරව’යි කිවුය” දිගු වැකිි භාවිතය අවස්ථාවෝචිත ලෙස දිගු වැකි භාවිත කිරීමද දක්‍ෂ ලේඛකයෙකු සතු හැකියාවකි. පාඨකයා හෝ ශ‍්‍රාවකයා තුළ අර්ථ ව්‍යාකූලත්වය ඇති නොවන පරිදි දිගු වැළකි තුළ මනා සම්බන්ධතාවය ගොඩනඟා ගැනීමට ද ඹහු වගබලා ගත යුතුය. ධර්මසේන හිමියෝ සාර්ථකව දිගු වැකි භාවිතා කළ බවට සධක රැුසකි. ”බුදුහූ එක් දවසක් අලූයස් වේලෙහි මහකුලූණු සමවතික් නැඟී ගඳකිළියේ පටන් සක්වළ මුවවිට දක්වා නුවණදැල පතුරුවා නිවන් දක්වන්නට නිසි සත්ත්වයන් බලන සේක් සැවැත් නුවරට එක්සිය අසූගව්වකින් ඔබ්බෙහි වසන මච්චරිය කෝසිය සිටාණන්ගේ හා සිටුදුවණියන්ගේ හා සෝවාන් වීමට නිසි හේතුව දුටුසේක” ”පෙරාතු දවසකදී සිටාණෝ රජගෙට ගොසින් එන තෙනැත්තෝ එක් සාකුස් ඇති දනවු මිනිසෙකු කුම්මාසයක් පිරුණු කබලූූවක් කන්නවුන් දැක සම්පත් මහත් වුවත් අදහස කුඩා හෙයින් ඒ කබලූපූවෙහි රුචියක් ඇතිව ගෙන තමන්ගේ ගෙට ගොසින් ”ඉදින් කබලූපූවක් කනු කැමැත්තෙම් කීම් නම් මා කැමති වූවා සේම බොහෝ දෙනාත් කැමති වෙති” සංස්කෘතික වචන භාවිතා කිරීම ධර්මසේන හිමියෝ විශාල සංස්කෘතික වචන ප‍්‍රමාණයක් යොදාගෙන සිය රචනාවට තථෝර කිරීමට උත්සහ දරා නැත. අතරින්පතර වැටුණු සංස්කෘතික වදන්ද නැත්තේම නොවේ. නිකෘෂ්ට, සමෘර්ධ, තුන්පක්‍ෂය, ශෝකය, පර්ෂද්, රක්ෂා, පෘථග්ජන, දෝෂය, තෘෂ්ණාය, ශෝකදුඃඛය (පටාචාරා වහන්දෑගේ වස්තුව* විශාරද, සෘද්ධිමත්, ශක‍්‍රව, පාත‍්‍රයට, වෘත්තසන්නිශ‍්‍රිත (මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුව* උපහාරසෝද්දීපනය ධර්මසේන හිමියන් උපහාසය මිසක් අපහාසය අනුගමනය කළ බවක් නොපෙනේ. මාර්ටින් වික‍්‍රමසිංහයෝ සිංහල සාහිත්‍යයේ නැඟිම් නම් කෘතියේදී මෙසේ පවසති. ”ධර්මසේනහිමියන් කවටයෙකු බව සද්ධර්ම රත්නාවලියෙන් හෙලිවේ. තමා කවටයෙකු යැයි කියනු ලැබීම සමහර පඬිවරයෙකුගේ උපහාසයට හේතුවෙයි. ග‍්‍රාම්‍යතත්වයෙන් තොරවු හාස්‍යය රසය නිපැයීමෙහි හුරුබුහුටි ග‍්‍රන්ථකාරයෙ දුරලභ කවිත්වය ඇත්තෙකි.” සැබවින්ම ධර්සේන හිමියෝ උපහාසය ග‍්‍රාම්‍යත්වයෙන් තොරවූවකි. කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණන් නොයෙ¥වකි. මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුවේදී උපහාස්‍ය රසය ඇතිවන පරිද්දෙන් ධර්මසේන හිමියෝ මච්ඡුරිය කෝසිය සිටුවරයාගේ මසුරුකමෙහි මහත නිරූපනය කරති. සිටුවරයා විශාල පිරිසකට කැවුම් පිසීමට අකමැති වූ විට,”එසේ වී නම් මුඹගේ අඹුදරුවන් පමණකට සෑහෙන ලෙස පිසිම්දැයි ඇසූ සිටුදියණියට සිටුවරයා, ”සෙසු වුවමනා දවස් නැති හෙයින් ඈම උවමනාද? උන් හැම ඇයි දැයි ඇසුවේය” එවිට සිටු දියණිය, මුඹටත් මටත් අප දෙන්නා පමණකයට යමක් පිරිසයින් සාල් එක්නැලි මනාවක් විචර වන හෙයින් එපමණක් පියමෝදැයි” ඇසුවාය එවිට සිටුවරයා දුන්ත්‍වත්‍වත්‍වත්‍වගග ”තෙපි කා කුමක් කරාදැයිත්‍වත්‍වත්‍වත්‍වග” යන පිළිතුර පාඨක/ ශ‍්‍රාවකයන්ගේ හිතට සියුම් උපහාසාත්මක සිනාවක් නැඟීමට සමත් නොවන්නේද? ශබ්දරසය හා අර්ථ රසය උද්දීපනය කිරීම. ශබ්ද රසය හා අර්ථ රසය මනාව සකල්පකය වීම මීකිරට පැණි එකතු වීම සදිසිය. ඇතැම් ග‍්‍රන්ථ රචකයෝ ශබ්ද රසය උද්දීපනය කිරීමට ගොස් අර්ථ රසය නොසලකා ගත්හ. නමුත් ධර්මසේන හිමියෝ ශබ්ද රසය සංකල්පයෙහි බුහුටුවූහ. මේ බලන්න ”ඒ වෙලාවටම පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළිත් පහරන්නට වන. ආස ගුගුරන්නා සේ හඬගසන්නටත් වන. වස්නා වැසි බෝවා සේම ප‍්‍රසව දුකත් බෝ විය.” (පටාචාරා වහන්දෑගේ වස්තුව* සුවාසූ දහසක්දෙන කුණු මිනී බලා නුකුණු නිවන් දුටහ.” සිත කණ වුවත් ඇස් නොකණ හෙයින්” අවස්ථා හා චරිත නිරූපනය පුවත්පත් වාර්තාකරුවන් යම් සිදුවීම් හොඳින් නිරීක්ෂණය කර වාර්තා සපයන්නා මෙන් ධර්මසේන හිමියෝ ද ගැමියන් දෛනිකව දුටු සිදුවීම් හා ඇසුරු කළ චරිත විචිත‍්‍ර ලෙෂ නිරූපණය කළහ. උන්වහන්සේගේ රවන් නිරූපණ අවස්ථාවක් රස විදින්නෙකු නිරායාසයෙන්ම මනොලෝකකයට ඇදී යයි. ඇතැම් විට ඔහුට තමන් චිත‍්‍රපටයක් නොහොත් වේදිකා නාට්‍යයක් නරඹන්නේදැයි සිතන තරමට සමීපවෙයි. පහත නිදසුන පිරික්සන්න. ”සිටුදුවණියෝද දෙවන දවස් කිලිටු කඩරෙද්දක් සේම කිලූටු මිඬියන්ගේ ලෙසට ලිහිල් කොට හිසකේ බැඳගෙන ?දෙවරු වී පෑරියා සේ ඇඟ මුළුල්ලෙහි ධූලිගාගෙන ත්‍වත්‍වත්‍වත්‍වත්‍වත්‍වග ” පටාචාරා වහන්චෑගේ වස්තුව ඒ කපන සෝලමනට තුඹසින් නයෙක් අවුත්ලා දඬු කපන තැනැත්තවු කාපීය. එවේලෙහිම මරාලූ ගසෙක වැදගත් ගින්නක් මෙන් දෂ්ට මුඛයේ පටන් විෂය නැඟීලා ලේ ගුණය නැතිවලා ගත නිල්ව ගොසින් මිය වැටී ගියේය. (පටාචාරා වහන්දෑගේ වස්තුව* ”තණ අග ගලා තෙල් බින්දුවක් විතරකුත් අනුන්ට දීලත් නමු සිතට දුක් බලවත් හෙයිනුත් නෙලබන දුක්පතුන් සේම තමන් ප‍්‍රයෝජන විඳිනට නැති හෙයිනුත් දුක්පත්කම සමීපයට වඩා මහත.” උපමා හා පිරුළු භාවිතය සිංහල ගද්‍ය රචකයන් අතර ධර්මසේන හිමියන්ට වඩා දක්‍ෂ ලෙස උපමා පිරුළු යෙ¥වෙක් නැතැයි කීම සත්‍යයට වඩාත් ලක්වනු ඇත. සිංහල සාහිත්‍යයෙහි ”උපමා සක්විති” යන විරුදය ලැබීමට ධර්මසේන හිමියන් සුදුසු යැයි කියන්නෝ කවරහුද? සංස්කෘතික සාහිත්‍යයෙහි උපමා කීමෙහිලා මහා කවි කාලිදාසයන්ට (උපමා කාලිදාසසය* ලැබෙන්නේ යම් තැනක් ද, සිංහල සාහිත්‍යයෙහි ලා එම තැන ධර්මසේන හිමියන්ට ලැබිය යුතුයැයි කීම අතිශයෝක්තියක් නොවේ. උන්වහන්සේ දැඩි ආයාසයක් ගෙන දුකසේ උපමා පිරුළු එකතු කළ බවක් නම් නොපෙනෙන්නේමය. යම් කිසි තැනකට ධර්මසේන හිමියන් යෙ¥ උපමාවක් හෝ පිරුළක් මෙය මෙතැනට නොගැලපේයැයි කියා ඉවත් කිරීමට ඉඩක් තබා නැත. ඇතැම් විටෙක් ධර්මසේන හිමියෝ ධම්මපදට්ඨ කථාවෙහි එන උපමාවක් හෝ පිරුළක් එසේම යොදති. ඇතැම් විටෙක ධම්මපදට්ඨ කථාවෙන් ගත් උපමාවක් තව තවත් අලංකාර කොට විචිත‍්‍රාකාරයෙන් ගෙනහැර දක්වයි. බොහෝ විට තමන්ම නිපදවාගත් උපමාවකින් සද්ධර්මරත්නාවලිය සරසති. උපමාව හා ඉතා සමීපව බැඳී පවතින්නක් ලෙෂ පිරුළු හැදින්විය හැක. තැනට ගැලපෙන පරිදි පැරණි පිරුළක් ධර්මසේන හිමියන් සිය ග‍්‍රන්තයට ඇතුලත් කරයි. උපමාවෙන් අලංකාර වූ පිරුළුද රැුසක් යොදා ගෙන ඇත. සමහර තැනකදී පිරුළු උපමාම වේ. ඔබට නියමිත කථා දෙකෙන් උපුටාගත් උපමා හා පිරුළු කිහිපයක් මෙසේ දක්වමි. පටාචාරා වහන්දෑගේ වස්තුවෙන් ”කිලූටු අදහසක් සේම කිලූටු රෙද්දක් කොයින්දෝ සොයා හැඳගෙන” ”මිඬියන්ගේ ලෙසට ලිහිල් කොට හිසකේ බැඳගෙන ” ”? දෙවරු වීපැහැරියා සේ ඇඟ මුලූල්ලෙහි ධූළි ගාගෙන” ”රෙදි කඩෙකින් වසාලූ මැණිකක් පරිද්දෙන් කැඳවාගෙන” ”කළ අකුශලයෙහි අනිෂ්ට විපාකය වී බත් කමින් සිට හමු බතකුත් කන්නා සේ අනුභව කරන්නට පටන්ගත්හ” පිට පිට හෙළා විදුලිය ගසන්නා සේ විළිත් පහරනට වන” ආස ගුගුරන්නා සේ හඬගසන්නටත් වන” වස්නා වැසි බෝවා සේම ප‍්‍රසව දුකත් බෝ විය” මරාලූ ගසෙක වැදගත් ගින්නක් මෙන් දෂ්ට මුඛයේ පටන් විෂ නැඟීලා” ලේ මස් ගඩුවක් සේ අතුමත්තේ හොත් දරුවන් දැක” උඩ ඔසවා නඳුනයන සිටුවන්නා සේ” මුවාත් තබන යකඩෙක සළකඩ ඉගිලෙන්නා සේ ශෝකදුඃඛය තුනී විය” පොළොව පස් විතරටත් බොහෝ කෙළෙසුන් ගෙවා” මච්ඡුරිය කෝසිය සිටාණන්ගේ වස්තුව ”මාලූවා ලිය වැලඳී ගස්කොළ වල වැඩි යුරුවක් නැත්තා සේ” ”උන්දල සම්පත නම් බිය නොදෙන හෙයිනුත් අනුන් බිය නොදෙන හෙයිනුත් රකුසු රකවල තිබූ විලක් වැන්න” ”කසා යුෂ වත්කොට පිසූ කබලූ පූ සේ පඬුවන් පැහැ ඇතිවිය” ”තොරමාලූ කඩෙකවැල් පැදලූ කලක් මෙන් ඇඟ නහැවැලූත් ඉපිළ ගියේය” ”ලජ්ජාසම්පන්න කෙනෙකුන් අස්ථානයෙහි ඇති ලෙඩක් අනුන්ට කියන්ට මැළි වන්නා සේ” ”ගෙය දඩ විචාරීමෙහි කුසීකමක් නැත්තා සේ ම විචාරීමෙහි නුකුසීව” ”රළු දෙයක් සපා ¥කසේ ගලන පරිද්දේන් කිසිවක් කන්ට ආලයෙක් ඇතැයි කිවුය ” ”කෙසිවිදට මහත්දෙයක් කෙසිවිදට අදනා කලක් පරිද්දෙන් දුක සේ කියාපීහ.” ”සීනෙන් සැඟවෙන්නට බැරයා සේ මුයිත් අවුදින් මෙතැනට සමිහවුය ”ගින්නට දමා ලූ ලූණු මෙන් තනනමින් ” ”සිටාණන්ගේ ඇසට ¥මි වැදලා කබලූ මඳ හෙයින් හඞන්නා සේ ඇසන් දිය වැගිරෙන්නට වනා” ”කළ පිටින් සෙවෙල් ඉවත්කරන්නා සේ තදංග වශයෙන් වුවත් මසුරු සිත නැතිකොට” අන්තර්ගතය තම ග‍්‍රන්ථයෙහි කථා වස්තු තුන්සියක් පමණ ඇතුලත්වන බව කතුවරයා මෙසේ පවසයි, ඇස පහරනා රුඡුාවෙන් වන දුක් නොසැලකු චක්ඛුපාල මහතෙරුන්ගේ වස්තුවෙහි පටන් නිවන් මහත්ව සිටිනා තුන්සියයක් වත් නැමැති මඟුල් සැරසිෙමින් නිවන්පුර වදනවුත් අතර සැතපෙන්නට සද්ධර්මරත්නාවලි නමි නමැති ශාලාව සරහමු. සද්ධර්මරත්නාවලිය ආරමිභයේදී ධර්මසේන හිමියෝ තම අරමුණ දැක්වීම ආදී මුලික කටයුතු සි¥කරති. ඉන්පසුව. අපබෝසතාන් වහන්සේ සුෙමිධතාපස නමින් ඉපිද දීපංකර බුදුැදුන් අභියසදී නියත විවරණ ගත් ආත්මයෝ සිට බෝසත් චරිතය ද අනතුරුව බුද්ධචරිතයද කොටියෙන් ගෙනහැර දක්වයි . ධර්මසේන හිමියන් කථාවස්තුව ගෙනහැර දක්වන්නේ ඵතැන් සිටය. කථා වස්තු දැක්වීෙමින් පසු ග‍්‍රන්‍ථය අවසානයේ දී මංගලසුත‍්‍ර අටටුවා ආදී වූ

No comments: