UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල සටන් කාව්යායේ ආරම්භය1

Wednesday, July 3, 2013

සිංහල සටන් කාව්යායේ ආරම්භය1

සිංහල සටන් කාව්‍යයේ ආරම්භය
සටන් කාව්‍ය ඉතිහාසය විමසන විට එහි ආරම්භය කි‍්‍ර. පූ. 2000 තරම් ඈතට දිව යයි. සටන් කාව්‍යයක මුලික ලක්‍ෂණය වන්නේ එය යුද්ධයක් මූූලික කරගෙන නිර්මාණය වී තිබීමයි. ගී‍්‍රක සාහිත්‍යයෙහි එන ඉලියඩ්සහ ඕඩිසියන මහා කාව්‍ය සඳහා ගී‍්‍රසියේ ටෙ‍්‍රීයි නුවර ඇති මවු සටනක් හේතු වී ඇත. ලතින් ස්පාඤ්ඤ ජර්මන් ඉංගීසි සංස්කෘත ආදී සාහිත්‍යයන්හි සටන් මූලික කරගෙන කාව්‍ය නිර්මාණ බිහිවී ඇති බව ඒ ඒ සාහිත්‍යය අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි ය. අයිරිෂ් සාහිත්‍යයෙහි ද සටන් පිළිබඳව ලියවුණු කාව්‍යයන් බොහෝ දක්නට ලැබේ.සිංහල ළුසටන් කාව්‍ය සඳහා වඩාත් බලපාන්නේ භාරතීය කාව්‍යය යි. භාරතීය සාහිත්‍යයේ සටන් කාව්‍ය ලක්‍ෂණවල ඡායාව දක්නට ලැබෙන්නේ කි‍්‍ර. පු. 2500 දී තරම ය. භාරතීය වේද ග‍්‍රන්ථයන්හි සටන් පිළිබඳව සඳහන් වේ. භාරතය දේව විශ්වාසවලින් පිරිපුන් රටකි. භාරතීය දෙවිවරු අතර ඉන්ද්‍ර දෙවියන් සටන් කාමී දෙවියකු වශයෙන් ප‍්‍රසිද්ධ ය. වේද ග‍්‍රන්ථයන්හි ඉන්ද්‍ර දෙවියන් ගේ සටන් කාමීත්වය වීරත්වය ඉහළින් වාර්ණනා කර ඇත. සෘග් වේධයෙහි ඉන්ද්‍ර දෙවියන් වර්ණනා කිරීම සඳහා යොදාගෙන ඇති ස්තෝත‍්‍ර සටන් කාව්‍යයක මූලික ලක්‍ෂණ මතු කරයි. සංස්කෘත මහා භාරතනම් කෘතිය සඳහා පාදක වී ඇත්තේ ගෝති‍්‍රක සටනකි. රාමායනයෙන් ප‍්‍රකාශ වන්නේ රාවණාගේ වීරකි‍්‍රයා පිළිබඳව ය.සිංහල සටන් කාව්‍ය සඳහා පාලි වංශකතා සාහිත්‍යයේ ද බලපෑමක් ඇතැයි සිතිය හැකි ය. දීපවංශයෙහි පාලි මහා වංශයෙහි එන දුටුගැමුණු වර්ණනාව සිංහල සටන් කාව්‍යවල මුල් සැලැස්ම ලෙස දැක්විය හැකි ය. චූලවංශයෙහි පළමුවන පරාක‍්‍රම බාහු චරිතයත් එහිි දෙවැනි කොටසෙහි දෙවන පරාක‍්‍රම බාහු චරිතයත් සිංහල සටන් කාව්‍ය ආරම්භයට බලපාන්නට ඇතැයි සිතිය හැකි ය.සිංහල සාහිත්‍ය බුදු දහහම පදනම් කරගෙන ගොඩනැඟුණු සාහිත්‍යයක් බැවින් සිංහල සාහිත්‍යයේ ආරම්භක යුගයේ දී සටන් කාව්‍ය වලට සාහිත්‍යයේ තැනක් හිමි නොවී ය. එහෙත් දොළොස්වන සියවසේ අග භාගය සහ දහතුන් වන සියවසේ මුල් භාගය වන විට රජවරුන්ගේ රණකාමිත්වය කිර්තිය තේජස ආදී ලක්‍ෂණ වර්ණනා කර ඇති බව පහත සඳහන් කාව්‍ය යන්ගෙන් පැහැදිලි වේ.නර නිඳු සඳ ගිරිදු බුජකුළු ලකුළු කගසීහී රුපු ඇත් මුදුනේ -දළ දජ මුල කබලගත් (මුවදෙව් දාවත 41)
ඒ නරේන්ද්‍රෝත්තමයා නමැති පර්වත රාජයාගේ බාහු නමැති මස්තකය අලංකෘත කළා වූ කඩුව නමැති කේසර සිංහ රාජයා සතුරු පිරිස් නමැති ඇත් මුදුණේ මහත් එඩි නමැති මොල කබල හැරගත්තේ ය.රණ රෙඟ නරතුරු එවිරු කෙවත නොනටත්යස ගී ගා දියෙහි - කවඳ සුවහස් නැටුම් ගැන්වූ(සසදාවත 212)
යුද්ධ රංගයෙහි කවන්ධ දහස් ගණනක් නිරන්තරයෙන් නැටවූ ඒ වීරයා පිළිබඳ යස ගී ගයා නො නටන්නට ලොවෙහි කවරකු සමත් වේ ද?සිංහල සාහිත්‍යයෙහි සටනක් පිළිබඳ මුල් ම සඳහන දක්නට ලැබෙන්නේ කව් සිළුමිණෙහි ය.
පවසමින් ඉති නර - වරණ රණ හේ සෙබළන්,වත් දත් පිළු ද පිරිමැදි - නෙත් දත් රැසින් නහවා
වදනිනෙ යුගත්නල - ගස් ලද මුහුදු මිහිතෙලෙදිවු විලසක් පාමින් - සිවුරඟ සෙනග යාගත්
පැසුළු ගොසින් එදූ - සැදූ සවන්් නරවරන්එබසින් අග ලොමු දෙහෙන් සදමින් දිවි රජ රැස් කව් සිළුමිණ 659, 660, 661
නර ශ්‍රේෂ්ඨයාණෝ මෙසේ පවසමින් යුද පිණිස යුද භටයන් ගේ මුහුණු සහ උරහිස ද නේත‍්‍ර කාන්තියෙන් සහ දන්ත කාන්තියෙන් නහවා පිරිමැන්දෝ ය.ඒ වචනයෙන් කල්පාන්ත මාරුතයෙන් පහර ලත් සමුදාය පෘථිවියෙහි දිවූ විලාසයක් පාමින් සිවුරඟ සෙනග ගමන් ගනී. පසුව ඒ දූතයෝ ගොස් ඒ වචනයෙන් නරවරයන්ගේ කන් සෑදූහ. රාජ සමූහ තෙමේ ඒ වචනයෙන් ශරීරයෙහි ලොමු ඩැහැ ගැනීම් ඇතිකරමින් දිවී ය.කුස ජාතකය වස්තුකොට ගෙන රචිත කව්සිළුමිණ කුසජාතකයෙහි වර්ණනා නො කරන ලද යුද වර්ණනාවක් කවි සිළුමිණෙහි දක්නට ලැබේ. මහා කාව්‍යයක තිබිය යුතු ලක්‍ෂණ රැක ගනිමින් කව් සිළුමිණ රචනා කර ඇති බැවින් යුද්ධ වර්ණනාවක් ඇතුළත් කර ඇති බව පෙනේ. මේ සඳහා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ හටන් කාව්‍යයන්ගේ අභාසය ද ලබා ඇති බැව් පෙනේ.සිංහල සටන් කාව්‍යයේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කරන විට සන්දේශ කාව්‍යයන්හි බලපෑම ද අමතක කළ නොහැකි ය. මයුර, පරෙවි, කෝකිල, හංස ගිරා ආදී සන්දේශ කාව්‍යවල එන රාජ වර්ණනාවලින් සටන්්කාව්‍ය ලක්‍ෂණ පිළිබිඹු කරයි. සන්දේශ කාව්‍යයන්හි එන රාජ වර්ණනා බොහෝ විට රජවරුන් ගේ තේජස, බලය කීර්තිය හා යුධ වීරත්වය අතිශයෝක්තියෙන් යුක්තව වර්ණනා කිරීමට බොහෝ සන්දේශ කරුවෝ පෙළඹුණහ. ඒ බව මෙම සන්දේශ කවිවලින් ප‍්‍රකට වේ.ගුණෙන් අමිත මන හළ අමත කී  රණටතෙදින් සැහැසි සහසවු සගසති    රණටඔදින් විකුම් පෑ නරවර මෙදෙ      රණටකගින් පැහැර රුපු නොතිබීය ද   රණටමයුර සන්දේශය
සකලා අවිසිල්ප තතුගත් ලොව   පැවතීසක ලා සදිසි සපුමල් කුමරිදු   නමැතිදැකලා වත තරුණ රුපු ඔහු ගෙ විකුමැතිඑකලාවම ගජ දළ යාන        සැතපෙති කෝකිල සන්දේශය
සටන් කාව්‍යයන්ට වඩාත් සමීපවන පරිදි රාජ, නායක වර්ණතා දක්නට ලැබෙන්නේ් හංස සහ ගිරා සංදේශවල දීය.
දිය රම් බල විකුම් පෙන්වූක මුළු දෙර    ණමනරම් මෙනර නිදුගේ දිය ගිය කර      ණවිහිඟුම් බුජග දිලි යම දිවසෙ කුරුප    ණකගනම් රුදු විරුදු රද මුදු නැ ගෙන සෙ ණ හංස සන්දේශය
සන්දේශ කාව්‍යයන් හි එන රාජ, නායක ආදීන්ගේ වර්ණතා හටන් කාව්‍යයක සිරිය ගන්නේ ගිරා සන්දේශ යෙනි. එහි එන අම්බලමේ කතා වැනුමෙහි සය වෙනි පැරකුම්බා රාජවර්ණනය කුඩාපැරකුම් හටන ක් මෙනි.තෙදින් රිවි බිම්බානිරිදු සඳ පැරකුම්බාරුපු සිඳු කලම්බාකෙළෙ යැ විරු සිරි සඳ කුලම්බා 126
ජය ගෙනැ මුළු දෙරණපෙන්වා තමා තෙද අණලක එක හිරවරණකළේ අප හිමි විකුම් අපමණ 136
තෙවිකුම් විකුම් ඇතිඅප හිමි දිනිදු කුල පතිපෙර නිරිඳුන් අයතිනුවුදසටත් වන්නි ජය ගති 37 ගිරා සන්දේශය
සිංහල සාහිත්‍යයෙහි දක්නට ලැබෙන එක ම ප‍්‍රශස්ථ කාව්‍ය වන පැරකුම්බා සිරිත සිංහල සටන් කාව්‍යයට මූල බීජය සපයන වෙනත් සිංහල සාහිත්‍යයක් දක්නට නොමැති තරම් ය. පැරකුම්බා සිරිත නිර්මාණය වන තෙක් සිංහල සටන් කාව්‍යයට තුඩු දෙන නිර්මාණාංග දක්නට ලැබුණේ වෙනත් සාහිත්‍ය නිර්මාණවල එක්් අංශු මාත‍්‍රයක් ලෙසිනි. එහෙත් පැරකුම්බා සිරිත නිර්මාණය වන්නේ පරාක‍්‍රම බාහු රාජ චරිතය ප‍්‍රශස්තියට නැගීම සඳහා ය. ඒ අනුව පැරකුම්බා සිරිතෙහි තේමාව පැරකුම්බා රජතුමා වර්ණනා කිරීමයි. එහි දී පැරකුම්බා රජතුමාගේ කීර්තිය බලය තේජස රණකාමිත්වය වැනි ලක්‍ෂණ මැනවින් වර්ණනා කිරීමෙන් හටන් කාව්‍යක ලක්‍ෂණවල මූල බීජයන් මෙහි දක්නට ලැබේ. මෙහි එන වර්ණනයන්ට අනුරූපවන වර්ණනා සටන් කාව්‍යවල බොහෝ විට දක්නට ලැබේ. මෙහි දැක්වෙන්නේ පැරකුම්බා රජුගේ රණ ශූරත්වය පිළිබඳ වර්ණනාවකි.පැහැදිසර ම්බා රැඳි මනර  ම්බාතුනු සිරිර ම්බා පති පිළිබි  ම්බාරුපු රජර ම්බා රණ මත කු  ම්බාදින පැරකු ම්බා හිමි තෙවිකු  ම්බා
දූල යස පැරකුම් රජ දඹදෙණි  වැසිකුල වන්නින් මැඩ තෙද බලයෙන් නිසිනිල ලා සිරි ලක තැන්පත් කළ  ලෙසිකැලඹුණු දිය පෑදූ වැනි අග  තිසි
පැරකුම්බා සිරිත
සිංහල සටන් කාව්‍ය සිංහල සාහිත්‍යයේ විවිධත්වය ප‍්‍රකාශ කිරීමට සටන් සාහිත්‍යාංගයක් ලෙස හැඳින්විය හැකි ය. දෙස් විදෙස් සාහිත්‍යයේ ආභාසය ලබමින් අනෙක් සාහිත්‍යංග සමඟ මිශ‍්‍රව පැවැති මෙම සාහිත්‍යංගය ස්වාධීන සාහිත්‍යංගයක් වශයෙන් ප‍්‍රකට වන්නේ ඉතා මෑත භාගයේදී ය. සිංහල සාහිත්‍යයේ එන සටන් කාව්‍ය අතර කොන්ස්තන්තීනු හටන, ගන්නොරුවේ සටන පරංගි හටන, ඇහැළේපොළ හටන සහ දුනුවිල හටන ආදිය ප‍්‍රසිද්ධ සටන් කාව්‍ය ලෙස හැඳින් විය හැකි යජෙ
නිමල් ‍ප්‍රේමකුමාර


No comments: